Blog Archives
ෆුජිමෝරි ට සහ පේරු රජයට එරෙහිව චිලියේ විරෝධතා
ෆුජිමෝරි ට සහ පේරු රජයට එරෙහිව චිලියේ විරෝධතා
ෆුජිමෝරි රජය එහි ඉතිහාසයේ දරුණු ලෙස පේරු හි මාඕවාදී අරගලය සහ එහි විප්ලවීය ක්‍රියාධරයින්, ප්‍රතිවිරුද්ධ දේශපාලනික ක්‍රියාධරයින්, මාධ්‍යවේදීන් සහ නිදහස් මිනිසුන් මිලේච්ඡෙ ලෙස මර්ධනය කරන ලද රජයකි.
Chile against Fujimori and Peru government
Advertisements
ඉන්දියාව: සහෝදර වරා වරා රාඕ සහෝදර කෝබාද් ගාන්ධි වහාම නිදහස් කරගැනීම සඳහා ආමන්ත්‍රණය කරයි
ඉන්දියාව: සහෝදර වරා වරා රාඕ සහෝදර කෝබාද් ගාන්ධි වහාම නිදහස් කරගැනීම සඳහා ආමන්ත්‍රණය කරයි
මාඕවාදීහු ඔරිස්සාහි මල්කාංගිරි වල ස්ථීර කඳවුක් නිර්මාණය කරති
මාඕවාදීහු ඔරිස්සාහි මල්කාංගිරි වල ස්ථීර කඳවුක් නිර්මාණය කරති
දෙසැම්බර් දෙවැනිදා ආරම්භ වන්නට පෙර, මාඕවාදී මහජන විමුක්ති ගරිල්ලා හමුදාව මල්කාංගිරි දිස්ත්‍රික්කය ‘ස්ථීර කඳවුරක් නිර්මාණය කරමින් ආරක්ෂක අංශ වලට අභියෝගයක් ඉදිරිපත් කළහ.’
වාර්තා වලට අනුව, මාඕවාදීන් විසින් නිර්මිත ව්‍යූහය රතු වර්ණයෙන් යුක්ත වන අතර එය වටා සුදුසු බාධක යොදා ඇත. මූලාශ්‍ර වලට අනුව, මාඕවාදීහු මේ කඳවුරු කාර්යාලය සකසා ඇත්තේ දෙසැම්බර් 2 වැනිදා සිට ඇරඹෙන මහජන විමුක්ති හමුදාවේ සැමරුම් සතිය ඇරඹීමට මුලපිරීමක් වශයෙනි. පසුගිය වසරේ මාඕවාදීහු පීතිකොන්දාහි ගෝරා සේතුව තුළ තාවාලික කඳවුරක් නිර්මාණය කළ අතර, මේ කාලයේදී ඔවුන් විසින් මේ දිස්ත්‍රික්කය තුළ ස්ථීර කඳවුරු ව්‍යූහයක් නිර්මාණය කොට ඇත.
building the maoist party in imperialist countries in the fire of class struggle
building the maoist party in imperialist countries in the fire of class struggle, in the fusion with proletarian masses is the only application of mlm at the concret reality -down ‘left’ opportusm – new form ‘pretty bourgeois’ revolutionarism’red painted – PCm Italy
ලෙනින්-ස්ටාලින්-මාඕ- ඉතාලියේදී ඔක්තෝම්බර් විප්ලවයේ ශත සංවත්සරයට මුල පුරයි – PCm Italy
ලෙනින්-ස්ටාලින්-මාඕ- ඉතාලියේදී ඔක්තෝම්බර් විප්ලවයේ ශත සංවත්සරයට මුල පුරයි – PCm Italy
Lenin – Stalin – Mao – in italian centenary of October revolution initiatives – PCm Italy
නක්සල්බාරි 50 වෙනි සංවත්සරය
නක්සල්බාරි 50 වෙනි සංවත්සරය
මෙම වීඩියෝ පටය පටිගත කරන ලද්දේ 2017 මැයි මස නැක්සලයිට් කැරැල්ලේ 50 වෙනි සංවත්සරය නිමිත්තෙන් නැක්සලයිට්වරු දන්දකර්ණයා පෙදෙසේ පැවැත්වූ උත්සවය අවස්ථාවේදීය. මෙම අවස්ථාවලට නැක්සලයිට් අරගලයට සහය දෙන සහ අනුග්‍රහය දක්වන දහස් ගණන් වූ දිළිඳු ජනතාව සහභාගි වූහ. මෙම දෘෂ්‍ය පටය මගින් ඉන්දියාව පුරා දිළිඳු ජනතාව විසින් නක්සල්වාදී ගරිල්ලාවන්ට ලබාදෙන දැඩි සහයෝගය මනාව විදහා දක්වයි.
