Monthly Archives: April 2015

2015 ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය

Download  2015 May Day Joint Statement (PDF 227KB)

සකල දේශවාසී නිර්ධනයිනි එක්වව්!

2015 ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය

ජාත්‍යන්තරවාදී රතු මැයි දිනයක් වේවා!

අර්බුද, යුද්ධ, මර්ධනය, පීඩනය, විරැකියාව සහ දරිද්‍රතාවය!

නිර්ධනයිනි, පීඩිතයෙනි, අනාගතය අපගේ දෑත්වල රඳවා ගැනීමට සමගිවෙමු!

විප්ලවය…. දිගු කල් දිනේවා!

අධිරාජ්‍යවාදය දැවැන්ත ආර්ථික අර්බුදයක් තරණය කරමින් සිටින අතර එහි බර ලෝකය පුරා වෙසෙන ජනතාව සහ නිර්ධනීන් මතට පටවමින් සිටී. ඔවුහු නැවත සාධනයක් අත් කරගැනීම ගැන කථා කළද සැබැවින්ම එම ප‍්‍රතිසාධනය ලාභය, ධනය සහ ආයුධ වෙතට තල්ලූ වේ.

ලෝකයේ සෑම රටකම නිර්ධනීන්, දිළිඳු ගොවියන් සහ අනෙකුත් ජනතාව සඳහා අවශ්‍ය දේවල් වෙනුවට විරැකියාව, කම්කරු නීතිවල අස්ථීර බව වැඩි කිරීම, සූරාකෑම සහ වහල්භාවය, කාලකණ්ණිබව, අමු ද්‍රව්‍ය සහ බලශක්ති මූලාශ‍්‍ර කොල්ලකෑම, පරිසරය සහ භූමිප‍්‍රදේශ විනාශ කර දැමීම සිදුවෙනු අපි දකිමු.

සිය අධ්‍යාපනික සහ සංස්කෘතික වර්ධනය කෙසේ වුවද විරැකියාවෙන් පෙළෙන තරුණයින් ගේ ප‍්‍රමාණය දැන් බහුතරය වී ඇත. නව තාක්ෂණය වඩාත් ලාභ ඉපැයීමට, සූරාකෑම තීව‍්‍ර කිරීමට සහ ශ‍්‍රමිකයින් ට අත්තනෝමතික ලෙස නියෝග දීමට සහ ඔවුන්ව පාලනය කිරීමට මෙන්ම ආයුධවල විනාශකාරී බලය වැඩි කිරීමට භාවිතා කරයි.

මේ තත්ත්වයට එරෙහිව, අධිරාජ්‍යවාදී රටවල මෙන්ම පීඩිත රටවල්වල ද නිර්ධනීන් සහ ජනතාව නැගී සිටිති. නිර්ධනීන්ට සහ ජනතාවට සිය ජීවිත සහ රක්ෂාවන් වඩ වඩාත් නරක අතට හැරීම පිළිගත නොහැක; බලාපොරොත්තු රහිත අනාගතයක් නැති දුෂ්කරතාවයන්ගෙන් පිරුණු ජීවිතයක් වැඩි වැඩියෙන් සිය පීඩනයට සහ වධ වේදනා වලට වෛර කරයි.

පීඩිත රටවල්වල, කම්කරුවෝ, ගොවියෝ සහ තරුණයෝ ඔවුන්ගේ ජීවන තත්ත්වයට පහර ගැසීමට එරෙහිව නොනැවතී තියුණු මර්ධනය අබියස අභීතව වීදි බැස සටන් කරති; නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ ප‍්‍රමුඛ බලවේගය වන ගොවීහු, ගොවියන්ට-එරෙහි ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්ති වන විතැන් කිරීම සහ මූලිනුපුටා දැමීම ට විරුද්ධව අප‍්‍රතිහත ධෛර්යයකින් යුතුව, අධිරාජ්‍යවාදී පාලක මූලයකින් යුතු, පැරණි සහ ‘‘නව’’ පන්නයේ අර්ධ-වැඩවසම් ආධිපත්‍යයට එරෙහිව අරගල කරති.

ෆර්ගියුසන් සිට ස්ටොක්හෝම් දක්වාද, පැරීසියේ බන්ලියුස් දක්වා ද වන අධිරාජ්‍යවාදී රටවල් තුළ තරුණයින්ගේ සහ සංක‍්‍රමණිකයින්ගේ නැගී සිටීම්, කම්කරු වැඩ වර්ජන, රාජ්‍යයන්හි පීඩක උපකරණ සමග ගැටෙයි.

මේ හැම දෙයක්ම විප්ලවය ප‍්‍රවණතාවයක් බව සහ එය අවශ්‍යතාවයක් බව පෙන්වමින් රාජ්‍යයන් සහ ආණ්ඩු ප‍්‍රතිගාමීකරණය ට සහ ෆැසිස්ට්කරණය ට එරෙහිව පැන නගින ගැටුම් වැඩි වෙමින් තිබේ.

සෑම තැනම, ලෝකයේ මාවත් ස්ත‍්‍රී දූෂණවලින් පුරවාලන අතිදුෂ්ට පංති පීඩනය සහ ලිංගික පීඩනය අවසන් කිරීමට, අරගල සහ මහජන යුද්ධ තුළ, කාන්තාවගේ ඉදිරි පෙරමුණේ කාර්යභාරය ඉහළ ගොස් ඇත.

ජනතා කැරලිවලට මුහුණදීම සහ ඒවා වැළැක්වීම වෙනුවට, අධිරාජ්‍යවාදීහු, ඔවුන්ගේ රාජ්‍යයන්, ඔවුන්ගේ දක්ෂිණාංශික හෝ ‘‘වාමාංශික’’ ලෙස කියනු ලබන රාජ්‍යයන්, භයංකර මර්ධනයෙන්, සමූලඝාතනවලින්, හිංසනයන්ගෙන්, කූට ජන නායකත්වයෙන් සහ කුමන්ත‍්‍රණවලින් ප‍්‍රතිචාර දක්වයි. ඔවුහු දේශපාලනික, සමාජීය සහ තනි නිදහස් පුද්ගලයින් අතුගා දැමීමට පොළිස් රාජ්‍යයන් ඉදි කරති, මහජන රැල්ල සහ විප්ලවීය සංවිධාන සහ පොදු ජනතාව නැවැත්වීමට තුච්ඡ ප‍්‍රයත්නයන් දරති.

ඔවුහු සිය ප‍්‍රතිගාමී ක‍්‍රමය තුළ ජනතාවගේ වියරු කෝපය මැඩ පවත්වනවා වෙනුවට ප‍්‍රතිසංස්කරණවාදයේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ සංශෝධනවාදයේ මැතිවරණ නාටකය ක‍්‍රියාවෙහි යොදවති.

මේ බලවේග සමහර ‘ජනතාවාදී’ රජයන්ට මේ අර්බුදයන් වල විනාශය මැඩ පවත්වා ගැනීමට හැකිය යන මිථ්‍යාව පෝෂණය කරයි; උදාහරණයක් ලෙස, ග‍්‍රීසිය තුළ යුරෝපීය අර්බුදය ඉහළින්ම ප‍්‍රකාශ වේ, නව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයක් ලෙස සිරිෂා, අවසාන තුරුම්පුව ලෙස බලයට පත් වුවද, ඔවුන්ට යුරෝපීය අරමුදල් සහ බැංකු වල නියෝග ඉදිරිපිට නැගී සිටීමට හෝ ජනතාවගේ අවශ්‍යතාවයන්ට සහ අරගලවලට පිළිතුරු ලබා දීමට හැකියාවක් නැත.

තවද අධිරාජ්‍යවාදයට සේවය කරනු වස් ජනතාව නොමග යවන එවැනි ව්‍යාජ වාම බලවේග තවමත් බාධක ලෙස පැවතියද, බොහෝ රටවල්වල ජනතාව පංති අරගලය තීව‍්‍ර කිරීමෙන් සහ මහා පරිමාණ වර්ජන සහ වැඩ වැරීම් වලින් ප‍්‍රතිචාර දක්වා ඇත.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ නැටෝවෙහි සහයෝගය ඇතිව, නාසිවාදීන්-වැනි බලවේග, යුකේ‍්‍රනයේ සහ නැගෙනහිර යුරෝපයේ ප‍්‍රතිගාමීහු, පූටින්ගේ රුසියාව සමග ඇති අන්තර් අධිරාජ්‍යවාදී පොරය තුළ ඉදිරියට ගමන් කරති.

ජනතාව ෆැසිස්ට්වාදයට සහ බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව යුක්ති සහගත ලෙස අරගල කරමින් සිටියද, අධිරාජ්‍යවාදී රුසියානු ව්‍යාප්තවාදීන්ගේ ඉත්තන් නොවීමට ඔවුන්ට අව්‍යාජ කොමියුනිස්ට් නායකත්වයක් අවශ්‍ය වේ.

නිර්ධනීන්ගේ සහ ජනතාවගේ කැරලි රැඩිකල් වෙනසක් ඉල්ලා සිටින අතර සූරාකෑමෙන්, පීඩනයෙන් සහ අධිරාජ්‍යවාදයෙන් විමුක්තිය ලැබූ සමාජයක් ඉදි කිරීම සාක්ෂාත් කර ගත හැක්කේ ආයුධ සන්නද්ධව පාලක පංතිය පෙරලා දැමීමෙන් පමණි.

අර්බුදය තුළ අන්තර්-අධිරාජ්‍යවාදී ප‍්‍රතිවිරෝධ වඩාත් තියුණු වන අතර ලෝකය බෙදා ගැනීම අරභයා යුද්ධ ජනිත වීමේ ප‍්‍රවණතාවයක් වඩාත් විiාමාන වේ – අධිරාජ්‍යවාදය ට එදිරිව ජනතාව සහ පීඩිත ජාතීන් අතර ඇති ප‍්‍රතිවිරෝධය ලෝකයේ මූලික ප‍්‍රතිවිරෝධය ලෙස පවතී – විප්ලවය ප‍්‍රධාන නැඹුරුව බවට පත්ව තිබෙන අතර එය ලෝක නිර්ධන පංති විප්ලවයක නව රැල්ලක් මූර්තිමත් කරයි.

