Blog Archives

නිර්ධන පංති ජාත්‍යන්තර වාදයේ ධජය ඉහළින්ම ඔසවමු !

නිර්ධන පංති ජාත්‍යන්තර වාදයේ ධජය ඉහළින්ම ඔසවමු !

‘‘ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීම සඳහා වන සහයෝගිතා ව්‍යාපාරයේ’’ සාර්ථකත්වය උදෙසා විප්ලවීය ආචාරය (LAL SALAM)!

 

india-ganapathi

ආදරණීය සහොදරවරුනි,

අපේ පක්‍ෂය, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මා ඕවාදී) වෙනුවෙන්, මහජන විමුක්ති ගරිල්ලා හමුදාව වෙනුවෙන්, විප්ලවීය ජනතා කමිටු වෙනුවෙන්, විප්ලවීය ජනතා සංවිධාන සහ ඉන්දියාවේ විප්ලවීය ජනතාව වෙනුවෙන් අපි අපේ උණුසුම් ම විප්ලවීය සුභ පැතුම් සහ හද පත්ලෙන් නැගි විප්ලවීය උත්තමාචාරය, ඉන්දියාව තුළ සහ විදේශයන් හි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයට (NDR) උපකාර කිරීමට සහ සහයෝගය දැක්වීමට විශාල ප‍්‍රයත්නයක් දැරූ, ‘‘ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීම සඳහා වන සහයෝගිතා ව්‍යාපාරය’’ 2012 නොවැම්බර් 24 වන දින හැම්බර්ග් නුවර සාර්ථක ලෙස පැවත්වූ, ඉන්දියාවේ හෝ විදෙස් රටවල්වල සියළුම පක්‍ෂ, සංවිධාන සහ පුද්ගලයන්ට පුද කරමු.

ඔබේ පණිවුඩ සහ කථාවන් අපට සැබෑ ජාත්‍යන්තරවාදී ආත්මයක් ඇති කරන ලදි, ඉන්දියාව තුළ පංති සතුරා සමග බිහිසුණු යුද්ධයක් කිරීමෙන් ලෝක සමාජවාදී විප්ලවයේ සටන් පෙරමුණේ සටන් වදින සහෝදරවරුන්ට සහ පීඩිත ජනතාවට අවශ්‍ය වූ සදාචාරාමය සහයෝගය ලබා දෙන ලදි. දිනෙන් දිනම මෙහි කටුක සහ මර්ධනකාරී තත්ත්වය ඇවිස්සෙන බව ඔබ සෑම කෙනෙක් ම දනී, එබැවින් කලට වේලාවට අපට ඔබ සෑම කෙනෙකුගේම පණිවුඩ නොලැබුණු අතර ලැබී තිබුණු පණිවුඩ ළඟා නොවුණි, ළඟා වූයේ බොහෝ ප‍්‍රමාද වීමෙන් පසුව ය. ඔබේ උසස් කර්තව්‍ය ට ප‍්‍රතිචාර දැක්වීමට ප‍්‍රමාද වීම ගැන අපි බෙහෙවින් කණගාටු වන්නෙමු.

විශේෂයෙන් ම තරුණයන්, ශිෂ්‍යයින්, කාන්තාවන් සහ ක‍්‍රියාකාරකයින් සංස්කෘතික ක්‍ෂේත‍්‍රය තුළ කොටස්කරුවන් වී හැම්බර්ග් සම්මේලනය තුළ සක‍්‍රීය දායකත්වයක් සැපයීම අප ව දිරිමත් කරයි. ලෝකයේ සෑම අස්සක් මුල්ලක ම සහයෝගිතා ව්‍යාපාර ගැන වූ වාර්තා අපව ධෛර්යයෙන් උණුසුම් කරන ලදි, වැදගත්ම දෙය මේ සියලූ සහයෝගීතාවයන් අපව වඩාත් නිහතමානී කළ අතර ලෝක නිර්ධන පංතිය පිළිබඳ වගකීම් වලින් අපව පුරවා ලන ලදි, අපේ කාර්යභාරයේ දාෂ්ඨිය වන්නේ ලෝක නිර්ධන පංති විප්ලවයයි. මේ ව්‍යාපාරය තුළ හවුල්කරුවන් වීමට සහ එම භූමිකාව තුළ ක‍්‍රියා කිරීමට අපි කැමැත්තෙන් සිටිමුු, නමුත් සතුරාගේ පෙර නොවූ විරූ අන්දමේ ආක‍්‍රමණයන් හමුවේ, අපට එය කළ නොහැකි විය.

