Blog Archives

ඉන්දියාව: සායිබබා – වසන්තා විසින් දිල්ලි නුවර දී නිකුත් කළ මාධ්‍ය ප‍්‍රකාශනය

ඉන්දියාව: සායිබබා – වසන්තා විසින් දිල්ලි නුවර දී නිකුත් කළ මාධ්‍ය ප‍්‍රකාශනය

[http://maoistroad.blogspot.com/2017/03/india-saibaba-press-statement-issued-by.html]

අපේ නීතිඥයින් ඉක්මනින්ම ඉහළ උසාවිය කරා යොමුවනු ඇත. මේ තීන්දුව කම්පනයක් ඇති කරයි. සියළුම පුද්ගලයින්ගේ චෝදනා පත‍්‍ර මගින් සහ සෑම කොටසකින්ම ජීවිතාන්තය දක්වා සිර දඬුවවමකට වැරදිකරු කළ මහාරාෂ්ට‍්‍රා ඉතිහාසයේ පළමු නඩු තීන්දුව මෙයයි. සායිබබාගේ සහෝදරයා ගරු අධිකරණය ඉදිරියේ අපේ නීතිඥයින්ගේ තර්ක කිරීම් බොහොමයකට පැමිණියද විනිශ්චය විසින් ඒවා කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා තිබුණු බව සොයා ගැණුණි. පැමිණිල්ල මගින් කිසිදු සාක්ෂියක් සනාථ කොට නැත. ඉලෙක්ට්‍රොනික සාක්ෂි මුද්‍රා තබා නැත. එය මගින් පෙන්වන්නේ ප‍්‍රාන්ත සහ මධ්‍යම රජය සංස්ථා සහ ආකර කොම්පැනි වල නියමයන්ට යටත් වෙමින් ජනතා විරෝධී සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමට අධිකරණයට දැවැන්ත පීඩනයක් එල්ල කරන බවයි. රජය මේ රටේ සම්පත් කොල්ලකෑමට වාරණාත්මක ලෙස ජනතාවගේ හඬ මැඩ පවත්වයි. සායිබබා වැනි මිනිසුන් පසේකට තල්ලූ කොට බීජේපී රජයට ආර්එස්එස් න්‍යාය පත‍්‍රය නිරුවත් ලෙස ඉදිරියට තල්ලූ කරන්නට අවශ්‍ය කරයි.

රජය අධිකකරණය හරහා මෙම නඩුව තෝරා ගත්තේ ආචාර්ය සායිබබාගේ හඬ නිහඬ කිරීමටයි. උසාවියට ගරු කරමින් සායිබබා මේ සෑම වර්ෂයකම සහ අද පවා සිය පිරිහුණු සෞඛ්‍ය තත්ත්වය නොතකා උසාවියට පැමිණියහ. බිරිඳක් ලෙස මම යුක්තිය අපේක්ෂාවෙන් ඉහළ උසාවියේදී සටන් තුළ සටන් කරන්නෙමි. රජය දිල්ලිවල මගේ නිවස වට කිරීමෙන් පසුගිය සිව් වසර පුරාම නිර්දය පීඩනයක් පවුල වෙත එල්ල කළහ. මම ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන්, ජනතා සංවිධානවලින්, බුද්ධිමතුන්ගෙන්, ශිෂ්‍යයින්ගෙන් රජයේ මේ විදියේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී භූමිකාව හෙලා දකින ලෙස ඉල්ලා සිටිමි. තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසුව, අධිකරණය අපේ නීතිඥයින්ගේ අභියාචනය මත කිසිදු නියෝගයක් නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළහ. නීතිඥයින් විසින් අවශ්‍ය ඖෂධ ලබා දීමට, සායිබබා ව්‍යාපාරයට අවශ්‍ය සහයෝගය ලබා දීමට, පිත්තාශය හා සම්බන්ධ සැත්කම සිදු කිරීම යනාදී දේවල් සඳහා බන්ධනාගාර අධිකාරියට නියෝග කරන ලෙස අධිකරණය මගින් ඉල්ලනු ලැබිණි. සායිබබා පරීක්ෂණ යටතේ සිරගතකොට තිබෙන අතරවාරයේදී පවා ඔහුට ලැබිය යුතු අවම අවශ්‍යතා ලබා දීමටවත් උසාවිය මගින් කටයුතු නොකරන ලදි.

-වසන්තා

නෝර්වේ – ජනතාවට සේවය කරනු

නෝර්වේ – ජනතාවට සේවය කරනු

‘‘ජනතාවට සේවය කරනු’’ සංවිධානයේ ක‍්‍රියාකාරිකයන් විසින් Værnes හි ට්‍රොන්ඩෙයිම් වල සිටින එක්සත් ජනපද නාවික සේනාංක වලට එරෙහිව ජනතා බුලටීන සහ අත් පත‍්‍රිකා බෙදා හැරීම සිදු කලහ.

3227-770

 

3226-770

නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම

නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම

[https://revolutionaryfrontlines.wordpress.com/2016/06/21/revolutionary-dreams-of-nepal-a-photoessay/]

[නේපාලයේ මහජන යුද්ධයේ කාලය තුළදී රට පුරා, මෙන්ම දකුණු ආසියාව මුළුල්ලේ සහ ලෝකය පුරා මිලියන ගණනකගේ සිහින සහ අපේක්ෂාවන් ඉහළට එසවුණි.]

ග‍්‍රාමීය පෙදෙස්වල ගොවියන් වැඩවසම් සහ අර්ධ-රදළ සහ රාජ්‍ය පීඩනයට එරෙහිව සටන් වදිමින් මාඕවාදයේ උපායික චින්තනයෙන් සහ සාරගර්භ පාඩම් සලකුණු කරමින් සමාජය නැවත හැඩගැන්වීමට බලවත් පරිශ‍්‍රමයක් දරමින් ඉදිරියට ගමන් ගත්හ. ග‍්‍රාමීය පෙදෙස්වල අරගලය සහ මුදාගත් කලාප අත්හැර දමමින් නගරයට (කත්මණ්ඩු) පිවිස, නාට්‍යමය සාමය නොහොත් යටත්වීම මගින් පාර්ලිමේන්තු-ඡන්ද තනතුරකින්-විප්ලවීය අල්ලසක් ගනිමින්, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) නායකත්වය ආපස්සට හැරෙන තෙක් මහජන විමුක්ති හමුදාව ප‍්‍රබල බලවේගයක් විය. පාවාදුන් අයවළුන් ඉන්දියාව වැනි කලාපීය බලවතුන් සහ බටහිර අධිරාජ්‍යවාදීන් සහ නව-යටත්විජිතවාදීන් විසින් වර්ණනා කරන ලදි. පහත දැක්වෙන රූපමය රචනාව සිත්හි රැඳුණු නේපාල මහජන විමුක්ති හමුදාවේ සටන් කරුවන් ගැනයි.

ලෑංග්ස්ටන් හියුජ්ගේ කවියකි:

පමා වූ සිහිනයට කුමක්වේද?
සූර්ය තාපයෙහි ලූ ඵල වැල මෙන්
වියැලේවිද එය?
නැතිනම් තුවාලයක් මෙන් පැසවාවිද-
දිව යන්නද එවිට?
පිළුණු මස මෙන් එය දුඟද හමයිද?
නැතිනම් සීනි තැවරූ
රස කැවිල්ලක්ද?
එය එල්ලා වැටේවිද
මහත් බරක් මෙන්
නැතිනම් පිපිරී යාවිද?

ප‍්‍රමාද වූ විප්ලවයට කුමක් සිදුවේද? නේපාලයෙන් ‘‘නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම’’ නේපාලයේ සංචාරයේ යෙදෙන පූජා පාන්ට් සහ බික්කිල් ස්තාපිත් විසින් Raiot.in හි පල කරන ලදි. -ෆ‍්‍රන්ට්ලයින් සංස්කාරක]

2016 ජුනි 17 /පූජා පාන්ට් සහ බික්කිල් ස්තාපිත්

මම මගේ ස්වාමිපුරුෂයා සමග කඳවුරේදි ආදරයෙන් බැඳුණා මොකද එයා වැඩිය කතාබහ කලේ නැති නිසා. ඔහු අපේ කමාන්ඩර්ගෙන් අනුමැතිය අරගෙන අවුරුදු දෙකකට පස්සෙ විවාහ වුණා. දැන් අපි දෙන්නම කතා කරනවා නායකත්වය අපිව පාවල දුන්න ආකාරය ගැන.

img_004518

ජානකි භත්තා – අක්චම්, නට ලම්කි, කයිලාලි වල කුඩා හෝටලයක් පවත්වාගෙන යයි.

මට කළකිරීමක් ඇතිවෙනවා මගේ පුද්ගලික තත්ත්වය, මගේ පක්ෂයේ තත්වය සහ සමාජයේ තත්වය ගැන බැලූවම. මගේ කොටසක් මාඕවාදී සටන්කරුවෙක් ලෙස මට තිබුණ සිහින, මගේ කෝපය, මගේ ගින්දර බැඳ තබලා පසෙකින් තියල තියෙනවා. මගේ අනෙක් කොටසට ජීවත් වෙන්න වැඩ කරන්න සිදු වෙලා තියෙනවා.

img_004519

ඉෂ්වෝර් තිමිල්සිනා – කුයිකා, අක්චාම්, දැනට ලම්කි, කයිලාලි වල කුඩා හෝටලයක් පවත්වාගෙන යයි.

img_004517

මේ දවස්වල මට දැනෙන දෙය මට මාඕවාදී විප්ලවයට සම්බන්ධ වෙන්න නොහැකිනම් මගේ ජීවිතයෙදි මොනවහරි කරන්න අධ්‍යයන කටයුතුවල නියැලිය යුතුයි. මම අවුරුදු 6ක් සේනාවාසයක මුකුත් නොකර ජීවත් වුණා.

img_00459

බ‍්‍රම්හා කට්ටෙල්- බජුරා, දැනට ලම්කි, කයිලාලි වල රික්ෂෝ රියැදුරෙකු ලෙස සේවය කරයි.

img_004510

මගේ පාදයට වෙඩි වැදුනට පස්සෙ මම පැය 56 සැඟවිලා හිටියා ආහාර සහ ජලය නැතිව. මගේ තුවාල වල මැස්සො වහල තුවාලය මත බිත්තර දමල මගේ තුවාල මස මැස්සන් විසින් කනවා මම අසරණව බලාගෙන හිටියා. මගේ තුවාලය වටේම හිටිය උන් හෙලිකොප්ටර් වගේ. යුද්ධයෙන් පස්සෙ මට නිවසක් නැතිවුණ මම නිදාගන්නෙ කත්මණ්ඩු නගරයේ වීදි වල. මම මගේ සිරුර සහ මගේ ජීවිතය සුව කර ගත්ත. මම දන්නවා අපි නැවත දවසක ඉක්මනින්ම සටන් කළ යුතුයි අපේ රට සුව කර ගැනීමට.
img_004513

ගංගා ලාමා – කව්රේ, කත්මණ්ඩු වල දැානට කාපට් ෆැක්ටරියක් පවත්වාගෙන යයි.

img_004514

මම මහජන මිලීෂියාවට සම්බන්ධ වුණා. නේපාල රාජකීය හමුදාව මගේ පියා අතුරුදහන් කලාට පසුව මම මහජන හමුදාවට සම්බන්ධ වුණා. මම දැන් කුඩා දරුවන්ට ක‍්‍රීඩා උගන්වනවා. මට දැනෙන්නෙ ගිය අවුරුද්දෙ භූමිකම්පාවකින් මගේ රට විනාශ වුණා වගේ මගේ පෞද්ගලික ජීවිතයත් විනාශ වුණා වගෙයි.

img_004515

කෙෂාබ් ඛනාබ් – ෂ්‍යන්ගි, දැනට කත්මණ්ඩු වල ක‍්‍රීඩා ගුරුවරයෙකු ලෙස සේවය කරයි.
img_004516

මම ඛාරා වල සටනින් තුවාල ලැබුවෙමි. දැන් මට එහෙ මෙහෙ ඇවිදින්නත් අමාරුයි. මං කරන එකම දෙය ගෙදරට වෙලා ඉන්න එක. මහජන යුද්ධයේදී තුවාල ලැබූ අප වැනි අය දැන් දුක්ඛිත තත්වයක ඉන්නෙ.

img_00455

කාල් බහදූර් බෝගති – කැලිකොට්, දැනට ලම්කි, කයිලායි වල ආබාධිතයෙක් ලෙස දිවි ගෙවයි.
img_00456

දුප්පතුන් නිදහස් කරගන්න සටන් කරන්න හිතපු නායකයින්ම ඔවුන්ගේ කෑදරකමට යටවෙලා දුප්පතුන් මාවත මැද තනිකලා. නමුත් අද පවා වෙන දේශපාලන පක්ෂයක් සටන් කරන්න තීරණය කරල විප්ලවය ඉදිරියට ගෙනියනවනම් මම නැවතත් සටන් කරන්න එකතු වෙනවා.

img_00451

ප්‍රෙම් බහදූර් බායෙක් – ලම්කි, කයිලායි දැනට ප‍්‍රජා ක‍්‍රියාකාරිකයෙකි.
img_00452

ධන්සාරි බයාක් – ලම්කි, කයිලායි, දැනට නිවසේ සිට ඇඳුම් මහන්නියක් ලෙස වැඩ කරයි.

