Category Archives: Women Comrade

මහාරාෂ්ට‍්‍රා කාන්තාවන්ට සීනි කර්මාන්තයේ වැඩ සොයා ගැනීමට සිය ගර්භාෂ ඉවත් කිරීමට බලකෙරේ

මහාරාෂ්ට‍්‍රා කාන්තාවන්ට සීනි කර්මාන්තයේ වැඩ සොයා ගැනීමට සිය ගර්භාෂ ඉවත් කිරීමට බලකෙරේ

[https://www.indiatimes.com/trending/wtf/in-a-maharashtra-village-women-are-forced-to-get-their-wombs-removed-to-work-as-cane-cutters-365132.html?fbclid=IwAR375lVcb3RdQhJMzsaOXtl7AXTC6aCfValXIhLluiYERaBjTAc1EP1enEA]

ඉන්දියාව ලෝකයේ දෙවන විශාල සීනි නිෂ්පාදකයායි, මහරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තය සීනි නිෂ්පාදනයේදී ඉහළින්ම සිටී. රොයිටර් වාර්තාවලට අනුව බීඩ්, සොලාපූර්, කොල්හාපූර්, සන්ගලි සහ සතාරා දිස්ත‍්‍රික්කවල 500,000 ක් පමණ දුගී ජනයා සෑම වසරකම උක් දඬු කැපීමට සංක‍්‍රමනය වේ.

  මේ පිරිස අතර සිටින කාන්තාවෝ, තැරැව්කාරයන් සහ ඉඩම්හිමියන්ගෙන් අනපේක්ෂිතව සිදුවන ලිංගික අපයෝජන නිසා සිය ගර්භාෂ ඉවත් කරගෙන සිටී.

හින්දු බිස්නස් ලයින් හි නව වාර්තාවකට අනුව උක්-දඬු කැපිමේ කර්මාන්තයේද මෙම කටුක සත්‍ය පවතින බව සොයාගෙන තිබේ. වාර්තාවට අනුව, බීඩ් දිස්ත‍්‍රික්කයේ වන්ජර්වාදි ගම්මානයේ කාන්තාවන්ට වැඩ සොයා ගැනීමට ගර්භාෂ විච්ෙඡ්දනය කිරීමේ සැත්කමකට භාජනය වීම නියමයක් වී තිබේ.

වාර්තාවලට අනුව දිස්ත‍්‍රික්කයේ කාන්තාවන්ගෙන අඩකට ගර්භාෂ නොමැත. එක් දරුවෙකුට හෝ දෙදෙනෙකුට උපත ලබා දීමෙන් පසු ස්වේච්ඡාවෙන්ම කාන්තාවන් සිය ගර්භාෂ ඉවත් කර ගන්නේ වැඩ සොයා ගැනීමට හැකි වීම සඳහායි.

මේ ආකාරයෙන් ස්වභාවික පිහිටීම වෙනස් කර ගැනීමට බලපවත්වන හේතුව ලිංගික අපයෝජන පමණක්ම නොවේ. කාන්තාවන් වහලූන් බවට පත් කරන තැරැව්කාරුවෝ ඔවුන්ට වැඩ සොයා ගැනීමට සහ ඔසප්වීම නිසා වැඩ මන්දගාමී වීම නවත්වා ගැනීමට, සහ එක දිගට හය මාසයක පමණ කාලයක් නොනවත්වා වැඩ කිරීමට හැකි වීම සඳහා ගර්භාෂ ඉවත් කරන්නැයි කියති.

කොන්ත‍්‍රාත්කරුවෝ ඔවුන්ට ගර්භාෂ විච්ෙඡ්දනය කිරීමේ සැත්කම සඳහා මුදලින් අඩක් ලබා දෙන අතර එය වැටුපෙන් නැවත කපා ගනී.

එහෙත් මෙම සැත්කම ප‍්‍රතිකාරයක් ලෙස වෛද්‍යවරු විසින් නිර්දේශ කරනුයේ පිළිකාව, එන්ඩොමෙට්රියෝසිස්, ෆයිබ්‍රොයිඩ් වැනි තත්ත්වයන් සඳහා පමණි. මේ බොහොමයක් කාන්තාවන්ට එවැනි ගැටලූ නොපවතී. නමුත් ඔවුන්ට ජීවත්වීම උදෙසා වැඩ සොයා ගැනීමට මෙය සිදු කිරීමට බල කෙරී ඇත.

රොයිටර් පුවත් සේවයට අනුව, මෙම ක‍්‍රියාවලියට වැයවෙන ඉන්දියානු රුපියල් 35,000 ක් පමණ මුලද බොහොමයක් පවුල් ණය බරෙහි ගිල්වා තබයි.

වාර්තාව පෙන්වා දෙන අන්දමට වයස 25 වැනි කාන්තාවන් පවා මෙම සැත්කමට භාජනය වන අතර ඔවුන්ට ඉක්මනින්ම බර වැඩ කිරීම අසීරු වේ.

මේ ක‍්‍රියාවලිය මගින් හඬ ගා කියන්නේ ලිංගික දුරාචාරය සහ බලවත් වියවුලක් පවතින බවයි. බොහොමයක් සමාජ ක‍්‍රියාකාරිකයින් මෙම ආක‍්‍රමනකාරී ක‍්‍රියාවලිය නැවැත්වීමට කටයුතු කළත් ඔවුන්ව කම්හල් හිමියන් සහ ධනවත් දේශපාලකයින් මගින් වළක්වනු ලැබේ.

සිය ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් සායනික ක‍්‍රමවේදයක් හරහා සිය ස්වභාවික පිහිටීම කාන්තාවන්ට වෙනස් කරගන්නට සිදුවීම වේදනාකාරී මෙන්ම ලජ්ජා සහගත කාරණයකි. මෙය කාන්තාවන්ට එරෙහිව තිබෙන තියුණු සමාජ අසාධාරණයක් පමණක් නොවේ මෙය දෙපාර්ශවයේම මුල්බැසගත් නොසැලකිල්ල සහ අධ්‍යාපනයක් නොමැති කමයි.

Advertisements

ඉන්දියාව – නිර්මලක්කා නිදහස් වෙයි – ඉන්දියාවේ සියලූම දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දෙනු! – ICSPWI

ඉන්දියාව – නිර්මලක්කා නිදහස් වෙයි – ඉන්දියාවේ සියලූම දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දෙනු! – ICSPWI

දොළොස් වසරකට පසු ව්‍යාජ චෝදනා 157 කට සිරගත කළ නිර්මලක්කා නිදහස් කෙරේ

අපේ‍්‍රල් 2 වෙනි දින අධිකරණය මගින් නිර්මලක්කා අවසන් චෝදනාවෙන්ද නිදහස් කර හරින ලදි. ඇයට එරෙහිව චෝදනා 157ක් ඉදිරිපත් කොට තිබුණු අතර ඇය දින 4,380ක් තිස්සේ එනම් වසර 12ක් සිරගත කොට තිබුණි, තෙලෙංගානා පුරවැසියෙක් ඇය නිදහස් වීමෙන පසු සිදු කරන්නේ කුමක් දැයි ඇසූ විට ඇය තුළ දැඩි ශෝකයක් පෙනෙන්නට තිබුණි.

‘‘මට මුකුත් කියන්නට අවශ්‍ය නැහැ,’’ ඇය කඳුලූ හෙළමින් කියන්නීය.
2007 වසරේදී චටිස්ගාර්හි අගනුවර වන රායිපූර්හිදී, නිර්මලක්කා අත්අඩංගුවට ගනු ලැබුයේ ඇයගේ ස්වාමි පුරුෂයාද සමගිනි.

