Blog Archives

කොමියුනිස්ට් ඩිජිටල් පුස්තකාලය යාවත්කාලීන කොට ඇත.

කොමියුනිස්ට් ඩිජිටල් පුස්තකාලය යාවත්කාලීන කොට ඇත.

2019 මැයි 29 වන දින Liberationbase පුස්තකාලයේ ඇතුලත් කරන සෑම ලේඛණයකටම පහත පරිදි සූචිකරණ ඇමුණුමක් ඇතුල් කරනු ලැබේ.

පාර්ලිමේන්තු සංශෝධනවාදීන් විසින් මෙම ලේඛන අවස්ථාවාදී කාර්යයන් සඳහා භාවිතා කිරීම වැළැක්වීම එහි අරමුණයි. ජවිපෙ LeftLibrary වැනි කණ්ඩායම් මෙම ඩිජිටල් පුස්තකාලයෙහි ලේඛණ පිටපත් කරමින් සහ ඒවා ඩිජිටල්කරණය කරනු ලැබු සහෝදරවරුන්ගේ ශ‍්‍රමය සහ කැපකිරීම නොතකා හරිමින් ලේඛණ සංරක්ෂණ ව්‍යාපෘතිය සහ වෙබ් අඩවිය සඳහා සම්බන්ධ කොට තිබූ සම්බන්ධක ඉවත් කරමින් වෙනත් පිටකවර ප‍්‍රතිස්ථාපනය කරමින් පළ කරනු ලැබ ඇත. ඕනෑම අයෙකුට liberationbase හි පළවන ලිපි සහ ලේඛණ කෘතීන් වෙනත් තැන්වල පළ කිරීමට හැකියාව ඇත. එකම ආචාර ධර්මය වනුයේ මූලාශ‍්‍රය සඳහන් කිරීමයි. එය මෙම ව්‍යාපෘතිය සඳහා කැප කළ සහෝදරවරුන්ගේ ඓතිහාසික කර්තව්‍ය සජීවීව තබා ගැනීමට කරන සහෝදරාත්මක උපකාරයකි. LeftLibrary හදිසියේම නිර්මාණය තොට එය ලංකාවේ පළමු අන්තර්ජාල පුස්තකාලය යන උත්ප‍්‍රාසාත්මක ප‍්‍රකාශය සමග කරලියට පැමිණ ඇත. එහි ඇති සියළුම අව්‍යාජ සහ නිර්ධනපංතියේ මාක්ස්වාදී ගුරුවරුන්ගේ න්‍යායික කෘතීන් අපගේ ව්‍යාපෘතිය හරහා සකස් කරනු ලැබූ ඒවා වෙති. අඩුම තරමින් ඒවා ලබාගත් මුලාශ‍්‍රයක් හෝ එහි සඳහන් කොට නොමැති අතර, එම අව්‍යාජ කෘති සමග නිර්මාක්ස්වාදී සංශෝධනවාදී වල් පල් සහිත කෘතීන් සහ ලිපි ප‍්‍රමාණයක් එම පුස්තකාලයෙහි අන්තර්ගත කොට තිබේ. ඒවායේ මූලාශ‍්‍රයන් ඉවත් කොට ඇත්තේ පාඨකයන් විසින් විද්‍යාත්මක දැනුමක් ලබා ගැනිම පිණිස liberationbase ට ප‍්‍රවේශ වීම වැළැක්වීම යැයි සිතිය හැකිය. එහි අදහස රට තුල දැනට නැගෙමින් තිබෙන නව විප්ලවීය ප‍්‍රවණතාවයන් සහ උත්තේජනය මොට කර දැමීමයි. ඉතිහාසය නැවත නැවතත් එකම දේ පුනරාවර්තනය කරමින් සිටී. මේ ප‍්‍රතිගාමී ක‍්‍රියාකාරකම් එම පාර්ශවය විසින්ම ඉතිහාසයේ කිහිප වරක්ම ඉතා විනාශකාරී ලෙස සිදුකොට ඇත.

පාඨක ඔබ කියවන සහ පරිශීලනය කරන මෙම ඩිජිටල් ලේඛන සකස් කිරීම අතිශය වෙහෙසකර සහ පියවරයන් සහ අදියරයන් ගණනාවකින් යුක්ත ක‍්‍රියාවලියකි. මේ සෑම ලේඛණයක්ම අප විසින් මුද්‍රණය කළ හැකි තත්ත්වයට ඔබ වෙත ලබා දී ඇත. පරිගණක මෘදුකාංග ගණනාවක් හරහා මේ සෑම පිටුවක්ම ගමන් කොට ඇත. ඒවායේ පෞරාණික පෙනුම තත්වය, වෙනත් අපැහැදිලි සලකුණු මේ හැම එකක්ම සහෝදරවරු විසින් ඉවත් කරමින් ඉතා හොඳ මට්ටමේ ඩිජිටල් ලේඛණ ලබා දීමට කටයුතු කර ඇත. අපගේ අපේක්ෂාව වන්නේ කුමන හෝ ස්ථානයක සිටින අව්‍යාජ විප්ලවීය බලවේගවලට මෙම ලේඛණ නයායික අවි බවට පත්වනු ඇත යන්නයි. සෑම අව්‍යාජ ජාත්‍යන්තරවාදී කොමියුනිස්ට් බලවේගයක් සමගම අප සහෝදරත්වයේ දෑත් එක් කිරීමට සූදානමින් සිටී.

මෙම ඩිජිටල් පුස්තකාලය අරඹනු ලැබූවේ 2010 වසරේ සිටයි. එය 2013වසරේදී Liberationbase ලෙස නම වෙනස් කරන ලද්දේ වඩාත් සංවිධානාත්මක ආකාරයේ ක‍්‍රියාකාරීත්වයක් සනිටුහන් කිරීමත් සමගයි.

 

 

ඇතුල් කොට ඇති නව කෘතීන්

 

මාඕ සේතුං

BK-s

‘‘ග‍්‍රාමීය සමීක්ෂණ’’යට පෙරවදන හා පසුවදන

BK-s

පොතට වහල් වීමට විරුද්ධ වන්න

BK-s

වර්තමාන තත්ත්වය සහ අප සතු කර්තව්‍යයෝ

 

BK-s

ජපන් විරෝධී ජාතික එක්සත් පෙරමුණ සඳහා ලක්ෂ ගණනින් ජනතාව දිනා ගනිමු

 

BK-s

සභාග ආණ්ඩුව ගැන

 

බාගත කර ගැනීමට ඩිජිටල් පුස්තකාලයට පිවිසෙන්න

https://liberationbase.wordpress.com/library/writing-of-mao-tsethung/

 

වී අයි ලෙනින්

BK-s

ජාතික ප‍්‍රතිපත්තිය සහ නිර්ධන පංතික ජාත්‍යන්තරවාදය

 

බාගත කර ගැනීමට ඩිජිටල් පුස්තකාලයට පිවිසෙන්න

https://liberationbase.wordpress.com/library/writings-of-vi-lenin/

Advertisements