Monthly Archives: October 2016

ඉන්දියාව: හරිත දඩයම් මෙහෙයුම විජයග‍්‍රාහී බව රජය ප‍්‍රකාශ කරයි.

ඉන්දියාව: හරිත දඩයම් මෙහෙයුම විජයග‍්‍රාහී බව රජය ප‍්‍රකාශ කරයි.

[නමුත් සත්‍ය වෙන එකකි: වසර 10ක් තුළදී මාඕවාදීන් ලෙස 40,000ක් පුහුණු කොට ඇත. – ෆ‍්‍රන්ට්ලයින් සංස්කාරක]

[https://revolutionaryfrontlines.wordpress.com/2015/02/14/india-government-claims-operation-green-hunt-is-victorious/]

සන්දීප් පායි

1860a-th14_maoist_pic

තොරතුරු ලබා ගැනීමේ පනතට අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබා දුන් තොරතුරු වලට අනුව, පසුගිය වසර 10 තුළදී, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) පුහුණු කඳවුරු 489 ක් සංවිධානය කොට කාඩර්වරු 40,000 කට අධික පිරිසක් පුහුණු කොට ඔවුන්ට නවීන අවි ආයුධ, ගරිල්ලා යුධ පුහුණුව, ලබා දී ඇත.

මෑත මාස කිහිපය තුළදී ආරක්ෂක නිළධාරීන්ට මාඕවාදීන් විසින් එල්ල කළ ප‍්‍රහාරත් සමග එම අනාවරණය කිරීම් වැදගත්වී ඇත. එවැනි මාරාන්තික ප‍්‍රහාර වලට වසර ගණනාවක් තිස්සේ කාඩර්වරු 40,000 ක් පුහුණු කොට ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් වාර්තා කරගෙන තිබෙන දත්ත වලට වඩා පුහුණු කරන ලද කාඩර්වරුන්ගේ ප‍්‍රමාණය බෙහෙවින් ඉහළ අගයක් ගත හැකිය.

තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දුන් තොරතුරුවලට අනුව වසරින් වසර පුහුණු කඳවුරු ගණන ඉහළ ගොස් ඇත – 2003 දි 16 ක්ව තිබූ අගය 2010 දී 93ක් වී ඇත, පසුව 2014 දී 5 ක් දක්වා අඩු වී ඇත. අමාත්‍යාංශයේ නිළධාරීන් එම අඩුවීම හරිත දඩයම් මෙහෙයුමේ සාර්ථකත්වය ලෙස හුවා දැක්වුවද, විශේෂඥයින් පවසන්නේ කැරලිකරුවන් විසින් දිස්ත‍්‍රික්කවල කඳවුරු වෙනස් කරගෙන ඇති බවත් ඒවා ආරක්ෂක අංශවලට සොයා ගත නොහැකි බවත්ය.

‘‘හරිත දඩයම් මෙහෙයුම නිසා මාඕවාදීන්ට පෙර පරිදි පුහුණු කඳවුරු සංවිධානය කරන්නට නොහැකි වී ඇති’’ බව අනන්‍යතාවය හෙළි නොකළ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නක්සල් කලමනාකරණ ඩිවිෂනයේ වැඩ කරන නිළධාරියෙක් ප‍්‍රකාශ කළහ. 2009 නොවැම්බර් මස හරිත දඩයම් මෙහෙයුම දියත් කරමින් එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන රජය විස්තර කළේ පැරාමිලිටරි බල ඇණි සහ ප‍්‍රාන්ත පොලීසිය මගින් මාඕවාදීන්ට එරෙහිව ‘‘මුළු වැර යොදා’’ පහර ගැසිය යුතු බවයි.

