Blog Archives

2018 ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය

2018 ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය

‘‘සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්!’’

– කාල් මාක්ස්

2018 මැයි 1 වන දා – කාල් මාක්ස් ගේ 200 වන උපන් දින සැමරුම ත්, මාක්ස් එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනයේ පළමු නිකුතුව සිදුකොට 170 වෙනි සංවත්සරය ත් යෙදී ඇත. කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය වූ කලී ඊයේ, අද සහ හෙට නිර්ධනීන්ට සහ කොමියුනිස්ට්වාදීන් ට සජීවී ආයුධයක් ලෙසින්, ඔවුන්ගේ වලංගුභාවය සහ බලය සහතික කර ගැනීමට ලබා දෙන ලද ශ්‍රේෂ්ඨ ආයුධයක් වන්නාහ.

‘‘සෑම සමාජයක ම ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසයයි.’’

‘‘සමස්ත සමාජය ම ප‍්‍රධාන සතුරු කඳවුරු දෙකකට නොහොත් එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ පංති දෙකකට කෙලින්ම බෙදී ඇත: එය ධනේශ්වර පංතිය සහ නිර්ධන පංතිය යි’’.

‘‘නවීන රාජ්‍යයේ දේශපාලන බලය වූ කලී සමස්ත ධනේශ්වර පංතියේම පොදු කටයුතු පරිපාලනය කරන කමිටුවකි.’’

ප‍්‍රකාශනයේ ලියා ඇති පරිදි – මේ ක‍්‍රමය අඛණ්ඩව අර්බුද නිර්මාණය කරයි. මේ අර්බුද වූ කලී අධිනිෂ්පාදනයේ අර්බුදයි. ‘‘ධනේශ්වර සම්බන්ධතාවයන් පටු වෙමින් නිෂ්පාදනය සීමා කරයි.’’

‘‘ධනේශ්වර පංතිය අර්බුද මැඩපැවැත්වීම සිදු කරන්නේ කෙසේද? ‘‘එක් අතකින් නිෂ්පාදන බලවේගයන්හි විශාල ප‍්‍රමාණයක් බලහත්කාරී ලෙස විනාශ කර දැමීමෙනි. එසේත් නැතිනම් නව වෙළඳ පොලවල් දිනා ගැනීමෙන් සහ දැනටමත් පවතින සූරා කෑම වඩාත් තීව‍්‍ර කිරීමෙනි’’.

නමුත් මෙය මගින් සිදු කරන්නේ නව සහ වඩාත් දරුණු අර්බුද නිර්මාණය කිරීම පමණකි.

නමුත් ධනේශ්වර පංතිය ඔවුන්ගේම මරණයේ අවි නිෂ්පාදනය කරනවා පමණක්ම නොව එම අවි ඔවුන්ට විරුද්ධව භාවිතා කළ හැකි මිනිසුන්ද බිහි කරයි.

‘‘මේ මිනිස්සු – ප‍්‍රකාශනයේ ලියන පරිදි – නූතන කම්කරුවා, එනම් නිර්ධන පංතිය, ඔවුන්ට කරන්නට වැඩ ලැබෙන තෙක් ජීවත්වන අතර ඔවුන්ගේ වැඩවලින් ප‍්‍රාග්ධනය වැඩි කළ හැකිතාක් ඔවුන්ට වැඩ සොයාගත හැකි වනු ඇත.’’.

‘‘වර්තමානයේ ධනේශ්වර පංතියට එරෙහිවන සියළුම පංති අතුරින්, නිර්ධනීන්ගෙන් සැදුම්ලත් පංතිය පමණක් සැබෑ විප්ලවවාදී පංතිය වෙයි; අනෙකුත් පංති දූෂිත සහ දිරාපත් වන ඒවා වන අතර ඔවුන්ට කලින් තිබූ වරප‍්‍රසාද ලබා ගන්නට අවශ්‍ය වූ විට ප‍්‍රතිගාමී සහ ගතානුගතික තත්ත්වයට පත්වෙයි; ඔවුහු නිර්ධන පංති ජනතාව අතරට ඇද වැටුණු විට ඔවුන්ද නිර්ධන පංති අරගලයේ කොටසක් බවට පත් වෙති.’’

නිර්ධනීන්ට සමාජ නිෂ්පාදන බලවේග අත්පත් කර ගැනීමට හැකි එකම විධිය නම්, පවතින සමස්ත නිෂ්පාදන ක‍්‍රමවේදය අහෝසි කිරීමෙන් පමණි.

‘‘ඉතිහාසය, පංති අරගලයේ ඉතිහාසය බැවින් මෙම පංති අරගලය අඩු වැඩි වශයෙන් පවතින සමාජය විවෘත විප්ලවයකින් පුපුරුවා දමා ධනේශ්වර පංතිය ප‍්‍රචණ්ඩකාරී ලෙස පෙරලා දමා නිර්ධනීහු බලය අත්පත් කර ගන්නා මොහොත තෙක් පවතින සමාජයට කරදර කරන සැඟවුණු ‘සිවිල් යුද්ධයක්’ වේ.’’

කොමියුනිස්ට්වාදීන්ගේ අරමුණ පැහැදිලි සහ නිවැරදි එකකි: එය නිර්ධනීන් පංතියක් ලෙස නිර්මාණය කිරීම, ධනේශ්වර ආධිපත්‍යය පෙරලා දැමීම සහ නිර්ධන පංතිය විසින් දේශපාලන බලය දිනා ගැනීම වේ.

කොමියුනිස්ට්වරුන්ගේ කාර්යභාරය නිත්‍ය සහ අත්හළ නොහැකි දෙයක් බවට කොමියුනිස්ට් ප‍්‍රකාශනය මගින් ඉදිරිපත් කොට ඇත. ‘‘කම්කරු පංතියේ ක්ෂණික අරමුණු සහ අභිලාශයන් සාක්ෂාත් කර ගැනීමට අරගල කරන අතරේම, ඔවුහු නියෝජනය කරන ව්‍යාපාරයේ අනාගතය උදෙසාද එකම මොහොතේ අරගල කරති.’’ ඔවුහු ධනේශ්වර පංතිය සහ නිර්ධන පංතිය අතර ඇති ප‍්‍රතීඝතාවයන් පිළිබඳව කම්කරුවන් සංවිඥණිකව අවදි කිරීමට හැකි සෑම විටම කටයුතු කරති. එසේම දේශපාලනික තත්ත්වයන් යටතේ කම්කරුවන් ධනේශ්වර පංතියට එරෙහි ආයුධ බවට පත් කළ හැකිය.

