Category Archives: Colombia

24 නොවැම්බර් ජාත්‍යන්තරවාදී දිනය – කොලොම්බියාව: ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීම

නොවැම්බර් 24 – ඉන්දියාවේ මහජන යුද්ධයට සහාය දැක්වීමේ දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපාරය – කොලොම්බියාව

ඉන්දියාවේ මහජන යුද්ධය දිගු කල් දිනේවා! ජන සංහාරක ප්‍රහාර් 3 මෙහෙයුම ආපසු හරවාගනු! ශ්‍රේෂඨ ඉන්දියානු විප්ලවය ඉදිරියට

ඉන්දියානු විප්ලවය සඳහා නොවැම්බර් 24 ජාත්‍යන්තරවාදී දිනය

කොලොම්බියාවේ කොමියුනිස්ට් කම්කරු සංගමය (Unión Obrera Comunista (mlm)), මෙම ශ්‍රේෂ්ඨ මුලපිරීම සඳහා සහයෝගය දක්වමින් සම්බන්ධ වන අතර, ඒ සඳහා සිය සටන්කාමීන්, පූර්ව සටන්කාමීන්, හිතවාදීන් සහ කොමියුනිස්ට් සහ විප්ලවවාදී මිතුරන් කැඳවනු ලබයි:

මෙම සටන් පාඨ ප්‍රචාරය කරන්න, පින්තාරු කරන්න. පෝස්ටර් වල අඳින්න:

ප්‍රහර් 3 ජන ඝාතන මෙහෙයුමට මුහුණපා සිටින ඉන්දියාවේ මහජන යුද්ධය දිගුකල් දිනේවා!

ලෝක නිර්ධන පංති විප්ලවය සහ ඉන්දියානු විප්ලවය දිගුකල් දිනේවා!

PDF Link Download

කොලොම්බියාවේ මාක්ස්වාදී ගරිල්ලා කණ්ඩායමක් වන ELN මගින් සොල්දාදුවන් 5ක මරා දමා 10 දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදු කොට ඇත.

කොලොම්බියාවේ මාක්ස්වාදී ගරිල්ලා කණ්ඩායමක් වන ELN මගින් සොල්දාදුවන් 5ක මරා දමා 10 දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදු කොට ඇත.

මාක්ස්වාදී කැරලිකාර කණ්ඩායමක් වන ELN ගරිල්ලන් විසින් එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයෙන් කොලොම්බියානු සොල්දාදුවන් 5 දෙනෙකු මිය ගොස් දස දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. අඟහරුවාදා දින වෙනුසියුලාවට ආසන්න සන්තන්දර් පළාතේ හමුදා රථයක් ඉලක්ක කොට බෝම්බ ප‍්‍රහාරය එල්ල කොට ඇත.

ප‍්‍රකාශයෙන් කියැවුණේ වෙනිසියුලාවේ ඊසාන දිග දේශසීමාවේ උපායික මෙහෙයුම් අතර පිපිරීම සිදුව ඇති බවයි. කෙසේ හෝ හමුදාව තොරතුරු ලබා දීමෙන් වැළකී සිටියි. ප‍්‍රහාරයට දිනකට පසුවද ප‍්‍රකාශනය නිකුත් වුවත් පැහැදිලිව කිසිවෙක් විසින් මෙතෙක් වගකීම බාරගෙන නැත.

කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් ප‍්‍රහාරය දැඩි ලෙස හෙලා දැක ඇත. ඔහු සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් මේ ප‍්‍රහාරයට සම්බන්ධ අයට එහි වගකීම ගැනීමට සිදුවන බව ප‍්‍රකාශ කොට ඇත. කොලොම්බියානු රජය ෑඛභ සමග පැවැත් වූ සාම සාකච්ඡා ජනවාරියේ දී අවසන් කළ අතර පළමු වතාවට සටන් විරාමය