Blog Archives

ඉන්දියාව – ඉන්දියාවේ මාඕවාදී අරගලය ඉදිරියට…

ඉන්දියාව – ඉන්දියාවේ මාඕවාදී අරගලය ඉදිරියට…

24a

 

ආර්කේ සහ ආදිවාසීන් නිදහස් කරනු: වරාවරා රාඕ

ඉන්දියාව
ආර්කේ සහ ආදිවාසීන් නිදහස් කරනු: වරාවරා රාඕ

 varavara-rao

විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සභාපති වරාවරා රාඕ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, ආර්කේ සහ ආදිවාසීන් නව දෙනා යුධ සිරකරුවන් බැවින් ජාත්‍යන්තර නීතියට ගරු කොට ඔවුන් නිදහස් කරන ලෙස පොලීසියෙන් සහ රජයෙන් ඉල්ලා සිටී. ඔහු මල්කාංගිරි ව්‍යාජ සටනේ සමස්ත කතාව සවිස්තරව පැහැදිලි කළහ. ඔහු දක්වන ආකාරයට ‘‘මේ ප‍්‍රහාරය ‘ඔපරේෂන් ආර්කේ’ ලෙස හැඳින්වුවද, එහි සැබෑ අරමුණ අන්ද්‍රා ඔඩිෂා දේශසීමා ප‍්‍රදේශයේ ඇති වටිනා ඛණිජ සොයා ගැනීමයි. මේ මාඕවාදීන් සහ ආදිවාසීන් දඩයම් කිරීම ඇත්ත වශයෙන්ම හරිත දඩයම් මෙහෙයුමේ තෙවන අදියරයි. දැන් එය ‘මිෂන් 2016-ජනතාවට එරෙහි යුද්ධය’ ලෙස හඳුන්වනු ලැබේ. ප‍්‍රහාරවලට ලක්වූවන්ගෙන් අඩකටත් වඩා ආදිවාසීන් වන අතර එයිනුත් අඩකටත් වඩා කාන්තාවන් වේ.’’

————————————————————————————-

යුධ සිරකරුවන් වන තුවාල ලද ආර්කේ සහ අනෙකුත් ආදිවාසීන් 9 දෙනා නිදහස් කර ජාත්‍යන්තරයට ගරු කරනු. මේ අවස්ථාවේ ගේ‍්‍රහවුන්ඩ් සහ ඔවුන්ගේ ඔඩිෂා සගයින්ට කිසිදු අවස්ථාවක් හිමි නොවේ. හොඳින් ආයුධ සන්නද්ධව, 80ක් පමණ වූ ඔවුන් ප‍්‍රහාරයට දින තුනකට පෙර මුන්චින්ග්පුට් වලට හෙලිකොප්ටර් වලින් රැගෙන ගියහ. වියලි ඵල පමණක් ඉතිරි කරමින් ඔවුහු කිසිවෙකුගේ ඇසට හසුනොවන්නට සැලකිල්ලෙන් යුතුව කිලෝමීටර 25ක් ආවරණය කළහ. ‘සමහර වෙලාවල් වලදී මීටර් 200ක් ගමන් කිරීමට පැය දෙකක් පමණ ගත කළ අපි තවත් තැනෙක කිලෝමීටර් 2ක් මිනිත්තු 30කින් ගමන් කළෙමු. අපි දිය පහරවල් වල කරවටක් ජලයේ ගිලී පිහුණුවෙමු.’ සිය අනන්‍යතාවය හෙලි කිරීමට අකමැති වූ ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ කෙනෙකු පැවසීය. ඔවුහු රේඩියෝ යන්ත‍්‍ර නිහඬ කොට අදාල ප‍්‍රදේශයට ජීපීඑස් සංඥවලට අනුව ප‍්‍රවේශ වූහ.

ප‍්‍රහාරක කණ්ඩායම ‘V’ හැඩයට කඳවුරට ළඟා වී වෙඩි තබන්නට පටන් ගත්තේ මාඕවාදීන්ට පලා යාමට එක් දිසාවක් පමණක් විවර කරමිනි. ‘පලායන පෙදෙසේ උස් බිමක් වූ අතර අපේ මිනිසුන්ට හරස් වෙඩි වැදීමට ඉඩ ඇති බැවින් අපි කඳවුර වට නොකළෙමු. තනි මුරකාරයින් වෙඩි තැබීමෙන් නිදා සිටින කාඩර්වරුන්ට අනතුරු හඟවන්නටත් පෙර, අප පහරදුන් අතර ඔවුන්ගේ ප‍්‍රතික‍්‍රියාව අප අපේක්ෂා කළාටත් වඩා අඩු විය.’ එසේ කීවේ ප‍්‍රති-මාඕවාදී මෙහෙයුම්වල නියුතු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකි.

මූලාශ‍්‍ර වල කියැවෙන අන්දමට ප‍්‍රහාරය සැලසුම් කිරීම ඔඩිෂා, අන්ද්‍රා ප‍්‍රදේශ් සහ චටිස්ගාර් හි ඉහළ පොලිස් නිළධාරීන් සහ පැරාමිලිටරි බල ඇණි අතර උපදෙස් ලබා දීමෙන් සිදුවිය.

