Category Archives: CPI Maoist

ඉන්දියාව: සුක්මා ඇම්බුෂ් – මාඕවාදී ප‍්‍රහාරයෙන් මියගිය සීආර්චීඑෆ් පුද්ගලයින්ගේ ගණන 12 දක්වා ඉහළ යයි

ඉන්දියාව: සුක්මා ඇම්බුෂ් – මාඕවාදී ප‍්‍රහාරයෙන් මියගිය CRPF පුද්ගලයින්ගේ ගණන 12 දක්වා ඉහළ යයි

මාඕවාදී කැරළිකරුවන් යැයි සැක කෙරෙන්නන් විසින් රැක සිට කරන ලද ප‍්‍රහාරයකින් චටිස්ගාර්හි සුක්මා දිස්ත‍්‍රික්කයේ සෙනසුරාදා දින (2017 මාර්තු 11) මාර්ග සංචාරයේ යෙදුණු මධ්‍යම සංචිත පොලිස් බලකායේ සෙබළුන් 12 දෙනෙකු අවම වශයෙන් මරණයට පත් වී ඇත.

රට තුළ මාඕවාදීන්ගේ බලපෑමට වඩාත්ම නතුව තිබෙන දිස්ත‍්‍රික්කයක් වන සුක්මාහි භෙජි පොලිස් ස්ථානය යටතේ වන කොටාචේරු අසලදී උදෑසන 9.10 ට මෙම ප‍්‍රහාරය එල්ල කෙරුණි. මාඕවාදීහු මිය ගිය පුද්ගලයින්ගෙන් ආයුධ 10 පැහැරගෙන ඇති අතර මෙම ප‍්‍රදේශය ප‍්‍රාන්ත අගනුවරින් කි.මී 450 ක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශයකි.

‘‘රැක සිට පහරදීමට ලක්වන විට ්රැෑ 219 බැටෑලියනයේ සොල්දුදාවන් ප‍්‍රදේශයේ මාර්ග ඉදිකරන්නන්ට ආරක්ෂාව සපයමින් මාර්ගය විවෘත කිරීමේ කාර්යයේ නියුතුව තිබුණි. අයිඊඞී උපාංගයක් පුපුරවා හැරීමත් සමග ප‍්‍රහාරය ආරම්භ කොට තිබුණි’’ යැයි එක් සීආර්පීඑෆ් නිළධාරියෙක් දිල්ලි වලදී පවසා තිබුණි. ප‍්‍රහාරයෙන් පස් දෙනෙකු තුවාල ලදහ. ඔවුන්ගෙන් තිදෙනෙකු මුල සිටම බරපතල තත්ත්වයේ පසුවෙති.

තුවාල ලැබූවන් රායිපූර් වලට රැගෙන ගොස් රජයේ රෝහලට ඇතුල් කරන ලදි. බරපතල ලෙස තුවාල ලද එක් අයෙකු පසුව මරණයට පත් වීමත් සමග මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගියහ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු පවසා සිටියේ ප‍්‍රති ප‍්‍රහාර වලින් මාඕවාදීහු දෙදෙනෙක් මරා දැමූ බවයි.

ආයුධවලට අමතරව මාඕවාදීහු, සීආර්පීඑෆ් කණ්ඩායම රැගෙන යමින් තිබූ වීඑච්එෆ් රේඩියෝ පද්ධති දෙකක් පැහැර ගත්හ. සීආර්පීඑෆ් කණ්ඩායම පුද්ගලයින් 112 දෙනෙකුගෙන් සමන්විතව තිබුණි.

‘‘ප‍්‍රහාරයට ලක් වූ ප‍්‍රදේශය අභ්‍යන්තර කලාපයක් බැවින් සන්නිවේදනය කළ හැකි එකම විදිය චන්ද්‍රිකා දුරකථන මගින් පමණකි’’ සීආර්පීඑෆ් නිළධාරියෙකු පැවසීය.

සිටියේ අමතර බල ඇණි සිද්ධිය වූ ස්ථානයට යවා මෘත සිරුරු ලබා ගත් බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කොට සිටියහ.

