Monthly Archives: December 2014

ජනාධිපතිවරණය වර්ජනය කරමු!

ජනාධිපතිවරණය වර්ජනය කරමු!

Parlimen-boycot

සිය ධූර කාලය නිමවන්නටත් පෙරාතුව වර්තමාන ශ්‍රී ලංකාවේ ජාතිවාදී-ෆැසිස්ට්වාදී කොම්ප‍්‍රදෝරු ආඥදායකයා ජනාධිපතිවරණයක් කැඳවා තිබේ. අද ඔහුගේ ප‍්‍රබල විරුද්ධවාදියා වී ඇත්තේ එම පක්‍ෂයේම සිට දූෂිත ආණ්ඩුවේ වරප‍්‍රසාද භුක්ති විඳි තවත් එවැනිම දූෂිතයෙකි. මේ වන විට ලෝකයේ මෙන්ම ලංකාවේද දේශපාලනය ඓතිහාසික සන්ධිස්ථානයකට සේන්දු වී ඇත.

අපගේ සහෝදර ජනතාව දිගු කලක් රාජපක්‍ෂ ආඥදායක රජයේ යකඩ සපත්තුවට යටවී එහි සියළු මර්ධනයන් ලබා දුන් සියළු වේදනාවන් දරා සිටියහ. එය එහි පතුළටම කුණුවී දුගඳ හමන්නට පටන් ගත් තුවාලයක් වැනිය. ධනේශ්වර ක‍්‍රමය ශක්තිමත් කරගෙන පවත්වාගෙන යාමට සහ ලෝක අධිරාජ්‍යවාදීන්ට මේ භූමිය තුළ ඇති සම්පත් සහ මෙහි ජනතාව සූරා කෑමට එය කදිම සහයක් ලබා දී ඇත.

සිය පුද්ගලවාදී න්‍යාය පත‍්‍රය මෙන්ම ලෝක අධිරාජ්‍යවාදීන්ගේ පඹයෙක් ලෙස ක‍්‍රියා කරමින් ගෝලීය ධනවාදයේ අවශ්‍යතාවයන් ඉටු කිරීම ද එය ක‍්‍රියාවට නැංවීය. සිය දේශපාන බලය තහවුරු කරගැනීමට රදළ-නිළධාරිවාදී යාන්ත‍්‍රණය රට පුරාම අනුක‍්‍රමයෙන් ඉදි කළහ. හැම තැනෙකම ඇති සිය හෙංචයියන් සහ නිළ නොනිළ මැර සහ කුලී හමුදා නඩත්තු කිරීමට ඔවුන්ට තව තවත් ජනතාවට අපා දුක් පටවමින් බදු සහ කොමිස් මුදල් මහා පරිමාණයකින් රැස් කරන්නට සිදුවේ. උතුරු නැගෙනහිර දමිළ නිජ බිම් වල සාරවත් භූමි භාග චීන-ඉන්දීය ව්‍යාප්තවාදී ගිජු ලිහිණියන්ට අහර පිණිස කුණු කොල්ලයට විසි කරන්නට ඔවුන්ට කිසිදු පැකිලීමක් නොවීය.

විපක්ෂය සහ වත්මන් ආණ්ඩුව අතර ප‍්‍රතිපත්තිමය හෝ ක‍්‍රියාකාරීත්වය අතර වෙනසක් ඇතැයි සිතීම මුලාවකි. ඔවුන්ගේ මතුපිට ස්වරූපය පමණක් වෙනස් වේ. මෙයට පෙර යූ.එන්.පී රජය ඇරඹූ සංවර්ධන ක‍්‍රියාදාමයන් (විදේශීය ආයෝජකයින්ට වාසි සහගත) සහ අනෙකුත් ව්‍යාපෘති එලෙසින්ම අඛණ්ඩව පවත්වාගෙන යෑමට වත්මන් ආණ්ඩුව ක‍්‍රියා කළහ. ධනේශ්වර සමාජ ක‍්‍රමය පවත්වාගෙන යෑමට ජනතාවගේ මනෝභාවයන් සංසුන්ව පවත්වාගැනීම වැදගත් වේ. මේ තත්ත්වය කලමනාකරණය කිරීමට ධනේශ්වර පාර්ලිමේන්තුව ඉමහත් පිටුවහළක් වේ. මැතිවරණ වූ කලී සූරාකන්නන්ගේ මූලස්ථානය වන එම ආයතනයට පීඩක නියෝජිතයින් තෝරා පත්කරගන්නා තරඟයයි. අනෙක් අතට ලංකාව සූරා කෑම පිණිස චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ඇති තරඟයේ ක‍්‍රිඩකයින් වන්නේ ද රජය සහ විපක්‍ෂයයි.

සමාජ-ෆැසිස්ට්වාදී, සමාජ ජාතිවාදී ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණයේදී කෙරතම් බංකොලොත්ව තිබේදැයි හෙළිවන්නේ ඔවුන්ට ජනතාව ඉදිරියේ සිය අභිප‍්‍රාය පවා ප‍්‍රකාශ කිරීමට ආත්ම ශක්තියක් නැත්තාහ. වත්මන් ඒකාධිපති රජය බලයට ගෙන ඒමේදී විපුල මෙහෙයක් ඔවුහු ඉටු කළහ. එමෙන්ම මිලේච්ඡ ෆැසිස්ට් අණ පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට ඔවුහු සිය දෑත් ඔසවා සහය පල කළහ. සරණාගත ලාංකීය දමිළ පුරවැසියන්ගේ පුරවැසිකම අහෝසි කර ලීම වැනි ෆැසිස්ට්වාදී පනත් කැබිනට් මණ්ඩලයට යෝජනා කරමින්, සිය වාම වෙස්මුහුණ වනමින් ජනතාව මුලා කොට චීන අධිරාජ්‍යවාදීන්ගේ ව්‍යාප්තවාදී ආක‍්‍රමණික ආර්ථික ප‍්‍රතිපත්ති වලට හිතකර වාතාවරණයක් සකසමින් එමෙන්ම ඊට සුදුසු මතවාදයක් කලමනාකරනය කරමින් ඔවුහු මෙරටෙහි දශ ලක්‍ෂ ගණනක පීඩිත ජනතාවට ද්‍රේහී වූහ.

ඔවුහු වරින් වර තමන් මෙරට ඊළඟ විකල්පය බව පවසති. එහි සත්‍යයක් තිබේ. මෙරට ජනතාවට නිල් සහ කොළ යකුන් තිත්ත වූ දිනෙක මේ සූරාකන රාජ්‍ය යන්ත‍්‍රය මෙහෙයවීමට රතු යකෙකු ඉදිරිපත් කිරීමට අධිරාජ්‍යවාදීහු කිසිදු පැකිලීමක් නොදක්වති. ජවිපෙ මෙයට පෙර වාර ගණනකදී සිය අවස්ථාවාදී ව්‍යායාමයන් වලින් ඊට ඇති සුදුසුකම සනාථ කොට ඇත. චීන සහ ඉන්දීය ව්‍යාප්තවාදීන්ට උතුරු නැගෙනහිර භූමිවල සංචිත සම්පත් කොල්ලකෑමට සහ මෙරටට හදිසි සහ ක්‍ෂණික ආර්ථික ආක‍්‍රමණයක් කිරීමට ඉඩ සලසා ගැනීමට සිදු කළ දමිළ සංහාරයේදී ඔවුහු සිදු කළ සේවය අතිමහත්ය. 1,40,000කට වැඩි දමිල පුරවැසියන් ට සිය නිජ භූමිය අමු සොහොනක් කිරීමට රාජ්‍ය කුලී ඝාතක හමුදාවට ආසිරි පැන් ඉසීමේ සිට ෆැසිස්ට්වාදී පනත් කෙටුම්පත් සම්මත කිරීම සහ නින්දිත ජාතිවාදී විෂට, රැල්ලෙන් රැල්ල මෙරට ළපැටියාගේ සිට මහල්ලා දක්වාම ගොදුරු කිරීමට සිදු කළ ශිල්ප දැක්වීමෙන් ඔවුහු අධිරාජ්‍යවාදී ගිජු ලිහිණියන්ගේ මන ෙදාළ සපුරාලූහ. ලක් ඉතිහාසය තුළ ජවිපෙ තරම් ජාතිවාදී වූ දේශපාලන පක්‍ෂයක් තවත් තිබුණේ දැයි සැක සහිතය. ඔවුන්ගේ අවස්ථාවාදී ලාක්‍ෂණිකයට අනුව ඔවුහු සිය දුගඳ හමන අතීත කලූ ලප සඟවන්නට වැර දැරුවද, එකල ප‍්‍රසිද්ධියේ හඬ නැගූ ‘‘සිංහල බෞද්ධ සමාජවාදී රාජ්‍යයක් තැනීමට දමිළ ලේ සයුරක පිහිනන්නට වේය’’ යන ෆැසිස්ටවාදී ප‍්‍රවාදයේ කලූ අවතාරය ජනතාවට කිසි කලෙක අමතක නොවනු ඇත.