අධිරාජ්‍යවාදීන් විසින් පෙළන රටවල් වල සමාජවාදී විප්ලවය දෙසට ගමන් කිරීම සඳහා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සාර්ථකත්වයට පත් කිරීම ට, සහ අධිරාජ්‍යවාදී රටවල කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කිරීම සඳහා නිර්ධන පංති සහ සමාජවාදී විප්ලවය සිදු කිරීමට කැරලිකාරී ජනතාවට ඒ ඒ රටවල අව්‍යාජ විප්ලවීය කොමියුනිස්ට් පක්ෂයක්, නිර්ධන පංතිය විසින් නායකත්වය දෙනු ලබන සියළු සූරාකෑමට ලක්වන සහ පීඩිත පොදු ජනතාව ගේ එක්සත් පෙරමුණක් සහ විප්ලවීය මහජන හමුදාවක් අවශ්‍ය කරයි.

ජනතාවට මෙම ආයුධවල අඩුපාඩු ඇත්තේ කොතැනද, ඔවුන්ගේ වීරෝධාර සහ ධෛර්ය සම්පන්න අරගල පරාජයට පාත‍්‍රවේ, නැතහොත් හැම විටම අධිරාජ්‍යවාදීන් සමග සම්බන්ධකම් ඇති කරගෙන සිටින ප‍්‍රතිගාමීන් ගේ ගොදුරු බවට පත් වීමෙන් කෙළවර වේ, එවිට ඔවුන්ට සමාජ, ආර්ථික සහ දේශපාලන යදම් වලින් විමුක්තිය ලද නොහැක.

ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය යන නාමයෙන්, අධිරාජ්‍යවාදය යුද්ධ සහ කලාපීය ත‍්‍රස්තවාදය මුදා හරියි. නමුත් සැබෑ ත‍්‍රස්තවාදය වූ කලී අධිරාජ්‍යවාදයයි, ඒ අප විසින් සටන් කොට පෙරළා දැමිය යුතු යක්ෂයායි.

ලෝකයේ අධිරාජ්‍යවාදයට වඩා තවත් නරක දෙයක් තිබේද?

අධිරාජ්‍යවාදය, විශේෂයෙන්ම එක්සත් ජනපදය, යුධමය ප‍්‍රතිපත්තිය තීව‍්‍ර කර, ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ සහ සිරියාවේ පෝෂිත යුද්ධ, ලිබියාව, යෙමනය සහ මැද පෙරදිග සහ බටහිර ආසියාව මුළුල්ලේම ආක‍්‍රමණ සහ ගැටුම් වලට මුල පුරා ඇත. ඔවුහු අරාබි රටවල ජනතාවගේ කැරලි වලට ප‍්‍රතිචාර දක්වනුයේ ඊජිප්ත්තුවේ සිදු කලාක් මෙන් පැරණි කෲර ප‍්‍රජා පීඩකයන් සහ පාලනයන්ගේ ප‍්‍රතිපත්ති දිගටම පවත්වා ගැනීමට බලවේග ස්ථාපනය කරමින් සහ යුදෙව්වාදී පොලිස් ඊශ‍්‍රායෙලය, සහ තුර්කිය, ඉරානය, සෞදි අරාබිය දක්වා වන කලාපයේ අනෙකුත් ප‍්‍රතිගාමීන් සමග සහයෝගීතාවයන් ඇති කරගනිමිනි.

මේ යුද්ධ සහ මැදිහත්වීම් තුළින්, ඔවුහු එකිනෙකාට එරෙහිව සිටින වැඩවසම් සහ ප‍්‍රතිගාමී බලවේග සන්නද්ධ කරමින්, අධිරාජ්‍යවාදයට වෛර කරන කැරලිකාරී සංක‍්‍රමණික ඒකක සහ ජනතාව සිටින, එම රාජ්‍යයන් වල ශක්තිය සහ ආරක්ෂාව යටින් බිඳ දමමින්, අධිරාජ්‍යවාදී රටවල් තුළම බිහිසුණු ප‍්‍රහාර එල්ල කර ගනිමින් ඔවුනොවුන් සමග යුධ වදිති.

මෙම ඍජු සහ වක‍්‍ර අතපෙවීම් සිදුවන තැන්හි, පීඩිත ජනතාවගේ අරගලවල ඉලක්කය ඔවුන්ගේ ප‍්‍රධාන සතුරා කෙරෙන් ඉවතට හැරවීමට, සිරියාවේ අරාබි සහ කුර්දි ජනයා දැන් මුහුණ දෙන අයුරින්, අධිරාජ්‍ය-විරෝධී එක්සත් පෙරමුණ බෙදීමේ අරමුණ ඇතිව, ජනතාවට විරුද්ධව ජනතාව තැබීමට ඒජන්තයින් සහ කුමන්ත‍්‍රණකරුවන් මගින් අධිරාජ්‍යවාදය අඩු ගැටුම් සහිත ප‍්‍රතිපත්තිය භාවිතයේ යෙදීම සිදුකරගෙන යයි.

අයි.එස්.අයි.එස් (ISIS) ඉදිරියට යන්නේ කොතැනද, එහි ජනතාව කුර්දි ජනතාව ලෙස, කාන්තාවගේ නියාමක කාර්යභාරයත් සමග රොජාවා, කොබානි යන පෙරමුණු තීරුව තුළ විරුද්දකම් පෑමේ සහ සටන් වැදීමේ නියැළේ. නමුත් ISIS සමග පමණක් නොව අධිරාජ්‍යවාදය සමග සහ කලාපයේ ප‍්‍රතිගාමී රජයන් සමගද මහජන යුද්ධයෙන් සටන් කිරීමෙන් පමණක් ජාතික සහ සමාජ පීඩනයෙන් ඔවුන්ට ගැලවී ගත හැක.

අධිරාජ්‍යවාදී බළකොටු තුළ සිටින, ධනේශ්වරය සහ එහි අතිපණ්ඩිත බුද්ධිමතුන්, අධිරාජ්‍යවාදීන් විසින් පෙළන ලද රටවල්වල සංස්කෘතික කේන්ද්‍ර ලෙස, වැඩ කරන පංතිය සහ මාක්ස්, එංගල්ස්, ලෙනින්, ස්ටාලින්, මාඕ විසින් බලසම්පන්න ලෙස සකසන ලද එහි මතවාදයේ මළගම ගැන ගායනා කරමින් සිටියද, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පංතිවාදී සහ සටන්කාමී කම්කරු අරගල, චීනය තුළත්, එමෙන්ම ධනය සංවර්ධනය වූවායැයි කියන, ‘‘නැගී එන රටවල්’’ ලෙස හඳුන්වන සියළු රටවල් තුළද ප‍්‍රාග්ධනයේ බලකොටු හෙල්ලූම් කවයි.

අධිරාජ්‍යවාදී ක‍්‍රමය තුළ, බ‍්‍රසීලය, තුර්කිය වැනි විශාල රටවල් බලසම්පන්න කම්කරු, ගොවි සහ අනෙකුත් ජනතා අරගල තුලින් ගමන් කරන අතර අධිරාජ්‍යවාදීන්ගේ පාලනය යටතේ මෙම රටවල්වල ඇති කර තිබෙන ආර්ථික නැගීම ‘‘මැටියෙන් තැනූ පාද සහිත යෝධයන්’’ බව ත් එම භූමි විප්ලවයේ ස්ථාන බවත් පෙන්වයි.

පංති අරගලය තියුණු වන සහ ආතතියෙන් තොර කිසිදු තැනක් ලෝකයේ කිසිදු තැනක නැත. මේ ආකෘතිය තුළ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂ මගින් නායකත්වය දෙනු ලබන මහජන යුද්ධය වූ කලී, විමුක්ති අරගලයේ එකම උපායික නිර්දේශයයි.

‘‘ලෝකයේ අධිරාජ්‍යවාදීන්ගේ සහ ප‍්‍රතිගාමීන්ගේ එක් ප‍්‍රධාන අටල්ලකට ඍජුවම පහර දෙන, ඉන්දියාවේ මහජන යුද්ධය, බලසම්පන්න ජාත්‍යන්තරවාදී රැළි ලක්ෂයක් වී, ලෝකය පුරා විප්ලවීය ජනතාව අතර බලවත් උද්‍යෝගයක් ප‍්‍රබුද්ධ කර තිබේ. පිලිපීනය, පේරු සහ තුර්කි මහජන යුද්ධ සමග එය අධිරාජ්‍යවාදය යටින් බිඳ දමමින් අධිරාජ්‍යවාදයේ සහ වැඩවසම් ප‍්‍රතිගාමී බලවේගයන් හි සූරාකෑමේ සහ පීඩනයේ ක‍්‍රමය පෙරලා දමන්නේ කෙසේද යන්න සහ නව බලයක් සහ නව සමාජයක් ගොඩ නගන්නේ කෙසේද යන්න පෙන්වා දෙයි.

ලෝකයේ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට්වරු නේපාලයේ ප‍්‍රචණ්ඩාවාදය සහ එක්සත් ජනපදයේ එවේකියන්වාදය වැනි, සංශෝධනවාදී සහ යටත්වීම්වාදී ප‍්‍රවණතාවයන්, පේරු හි වැනි සියළුම ආකාරයේ, දක්ෂිණ අවස්ථාවාදී දෘෂ්ඨීන් ඉවත දමමින්., එම විටම, වඳ සුළු ධනේශ්වර විප්ලවවාදයට සහ පොතේගුරුවාදයට ඇද නොවැටෙමින්, නායකත්වයේ කාර්යභාරය ඉසිලීමට සහ සංවර්ධනය කිරීමට, කොමියුනිස්ට් පක්‍ෂ ඉදි කළ යුතුය, කොමියුනිස්ට් පක්‍ෂ ශක්තිමත් කළ යුතුය.