බස්තාර් සහ දන්තෙවාද යන නගරවල මෙන්ම, චටිස්ගාර්හි උසාවි ගණනාවකම නිර්මලක්කා සහ ඇයගේ ස්වාමි පුරුෂයාට එරෙහිව චෝදනා ගණනාවක් ගොනු කොට තිබුණි. ඇයට එරෙහිව චෝදනා 157ක් ගොනු කොට තිබුණි. නක්සල්වරුන්ට සම්බන්ධ විවිධ චෝදනා ඇතුළුව, ඇය දන්දකර්ණයාහි විප්ලවකාරී ආදිවාසී මහිලා සංගමයේ ලේකම් ලෙසද නම් කොට තිබුණි.

කෙසේ හෝ සාක්ෂි නොමැතිකම නිසා, සියලූම උසාවි මගින් නිර්මලක්කා පසුගිය වසර 12 තිස්සේ එකින් එක නිදහස් කළහ. නමුත් සමහර චෝදනා නිසා ඇයට දිගටම සිරගෙදර සිටින්නට සිදුවිය.

ඇයගේ ස්වාමි පුරුෂයා වන රෙඩ්ඩි 2017 දෙසැම්බර් වලදී නිදහස් වනවිට සිර ගෙදර වසර 10ක් ගත කොට තිබුණි. අපේ‍්‍රල් 2 වෙනිදා අධිකරණය මගින් නිර්මලක්කා අවසන් චෝදනාවෙන්ද නිදහස් කරනලදි. කෙසේ හෝ, 2007, 2008, 2014 සහ 2015 යන වසරවල ඇයට එරෙහිව අලූත් චෝදනා ගොනු කොට තිබුණි. මේ චෝදනා වලට ඇයව සම්බන්ධ යැයි ඔප්පු කිරීමට කිසිදු සාධකයක් නොවීය. පසුගිය වසර ගණනාවම සිරගතව සිටි ඔබ නිදහස් වූ පසු කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඇසූවිට ඇය නිහඬ විය, ඇගේ දෑස් කඳුළින් බර විය.

‘‘මට අවශ්‍ය මගේ පවුලත් එක්ක කාලය ගත කරන්න,’’ ඇය පැවසීය.

ආරක්ෂක අංශ සමග සිදු වූ වෙඩි හුවමාරුවෙන් කාන්තා මාඕවාදීහු සිව් දෙනෙක් දිවි පුදති

ආරක්ෂක අංශ සමග සිදු වූ වෙඩි හුවමාරුවෙන් කාන්තා මාඕවාදීහු සිව් දෙනෙක් දිවි පුදති

Odisha-News-Insight

ඉන්දියානු මාධ්‍ය ආයතනයක් වන ඔඩිෂාටීවී මගින් වාර්තාකොට සිටියේ 25 වෙනි ඉරිදා රාත‍්‍රියේ ඔරිස්සා හි කොරාපුට් දිස්ත‍්‍රික්කයේ දක‍්‍රි ඝාත් ප‍්‍රදේශයට යාබද නරායන්පත්නාන් හි දී දිස්ත‍්‍රික් ස්වේච්ඡා බලඇණි සහ විශේෂ මෙහෙයුම් කණ්ඩායමේ ආරක්ෂක බලඇණි සමග ඇති වු වෙඩි හුවමාරුවෙන් මාඕවාදී කාන්තා කාඩර්වරු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි. ඔවුන්ව තවම හඳුනාගැනීමට තිබේ. විශ්වාස කරන අන්දමට මියගොස් ඇති සියළු සාමාජිකාවන් අන්ද්‍රා-ඔරිෂා ෂෝනල් කමිටුවට අයත් වේ. පොලීසිය එය ප‍්‍රකාරශ කරයි.

2009 සහ 2010 යන කාලවල සිට මාඕවාදීහු නරායන්පටා හි ක‍්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට උත්සාහ කරමින් සිටී. එවක් පටන්, මාඕවාදීන්ගේ පෙරමුණු සංවිධානයක් වන, චෂී මුලියා ආදිවාසී සංගමය ඔරිසා හි ලාල්ගාවක් නිර්මාණය කිරීමට කටයුතු කරති.

ඉන්දියාව – මාඕවාදී නායකයෙකුගේ දියණියකගෙන් ස්වදේශ කටයුතු ඇමතිට ප‍්‍රබල පිළිතුරක්

මාඕවාදී නායකයෙකුගේ දියණියකගෙන් ස්වදේශ කටයුතු ඇමතිට ප‍්‍රබල පිළිතුරක්

ජුලි වල පළමු සතියේ, කේරලයේ ස්වදේශ කටයුතු ඇමති රමේෂ් චෙන්නිතලා මේ වසරේ මැයි වලදී අන්ද්‍රා ප‍්‍රදේශ් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ මාඕවාදී යුවලක් වන රූපේෂ් සහ ෂියානා ගේ දියණියන්ට විවෘත ලිපියක් ලියනු ලැබූහ.

වාර්තාවල කියැවෙන අන්දමට එම යුවල දස වසරක් තිස්සේ සැඟවී සිට ඇත. ඔවුන්ට 19 හැවිරිදි අමී සහ වයස අවුරුදු 10 ට ආසන්න සවේරා ලෙස දියණියන් දෙදෙනෙක් ඇත.

සිය ලිපියේ, ස්වදේශ කටයුතු ඇමති දෙමව්පියන්ගෙන් නිසි සැලකිල්ලක් නොලැබී ගිය දරු දෙදෙනා ගැන සිය සැලකිල්ල යොමු කොට තිබුණි. ඔහු දැරියන්ට ආයාචනා කොට තිබුණේ ‘‘ඵලක් නැති දේශපාලන ව්‍යාපාරයක සහ පුහු මතවාදයක පැටලීමෙන් වළකින’’ ලෙසයි. ඒ වෙනුවට ඔහු දැරියන්ගෙන් ඉල්ලා තිබුණේ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට යොමු වී ‘‘ජාතියේ වගකිව යුතු පුරවැසියන්’’ බවට පත් වෙන ලෙසයි.

කෙසේ හෝ, අමී, වැඩිමහල් සොහොයුරිය මේ වන විට ස්වදේශ කටයුතු ඇමති වෙත විවෘත ලිපියක් ලියා ඔහු එවූ ලිපියේ අන්තර්ගතය නිසා ඇයට ඇතිවූ අපහසුතාවය සහ එය සමග එකඟ නොවීම සියල්ලන්ටම දැක ගැනීමට සලස්වා ඇත. ඇගේ ලිපිය මාධ්‍යමාම් නම් මලයාලම් ප‍්‍රවෘත්ති පත‍්‍රයේ අන්තර්ජාල සංස්කරණයේ පළ කොට තිබුණි.

මලයාලම් බසින් ලියන ලද මුල් පිටපතින් පරිවර්තනය කරන ලදි:

ගෞරවනීය ස්වදේශ කටයුතු ඇමතිතුමනි,

ඔබ අපට අනුකම්පාව දක්වා ලියා තිබුණු ලිපි කියවන්නට මට සිදුවුණි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස, ඔබ අපට අපේ දෙමව්පියන් වෙතින් ප‍්‍රමාණවත් තරම් ආදරය සහ රැකවරණය නොලැබීම පිළිබඳව කෙතරම් කරදර වන්නේදැයි කතා කොට තිබුණි. ඔබේ හැසිරීමට මම ස්තුති කරමි. එසේ වුවද, ලිපිය තුළ ඇති වැරදි සහගත යෙදීම් සහ නොගැලපීම් පිළිබඳව සටහන් නොකර සිටීමට මට නොහැකිය. එමනිසා, මම මගේ අදහස් බෙදා හදා ගැනීමට ලිපියක් ලියන්නට අදහස් කළෙමි.