‘‘ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට කඳවුරු ප‍්‍රමාණයෙහි සැබෑ සංඛ්‍යාව පිළිබඳ කිසිදු අදහසක් නැත. මේ සංඛ්‍යා ඔවුන්ගේ පරිකල්පනයන්ය. සැබෑ ප‍්‍රමාණය බෙහෙවින් විශාල විය හැකිය. මාඕවාදීහු කඳවුරු සහ කඳවුරු පෙදෙස් වෙනස් කරන විට, ආරක්ෂක අංශ සහ ප‍්‍රාන්ත පොලීසිය එකම ස්ථානය වෙතට ඇස ගසාගෙන සිටී.’’ මානව හිමිකම් ගැන ආසියානු මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂක, චක්මා පැවසූහ.

උදාහරණයක් ලෙස මහාරාෂ්ට‍්‍රා හි ගාද්චිරෝලි වල 2010 වන තෙක් එකදු කඳවුරක් වත් පවත්වා නොතිබිණි. 2010 වසරේ පටන් ආසන්න වශයෙන් කඳවුරු 10 සංවිධානය කොට කාඩර්වරු 1000 කට අධික පිරිසක් පුහුණු කොට තිබුණි. ‘‘මේ කඳවුරු ගැන ඔවුන් දන්නවනම් ඇයි මේ කඳවුරු ඉවත් කරන්නෙ නැත්තෙ’’ චක්මා අසයි.

ආරක්ෂක අංශ වලට බරපතලම තර්ජනය එල්ලව ඇත්තේ භාරතීය ජනතා පක්ෂය පාලනය කරන චටිස්ගාර්හ් වලිනි, එය ලැයිස්තුවේ ඉහළින්ම පවතී. ඉහත කාලය තුළදී මාඕවාදීහු වනගත ප‍්‍රදේශවල පුහුණු කඳවුරු 200ක් සංවිධානය කොට කාඩර්වරු 20,000 ක් පමණ පුහුණු කරන ලදි. ඊළඟ ස්ථානය වනුයේ පුහුණු කඳවුරු 136 කින් කාඩර්වරු 12,582 ක් පුහුණු කළ ජාක්හෑන්ඩ්ය. තුන්වෙනි ස්ථානයෙහි සිටින්නේ කඳවුරු 56 ක් තුළ කාඩර්වරු 4,136ක් පුහුණු කළ ඔරිස්සා හිදීය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව කඳවුරු සංවිධානය කිරීමට වඩාත් යෝග්‍ය දිස්ත‍්‍රික්ක ලෙස චටිස්ගාර්වල දන්තෙවාද, නාරායන්පුර් සහ ජාක්හෑන්ඩ් වල ගිරිදි සහ බොකාරෝ පෙදෙස් සඳහන්කොට ඇත. මේ දිස්ත‍්‍රික්කවල සමස්තයක් ලෙස කාඩර්වරු 15,000 කට අධික පිරිසක් පුහුණු කොට ඇත.

පුහුණු කඳවුරු වල ප‍්‍රධාන අංග දෙකකි-යුධමය සහ න්‍යායික යනුවෙනි. යුධමය පුහුණුවට ප‍්‍රධාන වශයෙන් ගරිල්ලා යුධකටයුතු, ඇම්බුෂ්, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම සහ නවීන අවි ආයුධ අන්තර්ගත වේ. සාමාන්‍යයෙන්, එවැනි පුහුණු කඳවුරක් දින 10 ක් හෝ 15 ක් තිස්සේ පවත්වන අතර, සමහර අවස්ථාවලදී මසකට වඩා වැඩි කාලයක් ගනු ලබයි. න්‍යායික පුහුණුවේදී කාඩර්වරුන්ට මාඕවාදී චින්තනය සවිස්තරව කියා දෙයි. එමෙන්ම ප‍්‍රධාන අරමුණු විස්තර කරයි.