ස්වදේශ කටයුතු ඇමති ප‍්‍රකාශ කොට සිටියේ මධ්‍යම රජය ප‍්‍රාන්ත රජය සමග ඍජු සන්නිවේදනයේ යෙදුණු බවයි. ට්වීටර් පණිවුඩ මාලාවකින් රාජන් සිංග් ප‍්‍රකාශ කොට සිටියේ සිද්ධියට සම්බන්ධ අයවලූන් අධිකරණය හමවට ගෙනෙන බවයි.

පසුගිය මාසයේ සහකාර ප්ලැටූන් කමාන්ඩර් කෙනෙකු ඇතුළු විශේෂ කාර්ය බලකායේ පුද්ගලයින් දෙදෙනෙකු චටිස්ගා හි කොන්දගාඔන් දිස්ත‍්‍රික්කයේ දී මරා දමනලදි.

ඉන්දියාව: සායිබබා – වසන්තා විසින් දිල්ලි නුවර දී නිකුත් කළ මාධ්‍ය ප‍්‍රකාශනය

ඉන්දියාව: සායිබබා – වසන්තා විසින් දිල්ලි නුවර දී නිකුත් කළ මාධ්‍ය ප‍්‍රකාශනය

[http://maoistroad.blogspot.com/2017/03/india-saibaba-press-statement-issued-by.html]

අපේ නීතිඥයින් ඉක්මනින්ම ඉහළ උසාවිය කරා යොමුවනු ඇත. මේ තීන්දුව කම්පනයක් ඇති කරයි. සියළුම පුද්ගලයින්ගේ චෝදනා පත‍්‍ර මගින් සහ සෑම කොටසකින්ම ජීවිතාන්තය දක්වා සිර දඬුවවමකට වැරදිකරු කළ මහාරාෂ්ට‍්‍රා ඉතිහාසයේ පළමු නඩු තීන්දුව මෙයයි. සායිබබාගේ සහෝදරයා ගරු අධිකරණය ඉදිරියේ අපේ නීතිඥයින්ගේ තර්ක කිරීම් බොහොමයකට පැමිණියද විනිශ්චය විසින් ඒවා කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා තිබුණු බව සොයා ගැණුණි. පැමිණිල්ල මගින් කිසිදු සාක්ෂියක් සනාථ කොට නැත. ඉලෙක්ට්‍රොනික සාක්ෂි මුද්‍රා තබා නැත. එය මගින් පෙන්වන්නේ ප‍්‍රාන්ත සහ මධ්‍යම රජය සංස්ථා සහ ආකර කොම්පැනි වල නියමයන්ට යටත් වෙමින් ජනතා විරෝධී සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමට අධිකරණයට දැවැන්ත පීඩනයක් එල්ල කරන බවයි. රජය මේ රටේ සම්පත් කොල්ලකෑමට වාරණාත්මක ලෙස ජනතාවගේ හඬ මැඩ පවත්වයි. සායිබබා වැනි මිනිසුන් පසේකට තල්ලූ කොට බීජේපී රජයට ආර්එස්එස් න්‍යාය පත‍්‍රය නිරුවත් ලෙස ඉදිරියට තල්ලූ කරන්නට අවශ්‍ය කරයි.

රජය අධිකකරණය හරහා මෙම නඩුව තෝරා ගත්තේ ආචාර්ය සායිබබාගේ හඬ නිහඬ කිරීමටයි. උසාවියට ගරු කරමින් සායිබබා මේ සෑම වර්ෂයකම සහ අද පවා සිය පිරිහුණු සෞඛ්‍ය තත්ත්වය නොතකා උසාවියට පැමිණියහ. බිරිඳක් ලෙස මම යුක්තිය අපේක්ෂාවෙන් ඉහළ උසාවියේදී සටන් තුළ සටන් කරන්නෙමි. රජය දිල්ලිවල මගේ නිවස වට කිරීමෙන් පසුගිය සිව් වසර පුරාම නිර්දය පීඩනයක් පවුල වෙත එල්ල කළහ. මම ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන්, ජනතා සංවිධානවලින්, බුද්ධිමතුන්ගෙන්, ශිෂ්‍යයින්ගෙන් රජයේ මේ විදියේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී භූමිකාව හෙලා දකින ලෙස ඉල්ලා සිටිමි. තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසුව, අධිකරණය අපේ නීතිඥයින්ගේ අභියාචනය මත කිසිදු නියෝගයක් නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළහ. නීතිඥයින් විසින් අවශ්‍ය ඖෂධ ලබා දීමට, සායිබබා ව්‍යාපාරයට අවශ්‍ය සහයෝගය ලබා දීමට, පිත්තාශය හා සම්බන්ධ සැත්කම සිදු කිරීම යනාදී දේවල් සඳහා බන්ධනාගාර අධිකාරියට නියෝග කරන ලෙස අධිකරණය මගින් ඉල්ලනු ලැබිණි. සායිබබා පරීක්ෂණ යටතේ සිරගතකොට තිබෙන අතරවාරයේදී පවා ඔහුට ලැබිය යුතු අවම අවශ්‍යතා ලබා දීමටවත් උසාවිය මගින් කටයුතු නොකරන ලදි.

