Monthly Archives: November 2013

සිරියාව වැරදිකරුවෙක් නම්, මන්මෝහන් සින් අපරාධකරුවෙකි!

Download PDF Chemical-Attack-Maharastra

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී)

සිරියාව වැරදිකරුවෙක් නම්, මන්මෝහන් සින් අපරාධකරුවෙකි!

සිය රටවැසියන්ට එරෙහිව රසායනික අවි භාවිතා කළ මන්මෝහන් සින් ට දඬුවම් කරනු!!

රසායනික අවි භාවිතා කළ නිසා  සිරියාවට පහර දීමට ඇමෙරිකාව කිසිදු අකමැත්තක් නොපෙන්වන අතර පේන විදියට දැඩි කෑදරකමකින් සිටී. සමහර යුරෝපීය රටවල් එහි ගෝලීය ප‍්‍රචාරක කටයුතු පිටුපස සිටියහ. ඉන්දීය අගමැති මන්මෝහන් සින් රසායනික අවි භාවිතයට එරෙහිව ඇමෙරිකාවට සිය සහය දුන් නමුදු ප‍්‍රහාරය ගැන දැඩි ලෙස සිතා බැලිය යුතුයැයි රුසියාව සමග නැගී සිටියහ. එලෙසම කිසිදු අකමැත්තකින් තොරව සිය රටවැසියන්ට එරෙහිව රසායනික අවි භාවිතා කළ මන් මෝහන් සින් රසායනික අවි භාවිතයට එරෙහිව කථා කළහ. සිරියාවේ අෂාඩ් රජය වැරදිකරු නම් මන්මෝහන් සින් දඬුවම් ලැබීමට සුදුස්සෙකු වේ. මූලිකවම පීඩිත ජනතාව අධිරාජ්‍යවාදීන්ගේ කොම්ප‍්‍රෙදා්රු පාලනය කිසිදා පිළිනොගන්නා අතර එය ඉදිකොට තිබෙන ඇති බැවින් එයට එරෙහිව අරගලයක නිරත වෙමින් සිටී. දීප ව්‍යාප්ත මහජන ව්‍යාපාර ගණනාවක් සමග ජනතාව මේ උරුමය නොපිරිහෙලා ඉදිරියට ගෙන යනු ලැබේ. මේ මහජන ව්‍යාපාර, දැනට තිරසර උපායශීලීත්වයකින් යුතුව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය ඉදිකිරීමේ අරමුණ ඇතිව ඉදිරියට යමින් සිටී. තීව‍්‍ර ෆැසිස්ට් මර්ධනය අතරතුරදී ව්‍යාපාරය ජීවමානව පවත්වාගැනීමට ඒවා දරාගනිමින්, සන්නද්ධ අරගලය හැර වෙන විකල්පයක් නොමැති බව ජනතාව අවබෝධ කරගෙන තිබේ. ඉන්දීය ජනතාව මේ ආකාරයේ වූ අරගලය පිළිගෙන තිබෙන බැවින් පසුගිය 44 වසර තිස්සේ මේ අරගලය ජනතාවගේ හදගැස්ම ලෙස ඉදිරියට ගෙන යමින් සිටියි. ආරම්භයේ සිටම ඉන්දීය රජය ජනතාව දරුණු ලෙස මර්ධනය කළද ඔවුන්ට විප්ලවීය ව්‍යාපාරය කිසිකලෙක මැඩලිය නොහැකි විය. උමතු රජය රසායනික අවි භාවිතා කරන්නට පටන් ගෙන තිබෙන අතර කිහිප දෙනෙකු මරා දමනු ලැබූ, ගාචිරෝලි (Garhchiroli) පොලීසිය විසින් මේ වසරේ විප්ලවීය ජනතාවට එරෙහිව විශාල පරිමාණයෙන් දියත් කළ ඒකපාර්ශ්වික ප‍්‍රහාරයන් ගැන සාක්‍ෂි මෑතකදී හමුවී ඇත. දැන්, ජාත්‍යන්තර නීතියට අනුව ඔබාමා මන්මෝහන් සින් ට සහ ඔහුගේ රජයට දඬුවම් කිරීමට ඉදිරිපත් වෙයිද?

මාඕවාදීහු මේ රටේ පුරවැසියන් වෙති. ගාචිරෝලි ආදිවාසී ජනතාවද මේ රටේ පුරවැසියන් වෙති. මන්මෝහන් සින් නායකත්වය දෙන එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන (UPA-2) රජය හරිත දඩයම් මෙහෙයුම යන නමින් ඉන්දියාවේ ජනතාවට එරෙහිව යුද්ධයක නිරත වෙමින් සිටී. මාඕවාදියෙකු වූවද නොවූවද, ග‍්‍රාමීය හෝ නාගරික ප‍්‍රදේශයක, මහජන අරගලය හෝ සන්නද්ධ අරගලය, නිරාහාර උපවාසයක් හෝ ඉටි පහන් රැගත් පෙරහරක් යන මේ කොයිකත්, සරල ප‍්‍රකාශනයක් හෝ විවේචක කාටූනයක් යන මේ කොයිකත්, කිසි කලෙක රජය විසින් නොඉවසන ලදි. රජයට එරෙහි අදහසක් ඔබේ සිත තුළ ජනිතවන්නේ නම් එයත් රටට එරෙහි තර්ජනයකි. එය මන්මෝහන් සින් විසින් පාරට්ටු බාන ලෝකයේ තිබෙන විශාල ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජ්‍යයි. ඔවුන්ට අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්ථය කුමක්ද? ඔවුහු ඔබට මගපෙන්වීමක් ලබාදී අවසානයේ පෙන්වීමට පමණක් සැලසුම් කරන ලද විරුද්ධත්වයක් නැගීමට ඉඩ දේ, එය ඔවුන්ගේ පාලනය තුළ හොඳින් පවතින අතර ඔවුහු ඒ අටපට්ටම් විරුද්ධත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අකෘතිය ලෙස ප‍්‍රදර්ශනය කරයි. දින කිහිපයකින් පසු මේ විරුද්ධවාදීන් අමාත්‍යවරයෙකු හෝ මහන්දමාල් (mahamandal) සභාපතිවරයෙකු හෝ අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙකු, කිසිදු ඇපයක් නැතිව කෝටිපතියෙකු හෝ කීර්තිමත් ගෞරවනීය සම්මානලාභී සමාජ සේවකයෙකු බවට බවට පත්වේ. මේ ක‍්‍රීඩාවෙහි ඔවුන් නියැලෙන අතරතුර ඔවුහු ජනතාවගේ දුප්පත්කම සහ අනෙකුත් එවැනි ප‍්‍රශ්න විශාල ලෙස භාවිතා කරයි. අයෙකුට ගාචිරෝලි දිස්ත‍්‍රික්කයේ සම්මානලාභී සමාජ සේවකයින් වැඩිවෙනු දක්නට ලැබෙයි. සමාජ සේවකයින් යැයි හඳුන්වනු ලබන මොවුන්ගේ දෑස් ඉදිරිපිටදීම, ආදිවාසීන් මරා දැමෙන අතර ඔවුහු ඒ වෙනුවෙන් කිසිවක් නොකරති. ඔවුන්ගේ කටවල් රජයේ මුදල් වලින් අගුළු ලා ඇත.

පසුගිය අට මස තුළ පොලීසිය විසින් මරා දැමුණු සියළුම මිනිසුන් ආදිවාසීන් වූහ. ගාචිරෝලි වලදී එය හරිත දඩයම් මෙහෙයුම පැහැරීමේ ව්‍යාපාරයක් පමණි. රයිෆල් වෙඩි තබමින් දිව ගිය ඔවුහු දැන් රසායනික අවි භාවිතා කරමින් ආදිවාසීන් මරා දමන්නට පටන් ගෙන ඇත. මේ මගින්, මෙය රජයේ පරාජය පිළිබඳ සංඥව බව ඉතා පැහැදිලි වේ. අපේ‍්‍රල් 12 වන දින, ගාචිරෝලි දිස්ත‍්‍රික්කයේ ධානෝරා තාලූක් හි සින්දෙසුර් ගමේ පොලීසිය විසින් කුමන්ත‍්‍රණය කළ ගැටුමින් මිනිසුන් 7 දෙනෙකු දිවි පිදූහ, මිය ගිය අය අතර ගම්වැසියන් දෙදෙනෙකු හා මහජන සංවිධාන ක‍්‍රියාකාරිකයින් 5 දෙනෙකු විය. වෙඩි උණ්ඩ නිසා මියගිය පස් දෙනෙකු ඔවුනතර වුවද දෙදෙනෙකු ට කිසිදු මූනිස්සම් තුවාලයක සලකුණක් හො නොතිබුණු බව සොයා ගන්නා ලදි. මේ දෙදෙනා අතර ගම්වැසියෙකු වන මුකේෂ් සහ සහෝදර චම්පා විය, ඔවුන්ගේ මරණ පෙනෙන විදියට සැක සහිතය. වෙඩි හුවමාරුවට ඍජුවම සහභාගි වූ මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ සටන් කරුවන්, කමිටුවට සම්පූර්ණ වාර්තාව ලබා දෙන විට, මේ කම්පිත අත්දැකීම ශ‍්‍රවණය කිරීමෙන් අපි මුළුමනින්ම විස්මය පත් වීමු. වෙඩි හුවමාරුව සිදුවන විට ඔවුන්ට අධික වෙහෙස, වමනය, හිසරුදාව, ආසාත්මිකතාව, හුස්ම ගැනීමේ අපහසුතා සහ ආසාදනය සහ කැස්ස අත් දකින්නට සිදු විය. මුලින් අපි එය දූවිල්ල නිසා ඇති විය හැකිවූ දෙයක් යැයි සිතීමු. නමුත් මැයි 19 වැනි දින එම දිස්ත‍්‍රික්කයේ ම හෙතාඩ්කාසා ගමේ සටන සිදුවන විට සියළුම මහජන විමුක්ති ගරිල්ලා හමුදා සාමාජිකයින්ට හුස්ම පිට කිරීම, උගුරේ ආසාදනයන් සහ ආස්වාශ ප‍්‍රශ්න වලට සමාන තත්ත්වයන් අත්විඳ තිබුණහ. එම මොහොතේ මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ අණදෙන්නා, මේ ගැන සැලකිල්ලෙන් අවධානය යොමු කළ විට, පොලීසිය අහසෙහි පුපුරන යම් වර්ගයක බෝම්බ විදින බව සහ යම් සුවිශේෂී උණ්ඩ වර්ගයකින් වෙඩි තබන විට මේ තත්වය උද්ගත වන බව වටහා ගත්හ. එම මොහොතේදී ම ගැටුම සිදු නොවන වෙනත් පසෙක වූ, කිසිදු සහෝදරයෙකුට මේ තත්ත්වය අත්දකින්නට නොලැබුණි. මේ සිදුවීමෙන් පසු පොලීසිය රසායනික අවි භාවිතා කරන බව පැහැදිලි වූහ. එය සින්දෙසූර් සිදුවීමේදී පුද්ගලයින් දෙදෙනා ගේ සැකසහිත මරණ පිටුපස වූ සැබෑ හේතුව රසායනික අවි භාවිතය බව අනාවරණය කළහ. මේ සිදුවීමට සම්බන්ධව සිටි සහෝදරවරු, දින ගණනාවක් තිස්සේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති බව දින ගණනාවක් ම පැමිණිලි කළහ. මහජන විමුක්ති හමුදාවේ වෛද්‍යවරුන්ගෙන් හොඳ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඔවුහු යථා තත්ත්වයට පත් වූහ. මහරාෂ්ට‍්‍රා රජය සමග භජනය පවත්වන ඉන්දීය රජය රසායනික අවි භාවිතා කිරීමට කිසිදු පැකිලීමක් නොදක්වන බව හිරු එළිය සේ පැහැදිලිය. මේ ක‍්‍රියාව මිනිස් වර්ගයාට ලජ්ජා සහගත දෙයක් පමණක් නොව මිනිස් වර්ගයාට එරෙහි බිහිසුණු ගණයේ අපරාධයකි. රජය කාශ්මීරය, ගිණිකොන පෙදෙස්වල සහ රැලි වලට සහ ඔවුන්ට බාධාකරන කලබලකරුවන්ට එරෙහිව රසායනික අවි භාවිතා කළ යුතුවේ යැයි, කවුරු නම් දනිත්ද? කාට හෝ මේ ගැන අවධානයක් යොමු කරන්න තිබුණේ නම්, එවිට පමණක් ඒවා අනාවරණය වනු ඇත. ජනතාවාදී රසායනික විශේෂඥයන් සහ මානව හිමිකම් ක‍්‍රියාකාරිකයින් සමග එක්ව ආයුධ තැන්පතු, ගාචිරෝලි පොලිස් කඳවුරේ පතරොම් ගැන විමර්ශනයක් සහ අපක්‍ෂපාතී පරීෂණයක් සත්‍ය අනාවරණය කර ගැනීමට කළ යුතුම යැයි රටතුළ සහ ලෝකය පුරා යුක්තිය-කැමති මිනිසුන්ගෙන්  සහ බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. රසායනික අවි සහ ජන සංහාරක අවි සහිත ඔවුන්ගේ අවි ගබඩා ජනතාවට එරෙහිව රජය ගෙනයන යුද්ධයේ තතු පෙන්වනු ඇත.

මරා දමා එමෙන්ම වැතිරී තිබුණු ලේ පිරුණු දේහ වල ඡායාරූප ගෙන එම සේය රූ ඇතුළත් නම්‍යශීලී බැනර් සකස් කොට භීතියට පත් කිරීමට ඒවා ගම්මාන තුළට දමා සහ ඉහත සියල්ලේම ගාචිරෝලි පොලීසියේ නිළ මුද්‍රාව තබා තිබීම මිනිස් වර්ගයාට නොගැලපෙන නින්දිත වූ හැසිරීමකි. මේ රජයට මිනිස් වර්ගයා ගැන කිසිදු වටිනාකමක් නොමැති බව මේ මානසිකත්වය මහ හඬින් කෑ ගසා කියයි. ඔවුන්ට ආදිවාසීහු වූ කලී දඩයම් කිරීමට තිබෙන වන සතුන් මිස වෙන කිසිවක් නොවන අතර ඔවුහු ඒ ගැන ආඩම්බර වෙති. මෙද්‍රි (Medri) හි දී දිවි පිදූ කාන්තා ක‍්‍රියාකාරිකයින්ගේ සේයා රූ දිටු විට මිනිස්සු මහ හඬින් හැඬූහ. කිසිදාක ව්‍යාපාරයේ කොටසක් නොවූ මිනිසුන්ගේ හදවත් හඬා වැටෙතත් පොලීසිය සහ අමාත්‍යවරු තරු පහේ හෝටල්වල සමරමින් සිටිනු දක්නට ලැබේ. මහාරාෂ්ට‍්‍රා හි ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රිත්විරාජ් චවාන් සහ ස්වදේශ කටයුතු ඇමති ආර්. ආර්. පටිල් සිය පුරවැසියන් මරා දැමීම වෙනුවෙන් ඔවුන්ට පදක්කම් ලබා දෙනු දක්නට හැකි විය. මේ කොම්ප‍්‍රෙදා්රු පාලකයින්ගේ සිංහාසනය මිය ගිය ආදිවාසීන්ගේ මළ කඳන් මත ගොඩ නගා ඇත. මෙය මිනිස් වර්ගයාටම ලජ්ජාවකි.