ප‍්‍රාන්ත පොලීසිය විසින් කලින් තිබූ මාඕවාදී පුහුණු කඳවුරු වටලෑමෙන් ලබා ගත් තොරතුරු වලට අනුව එවැනි කඳවුරුවල සිදුකළේ කුමක්ද යන්න ගැන දළ අදහසක් ලබා ගත හැකිය. පොලීසිය සූර්ය පැනල, ටින් බෝම්බ වලට සවි කළ රේඩියෝ පද්ධති, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය එම කඳවුරු වලින් සොයා ගත්හ. ‘‘අළුතින් පුහුණු කරන කාඩර්වරුන්ට ළමයින් ද ඇතුළත් වන අතර ඔවුන්ටද නවීන අවි සහ පුපුරණ ද්‍රව්‍ය හැසිරවීමේ පුහුණුවක් ලබා දී ඇත. ඔවුන්ට පොලිස් වැටලීමකදී පලා යන ක‍්‍රමවේද සහ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේ විධි ද උගන්වා ඇත.’’ ගාද්චිරෝලි දිස්ත‍්‍රික්කයේ නක්සල්-විරෝධී මෙහෙයුම් ගැන ප‍්‍රසිද්ධියක් උසුලන, පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් රාහුල් ගෝපාල් පවසා ඇත.

ABar-11

Advertisements

නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම

නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම

[https://revolutionaryfrontlines.wordpress.com/2016/06/21/revolutionary-dreams-of-nepal-a-photoessay/]

[නේපාලයේ මහජන යුද්ධයේ කාලය තුළදී රට පුරා, මෙන්ම දකුණු ආසියාව මුළුල්ලේ සහ ලෝකය පුරා මිලියන ගණනකගේ සිහින සහ අපේක්ෂාවන් ඉහළට එසවුණි.]

ග‍්‍රාමීය පෙදෙස්වල ගොවියන් වැඩවසම් සහ අර්ධ-රදළ සහ රාජ්‍ය පීඩනයට එරෙහිව සටන් වදිමින් මාඕවාදයේ උපායික චින්තනයෙන් සහ සාරගර්භ පාඩම් සලකුණු කරමින් සමාජය නැවත හැඩගැන්වීමට බලවත් පරිශ‍්‍රමයක් දරමින් ඉදිරියට ගමන් ගත්හ. ග‍්‍රාමීය පෙදෙස්වල අරගලය සහ මුදාගත් කලාප අත්හැර දමමින් නගරයට (කත්මණ්ඩු) පිවිස, නාට්‍යමය සාමය නොහොත් යටත්වීම මගින් පාර්ලිමේන්තු-ඡන්ද තනතුරකින්-විප්ලවීය අල්ලසක් ගනිමින්, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) නායකත්වය ආපස්සට හැරෙන තෙක් මහජන විමුක්ති හමුදාව ප‍්‍රබල බලවේගයක් විය. පාවාදුන් අයවළුන් ඉන්දියාව වැනි කලාපීය බලවතුන් සහ බටහිර අධිරාජ්‍යවාදීන් සහ නව-යටත්විජිතවාදීන් විසින් වර්ණනා කරන ලදි. පහත දැක්වෙන රූපමය රචනාව සිත්හි රැඳුණු නේපාල මහජන විමුක්ති හමුදාවේ සටන් කරුවන් ගැනයි.

ලෑංග්ස්ටන් හියුජ්ගේ කවියකි:

පමා වූ සිහිනයට කුමක්වේද?
සූර්ය තාපයෙහි ලූ ඵල වැල මෙන්
වියැලේවිද එය?
නැතිනම් තුවාලයක් මෙන් පැසවාවිද-
දිව යන්නද එවිට?
පිළුණු මස මෙන් එය දුඟද හමයිද?
නැතිනම් සීනි තැවරූ
රස කැවිල්ලක්ද?
එය එල්ලා වැටේවිද
මහත් බරක් මෙන්
නැතිනම් පිපිරී යාවිද?