මෙය 2016 ඔක්තෝම්බර් 31 ‘ද හින්දු’ වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි. මෙය මගින්, අන්ද්‍රා ඔඩිෂා දේශසීමා ප‍්‍රහාරය සැබෑ එකක් නොවන බවත් එය අන්ද්‍රා ප‍්‍රදේශ් ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ සහ ඔවුන්ගේ ඔඩිෂා සගයින් සහ මධ්‍යම රජයේ පැරාමිලිටරි සේනාංක සිදු කළ ඒක පාර්ශ්වික ප‍්‍රහාරයක් බවට අප සිදු කළ චෝදනාව සනාථ කරවයි. එය සැලසුම් කළ මිනීමැරුමකි.

මෙතෙක් සිදුවූ විශාලතම ප‍්‍රහාරය වන මෙය ඔක්තෝම්බර් 23 වන දින මධ්‍යම රාත‍්‍රියේ සිට ඇරඹි මෙහි පළමු අදියර අවසන් වූයේ ඔක්තෝම්බර් 29 වන දින අවසන් කරන්නට සිදු වූයේ පුද්ගලයින් 32 දෙනෙකු මරණයට පත්වීමට දැඩි ලෙස දෝෂාරෝපනයට ලක්වූ වාතාවරණයක් නිසාවෙනි. පළමු හානිය සිදුවූයේ ඔඩිෂා හි මල්කාංගිරි දිස්ත‍්‍රික්කයේ බෙජ්ජංගි රාමගුඩා ප‍්‍රදේශයේ 18.00 ට පමණය. එය බලිමෙලා ජලාශය අසල අන්ද්‍ර ප‍්‍රදේශ් සහ ඔඩිෂා අතර පිහිටා තිබුණු රක්ෂිත ප‍්‍රදේශයයි. මෙම ඝාතක ප‍්‍රහාරය 4 දෙනෙකුගේ අරඹා පසුව 2 දෙනෙක්ද, සහ 4 දෙනෙකුගෙන් අවසන් කළහ.

අපි එය දැන ගැනීමට 24 වන දින උදෑසන පැයේදී එම ස්ථානයට පැමිණියෙමු. අන්ද්‍රා එස්අයිබී හිතාමතාම ව්‍යාජ තොරතුරු ලබා දුන්හ. එය ‘ඔපරේෂන් ආර්කේ’ ලෙස හැඳින්විණි. ඉලක්කය වූයේ අක්කිරාජු හරාගෝපාල් නොහොත් රාමක‍්‍රිෂ්ණා (ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී හි මධ්‍යම කාරක සභා සාමාජිකයෙකි.), ගජර්ලා රවී නොහොත් උදේ (අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ ලේකම්වරයායි.), චලාපාති (අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ සාමාජිකයෙකි) සහ අරුණා (චලාපාතිගේ බිරිඳයි) යන අයයි.

2004 ට පෙර, ගජර්ලා රවි නොබෙෙදුණු අන්ද්‍ර ප‍්‍රදේශ් රජය සමග පැවැත්වූ ‘සාකච්ඡාවන්ට’ සහභාගි වූහ. ඔහු එවකට උතුරු තෙලෙංගානා විශේෂ කලාප කමිටුවේ ප‍්‍රාන්ත කොමිටි සාමාජිකයෙකි.

පසුව චලපාති සහ අරුණා ආරක්ෂිත බවත් ආර්කේ තුවාල ලද බවත් දැනගන්නට ලැබුණද අනතුර පහව ගොස් නොතිබුණි. ගේ‍්‍රහවුන් ඔවුන්ගේ ඉලක්ක ඝාතනය කර දැමීමට අසමත් වූ බැවින්,  විශාකාපත්නම් පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප‍්‍රාදේශීය එස්පී සහ අන්ද්‍රා ප‍්‍රදේශ් පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් සිතා මතාම වැරදි තොරතුරු ප‍්‍රචාරය කොට හැරියේ මාඕවාදී පක්ෂයේ නායකයින් සහ කාඩර්වරු සහ ආදිවාසීන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත්ව අවදියෙන් සිටි ජනතාව නොමග යවනු පිණිසයි.

ඔක්තෝම්බර් 25 වන දින, දිවිපිදූවන්ගේ ඥතීන් සහ මිතුරන්, පවුල්වල අයගේ සංවිධානය වන අමරුලූ බන්ධු මිතෘලා සන්ගම් (ඒබීඑම්එස්) නායකත්වය යටතේ, මරණයට පත්වූ අය මල්කාංගිරිවල දමා ගොස් ඇති බවට සැක කරන බව ප‍්‍රකාශ කළහ. චීති බාබු (ඒපීසීඑල්සී සභාපති), ජී කල්‍යාන් රාඕ (වීරසාම්) සහ මම ඔවුන්ව විශාකාපත්නම් වල සිට රැගෙන ගියහ.

සවස 2 ට පමණ, මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සේයාරූ වට්ස්ඇප් වල ප‍්‍රදර්ශනය වූහ. ඔවුන් විශාකාපත්නම් දිස්ත‍්‍රික්කයේ ගනේෂ් නොහොත් වෙන්කත‍්‍රමානා සහ තෙලෙංගානා ප‍්‍රාන්තයේ යාධරී දිස්ත‍්‍රික්කයේ, දසිරෙද්දිගුඩා වල දයා නොහොත් සමලා ක‍්‍රිස්තයියා වූහ. ඔවුන් දෙදෙනාම අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ සාමාජිකයින් වූහ. මල්කාංගිරි වලට ළඟා වන විට, අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ මාධ්‍ය ප‍්‍රකාශක ජගබන්ධු විසින් 18 දෙනෙකුගේ නම් ඇතුළත් ප‍්‍රකාශනයක් නිකුත් කොට ඇති බව දැනගන්නට ලැබුණි.

