Blog Archives

පේරු රාජ්‍යයේ මාඕවාදී ගරිල්ලන්ගේ ස්නයිපර් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් තවත් අය තුවාල ලබති

පේරු රාජ්‍යයේ මාඕවාදී ගරිල්ලන්ගේ ස්නයිපර් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් තවත් අය තුවාල ලබති


2017 මාර්තු 18 සෙනසුරාදා උදෑසන පේරු මාඕවාදී ගරිල්ලන් භ‍්‍රයේමා හි දකුණු කලාපයේ වනාන්තරයක සිට එල්ල කළ මාරාන්තික ස්නයිපර් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ පිචාරයිට් හි පොලිස් ස්ථානය කරා ගමන් කරමින් සිටියදීය.

ගැලීෂියාව: ඉන්දියාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජනවාරි 28 පැවැත්වූ සම්මේලනයට සමගාමීව ගැලීෂියාවේ සිදු කළ ප‍්‍රචාරක කටයුතු…

ගැලීෂියාව: ඉන්දියාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජනවාරි 28 පැවැත්වූ සම්මේලනයට සමගාමීව ගැලීෂියාවේ සිදු කළ ප‍්‍රචාරක කටයුතු…

 

 

දන්දකර්ණයා සහ නැගෙනහිර කලාපයේ අණදෙන්නා වන ගජර්ලා රවී සමග සම්මුඛ සාකච්ඡාවක්

ඉන්දියාව: දන්දකර්ණයා සහ නැගෙනහිර කලාපයේ අණදෙන්නා වන ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වන ගජර්ලා රවී සමග සම්මුඛ සාකච්ඡාවක්

 naxal_comrades

ඔක්තෝම්බරයේ මාඕවාදී අණදෙන නිළධාරීන් සහ ස්ක්වේඩ් සාමාජිකයින් 33 දෙනෙකු මරා දැමූ, ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ විසින් එල්ල කළ මල්කාංගිරි ප‍්‍රහාරයෙන් ඔහුද මරණයට පත් වන්නට ඇතැයි විශ්වාස කෙරිණි. බොහෝ පුද්ගලයින් ගජර්ලා රවී නොහොත් ගනේෂ්ට ශෝක පණිවි එවූහ. නමුත් ‘‘ ද වීක් ’’ දන්දකර්ණයා විමුක්ති කලාපයට පිවිසි පසු ප‍්‍රහාරයක් සඳහා බලඇණි රැගෙන වනාන්තර මාවතක් දිගේ ගමන් කරන ගනේෂ් හමු වූහ. ඔහු සමග 50 ක පමණ මාඕවාදී ආරක්ෂක වළල්ලක් වූහ. ඔහු ඒකේ 47 අවියක් දරා සිටි අතර පතරොම් වැලක් ඔහුගේ පපුවේ සහ ඉණෙහි විය.

ගනේෂ් යනු ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ දක්ෂතම යුද්ධෝපාය විශේෂඥයෙකු මෙන්ම ජාතික බුද්ධි ඒජන්සියට වඩාත්ම අවශ්‍ය මිනිසුන්ගෙන් කෙනෙකි. ඔහු දැන් පනස් වැනි දශකයේ මුල්භාගයේ පසුවෙයි. එසේම ඔහු පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු ලෙසද ප‍්‍රකටය. ඔහු මෑත සිදුවූ මල්කාංගිරි ප‍්‍රහාරයේදී දේශපාලන මණ්ඩල සාමාජික ආර්කේ සමග පෙනී සිටියහ. නමුත් දැඩි ආරක්ෂක වළල්ලට ස්තූති වන්නට ගනේෂ් සහ ආර්කේ පලා ගියහ. ආර්කේ ගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම නිසා පක්ෂයේ ඉල්ලීම මත දන්දකර්ණයා නායකත්වය ගනේෂ්ට පැවරිණි. ප‍්‍රහාරය මගින් මාඕවාදීන්ගේ පසින් සිදු වූ අත්වැරැද්දක් නිරාවරණය වූ අතර දැන් ගනේෂ් අළුත් අය බඳවාගනිමින් ආරක්ණෂාව පුළුල් කරමින් මල්කාංගිරි ප‍්‍රදේශය නැවත ගොඩනගමින් සිටී. ඔහු පක්ෂ නායක ගණපති සහ දෙවන නායක ප‍්‍රසන්තා බෝස් (කිෂාන් දා) යන දෙදෙනාට බෙහෙවින් සමීප අයෙකු බව ප‍්‍රකටය. එසේම ගනේෂ් ප‍්‍රදේශයේ නැගෙනහිර කලාපයේ අණදීමද සිදු කරයි. දැනට ජීවතුන් අතර නොමැති ඔහුගේ සහෝදරයින් තිදෙනාද මාඕවාදීන් වූහ. ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ගනේෂ් කොලීජිය අතහරිමින් මහජන යුද්ධ කණ්ඩායමේ ශිෂ්‍ය අංශයට සම්බන්ධ වූහ. ඔහු රහසිගතයට ගිය පසු ඔහුව පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු ලෙස සහ හමුදා විශේෂඥයෙකු ලෙස පුහුණු කළ ගණපතිට ඔහු බෙහෙවින් සමීප අයෙකු විය.

ගනේෂ් සහ ආර් කේ 2004 දී රහසිගතයෙන් එළියට පැමිණ ප‍්‍රධාන අමාත්‍ය වයි එස් චන්ද්‍රශේඛර් රෙඩ්ඩි විසින් නායකත්වය දුන් අන්ද්‍රා ප‍්‍රදේශ් රජය සමග සිදුකළ සාකච්ඡාවලට සහභාගි වූහ. වසරකට පමණ පෙරදී, ගනේෂ් එන් චන්ද්‍රබාබු නායිදු ඝාතනය කිරීමට සැලසුම් කළහ.

දියවැඩියා රෝගියෙකු වන ගනේෂ් හැම විටම ඉන්සියුලින් භාවිතා කරයි. ඔහු මෑතදී ඉතාවිශාල ප‍්‍රමාණයක් තරුණ පිරිමි සහ ගැහැණු බඳවාගෙන මල්කාංගිරි පෙදෙස නියෝජනය කරන්නට යොදා තිබේ. මුලින් අකමැති වුවද, පසුව ඔහු ‘‘ ද වීක් ’’ වෙත කතා කරන්නට එකඟ වුණි. අපට ගමට පැමිණෙන්නට කියූ ඔහු (අනාවරණය නොවීමට) පැය භාගයක් ඇතුළත පැමිණෙන්නට පොරොන්දු වූහ. ඔහු ඔහුගේ වචනය ඉෂ්ට කළහ. ගනේෂ් තේ සාදන්නට සහ රාත‍්‍රී ආහාරයට බත් සහ එළවළු ව්‍යාංජන සකසන්නට නියෝග කළහ. ඒ රාත‍්‍රියේදී, ඔහුගේ මිනිසුන් විසින් ආරක්ෂක වළලූ හතරක් කූඩාරම වටා ඉදිකරගෙන සිටියදී කූඩාරමේ මැටි බිමෙහි පැදුරක් එළනු  ලැබූහ. කිරි පානයක් රස බලමින්, රාත‍්‍රී ආහාර පිළියෙල වන තෙක් ඔහු ‘‘ ද වීක් ’’ වෙත නිදහස් සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්හ. ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය දුෂ්කර සමයක් ගත කරන බව සහ පක්ෂයේ සමස්ත ඉහළ නායකත්වයම වාගේ අහිමි වී තිබෙන බව ඔහු පිළිගත්හ. කෙසේහෝ, මාඕවාදීහු නැවත නැගිටීමක් සිදු කරන බව ඔහු කීහ. උපුටාගැනීමෙන්:

————————————————————————————

රජය ප‍්‍රකාශ කරනවා ආරක්ෂක අංශවල ප‍්‍රහාර නිසා ඔබ විශාලතම පසුබෑමකට ලක්වෙලා තිබෙන බව.

ඔව් ඒක යම් ප‍්‍රමාණයකින් සත්‍යයක්. නමුත් අපේම රජයක් පවතින විමුක්ති කලාපවලට ඒක අදාල නැහැ. තවදුරටත් අපි ගරිල්ලායුද්ධයෙහි නියැළෙන්නෙ නැහැ. අපිට පහරදීමක් එල්ලවුණොත් පමණක් ප‍්‍රහාර එල්ල කරනවා. 2007 දී, අපේ අවසන් පක්ෂ සම්මේලනයේදී, අපි තීරණය කළා අපේ හමුදා අංශය වන මහජන විමුක්ති ගරිල්ලා හමුදාව මහජන විමුක්ති හමුදාව බවට පත් කරන්න. අපේ බලකොටු ප‍්‍රදේශ වලින් ඔබ්බට විහිදීමෙන් අපි පීඩනයක් එල්ල කරනවා.

ඔබ ගරිල්ලා යුද්ධය අත්හැරීමෙන්, මහජන විමුක්ති හමුදාව සැකසීමේ චීන මොඩලය භාවිතා කරන්නද අදහස් කරන්නෙ?

ඔව්. චීන මහජන විමුක්ති හමුදාව වගේ අවශ්‍ය වෙලාවට ක‍්‍රියාමාර්ග ගැනීමට අපි අදහස් කරන්නෙමු. එය බොහෝ සෙයින්ම ජනතාව කේන්ද්‍රගත වුණු ජංගම හමුදාවක් වනු ඇත.

