Category Archives: Fake encounter

ඉන්දියාව: අත්අඩංගුවට ගත් මානව හිමිකම් ක‍්‍රියාකාරීහු නිදහස් කරන්න, කල්‍යාන් රාඕ කියයි

ඉන්දියාව: අත්අඩංගුවට ගත් මානව හිමිකම් ක‍්‍රියාකාරීහු නිදහස් කරන්න, කල්‍යාන් රාඕ කියයි

virasamraokalyan-800x445

චටිස්ගාර් පොලිස් කණ්ඩායමක් මගින් සකස් කරන ලද චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා සිටින සාමාජිකයින් 7 දෙනා කොන්දේසි විරහිතව වහාම නිදහස් කරන ලෙස විප්ලවීය ලේඛක ජී කල්‍යාන් රාඕ රජයට බල කළහ.

මාඕවාදී අරගලයට සහය දීමට රැස්ව සිටි විරෝධතාකරුවන් ඉදිරිපස, ඔහු ප‍්‍රකාශ කලේ පසුගිය මාසයේ ඛම්මාන් දිස්ත‍්‍රික්කයේ ආදිවාසීන්ට එරෙහිව සිදු කළ ව්‍යාජ සටන පරික්ෂා කිරීමට ගිය බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ‘නීති විරෝධීව’ රඳවාගෙන සිටින බවයි.

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) මධ්‍යම කාරක සභාවේ සාමාජික අක්කිරාජු හරාගෝපාල් නොහොත් රාමක‍්‍රිෂ්ණා ලෙස හඳුන්වන ආර් කේ ගේ බිරිඳ වන කේ. සිරිෂා, තෙලෙංගානා පොලීසිය මගින් ඔස්මානියා විශ්වවිද්‍යාලයෙන් පැමිණි පර්යේෂකයින් සහ නීතිඥයින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම තරයේ හෙලා දුටහ.

Source: MaoistRoad

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) අන්ද්‍රා-ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ මාධ්‍ය ප‍්‍රකාශක ජගබන්ධු විසින් නිකුත් කළ ප‍්‍රකාශනය

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) අන්ද්‍රා-ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ මාධ්‍ය ප‍්‍රකාශක ජගබන්ධු විසින් නිකුත් කළ ප‍්‍රකාශනය.

Excerpt from: [https://www.redspark.nu/en/peoples-war/india/cpimaoist-statement-on-malkangiri-encounter/]

naxalites-Rally

[http://www.virasam.org වෙබ් අඩවියේ පළවූ ලිපියකින් පරිවර්තනය කරන ලදි.]

ඔක්තෝම්බර් 24 වෙනි දින අන්ද්‍රා සහ ඔඩිෂා පොලීසිය විසින් ඔඩිෂාහි මල්කාංගිරි දිස්ත‍්‍රික්කයේ රාමගුඩා ගම අසල අපේ කඳවුරට එල්ලකළ ඒකාබද්ධ ප‍්‍රහාරය ගැන සහ සහෝදරවරු 31 දෙනාගේ සංහාරය ගැන මේ දක්වා පොලිස් නිළධාරීන් විසින් නිකුත් කරන ප‍්‍රකාශන, ඇත්තටම එහි සිදුවුයේ කුමක්ද යන්නට මුළුමනින්ම පරස්පර බැවින් ජනතාව නොමග යවා ඇත. පොලීසිය අපව මුළුමනින්ම වටකොට තිබුණු බැවින් අපේ පාර්ශවයෙන් යම් ප‍්‍රමාදයක් සිදුවුණි.

ඇත්තටම සිදු වූ දෙය වූයේ, ඔක්තෝම්බර් 23 වන දින උදෑසන රාමගුඩා ගම අසලට ළඟා වූ අපේ ස්ක්වේඩය එතැන කඳවුරු ගැසීය. එම රාත‍්‍රියේත් අපි එම ගම්මානය අසල නිදා සිටියෙමු. ඊළඟ දිනයේ උදෑසන, පොලීසිය අපේ කඳවුර වෙත ගමන් කරනු දුටු මිනිස්සු එය අපට දැනුම් දීමට උත්සාහ කළ නමුදු පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන තොරතුරු අප වෙත ළඟාවීම වැළැක්වූහ. උදෑසන 6 ට පමණ අප නම් අඬගැසීම සිදු කරන විට පොලීසිය අංශ දෙකකින් අපේ කඳවුර අසලටම ළඟාවී තිබුණි. ක්ෂණිකවම අනතුර දැනුනු අපේ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව වෙඩි තබන්නට පටන් ගත්හ. අසල්වැසි ගම්වලින් පැමිණ අප සමග සිටි සමහර නිරායුධ ආදිවාසී තරුණයෝ සහ තරුණියෝ, අසල ගම වෙත දිව යන්නට පටන් ගත්හ. ඉවක් බවක් නැතිව පොලීසිය වෙඩි තැබීම නිසා ඒ දිව ගිය අය සහ අපේ කඳවුර අසල දොළෙහි මාළු අල්ලමින් සිටි ආදිවාසීන් සමහරෙකු මරණයට පත් වූහ. බොහො දෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලද අතර ඔවුන්ව පණ පිටින් අල්ලා ගනු ලැබූහ. ප‍්‍රහාරය යටතේ, අපේ ස්ක්වේඩය කඳවුරෙන් ආරක්ෂිතව පසු බැස්සහ. කඳවුරේදී අපි කිසිදු භෞතික හානියකට ලක් නොවීමු.