පසුව එයට පීකේඑම් ප‍්‍රභාකර් නොහොත් ගන්ගුලූ ද ඇතුළත් වූහ. ඔහු වූ කලී ප‍්‍රජා කලා මණ්ඩලී පිහිටවූ ආරම්භකයා වන අතර, පසුගිය 25 වසර පුරාම සුප‍්‍රකට රංගන ශිල්පියෙකු සහ සංස්කෘතික ක‍්‍රියාකාරිකයෙකු ලෙස ක‍්‍රියා කළ අයෙකි. 2014 දී තෙලෙංගානා ප‍්‍රාන්තය පිහිටවූ පසු ඔහු රහසිගතයට ගියහ. ඔහු වත්මන් තෙලෙංගානාවෙහි මෙද්චාල් දිස්ත‍්‍රික්කයේ කාන්ටොන්මන්ට් ප‍්‍රදේශයේ යප‍්‍රාල් වල අයෙකි. ඔහුගේ බිරිඳ චයිතන්‍යා මහිලා සංගමයේ නායිකාව වන දේවේන්ද්‍රා, ඇයගේ මිතුරිය වන ස්වප්නා සමග සිය නැන්දණිය වන භාරතී නොහොත් ලතාගේ (අන්ද්‍රා ඔඩිෂා සීමාවේ ඒරියා කොමිටි සාමාජිකාවකි.) මෘතසිරුර රැගෙන යාමට පැමිණි බව බොරුවකි. මැදි වියේ කාන්තාවක් වන භාරතී ඩුබා ශංකර්ගේ (අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ කලාප කමිටුවේ ප‍්‍රාන්ත කමිටු සාමාජිකයෙකි) බිරිඳයි. දැන් එය දෙවේන්ද්‍රා ඇයගේ ස්වාමියා ප‍්‍රභාකර්ගේ මෘත දේහය රැගෙන යන්නට පැමිණී බවට හැරවී ඇත.

රාම ක‍්‍රිෂ්ණාගේ බිරිඳ වන සිරිෂා, සිය පුත‍්‍රයා වන පෘත්වි නොහොත් මුන්නා රැගෙන යාමට පැමිණීමට නියමිත විය (අන්ද්‍රා ඔඩිෂා සීමාවේ සෙක්ෂන් කමාන්ඩර්). ඇය අන්ද්‍ර ප‍්‍රදේශ් වල ප‍්‍රකාසම් දිස්ත‍්‍රික්කයේ, අලකුරපාදු වල සිට පැමිණියහ. දැන් ඇයගේ ස්වාමිපුරුෂයා වන ආර්කේ ගේ ජීවිතය අනතුරේය.

මල්කාංගිරි එස්පී කාර්යාලයේදී, මෘත සිරුරු 28ක් දැව පෙට්ටිවලට අසුරනු ලැබීය. ඒවන විට 14 දෙනෙකු පොලීසිය මගින් හඳුනාගෙන තිබුණි. මිය ගිය අයගේ ඡායාරූප පෙට්ටි සමග අංක ගතකොට තිබුණි. එන්එච්ආර්සී එකට අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේද නැද්ද යන වග සහ දැනට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව දැන ගන්නට නැත. මෘත සිරුරු අයිස් පෙට්ටි (අධිශීතකරණ) තුළ තබා සංරක්ෂණය කොට නොතිබුණි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළද, එය සිදු කරන්නට පෙර මෘත සිරුරු ඥතීන්ට නොපෙන්වන ලදි. අධිකාරීන් පවසන දේ කුමක් වුවත්, නීතියට අනුව මෘත සිරුරු සංරක්ෂණය කොට නොතිබුණි. සිරුරු වලින් රුධිරය වෑස්සී තිබුණු අතර සෑම සිරුරකටම දැඩි ලෙස වධ දුන් බව පෙනෙන්නට තිබුණි. මුහුණු විකෘති කොට තිබුණි, පාද කපා තිබුණි, බඩවැල් සහ මස් ඉවතට ඇදී තිබුණි, කාන්තාවන්ගේ පියයුරු කපා දමා තිබුණි. අංක 20 ලෙස නම්කොට තිබුණි පෙට්ටියේ හිස ගැසූ කාන්තාවක්ගේ මෘත සිරුරක් අපට සොයාගන්නට හැකි වූ අතර එයින් අපි කම්පනයට පත් වුණෙමු. අපි එස්පීට පැමිණිලි කළෙමු. ඔහු අපට මිය ගිය අයගේ ඡායාරූප පෙන්වා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන විට වෛද්‍යවරයා විසින් එය ඉවත් කරන්නට ඇති බවත් එය අවසන් කරද්දී යළි සැකසීමට ඔහුට අමතක වන්නට ඇති බවත් ප‍්‍රකාශ කළහ. එය මගින් පෙන්වූයේ, මිය ගිය මනුෂ්‍යයෙකුට පවා රළු පරළු ගෞරව රහිත නොසැලකිලිමත් කමකි. ඒ ඔවුන් මාඕවාදීන් වූ බැවිනි.