ඔබ පැවසුවා ඔබ පය ගසාගෙන සිටින විමුක්ති කලාප නොඉඳුල් බව, නමුත් මල්කාංගිරි වලදී මෑත කාලවලදී ඉතාම නරක ප‍්‍රහාරයන්වලට ඔබ මුහුණ දුන්නා.

ඔබ දැන් වාඩිගෙන සිටින්නෙ මල්කාංගිරි වල. ඔබට අප හැරුණම වෙනත් පොලිසි නිළධාරීන් හමුවුණාද? ප‍්‍රහාර සිද්ධවුණේ රජය වනාන්තර තුළ ජීවත්වෙන ජනතාවගේ අයිතීන් පාගා දමන්න තෝරාගත් නිර්දය ක‍්‍රමය නිසයි. අපි එය නැවත කවදාවත් සිදුවන්න ඉඩ තබන්නෙ නැහැ.

ඔබේ ව්‍යාපාරය බෙංගාලයේ දුර්වල වී තිබෙනවා. එසේම ජාක්හෑන්ඩ්වලත් එය හොඳ තත්ත්වයක නෙවෙයි තිබෙන්නෙ.

බෙංගාලයේදී, අපිට ප‍්‍රතිපත්තිමය රාමුවක් නොමැති වීමෙන් බෙහෙවින් අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් පීඩා වින්දා. මමතා බනර්ජී (ප‍්‍රධාන අමාත්‍ය) ගැන කටයුතු කිරීමේදී අප විසන් වරදක් කළා. කෙසේ හෝ ව්‍යාපාරය බෙංගාලයේ වැනි මන්දගාමී පෙදෙස්වල පක්ෂය නැවත ගොඩනගන්න අපි තීරණය කොට තිබෙනවා.

කිෂෙන්ජිගේ මරණය වෙනුවෙන් මමතා බනර්ජිගෙන් පළිගන්නා බවට බොහෝ මාඕවාදී නායකයින් ලිඛිත ප‍්‍රකාශ නිකුත් කළා.

ඔව්, පළිගැනීම සිදුවෙනවා. නමුත් එය සිදුවන්නේ බටහිර බෙංගාලයේ ලාල්ගාර් වැනි ව්‍යාපාරයකින් මමතා බනර්ජි රජය මුලිනුපුටා දැමීමෙන්. අපි ඇයව භෞතිකව වනසා දමන්න යන්නෙ නැහැ.

එය ඉන්දියාවේ දේශපාලනඥයින් විසින් ඇගයීමට ලක්කරන විදියේ දැඩි ස්ථාවරයක සිට මෘදු ආකාරයකට ප‍්‍රවේශ වීමක්.

ඔව්. අපි අපේ පක්ෂය වෙනස් කරනවා. අපි කැමතියි අධ්‍යාපනය ලද පුද්ගලයින්ට සමස්තයක් ලෙස මාඕවාදය සහ කොමියුනිස්ට්වාදය ගැන මූලික පුහුණුවක් සහ මතවාදී දැනුමක් ලබා දෙන්න. දීප්තිමත් සිසුන් බොහොමයක් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් ලෙස හදිසියේම අපිට එක්වෙලා අපේ නායකත්වයේ දෙවන පෙළ පුරවා තිබෙනවා. ඔවුන් ඉහළ පෙළ ඇති රික්තය පුරවන්න සූදානම්.

ඉහළ නායකත්වය ගැන තත්ත්වය කොහොමද?

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේවන විට ඝාතනයට ලක්වෙලා නැත්නම් අත්අඩංගුවට පත්වෙලා. කිෂෙන්ජිගේ, අෂාඩ්ගේ සහ පී.බී රාඕගේ මරණයත් සමග සහ අපේ ප‍්‍රචාරක බියුරෝවේ ප‍්‍රධානියා වූ කෝබාද් ගාන්ධි සහ තවත් හුඟ දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග ඉහළ පෙළ විශාල රික්තයක් තියෙනවා. වර්තමාන රජය (එන්ඞීඒ) කලින් තිබුණු යුපීඒ රජයටත් වඩා ආක‍්‍රමණකාරියි. ඔවුන් අපට ගුවනින් පහර දෙන ගමන් ගේ‍්‍රහවුන්ඩ් වැනි නිර්දය මට්ටමේ හමුදා කණ්ඩායම් මුදා හරිනවා. නමුත් එය මගින් අපව අවසන් කරන්න බැහැ මොකද මහත් උද්දීපනයකින් යුත් පිරිමි සහ කාන්තාවන් ඉහළ මට්ටමේ කාර්යභායන් ඉටු කරන්න අපට අළුතින් බැඳිල තියෙන නිසා.

ඔබ ගරිල්ලා යුද්ධයෙන් ඉවත්වීමත් සමග, සන්නද්ධ අරගලය අත්හැර දමන්ට යනවාද?

නැහැ. කවදාවත් නැහැ. විප්ලවය අපේ මාවතයි ඒ වගේම අපි පවතින ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පෙරලා දමන්ට කටයුතු කරනවා.

නමුත් ජනතාව වගේම බුද්ධිමතුන් අප සමග තබාගන්නටත්, අපි අවශ්‍යයි.

ඇයි ඔබේ පක්ෂය පසුගිය දශකය පුරාම පක්ෂ සම්මේලනයක් පැවැත්වුවේ නැත්තෙ? කවද්ද ඒක පවත්වන්නෙ?

ඒක සිදුවේවි (සිනහ වෙමින්). නමුත් දැන් අපිට කරන්න වැඩ තියෙනවා. චාරු මෂුම්දාර් පළමු පක්ෂ සම්මේලනය 1969 පැවැත්වුවා අපි හත්වැනි සම්මේලනය 2007 දී පැවැත්වුවා. අපි දැනට ජාක්හෑන්ඩ්, බටහිර බෙංගාලය, මහාරාෂ්ට‍්‍රා සහ නැගෙනහිර ප‍්‍රාන්තවලවගේම රටේ අනෙකුත් කොටස්වල සංවිධානය අළුත් වැඩියා කිරීමේ කටයුතු සිදු කරන නිසා බෙහෙවින් කාර්යබහුල වෙලා සිටින්නෙ. එම නිසා එයට යම් කාලයක් ගතවේවි.

පෙනෙන විදියට නායකයින් බොහෝ දෙනෙකු අහිමිවුණු මල්කාංගිරි ප‍්‍රහාරයෙන් ඔබට බලපෑමක් වී නැති හැඩයි.

අරමුණක් වෙනුවෙන් සහෝදරවරු මිය ගියා. අපි අතීතයේ ගැලී ජීවත් වෙන්නෙ නැහැ. අපි අනාගතය දෙසට දෑස් යොමු කරනවා. දන්දකර්ණයා නොඉඳුල් නිදහස් කළාපයක්. ඒක අනාගතයෙදිත් එසේ වේවි.

මූලාශ‍්‍රය: http://www.theweek.in/theweek/cover/no-more-guerrilla-warfare.html

CPN (Maoist Revolutionary) merges with Communist Nucleus Nepal

info Nepal – CPN (Maoist Revolutionary) merges with Communist Nucleus Nepal

 [http://maoistroad.blogspot.com/2017/01/info-nepal-cpn-maoist-revolutionary.html]
KATHMANDU, Jan 1: CPN (Maoist Revolutionary) and Communist Nucleus Nepal have merged.
Maoist Revolutionary Chairman Mohan Baidya and Nucleus Nepal coordinator Bhupendra Neupane announced the merger amid a program in the Capital today.
Addressing the event, Baidya underscored the need for waging and concluding people’s revolution to establish scientific socialism in the country while pitching for an unity among communist parties to save the country and its nationality from foreign interference.
Likewise, the Nucleus Nepal coordinator Neupane stressed the need for saving the country from division and fulfilling aspirations of the people that followed political change.

India – Maoists take control of forestland in Palakkad

India – Maoists take control of forestland in Palakkad

[ http://maoistroad.blogspot.com/2017/01/india-maoists-take-control-of.html ]

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) අන්ද්‍රා-ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ මාධ්‍ය ප‍්‍රකාශක ජගබන්ධු විසින් නිකුත් කළ ප‍්‍රකාශනය

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) අන්ද්‍රා-ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ මාධ්‍ය ප‍්‍රකාශක ජගබන්ධු විසින් නිකුත් කළ ප‍්‍රකාශනය.

Excerpt from: [https://www.redspark.nu/en/peoples-war/india/cpimaoist-statement-on-malkangiri-encounter/]

naxalites-Rally

[http://www.virasam.org වෙබ් අඩවියේ පළවූ ලිපියකින් පරිවර්තනය කරන ලදි.]

ඔක්තෝම්බර් 24 වෙනි දින අන්ද්‍රා සහ ඔඩිෂා පොලීසිය විසින් ඔඩිෂාහි මල්කාංගිරි දිස්ත‍්‍රික්කයේ රාමගුඩා ගම අසල අපේ කඳවුරට එල්ලකළ ඒකාබද්ධ ප‍්‍රහාරය ගැන සහ සහෝදරවරු 31 දෙනාගේ සංහාරය ගැන මේ දක්වා පොලිස් නිළධාරීන් විසින් නිකුත් කරන ප‍්‍රකාශන, ඇත්තටම එහි සිදුවුයේ කුමක්ද යන්නට මුළුමනින්ම පරස්පර බැවින් ජනතාව නොමග යවා ඇත. පොලීසිය අපව මුළුමනින්ම වටකොට තිබුණු බැවින් අපේ පාර්ශවයෙන් යම් ප‍්‍රමාදයක් සිදුවුණි.