කෙසේ හෝ, එම වෙලාව වන විට පොලීසිය අපේ කඳවුර වලලූ දෙකකින් වට කරන ලදි. අපි මිනිත්තු 40ක පමණ වෙලාවක් වෙඩි තැබීමෙන් පසු ආරක්ෂිතව පළමු වළලෙන් පසු බැස්සෙමු. නමුත් ඒ වන විට අපව තවත් වළල්ලකින් වට කොට තිබුණි. අපව වටකොට සිටි පොලිස් නිළධාරීහු උස්බිම් සහ අප පසුබසිමින් සිටි මාවත් අල්ලාගෙන සිටි අතර හැම පැත්තකින්ම වෙඩි නිකුත් වන්නට විය. ඒ වෙලාවේ, වෙඩි තැබීම පැයකට වඩා වැඩි විය. පොලීසිය උණ්ඩ වට දහස් ගණන් වෙඩි තැබූ අතර අපි වට සිය ගණනක් වෙඩි තැබුවෙමු. දෙවන පොලිස් වලල්ල බිඳ දැමීමේදී, තවත් උස් බිමක් හරහා යාමට අපිට සිදු විය. ඒ අතර වූයේ තැනිතලා බිමකි. ඒ වෙලාවෙ පොලිස් සේනාංක අපට බෙහෙවින් සමීප වූහ. සිය ගණන් වූ පොලිස් නිළධාරීහු උස් බිමේ වාසිය අත කරගත් අතර තැනිතලා බිමේ වූ අපි අවාසිදායක තත්ත්වයක සිටියෙමු. පොලීසිය වේගවත් සහ ඉවක් බවක් නැති වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළහ. දෙපසින්ම එල්ලවූ වෙඩි වරුසාව බිඳගෙන යෑමේදී අපේ සහෝදරවරු සමහරෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වැඩි දෙනෙකු තුවාල ලැබූවද ඉතිරි අය දිවි ගලවා ගත්හ. සිය ගණන් පොලිස් නිළධාරීහු තුවාල ලබා ගමන් කිරීමට නොහැකිව සිටි අපේ සහෝදරවරුන් අසලට පැමිණ වෙඩි තබා මරා දැමූහ. එවිට පවා තුවාලත් සමග සමහරු සහෝදරවරු පැන ගත්හ.

ඊළඟ දින, ඔක්තෝම්බර් 25, අමතර පොලිස් බල ඇණි ලබාගෙන අපේ සහෝදරවරු පලා යෑම වැළැක්වීමට  සමස්ත ප‍්‍රදේශයම සෝදිසියට ලක් කළහ. එම දිනයේම අන්ද්‍රා ප‍්‍රදේශ් පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් එම ස්ථානයට පැමිණි අතර සමහර විට ඔහු ආරාධිත අමුත්තෙකු වූවා විය හැකිය. ඒ වන විටත් පොලීසිය භාරයේ සිටි සාමාන්‍ය ආදිවාසී තරුණ පිරිමි සහ කාන්තාවන් 4 දෙනෙකු, මරා දමා සටනක් පිළිබඳ තවත් කතාවක් ගොතන ලදි. එම දිනයේ මිය ගිය පුද්ගලයින් වනුයේ කෝමාලි (කොඩුරුගුඩා ගම්මානය), ෂ්‍යාමලා (පිල්ලිපොදුරු), කාවේරි මුදිලි සහ ලන්චා මුදිලි (දක්ලපොදුරු) යන අයයි.

වටලෑමේදී පොලීසිය විසින් අල්ලාගනු ලැබූ තුවාල ලද තවත් කාන්තා සහෝදරියක්, ඔක්තොම්බර් 26 වෙනි දින රාමගුඩා ගමේ ජනතාව ඉදිරිපිටදී මරා දමන ලදි. එපරිද්දෙන්ම, තුවාල නිසා අසනීප තත්ත්වයේ සිටි තවත් සහෝදරවරු දෙදෙනෙක් වන ගවුතම් සහ නරේෂ් යන දෙදෙනා ගම්වැසියන් ඉදිරිපිටදී ඔක්තෝම්බර් 27 වන දින උදෑසන 7ට මරා දමනු ලැබුවේ සටනක ප‍්‍රබන්ධය නැවත වතාවක් නිර්මාණය කරමිනි.

මේ ආක‍්‍රමණයට විරෝධය දැක්වීමේදී අපේ සහෝදරවරු අතිශය නීර්භීත, ධෛර්ය සම්පන්න, පංති ආවේෂයක් සහිත පරිත්‍යාග කිරීමේ ආත්මය ප‍්‍රදර්ශනය කළහ. ඔවුන්ගේ ජීවිත ඇද වැටෙද්දී පවා, ඔවුහු සිය ආයුධ සතුරා අතට පත්වන්නට ඉඩ නොදී ආයුධ සිය සහෝදර සගයින් අතට පත් කළහ. ඔක්තෝම්බර් 24 සිට 27 දක්වා යන දින හතර මුළුල්ලේම පැවති මේ සංහාරයෙන් සහෝදරවරු 31 දෙනෙකු දිවි පිදූහ. ඔවුන්ගෙන් නව දෙනෙකුම නිරායුධ සාමාන්‍ය ආදිවාසී පිරිමි සහ කාන්තාවන් විය. මිය ගිය ඔවුන් නව දෙනාම පොලීසිය විසින් පණ පිටින් අල්ලාගෙන ඔක්තෝම්බර් 24 වන දින ඉන් හතර දෙනෙක්ද, ඔක්තෝම්බර් 25 වන දින තවත් හතර දෙනෙක්ද පොලීසිය ඉවත් කර ගන්නා දින තවත් එක් අයෙක්ද මරා දමනු ලැබූහ.

දිවි පිදූවන්ගේ විස්තර:

  1. කොම්රේඩ් ප‍්‍රසාද් @ බකුරු වෙන්කටරමාන ( අ.ඔ.සී.ක.), බකුරු, විශාකාපත්නම්

  2. කොම්රේඩ් දයා @ කිෂ්තයියා ( අ.ඔ.සී.ක.), නල්ගොන්ඩා දිස්ත‍්‍රික්කය

  3. කොම්රේඩ් ගංගධාර් @ ප‍්‍රභාකර් (ඩි.කො.සා.), යප‍්‍රාල්, රන්ගරෙඩ්ඩි දිස්ත‍්‍රික්කය

  4. කොම්රේඩ් කිරාන් @ සුවර්නරාජු (ඩි.කො.සා.), බටහිර ගෝදාවරී දිස්ත‍්‍රික්කය

  5. කොම්රේඩ් මුන්නා @ පෘද්වි (ප්ලෑටූන් නියෝජ්‍ය), අලකුරපාදු, ප‍්‍රක්ෂාම් දිස්ත‍්‍රික්කය

