2023 ජාත්‍යන්තර මැයි දින ප‍්‍රකාශනය – International May Day Statement

සමස්ත ලෝකයේම නිර්ධනයිනි, පීඩිත ජනතාවනි සමගිවව්!

අධිරාජ්‍යවාදයට, ප‍්‍රතිගාමීත්වයට, දුක්ඛිතභාවයට සහ යුද්ධවලට එරෙහිවත්, ලෝකය පුරා නිර්ධන පංති සහ සමාජවාදී විප්ලවය වෙනුවෙන් මැයි දිනය.

ධනවාදී ලෝක සූරාකෑමට එරෙහිව බලමුලූ ගන්වන ලද එකම ජාත්‍යන්තර පන්තියක් ලෙස සියලූ රටවල චතුරශ‍්‍ර සහ වීදි පිරවීමට ලෝකයේ කම්කරු පන්තිය සහ සූරාකෑමට ලක්වන ජනතාව අපේක්ෂා කරන දිනය මැයි 1 වැනි දිනයයි.

මේ දවසේදී, කම්කරුවෝ සහ මහජනතාව පීඩිත රටවල් මත ධනවාදී ක‍්‍රමය සහ අධිරාජ්‍යවාදී පාලනය පවතින ආකාරය හෙලිදරව් කරන අතරම ලාභ හා ධනය පොදි ගසන අධිරාජ්‍යවාදයේ සුවිසල් ඒකාධිකාරයට සේවය කරන සහ වැටුප් ශ‍්‍රමය සූරාකන, සූරාකන්නන් සමග සංහිඳියාවෙන් කටයුතු කිරීම උත්කර්ශයට නංවන ‘‘කම්කරුවන්-විකුණන’’ පක්ෂ සහ සහයෝගිතාවාදී වෘත්තීය සමිති සංවිධානවලට එරෙහි වෙති.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පසුගිය වසර 40 තුළදී ඉහළම අගයකට පත්ව ඇත. කම්කරු පන්තියේ සැබෑ වැටුප් තවදුරටත් පහත වැටී ඇත. සියලූම ප‍්‍රධාන කර්මාන්තවල විරැකියාව සහ ශ‍්‍රම බලකායේ හැකිලීම සීඝ‍්‍ර ලෙස වැඩි වෙමින් පවතී. පසුගිය වසර 10 තුළ 1%ක් වන ධනපතියන්ට ලෝකයේ ධනයෙන් 99%ක් හිමිව ඇත.

පරිසරය හා සොබාදහමේ ධනවාදී විනාශය ඉදිරියට යමින්, ස්වභාවික විපත් වැඩි කරමින් ලෝකය පුරා ජනතාවට සමාජ අසමානතාවය බිහිසුණු ඛේදවාචකයන් බවට පත් කොට ඇත.

ධනවාදය යනු කම්කරු පන්තිය සූරාකන සහ ලාභය පොදිගසන ක‍්‍රමයකි. ධනවාදී නිෂ්පාදනය වෙන කවරදාටත් වඩා සමාජ විරෝධී නිෂ්පාදනයක් සහ වෙන කවරදාකටත් වඩා පුද්ගලික අත්පත්කරගැනීමක් සනිටුහන් කරයි. එහි නොවැළැක්විය හැකි පරිහානියට හේතුවන මූලික ප‍්‍රතිවිරෝධය එයයි.

මාක්ස් නිවැරදිව පෙන්වා දුන් පරිදි, හිසේ සිට දෙපතුල දක්වා සෑම සිදුරකින්ම වහනය වන රුධිරය හා අපද්‍රව්‍ය වලින් ප‍්‍රාග්ධනය කාන්දු වෙයි. කම්කරු පන්තියට විමුක්තිය ලබා ගැනීමේ එකම විධියනම් අවශ්‍ය සෑම ආකාරයකින්ම ධනවාදී ක‍්‍රමය විනාශ කර දැමීමයි.

මාක්ස් සහ කොමියුනිස්ට්වරු ඉතිහාසය ගොඩනැගෙන්නේ පන්ති අරගලයෙන් බව තහවුරු කරති. අද ලෝකය මුහුණ දී සිටින ඓතිහාසික තත්ත්වය වනුයේ එක් අතකින් අධිරාජ්‍යවාදය අර්බුදයකට ලක්ව ඇති, ඒ අර්බුද නිර්ධන පංතියට සහ මහජනතාව මතට මුදා හරින, අරගලය සහ කොමියුනිස්ට් සංවිධාන මර්දනය කරන තත්ත්වයක් වන අතර අනෙක් අතට නිර්ධන පංතිය සහ මහජනතාව අධිරාජ්‍යවාදී සහ ප‍්‍රතිගාමී ආණ්ඩු, ධනේශ්වර රාජ්‍යයන් සහ සමස්ත අධිරාජ්‍යවාදී ධනවාදී සමාජ ක‍්‍රමය ප‍්‍රශ්න කරමින් පුළුල් ලෙස පැතිරුනු අරගල සහ කැරලි වල නිරත වෙති.