කොමියුනිස්ට් පක්ෂ ඉදි කරීම පංති අරගලයේ ගිනි ඇවිළෙන තැන්වල ජනතාව සමග සමීප බැඳීමකින් යුතුව, බලය සඳහා වන විප්ලවීය අරගලයේ ක‍්‍රියාකාරකම් සමග ඉදි කළ යුතුය.

2015 වසරේ මෙම මැයි දිනය, ලෝකයේ සෑම අධිරාජ්‍ය විරෝධී අරගලයක් තුළම, සෑම පෙළපාලියකම, ‘‘ලෝකයේ නිර්ධනයිනි, පීඩිතයිනි, සමගිවව්!’’ යන සටන් පාඨයේ ශක්තිය අළුත් කොට රැගෙන යමින් කොමියුනිස්ට්වාදයේ සහ විප්ලවයේ රතු පතාකය ඉහළින්ම සහ ශක්තිමත්ව ඔසවන ලෙස ඉල්ලා සිටියි.

අධිරාජ්‍යවාදී සහ ප‍්‍රතිගාමී යුද්ධ නැවැත්වීමට, ලෝකය පුරා අධිරාජ්‍යවාදය සහ ප‍්‍රතිගාමීන් වනසා දැමිමට සමගිවෙමු!

විප්ලවයේ දිවි පිදූවන් ට ජනතාවගේ දිවි පිදූවන් ට ආචාර කරමු! ලෝකය පුරා විප්ලවවාදී සහ කොමියුනිස්ට්වාදී දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ අරගලයට සහය දෙමු!

කොමියුනිස්ට්වරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයක් දෙසට ගමන් කිරීමට සහ ඊට අවැසි තත්ත්ව නිර්මාණය කිරීමට ජනතා අරගලවල සහ නිර්ධන පංති අරගලවල නායකත්වයෙහි අව්‍යාජ නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ඉදිරියට ගෙන යමු!

මහජන යුද්ධයේ ජයග‍්‍රහණය තෙක් සහය දෙමු!

කොමියුනිස්ට්වාදයේ අනාගතය අපේ දෑත් මත රුවා ගනිමු!

 

ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනයට අත්සන් කළ පක්ෂ සහ සංවිධාන…

 

  • මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව – ස්පාඤ්ඤ ජනරජය;
  • (මාඕවාදී) කොමියුනිස්ට් පක්‍ෂය ආරම්භ කිරීමේ කමිටුව, ඔස්ටි‍්‍රයාව;
  • බ‍්‍රසීල කොමියුනිස්ට් පක්‍ෂය රතු ඛණ්ඩය – CPB (RF);
  • ඉක්වෙදා්ර් කොමියුනිස්ට් පක්‍ෂය රතු හිරු – CPE (RS);
  • තුර්කි කොමියුනිස්ට් පක්‍ෂය – මාක්ස් – ලෙනින්වාදී;
  • ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය;
  • සයිබීරියා කොමියුනිස්ට් ව්‍යාපාරය;
  • ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී);
  • ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය – බි‍්‍රතාන්‍ය රාජ්‍යය;
  • මහා කැළඹීම WSRP – වේල්සය බි‍්‍රතාන්‍ය රාජ්‍යය;
  • ඉරාන මාඕවාදී සමූහය;
  • කොමියුනිස්ට්වාදය දෙසට මහා පාගමන (මැඩ්රිඩ්, ස්පාඤ්ඤය);
  • නව කොමියුනිස්ට් පක්ෂය (ලියයිෂන් කමිටුව) එක්සත් ජනපදය;
  • මාඕවාදී කොමියුනිස්ට් කණ්ඩායම – එක්සත් ජනපදය;
  • මාඕවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය ටියුනීසියාව;
  • මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය මනිපූර්;
  • මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉතාලිය;
  • මාඕවාදී විප්ලවීය ලීගය – ශ්‍රී ලංකාව;
  • මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂය ඉදි කිරීමේ කමිටුව (ජර්මනිය) MLM-PAK;
  • පේරු ජනතා ව්‍යාපාරය (ප‍්‍රතිසංවිධාන කමිටුව);
  • රතු කොමියුනිස්ට් බ්ලොග්;
  • චිලී කොමියුනිස්ට් පක්ෂය රතු ඛණ්ඩය RF CPC – PPM (CR) ;
  • රතු කාණ්ඩය (මාඕවාදී එක්සත්) ප‍්‍රංශය;
  • විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය (^PCR-RCP කැනඩාව);
  • විප්ලවීය බුද්ධිමතුන් – සංස්කෘතික පෙරමුණ, නේපාලය;
  • විප්ලවීය භාවිතාව – එක්සත් රාජධානිය;
  • ජනතාවට සේවය කරනු – නෝර්වේ කොමියුනිස්ට් ලීගය;
  • ජනතාවට සේවය කරනු – ෂෙයිසායු සොරෙල්හ් – ඔක්සිටානි – ප‍්‍රංශ රාජ්‍යය;
  • කම්කරු හඬ – මලයාසියාව;

 

Download  2015 May Day Joint Statement (PDF 227KB

 

Proletarians of all countries unite!

 

Red and Internationalist May Day!

Crises, wars, repression, oppression, unemployment, poverty!

Proletarians and oppressed people, let us unite and take the future in our hands!

Long live …. Revolution!

Imperialism continues crossing a deep economic crisis and unloading it on the proletarians and peoples of the world. They speak about recovery, but the only thing that recovers is the rush to profits, wealth and arms.

For the proletarians, poor peasants and other people’s masses in every country of the world, instead, we see unemployment, labor laws increasing precariousness, exploitation and slavery, misery, plunder of raw materials and energy resources, devastation of environment and territories.

Youth without work are now the majority, in spite of their educational and cultural growth.

New technologies are used to make more profits, intensify exploitation and the despotic command and control on labour and increase the destructive power of arms.

Against this situation proletarians and masses rise up, in the imperialist countries, as well as in the countries oppressed by imperialism. Proletarians and masses cannot accept a worse and worse condition of life and work; a life of hardship with neither hope, nor future, and they hate more and more their oppressed and harassers.

In the oppressed countries, workers, peasants and youth have repeatedly come out in the streets braving severe repression to fight back the attacks on their livehood; the peasantry, main force for the New Democratic Revolution, withstand the reactionary anti-peasants policies of displacement and annihilation and persist in the struggle for lands against old and “new” forms of semi-feudal domination, base of the imperialist rule.

In the imperialist countries the uprisings of youth and immigrants from Ferguson to Stockholm, to the banlieues in Paris, the general workers’ struggles, which often clash with the repressive apparatus of the State.

All of this show that the revolution, as tendency and need, is increasingly emerging and clashes the reactionarization and fascistization of states and governments.

Wherever, in the struggles and people’s wars, the forefront role of women advances, to put an end to the heinous class and gender oppression that fills the streets of the world of rapes, femicides, and to demand a revolution for a true liberation.

In order to face and prevent the people’s rebellion, imperialists, their States, their right or claimed “left” governments, respond with fierce repression, massacres, persecution; demagogy and plotting. They establish police states that rub out political, social and individual freedoms, in a vain attempt to stop the people’s wave and the revolutionary organization of masses.

They also employed the enticements of the electoral farce of reformist, socialdemocrats and revisionist in order to contain the rage of the mass within their reactionary system.

These forces foster the illusion that some ‘propeople’ government can overcome the ravages of the crisis; for instance, in Greece, highest expression of the crisis in Europe, forces of new social democracy as SYRIZA, come to power as a last resort, but they are not able to stand up to the diktats of European capital and banks or give response to the needs and struggle of masses.

Also if the service done to imperialism by such fake left forces who misguide the masses still remain as a hurdle, in many countries the masses respond with the intensification of the class struggle and an increasingly massive abstention and boycott.

In Ukraine and Eastern Europe reactionary, also Nazi-like, forces advance, supported by US, EU and NATO, in a framework of inter-imperialist contention with Putin’s Russia.

The masses are justly struggling against fascism and Western imperialism, but they need a genuine communist leadership to be not pawns of imperialist Russia expansionism.

The rebellion of proletarians and masses demands a radical change and the only means to achieve this is to overthrow, weapons in hand, the ruling classes and establish a new society free from exploitation, oppression and imperialism.

Within the crisis become inter-imperialist contradictions sharpen and tendency to a new world partition war becomes more and more insistent – although the contradiction between imperialism and people and nation oppressed remains the principle contradition in the world – the revolution remains the main trend and is embodied by the potential new wave of the world proletarian revolution.

In order to become successful new democratic revolutions marching to socialism in the countries oppressed by imperialism, and proletarian and socialist revolutions marching to communism in the imperialist countries, the rebellions of masses need a genuine revolutionary communist party in each country, a united front of all the exploited and oppressed masses led by the proletariat and a revolutionary people’s army.

Where the masses lack these instruments, their heroic and bold struggles are defeated and / or end to be prey of reactionary forces, always tied to imperialist system, that can not free them from the social, economic and political chains.

In the name of the war on terrorism, imperialism unleashes wars and domestic terror. But imperialism is the true terrorism, the monster that we must fight and overthrow.

What in the world is worse than imperialism?

Imperialism, especially US, intensifies the policy of war, invasion and aggression in Iraq, Afghanistan and fosters wars in Syria, Libya Yemen and throughout the Middle East and West Asia. They respond to the people’s revolts in the Arab countries by installing in power forces that continue the policy of the old tyrants and regimes, as in Egypt, in cahoots and alliance with the Zionist gendarme, Israel, and other reactionary regimes in the region, from Turkey to Iran, Saudi Arabia

In these wars and interventions, they arm feudal and reactionary forces which then turn against them, bringing the war within the imperialist countries themselves with fierce attacks that undermine the security and strength of those States, within which there are masses and sections of rebel immigrants who hate imperialism.

In the field where these direct and indirect interventions took place, imperialism continues applying the policy of Low Intensity Conflict (LCI) with agents and plots to put masses against masses, to divert the target of the struggles of the oppressed peoples from of their main enemy, at the aim of dividing the anti-imperialist united front, as now in Syria facing the Arab and Kurdish masses.

