Blog Archives

මර්ධනය නොඉවසමු! සටන් කිරීම පෙරට ගමු! සියලූ පීඩිතයින් සමගි වෙමු!

ඒකාෂිපති, දූෂිත, ෆැසිස්ට්වාදී රාජපක්ෂ පාලනයට එරෙහිව දිවයින පුරා දැඩි විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ. මේ වන විට ලංකාවේ ආර්ථිකය සෑහෙන තරම් අගාධයකට ඇද වැටී ඇත. රටේ ජනතාවට මූලික අවශ්‍යතාවයන්වත් සපුරා ගත නොහැකි තරමට භාණ්ඩ හා සේවා මිල ඉහල ගොස් ඇත. රුපියල අවප‍්‍රමාණ වෙමින් ඩොලරය ඉතා ඉහළ අගයකට ගමන් කොට ඇත. එය තවදුරටත් පාලනය කළ නොහැකි එකක් වන අතර රටේ විදේශ සංචිත ප‍්‍රමාණය පෙර නොවූ විරූ හිඟයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික ඛේදවාචකයක් නිර්මාණය කොට තිබේ.

ඒකාධිපති රාජපක්ෂ පාලනය සහ එහි හෙංචයියන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ ප‍්‍රතිගාමී ජන-පීඩක දේශපාලන පක්ෂ මෙන්ම නිර්දය ලෙස ලංකාවේ ශ‍්‍රම සම්පත සහ ස්වාභාවික සම්පත් කොල්ලකමින් නිෂ්පාදනය සඳහා පෙර පැවති කර්මාන්ත අඩාල කර දමමින් ඉතා අවාසිදායක කොල්ලකාරී ආර්ථික ගිවිසුම්වලට බල කරමින් ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ ණය උගුලෙහි සූක්ෂම ලෙස සිර කරමින් සිටින ඇමෙරිකන්, චීන අධිරාජ්‍යවාදීන් සහ ඉන්දීය ව්‍යාප්තවාදීන් මෙහි පූර්ව නිර්මාණකරුවන් වේ.

පාලක පන්තියේ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් අතර මෙන්ම ඔවුන්ගේ දේශපාලන හෙංචයියන් අතර සහ ඔවුන්ගේ හිතවාදී ධනපති සංස්ථා, සමාගම් ව්‍යාපාරිකයින් අතර රටේ ජනතාව විසින් උත්පාදනය කළ ධනය පරිභෝජනය සඳහා කොල්ලකමින්, අදුරදර්ශී පීඩක ආර්ථික ප‍්‍රතිපත්තියක් ගෙන යමින්, බොහෝ අවස්ථාවල විද්‍යාත්මක විසඳුම් වෙනුවට මිත්‍යාව ඔසවා තබමින්, නූගත් ජනතාව තව තවත් මුලා කරමින් තමන්ගේ දෙශපාලන බලය රැක ගැනීමම මේ දූෂිත පාලනය අරමුණ කරගත්හ.

කොවිඩ් ව්‍යසනය පවා භාවිතා කරමින් ඔවුන්ගේ මර්ධනයේ කූට හස්තය ජනතාවට රැස්වීම, භාෂණය සහ සංවිධානය වැනි අවස්ථා සෑම ස්ථානයකින්ම අහුරා දැමූහ. එය වීදි, සරසවි, ආයතන යන සෑම ආකාරයකින්ම විද්‍යාමාන විය. කොවිඩ් වසංගතය තුළදී පවා විද්‍යාත්මක රෝග පාලනයක් වෙනුවට මිත්‍යාව අධික ලෙස ප‍්‍රවර්ධනය කරමින්, ඒ අස්සේම ජනතාව මුලා කරමින්, ඔවුන්ගේ අවස්ථාවාදී බල ලෝභී දේශපාලන පැවැත්ම සහතික කර ගැනීමට ප‍්‍රයත්න දැරූහ. එසේම ඔවුන්ගේ මිත්‍යා වාහක හෙංචයියන්ට ජනතාව මුලා කොට දැවැන්ත මුදල් සම්භාරයක් ගරා ගන්නට දොරවල් විවර කරමින් ජනතාව වෛරසයෙන් මරා දමන්නට විවෘතව ඉඩ හරිමින්, ජනතාවගේ ජීවනෝපායන් අවදානමේ හෙළමින්, රටේ ජාතික නිෂ්පාදනය පවා පහල අඩියකට ඇද දමන්නට කටයුතු කළහ. 

එසේම දිගින් දිටම ඔවුහු නාසි-ෆැසිස්ට් පන්නයේ සුලූ ජාතික පීඩනයක් ගෙන යමින් ජනතාව වාර්ගික, ආගමික, සංස්කෘතික සිමාවන් තුළ පවා බෙදා තබමින් සිටී. රාජපක්ෂ රජය සමග සන්ධානගත වී ඇති කාෂාය හොර රැළ අවස්ථා ගණනකදීම වර්ගවාදී ගැටුම් අවුලූවමින් ඒ සඳහා පිදුරු දමමින් දිගන, අලූත්ගම, කොටදෙනියාව යන පෙදෙස්වල බිහිසුණු ගැටුම් ඇති කළහ. යල් පැනගිය රාජපක්ෂ රජය එක් අතකින් චීන-ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයන් සපුරමින් සහ ඉන්දීය ව්‍යාප්තවාදීන්ගේ අවශ්‍යතාවයන් සපුරමින් සිටියි. අනෙක් පසින් දේශීය කොම්ප‍්‍රදෝරු ධනපති පන්තියේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරමින් නිළධාරිවාදි-ඒකාධිකාරී ධනවාදයක් නඩත්තු කරමින් පුරවැසියන්, ජනතාව සහ පීඩිත පන්තීන් අසීමාන්තික ලෙස සූරා කමින් සිටියි. විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති සමග මෙරටෙහි දිගටම ක‍්‍රියාත්මක වූයේ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති සමුදායකි. එය ලංකාව ජාතික ආර්ථිකයක් සහිත, ජාතික චින්තනයක් සහිත, ජාතික ධනේශ්වර පන්තියක් සහිත ශක්තිමත් ජාතික රාජ්‍යයක් බවට පත් කිරීමට ඇති ඉඩ අහුරාලමින් සෑම ක්ෂේත‍්‍රයකම භාණ්ඩ ආනයනය කරමින් හුදෙක් රට තුළ නිෂ්පාදන ධාරිතාවට වඩා අසාමාන්‍ය ලෙස පරිභෝජනය කිරීමේ ධනේශ්වර ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නංවා ඇත. මෙය එක දිගටම ගුණනය වූ අධිරාජ්‍යවාදී ණය උගුල සඳහා වූ ප‍්‍රධාන හේතුවකි.

වතුකරයේ වැවිලි සමාගම්වල ප‍්‍රවේණි වහලූන් බවට පත් වී සිටින වතුකරයේ කම්කරුවන් සහ කාර්මික නිෂ්පාදන සහිත ඇඟලූම් කලාපවල කම්කරුවන්ගේ ජීවන තත්ත්වය අතිශය පහත මට්ටමකට ඇද වැටී ඇත. මෙයිනුත් වතුකරයේ ජනතාව අතිශයින් බිහිසුණු තත්ත්වයක ජීවත් වෙති. ධීවරයින්, ගොවීන්, හස්ත කර්මාන්ත ශිල්පීන් සහ ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින් වඩ වඩාත් දිළිඳු අඩියකට ඇද වැටී ඇත. එසේම මැද පන්තික කොටස් සීඝ‍්‍ර ලෙස දරිද්‍රතාවයේ පහල ස්ථරවලට ඇද වැටෙමින් තිබේ. මෙය සෑම ජාතියකටම, ජන වර්ගයකටම, මෙන්ම උතුරු-නැගෙනහිර, මධ්‍යම, දකුණ සහ කාර්මික බටහිර පෙදෙස් යන සැම තැනකටම අධික ලෙස බල පවත්වා ඇත.

තමන්ට එල්ලවෙන ප‍්‍රතිවිරෝධයන් සෑම ආකාරයකින්ම මර්ධනය කරමින්, අවශ්‍ය සෑම විටකම ඔවුන්ගේ ධනපති සගයින්ගේ අන්ත දූෂිත ජන පීඩක මාධ්‍ය, ඔවුන්ගේ ජඩ කලාව, විශාල මුදල් ප‍්‍රමාණයක් පොම්ප කරමින් නඩත්තු කරන ඔවුන්ගේ සයිබර් මාධ්‍ය ජාලයන් මේ බිඳවැටෙන වර්ගවාදි-නව නාසි-ෆැසිස්ට් රාජ්‍යයේ ජරා ජීර්ණ අශූචි ගන්ධය සමනය කරන්නට උත්සාහ දැරුවද බුර බුරා නැගෙලමින් තිබුණු මහජන පීඩනය විවිධ ආකාරවලින් නිදහස් වී ඇත.

ජන සංහාරක යුද්ධයේ අවමන් සහගත පම්පෝරිය සහ පුරාජේරු කතා සහ බෞද්ධ ආගමික අධිපතිවාදී සංස්කෘතික මුලාව භාවිතා කරමින් සිය අසමත්බව වසාගන්නට සුපුරුදු ලෙසම උත්සාහ කළද (ජාතිය ඇමතීමේ කතාවෙන් පවා) ඒවා ජනතාවගේ කෝපය සහ ආවේගය හමුවේ යල් පැනගිය තනු බවට පත් වී ඇත.