මුරණ්ඩු ලෙස කථා කළ පොලිස් සුපිරිටැන්ඩන්ට් සුවේෂ් හක් ඔවුන් මිනිසුන්ට වෙඩි තබන බව කිවේය, කුමන ව්‍යවස්ථාවකින් ඔහුට මේ අයිතිය ලබා දී තිබේද? මාඕවාදියෙකුට හෝ වෙන කාට වුවත් සිය පුරවැසියන් මරා දැමීමට අයිතියක් තිබේද? දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම මේ රජයේ ප‍්‍රතිපත්තියයි. දේශපාලනික විරුද්ධත්වය භෞතිකව වැනසීමෙන් අවසන් කරනු ලබයි. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ මධ්‍යතන යුගයේ පාලනයකි. ශ්‍රේෂඨ මිනිසුන් ව්‍යවස්ථාව ලියන ලද්දේ දිළින්ඳන්ට, අසරණයින්ට, දාලිත්, ආදිවාසී සහ පීඩිත මිනිසුන්ට යුක්තිය ලබා දීමේ අරමුණ ඇතිවයි, නමුත් එය ධනවාදී වෙළඳපොලේ නිරුවත් වී ඇත. ආදිවාසීන්ගේ සංවර්ධනය යන මුවාවෙන් ව්‍යවස්ථාවේ 5 වන උපශීර්ෂය යකඩ සපත්තුවලින් පාගා දැමීම ලජ්ජා සහගත බවේ මුදුනටම පත්වීමක් වේ. මෙය ඉන්දියාව පුරාම සිදුවේ. මාඕවාදී නායකත්වය සැලකිල්ලට ගනිමින් තුන් ලක්‍ෂයකට අධික පොලිස් සහ පැරා මිලිටරි බල ඇණි කලාපය තුළ ජනතාවට කෲරකම් කිරීමට නියෝග දෙනු ලබයි. වනාන්තරය තුළින් ආදිවාසීන් විතැන් කිරීම හෝ ඔවුන්ව ඉමහත් ලෙස බියට පත් කිරීම නිසා සිය ජීවිත ආරක්‍ෂා කරගැනීම හැර වෙන කිසිම දෙයක් ගැන ඔවුන්ට සිතන්නට නොහැක. ඔවුහු ඔවුන්ගේ ජලය-වනාන්තරය-භූමිය සහ අභිමානය ගැන පවා සිතිය යුතු නැත. මෙවැනි ෆැසිස්ට් ප‍්‍රහාරයන් රජය විසින් අඛණ්ඩව ගෙන යනු ලබමින් සිටී. මේ ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද?

ඉන්දියානු කොම්ප‍්‍රදෝරු පාලකයන් විසින් තෝරා ගෙන තිබෙන අධිරාජ්‍යවාදීන්ගේ නව-ලිබරල් ප‍්‍රතිපත්ති මේ රට පසුපසට හරවයි. සම්පත් සහ ස්වෛරීත්වය විදේශීය කොම්පැනි වලට මේ වන විටත් විකුණා දමනු ලැබ තිබේ. පරිභෝජනවාදී කොම්ප‍්‍රෙදා්රු සංස්කෘතිය රුධිර නාළ වලටද එන්නත් කරමින් පවතී, එහි ප‍්‍රතිඵලයක් ලෙස කිසිදු ලජ්ජාවකින් තොරව මානව වටිනාකම් සහ සමාජ සිතුම් පැතුම් පොඩිකර දමයි. අතීතය දෙස ආපසු හැරී බැලීමෙන් පසු පෙනී යන්නේ සමාජයේ එක් කොටසක් පමණක් සංවර්ධනය වී ඇති සෙයකි. මම ඇතිතරම් දියුණුවක් කර තිබේ, මගේ ජීවිතය අනෙක් අයට වඩා හොඳයි, මේ වර්ගයේ සමාජ ඩාවින්වාදයේ බිජුවට වපුරමින් තිබේ. ප‍්‍රතිඵලයක් ලෙස ආදිවාසීන් සහ දාලිත්වරුන් කෙරේ වූ කරුණාව සැතපුම් ගණන් ඈතින් වූ දෙයක් බවට පත්වී තිබේ. අතීතය දෙස හැරී බැලීමේදී, සමහර සම්මානලාභී සමාජ සේවකයින් දුප්පත්කම තුරන් කරලීම උදෙසා වූ සිය භඨධ හරහා, සම්මාන ඩැහැ ගැනීම සහ මුදල් ඉපැයීමේ ව්‍යාපාර ඇති කිරීම සිදු කළහ. කොයි නිළධාරියාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ වීරයින් බවට පත් කරන සිය ඝාතන ලකුණු වැඩි කර ගැනීමට වැඩියෙන් ආදිවාසීන් මරයි. රුපියල් කෝටි ගණන් අල්ලස් ගන්නා කොම්ප‍්‍රෙදා්රු නායකයෝ විදේශීය සමාගම් වලට රටේ කර්මාන්ත විකුණමින් සිය මඩි පුරවා ගනිති. ජලය, වනාන්තරය සහ භූමිය විකුණා දමා ඇත, සැබෑ අර්ථයෙන් ගත් කළ වනාන්තර නැතුව ආදිවාසීන් නොසිටිනු ඇත, ආදිවාසීන් නොමැතිව වන ගිජු ලිහිණියන්, විවිධ ජීව විශේෂ සුරක්‍ෂිත නොවනු ඇත. මේ දෙක ආරක්‍ෂා කර ගැනීම උදෙසා, රජයේ මංකොල්ලයට එරෙහිවීමෙන් සහ සිය ජීවිත පරිත්‍යාගයෙන් එය මැඩ පැවැත්වීමෙන් මාඕවාදී ගරිල්ලෝ චීනයේ ශ්‍රේෂ්ඨ මානව පවුර ඉදි කොට තිබේ. මෙය තරණය කිරීමට රජය අසමත් වී තිබේ.

එම නිසයි රසායනික අවි මගින් කෲර භයානක ප‍්‍රහාරයන් ජනතාව මතට දියත් කරමින් සිටින්නේ. මේ ප‍්‍රහාරකයන්ට දඬුවම් කළ යුතුය. මන්මෝහන් සින්, ප‍්‍රිත්විරාජ් චවාන්, ආර්. ආර්. පටිල් සහ අනෙක් නිළධාරීහු මෙයට සම්බන්ධය. සිය රට වැසියන්ට රසායනික අවි යෙදවීම නිසා මන්මෝහන් සින් අපරාධකරුවෙකි. ඔහු දඬුවම් ලැබීමට සුදුස්සෙකු වන අතර සිරියාව ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නැත. මානව වර්ගයාට එරෙහි ඔවුන්ගේ අපරාධ වෙනුවෙන් ඔවුහු දඬුවම් ලැබිය යුත්තාහ. ලෝක ජනතාවගේ අංක එකේ හතුරා වන ඇමෙරිකාව, කෙසේ හෝ; සිරියාවට එරෙහිව මහ හඬින් හඬ තැලූවද ඉන්දියාවේ මාඕවාදීන්ට එරෙහිව රසායනික අවි භාවිතා කිරීමේ ප‍්‍රතිපත්තිය  ඇමෙරිකාවට වඩා අයිතිය ඇති වෙන කිසිවෙකු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සිරියාවේ ජනතාව සන්නද්ධ අරගලයක නිරතවීම නොබිඳිය හැකි සේම වසර 44 ක් පුරා ඉන්දියාවේ මාඕවාදීහු නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අරගලය ඉදිරියට ගෙන යමින් සිටී. ඔවුහු ඉන්දියාවට තර්ජනයක් වන්නේ කෙසේද? ඔබාමා සහ ඉන්දියානු කොම්ප‍්‍රදෝරු පාලකයෝ සිය මොළගෙඩි පරීක්‍ෂා කර ගත යුත්තාහ; කටවල් පමණක් ඇති කලිසම් නොහඳින ඔවුහු ආත්මාර්ථකාමීහු වේ. ඔවුන්ට බිඳක හෝ අවංක බවක් නොමැත; මානව වටිනාකම් ඔවුන්ට කමකට නැත. ජනතාවගේ සංවර්ධනය සහ සුභ සාධනය ඉදිරියට දමමින් ඔවුහු මංකොල්ලකෑමේ සහ මර්ධනය කිරීමේ න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යයි. හාමත, ලෙඩරෝග, නූගත්කම ආයුධයක් කර ගන්නා ඔවුහු ආර්ථික අර්බුදවලින් ගොඩ ඒමට සත්‍ය ලෙසම මන්මෝහනමික් සහ ඔබාමික් ආකාරයෙන් රේගන්-තැචර්වාදයේ නව-ලිබරල් න්‍යාය ක‍්‍රියාවට නංවමින් දශ ලක්‍ෂ ගණන් ජනතාව විනාශයට ඇද දමයි. ජනතාවට එරෙහිව රසායනික අවි භාවිතය මේ ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන අංගයකි. ඔවුන්ව බිමට ඇද දමා දඬුවම් කිරීම දේශපේ‍්‍රමය වනවා මෙන්ම මානව වර්ගයා වෙනුවෙන් කරන ධර්මිෂ්ඨ කර්තව්‍යයකි. එම නිසා, අපි ජනතාවට එරෙහි යුද්ධයට එරෙහිව සහ විශේෂයෙන්ම රසායනික අවි භාවිතයට එරෙහිව සටන් වැදීමට මානව වර්ගයාට එරෙහි ඔවුන්ගේ අපරාධ සඳහා පාලකයන්ට ජනතා අධිකරණයේදී දඬුවම් කිරීමට තරුණයින්ට, මානවාදීත්වය තවමත් පවතින පුරවැසියන්ට සහ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කැමති රටේ ජනතාවට ආමන්ත‍්‍රණය කරමු.

ලේකම්
සහෝදර සයිහද්‍රි
ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී), මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්ත කමිටුව

MRL පරිවර්තනයකි

Blog: https://liberationbase.wordpress.com/ |  E-mail: slradical@ymail.com

Advertisements

මනිපූර් – (UNLF) 49 වැනි සංවත්සරය

Download PDF AWTW-NOV18-Iran-Philipine

මනිපූර් – (UNLF) 49 වැනි සංවත්සරය
උපැටුම – මාඕවාදී මාවත සඟරාවෙනි : (MaoistRoad)

එක්සත් ජාතික විමුක්ති පෙරමුණේ (UNLF) 49 වැනි උපන්දිනය නිමිත්තෙන් ජනතාවට සුභපැතුම් පුද කරයි.

UNLF_20121126

ඉම්ඵාල්, 2013 නොවැම්බර් 23: එක්සත් ජාතික විමුක්ති පෙරමුණේ (UNLF) 49 වැනි සංවත්සරය අවස්ථාවේදී මනිපූර් ජනතාවට සුභපැතුම් පුදකරමින්, අදාල සංවිධානයේ මධ්‍යම කාරක සභාව ‘ඉන්දියාවට සහ එහි ප‍්‍රතිගාමී පඹයන්ට එරෙහි විමුක්ති අරගලය’ තුළ ක‍්‍රියාකාරීව නියුතු වන ගිණිකොන ආසියාවේ සියළුම වාර්ගික කණ්ඩායම්වල සාමාජිකයින්ට ආරාධන කර තිබුණි. එහි වාර්ෂික ප‍්‍රකාශනය තුළ, මධ්‍යම කාරක සභාව ප‍්‍රකාශ කළේ මනිපූර් ජනතාව සිය වෙනස් වීමේ පූර්වගාමියෙකු සහ සිය ශක්තියේ උල්පත ලෙස වැළඳ ගන්නා බවයි.

ඉන්දියාව මනිපූර් බලහත්කාරයෙන් ඈ‍‍‍ඳා ‍‍ගැනීමත් සමග ඇතිවූ මනිපූර්-ඉන්දියා ඝට්ටනය දැන් එහි 64 වෙනි වසරට ඇතුල් වී ඇති අතර ඉන්දියාවට එරෙහිව UNLF මගින් දියත් කර ඇති සන්නද්ධ අරගලයට වසර 49 ක් වේ. වාර්ෂික ප‍්‍රකාශනය වැඩිදුරටත් උච්චාවචනයන් වෙනස් වීමේ ක‍්‍රියාව තුළ ස්වාභාවික අංගයක් බව ප‍්‍රකාශ කරන්නට යෙදුනි. මෑතදී සිදු වුන ප‍්‍රධාන වශයෙන්ම ඉන්දියානු ආරක්‍ෂක බල ඇණි වල සුපිරි බලය සහ ඔවුන්ගේ ප‍්‍රයෝගකාර කූට උපායන් මෙන්ම අත්වැරදීම් වෙනස් වීමේ ක‍්‍රියාවලිය තුළ පෙරමුණේ සිටින කණ්ඩායම්වල මෙහෙයුම් ක‍්‍රියාවලිය මන්දගාමී කළේය.

————–

පිලිපීනය: ජනතාවගේ සේවය සහ ජාත්‍යන්තර සහය සඳහා… CPP Call..

පිලිපීනය: ජනතාවගේ සේවය සහ ජාත්‍යන්තර සහය සඳහා පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂය ඉල්ලා සිටියි.