අපි ආඩම්බර වෙනවා මහජන යුද්ධයේදී අපේ ජීවිත කැප කරපු එක ගැන. නමුත් නායකයින් ඒක පාවා දෙන විට අපි කණගාටු වුණා. නේපාල සමාජයේ කුඩා හෝ වෙනස්කමක් කරන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තු ක‍්‍රමයෙන් ඉවත්වෙලා මහජන ක‍්‍රමය ස්ථාපනය කරන්න අවශ්‍යයි. ඒක පමණයි අපිට නේපාලයට සහ නේපාල ජාතිකින්ට වඩා හොඳ අනාගතයක් ඉදි කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ.

img_00453

img_00457

img_00458

අපේ රට කෘෂිකාර්මික රටක්. එය දිළිඳු කමේ රේඛාවටත් පහලින් පිහිටා තිබෙන්නෙ. මගේ අවබෝධයේ හැටියට විදේශීය සංවිධාන මූල්‍ය ක‍්‍රීඩාවකයි නියැලූනේ. අනන් ඒ නිසයි අපිට අපේම මාවතක් අවශ්‍ය වන්නෙ. මේ තත්වය වෙනස් කිරීමට අපිට තවත් විපලවයක් අවශ්‍යයි.

img_004511

මහේන්ද්‍ර බහදූර් බූධා – රිෂී දාහා, අක්චම්, දැනට ලම්කි, කයිලාලි වල ගොවියෙකු ලෙස ජීවත් වෙමින්.

img_004512

රජයේ ඹභඵෂභ සැලැස්ම යටතේ අපේ මහජන හමුදාව අයෝග්‍ය දෙයක් ලෙස සලකා ඉවත දමන ලදි. දැන් මේ අයෝග්‍ය මිතුරන් රජය සඳහා වැඩ කරමින් සිටී. නමුත් ඔවුන් හමුදා සේනාංකයන් තුළ අයෝග්‍ය වූයේ ඇයි? නැවත පුනරුත්තාපනය කරනු ලැබූ මහජන විමුක්ති හමුදාව මුදල් ටිකකට විකුණා දමන ලදි. ඔවුන්ට ලක්ෂ 5 ක මුදලක් සමග ජීවත් විය හැකිද?

img_00454

බිපන්නා මල්ලා-ලම්කි, කයිලාලි දැනට කුඩා වෙළඳසලක් පවත්වාගෙන යයි

නොදන්නා සංස්කෘතික විප්ලවය

නොදන්නා සංස්කෘතික විප්ලවය

චීනයේ ජීවිත සහ ගම්මාන වල වෙනස්වීම

1966-1976 දක්වා චීනයේ ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවයට (GPCR-Great Proletarian Cultural Revolution) ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් දායක වුණි. එය නිදහස උදෙසා වූ අරගලය මානව ඉතිහාසයේ නොදුටු ඉහළ තලයකට ගෙන ගියහ. නමුත් අද චීනයේ සංස්කෘතික විප්ලවය ගැන ජනතාවට ඇහෙන දේවල් පටු අසත්‍යයන්ය. මෙය ලියන ඩොන්පිං හෑන් (Dongping Han) වැඩුණේ ශ්‍රෙෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවය සමයේදීය. ‘‘නොදන්නා සංස්කෘතික විප්ලවය-චීනයේ ජීවිත සහ ගම්මාන වල වෙනස්වීම’’ නැමැති පොතේ කතුවරයාද ඔහුය. ඔහුගේ කථාව සංස්කෘතික විප්ලවයේ සත්‍යය දැන ගැනීමට සුබදායී දායකත්වයක් සපයයි. 2008 දෙසැම්බර් මාසයේදී, විප්ලවය පොත්, සත්‍ය වාර්තා ගැලපීමේ ව්‍යාපෘතිය, සහ නිව්යෝර්ක් පුස්තකාලයේ මහජන දැනුම පිළිබඳ ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවති  ‘‘චීන සංස්කෘතික විප්ලවය යළි සොයා ගැනීම: කලාව සහ දේශපාලනය, ජීවමානවූ අත්දැකීම්, විමුක්තියේ උරුමයන්’’ යන ඉතා වැදගත් කතිකාවට  ඩොන් පින් හෑන් සහභාගි වුණි. 2008 දෙසැම්බර් 12 වන දා, කතිකාවතේ ආරම්භක දින රාත‍්‍රී ඩොන්පින් හෑන් විප්ලවය පොත් හලේදී කථා කළේය. බායි ඩයි (Bai Di) ද, මෙම කතිකාවේදී කථා කළ අතර ඇය ද සංස්කෘතික විප්ලවය කාලයේදී හැදී වැඩුණු අතර ඈ සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් revcom.us වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

පහත දැක්වෙන්නේ ඩොන්පින් හෑන් ගේ කථාවේ සංස්කරණය කළ පිටපතයි.

මගේ පොත සංස්කෘතික විප්ලවය සමයේ චීන අධ්‍යාපනයේ ප‍්‍රතිසංස්කරණ පිළිබඳවය. මම විප්ලවය සමග ජීවත් වූ අයෙක් වෙමි. මම චීනයේ සමූහ ගොවිපළවල වැඩුණු අයෙක්මි. මම අවුරුදු නවයෙහිදී ගොවිපළේ වැඩ කරන්න පටන් ගතිමි. ඒ දිනවල චීනයේ පාසැල් දින දෙකක් සහ හවස් වරු දෙකකුත්, ඉරිදා දිනයකුත් ළමුන්ට ගොවිපළ වල වැඩ කිරීම සඳහා වසා දමති. එම නිසා පාසැලේ ඉඳිමින්ම මම දින දෙකක් වැඩ කළෙමි. සමූහ ගොවිපළ වලින් ළමුන්ගේ වැඩ සඳහා වැඩ ලකුණු1 ලැබුණි. වැඩිහිටියන් හට දිනක වැඩ සඳහා වැඩ ලකුණු 10 ක් ලැබුණි. ගොවිපළේ වැඩ කරමින් මම හැම දිනයකම වැඩ ලකුණු 5.7 ක් ලබා ගත්හ. එලෙස වයස නවයේදීම මට විප්ලවයට දායක වන්නට ඉඩ ලැබුණි. සෑම කෙනෙකුටම ගොවිපළේ වැඩ කරන්න පුළුවන් වුණි. ඔබට වැඩ කරන්න ඕනෑ වුනි නම් හැම විටම රැකියාවක් ලැබුණි. ඒ දිනවල මගේ රැකියාව ඉතා පහසු එකකි. උදාහරණයක් ලෙස වැඩිහිටියො වගාවලට නදියෙන් වතුර රැගෙන එන අතර මම පැළවලට වතුර දැමුවෙමි.

මගේ පොතෙන් මම විග‍්‍රහ කරන්නේ සංස්කෘතික විප්ලවයේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සහ පිටිසරබද පෙදෙස් වල ඒ පිළිබඳ ආකල්පයන් පිළිබඳවයි. මගේ තරුණ කාලයේදී ගමේ හිටිය බොහෝ පුද්ගලයින් නූගත් උදවියයි. මගේ දෙමව්පියොත් නූගත් අයයි. චීන කොමියුනිස්ට් පක්‍ෂය බලයට ඒමට පෙර චීනයේ බොහෝ ගොවීන් පාසැල් යාමට තරම් හැකියාවක් නොමැති ලෙසට දිළිඳු අයයි. වයස අවුරුදු 12 දී ම මගේ පියා පූර්ණකාලීනව කර්මාන්තශාලාවක වැඩ කිරීම අරඹා ඇත. මගේ මව ගමේ තිබුණු එම්බ්‍රොයිඩර් වැඩ පළක වැඩ කිරීම අරඹා තිබුණේ ඇයට වයස අවුරුදු 6 ක් වන විටයි. එනිසා ඔවුනට කිසිම අධ්‍යාපනයක් ලැබී නැහැ. මට ඥති සහෝදර සහෝදරියන් පස් දෙනෙක් විය. මම වැඩෙන විට ගමේ මට වඩා වයසින් වැඩි බොහෝ දරුවන්ට පාසැල් යාමට නොහැකි වුණා. මගේ ඥති සහෝදරයන්ට සහ මගේ වැඩිමහල් සහෝදරියටද පාසැල් යාමට නොහැකි වුණා.

චීන කොමියුනිස්ට් පක්‍ෂයට ගැමි ජනතාව උදෙසාවූ අධ්‍යාපන ක‍්‍රමයක් උරුමව තිබුණි. ගමේ දරුවන්ට පාසැල් යෑම ඉතා දුෂ්කර වුණි. මම පළවන පන්තිය පටන් ගන්නා විට, විභාගයක් සමත් වීමට තිබුණා. දරුවන්ට පාසැල් යාමට අවශ්‍ය නම් පාසැලට යාමට පෙර ලිවීමේ හැකියාව ලබා ගැනීම අවශ්‍ය වුණා. එපමණක් නොවෙයි 100 ට ගණන් කිරීමේ හැකියාව ලබා ගත යුතුව තිබුණා.

නමුත් බොහෝ දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් හට මේ ටික ඉගැන්වීමට දක්‍ෂතාවයක් නොතිබුණ බැවින් ඔවුනගේ ළමුන් පාසැල් වලට නොතේරුණි. ප‍්‍රතික්‍ෂේප වුණි. ගම්බද පාසැල් වල අවශ්‍ය ප‍්‍රමාණයට ඉඩ කඩ නොතිබුණ බැවින් මෙම කාලයේදී පාසැලට ඇතුලත් වීමේ විභාගය අවශ්‍ය විය. නමුත් වසර තුනක් ඇතුළත, සංස්කෘතික විප්ලවය සමයේදී, මගේ පළාතේ හැම ගමකම ප‍්‍රාථමික පාසැලක් ඇරඹීමට කටයුතු යෙදුණා. ඒ කාලයෙහි මගේ පළාතේ ගම්මාන 1050 ක් තිබුණා. සංස්කෘතික විප්ලවයේ වසරක් ඇතුලත සෑම ගමකම පාසැලක් ඇරඹුණා. පාසැල් යන වයසේ සෑම ළමයෙක්ම නොමිලේ අධ්‍යාපනය ලැබීම සඳහා පාසැල් වලට ඇතුළු වුණා. අද චීන රජය සහ චීන රජයට පක්‍ෂපාත කොටස් චීන සංස්කෘතික විප්ලවය සමයේ පැවති චීන අධ්‍යාපනය විනාශකාරී යැයි පවසනව. මෙය ඉතා සරල මිත්‍යාවකි.

සංස්කෘතික විප්ලවයේ දසවන වසරේදී චීනයේ ගම්බද අධ්‍යාපනය දියුණුවට පත් වුණා. සෑම ගම්මානයකම පාසැල් 4 ක් එකතු කර ඒකාබද්ධ මධ්‍ය විද්‍යාල ඇති කළා. එම නිසා ප‍්‍රාථමික අධ්‍යාපනය හොඳින් ලබාගත් සෑම ළමයෙක්ම ඇතුළත් වීමේ විභාගයකින් තොරව මධ්‍ය විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා ලදි. ඔනෑම කෙනෙකුට ඒවාට ඇතුල්වීමට ඉඩ කඩ ලැබුණු අතර අධ්‍යාපනය මුලූමනින්ම නොමිලේ විය. මගේ පළාතේ කොමියුනයේ උසස් අධ්‍යාපනය සඳහා පාසැල් 4ක් තිබුණි. සංස්කෘතික විප්ලවයට පෙර උසස් අධ්‍යාපනය සඳහා තිබුණේ එක් උසස් අධ්‍යාපන ආයතනයකි. එහිද තිබුණේ පන්ති දෙකක් පමණි. 1950-1966 දක්වා වූ 17 වසර තුළ එම උසස් අධ්‍යපන ආයතනය උපාධිධාරීන් 1500 ක් බිහි කළේය. 800 ක් අධ්‍යාපන ආයතනයට ගියත් ආපසු නොපැමිණියේය. ඉතිරි 700 ක් දෙනා රජයේ සේවයේ යෙදුණි නැතිනම් හමුදාවට බැදුණි. උසස් අධ්‍යාපනය සාර්ථකව නිමකළ කිසිවෙක් බිහි නොවුණි.

1972 දී මම කොමියුනයේ උසස් පාසැලට ඇතුලූවන විට මගේ පාසැලේ මගේ වයසේ ළමුන් 1000 පමණ සිටියා. මම පාසැලෙන් සමත් වන විට, මගේ ගමේ පාසැලෙන් උපාධි ලැබූ ළමුන් 100 පමණ සිටියා. මෙම උපාධිධාරීහු චීනයේ පිටිසර බද පෙදෙස් සංවර්ධනය කිරීමෙහි ලා විශාල වැඩ කොටසක් ඉටු කරන ලදි. ඔවුන්හට ඔවුන්ගේ වැඩිහිටියන් ඉටු කර තිබුණාට වඩා වැඩි වැඩ කොටසක් චීනය වෙනුවෙන් ඉටු කරන්න ලැබුණි.

සංස්කෘතික විප්ලවයට පෙර අපි ගොවිතැනෙහි පමණක් යෙදුණෙමු. සංස්කෘතික විප්ලවය සමයේ උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි ලද අය ගමේ ආර්ථිකය දියුණු කිරීමට උපකාර කළා. උසස් පාසැලේ උපාධිධාරීන්ගෙන් සැදුම් ලත් වන ජීව කණ්ඩායමක් අපට තිබුණි. ඔවුන් විවිධ වර්ගයේ පළතුරු, ගම්මිරිස්, සහ වෙනත් ගස් වර්ග වගා කළහ. අප විසින් කර්මාන්ත ශාලාවක්ද ගොඩ නගන ලදි. පුද්ගලයෝ 175 දෙනෙක් එහි සේවයෙහි නිරත විය. අද චීනයේ ගම්බද තරුණයන්ට රැකියා සොයා නගරයට පැමිණීමට සිදුව ඇත. නමුත් සංස්කෘතික විප්ලවය සමයේ, අපට කොහේවත් යාමට සිදු වුණේ නැත. අපි කිසිවෙක් තව අයෙකුගේ වහළෙකු නොවීමු. අපි අපේ අනාගතය සඳහා වැඩ කළෙමු. කර්මාන්තශාලාවේ වැඩ කළ 175 දෙනා සාමූහිකව ඉපයුවා. එය ගොවීන්ගේ ජීවිත සංවර්ධනය කරන ලදි.

කර්මාන්ත ශාලාව ගමට අවශ්‍ය කෘෂි උපකරණ නිපදවීය. අපට ට‍්‍රැක්ටර් දෙකක් සහ පිකප් රථ දෙකක් තිබුණි. ආපසු හැරී බැලූ විට මට හිතෙනව, නිෂ්පාදනය ඉහළ ගිය නිසා සංස්කෘතික විප්ලවයේ අවුරුදු වලදී ගොවීන්ගේ ජීවිත සෑම අංශයකින්ම උසස් සංවර්ධනයක් අයත් කර ගත් බව. මේ දස වර්ෂය තුළදී මගේ රටේ ධාන්‍ය අස්වැන්න දෙගුණයකට වඩා ඉහළ නැංග අතර ආදායම ද දෙගුණයකටත් වඩා ඉහළට නැඟුණි. නමුත් ධනේෂ්වර චීන රජය ප‍්‍රකාශ කළේ චීන ආර්ථිකය ප‍්‍රපාතයකට ඇද වැටුණු බවයි. මේවා අර්ථ ශූන්‍ය ප‍්‍රලාපයන් වෙති.