-වසන්තා

India – Maoist links: DU professor GN Saibaba, JNU student and three others get life imprisonment

India – Maoist links: DU professor GN Saibaba, JNU student and three others get life imprisonment

[http://maoistroad.blogspot.com/2017/03/india-maoist-links-du-professor-gn.html]

The Gadchiroli sessions court today granted life imprisonment to Delhi University professor G N Saibaba, a JNU student and three other convicts in connection with their Maoist links. One convict Vijay Tirki got 10-years jail.

Earlier in the day, the six accused were convicted by the Gadchiroli court for their alleged links with Maoists and their involvement in anti-India activities.

Along with DU professor Saibaba, JNU student Hem Mishra, former journalist Prashant Rahi and three others have been convicted for Maoist links. The Gadchiroli court announced the punishment at 3 pm today. The other three convicts are couriers Mahesh Tirki, Pandu Narote and Vijay Tirki.

The court found Saibaba and five others guilty of waging a war against India. Saibaba was a professor at Delhi University’s Ram Lal Anand College. According to The Indian Express, Judge SS Shinde convicted the accused under sections 13, 18, 20, 38 and 39 of the Unlawful Activities (Prevention) Act.

Earlier, prosecution lawyer Prashant Sathianathan had demanded life imprisonment under section 20 of the Act for the accused. He also that Saibaba shouldn’t get any reprieve, even as he is disabled and wheelchair-bound. The prosecution argued that his handicap didn’t stop him from aiding and abetting activities that claimed several lives. Saibaba was out on bail since June last year.

Mishra and Rahi were first arrested in August and September 2013 from Aheri and Chhattisgarh respectively, according to police. Saibaba was arrested on May 9, 2014 from his residence in Delhi on the basis of the alleged incriminating material recovered from the two. The police claimed they had recovered documents, hard disks and pen drives.

During the argument in court in November, the prosecution said that the prosecution of the accused was being done as per the rules. “We told the court that the sanction was secured from the state government after submission of documents and material that establish the complicity of the three accused in the activities furthering the cause of the banned organization,” Prashant Sathiyanathan, Special Public Prosecutor, had told The Indian Express.

ඔස්ටි‍්‍රයාව: ජනවාරි 28 ඉන්දියාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජාත්‍යන්තර දිනයට ඔස්ටි‍්‍රයාවෙන් සහයෝගීතාවය…

ඔස්ටි‍්‍රයාව: ජනවාරි 28 ඉන්දියාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජාත්‍යන්තර දිනයට ඔස්ටි‍්‍රයාවෙන් සහයෝගීතාවය…

ගැලීෂියාව: ඉන්දියාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජනවාරි 28 පැවැත්වූ සම්මේලනයට සමගාමීව ගැලීෂියාවේ සිදු කළ ප‍්‍රචාරක කටයුතු…

ගැලීෂියාව: ඉන්දියාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජනවාරි 28 පැවැත්වූ සම්මේලනයට සමගාමීව ගැලීෂියාවේ සිදු කළ ප‍්‍රචාරක කටයුතු…

 

 

ඉන්දියාව: අත්අඩංගුවට ගත් මානව හිමිකම් ක‍්‍රියාකාරීහු නිදහස් කරන්න, කල්‍යාන් රාඕ කියයි

ඉන්දියාව: අත්අඩංගුවට ගත් මානව හිමිකම් ක‍්‍රියාකාරීහු නිදහස් කරන්න, කල්‍යාන් රාඕ කියයි

virasamraokalyan-800x445

චටිස්ගාර් පොලිස් කණ්ඩායමක් මගින් සකස් කරන ලද චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා සිටින සාමාජිකයින් 7 දෙනා කොන්දේසි විරහිතව වහාම නිදහස් කරන ලෙස විප්ලවීය ලේඛක ජී කල්‍යාන් රාඕ රජයට බල කළහ.

