Category Archives: PBCP

PBCP අණදෙන නිළධාරී සහෝදරයෙකු මරණයට පත් වේ

පුර්බා බංග්ලා කොමියුනිස්ට් පක්‍ෂයේ ජනජුද්ධෝ (මාක්ස්වාදී ලෙනින්වාදී-ලාල් පතාක) රීජනල් අණදෙන නිළධාරී සහෝදරයෙකු මරණයට පත් වේ.

නීතියෙන් තහනම් කළ පුර්බා බංග්ලා කොමියුනිස්ට් පක්‍ෂයේ (PBCP) නායකයෙකු මිර්පූර් උපාෂිලා හි භංගා බත්තලා හිදී පොලීසිය සමග සිදු වූ ‘‘වෙඩි හුවමාරුවකින්’’ පසුගිය සඳුදා ජීවිතක්‍ෂයට පත් වූහ. ජීවිතක්‍ෂයට පත් වූ එනැමුල් PBCP කණ්ඩායමක් වූ ජනජුද්ධෝ (මාක්ස් ලෙනින්වාදී ලාල් පතාක), හි කලාප අණදෙන නිළධාරියෙකු විය. මීර්පූර් පොලිස් ස්ථානාධිපති වූ කාෂි ජලාල් උද්දින් අහ්මඩ් ප‍්‍රකාශ කළේ එනැමුල් සහ ඔහුගේ සගයන් ප‍්‍රදේශයේ ගඩොල් ක්‍ෂේත‍්‍රයක හිමිකරුවෙකු වූ ෂහිදුල් ඉස්ලාම්ගෙන් නීති විරෝධීව විශාල මුදල් ප‍්‍රමාණයක් බදු ලෙස එකතු කිරීමට පැමිණි බවයි.

‘‘ඔත්තුවකට අනුව ක‍්‍රියාත්මක වූ, පොලීසියේ සහ මීර්පූර් පොලිස් ස්ථානයේ පරීක්‍ෂණ ශාඛාවේ ඒකාබද්ධ කණ්ඩායමක් පෙ.ව. 3:15 ට පමණ, ෂහිදුල් ගෙන් බදු මුදල් එකතු කිරීමට පැමිණෙන කණ්ඩායම අත් අඩංගුවට ගැනීමට ප‍්‍රදේශය බලා ගමන් කළහ,’’ පොලිස් ස්ථානාධිපති පැවසීය. නීතිය ක‍්‍රියාත්මත වන බව හැඟී ගියෙන්, එනැමුල් සහ ඔහුගේ ඛණ්ඩය බිහිසුණු ගැටුමක් අවුළුවමින් පොලිස් නිළධාරීන්ට පහර දුන්හ. ස්ථානාධිපති කාෂි ජලාල් උද්දින් ප‍්‍රකාශ කළේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට පැමිණියන් සහ PBCP මිනිසුන් අතර උණ්ඩ වට 30 ත් 35 ත් අතර ප‍්‍රමාණයක් හුවමාරු වී, එනැමුල් උණ්ඩ වලින් තුවාල වූ බවයි. දරුණු ලෙස තුවාල වූ එනැමුල් මීර්පුර් සෞඛ්‍ය සංකීර්ණයට ඉක්මනින් රැගෙන ගියත් සේවයේ නියුතු වෛද්‍යරු ප‍්‍රකාශ කළේ ඔහු මිය ගොස් ඇති බවයි.