පිලිපීනය: 2013 නොවැම්බර් 18. දිනා ගැනීමට ලොවක් ඇත ප‍්‍රවෘත්ති සේවය. මතු දැක්වෙන්නේ පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂයේ තොරතුරු බියුරෝව විසින් නොවැම්බර් 9 නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි. (ndfp.net) ටයිපූන් හයියාන්  ගැන වැඩිදුර දැනගැන්මට, 2013 නොවැම්බර් 13 විප්ලවය : (revcom.us) කලාපයේ ‘‘පිලිපීනයේ ටයිපූන්… අධිරාජ්‍යවාදයේ ස්වාභාවික නොවන විනාශකාරී බලවේග’’ බලන්න.

පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂය (CPP) අද සුපර්-එයිපූන් යෝලන්ඩා (ජාත්‍යන්තර නම හයියාන්) කුණාටුවෙන් විනාශයට පත් විණු පළාත් වූ නැගෙනහිර සහ මධ්‍යම විසායාස්, පන්යා, නැග්‍රෝස්, මාස්බටේ, මින්ඩොරෝ, පලවාන් සහ අනෙකුත් දිවයින්වල, එමෙන්ම නැගෙනහිරර සහ නැගෙනහිර මින්දනාවෝ, උතුරු මින්දනාවෝ සහ දකුණු ලූෂොන්හි පළාත් ප‍්‍රදේශ වල පීඩාවට පත් මිලියනයක ජනතාවකට දැක්වූ සිය අනුග‍්‍රහය පුළුල් කරළහ.

එම මොහොතේදිම, පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂය ගැලවා ගැනීමේ, සහන සැලසීමේ සහ පුනරුත්තාපනය කිරීමේ කාර්යයන් සඳහා හදිසි සැපයුම් සහ ආධාර ලබා ගැනීමට රට පුරාම සහ විදේශයන්හිත් ජනතාවගේ සේවය සඳහා ආමන්තණය කළහ. ‘‘හදිසි පිළිසරණක් අවශ්‍ය වඩාත් අවශ්‍ය ව සිටින කුණාටුව නිසා හානියට පත් වූ ප‍්‍රදේශවල ජනතාවට හැකි උපරිම උපකාර ලබාදීම පුළුල් කළ යුතුය’’ පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂය ඉල්ලා සිටියහ.

පෙරෙදා දින, යෝලන්ඩා නිවර්තන කුණාටුව මහත් වේගයකින් පිලිපීනය හරහා ගමන් කොට, විශාල ප‍්‍රදේශයකට විනාශය කැඳවමින් නික්ම ගියහ. යෝලන්ඩා භූමිය මතට කඩා වැදුණු බලවත්ම කුණාටු වලින් එකක් ලෙස සලකනු ලබන අතර, පසුගිය තිස් වසර පුරා හටත් වඩාත් බලවත්ම කුණාටුවලින් එකක් ද වේ.

පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂය ප‍්‍රකාශ කළේ බලවත් කුණාටුවෙන් විනාශ වුණු ප‍්‍රදේශ අතර පළාත් විප්ලවීය රාජ්‍ය අධිකාරියේ පාලනය යටතේ පවතින, සහ නව මහජන හමුදාව (NPA) මෙහෙයුම්වල නිරත වන ප‍්‍රදේශ සහ අනෙකුත් විප්ලවීය මහජන සංවිධාන පවතින විප්ලවීය මූල ප‍්‍රදේශ ද වන බවයි.

ටයිපුන් මගින් ආලපාලූ වී ගිය බොහෝ ප‍්‍රදේශ මෑතදී ඇතිවූ භූ කම්පන නිසා ජනතාව තද සුලං සහ වැසිවලින් වන අනතුරුවලට වඩාත් භාජනය විය හැකි තත්ත්වයක සිටින බව පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂය ප‍්‍රකාශ කළහ.

‘‘බහුතරය දිළිඳු ගොවියන්, රැකියා විරහිත ගොවිපල කම්කරුවන්, කුඩා ධිවරයන් සහ ස්වදේශිකයන් වන මේ ප‍්‍රදේශ සමස්ත රටේ වඩාත්ම දිළිඳුබවට වැටී ඇති ප‍්‍රදේශ වේ,’’ යැයි පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂය ප‍්‍රකාශ කළහ. රජය මගින් ඔවුන් දිගු කාලයක් තිස්සේ නොසලකා අත්හරින ලද අතර සහනාධාර ලබා දීම සඳහා ප‍්‍රමුඛතාවය ලබාදිමක් නොවනු ඇත.

සිය ප‍්‍රාදේශීය කමිටු වලින්, එමෙන්ම මහජන සංවිධාන වලින් සහ නව මහජන හමුදාවේ ඒකක වලින් තවමත් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බව කොමියුනිස්ට් පක්‍ෂය ප‍්‍රකාශ කළේය.

Blog: https://liberationbase.wordpress.com/ | E-mail: slradical@ymail.com

ඉරානයේ කුර්දි සහ බලූචි තරුණයන් ඝාතනයට ලක් කිරීම ගැන

ඉරානයේ කුර්දි සහ බලූචි තරුණයන් ඝාතනයට ලක් කිරීම ගැන

2013 නොවැම්බර් 18. දිනා ගැනුමට ලොවක් ඇත ප‍්‍රවෘත්ති සේවය (A World To Win News Service). පහත ප‍්‍රකාශනය ඉරාන කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්වාදී ලෙනින්වාදී මාඕවාදී) විසින් නිකුත් කරන ලදි. එවක් පටන් ඉරානයේ ඉස්ලාම් ජනරජය ඉරානයේ සහ කුර්දිස්ථානයේ මේ ඝාතන රැල්ල දිගටම පවත්වාගෙන යනු ලැබූහ. (cpimlm.com)

වසර තුනක පමණ කාලයක සිට ඉරාන ඉස්ලාම් ජනරජයේ සිරගතව සිටි තරුණ කුර්දි ක‍්‍රියාකාරිකයෙකු විය, හබිබුල්ලාහ් ගොල්පරිපොර් (Habibullah Golparipour), 2013 ඔක්තෝබර් 23, වයඹ දිග ඉරානයේ ඔරුමියාහ් (Orumieh) වලදී මරා දැමීම නිසා ඔහුගේ ආදරණීය ජීවිතය අහිමි විය. රාජ්‍ය විරෝධී සහ රාජ්‍ය විරෝධී කණ්ඩායම් සමග සම්බන්ධකම් පැවැත්වීම නිසා චූදිතයෙකු වූ, ඔහු ජනාධිපතිවරණයට පසුව පැන නැගුණු කැල්ලෙන් පසුව 2009 ඔක්තෝබර් සිටම සිරගත කර තිබුණි. රජයේ කුලී මිනීමරුවන් සිකරුවන්ට ඇති කර තිබූණ දුෂ්කර තත්වයන් වූ තීව‍්‍ර කරන ලද වධ දීම්, දිගු කාලයක් හුදකෙලාව තැබීම ඔහු දරා සිටියහ. නමුත් ඔහු රාජ්‍ය කෲරත්වයට යටත් නොවුණි.

එම කාලය තුළදීම, දිනකට පෙර සරාවාන් (Saravan) [ඉරාන, පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේ සිස්තාන්-බලූකිස්තාන් ප‍්‍රාන්තයේ නගරයකි] වලදී රාජ්‍ය කුලී මිනීමරුවන් 18 දෙනෙකු මරා දැමීමට එකටෙක කිරීමක් වශයෙන් ඔක්තෝබර් 16 දින බලූචි දේශපාලන සිරකරුවන් 16 දෙනෙකු මරණයට පත් කරනු ලැබූ බව කියැවුණි. මෙය රාජ්‍ය විසින් සිදු කරනු ලැබූ මෙවැනි වර්ගයේ පළමු සහ අවසාන අපරාධය ද නොවේ. ඉරානය වූ කලී ජාතීන්ගේ සිර ගෙදරකි. ජාතික පීඩනය මේ රාජ්‍යපාලනයේ ප‍්‍රධාන ස්ථම්භයක් වන අතර මේ වර්ගයේ අපරාධ ගැන මෙන්ම බලයේ සිටි සූරා කන පංති ගැන අපි සාක්‍ෂි දරන්නෙමු. මරා දැමීමට අපේක්‍ෂිත කුර්දිස්තානයේ, බලූකිස්තානයේ සහ කුෂෙස්තාන් පළාත්වල තරුණයින්ගේ දිගු ලැයිස්තුවක් ඇත, මේ කලාපවල කලබලකාරීත්වයේ ඉතා කුඩා සංඥවක් නිසා, සමහරෙකු එල්ලා දැමෙනු ඇත.

සරාවාන් සිද්ධියට අනුව යමින්, හසාන් රවුහානි (Hassan Rouhani)” ‘‘වීරෝධාර සුනම්‍යභාවයේ’’ ජගතා ලෙස කියාගනු ලැබූ ඉරානයේ නව ජනාධිපති, ‘‘කැරලි කරුවන්ට’’ මුහුණ දීමට ආරක්‍ෂක අංශ සමග සහයෝගයෙන් වැඩ කරන විශේෂ කමිටුවක් පිහිටුවීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පත් කළහ. තවදුරටත්, ෂහෙඩාන් (Zahedan) [සිස්තාන්-බලූකිස්තාන් ප‍්‍රාන්තයේ අගනුවර] හි පැමිණිලි මෙහෙයවන-ජනරාල් ‘‘අපි එකටෙක කරන බවට අනතුරු හඟවනවා’’ යැයි කියමින් ඝාතනය කිරීම් යුක්තිසහගත කළහ. [මරණයට පත් කරනු ලැබූවන් සහ දේශ සීමා ආරක්‍ෂයකයින්ගේ මරණය අතර කිසිදු සම්බන්ධකමක් නැති බව BBC ය වාර්තා කළේය.]

ඉස්ලාම් ජනරජය බටහිර සමග ‘‘වීරවත් සුනම්‍යතාවය’’ දිගටම ප‍්‍රදර්ශනය කරගෙන යන ආකාරයටම, එය සිය මර්ධනය සහ තරුණයන් මරා දැමීම ඇතුළු අපරාධ වැඩි කරමින් සිටින අතර ජනතාව දිළිඳුබවට පත්වීම පවා වඩා තීව‍්‍ර වී ඇත. මෙය මැද පෙරදිග අර්බුද සඳහා රාජ්‍යය පාලනය දක්වන අභ්‍යන්තර ප‍්‍රතික‍්‍රියාවයි. මේ අපරාධකාරී ක‍්‍රියාවන් එහි පිළිකුල් සහගත ජීවිතය නිමේෂයකට හෝ දික් කර ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින මුළුමනින්ම කුණු වූ පාලනයේ බංකොලොත්භාවය සහ අසමත්භාවය පිළිබඳ වූ දර්ශකයක් බවට කිසිදු සැකයෙක් නැත.

ඉස්ලාම් ජනරජය වපුරා තිබුණු දැයෙහිම විපාක නෙලාගන්නා බව ජාතික පීඩනයට එරෙහි පීඩිත ජාතීන්ගේ අරගලය තවත් වරක් තහවුරු කරනු ඇත.

රාජ්‍ය පාලනයේ අතිශය දුෂ්ට සහ කෲර සැලසුම් පිළිතුරු නොසැපයුන දේ ලෙස නොතිබිය යුතුය, නොතිබෙනු ඇත. හබිබුල්ලා ගොලාපරිපෝර් සහ අනෙකුත් දිවි පිදූවන් සඳහා වන අනුස්මරණ උත්සව මේ පාලනයේ අපරාධ හෙලි දරවු කරන තැනට පත් කරන ලෙස අපි කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට, කාන්තාවන්ට සහ තරුණයන්ට ආමන්ත‍්‍රණය කර සිටිමු. මේ අරගලය උතුරන දේශපාලන දර්ශනයක් තුළට යොමු කළ යුතුය. එය ඔවුන්ට අත් වූ මේ අපරාධ වලින් ගැලවී යා හැකි අධිරාජ්‍යවාදීන්ගෙන් සහ ප‍්‍රතිගාමීන්ගෙන් නිදහස ලබා ගත හැකි සැබෑ විප්ලවයක් වේ. සිය කෲරත්වය පෙන්වන ඉස්ලාම් රාජ්‍යයේ දුෂ්ට සැලසුම් පෙර කවරාදටත් වඩා වැඩි වී ඇත. ඔවුහු පොලොව කම්පිත සිදුවීම්වල ලකුණු සහ ලේ හැලෙන යුද්ධ දැනටමත් කරගෙන යයි, න්‍යාය පත‍්‍රයට අනුව යුද්ධ, මර්ධනයෙන් සහ සූරාකෑමෙන් තොර සමාජයක අරමුණ ඇතිවඉස්ලාම් ප‍්‍රතිගාමීන්ට ප‍්‍රතිචාර දැක්වීමට සහ ඔවුන්ගේ රාජ්‍ය ක‍්‍රමය පෙරලා දැමීමට විප්ලවීය ප‍්‍රචණ්ඩත්වය ඉදිරිපත් කළ යුතුය.

ඉස්ලාම් ජනරජය භංගවේවා!

පීඩිත ජාතීන්ගේ ස්වයං නිර්ණයේ අයිතිය දිගු කල් දිනේවා!

විප්ලවය දිගු කල් දිනේවා! කොමියුනිස්ට්වාදය දිගු කල් දිනේවා!

Blog: https://liberationbase.wordpress.com/ | E-mail: slradical@ymail.com

Philippines: CPP calls for mass mobilization, international support for relief operations

Philippines: CPP calls for mass mobilization, international support for relief operations

18 November 2013. A World to Win News Service. Following is a 9 November media release from the Information Bureau of the Communist Party of the Philippines. (ndfp.net) For more on typhoon Haiyan, see “The typhoon in the Philippines… and the destructive unnatural forces of imperialism” in the 14 November 2013  issue of Revolution (revcom.us)

The Communist Party of the Philippines (CPP) today extended its sympathies to the millions of people affected by super-typhoon Yolanda (international name Haiyan), which ravaged provinces in Eastern and Central Visayas, in Panay, Negros, Masbate, Mindoro, Palawan, and other islands, as well as in areas in Eastern and South Eastern Mindanao, Northern Mindanao and provinces in Southern Luzon.

At the same time, the CPP called for mass mobilization across the country and abroad to generate emergency supply and funds for rescue, relief and rehabilitation efforts. The CPP called on ”people in the areas least affected by the storm to extend maximum possible help to the people who are most in need of emergency assistance.”

Yesterday, tropical storm Yolanda  barrelled across the Philippines, leaving a wide swath of destruction. Yolanda is considered to be among the strongest typhoons ever to hit land, and
one of the most powerful of storms over the past 30 years.