නේපාලය – නේපාල කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරුන් අත්අඩංගුවට ගැනේ
නේපාලය – නේපාල කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරුන් අත්අඩංගුවට ගැනේ
අවි ලඟ තබා ගැනීමේ චෝදනා මත චන්ද් විසින් නායකත්වය දුන් නේපාල කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ
රාජ්පුත්: රවුතහාත් දිස්ත්‍රික්කයේ පොලීසිය වාර්තා කරන අන්දමට නේත්‍රා බික්රම් චන්ද් විසින් නායකත්වය දෙනු ලබන නේපාල මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරු දෙදෙනෙකු චන්ද්‍රපූර් නගරසභා බල ප්‍රදේශයේ හෝටලයක පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම නිසා අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය ඔවුන්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කොට තිබුණද ඔවුන් ජාචා දිස්ත්‍රික්කයේ ආන්පගාචි ග්‍රාමයේ දිලිප් තාපා සහ තාරා තාපා යන අය බව තහවුරු කරගෙන ඇත.
මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ගවුර් හි රාවුතහාත් දිස්ත්‍රික් පොලිස් කාර්යාලයේ පොලිස් සුපිරිටැන්ඩන්ට් යාග්යා බිනෝද් පොඛාරෙල් පවසා සිටියේ එම පුද්ගලයින් දෙදෙනා සැක කටයුතු ක්‍රියාකාරකම් වල නියැලෙන්නේද යන්න දිගටම පරීක්ෂාවෙන් සිටින බවයි.
ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය ඊසානදිග අධිවේගී මාර්ගයට යාබදව ඇති චන්ද්රානිගහපූර් හි සුදර්ෂන් හෝටලයේ කාමර අංක 105 වටලා ජෙලටින් 30ක්, ඩෙටොනේටර් 22 ක් සහ ෆියුස් 4 ක් එහි සිටි පුද්ගලයින් දෙදෙනා සන්තකයේ තිබී සොයා ගන්නා ලදි. ඒ වන විට වෙලාව රාත්‍රී 10 පමණ විය. ඔවුන් සතුව තිබී මුද්‍රිත කාඩ්පතක්ද සොයා ගනු ලැබිණි.
එසේම පොලීසිය ඔවුන් සතුව තිබී මෝටර් සයිකල් දෙකක් ද සොයා ගන්නා ලදි. පුපුරණ ද්‍රව්‍ය සමග තිබී ජංගම දුරකථන දෙකක්ද සොයා ගන්නා ලදි.
ආරක්ෂක පරීක්ෂාවකින් පසු පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන අතර දැන ගන්නට ලැබී තිබෙන ආකාරයට ඔවුන් පුපුරණ ද්‍රව්‍ය ගෙනවිත් ඇත්තේ මැතිනරණ කටයුතු කඩා කප්පල් කිරීම සඳහායි.
මැතිවරණ වර්ජනයට සහය දීම නිසා චන්ද් විසින් නායකත්වය දෙන නේපාල කොමියුනිස්ට් පක්ෂයේ තවත් කාඩර්වරු අත්අඩංගුවට ගැනේ
2017 ජුනි 1
නේත්‍රා බික්රම් චන්ද් විසින් නායකත්වය දෙනු ලබන නේපාල කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරු දෙදෙනෙකු මැතිවරණයවට එරෙහි ක්‍රියාකාරකම් සිදු කිරීම නිසා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති පක්ෂ සාමාජිකයින් වනුයේ ජිබන් රායි සහ මාන් බහදූර් රායි යන සාමාජිකයින්ය.