චීන රජය සමූහ ගෙවි පොළවල් විසුරුවා හැර ඔවුන්ගේ අයිතියට පවරා ගැනීමට ගොවියන්ගෙන් විමසු විට මගේ ප‍්‍රදේශයේ ගොවියෝ ඊට දැඩි විරෝධයක් දැක්වීය. රජය සමූහ ගොවි පළවල් විසුරුවා හැරීම සඳහා මගේ ප‍්‍රදේශයේ සියලූ ජනපද රාජ්‍ය නායකයින් ඉවත් කරගත්තා. මගේ ගමේ තිබුණු සියළුම දෑ පෞද්ගලීකරණය වුණේ නැහැ. නමුත් ගමේ සියලූ ඉඩම් ටික රජය මිළ දී ගත්තා. ජනයා එයට එරෙහි වුණා. ඔවුන් අපේ ඉඩම් ගත්තා නම් අපේ ඉඩම්වලට වෙනත් ප‍්‍රදේශවල ඉඩම් වලින් වන්දි ගෙවන්න ඔවුන්ට සිදු වුණා. එනිසා අපට අපේ ඉඩම් නැති වුණේ නැහැ. ගම්වල තවම ඒවා තමන්ගෙ විදියට යොදා ගන්න ඉඩම් තිබෙනවා. ගම් වැසියෝ ඒවායෙ තවම හොඳින් කටයුතු කරනවා. ගොවීන්ට අද විශ‍්‍රාම ගැනීමට හැකියාව ලැබී තියෙනවා. මගේ අම්ම තවම සමූහ ගොවිපළෙන් සෑම මාසයකම විශ‍්‍රාම දීමනාවක් ලබනවා. අනෙක් ප‍්‍රදේශවල පෞද්ගලික දේපලවුණු ඉඩම්වල ගොවීන් තවමත් දැඩි දුෂ්කරතාවයන්ගෙන් පීඩා විඳිනවා.

1986 දී මම චීනයේ ග‍්‍රාමීය ප‍්‍රදේශ පර්යේෂණය කිරීමේ ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමට සම්බන්ධ වුණෙමි. එහි ඇමෙරිකානු විශේෂඥයින් දෙදෙනෙක් සහ මා සේවයෙහි නිරත විය. අපි හූනාන් වල (Hunan) ගම්මාන කීපයකට ගියා. ඒ වකවානුවේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වල විදේශිකයෙක් දැකීම දුර්ලභ විය. එනිසා අප යන යන තැන අප පසුපස විශාල ජනතාවක් සිටියා. විශේෂයෙන් තරුණ කාන්තාවෝ සහ පිරිමි විය. ඔවුන්ට විදේශිකයෙක් මොන වගේ දැයි දැන ගැනීමට අවශ්‍ය වුණා.

එක දවසක් මම දිවා ආහාරය ගන්නා විට, මම තරුණ ළමයි කීප දෙනෙකුට පත්තරයක ශීර්ෂ පාඨ කීපයක් කියවන්නැයි කීවෙමි. එහෙත් ඔවුහු සිය හිස වැනුවා පමණි. මා මුලදි සිතුවේ ඔවුහු ලජ්ජාවෙන් එසේ කරනු ඇති යන්නයි. සමහර ළමයි කිව්ව ඔවුන් පාසැල් ගොස් නැති බව. මට එය ඇසීම අති විශාල වේදනාවක් ගෙන දුන්නා. කොමියුනය විසුරුවා හැරිය දා සිට සියලූ අධ්‍යාපන ආයතන, සියලූ සෞඛ්‍ය ආයතන කොමියුනය සමගම නැතිව ගොස්ය. මම සංස්කෘතික විප්ලවය සමයේ තිබුණ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැන සිතන්න පටන් ගත්තා.

1988 දී මම වැඩි දුර අධ්‍යාපනයට සිංගප්පූරුව වෙත පිටත් වුණෙමි. එතැනින් ඇමෙරිකාවේ ඉගනෙීම සඳහා ශිෂ්‍යත්වයක් මට ලැබුණි. ඇමෙරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය සහ රාජ්‍යතන්ත‍්‍රික සබඳකම් වල ඉතිහාසය ඉගෙන ගැනීම මගේ අදහස විය. ඇමෙරිකාවේදි මම චීන විප්ලවය පිළිබඳව එහි උගතුන් ලියූ දෑ කියෙව්වෙමි. ඔවුන් ලියා තිබුණේ මා අත්දුටු චීන විප්ලවය පිළිබඳව නම් නොවෙයි. ඔවුන් චීනය ගැන ලියා තිබූ දේවල් ගැන මම විමතියට පත්වුණෙමි. ඇමෙරිකාවේ සිදුවන දේවල් ගැන දැඩි ලෙස කණගාටුවට පත් වුණෙමි.

මම මුලින්ම ඇමෙරිකාවට ආව විට ඇමෙරිකාව කොයි වගේද යන්න දැන නොසිටියෙමි. චීනයේ සිටි ඇමෙරිකානු ගැති වූ අය කී පරිදි අසා තිබුණේ ඇමෙරිකාව පුදුම සහගත දියුණු රටක් ලෙසයි. මම ඇමෙරිකාවේ, වර්මොට් (Vermont) හි බර්ලින්ටන් (Burlington) පෙදෙස්හි මුලින්ම ජීවත් වුණෙමි. එය චැම්ප්ලේන් වැව අසල පිහිටි ලස්සන ස්ථානයක් විය. මම නගරයේ උතුරු පෙදෙසේ දිළිඳු අසල්වැසියන් සමග ජීවත් වුනෙමි. මගේ අසල්වැසි නිවසේ ළමයි හැම වෙලාවෙම බඩගින්නෙ තමයි හිටියෙ. හැමදාම පාසැල නිමවී ආවාම, ඔවුහු මගේ පුතා සමග සෙල්ලම් කරන්න මගේ නිවසට පැමිණෙති. ඔවුන්ට බඩගිනියි කියල ඔවුහු කියති. එවිට මම ඔවුන්ට චීන පාන් කැබැල්ලක් කන්නට දෙන්නෙමි. මට ඇමෙරිකාව දැකීම විශාල කම්පනයක් ගෙන දෙයි. ලෝකයේ ධනවත්ම රට එයයි. ඒත් කුසගින්නේ ඉන්න ජනතාව මෙහේ සිටිති. මම මෙහි වසර දෙකක් ජීවත් වුණෙමි.

ඉන් පසු මම බොස්ටන් නගරයට පැමිණ එහි සිටි පොහොසත් මිනිසුන් සමග ජීවත් වන්නට පටන් ගතිමි. එක දවසක් මගේ නිවාස හිමිය මගෙන් ඇහුව, ඇමෙරිකාව ගැන ඔබට හිතෙන්නෙ මොකද්ද? මට කිසිම හැඟීමක් නැති බව ඔහුට කී විට මගේ අදහසින් ඔහු කළබල වුණි. ඊට හේතුව ඔහු මගෙන් විමසුවා; ‘‘චීනයේ ඉන්න විට අපි හරි දුප්පත්, එත් අපිට නිවාස නැති මිනිස්සු හිටියේ නැහැ. සමාජවාදය යටතේ හැම කෙනෙකුටම රැකියාවක් ලැබුණා. හැම කෙනෙකුටම නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය පහසුකම් තිබුණා. නමුත් ලෝකයේ පොහොසත්ම රටේ මේව නැහැ.’’ මම කීවෙමි. මගේ නිවාස හිමිය හිතුවෙ මගේ අදහස් වල (දර්ශනයේ)ගැටලූවක් ඇති බවයි.

1949 දී චීන විප්ලවය සාර්ථක වූ විට කොමියුනිස්ට් නිළධාරීන් සිතුවේ විප්ලවය පිළිබඳ කටයුතු කරල ඔවුන් අපහසුතාවයෙන් පසුවෙන බවයි. දැන් විප්ලවය සාර්ථකයි. දැන් ඔවුන්ගේ ජීවිත සතුටින් ගත කිරීමට කාලයයි. ඔවුහු ඔවුන්ගේ ළමයි සඳහා විශේෂ පාසැල් හදල තිබුණ. චීනයේ සමාජවාදය ගොඩ නැගුවත් චීනයේ පංති ස්වභාවය ඉතා බලවත්. ඉහළ නිළධාරීන්හට විශේෂ වරප‍්‍රසාද තිබුණ.

සංස්කෘතික විප්ලවය යනු විප්ලවය තුළම පොදු ජනතාවට සැබෑ බලය ලබා දිමේ විප්ලවයයි. එමගින් චීනයේ නියම සමාජවාදය බිහි කිරීම ඇරඹීමයි. රුසියාවේ සිදු වුණු දෙය චීනයේ සිදු නොවීමට වග බලා ගැනීමේ ක‍්‍රියාවලියයි. ඒ කාලය තුළ සියලූ චීන නිළධාරීන්ට වැඩ කරන ජනතාව සමග එකට වැඩ කිරීමට සිදු වුණා. ශිෂ්‍යයින්, ගුරුවරුන්, මහාචාර්යවරුන් ශාරීරික ශ‍්‍රමය යොදා වැඩ කිරීම කළ යුතු වුණා. මම කර්මාන්තශාලාවේ කළමනාකාරයා වීමි. මට කර්මාන්තශාලාවේයේ අනෙක් අය වැඩ කර උපයනවාට වඩා වැඩි වැටුපක් ගෙව්වේ නැහැ. පාසැල් ගුරුවරුන්ට ගෙව්වේත්, වැඩ බිම් වල වැඩ කරන අයට ගෙවන පඩියමයි. සෙරෙප්පු සපත්තු නොපැළඳූ වෛද්‍යවරුන්ටද2 ගෙවන ලද්දේ එකම වැටුපකි. එහෙමයි සමාජවාදය යටතේ ක‍්‍රියාත්මක වුණේ. අපට එහෙම ක‍්‍රියාවලියක් තියේ නම් අපට දැන් තිබෙන ආකාරයේ මූළ්‍යමය දියවී යෑමක් (කඩා වැටීමක්) ඇති වන්නේ නැහැ.

පසුගිය සති කීපයේ ඇමෙරිකාවේ මූල්‍ය අර්බුදයක් ඇති වුණා. මගේ ශිෂ්‍යයො බොහොම දෙනෙක් ඒ ගැන කම්පනයට පත් වුණා. මේ අවස්ථාව ඉතා වැදගත් බව මම ඔවුන්ට කිවෙමි. අපි නොසැලකිලිමත් ලෙස දිගු කාලයක සිට පරිභෝජනය කරන්නෙමු. එය නැවතීමට දැන් අපට කාලයයි. අප මෙලෙස ජීවත් විය යුතු නැහැ. නිවාස නැතිව අප වේදනා විඳිය යුතු නැහැ. මේ සමාජයෙ අපට ඕනැ තරම් දේවල් තියෙනව. හැම කෙනෙකුටම යැපීමට ප‍්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් අප විසින් උපයා තිබේ. නමුත් එක් ප‍්‍රශ්නයක් ඇත. කෑදරකමින් පිරුණු සුළු පිරිසකට ඉන් විශාල කොටසක් අවශ්‍යව ඇත. එමනිසා අපි හැම මිනිසෙකුටම අගහිඟයක් නොමැති වෙනස් සමාජයක් ගොඩනැගිය යුත්තෙමු.

1949 දී පීඩනය සහ විදේශීය පාලනය ඉවතට වීසි කර දමමින් චීන විප්ලවය බලයට පත් විය. සභාපති මාඕ සේතුං ගේ නායකත්වය යටතේ චීන ජනතාව මුලූමනින්ම නව්‍ය වූ සමාජයක් ගොඩ නැගීම ඇරඹීය. නමුත් 1966 පංති අරගලයේදී, චීනය සමාජවාදය ගොඩ නැගීම කරා ගමන් කරාවිද, – නැවත ධනේශ්වර සමාජ ක‍්‍රමය ස්ථාපිත කරයිද යන මත දෙක අතිශයින් තියුණු විය. මෙය කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළතින්  – ජනතාවට කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කිරීමට නායකත්වය දුන් ඉහළ විප්ලවීය නායකත්වය සහ චීනය නැවත ධනේශ්වර මාවත වෙතට සහ පීඩනයට නැවත ඇද දැමීමේ ප‍්‍රතිපත්ති ඇති අයවලූන් අතර ප‍්‍රකාශ විය. මේ නිසා, ධනවාදී මග ගත්තන් බිඳ හෙළීමට සහ ඔවුන් සතුව රජයේ සහ සමාජය තුළ තිබූ පාලන බලයේ කොටස් නැවත අත් පත් කර ගැනීමට මාඕ විසින් ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය දියත් කැරිණි. නමුත් එයටත් වඩා මෙය ‘‘විප්ලවය තුළ විප්ලවයක්’’ විය. එය මුළු මහත් සමජයේම දිශානතිය කොමියුනිස්ට්වාදය දෙසට හැරවීය. මාඕ සේතුංගේ ස්ථාවරය අනුව, ධනවාදී මග ගත්තන් පහ කර දැමීම සහ පොදු ජනතාවගේ සමස්ත විඥණය, දර්ශනය සහ පුරුෂාර්ථ පරිවර්තනය කිරීම සංස්කෘතික විප්ලවයේ ඉලක්කය විය යුතුය.

ගම සහ නගරය අතර, මානසික සහ කායික ශ‍්‍රමය අතර, ගොවියන් සහ කම්කරුවන් අතර අසමානතාවයන් සහ වෙනස්කම් හීන කිරීමට සහ අවසානයේ ඒවා බැහැර කිරීමට අරගලය කිරීම ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවයේ ඉතා වැදගත් කොටසක් විය. සමාජයේ සෑම කොටසකම පරිපාලනයට සහභාගිවීමට සහ ඍජුවම බලය සඳහා ජනතාව පුහුණු කිරීමට හැකිකම ලබා දීමට නව සහ නිර්මාණාත්මක ක‍්‍රමවේදයන් සොයා යෑමට සිදු කළ පුළුල් සමාජ-ව්‍යාප්ත අරගලයකි මෙය. ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය සංස්කෘතියේ, අධ්‍යාපනයේ, විද්‍යාවේ සහ වැඩ බිම්වල ‘‘සමාජවාදී නව්‍ය දෑ’’, විශ්මයට පත්කරමින් ඉදිරියට ගෙනගිය අතර ධනේශ්වර ප‍්‍රතිනිර්මාණය දස වසරකට නිහඬ කරවීය. නමුත් 1976 දී මාඕ මිය ගිය පසු ඩෙන්ග් ෂියාඕපිං (Deng Xiaoping) ප‍්‍රමුඛ කොමියුනිස්ට් පක්‍ෂයේ ඉහළ නායකයෝ ප‍්‍රතිවිප්ලවවාදී කුමන්ත‍්‍රණය දියත් කළහ. මාඕට සහය දැක්වූවන් සහ ඉතා ඉහළ තළයේ නායකයින් සිරගත කොට හෝ මරා දමමින් දස දහස් ගණනින් අත් අඩංගුවට ගැනීම හෝ මැඩලීම සිදු කළහ.