  6. කොම්රේඩ් බිර්සු @ කෙසාවරාඕ (සෙ.ක.), තඩිපාලෙම්, විශාකාපත්නම්

  7. කොම්රේඩ් රාජේෂ් @ සෝම්ලූ (සෙ.නි.), කොට්ටම්, බිජාපූර් දිස්ත‍්‍රික්කය

  8. කොම්රේඩ් එර්රලූ @ නන්ගලූ (ඒ.කො.සා.), එර්රම්, බිජාපූර් දිස්ත‍්‍රික්කය

  9. කොම්රේඩ් බුද්ධි @ බුද්‍රි සෝරි (ඒ.කො.සා.), ගුර්නම්, බිජාපූර් දිස්ත‍්‍රික්කය

  10. කොම්රේඩ් මංජුල @ උන්ජි (ඒ.කො.සා.), නන්ගෙල්ගුඩෙම්, සුක්මා දිස්ත‍්‍රික්කය

  11. කොම්රේඩ් ගවුතම් (තාක්ෂණික ස්ක්වේඩයේ කමාන්ඩර්), කන්කර් දිස්ත‍්‍රික්කය

12 කොම්රේඩ් මුරලි @ සිම්හචලම් (ඒ.කො.සා.), විෂියනගරම් දිස්ත‍්‍රික්කය

  1. කොම්රේඩ් මධූ @ දසූ (ඒ.කො.සා.), බටහිර ගෝදාවරී දිස්ත‍්‍රික්කය

  2. කොම්රේඩ් ලතා @ භාරතී (ඒ.කො.සා.), හයිද්‍රාබාද්

  3. කොම්රේඩ් මමතා @ බොට්ටු කුන්ඩනා (ම.මි.), ශ‍්‍රීකාකුලම් දිස්ත‍්‍රික්කය

16 කොම්රේඩ් දාසු @ සධූරම් (ම.මි.), වකපල්ලි, විශාකාපත්නම් දිස්ත‍්‍රික්කය

  1. කොම්රේඩ් නරේෂ් @ සුරේෂ් (ම.මි.), සමනා, කොරාපුට් දිස්ත‍්‍රික්කය

  2. කොම්රේඩ් තිලකා (ම.මි.), බටහිර බස්තාර්, බිජාපූර් දිස්ත‍්‍රික්කය

  3. කොම්රේඩ් ගන්ගා @ ගන්ගා මාධවී (ම.මි.), සීලකොටා, විශාකාපත්නම් දිස්ත‍්‍රික්කය

  4. කොම්රේඩ් රජිතා @ කමී (ම.මි.), නානදරී, විශාකාපත්නම් දිස්ත‍්‍රික්කය

  5. කොම්රේඩ් ජයොති (ම.මි.), සුමනෝවා, විශාකාපත්නම් දිස්ත‍්‍රික්කය

  6. කොම්රේඩ් කමලා @ ලක්කි (ම.මි.), අලූම්, බිජාපූර් දිස්ත‍්‍රික්කය

[අ.ඔ.සී.ක.-අන්ද්‍රා-ඔඩිෂා සීමා විශේෂ කලාප කමිටු සාමාජික; ඩි.කො.සා.-ඩිවිෂනල් කොමිටි සාමාජික; ඒ.කො.සා.-ඒරියා කොමිටි සාමාජික; සෙ.ක.-සෙක්ෂන් කමාන්ඩර්; සෙ.නි.-සෙක්ෂන් නියෝජ්‍ය; ම.මි.-මහජන මිලීෂියාව]

සාමාන්‍ය ආදිවාසීන්

  1. ලාචා මෝදිලි, දක්ලපොදුරු, මල්කාංගිරි දිස්ත‍්‍රික්කය

  2. කාවේරි මෝදිලි, දක්ලපොදුරු

  3. බුමිලි, බච්චරපොදුරු

  4. මල්කාන් පාන්ගි, බච්චරපොදුරු

  5. අමලා, බච්චරපොදුරු

  6. ෂින්ඬේ, මුක්කුදුපල්ලි

  7. ෂ්‍යාමලා, පිල්ලිපොදුරු

  8. ජයා, කොදුරුගුඩා

  9. කෝමාලි, කොදුරුගුඩා

අධිරකණ පරීක්ෂණයක් අපි ඉල්ලා සිටිමු

අපගේ දිවි පිදූවන්ගේ මෘත සිරුරු සමග පොලීසිය ඉතාම අමානුෂික ආකාරයෙන් කටයුතු කර තිබුණි. කඩිනමින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, ඥතීන්ට සහ මිතුරන්ට මෘත සිරුරු හඳුනා ගැනීමට ඉඩ ලබා නොදුන්හ. ඔවුන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය නොකළ අතර මෘත සිරුරු සාමාන්‍ය ඝණ කාඩ්බෝඩ් පෙට්ටිවල රැගෙන ගියහ. පවුලේ අයවලූන්ට මෘත සිරුරු ඔවුන්ගේ පෙදෙස්වලට ගෙනයන්නට හෝ යන්තම් හෝ දැකගන්නට ඉඩ ලබා නොදුන්හ. අපේ පක්ෂය නිහතමානී ලෙස මේ දිවි පිදූ සියල්ලන්ටම ඉහළම උත්තමාචාරය පුද කර සිටී. අපේ පක්ෂය පවුලේ සාමාජිකයින්, ඥතීන් සහ මිතුරන් සමග ශෝකය බෙදා ගනියි. මරා දමනලද අපගේ දිවි පිදූ සහෝදරවරුන් වෙනුවෙන් රජයෙන් පලිගන්න බවට අපේ පක්ෂය ප‍්‍රතිඥ දෙයි. අවසන් මොහොත දක්වා ඔවුන් ගෙන ගිය කාර්ය අපේ පක්ෂය දිගටම රැගෙන යන බව තරයේ කියා සිටී. ව්‍යාපාරයට පැමිණි දිවි පිදූ සියළුම සහෝදරවරු සමාජයේ බෙහෙවින්ම පීඩිත කොටස්වලින් පැමිණි අයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ඒමට ඔවුහු දිවි පිදූහ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැටලූව විසඳන්නට සන්නද්ධ අරගලය හැර වෙන මාවතක් නොමැති බව පෞද්ගලිකවම පසක් කරගෙන ඔවුහු ආයුධ අතට ගත්හ. රජය පවසන පරිදි මෙය නීතියක් හෝ පිළියෙල කරන ලද ගැටළුවක් නොවේ. මෙය අපේ ජනතාවගෙන් සියයට අනූවකගේ ගැටළුවකි. එය අපේ ජනතාවගේ සමාජ ආර්ථික ගැටළුවකි. මේ ගැටළුව අපේ සහෝදරවරු මරා දැමීමෙන් පමණක් විසඳිය නොහැකිය. මේ ගැටළුව විසඳෙන තෙක්ම ජනතාව දිගටම සටන් වදිනු ඇත. මේ සියළු සටන් කරන ජනතාවගෙන් අපි නායකත්වය නැවත  සංවර්ධනය කන්නෙමු. අපේ සහෝදරවරු දිවි පිදීමෙන් ඇතිවූ අඩුව අපි පුරවා ලන්නෙමු. ජීවිත පරිත්‍යාගය අපේ පක්ෂයට අළුත් දෙයක් නොවේ. ජීවිත පරිත්‍යාගයේ මාවත ඔස්සේ අපි අපේ ව්‍යාපාරය ඉදිරියටම ගෙන යමින් සිටිමු. මේ සුවිශේෂ සිදුවීම තුළ, සතුරාව තක්සේරු කිරීමේදී අප අතින් සිදුවූ වරදට අපි විශාල වන්දියක් ගෙවීමු. ජනතාව ඉදිරියේ නිහතමානීව අපි අපේ වැරදි සඳහා සමාව ඉල්ලා සිටිමු. අපේ දිවි පිදූවන්ගේ අරමුණ ඉදිරියට ගෙන යෑමට සහ සතුරා සමග වන අපේ පංති ආවේශගත සටන ඔසවා තබන ලෙස අපි ජනතාවගෙන් ආයාචනා කර සිටින්නෙමු. නිරායුධ ආදිවාසී තරුණයින් නව දෙනෙකු පණ පිටින් අල්වාගෙන මරාදැමීමේ මිනීමැරුමට අධිකරණමය පරීක්ෂණයක් ක‍්‍රියාවට නැංවිය යුතු බවට අපි බල කර සිටිමු. සියළුම ජනතාවගෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන් මේ සංහාරය හෙලා දකින ලෙස අපි ඉල්ලා සිටිමු.