ඇත්තටම සිදු වූ දෙය වූයේ, ඔක්තෝම්බර් 23 වන දින උදෑසන රාමගුඩා ගම අසලට ළඟා වූ අපේ ස්ක්වේඩය එතැන කඳවුරු ගැසීය. එම රාත‍්‍රියේත් අපි එම ගම්මානය අසල නිදා සිටියෙමු. ඊළඟ දිනයේ උදෑසන, පොලීසිය අපේ කඳවුර වෙත ගමන් කරනු දුටු මිනිස්සු එය අපට දැනුම් දීමට උත්සාහ කළ නමුදු පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන තොරතුරු අප වෙත ළඟාවීම වැළැක්වූහ. උදෑසන 6 ට පමණ අප නම් අඬගැසීම සිදු කරන විට පොලීසිය අංශ දෙකකින් අපේ කඳවුර අසලටම ළඟාවී තිබුණි. ක්ෂණිකවම අනතුර දැනුනු අපේ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව වෙඩි තබන්නට පටන් ගත්හ. අසල්වැසි ගම්වලින් පැමිණ අප සමග සිටි සමහර නිරායුධ ආදිවාසී තරුණයෝ සහ තරුණියෝ, අසල ගම වෙත දිව යන්නට පටන් ගත්හ. ඉවක් බවක් නැතිව පොලීසිය වෙඩි තැබීම නිසා ඒ දිව ගිය අය සහ අපේ කඳවුර අසල දොළෙහි මාළු අල්ලමින් සිටි ආදිවාසීන් සමහරෙකු මරණයට පත් වූහ. බොහො දෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලද අතර ඔවුන්ව පණ පිටින් අල්ලා ගනු ලැබූහ. ප‍්‍රහාරය යටතේ, අපේ ස්ක්වේඩය කඳවුරෙන් ආරක්ෂිතව පසු බැස්සහ. කඳවුරේදී අපි කිසිදු භෞතික හානියකට ලක් නොවීමු.

කෙසේ හෝ, එම වෙලාව වන විට පොලීසිය අපේ කඳවුර වලලූ දෙකකින් වට කරන ලදි. අපි මිනිත්තු 40ක පමණ වෙලාවක් වෙඩි තැබීමෙන් පසු ආරක්ෂිතව පළමු වළලෙන් පසු බැස්සෙමු. නමුත් ඒ වන විට අපව තවත් වළල්ලකින් වට කොට තිබුණි. අපව වටකොට සිටි පොලිස් නිළධාරීහු උස්බිම් සහ අප පසුබසිමින් සිටි මාවත් අල්ලාගෙන සිටි අතර හැම පැත්තකින්ම වෙඩි නිකුත් වන්නට විය. ඒ වෙලාවේ, වෙඩි තැබීම පැයකට වඩා වැඩි විය. පොලීසිය උණ්ඩ වට දහස් ගණන් වෙඩි තැබූ අතර අපි වට සිය ගණනක් වෙඩි තැබුවෙමු. දෙවන පොලිස් වලල්ල බිඳ දැමීමේදී, තවත් උස් බිමක් හරහා යාමට අපිට සිදු විය. ඒ අතර වූයේ තැනිතලා බිමකි. ඒ වෙලාවෙ පොලිස් සේනාංක අපට බෙහෙවින් සමීප වූහ. සිය ගණන් වූ පොලිස් නිළධාරීහු උස් බිමේ වාසිය අත කරගත් අතර තැනිතලා බිමේ වූ අපි අවාසිදායක තත්ත්වයක සිටියෙමු. පොලීසිය වේගවත් සහ ඉවක් බවක් නැති වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළහ. දෙපසින්ම එල්ලවූ වෙඩි වරුසාව බිඳගෙන යෑමේදී අපේ සහෝදරවරු සමහරෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වැඩි දෙනෙකු තුවාල ලැබූවද ඉතිරි අය දිවි ගලවා ගත්හ. සිය ගණන් පොලිස් නිළධාරීහු තුවාල ලබා ගමන් කිරීමට නොහැකිව සිටි අපේ සහෝදරවරුන් අසලට පැමිණ වෙඩි තබා මරා දැමූහ. එවිට පවා තුවාලත් සමග සමහරු සහෝදරවරු පැන ගත්හ.

ඊළඟ දින, ඔක්තෝම්බර් 25, අමතර පොලිස් බල ඇණි ලබාගෙන අපේ සහෝදරවරු පලා යෑම වැළැක්වීමට  සමස්ත ප‍්‍රදේශයම සෝදිසියට ලක් කළහ. එම දිනයේම අන්ද්‍රා ප‍්‍රදේශ් පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් එම ස්ථානයට පැමිණි අතර සමහර විට ඔහු ආරාධිත අමුත්තෙකු වූවා විය හැකිය. ඒ වන විටත් පොලීසිය භාරයේ සිටි සාමාන්‍ය ආදිවාසී තරුණ පිරිමි සහ කාන්තාවන් 4 දෙනෙකු, මරා දමා සටනක් පිළිබඳ තවත් කතාවක් ගොතන ලදි. එම දිනයේ මිය ගිය පුද්ගලයින් වනුයේ කෝමාලි (කොඩුරුගුඩා ගම්මානය), ෂ්‍යාමලා (පිල්ලිපොදුරු), කාවේරි මුදිලි සහ ලන්චා මුදිලි (දක්ලපොදුරු) යන අයයි.

වටලෑමේදී පොලීසිය විසින් අල්ලාගනු ලැබූ තුවාල ලද තවත් කාන්තා සහෝදරියක්, ඔක්තොම්බර් 26 වෙනි දින රාමගුඩා ගමේ ජනතාව ඉදිරිපිටදී මරා දමන ලදි. එපරිද්දෙන්ම, තුවාල නිසා අසනීප තත්ත්වයේ සිටි තවත් සහෝදරවරු දෙදෙනෙක් වන ගවුතම් සහ නරේෂ් යන දෙදෙනා ගම්වැසියන් ඉදිරිපිටදී ඔක්තෝම්බර් 27 වන දින උදෑසන 7ට මරා දමනු ලැබුවේ සටනක ප‍්‍රබන්ධය නැවත වතාවක් නිර්මාණය කරමිනි.

මේ ආක‍්‍රමණයට විරෝධය දැක්වීමේදී අපේ සහෝදරවරු අතිශය නීර්භීත, ධෛර්ය සම්පන්න, පංති ආවේෂයක් සහිත පරිත්‍යාග කිරීමේ ආත්මය ප‍්‍රදර්ශනය කළහ. ඔවුන්ගේ ජීවිත ඇද වැටෙද්දී පවා, ඔවුහු සිය ආයුධ සතුරා අතට පත්වන්නට ඉඩ නොදී ආයුධ සිය සහෝදර සගයින් අතට පත් කළහ. ඔක්තෝම්බර් 24 සිට 27 දක්වා යන දින හතර මුළුල්ලේම පැවති මේ සංහාරයෙන් සහෝදරවරු 31 දෙනෙකු දිවි පිදූහ. ඔවුන්ගෙන් නව දෙනෙකුම නිරායුධ සාමාන්‍ය ආදිවාසී පිරිමි සහ කාන්තාවන් විය. මිය ගිය ඔවුන් නව දෙනාම පොලීසිය විසින් පණ පිටින් අල්ලාගෙන ඔක්තෝම්බර් 24 වන දින ඉන් හතර දෙනෙක්ද, ඔක්තෝම්බර් 25 වන දින තවත් හතර දෙනෙක්ද පොලීසිය ඉවත් කර ගන්නා දින තවත් එක් අයෙක්ද මරා දමනු ලැබූහ.

දිවි පිදූවන්ගේ විස්තර:

  1. කොම්රේඩ් ප‍්‍රසාද් @ බකුරු වෙන්කටරමාන ( අ.ඔ.සී.ක.), බකුරු, විශාකාපත්නම්

  2. කොම්රේඩ් දයා @ කිෂ්තයියා ( අ.ඔ.සී.ක.), නල්ගොන්ඩා දිස්ත‍්‍රික්කය

  3. කොම්රේඩ් ගංගධාර් @ ප‍්‍රභාකර් (ඩි.කො.සා.), යප‍්‍රාල්, රන්ගරෙඩ්ඩි දිස්ත‍්‍රික්කය

  4. කොම්රේඩ් කිරාන් @ සුවර්නරාජු (ඩි.කො.සා.), බටහිර ගෝදාවරී දිස්ත‍්‍රික්කය

  5. කොම්රේඩ් මුන්නා @ පෘද්වි (ප්ලෑටූන් නියෝජ්‍ය), අලකුරපාදු, ප‍්‍රක්ෂාම් දිස්ත‍්‍රික්කය