The CPP said that among the areas which were devastated by the strong winds are revolutionary base areas which are within the scope of authority of the provisional revolutionary government, and in the areas of operation of the New People’s Army and other revolutionary mass organizations.

The CPP also pointed out that many of the areas ravaged by the typhoon were those recently hit by powerful earthquakes where people were most vulnerable to the strong winds and rains.

”These areas are among the most impoverished in the entire country, where the majority are poor peasants, unemployed farm workers, small fisherfolk and indigenous peoples,” said the CPP. ”They have long been abandoned by the reactionary government and will not be among its priorities for assistance.”

The CPP said it is still awaiting detailed reports from its local committees, as well as mass organizations and NPA units in the areas.

            – end item-

On the execution of Kurdish and Baluchi youth in Iran

On the execution of Kurdish and Baluchi youth in Iran 

18 November 2013. A World to Win News Service. The following statement was issued by the Communist Party of Iran (Marxist Leninist Maoist). Since then the Islamic Republic of Iran has continued this wave of executions in Kurdistan and other regions of Iran. (cpimlm.com)

Habibullah Golparipour, a young Kurdish activist who has been in an Islamic Republic prison for three years, was executed on 23 October 2013 in Orumieh, north-west Iran, and lost his dear life. Accused of anti-regime activities and connections with anti-regime groups, he had been in prison since October 2009, following the uprising that erupted after the presidential election. He endured the difficult conditions that the regime’s mercenaries have created for prisoners, including intense tortures, and spent long periods in isolation. But he did not give in to the regime’s brutalities.

At the same time, it has been reported that 16 Baluchi political prisoners were executed on 26 October in reprisal for the killing of 18 regime mercenaries in Saravan (a city in Sistan-Baluchistan Province, Iran, bordering Pakistan and Afghanistan) the day before. This is not the first such crime of the regime and will not be the last. Iran is the prison of nations. National oppression is a major pillar of this regime and we will witness such crimes as long as the exploiting classes are in power. There is a long list of youth in Kurdistan, Baluchistan and Khuzestan provinces waiting to be executed, and at the slightest sign of unrest in these regions, some will be hanged.

Following the Saravan incident, Hassan Rouhani, Iran’s new president, the so-called champion of “heroic flexibility”, assigned the Interior ministry to form a special commission in cooperation with security forces to confront “rebels”. Furthermore, the prosecutor-general of Zahedan (the capital of Sistan-Baluchistan province) justified the executions by saying “We warned that we would retaliate!” [BBC reports no evidence that any of the executed had any connection with the death of the border guards.]

As the Islamic regime continues to display “”heroic flexibility” with the West, it is also stepping up its oppression and crimes, including the executions of youth, and the poverty of the people is becoming even more intensified. This is the regime’s internal reaction to the crisis in the Middle East. There is no doubt that these criminal acts are indications of the bankruptcy and failure of a totally rotten regime that is hoping to extend its disgusting life a little longer.

The struggle of the oppressed nations against national oppression will once again demonstrate that the Islamic regime will reap what it has sown.

The regime’s viciousness and brutal plans should not and will not go unanswered. We call on workers, students, women and youth to convert the memorial ceremonies for Habibullah Golparipour and other martyrs into exposures of the crimes of the regime. This struggle must be turned into an effervescent political scene. It is with a real revolution independent of imperialists and reactionaries that we can give these crimes the response they deserve. The Islamic regime’s vicious plans more than ever carry the signs of its fragility. They carry the signs of earth-shaking events and bloody battles that are on the way, battles that should put revolutionary violence on the agenda to settle accounts with the Islamic reactionaries and overthrow their state system with the goal of a society without oppression and exploitation.

Down with the Islamic Republic of Iran! Long live the right of self-determination for oppressed nations! Long live revolution! Long live communism!

            – end item-

භගත් සින් – ‘‘මා අදේවවාදියෙකු වූයේ මන්ද’’

PDF File: භගත් සින් – ‘‘මා අදේවවාදියෙකු වූයේ මන්ද’’ (49KB)

භගත් සින්‘‘මා අදේවවාදියෙකු වූයේ මන්ද’’

bhagat-singh_3

උපත: 1907 සැප්තැම්බර් 28
ජරන්වාලා තෙසිල්, පන්ජාබ්, බි‍්‍රතාන්‍ය ඉන්දියාව

මරණය: 1931 මාර්තු 23 (වයස අවුරුදු 23 දී)
ලාහෝර්, පන්ජාබ්, බි‍්‍රතාන්‍ය ඉන්දියාව

භගත් සින් යනු ඉන්දියානු නිදහස් ව්‍යාපාරය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ එක් සුන්දර, තිරසර මිනිසෙකි. දැඩි ලෙස දේවවාදී මතයන්ට, පාරභෞතිකවාදයට විරුද්ධ වූ ඉන්දියාවේ එකළ නැගුණු විප්ලවවාදී පරපුර ඔහු නියෝජනය කරයි.

ගාන්ධි වැනි දේශීය ධනේශ්වරයේ ඒජන්තවරු ඊනියා සාමකාමී ව්‍යාපාර, සත්‍යග‍්‍රහ හඳුන්වා දෙමින් ඉන්දීය නිදහස් අරගලය ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහි සටන්කාමී නොවන ස්ථාවරයක පවත්වාගෙන යෑමට වග බලා ගත්හ. එවැනි සමහර සත්‍යග‍්‍රහ අරගල පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු වෙඩි තැබීම මගින් පමණක් විසුරුවා හැරීම අසිරු නොවීය. භගත් සින් විසින් ඊට ප‍්‍රතිපක්‍ෂව සටන්කාමී ලෙස අධිරාජ්‍යඨවාදයට එරෙහිව අරගල කිරීම වඩා ඵලදායී බව ඉස්මතු කරමින් ඉන්දියාව පුරා විප්ලවීය ව්‍යාපාරය ඇවිළවීමට තමන්ගේ සගයින් සමග ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළහ. පසුව ඉංග‍්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් වූ ඔහු එල්ලා මරා දමන ලදි. එවිට ඔහුගේ වයස 23ක් විය. ‘‘මා අදේවවාදියෙකු වූයේ මන්ද’’ යන ශ්‍රේෂ්ඨ ලිපිය ඔහු විසින් රචනා කරන ලද්දේ මරණ දණ්ඩනය නියමව සිරගතව සිටියදීය.

එසේ ඇරඹුණු ඉන්දියාවේ විප්වවාදී ව්‍යාපාරයේ නොනිමි ගමන අද දක්වාම එහි සටන්කාමී භූමි භාග සිසාරා පැතිර යයි… ඉන්දියාවේ කදිම දූ පුතුන්, නැක්සලයිවරු (මාඕවාදීන්) ලෙස හඳුන්වන ඔවුහු ශ්‍රේෂ්ඨ නිර්ධන පංති ජාත්‍යන්තවාදයේ ජීව ගුණයෙන් නව ලොවක් පිබිදවීම උදෙසා සටන් වදියි… ඒ අභිත අරගලය ලොව පුරා සියළු ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ, විප්ලවවාදීන්ගේ සහ කොමියුනිස්ට්වාදීන්ගේ අරගලය ද වන්නාහ…

ඔහු විසින් ලියූ ‘‘මා අදේවවාදියෙකු වූයේ මන්ද’’ කෘතිය ඉදිරියේදී මාඕවාදී විප්ලවීය ලීගය විසින් මෙහි පළ කිරීමට කටයුතු කරයි…

මේ එයින් උපුටාගත් පාඨ කිහිපයකි…

“ඔබේ ඇස් ඇර බලන්න හිර ගෙවල්වල භයානක ඇඳිරි කාමරවලට වඩා අපිරිසිදු මුඩුක්කුවල සහ පැල්පත්වල මිලියන ගනන් මිනිසුන් හාමතින්……..”

“ධනවත් ජාතීන් සිය අතිරික්ත නිෂ්පාදනය දුප්පත් සහ කිසිවක් නැති අය අතර බෙදා දෙනවා වෙනුවට මුහුදට විසි කරන අයුරු බලන්න. මිනිස් ඇටකටු මත ඉදිකරන ලද රජවරුන්ගේ මාළිගා තිබේ…”

 “දෙවියන් සම්භවය (බිහි වීම) වීම සම්බන්ධයෙන් ගත් කල , මිනිසා සිය දුබලකම්, සීමාවන් සහ අඩුලූහුඬුකම් අවබෝධ කරගත් විට සිය මනහ්කල්පනය තුළ දෙවියන් නිර්මිත කළේය යන්න මගේ සිතුවිල්ල වේ. මේ ආකාරයෙන් ඔහු තැත් කරන ලද සිය`ඵ ම කාරණාවන්ට මුහුණ දීමට සහ සිය ජීවිතය තුළ වෙසෙසින් හටගන්නා සියළු අන්තරායන්ට මුහුණ පෑමට මෙන්ම සමෘද්ධිමත් සහ පොහොසත් බවේදී සිය කලහකාරීත්වය මැඩ පැවැත්වීමට ඔහු ධෛර්ය ලබා ගත්හ. දෙවියන්ව, මනස් පරිකල්පනය තුළ වෛවර්ණ ආකරයෙන් සර්වබලධාරී හැකියාවන් සහ ස්නේහවන්ත උදාරත්වය සමග පින්තාරු කරන ලදි. මිනිසා සමාජයට අනතුරුදායක නොවන්නකු සේ වග බලා ගැනීමට වරින් වර දෙවියන්ගේ කෝපය සහ ඔහුගේ නීති ප‍්‍රචාරණය කරමින් ඔහුව පලිගැනීමේ සාධකයක් ලෙස භාවිතා කරන ලදි. පීඩිත ආත්මයේ වැළපීම බවට ඔහු පත් කරනු ලදුව මිනිසා හුදෙකලාබවට සහ අසරණ බවට පත්වන පීඩාකාරී වෙලාවේදී නැගිට සිටුවීමට සිටින මවෙක් සහ පියෙක්, සොහොයුරියක් සහ සොහොයුරෙක්, සොහොයුරෙක් හෝ මිතුරෙක් ලෙස විශ්වාස කරනු ලැබූහ. ඔහු සර්වබලධාරී වූ අතර ඕනෑම දෙයක් කළ හැකි විය. පීඩාවෙන් සිටින මොහොතේදී දෙවියන් පිළිබඳ අදහස මිනිසාට ප‍්‍රයෝජනවත් විය…”

“සමාජය ප‍්‍රතිමාවලට වැඳීම සහ අනෙකුත් පටු ආගමික සංකල්පයන්ට එරෙහිව සටන් කලා මෙන්ම දෙවියන් ගැන වූ මේ විශ්වාසයට එරෙහිව සටන් කළ යුතුය. මේ ආකාරයට මිනිසා ඔහුගේ දෙපතුලින් සිට ගැන්මට උත්සහ කළ යුතුය. යථා තත්වය දකිමින්, ඔහුට ඔහුගේ ඇදහිලි පසෙකට විසි කර දමා සියළු එදිරිවාදිකම්වලට ධෛර්යයෙන් යුතුව සහ නීර්භීතව මුහුණ දීමට සිදුවනු ඇත. මෙය නිසැක ලෙසම මගේ මනසෙහි තිබෙන ස්ථාවරයයි. මගේ මිතුරනි, එය අහංකාරයක් නොවේ; එය මාව අදේවවාදියෙකු කළ මගේ සිතීමේ ආකාරය වෙයි. දෙවියන් ගැන මගේ විශ්වාසය බලවත් කරමින් දිනපතාම ඔහුට යාඥ කිරීමට මම කල්පනා නොකරමි, (මෙය මිනිසා තුළ වූ ඉතාම අධම අංගයක් ලෙස මම සලකමි. ) මගේ තත්වය තුළ වැඩි දියුණුවක් ඇති කිරීමට මට හැකිය, එසේ නැතිව එය තවදුරටත් පහතට දැමීම නොවේ. බොහෝ අදේවවාදීන් කරදර වලට අභීත ලෙස මුහුණ දුන් බව මම කියවා ඇත්තෙමි, එබැවින් පෝරකය මත දී වුව; මම අවසානය දක්වාම හිස ඔසවාගෙන කෙලින් තබාගෙන මිනිසෙකු ලෙස නැගී සිටීමට උත්සාහ කරමි…”

“මගේ අචල බව කෙතරම් ද බලන්න. මගේ මිතුරකු මට යාඥ කරන්නැයි කීහ. මා අදේවවාදියෙකු බව දැනුම් දුන් විට, ඔහු මෙසේ කීය, ‘‘ඔබේ අවසන් දවස් එළඹුණු පසු, ඔබ විශ්වාස කරන්නට පටන් ගනීවි.’’ මම කීවෙමි, ‘‘නැත, ආදරණීය මහත්මයා, එය කවදාවත් සිදු නොවේ. මම එය නින්දා සහගත සහ දූෂිත ක‍්‍රියාවක් ලෙස සලකමි. එවැනි පටු ආත්මාර්ථකාමී අභිප‍්‍රායන් වෙනුවෙන්, මම කිසිදා යාඥ නොකරමි.’’ පාඨකයෙනි මිතුරනි, එය අහංකාර බවක්ද? එය එසේ නම්, මම එය සඳහා නැගී සිටිමි…”

————

සේනාධිපති ගියැප් දිගුකල් දිනේවා!

සේනාධිපති ගියැප් දිගුකල් දිනේවා! PDF File (77KB)

සේනාධිපති ගියැප් දිගුකල් දිනේවා!

හෝචිමිං සහ වෝ න්ගුයෙන් ගියැප්. ජපන්, ප‍්‍රංශ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් පැරදවූ, කොමියුනිස්ට් පක්‍ෂය, මහජන හමුදාව සහ වියට්නාම් ජනතාව ඉදිරියෙන් සිටි නිහතමානී යෝධයන් දෙදෙනෙක්.

Ho-Vo

සහෝදරවරුනි,

ලෝකය පුරා කොමියුනිස්ට්වරු සහ අධිරාජ්‍යවිරෝධීන් අත්‍යන්ත ශෝකයෙන් යුතුව පසුගිය 4 වන දිනට 102 වසරක් දිවි ගෙවූ, ජපනුන් පරාජය කළ ප‍්‍රංශයන් නෙරපා දැමූ ඇමෙරිකානුවන්ගේ ඔද බිඳ වියට්නාම් භූමියෙන් සියල්ලම පළවා හැරිය යුධමය බුද්ධිමතා වන විශිෂ්ඨ සේනාධිපති වෝ න්ගුයෙන් ගියැප් මිය ගිය පුවත ශ‍්‍රවණය කළහ.

