Category Archives: Kurd

උතුරු කුර්දිස්ථාන් කොමියුනිස්ට් පක්ෂයේ සටන්කරුවෙකු වන මුන්ෂූර් පිරාන්: ‘‘කිසිවෙක් අප සිටින තැන්වලින් එක අඩියක් පිටුපසට ගන්නේ නැත’’

උතුරු කුර්දිස්ථාන් කොමියුනිස්ට් පක්ෂයේ සටන්කරුවෙකු වන මුන්ෂූර් පිරාන්: ‘‘කිසිවෙක් අප සිටින තැන්වලින් එක අඩියක් පිටුපසට ගන්නේ නැත’’

ආදරණීය සහෝදරවරුණි,
ඔබ සියල්ල හොඳින් ඇතැයි මම විශ්වාස කරමි, මක්නිසාදයත් මෙහි අපේ තත්ත්වය යහපත් බැවිණි. අද ප‍්‍රතිරෝධය දැක්වීමේ අටවන දිනයයි. ඔවුන්ද මේවන විට ඔවුන්ගේ පැත්තෙන් සූදානම් වීම් සිදු කරමින් සිටී. ඊයේ දින නැවතත්, 1200 ක තුර්කි රාජ්‍ය අනුබලය ලත් කල්ලියක් සෙරෙකෙනියේ වලට පහර දුන්හ. මේ ප‍්‍රහාරයත් සමග ඔවුන් හොවිට්ෂර්, මෝටාර් සහ නියමුවන් රහිත ප‍්‍රහාරක යානා නගරයේ උතුරු සහ නැගෙනහිර දෙපසින්ම භාවිතා කළහ. නමුත් ප‍්‍රධාන කාරණය වන්නේ ඔවුන් තවමත් විරෝධය පෑම බිඳගෙන යෑමට සමත් වී නැත.

මෙහි විශාල වෙඩි බලයක් නැත. භාවිතා කරන බලවත්ම අවිය කුඩා ගිනි අවි වුවත් අපගේ අරමුණ ඔසවා තබන්නෙමු. මේ ප‍්‍රහාරවලට එරෙහිව අපේ අභිලාශයන් විරෝධය දක්වනු ඇත. කල්ලි සාමාජිකයින් විශාල පිරිසක් පහර දෙමින් සිටී. ඔවුහු බෙහෙවින් බියපත් වී ඇත. හැම තැනින්ම ප‍්‍රහාර එල්ලවිය හැකි බැවින් ඔවුන්ට රාත‍්‍රියේ දී ඉදිරියට යන්නට බැරිය.

මෙහි සිටින අපගේ සියළු මිතුරන්ගේ උද්‍යෝගය ඉතා ඉහළ මට්ටමක පවතී. ඔවුන් කිසිවෙක් තමන් සිටින ස්ථානයෙන් එක පියවරක් වත් පසුපසට නොගනු ඇත. වෙනත් විදියකින් කියන්නේ නම්, ඔවුහු දිගින් දිගටම ප‍්‍රහාර සූදානම් කළද, දැවැන්ත තාක්ෂණයක් තිබුණද ඔවුන්ට පියවරක්වත් ඉදිරියට ගමන් කළ නොහැකිය. ඔවුන් අපව තම්බන්නට උත්සාහ කලත් එය කළ නොහැක. ඔවුහු ටැංකි, පැන්සර් යොදාගෙන ඇතුල් වෙන්නට උත්සාහ කලත් අපේ මිතුරන් ඒවා විනාශ කළහ. මෙහි කෙටි දුර ගැටුම් දිගින් දිගටම පවතී. මුල පිරීම පවතින්නේ අපේ දෑත්වලයි. ඔවුහු එතරම් නීර්භිත නොවෙති. ඔවුන්ට එවැනි පියවරක් ගත නොහැකිය; තුර්කි රජය මේ වන විටම කල්ලි සාමාජිකයින් පලා යෑම වැළැක්වීමට තාප්පයක් ඉදි කිරීමට පටන් ගෙන සිටියි.

මෙය දැනට පවතින තත්ත්වයයි. සෙරෙකෙනියේ කර්මාන්ත දිස්ත‍්‍රික්කයේ හවාර්නෝ ලෙස හඳුන්වන ස්ථානයේ සමහර කණ්ඩායම් සීමාවට බෙහෙවින් ආසන්නව සිටී. එහි කල්ලි සාමාජිකයින් නිවාස කිහිපයක් අත්පත් කරගෙන සිටී. මේ වන විටත් ටිල් හලීෆ් සහ සවුර්නෝ ගේ පස මිතුරන් ශක්තිමත් ඉදිරි පෙලක් තනා තිබේ. සමහර වෙලාවට ටිල් සිට සෙරෙකෙනියේ දක්වා ඇති මාවත වසා තබා ඇත. එහෙත් බොහෝ වෙලාවට එය විවෘතව පවතී. අපේ මිතුරන් මාවත් අල්ලාගෙන සිටී.

සාමාන්‍ය තත්ත්වය යහපත්ය. අද සටනෙහි 8 වන දිනයි. කුමක් සිදු වුවත් එය දිගටම ගෙනයයි. කවුරුන් පැමිනෙන්නේද කවුරුන් පිටවන්නේද යන්න ගැටළුවක් නොවේ. මෙහි ඇති ප‍්‍රධානතම දේ සටන් කිරීමයි. මෙහි සිටින කුර්දි ජනතාවගේ සහ රොජාවාවල සිටින මිනිසුන්ගේ සුභ සිද්ධිය උදෙසා සටන් කිරීමයි. මෙයට මූල කඳවුරක් අවශ්‍ය කරයි. අපි මෙය කඳවුරක් ලෙස ගනිමු. සිදු වන්නේ කුමක් වුවත් කමක් නැත. අපි අවසානයක් දක්වා සටන් වදිමු!

හැම සහෝදරයෙකුටම මෙය දන්වන්න!
හැම කෙනෙකුටම මෙය දන්වන්න!