ප‍්‍රහාරය මල්කාංගිරි ඝාතක බිම්වල සිට විශාකාපත්නම් දිස්ත‍්‍රික්කයේ පදේරු දක්වා ඔක්තෝම්බර් 29 වන තෙක් පවත්වාගෙන ගියහ.  පදේරු අයිටීඞීඒ මූලස්ථානයයි. මෘත සිරුරු 2+2 ප‍්‍රමාණයක් 28 සහ 29 වන දින වල රජයේ රෝහල්වලට විසි කොට තිබුණි. මේ පදේරු වූ කලී මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ඩුබායි කම්පැනියක් විසින් බොක්සයිට් කැණීමට එරෙහිව චින්තපල්ලි වනයේ ආදිවාසීන්ගේ 16 වසරක දිගු අරගලයේ අපිකේන්ද්‍රයයි. ආදිවාසී කාන්තාවන් වන විකාපල්ලි සහ භල්ලූගුඩා බොක්සයිට් මාෆිසාවට එරෙහිව සටන් කිරීම නිසා ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ අතින් සමූහ දූෂණයට ලක් වූහ. සමූහ දූෂණයන් සිදුවූ මේ ප‍්‍රදේශය මුළු රටෙහිම අවධානයට ලක්වූහ. එය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන ගියහ. දකුණු ඔඩිෂා වේදාන්ත සහ පොස්කෝ සමාගම් වලට එරෙහිව අරගල කිරීමට මහත් ප‍්‍රසිද්ධියක් උසුලයි.

කෙසේ වුවත් ‘ඔපරේෂන් ආර්කේ’ ලෙසින් හැඳින්වූ මේ ප‍්‍රහාරය හරහා, සිදු කළේ අන්ද්‍රා ඔඩිෂා සීමා ප‍්‍රදේශයේ වටිනා ඛණිජ සෙවීමේ මෙහෙයුමකි. මේ ආදිවාසීන් සහ මාඕවාදීන් දඩයම් කිරීම හරිත දඩයම් මෙහෙයුමේ තෙවන අදියරයි. දැන් එය ‘2016 මෙහෙයුම – ජනතාවට එරෙහි යුද්ධය’ ලෙස හඳුන්වනු ලැබේ. ප‍්‍රහාරවලට ලක්වුණු පුද්ගලයින්ගෙන් අඩකටත් වඩා ආදිවාසීන් වන අතර ඉනුත් අඩකටත් වඩා කාන්තාවන් වේ.

මේ නිසා, ප‍්‍රාන්ත දෙකෙහි සහ මධ්‍යම රජය විසින් මේ ඝාතක බිම්වල සිය බලඇණි විහිදුවා ඇති බැවින්, අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටිමු. බියජනක ලෙස, සතියකටත් වඩා කාලයක් තිස්සේ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී හි මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු වන ආර්කේ ගේ තොරතුරු පිළිබඳව කිසිවක් නොදනී. රට පුරාම ජනතාව විශේෂයෙන්ම තෙලූගු ප‍්‍රාන්ත දෙකේ ජනතාව වික්ෂිප්තව සිටී. ඔහු නොබෙදුනු අන්ද්‍රා ප‍්‍රදේශ් රජය සමග (2004 ඔක්තෝම්බර්) කළ ‘සාකච්ඡා’ කාලය තුළ මාධ්‍ය හරහා හොඳින් දැක පුරුදු අයෙකු විය. එම නිසා ජනතාවට ඔහුව පහසුවෙන් හඳුනා ගත හැකිය. මෙයට පෙර ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මාඕවාදීන් එම්එල්ඒ හි දේශපාලන නායකයින් සහ, අයිඒඑස් නිළධාරීන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටියදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල ඉල්ලීම සහ මැදිහත්වීමත් සමග කිසිදු හානියක් නොකොට ඔවුන්ව නිදහස් කළහ. චටිස්ගාර්, ජාක්හෑන්ඩ් සහ අන්ද්‍රා ප‍්‍රදේශ් වල පොලිස් කොස්තාපල්වරු ප‍්‍රාණ ඇපකරුවන් ලෙස ගත්විට එයම සිදුවිය. බොහෝ අවස්ථාවලදී, මුහුණට මුහුණ සටනක් නොවුණි නම් මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ප‍්‍රාණ ඇපකරුවන් කෙදිනක හෝ නිදහස් කරන ලදි.

  1. ආර්කේ සහ ආදිවාසීන් 9 දෙනා යුධ සිරකරුවන් බැවින් ජාත්‍යන්තර නීතියට ගරුකොට ඔවුන්ව නිදහස් කරන ලෙස අපි රජයෙන් සහ පොලීසියෙන් ඉල්ලා සිටිමු.

  2. හයිද්‍රාබාද් ඉහළ උසාවි ඩිවිෂන මණ්ඩලයේ නිරීක්ෂණ වලට අනුව (2016 ඔක්තෝම්බර් 31) ‘මාඕවාදී පක්ෂයේ තොරතුරු වල අන්තර්ගතය ගැන අවතක්සේරු කිරීම නොකළ යුතුය.’ මාඕවාදී නායක, ආර්කේ අන්ද්‍රා ප‍්‍රදේශ් බුද්ධි අංශවල අන්වේෂණ තත්ත්වයට ලක් කිරීම අපි හෙළා දකිමු.

  3. ඩිවිෂන මණ්ඩලයේ වැඩිදුර නිරීක්ෂණ වල, ‘තත්ත්වය බෙහෙවින් කලබලකාරීය. වෙන කිසිවකටත් වඩා, මානව වර්ගයාගේ ජීවිත බෙහෙවින් වටිනා එකකි – එයට ඔහු මාඕවාදියෙක්ද නැද්ද යන වග අයත් නොවේ. රජයේ ප‍්‍රාථමික වගකීම විය යුත්තේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමේ කාර්යයි.’