යටත් විජිතවාදීන්ට සහ අධිරාජ්‍යවාදී ආක‍්‍රමණිකයින්ට එරෙහි අඛණ්ඩ අරගලය සියළුම කොමියුනිස්ට්වරුන්ට සහ අධිරාජ්‍යවිරෝධීන්ට අමරණීය සහ විශ්වනීය පාඩම් ලබා දුන්හ.

පළමුව, කම්කරු පංතිය සහ පොදු මහජනයා අතර මුල් බැස ගත්, විප්ලවීය ක‍්‍රියාවලිය තුළ පෙරමුණ ලෙස පවතින කොමියුනිස්ට් පක්‍ෂයක් අත්‍යවශය. විවිධ නම්වලින්, විප්ලවීය අරගලය තුළ සියළුම තත්ත්වයන් තුළ වැඩ කරමින් – ජාතික විමුක්ති අරගලයට සහ විප්වය ජයග‍්‍රාහී ලෙස අවසන් කළ මහජන යුද්ධයට නායකත්වය දුන් –  එවැනි පක්‍ෂයක් වියට්නාමය තුළ විය.

‘‘වියට්නාමයේ විප්ලවීය ව්‍යාපාරය වැනෙමින් පවතින මොහොතක අපේ පක්‍ෂය උපත ලැබූහ. ආරම්භයේ සිටම, ඔහු ගොවියන් මෙහෙයවූහ, සෝවියට් බලය ඉදිකිරීමට සහ නැගී සිටීමට ඔවුන්ට නායකත්වය දුන්හ. මෙලෙස, ආරම්භයේදී ම, ඔහු බලය සහ විප්ලවීය සන්නද්ධ අරගලය පිළිබඳ ප‍්‍රශ්න ගැන දැනුවත්ව සිටියහ.’’

‘‘1930-31, විප්ලවීය ව්‍යාපාරය මර්ධනයට ලක් වූහ. නීති විරෝධී මෙන්ම අර්ධ නීති-විරෝධී, දේශපාලන අරගලය තුළ ජනතාවට නායකත්වය දීම නොකඩවා කරගෙන යමින්, අපේ පක්‍ෂය සිය උපරිම පරිශ‍්‍රමය විප්ලවීය මූල ප‍්‍රදේශ නැවත ස්ථාපිත කිරීමට සහ ඒවා පවත්වා ගැනීමට යොදනු ඇත. 1939 දී, දෙවන ලෝක යුද්ධයේ පැතිරීමත් සමග, අභ්‍යන්තර සහ බාහිර තත්වයන් වල වෙනසක් සිදුවිය, ජාතික විමුක්තිය යන අරුතින් සන්නද්ධ කැරැල්ලක් සඳහා සූදානම් වීම ගැන වූ ප‍්‍රශ්නය නැවත පැන නැංගාහ. එවක් පටන්, අපේ පක්‍ෂය කැරැල්ලකට, ජනතාව කැරැල්ලක් සඳහා සූදානම් කිරීමට කැප වූහ. අනුක‍්‍රමික වසර නවයක් තිස්සේ, පක්‍ෂය ජනතාවගේ දිගු කාලීන විරෝධය දැක්වීමේ අරගලය මෙහෙයවමින් එය ජයග‍්‍රහණය දක්වා ගෙන ගියහ, හදිසියේම 1945 අගෝස්තුවේදී කරැල්ල ජයග‍්‍රහණය කළහ.

ගියැප්. ‘‘විප්ලවීය සන්නද්ධ බල ඇණි ඉදි කිරීමේ සහ සන්නද්ධ අරගලය ගැන වූ අපේ පක්‍ෂයේ ශ්‍රේෂ්ඨ අත්දැකීම්.’’

දෙවනුව, විප්ලවය සිදු කරන, කොමියුනිස්ට් පක්‍ෂය විසින් නායකත්වය දෙනු ලබන, නිර්ධනීන්ගේ සහ ජනතාවගේ පාඩම් වේ. වියට්නාමයේදී, ගරිල්ලන්, විප්ලවීය අරගලයට සහය දෙමින් හෝ කාර්ය බහුල භූමිය තුළ කඩා කප්පල්කාරී වැඩ කරමින්, ඔවුන්ගේ ඊ-52 බෝම්බ යාත‍්‍රා ගැන තොරතුරු ලබා ගනිමින්, විවෘත යුද්ධයක සතුරාව වෙහෙසට පත් කරමින් සහ භීතියට පත් කරමින්,  හැම විටම පහර දෙමින්, හැම ආකාරයකින්ම, ආක‍්‍රමණික යටත් විජිතවාදීන්ට සහ අධිරාජ්‍යවාදීන්ට විරෝධය දැක්වීම හැමතැනම සිදු විය. විප්ලවීය බලඇණි ජනතාවට ගරු කිරීමේ, ජනතාවට උදව් කිරීමේ සහ ජනතාව ආරක්‍ෂා කිරීමේ මූලධර්ම මත පිහිටා ක‍්‍රියා කළහ.

‘‘නිදහස සහ මවුබිමේ එක්සත් බව නැවත ලබා ගැනීමට, ගොවියන්ගේ ඉඩම් අයිතිය සහතික කිරීමට සහ අගෝස්තු විප්ලවයේ අභිප‍්‍රායන් ආරක්‍ෂා කිරීම පිණිස වූ වියට්නාම් ජනතාවගේ විමුක්ති යුද්ධය යුක්ති සහගත යුද්ධයකි. ඇය ත්, ඉහත සියල්ලම, මහජන යුද්ධයකි. සමස්ත ජනතාවම ඔහු වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙමින්, සූදානම් කරමින්, සංවිධානය කරමින්, සන්නද්ධ කිරීම විරෝධය දැක්වීමට එක්වීම ප‍්‍රධාන ප‍්‍රශ්නයක් විය.’’

ගියැප්. ‘‘ප‍්‍රංශ ඇමෙරිකන් අධිරාජ්‍යවාදී ආක‍්‍රමණිකයින්ට එරෙහි වියට්නාම් ජනතාවගේ විමුක්ති යුද්ධය.’’

තෙවනුව, එක් එක් රටවල සුවිශේෂී තත්වයන්ට අනුව විප්ලවය සිදුවීම, කොමියුනිස්ට් පක්‍ෂයට පවරමින් ඒ රටවල්වල සුවිශේෂී තත්වයන්ට අනුව මාක්ස්වාදයේ-ලෙනින්වාදයේ න්‍යාය යෙදවීම. කිසිදු විප්ලවයක් කලින් සිදු වූ අනෙක් විප්ලවයක ආකෘතියක් ආදේශයෙන් ජයග‍්‍රාහී කළ නොහැක. වියට්නාමය තුළ විප්ලවීය අරගලයේ දිගුකාලීන අත්දැකීම් එය මුළුමනින්ම තහවුරු කරයි.

කොමියුනිස්ට් පක්‍ෂය සිය ආවේනික තත්වයන් තුළ අරගලයට වඩාත්ම යෝග්‍ය ආකාරය සකස් කිරීම පමණක් නොව, ජාතික සහ ජාත්‍යන්තර යන දෙ ආකාරයේම දේශපාලන පංති අරගලයට අනුව මේ ආකාරයන් වෙනස් වෙමින් තිබුණි. දෙවන ලෝක යුද්ධයට පෙර සටන් කිරීම, ජපන් ෆැසිස්ට්වාදයේ පාලනය යටතේ සටන් කිරීම, කැරලි ගැසීම සහ බලය අල්ලා ගැනීම, ප‍්‍රංශ යටත්විජිතවාදීන්ගේ ආක‍්‍රමනය, ගරිල්ලා සහ ඩියන් බියන් පූ ජයග‍්‍රහණය, ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන්ගේ ආක‍්‍රමණය සහ එහි පරාජය, මහජන යුද්ධයේ ජයග‍්‍රහණය, මේ හැම මොහොතකදීම අරගලයට ඊට ම සුවිශේෂී වූ ආකාරයක් විය.

‘‘දේශපාලන මණ්ඩලයේ (සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්‍ෂය) රැස්වීමකදී, මම මොස්කව් වලින් අමතර උදව් ඉල්ලූ විට, ජනාධිපති බ්‍රෙෂ්නෙව් මගෙන් ඇසූහ:

-ඔබ කියනවා ඇමෙරිකානුවන් ජය ගනීවි, මම ඔබෙන් අහනවා: ඔබට හුඟක් රෙජිමේන්තු තියෙනවද? කොපමණ ටැංකි තිබෙනවද? එමෙන්ම, ඇමෙරිකානුවන්ට, කොපමණ තිබෙනවද? කොපමණ ජෙට් යානා ඔබට තියෙනවද? එමෙන්ම, ඇමෙරිකානුවන්ට, කොපමණ තිබෙනවද?’’

මම උත්තර දුනිමි: ‘මම දන්නවා මේ දේවල් ඔබ සෝවියට් යුධ ඇකඩමියේදී සහ ඉහළ මහේශාක්‍ය බවකින් යුත් සරඹ ශාලාවලදී ඉගෙන ගත් න්‍යායන් වල ආකාරයට බලඇණි අතර අන්‍යෝන්‍ය ප‍්‍රතියෝගය (පරස්පර සම්බන්ධය) පිළිබඳ ප‍්‍රශ්නයයි. අපි සටන් කරන්නේ සෝවියට් සංගමය වෙනුවෙන් නම් අපිට ප‍්‍රතිඵලයක් ලැබීමට හෝ පැය දෙකක් සිටීමටවත් නොහැකි වනු ඇත. නමුත් අපි වියට්නාම් ජනතාව වෙනුවෙන් සටන් කරන්නේනම් අපි ජයගන්නවා ඇත.’

‘‘ගියැප් – විරෝධය දැක්වීමේ සියවසක මතකය’’, සිල්වියෝ ටෙන්ඩ්ල්ගේ (Silvio Tendler) කෙටි චිත‍්‍රපටය, 2003

http://www.youtube.com/watch?v=Tq8c72PKSCA මගින් ලබා ගත හැකිය.

මුළු මහත් රටෙන්ම භාගයක් නිදහස් කොට ගෙන සමාජවාදයේ මාවතට ඔබව අවතීර්ණ කිරීමට ඉඩ සලස්වමින්, අවසාන ජයග‍්‍රහණය තෙක්, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ආක‍්‍රමණික බලවේගයන්ට එරෙහිව, ආරම්භයේදීම සාමාන්‍ය හමුදාවක් නොමැති තත්වයක සටන් කිරීමට සිදුවූණු, විශාල භූමියක් හෝ සංඛ්‍යාත්මකව විශාල ජනගහණයක් නොමැතිව, සන්නද්ධ අරගලයේ සහ සන්නද්ධ බල ඇණි පිහිටුවීමේ ඉතිහාසයක් ඇති වියට්නාම යටත් විජිතවාදී පාලනයට යටත් වුණු කුඩා ජාතියක් විය.

ගියැප්. ‘‘ජනතාවගේ යුද්ධය, මහජන හමුදාව’’

එක් වචනයකින් විස්තර කරන්නේනම් මේ ඓතිහාසික වීර වෘත්තාන්තය තුළ වෝ න්ගුයෙන් ගියැප්, සහෝදර වැන්, හෝචිමිංගේ නායකත්වය යටතේ වූ ප‍්‍රධාන යුධ නායකයායි: වියට්නාමයේ. වඩාත් ආක‍්‍රමණකාරී, ලේ පිපාසිත දුෂ්ඨ ජපන්, ප‍්‍රංශ සහ ඇමෙරිකන්  අධිරාජ්‍යවාදීන් සමග සටන් කිරීමෙන්, සිය ජනතාව නිදහස් කර ගැනීමේ සහ විරෝධය පෑමේ අරගලයට සහභාගිවීමේ ගෞරවය ඔහුට සතු වේ. නගරවලට පතිත වූ ඇතිරිලි වන් ගිනි බෝම්බ හෝ කුඩා දරුවන් පවා සිය පිටුපස පෙදස් නාපාම් (Napalm) වලින් පිලිස්සීමෙන් පසු අපහසුවෙන් දිව යන අයුරු කිසිවෙකුට කිසිදා අමතක නොවේ.

මෙය තුළ අභිමානයෙන්, සහෝදර ගියැප් ආක‍්‍රමණිකයාට පිළිතුරු දුණි: ‘‘වියට්නාම් ජනතාවගේ ශ්‍රේෂ්ඨතම සේනාධිනායකයා. මම යුද්ධයට කුඩා දායකත්වයක් ලබා දුනිමි, මම කුඩා කොටසක් ඉටු කළෙමි, සාගරයෙන් බිඳකට සමාන වූ, නිහතමානී දායකත්වයක් ලබා දුනිමි.’’

සහෝදර ගියැප්, මෙවැනි අයෙකි!

ජනතා සටන්කාමීත්වයේ සංකේතය – 1953 අගෝස්තු හර්තාලය

PDF File: 1953 අගෝස්තු හර්තාලය (88KB)

අරුණළු

ප‍්‍රකාශන

අංක : 02

ජනතා සටන්කාමීත්වයේ සංකේතය

1953 අගෝස්තු හර්තාලය

එක්දහස් අටසිය හැට ගණන්වල සිට ලංකාවේ විවිධ මට්ටමේ විවිධ ක්‍ෂෙත‍්‍ර තුළ වැඩවර්ජන සිදු කෙරුනි. දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍යයන්ට අප රටට ‘‘ඩොමීනියන්’’ ආණ්ඩු ක‍්‍රමයක් ලබාදීමට තරම් බලපෑමක් කළ එක් සාධකයක් වූයේ 1946 සහ 1947 වසරවල මෙරට කම්කරු පංතිය ප‍්‍රමුඛ අන් පීඩිත සංවිධානාත්මක වැටුප් ශ‍්‍රමිකයන් දියත් කළ මහා වැඩවර්ජනයි. එම අරගල හුදෙක් වෘත්තීය සටන් වූ හෙයින් බහුජන සහභාගීත්වය පිළිබඳ වැඩි අවශ්‍යතාවයක් පැන නොනැගුණි.