‘‘සෑම තැනකම සිටින කොමියුනිස්ට්වරු පවතින සමාජ සහ දේශපාලනික තත්ත්වයන්ට එරෙහි සෑම විප්ලවීය ව්‍යාපාරයකටම සහය දිය යුතුය. එසේම මේ සෑම අරගලයකම ප‍්‍රාග්ධනයේ අයිතිය පිළිබඳ ගැටළුව මූලික ගැටළුවක් ලෙස මතු කළ යුතුය.’’

‘‘කොමියුනිස්ට්වාදීහු යනු කවුරුන්දැයි වෙන කවරදාටවත් වඩා මාක්ස් එංගල්ස් අපට උගන්වයි – කොමියුනිස්ට්වාදීහු – සිය මතය සහ අරමුණු සැඟවීම පිළිකෙව් කරන අතර සිය අරමුණු සාක්ෂාත් කර ගත හැක්කේ පවතින සමස්ත සමාජ ක‍්‍රමය ප‍්‍රචණ්ඩකාරී ලෙස පෙරලා දැමීමෙන් පමණක් බව ප‍්‍රකාශ කරති… මක්නිසාද යත් නිර්ධන පංතියට දෑතේ යදම් හැර නැතිවන්නට කිසිවක් නැත, දිනාගැනීමට ලෝකයක් ඇත.’’

ලෙනින්ගේ ඉගැන්වීම් අනුව අධිරාජ්‍යවාදය බවට පත් වන, මාක්ස් විසින් විශ්ලේෂණය කරන ලද ධනවාදය, ගැඹුරු ආර්ථික අර්බුද හරහා දිගටම ගමන් කරමින් එය ලෝකයේ ජනතාව සහ නිර්ධනීන් මතට පටවනු ලැබේ.

ඔවුහු ‘‘විසඳුම්’’ ගැන කථා කළද සිදුව තිබෙන එකම දෙය නම් ලාභය, ධනය සහ යුධඅවි සඳහා වන තරඟය වැඩි වීම පමණකි.

නිර්ධනීන් සහ පොදු ජනතාව වන අපට විරැකියාව, අස්ථීර බව, සූරාකෑම සහ වහල්භාවය, දුප්පත්කම, අමුද්‍රව්‍ය සහ බලශක්ති සම්පත් කොල්ලකෑම, පරිසරය සහ භූමිභාග විනාශ කිරීමට මුහුණ දෙන්නට සිදුවෙයි.

මේ තත්ත්වයට එරෙහිව, නිර්ධනීන් සහ පොදු ජනතාව අධිරාජ්‍යවාදී රටවල මෙන්ම අධිරාජ්‍යවාදය මගින් පීඩාවට පත් කරනු ලැබූ රටවල කැරලි ගසනු ලබයි.

ජනතාව වහල්භාවයට පත් කිරීමේ අභිලාශයෙන් අධිරාජ්‍යවාදය විසින් මර්ධනයට පත් කරන රටවල්වල අධිරාජ්‍යවාදී ධනේශ්වරය සහ පාලක පංතිය, නිර්ධන පංතියේ සහ පීඩිත ජනතාවගේ කැරලිවලට මර්ධනයෙන් සහ සමූලඝාතනවලින් පිළිතුරු දෙයි. රාජ්‍යයන් හැම විටම වඩ වඩාත් ප‍්‍රතික‍්‍රියාවන්ගෙන් සහ ෆැසිස්ට්වාදය අතරින් ගමන් කරනු ලැබේ.

විප්ලවය ප‍්‍රධාන ප‍්‍රවණතාවය බව තහවුරු කරමින් නිර්ධනීහු සහ ජනතාව ප‍්‍රතිරෝධය දක්වමින් සිය අරගල සහ මහජන යුද්ධ සංවර්ධනය කරති.

ධනේශ්වර අධිරාජ්‍යවාදීහු සහ ප‍්‍රතිගාමී රජයන් අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් තීව‍්‍ර කිරීම සඳහා වහල්භාවය ගෙන එන අතර බෙදීම සලකුණු කරන නව ලෝක යුද්ධයක ප‍්‍රවණතාවය පණ ගැන්වීමට වාණිජමය සහ තෙවන පාර්ශවීය යුද්ධ මුදා හරියි.

අධිරාජ්‍යවාදී යුද්ධවලට විරුද්ධ විය හැකි එකම ක‍්‍රමය නම් ඒවා විප්ලවකාරී සිවිල් යුද්ධ බවට පරිවර්තනය කිරීම සහ ජාත්‍යන්තර පරිමාණයෙන් මහජන යුද්ධ සංවර්ධනය කිරීමෙන් පමණකි.

සංශෝධනවාදීන් සහ සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් විසින් ලූහුබඳින මාවත වන, සංශෝධනවාදයේ මාවත, රජයන් සහ අධිරාජ්‍යවාදී රාජ්‍යයන් සමග සාමදාන වීමට සහ ඔවුන්ගේ සැලසුම් සාක්ෂාත් කර ගැනීමට, මහජන ව්‍යාපාර සහ කම්කරුවන් අතර විප්ලවීය මාවතට එරෙහිවෙයි.

ප‍්‍රතිසංස්කරණවාදයේ අර්බුදය හමුවේ, ජනතාව බෙදීමට කූට ප‍්‍රතිගාමී ජන නායකත්වයක් භාවිතා කරන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංශෝධනවාදය, නව ජනතාවාදී පාර්ලිමේන්තු බලවේග, ජනතාව පාලක පංතියේ රථයන්ට ඇද ගනිමින් ධනේශ්වර පංතියේ සහ අධිරාජ්‍යවාදී රාජ්‍යයන් වල අභිලාශයන් ඉදිරියට ගෙනයයි. ජනතාවාදය, නව-නාසිවාදය සහ ෆැසිස්ට්වාදයට ඉන්ධන සපයනු ලබයි.

කොමියුනිස්ට්වාදීහු සහ අතිවිශාල නිර්ධන පංතිය ජනතාවගේ කැරලි විජයග‍්‍රාහී විප්ලවයන් කරා, අධිරාජ්‍යවාදය මගින් පෙලන රටවල්වල නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරහා සමාජවාදය දෙසට ගමන් කිරීමට, අධිරාජ්‍යවාදී රටවල්වල කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කරන සමාජවාදී සහ නිර්ධන පංති විප්ලවයන් බවට පත් කිරීමට වැඩ කළ යුතුය. ඒ ඒ රටවල විශේෂිත තත්ත්වයන්ට ආදේශ කළ මාක්ස්, ලෙනින් සහ මාඕගේ අදහස් මත පදනම් වූ කොමියුනිස්ට්වරු, නව සහ අව්‍යාජ විප්ලවීය කොමියුනිස්ට් පක්ෂ, සූරාකෑමට ලක්වන සියළු පීඩිත ජනතාව සහ නිර්ධනීන් විසින් මෙහෙයවනු ලබන එක්සත් පෙරමුණු, සටන් වදින බලඇණි සහ විප්ලවවාදී මහජන හමුදා බිහි කිරීම සහ සංවර්ධනය කිරීම සිදු කළ යුතුය.