කොවිඩ් ව්‍යසනය විසින් දහසය දසහසකට අධික ඝාතන ප‍්‍රමාණයක් සිදුවී තිබෙන අතර ඒවා මේ සමාජ ක‍්‍රමයේ මිනී මැරුම් ලෙස හඳුනා ගත යුතුය. බහු ජාතික සමාගම්වල අවශ්‍යතා වෙනුවෙන් කෘෂි කර්මාන්තය කඩා වැට්ටවීමේ රාජ්‍ය ප‍්‍රතිපත්ති විසින් කෘෂි නිෂ්පාදන සීඝ‍්‍ර ලෙස පහත දමා ඇත. රට පුරාම දැඩි ආහාර, ඖෂධ සහ කාර්මික මෙවලම් හිඟයක් ඇති කරමින් ඒවායේ මිල ජනතාවට උසුලාගත නොහැකි මට්ටමකට වැඩි වී ඇත.

දිනපතාම විදුලි බලය කප්පාදු කරමින්, ජනතාවට ඉන්ධන පෝලිම්වල කාලය නාස්ති කිරීමට ඉඩ සලස්වා ඇත. සහෝදර ජනතාව ගණනාවක් ඉන්ධන පෝලිම් අතර තුර පැය ගණන්, දින ගණන් සිටගෙන සිටීම නිසා මරණයට පත් වී ඇත. ඖෂධ හිඟය නිසා ජනතාව දිගටම නිහඬව මරණයට පත් වෙමින් සිටී. කාර්මික නිෂ්පාදනය, කෘෂි කර්මාන්තය, ධිවර කර්මාන්තය, ස්වයං රැකියා මෙන්ම රට පුරාම ළදරු, ප‍්‍රාථමික, ද්විතීයික, උසස් සහ සරසවි අධ්‍යාපනය අඩාල වී ඇත. ජාතියෙහි අනාගත ජීවනාලිය වන ළමා පරපුර නිරක්තිය, මන්දපෝෂණය , මානසික පීඩනය, සමාජ පීඩනය වැනි අදිසි අවතාරවලට බිලි වෙමින් දැදුරු කරමින් සිටී. ජාතියේ දැවැන්ත නිෂ්පාදනය සඳහා සිය වෙහෙස, දහදිය කැප කළ ජනතාවට සිය සැඳෑ සමය විවේකයෙන් ගත කිරීමට කිසිදු ඉඩක් සලසා නැත. මත්ද්‍රව්‍ය, ලිංගික අපයෝජන, සීඝ‍්‍ර ලෙස ලිංගික ශ‍්‍රමිකයින් වැඩි වීම, බාල වයස්කාර දරුවන් පවා ලිංගික වෙලඳපොල තුළ අලෙවි කිරීම උත්සන්න වී ඇත.

මෙය මර්ධනයේ භූමියකි. මෙය නුදුරු දිනයකදීම ජනතාවට සාමූහික සොහොන් බිමක් බවට පත් වෙනු ඇත. මේ තත්ත්වයන් විවිධ පරිමාණයෙන් ජනතාවට බලපෑම් කරමින් රට පුරාම විවිධාකාරයේ පෙලපාලි, පිකටින්, සහ සටන්කාමී අරගල මෙන්ම ස්ථාන ගණනාවකම මර්දනයට පැමිණි ආරක්ෂක අංශ සමග වීදි සටන් වල ජනතාව නියැලී තිබේ. මිරිහාන, තංගල්ල සහ තවත් ප‍්‍රදේශ කීපයකම මෙලෙස ජනතාව විසින් සටන්කාමී ලෙස පතිචාර දැක්වා තිබේ. එසේම කුපිත වී සිටින ජනතාව දේශපාලකයින්ගේ නිවෙස් වට කරමින්, රාජ්‍යයේ ප‍්‍රභූ අනුග‍්‍රහය ලත් පූජකයින්ගේ නිවෙස් වට කරමින් සිය කෝපය පිට කරන්නට උත්සාහ දරා ඇත. සෑම අවස්ථාවකදීම රාජ්‍ය යන්ත‍්‍රයේ සුවච කීකරු ආරක්ෂක අංශ, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, බුද්ධි අංශ ඒවා මර්ධනයට හැකි සෑම ආකාරයකින්ම දායක වී ඇත. සමහර පෙදෙස්වල සමහර දේශපාලන නායකයින්ගේ දේපොල වලට පහර දී ගිනි තබා හානි සිදු කොට තිබෙන ආකාරයද වාර්තා වී තිබේ.

ජනතාවගේ පොදු සටන් පාඨ අතර ‘‘පාර්ලිමේන්තුවේ 225 දෙනාම ප‍්‍රතික්ෂේප කිරීම, රාජපක්ෂ පවුල සහ අනෙක් දූෂිත දේශපාලන පක්ෂ වල සහ දූෂිත විපක්ෂයේ නියෝජිතයින් ගෙදර යැවීම, ජනතාවගෙන් කොල්ල කෑ ධනය යලි පවරා ගැනීම, රජයට ආගමික සංස්ථාව සමග ඇති සම්බන්ධතාවයන් ඉවත් කිරීම, සිස්ටම් එක වෙනස් කිරීම’’ යන සටන් පාඨ කැපී පෙනන ඒවා වෙයි.

මර්ධනකාරී රාජ්‍ය යන්ත‍්‍රයේ ප‍්‍රධානියා වූ ඒකාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවෙස වටලමින් මිරිහානේ ජනතාව සටන්කාමි විරෝධතාවයක නියුතු වූ අතර එය කඳුලූ ගෑස්, පොලිස් මැර ප‍්‍රහාර හමුවේ ස්වකීය ආත්මාරක්ෂාව සලසා ගැනීමට සටන්කාමී ලෙස පෙරලා ආරක්ෂක අංශ වෙත ප‍්‍රතිචාර දක්වමින් අරගලය වීදි සටනක් දක්වා පරිවර්තනය වී ඇත. ජල ප‍්‍රහාරක වාහනයකට දැඩි අලාභහානි සිදු කරමින්, ආරක්ෂක අංශ වලට අයත් රථ වාහන කිහිපයක් ගිනි තබමින් ජනතාව සිය ආවේගය නිදහස් කොට ඇත. මිරිහානේ අරගල කරුවන් ආරක්ෂා කිරීමට කොන්දේසි විරහිතව නීතිවේදීන් තුන්සියයකට අධික පිරිසක් ඉදිරිපත් වෙමින් කටයුතු කිරීම ප‍්‍රශංසනීය කාරණයකි. දිවයින පුරාම විවිධ ස්ථානවල පැවති අරගලවලට නීතිඥ ප‍්‍රජාව, බුද්ධිමතුන්, කලාකරුවන් සහය දක්වමින් ජනතාව සමග සිටගෙන ඇත.

දස ගහස් ගණන් ජනතාව ගාලූ මුවදොර පිටියට රැස් වෙමින් එය අත්පත් කරගෙන ඇත. දිවා රාත‍්‍රී දෙකෙහිම සාමකාමී විරෝධතාවල නිරත වෙමින් සිය ඉල්ලීම් වෙනුවෙන් දැඩිව දිගටම හඬ නගමින් සිටී. මේ වන විට ගාලූ මුවදොර පිටිය අත්පත් කරගැනීම සතියකටත් වඩා පැවතී ඇති අතර නව අවුරුදු උත්සවය දිනයේදීත් සහය දැක්වීම සඳහා දිවයිනේ විවිධ පෙදෙස්වලින් ජනතාව පැමිණෙමින් සිටී. මේ අරගලවලට ප‍්‍රාදේශිය සහයෝගයන් දැක්වීමට විවිධ ජනතා සංවිධාන, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වැනි බහුජන සංවිධාන රටේ ප‍්‍රධාන නගරවල විරෝධතා මධ්‍යස්ථාන, සත්‍යග‍්‍රහ ස්ථාන ඉදි කරමින් සිටී.

සමාජ ආර්ථික පීඩනයෙන් ගැලවීමට, පාලක පන්තියෙන් නිදහස දිනා ගැනීමට අරගල කිරීම වැදගත් බව මේ අරගල වලින් ජනතාව ඉගෙන ගනිමින් සිටියි. මෙහි ඇති ඓතිහාසික වැදගත්කම වනුයේ එයයි. මේ ක‍්‍රමය අතිශයින් සංවිධානය වී තිබෙන ශක්තිමත් බලකොටුවක් බව ජනතාව අනුක‍්‍රමයෙන් ඉගෙන ගන්නවා ඇත. මෙවැනි ශක්තිමත් ක‍්‍රමයක් හුදෙක් පාර්ලිමේන්තුව පෙරලා දැමීමෙන් පමණක්, පාර්ලිමේන්තු නියෝජිතයින් වෙනස් කිරීමෙන් පමණක්, ව්‍යවස්ථා, නීති සංශෝධනයෙන් හෝ රාජ්‍ය ව්‍යූහය ප‍්‍රතිංසවිධානගත කිරීමෙන් පමණක් පෙරලා දැමිය නොහැකි බව ජනතාව අනුක‍්‍රමයෙන් ඉගෙන ගන්නවා ඇත. සමාජ-ආර්ථික ක‍්‍රමයක් පෙරලා දැමීම හුදෙක් එක් දිනක හෝ දින කිහිපයක, සතියක හෝ සති කිහිපයක, මාසයක හෝ මාස කිහිපයක නොව එය දිග්ගැස්සුණු ක‍්‍රියාවලියක් බව ජනතාව අනුක‍්‍රමයෙන් ඉගෙන ගන්නවා ඇත. නිශ්චිත විද්‍යාත්මක දේශපාලන මතවාදයක ධජය යටතේ සමගි වන්නේ නැතිව මේ ක‍්‍රමය පෙරලා දැමිය නොහැකි බව ජනතාව අනුක‍්‍රමයෙන් ඉගෙන ගන්නවා ඇත. ඉතිහාසයේ ඓතිහාසික වගකීම් පැවරී ඇති පන්තියක් (නිර්ධන) යටතේ නායකත්ව ව්‍යූහයන් සංවිධානය වන්නේ නැතිව මේ ක‍්‍රමය පෙරලා දැමිය නොහැකි බව ජනතාව අනුක‍්‍රමයෙන් ඉගෙන ගන්නවා ඇත. මේ ක‍්‍රමය අධිරාජ්‍යවාදය සමග වෙලී තිබෙන බවත්, එබැවින් ජාත්‍යන්තර නිර්ධන පන්තියේ සහයෝගය නැතිව (ජාත්‍යන්තරවාදය) මේ ක‍්‍රමය පෙරලා දැමිය නොහැකි බවත් ජනතාව අනුක‍්‍රමයෙන් ඉගෙන ගන්නවා ඇත.