ආයුධ සන්නද්ධ බල ඇණි ඉවත් කර ගනු

කපා හැරි ප‍්‍රදේශය මාඕවාදීන් විසින් ආරක්ෂිත කලාපයක් ලෙස භාවිතා කරන බවට පොලීසිය විසින් ගෙන යන ප‍්‍රචාරය අමූලික බොරුවකි. මේ කලාපයේ ජනතාව, අපේ පක්ෂයේ නායකත්වය යටතේ, බොක්සයිට් කැණීමට එරෙහිව සහ බලිමේලා ජලාශය ඉවත් කිරීමේ ගැටළුවට විසඳුම් ඉල්ලා රජය සමග සටන්කාමී අරගලවල නියුතුවූහ. අපේ පක්ෂය, මේ ප‍්‍රදේශයේදී, වගා කරන්නාට ඉඩම් යන සටන්පාඨය යටතේ ඉඩම් අක්කර සිය ගණනක් අත්පත් කරගනිමින් ඉඩම් අහිමි ජනයා අතර ඒවා බෙදා දීමේ කෘෂිකාර්මික වැඩසටහනක් දියත්කොට තිබුණි. එපරිද්දෙන්ම, අපේ පක්ෂය සුභසාධක සහ සංවර්ධන වැඩකටයුතු ගණනාවක් මේ ප‍්‍රදේශය තුළ දියත් කොට තිබුණි. මේ ගැන ක්‍රෝධයෙන් මුසපත් වෙමින්, රාජ්‍ය බලඇණි, විශේෂයෙන්ම අන්ද්‍රා සහ ඔඩිෂාහි පොලීසිය ඒකාබද්ධව පසුගිය වසර ගණනාව තිස්සේ ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමේ නාමයෙන් මේ ප‍්‍රදේශයට පහර දුන්හ. ඔවුහු මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ සහ ජනතාවගෙන් කිහිප දෙනෙකු මරා දැමූහ. පසුගිය වසර දෙකේදී, ඔවුහු අපගේ නායකත්වය මරා දැමීම කෙරේ යොමවූහ. ඔක්තෝම්බර් 24 සංහාරය එම මෙහෙයුමේ අංගයකි. කෙසේහෝ, පොලීසිය පවසන අන්දමට එම ස්ථානයේ ඒ මොහොතේ ඉහළ කමිටු රැස්වීමක් හෝ සමුළුවක් නොවීය. අපේ ස්ක්වේඩය එහි පැමිණියේ එම ප‍්‍රදේශය තුළ සාමාන්‍ය සංවිධානමය සංචාරයක් ලෙසිනි. පොලීසිය නිවැරදි තොරතුරුවලට අනුව ඔක්තෝම්බර් 23 රාත‍්‍රියේ අපේ කඳවුර අසලට හොර රහසේම පැමිණ අපව වට කළහ. පසුදින උදෑසන අමතර බලසේනා ලබා ගැනීමෙන් පසුව උදෑසන 6 ට ඔවුහු පහර දුන්හ. මෙහිදී ඔවුහු හිටපු ක‍්‍රියාකාරිකයින්ගෙන් සහ යටත්වූවන්ගෙන් උදව් ලබා ගත්හ. මේ සිදුවීමට හේතුවුණ අපේ වැරදි අපි ඇත්තවශයෙන්ම විමර්ශණය කොට ජනතාවගේ සහය ඇතිව මේ සංහාරයට උදව් කළ ඔත්තුකරුවන්ට සහ පාවාදෙන්නන්ට දඬුවම් කරන්නෙමු. දැන් පවා, සිය ගණන් පොලිස් බල ඇණි ජනතාව ත‍්‍රස්ත කිරීමට අඛණ්ඩව මේ ප‍්‍රදේශය තුළ ඒකාබද්ධ මෙහෙයුම් වල නියැලෙන අතර ජනතාවට සිය පැසුණු අස්වනු නෙළා ගැනීමට හෝ සිය ගවයින් රැකබලා ගැනීමට ඉඩකඩක් නොමැත. පොලීසිය ඉවත් කර නොගන්නේනම් ප‍්‍රාන්ත දෙකේම ටීඩීපී සහ බීජේපී පක්ෂ දෙකේ පාලක පන්තියට වන්දි ගෙවීමට සිදුවනු ඇත.

විප්ලවීය සුභපැතුම්

 

ආර්කේ සහ ආදිවාසීන් නිදහස් කරනු: වරාවරා රාඕ

ඉන්දියාව
ආර්කේ සහ ආදිවාසීන් නිදහස් කරනු: වරාවරා රාඕ

 varavara-rao

විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සභාපති වරාවරා රාඕ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, ආර්කේ සහ ආදිවාසීන් නව දෙනා යුධ සිරකරුවන් බැවින් ජාත්‍යන්තර නීතියට ගරු කොට ඔවුන් නිදහස් කරන ලෙස පොලීසියෙන් සහ රජයෙන් ඉල්ලා සිටී. ඔහු මල්කාංගිරි ව්‍යාජ සටනේ සමස්ත කතාව සවිස්තරව පැහැදිලි කළහ. ඔහු දක්වන ආකාරයට ‘‘මේ ප‍්‍රහාරය ‘ඔපරේෂන් ආර්කේ’ ලෙස හැඳින්වුවද, එහි සැබෑ අරමුණ අන්ද්‍රා ඔඩිෂා දේශසීමා ප‍්‍රදේශයේ ඇති වටිනා ඛණිජ සොයා ගැනීමයි. මේ මාඕවාදීන් සහ ආදිවාසීන් දඩයම් කිරීම ඇත්ත වශයෙන්ම හරිත දඩයම් මෙහෙයුමේ තෙවන අදියරයි. දැන් එය ‘මිෂන් 2016-ජනතාවට එරෙහි යුද්ධය’ ලෙස හඳුන්වනු ලැබේ. ප‍්‍රහාරවලට ලක්වූවන්ගෙන් අඩකටත් වඩා ආදිවාසීන් වන අතර එයිනුත් අඩකටත් වඩා කාන්තාවන් වේ.’’