මැක්‍රොන් ආන්ඩුව ගෙන යන විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිසංස්කරණයට එරෙහිව පැරිසියේ සහ අනෙකුත් ප‍්‍රංශ නගරවල වීදි අත්පත් කර ගනිමින් සිදු කරන කම්කරු පන්තියේ සහ මහජන මහජනතාවගේ පන්තිවාදී හා සටන්කාමී ව්‍යාපාරය මුළු ලෝකයම දැක ගනිමින් සිටිති. මහා බිතාන්‍යය, ජර්මනිය, ස්විට්සර්ලන්තය වැනි රටවල ද විශාල අරගල වර්ධනය වේ. ප‍්‍රංශ අධිරාජ්‍යවාදී රාජ්‍යය මෙම දැවැන්ත අරගලවලට මර්දනයෙන් ප‍්‍රතිචාර දක්වයි.

නමුත් මර්දනයට අරගල නතර කළ නොහැකිය. ඒ වෙනුවට ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්දර සිටගෙන සටන්කාමී අරගල වර්ධනය කරන නිර්ධන පංතියේ සහ මහජනතාවගේ අරගල තව තවත් ඇවිලෙයි.

අධිරාජ්‍යවාදී ධනපතියන් සමාජ ප‍්‍රගමනයට බාධා කරන බවත්, ඔවුන් පෘථිවි තලයෙන් අතුගා දැමිය යුතු පරපෝෂිත පන්තියක් බවත් අද වෙන කවරදාකටත් වඩා පැහැදිලිය. වැටුප්, රැකියා, සෞඛ්‍ය සේවා, ජීවන තත්ත්වයට එල්ලවන ධනපතියන්ගේ ප‍්‍රහාරවලට එරෙහිව නිර්ධන පංතිය සහ මහජනතාව සිදු කරන අරගල, සූරාකෑමට හේතුවන නිෂ්පාදන මාධ්‍යයන් ලෙස පවතින පුද්ගලික දේපළ සහ ශ‍්‍රම නිෂ්පාදනය අත්පත් කර ගැනීමේ වරප‍්‍රසාද අහෝසි කිරීම මගින් ඔවුන්ව සූරාකෑමට හේතුවන කාරණා දක්වා ගමන් කළ යුතුය.

අර්බුද මැඩපවත්වාගැනීමට අධිරාජ්‍යවාදය ලෝකය බෙදීමේ හා ලෝක වෙළෙඳපොළ අත්පත්කරගැනීමේ යුද්ධය කරා ගමන් කරන බව ඉතිහාසය පෙන්වා දෙයි. රුසියානු/යුක්රේන යුද්ධය රුසියාව සහ එක්සත් ජනපදය අතර අධිරාජ්‍යවාදී තරඟයේ ප‍්‍රතිඵලයකි, එය ස්වභාවික සම්පත්වල ඒකාධිකාරී පාලනය සඳහා ලෝකය බෙදීමේ යුද්ධයකි. යුද්ධයේ ආරම්භයේ සිට, යුද කර්මාන්තවල, තෙල් හා ගෑස් සමාගම්වල ලාභ දෙගුණ වී ඇති අතර, කම්කරු පන්තියේ, ගොවීන්ගේ හා මහජනතාවගේ තත්ත්වයන් තව දුරටත් නරක අතට හැරී ඇත.

ධනේශ්වරය පන්තිට තව දුරටත් පාර්ලිමේන්තු හා මැතිවරණ මගින් ආණ්ඩු කළ නොහැකිය. නිර්ධන පංතිය සහ ජනතාව මැතිවරණ අත්හැර දමමින් සිටිති.