ජනතාව සතුව මෙම ආයුධ පවතීනම් පමණක්, ඔවුන්ගේ වීරෝධාර සහ පරිත්‍යාගශීලී අරගලයට ජයගැනීමට හැකිවනු ඇත.

ලෝක පරිමාණයේදී, මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂ විසින් නායකත්වය දෙනු ලබන මහජන යුද්ධ තීරණාත්මක සහ අත්‍යවශ්‍ය උපායික දර්ශකයන් වේ.

ඉන්දියාවේ මහජන යුද්ධය, කෙලින්ම අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන අටල්ලකට සහ ලෝකය තුළ ප‍්‍රතික‍්‍රියාවකට බලපෑම් කරමින්, පිලිපීනය, පේරු, තුර්කි රාජ්‍යයන්වල මහජන යුද්ධ සමග බලසම්පන්න සමුද්දේශ ලක්ෂ්‍යයක් බවට පත්ව ඇත. අද ඔවුහු සුවිශේෂී ලෙස, නව සමාජයක් සහ නව බලයක් ඉදි කිරීම සඳහා සියළු ප‍්‍රතිගාමී බල ඇණිවල සහ අධිරාජ්‍යවාදයේ සූරාකෑම සහ මර්ධනය සහිත ක‍්‍රමයක් පෙරලා දමන ආකාරය පෙන්වා දෙයි.

මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට්වරු, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ශ්‍රේණීන් සංශෝධනවාදයෙන් සහ යටත්වීම්වාදී ප‍්‍රවණතාවයන්ගෙන් නිදහස් කරගෙන, එම විටම වඳ සුළු ධනේශ්වර විප්ලවවාදීත්වයට, පොතේගුරුවාදයට ඇද නොවැටී එක්සත්වීම සහ සිය එක්සත්වීම බලගැන්වීම සිදුකළ යුතුය.

බලය ලබා ගැනීම සඳහා වන අව්‍යාජ විප්ලවීය අරගලයක ක‍්‍රියාකාරීත්වයක් ලෙස, පංති අරගලයේ අග්නිය මැද ජනතාව සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් පමණක් කොමියුනිස්ට් පක්ෂ ඉදිකිරීම සිදු කළ හැකිය.

කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දින සංවත්සරයේ දී මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය වූ කලී අපේ යුගයේ මාක්ස්වාදයයි!, හඬගා ප‍්‍රකාශ කළහ. එය සමස්ත ලෝකය පුරා සිටින කොමියුනිස්ට්වාදීන්ගේ සමගිය සඳහා වන මූලික පදනමයි.

‘‘සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්!’’ යන ශ්‍රේෂ්ඨ සටන්පාඨය මාක්ස් විසින් ඉදිරිපත් කොට ඇත. එය නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ රතු ධජයයි. එය නව කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් ගොඩ නැගීම සඳහා වන ආයුධයයි.

කොමියුනිස්ට්වාදයේ අනාගතය අපගේ දෑත් මත රැඳී ඇත.

2018 මැයි 1

අත්සන් තබන ලද පක්ෂ සහ සංවිධාන

මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව, ස්පාඤ්ඤ රාජ්‍යය
ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් මාඕවාදී පක්ෂය
නේපාල කොමියුනිස්ට් න්‍යෂ්ටිය
නේපාල කොමියුනිස්ට් පක්ෂය (විප්ලවීය මාඕවාදී)
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය, බි‍්‍රතාන්‍ය රාජ්‍යය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය – ඉතාලිය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය මනිපූර්
මාඕවාදී විප්ලවීය ලීගය – ශ‍්‍රී ලංකාව
කොමියුනිස්ට් කම්කරු සංවිධානය – ටියුනීසියාව
ඛදෙහිනස් පක්ෂය – ටියුනීසියාව
විප්ලවීය කොමියුනිස්ට් පක්ෂයය – කැනඩාව
කොමියුනිස්ට් කම්කරු සංගමය (මාක්ස්වාදී ලෙනින්වාදී මාඕවාදී) – කොලොම්බියාව
කම්කරු හඬ – මලයාසියාව
*ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

Advertisements

චටිස්ගාර් මාඕවාදී ප‍්‍රහාරයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙක් මරුට, නිළධාරීහු 6ක් දැඩි ලෙස තුවාල ලබති

චටිස්ගාර් මාඕවාදී ප‍්‍රහාරයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙක් මරුට, නිළධාරීහු 6ක් දැඩි ලෙස තුවාල ලබති

එන්ඞීටීවී රූපවාහිනී චැනලය මගින් වාර්තා කරන අන්දමට චටිස්ගාර් තීරු ප‍්‍රදේශය තුළ සුක්මා දිස්ත‍්‍රික්කයේ මාඕවාදී ප‍්‍රහාරයක් එල්ල වී ඇත. අද, පෙබරවාරි 18 චින්තගුෆා අසල ප‍්‍රදේශයක ඒකාබද්ධ විශේෂ කාර්ය බලකාය වෙත මාඕවාදීන් විසින් ප‍්‍රහාරයක් එල්ල කොට ඇත. වීජිහි පොලිස් ස්ථානය යටතේ පවතින අලාර්මදෝගු ගම්මානයේ දී දෙපාර්ශවය අතර ගැටුම් ඇවිලිණි. ප‍්‍රහාරයෙන් පොලිස් නිළධාරීන් 2 ක් මරණයට පත් වූ අතර තවත් 6 ක් බරපතල ලෙස තුවාල ලදහ.