————————————————————————————-

යුධ සිරකරුවන් වන තුවාල ලද ආර්කේ සහ අනෙකුත් ආදිවාසීන් 9 දෙනා නිදහස් කර ජාත්‍යන්තරයට ගරු කරනු. මේ අවස්ථාවේ ගේ‍්‍රහවුන්ඩ් සහ ඔවුන්ගේ ඔඩිෂා සගයින්ට කිසිදු අවස්ථාවක් හිමි නොවේ. හොඳින් ආයුධ සන්නද්ධව, 80ක් පමණ වූ ඔවුන් ප‍්‍රහාරයට දින තුනකට පෙර මුන්චින්ග්පුට් වලට හෙලිකොප්ටර් වලින් රැගෙන ගියහ. වියලි ඵල පමණක් ඉතිරි කරමින් ඔවුහු කිසිවෙකුගේ ඇසට හසුනොවන්නට සැලකිල්ලෙන් යුතුව කිලෝමීටර 25ක් ආවරණය කළහ. ‘සමහර වෙලාවල් වලදී මීටර් 200ක් ගමන් කිරීමට පැය දෙකක් පමණ ගත කළ අපි තවත් තැනෙක කිලෝමීටර් 2ක් මිනිත්තු 30කින් ගමන් කළෙමු. අපි දිය පහරවල් වල කරවටක් ජලයේ ගිලී පිහුණුවෙමු.’ සිය අනන්‍යතාවය හෙලි කිරීමට අකමැති වූ ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ කෙනෙකු පැවසීය. ඔවුහු රේඩියෝ යන්ත‍්‍ර නිහඬ කොට අදාල ප‍්‍රදේශයට ජීපීඑස් සංඥවලට අනුව ප‍්‍රවේශ වූහ.

ප‍්‍රහාරක කණ්ඩායම ‘V’ හැඩයට කඳවුරට ළඟා වී වෙඩි තබන්නට පටන් ගත්තේ මාඕවාදීන්ට පලා යාමට එක් දිසාවක් පමණක් විවර කරමිනි. ‘පලායන පෙදෙසේ උස් බිමක් වූ අතර අපේ මිනිසුන්ට හරස් වෙඩි වැදීමට ඉඩ ඇති බැවින් අපි කඳවුර වට නොකළෙමු. තනි මුරකාරයින් වෙඩි තැබීමෙන් නිදා සිටින කාඩර්වරුන්ට අනතුරු හඟවන්නටත් පෙර, අප පහරදුන් අතර ඔවුන්ගේ ප‍්‍රතික‍්‍රියාව අප අපේක්ෂා කළාටත් වඩා අඩු විය.’ එසේ කීවේ ප‍්‍රති-මාඕවාදී මෙහෙයුම්වල නියුතු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකි.

මූලාශ‍්‍ර වල කියැවෙන අන්දමට ප‍්‍රහාරය සැලසුම් කිරීම ඔඩිෂා, අන්ද්‍රා ප‍්‍රදේශ් සහ චටිස්ගාර් හි ඉහළ පොලිස් නිළධාරීන් සහ පැරාමිලිටරි බල ඇණි අතර උපදෙස් ලබා දීමෙන් සිදුවිය.

මෙය 2016 ඔක්තෝම්බර් 31 ‘ද හින්දු’ වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි. මෙය මගින්, අන්ද්‍රා ඔඩිෂා දේශසීමා ප‍්‍රහාරය සැබෑ එකක් නොවන බවත් එය අන්ද්‍රා ප‍්‍රදේශ් ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ සහ ඔවුන්ගේ ඔඩිෂා සගයින් සහ මධ්‍යම රජයේ පැරාමිලිටරි සේනාංක සිදු කළ ඒක පාර්ශ්වික ප‍්‍රහාරයක් බවට අප සිදු කළ චෝදනාව සනාථ කරවයි. එය සැලසුම් කළ මිනීමැරුමකි.

මෙතෙක් සිදුවූ විශාලතම ප‍්‍රහාරය වන මෙය ඔක්තෝම්බර් 23 වන දින මධ්‍යම රාත‍්‍රියේ සිට ඇරඹි මෙහි පළමු අදියර අවසන් වූයේ ඔක්තෝම්බර් 29 වන දින අවසන් කරන්නට සිදු වූයේ පුද්ගලයින් 32 දෙනෙකු මරණයට පත්වීමට දැඩි ලෙස දෝෂාරෝපනයට ලක්වූ වාතාවරණයක් නිසාවෙනි. පළමු හානිය සිදුවූයේ ඔඩිෂා හි මල්කාංගිරි දිස්ත‍්‍රික්කයේ බෙජ්ජංගි රාමගුඩා ප‍්‍රදේශයේ 18.00 ට පමණය. එය බලිමෙලා ජලාශය අසල අන්ද්‍ර ප‍්‍රදේශ් සහ ඔඩිෂා අතර පිහිටා තිබුණු රක්ෂිත ප‍්‍රදේශයයි. මෙම ඝාතක ප‍්‍රහාරය 4 දෙනෙකුගේ අරඹා පසුව 2 දෙනෙක්ද, සහ 4 දෙනෙකුගෙන් අවසන් කළහ.

අපි එය දැන ගැනීමට 24 වන දින උදෑසන පැයේදී එම ස්ථානයට පැමිණියෙමු. අන්ද්‍රා එස්අයිබී හිතාමතාම ව්‍යාජ තොරතුරු ලබා දුන්හ. එය ‘ඔපරේෂන් ආර්කේ’ ලෙස හැඳින්විණි. ඉලක්කය වූයේ අක්කිරාජු හරාගෝපාල් නොහොත් රාමක‍්‍රිෂ්ණා (ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී හි මධ්‍යම කාරක සභා සාමාජිකයෙකි.), ගජර්ලා රවී නොහොත් උදේ (අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ ලේකම්වරයායි.), චලාපාති (අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ සාමාජිකයෙකි) සහ අරුණා (චලාපාතිගේ බිරිඳයි) යන අයයි.