  4. එමනිසා තුවාල ලබා සිටින සහ පොලිස් භාරයේ හෝ එවැනි තත්ත්වයක සිටින ආර්කේ සහ අනෙකුත් ආදිවාසීන් 9 දෙනා කිසිදු උසාවියක හෝ නීතියකට අනුකූල නොවන ලෙස තබා ගැනීම ඔවුන්ගේ ජීවිත වලට හානියක් විය හැකි බැවින් නිදහස් කර සිටින ලෙස බල කර සිටිමු.

වරාවරා රාඕ
සභාපති, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ

 

India – Condemn Malkangiri encounters!

India – Condemn Malkangiri encounters! Halt the war on our own citizens! – PUCL

Press Statement

Condemn Malkangiri encounters! Halt the war on our own citizens!

PUCL expresses its strongest sense of outrage and condemnation for the killing of about 39 members of the CPI (Maoist) party and other Adivasis near Balimela reservoir in Malkangiri district of Odisha close to the Odisha – AP border on 24th October, 2016.  Though the police claim that the killings were a result of a sudden encounter and resultant fire-fight, all the available circumstantial information indicates that there is sufficient ground to disbelieve the story put forth by the police and Government. All the tell tale signs of a false encounter killing lend weight to the allegation that many of the killed Maoist leaders were actually apprehended previously, shot in cold blood and a fake encounter episode fabricated to explain the killing of all persons allegedly involved. Torture marks are also said to have been seen on the bodies of those killed.

This incident raises yet again substantiates very worrying trends noticed in the response of security forces in conflict areas:

  1. Politics of annihilation, capturing no militants: Subversion of Criminal Justice System

A noticeable feature of this encounter killing, as in many other recent killings, is that the security forces end up eliminating or killing all members of the alleged militant group claiming that there was no alternative. Such practice of eliminating all militants is resorted to leave no eye witnesses to the fake encounter alive. This unbridled power exercised by the security forces with the connivance / complicity of the State or Government has substantially criminalised the security forces dealing a death blow to the rule of law and criminal justice system.

  1. Police Impunity, lack of accountability of security forces and Complicity of State – Failure of Constitutional governance:

The Malkangiri killings  once again strongly points out to the sense of impunity and the lack of accountability with which the security forces operate in the country. Very disturbing is the role of the State or Government in ensuring strict compliance with the Indian constitution on the part of the security forces lending weight to the allegation that they are complicit with the subversion of rule of law and constitutional governance.

            The latest proof of state complicity in lawlessness of security forces and the false staging of encounters and actual commission of violence against uninvolved villagers came in the Supreme Court when in October, 2016, the CBI filed a chargesheet in  the Tadmetla arson case (of 2011 in Chhattisgarh) implicating 323 Special Police Officers (SPOs) / Policemen as well as 114 personnel of COBRA and 30 personnel of CRPF as having participated in operations in Morpalli, Tadmetla and Timapuram villages of Chhattisgarh resulting in the killing of 3 men, rape of 3 women and burning down of over 250 houses between 11th to 16th March, 20111 and attack of Swami Agnivesh when he went to deliver relief supplies on 26th March, 2011.   The police and Chhattisgarh government had in 2011 strongly refuted involvement of security forces in violence on villagers and instead continuously alleged that it was the Maoists and villagers themselves who had burnt down the houses.

The truth has been exposed now thanks to the independent investigation by the CBI having been ordered by the Supreme Court of India into the Tadmetla incidents. It will be useful to note that the CBI investigating team itself met serious threats and intimidation from the state police while completing investigations.

PUCL demands that the guidelines given by the Supreme Court in `People’s Union for Civil Liberties vs State of Maharashtra’ case (2014) should be enforced without exception. The mandate of law requires that in every instance of encounter killings a FIR has to be registered and investigated by independent police agency.

 Considering that the Special Police forces of the 2 states, Odisha and AP,  have been involved in the alleged encounters and the continuing allegation that the state governments in both states have supported and ensured impunity and immunity enjoyed by the police from investigation, there are enough grounds to feel that independent, impartial and credible investigation cannot be done by the police forces themselves into the encounters.

PUCL therefore demands:

(i)    that a Judicial enquiry be initiated headed by a sitting Supreme Court or High Court judge into the killings so that the truth of the killings can be brought to light.

(ii)  A FIR should be registered into the encounter killings, providing the names of all security personnel involved, as required by the SC judgment in PUCL Case 2014.

(iii)         The Government of AP and the AP State Police should comply with the Orders passed by the AP High Court on 31st October, 2016, to immediately produce before the Court,  Ramakrishna @ Akkiraju Hargopal @ AK, Gaajarla Ravi and 9 others who are supposed to be in the custody of the AP Police since the 24th October incident and ensure that their personal safety, life and well being are protected.

                                                                                                                        Sd/ –

Prof. Prabhakar Sinha                                                           Dr. V. Suresh,

National President, PUCL                                         National General Secretary, PUCL

—————————————–

Dr. V. Suresh,

National General Secretary, PUCL – People’s Union for Civil Liberties,

270-A, Patparganj, Opp. Anandlok Apartments,

Mayur Vihar – I, Delhi 110091, India.

Ph.: +91-11-22750014; (Fax): +91-11-42151459.

Personal: +91-9444231497.