ඔවුන් එක්සත් විප්ලවීය කවුන්සිලය යන නාමය සහිත සංඥ පුවරුවක් දිස්ත්‍රකික්කයේ පවුවාදුන්ගමා ග්‍රාමීය නගරසභාවේ කොට්ඨාශ කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කොට ඇති බව පොලිස් පරීක්ෂණයට ඇතල් කළ නියොජ්‍ය පොලිස් සුපිරිටැන්ඩන්ට් කජී කුමාර් අචර්යා පවසා සිටියහ. මේ අතරතුර අත් අඩංගුවට ගත් සාමාජිකයින් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස කොමියුනිස්ට් පක්ෂය මගින් බල කොට ඉල්ලා ඇත.
මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණ සිදුකෙරෙමින් තිබෙන බව එස් පී පොඛාරෙල් පැවසීය.
රතු, විප්ලවවාදී, ජාත්‍යන්තරවාදී මැයි දිනයක්!
රතු, විප්ලවවාදී, ජාත්‍යන්තරවාදී මැයි දිනයක්!
‘‘ඔක්තෝම්බර් විප්ලවයේ ධජය අපරාජිතයි!’’
-මාඕ සේතුං
මේ වර්ෂය ඔක්තෝම්බර් විප්ලවයට සියවසක් සපිරෙන වසරයි. අධිරාජ්‍යවාදීහු, ප්රතිගාමීහු, සංශෝධනවාදීහු, සහ සියළු වර්ගයේ අවස්ථාවාදීහු පසුගිය වසරේ ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයේ 50 වැනි සංවත්සරයට සිදු කළාක් මෙන් මේ සිදුවීම මකා දමන්නට, අප්‍රකට කරන්නට, අපකීර්තියට පත් කරන්නට සහ දුර්වර්ණ කරන්නට ප්රයත්න දරමින් සිටියි. ඔවුහු එසේ කරනුයේ මක්නිසාදයත් මෙම සිදුවීම් වලින් නිර්ධන පංතිකයින්ට සහ ජනතාව වෙතට පැමිණි ශ්‍රේෂ්ඨ පණිවිඩය වඩ වඩාත් විද්‍යාමාන වන බැවිණි. අධිරාජ්‍යවාදය, ධනවාදය, යුද්ධ, නිර්ධනීන් සහ පීඩිත ජනතාව සූරාකෑම පිටු දැකීමට නම් අපි නිර්ධනපංති විප්ලවය සිදු කළ යුතු වෙමු. සිය බලය, සිය රාජ්‍යය─නිර්ධන පංතියේ ආඥදායකත්වය─ඉදි කොට, කම්කරු පංතිය පාලක පංතියෙන් බලය ඩැහැගත යුතු අතර සමාජවාදය ඉදි කළ යුතුය; එය සෑම රටකම විප්ලවය සංවර්ධනය කොට පවත්වාගෙන යා යුතු අතර ලෝකය තුළ සියළු අධිරාජ්‍යවාදී යදම් පිටු දැකීමට ලෝක ව්‍යාප්ත කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කල යුතුය.
ලෙනින් ‘‘අධිරාජ්‍යවාදය ධනවාදයේ ඉහළම අවධියයි’’ යන සිය ශ්‍රේෂ්ඨ කෘතිය මගින් විශ්ලේෂණය කළ පරිදිම අධිරාජ්‍යවාදී ක්‍රමය පිළුණු වූ දිරාපත්වුණු ක්රමයකි; අධිරාජ්‍යවාදය සහ එහි රජයන්, සෑම අක්ෂාංශයකම ගැඹුරු ආර්ථික සහ මූල්‍ය, දේශපාලන සහ සමාජ අර්බුද තුළින් යමින්, සිය අර්බුද අභ්‍යන්තරව නිර්ධන පංතිකයින් සහ ජනතාව මතට මෙන්ම ජාත්‍යන්තරව පීඩිත ජනතාවට සහ ජාතීන් මත පටවනු ලැබේ. අධිරාජ්‍යවාදය යනු, ආර්ථික යුද්ධයයි, ලෝකයේ නව බෙදීමක් ඇති කිරීම සඳහා වන ආක්රමණකාරී සහ කොල්ලකාරී යුද්ධයයි. අධිරාජ්‍යවාදය යනු ප්රතිගාමීත්වය සහ ෆැසිස්ට්වාදයයි. අධිරාජ්‍යවාදය ධනවාදයේ අවසන් අදියර වන අතර සෑම දිනයක් පාසාම එය පෙරළා දැමීමේ අවශ්‍යතාවය පෙන්වයි. අන්න එමනිසා වෙන කවරදාකටත් වඩා ලෙනින්ගේ පණිවිඩය සහ ඔක්තෝම්බර් විප්ලවය වඩාත් ජීවමාන වේ!