සියලූ පීඩිතයින් සමගි වව්!

අරගල කරමින් අරගල කිරීම ඉගෙන ගනිමු!

ඒකාධිපති රාජපක්ෂ රජය, එහි ප‍්‍රගිගාමී ගැත්තන් භංගවේවා!

ජනතාව සහ ස්වභාවික සම්පත් සූරාකමින් අධිරාජ්‍යවාදී ණය උගුලෙහි ගිල්වන ඇමෙරිකන්, චීන, යුරෝ අධිරාජ්‍යවාදීන් සහ ඉන්දීය ව්‍යාප්තවාදීන් භංගවේවා!

මාඕවාදී විප්ලවීය ලීගය

2022/04/14

On the pass away on Com. Pierre

On the pass away on Com. Pierre

Dear comrades,
We express our deep sympathy on the pass away of the com Pierre. He is a revolutionary communist and tried to uphold communism and internationalism in the work with France and Europe. On this difficult movement of the international communist movement we have bereaved experienced fighter who stand for support to the people’s war in India and other countries, as well as support to the build and develop the communist movement in other countries. In this moment there is no doubt his pass away is greater loss for French and international comrades. We express our deep grief to the French comrades and expect they will live the memory and work of our fallen comrade in his life struggle. We expect comrades carry out his flag to achieve ultimate goal of the communist world. Let’s learn from his journey and his internationalist spirit.
Long Live memory of comrade Pierre!
Long live revolutionary internationalism!
Maoist Revolutionary League (MRL)
Sri Lanka

A MARXIST LOOKS AT THE HISTORY OF CEYLON

ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදී ඇසකින් |

A MARXIST LOOKS AT THE HISTORY OF CEYLON

ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදී ඇසකින් – සිංහල බසින්

71 කැරළි සමයේ රඳවාගන සිටියදී ඇන්. ශන්මුගදාසන් විසිනි ලියන ලදි..

‘‘අපක්‍ෂපාතීත්වය, මෝඩයකුගේ කොදැනුවත්කමයි; නැත්නම්, චපලයකුගේ කෛරාටිකකමයි’’

 

A MARXIST LOOKS AT THE HISTORY OF CEYLON – In English Language

cover-NS-HC

Written in detention

Impartiality is Either the Ignorance of a fool of the trickery of a knave.

January 29-30-31 solidarity action day in Sri Lanka

January 29-30-31 solidarity action day activities in Sri Lanka
ජනවාරි 29-30-31 සහයෝගිතා දින‍‍යේදී ශ්‍රී ලංකා‍වේ ක්‍රියාකාරකම්

 

2015-solidarity-day

2015 ජනවාරි 29-30-31 ඉන්දියානු විප්ලවයට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර ක‍්‍රියාකාරී දිනට සමගාමීල ලංකා මාඕවාදීන් විසින් ප‍්‍රචාරක කටයුතු ගෙන ගියහ. ඉන්දියානු විප්ලවය ගැන දැනුවත් කිරීම සහ එයට සහය දීම සහ ඉන්දියානු ජනතාවට ජාත්‍යන්තරවාදී සහෝදරත්වය ප‍්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කොට තිබුණි.

Ceylon Maoists carried propaganda works parallel with January 29-30-31 in 2015 Solidarity action days for support to the PW in India. It has launched to spread news about Indian revolution, to give support and express internationalist fraternity to Indian People.

 

Message from MRL Sri Lanka to PCAfghanistan maoist on the occasion of the death of Com. Aziz

Message from MRL Sri Lanka to PCAfghanistan maoist on the occasion of the death of Com. Aziz

Dear comrades,

We, the maoist revolutionary League one of the maost group of Sri Lanka share your deep condolence on behalf of the death of comrade Aziz. Revolutionary communist in the whole world are engaging in unstopable for liberation of the whole world. Comrade aziz is a one of the militant in that great struggle. He is a comrade who impelemnted “Serve to people” slogan in his revolutionary life. He serve to Communist movement in afghanisthan and in the world by fighting against rightist tendencies and reactionaries and also giving his best effort to build up revolutionary movement in afghanistan.

We pay our condolence to centrel commitee of the Communist (Maoist) Party of Afghanistan, and its all the cadres, supporters and family members of com. Aziz.

The international proletarian revolutionaries will pay homage to Comrade Aziz by carring out responsibilities in the world wide revolutinary struggle and sooner or later they will win dream of com. Aziz of world socialist revolution.

Lal Salam Com. Aziz!!!

Long Live Proletariet internationalism!

Long Live Marxism Leninism Maoism!

Com. Parakrama Veerasuriya
Maoist Revolutionary League
Sri Lanka
2014.09.09

තවත් මැයි දිනයක් පැමිණේ…

ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය
2014 මැයි 1

තවත් මැයි දිනයක් පැමිණේ…

Cultural_REV_mao_I1

අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ දිග්ගැස්සණු අර්බුදයන්ගෙන් බිලියන ගණන් ජනතාව පීඩාවට පත්කරන කාලකණ්ණිකම සහ දුෂ්කරතාවයන් අතිශයන්ම උග‍්‍ර කරන ලද ලෝකයක, තවත් මැයි දිනයක් පැමිණේ. දශ ලක්‍ෂ ගණන් රැකියාවලින් පලවා හැර තිබේ. සමාජ ආරක්‍ෂාව අඩු කොට ඇත. මිළ වැඩි වීම තවදුරටත් සම්මත ජීවන තත්වයන් අඩු කරයි. වෛද්‍යප‍්‍රතිකාර සහ උසස් අධ්‍යාපනය දුෂ්ට ලෙස මිළ වැඩි තත්වයට පත් වී ඇත. ඒ අතර මේ සිත් පිත් නැති ක‍්‍රමයේ අපරාධකරුවෝ පිළිකුල් සහගත ලෙස විදහාපාන ඔවුන්ගේ වර්ධනය වන ධනය සහ බිලියනපතියන්ගේ ලැයිස්තු ගැන වන පුරසාරම් දෙඞීම යන සියල්ල අතරතුර, වඩාත් කුරිරු ජනතා විරෝධී ක‍්‍රමවේදයන් පවා සාදයි.

වහලුන් ලෙස වැඩකිරීමට සංක‍්‍රමණික කම්කරුවන්ට බලකෙරෙන්නේ කොතැනකද, ළමා සහ කාන්තා ජාවාරම් අතිවිශාල අනුපාතයකින් වැඩි වීමට පටන් ගෙන තිබෙන්නේ කොතැනකද, ‘පසුගාමී’ ඇෆ්ගනිස්ථානයේ හෝ ‘සංවර්ධිත’ ඇමෙරිකාවේ හෝ වෙනසක් නැතිව කාන්තාවන් දූෂණය කිරීම සහ මරා දැමීමේ කෲරත්වයෙන් පෙලීම දිගටම සිදුවන්නේ කොතැනකද, සුළු ජාතීන් හුදෙකලා කොට පීඩනයට ලක්කොට තිබෙන්නේ කොතැනකද, තරුණයින් දඩයම් කරනු ලබන සහ හිංසා කිරීමට ලක් කරන්නේ කොතැනකද, අඩුම තරමින් සාධාරණ වැටුපක් සහ ජීවන තත්වය උදෙසා වන ඉල්ලීම් වෙඩි උණ්ඩවලින් සහ සිරගත කිරීම්වලින් කපා දැමෙන්නේ කොතැනකද, තවත් මැයි දිනයක් එළඹ තිබේ.

ලාභය පිණිස සිදුකරන අන්ධ ලුහුබැඳයාම් නිසා සිදුවන පරිසර විනාශයන් මධ්‍යයේ, සෑම සමාජයක් තුළම සහ පීඩිත සහ අධිරාජ්‍යවාදී රටවල් අතර අසමානතාවයේ විවරය වේගයෙන් පළල් වෙන අතරවාරයේ, තවත් මැයි දිනයක් එළඹ තිබේ.