2004 ට පෙර, ගජර්ලා රවි නොබෙෙදුණු අන්ද්‍ර ප‍්‍රදේශ් රජය සමග පැවැත්වූ ‘සාකච්ඡාවන්ට’ සහභාගි වූහ. ඔහු එවකට උතුරු තෙලෙංගානා විශේෂ කලාප කමිටුවේ ප‍්‍රාන්ත කොමිටි සාමාජිකයෙකි.

පසුව චලපාති සහ අරුණා ආරක්ෂිත බවත් ආර්කේ තුවාල ලද බවත් දැනගන්නට ලැබුණද අනතුර පහව ගොස් නොතිබුණි. ගේ‍්‍රහවුන් ඔවුන්ගේ ඉලක්ක ඝාතනය කර දැමීමට අසමත් වූ බැවින්,  විශාකාපත්නම් පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප‍්‍රාදේශීය එස්පී සහ අන්ද්‍රා ප‍්‍රදේශ් පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් සිතා මතාම වැරදි තොරතුරු ප‍්‍රචාරය කොට හැරියේ මාඕවාදී පක්ෂයේ නායකයින් සහ කාඩර්වරු සහ ආදිවාසීන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත්ව අවදියෙන් සිටි ජනතාව නොමග යවනු පිණිසයි.

ඔක්තෝම්බර් 25 වන දින, දිවිපිදූවන්ගේ ඥතීන් සහ මිතුරන්, පවුල්වල අයගේ සංවිධානය වන අමරුලූ බන්ධු මිතෘලා සන්ගම් (ඒබීඑම්එස්) නායකත්වය යටතේ, මරණයට පත්වූ අය මල්කාංගිරිවල දමා ගොස් ඇති බවට සැක කරන බව ප‍්‍රකාශ කළහ. චීති බාබු (ඒපීසීඑල්සී සභාපති), ජී කල්‍යාන් රාඕ (වීරසාම්) සහ මම ඔවුන්ව විශාකාපත්නම් වල සිට රැගෙන ගියහ.

සවස 2 ට පමණ, මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සේයාරූ වට්ස්ඇප් වල ප‍්‍රදර්ශනය වූහ. ඔවුන් විශාකාපත්නම් දිස්ත‍්‍රික්කයේ ගනේෂ් නොහොත් වෙන්කත‍්‍රමානා සහ තෙලෙංගානා ප‍්‍රාන්තයේ යාධරී දිස්ත‍්‍රික්කයේ, දසිරෙද්දිගුඩා වල දයා නොහොත් සමලා ක‍්‍රිස්තයියා වූහ. ඔවුන් දෙදෙනාම අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ සාමාජිකයින් වූහ. මල්කාංගිරි වලට ළඟා වන විට, අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ මාධ්‍ය ප‍්‍රකාශක ජගබන්ධු විසින් 18 දෙනෙකුගේ නම් ඇතුළත් ප‍්‍රකාශනයක් නිකුත් කොට ඇති බව දැනගන්නට ලැබුණි.

පසුව එයට පීකේඑම් ප‍්‍රභාකර් නොහොත් ගන්ගුලූ ද ඇතුළත් වූහ. ඔහු වූ කලී ප‍්‍රජා කලා මණ්ඩලී පිහිටවූ ආරම්භකයා වන අතර, පසුගිය 25 වසර පුරාම සුප‍්‍රකට රංගන ශිල්පියෙකු සහ සංස්කෘතික ක‍්‍රියාකාරිකයෙකු ලෙස ක‍්‍රියා කළ අයෙකි. 2014 දී තෙලෙංගානා ප‍්‍රාන්තය පිහිටවූ පසු ඔහු රහසිගතයට ගියහ. ඔහු වත්මන් තෙලෙංගානාවෙහි මෙද්චාල් දිස්ත‍්‍රික්කයේ කාන්ටොන්මන්ට් ප‍්‍රදේශයේ යප‍්‍රාල් වල අයෙකි. ඔහුගේ බිරිඳ චයිතන්‍යා මහිලා සංගමයේ නායිකාව වන දේවේන්ද්‍රා, ඇයගේ මිතුරිය වන ස්වප්නා සමග සිය නැන්දණිය වන භාරතී නොහොත් ලතාගේ (අන්ද්‍රා ඔඩිෂා සීමාවේ ඒරියා කොමිටි සාමාජිකාවකි.) මෘතසිරුර රැගෙන යාමට පැමිණි බව බොරුවකි. මැදි වියේ කාන්තාවක් වන භාරතී ඩුබා ශංකර්ගේ (අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ කලාප කමිටුවේ ප‍්‍රාන්ත කමිටු සාමාජිකයෙකි) බිරිඳයි. දැන් එය දෙවේන්ද්‍රා ඇයගේ ස්වාමියා ප‍්‍රභාකර්ගේ මෘත දේහය රැගෙන යන්නට පැමිණී බවට හැරවී ඇත.

රාම ක‍්‍රිෂ්ණාගේ බිරිඳ වන සිරිෂා, සිය පුත‍්‍රයා වන පෘත්වි නොහොත් මුන්නා රැගෙන යාමට පැමිණීමට නියමිත විය (අන්ද්‍රා ඔඩිෂා සීමාවේ සෙක්ෂන් කමාන්ඩර්). ඇය අන්ද්‍ර ප‍්‍රදේශ් වල ප‍්‍රකාසම් දිස්ත‍්‍රික්කයේ, අලකුරපාදු වල සිට පැමිණියහ. දැන් ඇයගේ ස්වාමිපුරුෂයා වන ආර්කේ ගේ ජීවිතය අනතුරේය.