එහෙයින් සන්ධාන, ශ්‍රී ලං.නි.ප, යු.එන්.පී හෝ ජේ.වී.පී ලෙස හෝ වෙනයම් මුහුණුවරකින් කිසිවෙක් බලයේ සිටිත්ද, ධනේශ්වර පාලන තන්ත‍්‍රය තුළ එය ජනතාවගේ සුභසිද්ධිය උදෙසා නොවන්නේය. පිය ගැට පෙලක අනුක‍්‍රමයෙන් මේ ක‍්‍රමය තුළ පීඩනය සහ වේදනාව වැඩි වැඩියෙන් ජනතාවට දැනෙන්නට පටන් ගනී. රට තුළ සමස්ත විදේශීය ණය ප‍්‍රමාණය සලකා බැලූ කල එය එක් පුද්ගලයෙකුට හාරලක්‍ෂයට වඩා වැඩි යැයි කියැවේ. රාජපක්‍ෂ රජය බලයට පත්වන විට එය 77,000 පමණ විය. මෙතරම් ණය ප‍්‍රමාණයකින් ජනතාවට අත් වී ඇති ප‍්‍රතිලාභ මොනවාද? ඒ සියල්ල වක‍්‍ර ලෙස නැවත එම ණය පවරන්නන් විසින්ම උදුරා ගනු ලබන අතර ඒවා ඵලදායී නිෂ්පාදන හෝ සංවර්ධිත වැඩ සඳහා යෙදීමට ඔවුහු කිසි කලෙක ඉඩ නොහරින අතර ඔවුන්ගේ නිෂ්පාදනයන් මෙරටට ගෙන ඒමට හෝ මෙහි අමුද්‍රව්‍ය ඒ ඒ රටවල්වල නිෂ්පාදන ක්‍ෂේත‍්‍ර කරා ඉක්මනින් පැටවීමට අධිවේගී මාවත්, වරායවල් සහ ගුවන්තොටුපලවල් තැනීමට යොදනු ලැබේ. මෙරට ජනතාවට අවශ්‍ය කාර්මික නිෂ්පාදන සිදුකළ කම්හල් බොහෝ ගණනක් වසා දමා ඇති අතර විරැකියාව, බුද්ධි ගලනය සීඝ‍්‍ර ලෙස ඉහළ යයි. වැටුප් වැඩි කිරීම් සිදු කළද ඒවා සංඛ්‍යා විජ්ජාවන් පමණකි. ජනතාවගේ මිළදී ගැනීමේ හැකියාව වැටුප් ඉහළ දමන සෑම වාරයකදී ම පෙරට වඩා පහළට ඇද වැටී ඇත. අපේ රුපියල අඛණ්ඩව අවප‍්‍රමාණ වීම කෙතරම්ද යත් පාලනය කළ නොහැකි ලෙස භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යයි. එය ඛණිජ තෙල් හෝ වෙනයම් ආනයනික දෑ හරහා විදුලිය, බස් ගාස්තු, වෙනත් සැපයුම්, ආහාර ද්‍රව්‍ය, කාර්මික නිෂ්පාදන යන මේ සකල විධ භාණ්ඩයන්හි මිළ ගණන්වලට බලපෑම් කරයි.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි පොදු පහසුකම් සීඝ‍්‍ර ලෙස කපා දමා ඇත. සරසවි සිසුන් විරෝධතා නොදැක්වූ එක් සතියක් සොයැ ගැනීම අසීරු තරම්ය. දේශීය සිසුන්ට නිදහස් අධ්‍යාපනයේ ඇති ෙදාරටු වසා දමා එම හිඩැස මිලියන ගණන් අය කරමින් විදේශීය සහ වරප‍්‍රසාද ලත් පැළැන්තියක සිසුන්ට ලබා දෙයි. පෞද්ගලීකරණයේ දුෂ්ඨ හස්තයට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව බිලි ගෙන තිබෙන බව හැම තැනම පිපෙන පෞද්ගලික සරසවි සහ ආයතන, රෝහල් වලින් පෙනී යයි. ධනපති පාලකයින් විසින්ම ලියන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනතාවට ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් කිසිවක්, කිසිවෙකුට සුරක්‍ෂිත නැත. මානව හිමිකම් කොමිසම පවා රාජ්‍ය පක්‍ෂපාතීය. අධිකරණය, මුලූමනින්ම අසාධාරණ තීන්දු දෙමින් පාලකයාගේ අභිලාශය අකුරටම ඉටු කරන බව බොහෝ අවස්ථාවන්හි පෙනී යයි. ඒවායේ විනිසුරුවරුන් බියට පත් කරයි, මුදලට යට කරයි, බලපෑමට නතු කරයි, එසේත නැතිනම් ශාරීරිකව විනාශ කරයි.

මාධ්‍ය සඳහා ඇති අවකාශය මීට දෙවෙනි නොවේ. කිසිදු පුරවැසියෙකුට සිය අභිමතය පරිදි සදාචාරාත්මක සිතුවිල්ලක් ජනිත කල නොහැකිය. ප‍්‍රකාශ කළ නොහැකිය. ඒවා රාජපක්‍ෂ හමුදා රජයට පටහැනි නම් පිළිතුරු කුලී ඝාතක ඒකක වලින් සැපයෙයි. සිය පෑන නිභයව මෙහෙයවූ ලලිත්, කූගන් වැනි බුද්ධිමතුන් ආරක්‍ෂක අංශ විසින් පැහරගෙන ගොස් අතුරුදන් කිරීම කාට නම් අමතක වේද? පසුගිය වකවානුවේදී මියගිය නිදහස් මතධරීන්ගේ ගණන කෙතරම්ද? මීට සමාන්තරව සමහර මාධ්‍ය ආයතන නිවට මාධ්‍යකරණයක් ප‍්‍රගුණ කරයි. තොරතුරු ප‍්‍රකාශනයේ මූලික සදාචාරාත්මකභාවය උල්ලංඝනය කරමින් රාජ්‍යගැති ජනතාද්‍රෝහී කුලී මාධ්‍ය බැලයින් දුෂ්ට ප‍්‍රචාරණයේ යෙදෙමින් සිටී. අපේ ආදරණීය දූ පුතුන් ට, සහෝදර පුරවැසියන්ට දිවා රෑ දෙකෙහිම මාධ්‍ය කුණු ගිලින්නට සිදුව තිබේ.

මෙම භූමිය තවදුරටත් මෙහි වැසියන්ට ආරක්‍ෂිත තැනක් නොවේ. රාජපක්‍ෂ රජය දක්‍ෂ ලෙස නව පන්නයක පොලිස් හමුදා පාලනයක් අත්හදා බලමින් සිටී. නිසැක ලෙසම ඔහුගේ ප‍්‍රතිවාදී අපෙක්‍ෂකයා එය තවදුරටත් පෝෂණය කරනු ඇත. ඔහු මැතිවරණ වේදිකාවල පවසන සමහර වදන්වලින් මතු එළඹෙන්නට තිබෙන ෆැසිස්ට් යුගය ගැන සේයාවන් අපට පෙනේ. කදිම දූෂිත හොර නඩයක් ඔහු සමග අත්වැල් බැඳගෙන සිටී. මේ රටෙහි තවමත් කේන්ද්‍රීය ප‍්‍රශ්නය ලෙස ජාතික ප‍්‍රශ්නය තවමත් පවතී. කිසි ලෙසකින්වත් එය විසඳා නැත. නාසි මොඩලයේ වද කඳවුරු වල දමිළ පුරවැසියන් දිනපතා වධ බන්ධනයන්ට ලක්වේ. කාන්තාවන් දිනපතා බෞද්ධ සොල්දාදුවන්ගේ කාම බිලි බවට පත්වේ. ඔවුහු සිය ශරීර කෘත්‍ය කළ යුත්තේද කුලී හේවායන්ගේ ඍජු පරීක්‍ෂාව යටතේයි. දමිළ ලෙස ඉපිද තිබීම වරදක් වී ඇති රටකි මෙය. බෞද්ධ අන්තවාදී කාෂාය ත‍්‍රස්තවාදය ඊට සමගාමීව මුස්ලිම් පුරවැසියන් පෙළමින් ඔවුන්ගේ ජීවිත පෙළයි. එය බිහිකලේත්, නඩත්තු කලේත් වත්මන් ආරක්‍ෂක ලේකම් වරයා විසිනි. බොහො ගැටුම් වලට විශේෂ කාර්ය බලකාය, බුද්ධි අංශ සහ කොමාන්ඩෝ ඒකක ද යෙදවූහ. අලූත්ගමදී මුස්ලිම් වැසියන්, කාන්තාවන් මහ රෑ වෙඩි තබා මරා දැමුවේ යුද හමුදා මිනී මරුවන් විසිනි.