මර්ධනය සහ සූරාකෑම ප‍්‍රතිරෝධයන් උත්පාදනය කරයි. එමෙන්ම මේ ප‍්‍රතිරෝධයන් වර්ධනය කරයි. රටකට පසු රටක් වශයෙන් පංති අරගල සහ ජනතා කැරලි වල වර්ධනය වන රැල්ලට මේ ලෝකය සාක්‍ෂි දරයි. මේ ප‍්‍රචණ්ඩ කැළඹිලි වල ලෝකයයි. පුළුල් පරාසයක බලවේගයන් ක‍්‍රමයට එරෙහි අරගලය තුළට තල්ලු කෙරෙමින් තිබේ. වීදි තුළ කලහකාරීත්වය නව සමාජයක් ඉදි කිරීම උදෙසා, රැඩිකල් කඩා බිඳගෙන යෑමකට ප‍්‍රමාණවත් නොවන බවට කිසිදු සැකයක් නැත. එනමුදු එය සමස්ත නව පරපුරක් සමගම සම්බන්ධ වෙමින් කොමියුනිස්ට්වාදයේ විප්ලවීය මෙහෙයුමට ඔවුන් දිනාගනිමින් අතිවිශාල අවස්ථාවන් විවර කරයි. එය විප්ලවයට මග පාදයි. මෙය මූලධර්මයකි. එය දැඩි ලෙස ග‍්‍රහණය කළ යුතුමය.

දශකයකට පෙර හෝ ඊට කලකට පෙර, නිර්ධන පංතියේ පැවැත්ම ප‍්‍රශ්න කිරීමට ලක් වූහ. පංති අරගලය අනවශ්‍ය බව ප‍්‍රකාශ කෙරුණු අතර ඒ වෙනුවට මහජන ව්‍යාපාර ආදේශ කළ යුතු බව සලකනු ලැබිණි. ඉන්දියාව සහ චීනය වැනි රටවල් පමණක් නොව, තව තවත් අධිරාජ්‍යවාදී බලකඳවුරු වල පවා නැවත නැවතත් වූ සටන්කාමී කම්කරු අරගල අවස්ථාවන් අද ලෝකය පරීක්‍ෂාවට ලක් කොට ඇත. මේ සඳහා සෑම හේතුවක්ම ඇත. 21 වැනි ශත වර්ෂයේ තාක්‍ෂණික ආශ්චර්යයන් ගැන වූ පුරසාරම් කෙසේ වෙතත්, බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තවල මිනීමරු බිම් තුළ, කටාර්හි වහල් ශ‍්‍රම කඳවුරු තුළ, චීනයේ ශ‍්‍රම බැරැක්ක තුළ හො අධිරාජ්‍යවාදී රටවල දැඩි ලෙස වැඩෙහි යොදවන වැඩ පළවල්වල, අතිවිශාල නිර්ධන පංතිකයින් ප‍්‍රමාණයකගේ තත්ත්වය 18 වැනි ශතවර්ෂයේ මෙන් කුරිරු වේ. ඒ අතරම, පැහැදිලි ලෙසම පාලනයේ මර්ධන ක‍්‍රමවේදයන් සහ වෙන කවරදාකටත් වඩා වැටුප් ශ‍්‍රමයේ නවීන මධ්‍යස්ථාන තුළ වැඩ ප‍්‍රමාණයන් වල වැඩි වීම නිර්ධනීන්ගේ හුස්ම හිර කරයි.

විවිධ මානයන්ගෙන්, ගෝලීයකරණයේ කොල්ලකෑම පීඩිත රටවල ගැඹුරින් සටහන් වී තිබේ. පුද්ගලීකරණය සහ නිදහස්වාදය සේවා නියුක්තියේ සමස්ත අංශ සහ කුඩා ව්‍යාපාර අතුගා දමා තිබේ. හැමවිටම අයහපත්, වැඩ කිරීමේ තත්ත්වය, දැරිය නොහැකි වී තිබේ. මෙය ගෝලීය අර්බුදයෙන් උග‍්‍ර කොට තිබේ. අති බහුතරයකගේ ජීවන තත්ත්වය නරක අතට හැරීමට ප‍්‍රතිලෝමව සමානුපාතිකව, පාලකයින් විසින් පැහැරගන්නා ලද අල්ලස් සහ ලාභ අභ්‍යවකාශයේ මුදුනටම ළඟා වී ඇත. ජනතාවගේ දු:ක්ඛිත බව වැඩිවෙන අතරවාරයේ, ඔවුන් ලබා ගන්නා විසල් කප්පාදු කිරීම් ගැන ඇස් හෙළමින් පාලකයෝ මුරණ්ඩු ලෙස දැවැන්ත ව්‍යාපෘති පසුපස හඹායති.

මේ සියල්ලටම යටින් නැවත නැවත සිදුවන කැරලි වල පිපිරීම් ඇති බව ලෝකය තුළ දක්නට ලැබේ. වෙළඳ ව්‍යාපාර සාමාන්‍ය ලෙස ගමන් නොකරයි. නියත අර්ථයෙන් මෙය අධිරාජ්‍යවාදීන්ට සහ උන්ගේ ගැත්තන්ටද සත්‍ය වේ. ඔවුන්ගේ වර්ධනය වන පොරය සෑහෙන පරිදි මෙය පෙන්වාදෙයි.

විප්ලවය සඳහා, කොමියුනිස්ට්වාදය සඳහා හඬගාන ලොකයක් තුළ, තවත් මැයි දිනයක් පැමිණේ; පංති විඥත නිර්ධනීන්ට සහ ඔවුන්ගේ පෙරමුණු බලඇණියට, මාඕවාදීන්ට, නිර්ධන පංතිකයින්ගේ ලෝකය පරිවර්තනය කිරීමේ මෙහෙයුමේ සහ නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ ශ්‍රේෂ්ඨ සම්ප‍්‍රදායේ ග‍්‍රාහකය අල්ල ගැනීම උදෙසා වූ තවත් දිනයකි.

අද ලෝකයේ කිසිම තැනක සමාජවාදී රටක් නොමැත. පුළුල් වශයෙන් ප‍්‍රගතිශීලී වූ හෝ ජනතාවාදී වූ රජයක් පවා නොමැත. අතිමහත් දෙයක් කිරීමට තිබේ. එනමුදු නිර්ධනීන්ගේ ලෝකය නිදහස් කර ගැනීමේ මෙහෙයුම නොනවත්වා කරගෙන යෑමට ශක්තිය සහ විශ්වාසය ලබා දෙන සාධකද පවතී – මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය හි පැහැදිලි බව සහ ප‍්‍රචණ්ඩා-බට්ටරායි කල්ලිය සහ එවේකියන්වාදය ඇතුළු සියළු පැහැයන්ගෙන් යුත් සංශෝධනවාදයට එරෙහි අරගලය ගැඹුරු වීම, ලෝකය පුරා දක්නට ලැබෙන අරගල රැල්ල, ඉන්දියාවේ සහ පිලිපීනයේ මහජන යුද්ධ සහ අනෙකුත් සමහර රටවල්වල ප‍්‍රතිසංවිධානය වීම් සහ සූදානම් වීම්, ජාත්‍යන්තරවාදී බැම්ම සහ මාඕවාදී පක්‍ෂ සහ සංවිධාන අතර ක‍්‍රියාකාරකම් ශක්තිමත් වීම.

මේ ශක්තීන් මත කරන ගොඩනැගීමෙන්, මාඕවාදීහු වීදි තුළ කැරලිකාරී ශක්තිය විප්ලවය දෙසට දැමීමේ දිශානතිය සඳහා සුදුසු සංවිධාන ආකරයන්, එහි මධ්‍යය ලෙස මාඕවාදී පක්‍ෂ ඉදිකිරීමෙන් සහ ශක්තිමත් කිරීමෙන් නිර්මාණාත්මකව සංවර්ධනය කළ යුතුය. ඔවුහු මාඕවාදී පක්‍ෂ සහ සංවිධානවල ජාත්‍යන්තර සංවිධානය සෑදීමේ කාර්යභාරය ඔසවා ගත යුතුයි. මෙය නිර්ධන පංතිකයින්ගේ සහ පීඩිත ජනතාවගේ සංවිධිත ජාත්‍යන්තර අධිරාජ්‍ය-විරෝධී පෙරමුණේ හරය විය යුතුයි. මෙලෙස මාඕවාදීන්ට, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ නව සමගියක් සාක්‍ෂාත් කරගෙන, එය ලෝක ව්‍යාප්ත ජනතා අරගලවල පෙරමුණු රියෙහි තබා වත්මන් ලෝකයට විප්ලවීය විභවය මුළුමනින්ම මුදාහැර කුළු ගන්වා, මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය පිහිටුවීමට සහ වර්ධනය කිරීමට හැකිවිය යුතුයි.

අධිරාජ්‍යවාදයට අනාගතයක් නැත! අනාගතය කොමියුනිස්ට්වාදය සතුය!
සියළු රටවල නිර්ධන පංතිකයින් සහ පීඩිත ජනතාව, සමගිවව්!
අධිරාජ්‍යවාදය සහ එහි මුර බල්ලන් භංගවේවා!
නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා!
ලෝක නිර්ධන පංති විප්ලවය දිගුකල් දිනේවා!

2014  මැයි 1

මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව – ස්පාඤ්ඤ ජනරජය
ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය;
ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි;
මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය – බි‍්‍රතාන්‍ය රාජ්‍ය
මහා කැළඹීම WSRP – වේල්සය බි‍්‍රතාන්‍ය රාජ්‍යය
කොමියුනිස්ට්වාදය දෙසට මහා පාගමන (මැඩ්රිඩ්, ස්පාඤ්ඤය);
මාඕවාදී කොමියුනිස්ට් කණ්ඩායම – එක්සත් ජනපදය
මාඕවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය ටියුනීසියාව
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය-ප‍්‍රංශය;
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය-ඉතාලිය;
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය – තුර්කිය උතුරු කුර්දිස්ථාන්
මාඕවාදී විප්ලවීය ලීගය – ශ්‍රී ලංකාව
විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය (PCR-RCP කැනඩාව)
විප්ලවීය භාවිතාව – එක්සත් රාජධානිය
ජනතාවට සේවය කරනු – නොර්වේ කොමියුනිස්ට් ලීගය
කම්කරු හඬ – මලයාසියාව
ජනතාවට සේවය කරනු – ෂෙයිසායු
සොරෙල්හ් – ඔක්සිටානි – ප‍්‍රංශ රාජ්‍යය;

ABar-11

English copy…

Another May Day comes

Another May Day comes, in a world where the misery and deprivation suffered by billions of people is immensely aggravated by the prolonging crisis of the imperialist system. Millions have been thrown out of jobs. Social security is cut down. Growing price rise further depresses living standards. Medical treatment and higher education become atrociously expensive. Meanwhile the perpetrators of this merciless system workout even more vicious anti-people measures, all the while obnoxiously flaunting their swelling wealth and boasting of billionaire lists.