මාඕවාදී අරගලයට සහය දීමට රැස්ව සිටි විරෝධතාකරුවන් ඉදිරිපස, ඔහු ප‍්‍රකාශ කලේ පසුගිය මාසයේ ඛම්මාන් දිස්ත‍්‍රික්කයේ ආදිවාසීන්ට එරෙහිව සිදු කළ ව්‍යාජ සටන පරික්ෂා කිරීමට ගිය බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ‘නීති විරෝධීව’ රඳවාගෙන සිටින බවයි.

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) මධ්‍යම කාරක සභාවේ සාමාජික අක්කිරාජු හරාගෝපාල් නොහොත් රාමක‍්‍රිෂ්ණා ලෙස හඳුන්වන ආර් කේ ගේ බිරිඳ වන කේ. සිරිෂා, තෙලෙංගානා පොලීසිය මගින් ඔස්මානියා විශ්වවිද්‍යාලයෙන් පැමිණි පර්යේෂකයින් සහ නීතිඥයින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම තරයේ හෙලා දුටහ.

Source: MaoistRoad

ඉන්දියාව – ඉන්දියාවේ මාඕවාදී අරගලය ඉදිරියට…

ඉන්දියාව – ඉන්දියාවේ මාඕවාදී අරගලය ඉදිරියට…

24a

 

දන්දකර්ණයා සහ නැගෙනහිර කලාපයේ අණදෙන්නා වන ගජර්ලා රවී සමග සම්මුඛ සාකච්ඡාවක්

ඉන්දියාව: දන්දකර්ණයා සහ නැගෙනහිර කලාපයේ අණදෙන්නා වන ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වන ගජර්ලා රවී සමග සම්මුඛ සාකච්ඡාවක්

 naxal_comrades

ඔක්තෝම්බරයේ මාඕවාදී අණදෙන නිළධාරීන් සහ ස්ක්වේඩ් සාමාජිකයින් 33 දෙනෙකු මරා දැමූ, ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ විසින් එල්ල කළ මල්කාංගිරි ප‍්‍රහාරයෙන් ඔහුද මරණයට පත් වන්නට ඇතැයි විශ්වාස කෙරිණි. බොහෝ පුද්ගලයින් ගජර්ලා රවී නොහොත් ගනේෂ්ට ශෝක පණිවි එවූහ. නමුත් ‘‘ ද වීක් ’’ දන්දකර්ණයා විමුක්ති කලාපයට පිවිසි පසු ප‍්‍රහාරයක් සඳහා බලඇණි රැගෙන වනාන්තර මාවතක් දිගේ ගමන් කරන ගනේෂ් හමු වූහ. ඔහු සමග 50 ක පමණ මාඕවාදී ආරක්ෂක වළල්ලක් වූහ. ඔහු ඒකේ 47 අවියක් දරා සිටි අතර පතරොම් වැලක් ඔහුගේ පපුවේ සහ ඉණෙහි විය.