සුක්මා දිස්ත‍්‍රික්කයේ මේ ප‍්‍රදේශය මාඕවාදී බලකඳවුරකි. ප‍්‍රබල මාඕවාදී නායක හිද්මා සිය බැටෑලියනය සමග මෙම කලාපයේ ඇවිදිමින් සිටී. ප‍්‍රති නක්සල් මෙහෙයුම් වල විශේෂ ඞීජී මාධ්‍ය වලට ප‍්‍රකාශ කොට සිටියේ, දිස්ත‍්‍රික් සංචිත සේනාංක වලින් ජවානාස් භටයින් 4ක් සහ විශේෂ කාර්ය බලකායේ සොල්දාදුවන් දෙදෙනෙක් තුවාල ලද බවයි. එක් විශේෂ කාර්ය බලකා සොල්දාදුවෙකු සහ දිස්ත‍්‍රික් සංචිත සේනාංක සොල්දාදුවෙකු ජීවිතක්ෂයට පත් ව ඇත. මෙම ප‍්‍රහාරයට පසුව අලාර්මදෝග් ප‍්‍රදේශයේ තවත් ප‍්‍රහාරයක් වාර්තා වී ඇත. ප‍්‍රහාරය එරාබ්බොර් ගම්මානයේ සිදුව තිබේ. අනෙක් සිදුවීම වනුයේ අලාර්මදෝග් සහ විෂ්ජි ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුව මධ්‍යයේ මාර්ග ඉදිකිරීම් කොම්පැනියක මැනේජර් කෙනෙකු මරණයට පත් වීමයි. මේ කාලය තුළ, මාර්ග ඉදි කිරීම් සඳහා භාවිතා කළ වාහන කිහිපයක් ද මාඕවාදීන් විසින් ගිනි තබනු ලැබිණි.

ෆුජිමෝරි ට සහ පේරු රජයට එරෙහිව චිලියේ විරෝධතා

ෆුජිමෝරි ට සහ පේරු රජයට එරෙහිව චිලියේ විරෝධතා

ෆුජිමෝරි රජය එහි ඉතිහාසයේ දරුණු ලෙස පේරු හි මාඕවාදී අරගලය සහ එහි විප්ලවීය ක‍්‍රියාධරයින්, ප‍්‍රතිවිරුද්ධ දේශපාලනික ක‍්‍රියාධරයින්, මාධ්‍යවේදීන් සහ නිදහස් මිනිසුන් මිලේච්ඡෙ ලෙස මර්ධනය කරන ලද රජයකි.

Chile against Fujimori and Peru government

 

Down with the shameful betrayal and surrender of Jinugu Narasinha Reddy – CC PCI (Maoist)

Down with the shameful betrayal and surrender of Jinugu Narasinha Reddy – CC PCI (Maoist)

COMMUNIST PARTY OF INDIA(MAOIST) CENTRAL COMMITTEE
Press Release Full Text

Down with the shameful betrayal and surrender of Jinugu Narasinha Reddy!
Long live the revolutionary tradition of uncompromising struggle and selfless sacrifice!
The revolution will surge forward sweeping aside all kinds of much on its path!
Jinugu Narasimha Reddy(Jhampanna, Rajesh), a member of the Central Committee(CC) of our party, has surrendered before the enemy. He had already lost confidence in the invincibility of the proletarian ideology, the Maoist party, the Protracted People’s War, the revolutionary movement and the oppressed masses. Unable to face the new and difficult conditions of class struggle brought by objectives changes and the enemy’s intensifying all-round offensive, he chose the most selfish, heinous and cowardly path of desertion and shamelessly knelt down before the enemy. This is an outright betrayal of the Indian proletarist, its vanguard Party, the Indian revolution and the heroic struggle of the country’s toiling masses. It is an affront on the sacrifice of thousands of revolutionary martyrs who have selflessly laid down their lives fighting the same class enemy whom Rajesh has now so shameleslly embraced. With this, his three decades of political life in the revolutinary movement has come to an ignominious end. Our CC condemns his betrayal in strongest terms and appeals to the rank and file of Party, the entire revolutionary camp, the vast struggling masses and the friends of the Indian revolution to reject outright such renegades and their abominable path of surrender. Undeterred by the degenaration and fall of Narasimha Reddy, our CC firmly and unambiguously renews its pledge to resolutely carry forward the greed red banner of class struggle in pursuance of our Party’s immediate and ultimate aims.

Narasimha Reddy had joined the movement in the early 1980s, when he was working in factory as a technician in Hyderabad city. He later became a professional revolutionary and was sent by the Party to work as a guerilla squad member in Eturunagaram forest area of Warangal district. Subsequently, he developed to a squad commander, Area committee Member, District Committee member and District Committee Secretary in the period between 1986 and 1995. North Telangana Special Zonal Committee(NTSZC) was formed in 1995 with a plan to develop the guerillla war to a higher level in that zone. He was elected to the NTSZC in its first conference held that year. In 2000, he became the Secretary of NTSZC and continued to work in this capacity till 2007. He was elected to the CC in 2001 and worked as a CCM in North Telangana between 2001 and 2007. He was co-opted to CMC in 2007 and worked in North Telangana and some other parts of the Central Region. He was transferred to Odisha in 2011 where he continued to work till the end of 2016. For the last one year he was deeply submerged in ideoligical and political vacillation and finally informed the concerned CCMs in November 2017 about his decision to surrender.

It is true that Narsimha Reddy had particpated in the revoltionary movement for a relatively long period of over three decades and developed politically to become a member of its highest leading committee, the CC, contributing to the movement in the process. But at the same time, he also had several serious weaknesses, limitations and non-proletarian trends like individualism, bureaucracy and false prestige that continued throughout his political life.

Comrades who worked with him in the guerillla squad and the Party committees or the leadership comrades continuously struggled against these negative aspects of his all this time. The concerned committees put efforts at every step to rectify him and he too accepted many of the
criticism in one way or another. But his weaknesses, mistakes and limitations had persisted. Particularly in the last few years, these negative aspects got magnified and finally became dominant under the present difficult condition of the Party and the movement. The terror of the enemy had so overtaken him that he could no longer fulfil the tasks given to him by Party. He refused to attend important meetings with the excuse of probable enemy attacks even though other comrades in a similar situation shared such unfounded apprehension. Apart from comrades in highet committees, his protection comrades too criticised his panicky behaviour and defeatism. The prevailing conditions and enemy’s serious offensive demand that the leadership comrades of the Party at the high level remain firm and confident in the battlefield and courageously safeguard themselves as an inseperble part of safeguarding the Party, PLGA and the movement.
This has to be done in all spheres of revolutionary work including in the military sphere. But as a CCM, Narasimha Reddy failed to live up to the higher level of responsibilities and tasks given him by the Party displaying heightened political consciousness, preparedness, courage, discipline, selfless sacrifice, self-critical attitude and other leadership qualities.
Our CC reviewed Narasimha Reddy’s work in view of his persistent weakness and limitations that had reached a serious level. The CC concluded that he was seriously bogged down by subjectivesm, resulting in his overestimation of the enemy and underestimation of the revolutionary movement and the people. He had lost his bearing and sense of proportion, became incapable of analysing the objective situation as a member of the Party’s leading committee, repeatedly followed wrong organisational method and utterly failed to fulfil important responsibilties he was entrusted with. This was in addition to his long-standing weakness of imposing his subjective and individualistic thinking on Party committees. It had become a habit for him to bring up disputes and illogical debates on individual problems in a sectarian and arbitrary way, violating democratic centralism and proletarian discipine. Sometimes he created deadlock in the functioning of the concerned Party committee and threatened to boycott some meetings when criticised by other comrades. Due to his anti-organisational behaviour and functioning, he gradually lost the confidence of his comrades and became isolated. All these wrong traits were criticised by the comrades of the concerned Party committees on several occasions with the aim of helping him rectify his mistakes and weaknesses on the basis of unity-struggle-unity. But he failed to recognise the gravity of his negative aspects, stubbornly refused to take a self-critical attitude, failed to remould his world outlook in the light of Marxism-Leninism-Maoism. This not only led to his downfall but also caused much damage to the Party.
Taking all this into consideration, our CC decided to suspend Narasimha Reddy from the CC for two years earlier this year with hope that he would acknowledge his mistakes and weaknesses and seriously put efforts to rectify with the help of his comrades. However, he neither accepted this decision positively nor did he undertake any self-criticsm at all. He also refused to take up responsibility of a State Committee Member the CC had assigned him. Overcome by petty-bourgeois false prestige and selfish narrow-mindedness, he refused to submit to the Party’s decision, declined to struggle against the non-proletarian traits present in him and failed to remould himself into a thoroughgoing communist revolutionary. Rather than humbly serving the revolution and the people with bowed head, he deemed it better to surrender and survive as a dirty creature at the service of enemy. In this way, the transformation of a revolutionary into an unrepentant and diehard betrayer and scoundral was complete.