Where the ISIS advances, the masses fight and resist, as Kurdish masses, with a leading role of women, in the front row in Rojava, Kobane. But only by fighting with the People’s War, not only the ISIS but also imperialism and the reactionary regimes in the region, the masses can free themselves from social and national oppression.

The bourgeoisie and its sophisticated intellectuals, in the imperialist citadels as in the centers of culture in the countries oppressed by imperialism, sing the funeral of the working class and its ideology, powerfully drawn by Marx, Engels Lenin, Stalin Mao, but in every corner of the world we are witnessing a huge resumption of the workers’ struggle, classist and combative, that shakes the citadels of capital, also in China, as well as all countries of the alleged development of capital , the so-called, “emerging countries”.

In the imperialist system, big countries, such as Brazil, Turkey, etc. are crossed by strong struggles of workers, peasants and other masses and show how the economic rise of these countries under the rule of imperialism makes them “giant with feet of clay” and land of revolution.

There is no place in the world that does not see tensions and sharpening of the class struggle.

In this framework it is the People’s War, led by Marxist-Leninist-Maoist parties, the only strategic reference of the liberation struggle.

“The People’s War in India, hitting directly at one of the major bastions of imperialism and reaction in the world, has roused great enthusiasm among the revolutionary masses all over the world and become a powerful internationalist rallying point. Together with the People’s Wars in the Philippines, Peru, and Turkey, it continues to undermine imperialism and shows the path to overthrow the system of exploitation and oppression of imperialism and the feudal reactionary forces and the construction of a new power and society.”to imperialism and the feudal reactionary forces and the construction of a new power and society.

The Marxist-Leninist-Maoists communists in the world must construct and strengthen Communist Parties to take up their tasks of leadership and development, ridding their ranks of revisionist and capitulationist tendencies, as Prachandism in Nepal, Avakianism in the US, the Right Opportunist Line, in all forms, in Peru, etc., without falling, at the same time, into the sterile petty bourgeois revolutionarism and dogmatism.

The building of the communist parties must take place in the fire of the class struggle with close tie with the masses, in function of the revolutionary struggle for the power.

This May Day 2015 calls us to lift high and strong the red flag of communism and revolution in every demonstration, in every anti-imperialist struggle in the world, bringing and renewing with strength the slogan of: “Proletarians and oppressed peoples of the world, unite!”

Let us unite to stop imperialist and reactionary wars, to crush imperialism and reaction around the world!

Let us salute the martyrs of the people and revolution, let us support the struggle and free revolutionary and communist political prisoners around the world!

Let us bring forth the genuine proletarian internationalism in the leadership of proletarian struggles, in the struggles of the peoples to create the conditions and advance towards an international organisation of communists!

Let us support people’s wars until victory!

Let us take the future of communism in our hands!

 

Lists of signatures

 

  • Committee Building a Maoist Communist Party, Galicia -Spanish state
  • Committees for the Founding of the (Maoist) Communist Party, Austria
  • Communist Party of Brazil Red Fraction – CPB (RF)
  • Communist Party of Ecuador Red Sun – CPE (RS)
  • Communist Party of Turkey / Marxist-Leninist
  • Communist (Maoist) Party of Afghanistan;
  • Communist Movement of Serbia
  • Communist Party of India (Maoist)
  • Democracy and Class Struggle – British State
  • Great Unrest WSRP – Wales British State
  • Iranian Maoist Collective
  • Long March Towards Communism (Spain);
  • New Communist Party (Liaison Committee) USA
  • Maoist Communist Group USA
  • Maoist Communist Movement Tunisia
  • Maoist Communist Party Manipur
  • Maoist Communist Party Italy;
  • Maoist Revolutionary League – Sri Lanka
  • Marxist-Leninist-Maoist Party Construction Committee (Germany) MLM-PAK
  • Peru Peoples Movement (Committee for Reorganizing)
  • Red communist Blogs
  • Red Fraction of Communist Party of Chile – RF CPC – PPM (CR)
  • Red Block (Unity of Maoists) France
  • Revolutionary Communist Party (PCR-RCP Canada);
  • Revolutionary Intellectual -Cultural Front,  Nepal
  • Revolutionary Praxis – United Kingdom
  • Serve the People – Communist League of Norway
  • Servir Le Peuple – Sheisau Sorelh – Occitany – French state;
  • Workers Voice – Malaysia

 

Advertisements

solidarity with nepalese people – Down nepalese government!

solidarity with nepalese people – Down nepalese government!


  • Prime Minister Sushil Koirala, admitting that rescue, relief and search operations have not been effective, has urged the political parties to work together in this national…                 

ජී එන් සායිබබා 2015 අපේ‍්‍රල් 11 සිට මාරාන්තික උපවාසයක

ජී එන් සායිබබා 2015 අපේ‍්‍රල් 11 සිට මාරාන්තික උපවාසයක

saibabakept

2014 මැයි 9 වන දින සිට සිර ගත කෙරුණු දිල්ලි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන, ආචාර්ය ජී එන් සායිබබා නාග්පූර් මධ්‍යම සිරගෙදර පාලනාධිකාරීන් විසින් ලබා දීමට ප‍්‍රතික්ෂේප කරන ලද මනා සෞඛ්‍ය ප‍්‍රතිකාර සහ සුදුසු ආහාර ලබා ගැනීමටයි දින නියමයක් නැතිව 2015 අපේ‍්‍රල් 11 වන දින සිට මාරාන්තික උපවාසයක් අරඹනු ලැබූහ. නාග්පූර් සිරගෙදර ප‍්‍රසිද්ධ අඳ බැරැක්කයේ ආචාර්ය සායිබබා, සිරගත කොට තිබෙන අතර ගාද්චිරෝලි උසාවියේ නඩුවාරයේ දී සහ බොම්බායේ ඉහළ උසාවියේ නාග්පූර් විනිශ්චය ආසනය මගින් ද ඔහුට දෙවරක් ම ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කරන ලදි.

අවසානයට පැවැත් වූ නඩු වාරය වන, 2015 මාර්තු 14 දී නාග්පූර් මධ්‍යම සිර ගෙදර සුපිරිටැන්ඩන්ට් සහ ප‍්‍රධාන සෞඛ්‍ය නිළධාරියා ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව සායිබබා රජයේ වෛද්‍ය විද්‍යාල රෝහලේ සහ නාග්පූර් හි අති විශේෂ රෝහලේ ප‍්‍රතිකාර ලබා ගන්නා බවත් සුදුසු ආහාර සැපයුම් සහ වෛද්‍ය අවශ්‍යතාවයන් ලැබෙන බවත් ප‍්‍රකාශ කළහ. සෞඛ්‍ය තත්ත්වය මත ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීමට එවැනි වාර්තා පදනම් විය. කෙසේ හෝ, උසාවිය ඉදිරිපිට බන්ධනාගාර අධිකාරිය සිදු කළ එවැනි ප‍්‍රකාශ තිබියදීත්, බන්ධනාගාර පරිපාලනය ඔහුට සුදුසු සෞඛ්‍ය ප‍්‍රතිකාර සහ ආහාර සැපයුම් පමණක් නොව කලින් ඔහුට ලබා දෙන්නට ඉඩ හළ සමහර දේවල්ද ලබා දීම අත්හිටවන ලදි. ඔහුගේ සෞඛ්‍ය තත්වය දිගටම පිරිහීමේ තත්ත්වයට මුහුණ දීමත් සමග, සායිබබා මුළුමනින්ම ආහාර වර්ජනය කිරීමෙන් සෙනසුරාදා සිට සිය විරෝධය දැක්වීමට තීරණය කළහ.

2015 අපේ‍්‍රල් 30 වෙනි දින ඔහුව මුණ ගැසුණු, ඔහුගේ නිතිඥයෝ, වහාම නාග්පූර් බන්ධානාගාර වසම යටතේ පවතින නැගෙනහිර කලාප බන්ධනාගාර අධිකාරියේ DIG (බන්ධනාගාර) ට සන්දේශයක් යවන ලදි. නිළධාරීහු කෙසේ හෝ සංදේශය ලබාගැනීම පමනක් කළ අතර සායිබබා විසින් මතු කොට තිබූ ගැටලූවලට ප‍්‍රතිචාර දැක්වීම ප‍්‍රතික්ෂේප කරන ලදි. ඔහු උසාවියට සපයන වාර්තාවේ ඔවුන් විසින් සපයමින් තිබෙන දෑ ගැන සඳහනක් කිරීමටද කිසිදු කැමැත්තක් දැක්වූයේ නැත. ආචාර්ය ජී එන් සායිබබාගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට සහ ඔහුව නිදහස් කර ගැනීමට හදිසි ක‍්‍රියාමාර්ග ගැනීමට ආමන්ත‍්‍රණය කෙරෙනු ඇත.

[ජී එන් සායිබබා අත් අඩංගුවට ගනු ලැබුවේ ඔහු මාඕවාදීන් සමග සහ එහි සම ලේකම්වරයා වන ගණපති සමබන්ධකම් පවත්වන බව සහ එයට මූල්‍ය ආධාර දෙන බව යන චෝදනා ඉදිරිපත් කරමිනි. ඔහු සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් වූ විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ඒකාබද්ධ ලේකම්වරයා විය. ඔහු දිල්ලි සරසවියේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කළහ.]

අනුරාධා ගාන්ධි: කැරලිකරුවා

අනුරාධා ගාන්ධි: කැරලිකරුවා

   Edit-1024x645-2

රාහුල් පණ්ඩිත විසිනි.

‘‘වරප‍්‍රසාද ලත් පවුලක උපත ලද ඇයට පහසුවෙන්ම සුඛෝපභෝගි ජීවිතයක් තෝරාගැනීමට හැකියාව තිබුණි. නමුත් අනුරාධා ගාන්ධි රෝස මල් වෙනුවට ගිනි අවිය තොරා ගත්තේ අයිතීන් අහිමිවූ අය වෙනුවෙන් සටන් වැදීමටයි.’’