Another May Day, where immigrant workers are forced to labour as slaves, where the trafficking of women and children continue to increase in staggering proportions, where women continue to suffer the brutality of rape and murder no matter whether its ‘backward’ Afghanistan or ‘advanced’ USA, where minorities are isolated and suppressed, where the youth are hounded and persecuted, where the demand for something as minimal as fair wages and living conditions is cut down with bullets and imprisonment.

Another May Day, in the midst of environmental devastations caused by the blind pursuit of profit, in the midst of the rapidly widening chasm of inequality within each society and between imperialist and oppressed countries.

Oppression and exploitation generates resistance. And this resistance grows. This world is witness to the growing wave of class struggles and popular rebellions in country after country. This is a world of turmoil. A wide range of forces are being propelled into struggle against the system. The grooming of the streets is no doubt insufficient for a radical break, for the building of a new society. But it opens up tremendous opportunities for connecting with a whole new generation and winning them over to the revolutionary mission of communism. It paves the way to revolution. This is principal. It must be firmly grasped.

Just a decade or so ago, the existence of the proletariat itself was questioned. Class struggle was declared redundant and considered to be replaced by movements of ‘multitudes’. Today the world is marked by repeated occasions of militant workers struggles, not just in countries like India or China, but even more so in the citadels of imperialism. There is every reason for this. For all the tall talk of the technical wonders of the 21st century, whether in the killing fields of the garment industry in Bangladesh, the slave labour camps of Qatar, the labour barracks in China, or the sweat-shops of imperialist countries, the conditions in which the vast majority of proletarians labour are as atrocious as those of the 18th century. Meanwhile, explicitly oppressive methods of control and ever increasing workloads in the modern centres of wage slavery increasingly suffocate the proletarians.

At a different dimension, the ravages of globalisation have deeply marked the oppressed countries. Privatisation and liberalisation have wiped whole sectors of employment and small business. Working conditions, already bad, have become unbearable. This was aggravated by the global crisis. In inverse proportion to the worsening of living conditions of the vast majority, corruption and profit taking by the rulers have reached astronomic peaks. While the miseries of the people multiply, the rulers obstinately pursue grandiose projects eying the fat cuts they will get.

All of this underlies the repeated outbursts of rebellion seen in the world. Business cannot go on as usual. In a certain sense this is true of the imperialists and their lackeys too. Their growing contention amply indicates this.

Another May Day comes, in a world crying out for revolution, for communism; a day for the class conscious proletariat and their vanguard, the Maoists, to take stock of the world transforming mission of the proletariat and the great traditions of proletarian internationalism.

Today there is no socialist country. Not even a government that can be broadly qualified as progressive, pro people. There is much, much, to be done. But there are also factors that give strength and confidence in pursuing the world emancipatory mission of the proletariat—the clarity of Marxism-Leninism-Maoism and the deepening of the struggle against revisionism of all hues including those of the Prachanda-Bhattarai clique and Avakianism, the wave of struggles seen all over the world, the people’s wars in India and the Philippines and its reorganisation or preparation in some other countries, the strengthening of internationalist ties and activities among Maoist parties and organisations.

Building on these strengths, the Maoists must creatively develop forms of organisation suitable for orienting the rebellious energy of the streets towards revolution, with the building and strengthening of Maoist parties at its center. They must take up the task of building an international organisation of Maoist parties and organisations. This must be the core of an organised international anti-imperialist front of the proletarians and oppressed peoples. Thus the Maoists will be able to establish and develop Marxism-Leninism-Maoism, realise a new unity of the international communist movement, place it at the van of worldwide people’s struggles and fully unleash and realize the revolutionary potential of the present world.

Imperialism has no future! The future belongs to communism!
Proletarians and oppressed people of all countries, unite!
Down with imperialism and all its watchdogs!
Long live proletarian internationalism!
Long live world proletarian revolution!

May 1st, 2014

Committee for Building a Maoist Communist Party, Galicia – Spanish state
Communist (Maoist) Party of Afghanistan
Communist Party of India (M-L) Naxalbari
Communist Party of India (Maoist)
Democracy and Class Struggle – British State
Great Unrest WSRP – Wales British State
Long March Towards Communism (Spain)
Maoist Communist Group – USA
Maoist Communist Movement Tunisia
Maoist Communist Party France
Maoist Communist Party Italy
Maoist Communist Party – Turkey North Kurdistan
Maoist Revolutionary League – Sri Lanka
Revolutionary Communist Party (PCR-RCP Canada)
Revolutionary Praxis – United Kingdom
Serve the People – Communist League of Norway
Servir Le Peuple – Sheisau Sorelh – Occitany – French state
Workers Voice – Malaysia

ABar-11

ඉන්දියාවේ සියළුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු!

Download PDF (915K)

ඉන්දියාවේ සියළුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු!

2014 ජනවාරි 25 සහය දැක්වීමේ සහ අරගල කිරීමේ ශ්‍රේෂ්ඨ ජාත්‍යන්තර දිනය!

ඉන්දියාවෙහි සිර ගෙවල් තුළ 10,000 කට වැඩි මාඕවාදීන් ප‍්‍රමාණයක් නිකරුණේ කල් ගෙවමින් සිටී, ජාතික විමුක්ති ව්‍යාපාර (කාශ්මීරය, මනිපූර් ආදී) සහ අනෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාර වල නියැලූන දහස් ගණන් සිරකරුවන් ඔවුන්ට ඇතුල් කොට තිබේ.

Jail-Naxal

නායකයින්, කාඩර්වරුන් සහ මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ සාමාජිකයින් හැරුණු විට, 90% වැඩි දෙනා බලෙන් ඉවත් කිරීමට විරෝධය දැක්වූ ආදිවාසී ගම්වැසියන් වේ; අධිරාජ්‍යවාදීන්ට ස්වාභාවික සම්පත් කොල්ලකෑම කරගෙන යෑමට සහ ජනතාව සූරාකෑමට රජය විසින් අත්සන් කළ එකඟතා ගිවිසුම් සහ ප‍්‍රතිපත්ති වලට එරෙහිව අරගල කළ ගොවියන්; නැගී එන හින්දු වර්ගවාදී ෆැසිස්වාදී තර්ජනයට එරෙහිව සංවිධානය වුණු සුළු ජාතික ක‍්‍රියාකාරීන්; ඉන්දියානු රජය නිරතවන ජනතාවට එරෙහි යුද්ධයට විරුද්ධව නැගීසිටීමට වරදකරුවන් වූ ශිෂ්‍යයින්, බුද්ධිමතුන්, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සහ අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානවල කලාකරුවන්, ජනතාවට එරෙහි යුද්ධයේ අවියක් ලෙස සන්නද්ධ සහ පොලිස් බල ඇණි සහ පැරාමිලිටරි ෆැසිස්ට් කණ්ඩායම් රාජ්‍ය අනුග‍්‍රහය ඇතුව කරනු ලබන මහා පාරිමාණයෙන් සිදු වන ස්ත‍්‍රී දූෂණයන්ට එරෙහිව එක්සත්ව කැරලි ගැසූ ජනතාවගේ ස්ත‍්‍රීවාදී කාන්තාවන්.

Militia-Women

බන්ධනාගාර තුළ සිරකරුවන් සෑම ආකාරයකටම හිරිහැර කිරීම් වලට, වධ දීම්වලට, ඇප දීම ප‍්‍රතික්‍ෂේප කිරීමට, අමානුෂික තත්වයන් යටතේ ජීවත් වීමට, අත්තනෝමතික මාරු කිරීම්වලට, කෲර පහර දීම්වලට, හුදෙකලාව සිරකර තැබීම සහ බොහෝවිට කාන්තා රැඳවියන් දූෂණය කිරීම්වලට ලක් වේ.

සිර අඩස්සියේ ඇති බිහිසුණු තත්ත්වයන් නොතකා විප්ලවීය ආත්මයෙන් යුතුව සිරකරුවෝ විරෝධය දක්වමින් සහ අරගල කරමින් අඳුරු සිරකුටි ඉන්දියාවේ නැගී එන ෆැසිස්ට්වාදයට සහ ඉන්දීය පාලනයට එරෙහි යුධ පෙරමුණු බවට පත් කරමින් සිටී.

ඔවුන්ගේ කොන්දේසි විරහිතව නිදහස් කිරීම පිණිස උදෙසා වන අරගලය සියළු සහයෝගිතා බලවේග සහ ඉන්දියානු ජනතාවගේ මිතුරන්ගේ හදිසි කර්තව්‍යයක් වන අතර, එය ඔවුන්ගේ විමුක්ති යුද්ධයේ ජයග‍්‍රහණයට සහය දැක්වීම පිණිස අනකූල වූවකි.