එහෙත් බහුජන සටනක් වශයෙන් දියත් කෙරුණු ‘‘1953 අගෝස්තු හර්තාලය’’ මෙරට ජනතාවගේ පංති හා දේශපාලන සටන් ව්‍යායාමයන්ට නව අත්දැකීමක් වූවා පමණක් නොව, විප්ලවවාදී දේශපාලනයකට අවශ්‍ය නව මං විවෘත කළ ඓතිහාසික සන්ධිස්ධානයක් වූ බවත් වටහා ගනිමින් අගෝස්තු හර්තාලය දෙස ආපසු හැරී බලමු.

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට ජනතාව මත පැටවූ ධනේශ්වර පාර්ලිමේන්තුවාදී දේශපාලනයට අභියෝග කළ, ජනතා ශක්තිය මෙය යැයි මොනවට කියා පෑ අප රටේ ග‍්‍රාමීය හා නාගරික පීඩිත ජනතාවන්ගේ ප‍්‍රථම මෙන්ම තීරණාත්මක අරගලය ලෙස ඉතිහාස ගතවී ඇති හර්තාලය ක‍්‍රියාත්මක වී දශක හයක්, ඔව්, වසර 60 ක් ගතවී හමාරය. එහෙත් එදා ජනතාව ජීවිත පරිත්‍යාගයන් තුළින් ජීවය ලබා දෙමින් දිනාගැනීමට උත්සාහ කළ මනුෂ්‍යත්වය රජ වූ නව ලෝකය ගොඩනගා ගැනීමට හෝ එවැන්නක් සඳහා අවශ්‍ය වන මූලික පදනම් ගොඩනගාගැනීමට හෝ අද වන තුරුත් අපොහොසත් වී ඇති බව ද බැහැර නොකර හර්තාලය ගැන අධ්‍යයනය කිරීම වැදගති.

ඒ ශ්‍රේෂ්ඨ ජනතා නැගිටීම සමරණ අද වැනි දිනක මෙරට වත්මන් මාක්ස් ලෙනින්වාදීන් තම අවධානය යොමු කළ යුත්තේ කිනම් අරමුණක් සපුරා ගැනීමටද? තමන් මෙතෙක් කළ පංති හා දේශපාලන සටන් තුළින් ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින්, තම දේශපාලන කටයුතු පිළිබඳ විවේචනාත්මකවත්, විචාරාත්මකවත් බලමින් නිවැරදි මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක් ගොඩනගා ගැනීමට හර්තාලයේ ජීවය යොදා ගන්නේ කෙසේද යන්න විමසා බැලීමට නොවේද? එම අත්දැකීම් මෙරට නිර්ධන පංති දේශපාලනය ජයග‍්‍රාහී මාවතකට යොමු කිරීමට යොදාගත හැකිය. විශේෂයෙන් නාගරික හා ග‍්‍රාමීය පීඩිත ජනතාවන්ගේ පංති හැඟීම් අවදි කිරීමටත්, කම්කරු පංතිය ධනේශ්වර පාර්ලිමේන්තුවාදී හා වෘත්තීය සමිතිවාදී දේශපාලනයෙන් මුදවා ගැනීමටත් මෙම සැමරීම ප‍්‍රබල උත්පේ‍්‍රරකයක් මෙන්ම ජීවී ශක්තියක් බවට පත් කරගත හැක.

විශේෂයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය කම්කරු පංතිය ප‍්‍රමුඛ අන් වැටුප් ශ‍්‍රමිකයන් නිර්ධන පංති දේශපාලනය වෙත යොමු කරවන ගමන්මග හා දොරටුව බවට පත්කරවීමටත්, අන් පීඩිත ජන කොටස් ස්වශක්තිය කෙරහි විශ්වාසය තබා තමන් නිරත වන ක්‍ෂේත‍්‍ර තුළ එම ක්‍ෂේත‍්‍රයන්ට ආවේණික වු වෘත්තීය හා දේශපාලන ක‍්‍රියාමාර්ගයන් නිර්මාණය කරමින් නිර්ධන පංති දේශපාලනයට නව මං විවෘත කරදීමට යොමු කරවීමටත් හර්තාලය සැමරීම තරම් ප‍්‍රබල හා වැදගත් වෙනත් සංසිද්ධියක් ලාංකීය දේශපාලන වංශ කතාව තුළ හමු නොවෙතැයි කීවද එය නිවැරදිය.

1815 අප බි‍්‍රතාන්‍යයන්ට යටත් වූවායින් පසු ඔවුනට එරෙහිව කලින් කලට සිදු කළ විවිධ කැරලි ගැසීම් හා සටන්කාමී නැගිටීම්, එනම්, 1818, 1848, 1915, මෙන්ම 1946, 1947 වැඩවර්ජනත්, ඉන්පසු 1966 හා 1980 දියත් කළ මහා වැඩවර්ජනත් සමඟ සැසඳීමේදී 1953 අගෝස්තු හර්තාලයට හිමිවන්නේ අද්විතීය මෙන්ම විශේෂ ස්ථානයකි. මෙම සත්‍යය ධනේශ්වර ඉතිහාසඥයින් විවෘතව හුවා නොදක්වන්නේ එහි පංති ස්වරූපයත්, එමගින් ධනේශ්වරයට කෙරුණු විවෘත අභියෝගයත් නිසාවෙන් බව තරයේ ග‍්‍රහනය කරගත යුතුය.

1818 කැරැල්ල ජනතාව යටත්විජිතවාදීන්ට එරෙහිව දියත් කළ නැගිටීමක් වුවත්, (පීඩිත ප‍්‍රදේශයන්ගේ ජනතාව වැඩිවන මර්දනයට හා පීඩනයට එරෙහිව සිදු කළ නැගිටීමක් වුවත්) වරප‍්‍රසාද අහිමි රදළ නායකයින් විසින් තවත් රදළයෙකු සිංහාසනාරූඩ කරවීමට දැරූ ප‍්‍රයත්නයක් බවට පත්වී තිබුණි. එය ඉතිහාසය ආපස්සට ගෙන යාමට කළ උත්සාහයක් හා සමාන වූවකි.

එසේ වුවත් 1848 කැරැල්ල 1818 කැරැල්ලට වඩා විශේෂ වන්නේ එය සමාජ සංවර්ධනයට අනුකූල වන නවීන පරමාර්ථයන් පදනම් කරගනිමින් දියත් කළ කැරැල්ලක් වූ හෙයිනි.

ඒ වන විට කන්ද උඩරට රාජධානියේ පාලක පංතියව සිටි රදළ කොටස් බෙලහීන බලවේගයක් බවට පත්වී තිබීමත්, පංතියක් වශයෙන් වර්ධනය වන ධනපති පංතිය ජනතාවගේ ඉඩම් කොල්ලකෑමටත්, බලෙන් අයිතිය පැහැර ගැනීමටත් යොමු වූ නිසාවෙන් ගම්බද ජනතාව දියත් කළ ප‍්‍රබල සටනකි, 1848 කැරැල්ල. එහෙත් මෙම නැගිටීමට නායකත්වය දීමට පුද්ගලික නායකයන් හා ප‍්‍රාදේශීය නායකයන් ඉදිරිපත් වුවද, සංවිධානාත්මක පංතිමය නායකත්වයක් නොතිබීම මෙහි පරාජයට ප‍්‍රධාන හේතුව වුණි.

කන්ද උඩරට රාජධානිය තුළ නායකත්වයේ සංකේතය ලෙස ජනතාව දුටු රදළ නායකත්වය මෙම කැරැල්ල තුළ නොතිබුනි. කිරුළු පළඳා රාජ්‍යත්වයට පත් කළත් ගොන්ගාලේගොඩ බණ්ඩා සහ පුරන් අප්පු පහත රට සාමාන්‍ය ජනතාවගෙන් මතු වූ නිසාවෙන් ඔවුනට කන්ද උඩරට රදළයින්ගේ පූර්ණ සහය නොලැබීමත්, එම රදළ බලවේග හා බැඳි ජනතාව මෙම නායකත්වය නොපිළිගැනීමත් නිසාවෙන් මෙම කැරැල්ලද පරාජය වූවා පමණක් නොව මෙම කැරැල්ල නිසා වියලි කලාපයට පසුබෑ කැරැල්ලේ සටන්කාමීන් වෙනුවෙන් සමාජමය බලපෑමක් නිර්මාණය කිරීමට තරම් ශක්තියක් හෝ එහි නොතිබීම විශේෂ ලක්‍ෂණයක් ලෙස අප දැකිය යුතුය. එය සමාජ සංවර්ධනය හා ජන විඥාණය වර්ධනය වන ආකාරය වටහාගැනීමට උපයෝගී කරගත හැකි කදිම ආදර්ශයක් වනු ඇත.

කෙසේ වෙතත් මෙම කැරැල්ලෙහි වූ සාමාන්‍ය ජනතාවගෙන් මතු වූ නායකත්වයත්, ජනතාවගේ වීරෝදාර සටන්කාමීත්වයත්, (මාතලේදී බි‍්‍රතාන්‍යයන් ලැබූ පරාජය කන්ද උඩරට රාජධානිය යටත් කරගැනීමෙන් පසු ඔවුන් ලැබූ දරුණුම පරාජය ලෙස සැලකේ.) අප රටේ ජනතාව තම ස්වෛරීභාවය හා නිදහස කෙරෙහි දක්වන බැඳීම, ගරුත්වය හා කැපවීම මොනවට සනාථ කරන ඓතිහාසික අවස්ථාවක් බවත් පිළිගත යුතු සත්‍යයකි.

1915 සටන 1818 හා 1848 සටන් සමඟ සැසඳීමේදී පැහැදිලි ලෙස දැකිය හැකි වෙනසක් වන්නේ එම සටනේදී ඒ වන විට අප රටේ නැගී එන ධනපති පංතියේ දේශපාලනමය සහභාගීත්වය හා එහි ස්වරූපයත් හෙළිදරවු වීමයි. ආගමික හා වාර්ගික ප‍්‍රතිවිරෝධයන් මතු වීමත්, එම ප‍්‍රතිවිරෝධ එනම් සංස්කෘතික ප‍්‍රතිවිරෝධ ආර්ථික ප‍්‍රතිවිරෝධ අභිබවා ඉස්මතු වීමත්, ආණ්ඩුව එම ප‍්‍රතිවිරෝධ තම වාසියට යොදා ගනිමින් වාර්ගික භේද උත්සන්න වන ආකාරයට කටයුතු කිරීමත්, එසේ කළේ ඇයිද යන්නත්, එම අසම්මත කටයුතු සැලසුම් කළේ කෙසේද යන්නත් අධ්‍යයනය කිරීම වත්මන් දේශපාලන අර්බුද මතු වන ආකාරයන් මෙන්ම මතු කරවන ආකාරයන්් වටහා ගැනීමට ප‍්‍රයෝජනවත් වනු නොඅනුමානය.

යටත්විජිත ආණ්ඩුව ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කරමින් ජනතාවගේ පංති වෛරය මොට කිරීමට මෙම වාර්ගික ගැටීම යොදා ගත්තේ එමගින් ජනතාව බෙදා වෙන්කර පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී දේශපාලන න්‍යාය අප රටේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම සකසා ගැනීමට මං හෙළිපෙහෙළි කරගනිමිනි.

කෙසේ වෙතත් මෙම අරගලය තුළ අධිරාජ්‍ය විරෝධී ස්වරූපයක් ගැබ්වී තිබුණු මුත් එම අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධය ජනතාව තුළට කාන්දු නොවූ අතර, විවෘතව පෙන්නුම් කෙරුනේද නැත.

එසේ වුවත් මෙම ගැටුම අප රටේ නිදහස් සටනේ නව ආරම්භයක් සනිටුහන් කරමින් නව මං විවෘත කළ සන්ධිස්ථානයක් බව බැහැර නොකළ යුතුය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට අන් සියලූ අධිරාජ්‍යවාදීන්ට මෙන්ම තම යටත්විජිත පවත්වාගැනීම අසීරු කරුණක් වුණි. එසේ වූයේ තමන් මුහුණ දුන් ආර්ථික අර්බුදත්, යටත්විජිතයන්හි ජනතාවන් ජාතික නිදහස සඳහා සටන්වැදීම මෙන්ම, සෝවියට් සමූහාණ්ඩුව ප‍්‍රමුඛ සමාජවාදී බලවේගයන් ගෙන් එම සටන්කාමීන් ලැබූ දිරිගැන්වීම් හා අධිරාජ්‍ය විරෝධී සහයෝගයත් නිසාවෙනි. එහිදී ඔවුන් ඔවුන්ගේ යටත්විජිත පාලනය කිරීම සඳහා නව ආණ්ඩු ක‍්‍රම මෙන්ම සූරාකෑම සහ ගසාකෑම සඳහා ආර්ථිකයේ නව උපායඋපක‍්‍රමද යොදා ගත්තේ අධිරාජ්‍යවාදයේ නව වර්ධනයන් නිර්මාණය කරමිනි.

එම යථාර්ථයට මුහුණ දීම සඳහා බි‍්‍රතාන්‍යයන් අප රටේ ස්ථාපිත කළ ඩොමීනියන් ආණ්ඩු ක‍්‍රමය පදනම් කරගත් ධනපති පාර්ලිමේන්තු ක‍්‍රමයට හා ධනපති පංතියට එරෙහිව දියත් කළ ප‍්‍රථම මෙන්ම තීරණාත්මක අරගලය ලෙස 1953 අගෝස්තු හර්තාලය ඉතිහාස ගතවී හමාරය.

මෙහිදී පෙර සඳහන් කළ කැරලි ගැසීම් මෙන් නොව මෙරට පීඩිත ජනතාව, නාගරික මෙන්ම ගම්බද පීඩිත ජනතාව පෙරට විත්, මහමඟට පැමිණ තම විරෝධය පල කරමින් ආණ්ඩු විරෝධී ක‍්‍රියාවන්හි නිරතවීමට නොබියව ඉදිරිපත් වුණි. ඔවුහු රාජ්‍ය මර්ධනයට පවා නොබියව මුහුණ දුනි.