1999 දී සහෝදර ෂ්‍යාම්, මහේෂ් සහ මුරලි ගේ දිවි පිදීම හෝ මෑත කාලයේ සහෝදර අෂාඞ් සහ කිෂෙන්ජි ගේ දිවි පිදීමේ දී, ඉහළ මට්ටමට සිදුවූ බරපතල හානි වල දී මෙන්, ශෝක ජනක හෝරාවන් හි දී ඔබ අප සමග අත්වැල් බැඳ ගත්හ. ඔවුහු හැම කෙනෙක්ම ශ්‍රෙෂ්ඨ නායකයින් වූ අතර අධිරාජ්‍යවාදීන්ගේ සහය ඇතිව ඉන්දීය පාලක පංතිය විසින් ඔවුන්ව ඝාතනය කරනු ලැබිණි. ඔබේ ප‍්‍රකාශනය ‘‘ඉන්දියාවේ මා ඕවාදී අරගලය අපේ අරගලයයි, ඔවුන්ගේ පරාජය අපේ පරාජයයි’’ දුක ශෝකය මැඩගෙන අභීත ධෛර්යයකින් යුතුව ඉදිරියට යෑම සඳහා අපිට අතිශයින් අවශ්‍ය වූ, අපේ හදවත් ආත්ම විශ්වාසයෙන් සහ ජාත්‍යන්තරවාදී ආත්මයෙන් පුරවා තිබේ.

නිර්ධන පංති ජාත්‍යන්තරවාදය උදෙසා, ලෝක අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තීව‍්‍ර කිරීමේ කොටසක් ලෙස, ඉන්දියාවේ මහජන යුද්ධයට දෙනු ලබන සහය දෙගුණ කිරීම, ඉන්දියවේ සහ ලෝකයේ දිවි පිදූවන්ට ගෞරවය දැක්වීම සඳහා ඇති මග ලෙස ඔබ නිවැරදිව ප‍්‍රකාශ කර තිබේ, හැම්බර්ග් සම්මේලනය ඔබ විසින් ගෙන ඇති වගකීම ඉෂ්ට කිරීම පෙන්වාදෙන, තවත් පියවරක් බව අපි විශ්වාස කරමු.

තිර ලෙසම ඔබ හැම ඉන්දියානු රජය හෙලා දුටු අතර අවංක කෝපයෙන් යුතුව ජනතාවට එරෙහිව සිදු කරන යුද්ධය වහා අවසන් කරන ලෙස බල කොට විරෝධය දක්වා තිබේ. විවිධ පක්‍ෂ, සංවිධාන, නිර්ධන පංතියේ තනි පුද්ගලයින් සහ විවිධ රටවල ජනතාව ප‍්‍රකාශ කළ උණුසුම් ජාත්‍යන්තර සහෝදරත්වය, විප්ලවීය ව්‍යාපාරයේ ක්‍ෂේත‍්‍රය තුළ සිටින ජනතාව ගේ මතකයේ රැුඳෙනු ඇත, මක්නිසාද යත් මෙය නිසැකව ම  ඕනෑ ම අව්‍යාජ ජනතා ව්‍යාපාරයක් ලැබිය යුතු සහයෝගයක් වන බැවිණි.

ඔබ ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දැක්වීම සඳහා ලොව පුරාම ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත, විශේෂයෙන් ම අධිරාජ්‍යවාදී තිරිසනුන් ගේ ගැබ වන, ඔබෙන් බොහොමයක් ක‍්‍රියාකාරී වන රටවල් තුළ, අප සහ ජනතාව ලෝක විප්ලවයේ එක් කුණාටු මධ්‍යස්ථානයක් තුළ සටන් වදින්නේය යන අරුත දැඩි ලෙස වටහා ගෙන තිබේ.

අපි ඉතා ඉහළින් ම මේ වර්ගයේ උපකාර සහ සහගෝගීතාවයන් ඉහළින්ම අගය කරන අතර අපි ලෝකයේ සෑම තැනකම සටන් වදින අනෙක් පක්‍ෂ සහ ජනතා සංවිධාන වලට එසේම සහය දෙන බව දැඩි ලෙස ප‍්‍රකාශ කර සිටිමු. මේ වර්ගයේ සහයෝගීතාවයන් සටන්කරුවන්ට විශිෂ්ට ආත්ම විශ්වාසයක් ලබා දෙන්නේ, ඔවුන්ගේ අරගලය තුළ ඔවුන් තනි වී නැති බව සහතික කරවමිනි. ඉතා පැහැදිලිව එය නැවත වරක් පෙන්වා දෙනු ලබන්නේ අප මුහුණ දෙන පොදු සතුරා, අධිරාජ්‍යවාදය, උන්ගේ රූකඩ/ගැත්තන් සහ ලෝකය මුළුල්ලේම සිටින සියළුම වර්ගයේ ප‍්‍රතිගාමීන් බවයි. එය ජනතාවගේ සටන්කාමී ආත්මය ඉහළ නංවයි, ප‍්‍රමෝදයට පත් කරයි එමෙන්ම ව්‍යාපාරය දිගටම ඉදිරියට ගෙන යෑමට ඔවුන්ට උදව් කරයි. අපේ පක්‍ෂය, මහජන විමුක්ති හමුදාව, විප්ලවීය ජනතා කමිටු, විප්ලවීය ජනතා සංවිධාන, අපේ රටේ විප්ලවිය ජනතාව සහ සියළුම ප‍්‍රගතිශීලී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලට සත්‍ය වශයෙන් ම එවැනි සමගියක් අභ්‍යන්තරව සහ ජාත්‍යන්තර පරිමාණයෙන් අවශ්‍යය. මෙය මහජන යුද්ධය ආරක්‍ෂා කිරීමට සහ එය තවදුරටත් සංවර්ධනය කිරීමට අතිශයින් ම වැදගත් ය.