සමාජවාදයේ හා කොමියුනිස්ට්වාදයේ අවශ්‍යතාවය අධිරාජ්‍යවාදයේ අර්බුදයෙන් සහ නිර්ධන පංතියේ හා ලෝක ජනතාවගේ අරගලවලින් පහළවෙයි. නිර්ධන පංති අරගල, මහජන නැගී සිටීම්, තරුණයින්, කාන්තාවන්, සංක්රමණිකයන් විසින් නව සමාජයක් සඳහා නව බලයක් ගොඩනැගීම සඳහා එක්සත්බව, සංවිධානය හා නායකත්වය, පෙරලා දැමීමේ (ක‍්‍රමය) වැඩපිළිවෙළක් ඉල්ලා සිටියි.

ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අධිරාජ්‍යවාදී රටවල ධනේශ්වර පන්තිය ඊට මුහුණ දීම සඳහා යුද්ධයක් කරා ගමන් කරමින් සිටී. ලෝකයේ නව බෙදීමක් ඇති කිරීම සඳහා තවත් මනුෂ්‍ය සංහාරයකට අධිරාජ්‍යවාදී යුද්ධයක් ඇතිවී ඇත. එක්සත් ජනපදය, රුසියාව, චීනය, යුරෝපය, ජපානය යන සියලූම අධිරාජ්‍යවාදී රටවල් ලෝක යුද්ධයට සක‍්‍රීයව සූදානම් වෙමින් සිටින අතර, දැනටමත් ඇති සියළුම ආයුධ භාවිතා කරමින්, සිය අවි ගබඩා අලූත් කරමින් යුද කර්මාන්තය අතිමහත් ලාභ ප‍්‍රමාණයක් අත් කර ගනිමින් සිටියි.

ලෝක යුද්ධයක් සඳහා වන සූදානමට මුහුණ දී සිටින පාලක පන්ති, පීඩිත රටවල ගැත්තන්්, සිය ජනතාවගේ අවශ්‍යතාවයන් සහ කැමැත්තට එරෙහිව තම තමන්ගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ සේවයට ඔවුන් විසින්ම බැඳී සිටිති.

යුද්ධය ඇවිලී ගිය විට, එය විප්ලවවාදී යුද්ධයක් බවට පරිවර්තනය කරමින් එයට විරුද්ධ වීමට හැකියාවක් ඇති එකම සමාජ බලවේගය නිර්ධන පංතියයි. අසාධාරණ යුද්ධවලට ‘‘මිනිස් බිලි’’ ලෙස නිර්ධන පන්තිකයින් බඳවා ගැනීම සහ බල ඇණි, ආයුධ ස්ථානගත කිරීම අවහිර කරන්නට නිර්ධන පන්තියට සිදු වෙයි. අධිරාජ්‍යවාදයෙන් පීඩාවට පත්වෙන රටවල් අධිරාජ්‍ය-විරෝධී අරගල සහ මහජන යුද්ධ තීව‍්‍ර කළ යුතුය. නිර්ධන පංතියේ විප්ලවවාදී අරගලවල සහ ලෝක ජනතාවගේ එක්සත්බව අධිරාජ්‍යවාදී යුද්ධය සඳහා පෙර සූදානමක් ලෙස පරිවර්තනය කළ හැකිය. එමගින් යුද්ධය විප්ලවවාදී සිවිල් යුද්ධ සහ ජනතා යුද්ධ බවට හරවමින් අධිරාජ්‍යවාදී ආධිපත්‍යය විනාශ කිරීමට සහ ලෝකයේ සෑම රටකම ප‍්‍රාග්ධනයේ බලය පරාජය කිරීමට හැකියාව ලැබෙනු ඇත. විවිධ රටවල විවිධ අවධිවලට අනුකූලව නිර්ධන පන්ති හා සමාජවාදී විප්ලවය අරමුණු කරගෙන ලෝකයේ සියලූම මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂ සහ සංවිධාන අධිරාජ්‍යවාදයේ වත්මන් අර්බුදය සහ අධිරාජ්‍යවාදී යුද්ධ නිර්ධන පන්තියේ සහ ලෝක ජනතාවගේ ව්‍යාපාර බවට හැරවිය යුතුය.

නව ලෝක අධිරාජ්‍යවාදී සංහාරයේ සූදානමට එරෙහිව අරගල කිරීම සහ ජාත්‍යන්තරවාදී සමගිය පිළිබඳ ආදර්ශයක් තැබීම කොමියුනිස්ට්වාදීන්ට පැවරෙනු ඇත.

ලෝක නිර්ධන පංතියේ එක්සත්බව, අධිරාජ්‍යවාදී රටවල නිර්ධන පංතියේ සහ ලෝකයේ පීඩිත ජනතාවගේ එක්සත්බව ජාත්‍යන්තරවාදයේ හරයයි.