  6. කොම්රේඩ් බිර්සු @ කෙසාවරාඕ (සෙ.ක.), තඩිපාලෙම්, විශාකාපත්නම්

  7. කොම්රේඩ් රාජේෂ් @ සෝම්ලූ (සෙ.නි.), කොට්ටම්, බිජාපූර් දිස්ත‍්‍රික්කය

  8. කොම්රේඩ් එර්රලූ @ නන්ගලූ (ඒ.කො.සා.), එර්රම්, බිජාපූර් දිස්ත‍්‍රික්කය

  9. කොම්රේඩ් බුද්ධි @ බුද්‍රි සෝරි (ඒ.කො.සා.), ගුර්නම්, බිජාපූර් දිස්ත‍්‍රික්කය

  10. කොම්රේඩ් මංජුල @ උන්ජි (ඒ.කො.සා.), නන්ගෙල්ගුඩෙම්, සුක්මා දිස්ත‍්‍රික්කය

  11. කොම්රේඩ් ගවුතම් (තාක්ෂණික ස්ක්වේඩයේ කමාන්ඩර්), කන්කර් දිස්ත‍්‍රික්කය

12 කොම්රේඩ් මුරලි @ සිම්හචලම් (ඒ.කො.සා.), විෂියනගරම් දිස්ත‍්‍රික්කය

  1. කොම්රේඩ් මධූ @ දසූ (ඒ.කො.සා.), බටහිර ගෝදාවරී දිස්ත‍්‍රික්කය

  2. කොම්රේඩ් ලතා @ භාරතී (ඒ.කො.සා.), හයිද්‍රාබාද්

  3. කොම්රේඩ් මමතා @ බොට්ටු කුන්ඩනා (ම.මි.), ශ‍්‍රීකාකුලම් දිස්ත‍්‍රික්කය

16 කොම්රේඩ් දාසු @ සධූරම් (ම.මි.), වකපල්ලි, විශාකාපත්නම් දිස්ත‍්‍රික්කය

  1. කොම්රේඩ් නරේෂ් @ සුරේෂ් (ම.මි.), සමනා, කොරාපුට් දිස්ත‍්‍රික්කය

  2. කොම්රේඩ් තිලකා (ම.මි.), බටහිර බස්තාර්, බිජාපූර් දිස්ත‍්‍රික්කය

  3. කොම්රේඩ් ගන්ගා @ ගන්ගා මාධවී (ම.මි.), සීලකොටා, විශාකාපත්නම් දිස්ත‍්‍රික්කය

  4. කොම්රේඩ් රජිතා @ කමී (ම.මි.), නානදරී, විශාකාපත්නම් දිස්ත‍්‍රික්කය

  5. කොම්රේඩ් ජයොති (ම.මි.), සුමනෝවා, විශාකාපත්නම් දිස්ත‍්‍රික්කය

  6. කොම්රේඩ් කමලා @ ලක්කි (ම.මි.), අලූම්, බිජාපූර් දිස්ත‍්‍රික්කය

[අ.ඔ.සී.ක.-අන්ද්‍රා-ඔඩිෂා සීමා විශේෂ කලාප කමිටු සාමාජික; ඩි.කො.සා.-ඩිවිෂනල් කොමිටි සාමාජික; ඒ.කො.සා.-ඒරියා කොමිටි සාමාජික; සෙ.ක.-සෙක්ෂන් කමාන්ඩර්; සෙ.නි.-සෙක්ෂන් නියෝජ්‍ය; ම.මි.-මහජන මිලීෂියාව]

සාමාන්‍ය ආදිවාසීන්

  1. ලාචා මෝදිලි, දක්ලපොදුරු, මල්කාංගිරි දිස්ත‍්‍රික්කය

  2. කාවේරි මෝදිලි, දක්ලපොදුරු

  3. බුමිලි, බච්චරපොදුරු

  4. මල්කාන් පාන්ගි, බච්චරපොදුරු

  5. අමලා, බච්චරපොදුරු

  6. ෂින්ඬේ, මුක්කුදුපල්ලි

  7. ෂ්‍යාමලා, පිල්ලිපොදුරු

  8. ජයා, කොදුරුගුඩා

  9. කෝමාලි, කොදුරුගුඩා

අධිරකණ පරීක්ෂණයක් අපි ඉල්ලා සිටිමු

අපගේ දිවි පිදූවන්ගේ මෘත සිරුරු සමග පොලීසිය ඉතාම අමානුෂික ආකාරයෙන් කටයුතු කර තිබුණි. කඩිනමින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, ඥතීන්ට සහ මිතුරන්ට මෘත සිරුරු හඳුනා ගැනීමට ඉඩ ලබා නොදුන්හ. ඔවුන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය නොකළ අතර මෘත සිරුරු සාමාන්‍ය ඝණ කාඩ්බෝඩ් පෙට්ටිවල රැගෙන ගියහ. පවුලේ අයවලූන්ට මෘත සිරුරු ඔවුන්ගේ පෙදෙස්වලට ගෙනයන්නට හෝ යන්තම් හෝ දැකගන්නට ඉඩ ලබා නොදුන්හ. අපේ පක්ෂය නිහතමානී ලෙස මේ දිවි පිදූ සියල්ලන්ටම ඉහළම උත්තමාචාරය පුද කර සිටී. අපේ පක්ෂය පවුලේ සාමාජිකයින්, ඥතීන් සහ මිතුරන් සමග ශෝකය බෙදා ගනියි. මරා දමනලද අපගේ දිවි පිදූ සහෝදරවරුන් වෙනුවෙන් රජයෙන් පලිගන්න බවට අපේ පක්ෂය ප‍්‍රතිඥ දෙයි. අවසන් මොහොත දක්වා ඔවුන් ගෙන ගිය කාර්ය අපේ පක්ෂය දිගටම රැගෙන යන බව තරයේ කියා සිටී. ව්‍යාපාරයට පැමිණි දිවි පිදූ සියළුම සහෝදරවරු සමාජයේ බෙහෙවින්ම පීඩිත කොටස්වලින් පැමිණි අයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ඒමට ඔවුහු දිවි පිදූහ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැටලූව විසඳන්නට සන්නද්ධ අරගලය හැර වෙන මාවතක් නොමැති බව පෞද්ගලිකවම පසක් කරගෙන ඔවුහු ආයුධ අතට ගත්හ. රජය පවසන පරිදි මෙය නීතියක් හෝ පිළියෙල කරන ලද ගැටළුවක් නොවේ. මෙය අපේ ජනතාවගෙන් සියයට අනූවකගේ ගැටළුවකි. එය අපේ ජනතාවගේ සමාජ ආර්ථික ගැටළුවකි. මේ ගැටළුව අපේ සහෝදරවරු මරා දැමීමෙන් පමණක් විසඳිය නොහැකිය. මේ ගැටළුව විසඳෙන තෙක්ම ජනතාව දිගටම සටන් වදිනු ඇත. මේ සියළු සටන් කරන ජනතාවගෙන් අපි නායකත්වය නැවත  සංවර්ධනය කන්නෙමු. අපේ සහෝදරවරු දිවි පිදීමෙන් ඇතිවූ අඩුව අපි පුරවා ලන්නෙමු. ජීවිත පරිත්‍යාගය අපේ පක්ෂයට අළුත් දෙයක් නොවේ. ජීවිත පරිත්‍යාගයේ මාවත ඔස්සේ අපි අපේ ව්‍යාපාරය ඉදිරියටම ගෙන යමින් සිටිමු. මේ සුවිශේෂ සිදුවීම තුළ, සතුරාව තක්සේරු කිරීමේදී අප අතින් සිදුවූ වරදට අපි විශාල වන්දියක් ගෙවීමු. ජනතාව ඉදිරියේ නිහතමානීව අපි අපේ වැරදි සඳහා සමාව ඉල්ලා සිටිමු. අපේ දිවි පිදූවන්ගේ අරමුණ ඉදිරියට ගෙන යෑමට සහ සතුරා සමග වන අපේ පංති ආවේශගත සටන ඔසවා තබන ලෙස අපි ජනතාවගෙන් ආයාචනා කර සිටින්නෙමු. නිරායුධ ආදිවාසී තරුණයින් නව දෙනෙකු පණ පිටින් අල්වාගෙන මරාදැමීමේ මිනීමැරුමට අධිකරණමය පරීක්ෂණයක් ක‍්‍රියාවට නැංවිය යුතු බවට අපි බල කර සිටිමු. සියළුම ජනතාවගෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන් මේ සංහාරය හෙලා දකින ලෙස අපි ඉල්ලා සිටිමු.