මගේ සොහොයුරිය සහ මා අපගේ දෙමව්පියන්ගේ ආදරය සහ රැකවරණය නොලැබූ බව පවසා සිටීම කිසිසේත්ම තාර්කික නොවේ. මා දැන සිටි බොහෝ දරුවන්ට ලැබුණාට වඩා අප එය බෙහෙවින් ලැබූ බව මම විශ්වාස කරමි. දරුවකුව සිටින කාලයේ සිටම මගේ දෙමව්පියන් මාව හැමතැනකම රැගෙන යන්නට පුරුදුව සිටියහ. ඇත්ත වශයෙන්ම, ඔබ ජනවාරි 1 වෙනිදා සංචාරය කළ ආදිවාසී කොලනියේ මම වයස අවුරුදු 5 වන විට නැවතී සිටියෙමි. කොල්කටාව, රන්නි, මුම්බායි සහ බෙංගාලරුම් මට විවිධ සංස්කෘතීන් සහ ප‍්‍රශ්න විවර කළහ. මෙය මගේ පරිකල්පනය තරමක් පුළුල් කිරීමට හේතු විය. නමුත් වර්තමානයේ ඔබ මෙහෙයවමින් සිටින පොලිස් බල ඇණි අපේ ජීවිත සමග හැප්පීමත් සමග තත්ත්වයන් වෙනස් විය.

මට වයස 10 වන විට, මගේ සිව් හැවිරිදි සහෝදරිය සහ මගේ මව අසාධාරණ ලෙස පොලිස් සිරභාරයට ගැනුණි. ඔබේ නිමක් නැති හිරිහැර කිරීම් නිසා ඇය කේරල ඉහළ උසාවියේ තිබූ ඇගේ රැකියාව අත්හැර දමා පූර්ණ කාලීන සමාජ ක‍්‍රියාකාරිකයෙකු වූහ. එකල ඇය එම තීරණය ගැනීමට හේතුවන ලෙස ඇයව පීඩනයට පත් කළ බල ඇණි විවේචනය කරමින් මහ ඇමති වීඑස් අචුතානන්දන් වෙත ලිපියක් ලියූහ. ඔබ නියෝජනය කළ පොලිස් බල ඇණි අපට අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ නොහළ බව මම ඔබට ආචාරසම්පන්න ලෙස පමණක් සිහිපත් කරමි.

ඔබේ ලිපියෙහි, මිනිසුන් විසින් අපව නොමග යැවීම පිළිබඳව ඔබ කෙතරම් කරදර වී සිටින්නේද යන්න සඳහන් කොට ඇත. තවද ඔවුන්ගෙන් ප‍්‍රවේශම් වන ලෙස ඔබ අපට මතක් කොට තිබේ. නමුත් සත්‍යය බෙහෙවින් වෙනස්ය. පොලිස් නිළධාරීහු කණ්ඩායමක් වරෙන්තුවක් නොමැතිව මගේ නිවසේ ඉදිරිපස දොර කඩා දමා එය වට කළහ. ඔවුහු මාව අවමානයට පාත‍්‍ර කළහ. ඔවුහු මගේ පියාගේ ඇඟට අත තැබුවොත්, ඔහුගේ හිසට විශාල ගලකින් පහර මරා දමන බව මගේ පස් වියැති සහෝදරියට පැවසූහ.

මෙවැනි කථා බොහොමයක් වෙති… මගේ සහෝදරිය සහ මම සංස්කෘතික පෙරමුණ මගින් පැවැත් වූ උත්සවයකට සහභාගි වූහ, අප මාඕවාදීන් යැයි චෝදනා කොට මහිලා මන්දිරය තුළට දමා දොර අගුල් ලා තැබූහ. එවිට, ඔබේ පොලිස් නිළධාරීහු මගේ පතිවත කෙසේද යන්න ගැන දැන ගැනීමට උනන්දු වූහ. ‘‘මම කණ්‍යාවියක්ද? මගේ කන්‍යා පටලය කැඞී ඇත්ද?’’ මේවා ඔවුන් මගෙන් ඇසූ ප‍්‍රශ්න සමහරක් විය. පොලිස් නිළධාරියෙක් මගේ ෆේස්බුක් අවසරපදය ගැන විමසූ විට, මා එයට ප‍්‍රවේශ වන්නේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ඉදිරියේ බව මම ප‍්‍රකාශ කළෙමි. මෙයට, හු පිළිතුරු දුන්නේ මට දිගු බකාලයකට බාහිර ලෝකය දකින්නට ඉඩ නොතරබන බවට තර්ජනය කරමිනි. මහිලා මන්දිරය තුළ මුළු රාත‍්‍රියක් මුළුල්ලේම හද කම්පාවන අයුරින් හඬා වැටුණු මගේ සොහොයුරියට ඔබ දෙන පිළිතුර කුමක්ද?

අපව පැහැර ගෙන ගියේ සංස්කෘතික පෙරමුණේ සංවිධායකින් විසින් යැයි ඔවුන්ට අසාධාරණ ලෙස හදිසියේ ප‍්‍රකාශ කොට ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළහ. ඔවුන් අපව පැහැරනොගත් බව කියද්දීත් මෙය සිදුවිය. නීතිවිරෝධී ක‍්‍රියාවන් වැලැක්වීමේ පනත යටතේ පොලිසිය ඔවුන්ව සොයමින් ඔවුන්ගේ ජීවිත අපායකට ඇද දැමූහ. එය ගොඩනගා තිබූ මහානුභාව සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මිත්‍යාව අපට අවබෝධ කරදෙමින් අපේ ජීවිත තුළින් ගමන් කළ නිරන්තර වධ වේදනා නිසා සිදුවුණි. පොලීසිය අපට විරුද්ධව යෙදවූ ජනතා විරෝධී ප‍්‍රතිපත්ති නිසා, මගේ දෙමව්පියන් සටන් කරන මතවාදය නිවැරදි බව මට පසක් කළහ. ඔබ අපට දෙමව්පියන් රහිත පරිසරයක හැදී වැඩෙන්නට සිදුවීම ගැන අනුකම්පාව දක්වන්නට කාලය වැය කරන විට, සෑම වසරකම අත්තපාඩි වල තවමත් උපත ලබන දරුවන් 150 දෙනා නොසලකා සිටින්නේ කෙසේද?

එන්දොසුල්ෆාන්, ප්ලචිමාඩා, අරිප්පා, කතිකුඩාන් සහ බොහොමයක් ඉඩම් සඳහා වුණු විරෝධතාවයන් මහජන විරෝධතාවයන්ගේම භූමියක් වූ කේරලයේ පැවැත්විණි.