ප‍්‍රමාද වූ විප්ලවයට කුමක් සිදුවේද? නේපාලයෙන් ‘‘නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම’’ නේපාලයේ සංචාරයේ යෙදෙන පූජා පාන්ට් සහ බික්කිල් ස්තාපිත් විසින් Raiot.in හි පල කරන ලදි. -ෆ‍්‍රන්ට්ලයින් සංස්කාරක]

2016 ජුනි 17 /පූජා පාන්ට් සහ බික්කිල් ස්තාපිත්

මම මගේ ස්වාමිපුරුෂයා සමග කඳවුරේදි ආදරයෙන් බැඳුණා මොකද එයා වැඩිය කතාබහ කලේ නැති නිසා. ඔහු අපේ කමාන්ඩර්ගෙන් අනුමැතිය අරගෙන අවුරුදු දෙකකට පස්සෙ විවාහ වුණා. දැන් අපි දෙන්නම කතා කරනවා නායකත්වය අපිව පාවල දුන්න ආකාරය ගැන.

img_004518

ජානකි භත්තා – අක්චම්, නට ලම්කි, කයිලාලි වල කුඩා හෝටලයක් පවත්වාගෙන යයි.

මට කළකිරීමක් ඇතිවෙනවා මගේ පුද්ගලික තත්ත්වය, මගේ පක්ෂයේ තත්වය සහ සමාජයේ තත්වය ගැන බැලූවම. මගේ කොටසක් මාඕවාදී සටන්කරුවෙක් ලෙස මට තිබුණ සිහින, මගේ කෝපය, මගේ ගින්දර බැඳ තබලා පසෙකින් තියල තියෙනවා. මගේ අනෙක් කොටසට ජීවත් වෙන්න වැඩ කරන්න සිදු වෙලා තියෙනවා.

img_004519

ඉෂ්වෝර් තිමිල්සිනා – කුයිකා, අක්චාම්, දැනට ලම්කි, කයිලාලි වල කුඩා හෝටලයක් පවත්වාගෙන යයි.

img_004517

මේ දවස්වල මට දැනෙන දෙය මට මාඕවාදී විප්ලවයට සම්බන්ධ වෙන්න නොහැකිනම් මගේ ජීවිතයෙදි මොනවහරි කරන්න අධ්‍යයන කටයුතුවල නියැලිය යුතුයි. මම අවුරුදු 6ක් සේනාවාසයක මුකුත් නොකර ජීවත් වුණා.

img_00459

බ‍්‍රම්හා කට්ටෙල්- බජුරා, දැනට ලම්කි, කයිලාලි වල රික්ෂෝ රියැදුරෙකු ලෙස සේවය කරයි.

img_004510

මගේ පාදයට වෙඩි වැදුනට පස්සෙ මම පැය 56 සැඟවිලා හිටියා ආහාර සහ ජලය නැතිව. මගේ තුවාල වල මැස්සො වහල තුවාලය මත බිත්තර දමල මගේ තුවාල මස මැස්සන් විසින් කනවා මම අසරණව බලාගෙන හිටියා. මගේ තුවාලය වටේම හිටිය උන් හෙලිකොප්ටර් වගේ. යුද්ධයෙන් පස්සෙ මට නිවසක් නැතිවුණ මම නිදාගන්නෙ කත්මණ්ඩු නගරයේ වීදි වල. මම මගේ සිරුර සහ මගේ ජීවිතය සුව කර ගත්ත. මම දන්නවා අපි නැවත දවසක ඉක්මනින්ම සටන් කළ යුතුයි අපේ රට සුව කර ගැනීමට.
img_004513

ගංගා ලාමා – කව්රේ, කත්මණ්ඩු වල දැානට කාපට් ෆැක්ටරියක් පවත්වාගෙන යයි.

img_004514

මම මහජන මිලීෂියාවට සම්බන්ධ වුණා. නේපාල රාජකීය හමුදාව මගේ පියා අතුරුදහන් කලාට පසුව මම මහජන හමුදාවට සම්බන්ධ වුණා. මම දැන් කුඩා දරුවන්ට ක‍්‍රීඩා උගන්වනවා. මට දැනෙන්නෙ ගිය අවුරුද්දෙ භූමිකම්පාවකින් මගේ රට විනාශ වුණා වගේ මගේ පෞද්ගලික ජීවිතයත් විනාශ වුණා වගෙයි.

img_004515

කෙෂාබ් ඛනාබ් – ෂ්‍යන්ගි, දැනට කත්මණ්ඩු වල ක‍්‍රීඩා ගුරුවරයෙකු ලෙස සේවය කරයි.
img_004516