ඉදිරියට යන ඉන්දියාවේ මහජන යුද්ධයට සහයෝගීතාවය ප‍්‍රකාශ කළ සෑම පක්‍ෂයක් සහ සංවිධානයක් ම ඔවුන්ගේ රටවල්වල විප්ලවයේ සන්දර්භයන්ට පමණක් නොව අනෙක් රටවල්වල විප්ලවයේ සන්දර්භයන්ට ද සහයෝගීතාවයේ පැවතිය යුතු ය, යන මේ කාර්යය මූලධර්මයක් ලෙස පිළිගෙන තිබේ. අපිට අයත් රටවල් වල විප්ලවය ඉදිරියට ගෙන යෑමේ මූලධර්මය අනෙක් රටවල්වල විප්ලවයන්ට සහය දීම පිණිස නැගී සිටීමේ හොඳම මග බව මේ සම්මේලනය දැඩි ලෙස ම ප‍්‍රකාශ කළ අතර අපි මුළුමනින් ම එයට එකඟ වන්නෙමු. ඉන්දියාවේ මා ඕවාදීන් වන අපි, එම ආත්මයෙන්ම වැඩ කරන්නෙමු, එමෙන්ම එය අව්‍යාජ විප්ලවවාදීන් විසින් නායකත්වය සපයනු ලැබූ නක්සල්බාරි ගොවියන්ගේ සන්නද්ධ අරගලයේ දින සිට ම හැමවිට ම අපේ භාවිතාවේ ප‍්‍රමුද්‍රාවක් වීය.

අපේ පක්‍ෂය නක්සල්බාරි අරගලයේ උරුමය තවදුරටත් රැුගෙන යයි, ලෝක සමාජවාදී විප්ලවයට අනුකූල වන දෙයක් ලෙස ඉන්දියාවේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය අපි රැුගෙන යන්නෙමු, කෙසේද යත් කොමියුනිස්ට් පක්‍ෂය, ලෝක නිර්ධන පංති යුධ පෙරමුණේ බල ඇණියක් ලෙස, මහජන විමුක්ති හමුදාව ලෝක නිර්ධන පංති හමුදාවේ බල ඇණියක් ලෙස සහ විප්ලවීය ජනතා කමිටු ගෝලීය නිර්ධන පංති ආඥදායකත්වයට හෝ ගෝලීය සමාජවාදී රාජ්‍යයට අනුකූල වන කොටසක් ලෙස මෙහි පිහිටුවා ඇත. අපේ විප්ලවයේදී ජනතාව සහ සහෝදරවරු ලබා දී ඇති නොගිණිය හැකි සහ මැහැඟි පරිත්‍යාගයෝ, වූ කලී ලෝක සමාජවාදී විප්ලවය වෙනුවෙන් එක් එක් රටවල්වල අප‍්‍රමාණ වූ දිවි පිදූවන් හා අනුකූල වූ අංගයකි. මේ අවබෝධයෙන් යුතුව, වත්මන් ඉන්දියාවේ විවිධ වූ අව්‍යාජ විප්ලවවාදීහු, වියට්නාමය, ලා ඕසය සහ කාම්බෝජයේ විප්ලවයන් සහ පලස්තීනයේ සහ ශ්‍රී ලංකාවේ දමිල ජාතික විමුක්ති අරගලය යනාදී, එමෙන්ම ඉරාක සහ ඇෆ්ගන් ජනතාවගේ විරෝධය දැක්වීමේ අරගල හා බැඳුණු ප‍්‍රකට සහයෝගිතා ව්‍යාපාර අතුළුව, නක්සල්බාරි අවධියේ සිට ම, අනෙක් රටවල්වල විප්ලව සහ ජනතා ව්‍යාපාර වලට සහය දීමේ සහයෝගිතා ව්‍යාපාරයන් අවබෝධ කර ගෙන ඇත. මෑත දී අප සිදු කළ සහයෝගිතා ව්‍යාපාරය වන්නේ අපේ පක්‍ෂය ආමන්ත‍්‍රණයෙන් 2013 අපේ‍්‍රල් 22-28 යන දිනයන්හි පිලිපීන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයට සහය දැක්වීම යි.