මේ සියලූ ගැටලූ තිබියදී මහා පරිමාණයෙන් කුඩු සහ වෙනත් මත්ද්‍රව්‍ය රට පුරා සංසරණය වන්නේ රාජපක්‍ෂ රජයේ හවුල්කරුවන් වන දේශීය ධනපතියන් කිහිප දෙනෙකුගේ පසුම්බි කලූ සල්ලි වලින් පුරවා ලමිනි. ළපැටි පාසැල් සිසුන් පවා එහි බිලි බවට පත් වී තිබේ. සමහර පෙදෙස්වල පාසැල් දරුවන් සහ තරුණයින් කුඩු බෙදා දෙන්නන් බවට පත් කොට ඇත. ගාමන්ට් සිර කඳවුරු වල සිය රුහිරු මස් දිය කරන තරුණ තරුණියන්ට ජීවිතයේ අවසන් සමය රෝගීන් ලෙස ගත කරන්නට මේ දුෂ්ට ක‍්‍රමය ඉඩ සලසා තිබේ. නැතහොත් ඔවුන් කාමුක ධනේශ්වර සලෙලූන්ට පහසුව සැලසීමට ගණිකා වෘත්තියට බලෙන් හෝ රවටා හෝ බලපෑම් සිදු කොට රැගෙන එති. වැඩි වන සංචාරක කර්මාන්තය ළපටි ළමා කැලට ළමා ගණිකාවන් වීමේ ඛෙදජනක ෙදාරටුව විවර කොට ඇත. පෙර කවරදාටත් වඩා ළමා අපයෝජන සහ ස්ත‍්‍රී හිංසනය අහස උසට නැගී ඇත. නීතිය බොහොවිට කාමාතුර අපරාධකරුවන්ට දඬුවම් නොදේ. ඔබට නගරයක අධ්‍යාපන හෝ සෞඛ්‍ය ආයතන වලට වඩා ස්ත‍්‍රීන් සහ සිසුවියන් නීත්‍යානුකූලව දූෂණය කීරීමේ ගෙස්ට් හවුස් හෝ තානායම් දක්නට ලැබේ. නින්දිත ධනපති මාධ්‍යකරණයට නිර්මාණ ලෙස කාමය සහ ස්ත‍්‍රියගේ නග්න බව හැරුණු විට වෙනත් වස්තු විෂයයන් සොයා ගත නොහැක. අපේ ආදරණීය දරුවන්, අනාගතයේදී මිනිස් වර්ගයාගේ පැවැත්ම නියෝජනය කරන අපේ පැටවුන්ගේ ඉහමොළ දූෂිත කිරීමට, ඔවුන් සහකම්පනයෙන් තොර, අතාර්තික, මිනිසුන් කිරීමට එමෙන්ම දුෂ්ට රදළ සහ විකෘති ධනේශ්වර චින්තාවන්ගේ ගොදුරු බවට පත් කිරීමට ඒවා කටයුතු කරන්නේ මේ ගර්භයටම කුණුවුණු, පීඩක, ධනේශ්වර ආඥදායක ක‍්‍රමය උපද්‍රව රහිතව පවත්වාගෙන යෑමටයි. සිතිය හැකි තාර්කික කිසිවෙකු, මේ ක‍්‍රමයට අවශ්‍ය නැත. ඔවුන්ට අවැසි වන්නේ නිෂ්පාදන යන්ත‍්‍රවල දැති රෝද කරකැවීමට හෝ කුලී සේනාංක වල අවි හරඹ දැක්වීමට හෝ වෙනයම් එවැනිම වැඩක යෙදීමට හැකිතරම් දැනුම් තේරුමක් ඇති, සවියක් ඇති අය පමණි.

මෙතෙකුත් දෑ තිබියදී ඔබට ඊට විරෝධය පෑමට ඔබේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ඔවුහු ඉඩ නොතබයි. ඔවුන් ඔබ ජලය ඉල්ලූ විට හෝ සහනාධාර ඉල්ලූ විට නැතිනම් ජීවත් වීමට ඇති අයිතිය ඉල්ලූ විට ඔවුන්ගේ කුලියට මිනී මරණ සොල්දාදුවන් යොදවා ඔබට වෙඩි උණ්ඩ පොවයි. ඔවුන්ගේ උත්තරීතර නීතිය පැමිණ ඔබව සිර ගත කරයි. වෙනසක් නැතිව ආගමික පූජකවරු ඔබට කිසිදා ලබාගත නොහැකි සිහින වෙනෙුවෙන් බොරු පොරොන්දු ලබා දී ඔබව මුලා කරයි. ඔබ සටන් කළ නොහැකි මොට මිනිසෙකු බවට පත් කරයි. ඔබට ඇති එකම විකල්පය ලෙස සලාක ක‍්‍රමයට පවත්වන දූෂිත මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම බව ඒත්තු ගන්වයි. එය මහා වටිනා දෙයක් ලෙසට ගෝරනාඩු කරයි. ඡන්දය නොදැමීම මහත් අපරාධයක් බව බොහෝ සුළු ධනේශ්වර තක්කඩින් සිය ජීවිතය අහිමිවු කලෙක මෙන් මුමුණයි. අපරාධයක් වන්නේ ඔබේම සහෝදර පුරවැසියන්ගේ බෙලි කැපීමට, ඔවුන්ගේ ලේ උරා බීමට යක්‍ෂයින් රැලකට බලය ලබා දීම උදෙසා වන දුෂ්ට තරඟයට පේ‍්‍රක්‍ෂකයෙකු වී ඡන්දය පාවිච්චි කිරීමයි.

අපි ඔබට ආමන්ත‍්‍රණය කරමු. ඡන්දය වර්ජනය කරමු! අපේම සහෝදර පුරවැසියන් පෙලීමට, ඔවුන්ව තව වටයකින් සූරා කෑමට, මේ ධනේශ්වර ක‍්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑමට, දුෂ්ට පාර්ලිමේන්තුවාදයට සහය නොදෙමු. ඔබට හැකි එක් පලිගැනීමේ ආකාරයක් වන ඡන්දය නොදී සිටීමේ සටන්කාමී අරගලයට සහය වෙන්න. එය නව වෙනසක් සඳහා, පෙරට තබන එක් සටන්කාමී පියවරකි. ජනතාවට සැබෑ විමුක්තියක් අත් කර ගැනීමට, ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය රජයන, නිර්ධන පංති පාලනයකින් යුත් රජයක් බිහි කිරීමට එය අත්‍යවශය. එය සිදු කිරීම මැතිවරණ වලින් සිදු කළ නොහැක. පාර්ලිමේන්තුව ජනතාව සතු ආයතනයක් හෝ ජනතාවට භාවිතා කළ හැකි උපකරණයක් නොවේ. එය ජනතාවගේ වහල් භාවය සනිටුහන් කරන මර්ධනය, දූෂණය, සංත‍්‍රාසය, විනාශය, නූගත්කම සහ අශීලාචාරත්වය ජනතාවට ළඟා කර දීමට වෙහෙසෙන ආයතනයයි.

අනුකම්පා විරහිතව සටන් කිරීමෙන් පමණක් පවතින සමාජ ක‍්‍රමවේදය එහි මුල් සමගම පෙරලා දැමීම සිදු කළ හැක. ඉන් පමණක් ජනතාවගේ ගැටළු විසඳීමේ ක‍්‍රමවේදයට ළඟා විය හැක. පෟතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යටත් විජිත වාදීන්ට එරෙහිව අභීතව වරින් වර ජනතාව සටන් වැද තිබුණි. එලෙසම ඔවුහු නැවත නැවතත් සටන් වදිනු ඇත. අපි එම උරුමය අඛණ්ඩව ගෙන යමු. අද නව යටත් විජිතවාදයට එරෙහිව සහ මෙරට සිටින උන්ගේ දේශීය නියෝජිතයින්ට එරෙහිව අනුකම්පා විරහිත අරගලයක් පූරණය කිරීම සඳහා පෙළ ගැසෙමු!

 ජනාධිපතිවරණය වර්ජනය කරමු!
පාර්ලිමේන්තුවාදය පිටු දකිමු!

මාඕවාදී විප්ලවීය ලීගය (MRL)
2014.12.27

මීරියබැද්ද ප්‍රකාශය | MEERIYABEDDA DECLARATION

මීරියබැද්ද ප්‍රකාශය
MEERIYABEDDA DECLARATION

 

Download PDF Version :

English (32 KB)
Sinhala (80 KB)
Tamil (45 KB)

 

ABar-11

මීරියබැද්ද ප්‍රකාශය

Meeriyabedda-Place

වර්ෂ 2014 ක් වූ ඔක්තෝබර් මස 29 වන දින පෙරවරු 7.15 ට පමණ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෙටබැද්ද නම් ග්‍රාමසේවා වසමට අයත් කොස්ලන්ද මීරියබැද්ද වත්තේ නායයෑමක් සිදුවූ අතර එය ලංකාවේ සිදුවූ මුල්ම හෝ අවසාන සිදුවීම ද නොවේ. එම ප්‍රදේශයේ සිදුවූ ඛේදජනක නායයෑම එහි වර්ග කිලොමීටර් 2 ක් පමණ වූ මුළුමහත් ප්‍රදේශයම මුල් පිහිටීමේ සිට සෑහෙන දුරක් තල්ලුවීගොස් මුළු වත්තම පාහේ සම්පූර්ණයෙන්ම පස කන්දකින් වැසී ගිය අතර එය තුළින් ඇතිවූ විනාශය අතිශයින් විශාල වේ.