මේ භූමි වලත් දරුවන් සිටී, ඔබ ඔවුන්ව නොසලකා හරින්නේ මන්ද? ප‍්‍රාථමික පාසැල් වලට ඇතුල් කරන ලද ආදිවාසී දරුවන්ගෙන් අඩක්ම ඉහළ ප‍්‍රාථමික මට්ටමට ඇතුල් වීමට අසමත් වේ. ඔවුන්ගෙන් හතරෙන් තුනක්ම උසස් අධ්‍යාපනය දෙනු ලබන පාසැල්වලට ඇතුල් වීමට අසමත් වේ. මේ අසමත්භාවයන් නිසා ඔබට ලජ්ජා නොවී සිටිය හැකිද? අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නිසා, දස දහස් ගණන් අධ්‍යාපන ණය මත සිරවී සිටින අතර සිය දිවි නසා ගැනීම් පවා වාර්ථා වී ඇත. ඔබ තවමත් ඔවුන්ව නොසලකා හරින්නට තෝරා ගෙන සිටින්නේ මන්ද?

ඔබේ ලිපියෙහි, අපට අවශ්‍ය වන්නේ විනාශ කිරීම නොව ඉදි කිරීම බව ඔබ දක්වා ඇත. සිත් ඇදගන්නා සුළු ලෙස, මගේ පියා ඔබට ලියූ ලිපියක් පසුගිය දෙසැම්බර් වල කියවන්නට මට සිදුවුණි. ඔහු ඉඩම් අහිමි ආදිවාසීන්ගේ තත්ත්වය ගැන වටහා ගන්නා ලෙස ඔබෙන් දැඩි ලෙස ඉල්ලා තිබුණි. ඔහු මිනීවල ආසන්නයේ ම සිටින ඔවුන්ගේ දිළිඳුකමේ අනුපාතය කෙතරම්ද යන්න පිළිබඳව කතා කළහ. ලිපිය තුළ, රජයේ ජනතා විරෝධී ප‍්‍රතිපත්ති නිසා තලා පෙලා දමා ඇති ආදිවාසී මිනිසුන් සහ ගොවියන් ගැන මම කියෙවුවෙමි. නමුත් ඔබ කිසිදාක එම ගැටලූ ගැන කතා කරන්නට වත් මුල පුරා නැත.

ඔබ අපගේ දෙමව්පියන් තක්කඩියන් ලෙස හැඳින්වූහ. ඔබට සහ ඔබේ සහචරයන්ට ඔවුන් ඇත්තෙන්ම තක්කඩියන් වන්නාහ. යටත්විජිතවාදයට එරෙහි වූ භගත් සිං, සුභාෂ් චන්ද්‍ර බෝස් සහ බොහෝ අය තක්කඩියන් ලෙස හැඳින්වූහ. ඔවුන් හැමෝටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති සහ අඳුරු සිරගෙවල් සමග ගනු දෙනු කිරීමට සිදු වූහ. අද, ඔබ මගේ දෙමව්පියන් සමගද ඒ ලෙසට ගනු දෙනු කරමින් සිටී. නමුත් දිළිඳු භාවයට ඇද වැටී ඇති අපේ ජනතාවගෙන් බහුතරය, මගේ දෙමව්පියන් තක්කඩියන් ලෙස නොදකියි. ඔවුන්ගේ සටන ඔබේ එකට වඩා ඔවුන් අතර රැව් පිළිරැව් දෙයි. මගේ දෙමව්පියන් ඔවුන් සඳහා ආරක්ෂිත අනාගතයක් හෝ මුදල් හම්බ කරගෙන නැත. ඒ වෙනුවට, ඔවුහු කේරලයේ දිළිඳු ජනතාවගේ ජීවිත සහ මේ රට වඩා යහපත් කිරීමට කටයුතු කළහ. ඔවුන්ගේ අරගලය දිළිඳු ජනතාව සඳහා වූහ.

සහෝදරවරුන් සමග ගමනේ…

සහෝදරවරුන් සමග ගමනේ…

”අරුන්දතී රෝයිට වනයේ මාහැඟි සංචාරයක යෙදීම සඳහා විපුල අවස්ථාවක් හිමි විය. ඇය තහනම බිඳ දමමින් මාඕවාදීන් සමග ඔවුන්ගේ නිවහනේ දී සම්මුඛ සාකච්ඡාවල නියැලූණු පළමු වාර්තාකාරිය සහ ලේඛිකාව වන්නේය.

පසුගිය මාසයේදී කිසිවෙකුටත් නොදන්වා, නිහඬවම අරුන්දතී රෝයි තහනම් කරන ලද සීමාවක් වූ මධ්‍යම ඉන්දියාවේ දන්දකර්ණයා වනයට පිවිසීමට තීරණය කළහ. එය රාජ්‍ය අනුග‍්‍රහය ලත් මිනීමරුවන්ට සහ සූරාකන්නන්ට එරෙහිව අවි ගෙන සිටින මෙලාංගේ ආදිවාසී ජනතාවගේ නිවහනයි. ඇය පුද්ගලික අවධානමක් දරමින් සති ගණනක් තිස්සේ වනය පීරමින් සන්නද්ධ ගරිල්ලාවන්, ඔවුන්ගේ පවුල් සහ සහෝදරවරුන් සමග මුහුණට මුහුණ මාධ්‍ය හමුවල ‘‘ගැටෙමින්’’ සෑහෙන තොරතුරු ප‍්‍රමාණයක් වාර්තා කළහ. මේ ලිපිය දිල්ලියේ පළවන අවුට්ලූක් සඟරාවේ සිකුරාදා දිනයක පළ විය. වචන 20,000 ක් අන්තර්ගත අරුන්දතී රෝයිගේ මෙම ලිපිය ඩෝන් සඟරාවෙහිද (අරුණෝදය) අන්තර්ගතව ඇත.”

මෙම ලිපිය අරුන්දතී රෝයි විසින් සකසන ලද්දේ 2009 වසරේ තරම් ඈතකදී වුවත් මෙය සිංහලයට නගා ගැනීමට මෙතරම් කාලයක් ගතවීම අපේ පැත්තෙන් බැලූ කල සිදුව ඇති බරපතල ප‍්‍රමාදයකි.

ලිපිය බාගත කර ගැනීමට මෙතැන ක්ලික් කරන්න. To download file click here.

කැනඩාව – නතාලියා මොරිආයු (1964-2016)

කැනඩාව – නතාලියා මොරිආයු (1964-2016)

img_0155-650x427
අත්‍යන්ත ශෝකයෙන් යුතුව නතාලියා මොරිආයු සොහොයුරියගේ මරණය අපි නිවේදනය කරමු. දීප්තිමත් සහ කැපවීමෙන් කටයුතු කළ ක‍්‍රියාකාරිකයෙකු වූ නතාලියා සැප්තැම්බර් 5 වන දින සිය පවුලේ සාමාජිකයින් අතර සිටියදී ජීවිතයෙන් සමුගත්තේ, වසර හතරකට ඉහත දී ඇයට වැළඳුණු ඩිම්බකෝෂයේ පිළිකා තත්ත්වය හේතු කොටගෙනයි. අපේ ශෝකය පළමුවෙන්ම මේ වික‍්‍රමාන්විත කාන්තාව සමග සිටිමින්, ඇය සමග දුක සැප බෙදා හදාගත් ඇගේ ඥතීන්ට, ඇගේ සහකරුවාට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට සහ අනෙකුත් පවුලේ සාමාජිකයින්ට, එමෙන්ම ඇගේ ගිණිය නොහැකි මිතුරු මිතුරියන්ට, ඇගේ සමකාලීන සගයින්ට සහ ඇගේ විප්ලවීය සහෝදරවරුන්ට පුද කරමු. ඔවුන් හැමෝටම අසීමිත වටිනාකමකින් යුත් සගයෙකු සහ මිතුරෙකු සහ සටන්කරුවකු අහිමි වූහ. නතාලියා සමග සම්බන්ධ වූ සහ ඇයව හඳුනාගැනීමට වාසනාව ලත් හැමෝගේම ජීවිතවලට ඇය නියුතු සෑම විධියේ ක‍්‍රියාකාරකමකින්ම ඇය ප‍්‍රබල බලපෑමක් ඇති කළහ.  ඇගේ සටන්කාමී දිවිය සමග ගමන් කළ අපට, ඇය වූ කලී බුද්ධියේ, ධෛර්යයේ සහ අධිෂ්ඨානයේ ප‍්‍රතිමූර්තියක් වන්නාහ.