ඉන්දියාව: ගඩාර් ලාල් සලාම් ගීතය ගයයි

ඉන්දියාව: ගඩාර් ලාල් සලාම් ගීතය ගයයි – මල්කාංගිරි දිස්ත‍්‍රික්කයේ දී දිවි පිදූ අපේ විප්ලවවාදී සහෝදරවරුන්ට රතු උත්තමාචාරය

ඉන්දියානු විප්ලවයේ ආත්මය ගඩාර් තුළ ජීවත් වෙයි

චිත‍්‍රපට දෙකක රඟපා තිබේ. ගුම්මාදි විට්ටාල් රාඕ සිය සිරුරේ වෙඩි උණ්ඩයක් සහිතව ජීවත් වෙයි.

ගායකයෙක් ලෙස බෙහෙවින් ප‍්‍රකට ඔහුගේ ගීත වල පිටපත් දහස් ගණනක් ඉන්දියාව පුරා විකිණි ඇත.

අන්ද්‍රා ප‍්‍රදේශ් පොලිසියේ මාඕවාදීන්ට සහය දෙන පුද්ගලයන්ගේ ලැයිස්තුවේද ඔහු සිටී.

තවම අනුප‍්‍රාප්තික රජය නීතිවිරෝධී මාඕවාදීන් සමග අසාර්ථක සාමයකට මුල පිරීමට ඔහුගේ සේවය කිහි වරක් ලබා ගත්හ.

වාමාංශික කව වල ඔහු පුරාවෘත්තයකි. ඔහු ගඩාර්ය. ගීත ගයන්නෙකි.

අනෙකුත් වාමාංශික ලේඛකයන් සහ කවියන් මෙන් නොව ගඩාර් එකලෙස ග‍්‍රාමීය සහ නාගරික යන පෙදෙස්වල ප‍්‍රකටය. රූපවාහිනී තිරය තුළ, විරෝධතා වැඩසටහන් තුළ සහ උද්වේගකර විවාදවල ඔහු පලපුරුදු මුහුණකි.

ඔහු ප‍්‍රදේශ, ආගම්, භාෂා, කුළ සීමාවන් සිය ගායනය තුළින් බිඳ දැමූහ.

ප‍්‍රමුඛ පෙලේ ආචාර්යවරුයෙකු වන ආචාර්ය කන්චා ඉපයියාගේ වචන වලට අනුව, ‘ගඩාර් වූ කලී නිෂ්පාදනයේ යෙදෙන ජනතාව සහ සාහිත්‍යමය දේවල ඇත්ත වශයෙන්ම ජනතාව සහ අධ්‍යාපන ආයතන අතර සම්බන්ධතාවයක් තැනූ තෙලෙංගානාවෙහි පළමු බුද්ධිමතායි.

[http://democracyandclasstruggle.blogspot.com/2016/10/india-gaddar-sings-lal-salam.html]

 

ඉන්දියාව: හරිත දඩයම් මෙහෙයුම විජයග‍්‍රාහී බව රජය ප‍්‍රකාශ කරයි.

ඉන්දියාව: හරිත දඩයම් මෙහෙයුම විජයග‍්‍රාහී බව රජය ප‍්‍රකාශ කරයි.

[නමුත් සත්‍ය වෙන එකකි: වසර 10ක් තුළදී මාඕවාදීන් ලෙස 40,000ක් පුහුණු කොට ඇත. – ෆ‍්‍රන්ට්ලයින් සංස්කාරක]

[https://revolutionaryfrontlines.wordpress.com/2015/02/14/india-government-claims-operation-green-hunt-is-victorious/]

සන්දීප් පායි

1860a-th14_maoist_pic

තොරතුරු ලබා ගැනීමේ පනතට අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබා දුන් තොරතුරු වලට අනුව, පසුගිය වසර 10 තුළදී, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) පුහුණු කඳවුරු 489 ක් සංවිධානය කොට කාඩර්වරු 40,000 කට අධික පිරිසක් පුහුණු කොට ඔවුන්ට නවීන අවි ආයුධ, ගරිල්ලා යුධ පුහුණුව, ලබා දී ඇත.

මෑත මාස කිහිපය තුළදී ආරක්ෂක නිළධාරීන්ට මාඕවාදීන් විසින් එල්ල කළ ප‍්‍රහාරත් සමග එම අනාවරණය කිරීම් වැදගත්වී ඇත. එවැනි මාරාන්තික ප‍්‍රහාර වලට වසර ගණනාවක් තිස්සේ කාඩර්වරු 40,000 ක් පුහුණු කොට ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් වාර්තා කරගෙන තිබෙන දත්ත වලට වඩා පුහුණු කරන ලද කාඩර්වරුන්ගේ ප‍්‍රමාණය බෙහෙවින් ඉහළ අගයක් ගත හැකිය.

තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දුන් තොරතුරුවලට අනුව වසරින් වසර පුහුණු කඳවුරු ගණන ඉහළ ගොස් ඇත – 2003 දි 16 ක්ව තිබූ අගය 2010 දී 93ක් වී ඇත, පසුව 2014 දී 5 ක් දක්වා අඩු වී ඇත. අමාත්‍යාංශයේ නිළධාරීන් එම අඩුවීම හරිත දඩයම් මෙහෙයුමේ සාර්ථකත්වය ලෙස හුවා දැක්වුවද, විශේෂඥයින් පවසන්නේ කැරලිකරුවන් විසින් දිස්ත‍්‍රික්කවල කඳවුරු වෙනස් කරගෙන ඇති බවත් ඒවා ආරක්ෂක අංශවලට සොයා ගත නොහැකි බවත්ය.

