Category Archives: GPCR

පාර්ලිමේන්තුවාදය ගැන

පාර්ලිමේන්තුවාදය ගැන

Shan_in_China_Red_Guard

……එහෙයින් ධනේශ්වර පාර්ලිමේන්තුවාදය සම්පූර්ණ ප්‍රෝඩාවක් බව සලකා ප්‍රතික්ෂේප කිරීමට විප්ලවවාදීන් උගත යුතුය. කොටස් වශයෙන් නොව, අබමල් රේණුවක විශ්වාසයක් නැතිවම, සර්ව සම්පූර්ණවම එය ප්‍රතික්ෂේප කළ යුතුය. පාර්ලිමේන්තු ආසන තරඟ කිරීමෙන් කාලය නාස්ති නොකළ යුතුවාක් මෙන්ම, මැතිවරණවලට සහභාගී වන ලෙස ජනතාව පෙළඹවීමෙන් රැවටිය යුතු ද නොවේ.

පාර්ලිමේන්තුව වූ කලී, ප්‍රතිගාමීන් විසින් ජනතාව භේද කිරීමටත්, රැවටීමටත් ඔවුන්ගේ පංති ප්‍රබෝධය මොට කිරීමටත්, පාර්ලිමේන්තුව තුළින් සාමකාමීව සමාජවාදය කරා යෑමේ මායා විශ්වාසයක් ජනතාව තුළ නිර්මාණය කිරීමටත්, නියම බලය පවතින ස්ථාන වන ආයුධ සන්නද්ධ හමුදාවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහාත්, නිර්මාණය කර ඇති අවියකි. එය ආයුධවලින් කෙරෙන සටන වෙනුවට වචනවලින් කරන සටන ඇබ්බැහි කිරීමට දරන උත්සාහයකි……

-ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදී ඇසකින්- ඇන්. ශන්මුගදාසන් (1972)

නොදන්නා සංස්කෘතික විප්ලවය

නොදන්නා සංස්කෘතික විප්ලවය

චීනයේ ජීවිත සහ ගම්මාන වල වෙනස්වීම

1966-1976 දක්වා චීනයේ ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවයට (GPCR-Great Proletarian Cultural Revolution) ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් දායක වුණි. එය නිදහස උදෙසා වූ අරගලය මානව ඉතිහාසයේ නොදුටු ඉහළ තලයකට ගෙන ගියහ. නමුත් අද චීනයේ සංස්කෘතික විප්ලවය ගැන ජනතාවට ඇහෙන දේවල් පටු අසත්‍යයන්ය. මෙය ලියන ඩොන්පිං හෑන් (Dongping Han) වැඩුණේ ශ්‍රෙෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවය සමයේදීය. ‘‘නොදන්නා සංස්කෘතික විප්ලවය-චීනයේ ජීවිත සහ ගම්මාන වල වෙනස්වීම’’ නැමැති පොතේ කතුවරයාද ඔහුය. ඔහුගේ කථාව සංස්කෘතික විප්ලවයේ සත්‍යය දැන ගැනීමට සුබදායී දායකත්වයක් සපයයි. 2008 දෙසැම්බර් මාසයේදී, විප්ලවය පොත්, සත්‍ය වාර්තා ගැලපීමේ ව්‍යාපෘතිය, සහ නිව්යෝර්ක් පුස්තකාලයේ මහජන දැනුම පිළිබඳ ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවති  ‘‘චීන සංස්කෘතික විප්ලවය යළි සොයා ගැනීම: කලාව සහ දේශපාලනය, ජීවමානවූ අත්දැකීම්, විමුක්තියේ උරුමයන්’’ යන ඉතා වැදගත් කතිකාවට  ඩොන් පින් හෑන් සහභාගි වුණි. 2008 දෙසැම්බර් 12 වන දා, කතිකාවතේ ආරම්භක දින රාත‍්‍රී ඩොන්පින් හෑන් විප්ලවය පොත් හලේදී කථා කළේය. බායි ඩයි (Bai Di) ද, මෙම කතිකාවේදී කථා කළ අතර ඇය ද සංස්කෘතික විප්ලවය කාලයේදී හැදී වැඩුණු අතර ඈ සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් revcom.us වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

පහත දැක්වෙන්නේ ඩොන්පින් හෑන් ගේ කථාවේ සංස්කරණය කළ පිටපතයි.

මගේ පොත සංස්කෘතික විප්ලවය සමයේ චීන අධ්‍යාපනයේ ප‍්‍රතිසංස්කරණ පිළිබඳවය. මම විප්ලවය සමග ජීවත් වූ අයෙක් වෙමි. මම චීනයේ සමූහ ගොවිපළවල වැඩුණු අයෙක්මි. මම අවුරුදු නවයෙහිදී ගොවිපළේ වැඩ කරන්න පටන් ගතිමි. ඒ දිනවල චීනයේ පාසැල් දින දෙකක් සහ හවස් වරු දෙකකුත්, ඉරිදා දිනයකුත් ළමුන්ට ගොවිපළ වල වැඩ කිරීම සඳහා වසා දමති. එම නිසා පාසැලේ ඉඳිමින්ම මම දින දෙකක් වැඩ කළෙමි. සමූහ ගොවිපළ වලින් ළමුන්ගේ වැඩ සඳහා වැඩ ලකුණු1 ලැබුණි. වැඩිහිටියන් හට දිනක වැඩ සඳහා වැඩ ලකුණු 10 ක් ලැබුණි. ගොවිපළේ වැඩ කරමින් මම හැම දිනයකම වැඩ ලකුණු 5.7 ක් ලබා ගත්හ. එලෙස වයස නවයේදීම මට විප්ලවයට දායක වන්නට ඉඩ ලැබුණි. සෑම කෙනෙකුටම ගොවිපළේ වැඩ කරන්න පුළුවන් වුණි. ඔබට වැඩ කරන්න ඕනෑ වුනි නම් හැම විටම රැකියාවක් ලැබුණි. ඒ දිනවල මගේ රැකියාව ඉතා පහසු එකකි. උදාහරණයක් ලෙස වැඩිහිටියො වගාවලට නදියෙන් වතුර රැගෙන එන අතර මම පැළවලට වතුර දැමුවෙමි.

මගේ පොතෙන් මම විග‍්‍රහ කරන්නේ සංස්කෘතික විප්ලවයේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සහ පිටිසරබද පෙදෙස් වල ඒ පිළිබඳ ආකල්පයන් පිළිබඳවයි. මගේ තරුණ කාලයේදී ගමේ හිටිය බොහෝ පුද්ගලයින් නූගත් උදවියයි. මගේ දෙමව්පියොත් නූගත් අයයි. චීන කොමියුනිස්ට් පක්‍ෂය බලයට ඒමට පෙර චීනයේ බොහෝ ගොවීන් පාසැල් යාමට තරම් හැකියාවක් නොමැති ලෙසට දිළිඳු අයයි. වයස අවුරුදු 12 දී ම මගේ පියා පූර්ණකාලීනව කර්මාන්තශාලාවක වැඩ කිරීම අරඹා ඇත. මගේ මව ගමේ තිබුණු එම්බ්‍රොයිඩර් වැඩ පළක වැඩ කිරීම අරඹා තිබුණේ ඇයට වයස අවුරුදු 6 ක් වන විටයි. එනිසා ඔවුනට කිසිම අධ්‍යාපනයක් ලැබී නැහැ. මට ඥති සහෝදර සහෝදරියන් පස් දෙනෙක් විය. මම වැඩෙන විට ගමේ මට වඩා වයසින් වැඩි බොහෝ දරුවන්ට පාසැල් යාමට නොහැකි වුණා. මගේ ඥති සහෝදරයන්ට සහ මගේ වැඩිමහල් සහෝදරියටද පාසැල් යාමට නොහැකි වුණා.

චීන කොමියුනිස්ට් පක්‍ෂයට ගැමි ජනතාව උදෙසාවූ අධ්‍යාපන ක‍්‍රමයක් උරුමව තිබුණි. ගමේ දරුවන්ට පාසැල් යෑම ඉතා දුෂ්කර වුණි. මම පළවන පන්තිය පටන් ගන්නා විට, විභාගයක් සමත් වීමට තිබුණා. දරුවන්ට පාසැල් යාමට අවශ්‍ය නම් පාසැලට යාමට පෙර ලිවීමේ හැකියාව ලබා ගැනීම අවශ්‍ය වුණා. එපමණක් නොවෙයි 100 ට ගණන් කිරීමේ හැකියාව ලබා ගත යුතුව තිබුණා.

නමුත් බොහෝ දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් හට මේ ටික ඉගැන්වීමට දක්‍ෂතාවයක් නොතිබුණ බැවින් ඔවුනගේ ළමුන් පාසැල් වලට නොතේරුණි. ප‍්‍රතික්‍ෂේප වුණි. ගම්බද පාසැල් වල අවශ්‍ය ප‍්‍රමාණයට ඉඩ කඩ නොතිබුණ බැවින් මෙම කාලයේදී පාසැලට ඇතුලත් වීමේ විභාගය අවශ්‍ය විය. නමුත් වසර තුනක් ඇතුළත, සංස්කෘතික විප්ලවය සමයේදී, මගේ පළාතේ හැම ගමකම ප‍්‍රාථමික පාසැලක් ඇරඹීමට කටයුතු යෙදුණා. ඒ කාලයෙහි මගේ පළාතේ ගම්මාන 1050 ක් තිබුණා. සංස්කෘතික විප්ලවයේ වසරක් ඇතුලත සෑම ගමකම පාසැලක් ඇරඹුණා. පාසැල් යන වයසේ සෑම ළමයෙක්ම නොමිලේ අධ්‍යාපනය ලැබීම සඳහා පාසැල් වලට ඇතුළු වුණා. අද චීන රජය සහ චීන රජයට පක්‍ෂපාත කොටස් චීන සංස්කෘතික විප්ලවය සමයේ පැවති චීන අධ්‍යාපනය විනාශකාරී යැයි පවසනව. මෙය ඉතා සරල මිත්‍යාවකි.

සංස්කෘතික විප්ලවයේ දසවන වසරේදී චීනයේ ගම්බද අධ්‍යාපනය දියුණුවට පත් වුණා. සෑම ගම්මානයකම පාසැල් 4 ක් එකතු කර ඒකාබද්ධ මධ්‍ය විද්‍යාල ඇති කළා. එම නිසා ප‍්‍රාථමික අධ්‍යාපනය හොඳින් ලබාගත් සෑම ළමයෙක්ම ඇතුළත් වීමේ විභාගයකින් තොරව මධ්‍ය විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා ලදි. ඔනෑම කෙනෙකුට ඒවාට ඇතුල්වීමට ඉඩ කඩ ලැබුණු අතර අධ්‍යාපනය මුලූමනින්ම නොමිලේ විය. මගේ පළාතේ කොමියුනයේ උසස් අධ්‍යාපනය සඳහා පාසැල් 4ක් තිබුණි. සංස්කෘතික විප්ලවයට පෙර උසස් අධ්‍යාපනය සඳහා තිබුණේ එක් උසස් අධ්‍යාපන ආයතනයකි. එහිද තිබුණේ පන්ති දෙකක් පමණි. 1950-1966 දක්වා වූ 17 වසර තුළ එම උසස් අධ්‍යපන ආයතනය උපාධිධාරීන් 1500 ක් බිහි කළේය. 800 ක් අධ්‍යාපන ආයතනයට ගියත් ආපසු නොපැමිණියේය. ඉතිරි 700 ක් දෙනා රජයේ සේවයේ යෙදුණි නැතිනම් හමුදාවට බැදුණි. උසස් අධ්‍යාපනය සාර්ථකව නිමකළ කිසිවෙක් බිහි නොවුණි.

1972 දී මම කොමියුනයේ උසස් පාසැලට ඇතුලූවන විට මගේ පාසැලේ මගේ වයසේ ළමුන් 1000 පමණ සිටියා. මම පාසැලෙන් සමත් වන විට, මගේ ගමේ පාසැලෙන් උපාධි ලැබූ ළමුන් 100 පමණ සිටියා. මෙම උපාධිධාරීහු චීනයේ පිටිසර බද පෙදෙස් සංවර්ධනය කිරීමෙහි ලා විශාල වැඩ කොටසක් ඉටු කරන ලදි. ඔවුන්හට ඔවුන්ගේ වැඩිහිටියන් ඉටු කර තිබුණාට වඩා වැඩි වැඩ කොටසක් චීනය වෙනුවෙන් ඉටු කරන්න ලැබුණි.

සංස්කෘතික විප්ලවයට පෙර අපි ගොවිතැනෙහි පමණක් යෙදුණෙමු. සංස්කෘතික විප්ලවය සමයේ උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි ලද අය ගමේ ආර්ථිකය දියුණු කිරීමට උපකාර කළා. උසස් පාසැලේ උපාධිධාරීන්ගෙන් සැදුම් ලත් වන ජීව කණ්ඩායමක් අපට තිබුණි. ඔවුන් විවිධ වර්ගයේ පළතුරු, ගම්මිරිස්, සහ වෙනත් ගස් වර්ග වගා කළහ. අප විසින් කර්මාන්ත ශාලාවක්ද ගොඩ නගන ලදි. පුද්ගලයෝ 175 දෙනෙක් එහි සේවයෙහි නිරත විය. අද චීනයේ ගම්බද තරුණයන්ට රැකියා සොයා නගරයට පැමිණීමට සිදුව ඇත. නමුත් සංස්කෘතික විප්ලවය සමයේ, අපට කොහේවත් යාමට සිදු වුණේ නැත. අපි කිසිවෙක් තව අයෙකුගේ වහළෙකු නොවීමු. අපි අපේ අනාගතය සඳහා වැඩ කළෙමු. කර්මාන්තශාලාවේ වැඩ කළ 175 දෙනා සාමූහිකව ඉපයුවා. එය ගොවීන්ගේ ජීවිත සංවර්ධනය කරන ලදි.

කර්මාන්ත ශාලාව ගමට අවශ්‍ය කෘෂි උපකරණ නිපදවීය. අපට ට‍්‍රැක්ටර් දෙකක් සහ පිකප් රථ දෙකක් තිබුණි. ආපසු හැරී බැලූ විට මට හිතෙනව, නිෂ්පාදනය ඉහළ ගිය නිසා සංස්කෘතික විප්ලවයේ අවුරුදු වලදී ගොවීන්ගේ ජීවිත සෑම අංශයකින්ම උසස් සංවර්ධනයක් අයත් කර ගත් බව. මේ දස වර්ෂය තුළදී මගේ රටේ ධාන්‍ය අස්වැන්න දෙගුණයකට වඩා ඉහළ නැංග අතර ආදායම ද දෙගුණයකටත් වඩා ඉහළට නැඟුණි. නමුත් ධනේෂ්වර චීන රජය ප‍්‍රකාශ කළේ චීන ආර්ථිකය ප‍්‍රපාතයකට ඇද වැටුණු බවයි. මේවා අර්ථ ශූන්‍ය ප‍්‍රලාපයන් වෙති.