2008 වසරේ අපේ‍්‍රල් මස එක් උණුසුම් තෙත් සන්ධ්‍යාවක, මුම්බායිහි කිසියම් තැනක, වෛද්‍යවරයෙකු සිය රෝගියා නිසා බලාපොරොත්තු රහිත තත්ත්වයකට පත්විය. 50 වියැති කාන්තාවක විය හැකි රෝගියා, අධික උණ නිසා ප‍්‍රතිකාර ගැනීමට උදෑසන පැමිණ තිබුණි. වෛද්‍යවරයා රුධිර පරීක්‍ෂා කිහිපයක් සිදු කිරීමට උපදෙස් දී තිබුණි. වාර්තා දුටු විගස, ඔහු නොඉවසිලිමත් ලෙස කතාකරමින් රෝගියා ඇගේ අත් අකුරින් ඉතා අපැහැදිලිව ලියා තිබූ දුරකථන අංකය ලබා ගැනීමට උත්සාහ කළහ. එම අංකය භාවිතාවේ නොවන එකක් බව ඔහු ඉක්මනින්ම වටහා ගති. ඔහු බෙහෙවින් කලබලයට පත් විය. වාර්තා මගින් කාන්තාවගේ රුධිර ධාරාවට මාරක මැලේරියා වාහක දෙකක් ඇතුල්ව ඇති බව පෙන්වූහ – ඇය අප‍්‍රමාදව රෝහල් ගත කළ යුතුව තිබුණි. කාලය වේගයෙන් පියඹා ගිය අතර ඇය ගැන කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි විය.

anuradha1

කාලය ගත වීමෙන් පසුව කාන්තාව නැවත වෛද්‍යවරයාව හමුවිය, ඒ වන විට දින කිහිපයක් ගත වී තිබුණි. වෛද්‍යවරයාට ඉක්මනින්ම ඇයව දැඩි සත්කාර ඒකකයක තබන්නට අවශ්‍ය විය. නමුත් ඒ වන විට බෙහෙවින් ප‍්‍රමාද වී තිබුණි.

ඊළඟ දින උදෑසන, අපේ‍්‍රල් 12 වන දින, අනුරාධා ගාන්ධි දිවියෙන් සමු ගත්හ. ඉන්ද්‍රියයන් ගණනාවක් අක‍්‍රීය තත්ත්වයේ පසුවීමෙන් ඇය පීඩා වින්දහ, ඒ වන විටත් ශරීර අභ්‍යන්තර පටක ඝන වීම නිසා ඇයගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී තිබුණු අතර ස්වාභාවික ප‍්‍රතිශක්තියට බලපැවැත් වූ රෝගයක් මෙයට හේතු විය. මේවා ඇය අතින් අපැහැදිලි අත් අකුරු ලියවීමට හේතු විය.

අනූගේ මිතුරන් සහ හිතවතුන් අතර මේ ප‍්‍රවෘත්තිය ඉක්මනින් පැතිර ගියහ. අනූ යනු ඇයව ඇමතූ සුරතල් නාමයයි. ගොඩ වෙලාවක් යන්නට මත්තෙන් අනූ වසර හතක් තිස්සේ ජීවත් වූ නාග්පූර්හි දාලිත් බාස්තියක් වන ඉන්දෝරා කරාද ප‍්‍රවෘත්තිය ළඟා වූහ. මෙයට පෙර ඇගේ නම ස්වදේශ කටයුතු ඇමතිගේ ලියුම් මිටියෙහි ජානකී නොහොත් නර්මදා නැතහොත් වර්ෂා ලෙසින් පෙනී සිටියහ. ඇය නැක්සලයිට්වරුන්ගේ තීරණ ගැනීමේ ඉහළම ව්‍යූහය වන, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ (මාඕවාදී) මධ්‍යම කාරක සභාවේ එකම කාන්තාව වූහ.

බොම්බායේ ඉහළ උසාවියේ උසස් ගණයේ නීතිඥයෙකුගේ දියණියක වූ, නගරයේ ගෞරවාන්විත එල්පින්ස්ටෝන් (Elphinstone) විද්‍යාලයේ උපාධිධාරිණියක වූ, සමාජ විද්‍යාවට දර්ශනපති උපාධියක් ලද, වරප‍්‍රසාද ලත් පවුලකට දාව උපන් කෙල්ලක්, රයිෆලයක් උරහිසින් දරාගෙන යහන සඳහා පොලිතීන් ඇතිරියක් භාවිතා කරමින්, බස්තාර්හි බිහිසුණු වනාන්තරයේ අරගල කිරීමේ සහ දුෂ්කරත්වයේ ජීවිතය තෝරා ගැනීමට පැමිණියේ කෙසේද? පිළිතුර සමහරවිට ඇය ජීවත් වූ කාලය මත රැඳී තිබෙනු ඇත. නැතහොත් ඇය කුමන වර්ගයේ පුද්ගලයෙක් ද යන්න විය හැක. නැතහොත් මේ දෙකෙහිම ශේෂයෝ විය හැක.

අනුරාධා, ගනේෂ් සහ කුමුද් ෂන්බාග් ගේ දරුවකුව උපන් අතර, ඒ දෙදෙනාම සිය විවාහය ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (CPI) කාර්යාලයේදී සිදු කිරීමට තෝරා ගත් අයයි. තරුණ කොල්ලෙකු ලෙස ගනේෂ් ෂන්බාග්, සුභාෂ් චන්ද්‍ර බෝස් ගේ හමුදාවට එක්වීමට කූර්ග් හි සිය නිවසින් පලා ගියහ. පසුව නීතිඥයෙකු බවට පත්ව තෙලෙන්ගානා අරගලයේ දී අත් අඩංගුවට පත් කොමියුනිස්ට්වාදීන්ගේ නඩු වෙනුවෙන් සටන් කළහ. ඔහුගේ බී‍්‍රෆ්කේසය හැමවිටම අත් අඩංගුවට පත් සහෝදරවරු වෙනුවෙන් සකසන ලද පෙත්සම් වලින් පිරී තිබුණි. කුමුද් චීනය සමග යුද වැදීමට යැවුණු සොල්දාදුවන් සඳහා මැහුම් සහ ස්වීටර් එකතු කිරීමට කාර්යබහුල විය.

ප‍්‍රගතිශීලී තිරනාටක රචකයෙකු වන, අනුරාධාගේ සොහොයුරු සුනිල් ෂන්බාග්, ඇය ගැන මතකය අවදි කරමින් ඇය අධ්‍යයන කටයුතු වලට සහ නර්තනය වැනි බාහිර ක‍්‍රියාකාරකම් වලදී දක්ෂතා දැක් වූ බව කීහ. එහෙත් ඇය සිය වටාපිටාවේ සිදුවන දෑ ගැන දැඩි අවබෝධයෙකින් යුක්ත වූ අයෙකි. ‘‘මම නේවාසික පාසලේ සිටින විට, ඇය බැංකු ජාතිකකරණය වැනි ගැටළු ගැන ලියමින්, මට ලිපි එවීය. ඒ වෙනකොට ඇයට අවුරුදු 12 ක් පමණයි’’ – සුනිල් කීහ. නමුත් මේ අවබෝධයටත් වඩා, අනුරාධා 1972 දී විද්‍යාලයට ඇතුළු වන විට අනෙක් ගැහැණු ළමයින් වැනිම වූහ. ‘‘ඇය නිවසට පැමිණ උණුසුම් යකඩයක ආධාරයෙන් සිට හිසකෙස් අවුල් හැරියේ අනික් ගැහැණු ළමයින් විලසිනි,’’ කුමුද් ෂන්බාග් කීහ.

1970 මුල්භාගය තරුණයින් ඇවිස්සී සිටි දින වකවානුවක් විය. ලෝකය වටේම බොහෝ දේවල් සිදු වෙමින් තිබුණි. මාඕ චීනයේ සංස්කෘතික විප්ලවයට මුල පුරනු ලැබීය. වියට්නාමය ඇමෙරිකන් බලඇණි වලට එරෙහිව අභීත ප‍්‍රතිවිරෝධයක් දැක්වීය. මව් බිමේ, නක්සල්බාරි හි වසන්ත කුණාටුව විදාරණය වූහ. උසස් පාසල්වල දහස් ගණන් ශිෂ්‍යයින් සිය වෘත්තීන් අත්හැර දමා නක්සල්බාරි ව්‍යාපාරයට එක්වූහ. අධ්‍යාපනය ලැබීමට විදෙස් ගත වූ, ප‍්‍රභූ පවුල්වල තරුණයින් විප්ලවීයකරණයට ලක් වූහ. ඔවුන්ගෙන් එක් අයෙකු ඩූන් පාසැලේ ආදි සිසුවෙකු සහ සන්ජේ ගාන්ධිගේ සමකාලීනයෙකු විය. කෝබාද් ගාන්ධිගේ පියා ඉහළ පෙලේ ග්ලැක්සෝ විධායක නිළධාරියෙකු වූ අතර, ඔවුන්ගේ පවුල වෝලි හි පිහිටා තිබූ මුහුදට මුහුණ ලා ඉදිකරන ලද මහල් නිවාසයේ ජීවත් වූහ. ඔහු වරලත් ගණකාධිකරණ පාඨමාලාවක් හැදෑරීමට එංගලන්තයට පිටත්වූ අතර, එහිදී ඔහු විප්ලවීය දේශපාලනයට මුල පිරූහ. සිය පාඨමාලාව අවසන් නොකරම, ඔහු නැවත පැමිණියහ.

අනුරාධා කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන අතරතුරදී, නක්සල්වාදී ව්‍යාපාරයෙන් ආශ්වාදය ලද ඇය, ප‍්‍රගතිශීලී ශිෂ්‍ය ව්‍යාපාරය (PROYOM) වෙනුවෙන් කැපවූහ. පසුව, ඇය මුම්බායිහි සිවිල් නිදහස් ව්‍යාපාරයේ නියමුවෙකු විය. මේ කාලයේදී අනුරාධා සහ කෝබාද් එකිනෙකා දැන හඳුනා ගත්හ. ඔවුන්ගෙන් කවුරුන් කාටනම් විප්ලවීය ආශ්වාදයක් ලබා දුනි දැයි පැහැදිලි නැතත්, ඉක්මනින්ම දෙදෙනාම එක් පොදු මිතුරෙකු බවට පත් වුනා මෙන් ‘දැඩි ක‍්‍රියාකාරීන්’ බවට පත් වූහ.