රජයේ දත්ත වලට අනුව එහිදී මියගිය ගණන 38ක් වන අතර ලයින් නිවාස 07 හා තනි නිවාස කීහිපයක් විනාශයට පත්විය. තවද මෙම ඛේදවාචකයට ගොදුරු ව මෙම භූමියේ පිහිටා තිබූ කෝවිලක්, ප්‍රජා මධ්‍යස්ථානයක්, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානද හා ඒ හා පිහිටා තිබූ කඩ කිහිපයක්, සන්නිවේදන මධ්‍යස්ථානයක් හා වතු බංගලා 03ක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්විය. එමෙන්ම මෙම ව්‍යයසනයෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් සංඛ්‍යාව ප්‍රථමයෙන් 75 ක් ලෙස දක්වා පසුව එය 03 දෙනෙකු ලෙස ප්‍රකාශ කරයි. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී මාසයක් ගතවී තිබූණද ඒ හා කියවෙන දත්තයන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව බරපතල ලෙස සැකයක් මතුවි ඇති අතර විපතට පත්වූවන් ඉවත්කිරීමේ ක්‍රමවේදයන් තුළද බරපතල ගැටළු ගණනාවක් පැණනැගුණු අතර අවසානයේ දී එය ප්‍රශ්ණාර්ථයක් බවට පත්වී ඇත.

මෙම ආපදාවේදී අනතුරට ලක්වූ බහුතර ජනතාව වූයේ කදුකරයේ දෙමළ ජාතිකත්වයේ අනන්‍යතාවයට අයත් වතු කම්කරු ජනතාව වේ.

තතුදත් ආරංචි මාර්ග වලට අනුව මෙම නායයෑම පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් පූර්ව අනතුරු ඇêවීමක් වර්ෂ 2005 දී කර ඇත. අදාල අනතුරු ඇêවීම මෙම විනාශයට පත්වූ මීරියබැද්ද වත්ත පාලනය කරන මස්කෙළිය වැවිලි සමාගම වෙත සිදුකර ඇති මුත් නිසි පියවර අනුගමනය කරමින් එහි ජීවත්වන ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්කොට ආරක්ෂාකාරී ප්‍රදේශයක පදිංචි කරවීමට කිසිදු පියවරක් ගෙන නැත.

තත්ත්වය එසේ හෙයින් ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට නියෝග කරන ලද්දේ මෙම වගකීම පැහැර හැරීමට අදාල වගකිවයුත්තන් කවුරුන්ද යන්න නිසි පරීක්ෂණයකින් අනාවරණය කරගෙන තමා වෙත වාර්තා කරන ලෙසය. නමුත් අද දක්වාම කිසිදු තොරතුරක් හෙළිදරව් වී නොමැත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයෑම් අවධානම් ප්‍රදේශ ලෙස කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, බදුල්ල, නුවරඑළිය, කළුතර සහ මාතර   දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශයන් ඇත. එමෙන්ම මේ වනවිට ප්‍රදේශ වලින් ඉවත් වී යමින් සිටිති.

ඉහත දැක්වූ කරුණු වලට අනුව ජනතාව නිශ්චිත තීන්දුවක් ගැනීමට සිදුව ඇති බැවින් ඒ අනුව වතු කම්කරුවන් ඇතුළු කදුරට ජනතාව වෙනුවෙන්‍, වෘත්තීය සමිතින්, දේශපාලන පක්ෂ, ජනතා එකමුතුවන් හා පුද්ගලයින් සමග එකමුතුව ක්‍රියා කරන වතු සාමාජීය ක්‍රියාකාරී කණ්ඩායම වන අප විසින් මීරියබැද්ද ප්‍රකාශනය ලෙස මෙය එලිදක්වන්නෙමු.

මීරියබැද්ද ඛේදවාචය සිදුවී මාසයක් ගතවූ 2014 නොවැම්බර් මස 30 වන අද දින අප සැවොම කොළඹ රාමක්‍රිෂ්ණ මිෂන් ශාලාවට රුස්වී පහත පරිදි ප්‍රකාශ කර සිටින්නෙමු.

  1. අපහට මූලික අයිතිවාසිකමක් වන ආපදාවලින් මෙන්ම අනෙකුත් පීඩාවලින් තොරවූ ආරක්ෂාකාරී ජනපද ලබාගැනීමටද, මේ දක්වා අප ජීවත්වන කම්කරු කඳවුරු වැනි (හිරගෙවල් වැනි) ලයින් පේලි නිවාස අතහැර තනි නිවාස වල ජීවත්වීමේ අයිතිය ප්‍රකාශයට පත්කරන්නෙමු.
  2. ස්වභාවික ආපදාවන් නොමැති ප්‍රදේශවල තනි නිවාය තනා ගැනීම සඳහා එක පවුලකට පර්චස් 20 ක විශාලත්වයෙන් යුත් භූමි ප්‍රමාණයක අයිතිය ලබාගැනීමට හා එම ඉඩම් වල ගෙවල් හදා ගැනීමටත් පහසුකම් ලබාගැනීමටත් පොදු එකගතාවයකින් යුතුව ක්‍රියා කිරීමට කටයුතු කරන බවටත්, කදුකරයේ ජනතාවගේ ඉඩම් හා ගෙවල් අයිතිය දිනා ගැනීමේ දිනය ලෙස සෑම වසරකම ඔක්තෝබර් 29 දිනය පිළිබදින බව ප්‍රකාශයට පත්කරන්නෙමු.
  3. මෙසේ පදිංචි වන නව ජනාවාස රජය මගින් ජනපද හෝ නගර ලෙස පිළිගතයුතු බවත් එම ප්‍රදේශවලට යටිතල, පොදු හා මූලික පහසුකම් තිබියයුතු බවත් එමෙන්ම එම ජනාවාස මධ්‍යම රජයේ, පළාත් සභා, පළාත් පාලන ආයතන, ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරී වසම් යටතේ පාලනය වියයුතු බවත් ප්‍රකාශයට පත්කරන්නෙමු.
  4. මෙසේ ආපදාවන්ගෙන් තොර ප්‍රදේශයන්ගේ පදිංචි කරවන ජනතාව වෙත එම ප්‍රදේශයේ වතුවල හෝ ආසන්න වෙනත් වතු වල රුකියා අවස්ථා ලබාදිය යුතු බවත්, එසේ නොමැතිනම් ඒ සඳහා විකල්ප රුකියා අවස්ථා ලබාදිය යුතු බවත් ප්‍රකාශයට පත්කරන්නෙමු.
  5. එම ජනතාවගේ කම්කරු අයිතිවාසිකම් හා ආරක්ෂාව සැපයීමට අදාල සේවා යෝජකයන් / වතු සමාගම්වල මූලික වගකීමක් වියයුතු බවටත් එමෙන්ම රජය විසින් වැවිලි සමාජයේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරණ සියළු කාරණා වල වගකීම දැරිය යුතු බවටත් ප්‍රකාශයට පත්කරන්නෙමු

ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය ලෙස අප තවදුරටත් පුනරුච්ඡාරණය කර ප්‍රකාශයට පත්කර සිටිනුයේ

අ. මීරියබැද්ද ව්‍යයසනයට ලක්වූ ජනතාවගේ ජීවිත හා දේපල හානීන්ට ලක්වූ පවුල් සඳහා වන්දි මුදල් ලබාගැනීමටත්,

ආ. ඔවුන් ආරක්ෂිත ප්‍රදේශවල ස්ථිර ලෙස පදිංචි වන තෙක් රජයේ සහනාධාර හා දීමනා ලබාගැනීමටත්,

ඇ. එසේම අවතැන්වූ සහ මියගිය ජනතාවගේ දරුවන්ගේ ජීවිත පිළිබඳ ආරක්ෂාව, හා සංවර්ධනය තහවුරු කරගැනීමටත්,

ඈ. මීරියබැද්ද ඛේදවාචකයේ හානි පිළිබඳ සත්‍ය හා විශ්වාසනීය තොරතුරු වාර්තා කරගැනීමටත්,

ඉ. මෙම ඛේදවාචකය පිළිබඳ අනතුරු ඇඟවීම් නොසලකා ජනතාව එම අවධානම් ප්‍රදේශවලින් ඉවත් කර ආරක්ෂාකාරී ප්‍රදේශවල නැවත පදිංචි කරවීම සිදුනොකර හා නොසැලකිලිමත් ලෙස ක්‍රියාකළ ආයතනයන් හා නිළධාරීන් හදුනාගෙන ඔවුනට එරෙහිව විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා නීතිය ඉදිරියට පමණුවීමට කටයුතු කරගැනීමටත් වේ.

වතු සාමාජීය ක්‍රියාකාරී කණ්ඩායම,

152/1/4, අළුත්කඩේ පාර, කොළඹ 12.