චීන රජය සමූහ ගෙවි පොළවල් විසුරුවා හැර ඔවුන්ගේ අයිතියට පවරා ගැනීමට ගොවියන්ගෙන් විමසු විට මගේ ප‍්‍රදේශයේ ගොවියෝ ඊට දැඩි විරෝධයක් දැක්වීය. රජය සමූහ ගොවි පළවල් විසුරුවා හැරීම සඳහා මගේ ප‍්‍රදේශයේ සියලූ ජනපද රාජ්‍ය නායකයින් ඉවත් කරගත්තා. මගේ ගමේ තිබුණු සියළුම දෑ පෞද්ගලීකරණය වුණේ නැහැ. නමුත් ගමේ සියලූ ඉඩම් ටික රජය මිළ දී ගත්තා. ජනයා එයට එරෙහි වුණා. ඔවුන් අපේ ඉඩම් ගත්තා නම් අපේ ඉඩම්වලට වෙනත් ප‍්‍රදේශවල ඉඩම් වලින් වන්දි ගෙවන්න ඔවුන්ට සිදු වුණා. එනිසා අපට අපේ ඉඩම් නැති වුණේ නැහැ. ගම්වල තවම ඒවා තමන්ගෙ විදියට යොදා ගන්න ඉඩම් තිබෙනවා. ගම් වැසියෝ ඒවායෙ තවම හොඳින් කටයුතු කරනවා. ගොවීන්ට අද විශ‍්‍රාම ගැනීමට හැකියාව ලැබී තියෙනවා. මගේ අම්ම තවම සමූහ ගොවිපළෙන් සෑම මාසයකම විශ‍්‍රාම දීමනාවක් ලබනවා. අනෙක් ප‍්‍රදේශවල පෞද්ගලික දේපලවුණු ඉඩම්වල ගොවීන් තවමත් දැඩි දුෂ්කරතාවයන්ගෙන් පීඩා විඳිනවා.

1986 දී මම චීනයේ ග‍්‍රාමීය ප‍්‍රදේශ පර්යේෂණය කිරීමේ ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමට සම්බන්ධ වුණෙමි. එහි ඇමෙරිකානු විශේෂඥයින් දෙදෙනෙක් සහ මා සේවයෙහි නිරත විය. අපි හූනාන් වල (Hunan) ගම්මාන කීපයකට ගියා. ඒ වකවානුවේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වල විදේශිකයෙක් දැකීම දුර්ලභ විය. එනිසා අප යන යන තැන අප පසුපස විශාල ජනතාවක් සිටියා. විශේෂයෙන් තරුණ කාන්තාවෝ සහ පිරිමි විය. ඔවුන්ට විදේශිකයෙක් මොන වගේ දැයි දැන ගැනීමට අවශ්‍ය වුණා.

එක දවසක් මම දිවා ආහාරය ගන්නා විට, මම තරුණ ළමයි කීප දෙනෙකුට පත්තරයක ශීර්ෂ පාඨ කීපයක් කියවන්නැයි කීවෙමි. එහෙත් ඔවුහු සිය හිස වැනුවා පමණි. මා මුලදි සිතුවේ ඔවුහු ලජ්ජාවෙන් එසේ කරනු ඇති යන්නයි. සමහර ළමයි කිව්ව ඔවුන් පාසැල් ගොස් නැති බව. මට එය ඇසීම අති විශාල වේදනාවක් ගෙන දුන්නා. කොමියුනය විසුරුවා හැරිය දා සිට සියලූ අධ්‍යාපන ආයතන, සියලූ සෞඛ්‍ය ආයතන කොමියුනය සමගම නැතිව ගොස්ය. මම සංස්කෘතික විප්ලවය සමයේ තිබුණ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැන සිතන්න පටන් ගත්තා.

1988 දී මම වැඩි දුර අධ්‍යාපනයට සිංගප්පූරුව වෙත පිටත් වුණෙමි. එතැනින් ඇමෙරිකාවේ ඉගනෙීම සඳහා ශිෂ්‍යත්වයක් මට ලැබුණි. ඇමෙරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය සහ රාජ්‍යතන්ත‍්‍රික සබඳකම් වල ඉතිහාසය ඉගෙන ගැනීම මගේ අදහස විය. ඇමෙරිකාවේදි මම චීන විප්ලවය පිළිබඳව එහි උගතුන් ලියූ දෑ කියෙව්වෙමි. ඔවුන් ලියා තිබුණේ මා අත්දුටු චීන විප්ලවය පිළිබඳව නම් නොවෙයි. ඔවුන් චීනය ගැන ලියා තිබූ දේවල් ගැන මම විමතියට පත්වුණෙමි. ඇමෙරිකාවේ සිදුවන දේවල් ගැන දැඩි ලෙස කණගාටුවට පත් වුණෙමි.

මම මුලින්ම ඇමෙරිකාවට ආව විට ඇමෙරිකාව කොයි වගේද යන්න දැන නොසිටියෙමි. චීනයේ සිටි ඇමෙරිකානු ගැති වූ අය කී පරිදි අසා තිබුණේ ඇමෙරිකාව පුදුම සහගත දියුණු රටක් ලෙසයි. මම ඇමෙරිකාවේ, වර්මොට් (Vermont) හි බර්ලින්ටන් (Burlington) පෙදෙස්හි මුලින්ම ජීවත් වුණෙමි. එය චැම්ප්ලේන් වැව අසල පිහිටි ලස්සන ස්ථානයක් විය. මම නගරයේ උතුරු පෙදෙසේ දිළිඳු අසල්වැසියන් සමග ජීවත් වුනෙමි. මගේ අසල්වැසි නිවසේ ළමයි හැම වෙලාවෙම බඩගින්නෙ තමයි හිටියෙ. හැමදාම පාසැල නිමවී ආවාම, ඔවුහු මගේ පුතා සමග සෙල්ලම් කරන්න මගේ නිවසට පැමිණෙති. ඔවුන්ට බඩගිනියි කියල ඔවුහු කියති. එවිට මම ඔවුන්ට චීන පාන් කැබැල්ලක් කන්නට දෙන්නෙමි. මට ඇමෙරිකාව දැකීම විශාල කම්පනයක් ගෙන දෙයි. ලෝකයේ ධනවත්ම රට එයයි. ඒත් කුසගින්නේ ඉන්න ජනතාව මෙහේ සිටිති. මම මෙහි වසර දෙකක් ජීවත් වුණෙමි.

ඉන් පසු මම බොස්ටන් නගරයට පැමිණ එහි සිටි පොහොසත් මිනිසුන් සමග ජීවත් වන්නට පටන් ගතිමි. එක දවසක් මගේ නිවාස හිමිය මගෙන් ඇහුව, ඇමෙරිකාව ගැන ඔබට හිතෙන්නෙ මොකද්ද? මට කිසිම හැඟීමක් නැති බව ඔහුට කී විට මගේ අදහසින් ඔහු කළබල වුණි. ඊට හේතුව ඔහු මගෙන් විමසුවා; ‘‘චීනයේ ඉන්න විට අපි හරි දුප්පත්, එත් අපිට නිවාස නැති මිනිස්සු හිටියේ නැහැ. සමාජවාදය යටතේ හැම කෙනෙකුටම රැකියාවක් ලැබුණා. හැම කෙනෙකුටම නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය පහසුකම් තිබුණා. නමුත් ලෝකයේ පොහොසත්ම රටේ මේව නැහැ.’’ මම කීවෙමි. මගේ නිවාස හිමිය හිතුවෙ මගේ අදහස් වල (දර්ශනයේ)ගැටලූවක් ඇති බවයි.

1949 දී චීන විප්ලවය සාර්ථක වූ විට කොමියුනිස්ට් නිළධාරීන් සිතුවේ විප්ලවය පිළිබඳ කටයුතු කරල ඔවුන් අපහසුතාවයෙන් පසුවෙන බවයි. දැන් විප්ලවය සාර්ථකයි. දැන් ඔවුන්ගේ ජීවිත සතුටින් ගත කිරීමට කාලයයි. ඔවුහු ඔවුන්ගේ ළමයි සඳහා විශේෂ පාසැල් හදල තිබුණ. චීනයේ සමාජවාදය ගොඩ නැගුවත් චීනයේ පංති ස්වභාවය ඉතා බලවත්. ඉහළ නිළධාරීන්හට විශේෂ වරප‍්‍රසාද තිබුණ.

සංස්කෘතික විප්ලවය යනු විප්ලවය තුළම පොදු ජනතාවට සැබෑ බලය ලබා දිමේ විප්ලවයයි. එමගින් චීනයේ නියම සමාජවාදය බිහි කිරීම ඇරඹීමයි. රුසියාවේ සිදු වුණු දෙය චීනයේ සිදු නොවීමට වග බලා ගැනීමේ ක‍්‍රියාවලියයි. ඒ කාලය තුළ සියලූ චීන නිළධාරීන්ට වැඩ කරන ජනතාව සමග එකට වැඩ කිරීමට සිදු වුණා. ශිෂ්‍යයින්, ගුරුවරුන්, මහාචාර්යවරුන් ශාරීරික ශ‍්‍රමය යොදා වැඩ කිරීම කළ යුතු වුණා. මම කර්මාන්තශාලාවේ කළමනාකාරයා වීමි. මට කර්මාන්තශාලාවේයේ අනෙක් අය වැඩ කර උපයනවාට වඩා වැඩි වැටුපක් ගෙව්වේ නැහැ. පාසැල් ගුරුවරුන්ට ගෙව්වේත්, වැඩ බිම් වල වැඩ කරන අයට ගෙවන පඩියමයි. සෙරෙප්පු සපත්තු නොපැළඳූ වෛද්‍යවරුන්ටද2 ගෙවන ලද්දේ එකම වැටුපකි. එහෙමයි සමාජවාදය යටතේ ක‍්‍රියාත්මක වුණේ. අපට එහෙම ක‍්‍රියාවලියක් තියේ නම් අපට දැන් තිබෙන ආකාරයේ මූළ්‍යමය දියවී යෑමක් (කඩා වැටීමක්) ඇති වන්නේ නැහැ.

පසුගිය සති කීපයේ ඇමෙරිකාවේ මූල්‍ය අර්බුදයක් ඇති වුණා. මගේ ශිෂ්‍යයො බොහොම දෙනෙක් ඒ ගැන කම්පනයට පත් වුණා. මේ අවස්ථාව ඉතා වැදගත් බව මම ඔවුන්ට කිවෙමි. අපි නොසැලකිලිමත් ලෙස දිගු කාලයක සිට පරිභෝජනය කරන්නෙමු. එය නැවතීමට දැන් අපට කාලයයි. අප මෙලෙස ජීවත් විය යුතු නැහැ. නිවාස නැතිව අප වේදනා විඳිය යුතු නැහැ. මේ සමාජයෙ අපට ඕනැ තරම් දේවල් තියෙනව. හැම කෙනෙකුටම යැපීමට ප‍්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් අප විසින් උපයා තිබේ. නමුත් එක් ප‍්‍රශ්නයක් ඇත. කෑදරකමින් පිරුණු සුළු පිරිසකට ඉන් විශාල කොටසක් අවශ්‍යව ඇත. එමනිසා අපි හැම මිනිසෙකුටම අගහිඟයක් නොමැති වෙනස් සමාජයක් ගොඩනැගිය යුත්තෙමු.

1949 දී පීඩනය සහ විදේශීය පාලනය ඉවතට වීසි කර දමමින් චීන විප්ලවය බලයට පත් විය. සභාපති මාඕ සේතුං ගේ නායකත්වය යටතේ චීන ජනතාව මුලූමනින්ම නව්‍ය වූ සමාජයක් ගොඩ නැගීම ඇරඹීය. නමුත් 1966 පංති අරගලයේදී, චීනය සමාජවාදය ගොඩ නැගීම කරා ගමන් කරාවිද, – නැවත ධනේශ්වර සමාජ ක‍්‍රමය ස්ථාපිත කරයිද යන මත දෙක අතිශයින් තියුණු විය. මෙය කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළතින්  – ජනතාවට කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කිරීමට නායකත්වය දුන් ඉහළ විප්ලවීය නායකත්වය සහ චීනය නැවත ධනේශ්වර මාවත වෙතට සහ පීඩනයට නැවත ඇද දැමීමේ ප‍්‍රතිපත්ති ඇති අයවලූන් අතර ප‍්‍රකාශ විය. මේ නිසා, ධනවාදී මග ගත්තන් බිඳ හෙළීමට සහ ඔවුන් සතුව රජයේ සහ සමාජය තුළ තිබූ පාලන බලයේ කොටස් නැවත අත් පත් කර ගැනීමට මාඕ විසින් ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය දියත් කැරිණි. නමුත් එයටත් වඩා මෙය ‘‘විප්ලවය තුළ විප්ලවයක්’’ විය. එය මුළු මහත් සමජයේම දිශානතිය කොමියුනිස්ට්වාදය දෙසට හැරවීය. මාඕ සේතුංගේ ස්ථාවරය අනුව, ධනවාදී මග ගත්තන් පහ කර දැමීම සහ පොදු ජනතාවගේ සමස්ත විඥණය, දර්ශනය සහ පුරුෂාර්ථ පරිවර්තනය කිරීම සංස්කෘතික විප්ලවයේ ඉලක්කය විය යුතුය.