පාලන මිලකට සැපයූ හාල් සේරුවක මිල සත 25 සිට තුන් ගුණයකට ආසන්න ප‍්‍රමාණයකින්, එනම් සත 70 දක්වා වැඩි කිරීමත්, සීනි මිල එදා මිල ගණන් අනුව විශාල මිල වැඩිකිරීමක් වූ සත 15 කින් වැඩි කිරීමත්, පාසල් දරුවන්ට ලබාදුන් දිවා ආහාරය කප්පාදු කිරීමත්, කුඩා දරුවන්ට කිරි ලබා දුන් මධ්‍යස්ථාන වසා දැමීමත්, දුම්රිය ගාස්තු හා තැපැල් ගාස්තු වැඩි කිරීමත්, අනාථාධාර කැපීමත් වැනි ජනතා විරෝධී පියවරයන් ගත් ඩඞ්ලි සේනානායකගේ ආණ්ඩුවට එරෙහිව ජනතාව මෙලෙස නැගී සිටියේ එම ආණ්ඩුවට වත්මන් රජයට මෙන්ම ව්‍යවස්ථාව වෙනස් කිරීමට තරම් වන මහා ශක්තියක්, නැතහොත් වැඩි මන්ත‍්‍රී සංඛ්‍යාවක්, බලය කේන්ද්‍රගත වූ පාර්ලිමේන්තුව තුළ පවා තිබියදී බව බැහැර නොකළ යුතු සත්‍යයකි.

එදා කේන්ද්‍රගත වූ බලය සහිත පාර්ලිමේන්තුවේ විශාල ශක්තියක් ඇතිව, එම බලය යොදා, ජනතාවට ඇහුම්කන් නොදී දියත් කළ ජනතා විරෝධී කටයුතු සිදු කළ ආකාරය පිළිබඳව වත්මන් මාක්ස්වාදීන්ගේ අවධානය යොමු විය යුතුය. බලය කේන්ද්‍රගත වූ ජනාධිපති ධූරයේ බලයත්, පාර්ලිමේන්තුව තුළ වත්මන් ආණ්ඩුව සතු මහා ශක්තියත් යොදා ගනිමින් සිදු කෙරෙන ජනතා විරෝධී කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඔවුන්ගේ වගකීමක් වන බවත්, හර්තාලයේ ජීවගුණය එයම බවත් මෙහිලා සටහන් කළ යුතුව ඇත.

1953 වන විට මෙරට ජනතාවට වැඩවර්ජන ගැන යම් අත්දැකීමක් ලැබී තිබුණත් හර්තාල් කිරිම ගැන කිසිදු පූර්ව දැනුමක් නොතිබිණි. අද මෙන් ජනමාධ්‍ය දියුණු තත්වයක නොතිබුණ හෙයින් එමගින්ද ඔවුන්ට දැනුවත් වීමේ අවස්ථා නොතිබිණි. එසේ වුවත් ‘පොලීසියට බැටන් පොළු තිබේ නම් අපට පොල් ලෙලි තලන කිතුල් පොලූ තිබේ’ යැයි කාන්තාවන් පිරිසක් පොලිස් නිලධාරීන්ට කීවේ ජන ජීවිතය පදනම් කරගත් ජනතා ශක්තිය අසීමිත බව මොනවට සනාථ කරමිනි.

එදා ප‍්‍රබල කම්කරු මධ්‍යස්ථානයන් වූ වැල්ලවත්ත රෙදි මෝල, වරාය වැනි ස්ථානයන්හි රජයේ ජනතා විරෝධී ක‍්‍රියාපටිපාටියට විරෝධය දැක්වීම සඳහා හර්තාලයට පෙර, එනම් එම වසරේ ජුලි අගභාගයේ පැවැත්වූ වරුවේ සංකේත වැඩවර්ජනය ගැන රජය කිසිදු තැකීමක් නොකළේ රජය බලකාමීත්වයෙන් මත්වී සිටි නිසා යැයි එකල විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයෝ පුනපුනා කී සැටියෙන්ම, වත්මනේදී මෙම රජය ජනතා විරෝධය නොසලකා හරිමින් ගෙන යන පාලනය ෆැසිස්ට්වාදී ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ ව්‍යායාමයක්ද යන්න අධ්‍ය්‍යනය කිරීම හර්තාලය සමරන්නන්ගේ වගකීම විය යුතුය. හර්තාලයේදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ වීරෝධාර ජනතාකාමීන් වෙනුවෙන් කළ හැකි ඉහළම ගෞරවය වන්නේ ඕනෑම රජයක් ගන්නා ජනතා විරෝධී ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව සටන්වැදීම බවද මෙහිලා සටහන් කළ යුතුව ඇත.

එසේ වුවත් හර්තාලයේ අත්දැකීම් තුළින් වටහා ගත යුතු මූලික මෙන්ම ප‍්‍රධාන කරුණ වන්නේ ජනතාව ආණ්ඩු විරෝධීව නැගී සිටියත්, ජනතාවගේ ශක්තිය කොතරම් ප‍්‍රබල වුවත් එවන් බලවේගයක් ජනතා ජයග‍්‍රහන කරා මෙහෙයවීමට අවශ්‍ය දේශපාලන නායකත්වයක් හර්තාලය තුළ නොතිබුණ බවයි. එදා ක‍්‍රියාත්මක වෙමින් තිබූ ලංකා සම සමාජ පක්‍ෂයත්, ලංකා කොමියුනිස්ට් පක්‍ෂයත්, වෙනත් වාමාංශික සංවිධානත් එවන් ජනතා නැගිටීමකට නායකත්වය දීම කෙසේ වෙතත් මුහුණ දීමටවත් සූදානම්ව නොසිටි බව පැහැදිලි ලෙස දැකිය හැකි සත්‍යයකි. ඒ වන විටත් පූර්ණ ධනේශ්වර පාර්ලිමේන්තුවාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයක නිරත වූ මාක්ස්වාදී යැයි කියාගත් එම පක්‍ෂ ජනතාවගේ මෙවන් යෝධ විරෝධතාවයක් මෙහෙයවීම සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය වන සංවිධාන රටාවක් ගොඩනගා නොතිබුණි.

අරගලයේ පූර්ව සිදුවීම් ඇති වූ අවස්ථාවන්හිදී එක්සත් පෙරමුණක අවශ්‍යතාවය පැහැදිලිව දැකිය හැකි වුවත් ට්‍රොට්ස්කිවාදයේ බොළඳ නිර්මාණයක් වූ ‘ස්ටාලින්වාදී පක්‍ෂ හා ආණ්ඩු’ යන සංකල්පය කරපින්නා ගත් ලංකා සමා සමාජ පක්‍ෂය නිසාවෙන් එම අවශ්‍යතාවය සපුරාලීම කළ නොහැක්කක් බවට පත්වී තිබුණි.

බහුජන ක්‍ෂේත‍්‍රයේ සංවිධාන කටයුතුද මීට නොදෙවෙනි දුර්වලතාවයක් පෙන්නුම් කළත්, ජනතාව සියලූ පක්‍ෂ භේද නොතකා තමන්ගේම වූ ‘ගොනුවීම්’ හා සංවිධාන වීම් ලෙස සටන් කොමිටි නිර්මානය කර ඇත්තේ වත්මන් මාක්ස්වාදීන්ට එක්සත් පෙරමුණක අවශ්‍යතාවයත් බහුජන ක්‍ෂේත‍්‍රයේ කටයුතු කළ යුතු ආකාරයත් ගැන පූර්ව ආදර්ශයක් සපයමිනි.

පාර්ලිමේන්තුවාදී නොවන එක්සත් පෙරමුණක් පිළිබඳවත් එමගින් වෘත්තීය හා දේශපාලන සටන්වලදී අවශ්‍ය ‘සටන් කොමිටි’ ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය ගැනත්, හැකියාව හා පදනම් ගැනත් වත්මන් මාක්ස්වාදීන් අවධානය යොමු කළ යුතු බව හර්තාලය දෙස ආපසු හැරී බලන්නෝ වටහා ගත යුතුය.

ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් එම දැනුම, එම පාඩම, වත්මන් මාක්ස් -ලෙනින්වාදීන් ග‍්‍රහනය කරගත යුතුය. එතෙකින් නොනැවතී එම අඩුපාඩු නිවැරදි කරගැනීමට වසරක් පාසා පැරිස් කොමියුනයේ පාඩම් ගැන කථා කරන්නා ක් මෙන් මෙම ශ්‍රේෂ්ඨ නැගිටීම නැවතනැවතත් සිහිපත් කරමින් මෙරට මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාරයේ මෙතෙක් වූ අඩුපාඩු සපුරා ගැනීමට අවශ්‍ය පියවර නිර්මාණය කරගැනීමට යොදා ගත හැකිය. අවදියේ ඓතිහාසික මෙහෙවර එයම බව වටහා ගනිමින් තමන් මෙතෙක් ලැබූ අත්දැකීම් හා ගොනු කරගත් දැනුම නිවැරදි මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක් ගොඩනැගීමට යොදා ගත යුතුය.

හර්තාලය තුළින් අධිරාජ්‍යගැති එක්සත් ජාතික පක්‍ෂයේ සැබෑ ස්වරූපය ජනතාව වටහා ගත් මුත්, එහි ඵලය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එදා දේශීය ධනේශ්වර බලවේග නියෝජනය කළ කඳවුර දිනාගැනීමත්, එමගින් ජනතාව තවදුරටත් ධනේශ්වර දේශපාලනය තුළ රඳවාගැනීමට ධනේශ්වරයට හැකි වීමත් ගැන විචාරාත්මකව විශ්ලේශනය කරගත යුතුය.

එමෙන්ම පැරණි මාක්ස්වාදී දේශපාලන පක්‍ෂ හා සංවිධාන පූර්ණ පාර්ලිමේන්තුවාදී වී කෙමෙන් දියවීමත්, කම්කරු පංති ව්‍යාපාරය පූර්ණ වෘත්තීය සමිතිවාදී වීම හා සුභසාධන සංවිධානයන්ගේ තත්වයට පත්වීමත්, නීති උපදේශක ආයතන බවට පත්වීමත් පිළිබඳව ද වත්මන් මාක්ස්වාදීන්ගේ අවධානය යොමු විය යුතුය. මෙම වෙනස සිදු වූයේ කෙසේද යන කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීමද ඉතා වැදගත් වනු නොඅනුමානය.

ජනතාව හර්තාල් ක‍්‍රියාවලියේදී ප‍්‍රබල ලෙස ආණ්ඩු විරෝධීව නැගීසිටියත් පැරණි වාමාංශික පක්‍ෂ සහ සංවිධාන (ඔවුන් මාක්ස්වාදීන් ලෙස පෙනී සිටිමින්) ජනතාවට නායකත්වය දීමටවත්, මෙම ජනතා නැගිටීම රාජ්‍ය විරෝධී විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක ආරම්භය බවට පත්කිරීමටවත් අපොහොසත් වූයේ එම සංවිධාන විප්ලවවාදී දේශපාලන ක‍්‍රියාමාර්ගයක නිරතවීමට අවශ්‍ය පදනමකින් ගොඩනගා නොතිබුනු නිසාවෙන් යැයි කීම නිවැරදිය.

එදා පැවැති රජය ස්ටාලින්වාදී යයි කීමට තරම් බොළඳ පදනමක හර්තාලයේ නියමු කාර්යභාරයක් ඉටු කළා යැයි කියන ලංකා සම සමාජ පක්‍ෂයත්, එහි ආචාර්යවරුන්ගෙන් සමන්විත වූ නායකත්වයත් සිටි බැවින් එක්දින විරෝධතාවයක් වශයෙන් ඇරඹුනු හර්තාලය පෙරට ගෙන යෑමට ඔවුන් ඉදිරිපත් නොවූ බව අකමැත්තෙන් වුව පිළිගත යුතුය. එහි ඵලය වූයේ රාජ්‍ය මර්දනයට ජනතාව බිළි දීම නොවේද?

ඔවුන් ධනේශ්වර පාර්ලිමේන්තු දේශපාලනය කෙරෙහි කොතෙක් දුරට යොමු වී සිටියේද යන්න වටහා ගැනීමට කදිම නිදසුනක් වනුයේ ලංකා සම සමාජ පක්‍ෂයත්, කොමියුනිස්ට් පක්‍ෂයත් එක්ව ගත් නිගමනයන්ය. කම්කරු පංතියේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් නිගමනය කර ඇත්තේ ධනේශ්වර, විශේෂයෙන් අධිරාජ්‍යවාදී අවශ්‍යතාවයන් සපුරාලීමට ධනේශ්වර දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජමය බලවේග පදනම් කරගත් ධනේශ්වර පාර්ලිමේන්තුව තුළ වීම ඔවුන්ගේ ජනතාවාදී නොවන, විප්ලවාවදී නොවන අවස්ථාවාදී සුළු ධනේශ්වර දේශපාලනයේ යථාර්ථය හෙළි කරන කැඩපතක් බඳුය. මෙය මාක්ස් ලෙනින්වාදීන්ගේ නිගමනයක් නොවන බව නම් සහතිකය. බි‍්‍රතාන්‍යයේ කම්කරු පක්‍ෂය වැනි දේශපාලන සංවිධානයන්ට මෙවන් නිගමන සුදුසු වුවත් නිර්ධන පංතියේ දේශපාලනය වන මාක්ස් ලෙනින්වාදී දේශපාලනයට මෙවන් නිගමන නොපෑහෙන බව හර්තාලයේ ඉතිහාසය විග‍්‍රහ කිරීමේදී තේරුම් ගත යුතුව ඇත. අවම වශයෙන් මෙම නිගමනයෙන් පසුව හෝ ඔවුන්ගේ පක්‍ෂ හර්තාලයේ අත්දැකීම් ග‍්‍රහනය කරගනිමින් පාර්ලිමේන්තුවාදී නොවන නිවැරදි මාක්ස් ලෙනින්වාදී දේශපාලනයක නිරතවීමට යොමු වූයේ නම් හර්තාලයේ ජීවය උකහා ගත්තා යැයි කිව හැක. එහෙත් සිදුවී ඇත්තේ අනෙකකි. ඔවුන් තවතවන් පාර්ලිමේන්තුවාදී වී දිය වී යෑම පමණි. තමන් මාක්ස්වාදී හෝ මාක්ස් ලෙනින්වාදී යැයි කියාගත් පැරණි වාමාංශික දේශපාලන පක්‍ෂ ගනු ලැබූ මෙවන් දේශපාලන නිගමන හා ක‍්‍රියාමාර්ග ගැන විචාරාත්මකව විශ්ලේෂණය කිරීම ඉතිහාසය දෙස මාක්ස්වාදී දෘෂ්ඨියකින් බැලිය හැකි බුද්ධිමතුන්ට භාර කරමු.