එමෙන්ම අප සටන් කරමින් සිටි කොමියුනිස්ට්වාදී ආනාගතයක් උදෙසා මිල කළ නොහැකි අනුප‍්‍රාණයක් ලබා දුන් කෙනෙකි ඇය. ඇයට ගෞරව කළ යුත්තේ කෙසේද යන්න අප ඉක්මනින්ම ප‍්‍රකාශයට පත් කරන්නෙමු.

මධ්‍යම කාරක සභාව,
විප්ලවීය කොමියුනිස්ට් පක්ෂය, කැනඩාව

Platform for a New Women’s Strike 8 March-MFPR Italy

Platform for a New Women’s Strike 8 March-MFPR Italy

BO 6 maggio 2011

Unofficial translation by Signalfire
This platform incorporates the points of the 2013 strike platform, on which work has continued for the last two years, particularly among workers, the precarious and the unemployed, and objectives present in the most recent denunciations and mobilizations of proletarian women, workers, laborers, immigrant workers, etc.
-Work for all women
-Transformation of indefinite precarious contracts – No to the Jobs Act [ the Jobs Act is a labor market restructuring measure imposed by the Renzi government which removes protections against arbitrary firing and layoffs-Signalfire]
-NO to wage discrimination, equal pay for equal work
-Reduction of work time and increased breaks
-Reduction of rates and workloads, in defense of our health
-Rest on Saturday and Sunday, or on 2 consecutive days in the companies
-Shift schedules that do not exacerbate the condition of women
-Working conditions and work environments (including toilets) to protect health, including the reproductive health of women and the dignity of women workers
-NO to illegal hiring in agriculture
-No use of toxic products while working in the fields and medical facilities close to the workplace
-Expulsion from the workplace for all those – supervisors, bosses, etc.- engaged in harassment, blackmail, sexual violence and racist attitudes
-Automatic transfer of acquired rights in companies or subcontractors- in part-time contracts, time not to be below 30 hours per week
-Minimum wage guarantees for all women
-Ban on inquiry into marital status, maternity, sexual orientation, in recruitment or layoffs
-NO to discrimination in employment related to family status, maternity, race
-Right to citizenship and equal employment rights, wages and regulatory protections for immigrants
-Lowering the retirement age of women, for the double work they do
-Payment of women for participation in union meetings
-Socialization and free provision of essential household services, kindergartens, elderly care services, etc.
-Defense and expansion of abortion rights, abolition of conscientious objection for medical professionals, lay counseling managed and controlled by women
-Free access to health services for women
-Measures against those denounced for violence, stalking, harassment – Prohibition of staying at home, whether family members or cohabitants
-Urgent procedure in trials for rape and femicide, acceptance of the civil role of women’s organizations, and legal aid for women

ඉන්දීය රජයට එරෙහිව පීඩනයක් ඇති කිරීමට පුළුල් ව්‍යාපාරයක් අරඹන්න.

ස්වීඩන සහෝදරවරුන්ගෙන්

ඉන්දීය රජයට එරෙහිව පීඩනයක් ඇති කිරීමට පුළුල් ව්‍යාපාරයක් අරඹන්න.

ඉන්දියානු රජය ‘‘සල්වා ජුදුම් 2’’ ආරම්භ කර ඇති පරිද්දෙන්ම මේ මොහොතේ ඉන්දියානු රජයට එරෙහිව පීඩනයක් ඇති කිරීමට පුළුල් ව්‍යාපාරයක් ඇරඹීමට කාලයයි.

ඉන්දියානු ජනතාවට එරෙහි යුද්ධයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය (ICAWPI) ඉන්දියාව තුළ සහ විදෙස් වලත් විවිධ බලවේග එක්සත් කිරීමට දැවැන්ත මුලපිරීමක් සිදු කොට ඇත. අද එවැනි ව්‍යාපාරයක අවශ්‍යතාව පැන නැගී ඇත. එම නිසා ස්වීඩනයේ- ඉන්දියා සහයෝගිතාවය ස්වීඩනය තුළ ප‍්‍රාදේශීයව ව්‍යාපාරයක් නැවත දියත් කරමින් සිටින අතර එලෙස කටයුතු කරන මෙන් ලෝකය පුරා සිටින මිතුරන්ගෙන් ඉල්ලා සිටී.

ව්‍යාපාරයේ දේශපාලනය සඳහා කරුණාකර ICAWPI මුල් පිටුවට පිවිසෙන්න.

http://www.icawpi.org/

කරුණාකර මේ පණිවිඩය අනෙක් අයට ලැබෙන්නට සලස්වන්න!

සහයෝගීතා සුභ පැතුම්

ස්වීඩනයේ- ඉන්දියානු සහයෝගිතාවය

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Start a broad campaign to put some pressure on the Indian government.

As the Indian government is starting a “Salwa Judum 2” it is now time to start a broad campaign to put som pressure on the Indian government.

The International Campaign Against the War on People in India (ICAWPI) was a great initiative that united different forces in India and abroad. Today there is a need for such a campaign. Thats why India Solidarity -Sweden is relaunching the campaign locally in Sweden and we call all our friends all over the world to do the same thing.

Please see the ICAWPI home page for the politics of the campaign.

http://www.icawpi.org/

Please forward this message to others!

 

Solidarity greetings from

India Solidarity -Sweden

ඉන්දීය රාජ්‍ය මර්ධනයට එරෙහිව ඉන්දියානු ජනතාව

ඉන්දීය රාජ්‍ය මර්ධනයට එරෙහිව ඉන්දියානු ජනතාව

ඔක්තෝබර් 2: හයිද්‍රාබාද්: වරංගාල් හි ව්‍යාජ සටන්වල ඝාතන වලට එරෙහි වාර්තාව

වාර්තාකිරීම බිට්ටු විසිනි.

වරංගාල් හිදී මාඕවාදීන් දෙදෙනෙකු වධ දීමට ලක්කොට ව්‍යාජ සටනකින් ඝාතනය කිරීමට එරෙහිව සුන්දරෙයියා විඥන කේන්ද්‍රම් හි සිට උදෑසන 10.00 රාජ්‍ය සභාව දෙසට සංවිධාන 372 කින් එකට එක්ව ගමන් කිරීමට සංවිධානය කරනු ලැබූ පෙළපාලියට එරෙහිව දැවැන්ත මර්ධනයක් සනිටුහන් කරයි. මිය ගිය අයගෙන් එක් අයෙකු වූ, කාන්තා සහෝදරිය, ලිංගික අපයෝජනයට ලක් ව තිබුණු බවට ලක්ෂණ පෙන්වයි. වරාලක්ෂ්මි, විප්ලවීය ලේඛකයින්ගේ සංගමයේ ලේකම්වරිය පෙළපාළියට පෙරදින සන්ධ්‍යාවේ සිට නිවාස අඩස්සියේ තබා තිබුණි. චාලෝ සභා පෙළපාලිය සම්බන්ධවීමට සිටි තෙලෙන්ගානා විද්‍යාර්ථි සංගමයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍යයන් පෙළපාළියට රාත‍්‍රියට පෙර රාත‍්‍රියේදී අත් අඩංගුවට ගනු ලැබූහ. පුද්ගලයන් ගණනාවක්ම පෙළපාලිය දින උදෑසන වන විට නිවාස අඩස්සියේ තබා තිබුණි.