ආයුධ සන්නද්ධ බල ඇණි ඉවත් කර ගනු

කපා හැරි ප‍්‍රදේශය මාඕවාදීන් විසින් ආරක්ෂිත කලාපයක් ලෙස භාවිතා කරන බවට පොලීසිය විසින් ගෙන යන ප‍්‍රචාරය අමූලික බොරුවකි. මේ කලාපයේ ජනතාව, අපේ පක්ෂයේ නායකත්වය යටතේ, බොක්සයිට් කැණීමට එරෙහිව සහ බලිමේලා ජලාශය ඉවත් කිරීමේ ගැටළුවට විසඳුම් ඉල්ලා රජය සමග සටන්කාමී අරගලවල නියුතුවූහ. අපේ පක්ෂය, මේ ප‍්‍රදේශයේදී, වගා කරන්නාට ඉඩම් යන සටන්පාඨය යටතේ ඉඩම් අක්කර සිය ගණනක් අත්පත් කරගනිමින් ඉඩම් අහිමි ජනයා අතර ඒවා බෙදා දීමේ කෘෂිකාර්මික වැඩසටහනක් දියත්කොට තිබුණි. එපරිද්දෙන්ම, අපේ පක්ෂය සුභසාධක සහ සංවර්ධන වැඩකටයුතු ගණනාවක් මේ ප‍්‍රදේශය තුළ දියත් කොට තිබුණි. මේ ගැන ක්‍රෝධයෙන් මුසපත් වෙමින්, රාජ්‍ය බලඇණි, විශේෂයෙන්ම අන්ද්‍රා සහ ඔඩිෂාහි පොලීසිය ඒකාබද්ධව පසුගිය වසර ගණනාව තිස්සේ ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමේ නාමයෙන් මේ ප‍්‍රදේශයට පහර දුන්හ. ඔවුහු මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ සහ ජනතාවගෙන් කිහිප දෙනෙකු මරා දැමූහ. පසුගිය වසර දෙකේදී, ඔවුහු අපගේ නායකත්වය මරා දැමීම කෙරේ යොමවූහ. ඔක්තෝම්බර් 24 සංහාරය එම මෙහෙයුමේ අංගයකි. කෙසේහෝ, පොලීසිය පවසන අන්දමට එම ස්ථානයේ ඒ මොහොතේ ඉහළ කමිටු රැස්වීමක් හෝ සමුළුවක් නොවීය. අපේ ස්ක්වේඩය එහි පැමිණියේ එම ප‍්‍රදේශය තුළ සාමාන්‍ය සංවිධානමය සංචාරයක් ලෙසිනි. පොලීසිය නිවැරදි තොරතුරුවලට අනුව ඔක්තෝම්බර් 23 රාත‍්‍රියේ අපේ කඳවුර අසලට හොර රහසේම පැමිණ අපව වට කළහ. පසුදින උදෑසන අමතර බලසේනා ලබා ගැනීමෙන් පසුව උදෑසන 6 ට ඔවුහු පහර දුන්හ. මෙහිදී ඔවුහු හිටපු ක‍්‍රියාකාරිකයින්ගෙන් සහ යටත්වූවන්ගෙන් උදව් ලබා ගත්හ. මේ සිදුවීමට හේතුවුණ අපේ වැරදි අපි ඇත්තවශයෙන්ම විමර්ශණය කොට ජනතාවගේ සහය ඇතිව මේ සංහාරයට උදව් කළ ඔත්තුකරුවන්ට සහ පාවාදෙන්නන්ට දඬුවම් කරන්නෙමු. දැන් පවා, සිය ගණන් පොලිස් බල ඇණි ජනතාව ත‍්‍රස්ත කිරීමට අඛණ්ඩව මේ ප‍්‍රදේශය තුළ ඒකාබද්ධ මෙහෙයුම් වල නියැලෙන අතර ජනතාවට සිය පැසුණු අස්වනු නෙළා ගැනීමට හෝ සිය ගවයින් රැකබලා ගැනීමට ඉඩකඩක් නොමැත. පොලීසිය ඉවත් කර නොගන්නේනම් ප‍්‍රාන්ත දෙකේම ටීඩීපී සහ බීජේපී පක්ෂ දෙකේ පාලක පන්තියට වන්දි ගෙවීමට සිදුවනු ඇත.

විප්ලවීය සුභපැතුම්

 

ඉහළ පෙලේ මාඕවාදී නායක ආර්කේ ආරක්ෂිතයි, නමුත් ධූරයෙන් ඉවත්කොට ඇත.

ඉහළ පෙලේ මාඕවාදී නායක ආර්කේ ආරක්ෂිතයි, නමුත් ධූරයෙන් ඉවත්කොට ඇත.
සිකුරාදා හඬ පටයක් නිකුත් කරමින්, මාඕවාදී නායක භූමිකා නොහොත් පද්මක්කා තමා අන්ද්‍රා ඔඩිෂා සීමා විශේෂ ෂෝනල් කොමිටියේ නව ලේකම්වරයා බව හඳුන්වා දුන්හ.

maoist-rk_1_-26bca

සතියකට පෙර අන්ද්‍රා ප‍්‍රදේශ් සහ ඔඩිෂා ඒකාබද්ධ පොලිස් බල ඇණි විසින් සිදු කළ ප‍්‍රහාරයෙන් මාඕවාදීහු 30 දෙනෙකු මරා දමනු ලැබූ අතර ඉහළ පෙලේ නායකයින් කිහිප දෙනෙකු තුවාල ලදහ. කැරලිකරුවෝ සිය මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු වන අක්කිරාජු හරාගෝපාල් නොහොත් ආර්කේ අන්ද්‍රා ප‍්‍රදේශ් විශේෂ කළාප කමිටුවේ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලදි.

සෙනසුරාදා හඬ පටයක් නිකුත් කරමින් මාඕවාදී නායක භූමිකා නොහොත් පද්දමක්කා තමන් එහි නව ලේකම්වරයා ලෙස හඳුන්වා දුන්හ. විශ්වාස කරන අන්දමට ඇය මාඕවාදී නායක ගනපතිගේ බිරිඳයි. ඇය ප‍්‍රහාරය සඳහා පලිගන්නා බවට දිවුරා සිටියහ. ‘‘ප‍්‍රහාරයෙන් පසුව මාඕවාදීහු කපාහැරි පෙදෙස තුළ ශක්තිමත්ව සිටියි. ප‍්‍රාදේශීය ජනතාව අප සමගයි. අපි ඔවුන් වෙනුවෙන් සටන් කරන්නෙමු.’’ ඇය කීය.

ප‍්‍රහාරයෙන් පසුව අතුරුදන්ව සිටි ආර්කේ, වාර්තාවන අන්දමට ආරක්ෂිතව සිටින අතර ඔහු දන්දකර්ණයා විශේෂ කලාප කමිටුවට මාරු කර යවන ලදි. මිය ගිය අය අතර ඔහුගේ පුතා වන මුන්නා ද විය.

අඟහරුවාදා දින, මාඕවාදී මතධාරී වරාවරා රාඕ නිවේදනය කලේ ආර්කේ ආරක්ෂිත බවයි, පැය කිහිපයකට පසුව මාඕවාදී නායකයාගේ බිරිඳ වන කණ්ඩුල සිරිෂා හයිද්‍රාබාද් ඉහළ උසාවියට හබයාස් කෝපූස් ආයාචනාවක් ඉදිරිපත් කළහ. සිකුරාදා සිරිෂා සිය ස්වාමිපුරුෂයා ආරක්ෂිත බැවින් එය උසාවියෙන් ඉවත් කරගත්හ.

මල්කාංගිරි වනයේ දී මාඕවාදීහු 24 දෙනෙකු දිවි පුදයි

මල්කාංගිරි වනයේ දී මාඕවාදීහු 24 දෙනෙකු දිවි පුදයි

ඔඩිෂා පොලීසිය සහ අන්ද්‍රා ප‍්‍රදේශ් පොලීසියේ ගේ‍්‍රහවුන්ඩ් ඒකාබද්ධ මෙහෙයුමකදී අන්ද්‍රා-ඔඩිෂා සීමාව අසල මල්කාංගිරි දිස්ත‍්‍රික්කයේ වනයක 2016 ඔක්තෝම්බර් 24 වන දින උදෑසන ඇතිවූ ගැටුමකින් ඉහළ පෙළ නායකයින් සහ කාන්තාවන් 7 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් මාඕවාදීන් 24 දෙනෙකු මරණයට පත්ව තිබේ.

ඒ වන විට හඳුනාගැනීමට තිබුණු මළසිරුරු අතර අන්ද්‍රා-ඔඩිෂා විශේෂ ෂෝනල් කොමිටියේ ලේකම් 49 හැවිරිදි ගජර්ලා රවී, චලපාති නොහොත් අප්පා රාඕ, ඔහුගේ බිරිඳ අරුණා සහ තවත් නායකයෙකු වන බකුරි වෙන්කටා රාමන මූර්ති ප‍්‍රහාරයෙන් මරණයට පත්ව තිබේ.

රවී සහ නැගෙනහිර ඩිවිෂනයේ ලේකම් වන චලපාති යන දෙදෙනාගේ හිස් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 20 බැගින් සහ කොරාපුට් ශ‍්‍රීකාකුලම් ඩිවිෂන් කොමිටියේ නියෝජ්‍ය නායකයා වන අරුණා ගේ හිසට ලක්ෂ 5ක මුදල් ත්‍යාග  ඉන්දීය රජය විසින් වෙන් කොට තිබිණි.

indien_kundgebung

අන්ද්‍රා සීමාවෙහි සිට කි.මී. 10 පමණ දුරින් ඔඩිෂා හි මල්කාංගිරි දිස්ත‍්‍රික්කයේ පිහිටි බෙජංගි වනයේ මාඕවාදීහු රැස්වීමක් පවත්වන්නට කටයුතු යොදා ඇතැයි සිතිය හැක.

ඒකාබද්ධ මෙහෙයුමට ප‍්‍රාන්ත පොලීසිය සමග ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ කණ්ඩායමක් පැමිණ තිබේ.

‘‘පොලීසිය දර්ශනය වීමත් සමගම මාඕවාදීහු වෙඩි තබන්නට පටන්ගෙන ඇත. වෙඩි හුවමාරුවෙන් මාඕවාදීහු 24ක් ජීවිතක්ෂයට පත්ව ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ දෙදෙනක් තුවාල වූහ.’’ අන්ද්‍රා ප‍්‍රදේශ් පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් එන් සම්බසිවා රාඕ විශාකාපත්නම් හිදී ප‍්‍රකාශ කළහ.

රාමක‍්‍රිෂ්ණ සහ රවී 2004 දී වයි එස් රාජශේකර් රෙඩ්ඩි ප‍්‍රධාන අමාත්‍යවරයාගේ රජය සමග පැවැත්වූ සාකච්ඡා වලදී සහභාගි වූ නියෝජිතයින් වූහ.