ගනේෂ් යනු ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ දක්ෂතම යුද්ධෝපාය විශේෂඥයෙකු මෙන්ම ජාතික බුද්ධි ඒජන්සියට වඩාත්ම අවශ්‍ය මිනිසුන්ගෙන් කෙනෙකි. ඔහු දැන් පනස් වැනි දශකයේ මුල්භාගයේ පසුවෙයි. එසේම ඔහු පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු ලෙසද ප‍්‍රකටය. ඔහු මෑත සිදුවූ මල්කාංගිරි ප‍්‍රහාරයේදී දේශපාලන මණ්ඩල සාමාජික ආර්කේ සමග පෙනී සිටියහ. නමුත් දැඩි ආරක්ෂක වළල්ලට ස්තූති වන්නට ගනේෂ් සහ ආර්කේ පලා ගියහ. ආර්කේ ගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම නිසා පක්ෂයේ ඉල්ලීම මත දන්දකර්ණයා නායකත්වය ගනේෂ්ට පැවරිණි. ප‍්‍රහාරය මගින් මාඕවාදීන්ගේ පසින් සිදු වූ අත්වැරැද්දක් නිරාවරණය වූ අතර දැන් ගනේෂ් අළුත් අය බඳවාගනිමින් ආරක්ණෂාව පුළුල් කරමින් මල්කාංගිරි ප‍්‍රදේශය නැවත ගොඩනගමින් සිටී. ඔහු පක්ෂ නායක ගණපති සහ දෙවන නායක ප‍්‍රසන්තා බෝස් (කිෂාන් දා) යන දෙදෙනාට බෙහෙවින් සමීප අයෙකු බව ප‍්‍රකටය. එසේම ගනේෂ් ප‍්‍රදේශයේ නැගෙනහිර කලාපයේ අණදීමද සිදු කරයි. දැනට ජීවතුන් අතර නොමැති ඔහුගේ සහෝදරයින් තිදෙනාද මාඕවාදීන් වූහ. ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ගනේෂ් කොලීජිය අතහරිමින් මහජන යුද්ධ කණ්ඩායමේ ශිෂ්‍ය අංශයට සම්බන්ධ වූහ. ඔහු රහසිගතයට ගිය පසු ඔහුව පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු ලෙස සහ හමුදා විශේෂඥයෙකු ලෙස පුහුණු කළ ගණපතිට ඔහු බෙහෙවින් සමීප අයෙකු විය.

ගනේෂ් සහ ආර් කේ 2004 දී රහසිගතයෙන් එළියට පැමිණ ප‍්‍රධාන අමාත්‍ය වයි එස් චන්ද්‍රශේඛර් රෙඩ්ඩි විසින් නායකත්වය දුන් අන්ද්‍රා ප‍්‍රදේශ් රජය සමග සිදුකළ සාකච්ඡාවලට සහභාගි වූහ. වසරකට පමණ පෙරදී, ගනේෂ් එන් චන්ද්‍රබාබු නායිදු ඝාතනය කිරීමට සැලසුම් කළහ.

දියවැඩියා රෝගියෙකු වන ගනේෂ් හැම විටම ඉන්සියුලින් භාවිතා කරයි. ඔහු මෑතදී ඉතාවිශාල ප‍්‍රමාණයක් තරුණ පිරිමි සහ ගැහැණු බඳවාගෙන මල්කාංගිරි පෙදෙස නියෝජනය කරන්නට යොදා තිබේ. මුලින් අකමැති වුවද, පසුව ඔහු ‘‘ ද වීක් ’’ වෙත කතා කරන්නට එකඟ වුණි. අපට ගමට පැමිණෙන්නට කියූ ඔහු (අනාවරණය නොවීමට) පැය භාගයක් ඇතුළත පැමිණෙන්නට පොරොන්දු වූහ. ඔහු ඔහුගේ වචනය ඉෂ්ට කළහ. ගනේෂ් තේ සාදන්නට සහ රාත‍්‍රී ආහාරයට බත් සහ එළවළු ව්‍යාංජන සකසන්නට නියෝග කළහ. ඒ රාත‍්‍රියේදී, ඔහුගේ මිනිසුන් විසින් ආරක්ෂක වළලූ හතරක් කූඩාරම වටා ඉදිකරගෙන සිටියදී කූඩාරමේ මැටි බිමෙහි පැදුරක් එළනු  ලැබූහ. කිරි පානයක් රස බලමින්, රාත‍්‍රී ආහාර පිළියෙල වන තෙක් ඔහු ‘‘ ද වීක් ’’ වෙත නිදහස් සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්හ. ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය දුෂ්කර සමයක් ගත කරන බව සහ පක්ෂයේ සමස්ත ඉහළ නායකත්වයම වාගේ අහිමි වී තිබෙන බව ඔහු පිළිගත්හ. කෙසේහෝ, මාඕවාදීහු නැවත නැගිටීමක් සිදු කරන බව ඔහු කීහ. උපුටාගැනීමෙන්:

————————————————————————————

රජය ප‍්‍රකාශ කරනවා ආරක්ෂක අංශවල ප‍්‍රහාර නිසා ඔබ විශාලතම පසුබෑමකට ලක්වෙලා තිබෙන බව.