Whenever CC had taken the suspension decision on him, he had raised the political differences with partl line. He was discussed that “Now India is not semi feudal – semi colonial country, it is transformed into capitalist country”. Thus our party line should change according to conditions and party would take insurrection line in Indian latest conditions. These political differences are nothing but, cover up his degeneration.

All revolutions pass through twists turns, ups and downs and diffcult situations. It is only by boldly tiding over such challenges that a proletarian party gets steeled and acquires the capability to lead the revolution to victory. In periods like this, it becomes all the more necessary for all communists – particularly those who join the Communist Party from non-proletarian classes – to deepen their ideological and political understanding, to remould themselves by adopting the proletarian world outlook and to firmly stick to it. They need to more resolutely apply the principle democratic centralism, abide by the iron discipline of the Pary, more closely integrate with the comrades and the people, learn from practices, rectify their mistakes, fight self, serve the people selflessly and stand at forefront of struggle so as to remain a committed revoltunionary till the very end. But there are always those who fail in such testing times. History shows that it is quite common for a handful of individuals who do not remould themselves and who are not prepared for sacrifice to distance themselves from the movement at such crucial junctures, giving foremost priority to their own survival. They desert the revolutionary camp and at times become counter-revolutionaries serving the enemy. Narasimha Reddy presents a glaring negative example of a revolutionary who stopped integrating with the cadres and the masses, stopped struggling against his weaknesses and became overawed by the enemy. Panic-stricken, they pathetically prostrate before the class enemy and thereby end their usefulness for the people with their own hands. The revolution will discard such people as waste material and throw them out from time to time in the process of class struggle.

It should not be surprising if such despicable individuals start singing in the tune of the enemy and cast aspersions on the Party, its leadership, the revolutionary movement and the future of the Indian revolution. Propped up by the enemy, they may appear before the people in new avatars as (pseudo) ‘intellectuals’, ‘journalists’, ‘social workers’, etc. with sole aim of harming the Party and the revolution. Our comrades, friends and well-wishers of the Indian revolution should remain alert to such eventualities and give befitting response to them. Knowing them to be a part of the enemy’s Goebbelsian propoganda machine, the class-conscious toiling masses should throw the claptrap of such traitors into the scrapheap.

In total contrast to the traitors and renegades, every proletarian revolution brings forward uncompromising communist fighters who serve the masses till the last breath. Indian revolution too is no exception, which inherits a long and glorious tradition of selfless sacrifice by thousands of heroic martyrs. Among them are our beloved great leaders and cadres like comrades CM and KC, Saroj Dutta, Sushital Roy Choudhuri, Amulya Sen, Chandrashekhar Das, Krishnamurthy, Satyam, Kailasham, Appu, Varghese, Biswakarma, Balan, Dinakar, Shyam, Mahesh, Murali, Karam Singh, Parimal Sen, Sande Rajamouli, Vadkapur Chandramouli, Anuradha Ghandy, Patel Sudhakar, Cherukuri Rajkumar, Mallujhola Koteswarlu, Rawoof, Sushil Roy, Sridhar Srinivasan, Kuppu Devaraj, Narayan Sanyal, Padma, Lalithakka, Urmila, Rajitha, Ajitha, Saketh Rajan, Maimuddin, Ashish Yadav, Prasad, Daya, Prabhakar, Mangtu, Shaheeda, RK, Yadanna, Madhav, Mahendar, Mastan Rao, Puli Anjanna, Kanchan, Sashadhar Mahato, Janardhan, Bhumaiyya-Kista Gaud and thousands of other martyred comrades, to name a just a few, who remained true to their commitment to the revolution and the people till the very end. They are the real heroes of the masses who show us the way.

The desertion, betrayal and the treachery of a few renegades in the pay-role of the reactionary ruling classes can never stop the revolution! They may only create some temporary hurdles and inflicit some temporary damage, but the revolution will sweep all such pests into their graves and surge forward towards its goal. Led by the proletarian revolutionaries and inspired by the heroic martyrs, millions upon millions of the oppressed masses of the country will throw them away along with their masters into the dustbin of history and achieve final victory.

(Abhay)
Spokesperson
Central Committee
CPI (Maoist)

ඉන්දියාව – මාඕවාදී නායකයෙකුගේ දියණියකගෙන් ස්වදේශ කටයුතු ඇමතිට ප‍්‍රබල පිළිතුරක්

මාඕවාදී නායකයෙකුගේ දියණියකගෙන් ස්වදේශ කටයුතු ඇමතිට ප‍්‍රබල පිළිතුරක්

ජුලි වල පළමු සතියේ, කේරලයේ ස්වදේශ කටයුතු ඇමති රමේෂ් චෙන්නිතලා මේ වසරේ මැයි වලදී අන්ද්‍රා ප‍්‍රදේශ් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ මාඕවාදී යුවලක් වන රූපේෂ් සහ ෂියානා ගේ දියණියන්ට විවෘත ලිපියක් ලියනු ලැබූහ.

වාර්තාවල කියැවෙන අන්දමට එම යුවල දස වසරක් තිස්සේ සැඟවී සිට ඇත. ඔවුන්ට 19 හැවිරිදි අමී සහ වයස අවුරුදු 10 ට ආසන්න සවේරා ලෙස දියණියන් දෙදෙනෙක් ඇත.

