Blog Archives

ගැලීෂියාව: ඉන්දියාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජනවාරි 28 පැවැත්වූ සම්මේලනයට සමගාමීව ගැලීෂියාවේ සිදු කළ ප‍්‍රචාරක කටයුතු…

ගැලීෂියාව: ඉන්දියාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජනවාරි 28 පැවැත්වූ සම්මේලනයට සමගාමීව ගැලීෂියාවේ සිදු කළ ප‍්‍රචාරක කටයුතු…

 

 

ගොන්ෂාලෝ ගේ ජීවිතය ආරක්‍ෂා කරන්න 2013 සැප්තැම්බර් 24

ගොන්ෂාලෝ ගේ ජීවිතය ආරක්‍ෂා කරන්න 2013 සැප්තැම්බර් 24

Abinael

1992 සැප්තැම්බර් සිට සභාපති ගොන්ෂාලෝ, පේරු විප්ලවයේ නියමුවා, මුළුමනින්ම හුදෙකලා කොට ප‍්‍රාණ ඇපකරුවෙකු ලෙස ප‍්‍රධාන වශයෙන්ම ඇමෙරිකන් අධිරාජ්‍යදීන්, ඇතුළු අධිරාජ්‍යවාදීන්ගෙන් සහය ලබන, පේරුව තුළ ජයග‍්‍රාහී වී සිටින දූෂිත, ජන සංහාරක ජනතා නාශක රාජ්‍ය තන්ත‍්‍රය විසින් තබා ගෙන සිටී.

විප්ලවය වෙනුවට ප‍්‍රධාන කොන්දේසියක් ලෙස ඔහුව හඳුන්වා දෙමින්, මේ සෑම වර්ෂයකදී ම පේරු හි පාලක පංතිය සහ අධිරාජ්‍යවාදීහු ස්ථිර ලෙස ඔහුගේ විප්ලවීය අවංකභාවය මැඩලීමට ප‍්‍රයත්න දරා තිබුණි, එහෙත් ඔවුහු හැම විටම ඔහුට විවෘතව කතා කිරීමට ඇති අයිතියට සහ ඔහුගේ තත්වය ගැන දැනගැනීමට ඉඩ නොදුන්නා සේම ඔහුගේ ශාරීරික තත්වයට සහ ඔහුගේ ජීවිතයට එරෙහි තර්ජනයන් අළුත් කරමින් සිටී.

සැප්තැම්බර් 24 වෙනි දින වන අද, ෆුජිමෝරි පාලනය විසින් අශ්ශීල ලෙස ඉදිරිපත් කරන ලද කූඩුව තුළ සිට හඬ නගමින් කළ, ඔහුගේ දක්‍ෂ කථාවේ 21 වෙනි අනුස්මරණ දිනය සටහන් වේ.

අපි මේ සියළු වර්ෂයන් තුළ මේ කථාව සහ සභාපති ගොන්ෂාලෝ ආරක්‍ෂා කිරීම, පේරු කොමියුනිස්ට් පක්‍ෂයට සහය දීම අත් හැර දැමුවේ නැත, අද පවා, පේරු හි මහජන යුද්ධය වංගු සහිත අවස්ථාවකින් පීඩා ලබන අතරතුර ඒවා ජය ගැනීමට පක්‍ෂය අරගල කරයි, අපි පේරුහි සහ විදේශයන්හි සිටින සහෝදරවරුන්ට, පක්‍ෂයේ පළමු සම්මේලනයේ දී පිළිගත් ආකාරයට, 25 වෙනි සංවත්සරයෙදී නැවත මතු කළ, සභාපති ගොන්ෂාලෝ විසින් පෙන්වා දෙනු ලැබූ මතවාදය සහ භාවිතාව සහ මහජන යුද්ධයේ මාවත රැගෙන යන්ට සහය දෙන්නෙමු,

1992 සැප්තැම්බර් 24, සභාපති ගොන්ෂාලෝ උස් හඬින් සහ පැහැදිලිව පැවසූ පරිදි:

‘‘අපි මෙහි ජනතාවගේ දරුවන් ලෙස සිටින්නෙමු, අපි මේ අගල්වල  සටන් කරමින් සිටිමු. ඔවුහු ද යුද්ධයේ අගල් වෙති, එමෙන්ම කොමියුනිස්ට්වරු ලෙස අපි එය සිදු කරන්නෙමු! මක් නිසාද යත් අපි මෙහි ජනතාවගේ අභිලාෂයන්, පක්‍ෂ මූලධර්මයන්, මහජන යුද්ධය ආරක්‍ෂා කරමින් සිටින බැවිනි. ඒ අපි කරන දෙයයි, අපි එය කරමින් සිටින අතර එය වඩාත් ඉදිරියට ගෙන යන්නෙමු!… මාවත දිගුය අපි එයට ළඟා වන්නෙමු. අපි විජයග‍්‍රහණය කරන්නෙමු! … අප ට අවශ්‍ය වන්නේ කුමක්ද? අපිට මූර්තිමත් වීමට මා ඕවාදය අවශ්‍යය,  එය මේ පැමිණෙමින් පවතින ලෝක නිර්ධන පංති විප්ලවයේ නව රැුල්ලට නායකත්වය දීමට සහ එය පදවාගෙන යෑමට කොමියුනිස්ට් පක්‍ෂ ඉදි කරමින්, මූර්තිමත් වෙමින් තිබේ.’’

මේ වචන අද පවා පේරු විප්ලවයේ ඉදිරිගමන ට නිර්දේශ ලක්‍ෂයක් ලෙස පවතින්නා සේ ම ලෝකය තුළ තවම ශ්‍රේෂ්ඨ වටිනාකමක් ඇති අතර කොමියුනිස්ට්වරු ලෙස අපි ඔහුව සහ පේරු කොමියුනිස්ට් පක්‍ෂය සහ ශ්‍රේෂ්ඨ ජනතාව විනාශ කිරීමට ප‍්‍රයත්න දරන අධිරාජ්‍යවාදීන් සහ පේරුව තුළ සිටින ප‍්‍රතිගාමීන් යන මේ සියල්ලන්ටම එරෙහිව ඔහුගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට අපේ කැප වීම අළුත් කරමු.

Partido Comunista do Brasil (Fraccion Roja)
Comité de Construccion del Partito Comuunista Maoista de Galicia
Partie Communiste Maoiste de France
Partito comunista maoista-Italia