  • අධිරාජ්‍යවාදී යුද්ධ, ප‍්‍රතිගාමී යුද්ධ, අයුක්ති සහගත යුද්ධ සඳහා සොල්දාදුවන් මෙහෙයවීමට එරෙහිව නිර්ධන පන්ති සහ ජනතා හමුදාවන්ගේ විප්ලවවාදී අරගල ප‍්‍රවර්ධනය කිරීමට සෑම රටකම ක‍්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම සහ එක්සත් කිරීම.
  • ලෝකය පුරා සිටින අධිරාජ්‍යවාදී ගැතියන්ගේ පාලනයන් විසින්, විශේධයෙන්ම අර්ධ-යටත් විජිත සහ අර්ධ-වැඩවසම් රටවල් සිය අධිරාජ්‍යවාදී හාම්පුතුන්ට දක්වනු ලබන යුධමය සහයෝගයට සහ යුද්ධයට එරෙහි වන සියලූම විප්ලවවාදී, අධිරාජ්‍ය-විරෝධී, අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සමග පොදු පෙරමුණක සිටගැනීම.
  • ලෝකයේ පීඩිතයින්ගේ සහ සූරාකෑමට ලක්වන්නන්ගේ පරම සතුරන් වන අධිරාජ්‍යවාදී කල්ලිවලින් එකකට සහය දක්වන, නිර්ධන පංතියේ සහ ජනතාවගේ නාමයෙන් සමහර අවස්ථාවල කටයුතු කරන ප‍්‍රතිසංස්කරණවාදී, අවස්ථාවාදී සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ප‍්‍රතික්ෂේප කිරීමට සහ හෙළිදරව් කිරීම.
  • පන්ති අරගලය තීව‍්‍ර කිරීමට, වැටුප් ශ‍්‍රමයේ නව යථාතත්වයන් තුළ, ඉහළම සූරාකෑම සිදුවන කම්හල් තුළ කම්කරු අරගල සංවිධානය කරන අව්‍යාජ වෘත්තීය සමිති නොහොත් කම්කරුවන්ගේ විරෝධයේ මෙවලම් සහ ඒවායේ ආරක්ෂාව ශක්තිමත් කිරීම.
  • තමන් වගා කළ ඉඩම් ගොවි ජනතාවට ලබා ගැනීම සඳහා වන දැවැන්ත අරගලවලට සහය දැක්වීම.
  • වෙනස් ලෙස සැලකීමට, අසමානතාවයට, ස්ත‍්‍රී ඝාතන සහ දූෂණයන්ට, ගබ්සා අයිතිය ප‍්‍රතික්ෂේප කිරීමට, අධිරාජ්‍යවාදී රටවල නූතන මධ්‍යකාලීන යුගයේ දෙගුණ කරනලද පීඩනයට සහ අධිරාජ්‍යවාදීන්ගේ පීඩනයට ලක්වෙන රටවල වැඩවසම් වහල්බව යන මේවාට එරෙහිව නිර්ධන පන්ති ස්ත‍්‍රීවාදී විප්ලවවාදී සහ කාන්තා මහජන ව්‍යාපාර සංවර්ධනය කිරීම.
  • ෆැසිස්ට්වාදයට හා වර්ගවාදයට එරෙහිව සටන්කාමී අරගලය තීව‍්‍ර කිරීමට, විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී රටවල සංක‍්‍රමණිකයින් පිලිගැනීමට සහ දේශපාලන රැකවරණය ලැබීමට, නිදහසේ ගමන් කිරීමට, වැඩ කිරීමට, වැටුප් ලැබීමට, නිවසක් ලැබීමට සහ සමුද්‍රයේ හෝ භූමිය මතදී ඝාතනය කිරීම්වලට එරෙහිවීමට අරගල සංවිධානය කිරීම.
  • තරුණ කැරලි මත රඳා පවතිමින් ධනේශ්වර රාජ්‍යයන්ට එරෙහි විප්ලවවාදී අරගලයේ ඉදිරි පෙරමුණ ලෙස ඔවුන් සංවිධානය කිරීම.
  • අධිරාජ්‍යවාදීන්ගේ හා ප‍්‍රතිගාමී පාලන තන්ත‍්‍රයන්ගේ බන්ධනාගාරවල සිර ගත කර සිටින දේශපාලන සිරකරුවන් සහ අපගේ සියලූම පංති සහෝදරවරුන් නිදහස් කර ගැනීම.