අනෙක් අතට, එවැනි සහයෝගිතා ව්‍යාපාර වලින් සදාචාරමය සහ ද්‍රව්‍යමය ශක්තිය අත් කරගන්නා, විප්ලවීය ව්‍යාපාර ඉදිරියට ගමන් කිරීමෙන් ම පමණක් එවැනි සහයෝගිතා ව්‍යාපාර පැවතීමට සහ වඩා ශක්තිමත් වීමට හැකි බව අපේ පක්‍ෂය විශ්වාස කරයි. අද පවතින ලෝක තත්වයේ දී සෑම විප්ලවවාදියෙක් ම මේ අන්තර්ක‍්‍රියාව ගැඹුරු ලෙස ම තේරුම් ගත යුතු යි, හැම්බර්ග් සම්මේලනය මේ සඳහා නිවැරදි පියවරක් තැබීමට හැකිවූ බව අපි සිතන්නෙමු, මන්ද එය එහිදී තේරුම් ගෙන ඇති බැවිණි.

හරිත දඩයම් මෙහෙයුම නමැති නාමයෙන් රට පුරා දියත් කර ඇති බහු-දැති ආක‍්‍රමණය, වඩාත් උචිත ලෙස ජනතාවට එරෙහි යුද්ධයක් ලෙස හැඳින්විය යුතුය, එහි අංගයක් ලෙස, මධ්‍යම සහ ප‍්‍රාන්ත රජයන් වල කුලී ඝාතක සන්නද්ධ බල ඇණි මගින්, ගිණිය නොහැකි මිලේච්ඡු දාමරික කම් සිදු කරන ලදුව, අති මහත් ජනතාවකගේ කෝපයට පාත‍්‍ර වී, විවිධ අර්ථයන්ගෙන්, ඉන්දියාව තුළ සහ ලෝකය පුරා යන දෙතැන දීම, එය වහාම නවත්වා දමන ලෙස අණ කරමින්, විශාල විරෝධතා සහ ව්‍යාපාර ඇති වීමට සැලැස්වූහ. විප්ලවවාදී, ප‍්‍රගතිශීලී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ඉන්දියාවේ සටන් වදින ජනතාවට සහය දීම වෙනුවෙන් පහර දීම නවත්වන ලෙස ඉන්දීය රජයට පීඩනයක් ඇති කිරීමට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙන් නොනවතින පරිශ‍්‍රමයක් දරන ලදි. ලොව පුරාම කොමියුනිස්ට්වාදී විප්ලවීය බලවේග ඉන්දියාවේ මහජන යුද්ධය සමග ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ඉදි කිරීමට නිවැරදි මුලපිරීමක් සිදු කළහ. හරිත දඩයම් මෙහෙයුම නවත්වා දැමීමේ ව්‍යාපාරය සහ ඉන්දියාවේ මහජන යුද්ධය සඳහා සහයෝගීතාව දැක්වීමේ ව්‍යාපාරය එකිනෙකට අනුපූරක වේ, හරිත දඩයම් මෙහෙයුම-නාශක වැඩසටහන් ඉන්දියානු විප්ලවය සමග වන සහයෝගීතා ව්‍යාපාරයට අනුකූල වූ අංග විය යුතුයි, මක්නිසාද යත්, සතුරා විසින් ජාතික මට්ටමින් ගෙන යන බහු-දැති යුධ ව්‍යාපාරය පරාජයට පත් කිරීම අප අභිමුඛව ඇති හදිසි කර්තව්‍යයකි.  මේ වන විටත් ක‍්‍රියාවට නැංවී ඇති, ලෝක ව්‍යාප්ත අධිරාජ්‍ය විරෝධී පෙරමුණක් ඉදි කිරීමේ ඉලක්කය ඇතිව, හරිත දඩයම් මෙහෙයුම අවසන් කිරීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට, ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දෙන කොමියුනිස්ට් බලවේග සඳහා හැකිතාක් පුළුල් ලෙස අධිරාජ්‍ය විරෝධීන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ විප්ලවීය බලවේග සංවිධානය කිරීමට පරිශ‍්‍රම දැරීම සඳහා හෝරාවක් අවශ්‍ය බව අපේ පක්‍ෂය විශ්වාස කරයි. වැඩිදුරටත් ලෝකය පුරා සිටින කොමියුනිස්ට් බලවේගයන්ගේ එක්සත්කම ශක්ති සම්පන්න කිරීම ඉන්දියානු විප්ලවයට විශාල සහයෝගයක් ලබා දෙයි.

