Category Archives: NPA- New People’s Army

පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික මාක්ස්-ලෙනින්-මාඕවාදී නායක ජෝසේ මාරියා සිසන් (කා ජොමා) සහෝදරයාට විප්ලවීය උත්තමාචාරය!

පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සභාපති වූ ජෝසේ මාරියා සිසන් නෙදර්ලන්තයේ උත්‍රෙච් රෝහලේ නේවාසිකව සති දෙකක කාලයක් ප‍්‍රතිකාර ගැනීමෙන් පසු වයස 83 කදී දිවියෙන් සමුගෙන ඇත.

පිලිපීනයේ පීඩිත ජනතාව, නිර්ධන පන්තිය සිය ගුරුවරයා සහ මග පෙහෙලි කළ ආලෝකයේ අභාවය වෙනුවෙන් ශෝකයට පත්ව සිටී.

අපි ශෝක වෙමින් සිටියද, ආදරණිය කා ජොමා සහෝදරයාගේ ඉගැන්වීම් සහ මතකයන්ගෙන් මග පෙන්වනු ලැබූ විප්ලවය ඉදිරියට ගෙන යාමට අපේ සියලූ ශක්තිය, ධෛර්යය කැප කරන බවට දිවුරා පොරොන්දු වෙමු,’’

පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනයකින්

පිලිපීනය: මාඕවාදී ගරිල්ලෙකු රැඳවුමෙන් පලා යයි.

පිලිපීනය: මාඕවාදී ගරිල්ලෙකු රැඳවුමෙන් පලා යයි.

නව මහජන හමුදාවේ බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ උතුරු සමාර් හි අල්ලෙන් රඳවාගැනීමේ මධ්‍යස්ථානයේ සිට පලා විත් තිබේ. මාඕවාදී ගරිල්ලෙකුවන අල්ජොන් ටමොයන්ග් මිනී මැරීම සහ ප‍්‍රචණ්ඩත්වය ගිනි අවි සහ වෙඩි උණ්ඩ භාවිතා කිරීම පිළිබඳ සාමාන්‍ය නීතිය යටතේ චෝදනා ලැබූවෙකි. පිලිපීනයේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ශිෂ්‍යයෙකු වූ ඔහු අත් අඩංගුවට ගනු ලැබුවේ මාර්තු 28 මාඕවාදීන් 50 දෙනෙකු විසින් වික්ටෝරියා පොලිස් ස්ථානය වැටලීමේ අසාර්ථක ප‍්‍රයත්නයේදීය. එහිදී ගරිල්ලා භටයින් තිදෙනෙකු මරණයට පත් විය.

පිලිපීනයේ නව මහජන හමුදාව පිළිබඳව වාර්තා වැඩ සටහනක්

පිලිපීනයේ නව මහජන හමුදාව පිළිබඳව වාර්තා වැඩ සටහනක්

ලෝකයේ ඉතා ස්ථාවර සහ දිග්ගැස්සුණු මහජන යුද්ධයක් පවතින රටවල් වලින් එකකි පිලිපීනය. එහි නව මහජන හමුදාව පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ජනතාව වෙනුවෙන් සහ ලෝක නිර්ධන පංති සමාජවාදී රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදිමින් සිටී. මෙම දෘෂ්‍ය පටය හරහා දිගහැරෙන්නේ ඒ විරෝධාර අරගලය පිළිබඳ වෘත්තාන්තයයි.