ඔවුන් දෙදෙනා ඉක්මනින්ම ආදරයෙන් බැඳුණහ. කෝබාද් සිය නිවෙසට පැමිණි දිනය ගැන කුමුද් මතක් කරයි. ‘‘මගේ සැමියා මෙතැන මේ අසුන මත සිටියා,’’ ඇය කියයි, ‘‘කෝබාද් පැමිණ දණින් වැටී ඇසුවා: මට ඔබේ දියණියව විවාහ කරගත හැකිද?’’

ඔවුන් දෙදෙනා 1977 නොවැම්බර් හි දී විවාහ විය.

1980 වන විට, පූර්ව ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ (මාක්ස්-ලෙනින්වාදී) (මහජන යුද්ධය) නක්සල් ස්ක්වේඩ, අන්ද්‍ර ප‍්‍රදේශ්, චටිස්ගාහ්, මහරාෂ්ට‍්‍රා සහ ඔරිස්සා යන ප‍්‍රදේශ හරහා විහිදී තිබුණු වනයක් වූ දන්දකර්ණයාවට ගරිල්ලා මූල ප‍්‍රදේශ ඉදිකිරීම සඳහා ඇතුල් වූහ. 1981, දී මහජන යුද්ධ කණ්ඩායමේ ආරම්භකයා වූ කොන්දපිල්ලි සීතාරාමයියා අන්ද්‍රා ප‍්‍රදේශ් හි ප‍්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ සම්මේලනයේ දී කෝබාද් මුණ ගැසීමට සිය කැමැත්ත ප‍්‍රකාශ කළහ. මහජන යුද්ධ කණ්ඩායම මහරාෂ්ට‍්‍රා හි කලාපයක් වන ගාද්චිරෝලි වලට ඉතා සූක්ෂමව ඇතුල් වූහ. නක්සල්වාදයට දැඩි සහය දෙන්නෙකු වූ වරාවරා රාඕ කී පරිදි ඔවුන් දෙදෙනාගේ මුණගැසීම මහරාෂ්ට‍්‍රා හි මහජන යුද්ධ කණ්ඩායම පිහිටුවීමට මං පෑදූහ.

anuradha2-336x190කුමුද් ෂන්බාග් මුම්බායි හි සිය මහල් නිවසේ දී, අනුරාධා සිය විවාහ දිනයේ දී ගත් සේයාරුවක් සමග.

එම යුවලගේ කැප කිරීම් පරිපූර්ණ විය. වසරකට පසු, අනුරාධා , මහරාෂ්ට‍්‍රාවල දෙවන විශාල මුඩුක්කු ජනගහනය සිටින, දාලිත්වරුන් (1956 දී නාග්පූර්හි බීආර් අම්බෙක්දාර් බුදුදහම වැළඳ ගත්හ.) සැලකිය යුතු ප‍්‍රමාණයකට නිවස්න වී තිබුණු නගරය වන නාග්පූර් වලට ගියහ. ඇය පළමුවෙන්ම ලක්ෂ්මි නගර් කලාපයේ බර්සාති (කුඩා, එක් කාමරයක් ඇති නිවෙස්නක්) වල නැවතී සිටියහ. ඇය ඇගේ සැමියා සමග එහි ගිය අයුරු කුමුද් ට මතකයේ ඇත. ‘‘අපි ඇය නැවතී සිටින තැන දුටු විට, අපේ ඇස් අදහා ගත නොහැකි වුණා,’’ කුමුද් කියයි. වහළය බොහෝ තැන්වලින් සිදුරු වී තිබිණි. එම රාත‍්‍රියේ වැස්ස ඇද හැළුණි. ‘‘අපේ උදව්කරු මේසයක් යටට රිංගාගෙන නින්දට වැටී සිටියා,’’ කුමුද් මතක් කරයි.

කෙසේ හෝ 1986 වන විට, අනුරාධා උතුරු නාග්පූර් හි සිට දාලිත් දේශපාලනයේ අපිකේන්ද්‍රය වන ඉන්දෝරා පළාතට මාරු කෙරුණි. ඇය තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක නියුතු ඛුෂාල් චින්චිකඬේ ගේ නිවසෙන් කාමර දෙකක් කුලියට ගත්හ. ‘‘ඔවුන්ගේ නිවසේ ඇත්තටම පොත්වලින් පිරුණු පෙට්ටි දෙකක් සහ මැටි කළයක් හැරුණු කොට වෙන කිසිවක් නොවීය,’’ ඔහු කියයි. අනුරාධා ද නාග්පූර් විශ්වවිද්‍යාලවේ අර්ධ-කාලීන කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළහ. පසුව, කෝබාද් ද එහි වසන්නට පැමිණියහ. දෙදෙනාම මධ්‍යම රාත‍්‍රිය තෙක්ම පිටත ගත කළහ. අනුරාධා පාපැදියෙන් ගමන් කරන්නට පුරුදුව සිටියහ. පසුව අනෙකුත් ක‍්‍රියාකාරිකයින්ගේ ඉල්ලීම මත කෝබාද් ඇයට TVS champ මෝටරයෙන් දුවන බයිසිකලයක් මිළදී ගත්හ.

anuradha4

ඉන්දෝරා මැරවරකම් පිණිස ප‍්‍රසිද්ධියක් ඉසිලූහ. ‘‘කිසිදු ටැක්සි රියදුරෙක් හෝ රික්ෂෝරථ රියදුරෙක් ඉන්දෝරා ඇතුළතදී ගැටුමකට ඉදිරිපත් නොවේ,’’ ඉන්දෝරා හි හැදී වැඩුණු අනිල් බෝකාර් කියයි. නමුත් අනුරාධා බියට පත් නොවීය. ‘‘ඇය මධ්‍යම රාත‍්‍රියේදී පවා බස්ති හරහා, තනිවම සිය පා පැදියෙන් ගමන් කරයි,’’ බෝකා්ර් සිහිපත් කරයි. ඔහු මිතුරන් හරහා අනුරාධා ව මුණ ගැසුණි. ‘‘ඇය බොහෝ දේවල් පිළිබඳව මාව දැනුවත් කළා. ඒක හරියට මුලූ ලෝකයම මගේ නෙත් ඉදිරිපිට විවර වුණා වගේ,’’ ඔහු කියයි.

අනුරාධා නිසා, කරාතේ කළු පටි ධාරියෙකු වූ දේවානන්ද් පන්ටවානි කවියෙකු බවට පත්ව රැඩිකල් සංස්කෘතික කණ්ඩායමේ ප‍්‍රමුඛ ගායකයා වූහ. පන්ටවානි සිහිපත් කළේ ඇය නියමිත කාලයට වැඩ අවසන් කිරීම රීතියක් ලෙස සිදු කළ බවයි. ‘‘අප වෙලාවට වැඩ නොකර වෙනත් වැඩ වල නියැලී නම් ඇය බෙහෙවින් කෝපයට පත් වේ,’’ ඔහු කියයි. තවත් තරුණයෙකු වන, සුරේන්ද්‍ර ගැඩ්ලින් නීතියෙහි නියැලීමට පොළඹවන ලද්දේ අනුරාධා විසිනි. අද, ඔහු නක්සල්වාදීන් යැයි චෝදනා ලබන සහ විවිධ ක‍්‍රියාකාරිකයින්ගේ නඩු වලට සටන් කරයි. ‘‘ඇය මගේ නියමු ආලෝකයයි,’’ ඔහු කියයි. එය හේතුවක් නැතිව ඇති වූවක් නොවේ. අනුරාධා, ජීවිතයේ උදාහරණ මගින් නායකත්වය සපයන අතර ඇයට බස්ති තරුණයින්ට මග පෙන්වීමට අවශ්‍ය විය.

1994 දී, දාලිත් ගැහැනියක් වන මනෝරාමා කැම්බල්, බලවත් නීතිඥයෙකු ගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස වැඩ කරමින් සිටියදී මිය ගොස් සිටියදී සොයාගනු ලැබූූ අතර, නීතිවේදියාගේ නිවසේ අය ප‍්‍රකාශ කළේ ඇය වැරදීමකින් විදුලි සැර වැදීමෙන් මිය ගිය බවයි. නමුත් ක‍්‍රියාකාරිකයෝ නීතිවේදියා විසින් ඇයව දූෂණය කොට පසුව මරා දමන්නට ඇතැයි බියට පත් වූහ. අනුරාධා උද්ඝෝෂණයක් මෙහෙයවූ අතර, ඇයගේ ව්‍යායාමයන් නිසා එය ප‍්‍රාන්ත මන්ත‍්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තු වේ ද කැළඹීම් ඇති කළහ.

ඉන්දෝරා හි දී, අනුරාදාගේ එක් විශ්වාසදායී සහායකයෙකු වන බවාජි බඩ්කේ, අඩි හතරක් උස දාලිත් ක‍්‍රියාකාරිකයෙකි. ‘‘හැම උදයකම බඩ්කේ ඇගේ නිවසට පැමිණ අනුරාධා සමග තේ බොමින් සියළුම ප‍්‍රවෘත්ති ඇය සමග ඉදිරිපත් කරයි,’’ මිතුරෝ සිහිපත් කරති. පසුව, ඔහු උගුරේ පිළිකාවක රෝග ලක්ෂණ පහළ කළ විට, අනුරාධා ඔහුව ඇගේ නිවසේ තබාගෙන මාස ගණනාවක් ඔහුට සාත්තු කළහ. තවත් මිතුරෙකු වන, ෂෝමා සෙන් පවසන්නේ ඇය අනෙක් අයගේ ජීවිත ගැන බෙහෙවින් සංවේදී වන බවයි. ‘‘ඉන්දෝරා හි ඇගේ නිවස ඕනෑම අයෙකු ට විවෘත වූහ. සෑම විටම කිසිවෙකු පැමිණෙන අතර තේ කෝප්පයක් වත් කෙරෙයි,’’ ඇය පැවසීය.