අධිරාජ්‍යවාදී ක‍්‍රමය එය ආරම්භයේ සිට ම රැුගෙන ආ නරක ම අර්බුද තුළින් ගමන් කරයි, අනෙක් අතට, කම්කරු පංතියේ සහ අනෙක් පීඩිත පංතීන් සහ ජනතාවගේ කොටස් වල ඇති අරගල, ජාතික විමුක්ති අරගල සහ මහජන යුද්ධ අර්ද-රදළ සහ අර්ධ-විජිත රටවල වර්ධනය වේ. අර්ධ-රදළ සහ අර්ධ-විජිත හෝ නව යටත් විජිතවාදී රටවල්වල නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සහ ධනවාදී-අධිරාජ්‍යවාදී රටවල්වල සමාජවාදී විප්ලවය, අසමාන මට්ටමින් ඉදිරියට යන, ලෝක සමාජවාදී විප්ලවයේ ධාරාවන් දෙකකි, මාක්ස් වාදය-ලෙනින් වාදය-මා ඕ වාදය වඩ වඩාත් ජනතාව විසින් ඔවුන්ගේ නියාමක මතවාදය ලෙස ග‍්‍රහණය කරනු ලබයි. අධිරාජ්‍යවාදීන්, සහ පීඩිත රටවල ඔවුන්ගේ ගැත්තන්/රූකඩ සහ සියළුම වර්ගයේ ප‍්‍රතිගාමීහු ලොව පුරා සියළුම පීඩිත ජනතාවගේ සහ ජාතීන්ගේ පොදු සතුරා බව ජනතාව තේරුම් ගැනීම වැඩි වෙමින් පවතී, එසේම සටන් කරන ශ්‍රේණීන්ට වඩ වඩාත් සම්බන්ධ වෙති. ලෝකය තුළ හා සියළුම රටවල් තුළ පවතින සෑම ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධතාවයක්ම දිනෙන් දින තීව‍්‍රව වැඩි වේ. හරියටම ගත් කළ, ලෝක තත්වය විප්ලවය සඳහා උත්කර්ශවත් තත්වයක පවතී. එසේම, ලෝකයේ හැමතැනම කොමියුනිස්ට්වරුන්ගේ හදිසි කර්තව්‍ය වනුයේ මේ විශිෂ්ඨ විෂය මූලික තත්වයන්ගෙන් ගත හැකි සෑම වාසියක්ම පීඩිත ජනතාව දේශපාලනිකව සංවිධානය කිරීමට සහ ඒකාබද්ධ කිරීමට සහ මනෝමූල බලවේග ශක්තිමත් කිරීමට ලබා ගැනීමයි, මක්නිසාද යත් විප්ලවය සාර්ථකව කළ හැක්කේ ශක්තිමත් නිර්ධන පංති පක්‍ෂයකට සහ ඒකාබද්ධ වූ ජනතාවකට පමණි.

ලෝක ධනවාදී ක‍්‍රමය වත්මන් මූල්‍ය අර්බුදය තුළ වඩ වඩාත් ගිලෙමින් පවතී. එය සමස්ත ධනපති ක‍්‍රමය තුළ පවතින අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාවයන් තීව‍්‍ර කොට දැවැන්ත මහජන ව්‍යාපාර, කැරලි සහ විප්ලවයන්ට උපත ලබා දුන්හ. අපේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී ගුරුවරයා වන ලෙනින් ගේ විශ්ලේෂණයට අනුව, අධිරාජ්‍යවාදය දැනටමත් මරණ මංචකය මත සිටී, තවද පවත්නා අර්බුදය මෙය සිත්ගන්නා සුළු ලෙස තහවුරු කර පෙන්වයි. අසමාන ධනවාදී ලෝකයක් තුළ, විවිධ රටවල්වල අර්බුද අසමාන අයුරින් පරාවර්තනය වේ. කොමියුනිස්ට්වාදීන් වන අපි අපේ රටවල මූර්ත භාවිතාවන්ට මාක්ස් වාදය-ලෙනින් වාදය-මාඕ වාදය යන, විශ්ව න්‍යාය ආදේශ කළ යුත්තෙමු, තවද අපේ සූදානම්වීම් හා භාවිතාවන් අපේ විප්ලවයන් සාර්ථකත්වය කරා මෙහෙයවීමට අනුකූල විය යුතුය. ඔබ සැම කෙනෙක්ම නිවැරදි ලෙස ප‍්‍රකාශ කළ පරිදි, ධනවාදී රටවල් තුළ කම්කරු, ශිෂ්‍ය, කාන්තා ආදී ව්‍යාපාර සංවර්ධනය කළ යුත්තාහ, අනෙක් රටවල්වල මහජන යුද්ධයන්ට සහය දීම වූ කලී සෑම නිර්ධන පංති පක්‍ෂයක් සඳහාම වෙන් කළ නොහැකි ජාත්‍යන්තර කර්තව්‍යකි.

මේ සම්මේලනය සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන එය සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කළ සියළුම සහෝදර පක්‍ෂ සහ සංවිධාන අප කෙරේ තැබූ දෘඩතර විශ්වාසයට ප‍්‍රතිචාරයක් ලෙස, අපි තවත් වරක් ලෝක සමාජවාදී විප්ලවය වෙනුවෙන් දිවි පිදූවන්ගේ සිහින මුදුන් පමුණුවා ගැනීමට, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ බරපතල අහිමිවීම් සහ සමහර ප‍්‍රදේශවල සහෝදවරුන්ගේ අහිමිවීම් නොතකා ඉන්දියානු විප්ලවය ශක්තිමත්ව සහ සාධනීයව ඉදිරියට රැගෙන යන බවට ප‍්‍රතිඥ දෙමු.