ගම සහ නගරය අතර, මානසික සහ කායික ශ‍්‍රමය අතර, ගොවියන් සහ කම්කරුවන් අතර අසමානතාවයන් සහ වෙනස්කම් හීන කිරීමට සහ අවසානයේ ඒවා බැහැර කිරීමට අරගලය කිරීම ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවයේ ඉතා වැදගත් කොටසක් විය. සමාජයේ සෑම කොටසකම පරිපාලනයට සහභාගිවීමට සහ ඍජුවම බලය සඳහා ජනතාව පුහුණු කිරීමට හැකිකම ලබා දීමට නව සහ නිර්මාණාත්මක ක‍්‍රමවේදයන් සොයා යෑමට සිදු කළ පුළුල් සමාජ-ව්‍යාප්ත අරගලයකි මෙය. ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය සංස්කෘතියේ, අධ්‍යාපනයේ, විද්‍යාවේ සහ වැඩ බිම්වල ‘‘සමාජවාදී නව්‍ය දෑ’’, විශ්මයට පත්කරමින් ඉදිරියට ගෙනගිය අතර ධනේශ්වර ප‍්‍රතිනිර්මාණය දස වසරකට නිහඬ කරවීය. නමුත් 1976 දී මාඕ මිය ගිය පසු ඩෙන්ග් ෂියාඕපිං (Deng Xiaoping) ප‍්‍රමුඛ කොමියුනිස්ට් පක්‍ෂයේ ඉහළ නායකයෝ ප‍්‍රතිවිප්ලවවාදී කුමන්ත‍්‍රණය දියත් කළහ. මාඕට සහය දැක්වූවන් සහ ඉතා ඉහළ තළයේ නායකයින් සිරගත කොට හෝ මරා දමමින් දස දහස් ගණනින් අත් අඩංගුවට ගැනීම හෝ මැඩලීම සිදු කළහ.

සටහන්

1 වැඩ ලකුණු: චීනයේ සමාජවාදී ගම්බද පෙදෙස්වල ගොවියන්ට, ආදායම බෙදී යාම සඳහන් කරන ක‍්‍රමයකි මෙය. සාමූහික ක‍්‍රමය තුළ මිනිසුන් ජීවත්වන විට සහ වැඩ කරන විට ඔවුන් විසින් සිදු කරනු ලබන වැඩ ප‍්‍රමාණයන්ට කිසියම් නිශ්චිත වැඩ ලකුණක් ප‍්‍රදානය කරන ලදි. මෙය ‘‘හැම එකෙකුගේම හැකියාව අනුව, හැම එකෙකුගේම ශ‍්‍රමයට’’ යන සමාජවාදී මූලධර්මයේ සුවිශේෂී භාවිතාවකි.

2 පාවහන් නොපැළඳූ වෛද්‍යවරු: ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවයේදී නගරවල දියුණු කරන ලද සෞඛ්‍ය පහසුකම් පිටිසර බද පෙදෙස්වලටද එලෙසින්ම කේන්ද්‍රගත කිරීම හා පිහිටුවීම සිදු කරන ලදි. ‘‘පාවහන් නොපැළඳූ වෛද්‍යවරු’’ ව්‍යාපාරය මෙම විප්ලවීය පරිවර්තනයේ කොටසක් විය. තරුණ ගොවීන්ට සහ නගරබද තරුණයින්ට මූලික සෞඛ්‍ය කටයුතු සහ බොහොමයක් පොදු රෝගාබාධ ගැන සහ නිතර මුණ ගැසෙන මූලික අවශ්‍යතාවයන්ට අවැසිවන වෛද්‍ය කර්මයන් පුහුණු කොට පිටිසරබද පෙදෙස්වලට යවන ලදි. වෛද්‍යවරු ග‍්‍රාමීය පෙදෙස්වලට ගියහ – දෙනු ලබන ඕනෑම වේලාවක නාගරික වෛද්‍යවරු තිදෙනෙක් ගම්බදෙහි සිටියහ. 1949 සිට 1976 දක්වා මාඕගේ නායකත්වයෙන් යුත් පාලන කාලය තුළදී වසර 32 ක් ව පැවති ආයු අපේක්‍ෂාව වසර 65 දක්වා දෙගුණ විය.

ABar-11

            විප්ලවීය ඇමෙරිකන් කොමියුනිස්ට් පක්‍ෂයේ (RCP) නිළ පුවත්පත වන ‘‘විප්ලවය’’ (Revolution) හි  2009 අගෝස්තු 30 පළ වූ 174 වන කලාපයේ ලිපියකින් පරිවර්තනය කරන ලදි.

ධනවාදය සහ සමාජවාදය යටතේ සෞඛ්‍ය සත්කාරය

උපැටුම රේමන්ඩ් ලෝටා (Raymond Lotta) ගෙනි.

ධනවාදය යටතේ සෞඛ්‍ය සත්කාරය, සමාජවාදය යටතේ සෞඛ්‍ය සත්කාරය

            2009, සැප්තැම්බර් 29 දින රේමන්ඩ් ලෝටා ගේ වෙබ් අඩවියේ විකාශනය වූ කතාවේ පහත සඳහන් උපුටා ගත් කොටසින් (එනම් සැඟවුණු ලෝක ආර්ථික අර්බුදය: ක‍්‍රමය බිඳ වැටිම සහ විප්ලවයේ අවශ්‍යතාව) ඔහු සාකච්ඡා කරන්නේ ජනතාවට සෞඛ්‍ය සත්කාරය සපයා දීම සම්බන්ධයෙන් පවතින ක‍්‍රමයේ අසාර්ථකභාවයේ යටින් ඇත්තේ කුමක්ද යන්නයි; එමෙන්ම සැබෑ නිදහස්කාමී සමාජයක් ගොඩ නැගීමේ සන්දර්භය තුළ මෙම වැදගත් ප‍්‍රශ්නය සඳහා සමාජවාදය ඊට ආමන්ත‍්‍රණය කළ හැකි වන්නේ කෙසේද? ප‍්‍රකාශනයේ පහසුව පිණිස මෙය තරමක් සංස්කරණය කර ඇත.

            මා දැන් කථා කිරීමට යන්නේ එක්සත් ජනපදයෙහි සෞඛ්‍ය සත්කාරය පිළිබඳ විවාදය දැවැන්ත පොදු සංසිද්ධියක් වීම ගැනයි. මෙය ක‍්‍රමයේ හරය වෙත දැඩිව කේන්ද්‍රගතවන බැවින්, ඒ පිළිබඳව මට යමක් පැවසීමට අවශ්‍ය යි. මෙහි ඔබට අවස්ථාවක් තියෙනවා; ඒ නිසා ඒ ගැන සිතන්න; එතැන ඔබ වැඩ කළ යුතු වෙනවා; නැතිනම් ඔබට, සෞඛ්‍ය සත්කාරයක් ලබා ගැනීමට, සෞඛ්‍ය රක්‍ෂණ ප‍්‍රතිපත්තියක් තිබිය යුතු වෙනවා; (ශ‍්‍රම බලකායෙන් 10% ක් තරම් විරැකියාවෙන් පෙළෙනවා) මෙය ආදි කල්පිකයි; මෙය වනාහි ඩයිනෝසරයන්ගේ යුගය මෙනි. ඒ නිසා සිතන්න. සෞඛ්‍ය සත්කාරය වනාහි සමාජයක මූලික වගකීමකි; මෙහි යෝග්‍යතාවයන් ගැන චෝදනාත්මකව විවේචන තිබෙනවා; පෞද්ගලික අයිතියට සියල්ල නැඹුරු වෙනවා; නිෂ්පාදන මාධ්‍යයන් සියල්ල පාලනය කරනවා; ආර්ථික සංවිධාන සියල්ල මෙහෙය වනවා. මෙහි අතු රිකිලි හඳුනා ගන්නේ කුමකින්ද? ලාභය; වාසිය මගිනි.

            ඔබට අවස්ථාවක් මෙහි තිබෙනවා; හාවර්ඩ් වෛද්‍ය අධ්‍යයනයකට අනුව, මෙය නිව්යෝර්ක් ‘Time’ සඟරාවේ පළ විය; මිනිසුන්ට සෞඛ්‍ය රක්‍ෂණ නොමැති නිසා එක්සත් ජනපදයේ වසරකට අනවශ්‍ය මරණ 45,000 ක් පමණ සිදු වෙනවා. දැන් ඇමෙරිකාවේ සෞඛ්‍ය රක්‍ෂණ අහිමි ජනතාව මිලියන 45 ක් වෙනවා. ඔබාමාගේ සෞඛ්‍ය සැලැස්මේ සමහර විට සෞඛ්‍ය සත්කාර විවාදවල ප‍්‍රතිඵලයක් යටතේ, රක්‍ෂණ අහිමි ජනයා ලාභදායී පෞද්ගලික රක්‍ෂණ ආයෝජකයන්ගේ සංචිතවලට ගාල්කර බලාගන්නට යනවා විය හැකිය.

            ප‍්‍රලේඛණගත නොවූ කම්කරුවන්ට සෞඛ්‍ය සත්කාරය ලැබේද නැද්ද යන්න පිළිබඳ, මෙම පාර්ශවයේ මුඛ්‍ය කරුණ වටා භ‍්‍රමණය වන සෞඛ්‍ය සත්කාරයේ ඊනියා විවාදයක් පිළිබඳ ඔබට ඇත්තේ අසම්මත හාස්‍යජනක මෙන්ම අශ්ශීල, නින්දිත ආකර්ෂණාත්මක ප‍්‍රදර්ශනයක් ය. නැවතත් එය මනුෂ්‍යත්වයේ අංශයක් ලෙස ප‍්‍රසාරණය විය හැක්ක කි. මෙහිදී ස්ත‍්‍රීන් විසින් ඉල්ලා සිටින ගබ්සාවට මුදල් දෙයි ද – සත්කාරය, දයාව මෙන්ම යුක්තිය ඉල්ලා සිටින අවස්ථාවක ඕනෑම විචාරශීලී උන්මත්තක නොවන මධ්‍යස්ථ සමාජයකට එවැනි දේවල් ඉටු කිරීම සහතික වේ. නමුත් පුරුෂ ආධිපත්‍යය හා ප‍්‍රබල ජාතික ස්වෝත්තමවාදය (Chauvinism) සමග වේගයෙන් යන එමෙන්ම ලාභ තර්කනය මත දිවෙන සමාජයක ඒවා එසේ සිදු නොවේ.

            මේ සමාජයේ අරුම පුදුම ප‍්‍රජාතන්ත‍්‍රික දේශපාලනික ව්‍යුහ වල සීමාව තුළින් මෙයට කන් යොමු කරමු. දැන් වාර්ථාවක් සකස් කර තිබෙනවා – කොන්ග‍්‍රසයේ සෑම සාමාජිකයකුටම, ඖෂධ හා සම්බන්ධ මෙන්ම ‘‘සෞඛ්‍ය සත්කාර මෙහෙයවන කර්මාන්ත හා සම්ගම්’’ වලින් වෘත්තීය පෙළඹවිම් කරන පුල්ගලයින් අට දෙනෙක් සම්බන්ධ වී සිටිනවා. ඔව්, සෞඛ්‍ය සත්කාර කර්මාන්ත, එනම් එය නාමාවලියක් වෙනවා, එය ආයෝජන අංශයක්. ඒ වනාහි සෞඛ්‍ය සත්කාරය නොව, සමාජමය අවශ්‍යතාවයක්ද නොවන්නේමය. එය සමාජ වගකීමක්ද නොවේ; එය වෙළඳ ව්‍යාපාරයක් වෙයි. එය සෞඛ්‍ය සත්කාර කර්මාන්තයයි. කොන්ග‍්‍රසයේ එක් ව්‍යවස්ථාදායක වරයෙක් සඳහා සෞඛ්‍ය කර්මාන්තවල වෘත්තීය පෙළඹවිම් කරන්නන් 8 දෙනෙක් ඉන්නවා. මේ වනාහි නව වාර්ථාවක්. (උපහාසාත්මකව): ඉදින් ඔබට ඇත්තේ අති දක්‍ෂිණාංශික පිස්සුවක්; ‘‘මම බොහොම හොඳින්’’. ‘‘මම නිරෝගීව ඉන්නවා’’. ‘‘මම ඔය මළපහ ජහ ජරාව කාටවත්, කොහේවත් දාන්නෙ නෑ, ඕවා ඉතින් නොමිලේ පටවන ගොඩවල්.’’ අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධව නගරශාලා රැස්වීම් වල මෙය ඉතා වැදගත්සේ හඬ නැංවූ මතය යි.

            ඔබ දන්නවද, මෙය යම් ආකාරයක අනාවරණයක්, මම අහල තියෙනවා සෞඛ්‍ය සත්කාරය ගැන විශේෂ CNN සංසදයෙන්; මම, සංජෙයි ගුප්තා කියනවා අහල තියෙනවා; ඔබ එයාව හඳුනනවා ඇති. ඔහු තමයි CNN එකේ සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයා. රෝග නිවාරක සත්කාරය පිළිබඳ යොමු වීම අර්ථවත් නොවන්නේද? යි, එක් අවස්ථාවක ඔහුගෙන් අසා තිබෙනවා, එය වටමේස සාකච්ඡාවලට වාඩිවන උදවිය ඉදිරියේ තැබිය යුතු වූ ප‍්‍රශ්නයක්; ඔබ දන්නවා, එතැන ඔවුන්ට හිටියේ කථා කරගෙන ගිය ඔළු ගෙඩි ටිකක්: යම් කෙනෙක් මෙය කළා. එවිට ඔහුගේ පිළිතුරු වූයේ; මට සිදුවුණා වගේ සටහන් ගෙන අරගෙන ඒක ලියා ගන්න, ‘‘වෛද්‍ය හා ආචාරධාර්මික ආකල්පයකින් ඔව්, ඉන් අර්ථගැන්වෙන්නේ, රෝග නිවාරක සෞඛ්‍ය සත්කාරය වෙත වඩා අවධාරණය කිරීමයි.’’ නමුත් යටින් දිවෙන සත්‍යය, ‘‘එය එසේ නොවේ;’’ පසුව තව කෙනෙක් දැක්වූයේ, අපි වඩාත්ම ප‍්‍රාථමික සත්කාරක වෛද්‍ය වරුන් පුහුණු කරමින් සිටිනවා සේ පෙනී යන බවයි; එවිට ගුප්තාද එවැනිම ප‍්‍රතිචාරයක් දැක්වූයේ, ‘‘හොඳයි, වෛද්‍ය විද්‍යාත්මක හා ආචාරධර්මිකව, ඉන් සංවේදීතාවක් ඇති වෙනවා, නමුත් ඇත්ත තත්ත්වය නොවේ’’ යන්නයි.