සෑම රටකම කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන දේශපාලන පක්ෂයක් තුළට, එනම් කොමියුනිස්ට් පක්ෂයකට, අද මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂයකට සංවිධානය වීම සහ සෑම රටකම කොමියුනිස්ට් පක්ෂ සැබෑ ජාත්‍යන්තර සම්මේලනයක් තුළ එක්සත් වී, නව කොමියුනිස්ට් ජාත්‍යන්තරයක දැක්ම සහ ඉදිරිදර්ශනය තුළ තනි ජාත්‍යන්තර සංවිධානයක් ගොඩනැගීම ජාත්‍යන්තරවාදයට අවශ්‍ය කරයි.

මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට්වාදීන් නොනැවතී ගමන් කරමින් සිටිති. ඔවුහු අත්දැකීම්වලින්, වැරදිවලින්, නව ඓතිහාසික සංධිස්ථානයකට සූදානම් වීමට බාධාවක් වූ ඓතිහාසික අඩුලූහුඬකම්වලින් ඉගෙන ගැනීම සිදුකළ යුතුය.

විවිධ රටවලට, විවිධ අවධීන්ට අනුව උචිත උපාය මාර්ග සහ උපක‍්‍රම හැසිරවිය හැකි, සැබෑ නිර්ධන පංති සහ විප්ලවවාදී පක්ෂ, මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට් පක්ෂ, කම්කරු පන්තියේ සැබෑ ඉදිරිගාමී ඒකක ගොඩනැගීමට, සංවර්ධනය කිරීමට සහ ඉදි කිරීමට අපි කටයුතු කළ යුතු වෙමු. නිසරු, පරාජිත, විඥානවාදී, මනෝමූලවාදී, යුධවාදී සුලූ ධනේශ්වර අන්තවාදයට ඇද නොවැටෙමින්, ජනතාවගෙන් ඉගෙන ගැනීමට සහ පැරණි හා නව මාදිලියේ පිලූණු වූ සංශෝධනවාදයෙන් මිදීමට සහ නීත්‍යානුකූල හා නීතිවිරෝධී සංවිධාන සහ අරගල ආකාරයන් භාවිතා කිරීමට හැකිවිය යුතුය.

විවිධ රටවල පවතින තත්ත්වයන්ට අනුව, පන්ති සතුරා තුළ ඇති ප‍්‍රතිවිරෝධතාවලින් වාසි අත්පත් කර ගැනීමට සහ පුළුල් බහුජනතාවගේ සැබෑ නායකත්වය උදා කර ගැනීමට ධනවාදී- විරෝධී, ෆැසිස්ට්-විරෝධී සහ අධිරාජ්‍ය-විරෝධී එක්සත් පෙරමුණ අපි ගොඩනැගිය යුතු වෙමු.

පන්ති යුද්ධය, විප්ලවවාදී යුද්ධය, දිග්ගැස්සුනු මහජන යුද්ධය වර්ධනය කළ හැකි නිර්ධන පංතික හමුදාවක් ගොඩනගන සටන් කරන බලවේගයට උපත ලබා දීම අපි සිදු කළ යුතු වෙමු.

අධිරාජ්‍යවාදයට විනාශය!

සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් සටන් කරමු!

මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය දිගුකල් දිනේවා!

නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා!

අත්සන් කරන ලද පක්ෂ සහ සංවිධාන

කොමියුනිස්ට් කම්කරු සංගමය (මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී) – කොලොම්බියානු

ගැලීෂියාවේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ඉදිකිරීමේ කමිටුව

මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය – ඉතාලිය

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්ෂය

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

නේපාල කොමියුනිස්ට් පක්ෂය (බහුතර පාර්ශවය)

නේපාල කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී-විප්ලවවාදී)

ඉරාන රතු මාවත (මාඕවාදී කණ්ඩායම)

පුර්බා බංග්ලා නිර්ධන පන්ති පක්ෂය -බංගලාදේශය

තුර්කි කොමියුනිස්ට් පක්ෂය මාක්ස්-ලෙනින්වාදී

බල්ගේරියානු ගොවි කම්කරු පක්ෂය

මාඕවාදී විප්ලවීය ලීගය – ශ‍්‍රී ලංකාව 

රුසියානු මාඕවාදීන්

ස්විට්සර්ලන්ත කොමියුනිස්ට් පක්ෂය

තරුණ කොමියුනිස්ට් ලීගය – ස්විට්සර්ලන්තය

Posted on May 1, 2023, in ICSPWI, International, Maoism, Sinhala and tagged , , , , . Bookmark the permalink. Leave a comment.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.