ජාත්‍යන්තර සම්මේලනය අධිරාජ්‍යවාදයට සහ ඉන්දියාවේ පාලක පංතියට වැරෙන් පහර ගැසූහ, එම මොහොතේදී ම, නිර්ධන පංති මහා සාගරය සහ පීඩිත වැඩ කරන ජනතාව ඉන්දියාවේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සහ ලෝක සමාජවාදී විප්ලවය ගැන වූ බලාපොරොත්තු වලින් පිරී ගත්හ.

මේ පසුබිම තුළ, ඔබ ඉදිරියේ අපි නැවත වරක් ලෝක නිර්ධන පංති විප්ලවයේ දිවි පිදූවන්ගේ උත්තුංග අරමුණු අප විසින් රැුගෙන යන බවට සහතික වන්නා සේම වංගු සහිත දිග්ගැස්සුණු මාවතක උෙද්‍ය්ගයෙන් පිය නගන අපේ පක්‍ෂයේ සහ ඉන්දියාවේ විප්ලවීය ජනතාවගේ සටන්කාමී ආත්මය බිඳකින් හෝ අඩු කිරීමට ෆැසිස්ට්වාදී මර්ධනයට කළ නොහැකි බව ප‍්‍රකාශ කරමු. අපි නවමු ලෙස පණ ගැන්වුණු ධෛර්යකින් යුතුව සියළුම වර්ගයේ තරඟකාරීත්වයන්ට අභීතව මුහුණ දෙමින් සහ පරිත්‍යාගයන් සිදු කරමින් අවසාන ජයග‍්‍රහණය දක්වා පෙරට යන්නෙමු. මේ අප විසින් ජාත්‍යන්තර නිර්ධන පංතියට, සියළුම මිතුරන්ට සහ ඉන්දියානු විප්ලවයේ හිතවතුන්ට ලබා දෙනු ලබන ප‍්‍රතිඥවයි.

  • නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා!

  • ජාත්‍යන්තර නිර්ධනීන්ගේ, විප්ලවීය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන්ගේ සහ ලොව පුරා පීඩිත ජාතීන්ගේ සහ ජනතාවන්ගේ සමගිය දිගු කල් දිනේවා!

විප්ලවීය සුභ පැතුම් සමග,
ගණපති, ලේකම්, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී)

Advertisements

ඉන්දියානු මහජන යුද්ධයට මනිපූර්හි සහයෝගිතා පණිවුඩය

ඉන්දියානු මහජන යුද්ධයට මනිපූර්හි සහයෝගිතා පණිවුඩය

ඉන්දියාවේ මහජන යුද්ධයට සහයදීමේ ජාත්‍යන්තර සහයෝගිතා දිනය වෙනුවෙන්, අපි මනිපූර්හි පීඩිත ජනතාව වෙනුවෙන් මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයට සහ එහි මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට අපේ සහයෝගිතාවයේ විප්ලවීය සුභ පැතුම් පිරිනමමු!

ස්තූතියි
සහෝදර ෂරාඞ්
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය මනිපූර්

 

බ‍්‍රසීලයේ සහයෝගිතා පණිවුඩය

බ‍්‍රසීලයේ සහයෝගිතා පණිවුඩය

පි‍්‍රය සොහොයුරනි

බ‍්‍රසීලයේ ප‍්‍රසිද්ධ කැරැල්ල අතරතුරදී ඉන්දියාවේ මහජන යුද්ධය පිළිබඳ ප‍්‍රචාරක කටයුතු රියෝද ජැනයිරෝ නුවර සහ බෙලෝ හොරිෂන්ටේ නගරවල සිදු කෙරෙමින් පවතී

ප‍්‍රවෘත්ති සහ තොරතුරු ඉක්මනින් ලබා දෙන්න

FRDDP

 

ටියුනීසියාවේ සහෝදරවරුන්ගේ සහයෝගිතා පණිවුඩය

ටියුනීසියාවේ සහෝදරවරුන්ගේ සහයෝගිතා පණිවුඩය

ටියුනීසියාව 6/18/2013
කොමියුනිස්ට් සුභ පැතුම්

සරසවියේ (ටියුනීසියාව) දේශපේ‍්‍රමී ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු වන අප,

ඉන්දියාවේ පුළුල් බහු ජනයාට සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) සහ ඉන්දියානු මහජන යුද්ධයට සහය දීමේ කමිටුවට අපේ සහය පළ කරමු, ඉන්දියාවේ මහජන යුද්ධයට සහ සන්නද්ධ විප්ලවීය අරගලයට අපගේ සහය.

මාක්ස්වාදය-ලෙනින්වාදය-මා ඕවාදය දිගු කල් දිනේවා, මහජන යුද්ධය දිගු කල් දිනේවා

සරසවියේ (ටියුනීසියාව) දේශපේ‍්‍රමී ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්

 

ජාත්‍යන්තර නිර්ධන පංතියට ඉතාලි මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය යවනු ලැබූ පණිවුඩය

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව ජුලි 1 වන දින සහයෝගිතා දිනයක් දියත් කොට ඇති අතර බොහෝ රටවල එය පැවැත්වේ.