එක්සත් ජනපදය තුළ, ශක්තිමත්ම අධිරාජ්‍යවාදය යටතේ, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය යැංකි අධිරාජ්‍යවාදයේ අර්බුදය පරාවර්තනය කරයි. එය හඬ නගමින් ආර්ථික යුද්ධ, හමුදා පාලනයන්, භූගෝලීය උපායික පෙදෙස් පාලනය කිරීම් වලින් ඉවත් වීම, ලෝකයේ වෙනස් යුධ වේදිකාවන් තුළ මිත්‍රකම් ගොඩනගා ගැනීම නැවත අර්ථ දක්වයි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ‘‘ඇමරිකානු ප්රජාතන්ත්රවාදය’’ ලෙස හඳුන්වන අසභ්‍යත්වය පෙන්වා දෙයි: බලයේ සිටින ෆැසිස්ට්වාදී බිලියනපතියා, අභ්‍යන්තරව දිළිඳු ජනතාවට සහ ජාත්‍යන්තරව පීඩිත ජනතාවට එරෙහිව යුද්ධයක නිරත වෙයි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය, සියළු අධිරාජ්‍යවාදී රටවල්වල, ප්‍රතික්‍රියාව, පොලිස් රාජ්‍ය, හමුදාකරණය, ස්ථීර හදිසි නීති තත්ත්වය සහ නිර්ධන පංතිකයින්ට එරෙහි අභ්‍යන්තර යුද්ධ, කාන්තා අයිතිවාසිකම්, අප්‍රිකානු ඇමෙරිකානු ජනතාවට එරෙහිවීම, සංක්‍රමණිකයින්ට එරෙහිව වැට බැඳීම සහ නෙරපීම, මුස්ලිම්වරුන්ට සහ අරාබිවරුන්ට එරෙහිවීම, පාසැල්වල, විශ්ව විද්‍යාලවල, මාධ්‍ය ආයතන, සංස්කෘතික, කලා යන ඒවායෙහි කුමන විදියේ හෝ ප්‍රතිශීලී අදහස්වලට එරෙහිවීම පෝෂණය කරයි.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නව ආක්රමණකාරී අවධිය පරමාණුක සුපිරි බලවතෙක් වන, රුසියන් අධිරාජ්‍යවාදය, නව සමාජ-අධිරාජ්‍යවාදී බලවතෙක් වන චීනය; සහ දැනට ජර්මන් ආධිපත්‍යය යටතේ පවතින අධිරාජ්‍යවාදී යුරෝපයේ රටවල් සමග ඇති අන්තර්-අධිරාජ්‍යවාදී ප්රතිවිරෝධයන් තියුණු කරයි. වෙළඳපොළ බෙදාගැනීමට සහ බලශක්ති සම්පත් පාලනයට සටන් කිරීම සඳහා අධිරාජ්‍යවාදී රටවල් අතර ඇති ගෝලීය ගැටුම ලෝකය පුරා ආක්රමණකාරී සහ ප්රතිගාමී යුද්ධ, මරණය පැතිරවීම, ජනසංහාර සහ විනාශයන් උත්පාදනය කිරීම සහ පෝෂණය කිරීම සිදු කරයි.
ලෝකයේ සෑම මුල්ලකම ආක්රමණකාරී අධිරාජ්‍යවාදී යුද්ධ දැවැන්ත සංක්‍රමණික රැල්ලක් නංවනු ඇත! අධිරාජ්‍යවාදී යුද්ධවල මිලේච්ඡත්වය‘‘සිය නිවස්නටම පැමිණෙමින් තිබෙන’’ අතර මේ යුද්ධ අධිරාජ්‍යවාදී බලකොටුවල හදවත තුළට පවා පැමිණ අධිරාජ්‍යවාදී රටවල් තුළම වීදිවල ලේ වගුරුවයි!