ප‍්‍රහාරයට ලක් වූ අය අතර මාඕවාදී නායකින් වන දයා, රාජන්නා, බෙංගාල් සුධීර්, අෂෝක් සහ මල්ලේෂ් වෙති. පොලීසිය විශ්වාස කරන අන්දමට මාඕවාදී නායක ආර්කේ ස්ථානයේ සිට ඇතත් ඔහු පලා ගොස් ඇත.

මියගිය මාඕවාදීහු තෙලෙංගානා සහ අන්ද්‍රා ප‍්‍රදේශ් වලට අයත් වෙයි. ඔවුන්ගේ අනන්‍යතාවය ඔවුන්ගේ මෘත සිරුරු විශාකාපත්නම් වලට ගෙන ගිය පසු හෙලිදරවු කර ගත හැකි බව නිළධාරියෙක් පැවසීය.

එම ස්ථානයෙන් මෘත සිරුරු 21ක් සොයා ගෙන ඇත. තුවාල වූ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු විශාකාපත්නම් වලට මාරු කොට ඇත.

‘‘පොලීසිය ඒකේ-47 රයිෆල් 4ක් සහ එස්එල්ආර් දෙකක්, ඉන්සාස් රයිෆල් දෙකක්, විශාල පතරොම් තොගයක් සොයා ගත්හ. මාඕවාදී නායකයින් ස්ථානයේ සිටි බවට නවීන අවි සාධකයකි’’ පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් ප‍්‍රකාශ කළහ.

මාඕවාදී දූතයෙකු සහ විප්ලවීය කවියෙකු වන වරා වරා රාඕ පැවසුවේ මෙම වෙඩි තැබීම රජය සුදු කළ මවාපෑමක් බවත් මරණ පරීක්ෂණවලින් අනතුරුව එම සිරුරු ඥතීන්ට බාර දිය යුතු බවත්ය.

අන්ද්‍රා ප‍්‍රදේශ් සිවිල් ලිබර්ටි කොමිටිය, මානව හිමිකම් කණ්ඩායමක් මාඕවාදීන් 24 දෙනා ඝාතනය කිරීමට එරෙහිව ඉහළ උසාවියට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත. විශාඛාපත්නම් හි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස උසාවිය නියෝග කළ අතර පොලීිය පවසා සිටියේ වෙඩි තැබීම සිදු වූයේ මල්කාංගිරි වල බැවින් එය ඔඩිෂා හි සිදු කළ හැකි බවයි.

මෑත වසරවලදී ආරක්ෂක අංශ සමග ඇතිවූ සටන් වලින් මාඕවාදී සටන්කරුවන් සියගණනක් මිය ගිය බැවින් ප‍්‍රචණ්ඩත්වය අඩු මට්ටමකට වැටී ඇත. නමුත් තවමත් කැරලිකරුවන්ට ප‍්‍රාන්ත ගණනාවකම සාමාන්‍ය ඇම්බුෂ් ප‍්‍රහාර මෙහෙයවීමට හැකියාව පවතී.

අජිත් නිදහස් කරනු! – CPI (Maoist) CC ප‍්‍රකාශනය

අජිත් නිදහස් කරනු! – ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) මධ්‍යම කාරක සභාවේ ප‍්‍රකාශනය

ABar-11

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)
මධ්‍යම කාරක සභාව

cpimflagok

16-05-2015

සහෝදර මුරලි සහ ඉස්මායිල් අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙලා දකිමු!
සියළුම ජ්‍යෙෂ්ඨ සහ රෝගී වී සිටින මාඕවාදී දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා අරගල කරන්න!

මහාරාෂ්ට‍්‍රා පොලීසියේ කුප‍්‍රකට නීතිවිරෝධී ඒකකයක් වන – ත‍්‍රස්ත-විරෝධී ස්ක්වේඩය (ATS) විසින් – අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වන මුරලි කන්නම්බල්ලි (අජිත්) පූනේ වලට ආසන්න තලිගාඔන් දභාදේ හි පිහිටි රෝහලක සිටින විට 2015 මැයි 8 වෙනි දින අත්අඩංගුවට ගනු ලැබූහ. ඔහුව බලාකියා ගැනීමට රෝහලට පැමිණි සහෝදර ඉස්මායිල් හම්ෂා චිරග්පල්ලි ද අත්අඩංගුවට ගනු ලැබූහ. පැය ගණන් තිස්සේ ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරනු ලදුව පසු දින ඔවුන් මුහුණු ආවරණය කොට අත් වලට මාංචු දමා උසාවියට ඉදිරිපත් කළහ. උසාවියට ගෙන යන අතරතුර මාධ්‍යයට කතා කරමින් මුරලි සහෝදරයා, තමා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) සාමාජිකයෙකු නොවේ යැයි කිසිවිටෙකත් ප‍්‍රකාශ නොකළහ. නමුත් ප‍්‍රතිකාර ගැනීම සඳහා රෝහලට යන අතරතුර අශෝබන නීතිවිරෝධී සහ අමානුෂික ආකාරයට අත්අඩංගුවට ගැනීම ගැන විරෝධය පළ කළහ.

අත්අඩංගුවට ගන්නා මොහොතේ නීතිවේදියෙකු ගේ සහය පැතීමට ඇති අයිතියද ඔවුහු ප‍්‍රතික්ෂේප කළහ. ත‍්‍රස්ත-විරෝධී ස්ක්වේඩය විසින් ගොඩ නගා තිබූ චෝදනා මතුපිටින් බලා, විනිශ්චය කලින් සැලසුම් කළ ආකාරයට ‘‘බැලූ බැල්මට ජාති-විරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධයැයි’’ ඔවුන්ව විත්තිකාරයන් කොට ත‍්‍රස්ත-විරෝධී ස්ක්වේඩයේ සිරභාරයට පත් කළහ. පසුව දිල්ලි, මහාරාෂ්ට‍්‍රා, අන්ද්‍රා ප‍්‍රදේශ් සහ චටිස්ගාර්හ් යනාදී විවිධ මධ්‍යම සහ ප‍්‍රාන්ත විශේෂ බුද්ධිතොරතුරු ඒජන්සි විසින් මුරලි සහ ඉස්මායිල් දැඩි ප‍්‍රශ්න කිරීම් වලට ලක් කළ අතර ඒ කාලය තුළදී, කිහිප වාරයකදීම ඔවුන්ගේ සිරගතකාලය දික් කරනු ලැබූහ. ඉන්දියානු දණ්ඩ නීති සංග‍්‍රහයේ (IPC) විවිධ වගන්ති සහ ඉතා දරුණු පනතක් වන නීතිවිරෝධී ක‍්‍රියාකාරකම් වැළැක්වීමේ පනත (UAPA) වැනි පනත් ඔවුන්ට එරෙහිව යොදා ව්‍යාජ නඩු ගණනාවකටම ඔවුන්ව හසු කරනු ලැබූහ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) මධ්‍යම කාරක සභාව ඉන්දීය රජය විසින් සහෝදර මුරලි සහ ඉස්මාල් නීති විරෝධීව අත් අඩංගුවට ගැනීම දැඩි ලෙසම හෙළා දකියි. මුරලි ට අවශ්‍ය සියළු ම වෛද්‍යාධාර ලබා දෙන ලෙසත්, ඔවුන්ට එරෙහිව ගොනු කොට ඇති සියළුම නඩු ඉවත් කොට කොන්දේසි විරහිතව ඔවුන් නිදහස් කරන ලෙසත් බල කොට සිටී.

මුරලි විප්ලවීය ව්‍යාපාරයට සම්බන්ධවූයේ 1976 මැද භාගයේදී කොෂිකෝඩි, කලාප ඉංජිනේරු විද්‍යාලයේ අධ්‍යයනයේ නියැලෙන අතරේදීය. 1976 පෙබරවාරි වලදී, විප්ලවවාදීහු රිටි, ලී දඬු සහ ගෘහස්ථ ආයුධ රැගෙන ගාස් කොෂිකෝඩි වල පෙරම්බ‍්‍රා වලට ආසන්න කයන්නා පොලිස් ස්ථානයට පහර දී ආයුධ අල්ලා ගත්හ. මේ සිදුවීමට සම්බන්ධ යැයි මුරලි ඇතුලූ 18 දෙනෙකුට පොලීසිය චෝදනා කළහ. එලෙස චෝදනා ලැබූවන්ගෙන් එක් අයෙකු වූ  මුරලි සමග සිටි ශිෂ්‍යයෙකු සහ සමීප අයෙකු වූ පී රාජන් කොෂිකෝඩි අසල පොලිස් කඳවුරෙහි තබා ගනිමින් අත් අඩංගුවේ සිටියදී වධ දී මරා දමනු ලැබූහ. මේ සිදුවීම දැවැන්ත මහජන විරෝධතාවයකට හේතු වූ අතර කේරලයේ ප‍්‍රධාන අමාත්‍ය කේ කරුණාකරන් ඉල්ලා අස්වූහ. මුරලිද රඳවා තබා ගනිමින් පොලීසිය විසින් ප‍්‍රශ්න කරනු ලැබූහ. පොලීසියට ඔවුන්ගේ චෝදනා සනාථ කර ගැනීමට නොහැකි වූ නිසා අධිකරණය විසින් ඔවුන් සියල්ලන්ම නිදහස් කරනු ලැබූහ. නමුත් 1976 වන විට සිය අධ්‍යයන කටයුතු අත්හැර දැමූ මුරලි වෘත්තීය විප්ලවවාදියෙකු ලෙස විප්ලවීය ව්‍යාපාරයට එක්වූහ.