            එමෙන්ම ඔබ දන්නවා, ගුප්තා කිසියම් දෙයකට සම්බන්ධව ඉන්න බව, මගේ දැනීමට අනුව ඔහු මාක්ස්වාදියෙක් නොවේ (උත්ප‍්‍රාසාත්මක ස්වරයෙන් කථා කරමින්) මා ඇසුරු කරන මාක්ස්වාදී වෙබ් අඩවිවලට ඔහු කිසිදා ලියා නැත. එසේ නමුත් ඇත්ත වශයෙන්ම සමාජ අවශ්‍යතා, සමාජමය සෞඛ්‍ය හා පැහැර හැරිය නොහැකි ලාභය අතර මූලික ඝට්ටනයක් පවතිනවා. එම නිසා ඇත්තෙන්ම මම සිතන්නේ අප ඉදිරියේ වඩාත්ම දර්ශනය වන මූලික අවශ්‍යතා සහ ඇත්ත තත්ත්වය (bottom line) අතර පවතින ඝට්ටනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

            සමාජවාදය සිදු කරන වෙනස මෙයයි. ලාභය සිතුවිට පාවිච්චිය සඳහා සූදානම් තත්ත්වයක තව දුරටත් නොපවතියි. එවැනි වූ ඇත්ත තත්ත්වයක් නොපවතී. සමාජවාදය යටතේ ආර්ථිකය ඔබ සඳහා පවතිනවා; ආර්ථිකය සකස්වන්නේ ජනතාවට සේවය කිරීම සඳහායි; සමාජවාදී ආර්ථිකය සම්පත් හා විශේෂඥයන් යොදවන්නේ ඒවා වඩාත් අවශ්‍ය වන්නා වූ ස්ථානවලට යි. එසේම එය ජනතාවට සේවය කරනවා; ලෝක ප‍්‍රජාවගේ අවශ්‍යතාවන්ට සේවය කරනවා. නැවත හැරෙමු සංජෙයි ගුප්තා වෙතට; මේ තමයි සමාජවාදී සමාජයේ ආචාර ධර්ම.

            දැන් මට අවශ්‍යයි තරමක් පැහැදිලි කරන්න; සමාජවාදය යටතේ අපි සෞඛ්‍ය සත්කාරය සංවිධානය කරන්නේ කෙසේද කියලා; ඒ සඳහා ඇත්ත වශයෙන් මම ජනතාව උනන්දු කරන්නේ කෙසේද කියලා; ඒ සඳහා ඇත්ත වශයෙන් මම ජනතාව උනන්දු කරන්නේ බොබ් අවේකියන් විසින් සම්පාදිත DVD පටයට සවන් යොමු කරන ලෙස, එහිදී ‘‘බලන්න-සිතන්න (Imagine) යන මාතෘකාව යටතේ එන කොටසේ ඔහු මේ ගැන පැහැදිලි කරනවා. මා කතා කරමින් සිටින ප‍්‍රතිපත්ති මත පදනම් වූ සමාජයක වෙනස්ම ආකාරයකට අපට කටයුතු සිදු කළ හැකිවෙන්නේ කෙසේද යන්න ගැන සිතා බලන්න. මෙම DVD පටය ‘‘Revolution Online වෙතින් ලබා ගත හැකියි: එය අනිවාර්ය වන්නේ මන්ද?, එය සිදු කළ හැකිවන්නේ කුමක් නිසාද? මේ සියල්ල කුමක් අරභයාද? සමාජවාදය යටතේ එය කළ හැකි වෙන්නේ කෙසේද?

            සමාජවාදය යටතේ සමාජය නැවත ගොඩ නැගීම පිණිස සමස්ත කුසලතා, දැනුම හා නිර්ණයන් මෙහෙයවමින්ද, සජීවීකරණය කරමින්ද, බහුමානීය ආකාරයෙන් ප‍්‍රශ්න, ගැටළු විසඳා ගැනීමට ජනතාව බලාත්මක කරන්නාවූ නව දේශපාලන ක‍්‍රමයක් ඔබ සතුව පවතියි. විශේෂඥයින් සහ විශේෂඥයින් නොවන්නන් අතර පවතින සීමා මායිම් ඛණ්ඩනය කිරීම සඳහා සවිඥානිකව අපේක්‍ෂා කරන සමාජයක් ඔබට ඇත, එහිදී වෛද්‍යවරු රෝගීන්ගෙන් උගනී, ඇත්තෙන්ම ඔවුන්ට ඇහුම්කන් දෙති. ඔබ සතුව පවතින වෛද්‍ය පුහුණුව අනුව සමාජයේ හා ලෝකයේ අවශ්‍යතා හා ආබද්ධව වෛද්‍යවරුන් ස්ථානගත කරයි. මූලික ජන කොට්ඨාශ අතර වෛද්‍ය ඥාණය, ඔබට පතුරුවා හැරිය හැකිවෙයි; විශිෂ්ඨ පුහුණුවක් ලත් සහ අවම පුහුණුවක් ලත් ජනයා ආබද්ධ කිරීම නිර්මාණය කළ හැකිය.

            ඔබ සෞඛ්‍ය ගැටළුවලට ප‍්‍රතිකාර කළ යුතු වන්නේ සමෝධානික ආකාරයටය; ජනතාව වැඩ කරන අන්දම හා ස්ථාන, එමෙන්ම ඔවුන් ජීවත්වන ස්ථාන හා සම්බන්ධ වෙමින්ය; පරිසර ආශ‍්‍රිත සෞඛ්‍ය ගැටළු හා සම්බන්ධව ඔබ කටයුතු කරයි; යෝග්‍ය සමාජ විමර්ෂණ්‍ය ඔබ දියත් කරයි; කාන්තාවන්ගේ හා සුළු ජාතීන්ගේ විශේෂ අවශ්‍යතා කෙරෙහි ඔබ අවධානය යොමු කරයි. ඉතා දියුණු සමීක්‍ෂණ සමග ගවේෂණය හා අත්හදා බැලීම් පිළිබඳ ක‍්‍රියාදාමය තුළට ජනතාව ඍජුව ආකර්ශනය වන්නාවූ මූලික බිම් මට්ටමේ සමීක්‍ෂණ, ඔබ ආබද්ධ කරයි.

            රෝහල් හා සායන හෝ වෛද්‍ය පාසල් ද, යන වෛද්‍ය ආයතන තුළ කළමනාකරණය හා තීන්දු, තීරණ ගැනීම තව දුරටත් වරප‍්‍රසාදලත් හා පාලනය හසුරුවන අතලොස්සක් අත නොපවතිනු ඇත. පරිපාලකයින්, වෛද්‍යවරුන්, හෙදියන්, වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ නියැලෙන්නන්, වෛද්‍ය ශිෂ්‍යයින්, සහ ජනතා නියෝජිතයින් ආබද්ධකරණය හා එය සම්බන්ධ වේ. සමාජයේ සෑම මට්ටමකදීම, මූලික ජනයා සහභාගිවේ; එමෙන්ම වගකීම් දරන්නේය.

            සමාජවාදී සමාජය සදාකාලිකවම තහනම් කරනු ලබන එක් දෙයක් නම් AIDS එන්නත්, හෝ මැලේරියා ප‍්‍රතිකාරයේ නවාකාරයන් වැනි ඔසු හා බෙහෙත් වර්ග මෙන්ම ප‍්‍රතිකාර කෙරෙහි පවතින පේටන්ට් දේපළ හිමිකාරිත්වයේ අපරාධවල යටින් දිවෙන ඇත්ත තත්ත්වයයි. මේ දැනුම් සම්භාරය, ප‍්‍රධාන සොයා ගැනීම් හා ඉදිරි වර්ධනයන්, මෙවැනි ඔසු වර්ග ලෝක ප‍්‍රජාව අතට පත් කිරීම් කටයුතුවලට උර දෙනු ලබයි: ඊට වෙනස්ව මෙසේ දක්වමු: දැවැන්ත ඔසු විකුණුම් හල් රෝග ප‍්‍රතිකාර මගින් ලාභ උපදවා ඖෂධ නිෂ්පාදන සම්ගම් වැනි දේවල් සමාජවාදය යටතේ නොපවතියි.

            දැන් අපි නැවත මතක් කරමු මෙය වනාහි මනෝරාජ්‍යයක් නොවන බව. එය ඉතාම ජීව්‍ය ය; සාධ්‍ය ය. නමුත් එය සිදු විය හැකි වන්නේ ඔබ සතුව වෙනස් ආකාරයක ආර්ථිකයක් සහ වෙනස් රාජ්‍ය බලයක් තිබෙන අවස්ථාවකය. ඒ වගේම එය ඉෂ්ඨකර තිබුණා-මාඕවාදී චීනයේ- විශේෂයෙන්ම සංස්කෘතික විප්ලව කාල වකවානුවේ.

            මාඕවාදී චීනය පොහොසත් රටක් නොවීය. නමුත් එක්සත් ජනපදයට ශාක්ෂාත් කර ගැනීමට ආසන්නයට වත් ලඟාවිය නොහැකි දෙයක් චීනයට නිර්මාණය කළ හැකි විය: එනම් ඒ විශ්වීය සෞඛ්‍ය සත්කාරය ක‍්‍රමයය යි. නොමිලේ හෝ අවම මිලකට සෞඛ්‍ය සේවාවන් සපයා තිබුණි; සෞඛ්‍ය සත්කාර ක‍්‍රමය මෙහෙයවන ලද්දේ සහයෝගිතාවයේ හා සමානාත්මතාවයේ ප‍්‍රතිපත්ති විසිනි.

            චීනය සැබැවින්ම සමාජවාදී රටක්ව පැවැති සමයේ, රෝග නිවාරණයට සනීපාරක්‍ෂණ විද්‍යාව, සහ පොදු ජන මිණුම් දඬු කෙරෙහි අවධාරණය කළේය. වසර 15 කින් චීනයට කොළරා, සරම්ප වැනි වසංගත රෝගාබාධ මැඩ පැවැත්වීමට හැකි විය. අබිං වලට ඇබ්බැහිවීමේ ගැටලූව සමනය කිරීමට ජනතා ව්‍යාපාරයක් දියත් කළේය. සමාජවාදී චීනයේ සෞඛ්‍ය සත්කාරය සම්බන්ධ වැදගත් මෙන්ම අර්ථ දක්වන ලක්‍ෂණ වලින් එකක් වූයේ කෘත මුල් මට්ටමේ සෞඛ්‍ය ගැටළුවලදී ප‍්‍රජා සහභාගිත්වය හා ජනතාව වෙත වගකීම බාර කිරීම උපරිම කරණය කිරීම නිසාය. සම්පත් වෙන් කිරීමේ සංකේන්ද්‍රණයත්, අති විශාල ප‍්‍රමාණයක විකේන්ද්‍රණයත් යන දෙකම තිබුණා, එමෙන්ම අසල් වැසි රටවල ජනතාව හා ප‍්‍රජාවන් කෙරෙහි විශ්වාසයක්ද තිබුණි. මහ ජනතාව සජීවීකරණය සිදු කරනවාත් සමගම, මහ ජන අධ්‍යාපනයක්ද වීය.

            චීන සෞඛ්‍ය ක‍්‍රමය කටු චිකිත්සාව සහ ඔසු පැලෑටි වැනි දේශීය ප‍්‍රතිකාර හා සම්ප‍්‍රදාය හා සබැඳි නූතන ප‍්‍රතිකාර සමග ආබද්ධ විය. විප්ලවීය චීනය තුළ ජනතාව අතර ප‍්‍රචලිත වූ සටන් පාඨය වූයේ ස්වකීය වාසිය හා ආත්ම ලාභය සාක්‍ෂාත්කරණයට විරුද්ධව, ජනතාවට සේවය කිරීම විය. වෛද්‍යවරු ප‍්‍රගුණ කළ ජීව ගුණය වූයේ එයයි. මෙම ක‍්‍රමයේ සාර්ථකත්වය ලාභ ලැබීම හෝ පිරි වැය හෝ විරුද්ධ මත පැතිරීම වැළැක්වීම විසින් මැන බැලීම සිදු නොවන ලදි. නමුත් නව හා විමුක්තිකාමී සමාජයක් ගොඩනැගිමේ මාධ්‍යයක් වශයෙන් සමාජ සෞඛ්‍ය හා සමාජ සුභ සාධනය මැන බැලෙයි. සමාජ සුභ සාධනය-මහජන සෞඛ්‍ය සහ ජීවිතයේ සමස්ත ගුණාත්මක බව එම සමාජයේ වැදගත්ම නිශ්ඨාව වෙයි. සංස්කෘතික විප්ලවය සමය තුළ, සෞඛ්‍ය සත්කාර පිරිවැය කෙරෙහි අවධානය යොමුවිය, සම්පත් වෙන් කිරීම, පිටිසරබද පළාත්වලටද විතැන් කළේය; සමස්ත සෞඛ්‍ය සත්කාරය නගරවලද දියුණු කළේය.

            කිසියම් කාලයක් සඳහා නාගරික වෛද්‍ය වරුන්ගෙන් 1/3 පමණ අවශ්‍යතාව මත ග‍්‍රාමීය ප‍්‍රදේශවල සේවයේ යොදවා තිබුණි. සංස්කෘතික විප්ලවයේ වඩාත් උත්කෘෂ්ඨ සංවර්ධනය වූයේ පාවහන් රහිත වෛද්‍යවරුන්ගේ ව්‍යාපාරය විය. ප‍්‍රාදේශීය අවශ්‍යතා පිරිමසාලනු වස් මූලික සෞඛ්‍ය සත්කාරය හා බෙහෙත් පිළිබඳ කඩිනමින් පුහුණු කරන ලද ග‍්‍රාමීය ගොවි තරුණයින් සහ නාගරික තරුණයින් පිටිසරබද පලාත්වලට පිටත් කර යැවීමයි; ඔවුන් පොදු රෝගාබාධවලට ප‍්‍රතිකාර කිරීමේ හැකියාවෙන් යුක්ත වූ පිරිසක්ද වූහ.

            ප‍්‍රතිඵල මහත්සේ විස්මිත විය. මාඕ බොහෝ මරණ සිදු කළ බවට අභූත හා නිරවද්‍යතාව ඔප්පු කළ නොහැකි චෝදනා ඔහුට එල්ල කරන බව ඔබ අසා ඇත. නමුත් 1949 දී ආයු කාලය අවුරුදු 32 සිට අවුරුදු 65 දක්වා 1976 වන විට දෙගුණයක් දක්වා වර්ධනය කළේ මාඕ සේතුං සහෝදරයාගේ සමාජවාදී පාලන කාලයේය. 1970 ගණන්වල මුල් කාලයේ ෂැංහයි වල ළදරු මරණ අනුපාතය නිව්යෝර්ක් නගරයේ සිදුවන ළදරු මරණ අනුපාතයට වඩා බොහෝ පහත් මට්ටමක පැවතිණ.