 ABar-11

MEERIYABEDDA DECLARATION

 meeriyabedda-People

On 29th October 2014 at 7.15 am devastating Earth Slip Catastrophe has been occurred in the Meeriyabedda Estate, Koslanda within the Grama Sevaka Division of Kotabathma, Haldumulla Divisional Secretariat, Badulla District, Uva Province in Sri Lanka. This is not the first or will not be the last Earth Slip. But earth within an area of two square Kilometers has been slipped away and an entire estate has been buried underneath. Meeriyabedda Catastrophe is huge and devastating.

Even after a month of Catastrophe no credible responsible figures of losses of lives and assets are revealed. Evacuating operation also has not been done to the satisfaction. According to the government information 38 persons were died, 7 line rows (quarters) , some single houses, a Temple, a Community Centre, Milk Collecting Centres, some boutiques, a Tele communication Centre and 3 Estate Bungalows were completely destroyed. At the very beginning though it was told that 75 children have lost their parents, later it was told only three.

Families of Estate workers who are included in the identity of Hill Country Tamil Nationality are the affected.

According to information the risk of this Earth Slip has been cautioned by the National Building Research Organization in 2005. It is told that the Maskeliya Plantation Company which manages the Meeriyabedda Estate has been cautioned about it. But no actions have been taken to quit the people from that area and to settle them in a safer area.

The president has asked the Inspector General of Police to investigate into find out who is responsible for the said default but no news of the followings;

National Building Research Organization has earmarked the areas of Earth Slip risk in the District of Kegalle, Ratnapura, Matale, Kandy, Badulla, Nuwara Eliya, Kalutara and Matara. People are moving from the areas where the signs of risk of Earth Slips are observed.

In these circumstances people are determined to take decisions in view of the above we the Plantation Society Action Group, Collective of Trade Unions Political Parties Mass Movement and Individuals spelling the declaration of the hill country people whom also consisting the estate workers.

We do hereby make the following declaration on the occasion of one month’s commemoration of the Meeriyabedda Catastrophe on 30th November 2014 at Colombo Ramakrishna Mission Hall.

  1. We declare our basic fundamental right to safe settlements in order to live free from natural Catastrophe such as Earth Slip and make declaration, to quit the line rooms, the labour camps (prison) where we have been living hitherto without separate houses and our desire the right to live in separate habitable own houses.
  2. We make declaration to take joint actions with consensus, to obtain 20 perches land for each family in order to build separate houses in areas free from Natural disasters. And do hereby declare that the date 29th of October to be observed as day of Right to land and housing of Hill-Country people.
  3. We make declaration that the said new settlements should be recognized by the government as village or town settlements and be brought under the administration of Central Government, Provincial Councils, Local Authorities, Divisional Secretariats and Grama Sevaka Divisions and be established together with Infrastructures and other basic facilities.
  4. We declare that the people should be quitted from the Earth Slip risk areas and to obtain employment in other estates or alternative employment for the said people.
  5. We make declaration that to make the employers/estate companies full responsibility in account of ensuring the rights of Labour and security of the workers as well as the government should be responsible for affairs pertaining to right to life of the plantation community.

FURTHER WE EMPHASISE COLLECTIVE ACTIONS

a). To obtain compensation for the affected families of Meeriyabedda against their losses of lives and assets.

b). To obtain relief and payments for the displaced families as the result of Meeriyabedda Catastrophe as well as from other places to avoid Earth Slip risk until they are permanently settled in safer areas.

c). To get ensured the life, development and safety of the children who have lost their parents in Meeriyabedda Catastrophe.

d). To get reported the correct credible information of the losses of lives and assets as the result of Meeriyabedda Catastrophe.

e). To get credibly investigated into the failure of taking steps to quit the people from Meeriyabedda and settling them in safer areas, to find out institutions and officers responsible for the failure and to take legal action against them.

PLANTATION SOCIETY ACTION GROUP

152-1/4, Hulftsdorp Street, Colombo-12

 

ABar-11

 

CRPF අපව මිනිස් පළිහක් ලෙස භාවිතා කළා

ඉන්දියාව – මාඕවාදීන්ට සහය දෙන ගම්වැසියන්ගේ ප‍්‍රකාශය: CRPF අපව මිනිස් පළිහක් ලෙස භාවිතා කළා

නොවැම්බර් 26 ප‍්‍රහාරයේදී CRPF පුද්ගලයින් කාන්තාවන් සහ දරුවන්ද ඇතුළුව ගම් වැසියන් ‘‘මිනිස් පළිහක්’’ ලෙස භාවිතා කළ බව ජාක්හෑන්හි ලටේහාර් දිස්ත‍්‍රික්කයේ ලායි ගමේ ගම්වැසියන්ට සහය දෙන CPI-මාඕවාදී මාධ්‍ය ප‍්‍රකාශක කොඑල් සන්ක් ෂෝන් ප‍්‍රකාශය කළහ. ප‍්‍රහාරයේ දී, ආරක්‍ෂක බලඇණි මිනිසුන් අට දෙනෙකු අල්වාගෙන දින දෙකක් තිස්සේ රඳවා තබා ගෙන සිටි අතර නිදහස් කිරීමට පෙර ඔවුන්ට කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොවිණි. ඔවුන්ගෙන්, තිදෙනෙකු විශේෂයෙන්ම වඳ වී යන ආදිවාසී කණ්ඩායමක් යැයි වර්ග කොට ඇති පර්හරියා ආදිවාසී කුළයට අයත් වූහ. ලටේහාර් පොලිස් අධිකාරී මයිකල් එස් රාජ් චෝදනා ප‍්‍රතිෂේප කළ අතර, ඒවා මාඕවාදීන්ගේ ප‍්‍රචාර බව පැවසූහ.

ලායි වටලෑම ඇති වූයේ CRPF සහ CoBRA පොලිස් ඒකක වල පුද්ගලයින් මැනිකා හි ඡන්ද අපේක්‍ෂකයින්ගේ ප‍්‍රචාරක කටයුතකු වලට ආරක්‍ෂාව සලසා එන අතුරේදී යි. තමා ‘මනාස්ජි’ ලෙසින් හඳුන්වා ගත් ක්‍ඡෂ-මාඕවාදී නායකයාට අනුව, වටකොට එල්ලකළ ප‍්‍රහාරය උදෑසන 8.30 සිට පස්වරු 4.00 දක්වා පැවති අතර, මාඕවාදීහු පසුබැසිමට පළමු CRPF සැපයුම් ගෙන ගිය ට‍්‍රැක්ටර් 8ක් පුළුස්සා තිබේ. කිසිදු පාර්ශ්වයකට තුවාල සිදු නොවූ අතර, පීඩනයට පත්වූ පාර්ශවය වූයේ ගම්වැසියන් බව මනාස්ජි පැවසීය. ලායි හි පවුල් 85ක් සහ 400 කට ආසන්න ජනගහණයක් සිටී. මේ ප‍්‍රහාරය සිදු වූ ස්ථානයට ආසන්නයෙන් ජීවත් වූ අයෙකු වන මන්ති කුමාරි (18), සිය නිවසේ බිත්තිය මත වෙඩි උණ්ඩ වලින් සිදු වූ සිදුරු හතරක් පෙන්වූහ.

CRPF පුද්ගලයින් පස් දෙනෙකු ගැටුමින් පැයකට පමණ පසු ඇගේ නිවසේ දොරකඩට පැමිණි බව ඇය පැවසුවේය. ‘‘ඔවුහු මට සහ මගේ සහෝදරියට අතුල් පහරවල් දෙන්නට පටන් ගත්ත,’’ ඇය පැවසීය, ඔවුන් දෙදෙනා මාඕවාදීන් යැයි නම් කොට ඔවුන්ට නිර්වස්ත‍්‍ර වෙන්නටැයි බල කළහ. ‘‘’අපි ඒක ප‍්‍රතික්‍ෂේප කළා.’’ ජග්දිෂ් පහරියා පැවසුවේ CRPF පුද්ගලයින් ඔහු දඩයමේ යන විට ආරක්‍ෂාවට රැගෙන යන ප‍්‍රාදේශීය ගිනි අවි 3ක් සොයගත් බවයි. ‘‘නමුත් ඔවුන් මාව සහ මගේ පුතා ඇදගෙන ගිහින් අපිට පහර දෙන්නට පටන් ගත්තා,’’ 60 වියැති පුද්ගලයෙක් පැවසූහ. කලේෂ්වාර් පර්හයියා (51) ප‍්‍රකාශ කළේ සිය බිරිඳ ඉන්දරමානි දේවි ට බැටන් පොලූ වලින් පහර දෙන විට, ඔහුට රයිෆල් බට් එකෙන් පහර දුන් බවයි. ආරක්‍ෂක නිළධාරීන් පිටත්ව යන විට, ඔවුහු සමහර ගම්වැසියන් ‘‘පළිහක්’’ ලෙස රැගෙන ගියහ. ‘‘ඔවුහු අපව සමාන්තර පේලියකට සිටුවලා අපිට පිටුපසින් සැඟවිලා ගමන් කළා,’’ සුෂිල් කීහ.