ඇය නිසා ආශ්වාදය ලද ධනවත් පොහොසත් පවුල්වල බොහෝ අය ක‍්‍රියාකාරිකයින් බවට පත් වූහ. ඇයගේ පරණ මිතුරෙකු සහ ඇගේ ක‍්‍රියාකාරී දිනවල දී ඇය ඇසුරු කළ, සුසාන් ඒබ‍්‍රහම්: ‘‘මම ක‍්‍රියාකාරිකයෙකු බවට පත්වන විට දුටු දෙයක් නම් හැමවිටම කිසිවෙක් ඇයගේ වැඩ දැකීමෙන් ධෛර්යයට පත් වේ.’’

90 දශකය මැද භාගයේ දී අනුරාධා බස්තාර් හි වනාන්තරවල නක්සල් නායකත්වයට සම්බන්ධ වූ අතර අවසානයේ දී රහසිගතයට ගියහ. ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ (මාඕවාදී) දන්දකර්ණයාහි විශේෂ කලාප කමිටුවේ සාමාජිකයෙකු වන මයිනා, ඇය ප‍්‍රාදේශීය ගෝන්දි ආදිවාසීන් සමග මුහුන් වීමට දැරූ ප‍්‍රයත්නයන් සිහිපත් කරයි: ‘‘බොහෝ මිනිසුන් ඇය ගැන ප‍්‍රශ්න කරන්නට පුරුදුව සිටියේ, දිදි (අනුරාධා) අපේ රටේ කෙනෙක් නෙවෙයි, ඇයට අපේ බස කථා කරන්නට බැහැ. සිනහමුසුව ඔවුන්ට ලංවූ ඇය කීවේ: ‘මම දන්නවා ඔබ අහන දේ; කරුණාකර ඔබේ භාෂාව මට උගන්වන්න; මම ඔබෙන් හැම දෙයක්ම ඉගෙන ගන්නම්.’ ’’

වනාන්තරය තුළ ජීවිතය බෙහෙවින් කර්කශක වේ. ගරිල්ලාවන් බරැති කිට්බෑග් රැගෙන, හැමවිටම එක් ගමකින් තවත් ගමකට ගමනේ යෙදේ. එහි දී පවා, අනුරාධා දුෂ්කරතාවයන් දරා ගැනීමට මැලි නොවීය; ඇය අනෙක් ගරිල්ලාවන් කළ යුතු හැම දෙයක්ම කළහ. ඇය පළමුවෙන්ම බස්තාර්වලට පැමිණෙන විට එහි සිටි, නක්සල් නායකයෙකු මතක් කළේ: දිවීම, බඩගෑම, ඩිෆ් ගැසීම, වැඩ කිරීම වැනි සාමාන්‍ය හමුදා සරඹ වලදී ඇය කිසිවක් අතපසු නොකළ බවයි. ‘‘ඇය මඩ සහිත තැන්වල ඇවිදීමේදී බොහෝවිට ලිස්සා ඇද වැටුණු අතර, වහා නැගිටගන්නා ඇය සිනාසෙයි,’’ මනියා පවසයි.

1990 දී අනුරාධා අනෙක් ගරිල්ලාවන් සමග චටිස්ගාර්හි සාර්කෙගුදෙම් ගමේ කඳවුරු ගසා සිටින විට පොලීසිය ඔවුන්ව වට කළහ. ගැටුමක් අවිළුණහ. ජ්‍යෙෂ්ඨ ගරිල්ලෙකු වන ලහාර් මතක් කළේ ඇය ආවරණය වී ‘සතුරාට’ එල්ලය ගනිමින් සිටි බවයි. පසුව, ඇය හැමවිටම එම සිදුවීම මතක් කරමින්, තරුණයින්ට ගරිල්ලා යුද්ධයේ කුශලතාවයන් ගැන උගෙනීමට තදින් අවවාද කරමිනි. නමුත් ඇය ‘‘තුවක්කුව රැගෙන යාමේ අදක්ෂකම’’ ගැන කථා කරනු සුනිල් සිහිපත් කරයි.

වනාන්තරයේ දුෂ්කර දිවිය ඇයට පහසු නොවුණු අතර ඇය වරින් වර මැලේරියා තත්වයෙන් පීඩා වින්දහ. එම ග‍්‍රීෂ්මයේ දී ම, එක දිගට පැය හතරක් ඇවිදිමින් සිටි ඇය සිහි නැතිව ඇද වැටුණි. ඇගේ සහෝදරවරු ඇයට ග්ලූකෝස් ජලය පෙවූහ. පෙනුන විදියට, ඇයට සූර්ය ක්ලාන්තය ඇතිව තිබුණි. පසුව ඇය සාමාන්‍ය තත්ත්වයට පත් වූ විට, ඇගේ කිට්-බෑගය අනෙක් අය අතට ලබා දීම ඇය ප‍්‍රතික්ෂේප කළ බව ලහාර් කියයි.

1998-1999 කාලයේ දී දකුණු බස්තාර් වල දරුණු සාගතයක් ඇති විය. ආදිවාසීන්ට සහල් අනුභව කරන්නට සිදු වුණි, ‘‘ඒවායේ හාල් ඇට වලට වඩා ගල් කැට තිබුණා’’ මයිනා කියයි. එම සහල්ම සියඹලා හොද්දක් සමග කෑමට ගරිල්ලාවන්ටද ලබා දුන්හ. ‘‘එක බත් කටකට පසු තවත් කටක් කෑමේදී වතුර ගිලීමට සිදු විය, ඇයට ඇගේ ආහාර වේල නිම කිරීමට බොහෝ වෙලාවක් ගත විය,’’ මයිනා සිහිපත් කරයි. ඇයගේ උදරයේ තුවාලයක් ඇති වූහ. ‘‘ඇය එම වේදනාව සමනය කර ගැනීමට බිස්කට් එකක් හෝ දෙකක් කෑමත් සමග වතුර වීදුරුවක් පානය කළහ,’’ ඇය කියයි.

තමන්ට ගෙනයාමට තිබුණු බර අඩු කර ගැනීමට, අනුරාධා ගරිල්ලාවන් රැගෙන යන බරැති ගරිල්ලා පොරෝනය ඉවත දමා ඒ වෙනුවට තුනී ඇඳ ඇතිරියක් තෝරා ගත්හ. ඒ කාලය වනවිට ඇයගේ සිරෝසිස් රෝග තත්ත්වය වැඩිවී තිබූ සමයයි.

මධ්‍යස්ථාන වලින් පවසන දේ කුමක් වුවත්, නක්සල්වරු බොහෝවිට සිය බලපෑම තිබූ පෙදෙස්වල රජය විසින් ඇතිකොට තිබූ හිස්තැන් පිරවූහ. චටිස්ගාර් හි බාසගුඩා හි වූ කොටා චේරු ජලාශයට වේල්ලක් අවශ්‍ය විය; ගම්මාන දහයක් පමණ මේ ජලාශයෙන් සැපයුම් ලබා ගන්නට විය. රජය ගම්වැසියන්ගේ ඉල්ලීම වසරක් තිස්සේ නෑසුණු කන්ව සිටියහ. අනුරාධාගේ මගපෙන්වීම යටතේ ගම්මාන 30ක මිනිසුන් මේ වැඬේට අත ගැසූහ. වැඩ කරන අයෙකුට දිනකට සහල් කිලෝවක් ලබා දෙන ලදි. රජයට දවල් තරු පෙනුන අතර රුපියල් ලක්ෂ 20ක් වෙන් කළ අතර; එය ප‍්‍රතික්ෂේප කරන ලදි. 1998 වන විට, නක්සල්වරු විසින් දන්දකර්ණයා හි ජලාශ සියයකට වඩා වැඩි ප‍්‍රමාණයක් ඉදි කරන ලදි.

අනුරාධා කාන්තාවන්ට ඉගැන්වීමේ මොඩලයක් නිර්මාණය කිරීමේ වගකීම ගත්හ. ඇය සාමාන්‍යය කාන්තා ගරිල්ලන් මුහුණ දෙන ප‍්‍රශ්න ගැන පන්ති පැවැත් වූ අතර, නක්සල් ප‍්‍රචාරක දේවල් ලිවීම සහ පරිවර්තනය කිරීම සිදු කළහ. ඇය දේශපාලන නායකයින්ගේ ඡායාරූප සහිත සටහනක් නිර්මාණය කොට දේශීය සාහිත්‍යය සමග ඇති ලෝක සම්බන්ධතාවයන් පැහැදිලි කළහ. සමහර වෙලාවට, ඇය සෞඛ්‍ය ගැටළු ගැන පංති පැවැත්වූහ.

මේ සියල්ල අතරතුර අනුරාධා මුම්බායි වලට රහසිගත ගමනක් ගියහ. ‘‘ඇය පැමිණි පසු, මම ඇයගේ හිස කෙස්වලට තෙල් වත්කොට ඇගේ ගත සම්බාහනය කළහ. මට ඇයව හැකිතාක් සැප පහසුවෙන් තබන්නට අවශ්‍ය වුණි.’’, කුමුද් කීහ.

‘‘වඩාත් පුදුම සහගත දෙය වනුයේ ඇය හැමවිටම චිත‍්‍රපට සහ අනෙකුත් ජන සංස්කෘතීන් ගැන අපට වඩා දැනුමක් ඇතිව සිටීමයි’’, සුනිල් පවසයි. ඇගේ නාට්‍ය මුම්බායිහි වේදිකා ගත කරන විට, අනුරාධා නිහඬව ඇතුල් වූහ, නාට්‍ය නැරඹූහ, එමෙන්ම නිහඬව පිටවූහ. ‘‘පසුව මම දැන ගත්තා ඇය එහි සිටි බව’’, සුනිල් කියයි.