            පළමු සමාජවාදී විප්ලවීය රැල්ලේ උරුමය මෙසේ සිදු වීය; අපට එයින් පාඩම් උගත හැකිය, ගොඩ නැගිය හැකිය. මීළඟ සමාජවාදී විප්ලවීය රැල්ල අපි මින් ඉදිරියට රැගෙන යනු ඇත. වඩාත් ප‍්‍රශස්ත මට්ටමකින් එය සිදු කළ හැකිය.

 

සහෝදර ශන්මුගදාසන් දිගු කල් දිනේවා!!!

උපැටුම – A WORLD TO WIN    #19   (1993)

සහෝදර ශන්මුගදාසන් දිගු කල් දිනේවා!!!

සහෝදර ශන්මුගදාසන්ගේ අභාවය ගැන

විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ (RIM) කමිටුවේ ප‍්‍රකාශනය

1993 පෙබරවාරි 15

Com.Shan visit Mao during the GPCR

Com. Shan visit Mao during the GPCR

ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ (මාඕවාදී) සම ලේකම් සහෝදර N.ශන්මුගදාසන් 74 වැනි වියැතිව සිටියදී ස්වාභාවික හේතුවක් නිසාවෙන් පෙබරවාරි 8 වන දින මිය ගිය පුවත සැලවීමෙන් විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ කමිටුව අත්‍යන්ත ශෝකයට පත් වූහ.

සහෝදර ශන්මුගදාසන් සිය ජීවිතය කොමියුනිස්ට්වාදය සාක්‍ෂාත් කර ගැනීමේ අභිලාශය වෙනුවෙන් කැප කළහ. ඔහු ශ්‍රී ලංකාවේ පුළුල් මහජන ගෞරවයට පාත‍්‍ර වූ අයකු මෙන්ම කම්කරු, ගොවි, විප්ලවවාදී බුද්ධිමතුන් සහ ප‍්‍රගතිශීලීන්ගේ පුළුල් කොටස්වල ආදරයට පාත‍්‍ර වූහ. ඔහුගේ ජීවිතය ශ්‍රී ලංකාවේ විප්ලවීය ව්‍යාපාරය සමග සහ ජාත්‍යන්තර විප්ලවීය ව්‍යාපාරයේ ඉතිහාසය සමග වෙළී බැඳී ඇත. ඔහු පැවසූ ලෙසම ‘‘1939 දී කොමියුනිස්ට්වාදියෙකු බවට පත් වූ මම නැවත කිසිවිටක ආපසු නොහැරුණෙමි.’’

එවක ලංකාව යටත් විජිතයක්ව පැවතියද සහෝදර ශන්මුගදාසන් අව්‍යාජ කොමියුනිස්ට් පක්‍ෂයක් ගොඩනැගීමේ අරගලයට සහභාගි වූහ. එවක ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ආධිපත්‍යය පතුරුවා සිටි ට්‍රොට්ස්කිවාදීන්ට එරෙහිව ඔහු සටන් වැදුණහ. ඔහු, ජෝශෆ් ස්ටාලින්ගේ නායකත්වය යටතේ සෝවියට් සංගමයේ නිර්ධන පංතිය ලබාගත් දේවල් ආරක්‍ෂා කිරීමේ දෘඩතර ආරක්‍ෂකයෙකි.

සහෝදර ශන්මුගදාසන් මාඕ සේතුං වටේ පෙළගැසුණු සහ කෘෂෙව්ගේ සංශෝධනවාදයට එරෙහිව දියත් කළ ශ්‍රේෂ්ඨ අරගලයේදී චීන කොමියුනිස්ට් පක්‍ෂය වටා පෙළ ගැසුණු පළමු කොමියුනිස්ට් නායකයින්ගෙන් කෙනෙක් විය. ජනතාව විසින් සිදු කරනු ලබන විප්ලවවාදී ප‍්‍රචණ්ඩත්වය සහ නිර්ධන පංති ආඥදායකත්වයේ අවශ්‍යතාවය සහෝදර ශන්මුගදාසන් විසින් ආරක්‍ෂා කරන ලදි.

ඔහු චීනයේ ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය ආරක්‍ෂා කළ දෘඩතර ආරක්‍ෂකයෙකි. මාඕ සේතුං සහ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ අනෙකුත් විප්ලවීය නායකයින් සමග කළ සාකච්ඡාවන්හි පදනම්ව, සහෝදර ශන්මුගදාසන් ‘‘මාඕ සේතුං චින්තනයේ දීප්තිමත් රතු පතාකය ඔසවමු’’ යන හිසින් යුතු අත් පොත සකසන ලදි. මේ ප‍්‍රකාශනය, මාඕ සේතුංගේ සමහර ඉගැන්වීම් පතුරුවා ලීමට සහ ප‍්‍රචලිත කිරීමට උදව් කරමින්, ලොව පුරා පුළුල්ව සංසරණය වූහ.

1971 දී ශ්‍රී ලංකාවේ ප‍්‍රතිගාමී රජය විසින් සහෝදර ශන්මුගදාසන් ව වසරක කාලයක් සිරගත කරන ලදි.

1976 දී මාඕගේ මරණය සිදු වීමෙන් පසුව ඇති වූ කුමන්ත‍්‍රණයෙන් පසු, නව සංශෝධනවාදී පාලනයට එරෙහි වූ මුල් අය අතර සහෝදර ශන්මුගදාසන් විය. එන්වර් හෝක්සා මාඕ සේතුං චින්තනයට පහර දෙද්දී, බොහෝ දෙනෙකු පසෙකට වැනෙන විට සහෝදර ශන්මුගදාසන් දැඩිව නැගී සිටියහ.

සහෝදර ශන්මුගදාසන් විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරය බිහිවීමට මං සැලසූ මාක්ස්-ලෙනින්වාදී පක්‍ෂ සහ සංවිධානවල පළමු සහ දෙවන ජාත්‍යන්තර සම්මේලන දෙකටම පැමිණියහ. එම ස්ථාවරයන් තිරසරව ඔසවාගෙන සිටිමින් දැඩි ලෙස අරගල කරමින් සහ අනෙක් අය සමග සමගිය පිණිස උත්සාහ දැරීම යන තැන්හි දී සහෝදර ශන්මුගදාසන් මේ ක‍්‍රියාවලිය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ.

සහෝදර ශන්මුගදාසන් කළින් වූ ශ්‍රේෂ්ඨ අරගල තුළදී ඉදිරියට පැමිණ තිබුණු සහ චීනයේ සංස්කෘතික විප්ලවයේ බලපෑම යටතේ ඉදිරියට පැමිණි විප්ලවවාදීන් අතර වූ සජීවී සම්බන්ධතාවයන් කිහිපය අතරින් එක් අයෙකි. ඔහුගේ පරිණත බව සහ විශ්වාසනීයත්වය, ඔවුන් බිහි කළ විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයට පණ පෙවීමේදී බලවත් ලෝහයක් මෙන් විය; ඔහු ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ සැතපුම් කණුවක් ලෙස ගෞරවයට පාත‍්‍ර වේ.

සහෝදර ශන්මුගදාසන් දිවයිනේ උතුරු නැගෙනහිර දමිල ජනයාට එරෙහිව ගෙන ගිය ශ්‍රී ලංකා රජයේ යුද්ධයේදී ක‍්‍රියාශීලී විරුද්ධවාදියෙක් විය.

සහෝදර ශන්මුගදාසන් 1991 දී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ (මාඕවාදී) වැදගත් සම්මේලනයක් පෞද්ගලිකවම කැඳවමින් එය මෙහෙයවූහ. මෙලෙස, ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් පවතින විටදී පවා, සිය පුද්ගල අභිලාෂයන්ට ඉහළින් නිර්ධන පංතියේ සහ විප්ලවයේ අභිප‍්‍රායන් තැබූහ, සහෝදර ශන්මුගදාසන් නව පරපුරක නායකත්වයක් ඇති කරමින් පක්‍ෂයේ අනාගතය සහතික කිරීමට ක‍්‍රියාකාරීව කටයුතු කළහ.

සහෝදර ශන්මුගදාසන් පේරු වේ මහජන යුද්ධයට උෙiා්ගිමත් ලෙස සහය දැක්වූවෙකි. ඔහුගේ අවසාන ප‍්‍රසිද්ධ කාර්ය වූයේ ආචාර්ය අබිමායෙල් ගුස්මාන්ගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට, ඉදි කිරීමේදී ඔහුද පුරෝගාමියෙකු වූ ජාත්‍යන්තර හදිසි කමිටුවේ ලන්ඩන්හි පළමු මාධ්‍ය සම්මේලනයේදී කථා කිරීමයි.

නිර්ධන පංතියට සහ ජනතාවට සිදුකළ ඔහුගේ දීර්ඝ කාලින විප්ලවීය සේවාව මුළුල්ලේදී, සහෝදර ශන්මුගදාසන් කොමියුනිස්ට්වාදයේ අත්‍යන්ත විජයග‍්‍රහණය පිළිබඳ වූ උසස් බලාපොරොත්තුව කිසි කළෙක නැති කර නොගත්හ. සහෝදර ශන්මුගදාසන්ගේ ජීවිත කාලය තුළදී ලංකාවේ විප්ලවය පිළිබඳ ව වූ තීරණාත්මක ගැටළු සියල්ලම විස\ නැති වූවත්, කොමියුනිස්ට්වරුන්ට, නිර්ධනීන්ට සහ ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා අතිශය වැදගත් ආරම්භයක් ඔහු ලබා දී ඇති අතර එය භාවිතයෙන් සිය විමුක්තිය සාක්‍ෂාත් කර ගැනීම පිණිස ඔවුහු ඉදිරියට ගමන් කරනු ඇත.

විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ කමිටුව සිය ගැඹුරු ශෝකය ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට (මාඕවාදී), සහ සහෝදර ශන්මුගදාසන්ගේ පවුලේ අයට සහ මිතුරන්ට ප‍්‍රකාශ කරයි. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) සහෝදර ශන්මුගදාසන් සිය ජීවිතයම කැප කරන්නට යෙදුණු කරතව්‍යයන් ඉදිරියට ගෙන යමින් ඔහුට ගෞරවය පුද කරනු ඇති බව අපට සහතිකය.

ABar-11

සහෝදර ශන්මුගදාසන්ගේ 20 වෙනි ගුණ අනුස්මරණය…

2013 ජනවාරි 6 වන බදාදා –  ඩිමොක‍්‍රටික්ක්ලාස්ස්ට‍්‍රගල් (Democratic class struggle)  සඟරාවෙනි

සහෝදර ශන්මුගදාසන්ගේ 20 වෙනි ගුණ අනුස්මරණය වෙනුවෙන් ඉන්දියානු සහෝදරවරුන්ගේ ප‍්‍රණාමය

Com. Shanmugathasan

Com. Shanmugathasan

සහෝදර ශන් ට ප‍්‍රණාමය (1993 පෙබරවාරි 7 මිය ගිය)

අද ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය ලංකාවේ සිට සහෝදර ශන්මුගදාසන්ගේ 20 වෙනි ගුණ අනුස්මරණය සමරනු ලබයි. ඔහුගේ මුළු ජීවිතයේම එක් අංගයක් වූයේ ජාත්‍යන්තර ප‍්‍රශ්න ගැන හෝ අභ්‍යන්තර දමිල වාර්ගික ප‍්‍රශ්නය ගැන වූ මාක්ස්වාදී-ලෙනින්වාදී ස්ථාවරයන් ආරක්‍ෂා කළ අනුකම්පා විරහිත ආත්මයයි.

විප්ලවීය විවාදයන්හි විශිෂ්ට විශාරදයෙක් වූ සහෝදර ශන් ට්‍රොට්ස්කිවාදී, හෝක්සාවාදී සහ නව වාමාංශික ප‍්‍රවණතාවයන් ප‍්‍රතික්‍ෂේප කොට හෙළා දුටහ. ඔහු දීප්තිමත් ලෙස 1950 දී ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ ආධිපත්‍ය පතුරුවා සිටි ට්‍රොට්ස්කිවාදී බුද්ධිමතුන් ප‍්‍රතික්‍ෂේප කළහ.

ඔහුගේ ජීවිතයේ අවසාන දින දක්වාම ඔහු මාක්ස්-ලෙනින්-මාඕසේතුං චින්තනයේ ගිනි සිළුව ප‍්‍රතිරාව කළහ. ඔහු චේ ගුවේරාගේ ෆොකෝ න්‍යාය සහ ලූවිස් අල්තුසර් (Louis Althusser) වැනි දාර්ශනිකයින් උග‍්‍ර ලෙස විවේචනයට ලක් කළ අයෙකි. ඇවිළෙන රතු ආලෝකයක් හැම තැනම විහිදවූ රණශූරයෙකු වැනි ඔහු මාක්ස්-ලෙනින්වාදී මතවාදයේ ධජය රැගෙන ගියහ. පසුගිය දශලක හතරක කාලය තුළ දී එවැනි මතවාදී පැහැදිලි බවක් සහ විවාදයන්හි කෙළ පැමිණියන් වූයේ කිහිප දෙනෙකි. වඩාත්ම ගැලපෙන දෙය වන්නේ සංස්කෘතික විප්ලවය සමයෙහි සහෝදර මාඕ මුණ ගැසීමට චීනයට පිටතින් පැමිණි පළමු සහෝදරවරු අතරින් එක් අයකු වීමයි. ශන් රතු ආරක්‍ෂකයින්ගේ රැස්වීමක් පවා අමතන ලදි.

සහෝදර ශන් වර්ගවාදී සමාජයක උපතින්ම දමිල වූ අයෙකි. 1972 දී සිරිමා බණ්ඩාරනායක රජය විසින් ඔහුගේ දේශපාලන මතවාදයන් නිසා ඔහුව අත් අඩංගුවට ගනු ලැබිණි. සිර ගෙදරදී ඔහුගේ රචනාවන් කලාතුරකින් ලංකා ඉතිහාසයෙහි අත් දකින්නට ලැබෙන අයුරින් පොදුජන මතය ඝට්ටනයට ලක් කළහ. එතරම් පුළුල් ලෙස ජනතාවට අනුගත වූ වෙනත් වාමාංශික පරමාදර්ශ කථනයක් නොවීය.