සිය ලිපියේ, ස්වදේශ කටයුතු ඇමති දෙමව්පියන්ගෙන් නිසි සැලකිල්ලක් නොලැබී ගිය දරු දෙදෙනා ගැන සිය සැලකිල්ල යොමු කොට තිබුණි. ඔහු දැරියන්ට ආයාචනා කොට තිබුණේ ‘‘ඵලක් නැති දේශපාලන ව්‍යාපාරයක සහ පුහු මතවාදයක පැටලීමෙන් වළකින’’ ලෙසයි. ඒ වෙනුවට ඔහු දැරියන්ගෙන් ඉල්ලා තිබුණේ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට යොමු වී ‘‘ජාතියේ වගකිව යුතු පුරවැසියන්’’ බවට පත් වෙන ලෙසයි.

කෙසේ හෝ, අමී, වැඩිමහල් සොහොයුරිය මේ වන විට ස්වදේශ කටයුතු ඇමති වෙත විවෘත ලිපියක් ලියා ඔහු එවූ ලිපියේ අන්තර්ගතය නිසා ඇයට ඇතිවූ අපහසුතාවය සහ එය සමග එකඟ නොවීම සියල්ලන්ටම දැක ගැනීමට සලස්වා ඇත. ඇගේ ලිපිය මාධ්‍යමාම් නම් මලයාලම් ප‍්‍රවෘත්ති පත‍්‍රයේ අන්තර්ජාල සංස්කරණයේ පළ කොට තිබුණි.

මලයාලම් බසින් ලියන ලද මුල් පිටපතින් පරිවර්තනය කරන ලදි:

ගෞරවනීය ස්වදේශ කටයුතු ඇමතිතුමනි,

ඔබ අපට අනුකම්පාව දක්වා ලියා තිබුණු ලිපි කියවන්නට මට සිදුවුණි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස, ඔබ අපට අපේ දෙමව්පියන් වෙතින් ප‍්‍රමාණවත් තරම් ආදරය සහ රැකවරණය නොලැබීම පිළිබඳව කෙතරම් කරදර වන්නේදැයි කතා කොට තිබුණි. ඔබේ හැසිරීමට මම ස්තුති කරමි. එසේ වුවද, ලිපිය තුළ ඇති වැරදි සහගත යෙදීම් සහ නොගැලපීම් පිළිබඳව සටහන් නොකර සිටීමට මට නොහැකිය. එමනිසා, මම මගේ අදහස් බෙදා හදා ගැනීමට ලිපියක් ලියන්නට අදහස් කළෙමි.

මගේ සොහොයුරිය සහ මා අපගේ දෙමව්පියන්ගේ ආදරය සහ රැකවරණය නොලැබූ බව පවසා සිටීම කිසිසේත්ම තාර්කික නොවේ. මා දැන සිටි බොහෝ දරුවන්ට ලැබුණාට වඩා අප එය බෙහෙවින් ලැබූ බව මම විශ්වාස කරමි. දරුවකුව සිටින කාලයේ සිටම මගේ දෙමව්පියන් මාව හැමතැනකම රැගෙන යන්නට පුරුදුව සිටියහ. ඇත්ත වශයෙන්ම, ඔබ ජනවාරි 1 වෙනිදා සංචාරය කළ ආදිවාසී කොලනියේ මම වයස අවුරුදු 5 වන විට නැවතී සිටියෙමි. කොල්කටාව, රන්නි, මුම්බායි සහ බෙංගාලරුම් මට විවිධ සංස්කෘතීන් සහ ප‍්‍රශ්න විවර කළහ. මෙය මගේ පරිකල්පනය තරමක් පුළුල් කිරීමට හේතු විය. නමුත් වර්තමානයේ ඔබ මෙහෙයවමින් සිටින පොලිස් බල ඇණි අපේ ජීවිත සමග හැප්පීමත් සමග තත්ත්වයන් වෙනස් විය.

මට වයස 10 වන විට, මගේ සිව් හැවිරිදි සහෝදරිය සහ මගේ මව අසාධාරණ ලෙස පොලිස් සිරභාරයට ගැනුණි. ඔබේ නිමක් නැති හිරිහැර කිරීම් නිසා ඇය කේරල ඉහළ උසාවියේ තිබූ ඇගේ රැකියාව අත්හැර දමා පූර්ණ කාලීන සමාජ ක‍්‍රියාකාරිකයෙකු වූහ. එකල ඇය එම තීරණය ගැනීමට හේතුවන ලෙස ඇයව පීඩනයට පත් කළ බල ඇණි විවේචනය කරමින් මහ ඇමති වීඑස් අචුතානන්දන් වෙත ලිපියක් ලියූහ. ඔබ නියෝජනය කළ පොලිස් බල ඇණි අපට අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ නොහළ බව මම ඔබට ආචාරසම්පන්න ලෙස පමණක් සිහිපත් කරමි.

ඔබේ ලිපියෙහි, මිනිසුන් විසින් අපව නොමග යැවීම පිළිබඳව ඔබ කෙතරම් කරදර වී සිටින්නේද යන්න සඳහන් කොට ඇත. තවද ඔවුන්ගෙන් ප‍්‍රවේශම් වන ලෙස ඔබ අපට මතක් කොට තිබේ. නමුත් සත්‍යය බෙහෙවින් වෙනස්ය. පොලිස් නිළධාරීහු කණ්ඩායමක් වරෙන්තුවක් නොමැතිව මගේ නිවසේ ඉදිරිපස දොර කඩා දමා එය වට කළහ. ඔවුහු මාව අවමානයට පාත‍්‍ර කළහ. ඔවුහු මගේ පියාගේ ඇඟට අත තැබුවොත්, ඔහුගේ හිසට විශාල ගලකින් පහර මරා දමන බව මගේ පස් වියැති සහෝදරියට පැවසූහ.

මෙවැනි කථා බොහොමයක් වෙති… මගේ සහෝදරිය සහ මම සංස්කෘතික පෙරමුණ මගින් පැවැත් වූ උත්සවයකට සහභාගි වූහ, අප මාඕවාදීන් යැයි චෝදනා කොට මහිලා මන්දිරය තුළට දමා දොර අගුල් ලා තැබූහ. එවිට, ඔබේ පොලිස් නිළධාරීහු මගේ පතිවත කෙසේද යන්න ගැන දැන ගැනීමට උනන්දු වූහ. ‘‘මම කණ්‍යාවියක්ද? මගේ කන්‍යා පටලය කැඞී ඇත්ද?’’ මේවා ඔවුන් මගෙන් ඇසූ ප‍්‍රශ්න සමහරක් විය. පොලිස් නිළධාරියෙක් මගේ ෆේස්බුක් අවසරපදය ගැන විමසූ විට, මා එයට ප‍්‍රවේශ වන්නේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ඉදිරියේ බව මම ප‍්‍රකාශ කළෙමි. මෙයට, හු පිළිතුරු දුන්නේ මට දිගු බකාලයකට බාහිර ලෝකය දකින්නට ඉඩ නොතරබන බවට තර්ජනය කරමිනි. මහිලා මන්දිරය තුළ මුළු රාත‍්‍රියක් මුළුල්ලේම හද කම්පාවන අයුරින් හඬා වැටුණු මගේ සොහොයුරියට ඔබ දෙන පිළිතුර කුමක්ද?