1970 දී සමස්ත ඉන්දියාවේම ව්‍යාපාරය පසුබැසීම් සහ බෙදීම් වලට ලක්වූවාට පසුව, මුරලි සහ කේරලයේ අනෙක් සහෝදරවරු කොටස් වලට කැඞී සිටි අව්‍යාජ විප්ලවීය බලවේගයන් එක්සත් කරන්නට දැඩි වෑයමක් ගත්හ. මේ වෑයමෙහි ප‍්‍රතිඵලයක් ලෙස රවූෆ් සහෝදරයා සහ අනෙකුත් විප්ලවවාදීන් විසින් නායකත්වය දුන් අන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රතිසංවිධාන කමිටුව සමග ඒකාබද්ධවීමෙන් කේ වේනු සහ කේ එන් රාමචන්ද්‍ර විසින් නායකත්වය දුන් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) [ප‍්‍රතිසංවිධාන කමිටුව] ඉදි කරන ලදි. පසුව 1979 දී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්-ලෙනින්වාදී) මධ්‍යම ප‍්‍රතිසංවිධාන කමිටුව බිහි කරන ලදි. මුරලි ප‍්‍රතිසංවිධාන කමිටුව සහ මධ්‍යම ප‍්‍රතිසංවිධාන කමිටුව යන දෙකෙහිම ප‍්‍රමුඛ පෙලේ සාමාජිකයෙකු විය. චාරු මෂුම්දාර්ගේ සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්-ලෙනින්වාදී) මතවාදී-දේශපාලන-යුධමය දැක්ම ආරක්ෂාකොට නගා සිටුවීමට සහ කේ එන් රාමචන්ද්‍රගේ දක්ෂිණාංශික පීලිපැනීමට සහ යටත්වීම්වාදයට එරෙහිව ද ඉන් පසුව කේ වේනු ගේ මාක්ස්වාදී විරෝධී දැක්මට එරෙහිව තියුණු මතවාදී අරගලයක් අඛණ්ඩව පැවතිණි. මේ අරගලවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ මුරලි සහෝදරයා 1990 දී රාමචදැන්ද්‍ර සහ වේනු ගේ දියකරහැරීම්වාදී දැක්ම ඉවතලමින් මාක්ස් ලෙනින්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මාඕවාදී එක්සත් මධ්‍යස්ථානය පිහිටුවීමට නායකත්වය දුන් සහෝදරවරුන්ගෙන් කෙනෙකු විය. නොබෝ කලකින්ම රාවූෆ් සහෝදරයාගේ නායකත්වය යටතේ 1998 දී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි පිහිටුවන ලදි. එහිදී මාඕවාදී එක්සත් මධ්‍යස්ථානය සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි ඒකාබද්ධ වූ අතර මුරලි එහි මධ්‍යම කාරකසභාවේ සාමාජිකයෙකු විය. ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි හි ආරම්භක ලේකම් වූ රාවූෆ් 2006 දී වියපත්වීම නිසා හටගත් රෝගී තත්ත්වයන් හේතුවෙන් විශ‍්‍රාම ගන්නා විට එහි ලේකම් ලෙස වැඩ භාරගත්හ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි අතර එක්සත්වීමේ කටයුතු ඒ වනවිටත් ආරම්භ වී තිබුණ අතර එය කාලයක් තිස්සේ පවතිමින්, අවසානයේදී එය 2014 මැයි වලදී එම පක්ෂ දෙක ඒකාබද්ධවීමෙන් අවසන්විය. මේ එක්සත්කම සාක්ෂාත් කරගැනීමට මුරලි සහෝදරයා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි පැත්තෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ. එතැන් සිට ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) හි මධ්‍යම කාරකසභාවේ සාමාජිකයෙකු ලෙස සිය වගකීම් ඉටු කළහ.

මේ ආකාරයට, ඔහුගේ විප්ලවීය ජීවිතයේ දශක ගණනාවක් මුළුල්ලේ මුරලි සහෝදරයා රට තුළ සහ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ සංශෝධනවාදයේ විවිධ පැහැයන්ට එරෙහිව මාක්ස්-ලෙනින්-මාඕවාදය ආරක්ෂා කිරීමේ අරගලයට දායකත්වය ලබා දුන්හ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) මධ්‍යම ප‍්‍රතිසංවිධාන කමිටුව පිහිටවූ කාලයේ සිටම, දශක ගණනාවක් තිස්සේ මුරලි සහෝදරයා ජාත්‍යන්තර පරිමාණයේ වැඩ කටයුතුවල නිරත වූහ. ඉන්දියාවේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය වර්ධනය කිරීමට සෑම ප‍්‍රාන්තයකම මහජන යුද්ධය දියත් කළ යුතුයැයි හැමවිටම මතු කළ ඔහු ඒ වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කළහ. ඔහු කේරලයේ සහ වෙනත් ප‍්‍රාන්ත කිහිපයකම විප්ලවීය ව්‍යාපාරය දියුණු කිරීමේ ප‍්‍රයත්නයන්හි නියැළුණු අයෙකි. කාඩර්වරුන්ගේ දේශපාලන අධ්‍යාපනය සඳහා අඛණ්ඩව වැඩ කළ ඔහු වෙහෙස නොබලා විප්ලවීය ප‍්‍රචාරක කටයුතු ගෙන ගියහ. ඔහු භූමි, ජාති, බන්ධනම් (ඉඩම්, කුළය, වහළ්කම) 2002 දී පළවුණු කේරලයේ සමාජ සම්බන්ධතා ගැන මාක්ස්වාදී දෘෂ්ඨියෙන් යන පොත්වල කතෘ විය. ඔහුව අත්අඩංගුවට ගැනෙන කාලය වන විට ඔහු කෘතියක නව සංස්කරණයේ වැඩ කටයුතු වල නියැලී සිටි අතර එහි ඉංග‍්‍රීසි පරිවර්තනය සම්පූර්ණ කොට තිබුණි. ඔහු දිනාගැනුමට ලොවක් ඇත (A World to Win), ජන මාවත (Mass Line) සහ නක්සල්බාරි යන සඟරා ගණනාවකම සංස්කාරක ධූරය දැරූ අතර දශක ගණනාවක් තිස්සේ විවිධ මාතෘකා යටතේ ලිපි විශාල ගණනක් රචනා කළහ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි එක් පක්ෂයක් බවට පත් වූවාට පසු විප්ලවීය අන්තර්ජාල සඟරාව වන පීපල්ස් මාර්ච් (ජනතාවගේ රැළිය) හි සංස්කාරකවරයෙකු විය.

මුරලි සහෝදරයා වසර කිහිපයකට ඉහතදී හෘද සැත්කමකට මුහුණ දුන් බැවින්, ඔහුට නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත් වීමට අඛණ්ඩ අත්උදව් අවශ්‍ය වූහ. ජනතාවට සේවය කිරීම සඳහා මුරලිගේ ජීවිත කාලය පුරා පැවති කැපවීම නිසා ආශ්වාදයට පත්, ඉස්මායිල් හම්ෂා චිරප්පල්ලි සහෝදරයා, සිය උපකාරය පුද කොට ඔහුට අවශ්‍යවම තිබූ උදව් පදව් සපයමින් සිටියහ. ඉස්මායිල් සහෝදරයා රටේ විප්ලවීය ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වෙනුවෙන් සිදුකළ පරාර්ථකාමී මෙහෙවර වෙනුවෙන් අපේ මධ්‍යම කාරකසභාව සතුට ප‍්‍රකාශ කරන අතර ඔහුට විප්ලවීය සුභපැතුම් එක් කරයි. ඉන්දියානු රජය රෝගියෙකු සහ ඔහුගේ උදව්කරුවෙකු රෝහලේදී අත් අඩංගුවට ගෙන ඔවුන්ව සිරකුටියට තල්ලූකර දැමීමට ගත් තීරණය පාලක පංතිය විසින් මාඕවාදී විප්ලවවාදීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් මර්ධනය කිරීමේදී යොදවන අන්ත ක‍්‍රෑරත්වය ගැන හඬගා කියයි.

මුරලි සහෝදරයා අත්අඩංගුවට ගැනීම වූ කලී විප්ලවීය ව්‍යාපාරයට එරෙහිව ඉන්දීය පාලක පංතිය රටපුරා ගෙන යන ප‍්‍රතිවිප්ලවවාදී යුද්ධයේ එක් අංගයකි. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) මැඩ පැවැත්වීමට සහ නායකත්වයේ සිටින විප්ලවීය ජනතාව අහිමිකරදැමීමට, ප‍්‍රතිගාමී රජය සෑම ආකාරයකින්ම පක්ෂයේ සෑම මට්ටමකම නායක සහෝදරවරු සහ විශේෂයෙන්ම එහි උපායික මධ්‍යම නාකත්වය දැඩි විනාශයකට ලක් කිරීමට උපක‍්‍රම යොදයි. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) පිහිටවූ දා සිටම, මධ්‍යම කාරකසභාවේ සහෝදරවරු ගණනාවක් ව්‍යාජ හේතු මත අත්අඩංගුවට ගෙන සිර කුටි තුළ භයංකර තත්ත්වයන් යටතේ වසර ගණනාවක් තිස්සේ නිකරුණේ කල් ගෙවීමට සලස්වා ඇත. මධ්‍යම කාරකසභාවේ සහෝදරවරු කිහිපදෙනෙක් ප‍්‍රාන්තය තුළ ව්‍යාජ ගැටුම් වලින් සැලසුම්ගත ක‍්‍රමයකට මරා දමා ඇත. මාඕවාදී ව්‍යාපාරයට හානි කිරීමට බෙහෙවින් ක‍්‍රෑර, මායාකාරී, වංචනික හරිද දඩයම් මෙහෙයුමේ තෙවන අදියර දියත් කිරීමට නාස්ති කිරීමට තරම් කාලයක් නොමැති බ‍්‍රාහ්මණ හින්දු-ෆැසිස්ට්වාදී භාරතීය ජනතා පක්ෂය පසුගිය වසරේ බලයට පත්වූ දා සිටම එවැනි ප‍්‍රහාර එල්ල කිරීම තීව‍්‍ර කොට ඇත. මුරලි සහෝදරයා අත් අඩංගුවට ගැනීම වූ කලී මෙහි ප‍්‍රතිඵලයකි.