‘‘මාඕවාදීහු අපව දුටුවම, වෙඩි තබන්නට පටන් ගත්ත. උණ්ඩ ඔලූවට උඩින් ගියා,’’ සුෂිල් කීහ. කෙසේ වෙතත්, මනාස්ජි, කීවේ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ගම්වැසියන් දුටු විගස ම වෙඩි තැබීම නැවැත් වූ බවයි. ‘‘ලායි වූ කලී මාඕවාදීන්ට අතිවිශාල සහයෝගයක් ලැබෙන කලාපයකි. ඔවුහු ගම්වැසියන්ට මේ ප‍්‍රකාශ කරන්නට බල කරන්නට ඇත,’’ පොලිස් සුපිරින්ටැන්ඩන්ට් රාජ් පැවසීය.

PBCP අණදෙන නිළධාරී සහෝදරයෙකු මරණයට පත් වේ

පුර්බා බංග්ලා කොමියුනිස්ට් පක්‍ෂයේ ජනජුද්ධෝ (මාක්ස්වාදී ලෙනින්වාදී-ලාල් පතාක) රීජනල් අණදෙන නිළධාරී සහෝදරයෙකු මරණයට පත් වේ.

නීතියෙන් තහනම් කළ පුර්බා බංග්ලා කොමියුනිස්ට් පක්‍ෂයේ (PBCP) නායකයෙකු මිර්පූර් උපාෂිලා හි භංගා බත්තලා හිදී පොලීසිය සමග සිදු වූ ‘‘වෙඩි හුවමාරුවකින්’’ පසුගිය සඳුදා ජීවිතක්‍ෂයට පත් වූහ. ජීවිතක්‍ෂයට පත් වූ එනැමුල් PBCP කණ්ඩායමක් වූ ජනජුද්ධෝ (මාක්ස් ලෙනින්වාදී ලාල් පතාක), හි කලාප අණදෙන නිළධාරියෙකු විය. මීර්පූර් පොලිස් ස්ථානාධිපති වූ කාෂි ජලාල් උද්දින් අහ්මඩ් ප‍්‍රකාශ කළේ එනැමුල් සහ ඔහුගේ සගයන් ප‍්‍රදේශයේ ගඩොල් ක්‍ෂේත‍්‍රයක හිමිකරුවෙකු වූ ෂහිදුල් ඉස්ලාම්ගෙන් නීති විරෝධීව විශාල මුදල් ප‍්‍රමාණයක් බදු ලෙස එකතු කිරීමට පැමිණි බවයි.

‘‘ඔත්තුවකට අනුව ක‍්‍රියාත්මක වූ, පොලීසියේ සහ මීර්පූර් පොලිස් ස්ථානයේ පරීක්‍ෂණ ශාඛාවේ ඒකාබද්ධ කණ්ඩායමක් පෙ.ව. 3:15 ට පමණ, ෂහිදුල් ගෙන් බදු මුදල් එකතු කිරීමට පැමිණෙන කණ්ඩායම අත් අඩංගුවට ගැනීමට ප‍්‍රදේශය බලා ගමන් කළහ,’’ පොලිස් ස්ථානාධිපති පැවසීය. නීතිය ක‍්‍රියාත්මත වන බව හැඟී ගියෙන්, එනැමුල් සහ ඔහුගේ ඛණ්ඩය බිහිසුණු ගැටුමක් අවුළුවමින් පොලිස් නිළධාරීන්ට පහර දුන්හ. ස්ථානාධිපති කාෂි ජලාල් උද්දින් ප‍්‍රකාශ කළේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට පැමිණියන් සහ PBCP මිනිසුන් අතර උණ්ඩ වට 30 ත් 35 ත් අතර ප‍්‍රමාණයක් හුවමාරු වී, එනැමුල් උණ්ඩ වලින් තුවාල වූ බවයි. දරුණු ලෙස තුවාල වූ එනැමුල් මීර්පුර් සෞඛ්‍ය සංකීර්ණයට ඉක්මනින් රැගෙන ගියත් සේවයේ නියුතු වෛද්‍යරු ප‍්‍රකාශ කළේ ඔහු මිය ගොස් ඇති බවයි.

ඉන්දියාව – ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය – මාඕවාදී හි බැනරයක් කර්නාටකයේ දුරස්ථ ගමකින් හමුවේ

ඉන්දියාව – ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය – මාඕවාදී හි බැනරයක් කර්නාටකයේ දුරස්ථ ගමකින් හමුවේ

ද හින්දු පුවත්පතේ වාර්තාවකට අනුව, දෙසැම්බර් 6 වන දින කර්නාටක ප‍්‍රාන්තයේ උදුපි දිස්ත‍්‍රික්කයේ හෙබි‍්‍ර පෙදෙසට ආසන්න කබ්බිනාලි ගමෙන්, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය – මාඕවාදී හි 10 වන සංවත්සරය ආදිවාසීන් සහ වන වැසියන් විසින් සැමරුවායැයි තහවුරු වන බැනරයක් සහ පත‍්‍රිකා හමු වී ඇත. හෙබි‍්‍ර පොලීසියට අනුව, බැනරය සහ අත්පත‍්‍රිකා පොලීසිය විසින් ඔවුන්ගේ ගමනේදී සොයා ගෙන ඇත.

ඉන්දියාව: මාඕවාදී අවතාරය කේරලයට

කේරල – මාඕවාදය සහ මහජන යුද්ධය ඉදිරියට ගමන් කරයි – 2014 මැයි 1 වැනි දින ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාඕවාදී (CPI-Maoist) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාක්ස්වාදී ලෙනින්වාදී නක්සල්බාරි (CPI-ML-Naxalbari), ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාඕවාදී (CPI-මාඕවාදී) ධජය යටතේ එකට එක් වීම මේ දිශානතිය කෙරේ තීරණාත්මකව බල පෑහ.

ඉන්දියාව:
මාඕවාදී අවතාරය කේරලයට –
විශ්ලේෂණය කිරීම

CPI-මාඕවාදී කාඩර්වරු යැයි සැක කෙරෙන්නන් විසින් සිදුකල විනාශකාරී සිදුවීම් දෙකක ක්‍ෂණික සාර්ථකත්වය කේරලය තුළ නැවත වතාවක් මාඕවාදීන්ගේ දක්‍ෂිණ පෙදෙස්වල ගමන්මග පිළිබඳ ප‍්‍රශ්නය අවධානයට ලක් වී ඇත. 2014 නොවැම්බර් 18, පුද්ගලයන් හය දෙනෙකු කේරලයේ ව්‍යානාද් දිස්ත‍්‍රික්කයේ තිරුනෙල්ල හි අග්රහරාම් නිවාඩු නිකේතනයට කඩා වැදී එහි කාර්යාලයේ, කාර්යමණ්ඩල වාසස්ථානයේ (quarters) සහ පිළිගැනීමේ කේන්ද්‍රයේ ජනෙල් වීදුරු කඩා බිඳ දැමූහ. එසේම ඔවුහු කාර්යාලයේ තබා තිබුණු ගෘහ භාණ්ඩ වලට, පරිගණක, මුද්‍රණ යන්ත‍්‍ර සහ අනෙක් උපකරණ වලට හානි සිදු කොට ඇත. ඔවුහු CPI-මාඕවාදී හි දස වන සංවත්සරය ප‍්‍රකාශයට පත් කරන සහ ඉඩම් අහිමි අයට ඉඩම් ලබා දීමට බල කෙරෙන බිත්ති පෝස්ටර් සහ පෝස්ටර් ඇලවීමෙන් පසුව පිටත්ව ගොස් ඇත.

නොවැම්බර් 10, කොචි හි පනම්පිලි නගර් හි නිට්ටා ජෙලටින් ඉන්දියා ලිමිටඩ් (NGIL) සංස්ථා කාර්යාලය මුහුණු ආවරණය කරගත් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කොල්ලකනු ලදුව ඉමහත් හානියකට ලක් වූහ. CPI-මාඕවාදී කාඩර්වරුන් යැයි සැක කෙරෙන මුහුණු වසාගත් පුද්ගලයින්, චලක්කුදි නදියේ ජලය දූෂණය කිරීම සම්බන්ධයෙන් සහ ප‍්‍රාදේශීය ජනයාව නොසලකා හැරීම සම්බන්ධයෙන් සමාගමට චෝදනා කොට තිබේ. ත‍්‍රිසූර් හි CPI-මාඕවාදී බටහිර ඝාට් ෂෝනල් කොමිටිය මගින් අදහස් ප‍්‍රකාශ කරමින් පල කළ මුද්‍රිත නිකුතුව ප‍්‍රකාශ කොට තිබෙන්නේ කොමිටිය යටතේ ‘නාගරික ක‍්‍රියාකාරී කණ්ඩායම’ ප‍්‍රහාරය සිදු කොට තිබෙන බවයි. පසුව, කොචි පොලිස් කොමිෂනර් අනාවරණය කළ පරිදි, ‘‘අපි මාඕවාදීන්ට සම්බන්ධ ලිපියක් සොයාගෙන ඇත්තෙමු. ලිපිය සන්නද්ධ අරගලයට ආමන්ත‍්‍රණය කොට ඇති අතර ප‍්‍රහාරයේ වගකීම මාඕවාදීහු බාරගෙන ඇත. නමුත්, සැබෑ ලෙසම මෙම ප‍්‍රහාරයට මාඕවාදීහු සමබන්ධ දැයි දැන ගත හැක්කේ පරීක්‍ෂණයකින් පසුව පමණකි.’’ සිත්ගන්නා සුළු දෙය වනුයේ, විනාශකාරී සිදුවීම CCTV කැමෙරාවකින් ග‍්‍රහණය කොට ගෙන ඇති අතර එම මූලාශ‍්‍රය පොලිසිය අතට බාර දෙනු ලැබිණි.