එදා වාමාංශික ව්‍යාපාරය තුළ ක‍්‍රියාත්මක වූ විවිධ මාක්ස්වාදී පක්‍ෂ සහ සංවිධාන එක් සංවිධානයක් බවට ගොනු වීම කෙසේ වෙතත්, අවම වශයෙන් එක්සත් පෙරමුණක් වශයෙන් අවම එකඟතාවයකට පැමිණ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පොදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට හෝ ඒකරාශී නොවූයේ ඔවුන්ගේ දේශපාලන දෘෂ්ඨිය නිර්ධන පංතියේ දෘෂ්ඨියට වඩා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුවාදී දේශපාලන දෂ්ඨියෙන් සන්නද්ධ වී තිබුණු හෙයිනි.

හර්තාලයේදී ප‍්‍රදර්ශනය වූ තවත් වැදගත් කරුණක් වූයේ එදා පැවැති මධ්‍යම පංතික වෘත්තීය සමිති ආණ්ඩු විරෝධී සටන්කාමී ක‍්‍රියාමාර්ගයන්හිදී හෝ වෘත්තීය සමිති විරෝධතාවයන්හිදී ඇල්මැරුනු ස්වරූපයකින් කටයුතු කළ ආකාරයයි. මෙම තත්වය 1947 වැඩවර්ජනයේදී පිළිබිඹු වූ දැඩි සටන්කාමී ස්වරූපයට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ වූවකි. ආණ්ඩුවේ ලිපිකරු සේවා සංගමය, ලංකා වෙළෙඳ සේවක සමිතිය වැනි මධ්‍යම පංතික වෘත්තීය සමිති මෙසේ කටයුතු කළත් එම සංවිධාන තුළම එම ක‍්‍රියාමාර්ගයන්ට විරුද්ධ බලවේග මතුවූයේ ආණ්ඩුවේ අත්තනෝමතික මෙන්ම මර්දනකාරී ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙන් පමණක් නොව ජනතාවගේ සටන්කාමීත්වයේ ඵලයක් ලෙසිනි.

මධ්‍යම පංතික වෘත්තීය සමිති මෙලෙස කටයුතු කළත්, රජයේ මෙන්ම පුද්ගලික අංශයේ කම්කරු සංවිධාන එතෙක් කිසිදු අවස්ථාවක සිදු නොකළ ආකාරයට වැඩවර්ජනයට සහභාගී වෙමින් ආණ්ඩු විරෝධී සටනේ පෙරමුණ ගෙන කටයුතු කර ඇත්තේ පංති අරගලයේ හා නිර්ධන පංති දේශපාලනයේ අනාගත කාර්යභාරය පිළිබඳ පූර්ව ආදර්ශ සපයමිනි. මෙහි ජීවය කොතරම් ප‍්‍රබල වූයේද යත්, දැඩි සංවිධානාත්මක පදනම්වල නොසිටි විසිරී සිටි කඩ සාප්පු සේවකයන්, කුඩා පරිමාණයේ කර්මාන්ත ශාලා සහ වැඩපලවල්වල සේවකයින් පවා සංවිධානාත්මක නොවූවත් තම පංති යුතුකම ඉටු කරමින් වැඩවර්ජනයේ කොටස්කරුවන් වී සිටි බව හර්තාලයේ ඉතිහාසය සනාථ කරනුයේ වත්මන් කම්කරු පංතියට පැහැදිලි පණිවුඩයක් ලබාදෙමිනි. එදා නාගරික මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි කම්කරුපංතිය ප‍්‍රමුඛ අන් පීඩිත ජනතාවන් ආණ්ඩු විරෝධී ක‍්‍රියාකාරකම්වල නිරත වෙමින් හර්තාලය සාර්ථක කරගැනීමට දුන් දායකත්වය ලංකා සම සමාජ පක්‍ෂය මෙන්ම කොමියුනිස්ට් පක්‍ෂය අපේක්‍ෂා නොකළ තරම් ප‍්‍රබල මෙන්ම දැඩි වූ බව එම පක්‍ෂවල නායකත්වයන් එදා ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කර ඇත. එසේ ප‍්‍රකාශ කර ඇත්තේ හර්තාලයට දේශපාලන නායකත්වයක් ලබාදීමට තරම් වන විප්ලවවාදී දෘෂ්ඨිමය පදනමක මෙන්ම සංවිධානාත්මක පදනමක එම පක්‍ෂ නොතිබුණු බැවිනි. මාක්ස්වාදී විප්ලවවාදී පක්‍ෂ ගැන පුරසාරම් දොඩවන්නෝ මෙම අත්දැකීම් මගින් ලබාදී ඇති ‘‘දැනුම’’ දැඩිව ග‍්‍රහනය කරගත යුතුය. කම්කරු පංතිය පංතියක් වශයෙන් තම දේශපාලනය දෙස බැලිය යුතුය යන සත්‍යය සනාථ කෙරෙන ආදර්ශ සැපයීම ද හර්තාලයෙන් සිදු වූ තවත් වැදගත් මෙහෙවරකි. ජාතිවාදීව වහල් කඳවුරක් බවට පත්කර ගනු ලැබූ වතු කම්කරුවන් හර්තාල් ක‍්‍රියාමාර්ගයෙන්, අවම වශයෙන් වැඩවර්ජන කිරීමෙන් හෝ සහභාගී නොවී දවසේ වැඩ නිමා කිරීමෙන් පසු විරෝධය පල කිරීමේ රැස්වීම් පැවැත්වීමට පමණක් යොමු වූයේ එදා තොණ්ඩමන්ලාගේ ජාතිවාදී උපක‍්‍රමය තුළින් කම්කරු පංතිය බෙදා වෙන්කර තිබූ නිසාවෙනි. එසේ වුවත් ප‍්‍රතිවිරුද්ධ පංතියේ, ධනේශ්වර පංතියේ පංති හැඟීම් මොනවට ප‍්‍රදර්ශනය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හර්තාලයට සහභාගී නොවීම කම්කරු පංතියටද පංති හැඟීමෙන් දේශපාලන හා වෘත්තීය සටන් දෙස බැලීමට මග පෙන්වන කදිම අදර්ශයක් ලෙස දැකිය යුතුය.

හර්තාලයේ සිදුවීම් දෙස ආපසු හැරී බැලීමේදී පැහැදිලි වන තවත් කරුණක් වනුයේ ලංකා සම සමාජ පක්‍ෂයට ශක්තියක් තිබූ ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි දිළිඳු ගොවි ජනතාවන් හර්තාල් ක‍්‍රියාදාමයේ ප‍්‍රබල බලවේගයක් වෙමින් ඉටු කළ මෙහෙවරයි. එමගින් සිදුවූවේ ගොවි ජනතාව ප‍්‍රතිවිප්ලවීය බලවේගයක් වශයෙන් හඳුන්වන ට්‍රොට්ස්කිවාදී න්‍යායන් භාවිතාවෙන් ම ප‍්‍රතික්‍ෂේප වීමයි. මහමඟ ආප්ප පුච්චමින් මාර්ග අවහිර කිරීමට තරම් එඩිතර වූ ග‍්‍රාමීය ගොවි ජනතාව මාක්ස්වාදය හා මාක්ස් ලෙනින්වාදය යැයි කියමින් ට්‍රොට්ස්කිවාදයත්, සංශෝධනවාදයත්, ධනවාදයත් අනුව කටයුතු කළ එදා වාමාංශික බලවේගයට නව මං හෙළි කළ මුත්, එමගින් ඵලප‍්‍රයෝජන ලැබූයේ දේශීය ධනේශ්වර පංතියේ දේශපාලන සංවිධානය වූ (එදා) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. මේ අතර මාක්ස්වාදී පක්‍ෂ වශයෙන් සමාජ ගත වී සිටි ලංකා සම සමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය හා විප්ලවකාරී ලංකා සම සමාජ පක්‍ෂය වැනි දේශපාලන සංවිධාන ධනේශ්වර පාර්ලිමේන්තුවාදය වෙත නැඹුරු වීම තවදුරටත් වර්ධනය කරගනිමින් ඔවුන්ගේ වෘත්තීය සමිති වෘත්තීය සමිතිවාදය නමැති මඩගොහොරුවේ ගිල්වමින් තමන්ගේ දේශපාලන මිනීවලවල් කපාගැනීම සිදු කරගති.

මෙවැනි දුර්වලතාවයන් හා පසුබෑම් සිදුවී තිබුණ මුත්, අගෝස්තු හර්තාලය වත්මන් මාක්ස් ලෙනින්වාදීන්ට ඓතිහාසික අත්දැකීමක් පමණක් නොව, මෙරට මාක්ස් වාදීන් ගත යුතු ක‍්‍රියාමර්ගයන් පිළිබඳ එහි නිවැරදි මෙන්ම වැරදි ක‍්‍රියාකාරකම් හා ජයග‍්‍රාහී මෙන්ම පරාජිත ප‍්‍රතිඵල තුළින් සපයන දැනුම් සම්භාරය අසීමිතය. එසේම මෙම අරගලයේදී කම්කරු පංතියෙන් හා ගොවි ජනතාවගෙන් මතු වූ නායකයින් එම පක්‍ෂ තුළින් ඉවත් කෙරුණේ කෙසේද යන්න විමසා බැලීමද, ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමද මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධ නිවැරදිව විශ්ලේෂණය කරගැනීමට හා සාර්ථකව විසඳා ගැනීමට උපකාරී වන පූර්වාදර්ශ සපයනවා නොඅනුමානය.

ලක් ඉතිහාසයේ ප‍්‍රථම වරට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සහභාගීත්වයෙන්, පැහැදිලි නායකත්වයකින් තොරව (ප‍්‍රාදේශීය නායකත්වයන් මතුවූ බව සත්‍යයකි.) කෙරුණු ‘හර්තාලය’ එතෙක් අප රටේ සිදු කළ වැඩවර්ජන, මැතිවරණ ව්‍යාපාර වැනි ක‍්‍රියාමාර්ගයන්ට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. මෙය අප රටේ ධනපති පාලනයට එරෙහිව ජනතාව නැගීසිටි ප‍්‍රථම අවස්ථාව වූ හෙයින් සුවිශේෂ වැදගත්කමක් පෙන්නුම් කරන අතර, එමගින් ලැබූ අත්දැකීම් හා දැනුම් සම්භාරය තීරණාත්මක බවද බැහැර නොකළ යුතුය. විශේෂයෙන් ජාතික නිදහස දිනාගැනීම මෙන්ම ජනතාවාදී හා ජනහිතකාමී බව ගැන පුරසාරම් දොඩවන්නෝ එදා මෙන්ම අදත් නොඅඩුව සිටින හෙයින් මේ හැම අතුරින් ජනතාවගේ මිතුරන් හා සතුරන් කවුදැයි පැහැදිලිව හෙළිදරව් කරගැනීමට අවශ්‍ය ආදර්ශ ලබාගත හැකි ප‍්‍රබලතම සංසිද්ධියක් ලෙස 1953 අගෝස්තු හර්තාලය උපයෝගී කරගැනීම වැදගත් වනු ඇත.

ලාංකික පීඩිත ජනතාවන්ගේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස පමණක් නොව මුලූ ජීවිතයම පරිත්‍යාග කළ 1953 හර්තාලයේ වීරෝධාර සොහොයුරන්ගේ නම් සහ ඔවුන් තම දායකත්වය ලබාදුන් ප‍්‍රදේශයන් මෙහිලා සඳහන් කිරීම අපගේ වගකීමක් ලෙස සලකන්නෙමු. එකල ටයිම්ස් පුවත්පතේ 21 දෙනෙක් මිය ගිය බව සඳහන් කර තිබුණු මුත්, දැනට අප ගොනු කරගත් කරුණු මත පිහිටා මෙහිලා සටහන් කරනු ලබන නාමයන් මෙසේය.

කේ. එඞ්වින් පිටකොටුව

අලූමදුරගේ අල්විස් රජ්ගම

එස්.එච්. රූබල් ඌරගහ

ටී.ඇම් පනාගොඩ දොඩන්දූව

එච්.කේ.ඒ. පියසේන දොම්පේ

කේ.ඒ. සාදිරිස් දොම්පෙ

එස්.කේ.ඒ. වික‍්‍රමසිංහ දොම්පෙ

ටී. සිරිසේන කිරුළපන

ඩග්ලස් නිකලස් මෝදර

සමාජවාදය හරහා කොමියුනිස්ට්වාදය ගොඩනැගීම සඳහා වන මාක්ස් ලෙනින්වාදීන්ගේ දේශපාලන අරගලය නැතහොත් නිර්ධන පංතියේ විප්ලවීය දේශපාලන ක‍්‍රියාදාමය, ධනේශ්වර පාර්ලිමේන්තුවාදී දේශපාලනයෙන් බැහැර වී වෘත්තීය සමිතිවාදී නොවී, කම්කරු පංතියේ නායකත්වයෙන් ගොවි ජනතාවගේ ශක්තිය මත පිහිටා දියත් කළ යුතු විප්ලවීය අරගලයක් බව හර්තාලයට හැට (60) වසරක් සපිරෙන අද වැනි දිනෙක හෝ පිළිගැනීමට මෙරට මාක්ස් වාදීන් සූදානම් වේ නම් නිවැරදි මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක් ගොඩනැගීමේ ආරම්භක පියවර එම නිගමනයම බව මෙහිලා සඳහන් කළ යුතුය. හර්තාලය ගැන අධ්‍යයනය කිරීම අතීතයේ මුල් හෑරීමක් පමණක් නොව අනාගතය දැකීමට අවශ්‍ය ආලෝකය සපයන අනාගතය පිළිබිඹු කරන කැඩපතකි.

* විසි එක් වන සියවස වන විට මාක්ස්වාදය මාක්ස් ලෙනින්වාදය බවටත්, මාක්ස් ලෙනින්වාදී මාඕවාදය බවටත් පත් කළ මාක්ස්වාදයේ සංවර්ධනය මත පිහිටමු !

* ශ්‍රේෂ්ඨ මහජන යුද්ධයේ න්‍යාය ක‍්‍රියාත්මක කරමු !

* කම්කරු ගොවි සමගියේ ශක්තිය විදහා දැක් වූ 1953 හර්තාලයෙන් පාඩම් උගෙනිමු !

2013 අගොස්තු 12

[අරුණළු යනු ශ්‍රී ලංකාව තුළ වූ තවත් මාඕවාදී කණ්ඩායමකි. මේ ලිපිය අරුණළු මගින් පළ කරනු ලැබූවකි.]