සටහන්

1 වැඩ ලකුණු: චීනයේ සමාජවාදී ගම්බද පෙදෙස්වල ගොවියන්ට, ආදායම බෙදී යාම සඳහන් කරන ක‍්‍රමයකි මෙය. සාමූහික ක‍්‍රමය තුළ මිනිසුන් ජීවත්වන විට සහ වැඩ කරන විට ඔවුන් විසින් සිදු කරනු ලබන වැඩ ප‍්‍රමාණයන්ට කිසියම් නිශ්චිත වැඩ ලකුණක් ප‍්‍රදානය කරන ලදි. මෙය ‘‘හැම එකෙකුගේම හැකියාව අනුව, හැම එකෙකුගේම ශ‍්‍රමයට’’ යන සමාජවාදී මූලධර්මයේ සුවිශේෂී භාවිතාවකි.

2 පාවහන් නොපැළඳූ වෛද්‍යවරු: ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවයේදී නගරවල දියුණු කරන ලද සෞඛ්‍ය පහසුකම් පිටිසර බද පෙදෙස්වලටද එලෙසින්ම කේන්ද්‍රගත කිරීම හා පිහිටුවීම සිදු කරන ලදි. ‘‘පාවහන් නොපැළඳූ වෛද්‍යවරු’’ ව්‍යාපාරය මෙම විප්ලවීය පරිවර්තනයේ කොටසක් විය. තරුණ ගොවීන්ට සහ නගරබද තරුණයින්ට මූලික සෞඛ්‍ය කටයුතු සහ බොහොමයක් පොදු රෝගාබාධ ගැන සහ නිතර මුණ ගැසෙන මූලික අවශ්‍යතාවයන්ට අවැසිවන වෛද්‍ය කර්මයන් පුහුණු කොට පිටිසරබද පෙදෙස්වලට යවන ලදි. වෛද්‍යවරු ග‍්‍රාමීය පෙදෙස්වලට ගියහ – දෙනු ලබන ඕනෑම වේලාවක නාගරික වෛද්‍යවරු තිදෙනෙක් ගම්බදෙහි සිටියහ. 1949 සිට 1976 දක්වා මාඕගේ නායකත්වයෙන් යුත් පාලන කාලය තුළදී වසර 32 ක් ව පැවති ආයු අපේක්‍ෂාව වසර 65 දක්වා දෙගුණ විය.

ABar-11

            විප්ලවීය ඇමෙරිකන් කොමියුනිස්ට් පක්‍ෂයේ (RCP) නිළ පුවත්පත වන ‘‘විප්ලවය’’ (Revolution) හි  2009 අගෝස්තු 30 පළ වූ 174 වන කලාපයේ ලිපියකින් පරිවර්තනය කරන ලදි.

භගත් සින් – ‘‘මා අදේවවාදියෙකු වූයේ මන්ද’’

PDF File: භගත් සින් – ‘‘මා අදේවවාදියෙකු වූයේ මන්ද’’ (49KB)

භගත් සින්‘‘මා අදේවවාදියෙකු වූයේ මන්ද’’

bhagat-singh_3

උපත: 1907 සැප්තැම්බර් 28
ජරන්වාලා තෙසිල්, පන්ජාබ්, බි‍්‍රතාන්‍ය ඉන්දියාව

මරණය: 1931 මාර්තු 23 (වයස අවුරුදු 23 දී)
ලාහෝර්, පන්ජාබ්, බි‍්‍රතාන්‍ය ඉන්දියාව

භගත් සින් යනු ඉන්දියානු නිදහස් ව්‍යාපාරය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ එක් සුන්දර, තිරසර මිනිසෙකි. දැඩි ලෙස දේවවාදී මතයන්ට, පාරභෞතිකවාදයට විරුද්ධ වූ ඉන්දියාවේ එකළ නැගුණු විප්ලවවාදී පරපුර ඔහු නියෝජනය කරයි.

ගාන්ධි වැනි දේශීය ධනේශ්වරයේ ඒජන්තවරු ඊනියා සාමකාමී ව්‍යාපාර, සත්‍යග‍්‍රහ හඳුන්වා දෙමින් ඉන්දීය නිදහස් අරගලය ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටන්කාමී නොවන ස්ථාවරයක පවත්වාගෙන යෑමට වග බලා ගත්හ. එවැනි සමහර සත්‍යග‍්‍රහ අරගල පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු වෙඩි තැබීම මගින් පමණක් විසුරුවා හැරීම අසිරු නොවීය. භගත් සින් විසින් ඊට ප‍්‍රතිපක්‍ෂව සටන්කාමී ලෙස අධිරාජ්‍යඨවාදයට එරෙහිව අරගල කිරීම වඩා ඵලදායී බව ඉස්මතු කරමින් ඉන්දියාව පුරා විප්ලවීය ව්‍යාපාරය ඇවිළවීමට තමන්ගේ සගයින් සමග ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළහ. පසුව ඉංග‍්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් වූ ඔහු එල්ලා මරා දමන ලදි. එවිට ඔහුගේ වයස 23ක් විය. ‘‘මා අදේවවාදියෙකු වූයේ මන්ද’’ යන ශ්‍රේෂ්ඨ ලිපිය ඔහු විසින් රචනා කරන ලද්දේ මරණ දණ්ඩනය නියමව සිරගතව සිටියදීය.

එසේ ඇරඹුණු ඉන්දියාවේ විප්වවාදී ව්‍යාපාරයේ නොනිමි ගමන අද දක්වාම එහි සටන්කාමී භූමි භාග සිසාරා පැතිර යයි… ඉන්දියාවේ කදිම දූ පුතුන්, නැක්සලයිවරු (මාඕවාදීන්) ලෙස හඳුන්වන ඔවුහු ශ්‍රේෂ්ඨ නිර්ධන පංති ජාත්‍යන්තවාදයේ ජීව ගුණයෙන් නව ලොවක් පිබිදවීම උදෙසා සටන් වදියි… ඒ අභිත අරගලය ලොව පුරා සියළු ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ, විප්ලවවාදීන්ගේ සහ කොමියුනිස්ට්වාදීන්ගේ අරගලය ද වන්නාහ…

ඔහු විසින් ලියූ ‘‘මා අදේවවාදියෙකු වූයේ මන්ද’’ කෘතිය ඉදිරියේදී මාඕවාදී විප්ලවීය ලීගය විසින් මෙහි පළ කිරීමට කටයුතු කරයි…

මේ එයින් උපුටාගත් පාඨ කිහිපයකි…

“ඔබේ ඇස් ඇර බලන්න හිර ගෙවල්වල භයානක ඇඳිරි කාමරවලට වඩා අපිරිසිදු මුඩුක්කුවල සහ පැල්පත්වල මිලියන ගනන් මිනිසුන් හාමතින්……..”

“ධනවත් ජාතීන් සිය අතිරික්ත නිෂ්පාදනය දුප්පත් සහ කිසිවක් නැති අය අතර බෙදා දෙනවා වෙනුවට මුහුදට විසි කරන අයුරු බලන්න. මිනිස් ඇටකටු මත ඉදිකරන ලද රජවරුන්ගේ මාළිගා තිබේ…”

 “දෙවියන් සම්භවය (බිහි වීම) වීම සම්බන්ධයෙන් ගත් කල , මිනිසා සිය දුබලකම්, සීමාවන් සහ අඩුලූහුඬුකම් අවබෝධ කරගත් විට සිය මනහ්කල්පනය තුළ දෙවියන් නිර්මිත කළේය යන්න මගේ සිතුවිල්ල වේ. මේ ආකාරයෙන් ඔහු තැත් කරන ලද සිය`ඵ ම කාරණාවන්ට මුහුණ දීමට සහ සිය ජීවිතය තුළ වෙසෙසින් හටගන්නා සියළු අන්තරායන්ට මුහුණ පෑමට මෙන්ම සමෘද්ධිමත් සහ පොහොසත් බවේදී සිය කලහකාරීත්වය මැඩ පැවැත්වීමට ඔහු ධෛර්ය ලබා ගත්හ. දෙවියන්ව, මනස් පරිකල්පනය තුළ වෛවර්ණ ආකරයෙන් සර්වබලධාරී හැකියාවන් සහ ස්නේහවන්ත උදාරත්වය සමග පින්තාරු කරන ලදි. මිනිසා සමාජයට අනතුරුදායක නොවන්නකු සේ වග බලා ගැනීමට වරින් වර දෙවියන්ගේ කෝපය සහ ඔහුගේ නීති ප‍්‍රචාරණය කරමින් ඔහුව පලිගැනීමේ සාධකයක් ලෙස භාවිතා කරන ලදි. පීඩිත ආත්මයේ වැළපීම බවට ඔහු පත් කරනු ලදුව මිනිසා හුදෙකලාබවට සහ අසරණ බවට පත්වන පීඩාකාරී වෙලාවේදී නැගිට සිටුවීමට සිටින මවෙක් සහ පියෙක්, සොහොයුරියක් සහ සොහොයුරෙක්, සොහොයුරෙක් හෝ මිතුරෙක් ලෙස විශ්වාස කරනු ලැබූහ. ඔහු සර්වබලධාරී වූ අතර ඕනෑම දෙයක් කළ හැකි විය. පීඩාවෙන් සිටින මොහොතේදී දෙවියන් පිළිබඳ අදහස මිනිසාට ප‍්‍රයෝජනවත් විය…”

“සමාජය ප‍්‍රතිමාවලට වැඳීම සහ අනෙකුත් පටු ආගමික සංකල්පයන්ට එරෙහිව සටන් කලා මෙන්ම දෙවියන් ගැන වූ මේ විශ්වාසයට එරෙහිව සටන් කළ යුතුය. මේ ආකාරයට මිනිසා ඔහුගේ දෙපතුලින් සිට ගැන්මට උත්සහ කළ යුතුය. යථා තත්වය දකිමින්, ඔහුට ඔහුගේ ඇදහිලි පසෙකට විසි කර දමා සියළු එදිරිවාදිකම්වලට ධෛර්යයෙන් යුතුව සහ නීර්භීතව මුහුණ දීමට සිදුවනු ඇත. මෙය නිසැක ලෙසම මගේ මනසෙහි තිබෙන ස්ථාවරයයි. මගේ මිතුරනි, එය අහංකාරයක් නොවේ; එය මාව අදේවවාදියෙකු කළ මගේ සිතීමේ ආකාරය වෙයි. දෙවියන් ගැන මගේ විශ්වාසය බලවත් කරමින් දිනපතාම ඔහුට යාඥ කිරීමට මම කල්පනා නොකරමි, (මෙය මිනිසා තුළ වූ ඉතාම අධම අංගයක් ලෙස මම සලකමි. ) මගේ තත්වය තුළ වැඩි දියුණුවක් ඇති කිරීමට මට හැකිය, එසේ නැතිව එය තවදුරටත් පහතට දැමීම නොවේ. බොහෝ අදේවවාදීන් කරදර වලට අභීත ලෙස මුහුණ දුන් බව මම කියවා ඇත්තෙමි, එබැවින් පෝරකය මත දී වුව; මම අවසානය දක්වාම හිස ඔසවාගෙන කෙලින් තබාගෙන මිනිසෙකු ලෙස නැගී සිටීමට උත්සාහ කරමි…”

“මගේ අචල බව කෙතරම් ද බලන්න. මගේ මිතුරකු මට යාඥ කරන්නැයි කීහ. මා අදේවවාදියෙකු බව දැනුම් දුන් විට, ඔහු මෙසේ කීය, ‘‘ඔබේ අවසන් දවස් එළඹුණු පසු, ඔබ විශ්වාස කරන්නට පටන් ගනීවි.’’ මම කීවෙමි, ‘‘නැත, ආදරණීය මහත්මයා, එය කවදාවත් සිදු නොවේ. මම එය නින්දා සහගත සහ දූෂිත ක‍්‍රියාවක් ලෙස සලකමි. එවැනි පටු ආත්මාර්ථකාමී අභිප‍්‍රායන් වෙනුවෙන්, මම කිසිදා යාඥ නොකරමි.’’ පාඨකයෙනි මිතුරනි, එය අහංකාර බවක්ද? එය එසේ නම්, මම එය සඳහා නැගී සිටිමි…”

————

සේනාධිපති ගියැප් දිගුකල් දිනේවා!

සේනාධිපති ගියැප් දිගුකල් දිනේවා! PDF File (77KB)

සේනාධිපති ගියැප් දිගුකල් දිනේවා!

හෝචිමිං සහ වෝ න්ගුයෙන් ගියැප්. ජපන්, ප‍්‍රංශ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් පැරදවූ, කොමියුනිස්ට් පක්‍ෂය, මහජන හමුදාව සහ වියට්නාම් ජනතාව ඉදිරියෙන් සිටි නිහතමානී යෝධයන් දෙදෙනෙක්.

Ho-Vo

සහෝදරවරුනි,

ලෝකය පුරා කොමියුනිස්ට්වරු සහ අධිරාජ්‍යවිරෝධීන් අත්‍යන්ත ශෝකයෙන් යුතුව පසුගිය 4 වන දිනට 102 වසරක් දිවි ගෙවූ, ජපනුන් පරාජය කළ ප‍්‍රංශයන් නෙරපා දැමූ ඇමෙරිකානුවන්ගේ ඔද බිඳ වියට්නාම් භූමියෙන් සියල්ලම පළවා හැරිය යුධමය බුද්ධිමතා වන විශිෂ්ඨ සේනාධිපති වෝ න්ගුයෙන් ගියැප් මිය ගිය පුවත ශ‍්‍රවණය කළහ.