සහෝදර ශන් දමිල ජාතික විමුක්ති අරගලය සමග නැගී සිටි අතර දමිල කොටින්ගේ නිර්ධන පංති විශ්ලේෂණයෙහි වූ අඩුව විවේචනයට ලක් කළහ. LTTE නායකත්වය දුන් ප‍්‍රභාකරන් සහ ජාන් මුක්ති පෙරුමාන්නගේ ජාතිවාදී ප‍්‍රවණතාවයන් ඔහු ප‍්‍රතික්‍ෂේප කළහ.

ඔහු දමිල විමුක්ති අරගලයේ විප්ලවීය පක්‍ෂයක නායකත්වයේ අවශ්‍යතාවය මුවහත් කරමින් සහ අනාවරණය කරමින් ආරක්‍ෂා කළහ.

දමිල ජනතාවගේ ජාතික විමුක්ති අරගලයේ අභිලාශයන් ආරක්‍ෂා කළ ඔහු කොටින්ගේ අරගලයට ඔල්වරසන් දුන්හ. එසේ වුවත් ඔහු දිගටම ඔවුන්ගේ යුධ උපක‍්‍රමය වල ෙදා්ෂ පෙන්වා දුන්හ. බොහෝ විට පොදු දමිල මතය මෙයට එරෙහි වුවද අභීත සොල්දාදුවෙකු ලෙස අනුකම්පා විරහිතව ඔහුගේ චින්තනයන් සහ මහජන යුද්ධය පිළිබඳව වූ සහෝදර මාඕ සේතුංගේ විශ්ව නීතීන් ආරක්‍ෂා කළහ.

ප‍්‍රභාකරන් විසින් නායකත්වය දුන් දමිල කොටින්ගේ පරාජයට එක් ප‍්‍රධාන හේතුවක් වූයේ දිග්ගැස්සුණු මහජන යුද්ධය ගැන වූ මාඕවාදී න්‍යාය ග‍්‍රහණය කිරීමට ඔවුන් දැක් වූ අසමත් බවයි. සහෝදර ශන්ගේ මතවාදයන්ට ගරු සරු නොදක්වමින් එය විනාශ වූහ. ඇත්ත වශයෙන්ම කියතොත් සහෝදර ශන්ගේ තර්ක විතර්ක ඇසෑම් සහ කාශ්මීර් හි සන්නද්ධ කණ්ඩායම් හෝ ශ්‍රී ලංකාවේ පවා  ජාතික අරගල ඔසවා තැබූ ඉන්දියාවේ මාඕවාදී විප්ලවවාදීන්ට ප‍්‍රබල ඉගැන්වීම් වනු ඇත.

සියල්ලන්ටම ඉහළින් ඔහු සහෝදර ගුස්මාන්ගේ නායකත්වය යටතේ පේරු කොමියුනිස්ට් පක්‍ෂය දියත් කළ මහජන යුද්ධයේ එක් ප‍්‍රබල ආරක්‍ෂකයෙකු විය. විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරය ඉදි කිරීමට ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ  ඔහු සිය අවසන් හුස්ම පොද දක්වා පේරු කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති සහෝදර ගුස්මාන් අත් අඩංගුවෙන් මුදා ගැනීමට ප‍්‍රයත්න දැරූහ.

දැඩි සිතැති කොමියුනිස්ට්වාදියෙකු වශයෙන් මුවහත් අසි පතින් මාක්ස් ලෙනින්වාදයේ ප‍්‍රතිපත්ති ආරක්‍ෂා කිරීම පිළිබඳ ඔහුගේ මතකයන් සහෝදර ශන්ගේ ජීවිතයේ හොඳම අනුස්මරණයන් වන්නාහ. ඔහුගේ ජීවිතයේ අවසන් දශකයේ බොහොමයක් රෝගාබාධ වලට එරෙහිව නැගී සිටි ඔහුගේ අභ්‍යන්තර ආත්මය රතු ගිනි සිළුවක් මෙන් රාව ප‍්‍රතිරාව දෙමින් ඔහුගේ පෑනෙන් පරාවර්තනය වූහ.

අද දක්වා ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ශේෂ වී තිබෙන අපගමනය වන ප‍්‍රවණතාවයන් අභිමුව සටන් කිරීමේදී මිල කළ නොහැකි කාර්ය භාරයක් ඉටු කළ සහෝදර ශන්ගේ අහිමිවීම සමස්තයක් ලෙස  සමස්ත කොමියුනිස්ට් ව්‍යාපාරයටම සිදු වූ පාඩුවකි.

අද දින සහෝදර ශන්ගේ 20 වෙනි ගුණ අනුස්මරණයට අපි සැම අපේ රතු උත්තමාචාරය පුද කොට ඔහුගේ මතකය වෙනුවෙන් අපගේ රුධිරය ගල්වා තබමු!

ABar-11

සහෝදර ශන්මුගදාසන් ගැන අත්දැකීම් සිහිකරනු වස්

උපැටුම – A WORLD TO WIN    #19   (1993)

සහෝදර ශන්මුගදාසන් ගැන අත්දැකීම් සිහිකරනු වස්

shan_w_Mao

M.N.රවුන්නි… ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය තුළ ප‍්‍රති-සංශෝධනවාදී අරගලයට සහය දැක්වීමට සහ දිරිමත් කිරීම සඳහා වූ ඔහුගේ නොවෙනස් වුණු ජාත්‍යන්තරවාදී කාර්යභාරය ගැන නොදන්නා දේ කුමක්ද…

CPI නායකත්වය 1962 ඉන්දු-චීන යුද්ධයේදී, නරකම ගණයේ ජාතික උග‍්‍රසීමාන්තික දේශානුරාගයට පිරිහෙන විට, යුද්ධයට හේතු වූ සැබෑ වැරදිකරුවන් සහ අධිරාජ්‍යවාදීන්ගේ සහ ඉන්දීය කොම්ප‍්‍රෙදා්රු පාලක රජයේ අරමුණු හෙළිදරවු කරමින්, ඔහු වරින්වර ලංකා කොමියුනිස්ට් පක්‍ෂය විසින් පළ කළ දමිල සඟරාව වන තොෂිල්ලායි (Thozhilali) වෙත ලිපි ලියූහ.

ඉන්දු-චීන සම්බන්ධතා බිඳවැටුණු පසු කෘෂෙව්වාදය හෙළිදරවු කරමින් චීන කොමියුනිස්ට් පක්‍ෂය පළ කළ මතවාදී ලිපි වල පිටපත් ලබා ගැනීම අතිශයින් දුෂ්කර කාර්යයක් විය. විශේෂයෙන්ම සංශෝධනවාදීහු සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ සැපයුම් හොඳින් ලබන අතරතුර, මෙය අපේ කණ්ඩායම දුෂ්කරතාවයට පත් කරලීය. සහෝදර ශන්මුගදාසන් අපට උදවු කිරීමට ඉදිරියට පැමිණියහ. බොහොමයක් වැදගත් ලිපි දමිල සහ මලයාලම් භාෂාවලට පරිවර්තනය කොට ඒවා අප වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මුද්‍රණය කොට, ඔහු චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ශාස්ත‍්‍රීය ලිපිලේඛණ සාමාන්‍ය ලෙස අපට ලැබෙන්නට සැලැස්වූහ. ‘තොග්ලිඅත්ති ගැන’ සහ ‘තොග්ලිඅත්ති ගැන වැඩිදුරට’ වැනි ඔහු විසින්ම සකසන ලද ශ්‍රේෂ්ඨ විවාදවල වැදගත් ලිපි වල පරිවර්තන කියැවීම මට සිහිපත් වේ. මේ සහායකත්වය තමිල්නාඩු සහ කේරලය පුරා මදුරාසිය මධ්‍යස්ථානය කොටගත් සංශෝධනවාදී-විරෝධී ක‍්‍රියාකාරකම් පතුරුවාලීමේ ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කළහ.

1964 දී CPI බිඳී CPM බිහි විය. නමුත් එහි නායකත්වය ඉක්මනින්ම සිය සංශෝධනවාදී පැහැය හෙළිදරව් කළහ. සහෝදර සම්බන්ධතාවයන්වල ධර්මතාවයන් උල්ලංඝණය නොකරමින් සහෝදර ශන්මුගදාසන් ස්ථීරවම ඔවුන්ගේ වැරදි විවේචනය කළහ. CPM හි 7 වන සම්මේලනය ‘සංශෝධනවාදය ගැන’ විසඳුමක් තෝරා ගත් විට, ඔහු එවිගසම එම අදහස් උදහස්වල අන්තර්ගතව තිබූ සංශෝධනවාදය හෙළිදරවු කරමින් දිගු විවේචනයකින් ප‍්‍රතිචාර දැක්වූහ. මෙය CPM නායකත්වය වෙත ලබා දීමේ දුතයා වීමට මට සිදු වූ අතර ඔහු උඩඟු ලෙස එය ප‍්‍රතික්‍ෂේප කළහ. නමුත් එහි වැදගත්කම CPM තුළ වූ කොමියුනිස්ට්වරුන්ට සිය අරගලය සහ කැරලි ගැසීම පවත්වාගෙන යන්නට යහපත් දිශානතියක් ලෙස පැවතුණි.

1967 දී නක්සල්බාරි සන්නද්ධ කැරල්ල පැන නැගුණු විට සහෝදර ශන්මුගදාසන් සහ ඔහුගේ පක්‍ෂය එයට ආචාර කළහ. මේ වකවානුවේදී මා කේරලයට යවා තිබුණද, ඔහු ඉක්මනින්ම රහසිගත සම්බන්ධතාවයන් පවත්වාගැනීමට ක‍්‍රමයක් සොයා ගත්හ. ‘විමුක්තිය’ (සමස්ත ඉන්දියා විප්ලවවාදීන්ගේ සංවිධාන කමිටුවේ නිළ සඟරාව) හි පළවුණු ඔහු විසින් ලියන ලද ‘ඉන්දියානු විප්ලවයේ ජයග‍්‍රහණයට නායකත්වය දිය හැක්කේ මාඕසේතුං චින්තනයට පමණි’ යන්න මූලික ලිපි 4 න් එකක් ලෙස තෝරා ගත්හ. කේරලයෙහි පමණක් එහි මලයාලම් පරිවර්තනය මුද්‍රණයන් ගණනාවක් සහිතව පිටපත් දහස් ගණනින් පළ වූහ. විවේචන කිරීමේදී සහෝදර ශන්මුගදාසන් ඔහු විසින් තේරුම්ගෙන තිබූ සංවිධායක කමිටුවේ නිකායවාදී වැරදි ගැන විවේචන මතු කිරීමට වග බලා ගත්හ.

… සහෝදර ශන්මුගදාසන් සංශෝධනවාදයට එරෙහිව අරගල කළ ආධුනික කොමියුනිස්ට්වරුන් වූ අපිට මිල කළ නොහැකි සහයක් ලබා දුන්හ.

සහෝදර M.N.රවුන්නි 60 දශකයේ සංශෝධනවාදයට එරෙහිව සිදු කළ අරගලයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ ප‍්‍රවීණ කොමියුනිස්ට්වාදියෙකු විය. ඔහු නක්සල්බාරි සන්නද්ධ කැරැල්ල මගින් ගිණි අවුළුවා ලූ විප්ලවීය මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරය බිහි කිරීමට සක‍්‍රීයව දායක වූ අතර 13 වසරක් තිස්සේ සිර ගත කරන ලදි. ඔහු දැනට කේරල කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙකු වන අතර එහි ප‍්‍රචාරක කමිටුවේ වත්මන් ලේකම්වරයා වෙයි.

Long Live Com. N.Shanmugathasan

Long Live Com. N.Shanmugathasan

He was a founding leader (general secretary) of Ceylon communist Party (CCP), later it became as CCP (Maoist). He was fighting to defend Cultural Revolution and against revisionist capitalist roaders of china. Com. Shan was beloved leader among the workers, peasants, intellectuals, revolutionaries and Maoists comrades of Sri Lanka. He firmly rejects the parliamentary road and his party line targeted to armed revolution and the party was underground decades. So it spread widely on the country as well as northern and southern, after the death of Com. Shanmugathasan the party becomes to liquidation due to revisionist activities of later leaders.  He was one of the live connections of GPCR in the RIM.

shanmugadasan300

Mao_Shanmugathasan_000

Com. Shanmugathasan meet Chairman Mao Thethung

On the Death of Comrade Sanmugathasan

– Statement by the Committee of the Revolutionary Internationalist Movement

15 February 1993

It was with great grief that the Committee of the Revolutionary Internationalist Movement learned of the death of Comrade N. Sanmugathasan, General Secretary of the Ceylon Communist Party (Maoist) on 8 February at the age of 74 of natural causes.

Comrade Sanmugathasan devoted his life to the goal of achieving communism. He was a widely respected public figure in Sri Lanka and loved by broad sections of workers, peasants, revolutionary intellectuals and progressives. His life was intertwined with the history of the revolutionary movement in Sri Lanka and the international communist movement. As he put it, “I became a Communist in 1939 and never looked back.”

Comrade Sanmugathasan participated in the struggle to establish a genuine Communist Party in what was then colonial Ceylon. He fought against the Trotskyites that had dominated the Left movement in that country. He was an ardent defender of the accomplishments of the proletariat of the Soviet Union under the leadership of Joseph Stalin.

Comrade Sanmugathasan was one of the first Communist leaders to rally around Mao Tsetung and the Communist Party of China in the great struggle against Khrushchevite revisionism. Comrade Sanmugathasan defended the need for the revolutionary violence of the masses and the dictatorship of the proletariat.

Comrade Sanmugathasan was an ardent defender of the Great Proletarian Cultural Revolution in China. On the basis of discussions with Mao Tsetung and other revolutionary leaders of the CPC, Comrade Sanmugathasan prepared a pamphlet entitled, “Hold High the Bright Red Banner of Mao Tsetung Thought”. This publication, widely circulated throughout the world, helped popularize and spread some of the important teachings of Mao Tsetung.

In 1971 Comrade Sanmugathasan was imprisoned for one year by the reactionary regime in Sri Lanka.

In 1976 following the coup d’etat in China after Mao’s death, Comrade Sanmugathasan was among the first to oppose the new revisionist rulers. When Enver Hoxha attacked Mao Tsetung Thought, Comrade Sanmugathasan stood firm while many others wavered.

Comrade Sanmugathasan attended both the First and Second International Conference of Marxist-Leninist Parties and Organizations which resulted in the formation of the Revolutionary Internationalist Movement. Comrade Sanmugathasan played an important role in this process, both through struggling hard for those positions he held firmly and in his striving for unity with others.