එම වීඩියෝ පටය මුහුණු ආවරණ රහිත එක් මිනිසෙක් පෙන්වා ඇත නමුදු, පොලීසිය තවම ඔහුව හඳුනා ගැනීමට අසමත් වී ඇත. නව දෙනාගේ කණ්ඩායමෙන් එක් අයෙකු මලයාලම් බස කථා කරන අතර අනෙක් අය ආවේණික හින්දි බසින් කතා කළ බව පොලීසිය අනාවරණය කළහ. මේ ප‍්‍රහාරය සිදු කළ හඳුනා නොගත් පුද්ගලයින් හය දෙනාට එරෙහිව නීති විරෝධී ක‍්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත යටතේ කටයුතු කිරීමට විශේෂ කණ්ඩායමක් නිට්ටා ජෙලටින් සමාගම් කාර්යාලයේ ප‍්‍රහාරය ගැන අන්වේශණයට පත් කොට ඇත. එම පරීක්‍ෂණවල ප‍්‍රතිඵලයක් ලෙස පොලීසිය මාඕවාදී හිතවාදීන් කිහිප දෙනෙක්, ප‍්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට පත් කොට ඇත. නගරය තුළ මාඕවාදීන් පෙනී සිටීම සම්බන්ධයෙන් කිසිදු බුද්ධි තොරතුරක් නොමැති බැවින්, කොචි සිදුවීම දුෂ්කරතාවයන් මතු කොට ඇත. ප‍්‍රහාරය නගර මධ්‍යයේ සිදු වූ අතර, කොචි වූ කලී කේරලයේ මාඕවාදී ප‍්‍රහාරයකට ලක් වූ මුල්ම බහුතර නාගරික පෙදෙසයි. පුදුම සහගත දෙය වනුයේ, දන්දකර්ණයාහි මාඕවාදී ‘අණදෙන්නා’ වන දේවා, නොවැම්බර් 16 වන දින ප‍්‍රකාශ කොට තිබුණේ එම සිදුවීමට කිසිදු මාඕවාදියෙකු සම්බන්ධ නොවන බවත්, පොලීසිය බොරු ප‍්‍රකාශ කරන්නේ යැයි චෝදනා කෙරිණි.

එසේ වුවත් ඔහු, ප‍්‍රාන්තය තුළ විශාල මහජන පදනමක් ලබා ගෙන නොමැති මාඕවාදීන් ඔවුන්ගේ සන්නද්ධ කාඩර්වරු, සංඛ්‍යාත්මකව කුඩා වූවත් කේරලයේ විහිදුවා තිබෙන බව පිළිගත්හ. පක්‍ෂය, කෙසේ හෝ, ජල්, ජන්ගල්, ෂම්මීන් (ජලය, වනාන්තරය, භූමිය) සහ ජනතාවට බලය යන මූලික ගැටළු ගැන කේන්ද්‍රගත වෙමින් සිය මහජන පදනම සහ කාඩර් ශක්තිය පුළුල් කර ගැනීමට වැඩ කරමින් සිටියහ. සංවිධානය ව්‍යාප්ත වන විට කේරලයට විශේෂ වූ ගැටළු දක්නට ලැබිණි. ව්‍යානාද් සිදුවීමෙන් පසුව, කේරල ස්වදේශ කටයුතු ඇමති රමේෂ් චෙනිත්තලා නොවැම්බර් 18, ප‍්‍රකාශ කළේ පොලීසිය ප‍්‍රහාරය පිටුපස තිබෙන ක‍්‍රියාවලිය හඳුනාගෙන තිබෙන අතර ආරක්‍ෂක හේතුන් මත එය ප‍්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටින බවයි: ‘‘මෑත දී සිදු කළ මේ ප‍්‍රහාරයන් පිටුපස තිබෙන ක‍්‍රියාදාමය වූ කලී මාඕවාදීන්ට සම්බන්ධ සංවිධාන කිහිපයක් ප‍්‍රාදේශීය ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සිදු කළ ප‍්‍රයෝගයකි.’’

ඔහු තවදුරටත් සඳහන් කරමින්, බොහෝවිට කේරලයේ කුඩා සංවිධාන කිහිපයක් මාඕවාදී පෙරමුණ ලෙස පැවතියහ, එමෙන්ම මේ මාඕවාදී-හිතවාදී කණ්ඩායම් අරගලය ඉදිරියට යන ස්ථාන සහ ඉදිකිරීම් ඉලක්ක කර ඇත: ‘‘මෙය හරහා, ඔවුන්ට ප‍්‍රාදේශීයයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබේ. ඔවුන්ගේ ප‍්‍රමුඛ ඉලක්ක වූ කලී ආකර, නිවාඩු නිකේතන, සංස්ථා ආදියයි.’’ මාඕවාදීන් සිටින බව තහවුරු කරන 2014 දී කේරලයේ සිදු වූ සමහර සිදුවීම් කිහිපයක් මෙසේය:

නොවැම්බර් 13: මාඕවාදී පෝස්ටර් බස් නැවතුම් පොලෙහි, දුම්රිය ස්ථානයේ සහ කසාර්ගොද් දිස්ත‍්‍රික්කයේ චෙර්කලාන් ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලදි.

ඔක්තෝබර් 26: CPI-මාඕවාදී බිත්ති පොස්ටර් සහ දැන්වීම් කේරලයේ කොෂිකෝඩ් දිස්ත‍්‍රික්කයේ වඩකාර පොලිස් ස්ථාන සීමාවට අයත් සමහර පෙදෙස්වල ප‍්‍රදර්ශනය විය. පෝස්ටර් මගින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සූරාකෑමෙන් තොර ඉන්දියාවක් සඳහා ‘පංති අරගලය ශක්තිමත් කිරීමට’ CPI-මාඕවාදීන්ට එක්වන ලෙස ජනතාවට ආයාචනා කොට තිබුණි.

ඔක්තෝබර් 3: කම්කරු පංතිය ‘පාලක ප‍්‍රභූන්ට’ එරෙහි ‘සන්නද්ධ සංග‍්‍රාමයකට’ උනන්දු කරවන නම්‍යශීලී පුවරු පලක්කාඩ් දිස්ත‍්‍රික්කයේ බටහිර අත්තප්පඩි හි කල්ලමලා කලාපයේ දක්නට ලැබුණි. කිහිපයක් මන්නර්ක්කාද් වලට ආසන්න පූන්චෝලා සහ පම්බන්තෝඩ් ගම්මානවල ස්ථාන ගත කොට තිබුණි. පුවරු වල CPI-මාඕවාදීන්ගේ දස වන සංවත්සරය සැමරීම සඳහන් කොට තිබුණු අතර, දක්‍ෂිණ ප‍්‍රාන්ත තුනක පක්‍ෂ කඳවුරු ශක්තිමත් කරන ලෙස ජනතාවට ආයාචනා කොට තිබුණි.

සැප්තැම්බර් 22: කේරලයේ කලාපීය රූපවාහිනී නාලිකා, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාඕවාදී හි නායකයෙකු වන රූපේෂ්, ප‍්‍රාන්තය තුළ සන්නද්ධ අරගලය දියත් කරන බවට තර්ජනය කරන වීඩියෝ පටයක් පෙන්වූහ.

ජුලි 28: කේරල පොලීසිය ජොනතන් බවුඩ් (24) ලෙසින් හඳුන්වන ස්විස් ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගත්තේ, 2014, ජුනි 16 වන දින වනයේදී අසම්පූර්ණ බෝම්බ එකලස් කරන අතරතුර හදිසියේ පුපුරා යාමකින් ජීවිතක්‍ෂයට පත් වූ ඔවුන්ගේ සහෝදරයෙකු වන වී එස් සිනෝජ් නොහොත් රාමේෂන් ගේ මරණයට ශෝකය පළ කිරීම උදෙසා ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාඕවාදී හිතවාදීන් විසින් ත‍්‍රිසුර් දිස්ත‍්‍රික්කයේ වලප්පාද් හි සංවිධානය කරන ලද රැස්වීකදී ඔහු එය ඇමතීමෙන් පසුවයි.