15oct2-hydrabad-01

15oct2-hydrabad-02

15oct2-hydrabad-03

15oct2-hydrabad-04

15oct2-hydrabad-05

15oct2-hydrabad-06

15oct2-hydrabad-07

15oct2-hydrabad-08

15oct2-hydrabad-09

15oct2-hydrabad-10

දහස් ගණන් ජනතාව හයිද්‍රාබාද් කරා දිවෙන දුම්රිය නැවතුම් සහ බස් නැවතුම්වලට ගොඩ වූහ. බොහෝ අය වේලාසනින්ම දිස්ත‍්‍රික් දුම්රිය/බස් ස්ථානවලට ගියහ. අරගල පෙදෙස අවට බාධක තබා පොලිස් මුර යොදා තිබුණු අතර එම ස්ථානයට ලඟා වූ ජනතාව අත් අඩංගුවට ගනු ලැබූහ; විරෝධතාකරුවන්ට මිලේච්ඡ මුගුරු පහරවල් එල්ල වූ අතර ඔවුහු පොලිස් වෑන් වලට පහරදී පොඩි කර දැමූහ. අත් අඩංගුවෙන් නිදහස් කරනු ලැබුවේ පුද්ගලයින් 4 දෙනෙකු පමණි: මහාචාර්ය හරාගෝපාල්, කෝදාන්ද් රාම් තවත් ප‍්‍රමුඛ පෙළේ රාජ්‍ය පුද්ගලයින් නිළ නොවන නමුත් නොනිළ ලෙසට අත් අඩංගුවට ගත්හ. මෙය ව්‍යාජ සටන් සහ වධදීම් වලින් කේ. චන්ද්‍රසේකර් රාඕ රජය අත්කරගෙන තිබූ ප‍්‍රතිරූපය ගොඩ ගැනීමට කරනු ලැබූ දක්ෂ ප‍්‍රයත්නයකි. සමස්තයක් වශයෙන්, සිවිල් ලිබර්ටීස් කොමිටිය ඇස්තමේන්තු කොට ඇති පරිදි ප‍්‍රාන්තය පුරාම ජනතාව 15,000 ක පමණ අත් අඩංගුවට ගෙන ඇත.

අපිව මුලූ දවස පුරාම රඳවා තබාගෙන සන්ධ්‍යාවට පසුව නිදහස් කරනු ලැබුවා. එක් පුද්ගලයෙක් මහේෂ් සහෝදරයා නිදහස් කරාට පසුව නැවත අත් අඩංගුවට ගනු ලැබුණි, පැය 3ක් නගරය වටා ජනතාවගෙන් ඉවතට පදවාගෙන යනු ලැබුණි, ඒ අතරතුර හැකි සෑම ආකාරයකින්ම ඔහුව තැතිගැන්වීමට උත්සාහ කරනු ලැබූහ. තනි පුද්ගලයින් කිහිප දෙනෙක්ද ඉලක්ක කළ අතර ඔවුන්ව වෙන් වෙන්ව සිර ගත කළහ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය, මාක්ස්වාදී-ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය සහ තවත් සංවිධාන කිහිපයක සාමාජිකයින් විශාල විරෝධතා පිටියේදී අත් අඩංගුවට ගත් අතර, රැඩිකල් වාමාංශයේ ඔවුන්ගේ කාඩර්වරුන්ට සැලකූ අකාරය අතර පැහැදිලි වෙනසක් තිබේ. තෙලෙන්ගානාවේ දැවෙන ප‍්‍රශ්නයක් වූ ගොවියන් දිවිනසා ගැනීමේ ගැටළුවට විශාල මාධ්‍ය ආවරණයක් තිබුණු අතර, කේ. චන්ද්‍රසේකර් රාඕ රජය ‘බන්ගාරා තෙලෙන්ගානා’ (ස්වර්ණමය තෙලෙන්ගානාවක්) දෙසට රැගෙනයාම පිළිබඳව වූ සම්මානය බරපතල ලෙස හානයට ලක්වූහ.

තෙලෙන්ගානාවේ මහජන මර්ධනය

 

15oct2-hydrabad-12

15oct2-hydrabad-13

සැප්තැම්බර් 30 ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) ට සහය දැක්වූ ඕනෑම ෆෝරුමයක් දරුණු ලෙස මර්ධනය කරනු ලැබූහ. මෙය ව්‍යවස්ථා විරෝධී සහ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ය, මන්දයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක සිටින ඕනෑම පුද්ගලයෙකුට සිය මතවාදී විශ්වාසයන් ප‍්‍රකාශ කිරීමට අයිතියක් ඇත. අපිට අවශ්‍යයි ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට සටන් වැදීමට ෆෝැමයක ආකරය ගන්නා සංවිධානමය ආකෘතියක් කිසිදු දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ නැති. පසුගිය දශකයන්වල මෙන් සටන් සහ හදිසි නීතිය පැනවූ අඳුරු දින වෙනත් ආකාරයකින් ප‍්‍රකාශිත වෙමින් තිබේ. එවැනි දරුණු මර්ධනයක් යටතේ දී පවා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) වීරසාම් වැනි ෆෝරුමයන් හරහා විරෝධාර ලෙස සටන් වැද තිබුණි. තෙලෙන්ගානා රැළියට ප‍්‍රතිචාරයක් ලෙස හැම තැනෙකම ගිණි අවුළුවමින් සුලි කුණාටුවක් ඇති කොට ඇත. අද අන්ද්‍රා ප‍්‍රදේශ් රැඩිකල් ශිෂ්‍ය සංගමය ආදී විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානවලට 1990 අග හදිසි නීති සමයේ දී මෙන් රහසිගතව වැඩ කිරීමට බල කෙරී ඇත. රාජ්‍ය ග‍්‍රහණයට විප්ලවීය ආත්මයෙන් යුත් පුළුල් බහුජනතාව පරාජය කළ නොහැකි බව නැවත වතාවක් සහතික කොට ඇත. මාඕවාදීන් දෙදෙනා ඝාතනය කිරීමට එරෙහිව විරෝධය පෑමට මෙහි රැස්වූ තෙලෙන්ගානා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සාමාජිකයින් සහ හයිද්‍රබාද් සහ වෙනත් දිස්ත‍්‍රික්කවල බොහෝ නායකයින් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. පෙළපාළියට සහභාගි වීම වළක්වාලීමට හයිද්‍රාබාද් කරා විවිධ දිස්ත‍්‍රික්කවලින් ගමන් ගත් විවිධ සංවිධානවල නායකයින් සහ ක‍්‍රියාකාරිකයින් රඳවා තබා ගන්නා ලදි. කීර්තිමත් ආචාර්යවරයෙකු වන චුකා රාමයියා හයිද්‍රාබාද් හි නිවාස අඩස්සියේ තබනු ලැබූහ. ඔහු ප‍්‍රකාශ කළේ අත් අඩංගුවට ගැනීම් වලින් ව්‍යාපාරය නැවැත්විය නොහැකි බවයි.