ඔව් ඒක යම් ප‍්‍රමාණයකින් සත්‍යයක්. නමුත් අපේම රජයක් පවතින විමුක්ති කලාපවලට ඒක අදාල නැහැ. තවදුරටත් අපි ගරිල්ලායුද්ධයෙහි නියැළෙන්නෙ නැහැ. අපිට පහරදීමක් එල්ලවුණොත් පමණක් ප‍්‍රහාර එල්ල කරනවා. 2007 දී, අපේ අවසන් පක්ෂ සම්මේලනයේදී, අපි තීරණය කළා අපේ හමුදා අංශය වන මහජන විමුක්ති ගරිල්ලා හමුදාව මහජන විමුක්ති හමුදාව බවට පත් කරන්න. අපේ බලකොටු ප‍්‍රදේශ වලින් ඔබ්බට විහිදීමෙන් අපි පීඩනයක් එල්ල කරනවා.

ඔබ ගරිල්ලා යුද්ධය අත්හැරීමෙන්, මහජන විමුක්ති හමුදාව සැකසීමේ චීන මොඩලය භාවිතා කරන්නද අදහස් කරන්නෙ?

ඔව්. චීන මහජන විමුක්ති හමුදාව වගේ අවශ්‍ය වෙලාවට ක‍්‍රියාමාර්ග ගැනීමට අපි අදහස් කරන්නෙමු. එය බොහෝ සෙයින්ම ජනතාව කේන්ද්‍රගත වුණු ජංගම හමුදාවක් වනු ඇත.

ඔබ පැවසුවා ඔබ පය ගසාගෙන සිටින විමුක්ති කලාප නොඉඳුල් බව, නමුත් මල්කාංගිරි වලදී මෑත කාලවලදී ඉතාම නරක ප‍්‍රහාරයන්වලට ඔබ මුහුණ දුන්නා.

ඔබ දැන් වාඩිගෙන සිටින්නෙ මල්කාංගිරි වල. ඔබට අප හැරුණම වෙනත් පොලිසි නිළධාරීන් හමුවුණාද? ප‍්‍රහාර සිද්ධවුණේ රජය වනාන්තර තුළ ජීවත්වෙන ජනතාවගේ අයිතීන් පාගා දමන්න තෝරාගත් නිර්දය ක‍්‍රමය නිසයි. අපි එය නැවත කවදාවත් සිදුවන්න ඉඩ තබන්නෙ නැහැ.

ඔබේ ව්‍යාපාරය බෙංගාලයේ දුර්වල වී තිබෙනවා. එසේම ජාක්හෑන්ඩ්වලත් එය හොඳ තත්ත්වයක නෙවෙයි තිබෙන්නෙ.

බෙංගාලයේදී, අපිට ප‍්‍රතිපත්තිමය රාමුවක් නොමැති වීමෙන් බෙහෙවින් අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් පීඩා වින්දා. මමතා බනර්ජී (ප‍්‍රධාන අමාත්‍ය) ගැන කටයුතු කිරීමේදී අප විසන් වරදක් කළා. කෙසේ හෝ ව්‍යාපාරය බෙංගාලයේ වැනි මන්දගාමී පෙදෙස්වල පක්ෂය නැවත ගොඩනගන්න අපි තීරණය කොට තිබෙනවා.

කිෂෙන්ජිගේ මරණය වෙනුවෙන් මමතා බනර්ජිගෙන් පළිගන්නා බවට බොහෝ මාඕවාදී නායකයින් ලිඛිත ප‍්‍රකාශ නිකුත් කළා.

ඔව්, පළිගැනීම සිදුවෙනවා. නමුත් එය සිදුවන්නේ බටහිර බෙංගාලයේ ලාල්ගාර් වැනි ව්‍යාපාරයකින් මමතා බනර්ජි රජය මුලිනුපුටා දැමීමෙන්. අපි ඇයව භෞතිකව වනසා දමන්න යන්නෙ නැහැ.

එය ඉන්දියාවේ දේශපාලනඥයින් විසින් ඇගයීමට ලක්කරන විදියේ දැඩි ස්ථාවරයක සිට මෘදු ආකාරයකට ප‍්‍රවේශ වීමක්.