යටත් විජිතවාදීන්ට සහ අධිරාජ්‍යවාදී ආක‍්‍රමණිකයින්ට එරෙහි අඛණ්ඩ අරගලය සියළුම කොමියුනිස්ට්වරුන්ට සහ අධිරාජ්‍යවිරෝධීන්ට අමරණීය සහ විශ්වනීය පාඩම් ලබා දුන්හ.

පළමුව, කම්කරු පංතිය සහ පොදු මහජනයා අතර මුල් බැස ගත්, විප්ලවීය ක‍්‍රියාවලිය තුළ පෙරමුණ ලෙස පවතින කොමියුනිස්ට් පක්‍ෂයක් අත්‍යවශය. විවිධ නම්වලින්, විප්ලවීය අරගලය තුළ සියළුම තත්ත්වයන් තුළ වැඩ කරමින් – ජාතික විමුක්ති අරගලයට සහ විප්වය ජයග‍්‍රාහී ලෙස අවසන් කළ මහජන යුද්ධයට නායකත්වය දුන් –  එවැනි පක්‍ෂයක් වියට්නාමය තුළ විය.

‘‘වියට්නාමයේ විප්ලවීය ව්‍යාපාරය වැනෙමින් පවතින මොහොතක අපේ පක්‍ෂය උපත ලැබූහ. ආරම්භයේ සිටම, ඔහු ගොවියන් මෙහෙයවූහ, සෝවියට් බලය ඉදිකිරීමට සහ නැගී සිටීමට ඔවුන්ට නායකත්වය දුන්හ. මෙලෙස, ආරම්භයේදී ම, ඔහු බලය සහ විප්ලවීය සන්නද්ධ අරගලය පිළිබඳ ප‍්‍රශ්න ගැන දැනුවත්ව සිටියහ.’’

‘‘1930-31, විප්ලවීය ව්‍යාපාරය මර්ධනයට ලක් වූහ. නීති විරෝධී මෙන්ම අර්ධ නීති-විරෝධී, දේශපාලන අරගලය තුළ ජනතාවට නායකත්වය දීම නොකඩවා කරගෙන යමින්, අපේ පක්‍ෂය සිය උපරිම පරිශ‍්‍රමය විප්ලවීය මූල ප‍්‍රදේශ නැවත ස්ථාපිත කිරීමට සහ ඒවා පවත්වා ගැනීමට යොදනු ඇත. 1939 දී, දෙවන ලෝක යුද්ධයේ පැතිරීමත් සමග, අභ්‍යන්තර සහ බාහිර තත්වයන් වල වෙනසක් සිදුවිය, ජාතික විමුක්තිය යන අරුතින් සන්නද්ධ කැරැල්ලක් සඳහා සූදානම් වීම ගැන වූ ප‍්‍රශ්නය නැවත පැන නැංගාහ. එවක් පටන්, අපේ පක්‍ෂය කැරැල්ලකට, ජනතාව කැරැල්ලක් සඳහා සූදානම් කිරීමට කැප වූහ. අනුක‍්‍රමික වසර නවයක් තිස්සේ, පක්‍ෂය ජනතාවගේ දිගු කාලීන විරෝධය දැක්වීමේ අරගලය මෙහෙයවමින් එය ජයග‍්‍රහණය දක්වා ගෙන ගියහ, හදිසියේම 1945 අගෝස්තුවේදී කරැල්ල ජයග‍්‍රහණය කළහ.

ගියැප්. ‘‘විප්ලවීය සන්නද්ධ බල ඇණි ඉදි කිරීමේ සහ සන්නද්ධ අරගලය ගැන වූ අපේ පක්‍ෂයේ ශ්‍රේෂ්ඨ අත්දැකීම්.’’

දෙවනුව, විප්ලවය සිදු කරන, කොමියුනිස්ට් පක්‍ෂය විසින් නායකත්වය දෙනු ලබන, නිර්ධනීන්ගේ සහ ජනතාවගේ පාඩම් වේ. වියට්නාමයේදී, ගරිල්ලන්, විප්ලවීය අරගලයට සහය දෙමින් හෝ කාර්ය බහුල භූමිය තුළ කඩා කප්පල්කාරී වැඩ කරමින්, ඔවුන්ගේ ඊ-52 බෝම්බ යාත‍්‍රා ගැන තොරතුරු ලබා ගනිමින්, විවෘත යුද්ධයක සතුරාව වෙහෙසට පත් කරමින් සහ භීතියට පත් කරමින්,  හැම විටම පහර දෙමින්, හැම ආකාරයකින්ම, ආක‍්‍රමණික යටත් විජිතවාදීන්ට සහ අධිරාජ්‍යවාදීන්ට විරෝධය දැක්වීම හැමතැනම සිදු විය. විප්ලවීය බලඇණි ජනතාවට ගරු කිරීමේ, ජනතාවට උදව් කිරීමේ සහ ජනතාව ආරක්‍ෂා කිරීමේ මූලධර්ම මත පිහිටා ක‍්‍රියා කළහ.

‘‘නිදහස සහ මවුබිමේ එක්සත් බව නැවත ලබා ගැනීමට, ගොවියන්ගේ ඉඩම් අයිතිය සහතික කිරීමට සහ අගෝස්තු විප්ලවයේ අභිප‍්‍රායන් ආරක්‍ෂා කිරීම පිණිස වූ වියට්නාම් ජනතාවගේ විමුක්ති යුද්ධය යුක්ති සහගත යුද්ධයකි. ඇය ත්, ඉහත සියල්ලම, මහජන යුද්ධයකි. සමස්ත ජනතාවම ඔහු වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙමින්, සූදානම් කරමින්, සංවිධානය කරමින්, සන්නද්ධ කිරීම විරෝධය දැක්වීමට එක්වීම ප‍්‍රධාන ප‍්‍රශ්නයක් විය.’’

ගියැප්. ‘‘ප‍්‍රංශ ඇමෙරිකන් අධිරාජ්‍යවාදී ආක‍්‍රමණිකයින්ට එරෙහි වියට්නාම් ජනතාවගේ විමුක්ති යුද්ධය.’’

තෙවනුව, එක් එක් රටවල සුවිශේෂී තත්වයන්ට අනුව විප්ලවය සිදුවීම, කොමියුනිස්ට් පක්‍ෂයට පවරමින් ඒ රටවල්වල සුවිශේෂී තත්වයන්ට අනුව මාක්ස්වාදයේ-ලෙනින්වාදයේ න්‍යාය යෙදවීම. කිසිදු විප්ලවයක් කලින් සිදු වූ අනෙක් විප්ලවයක ආකෘතියක් ආදේශයෙන් ජයග‍්‍රාහී කළ නොහැක. වියට්නාමය තුළ විප්ලවීය අරගලයේ දිගුකාලීන අත්දැකීම් එය මුළුමනින්ම තහවුරු කරයි.

කොමියුනිස්ට් පක්‍ෂය සිය ආවේනික තත්වයන් තුළ අරගලයට වඩාත්ම යෝග්‍ය ආකාරය සකස් කිරීම පමණක් නොව, ජාතික සහ ජාත්‍යන්තර යන දෙ ආකාරයේම දේශපාලන පංති අරගලයට අනුව මේ ආකාරයන් වෙනස් වෙමින් තිබුණි. දෙවන ලෝක යුද්ධයට පෙර සටන් කිරීම, ජපන් ෆැසිස්ට්වාදයේ පාලනය යටතේ සටන් කිරීම, කැරලි ගැසීම සහ බලය අල්ලා ගැනීම, ප‍්‍රංශ යටත්විජිතවාදීන්ගේ ආක‍්‍රමනය, ගරිල්ලා සහ ඩියන් බියන් පූ ජයග‍්‍රහණය, ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන්ගේ ආක‍්‍රමණය සහ එහි පරාජය, මහජන යුද්ධයේ ජයග‍්‍රහණය, මේ හැම මොහොතකදීම අරගලයට ඊට ම සුවිශේෂී වූ ආකාරයක් විය.

‘‘දේශපාලන මණ්ඩලයේ (සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්‍ෂය) රැස්වීමකදී, මම මොස්කව් වලින් අමතර උදව් ඉල්ලූ විට, ජනාධිපති බ්‍රෙෂ්නෙව් මගෙන් ඇසූහ:

-ඔබ කියනවා ඇමෙරිකානුවන් ජය ගනීවි, මම ඔබෙන් අහනවා: ඔබට හුඟක් රෙජිමේන්තු තියෙනවද? කොපමණ ටැංකි තිබෙනවද? එමෙන්ම, ඇමෙරිකානුවන්ට, කොපමණ තිබෙනවද? කොපමණ ජෙට් යානා ඔබට තියෙනවද? එමෙන්ම, ඇමෙරිකානුවන්ට, කොපමණ තිබෙනවද?’’

මම උත්තර දුනිමි: ‘මම දන්නවා මේ දේවල් ඔබ සෝවියට් යුධ ඇකඩමියේදී සහ ඉහළ මහේශාක්‍ය බවකින් යුත් සරඹ ශාලාවලදී ඉගෙන ගත් න්‍යායන් වල ආකාරයට බලඇණි අතර අන්‍යෝන්‍ය ප‍්‍රතියෝගය (පරස්පර සම්බන්ධය) පිළිබඳ ප‍්‍රශ්නයයි. අපි සටන් කරන්නේ සෝවියට් සංගමය වෙනුවෙන් නම් අපිට ප‍්‍රතිඵලයක් ලැබීමට හෝ පැය දෙකක් සිටීමටවත් නොහැකි වනු ඇත. නමුත් අපි වියට්නාම් ජනතාව වෙනුවෙන් සටන් කරන්නේනම් අපි ජයගන්නවා ඇත.’

‘‘ගියැප් – විරෝධය දැක්වීමේ සියවසක මතකය’’, සිල්වියෝ ටෙන්ඩ්ල්ගේ (Silvio Tendler) කෙටි චිත‍්‍රපටය, 2003

http://www.youtube.com/watch?v=Tq8c72PKSCA මගින් ලබා ගත හැකිය.

මුළු මහත් රටෙන්ම භාගයක් නිදහස් කොට ගෙන සමාජවාදයේ මාවතට ඔබව අවතීර්ණ කිරීමට ඉඩ සලස්වමින්, අවසාන ජයග‍්‍රහණය තෙක්, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ආක‍්‍රමණික බලවේගයන්ට එරෙහිව, ආරම්භයේදීම සාමාන්‍ය හමුදාවක් නොමැති තත්වයක සටන් කිරීමට සිදුවූණු, විශාල භූමියක් හෝ සංඛ්‍යාත්මකව විශාල ජනගහණයක් නොමැතිව, සන්නද්ධ අරගලයේ සහ සන්නද්ධ බල ඇණි පිහිටුවීමේ ඉතිහාසයක් ඇති වියට්නාම යටත් විජිතවාදී පාලනයට යටත් වුණු කුඩා ජාතියක් විය.

ගියැප්. ‘‘ජනතාවගේ යුද්ධය, මහජන හමුදාව’’

එක් වචනයකින් විස්තර කරන්නේනම් මේ ඓතිහාසික වීර වෘත්තාන්තය තුළ වෝ න්ගුයෙන් ගියැප්, සහෝදර වැන්, හෝචිමිංගේ නායකත්වය යටතේ වූ ප‍්‍රධාන යුධ නායකයායි: වියට්නාමයේ. වඩාත් ආක‍්‍රමණකාරී, ලේ පිපාසිත දුෂ්ඨ ජපන්, ප‍්‍රංශ සහ ඇමෙරිකන්  අධිරාජ්‍යවාදීන් සමග සටන් කිරීමෙන්, සිය ජනතාව නිදහස් කර ගැනීමේ සහ විරෝධය පෑමේ අරගලයට සහභාගිවීමේ ගෞරවය ඔහුට සතු වේ. නගරවලට පතිත වූ ඇතිරිලි වන් ගිනි බෝම්බ හෝ කුඩා දරුවන් පවා සිය පිටුපස පෙදස් නාපාම් (Napalm) වලින් පිලිස්සීමෙන් පසු අපහසුවෙන් දිව යන අයුරු කිසිවෙකුට කිසිදා අමතක නොවේ.

මෙය තුළ අභිමානයෙන්, සහෝදර ගියැප් ආක‍්‍රමණිකයාට පිළිතුරු දුණි: ‘‘වියට්නාම් ජනතාවගේ ශ්‍රේෂ්ඨතම සේනාධිනායකයා. මම යුද්ධයට කුඩා දායකත්වයක් ලබා දුනිමි, මම කුඩා කොටසක් ඉටු කළෙමි, සාගරයෙන් බිඳකට සමාන වූ, නිහතමානී දායකත්වයක් ලබා දුනිමි.’’

සහෝදර ගියැප්, මෙවැනි අයෙකි!

ජනතා සටන්කාමීත්වයේ සංකේතය – 1953 අගෝස්තු හර්තාලය

PDF File: 1953 අගෝස්තු හර්තාලය (88KB)

අරුණළු

ප‍්‍රකාශන

අංක : 02

ජනතා සටන්කාමීත්වයේ සංකේතය

1953 අගෝස්තු හර්තාලය

එක්දහස් අටසිය හැට ගණන්වල සිට ලංකාවේ විවිධ මට්ටමේ විවිධ ක්‍ෂෙත‍්‍ර තුළ වැඩවර්ජන සිදු කෙරුනි. දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍යයන්ට අප රටට ‘‘ඩොමීනියන්’’ ආණ්ඩු ක‍්‍රමයක් ලබාදීමට තරම් බලපෑමක් කළ එක් සාධකයක් වූයේ 1946 සහ 1947 වසරවල මෙරට කම්කරු පංතිය ප‍්‍රමුඛ අන් පීඩිත සංවිධානාත්මක වැටුප් ශ‍්‍රමිකයන් දියත් කළ මහා වැඩවර්ජනයි. එම අරගල හුදෙක් වෘත්තීය සටන් වූ හෙයින් බහුජන සහභාගීත්වය පිළිබඳ වැඩි අවශ්‍යතාවයක් පැන නොනැගුණි.