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි එක් පක්ෂයක් බවට පත් වීමෙන් සතුරා තැතිගැන්වීමට පත් වුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මාඕවාදී ව්‍යාපාරය ශක්තිමත් වී ඇත. එක්සත්කම නිසා විශේෂයෙන්ම බටහිර ඝාට්ස් වල ව්‍යාපාරය ඉහළට නැගේවියැයි බියෙන්, එක්වීම නිවේදනය කළ මොහොතේ සිට මධ්‍යම සහ ප‍්‍රාන්ත රජයන් කේරල-කර්නාටක-තමිල්නාඩු ත‍්‍රිත්ව සන්ධිය තුළ තීව‍්‍ර කරන ලද ප‍්‍රති-විප්ලවවාදී සන්නද්ධ ව්‍යාපාරයක් ගෙන යමින් සිටී. ප‍්‍රාන්ත තුන තුළ විප්ලවවාදීන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් අත්අඩංගුවට ගැනීම පෙර නොවූ විරූ ලෙස ඉහළ යෑමක් පසුගිය වසර තුළ මේ කලාපය තුළ, විශේෂයෙන්ම කේරලය තුළ දක්නට ලැබිණි. තවදුරටත්, කේරලය තුළ පීඩිත ජනතාවගේ පැත්ත ගෙන සිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන, සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක‍්‍රියාකාරිකයින් සහ ප‍්‍රගතිශීලී පුද්ගලයින් රජය විසින් ඉලක්ක කරනු ලබන්නේ අත් අඩංගුවට ගැනීම්, නීතිවිරෝධී රඳවාගැනීම්, ප‍්‍රශ්න කිරීම්, ඔත්තු බැලීම්, අනපේක්ෂිත ව්‍යාජ නඩු, තර්ජන, විකෘති කරන තොරතුරු පතුරුවා හැරීමේ ව්‍යාපාර යනාදිය මගිනි. විශේෂයෙන්ම 2014 නොවැම්බර් වල දී බටහිර ඝාට්ස් විශේෂ කලාප කමිටුව විසින් දේශපාලන-යුධමය ව්‍යාපාරය ආරම්භ කලාට පසුව, පුද්ගලයින් දුසිම් ගණනක් පමණ හුදෙක් මාඕවාදීන් යැයි සැක කොට අත්අඩංගුවට ගෙන සිර කරනු ලැබූහ. සහෝදර මුරලි සහ ඉස්මායිල් අත් අඩංගුවට ගැනීමට සති කිහිපයකට පමණ පෙර පොලීසිය අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කාඩර්වරු සහ නායකයින් වන කොම්රේඩ් රූපේෂ්, ෂියානා, කන්නන්, අනූප් සහ වීරමනී කොයිම්බතවුර් වල දී අත් අඩංගුවට ගෙන ව්‍යාජ නඩු ගණනකට ඇද දැමූහ.

මේ අත්අඩංගුවට ගැනීම් වලින් පසුව, විශේෂයෙන්ම මුරලි සහෝදරයා අත්අඩංගුවට ගැනීමත් සමග, දකුණු ඉන්දියාවේ මාඕවාදී ව්‍යාපාරයේ ‘‘පිට කොන්ද බිඳ දැමූ බව’’ පාලක පංතිය ප‍්‍රකාශ කළහ. මාඕවාදී විප්ලවවාදීන්ගේ සමගිය නොඉවසූ සමහර පුද්ගලයෝ මේ අත්අඩංගුවට ගැනීම් සිදුවූයේ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි ඒකාබද්ධවීම ‘අසාර්ථක’ වීමේ ප‍්‍රතිඵලයක් නිසා යැයි හංවඩු ගසන්නට වූහ. තවත් බොහෝ දෙනෙකු වර්තමාන කේරලයට දිග්ගැස්සුණු මහජන යුද්ධය යෙදවිය නොහැකි බව ප‍්‍රකාශ කළහ. මෙවැනි තර්ක විතර්ක මගින් ඔවුහු කේරලයේ සහ බටහිර ඝාට්ස් වල මාඕවාදී ව්‍යාපාරය දැඩි ලෙස මුල් බැස ගැනීමට ඇති හැකියාව ගැන පීඩිත ජනතාවගේ සිත් සතන් තුළ සැකයන් වපුරන්නට වූහ. එවැනි ප‍්‍රකාශ, කෙසේ හෝ, සත්‍යයයෙන් තොරවූ අතර එවැනි අභිප‍්‍රායන් පොදුවේ පුළුල් පීඩිත ජනතාවගේ අභිලාශයන් තුළ නොවූහ. මෑතදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් වලින් බටහිර ඝාට්ස් වල ව්‍යාපාරය දැඩි පසුබෑමකට ලක් වී ඇති බවනම් සත්‍යයකි.

මුරලි සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම සුවිශේෂ එකක් වන අතර එය අපේ පක්ෂයට සහ මධ්‍යම කාරක සභාවට දැවැන්ත පාඩුවකි. මේ පරාජයන් මාඕවාදී ව්‍යාපාරයේ අසමත්භාවය හෝ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි ඒකාබද්ධ වීමේ අසමත්භාවයන් ලෙස දකින්නන් විප්ලවීය ව්‍යාපාරයක සැබෑ ශක්තියේ මූලාශ‍්‍ර සහ විප්ලවීය සමගියක සැබෑ හරය අවබෝධ කරගැනීමට අසමත්ව සිටී. විප්ලවීය බලවේගවල සමගියේ පදනම වන්නේ මතවාදී-දේශපාලන දැක්මයි, එය සෑම අව්‍යාජ එක්සත්කමක් සමගින්ම ශක්තිය වඩවා ගනී. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී), ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි සමග එක්සත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස නිරිත දිග කලාපයේ ව්‍යාපාරය අළුතින් පිබිදී බටහිර ඝාට්ස්හි නව යුධ පෙරමුණක් විවර කරමින් ශක්තිය වඩවා ගෙන ඇත.

අපේ පක්ෂය නිවැරදි විප්ලවීය දැක්මෙන් මග පෙන්වීමෙන් සහ නිවැරදි ප‍්‍රතිපත්ති සහ උපායයන් අනුගමනය කිරීමෙන්, බටහිර ඝාට්ස්හි ව්‍යාපාරය සැකයකින් තොරවම උච්චාවචනයන් හරහා අභීත ලෙස තාවකාලික පරාජයන් ජයගනිමින් ඉදිරිය කරා සිය ගමන ප‍්‍රතිවර්තනය කරනු ඇත. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී), මධ්‍යම කාරක සභාව මුරලි සහ ඉස්මායිල් සහෝදරවරු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙලා දකින ලෙසත් ඔහුට අවශ්‍ය කරන වෛද්‍යාධාර ලබා ගැනීමට ඉක්මනින්ම නිදහස් කිරීමට බල කරන ලෙසත් කේරලයේ සහ රට තුළ විප්ලවවාදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ප‍්‍රගතිශීලීන්ට – දේශපාලනික සහ සිවිල් අයිතිවාසිකම් සංවිධානවලට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී බුද්ධිමතුන්ට, කලාකරුවන්ට, ලේඛකයන්ට, නීතිවේදියන්ට, ශිෂ්‍යයින්ට සහ වැඩ කරන ජනතාවට ආයාචනා කර සිටියි. තවද ඉන්දීය රජය විසින් රට තුළ විවිධ සිර මැදිරි තුළ රඳවාගෙන සිටින සියළු වියපත් සහ රෝගී ජ්‍යෙෂ්ඨ මාඕවාදී දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට ප‍්‍රයත්න දරන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

අභේ
මාධ්‍ය ප‍්‍රකාශක
මධ්‍යම කාරකසභාව
ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

ABar-11

මාඕවාදී තොරතුරු බුලටීනය කියවන්න 2015- ජුලි-දෙසැම්බර්

මාඕවාදී තොරතුරු බුලටීනය…

ඉන්දියාව – මාඕවාදී තොරතුරු බුලටීනය කියවන්න – 2015 ජුලි-දෙසැම්බර් – මධ්‍යම කාරක සභාව, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

csgpindia@gmail.com

India – Read last Maoist information Bulletin _ CC PCI(maoist)- ask ICSPWI

csgpindia@gmail.com

http://bannedthought.net/India/CPIMIB/MIB-32.pdf

bim-cover-2