Comrade Sanmugathasan was one of the few living links between the revolutionaries who came forward under the influence of the Cultural Revolution in China and those who had come forward in earlier great battles. His maturity and staunchness was an important alloy in the forging of the Revolutionary Internationalist Movement whose formation he hailed as a “milestone in the history of the international communist movement”.

Comrade Sanmugathasan was a vigourous opponent of the Sri Lankan government’s war against the Tamil people in the North and East of the island.

In 1991 Comrade Sanmugathasan personally convoked and led an important conference of the Ceylon Communist Party (Maoist). Thus, even as his health was failing, and putting the cause of the proletariat and the revolution above personal interest, Comrade Sanmugathasan took an active role in promoting a new generation of leadership and assuring the future of the Party.

Comrade Sanmugathasan was an enthusiastic supporter of the People’s War in Peru. His last public act was to speak at the first press conference in London of the International Emergency Committee to Defend the Life of Dr Abimael Guzmán, of which he was a founder.

Throughout his long lifetime of revolutionary service to the proletariat and the people, Comrade Sanmugathasan never lost confidence in the ultimate triumph of the cause of communism. Although crucial problems of the revolution in Sri Lanka were not resolved in Comrade Sanmugathasan’s lifetime, he laid down vital building blocks which the communists, proletariat and people of Sri Lanka will use in advancing toward their liberation.

The Committee of the Revolutionary Internationalist Movement extends its deepest sympathy to the Ceylon Communist Party (Maoist), and to the family and friends of Comrade N. Sanmugathasan. We are sure that the Ceylon Communist Party (Maoist) will honour the memory of Comrade Sanmugathasan by carrying forward in deeds the cause to which he dedicated his life.

 

Excerpts From AWTW Magazine

Excerpts
Reminiscences on Comrade Sanmugathasan

By M.N. Ravunni …What is not so known is his consistent internationalist role in assisting and encouraging the anti-revisionist struggle within the Communist Party of India…

When the CPI leadership degenerated into the worst type of national chauvinism during the 1962 Indo-Sino war, he continuously wrote articles in the Thozhilali, a Tamil journal published by the Ceylon Communist Party, exposing the real culprits causing the war and the aims of the imperialists as the Indian comprador state….

After the breakdown in Indo-Sino relations it was exceedingly difficult to get copies of CPC ideological documents exposing the Khrushchevites. This put our group in difficulties, especially since the revisionists were well supplied with CPSU material. Comrade Sanmugathasan stepped in to help us. He arranged regular supply of CPC literature, translated most of the important documents into Tamil and Malayalam and got them printed in Sri Lanka for our use. I remember reading translations of important texts of the Great Debate such as ‘On Togliatti’ and ‘More on Togliatti’ made available by him. This assistance played a major role in spreading the activities of the anti-revisionist group centred in Madras throughout Tamilnadu and Kerala.

In 1964 the CPI split and the CPM was formed. But its leadership soon revealed its revisionist colours. Without violating the norms of fraternal relations Comrade Sanmugathasan consistently criticized their errors. When the 7th Congress of the CPM adopted a resolution ‘On Revisionism’, he promptly responded with a long critique exposing the revisionism embodied in those views. I happened to be the courier for reaching this critique to the CPM leadership which arrogantly rejected it. But its significance remained as a good direction to the communists within the CPM to continue their struggle and rebel.

When the Naxalbari armed rebellion broke out in 1967 Comrade Sanmugathasan and his party saluted it. Though I had shifted to Kerala by this time, he soon found out a channel to keep up clandestine connections with us. An article written by him ‘Only Mao Tsetung Thought can lead the Indian revolution to victory’ was published in “Liberation” (organ of the All India Co-ordination Committee of Revolutionaries) and was adopted as one of the four basic texts. In Kerala alone thousands of copies of its Malayalam translation were published in several editions. Comrade Sanmugathasan also took care to raise criticisms of what he perceived as the sectarian errors of the co-ordination Committee….

…Comrade Sanmugathasan was of invaluable assistance to us fledgling communists struggling against revisionism. We have yet to redeem his trust and take up our own internationalist responsibilities.

Comrade M.N. Ravunni is a veteran communist who played an important role in the struggle against revisionism during the ’60s. He actively participated in the emerging revolutionary Marxist-Leninist movement sparked off by the Naxalbari armed rebellion and was jailed for 13 years. He is currently a member of Kerala Communist Party and is at present secretary of its Propaganda Committee.

 

වැන්ග් හයි ජුංග් සමග සංවාද

වැන්ග් හයි ජුංග් සමග සංවාද

1970, දෙසැම්බර් 21

 

[මූලාශ‍්‍රය: මා ඕ සේතුං, ඒකාබද්ධ ප‍්‍රකාශන පර්යේෂණ සේවය (JPRS), එක්සත් ජනපදය, වාණිජ දෙපාර්තමේන්තුව, 52029 (1970, දෙසැම්බර් 21)]

 

Mao is Writing in Yenan

 

[මේ සංවාදය සභාපති මාඕ සහ වැන්ග් හයි-ජුංග් අතර ඇති වූවකි.]

 

හයි-ජුංග්: අපේ පාසලේ පංති අරගලය බොහොම තියුණුයි. මට ආරංචිවුණා ප‍්‍රතිගාමී සටන් පාඨයක් සොයාගෙන ඇති බව, අපේ ඉංග‍්‍රීසි දෙපාර්තමේනතුවේ කළු ලෑල්ලෙ ඉංග‍්‍රීසියෙන් ඒව කිහිපයක් ලියල තිබුණ.

 

සභාපතිතුමා: ලියල තිබුණෙ මොන වගේ ප‍්‍රතිගාමී සටන් පාඨයක් ද?

 

හයි-ජුංග්: මම එකක් ගැන පමණයි දන්නෙ. ඒ, ‘චියැංග් වැන් සුයි’.

 

සභාපතිතුමා: ඒක ඉංග‍්‍රීසියෙන් කොහොමද කියවන්නෙ?

 

හයි-ජුංග්: ‘චියැංග් දිගු කල් දිනේවා.’

 

සභාපතිතුමා: වෙන මොනවද ලියල තිබුණෙ?

 

හයි-ජුංග්: අනික් ඒව මම දන්නෙ නැහැ. මම දන්නෙ ඒක විතරයි.

 

සභාපතිතුමා: හොඳයි, මේ පුද්ගලයට තව තවත් ලියන්න දෙන්න හැම කෙනෙකුටම පේන්න ඒව එළිපිට ප‍්‍රදර්ශනය කරන්න ඉඩ හරින්න. ඔහු මිනිසුන් මරණවද?

 

හයි-ජුංග්: ඔහු මිනිසුන් මරනවද නැද්ද කියල මං දන්නෙ නෑ, අපි ඔහු කවුද කියල සොයා ගත්තොත්, ඔහුව පාසලෙන් අස්කරල ශ‍්‍රම ප‍්‍රතිශෝධණය සඳහා යැවිය යුතුයි.

 

සභාපතිතුමා: හොඳයි ඔහු මිනිසුන් නොමරණ තාක් කල්, අපි ඔහුව පාසලෙන් අස් කිරීම හෝ ශ‍්‍රම ප‍්‍රතිසංස්කරණය සඳහා යැවීම නොකළ යුතුයි. ඔහුට පාසැලේ හිඳ ඉගෙනීම කරන්නට ඉඩහරින්න. මිනිසුන් වන ඔබ රැස්වීමක් පවත්වා ඔහුගෙන් අහන්න චියැං කායි-ෂෙක් හොඳ වෙන්නෙ ඇයි, ඔහු කළ හොඳ දේවල් මොනවද. ඔබේ පැත්තෙන් ඔබ කියන්න චියැං කායි-ෂෙක් හොඳ නොවන්නේ මන්ද.

 

සභාපතිතුමා: ඔබේ පාසලේ මිනිසුන් කී දෙනෙක් ඉන්නවද?

 

හයි-ජුංග්: පීඨ සහ කාර්ය මණ්ඩල සාමාජිකයොත් එක්ක 3000 ක් විතර.

 

සභාපතිතුමා: 3000 ක් අතර ප‍්‍රති විල්වවාදීන් 7 ක් හෝ 8 ක් ඉන්න බව අපිට කියන්න පුළුවන්.

 

හයි-ජුංග්: එක් අයෙක් හිටියත් ඒක නරකයි. අපි කොහොමද 7කට හෝ 8 කට ඉවසන්නෙ.

 

සභාපතිතුමා: ඔබ එක් සටන් පාඨයක් නිසා මුළුමනින්ම කැළඹෙන්ට  ඕන නැහැ.

 

හයි-ජුංග්: ඇයි ප‍්‍රතිවිප්ලවවාදීන් හත් අට දෙනෙක් සිටින්නෙ?

 

සභාපතිතුමා: ඔවුන් ගොඩක් ඉන්නවනම් ඔබට විරෝධයක් ඇති කළ හැකියි. ගුරුවන් පවා ප‍්‍රතිවිරුද්ධව සිටිය හැකියි. එකම දේ ඔවුන්ව නොමැරිය යුතු යි.

 

හයි-ජුංග්: අපේ පාසල පංති මාවත අවබෝධ කරගෙන සිටින්නෙ. සිසුන්ගෙන් සියයට 70 ක් ම දිළිඳු සහ පහල-මධ්‍යම පන්තික ගොවියන්ගෙ දූ පුතුන්. අනෙක් අය කාඩර්වරුන්ගේ සහ වීරෝධාර නිළධාරින්ගෙ සහ මිනිසුන්ගෙ දූ දරුවන්.

 

සභාපතිතුමා: ඔබේ පන්තියේ කාඩර්වරුන්ගෙ දූ දරුවන් කොපමණ ප‍්‍රමාණයක් ඉන්නවද?

 

හයි-ජුංග්: මම හැරුණම දෙන්නෙක් ඉන්නව, අනෙක් අය කම්කරුවන්ගෙ සහ දිළිඳු සහ පහළ-මධ්‍යම පන්තික ගොවියන්ගෙ දූ පුතුන්. ඒගොල්ලො හොඳින් වැඩ කරනවා. මම ඒගොල්ලොන්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා.

 

සභාපතිතුමා: ඔවුහු ඔබ සමග හොඳින් ඉන්නවද? ඔවුහු ඔබට කැමතිද?

 

හයි-ජුංග්: මම හිතනවා, අපේ සම්බන්ධතාවයන් හොඳයි. මම ඔවුන් සමග ආශ‍්‍රයෙන් ඒක ලබා ගන්නවා, ඔවුනුත් එහෙමයි.

 

සභාපතිතුමා: ඒක හොඳයි.

 

හයි-ජුංග්: නමුත්, කාඩර් කෙනෙක්ගෙ එක දරුවෙක් හොඳින් වැඩ කරන්නෙ නැහැ. පන්තියේදි ඔහු ගුරුවරුන්ගෙ පාඩම්වලට අවධානයෙන් ඇහුම්කන් දෙන්නෙ නැහැ, පන්තියෙන් පස්සෙ ඔහු ගෙදර වැඩ කරන්නෙත් නැහැ. ඔහු ප‍්‍රබන්ධ කියවන්න කැමතියි. සමහර වෙලාවට ඔහු නිදන කාමරයෙ නිදාගන්නවා, සමහර වෙලාවට සෙනසුරාදා සන්ධ්‍යාවේ රැස්වීමට ඔහු සහභාගි වෙන්නෙ නැහැ. ඔහු ඉරිදාට වෙලාවට පාසල් එන්නෙ නැහැ. සමහර වෙලාවට ඉරිදා අපේ පන්තිය සහ අංශය රැස්වීමක් පවත්වනවා, ඔහු පේන්ට නැහැ. අපි හැම කෙනෙකුටම ඔහු ගැන හොඳ හැඟීමක් නෙවෙයි තිබෙන්නෙ.

 

සභාපතිතුමා: ඔබේ ගුරුවරු ළමයින්ට ඉඩ හරිනවද පන්තියේදි නිදාගන්න සහ ප‍්‍රබන්ධ කියවන්න.

 

අපි ළමයින්ට පන්තියේදි ප‍්‍රබන්ධ කියවන්න සහ ටිකක් නිදාගන්න ඉඩ දෙන්න  ඕන, අපි ඔවුන්ගෙ සෞඛ්‍ය තත්වය හොඳින් බලාකියා ගත යුතුයි. ගුරුවරු ළමයින්ට අඩුවෙන් දේශන දීල වැඩියෙන් කියවන්ට ඉඩ හරින්ට  ඕන. මම විශ්වාස කරනවා ඔබ සඳහන් කරන ලද ශිෂ්‍යා සෙනසුරාදා රැස්වීමට නොපැමිණ සිටීමට සහ ඉරිදා උදේ පාසැලට වෙලාවට නොපැමිණීමට ධෛර්යක් තිබෙන නිසා ඔහුට අනාගතයේ දී හොඳ දක්‍ෂතාවයක් තියේවි. ඔබ පාසැලට ගිය පසු, ඔහුට කියන්න, උදෑසන අට ට නවය ට පාසැලට පැමිණීමත් වේලාසන වැඩි බව, එවිට ඔහු එකොලහ හෝ ෙදාළහ පමණ තෙක් ප‍්‍රමාද වේවි. ඉරිදා රාත‍්‍රියට රැස්වීමක් කැඳවිය යුතු වීමේ වරද කාගෙද?

 

හයි-ජුංග්: මම සාමාන්‍ය පාසැලක අධ්‍යයනය කරන විට, සාමාන්‍යයෙන් අපි ඉරිදා රාත‍්‍රියේ රැස්වීම් තිබ්බෙ නැහැ. රෑට අපිට කැමති දෙයක් කරන්න ඉඩ දුන්න. එක් දවසක් ලීගයේ ශාඛා මූලස්ථානයේ සහෝදරවරු කිහිප දෙනෙක් (එවිට මමත් ශාඛා මූලස්ථානයේ සාමාජිකයෙක්) ඉරිදා රාත‍්‍රියේ ජීවිතය සංවිධානය කරන්නට කථා වුණත් හුඟ දෙනෙක් ඒ අදහස ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔවුන්ගෙන් සමහර දෙනෙකු දේශපාලන උපදේශකවරයට පවා ඒ ගැන කිව්වා ඉරිදා නිවාඩු දිනයක් නිසා රාත‍්‍රියේ රැස්වීමක් කැඳෙවුවොත්, අපට නිවෙස් වලට යෑම පවා අපහසු බව. අවසානයේදී දේශපාලන උපදේශකවරයා ඔවුන්ගේ මතයට ගරු කරල රැස්වීමේ දිනය වෙනස් කරන ලෙස අපිට කිවුව.