සියළුම අධිරාජ්‍යවාදී රටවල් තුළ, ලෝකයේ හාම්පුතුන් වන රාජ්‍යයන් සහ රජයන්, අර්බුද, පීඩනය සහ මර්ධනය මගින් වඩ වඩාත් සටන් කිරීමට සහ කැරලි ගැසීමට තල්ලූ කරනු ලැබෙන නිර්ධන පංතිකයින් සහ ජනතාවට එරෙහි අභ්‍යන්තර යුද්ධයක් වර්ධනය කරයි.
අධිරාජ්‍යවාදීන් විසින් පීඩනයට ලක් කරන රටවල්වල, නිර්ධන පංතිය සහ පීඩිත ජනතාව අධිරාජ්‍ය-විරෝධී සහ ජාතික විමුක්ති අරගල තීව්ර කරයි; විශේෂයෙන්ම අපි පලස්තීන සහ අරාබි ජනතාව යුදෙව්වාදී රාජ්‍යයට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව සිදු කරන අරගලයට සහ මහජන යුද්ධයට සහය දිය යුතු වෙමු. ඉන්දියාවේ සිට පිලිපීනය දක්වා, තුර්කියේ සිට පේරුව දක්වා, මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂ විසින් නායකත්වය දෙනු ලබන මහජන යුද්ධ වූ කලී අධිරාජ්‍යවාදයෙන්, ප්රතිගාමී රාජ්‍ය පාලනයන්ගෙන් නිදහස් වීමට සහ නව ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් ඉදි කොට, සමාජවාදය දෙසට ගමන් කිරීමට ඇති මාවත සඳහා නිර්දේශයක් වේ. ඉන්දියාවේ මහජන යුද්ධය, අද ‘නක්සල්බාරි නැගීටීමේ’ 50 වෙනි සංවත්සරය සමරමින් ජනසංහාර, හරිත දඩයම් මෙහෙයුම, මාඕවාදීන්ට, ආදිවාසී ජනතාවට, ප්රජාතන්ත්රවාදීන්ට සහ විප්ලවීය බුද්ධිමතුන්ට සහ ශිෂ්‍යයන්ට, කම්කරුවන්ට, ගොවියන්ට, කාන්තා අරගලවලට, සුළු ජාතීන්ට එරෙහි මර්ධනයට විරුද්ධව සටන් කරන මේ මාවත විවර කොට ඇත; මහජන යුද්ධය සහ ජනතාවගේ විමුක්ති අරගලය කිසිවකුට නැවැත්විය නොහැකිවා මෙන්ම ජාත්‍යන්තර සහයෝගයද කිසිවෙකුට නැවැත්විය නොහැකි බව එය පෙන්වා දෙයි.
සංශෝධනවාදයට සහ අවස්ථාවාදයට එරෙහිව අප සටන් නොකරන්නේනම් අධිරාජ්‍යවාදයට එරෙහිව සහ උන්ගේ රජයන්ට එරෙහිව අපට සටන් කළ නොහැකි බව ඔක්තෝම්බර් විප්ලවය සහ ශ්‍රේෂ්ඨ ලෙනින් පෙන්වා දී ඇත.
විප්ලවය සඳහා වාස්තවික තත්ත්වය හිතකර තත්ත්වයක පවතී, මක්නිසාදයත් එය ලෝකයේ ප්‍රධාන ප්‍රවණතාවය වන බැවිණි. සියළු සමාජප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග, කලින් ‘කොමියුනිස්ට්’ පක්ෂ සංශෝධනවාදීන් සහ ප්‍රතිසංස්කරණවාදීන් බවට පත්ව ඇත; ඔවුහු ජනතාව අතර ගෞරවය අහිමි කර ගෙන, ජනතාවගේ ජීවන තත්වයන් සහ වැඩ කිරීමේ තත්ත්වයන් ආරක්ෂා කිරීමට, අධිරාජ්‍යවාදයට, යුද්ධයට, ෆැසිස්ට්වාදයට සහ පොලිස් රාජ්‍යයට එරෙහි වීමේදී පලක් නැති උපකරණ බවට පත්වී ඇති බව තහවුරු කොට ඇත. මෙම බලවේග වල අර්බුද හැරුණු කොට, ජනතාවාදී ප්රතිගාමී ප්රවණතාවයන් සහ මූලධර්මවාදී ප්රතිගාමී ව්‍යාපාරයන් වල නැගීම ගැන අපි සාක්ෂි කරුවන් වෙමින් සිටිමු. ඔවුහු ජනතාව බෙදීමට ලක් කොට ඔවුන් මේ හෝ අනෙක් අධිරාජ්‍යවාදී රථයට බැඳ තබාගැනීමට කටයුතු කරයි. අවසානයේදී අධිරාජ්‍යවාදයේ වඩාත්ම ප්රතිගාමී කොටස්, ධනේශ්වර පංතිය සහ රාජ්‍යයන් ඔවුන්ට සේවය කරනු ඇත. නිර්ධනීහු සහ ජනතාව, ඔවුන්ව නිරායුධ කරන, පාර්ලිමේන්තු මායාව සහ සාමකාමී මාවත දැඩි ලෙසම ප්‍රතික්ෂේප කොට ධෛර්ය සම්පන්න ලෙස විප්ලවීය මාවතට සේන්දු විය යුතුය.