එනමුදු මුළු මහත් ඉන්දියාවම පාලක පන්තිය විසින් ‘‘ජනතා ව්‍යාපාරවලට’’ සිරකඳවුරක් බවට පත් කිරීමේ යෙදී සිටී.

අධිරාජ්‍යවාදීන්ගේ සහය සහ මගපෙන්වීම ඇතිව 2009 මැදභාගයේ සිට ඉන්දීය පාලක පංතිය සමස්ත රට පුරාම – මාඕවාදී ව්‍යාපාරය මුලිනුපුටා දැමීමට සහ ජනතාවගේ අව්‍යාජ අරගල මර්ධනය කිරීමට  ‘‘හරිත දඩයම් මෙහෙයුම’’ නමින් හඳුන්වන බහු-දැති ආක‍්‍රමණය දියත් කළහ.

maoist-corridor-india

පීඩිත ජනතාව කෙරේ මර්ධනය පැටවීම ඕනෑම සූරාකන රාජ්‍යයක ප‍්‍රමුද්‍රාවක් වෙනවා මෙන්ම එය හැම විටම ඉන්දියානු රජයේ අංගයක්ව තිබේ, හරිත දඩයම් මෙහෙයුම මෙයට පෙර පැවති සියළුම මෙහෙයුම් ප‍්‍රමාණයෙන් සහ කෲරත්වයෙන් යන දෙවිධියෙන්ම ඉක්මවා ගොස් ඇත.

දහස් ගණන් විප්ලවවාදීහු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන සංවිධානවල නායකයින් සහ සාමාජිකයින් ඝාතනය කිරීම්වලට, වධදීම්වලට සහ සිරගත කිරීමට ලක් කොට තිබේ. ව්‍යාජ චෝදනා වලට ලක්ව බොහෝ දෙනා කෲර දඬුවම් වලට මුහුණ දෙමින් සිටී.

සන්නද්ධ බල ඇණි විසින් සමූල ඝාතන, සමූහ දූෂණ, මංකොල්ලකෑම් සහ විනාශ කිරීම් සිදු කිරීම දින චර්යාවක් බවට පත්ව තිබේ.

ජනතාවට එරෙහි යුද්ධය – හරිත දඩයම් මෙහෙයුම – මාඕවාදී ව්‍යාපාරය මුලිනුපුටා දැමීම ඉලක්ක කළද, ජනතාවගේ ඕනෑම අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීමක්, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) සමග සම්බන්ධ යැයි ජනතා නායකයින් සහ අරගල කරුවන්  මධ්‍යම සහ ප‍්‍රාන්ත රජයේ දුෂ්ඨ නීති වලට අනුව ‘‘දේශ ද්‍රෝහීන්’’ සහ ‘‘ත‍්‍රස්තවාදීන්’’ ලෙස හංවඩු ගසයි.

හරිත දඩයම් මෙහෙයුම නවතා දමනු, ජනතාවට එරෙහි යුද්ධය නවතා දමනු!

ඉන්දියානු ජනතාවගේ විමුක්ති යුද්ධය සිය දේශපාලනමය සහ සදාචාරාත්මක සහයෝගය වැඩි කරගන්නවා මිස එය මිලේච්ඡ මර්ධනයෙන් නවතා දැමිය නොහැක.

naxalites-Rally

හැම්බර්ග් ශ්‍රේෂ්ඨ ජාත්‍යන්තර සම්මේලනය සහ සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර කමිටුව සංවිධානය කළ ජාත්‍යන්තර දින ක‍්‍රියාකාරකම් ඇතුළු විවිධ ජාත්‍යන්තර මුලපිරීම් සහ ප‍්‍රයත්නයන් ඉන්දියානු ජනතාව සමග සහයෝගය ගොඩ නැගූ අතර ඔවුන්ගේ විමුක්තිය සඳහා වූ අරගලයට සහය ලබා දුන්හ. මේ මුලපිරීම් ලෝකය පුරා සහ ඉන්දියාව තුළ ද බලපෑම් ඇති කළ අතර, අධිරාජ්‍යවාදයට සහ ඉන්දීය පාලනයට පහර ගැසූහ, අද ප‍්‍රතික‍්‍රියා දැක්වීම් වශයෙන්, පළමුවෙන්ම යුරෝපයේ රජයන්ගෙන් සහයෝගිතාවයන් සඳහා වන මුල පිරීම් නවත්වා දමන ලෙස ඉල්ලමින් සිටී.

එම නිසා වෙන කවරදාකටවත් වඩා සහයෝගීතාවය පුළුල් කිරීම අද අවශ්‍යව තිබේ.

එම නිසා ඉන්දියාවේ දේශපාන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ අරගලයට සහය දැක්වීමට 2014 ජනවාරි 25 වන දින විශාල ජාත්‍යන්තර දිනයක් ලොව පුරා හැකි හැම තැනකම පැවැත්වීමට, ජාතික මට්ටමින් සහයෝගිතා බලවේග සහ කොමිටි මගින් තීරණය කරන ලද හැකි සෑම ආකාරයකටම, වීදි ක‍්‍රියාමාර්ගයන්, ජනතාව සහභාගි කරවීමේ ආමන්ත‍්‍රණ, දැනුවත් කිරීමේ ක‍්‍රියාමාර්ගයන් සහ තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර මාධ්‍ය සහ මානවවාදී කාර්යාල ඉදිරිපිට විරෝධතා ජාත්‍යන්තර දිනයට පෙර සතිය තුළ පැවැත්වීම සඳහා අපි ආමන්ත‍්‍රණය කරමු.

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව
2014 දෙසැම්බර් 5
තොරතුරු සඳහා සම්බන්ධවන්න:
csgpindia@gmail.com
නව බ්ලොග් අඩවිය (ඉංග‍්‍රීසියෙන්):
icspwindia.wordpress.com

==================================

ඉන්දියාව පුරා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සාක්‍ෂාත් කර ගැනීම සඳහා වන සන්නද්ධ ජනතා අරගලයක් දියත් වන අතර එය ඉන්දියාවේ ප‍්‍රාන්ත 20 කට අධික ගණනක පැතිර පවතී. මේ සන්නද්ධ මහජන යුද්ධයට නායකත්වය දෙනු ලබන්නේ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) මගිනි. එය අද ලෝකයේ තිබෙන බලවත්ම සහ විශාලතම කොමියුනිස්ට් පක්‍ෂය වන අතර අනාගත සමාජවාදී ජනරජයක අරුණළු පහල වෙමින් තිබේ. රතු කොරිඩෝව ලෙසින් හඳුන්වන නැගෙනහිර ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට නේපාල දේශ සීමාව දක්වා ඉන්දියාවේ තුනෙන් එකක පමණ භූමි ප‍්‍රදේශය ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) හි පාලනයට නතු වී තිබේ. ඉන්දීය ජනතාවගේ මේ වීරෝධාර ශ්‍රේෂ්ඨ අරගලය ආරක්‍ෂා කර ගැනීම ලොව පුරා සිටින විප්ලවවාදීන්ගේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවදීන්ගේ සහ ප‍්‍රගතිශීලීන්ගේ උරමත වැටී ඇති කාලීන කර්තව්‍යයකි. මේ වන විට ලෝක නිර්ධන පංති විප්ලවයේ මූලස්ථානය ඉන්දියාව බවට පත්ව ඇත. එහි පිටිසර බද ගම් බිම් වලින් සහ වන පෙත් වලින් එහි හොඳම දූ පුතුන් සිය රුධිරය වගුරුවමින් ගෙන යන ඓතිහාසික අරගලයේ රණ හඬ ලොවට පැතිරී යයි. එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ බලවත්ම අධිරාජ්‍යවාදීන්ගේ සහය සහ උපදෙස් ඇතිව ඉන්දීය පාලක පංතිය එම අරගලය මිලේච්ඡ ලෙස මර්ධනය කිරීමට ධවල භීෂණයක් එම ප‍්‍රදේශවල ගෙන යන අතර නොසැලී සිටිමින් මාඕවාදී මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ සහෝදර සහෝදරියෝ එයට ප‍්‍රතිචාර දක්වති. ජනවාරි 25 දින ජාත්‍යන්තර දිනය ලොව පුරා කොමියුනිස්ට්වරුන්ගේ එක්සත්කමින් කැඳවනු ලැබූයේ අඳුරු සිර මැදිරි තුළ සිර කොට තිබෙන ජනතාවාදී අරගලකරුවන් නිදහස් කර ගැනීමටයි.

 

Indian revolution is our revolution. Its victory is our victory. Its defeat is our defeat.

Indian revolution is our revolution. Its victory is our victory. Its defeat is our defeat.

The latest historical attack to the fascist leaders in Chatisgah region that conducted by PLGA of CPI (Maoist) is big blow to the ruling classes of India and great revenge on behalf of martyrdom topmost leaders Comrade Azad and Kishenji and people’s who living under the misery conditions due to suppression of fascist Salwa Judum, and killer machine of sate and central government. Really it was very glad news for revolutionary comrades and peoples of the world. At this moment we offer our red salute to brave comrades of PLGA and revolutionary people who supported to this fearless attack and we wish to CPI (Maoist) to intensify the people’s war in India.