‘‘හරිත දඩයම් මෙහෙයුම නිසා මාඕවාදීන්ට පෙර පරිදි පුහුණු කඳවුරු සංවිධානය කරන්නට නොහැකි වී ඇති’’ බව අනන්‍යතාවය හෙළි නොකළ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නක්සල් කලමනාකරණ ඩිවිෂනයේ වැඩ කරන නිළධාරියෙක් ප‍්‍රකාශ කළහ. 2009 නොවැම්බර් මස හරිත දඩයම් මෙහෙයුම දියත් කරමින් එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන රජය විස්තර කළේ පැරාමිලිටරි බල ඇණි සහ ප‍්‍රාන්ත පොලීසිය මගින් මාඕවාදීන්ට එරෙහිව ‘‘මුළු වැර යොදා’’ පහර ගැසිය යුතු බවයි.

‘‘ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට කඳවුරු ප‍්‍රමාණයෙහි සැබෑ සංඛ්‍යාව පිළිබඳ කිසිදු අදහසක් නැත. මේ සංඛ්‍යා ඔවුන්ගේ පරිකල්පනයන්ය. සැබෑ ප‍්‍රමාණය බෙහෙවින් විශාල විය හැකිය. මාඕවාදීහු කඳවුරු සහ කඳවුරු පෙදෙස් වෙනස් කරන විට, ආරක්ෂක අංශ සහ ප‍්‍රාන්ත පොලීසිය එකම ස්ථානය වෙතට ඇස ගසාගෙන සිටී.’’ මානව හිමිකම් ගැන ආසියානු මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂක, චක්මා පැවසූහ.

උදාහරණයක් ලෙස මහාරාෂ්ට‍්‍රා හි ගාද්චිරෝලි වල 2010 වන තෙක් එකදු කඳවුරක් වත් පවත්වා නොතිබිණි. 2010 වසරේ පටන් ආසන්න වශයෙන් කඳවුරු 10 සංවිධානය කොට කාඩර්වරු 1000 කට අධික පිරිසක් පුහුණු කොට තිබුණි. ‘‘මේ කඳවුරු ගැන ඔවුන් දන්නවනම් ඇයි මේ කඳවුරු ඉවත් කරන්නෙ නැත්තෙ’’ චක්මා අසයි.

ආරක්ෂක අංශ වලට බරපතලම තර්ජනය එල්ලව ඇත්තේ භාරතීය ජනතා පක්ෂය පාලනය කරන චටිස්ගාර්හ් වලිනි, එය ලැයිස්තුවේ ඉහළින්ම පවතී. ඉහත කාලය තුළදී මාඕවාදීහු වනගත ප‍්‍රදේශවල පුහුණු කඳවුරු 200ක් සංවිධානය කොට කාඩර්වරු 20,000 ක් පමණ පුහුණු කරන ලදි. ඊළඟ ස්ථානය වනුයේ පුහුණු කඳවුරු 136 කින් කාඩර්වරු 12,582 ක් පුහුණු කළ ජාක්හෑන්ඩ්ය. තුන්වෙනි ස්ථානයෙහි සිටින්නේ කඳවුරු 56 ක් තුළ කාඩර්වරු 4,136ක් පුහුණු කළ ඔරිස්සා හිදීය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව කඳවුරු සංවිධානය කිරීමට වඩාත් යෝග්‍ය දිස්ත‍්‍රික්ක ලෙස චටිස්ගාර්වල දන්තෙවාද, නාරායන්පුර් සහ ජාක්හෑන්ඩ් වල ගිරිදි සහ බොකාරෝ පෙදෙස් සඳහන්කොට ඇත. මේ දිස්ත‍්‍රික්කවල සමස්තයක් ලෙස කාඩර්වරු 15,000 කට අධික පිරිසක් පුහුණු කොට ඇත.

පුහුණු කඳවුරු වල ප‍්‍රධාන අංග දෙකකි-යුධමය සහ න්‍යායික යනුවෙනි. යුධමය පුහුණුවට ප‍්‍රධාන වශයෙන් ගරිල්ලා යුධකටයුතු, ඇම්බුෂ්, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම සහ නවීන අවි ආයුධ අන්තර්ගත වේ. සාමාන්‍යයෙන්, එවැනි පුහුණු කඳවුරක් දින 10 ක් හෝ 15 ක් තිස්සේ පවත්වන අතර, සමහර අවස්ථාවලදී මසකට වඩා වැඩි කාලයක් ගනු ලබයි. න්‍යායික පුහුණුවේදී කාඩර්වරුන්ට මාඕවාදී චින්තනය සවිස්තරව කියා දෙයි. එමෙන්ම ප‍්‍රධාන අරමුණු විස්තර කරයි.

ප‍්‍රාන්ත පොලීසිය විසින් කලින් තිබූ මාඕවාදී පුහුණු කඳවුරු වටලෑමෙන් ලබා ගත් තොරතුරු වලට අනුව එවැනි කඳවුරුවල සිදුකළේ කුමක්ද යන්න ගැන දළ අදහසක් ලබා ගත හැකිය. පොලීසිය සූර්ය පැනල, ටින් බෝම්බ වලට සවි කළ රේඩියෝ පද්ධති, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය එම කඳවුරු වලින් සොයා ගත්හ. ‘‘අළුතින් පුහුණු කරන කාඩර්වරුන්ට ළමයින් ද ඇතුළත් වන අතර ඔවුන්ටද නවීන අවි සහ පුපුරණ ද්‍රව්‍ය හැසිරවීමේ පුහුණුවක් ලබා දී ඇත. ඔවුන්ට පොලිස් වැටලීමකදී පලා යන ක‍්‍රමවේද සහ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේ විධි ද උගන්වා ඇත.’’ ගාද්චිරෝලි දිස්ත‍්‍රික්කයේ නක්සල්-විරෝධී මෙහෙයුම් ගැන ප‍්‍රසිද්ධියක් උසුලන, පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් රාහුල් ගෝපාල් පවසා ඇත.

