Monthly Archives: September 2018

මාඕවාදීහු මධ්‍ය ප‍්‍රදේශ්-චටිස්ගාර්-මහාරාෂ්ට‍්‍රා සීමාව තුළ ‘නව’ යුධ කලාපයක් ඉදි කරමින් සිටියි – රෝ ඔත්තු සේවය මගින් වාර්තා කරයි

මාඕවාදීහු මධ්‍ය ප‍්‍රදේශ්-චටිස්ගාර්-මහාරාෂ්ට‍්‍රා සීමාව තුළ ‘නව’ යුධ කලාපයක් ඉදි කරමින් සිටියි – රෝ ඔත්තු සේවය මගින් වාර්තා කරයි

 

ඉන්දියානු බුද්ධි අංශවය වන රෝ හි වාර්තාවකට අනුව, (sentinelassam.com) ඉන්දියානු ආරක්ෂක අංශ මගින් දැනට සිදුකරමින් යන මර්ධන මෙහෙයෙුම් අතරදී, මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය, මධ්‍ය ප‍්‍රදේශ්-චටිස්ගාර්-මහාරාෂ්ට‍්‍රා (MMC), හි නව ගරිල්ලා කලාපයක් ඉදි කොට ප‍්‍රාන්ත දේශ සීමාව තුළ දැඩි යුධ පිටියක් බිහි කිරීමට උත්සාහ කරමින් සිටී.

රහසිගත බුද්ධි තොරතුරුවලට අනුව, මාඕවාදීහු මේ වන විට යුධ කලාපයේ ඔවුන්ගේ ප‍්‍රදේශ වල ආරක්ෂක අංශ ඉලක්ක කිරීමට සැලසුම් සකස් කරමින් සිටී. වාර්තාවට අනුව මාඕවාදීන්ට සිය යුධ කලාපය උතුරෙන් සහ නැගෙනහිරින් සකස් කිරීමට අවශ්‍යව ඇත්තේ බලගත්-රාජ්නන්දගෝන්-කබි‍්‍රධාම්-ගාන්ධියා අතර සම්බන්ධතා කෝරිඩෝරයක් සකස් කරමිනි.

බුද්ධි අංශ මූලාශ‍්‍ර වලට අනුව මාඕවාදීහු විශාල ප‍්‍රදේශයක් ප‍්‍රසාරණය කිරීමට තීරණය කොට ඇත. මේ සඳහා බොහෝ කාලයක් ගත වනු ඇත. මේ සඳහා චටිස්ගාර්හි රාජන්දගන් සහ මහාරාෂ්ට‍්‍රා හි ගාන්ධියා මධ්‍ය ප‍්‍රදේශ්හි බලගත් කලාපවල මාඕවාදීහු ක‍්‍රියාකාරී වී සිටිති.

වාර්තාව මගින් කියැවෙන අන්දමට මාඕවාදී කාඩර්වරු චටිස්ගාර්, මහාරාෂ්ට‍්‍රා සහ ඔරිස්සා රජයන්හි විශේෂ බලකායන්වලට එරෙහිව ප‍්‍රහාර එල්ල කිරීමේ වැඩසටහනක් සැලසුම් කරමින් සිටී. මාඕවාදී ඒරියා කොමිටියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් සිය කණ්ඩායමට විශේෂ පොලිස් නිළධාරීන් සහ පොලිස් ඔත්තුකරුවන් සොයා ඝාතනය කිරීමට අණ දී ඇත.

මේ කලාපය තුළ, මාඕවාදීහු රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට විරෝධය පළ කරති. චටිස්ගාර් සුක්මා දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාකාරී මාඕවාදී අණදෙන්නන් විසින් ගම්වැසියන් සමග රැස්වීමක් පවත්වා පර්නා ගම්මානයේ පිහිටි විදුලි බලාගාරය විනාශ කර දැමීම ගැන කතා කොට ඇත. මේ අතරතුර, මාඕවාදීහු ග‍්‍රාමීය ජනතාවට ආමන්ත‍්‍රණය කරමින් මාර්ග ඉදිකිරීමේ ක‍්‍රියාකාරකම් නවත්වන ලෙසටත්, රාජ්‍ය දේපල අත්පත්කරගන්නා ලෙසටත් ඉල්ලීම් කොට ඇත.