සුප‍්‍රකට විප්ලවීය ලේඛක වරාවරා රාඕ ආර්ටීසී හරස් මාර්ගයේ දී ඔහු සිය ආධාරකරුවන් සමග සභා ගොඩනැගිල්ල ඉදිරියට ගමන් කරමින් සිටියදී අත් අඩංගුවට ගනු ලැබූහ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) සහ අනෙකුත් වාමාංශික පක්ෂවල සහ මහජන සංවිධානවල නායකයින් තෙලෙන්ගානා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ විසින් පෙළපාලිය සැලසුම් කළ ස්ථානය වන බාග් ලින්ගම්පල්ලි හිදී, අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අත් අඩංගුවට ගනු ලැබූවන් අතර තෙලෙන්ගානා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සභාපති චාදා වෙන්කට් රෙඩ්ඩි, මහාචාර්ය පී.එල්. විශ්වේශ්වර, මහාචාර්ය විනෝද් කුමාර් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) ප‍්‍රාන්ත ලේකම් ටී.විරභාද්‍රම් ද වූහ.

පීඞීඑස්යූ ක‍්‍රියාකාරිකයෝ රැලියට සහභාගිවීමට කාන්තා නේවාසිකාගාරයේ රැඳී සිටියද එන්සීසී ගේට්ටුව අසලදී පොලීසිය විසින් නවත්වන ලදි. උණුසුම් වචන හුවමාරුවක් ශිෂ්‍ය නායකයින් සහ පොලීසිය අතර ඇති විය. විරෝධතාකරුවන් අත් අඩංගුවට ගනු ලැබූහ. පුස්තකාලයේ සිටි ශිෂ්‍ය කණ්ඩායමක්ද ඇතුළුව තවත් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. ශිෂ්‍ය නායකයෝ පොලීසිය නේවාසිකාරවලට සහ පුස්තකාලයට ඇතුල්වන විට දැඩි විරෝධතාවයක් දැක් වූහ. අඟහරුවාදා රාත‍්‍රියේ සිට ඔස්මානියා විශ්ව විද්‍යාලයේ සහ නිෂාම් කොලීජියේ ශිෂ්‍ය නායකයින් සහ ශිෂ්‍යයින් අත් අඩංගුවට ගනු ලැබූහ. මාඕවාදීන් විරෝධතාවයට සහභාගි වුවහොත් ප‍්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කරාවියැයි යන හේතුව මත පොලීසිය පෙළපාළියට අවසර දීම ප‍්‍රතික්ෂේප කළහ. අත් අඩංගුවට ගත් මේ අය වරංගාල්, ඛම්මන්, මහබුඹගාර්, කරිම්නගර් මෙඩක් සහ නල්ගොන්ඩා වල ළමුන් සහ කාන්තාවන් ද ඇතුලත්ය. රජයට එරෙහිව සටන් පාඨ ඔසවමින් සහ ‘‘ව්‍යාජ සටන් අවසන් කිරීමට’’ හඬ නගමින්, විරෝධතාකරුවන් ප‍්‍රාන්තයේ විවිධ ස්ථානවල රැළි පැවැත්වූහ. වීරභාද්‍රම් පැවසුවේ ක‍්‍රියාකාරකයින් 3,000 ක් 4,000 ක් අතර ප‍්‍රමාණයක් ප‍්‍රාන්තය පුරා අත් අඩංගුවට ගෙන ඇති බවයි. ඔහු එම අත්අඩංගුවට ගැනීම් ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියා ලෙස අර්ථ නිරූපනය කළහ. මාඕවාදී ස‍්‍රැති සහ විද්‍යාසාගර් වරන්ගාල් දිස්ත‍්‍රික්කයේ මේදරාම් අසලදී සැප්තැම්බර් 16 වන දින මරා දමන ලදි. පසුගිය වසරේ වෙනම තෙලෙන්ගානා රජයක් පිහිටවූ පසු ඇති වූ පළමු ඝාතනය එයයි. වෙනම තෙලෙන්ගානා රජයක් වෙනුවෙන් සටන් වැදි කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 10 ක් ද ඇතුළුව විවිධ සංවිධාන 370ක් එය ‘‘ව්‍යාජ සටනක්’’ බවට හඳුන්වමින්, තෙලෙන්ගානා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ධජය යටතේ එකරොක්ව ඝාතන හෙලා දැකීමට ඉදිරියට පැමිණියහ. එය අධිකරණයෙන් යුක්තිය ලබා දෙන ලෙස බල කළහ.

තෙලෙන්ගානා: මාඕවාදීන් ඝාතනයට එරෙහිව විරෝධතාවයේ නියුතු සිය ගණනක් අත් අඩංගුවට

මාඕවාදීන් දෙදෙනා ඝාතනය කිරීමට එරෙහිව විරෝධය පාමින් බ‍්‍රහස්පතින්දා දින රාජ්‍ය සභාව කරා ගමන් ගත් පෙළපාළිය නැවැත්වීමට වාමාංශික පක්ෂ වල සහ තෙලෙන්ගානාව පුරා වූ මහජන සංවිධාන වල ක‍්‍රියාකාරිකයින් සිය ගණනක් අත්අඩංගුවට ගන්නා ලදි. තෙලෙන්ගානා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ විසින් කැඳවන ලද විරෝධතාවයට සහභාගි වීම වළක්වාලීමට හයිද්‍රාබාද් කරා විවිධ දිස්ත‍්‍රික්කවලින් ගමන් ගත් විවිධ සංවිධානවල නායකයින් සහ ක‍්‍රියාකාරිකයින් රඳවා තබා ගන්නා ලදි. ආචාර්යවරයෙකු වන චුකා රාමයියා හයිද්‍රාබාද් හි නිවාස අඩස්සියේ තබනු ලැබූවද ඔහු ප‍්‍රකාශ කළේ අත් අඩංගුවට ගැනීම් වලට ව්‍යාපාරය නැවැත්විය නොහැකි බවයි.

නගරයේ මැද වූ රාජ්‍ය සභා ගොඩනැගිල්ල වටා පොලීසිය ඇත්තෙන්ම සභා ගොඩනැගිල්ල කරා දිවෙන සියළුම ගොඩනැගිලි වසා දමමින් බලකොටුවක් ඉදිකොට තිබුණි. විරෝධතාකරුවන් වැළැක්වීමට අතිවිශාල පොලිස් නිළධාරීන් ප‍්‍රමාණයක් යොදවා තිබුණි. පොලීසිය විසින් පනවා තිබුණු තහනම් නියෝග කඩකරමින් ඔස්මානියා විශ්ව විද්‍යාලයට සිසුන් පෙලපාලියට එක් වීම පිණිස රැස් වී තිබුණු අතර උණුසුම්කාරී වාතාවරණයක් ඇතිව තිබුණි. සරසවි සිසුන් එළියට පැමිණීම වැළැක්වීමට කැරලි මර්ධන අවි සහිත පොලිස් නිළධාරීන් සරසවි ගේට්ටුව අසල විහිදුවා තිබුණි. ඔස්මානියා විශ්ව විද්‍යාලයේ සහ නිෂාම් කොලීජියේ නේවාසිකාගාරවල දී අඟහරුවාදා රාත‍්‍රියේ සිටම සිසුන් සහ ඔවුන්ගේ නායකයින් අත්අඩංගුවට ගනු ලැබූහ. මාඕවාදීන් විරෝධතාවයට සහභාගි වුවහොත් ප‍්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කරාවියැයි යන හේතුව මත පොලීසිය පෙළපාළියට අවසර දීම ප‍්‍රතික්ෂේප කළහ.