ඔව්. අපි අපේ පක්ෂය වෙනස් කරනවා. අපි කැමතියි අධ්‍යාපනය ලද පුද්ගලයින්ට සමස්තයක් ලෙස මාඕවාදය සහ කොමියුනිස්ට්වාදය ගැන මූලික පුහුණුවක් සහ මතවාදී දැනුමක් ලබා දෙන්න. දීප්තිමත් සිසුන් බොහොමයක් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් ලෙස හදිසියේම අපිට එක්වෙලා අපේ නායකත්වයේ දෙවන පෙළ පුරවා තිබෙනවා. ඔවුන් ඉහළ පෙළ ඇති රික්තය පුරවන්න සූදානම්.

ඉහළ නායකත්වය ගැන තත්ත්වය කොහොමද?

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේවන විට ඝාතනයට ලක්වෙලා නැත්නම් අත්අඩංගුවට පත්වෙලා. කිෂෙන්ජිගේ, අෂාඩ්ගේ සහ පී.බී රාඕගේ මරණයත් සමග සහ අපේ ප‍්‍රචාරක බියුරෝවේ ප‍්‍රධානියා වූ කෝබාද් ගාන්ධි සහ තවත් හුඟ දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග ඉහළ පෙළ විශාල රික්තයක් තියෙනවා. වර්තමාන රජය (එන්ඞීඒ) කලින් තිබුණු යුපීඒ රජයටත් වඩා ආක‍්‍රමණකාරියි. ඔවුන් අපට ගුවනින් පහර දෙන ගමන් ගේ‍්‍රහවුන්ඩ් වැනි නිර්දය මට්ටමේ හමුදා කණ්ඩායම් මුදා හරිනවා. නමුත් එය මගින් අපව අවසන් කරන්න බැහැ මොකද මහත් උද්දීපනයකින් යුත් පිරිමි සහ කාන්තාවන් ඉහළ මට්ටමේ කාර්යභායන් ඉටු කරන්න අපට අළුතින් බැඳිල තියෙන නිසා.

ඔබ ගරිල්ලා යුද්ධයෙන් ඉවත්වීමත් සමග, සන්නද්ධ අරගලය අත්හැර දමන්ට යනවාද?

නැහැ. කවදාවත් නැහැ. විප්ලවය අපේ මාවතයි ඒ වගේම අපි පවතින ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පෙරලා දමන්ට කටයුතු කරනවා.

නමුත් ජනතාව වගේම බුද්ධිමතුන් අප සමග තබාගන්නටත්, අපි අවශ්‍යයි.

ඇයි ඔබේ පක්ෂය පසුගිය දශකය පුරාම පක්ෂ සම්මේලනයක් පැවැත්වුවේ නැත්තෙ? කවද්ද ඒක පවත්වන්නෙ?

ඒක සිදුවේවි (සිනහ වෙමින්). නමුත් දැන් අපිට කරන්න වැඩ තියෙනවා. චාරු මෂුම්දාර් පළමු පක්ෂ සම්මේලනය 1969 පැවැත්වුවා අපි හත්වැනි සම්මේලනය 2007 දී පැවැත්වුවා. අපි දැනට ජාක්හෑන්ඩ්, බටහිර බෙංගාලය, මහාරාෂ්ට‍්‍රා සහ නැගෙනහිර ප‍්‍රාන්තවලවගේම රටේ අනෙකුත් කොටස්වල සංවිධානය අළුත් වැඩියා කිරීමේ කටයුතු සිදු කරන නිසා බෙහෙවින් කාර්යබහුල වෙලා සිටින්නෙ. එම නිසා එයට යම් කාලයක් ගතවේවි.

පෙනෙන විදියට නායකයින් බොහෝ දෙනෙකු අහිමිවුණු මල්කාංගිරි ප‍්‍රහාරයෙන් ඔබට බලපෑමක් වී නැති හැඩයි.

අරමුණක් වෙනුවෙන් සහෝදරවරු මිය ගියා. අපි අතීතයේ ගැලී ජීවත් වෙන්නෙ නැහැ. අපි අනාගතය දෙසට දෑස් යොමු කරනවා. දන්දකර්ණයා නොඉඳුල් නිදහස් කළාපයක්. ඒක අනාගතයෙදිත් එසේ වේවි.