විප්ලවය සාක්ෂාත් කර ගැනීමට තිබෙන උසස්තම ආකාරය මහජන යුද්ධයයි; අන්න එම නිසා සෑම රටකම සුවිශේෂී තත්ත්වයන්ට ආදේශ කරමින් මේ වන විටත් මහජන යුද්ධය ආරම්භ කොට තිබෙන සියළු රටවල්වලට සහ ඒ සඳහා මුල පිරීමට සූදානම් වන අනෙක් සියළු රටවල්වලටත් අපි සහය ලබා දිය යුතු වෙමු. කම්කරු පංතියේ ඉදිරි පෙරමුණ සහ සමස්ත ජනතාවගේ නායකත්ව අරටුව බවට පත්වන, අව්‍යාජ කොමියුනිස්ට් පක්ෂ ඉදිකිරීම අවශ්‍ය කර තිබේ. විප්ලවවාදී විද්‍යාව වන මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය මත පදනම්ව, කොමියුනිස්ට් පක්ෂ ජනතාව සමග සමීප සම්බන්ධකම් පවත්වමින් පංති අරගලයට ගිනි අවුළුවමින්, මහජන යුද්ධය ආරම්භ කිරීමට සහ වර්ධනය කිරීමට යථා තත්ත්වයට ආදේශ කළ යුතුය. කොමියුනිස්ට් පක්ෂ විසින් සූරාකෑමට ලක්වන ජනතාවගේ, අධිරාජ්‍යවාදය මගින් පීඩනයට ලක් කරන සියළුම ඒකක වල එක්සත් පෙරමුණු ඉදි කළ යුතු අතර දේශපාලන සහ යුධමය ආධිපත්‍යය පිහිටුවීමට අනුරූපව, අවශ්‍ය කරන උපාය මාර්ගයන් දියුණු කළ යුතුය.
අධිරාජ්‍යවාදී රටවල් තුළ, කොමියුනිස්ට් පක්ෂ නව සංක්‍රමණික නිර්ධනයින් සමග මුහු වෙමින් අධික සූරාකෑමට, වහල්භාවයට, වර්ගවාදයට එරෙහි ඔවුන්ගේ අරගලවල පෙරමුණු භූමිකාව රඟ දැක්විය යුතුය. කොමියුනිස්ට් පක්ෂ තරුණ අරගල සහ විප්ලවය සඳහා බලසම්පන්න බලවේගයක් වන කාන්තා අරගල සමග පෙල ගැසීම සහ ඒවා සංවිධානය කිරීම කළ යුතුය. ඔවුහු ප්රහාරයන්ට ලක්වුණු ජාතීන් හි ජනතාවන් ගේ පස දැඩි ලෙස ගනිමින්, නිර්ධන පංතිකයින්ගේ සහ පීඩිත ජනතාවන්ගේ ප්‍රධාන සතුරා ලෙස සලකමින් තමන්ගේ අධිරාජ්‍යවාදීන් සමග සටන් කළ යුතුය. අද විශේෂයෙන්ම අපි ඇෆ්ගනිස්ථානයේ අධිරාජ්‍යවාදී අත්පත් කර ගැනීමට, සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී ආක්‍රමණයට එරෙහිව සහ උතුරු කොරියාවට එරෙහි න්‍යෂ්ටික තර්ජනයට එරෙහිව සටන් කළ යුතු වෙමු. මහජන යුද්ධයෙන් අධිරාජ්‍යවාදී යුද්ධවලට එරෙහිවීමට රතු හමුදාවේ න්‍යෂ්ටියක් ලෙස සටන් කරන බලවේග ඉදිකොට කොමියුනිස්ට් පක්ෂ විසින්ම සූදානම් වීමේ අවශ්‍යතාවය අධිරාජ්‍යවාදී යුද්ධ සහ ධනේශ්වර පංතියේ ප්රතිගාමී ආඥදායකත්වය විසින් රැගෙනවිත් තිබේ.