එහෙත් බහුජන සටනක් වශයෙන් දියත් කෙරුණු ‘‘1953 අගෝස්තු හර්තාලය’’ මෙරට ජනතාවගේ පංති හා දේශපාලන සටන් ව්‍යායාමයන්ට නව අත්දැකීමක් වූවා පමණක් නොව, විප්ලවවාදී දේශපාලනයකට අවශ්‍ය නව මං විවෘත කළ ඓතිහාසික සන්ධිස්ධානයක් වූ බවත් වටහා ගනිමින් අගෝස්තු හර්තාලය දෙස ආපසු හැරී බලමු.

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට ජනතාව මත පැටවූ ධනේශ්වර පාර්ලිමේන්තුවාදී දේශපාලනයට අභියෝග කළ, ජනතා ශක්තිය මෙය යැයි මොනවට කියා පෑ අප රටේ ග‍්‍රාමීය හා නාගරික පීඩිත ජනතාවන්ගේ ප‍්‍රථම මෙන්ම තීරණාත්මක අරගලය ලෙස ඉතිහාස ගතවී ඇති හර්තාලය ක‍්‍රියාත්මක වී දශක හයක්, ඔව්, වසර 60 ක් ගතවී හමාරය. එහෙත් එදා ජනතාව ජීවිත පරිත්‍යාගයන් තුළින් ජීවය ලබා දෙමින් දිනාගැනීමට උත්සාහ කළ මනුෂ්‍යත්වය රජ වූ නව ලෝකය ගොඩනගා ගැනීමට හෝ එවැන්නක් සඳහා අවශ්‍ය වන මූලික පදනම් ගොඩනගාගැනීමට හෝ අද වන තුරුත් අපොහොසත් වී ඇති බව ද බැහැර නොකර හර්තාලය ගැන අධ්‍යයනය කිරීම වැදගති.

ඒ ශ්‍රේෂ්ඨ ජනතා නැගිටීම සමරණ අද වැනි දිනක මෙරට වත්මන් මාක්ස් ලෙනින්වාදීන් තම අවධානය යොමු කළ යුත්තේ කිනම් අරමුණක් සපුරා ගැනීමටද? තමන් මෙතෙක් කළ පංති හා දේශපාලන සටන් තුළින් ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින්, තම දේශපාලන කටයුතු පිළිබඳ විවේචනාත්මකවත්, විචාරාත්මකවත් බලමින් නිවැරදි මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක් ගොඩනගා ගැනීමට හර්තාලයේ ජීවය යොදා ගන්නේ කෙසේද යන්න විමසා බැලීමට නොවේද? එම අත්දැකීම් මෙරට නිර්ධන පංති දේශපාලනය ජයග‍්‍රාහී මාවතකට යොමු කිරීමට යොදාගත හැකිය. විශේෂයෙන් නාගරික හා ග‍්‍රාමීය පීඩිත ජනතාවන්ගේ පංති හැඟීම් අවදි කිරීමටත්, කම්කරු පංතිය ධනේශ්වර පාර්ලිමේන්තුවාදී හා වෘත්තීය සමිතිවාදී දේශපාලනයෙන් මුදවා ගැනීමටත් මෙම සැමරීම ප‍්‍රබල උත්පේ‍්‍රරකයක් මෙන්ම ජීවී ශක්තියක් බවට පත් කරගත හැක.

විශේෂයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය කම්කරු පංතිය ප‍්‍රමුඛ අන් වැටුප් ශ‍්‍රමිකයන් නිර්ධන පංති දේශපාලනය වෙත යොමු කරවන ගමන්මග හා දොරටුව බවට පත්කරවීමටත්, අන් පීඩිත ජන කොටස් ස්වශක්තිය කෙරහි විශ්වාසය තබා තමන් නිරත වන ක්‍ෂේත‍්‍ර තුළ එම ක්‍ෂේත‍්‍රයන්ට ආවේණික වු වෘත්තීය හා දේශපාලන ක‍්‍රියාමාර්ගයන් නිර්මාණය කරමින් නිර්ධන පංති දේශපාලනයට නව මං විවෘත කරදීමට යොමු කරවීමටත් හර්තාලය සැමරීම තරම් ප‍්‍රබල හා වැදගත් වෙනත් සංසිද්ධියක් ලාංකීය දේශපාලන වංශ කතාව තුළ හමු නොවෙතැයි කීවද එය නිවැරදිය.

1815 අප බි‍්‍රතාන්‍යයන්ට යටත් වූවායින් පසු ඔවුනට එරෙහිව කලින් කලට සිදු කළ විවිධ කැරලි ගැසීම් හා සටන්කාමී නැගිටීම්, එනම්, 1818, 1848, 1915, මෙන්ම 1946, 1947 වැඩවර්ජනත්, ඉන්පසු 1966 හා 1980 දියත් කළ මහා වැඩවර්ජනත් සමඟ සැසඳීමේදී 1953 අගෝස්තු හර්තාලයට හිමිවන්නේ අද්විතීය මෙන්ම විශේෂ ස්ථානයකි. මෙම සත්‍යය ධනේශ්වර ඉතිහාසඥයින් විවෘතව හුවා නොදක්වන්නේ එහි පංති ස්වරූපයත්, එමගින් ධනේශ්වරයට කෙරුණු විවෘත අභියෝගයත් නිසාවෙන් බව තරයේ ග‍්‍රහනය කරගත යුතුය.

1818 කැරැල්ල ජනතාව යටත්විජිතවාදීන්ට එරෙහිව දියත් කළ නැගිටීමක් වුවත්, (පීඩිත ප‍්‍රදේශයන්ගේ ජනතාව වැඩිවන මර්දනයට හා පීඩනයට එරෙහිව සිදු කළ නැගිටීමක් වුවත්) වරප‍්‍රසාද අහිමි රදළ නායකයින් විසින් තවත් රදළයෙකු සිංහාසනාරූඩ කරවීමට දැරූ ප‍්‍රයත්නයක් බවට පත්වී තිබුණි. එය ඉතිහාසය ආපස්සට ගෙන යාමට කළ උත්සාහයක් හා සමාන වූවකි.

එසේ වුවත් 1848 කැරැල්ල 1818 කැරැල්ලට වඩා විශේෂ වන්නේ එය සමාජ සංවර්ධනයට අනුකූල වන නවීන පරමාර්ථයන් පදනම් කරගනිමින් දියත් කළ කැරැල්ලක් වූ හෙයිනි.

ඒ වන විට කන්ද උඩරට රාජධානියේ පාලක පංතියව සිටි රදළ කොටස් බෙලහීන බලවේගයක් බවට පත්වී තිබීමත්, පංතියක් වශයෙන් වර්ධනය වන ධනපති පංතිය ජනතාවගේ ඉඩම් කොල්ලකෑමටත්, බලෙන් අයිතිය පැහැර ගැනීමටත් යොමු වූ නිසාවෙන් ගම්බද ජනතාව දියත් කළ ප‍්‍රබල සටනකි, 1848 කැරැල්ල. එහෙත් මෙම නැගිටීමට නායකත්වය දීමට පුද්ගලික නායකයන් හා ප‍්‍රාදේශීය නායකයන් ඉදිරිපත් වුවද, සංවිධානාත්මක පංතිමය නායකත්වයක් නොතිබීම මෙහි පරාජයට ප‍්‍රධාන හේතුව වුණි.

කන්ද උඩරට රාජධානිය තුළ නායකත්වයේ සංකේතය ලෙස ජනතාව දුටු රදළ නායකත්වය මෙම කැරැල්ල තුළ නොතිබුනි. කිරුළු පළඳා රාජ්‍යත්වයට පත් කළත් ගොන්ගාලේගොඩ බණ්ඩා සහ පුරන් අප්පු පහත රට සාමාන්‍ය ජනතාවගෙන් මතු වූ නිසාවෙන් ඔවුනට කන්ද උඩරට රදළයින්ගේ පූර්ණ සහය නොලැබීමත්, එම රදළ බලවේග හා බැඳි ජනතාව මෙම නායකත්වය නොපිළිගැනීමත් නිසාවෙන් මෙම කැරැල්ලද පරාජය වූවා පමණක් නොව මෙම කැරැල්ල නිසා වියලි කලාපයට පසුබෑ කැරැල්ලේ සටන්කාමීන් වෙනුවෙන් සමාජමය බලපෑමක් නිර්මාණය කිරීමට තරම් ශක්තියක් හෝ එහි නොතිබීම විශේෂ ලක්‍ෂණයක් ලෙස අප දැකිය යුතුය. එය සමාජ සංවර්ධනය හා ජන විඥාණය වර්ධනය වන ආකාරය වටහාගැනීමට උපයෝගී කරගත හැකි කදිම ආදර්ශයක් වනු ඇත.

කෙසේ වෙතත් මෙම කැරැල්ලෙහි වූ සාමාන්‍ය ජනතාවගෙන් මතු වූ නායකත්වයත්, ජනතාවගේ වීරෝදාර සටන්කාමීත්වයත්, (මාතලේදී බි‍්‍රතාන්‍යයන් ලැබූ පරාජය කන්ද උඩරට රාජධානිය යටත් කරගැනීමෙන් පසු ඔවුන් ලැබූ දරුණුම පරාජය ලෙස සැලකේ.) අප රටේ ජනතාව තම ස්වෛරීභාවය හා නිදහස කෙරෙහි දක්වන බැඳීම, ගරුත්වය හා කැපවීම මොනවට සනාථ කරන ඓතිහාසික අවස්ථාවක් බවත් පිළිගත යුතු සත්‍යයකි.

1915 සටන 1818 හා 1848 සටන් සමඟ සැසඳීමේදී පැහැදිලි ලෙස දැකිය හැකි වෙනසක් වන්නේ එම සටනේදී ඒ වන විට අප රටේ නැගී එන ධනපති පංතියේ දේශපාලනමය සහභාගීත්වය හා එහි ස්වරූපයත් හෙළිදරවු වීමයි. ආගමික හා වාර්ගික ප‍්‍රතිවිරෝධයන් මතු වීමත්, එම ප‍්‍රතිවිරෝධ එනම් සංස්කෘතික ප‍්‍රතිවිරෝධ ආර්ථික ප‍්‍රතිවිරෝධ අභිබවා ඉස්මතු වීමත්, ආණ්ඩුව එම ප‍්‍රතිවිරෝධ තම වාසියට යොදා ගනිමින් වාර්ගික භේද උත්සන්න වන ආකාරයට කටයුතු කිරීමත්, එසේ කළේ ඇයිද යන්නත්, එම අසම්මත කටයුතු සැලසුම් කළේ කෙසේද යන්නත් අධ්‍යයනය කිරීම වත්මන් දේශපාලන අර්බුද මතු වන ආකාරයන් මෙන්ම මතු කරවන ආකාරයන්් වටහා ගැනීමට ප‍්‍රයෝජනවත් වනු නොඅනුමානය.

යටත්විජිත ආණ්ඩුව ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කරමින් ජනතාවගේ පංති වෛරය මොට කිරීමට මෙම වාර්ගික ගැටීම යොදා ගත්තේ එමගින් ජනතාව බෙදා වෙන්කර පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී දේශපාලන න්‍යාය අප රටේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම සකසා ගැනීමට මං හෙළිපෙහෙළි කරගනිමිනි.

කෙසේ වෙතත් මෙම අරගලය තුළ අධිරාජ්‍ය විරෝධී ස්වරූපයක් ගැබ්වී තිබුණු මුත් එම අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධය ජනතාව තුළට කාන්දු නොවූ අතර, විවෘතව පෙන්නුම් කෙරුනේද නැත.

එසේ වුවත් මෙම ගැටුම අප රටේ නිදහස් සටනේ නව ආරම්භයක් සනිටුහන් කරමින් නව මං විවෘත කළ සන්ධිස්ථානයක් බව බැහැර නොකළ යුතුය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට අන් සියලූ අධිරාජ්‍යවාදීන්ට මෙන්ම තම යටත්විජිත පවත්වාගැනීම අසීරු කරුණක් වුණි. එසේ වූයේ තමන් මුහුණ දුන් ආර්ථික අර්බුදත්, යටත්විජිතයන්හි ජනතාවන් ජාතික නිදහස සඳහා සටන්වැදීම මෙන්ම, සෝවියට් සමූහාණ්ඩුව ප‍්‍රමුඛ සමාජවාදී බලවේගයන් ගෙන් එම සටන්කාමීන් ලැබූ දිරිගැන්වීම් හා අධිරාජ්‍ය විරෝධී සහයෝගයත් නිසාවෙනි. එහිදී ඔවුන් ඔවුන්ගේ යටත්විජිත පාලනය කිරීම සඳහා නව ආණ්ඩු ක‍්‍රම මෙන්ම සූරාකෑම සහ ගසාකෑම සඳහා ආර්ථිකයේ නව උපායඋපක‍්‍රමද යොදා ගත්තේ අධිරාජ්‍යවාදයේ නව වර්ධනයන් නිර්මාණය කරමිනි.

එම යථාර්ථයට මුහුණ දීම සඳහා බි‍්‍රතාන්‍යයන් අප රටේ ස්ථාපිත කළ ඩොමීනියන් ආණ්ඩු ක‍්‍රමය පදනම් කරගත් ධනපති පාර්ලිමේන්තු ක‍්‍රමයට හා ධනපති පංතියට එරෙහිව දියත් කළ ප‍්‍රථම මෙන්ම තීරණාත්මක අරගලය ලෙස 1953 අගෝස්තු හර්තාලය ඉතිහාස ගතවී හමාරය.

මෙහිදී පෙර සඳහන් කළ කැරලි ගැසීම් මෙන් නොව මෙරට පීඩිත ජනතාව, නාගරික මෙන්ම ගම්බද පීඩිත ජනතාව පෙරට විත්, මහමඟට පැමිණ තම විරෝධය පල කරමින් ආණ්ඩු විරෝධී ක‍්‍රියාවන්හි නිරතවීමට නොබියව ඉදිරිපත් වුණි. ඔවුහු රාජ්‍ය මර්ධනයට පවා නොබියව මුහුණ දුනි.