මල්කාංගිරි එස්පී කාර්යාලයේදී, මෘත සිරුරු 28ක් දැව පෙට්ටිවලට අසුරනු ලැබීය. ඒවන විට 14 දෙනෙකු පොලීසිය මගින් හඳුනාගෙන තිබුණි. මිය ගිය අයගේ ඡායාරූප පෙට්ටි සමග අංක ගතකොට තිබුණි. එන්එච්ආර්සී එකට අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේද නැද්ද යන වග සහ දැනට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව දැන ගන්නට නැත. මෘත සිරුරු අයිස් පෙට්ටි (අධිශීතකරණ) තුළ තබා සංරක්ෂණය කොට නොතිබුණි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළද, එය සිදු කරන්නට පෙර මෘත සිරුරු ඥතීන්ට නොපෙන්වන ලදි. අධිකාරීන් පවසන දේ කුමක් වුවත්, නීතියට අනුව මෘත සිරුරු සංරක්ෂණය කොට නොතිබුණි. සිරුරු වලින් රුධිරය වෑස්සී තිබුණු අතර සෑම සිරුරකටම දැඩි ලෙස වධ දුන් බව පෙනෙන්නට තිබුණි. මුහුණු විකෘති කොට තිබුණි, පාද කපා තිබුණි, බඩවැල් සහ මස් ඉවතට ඇදී තිබුණි, කාන්තාවන්ගේ පියයුරු කපා දමා තිබුණි. අංක 20 ලෙස නම්කොට තිබුණි පෙට්ටියේ හිස ගැසූ කාන්තාවක්ගේ මෘත සිරුරක් අපට සොයාගන්නට හැකි වූ අතර එයින් අපි කම්පනයට පත් වුණෙමු. අපි එස්පීට පැමිණිලි කළෙමු. ඔහු අපට මිය ගිය අයගේ ඡායාරූප පෙන්වා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන විට වෛද්‍යවරයා විසින් එය ඉවත් කරන්නට ඇති බවත් එය අවසන් කරද්දී යළි සැකසීමට ඔහුට අමතක වන්නට ඇති බවත් ප‍්‍රකාශ කළහ. එය මගින් පෙන්වූයේ, මිය ගිය මනුෂ්‍යයෙකුට පවා රළු පරළු ගෞරව රහිත නොසැලකිලිමත් කමකි. ඒ ඔවුන් මාඕවාදීන් වූ බැවිනි.

ප‍්‍රහාරය මල්කාංගිරි ඝාතක බිම්වල සිට විශාකාපත්නම් දිස්ත‍්‍රික්කයේ පදේරු දක්වා ඔක්තෝම්බර් 29 වන තෙක් පවත්වාගෙන ගියහ.  පදේරු අයිටීඞීඒ මූලස්ථානයයි. මෘත සිරුරු 2+2 ප‍්‍රමාණයක් 28 සහ 29 වන දින වල රජයේ රෝහල්වලට විසි කොට තිබුණි. මේ පදේරු වූ කලී මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ඩුබායි කම්පැනියක් විසින් බොක්සයිට් කැණීමට එරෙහිව චින්තපල්ලි වනයේ ආදිවාසීන්ගේ 16 වසරක දිගු අරගලයේ අපිකේන්ද්‍රයයි. ආදිවාසී කාන්තාවන් වන විකාපල්ලි සහ භල්ලූගුඩා බොක්සයිට් මාෆිසාවට එරෙහිව සටන් කිරීම නිසා ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ අතින් සමූහ දූෂණයට ලක් වූහ. සමූහ දූෂණයන් සිදුවූ මේ ප‍්‍රදේශය මුළු රටෙහිම අවධානයට ලක්වූහ. එය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන ගියහ. දකුණු ඔඩිෂා වේදාන්ත සහ පොස්කෝ සමාගම් වලට එරෙහිව අරගල කිරීමට මහත් ප‍්‍රසිද්ධියක් උසුලයි.

කෙසේ වුවත් ‘ඔපරේෂන් ආර්කේ’ ලෙසින් හැඳින්වූ මේ ප‍්‍රහාරය හරහා, සිදු කළේ අන්ද්‍රා ඔඩිෂා සීමා ප‍්‍රදේශයේ වටිනා ඛණිජ සෙවීමේ මෙහෙයුමකි. මේ ආදිවාසීන් සහ මාඕවාදීන් දඩයම් කිරීම හරිත දඩයම් මෙහෙයුමේ තෙවන අදියරයි. දැන් එය ‘2016 මෙහෙයුම – ජනතාවට එරෙහි යුද්ධය’ ලෙස හඳුන්වනු ලැබේ. ප‍්‍රහාරවලට ලක්වුණු පුද්ගලයින්ගෙන් අඩකටත් වඩා ආදිවාසීන් වන අතර ඉනුත් අඩකටත් වඩා කාන්තාවන් වේ.

මේ නිසා, ප‍්‍රාන්ත දෙකෙහි සහ මධ්‍යම රජය විසින් මේ ඝාතක බිම්වල සිය බලඇණි විහිදුවා ඇති බැවින්, අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටිමු. බියජනක ලෙස, සතියකටත් වඩා කාලයක් තිස්සේ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී හි මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු වන ආර්කේ ගේ තොරතුරු පිළිබඳව කිසිවක් නොදනී. රට පුරාම ජනතාව විශේෂයෙන්ම තෙලූගු ප‍්‍රාන්ත දෙකේ ජනතාව වික්ෂිප්තව සිටී. ඔහු නොබෙදුනු අන්ද්‍රා ප‍්‍රදේශ් රජය සමග (2004 ඔක්තෝම්බර්) කළ ‘සාකච්ඡා’ කාලය තුළ මාධ්‍ය හරහා හොඳින් දැක පුරුදු අයෙකු විය. එම නිසා ජනතාවට ඔහුව පහසුවෙන් හඳුනා ගත හැකිය. මෙයට පෙර ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මාඕවාදීන් එම්එල්ඒ හි දේශපාලන නායකයින් සහ, අයිඒඑස් නිළධාරීන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටියදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල ඉල්ලීම සහ මැදිහත්වීමත් සමග කිසිදු හානියක් නොකොට ඔවුන්ව නිදහස් කළහ. චටිස්ගාර්, ජාක්හෑන්ඩ් සහ අන්ද්‍රා ප‍්‍රදේශ් වල පොලිස් කොස්තාපල්වරු ප‍්‍රාණ ඇපකරුවන් ලෙස ගත්විට එයම සිදුවිය. බොහෝ අවස්ථාවලදී, මුහුණට මුහුණ සටනක් නොවුණි නම් මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ප‍්‍රාණ ඇපකරුවන් කෙදිනක හෝ නිදහස් කරන ලදි.

  1. ආර්කේ සහ ආදිවාසීන් 9 දෙනා යුධ සිරකරුවන් බැවින් ජාත්‍යන්තර නීතියට ගරුකොට ඔවුන්ව නිදහස් කරන ලෙස අපි රජයෙන් සහ පොලීසියෙන් ඉල්ලා සිටිමු.

  2. හයිද්‍රාබාද් ඉහළ උසාවි ඩිවිෂන මණ්ඩලයේ නිරීක්ෂණ වලට අනුව (2016 ඔක්තෝම්බර් 31) ‘මාඕවාදී පක්ෂයේ තොරතුරු වල අන්තර්ගතය ගැන අවතක්සේරු කිරීම නොකළ යුතුය.’ මාඕවාදී නායක, ආර්කේ අන්ද්‍රා ප‍්‍රදේශ් බුද්ධි අංශවල අන්වේෂණ තත්ත්වයට ලක් කිරීම අපි හෙළා දකිමු.