ඉතාලියේ මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය (PCm) මෙම කමිටුව ඉදිකිරීමට සහ 2012 නොවැම්බර් 24 වන දින හැම්බර්ග් හි පැවැත් වූ ජාත්‍යන්තර සම්මේලනය පැවැත්වීම වෙනුවෙන් තීරණාත්මක දායකත්වයක් සපයා ඇති අතර, සියළුම කොමියුනිස්ට්වරුන්ට, විප්ලවවාදීන්ට, අධිරාජ්‍යවිරෝධීන්ට, නිර්ධන පංති අරගල සංවිධානයන්ට මේ දිනයෙහි කොටස්කරුවන් වීමට ආමන්ත‍්‍රණය කරයි.

ඉන්දියාව තුළ ඓතිහාසික සටන යුධ වදින්නේ ඉන්දියාවේ නිර්ධනීන් සහ ජනතාව සඳහා පමණක් නොව ගෝලීය මට්ටමින් ධනේශ්වරය සහ නිර්ධන පංතිය අතර, අධිරාජ්‍යවාදය සහ විප්ලවය අතර බලය තුලනය කිරීමටයි. ඉන්දියාවේ මහජන යුද්ධය සංඛ්‍යාත්මකව ගත්කළ සටන්කරුවන් අතින්, ගරිල්ලා කලාපවල පුළුල් බව අතින් සහ රාජ්‍ය බලය සහ ජනතා බලය අතර අරගලයට සම්බන්ධවී සිටින ජනතාව අතින් එය ලෝකයේ අද දින විශාලතම අධිරාජ්‍ය විරෝධී සහ විමුක්ති අරගලයයි.

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) සාමාජිකයින්ගේ සහ සටන්කරුවන්ගේ සංඛ්‍යාව අනුව ලෝකයේ තිබෙන ශක්තිමත්ම කොමියුනිස්ට් පක්‍ෂයයි.

අයෙකු මාඕවාදියෙකු වුවද නොවූවද කිසිවිටක සත්‍යයෙනක් බැහැර විය නොහැක.

මහජන යුද්ධයට පක්‍ෂව නැගී නොසිටින්නේ කවරෙක්ද, ඔවුහු අධිරාජ්‍යවාදයට, සංශෝධනවාදයට සහ අවස්ථාවාදයට පක්‍ෂව නැගී සිටී.

 

නිර්ධන පංති ජාත්‍යන්තරවාදය උදෙසා,
නිර්ධන පංතියේ ජයග‍්‍රහණය උදෙසා,
ජුලි 1 වැනි දින ගත හැකි සෑම පියවරක්ම ගනිමු!
ඉතාලියේ මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය (PCm)
ජුනි 17

ඉන්දියානු මහජන යුද්ධයට සහය දීම ජාත්‍යන්තරවාදී කොමියුනිස්ට්වාදීන් බව පෙන්වීමට ඇති මගයි

ඉතාලි මාඕවාදී සහෝදරවරු විසින් ජාත්‍යන්තර කමිටුවට යවනු ලැබූ පණිවුඩය

ඉන්දියානු මහජන යුද්ධයට සහය දීම ජාත්‍යන්තරවාදී කොමියුනිස්ට්වාදීන් බව පෙන්වීමට ඇති මගයි

අධිරාජ්‍යවාදයට, එහි අර්බුදවලට, එහි යුද්ධවලට, එහි අපරාධවලට එරෙහිව දිළිඳුම ස්ථානයේ සිට පොහොසත්ම ස්ථානය දක්වා වූ ලෝකයේ සෑම රටකම නිර්ධන පංතික සහ ජනතා අරගල, විරෝධය දැක්වීම්, කැරලි ගැසීම් දක්නට ඇත.

ජනතාව එය සිදු කරනු ලබන්නේ විවිධ ආකාරයන්ගෙනි, ඔවුන් සොයාගන්නා අන්තර්ගතයන්ට අනුව ඔවුන්ගේ දැනුවත් බවේ මට්ටම්වලට අනුව, සංවිධානවල ආකාරයන් අනුව, සිරිත් විරිත් සහ සම්ප‍්‍රදායන්ට අනුවයි.

හැමවිටම අරගලවලට, විරෝධතාවයන්ට, අධිරාජ්‍යවාදීන්ට එරෙහි කැරලිවලට, ඒවා මෙහෙයවන්නන් කොමියුනිස්ට්වරු නොවූවද, එමෙන්ම බොහෝවිට ප‍්‍රගතිශීලී නොවූවද ජාත්‍යන්තරවාදී කොමියුනිස්ට්වරු ඒවාට සහය දෙයි. නමුත් අධිරාජ්‍යවාදයට එරෙහි අරගල ජනතාවට ජයගත හැක්කේ ඒවා දේශපාලනිකව මෙන්ම යුධමය වශයෙන් පරාජය කිරීමෙන්ම පමණක් බව කොමියුනිස්ට්වරු දනිති. කොමියුනිස්ට් පක්‍ෂයක් නොමැතිව ජනතාවට අධිරාජ්‍යවාදයට සහ අතවැසි රජයන්ට එරෙහි ජයග‍්‍රහණයන් ලබා ගත නොහැක. නිර්ධන පංතික සහ කොමියුනිස්ට් නායකත්වයක් යටතේ, ජනතාව විසින් සිදු කරනු ලබන, මහජන යුද්ධයක් නොමැතිව, අධිරාජ්‍යවාදයට එරෙහි බාධා ඇති කිරීම, සටන් කිරීම, පහරදීම සිදු කළ හැක, නමුත් ඔබට ජය ගත නොහැක.