ජුලි 6: CPI-මාඕවාදී කාඩර්වරු කණ්ඩායමක් ආදිවාසී (ට‍්‍රයිබාල්) පවුල් වල රැස්වීමක්, මලප්පුරාම් දිස්ත‍්‍රික්කයේ නිලම්බූර් වනයේ, මුන්දේරි හි වනියම්පුෂා ආදිවාසී ජනපදයේ දී පැවැත්වූහ. රැස්වීමට කාන්තාවන් ද ඇතුළුව ආදිවාසී හු 60 පැමිණියහ.

ජුනි 16: CPI-මාඕවාදී හි ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන කේරලයේ, සිනෝජ් ලෙසින් හඳුන්වන රාජන්, ව්‍යානාද් හි ඝන වනාන්තරය තුළ දී බෝම්බ තැනීමේ දී සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත් විය.

අපේ‍්‍රල් 24: CPI-මාඕවාදී කාඩර්වරු යැයි සැක කෙරෙන, සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්, පොලිස් නිළධාරී, ප‍්‍රමෝද් භෂ්කරන්, සහ ඔහුගේ මවට ව්‍යානාද් දිස්ත‍්‍රික්කයේ ඔවුන්ගේ නිවස තුළදී ම තර්ජනය කොට ඇත. ස්වදේශ කටයුතු පිළිබඳ ඇමති වරයා විසින් මාර්තු 27 ප‍්‍රාන්ත රජයට එවන ලද අනතුරු හැඟවීම් වලට අනුව, CPI-මාඕවාදීනට අයත් සන්නද්ධ කාඩර්වරු මෙයට කලින්, 2013 කන්නූර් දිස්ත‍්‍රික්කයේ කන්ජිරාකොලි හි පලමු වරට දර්ශනය වීමෙන් පසුව, කන්නූර්, කොෂිකොඩි, ව්‍යානාද්, මලප්පුරම් සහ පලක්කාද් වල ආදිවාසී ජනපද වලට අඩුම තරමින් 50 වතාවක් වත් පැමිණ තිබේ.

ප‍්‍රාන්තයේ ස්වදේශ කටයුතු ඇමති රමේෂ් චෙනිත්තලා 2014, ජුනි 9 රැස්වීමක දී, ප‍්‍රාන්තය තුළ වනාන්තරයේ සහ ඊට යාබද පෙදෙස් වන උතුරු දිස්ත‍්‍රික්ක 6 ක මාඕවාදීන්ගේ ‘‘ආගමනය’’ ගැන ප‍්‍රකාශ කළහ. ප‍්‍රශ්නවලට නිවසේදී ම පිළිතුරු දෙමින්, ඔහු කියා සිටියේ පලක්කාඩ්, මලප්පුරම්, කොෂිකෝඩ්, ව්‍යානාද්, කන්නුර්, සහ කසරාගොද් යන දිස්ත‍්‍රික්කවල මාඕවාදීන්ගේ ‘‘පැමිණීම’’ ගැන බුද්ධි තොරතුරු වාර්තාවක් රජයට සතු බවයි. තවද, ‘‘සමහර මාඕවාදීහු සංක‍්‍රමණික කම්කරුවන් ලෙස වෙස්වලාගෙන සිටින බව බුද්ධි අංශ වාර්තාකොට තිබෙන බව’’ ප‍්‍රාන්තයේ ස්වදේශ කටයුතු ඇමති ප‍්‍රකාශ කළහ.

වැඩිදුරටත්, බුද්ධි මූලාශ‍්‍ර උපකල්පනය කරන පරිදි ප‍්‍රාන්තය තුළ මාඕවාදීන්ගේ නව බඳවාගැනීම් ප‍්‍රමාණය දැනට 50ක් පමණ වන බවයි. උපකල්පනයන් පදනම් වන්නේ සන්නද්ධ කණ්ඩායම් සඳහා නව නිළ ඇඳුම් 50ක් පමණ මැසීමට CPI-මාඕවාදී කාඩර්වරුන් රෙදි මිලට ගැනීම මතයි. ව්‍යානාද් දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාකාරී වන එක් ස්ක්වේඩයක් වන ‘කබානි දලාම්’ ලෙසින්, මාඕවාදීහු ප‍්‍රකටව සිටී. මාඕවාදීහු අලප්පුෂා හි පදිංචිව සිටින බවට රාජ්‍ය බුද්ධි අංශ අනතුරු හඟවා තිබේ.

ප‍්‍රාන්තය තුළ මාඕවාදී තර්ජනය පහළ වීමත් සමග, ප‍්‍රාන්ත රජය, 2014, පෙබරවාරි 21 උතුරු කේරලයේ පොලිස් ස්ථාන 16ක් ‘යුධමය ප‍්‍රතිපත්තියක් මත’ බල ගැන්වීමට නියම කොට ඇත. තවදුරටත්, රජය කලාපයේ සන්නද්ධ පොලිස් නිළධාරීන් 300 කට, ප‍්‍රාන්ත පොලීසියේ විශේෂ අවි සහ උපායික කණ්ඩායම වන, තන්ඩර්බෝල්ට් කේරල ට ‘පරිමිති ආරක්‍ෂාව සහ සහයෝගය’ සැපයීමට නියෝග කොට ඇත්තේ ‘නක්සල්-විරෝධී මෙහෙයුම්’ යන පර්යාය නාමය සමගිනි.

ව්‍යානාද් දිස්ත‍්‍රික්කයේ, හය දෙනෙකුගෙන් යුතු මාඕවාදී කණ්ඩායමක් වරින් වර පෙනී සිටීම මෙහෙයුම් වලට ‘මූලික පදනම වී ඇත.’ ප‍්‍රාන්ත රජය සංක‍්‍රමණික කම්කරුවන් සහ මාඕවාදීන් අතර සම්බන්ධය නිරීක්‍ෂණය කිරීමට මූලිකවම අවශ්‍ය වන ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී. මාඕවාදීන්ගේ ඡායාව පහළවීමත් සමගම ‘‘කර්නාටක-කේරල-තමිල්නාඩු දේශ සීමාව වන සයිහද්‍රි (බටහිර ඝාට්ස්) හි නව යුධ පෙරමුණක් විවෘත කිරීම’’ ගැන මාඕවාදීන්ගේ ප‍්‍රකාශනයේ ආලෝකයත් සමග, මාඕවාදීහු ප‍්‍රාන්තයේ දිගු කාලයක් තිස්සේ සූදානම් වෙමින් සිටියි. එවැනි ප‍්‍රයත්නයන් තිබියේ වුවද වර්තමානයේ මහජන මූල ප‍්‍රදේශ පළල් කිරීම සීමා කොට ඇත.

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාඕවාදී සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාක්ස්වාදී ලෙනින්වාදී-නක්සල්බාරි 2014 මැයි 1 වැනි දින ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාඕවාදී හි ධජය යටතේ එක්සත්වීම වූ කලී, මේ සඳහා වැදගත් පියවරක් විය. පසුගිය ප‍්‍රයත්නයන් වලින් මාඕවාදී ව්‍යාපාරය දක්‍ෂිණ ප‍්‍රාන්තවලට පුළුල් වීමේදී අල්ප සාර්ථකත්වයක් ලැබුවත්, මාඕවාදීන්ට පරාජය පෙනෙන තෙක් මානයකත් නොවේ.

මහජන යුද්ධය ඉදිරියට, මාඕවාදී කැරලිකරුවා්ෙ ඉන්දියානු පොලිස් නිළධාරීන් මරා දමයි.

මහජන යුද්ධය ඉදිරියට, මාඕවාදී කැරලිකරුවන් ඉන්දියානු පොලිස් නිළධාරීන් මරා දමයි.

මධ්‍යම ඉන්දියාවේ ඈත පෙදෙසකදී මාඕවාදී කැරලිකරුන් ඇම්බුෂ් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් 13 දෙනෙකු මරා දමා තවත් 12 දෙනෙකුට තුවාල සිදු කොට ඇතැයි, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් දෙදෙනෙකු පැවසීය. සොල්දාදුවන් ඝන වනයේ මෙහෙයුමක් සිදු කරන විට තුවක්කුකරුවන් පහර දී ඇතැ යි, චටිස්ගාර් හි මාඕවාදී-නාශක මෙයෙහුම් ප‍්‍රධානියා AFP ප‍්‍රවෘත්ති ඒජන්සියට පැවසූහ. ‘‘මාඕවාදීන් සමග චටිස්ගාර්හි සුක්මා කලාපයේ ඝන වනයේ සිදු වූ අවි ගැටුමින් ආරක්‍ෂක භටයින් 13 දෙනෙකු මරා දමා ඇත,’’ රජින්ද්‍රර් කුමාර් විජ් ප‍්‍රකාශ කළහ. සුක්මා දිස්ත‍්‍රික්කය ප‍්‍රාන්තයේ අගනුවර වන, රයිපුර් සිට 385km ක් දකුණින් පිහිටා ඇත.