ABar-11

ජාත්‍යන්තර ක‍්‍රියාකාරී සතිය 2016 අපේ‍්‍රල් 2-6

ජාත්‍යන්තර ක‍්‍රියාකාරී සතිය 2016 අපේ‍්‍රල් 2-6

Draft3-BLK.p65

පෂිමාබාන් සලබානි වනයෙන් මාඕවාදීන්ගේ පෝස්ටර් හමුවෙයි

පෂිමාබාන් සලබානි වනයෙන් මාඕවාදීන්ගේ පෝස්ටර් හමුවෙයි

salboni

වනාන්තර ආරක්ෂාකිරීම ගැන වූ මාඕවාදී පෝස්ටර් හමුවේ.බටහිර මිඩ්නාපූර්හි ජංගල්මහල් ප‍්‍රදේශයේ නව පරිසර තත්වයක් ඇති කිරීම ගැන තිබුණු ඒවා පෙබරවාරි 19 වෙනි දින හමු විය. සමහර ඒවා ප‍්‍රාදේශීය ජනයාට දැකබලා ගැනීමට ප‍්‍රදාර්ශනය විණි. මාඕවාදී පෝස්ටර් පිළිබඳ පුවත ඇසුණු වහාම එම ස්ථානයන්ට පොලීසිය පැමිණියහ. පොලීසිය පෝස්ටර් විනාශ කර දැමූහ. පෝස්ටර් හමු වූ ප‍්‍රදේශවල පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ. මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වී තිබේ. වනාන්තර සංවර්ධනය කිරීමට

හමුවූ පොස්යර්වලින් කියැවුණේ, ‘‘කිසනාජිකා සටනින් මාඕවාදී නායකයෙකු මරා දැමූයේ ඇයි?’’ ,  තවත් සටන් පාඨයක් වූයේ ඒකාබද්ධ සේනංක වහාම ඉවත් කර ගන්නා ලෙසයි.

ඉන්දියාව: ෆැසිස්ට්වාදයට එරෙහිව හඬ නගන්න

ඉන්දියාව: ෆැසිස්ට්වාදයට එරෙහිව හඬ නගන්න

ggfg

මාඕවාදී නියෝජිත ගවුර් චක‍්‍රබෝති ගේ නඩු තීන්දුව කල් දමයි

මාඕවාදී නියෝජිත ගවුර් චක‍්‍රබෝති ගේ නඩු තීන්දුව කල් දමයි

මාඕවාදී නායකයෙකු වන ගවුර් චක‍්‍රබෝති උසාවියට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ නඩු තීන්දුව කල් දැමිණි. කොල්කටා නාගරික උසාවියනඩු විසඳීම මාර්තු 5 වන දිනට කල් දැමීය. මාඕවාදී නියෝජිත ගවුර් චක‍්‍රබෝති චෝදනා 9 කට අත් අඩංගුවට ගැණිනි. එවක් පටන් ඔහු සිරගතව පසුවෙයි. පෙබරවාරි 9 නඩු තීන්දුව ලබා දීමට නියමිත වුවද අධිකරණ කටයුතු පෙබරවාරි 18 දිනට කල් දැමූහ.

බස්තාර් හි ව්‍යාජ සටනකින් ගොවියෙකු මරා දමා ඇත.

බස්තාර් හි ව්‍යාජ සටනකින් ගොවියෙකු මරා දමා ඇත.

බස්තාර් හි ව්‍යාජ පොලිස් සටනකට ගොවියෙකු ගොදුරු වී ඇත. පොලීසිය පැවසුවේ පෙබරවාරි 4 මාඕවාදීන් සමග ඇතිවුණ ගැටුමක දී ඔහු මිය ගිය බවයි. කෙසේ වෙතත් පවුලේ අය පවසන්නේ හද්මා ට කිසිදු මාඕවාදී සම්බන්ධතාවයක් නැත යන්නයි. ඔහුව මරා දමා ඇත්තේ ව්‍යාජ සටනකිනි.


බස්තාර් පොලිස්පති කල්ලූරි ප‍්‍රකාශ කළේ, පෙබරවාරි 4 මරදුමා පොලිස් ස්ථානයට අයත් කණ්ඩායමක් සමග ඇති වූ බිහිසුණු ගැටුමකින් පසු හද්මා මිය ගිය බවත් ඔහුගේ ගිනි අවියද ප‍්‍රදේශයකින් සොයා ගත් බවයි.

එසේ වුවද හද්මාගේ බිරිඳ පැවසුවේ පෙබරවාරි 3 උදෑසන පොලීසිය සිය නිවසට පැමිණ ඔහුව රැගෙන ගිය බවයි.
හද්මාගේ බිරිඳ කාශ්‍යප් පැවසුවේ ‘‘පොලිස් නිළධාරීන් 5ක් පමණ අපේ නිවස වැටලූවා, 6 දෙනෙක් නිවසට ඇතුල් වී නගරයට ගමන් කරන පෙන්වන්නැයි සැමියාට කිවුවා. ඔහු එය ප‍්‍රතික්ෂේප කළ නිසා ඔහුව රැගෙන ගියා.’’