මෙන්න මේ කාරණය නිසා කොමියුනිස්ට්වරු විශේෂයෙන්ම අධිරාජ්‍ය විරෝධී මහජන යුද්ධයක් මෙහෙයවීම සිදු කරන අව්‍යාජ කොමියුනිස්ට් පක්‍ෂ සමග නැගී සිටිති. මේ අය ඔවුන්ගේ සහෝදරවරු වෙති, ඔවුහු ඔවුන්ට සම්බන්ධ විය යුත්තාහ, ඔවුන් සමග අපේ පොදු යුද්ධය රැගෙන යා යුත්තාහ. අධිරාජ්‍යවාදයට එරෙහි සැබෑ විකල්පය මෙය වන අතර ජය ලබා ගැනීමටද හැකියාව ඇත.

ජාත්‍යන්තරවාදී කොමියුනිස්ට්වරු ලෙස, ඉන්දියාවේ මහජන යුද්ධයට සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) ට අපි සහය දෙන්නෙමු, මක්නිසාදයත් එය අද ලෝකයේ වඩාත් වැදගත්ම මහජන යුද්ධය වන නිසායි, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) ලෝකයේ තිබෙන විශාලතම කොමියුනිස්ට් පක්‍ෂයයි, ඉන්දියාවේ තිබෙන විවිධ සන්දර්භයන් (අන්තර්ගතයන්) හි සිට අපිට ඉගෙන ගැනිමට බොහෝ දේවල් ඇත. ජාත්‍යන්තරවාදයේ සැබෑ ප‍්‍රකාශ වීමක් ලෙස, අපේ රට තුළ කැරැල්ලක ජයග‍්‍රහණය මුදුන් පමුණුවා ගැනීමෙන් විප්ලවය කිරීමය අපේ අරමුණයි. අපට ලබා දිය හැකි ඉහළම සහයෝගය වන්නේ එයයි.

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) ට සහ මහජන යුද්ධයට, මතවාදී, දේශපාලනික, සංවිධානමය සහය දීමේ සටන වූ කලී අප රටේ විප්ලවය දියත් කිරීම උදෙසා වූ කාර්යභාරයේ අත්‍යාවශ්‍යම වූ අංගයකි.

මෙය වටහා නොගන්නා කිසිවෙකු, මාක්ස්වාදය-ලෙනින්වාදය-මා ඕවාදය විකෘත කරයි, තම තමන්ගේ රටවල්වල විප්ලවය ගැන පමණක් සිතීම වූ කලී සැබෑ දෙයක් නොවේ, එය එම රටවල්වල ප‍්‍රතිසංස්කරණවාදයයි, ආර්ථිකවාදයයි, සංශෝධනවාදයයි.

එමනිසා ලෝකය පුරා සිටින පොදුජනයා සහ රටවැසියන් උදෙසා, ලෝකයේ බල සංතුලනය උදෙසා, සමස්ත ලෝකය උදෙසා, ඉන්දියාවේ සිදුවී තිබෙන දෙයෙහි වැදගත්කම ඉක්මවා යන ප‍්‍රශ්නය වන්නේ වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් හෝ මහජන යුද්ධයට හෝ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) ට සහය නොදෙන්නා වචනයෙන් හෝ ක‍්‍රියාවෙන්වත් කොමියුනිස්ට්වාදියෙක් හෝ ජාත්‍යන්තරවාදියෙක් නොවේ.

ඉතාලි මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය
ජුනි 2013

 

ජාත්‍යන්තර තොරතුරු බුලටීනය

ජාත්‍යන්තර තොරතුරු බුලටීනය

ඉන්දියාවේ මහජන යුද්ධයට සහය දීමේ ජාත්‍යන්තර දින ලෝකය පුරා පක්‍ෂ සහ සංවිධාන විසින් දියත් කරන ලද ජාත්‍යන්තර සහයෝගිතා දිනයේ ප‍්‍රකාශනය, පණිවිඩ, ක‍්‍රියාකාරකම් සහ විශේෂ ලිපි ඇතුළත් තොරතුරු බුලටීනය (ඉංග‍්‍රීසි බසින්)

1JulBullettin13-7

ජාත්‍යන්තර තොරතුරු බුලටීනය භාගත කර ගන්න

Download Information Bulletin; PDF Format (3.61MB)