අපව පැහැර ගෙන ගියේ සංස්කෘතික පෙරමුණේ සංවිධායකින් විසින් යැයි ඔවුන්ට අසාධාරණ ලෙස හදිසියේ ප‍්‍රකාශ කොට ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළහ. ඔවුන් අපව පැහැරනොගත් බව කියද්දීත් මෙය සිදුවිය. නීතිවිරෝධී ක‍්‍රියාවන් වැලැක්වීමේ පනත යටතේ පොලිසිය ඔවුන්ව සොයමින් ඔවුන්ගේ ජීවිත අපායකට ඇද දැමූහ. එය ගොඩනගා තිබූ මහානුභාව සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මිත්‍යාව අපට අවබෝධ කරදෙමින් අපේ ජීවිත තුළින් ගමන් කළ නිරන්තර වධ වේදනා නිසා සිදුවුණි. පොලීසිය අපට විරුද්ධව යෙදවූ ජනතා විරෝධී ප‍්‍රතිපත්ති නිසා, මගේ දෙමව්පියන් සටන් කරන මතවාදය නිවැරදි බව මට පසක් කළහ. ඔබ අපට දෙමව්පියන් රහිත පරිසරයක හැදී වැඩෙන්නට සිදුවීම ගැන අනුකම්පාව දක්වන්නට කාලය වැය කරන විට, සෑම වසරකම අත්තපාඩි වල තවමත් උපත ලබන දරුවන් 150 දෙනා නොසලකා සිටින්නේ කෙසේද?

එන්දොසුල්ෆාන්, ප්ලචිමාඩා, අරිප්පා, කතිකුඩාන් සහ බොහොමයක් ඉඩම් සඳහා වුණු විරෝධතාවයන් මහජන විරෝධතාවයන්ගේම භූමියක් වූ කේරලයේ පැවැත්විණි.

මේ භූමි වලත් දරුවන් සිටී, ඔබ ඔවුන්ව නොසලකා හරින්නේ මන්ද? ප‍්‍රාථමික පාසැල් වලට ඇතුල් කරන ලද ආදිවාසී දරුවන්ගෙන් අඩක්ම ඉහළ ප‍්‍රාථමික මට්ටමට ඇතුල් වීමට අසමත් වේ. ඔවුන්ගෙන් හතරෙන් තුනක්ම උසස් අධ්‍යාපනය දෙනු ලබන පාසැල්වලට ඇතුල් වීමට අසමත් වේ. මේ අසමත්භාවයන් නිසා ඔබට ලජ්ජා නොවී සිටිය හැකිද? අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නිසා, දස දහස් ගණන් අධ්‍යාපන ණය මත සිරවී සිටින අතර සිය දිවි නසා ගැනීම් පවා වාර්ථා වී ඇත. ඔබ තවමත් ඔවුන්ව නොසලකා හරින්නට තෝරා ගෙන සිටින්නේ මන්ද?

ඔබේ ලිපියෙහි, අපට අවශ්‍ය වන්නේ විනාශ කිරීම නොව ඉදි කිරීම බව ඔබ දක්වා ඇත. සිත් ඇදගන්නා සුළු ලෙස, මගේ පියා ඔබට ලියූ ලිපියක් පසුගිය දෙසැම්බර් වල කියවන්නට මට සිදුවුණි. ඔහු ඉඩම් අහිමි ආදිවාසීන්ගේ තත්ත්වය ගැන වටහා ගන්නා ලෙස ඔබෙන් දැඩි ලෙස ඉල්ලා තිබුණි. ඔහු මිනීවල ආසන්නයේ ම සිටින ඔවුන්ගේ දිළිඳුකමේ අනුපාතය කෙතරම්ද යන්න පිළිබඳව කතා කළහ. ලිපිය තුළ, රජයේ ජනතා විරෝධී ප‍්‍රතිපත්ති නිසා තලා පෙලා දමා ඇති ආදිවාසී මිනිසුන් සහ ගොවියන් ගැන මම කියෙවුවෙමි. නමුත් ඔබ කිසිදාක එම ගැටලූ ගැන කතා කරන්නට වත් මුල පුරා නැත.

ඔබ අපගේ දෙමව්පියන් තක්කඩියන් ලෙස හැඳින්වූහ. ඔබට සහ ඔබේ සහචරයන්ට ඔවුන් ඇත්තෙන්ම තක්කඩියන් වන්නාහ. යටත්විජිතවාදයට එරෙහි වූ භගත් සිං, සුභාෂ් චන්ද්‍ර බෝස් සහ බොහෝ අය තක්කඩියන් ලෙස හැඳින්වූහ. ඔවුන් හැමෝටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති සහ අඳුරු සිරගෙවල් සමග ගනු දෙනු කිරීමට සිදු වූහ. අද, ඔබ මගේ දෙමව්පියන් සමගද ඒ ලෙසට ගනු දෙනු කරමින් සිටී. නමුත් දිළිඳු භාවයට ඇද වැටී ඇති අපේ ජනතාවගෙන් බහුතරය, මගේ දෙමව්පියන් තක්කඩියන් ලෙස නොදකියි. ඔවුන්ගේ සටන ඔබේ එකට වඩා ඔවුන් අතර රැව් පිළිරැව් දෙයි. මගේ දෙමව්පියන් ඔවුන් සඳහා ආරක්ෂිත අනාගතයක් හෝ මුදල් හම්බ කරගෙන නැත. ඒ වෙනුවට, ඔවුහු කේරලයේ දිළිඳු ජනතාවගේ ජීවිත සහ මේ රට වඩා යහපත් කිරීමට කටයුතු කළහ. ඔවුන්ගේ අරගලය දිළිඳු ජනතාව සඳහා වූහ.