පාලන මිලකට සැපයූ හාල් සේරුවක මිල සත 25 සිට තුන් ගුණයකට ආසන්න ප‍්‍රමාණයකින්, එනම් සත 70 දක්වා වැඩි කිරීමත්, සීනි මිල එදා මිල ගණන් අනුව විශාල මිල වැඩිකිරීමක් වූ සත 15 කින් වැඩි කිරීමත්, පාසල් දරුවන්ට ලබාදුන් දිවා ආහාරය කප්පාදු කිරීමත්, කුඩා දරුවන්ට කිරි ලබා දුන් මධ්‍යස්ථාන වසා දැමීමත්, දුම්රිය ගාස්තු හා තැපැල් ගාස්තු වැඩි කිරීමත්, අනාථාධාර කැපීමත් වැනි ජනතා විරෝධී පියවරයන් ගත් ඩඞ්ලි සේනානායකගේ ආණ්ඩුවට එරෙහිව ජනතාව මෙලෙස නැගී සිටියේ එම ආණ්ඩුවට වත්මන් රජයට මෙන්ම ව්‍යවස්ථාව වෙනස් කිරීමට තරම් වන මහා ශක්තියක්, නැතහොත් වැඩි මන්ත‍්‍රී සංඛ්‍යාවක්, බලය කේන්ද්‍රගත වූ පාර්ලිමේන්තුව තුළ පවා තිබියදී බව බැහැර නොකළ යුතු සත්‍යයකි.

එදා කේන්ද්‍රගත වූ බලය සහිත පාර්ලිමේන්තුවේ විශාල ශක්තියක් ඇතිව, එම බලය යොදා, ජනතාවට ඇහුම්කන් නොදී දියත් කළ ජනතා විරෝධී කටයුතු සිදු කළ ආකාරය පිළිබඳව වත්මන් මාක්ස්වාදීන්ගේ අවධානය යොමු විය යුතුය. බලය කේන්ද්‍රගත වූ ජනාධිපති ධූරයේ බලයත්, පාර්ලිමේන්තුව තුළ වත්මන් ආණ්ඩුව සතු මහා ශක්තියත් යොදා ගනිමින් සිදු කෙරෙන ජනතා විරෝධී කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඔවුන්ගේ වගකීමක් වන බවත්, හර්තාලයේ ජීවගුණය එයම බවත් මෙහිලා සටහන් කළ යුතුව ඇත.

1953 වන විට මෙරට ජනතාවට වැඩවර්ජන ගැන යම් අත්දැකීමක් ලැබී තිබුණත් හර්තාල් කිරිම ගැන කිසිදු පූර්ව දැනුමක් නොතිබිණි. අද මෙන් ජනමාධ්‍ය දියුණු තත්වයක නොතිබුණ හෙයින් එමගින්ද ඔවුන්ට දැනුවත් වීමේ අවස්ථා නොතිබිණි. එසේ වුවත් ‘පොලීසියට බැටන් පොළු තිබේ නම් අපට පොල් ලෙලි තලන කිතුල් පොලූ තිබේ’ යැයි කාන්තාවන් පිරිසක් පොලිස් නිලධාරීන්ට කීවේ ජන ජීවිතය පදනම් කරගත් ජනතා ශක්තිය අසීමිත බව මොනවට සනාථ කරමිනි.

එදා ප‍්‍රබල කම්කරු මධ්‍යස්ථානයන් වූ වැල්ලවත්ත රෙදි මෝල, වරාය වැනි ස්ථානයන්හි රජයේ ජනතා විරෝධී ක‍්‍රියාපටිපාටියට විරෝධය දැක්වීම සඳහා හර්තාලයට පෙර, එනම් එම වසරේ ජුලි අගභාගයේ පැවැත්වූ වරුවේ සංකේත වැඩවර්ජනය ගැන රජය කිසිදු තැකීමක් නොකළේ රජය බලකාමීත්වයෙන් මත්වී සිටි නිසා යැයි එකල විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයෝ පුනපුනා කී සැටියෙන්ම, වත්මනේදී මෙම රජය ජනතා විරෝධය නොසලකා හරිමින් ගෙන යන පාලනය ෆැසිස්ට්වාදී ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ ව්‍යායාමයක්ද යන්න අධ්‍ය්‍යනය කිරීම හර්තාලය සමරන්නන්ගේ වගකීම විය යුතුය. හර්තාලයේදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ වීරෝධාර ජනතාකාමීන් වෙනුවෙන් කළ හැකි ඉහළම ගෞරවය වන්නේ ඕනෑම රජයක් ගන්නා ජනතා විරෝධී ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව සටන්වැදීම බවද මෙහිලා සටහන් කළ යුතුව ඇත.

එසේ වුවත් හර්තාලයේ අත්දැකීම් තුළින් වටහා ගත යුතු මූලික මෙන්ම ප‍්‍රධාන කරුණ වන්නේ ජනතාව ආණ්ඩු විරෝධීව නැගී සිටියත්, ජනතාවගේ ශක්තිය කොතරම් ප‍්‍රබල වුවත් එවන් බලවේගයක් ජනතා ජයග‍්‍රහන කරා මෙහෙයවීමට අවශ්‍ය දේශපාලන නායකත්වයක් හර්තාලය තුළ නොතිබුණ බවයි. එදා ක‍්‍රියාත්මක වෙමින් තිබූ ලංකා සම සමාජ පක්‍ෂයත්, ලංකා කොමියුනිස්ට් පක්‍ෂයත්, වෙනත් වාමාංශික සංවිධානත් එවන් ජනතා නැගිටීමකට නායකත්වය දීම කෙසේ වෙතත් මුහුණ දීමටවත් සූදානම්ව නොසිටි බව පැහැදිලි ලෙස දැකිය හැකි සත්‍යයකි. ඒ වන විටත් පූර්ණ ධනේශ්වර පාර්ලිමේන්තුවාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයක නිරත වූ මාක්ස්වාදී යැයි කියාගත් එම පක්‍ෂ ජනතාවගේ මෙවන් යෝධ විරෝධතාවයක් මෙහෙයවීම සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය වන සංවිධාන රටාවක් ගොඩනගා නොතිබුණි.

අරගලයේ පූර්ව සිදුවීම් ඇති වූ අවස්ථාවන්හිදී එක්සත් පෙරමුණක අවශ්‍යතාවය පැහැදිලිව දැකිය හැකි වුවත් ට්‍රොට්ස්කිවාදයේ බොළඳ නිර්මාණයක් වූ ‘ස්ටාලින්වාදී පක්‍ෂ හා ආණ්ඩු’ යන සංකල්පය කරපින්නා ගත් ලංකා සමා සමාජ පක්‍ෂය නිසාවෙන් එම අවශ්‍යතාවය සපුරාලීම කළ නොහැක්කක් බවට පත්වී තිබුණි.

බහුජන ක්‍ෂේත‍්‍රයේ සංවිධාන කටයුතුද මීට නොදෙවෙනි දුර්වලතාවයක් පෙන්නුම් කළත්, ජනතාව සියලූ පක්‍ෂ භේද නොතකා තමන්ගේම වූ ‘ගොනුවීම්’ හා සංවිධාන වීම් ලෙස සටන් කොමිටි නිර්මානය කර ඇත්තේ වත්මන් මාක්ස්වාදීන්ට එක්සත් පෙරමුණක අවශ්‍යතාවයත් බහුජන ක්‍ෂේත‍්‍රයේ කටයුතු කළ යුතු ආකාරයත් ගැන පූර්ව ආදර්ශයක් සපයමිනි.

පාර්ලිමේන්තුවාදී නොවන එක්සත් පෙරමුණක් පිළිබඳවත් එමගින් වෘත්තීය හා දේශපාලන සටන්වලදී අවශ්‍ය ‘සටන් කොමිටි’ ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය ගැනත්, හැකියාව හා පදනම් ගැනත් වත්මන් මාක්ස්වාදීන් අවධානය යොමු කළ යුතු බව හර්තාලය දෙස ආපසු හැරී බලන්නෝ වටහා ගත යුතුය.

ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් එම දැනුම, එම පාඩම, වත්මන් මාක්ස් -ලෙනින්වාදීන් ග‍්‍රහනය කරගත යුතුය. එතෙකින් නොනැවතී එම අඩුපාඩු නිවැරදි කරගැනීමට වසරක් පාසා පැරිස් කොමියුනයේ පාඩම් ගැන කථා කරන්නා ක් මෙන් මෙම ශ්‍රේෂ්ඨ නැගිටීම නැවතනැවතත් සිහිපත් කරමින් මෙරට මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාරයේ මෙතෙක් වූ අඩුපාඩු සපුරා ගැනීමට අවශ්‍ය පියවර නිර්මාණය කරගැනීමට යොදා ගත හැකිය. අවදියේ ඓතිහාසික මෙහෙවර එයම බව වටහා ගනිමින් තමන් මෙතෙක් ලැබූ අත්දැකීම් හා ගොනු කරගත් දැනුම නිවැරදි මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක් ගොඩනැගීමට යොදා ගත යුතුය.

හර්තාලය තුළින් අධිරාජ්‍යගැති එක්සත් ජාතික පක්‍ෂයේ සැබෑ ස්වරූපය ජනතාව වටහා ගත් මුත්, එහි ඵලය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එදා දේශීය ධනේශ්වර බලවේග නියෝජනය කළ කඳවුර දිනාගැනීමත්, එමගින් ජනතාව තවදුරටත් ධනේශ්වර දේශපාලනය තුළ රඳවාගැනීමට ධනේශ්වරයට හැකි වීමත් ගැන විචාරාත්මකව විශ්ලේශනය කරගත යුතුය.

එමෙන්ම පැරණි මාක්ස්වාදී දේශපාලන පක්‍ෂ හා සංවිධාන පූර්ණ පාර්ලිමේන්තුවාදී වී කෙමෙන් දියවීමත්, කම්කරු පංති ව්‍යාපාරය පූර්ණ වෘත්තීය සමිතිවාදී වීම හා සුභසාධන සංවිධානයන්ගේ තත්වයට පත්වීමත්, නීති උපදේශක ආයතන බවට පත්වීමත් පිළිබඳව ද වත්මන් මාක්ස්වාදීන්ගේ අවධානය යොමු විය යුතුය. මෙම වෙනස සිදු වූයේ කෙසේද යන කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීමද ඉතා වැදගත් වනු නොඅනුමානය.

ජනතාව හර්තාල් ක‍්‍රියාවලියේදී ප‍්‍රබල ලෙස ආණ්ඩු විරෝධීව නැගීසිටියත් පැරණි වාමාංශික පක්‍ෂ සහ සංවිධාන (ඔවුන් මාක්ස්වාදීන් ලෙස පෙනී සිටිමින්) ජනතාවට නායකත්වය දීමටවත්, මෙම ජනතා නැගිටීම රාජ්‍ය විරෝධී විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක ආරම්භය බවට පත්කිරීමටවත් අපොහොසත් වූයේ එම සංවිධාන විප්ලවවාදී දේශපාලන ක‍්‍රියාමාර්ගයක නිරතවීමට අවශ්‍ය පදනමකින් ගොඩනගා නොතිබුනු නිසාවෙන් යැයි කීම නිවැරදිය.

එදා පැවැති රජය ස්ටාලින්වාදී යයි කීමට තරම් බොළඳ පදනමක හර්තාලයේ නියමු කාර්යභාරයක් ඉටු කළා යැයි කියන ලංකා සම සමාජ පක්‍ෂයත්, එහි ආචාර්යවරුන්ගෙන් සමන්විත වූ නායකත්වයත් සිටි බැවින් එක්දින විරෝධතාවයක් වශයෙන් ඇරඹුනු හර්තාලය පෙරට ගෙන යෑමට ඔවුන් ඉදිරිපත් නොවූ බව අකමැත්තෙන් වුව පිළිගත යුතුය. එහි ඵලය වූයේ රාජ්‍ය මර්දනයට ජනතාව බිළි දීම නොවේද?

ඔවුන් ධනේශ්වර පාර්ලිමේන්තු දේශපාලනය කෙරෙහි කොතෙක් දුරට යොමු වී සිටියේද යන්න වටහා ගැනීමට කදිම නිදසුනක් වනුයේ ලංකා සම සමාජ පක්‍ෂයත්, කොමියුනිස්ට් පක්‍ෂයත් එක්ව ගත් නිගමනයන්ය. කම්කරු පංතියේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් නිගමනය කර ඇත්තේ ධනේශ්වර, විශේෂයෙන් අධිරාජ්‍යවාදී අවශ්‍යතාවයන් සපුරාලීමට ධනේශ්වර දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජමය බලවේග පදනම් කරගත් ධනේශ්වර පාර්ලිමේන්තුව තුළ වීම ඔවුන්ගේ ජනතාවාදී නොවන, විප්ලවාවදී නොවන අවස්ථාවාදී සුළු ධනේශ්වර දේශපාලනයේ යථාර්ථය හෙළි කරන කැඩපතක් බඳුය. මෙය මාක්ස් ලෙනින්වාදීන්ගේ නිගමනයක් නොවන බව නම් සහතිකය. බි‍්‍රතාන්‍යයේ කම්කරු පක්‍ෂය වැනි දේශපාලන සංවිධානයන්ට මෙවන් නිගමන සුදුසු වුවත් නිර්ධන පංතියේ දේශපාලනය වන මාක්ස් ලෙනින්වාදී දේශපාලනයට මෙවන් නිගමන නොපෑහෙන බව හර්තාලයේ ඉතිහාසය විග‍්‍රහ කිරීමේදී තේරුම් ගත යුතුව ඇත. අවම වශයෙන් මෙම නිගමනයෙන් පසුව හෝ ඔවුන්ගේ පක්‍ෂ හර්තාලයේ අත්දැකීම් ග‍්‍රහනය කරගනිමින් පාර්ලිමේන්තුවාදී නොවන නිවැරදි මාක්ස් ලෙනින්වාදී දේශපාලනයක නිරතවීමට යොමු වූයේ නම් හර්තාලයේ ජීවය උකහා ගත්තා යැයි කිව හැක. එහෙත් සිදුවී ඇත්තේ අනෙකකි. ඔවුන් තවතවන් පාර්ලිමේන්තුවාදී වී දිය වී යෑම පමණි. තමන් මාක්ස්වාදී හෝ මාක්ස් ලෙනින්වාදී යැයි කියාගත් පැරණි වාමාංශික දේශපාලන පක්‍ෂ ගනු ලැබූ මෙවන් දේශපාලන නිගමන හා ක‍්‍රියාමාර්ග ගැන විචාරාත්මකව විශ්ලේෂණය කිරීම ඉතිහාසය දෙස මාක්ස්වාදී දෘෂ්ඨියකින් බැලිය හැකි බුද්ධිමතුන්ට භාර කරමු.