2007 දී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) විසින් පවත්වන ලද නව වෙනි සම්මේලනයේදී, අනුරාධා මධ්‍යම කාරක සභාවට තෝරා පත් කර ගත්හ. මේ කාලයේදී කෝබාද් පක්‍ෂ ලේඛන භාරව සිටින, ප‍්‍රමුඛ පෙළේ නක්සල් නායකයෙකු වූහ. (සැප්තැම්බර් 20 දිල්ලියේ දී ඔහුව අත් අඩංගුවට ගනු ලැබූහ.)

ඉන්දියාවේ මාක්ස්වාදී ව්‍යාපාරය තුළ කුල ප‍්‍රතිපත්තිය ගැන නක්සල්වරු පළමුවෙන්ම සකසන ලද ලේඛණය අනුරාධාගේ වැඩ මත පදනම්ව තිබුණි. ඇය ‘මාක්ස්වාදය සහ ස්ත‍්‍රීවාදය’ ගැන සැකසූ ලේඛණයෙන්, ඉහළ පෙලේ නක්සල් නායකයින් පවා සටහන් ගනු ලැබූහ.

දන්දකර්ණයා හි කාලය ගත කරද්දී, අනුරාධා ගරිල්ලන්ට ඔවුන්ගේ සාමූහික වැඩ කටයුතුවල ඇති අඩුපාඩු ජයගැනීමට උදව් කරමින් කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කිරීමට සාමූහික වැඩවලදී කෙලෙස කටයුතු කළ යුතුද යන්න අවබෝධ කරවූහ.

බස්තාර් හි දී, අනුරාධා පක්‍ෂය තුළ ශේෂව තිබූ පීතෘමූලික අදහස් ගැන ප‍්‍රශ්න නැගූහ. ඇය මිය යන සමය වන විට, වඩාත් බරපතල නායකත්ව වගකීම් ඉසිලීමට උදව් කිරීමේ උපක‍්‍රමික සැලැස්මක් ලෙස, ඇය කාන්තා කාඩර්වරියන් සමග වැඩ කොට තිබුණි. ඇය ජාක්හෑන්ඩ් හි ආදිවාසීන් ට කාන්තා පීඩනය ගැන පංති පවත්වමින් සිටිය දී ඇයට මරු කැඳවූ මැලේරියා රෝගයට ඇය ගොදුරු විය.

ඇය ගැන සිහි කරමින් ඇගේ මිතුරියක් වන ජ්යොති පුන්වානි මෙසේ ලියූහ: ‘‘මන්මෝහන් සින් කියන්නේ ‘නක්සල් තර්ජනය’, රටට ඇති විශාලතම තර්ජනය බවයි. එනමුදු මට හැම විටම සිනහමුසුව සිටින අනෙක් අයගේ ජීවිත වෙනස් කිරීමට සිය පොහොසත් ජීවිතය හැම විදියකින්ම අත් හැර දැමූ කෙල්ලක් මතක් වේ.’’

නාග්පූර්වල, චින්චිකඬේ ගෙන් අනුරාධාට වරක් අයත්ව තිබූ කාමර විවර කරන ලෙස මම ඉල්ලා සිටියෙමි. ඒ හැම එකක්ම කලින් තිබූ වගේම වූ අතර දොරෙහි භගත් සින්ගේ ස්ටිකරයක් අලවා තිබුණි. ඒ හිරු බැස යන මොහොතයි, අහස සහ සූර්යාලෝකය රක්ත වර්ණ වූහ. සහෝදරයෙක් මාව මහලට කැඳවා ගෙන ගියහ, ඔහුට එම මහල බෙහෙවින් හුරු පුරුදු විය. ඔහු ගෝරාක් පාන්ඩි ගේ කවියක් කට පාඩමින් කිහ:

එය වසර දහස් ගණනක් පැරණිය
ඔවුන්ගේ කෝපය
වසර දහස් ගණනක් පැරණිය
ඔවුන් දොම්නසින් නොවේද?
ඔවුන්ගේ විසිරුණු වදන් මට පමණි එක් කළ හැක්කේ
එළිසමයක් සහ රිද්මයක් ඇතිව
ඔබ බිය වන්නේ එයටයි
මම ගිනි විසිරුවමින් සිටිමි….

තුර්කි විප්ලවවාදීන්ට විප්ලවීය උත්තමාචාරය

තුර්කි විප්ලවවාදීන්ට විප්ලවීය උත්තමාචාරය

Red Salute to Turkish Revolutionaries!

කග්ලයාන් පෙදෙසේ තුර්කි පොලීසියේ විශේෂ බලකාය සහ පොලීසිය ෆිස්කල් නිළධාරියෙකු වට කර ගෙන සිටි කැරලිකරුවන් කිහිප දෙනෙකුට වෙඩි තැබීමෙන් ගැටුමක් ඇතිවූහ. මෙහිදී සටන්කරුවන් දෙදෙනක් වන, සෆාක් යයිලා සහ බහ්තියාර් ඩොග්රුයොල් යන දෙදෙනා වෙඩි තැබීමෙන් මියගොස්, තුන්වැන්නා දරුණු ලෙස තුවාල ලබා ඉස්තාන්බුල් හි ෆ්ලොරන්ස් නයිටින්ගේල් රෝහලේ දී පැය කිහිපයකට පසුව මිය ගියහ.

ABar-11

බර්කින් අල්වාන් යනු ‘‘දරුවෙකු’’පමණක් නොව විප්ලවවාදියෙකි. එය ලාබාල දරුවන්ට දේශපාලන සවිඥතභාවයක් ඇති කරගත නොහැකියැයි ධනේශ්වර පංතිය විසින් පතුරුවා හරින මිත්‍යා මතය අභියෝගයට ලක් කරන්නකි. බර්කින්ගේ බොහෝ ඡායාරූප සහ වීඩියෝ පට මෙන්ම ඔහු DHKP හි ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය ඔහු ask.Fm හි (ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවීය පෙරමුණ) ආධාරකරුවෙකු බව කියා පෑහ. එය බර්කින් ජීවත් වූ ඉස්තාන්බුල් නගරයට යාබදව පිහිටි ඔක්මෙයිඩාන් හි ශක්තිමත් විප්ලවීය කොමියුනිස්ට් සංවිධානයකි. බර්කින් පසුව පොලිස් ප‍්‍රහාරයෙන් මරා දැමුණු අතර මිය යන විට වයස 14කි.

7de43-01berkin_4409

506f8-0385bd3b855d104922f2e395461598f0ec_xl

6d0de-02img_pod_rtr3gpyo

82a28-un-cortejo-fc3banebre-multitudinario-aviva-las-protestas-contra-el-gobierno-turco-617x411

34d2d-berkin_7054

ABar-11

තෙලන්ගානා හි ඛම්මන් අසල නක්සල් රැස්වීමක්

තෙලන්ගානා හි ඛම්මන් අසල නක්සල් රැස්වීමක්

 

හයිද්‍රාබාද්: ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ( මාඕවාදී) තෙලන්ගානා හි පවත්වන පළමු ප‍්‍රාන්ත කමිටු රැස්වීම පොලීසියට බලවත් හිසරදයක් වී තිබේ. තෙලන්ගානාහි ප‍්‍රාන්ත පොලීසියේ නක්සල්-නාශක බුද්ධි තොරතුරු පරීක්ෂකයින් තහවුරු කරගෙන තිබෙන පරිදි මෑතදී මාඕවාදීන්ගේ ප‍්‍රාන්ත කමිටු රැස්වීම පැවැත්වූ අතර ඔවුන් තහවුරු කරගත් ආකාරයට එහි ප‍්‍රාන්ත ලේකම් ලෙස හරිබුෂාන් ලෙසින් හඳුන්වන වේපා නරායන් පත් වී තිබේ. මාඕවාදීන්ගේ ප‍්‍රකාශ කල පරිදි රැස්වීම ඛම්මන් වල පවත්වා නැති බව පොලීසිය පවසයි. ඒ වෙනුවට එය චටිස්ගාර්හි පවත්වන ලදි. පොලීසිය පවසන පරිදි මධ්‍යම කාරක සභාවේ ඉහළ සාමාජිකන් එයට සහභාගි වී නොමැත.

ජ්‍යෙෂ්ඨ බුද්ධි තොරතුරු නිළධාරියෙකු පැවසූ පරිදි, ‘‘සම්මේලනය පෙබරවාරි අවසාන සතියේ පවත්වන ලදි. එය ප‍්‍රාන්ත කමිටු සම්මේලනයයි. මාඕවාදීන්ට එය තෙලංගානාවල පවත්වන්නට නොහැකිවූයේ අඛණ්ඩ මුර සංචාර සහ ඒකාබද්ධ මෙහෙයුම් නිසාවෙනි. ඔවුන්ට එය චටිස්ගාර්හි පවත්වන්නට සිදු විය. තෙලන්ගානා හි මාඕවාදී ව්‍යාපාරය විශාල නැත. වාර කිහිපයකදී අදිලබාද් සිට ඛම්මන් දක්වා මාඕවාදී ගරිල්ලා ස්ක්වේඩ කිහිපයක් සංක‍්‍රමණය වනු වාර්තා වී ඇත. පොලීසියට අනුව, තෙලන්ගානා දේශ සීමාව තුළ මාඕවාදීහු 80-75ක් අතර ප‍්‍රමාණයක් ක‍්‍රියාකාරී වෙමින් සිටී. මාඕවාදීහු යෝජනා 10ක් ඉදිරිපත්කොට ඇති අතර, ඒවා TRS රජයට එරෙහිව, ගොවියන් දිවිනසා ගැනීම ගැන, කවාල් ටයිගර් රක්ෂිතය සහ පොලවාරම් ව්‍යාපෘතියට ඉඩම් අත්පත්කරගැනීමෙන් අවතැන්වූවන් ගැන වේ. තවද සලාක කාඩ්පත් ඉවත් කිරීම සහ එමගින් ආදිවාසීන්ව හිංසනයට ලක් කරන්නේ යැයි මාඕවාදීහු චෝදනා කරති.