ඉන්දියාව: සහෝදර වරා වරා රාඕ සහෝදර කෝබාද් ගාන්ධි වහාම නිදහස් කරගැනීම සඳහා ආමන්ත‍්‍රණය කරයි

ඉන්දියාව: සහෝදර වරා වරා රාඕ සහෝදර කෝබාද් ගාන්ධි වහාම නිදහස් කරගැනීම සඳහා ආමන්ත‍්‍රණය කරයි

 

මාඕවාදී නායක කෝබාද් ගාන්ධි විශාකාපත්නම් සිරමැදිරියෙන් ඇප මත නිදහස් කොට ඇත

මාඕවාදී නායක කෝබාද් ගාන්ධි විශාකාපත්නම් සිරමැදිරියෙන් ඇප මත නිදහස් කොට ඇත

ඉහළ පෙලේ මාඕවාදී නායක කෝබාද් ගාන්ධි, 2017 දෙසැම්බර් 12 වෙනි දා රාත‍්‍රී විශාකාපත්නම් සිරගෙදරින් නිදහස් කොට තිබේ. ඔහු නිදහස් වූ වහාම කලින් වාසය කළ මුම්බායි වෙත ගමන් කළ බව මූලාශ‍්‍ර සඳහන් කරයි. කෝබාද් ගාන්ධි 2009 දී අන්ද්‍රා ප‍්‍රදේශ් පොලීසිය මගින් නව දිල්ලියේදී අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු අරවින්ද්, සලීම්, කමල් සහ අෂාඩ් යන නම් වලින් පෙනී සිටියහ.

ඔහු කලින් හයිද්‍රාබාද් වලට ආසන්න චෙර්ලාපල්ලි මධ්‍යම සිර ගෙදර තුන් මසක් සිරගත කොට තිබුණු අතර වසර 7ක් ම දිල්ලි වල තිහාර් සිරගෙදර ගත කොට තිබුණි. ඔහු විශාකාපත්නම් සිර ගෙදර මේ වසරේ අපේ‍්‍රල් 4 වන දින සිට සිරගත කොට තැබූහ.

මාඕවාදීහු ඔරිස්සාහි මල්කාංගිරි වල ස්ථීර කඳවුක් නිර්මාණය කරති

මාඕවාදීහු ඔරිස්සාහි මල්කාංගිරි වල ස්ථීර කඳවුක් නිර්මාණය කරති

දෙසැම්බර් දෙවැනිදා ආරම්භ වන්නට පෙර, මාඕවාදී මහජන විමුක්ති ගරිල්ලා හමුදාව මල්කාංගිරි දිස්ත‍්‍රික්කය ‘ස්ථීර කඳවුරක් නිර්මාණය කරමින් ආරක්ෂක අංශ වලට අභියෝගයක් ඉදිරිපත් කළහ.’

වාර්තා වලට අනුව, මාඕවාදීන් විසින් නිර්මිත ව්‍යූහය රතු වර්ණයෙන් යුක්ත වන අතර එය වටා සුදුසු බාධක යොදා ඇත. මූලාශ‍්‍ර වලට අනුව, මාඕවාදීහු මේ කඳවුරු කාර්යාලය සකසා ඇත්තේ දෙසැම්බර් 2 වැනිදා සිට ඇරඹෙන මහජන විමුක්ති හමුදාවේ සැමරුම් සතිය ඇරඹීමට මුලපිරීමක් වශයෙනි. පසුගිය වසරේ මාඕවාදීහු පීතිකොන්දාහි ගෝරා සේතුව තුළ තාවාලික කඳවුරක් නිර්මාණය කළ අතර, මේ කාලයේදී ඔවුන් විසින් මේ දිස්ත‍්‍රික්කය තුළ ස්ථීර කඳවුරු ව්‍යූහයක් නිර්මාණය කොට ඇත.

සහෝදරවරුන් සමග ගමනේ…

සහෝදරවරුන් සමග ගමනේ…

”අරුන්දතී රෝයිට වනයේ මාහැඟි සංචාරයක යෙදීම සඳහා විපුල අවස්ථාවක් හිමි විය. ඇය තහනම බිඳ දමමින් මාඕවාදීන් සමග ඔවුන්ගේ නිවහනේ දී සම්මුඛ සාකච්ඡාවල නියැලූණු පළමු වාර්තාකාරිය සහ ලේඛිකාව වන්නේය.

පසුගිය මාසයේදී කිසිවෙකුටත් නොදන්වා, නිහඬවම අරුන්දතී රෝයි තහනම් කරන ලද සීමාවක් වූ මධ්‍යම ඉන්දියාවේ දන්දකර්ණයා වනයට පිවිසීමට තීරණය කළහ. එය රාජ්‍ය අනුග‍්‍රහය ලත් මිනීමරුවන්ට සහ සූරාකන්නන්ට එරෙහිව අවි ගෙන සිටින මෙලාංගේ ආදිවාසී ජනතාවගේ නිවහනයි. ඇය පුද්ගලික අවධානමක් දරමින් සති ගණනක් තිස්සේ වනය පීරමින් සන්නද්ධ ගරිල්ලාවන්, ඔවුන්ගේ පවුල් සහ සහෝදරවරුන් සමග මුහුණට මුහුණ මාධ්‍ය හමුවල ‘‘ගැටෙමින්’’ සෑහෙන තොරතුරු ප‍්‍රමාණයක් වාර්තා කළහ. මේ ලිපිය දිල්ලියේ පළවන අවුට්ලූක් සඟරාවේ සිකුරාදා දිනයක පළ විය. වචන 20,000 ක් අන්තර්ගත අරුන්දතී රෝයිගේ මෙම ලිපිය ඩෝන් සඟරාවෙහිද (අරුණෝදය) අන්තර්ගතව ඇත.”

මෙම ලිපිය අරුන්දතී රෝයි විසින් සකසන ලද්දේ 2009 වසරේ තරම් ඈතකදී වුවත් මෙය සිංහලයට නගා ගැනීමට මෙතරම් කාලයක් ගතවීම අපේ පැත්තෙන් බැලූ කල සිදුව ඇති බරපතල ප‍්‍රමාදයකි.

ලිපිය බාගත කර ගැනීමට මෙතැන ක්ලික් කරන්න. To download file click here.

ඩෙර්සිම්හි දී දිවි පිදූ තුර්කි මාඕවාදී සහෝදරවරුන්ට විප්ලවීය උත්තමාචාරය

ඩෙර්සිම්හි දී දිවි පිදූ තුර්කි මාඕවාදී සහෝදරවරුන්ට විප්ලවීය උත්තමාචාරය

 

[http://maoistroad.blogspot.com/2017/11/honour-and-glory-for-comrades-of-mkphko.html]

නොවැම්බර් 16 වෙනි දින තුර්කි හමුදාව සමග ඇති වුණ ගැටීමේදී ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයට තුර්කි මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශය වන එච්කේඕ හි සාමාජිකයින් වන ලොරින්, සවාස්, සෙන්ක් සහ එට් නුඩා යන සහෝදර සහෝදරියන් අහිමිවූහ.