අත් අඩංගුවට ගත් මේ අය වරංගාල්, ඛම්මන්, මහබුඹගාර්, කරිම්නගර් මෙඩක් සහ නල්ගොන්ඩා වල ළමුන් සහ කාන්තාවන් ද ඇතුලත්ය. රජයට එරෙහිව සටන් පාඨ ඔසවමින් සහ ‘‘ව්‍යාජ සටන් අවසන් කිරීමට’’ හඬ නගමින්, විරෝධතාකරුවන් ප‍්‍රාන්තයේ විවිධ ස්ථානවල රැළි පැවැත්වූහ. මාක්ස්වාදී-ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ තෙලෙන්ගානා හි ප‍්‍රාන්ත ලේකම් ටී. වීරභාද්‍රම් පැවසුවේ ක‍්‍රියාකාරකයින් 3,000 ක් 4,000 ක් අතර ප‍්‍රමාණයක් ප‍්‍රාන්තය පුරා අත් අඩංගුවට ගෙන ඇති බවයි. ඔහු එම අත්අඩංගුවට ගැනීම් ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියා ලෙස අර්ථ නිරූපනය කළහ. මාඕවාදී ස‍්‍රැති සහ විද්‍යාසාගර් වරන්ගාල් දිස්ත‍්‍රික්කයේ මේදරාම් අසලදී සැප්තැම්බර් 16 වන දින මරා දමන ලදි. පසුගිය වසරේ වෙනම තෙලෙන්ගානා රජයක් පිහිටවූ පසු ඇති වූ පළමු ඝාතනය එයයි. වෙනම තෙලෙන්ගානා රජයක් වෙනුවෙන් සටන් වැදි කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 10 ක් ද ඇතුළුව විවිධ සංවිධාන 370ක් එය ‘‘ව්‍යාජ සටනක්’’ බවට හඳුන්වමින්, තෙලෙන්ගානා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ධජය යටතේ එකරොක්ව ඝාතන හෙලා දැකීමට ඉදිරියට පැමිණියහ. එය අධිකරණයෙන් යුක්තිය ලබා දෙන ලෙස බල කළහ. එම අරමුණට සහ එම මතයට සහය දීමට වැඩසටහන් ද සංවිධානය කෙරුණි.

ස‍්‍රැති සහ සාගර් පොලීසිය විසින් ඝාතනය කරනු ලැබීමට එරෙහිව හයිද්‍රාබාද් සහ තෙලෙන්ගානා හි චාලෝ රැස්වීමෙහි දී විරෝධතා.

ස‍්‍රැති සහ සාගර් පොලීසිය විසින් ඝාතනය කරනු ලැබීමට එරෙහිව හයිද්‍රාබාද් සහ තෙලෙන්ගානා හි චාලෝ රැස්වීමෙහි දී විරෝධතා.

‘‘සැප්තැම්බර් 16 වන දින සටනක දී මියගියා යැයි කියනු ලබන ස‍්‍රැති සහෝදරිය පණ පිටින් අල්වාගෙන අමානුෂික වධ හිංසාවලට ලක්කොට තිබේ. ඇගේ වැලමිට අංශක 180 කට අඹරා බයිනෙත්තුවෙන් කෑලිවලට ඉරා තිබුණි, පොලිසිය ඇගේ උදරය මත ඇසිඩ් වත්කොට තිබුණි. පොලීසිය විසින් දූෂණය කරනු ලැබූ ඇය අවසානයේ මරා දමා තිබුණි.’’ – ‘‘සමාජ මාධ්‍ය හරහා මත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරීන් විසින් බෙදා හරිනු ලැබූ ප‍්‍රකාශය.

‘තෙලෙන්ගානා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ෆෝරුමය-TDF චාලෝ රැස්වීම සංවිධානය කරයි’

වාමාංශික පක්ෂ 10 ක් ද ඇතුළුව මුළු සංවිධාන ගණන 370 ක් වූ, එය තෙලෙන්ගානා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ෆෝරුමය (TDF) යන බැනරය යටතේ, වරංගාල් දිස්ත‍්‍රික්කයේ මීධරායනම් අසල පොලීසිය විසින් පවසන ‘‘සටනක දී’’ ස‍්‍රැති සහ සාගර් මාඕවාදීන් ඝාතනය හෙලා දකිමින් විරෝධතාවයට පැමිණියහ. මෙය රජය විසින් සිදු කරනු ලැබූ විවිධ කෲර ඝාතනයක් බව පැහැදිලි කරමින් විවිධ දේශපාලන පක්ෂ සහ සමාජ සංවිධාන වල නියෝජිතයෝ නිර්භයා පනත යටතේ අධිකරණයේ නඩුවක් කැඳවමින් යුක්තිය ඉටු කිරීමට රජයට බල කළහ.

තෙලෙන්ගානා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ විසින් සැප්තැම්බර් 30 වෙනිදා ‘චාලෝ සභාව’ සංවිධානය කරනු ලැබුවේ ද්විත්ව ඝාතනයට විරෝධය දැක්වීමටයි, ඔවුහු පැවසූහ. විවිධ සංවිධානවලින් සුසැදි දේශපාලන වාමාංශය වෙනම තෙලෙන්ගානාවක් සඳහා වන ව්‍යාපාරයට ක‍්‍රියාකාරීව දායකත්වය ලබා දුන්හ. ඒ අතර තෙලෙන්ගානා ඇඩ්වොකේට් ජේඒසී, තෙලෙන්ගානා විද්‍යවන්තුල වේදිකා, තෙලෙන්ගානා මාධ්‍යවේදී සංගමය, ජේඒසී විවෘත විශ්වවිද්‍යාලය, සමස්ත මාලා ශිෂ්‍ය සංගහය, තෙලෙන්ගානා විද්‍යුත් ජේඒසී, සහ අනෙක් සංවිධාන වේ. මීට අමතරව තෙලෙන්ගානා සහ කෝදන්ද්‍රාම් සහ හරාගෝපාල් යන පෙදෙස්වලින් ප‍්‍රත්‍යක පුද්ගලයන් හා බුද්ධිමතුන් ද ඊට ඇතුළත් වූහ. මාධ්‍ය අමතමින් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රාන්ත ලේකම් චාදා වෙන්කට් රෙඩ්ඩි ප‍්‍රකාශ කළේ තෙලෙන්ගානාහි කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොමැති බවත්, මහජන සංවිධාන රාජ්‍ය හිංසනයට ලක්ව ඇති බවත්ය.

වීරසාම් නායක වරා වරා රාඕ ප‍්‍රකාශ කළේ ඝාතන සිදු කිරීම මගින් රජය තමන්ගේම මිනීවල හාරා ගන්නා බවයි. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හි ප‍්‍රාන්ත ලේකම් තම්මිනේනි වීරබාධ‍්‍රන් ප‍්‍රකාශ කලේ රජය තමන්ට එල්ලවෙන විවේචනය ඉවසිය නොහැකි අදියරට පැමිණ ඇති බවයි. අධ්‍යාපනඥ චුක්කා රාමයියා ප‍්‍රකාශ කළේ රජය මේ සඳහා අධිකරණ පරීක්ෂණයක් කිරීමට නියෝග කළ යුතු බවයි.