  3. ඩිවිෂන මණ්ඩලයේ වැඩිදුර නිරීක්ෂණ වල, ‘තත්ත්වය බෙහෙවින් කලබලකාරීය. වෙන කිසිවකටත් වඩා, මානව වර්ගයාගේ ජීවිත බෙහෙවින් වටිනා එකකි – එයට ඔහු මාඕවාදියෙක්ද නැද්ද යන වග අයත් නොවේ. රජයේ ප‍්‍රාථමික වගකීම විය යුත්තේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමේ කාර්යයි.’

  4. එමනිසා තුවාල ලබා සිටින සහ පොලිස් භාරයේ හෝ එවැනි තත්ත්වයක සිටින ආර්කේ සහ අනෙකුත් ආදිවාසීන් 9 දෙනා කිසිදු උසාවියක හෝ නීතියකට අනුකූල නොවන ලෙස තබා ගැනීම ඔවුන්ගේ ජීවිත වලට හානියක් විය හැකි බැවින් නිදහස් කර සිටින ලෙස බල කර සිටිමු.

වරාවරා රාඕ
සභාපති, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ

 

ඉහළ පෙලේ මාඕවාදී නායක ආර්කේ ආරක්ෂිතයි, නමුත් ධූරයෙන් ඉවත්කොට ඇත.

ඉහළ පෙලේ මාඕවාදී නායක ආර්කේ ආරක්ෂිතයි, නමුත් ධූරයෙන් ඉවත්කොට ඇත.
සිකුරාදා හඬ පටයක් නිකුත් කරමින්, මාඕවාදී නායක භූමිකා නොහොත් පද්මක්කා තමා අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ නව ලේකම්වරයා බව හඳුන්වා දුන්හ.

maoist-rk_1_-26bca

සතියකට පෙර අන්ද්‍රා ප‍්‍රදේශ් සහ ඔඩිෂා ඒකාබද්ධ පොලිස් බල ඇණි විසින් සිදු කළ ප‍්‍රහාරයෙන් මාඕවාදීහු 30 දෙනෙකු මරා දමනු ලැබූ අතර ඉහළ පෙලේ නායකයින් කිහිප දෙනෙකු තුවාල ලදහ. කැරලිකරුවෝ සිය මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු වන අක්කිරාජු හරාගෝපාල් නොහොත් ආර්කේ අන්ද්‍රා ප‍්‍රදේශ් විශේෂ කළාප කමිටුවේ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලදි.

සෙනසුරාදා හඬ පටයක් නිකුත් කරමින් මාඕවාදී නායක භූමිකා නොහොත් පද්දමක්කා තමන් එහි නව ලේකම්වරයා ලෙස හඳුන්වා දුන්හ. විශ්වාස කරන අන්දමට ඇය මාඕවාදී නායක ගනපතිගේ බිරිඳයි. ඇය ප‍්‍රහාරය සඳහා පලිගන්නා බවට දිවුරා සිටියහ. ‘‘ප‍්‍රහාරයෙන් පසුව මාඕවාදීහු කපාහැරි පෙදෙස තුළ ශක්තිමත්ව සිටියි. ප‍්‍රාදේශීය ජනතාව අප සමගයි. අපි ඔවුන් වෙනුවෙන් සටන් කරන්නෙමු.’’ ඇය කීය.

ප‍්‍රහාරයෙන් පසුව අතුරුදන්ව සිටි ආර්කේ, වාර්තාවන අන්දමට ආරක්ෂිතව සිටින අතර ඔහු දන්දකර්ණයා විශේෂ කලාප කමිටුවට මාරු කර යවන ලදි. මිය ගිය අය අතර ඔහුගේ පුතා වන මුන්නා ද විය.

අඟහරුවාදා දින, මාඕවාදී මතධාරී වරාවරා රාඕ නිවේදනය කලේ ආර්කේ ආරක්ෂිත බවයි, පැය කිහිපයකට පසුව මාඕවාදී නායකයාගේ බිරිඳ වන කණ්ඩුල සිරිෂා හයිද්‍රාබාද් ඉහළ උසාවියට හබයාස් කෝපූස් ආයාචනාවක් ඉදිරිපත් කළහ. සිකුරාදා සිරිෂා සිය ස්වාමිපුරුෂයා ආරක්ෂිත බැවින් එය උසාවියෙන් ඉවත් කරගත්හ.

බස්තාර් හි ව්‍යාජ සටනකින් ගොවියෙකු මරා දමා ඇත.

බස්තාර් හි ව්‍යාජ සටනකින් ගොවියෙකු මරා දමා ඇත.

බස්තාර් හි ව්‍යාජ පොලිස් සටනකට ගොවියෙකු ගොදුරු වී ඇත. පොලීසිය පැවසුවේ පෙබරවාරි 4 මාඕවාදීන් සමග ඇතිවුණ ගැටුමක දී ඔහු මිය ගිය බවයි. කෙසේ වෙතත් පවුලේ අය පවසන්නේ හද්මා ට කිසිදු මාඕවාදී සම්බන්ධතාවයක් නැත යන්නයි. ඔහුව මරා දමා ඇත්තේ ව්‍යාජ සටනකිනි.


බස්තාර් පොලිස්පති කල්ලූරි ප‍්‍රකාශ කළේ, පෙබරවාරි 4 මරදුමා පොලිස් ස්ථානයට අයත් කණ්ඩායමක් සමග ඇති වූ බිහිසුණු ගැටුමකින් පසු හද්මා මිය ගිය බවත් ඔහුගේ ගිනි අවියද ප‍්‍රදේශයකින් සොයා ගත් බවයි.

එසේ වුවද හද්මාගේ බිරිඳ පැවසුවේ පෙබරවාරි 3 උදෑසන පොලීසිය සිය නිවසට පැමිණ ඔහුව රැගෙන ගිය බවයි.
හද්මාගේ බිරිඳ කාශ්‍යප් පැවසුවේ ‘‘පොලිස් නිළධාරීන් 5ක් පමණ අපේ නිවස වැටලූවා, 6 දෙනෙක් නිවසට ඇතුල් වී නගරයට ගමන් කරන පෙන්වන්නැයි සැමියාට කිවුවා. ඔහු එය ප‍්‍රතික්ෂේප කළ නිසා ඔහුව රැගෙන ගියා.’’