Under the hardest condition of OGH, Indian comrades are developing revolutionary movement all India with each passing day. Indian government uses high power military technology, satellite, digital electronic system and new military knowledge to suppress the revolutionary masses all over the India. It is clear that Maoist ideology is inevitable. The highest peak of the experience of proletariat revolution is Great Proletariat Cultural Revolution led by comrade Mao Tsethung. From the first comrade Charu Mazumdar applied comrade Mao’s theory and highly bonded with GPCR and soaked genuine revolutionary spirit. After the collapsed of Chinese dictatorship of proletariat there was nothing any socialist country. But sparks of GPCR were dispersed whole world and they lit new prairie fires like people’s war of India, Philippine, turkey, Peru and Colombia. Therefore people’s war of India would be great legacy of the oppressed and revolutionary people’s of the world.

Fascist Indian ruling classes conduct huge war on people with aid of American imperialist. Large amount of ammunitions and weapons are producing every day to bury the revolutionary movement. We must protect Indian revolution as a center of the world revolution putting the hands of proletariat internationalism. Big capitalist vultures are watching to take up lands of the poor tribal peoples of India, which lay rich minerals and resources under the soil. They know without wiping out Maoist movement they never catch even inch of piece of the land. Moreover, they want to exploits natural resources everywhere to heal their huge economic crisis.

We have taken actions to popularize Indian revolution among the people in our country. We spread documents of CPI (Maoist) and the booklet on com. Kishenji made by CC of CPI (Maoist) uses as hand book to study on revolutionary leadership and gain the lessons that how to act as genuine and firm revolutionary. And we had launched poster movement in some areas to bring the news of Indian revolution and call the people to boycott electoral activities.

In our country most people did not know revolutionary war of India. Some ugly revisionist parties who said themselves as Socialists and Maoists are working for their personal aspiration abusing great revolutionary legacy of comrade Shanmugathasan do not want to develop or intensify revolutionary movement. But today some peoples know about the revolutionary war of India due to our works. We are propagating it among the people more and more in many ways. We want to popularize it as house hold word.

And people’s war of India is great warring for ruling classes of south Asian region. Because comprador ruling classes of Sri Lanka and some other countries think about their next danger. Bourgeois Medias published and broadcasted it as rise of the Maoist terrorism and distorting historical values of revolutionary movements. With the spreading of the youthful news of people’s war of India oppressed people may tend to get inspire and soak the spirits of revolution. So it is a huge barrier to the ruling classes everywhere. Therefore Maoism is a biggest challenge to world imperialism in today. It is a fact for world imperialism most wants to bury the revolution of India crushing the armed struggles of heroic peoples.

Clearly it proved that Maoism is inevitable political march liberation for oppressed people in the world through the contemporary proletariat history. Every revolutionary must uphold the people’s war in India. Without hard bond with Indian revolution, without support to protect the great people’s war of India any one cannot be a part of the world proletariat revolutionary movement. Without support of the international unity of proletariats any revolution can’t achieve great success. Indian revolution is our revolution. Its victory is our victory. Its defeat is our defeat. We should protect and support it.

So we can support to Indian revolution in many ways such as spreading and popularizing people’s war everywhere, intensifying revolutionary movements under the banner of Maoism in our countries and engage any other actions what we can do.

We offer our whole hearted support to July 1 international day of support to people’s war of India. The July 1 international movement will pave the way to new wave of unity of proletariat internationalism. The memory of Comrade Azad, Kishenji and other martyred will be living throughout every corner of solidarity movement.

We say loudly again and again: Indian revolution is our revolution. Its victory is our victory. Its defeat is our defeat.

 

Long live People’s War of India!

Red salute to thousands of martyred revolutionary comrades, Red guerilla fighters and revolutionary people!

Down with Imperialism!

Long live Communist Party of India (Maoist)!

Long Live Marxism Leninism Maoism!

 

Maoist revolutionary League (MRL)

 [Former New Marxist Study Group – NMSG]

Sri Lanka

17th June of 2013

පාර්ලිමේන්තුවාදය යනු සදාකල් එරෙන උගුලකි….

පාර්ලිමේන්තුවාදය යනු සදාකල් එරෙන උගුලකි! එය නිර්ධනීන්ගේ උපායයක් නොවේ! විප්ලවය වැළැක්වීමට සතුරා පටවනු ලැබූ ව්‍යාජයකි!

2013 මැයි 25 වන දින මහජන විමුක්ති ගරිල්ලා හමුදාව කොංග‍්‍රස් පක්‍ෂයේ ඉහළ පෙළේ නායකයින් සහ මහේන්ද්‍ර කර්මා ඇතු`ඵ ෆැසිස්ට්වාදී ජන පීඩකයින් ඇතුළු ආරක්‍ෂක රිය පෙළට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් සතුරන් 27 දෙනෙකු සමූලඝාතනය කරනු ලැබූ අතර අවම වශයෙන් 30 ක් වත් බරපතළ තුවාල සහිත තත්ත්වයට පත් වූහ. ලොව පුරා විප්ලවවාදීහු මේ උද්වේගරක පණිවිඩයෙන් උද්දාමයට පත්වන විට නේපාල කොමියුනිස්ට් පක්‍ෂයේ හිටපු සභාපති වූ අන්ත සංශෝධනවාදියෙකු වූ ප‍්‍රචණ්ඩා එම සිදුවීමෙන් කොංග‍්‍රස් පක්‍ෂයට සිදු වූ හානිය ගැන ශෝකය ප‍්‍රකාශ කරමින් කොංග‍්‍රස් පක්‍ෂයේ නායිකාව වූ ෆැසිස්ට්වාදී සෝනියා ගාන්ධිට පණිවිඩයක් යවන ලදි. දිගින් දිගටම විප්ලවීය ව්‍යාපාරය තුළ වැරදි න්‍යායන් සහ වැරදි භාවිතාවන් යොදවමින් නේපාල විප්ලවය දියකර හැරීමේ ද්‍රෝහී පාවාදීමේ කාර්යයේ නියැලී ලෝක අධිරාජ්‍යවාදයේ දෙපතුළ යට දණින් වැටුණු ඔහු දැන් සිය ස්වභාවය එළිපිටම නිරුවත් කොට හමාරය.

පාර්ලිමේන්තුව හරහා විප්ලවය කළ හැකිය යන න්‍යාය නව සංශෝධනවාදයයි (නූතන සංශෝධනවාදයයි). සාමකාමී ලෙස පාර්ලිමේන්තු මාවත හරහා විප්ලවය කරා ගමන් කළ හැකිය යන මිත්‍යාව එය හරහා පීඩිතයින්ගේ හිස්ගෙඩි තුළට දමා නිර්ධන පංති අරගල තිඹිරිගෙයි තුළදීම වළලා දැමීම එහි අරමුණයි. මේ රැවටිලි සහගත න්‍යාය ඉදිරිපත් කරන ලද්දේ ද්‍රොහී කෲෂෙව් විසිනි. ඒ 1962 දී ය. ඔහුගේ සංශෝධනවාදී අධිරාජ්‍යගැති ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාමාර්ගයන් හරහා සෝවියට් දේශයේ සමාජවාදය වේගයෙන් බිඳ වැටුණු අතර ලොව විශාලතම සමාජවාදී භූමි භාගය පාවා දීමෙන් සතුරාට මිළ කළ නොහැකි සේවයක් ඉටු කළහ. ඉන් පසු ලෝකය පුරා නිර්ධනීන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ සමාජවාදී සොවියට් දේශය සමාජ අධිරාජ්‍යයක් බවට පත් වූහ. එම න්‍යායෙහි පැහැදිලි අරමුණ වූයේ විප්ලවය දියත් කිරීමෙන් ලෝකය පුරා සිටි විශාල ප‍්‍රමාණයක පීඩිත කොටස් වළක්වාලීමයි. එය එසේම සිදු වූ අතර ඔවුන්ගේ සංශෝධනවාදී න්‍යාය භාවිතා කිරීමෙන් පාර්ලිමේන්තුවාදී ලෙස බලය අත්පත් කරගැනීමට ක‍්‍රියාකළ ඉන්දුනීසියන් කොමියුනිස්ට් පක්‍ෂය සමූලඝාතනය කොට අවසන් කිරීමට එහි ප‍්‍රතිගාමී රජයට උදව් කරන ලද්දේද සෝවියට් සමාජ අධිරාජ්‍යයයි. එයින් 30 ලක්‍ෂයකට වැඩි ඉන්දුනීසියන් කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයින් සහ ජනතාව මරුමුවට පත් වූහ. එලෙසම සමාජවාදය පාර්ලිමේන්තුව තුළින් අත්හදා බලන්නට උත්සාහ දැරූ චිලී කොමියුනිස්ට් පක්‍ෂයේ අනුග‍්‍රහය ලද චිලියේ සැල්වදොර් අයිලන්ඬේගේ පාලනය ඉතා ශෝචනීය ලෙස අවසන් විය. චිලී කොමියුනිස්ට් පක්‍ෂය වනසා දමනු ලැබූ අතර චිලියේ ප‍්‍රගතිශීලී කළාකරුවන් සහ විප්ලවවාදී තරුණයින් ඇතුළු ජනතාව සිය ලේ වලින් මිල ගෙවූහ.