මූලාශ‍්‍රය: http://www.theweek.in/theweek/cover/no-more-guerrilla-warfare.html

India – Maoists take control of forestland in Palakkad

India – Maoists take control of forestland in Palakkad

[ http://maoistroad.blogspot.com/2017/01/india-maoists-take-control-of.html ]

ඉන්දියාව: මහජන විමුක්ති ගරිල්ලා හමුදාව චටිස්ගාර්හි ප‍්‍රතිගාමී සේනංකවලට එරෙහිව ප‍්‍රහාර දියත් කරයි.

ඉන්දියාව: මහජන විමුක්ති ගරිල්ලා හමුදාව චටිස්ගාර්හි ප‍්‍රතිගාමී සේනංකවලට එරෙහිව ප‍්‍රහාර දියත් කරයි.

maoist-study-camp

මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ නැක්සලයිට් ගරිල්ලන් විසින් පසුගිය පැහ කිහිපයේ චටිස්ගාර්හි ප‍්‍රතිගාමී ඉන්දීය සේනාංක වලට එරෙහිව ප‍්‍රහාර ගණනාවක් දියත් කොට ඇත.

මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ ප‍්‍රහාරයකින් නොවැ. 10 වන දින බිජාපූර් දිස්ත‍්‍රික්කයේ ජවාන් පොලිස් නිළධාරියෙකු මරණයට පත්වී ඇත. පොලිස් සුපිරිටැන්ඩන් රාහුල් රයිදු (27), බිජාපූර් වල භයිරම්ගාර් පොලිස් ස්ථානය අසලදී නැක්සලයිට් ගරිල්ලා ප‍්‍රහාරයට ගොදුරු වූහ. රාහුල් රයිදු හිටපු ප‍්‍රතිගාමී කොංග‍්‍රස් පක්ෂ සභාපති අජේ සිංග් ගේ බෑනා කෙනෙකි.

මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ඊයේ දිනයේ ප‍්‍රතිගාමී පොලිස් සේනාංකයකට එල්ල කළ තවත් ප‍්‍රහාරයකින් ෆාර්සීගාර් හි (බිජාපූර්) තවත් ජවාන් පොලිස් නිළධාරියෙකු මරණයට පත් වූහ. ප‍්‍රති-නක්සල් මෙහෙයුම්වල නියුතු ප‍්‍රතිගාමී සේනාංකය ගමන් කරන විට නැක්සලයිට්වරු බෝම්බයක් පුපුරුවා හැරියහ. සේනාංකය විශේෂ කාර්ය බලකාය, ඞීආර්ජී සහ ප‍්‍රාදේශීය පොලිස් නිළධාරීන්ගෙන් සමන්විත විය.

තවත් සිදුවීමකදී, දන්තෙවාද දිස්ත‍්‍රික්කයේ අරන්පූර් පොලිස් ස්ථානය අවට කොන්දපාරා ගම්මානය ආසන්නයේ සිදු වූ පිපිරීමක් නිසා භිමී මදාකි ලෙස හැඳින්වෙන කාන්තාවකගේ (50 වියැති) පාදයක් දරුණු ලෙස තුවාල වූ බව ද හින්දු නොවැම්බර් 10 වාර්තා කළහ. විශ්වාස කරන අන්දමට පිපිරී ගිය බෝම්බය ප‍්‍රදේශයේ මුර සංචාරයෙහි යෙදෙන මධ්‍යම සංචිත පොලිස් සේනාංක ඉලක්ක කොට තැබූ එකකි.

නොවැම්බර් 9 වන දින අන්ද්‍රාහි විශාකාපත්නම් දිස්ත‍්‍රික්කයේ දුරස්, ප‍්‍රදේශයක් වන ප‍්‍රජාමේලි වල දිවි පිදූ විප්ලවවාදීන්ට උපහාර පිණිස සැමරුම් උත්සවයක් පවත්වන ලදි. මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ බහුජන සංවිධානයක් වන රයාත් කුලි සන්ගා හි සිය ගණනක් ආධාරකරුවෝ මිය ගිය නක්සල් ගරිල්ලාවන්ට උපහාර පිදීමට පැමිණි අතර නිර්ධන පංතියට බලය ලබා ගැනීම සඳහා වන අරගලය අඛණ්ඩව ගෙන යන බවට දිවුරුම් දුන්හ. ඔවුහු ඉන්දියානු රජය මල්කාංගිරිවලදී මාඕවාදීහු 28 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධ ක‍්‍රියාව දැඩි ලෙස හෙලා දුටහ.