Category Archives: Palestine

පලස්තීන විරුද්දකම් පෑමේ කමිටුව යාර්මුක් කඳවුරේ අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ප‍්‍රති ප‍්‍රහාර දියත් කරයි

පලස්තීන විරුද්දකම් පෑමේ කමිටුව යාර්මුක් කඳවුරේ අයිඑස්අයිඑස් (ISIS) ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ප‍්‍රති ප‍්‍රහාර දියත් කරයි

බදාදා දින උදෑසන, පලස්තීන විරුද්ධකම් පෑමේ කණ්ඩායම් – පලස්තීන විමුක්ති හමුදාව (PLA), පලස්තීන විමුක්ති නිදහස් පෙරමුණ – ජෙනරල් කමාන්ඩ් (PFLP-GC), ෆාටා අල් ඉන්ටිෆාඩා – ඔවුන්ගේ ප‍්‍රතිප‍්‍රහාර ඉරාකයේ ඉස්ලාම් රාජ්‍යයට සහ යාර්මුක් කඳවුරේ අල්-ෂාම් (අයිඑස්අයිඑස්) එරෙහිව දියත් කරනු ලැබුවේ ඉහත කී ත‍්‍රස්තවාදී සංවිධානය විසින් ඔවුන්ගේ දිස්ත‍්‍රික්කයේ අඩක් පමණ මේ වසරේ මාර්තු වන විට අල්ලා ගත්තාට පසුවයි.

පලස්තීන විරුද්ධකම් පෑමේ කමිටුව – ජාතික ආරක්ෂක සේනාංක සමග සහයෝගයෙන් යුතුව – ඉලස්තීන වීදියේ පිහිටා තිබූ ලූබ්යා ගොඩනැගිල්ලේ ත‍්‍රස්තවාදී කණ්ඩායම්වල ස්ථාන වෙත බලෙන් ඇතුල්වී යාර්මුක් කඳුවුරු දිස්ත‍්‍රික්කයේ ගරාවැටුණු කොටස්වල අයිඑස්අයිඑස් සැඟවුම් ස්ථාන විනාශ කරමින් අයිඑස්අයිඑස් සටන්කරුවන් 14 දෙනෙක් මරා දැමූහ.

ඔවුන්ගේ ප‍්‍රහාරය අනුව යමින්, තවත් මිත‍්‍ර කණ්ඩායමක් වන පලස්තීන විමුක්ති නිදහස් පෙරමුණ – ජෙනරල් කමාන්ඩ් (PFLP-GC) සහ ජාතික ආරක්ෂක බලකාය සිරියන් අරාබි ගුවන් හමුදාව (SAAF) අයිඑක්අයිඑස් ඉලක්ක වෙත තීව‍්‍ර ගුවන් ප‍්‍රහාර වලින් සටනට සම්බන්ධ වීමට පෙර උතුරු පෙදෙසෙහි ත‍්‍රස්තවාදී කණ්ඩායම් සමග ගැටෙමින් යාර්මුක් කාන්තා පාසැලේදී බලසම්පන්න ප‍්‍රහාරයක් දියත් කළහ.

පලස්තීන විරුද්ධකම් පෑමේ කමිටුව ත‍්‍රස්තවාදී කණ්ඩායම් යාර්මුක් කඳවුරු දිස්ත‍්‍රික්කයෙන් පලවා හැරීමට ප‍්‍රයත්න දරමින් සිටී; කෙසේහෝ, මෙය පහසු කටයුත්තක් නොවන්නේ, අයිඑස්අඅයිඑස් දිස්ත‍්‍රික්කයේ උතුරු පෙදෙසේ ගොඩනැගිලි ගණනාවක් තුළ දැඩි ආරක්ෂක වළල්ලක් යොදාගෙන සිටින බැවිණි.

යුදෙව්වාදී රාජ්‍යයේ ජන සංහාරය!

ඊශ්‍රායෙල හමුදා විසින් පලස්තීන සිවිල් වැසියන් ගණනාවක් ඝාතනය කළ බව වාර්තා වේ

 victime-combat-israel-palestine-mort-fceff

 

2014 දී ඊශ්‍රායෙලය සමග ඇති වූ ගැටුම්වලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් සංඛ්‍යාව බ්‍රහස්පතින්දා නිකුත් කළ එක්සත් ජාතීන්ගේ වාර්තාව අනුව, ජූනි 1967 සය දින යුද්ධයෙන් සිට පෙර නොවූ විරූ මට්ටමේ විය. ගාසා තීරයේ ඊශ්‍රායෙල් හමුදාව විසින් පසුගිය ගිම්හානයේ දියත් කළ මෙහෙයුමක් වන “ආරක්ෂිත දේශසීමා” තුල දී, ළමුන් 500 ක් ද ඇතුළුව සිවිල් වැසියන් 1,500 කට වැඩි ප්‍රමාණයක් මරා දමන ලදුව, 11,000 තුවාල ලැබ සහ 100,000 ජනතාව ක් අවතැන් ව තිබේ. අල්ලා බටහිර ඉවුරේ හා නැගෙනහිර ජෙරුසලමේ 2014 දී පලස්තීනුවන් 58 දෙනෙකු මරණයට පත් ව 6028 දෙනෙකු තුවාල ලැබූහ. “ආරක්ෂක හේතූන්” මත පලස්තීනුවන් රඳවා තබා ගැනීම නසර ගණනකින් වාර්තා වූ ඉහළ ම මට්ටමට පැමිණි අතර එහි වැඩිවීම 24% ක් එනම් මාසිකව අත්අඩංගුවට ගන්නා සිරකරුවන් ගේ සාමාන්‍ය අගය 5258 ක් විය. ඊශ්‍රායෙල බලධාරීන් විසින් බටහිර ඉවුරේ හා නැගෙනහිර ජෙරුසලමේ නිවාස කඩා බිඳ දමා පලස්තීනුවන් 1215 පිටුවහල් කර දැමූ අතර එය එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා කාර්යාලය ට මේ මාදිලියේ ප්‍රකාශයක් කිරීමට ප්‍රබල සාධකයක් විය.