එදා වාමාංශික ව්‍යාපාරය තුළ ක‍්‍රියාත්මක වූ විවිධ මාක්ස්වාදී පක්‍ෂ සහ සංවිධාන එක් සංවිධානයක් බවට ගොනු වීම කෙසේ වෙතත්, අවම වශයෙන් එක්සත් පෙරමුණක් වශයෙන් අවම එකඟතාවයකට පැමිණ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පොදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට හෝ ඒකරාශී නොවූයේ ඔවුන්ගේ දේශපාලන දෘෂ්ඨිය නිර්ධන පංතියේ දෘෂ්ඨියට වඩා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුවාදී දේශපාලන දෂ්ඨියෙන් සන්නද්ධ වී තිබුණු හෙයිනි.

හර්තාලයේදී ප‍්‍රදර්ශනය වූ තවත් වැදගත් කරුණක් වූයේ එදා පැවැති මධ්‍යම පංතික වෘත්තීය සමිති ආණ්ඩු විරෝධී සටන්කාමී ක‍්‍රියාමාර්ගයන්හිදී හෝ වෘත්තීය සමිති විරෝධතාවයන්හිදී ඇල්මැරුනු ස්වරූපයකින් කටයුතු කළ ආකාරයයි. මෙම තත්වය 1947 වැඩවර්ජනයේදී පිළිබිඹු වූ දැඩි සටන්කාමී ස්වරූපයට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ වූවකි. ආණ්ඩුවේ ලිපිකරු සේවා සංගමය, ලංකා වෙළෙඳ සේවක සමිතිය වැනි මධ්‍යම පංතික වෘත්තීය සමිති මෙසේ කටයුතු කළත් එම සංවිධාන තුළම එම ක‍්‍රියාමාර්ගයන්ට විරුද්ධ බලවේග මතුවූයේ ආණ්ඩුවේ අත්තනෝමතික මෙන්ම මර්දනකාරී ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙන් පමණක් නොව ජනතාවගේ සටන්කාමීත්වයේ ඵලයක් ලෙසිනි.

මධ්‍යම පංතික වෘත්තීය සමිති මෙලෙස කටයුතු කළත්, රජයේ මෙන්ම පුද්ගලික අංශයේ කම්කරු සංවිධාන එතෙක් කිසිදු අවස්ථාවක සිදු නොකළ ආකාරයට වැඩවර්ජනයට සහභාගී වෙමින් ආණ්ඩු විරෝධී සටනේ පෙරමුණ ගෙන කටයුතු කර ඇත්තේ පංති අරගලයේ හා නිර්ධන පංති දේශපාලනයේ අනාගත කාර්යභාරය පිළිබඳ පූර්ව ආදර්ශ සපයමිනි. මෙහි ජීවය කොතරම් ප‍්‍රබල වූයේද යත්, දැඩි සංවිධානාත්මක පදනම්වල නොසිටි විසිරී සිටි කඩ සාප්පු සේවකයන්, කුඩා පරිමාණයේ කර්මාන්ත ශාලා සහ වැඩපලවල්වල සේවකයින් පවා සංවිධානාත්මක නොවූවත් තම පංති යුතුකම ඉටු කරමින් වැඩවර්ජනයේ කොටස්කරුවන් වී සිටි බව හර්තාලයේ ඉතිහාසය සනාථ කරනුයේ වත්මන් කම්කරු පංතියට පැහැදිලි පණිවුඩයක් ලබාදෙමිනි. එදා නාගරික මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි කම්කරුපංතිය ප‍්‍රමුඛ අන් පීඩිත ජනතාවන් ආණ්ඩු විරෝධී ක‍්‍රියාකාරකම්වල නිරත වෙමින් හර්තාලය සාර්ථක කරගැනීමට දුන් දායකත්වය ලංකා සම සමාජ පක්‍ෂය මෙන්ම කොමියුනිස්ට් පක්‍ෂය අපේක්‍ෂා නොකළ තරම් ප‍්‍රබල මෙන්ම දැඩි වූ බව එම පක්‍ෂවල නායකත්වයන් එදා ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කර ඇත. එසේ ප‍්‍රකාශ කර ඇත්තේ හර්තාලයට දේශපාලන නායකත්වයක් ලබාදීමට තරම් වන විප්ලවවාදී දෘෂ්ඨිමය පදනමක මෙන්ම සංවිධානාත්මක පදනමක එම පක්‍ෂ නොතිබුණු බැවිනි. මාක්ස්වාදී විප්ලවවාදී පක්‍ෂ ගැන පුරසාරම් දොඩවන්නෝ මෙම අත්දැකීම් මගින් ලබාදී ඇති ‘‘දැනුම’’ දැඩිව ග‍්‍රහනය කරගත යුතුය. කම්කරු පංතිය පංතියක් වශයෙන් තම දේශපාලනය දෙස බැලිය යුතුය යන සත්‍යය සනාථ කෙරෙන ආදර්ශ සැපයීම ද හර්තාලයෙන් සිදු වූ තවත් වැදගත් මෙහෙවරකි. ජාතිවාදීව වහල් කඳවුරක් බවට පත්කර ගනු ලැබූ වතු කම්කරුවන් හර්තාල් ක‍්‍රියාමාර්ගයෙන්, අවම වශයෙන් වැඩවර්ජන කිරීමෙන් හෝ සහභාගී නොවී දවසේ වැඩ නිමා කිරීමෙන් පසු විරෝධය පල කිරීමේ රැස්වීම් පැවැත්වීමට පමණක් යොමු වූයේ එදා තොණ්ඩමන්ලාගේ ජාතිවාදී උපක‍්‍රමය තුළින් කම්කරු පංතිය බෙදා වෙන්කර තිබූ නිසාවෙනි. එසේ වුවත් ප‍්‍රතිවිරුද්ධ පංතියේ, ධනේශ්වර පංතියේ පංති හැඟීම් මොනවට ප‍්‍රදර්ශනය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හර්තාලයට සහභාගී නොවීම කම්කරු පංතියටද පංති හැඟීමෙන් දේශපාලන හා වෘත්තීය සටන් දෙස බැලීමට මග පෙන්වන කදිම අදර්ශයක් ලෙස දැකිය යුතුය.

හර්තාලයේ සිදුවීම් දෙස ආපසු හැරී බැලීමේදී පැහැදිලි වන තවත් කරුණක් වනුයේ ලංකා සම සමාජ පක්‍ෂයට ශක්තියක් තිබූ ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි දිළිඳු ගොවි ජනතාවන් හර්තාල් ක‍්‍රියාදාමයේ ප‍්‍රබල බලවේගයක් වෙමින් ඉටු කළ මෙහෙවරයි. එමගින් සිදුවූවේ ගොවි ජනතාව ප‍්‍රතිවිප්ලවීය බලවේගයක් වශයෙන් හඳුන්වන ට්‍රොට්ස්කිවාදී න්‍යායන් භාවිතාවෙන් ම ප‍්‍රතික්‍ෂේප වීමයි. මහමඟ ආප්ප පුච්චමින් මාර්ග අවහිර කිරීමට තරම් එඩිතර වූ ග‍්‍රාමීය ගොවි ජනතාව මාක්ස්වාදය හා මාක්ස් ලෙනින්වාදය යැයි කියමින් ට්‍රොට්ස්කිවාදයත්, සංශෝධනවාදයත්, ධනවාදයත් අනුව කටයුතු කළ එදා වාමාංශික බලවේගයට නව මං හෙළි කළ මුත්, එමගින් ඵලප‍්‍රයෝජන ලැබූයේ දේශීය ධනේශ්වර පංතියේ දේශපාලන සංවිධානය වූ (එදා) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. මේ අතර මාක්ස්වාදී පක්‍ෂ වශයෙන් සමාජ ගත වී සිටි ලංකා සම සමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය හා විප්ලවකාරී ලංකා සම සමාජ පක්‍ෂය වැනි දේශපාලන සංවිධාන ධනේශ්වර පාර්ලිමේන්තුවාදය වෙත නැඹුරු වීම තවදුරටත් වර්ධනය කරගනිමින් ඔවුන්ගේ වෘත්තීය සමිති වෘත්තීය සමිතිවාදය නමැති මඩගොහොරුවේ ගිල්වමින් තමන්ගේ දේශපාලන මිනීවලවල් කපාගැනීම සිදු කරගති.

මෙවැනි දුර්වලතාවයන් හා පසුබෑම් සිදුවී තිබුණ මුත්, අගෝස්තු හර්තාලය වත්මන් මාක්ස් ලෙනින්වාදීන්ට ඓතිහාසික අත්දැකීමක් පමණක් නොව, මෙරට මාක්ස් වාදීන් ගත යුතු ක‍්‍රියාමර්ගයන් පිළිබඳ එහි නිවැරදි මෙන්ම වැරදි ක‍්‍රියාකාරකම් හා ජයග‍්‍රාහී මෙන්ම පරාජිත ප‍්‍රතිඵල තුළින් සපයන දැනුම් සම්භාරය අසීමිතය. එසේම මෙම අරගලයේදී කම්කරු පංතියෙන් හා ගොවි ජනතාවගෙන් මතු වූ නායකයින් එම පක්‍ෂ තුළින් ඉවත් කෙරුණේ කෙසේද යන්න විමසා බැලීමද, ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමද මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධ නිවැරදිව විශ්ලේෂණය කරගැනීමට හා සාර්ථකව විසඳා ගැනීමට උපකාරී වන පූර්වාදර්ශ සපයනවා නොඅනුමානය.

ලක් ඉතිහාසයේ ප‍්‍රථම වරට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සහභාගීත්වයෙන්, පැහැදිලි නායකත්වයකින් තොරව (ප‍්‍රාදේශීය නායකත්වයන් මතුවූ බව සත්‍යයකි.) කෙරුණු ‘හර්තාලය’ එතෙක් අප රටේ සිදු කළ වැඩවර්ජන, මැතිවරණ ව්‍යාපාර වැනි ක‍්‍රියාමාර්ගයන්ට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. මෙය අප රටේ ධනපති පාලනයට එරෙහිව ජනතාව නැගීසිටි ප‍්‍රථම අවස්ථාව වූ හෙයින් සුවිශේෂ වැදගත්කමක් පෙන්නුම් කරන අතර, එමගින් ලැබූ අත්දැකීම් හා දැනුම් සම්භාරය තීරණාත්මක බවද බැහැර නොකළ යුතුය. විශේෂයෙන් ජාතික නිදහස දිනාගැනීම මෙන්ම ජනතාවාදී හා ජනහිතකාමී බව ගැන පුරසාරම් දොඩවන්නෝ එදා මෙන්ම අදත් නොඅඩුව සිටින හෙයින් මේ හැම අතුරින් ජනතාවගේ මිතුරන් හා සතුරන් කවුදැයි පැහැදිලිව හෙළිදරව් කරගැනීමට අවශ්‍ය ආදර්ශ ලබාගත හැකි ප‍්‍රබලතම සංසිද්ධියක් ලෙස 1953 අගෝස්තු හර්තාලය උපයෝගී කරගැනීම වැදගත් වනු ඇත.

ලාංකික පීඩිත ජනතාවන්ගේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස පමණක් නොව මුලූ ජීවිතයම පරිත්‍යාග කළ 1953 හර්තාලයේ වීරෝධාර සොහොයුරන්ගේ නම් සහ ඔවුන් තම දායකත්වය ලබාදුන් ප‍්‍රදේශයන් මෙහිලා සඳහන් කිරීම අපගේ වගකීමක් ලෙස සලකන්නෙමු. එකල ටයිම්ස් පුවත්පතේ 21 දෙනෙක් මිය ගිය බව සඳහන් කර තිබුණු මුත්, දැනට අප ගොනු කරගත් කරුණු මත පිහිටා මෙහිලා සටහන් කරනු ලබන නාමයන් මෙසේය.

කේ. එඞ්වින් පිටකොටුව

අලූමදුරගේ අල්විස් රජ්ගම

එස්.එච්. රූබල් ඌරගහ

ටී.ඇම් පනාගොඩ දොඩන්දූව

එච්.කේ.ඒ. පියසේන දොම්පේ

කේ.ඒ. සාදිරිස් දොම්පෙ

එස්.කේ.ඒ. වික‍්‍රමසිංහ දොම්පෙ

ටී. සිරිසේන කිරුළපන

ඩග්ලස් නිකලස් මෝදර

සමාජවාදය හරහා කොමියුනිස්ට්වාදය ගොඩනැගීම සඳහා වන මාක්ස් ලෙනින්වාදීන්ගේ දේශපාලන අරගලය නැතහොත් නිර්ධන පංතියේ විප්ලවීය දේශපාලන ක‍්‍රියාදාමය, ධනේශ්වර පාර්ලිමේන්තුවාදී දේශපාලනයෙන් බැහැර වී වෘත්තීය සමිතිවාදී නොවී, කම්කරු පංතියේ නායකත්වයෙන් ගොවි ජනතාවගේ ශක්තිය මත පිහිටා දියත් කළ යුතු විප්ලවීය අරගලයක් බව හර්තාලයට හැට (60) වසරක් සපිරෙන අද වැනි දිනෙක හෝ පිළිගැනීමට මෙරට මාක්ස් වාදීන් සූදානම් වේ නම් නිවැරදි මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක් ගොඩනැගීමේ ආරම්භක පියවර එම නිගමනයම බව මෙහිලා සඳහන් කළ යුතුය. හර්තාලය ගැන අධ්‍යයනය කිරීම අතීතයේ මුල් හෑරීමක් පමණක් නොව අනාගතය දැකීමට අවශ්‍ය ආලෝකය සපයන අනාගතය පිළිබිඹු කරන කැඩපතකි.

* විසි එක් වන සියවස වන විට මාක්ස්වාදය මාක්ස් ලෙනින්වාදය බවටත්, මාක්ස් ලෙනින්වාදී මාඕවාදය බවටත් පත් කළ මාක්ස්වාදයේ සංවර්ධනය මත පිහිටමු !

* ශ්‍රේෂ්ඨ මහජන යුද්ධයේ න්‍යාය ක‍්‍රියාත්මක කරමු !

* කම්කරු ගොවි සමගියේ ශක්තිය විදහා දැක් වූ 1953 හර්තාලයෙන් පාඩම් උගෙනිමු !

2013 අගොස්තු 12

[අරුණළු යනු ශ්‍රී ලංකාව තුළ වූ තවත් මාඕවාදී කණ්ඩායමකි. මේ ලිපිය අරුණළු මගින් පළ කරනු ලැබූවකි.]