මෙලෙස නූතන සංශෝධනවාදය අනුගමනය කරනු ලැබූ අයවලූන්ට අත්වූ ඉරණම් දෙකකි. එනම් මහා සංහාරයකින් ශෝචනීය ලෙස අවසන් වීම හෝ අධිරාජ්‍යවාදයේ දෙපතුළ යට වැඳ වැටී නිර්ධන පංතියේ ද්‍රෝහීන් බවට පත් වීමයි. මෙය වැළැක්විය නොහැකිය. හැමවිටම වැරදි සහගත න්‍යායන් වැරදි සහගත සහ අසාර්ථක භාවිතාවන් සඳහා මං සලසා ඇත. ඔවුහු සිදු කරන්නේ රතු සායම තවරාගනිමින් ‘‘අපි විප්ලවවාදී වම්හයි’’ සිය පිටේ වාමාංශික, කොමියුනිස්ට්, සහ මාඕවාදී ලේබල් අලවාගෙන රතු කොඩියක් ඔසවා, පීඩිතයින්ගේ දෙනෙත් සිය පරම සතුරා කෙරෙන් ඉවත් කොට ගෙන සංශෝධනවාදීන්ගේ ඊනියා රතු කොඩිය පාමුළට සමස්ත ජන විඥාණය එක්තැන් කොට දොර වසා අගුලූ ලෑමයි. සංශෝධනාවදයේ අරමුණ, පාර්ලිමේන්තුවාදයේ අරමුණ ඉතා පැහැදිලිය. එනම් ඉතිහාසයේ ප‍්‍රගමනකාරී ඉදිරි ගමන නැමැති රෝදය ආපස්සට කරකවාලීමයි. ඔවුහු විසින් නිර්ධන පංති අරගලවලදී ලොව පුරා සුවහසක් වූ නිර්ධන පංතියේ අභීත සටන්කාමී දූ පුතුන් විසින් වගුරා ලූ රක්ත රුධිරයට මොහොතක් මොහොතක් පාසා අවමන් කරනු ඇත්තාහ. සියළු සංශෝධනවාදී මාවත්වලින් ඉවත්වෙනු! අව්‍යාජ නිර්ධන පංති ධජය යටතේ සමගි වනු! සියළුම වර්ගයේ සංශෝධනවාදයේ කුණු කන්දල්, ආත්මයන් සහ යදම්, බැමි පුපුරුවා හරීනු!

විප්ලවය යනු පැරණි සමාජය එහි මුල් සමගම පෙරළා භෂ්ම කොට එය මත නව සමාජයක් ඉදි කිරීමයි. සමාජවාදී විප්ලවය යනු ධනවාදී සමාජය මුලිනුපුටා දමා එහි අළු මත සමාජවාදී සමාජය ඉදි කිරීමයි. විප්ලවය යනු පුළුල් බහුජනතාව සමග හරි හරියට බද්ධ වී නිර්ධන පංති නායකත්වය යටතේ සිදු කරනු ලබන දැවැන්ත විපර්යාසීය කාර්යයකි. සියළුම විප්ලවයන්ගේ කේන්ද්‍රීය ප‍්‍රශ්නය දේශපාලන බලය ලබා ගැනීම පිළිබ`ද ප‍්‍රශ්නයයි. දේශපාලන බලය නොමැතිව අවසානයේ සියල්ල මිත්‍යාවක් වනු ඇත. මෙය ඉතා පැහැදිලිව වටහා ගත යුතුය. එය හමුදා කුමන්ත‍්‍රණයක් හෝ රාජ්‍ය පෙරළා දැමීමේ කුමන්ත‍්‍රණයක් නොවේ. එය නිර්ධනීන් අතට රාජ්‍ය බලය ලබා දෙනු ලබන ප‍්‍රචණ්ඩකාරී අරගලයයයි. විප්ලවයෙහි ගාමක බලවේගය වන්නේ නිර්ධන පංතිය වන අතර කිසි කලෙක සුළු ධනේශ්වර පංතියට එහි නායකත්වයට ගත නොහැක. එලෙස සිදු කොට කිසි කලෙක නිර්ධන පංතියට දේශපාලන බලය ලබා ගත නොහැක. පාර්ලිමේන්තුව යනු ධනේශ්වර උපකරණයකි. මැතිවරණ ක‍්‍රමය යනු ධනේශ්වර රාජ්‍ය යන්ත‍්‍රය දක්කාගෙන යෑම පිණිස අටවනු ලැබූ සදාකල් එරෙන උගුලකි. නිර්ධන පංතියට කිසි කලකෙ ධනේශ්වර පංතියේ උපකරණ භාවිතා කොට විප්ලවය මුදුන් පමුණුවා ගත නොහැක. මෙය මාක්ස්වාදයේ මූලික නීති රීති වලම පැහැදිලිවම එහි ආදි කතෘවරු විසින්ම දක්වා තිබේ.

ලොව කිසිදු විප්ලවයයක් බුමුතුරුණු මතින් ගොස් සිප වැළඳ දිනා ගත හැකි එකක් නොවේ. කිසිවෙක් එලෙස විශ්වාස කරන්නේනම් හෝ එම ක‍්‍රියාවලිය තුළ සිටින්නේනම් එනම් නූතන සංශෝධනවාදය භාවිතාවේ යොදවන්නේනම් ඔවුන් පැහැදිලිවම විප්ලවය පාවාදෙන ලෝක අධිරාජ්‍යවාදයට වන්දිභට්ඨකම් කරන දුෂ්ඨ පංති ද්‍රෝහීන් මිස වෙන කිසිවෙකුත් නොවේ. නූතන සංශෝධනවාදය භාවිතාවේ යොදවන ලොව පුරා සිටින සියළුම දේශපාලන පක්‍ෂ පංති සතුරන් මිස විප්ලවවාදී පක්‍ෂ නොවේ. ඔවුහු අධිරාජ්‍යගැති දේශීය පාලකයින්ට තවදුරටත් සූරාකෑම පිණිස මුක්කු ගසන ද්‍රෝහීන් මිස වෙන කිසිවෙකුත් නොවේ.

නූතන සංශෝධනවාදයට එරෙහිව සටන් කරන ලද්දේ සහෝදර මා ඕ සේතුං සහෝදරයාගේ නායකත්වයෙන් යුතු චීන කොමියුනිස්ට් පක්‍ෂයයි. ඔහු විසින් මාක්ස් ලෙනින්වාදී දර්ශනය තව දුරටත් සංවර්ධනය කරමින් එය තව දුරටත් ඉහළට ඔසවා තබන ලදි. ඔහු විසින් නිර්ධන පංතියට එක් කරන ලද ඓතිහාසික සංවර්ධනය මගින් ලෝක නිර්ධන පංතිය වඩා බල ගැන්වී ඇත. එය මාක්ස්-ලෙනින්-මා ඕවාදය ලෙස අද ව්‍යවහාර කරයි. අද කොමියුනිස්ට්වාදියෙකුට (මාඕවාදියෙකට) විප්ලවය ස`දහා ගත හැකි එකම මග සතුරා සමග සාමදානයක් නොපතන මහජන යුද්ධයේ මාවතයි.

ලෝක අධිරාජ්‍යවාදය මෙතරම් ගෝලීය ලෙස සංවිධානාත්මක යුගයක නිර්ධනීහු කළ යුත්තේ ජාත්‍යන්තර ලෙස සංවිධානය වී ලොව පුරා විප්ලවයේ ගිණි පුපුර ඇවිලවීමට ඇප කැප වීමයි. විප්ලවීය ව්‍යාපාර නොමැත්තේ කොතැනද එතැනට ගිණි පුපුරු විසි කළ යුතුය. ගිණි පුපුරු පවතින්නේ කොතැනද එතැන පතන් ගිණි ඇවිලවිය යුතුය. ප‍්‍රාදේශීයව ගත් කළ සියලූම විප්ලවීය අරගලවල ක්‍ෂණික අභිලාශය එම භූමි තුළ විප්ලවය කිරීම වුවද එහි දේශපාලන දිශානතිය සහ අරමුණ කේන්ද්‍රගත විය යුත්තේ ලෝක නිර්ධන පංති විප්ලවය සිදු කිරීමේ අපරාජිත ගමන කරාය. මෙය වනාහි සියළුම විප්ලවීය කොමියුනිස්ට්වරුන්ගේ දෙවුර මත පැටවී ඇති ප‍්‍රධානතම සහ භාරදූරතම කාර්යයද වන්නාහ. ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයෙ (මාඕවාදී) සහෝදරවරු මෙහි තීරණාත්මක කාර්යයක් ඉටු කරමින් සිටී. එය අධිරාජ්‍යවාදයට නැවැත්විය හැකි නොවේ. ඉදිරියේදී සතුරා වඩ වඩාත් ප‍්‍රබල ප‍්‍රහාර බලාපොරොත්තු විය යුත්තාහ. එය විසින් මහා පරිමාණ සමූලඝාතක ප‍්‍රහාර සතුරා වෙත මුදා හරින දිනය වැඩි ඈතක නොවේ. අපගේ සහෝදරත්වයේ උණුසුම් දෑත් මෙන්ම ලෝක නිර්ධන පංතියේ උණුසුම් දෑත් එය ලෝක අධිරාජ්‍යවාදී ගිජුලිහිණියන්ගේ පවිටු නිය පහරින් සුරැකීම පිණිස අත්වැල් බැඳගෙන සූදානමින් සිටී.

අප සටන් කරන්නේ ලෝක නිර්ධන පංති විප්ලවය කිරීම සඳහා යැයි හ`ඩගා කියන්නට අපට හැකි කමක් තිබිය යුතුය. එම මාවතට ප‍්‍රවේශ වී සිටින අපි කුමන මිලක් ගෙවා හෝ එය ඉටු කිරීමේ සදාතනික අරගලකාරී මාවත තුළ ගමන් කරමින් අවසාන අරමුණ මස්තක ප‍්‍රාප්ත කර ගත යුත්තෝ වෙමු. එනම් සූරාකෑමේ දුෂ්ට අවතාරයේ සෙවණැලි වලින් විමුක්ත වූ කොමියුනිස්ට් සමාජය කරා දිවෙන ගමන අනවරතව රැකගත යත්තාහ.

MRL -13/06/20 LF