 

සභාපතිතුමා: මේ දේශපාලන උපදේශකවරයා නිවැරදි දේ කර තිබෙන්නෙ.

 

හයි-ජුංග්: නමුත් අපේ පාසලේ මුළු ඉරිදා රාත‍්‍රියම රැස්වීම් පවත්වනවා – පන්ති රැස්වීම්, ශාඛා මූලස්ථාන කමිටු රැස්වීම් හෝ අධ්‍යයන කණ්ඩායම් වලට පක්‍ෂයේ පාඩම් පවත්වන රැස්වීම්. මම ගණන් බලපු විදියට, මේ අර්ධ වර්ෂය පටන් ගත්තායින් පසු, රැස්වීම් නොපැවැත්වූ එක් ඉරිදා දිනයක් හෝ ඉරිදා රාත‍්‍රියක් නැහැ.

 

සභාපතිතුමා: ඔබ පාසැලට ආපසු ගිය පසු, ඔබ කැරලි ගැසීමට පෙරමුණ ගත යුතුයි. ඉරිදා දින පාසැලට හෝ කිසිදු රැස්වීමකට පැමිණෙන්න එපා.

 

හයි-ජුංග්: නමුත් මට අභියෝග කරන්න බැහැ. මේ පාසැල් පද්ධතිය. සියළුම ශිෂ්‍යයන් වෙලාවට පාසැලට පැමිණීම අවශ්‍ය කරනවා. මම එහෙම නොකළොත් මිනිස්සු කියාවි මම පාසැල් පද්ධතිය කඩ කරන බව.

 

සභාපතිතුමා: පාසැල් පද්ධතිය ගැන තැකීමක් කරන්න එපා. පාසැල් නොයෑම පමණයි. කිව යුත්තේ ඔබට පාසැල් පද්ධතිය කඩා දමන්ට අවශ්‍ය බවයි.

 

හයි-ජුංග්: මට ඒක කරන්න බැහැ. මම එහෙම කළොත්, මාව විවේචනයට ලක් වේවි.

 

සභාපතිතුමා: මම හිතන්නෙ නැහැ ඔබ අනාගතයේදී හුඟක් දක්‍ෂ වෙයි කියල. ඔබ පාසැල් පද්ධතිය කඩ කිරීමට, විවේචනයන්ට, නරක වාර්තාවන් ට, පාසැලෙන් පිටුවහල් කිරීමට, පක්‍ෂ සාමාජිකත්වය අහිමි වීමට බයයි. මෙතරම් දේවලට ඔබ බය වෙන්නෙ ඇයි? නරකම දේ ඔබ පාසැලෙන් නෙරපා දැමීම. පාසැල ළමයින්ට කැරලි ගැසීමට ඉඩ හළ යුතු යි. ඔබ පාසැලට ගිය ගමන් කැරලි ගසන්න.

 

හයි-ජුංග්: මිනිස්සු එතකොට කියාවි මම සභාපති මාඕගෙ නෑයෙක් වෙලත්, ඔහුගේ උපදෙස් පිළිපදින්න බැරිව පාසැල් පද්ධතිය උල්ලංඝණය කරන්න මුල් තැන ගත්ත බව. ඒගොල්ලො මට උද්ධච්ඡ සහ ආත්ම තෘප්තියක් නැති, සංවිධානමය සහ විනයගරුක බවක් නැති කෙනෙක් ලෙස ෙදා්ෂාරෝපනය කරාවි.

 

සභාපතිතුමා: බලන්න ඔබ දෙස! ඔබ  උද්ධච්ඡ සහ ආත්ම තෘප්තියක් නැති, සංවිධානමය සහ විනයගරුක බවක් නැති කෙනෙක් ලෙස කරනු ලබන විවේචනයට බයයි. ඔබ බය වෙන්නෙ ඇයි? ඔබට කියන්න පුළුවන් ඔබ සභාපති මාඕ ගෙ නෑයෙක් නිසා, කැරලි ගැසීමට ඔහුගෙන් උපදෙස් ගත් බව. මම හිතනව ඔබ විසින් සඳහන් කරන ලද ශිෂ්‍යා පාසැල් පද්ධතිය උල්ලංඝණය කිරීමේ දි ඔබට වඩා දක්‍ෂ වනු ඇති බව. මම හිතනව ඔබ වැනි අය පාරභෞතිකවාදියි.

 

එක් වතාවක දී සභාපති මාඕ අධ්‍යයනය කිරීමේ ප‍්‍රශ්න ගැන සාකච්ඡා කළහ.

 

හයි-ජුංග්: මිනිස්සු දැන් පැරණි කෘති කියවීමට විරුද්ධයි. නමුත් අපේ පන්තියේ සිටින කාඩර්වරයෙක්ගේ පුතෙක් මුළු කාලයම ඒව කියවන්න කැප කරනවා. අපි හැම කෙනෙක්ම ඉංග‍්‍රීසි කථා කිරීමේ පුහුණුවෙහි නිරතවෙනවා, නමුත් ඔහු හුන්ග් ලෝ මෙන්ග් (රතු කාමරයේ සිහිනය) කියවනවා. අපි හැම කෙනෙක් ම ඔහුගේ මේ නව කථාව කියවීම විවේචනය කරනවා.

 

සභාපතිතුමා: ඔබ කවදහරි දවසක හුන්ග් ලෝ මෙන්ග් කියවල තියෙනව ද?

 

හයි-ජුංග්: ඔව්, මං කියවල තියෙනවා.

 

සභාපතිතුමා: මේ නවකථාවේ කුමන චරිතයට ද ඔබ කැමති?

 

හයි-ජුංග්: මොකටවත් නෑ.

 

සභාපතිතුමා: හුන්ග් ලෝ මෙන්ග් කියවන්න වටිනා පොතක්. ඒක හොඳ පොතක්. අපි එය කථාවක් ලෙස නොව ඉතිහාසය ලෙස කියවිය යුතුයි. ඒක ඓතිහාසික නව කථාවක්. ඓතිහාසික ප‍්‍රබන්ධයේදී එහි භාෂාව විශිෂ්ඨයි. කතුවරයා, ට්’සා ඕ හුසේ-චින්, ෆෙන්ග් ට්සූ මනරම් ලෙස නිරූපනය කර තිබේ. ෆෙන්ග් ට්සූ ගේ චරිත ලක්‍ෂණ විශිෂ්ඨයි. ඔබට ඒ දේ කරන්න අවශ්‍ය නැද්ද? ඔබ හුන්ග් ලෝ මෙන්ග් කියවන්නේ නැත්නම්, ඔබ කොහොමද රදළ සමාජය ගැන දැනගන්නෙ? ඔබ හුන්ග් ලෝ මෙන්ග් කියවන්නට පෙර, මේ කියමන් හතර ගැන දැන ගත යුතුයි: ‘‘චියාස් කියන්නෙ බොරුවක් නෙවෙයි. ඔවුහු ශාලාවක් හදන්න සුදු ජේඞ් සහ අශ්වයෙක් හදන්න රත‍්‍රන් භාවිතා කරති.’’ [මේ චියාස් පවුලට අයත් වූවකි.] ‘‘ෆැන්ග් මාලිගය ලී 300 ක් පුරා පැතිරී තිබේ, නමුත් ඔවුහු ෂිහ් කෙනෙකුට නවාතැන් නොදෙති.’’ [මේ ෂිහ් පවුලට අයත් වූවකි.] ‘‘පෙරදිග සාගරයට සුදු ජේඞ් ඇඳක අඩුවකි, නමුත් මකර රජු චි’දෙන් ලින්ග් හි රජුට ඔහුව හමුවන්නට ඇරයුම් කරයි.’’ [මෙය ෆෙන්ග් ට්සූ ගේ පවුලට හෝ වැන්ග් පවුලට අයත් වූවකි.] ‘‘මේ අවුරුද්දේ මොන තරම් විශාල හිම කුට්ටි ද  මුතු ඇට පස් මෙන් නොවටින සේම රත‍්‍රන් යකඩ මෙනි!’’ [මෙය හ්සුඒහ් පා ඕ-චි ගේ පවුලට අයත් වූවකි.] හුන්ග් ලෝ මෙන්ග් වල සාරාංශය මේ කියමන් හතරයි.

 

සභාපතිතුමා: ඔබ ටූ ෆූ ගේ ‘‘උතුරුදිග ගමන’’ දිග කාව්‍ය කියවා තිබේද?

 

හයි-ජුංග්: නැහැ, ඒක ටැ’න්ග් ගේ කවි තුන්සියයේ [ස්සූ සැන් පායි ෂෝ] නැහැ.

 

සභාපතිතුමා: ඒක ටැ’න්ග් ගේ ස්සූ පි ට්සායි හි [ඒක ටැ’න්ග් ගේ වෙනත් කාව්‍ය සංග‍්‍රහයක වූ කාව්‍ය පන්තියකි.] තිබෙනවා. (පොත ගෙනත් තැබූ සභාපති මාඕ, එම කාව්‍ය පෙරලා එය නැවත නැවත කියවන ලෙස මට කීහ)

 

හයි-ජුංග්: මේ පොත කියවද්දී මොන ගැටළුවලට ද මා අවධානය යොමු කළ යුත්තේ? මේ ආභාෂයට විරුද්ධව මා ගත යුතු පූර්ව සූදානම කුමක්ද?

 

සභාපතිතුමා: ඔබ හැම විටම පාරභෞතිකවාදියි. ඇයි ඔබ පෙර සූදානමක් ගත යුත්තේ? නැහැ, ඔබ සමහර ආභාෂයන් ලබා ගත යුතුයි. ඔබ එහි ගැඹුරටම කිමිදී එයින් නික්මෙන්න. එය නැවත නැවත කියවන්න නමුත් මතක තබා ගන්ට අවශ්‍ය නැහැ.

 

සභාපතිතුමා: ඔබට ශුද්ධ බයිබලය හෝ බෞද්ධ සූත‍්‍ර අධ්‍යයනය කරන්න අවශ්‍ය වී තිබේද

 

හයි-ජුංග්: ඇයි මම ඒව කියවන්නෙ?

 

සභාපතිතුමා: ඔබ බෞද්ධ සූත‍්‍ර හෝ ශුද්ධ බයිබලය කියවා නැත්නම් ජාත්‍යන්තර කටයුතු වලදී ඔබ කොහොමද පරිවර්තන කටයුතු සිදු කරන්නෙ?

 

ඔබ ලියා ඕ චි [අපූර්ව චිත‍්‍රාගාරය] කියවා තිබෙනවද?

 

හයි-ජුංග්: නැහැ.

 

සභාපතිතුමා: ලියා ඕ චි කියවන්න වටිනවා. එය මනාව ලියැවුණු ලද්දක්. ලියා ඕ චි හි හිවල් ආත්ම කරුණාවන්තයි. ඔවුහු ස්වේචඡාවෙන් මිනිස් වර්ගයාට උදව් කරනවා.

 

සභාපතිතුමා: ඔබ කොහොමද ‘චිහ් ෂිහ් ෆෙන් ට්සේ’ [බුද්ධිමතා] ඉංග‍්‍රීසියෙන් කියන්නෙ?

 

හයි-ජුංග්: මම දන්නෙ නැහැ.

 

සභාපතිතුමා: ඔබ හය මසක් ඉංග‍්‍රීසි අධ්‍යයනය කොට තිබේ. ඔබ චිහ් ෂිහ් ෆෙන් ට්සේ [බුද්ධිමතා] කෙනෙක් ඒත් ඔබ ඒක ඉංග‍්‍රීසියෙන් කියන්න දන්නෙ නැහැ.

 

හයි-ජුංග්: මං ඒක චීන-ඉංග‍්‍රීසි ශබ්දකෝෂයෙන් පෙන්වන්නම්.

 

සභාපතිතුමා: බලන්න. එවැනි වැකියක් තිබෙනවද?

 

හයි-ජුංග්: (ශබ්දකෝෂයේ පිටු පෙරලීමෙන් පසු) බොහොම නරකයි. මේ චීන ඉංග‍්‍රීසි ශබ්දකෝෂයේ එවැනි වැකියක් නැහැ. එහි චිහ් ෂිහ් යන වැකිය පමණයි තිබෙන්නෙ, චිහ් ෂිහ් ෆෙන් ට්සේ නැහැ.

 

සභාපතිතුමා: කෝ මට බලන්න දෙන්න. (මම ශබ්දකෝෂය සභාපති මා ඕට ලබා දුනිමි.) ඔබට චිහ් ෂිහ් හමුවුනා, නමුත් චිහ් ෂිහ් ෆෙන් ට්සේ නැහැ. මේ ශබ්දකෝෂයෙන් පලක් නැහැ. ඒකෙ හුඟක් වචන වල කෙටි ආකාරයයි පවතින්නෙ. ඔබ නැවත පාසැල් ගිය පසු, ඔවුන්ට කියන්න වඩා හොඳ චීන-ඉංග‍්‍රීසි ශබ්දකෝෂයක් සම්පාදනය කරන්නට. එහි සියළුම දේශපාලන යෙදුම් සහ එම වචන භාවිතා කරන අයුරු වාක්‍ය මගින් පහදා තිබිය යුතුයි.

 

හයි-ජුංග්: අපේ පාසල කොහොමද ශබ්දකෝෂයක් සම්පාදනය කරන්නෙ? අපිට ඒක කරන්න පුද්ගලයෙක් හෝ වෙලාවක් නැහැ.

 

සභාපතිතුමා: ඔබේ පාසැලේ හුඟක් ශිෂ්‍යයින් සහ ගුරුවරුන් ඉන්නවා. ඇයි ඔබ ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට ඔවුන්ට ඇති හැකියාව ගැන සැක කරන්නෙ? ඔබේ පාසැලෙන් මේ ශබ්දකෝෂය සම්පාදනය කරන්නට ඉඩදෙන්න.

 

හයි-ජුංග්: හොඳයි මම ආපසු පාසැලට ගිය පසු ඔබේ ඉල්ලීම අපේ නායකත්වයට දැනුම් දෙන්නම්. මම හිතනවා අපිට මේ වැඬේ කළ හැකියි. 

 

මා ඕ සේතුං තෝරා ගත් කෘති 9, වැන්ග් හයි ජුංග් සමග සංවාද,

1970, දෙසැම්බර් 21

 

සටහන්

[වැන්ග් හයි-ජුංග් සභාපති මාඕගේ ලේලි කෙනෙකි.]

Translated by Sri Kantha