මම ඛාරා වල සටනින් තුවාල ලැබුවෙමි. දැන් මට එහෙ මෙහෙ ඇවිදින්නත් අමාරුයි. මං කරන එකම දෙය ගෙදරට වෙලා ඉන්න එක. මහජන යුද්ධයේදී තුවාල ලැබූ අප වැනි අය දැන් දුක්ඛිත තත්වයක ඉන්නෙ.

img_00455

කාල් බහදූර් බෝගති – කැලිකොට්, දැනට ලම්කි, කයිලායි වල ආබාධිතයෙක් ලෙස දිවි ගෙවයි.
img_00456

දුප්පතුන් නිදහස් කරගන්න සටන් කරන්න හිතපු නායකයින්ම ඔවුන්ගේ කෑදරකමට යටවෙලා දුප්පතුන් මාවත මැද තනිකලා. නමුත් අද පවා වෙන දේශපාලන පක්ෂයක් සටන් කරන්න තීරණය කරල විප්ලවය ඉදිරියට ගෙනියනවනම් මම නැවතත් සටන් කරන්න එකතු වෙනවා.

img_00451

ප්‍රෙම් බහදූර් බායෙක් – ලම්කි, කයිලායි දැනට ප‍්‍රජා ක‍්‍රියාකාරිකයෙකි.
img_00452

ධන්සාරි බයාක් – ලම්කි, කයිලායි, දැනට නිවසේ සිට ඇඳුම් මහන්නියක් ලෙස වැඩ කරයි.

අපි ආඩම්බර වෙනවා මහජන යුද්ධයේදී අපේ ජීවිත කැප කරපු එක ගැන. නමුත් නායකයින් ඒක පාවා දෙන විට අපි කණගාටු වුණා. නේපාල සමාජයේ කුඩා හෝ වෙනස්කමක් කරන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තු ක‍්‍රමයෙන් ඉවත්වෙලා මහජන ක‍්‍රමය ස්ථාපනය කරන්න අවශ්‍යයි. ඒක පමණයි අපිට නේපාලයට සහ නේපාල ජාතිකින්ට වඩා හොඳ අනාගතයක් ඉදි කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ.

img_00453

img_00457

img_00458

අපේ රට කෘෂිකාර්මික රටක්. එය දිළිඳු කමේ රේඛාවටත් පහලින් පිහිටා තිබෙන්නෙ. මගේ අවබෝධයේ හැටියට විදේශීය සංවිධාන මූල්‍ය ක‍්‍රීඩාවකයි නියැලූනේ. අනන් ඒ නිසයි අපිට අපේම මාවතක් අවශ්‍ය වන්නෙ. මේ තත්වය වෙනස් කිරීමට අපිට තවත් විපලවයක් අවශ්‍යයි.

img_004511

මහේන්ද්‍ර බහදූර් බූධා – රිෂී දාහා, අක්චම්, දැනට ලම්කි, කයිලාලි වල ගොවියෙකු ලෙස ජීවත් වෙමින්.

img_004512

රජයේ ඹභඵෂභ සැලැස්ම යටතේ අපේ මහජන හමුදාව අයෝග්‍ය දෙයක් ලෙස සලකා ඉවත දමන ලදි. දැන් මේ අයෝග්‍ය මිතුරන් රජය සඳහා වැඩ කරමින් සිටී. නමුත් ඔවුන් හමුදා සේනාංකයන් තුළ අයෝග්‍ය වූයේ ඇයි? නැවත පුනරුත්තාපනය කරනු ලැබූ මහජන විමුක්ති හමුදාව මුදල් ටිකකට විකුණා දමන ලදි. ඔවුන්ට ලක්ෂ 5 ක මුදලක් සමග ජීවත් විය හැකිද?

img_00454

බිපන්නා මල්ලා-ලම්කි, කයිලාලි දැනට කුඩා වෙළඳසලක් පවත්වාගෙන යයි