ජනසංහාරක ප්‍රතිපත්ති හැරුණු කොට, මහජන යුද්ධවලට, සාමසාකච්ඡා නැමැති උගුල් වලට මුහුණ දීමට ද සිදුවෙයි. එය උපායික ප්රහාරයන්ගේ දැක්මෙන් ශක්තිය සහ තහවුරු කර ගැනීම වර්ධනය කර ගැනීම සඳහා මහජන යුද්ධවල නියැලීමෙන් ඈත් කොට තබමින්, ඒවා වෙනතකට හරවන්නට, බෙදීම් ඇති කොට වනසා දමන්නට, යටත්වීම කරා මෙහෙයවන්නට ඉඩ සලසයි.
ජාත්‍යන්තරවාදය යනු පොදු සතුරාට එදිරිව ලෝකයේ නිර්ධන පංතිකයින් සහ පීඩිත ජනතාව අතර සමගියයි.
ජාත්‍යන්තරවාදය යනු ‘‘- මුළු හදවතින්ම සිය රටවල්වල විප්ලවීය ව්‍යාපාරයේ වර්ධනයට සහ විප්ලවීය අරගලයට වැඩ කිරීම සහ, කිසිදු පැකිලීමකින් තොරව සෑම රටකම මේ අරගලයට, මෙම මාවතට පමණක් සහය දීමයි (ප්රචාරක කටයුතු වලින්, අනුග්‍රහය දැක්වීමෙන්, සහ ද්‍රව්‍යමය ආධාර වලින්).’’ – ලෙනින්
ජාත්‍යන්තරවාදය යනු කොමියුනිස්ට්වරුන්ගේ වත්මන් ගැටළු අමතන, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ පොදු මාවත දෙසට සහ නව කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් වෙතට ගමන් කළ හැති, නව ජාත්‍යන්තර සංවිධානයක් ගොඩ නැගීමයි.
ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවයේ ශත සංවත්සරය දිගුකල් දිනේවා!
අධිරාජ්‍යවාදයට විනාශය! සමස්ත ලෝකය පුරාම දිග්ගැස්සුණු මහජන යුද්ධ උදෙසා ඉදිරියට යමු!
ලෝකයේ නිර්ධනීන් සහ පීඩිත ජනතාවගේ අරගල දිගුකල් දිනේවා!
නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා!
රතු සහ සමාජවාදී අනාගතයක් උදෙසා, කොමියුනිස්ට්වාදය ට පෙළ ගැසෙමු!
අත්සන් කරුවන්ගේ ලැයිස්තුව:
ඉරාන මාඕවාදී සමූහය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව, ස්පාඤ්ඤ රාජ්‍යය
ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් මාඕවාදී පක්ෂය
සර්බියානු කොමියුනිස්ට් ව්‍යාපාරය
නේපාල කොමියුනිස්ට් න්‍යෂ්ටිය
බ්‍රසීල කොමියුනිස්ට් පක්ෂය රතු ඛණ්ඩය
ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී
නේපාල කොමියුනිස්ට් පක්ෂය (විප්ලවීය මාඕවාදී)
ප්රජාතන්ත්රවාදය සහ පංති අරගලය, බි්රතාන්ය රාජ්‍යය
පංති ස්ථාවරය, සංස්කාරක මණ්ඩලය, ජර්මනිය
මාඕවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය ටියුනීසියාව
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය – ප්‍රංශය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය – ඉතාලිය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය මනිපූර්
මාඕවාදී විප්ලවීය ලීගය – ශ්‍රී ලංකාව
කොමියුනිස්ට් කම්කරු සංවිධානය – ටියුනීසියාව
ඛදෙහිනස් (khadéhines) පක්ෂය – ටියුනීසියාව
විප්ලවීය කොමියුනිස්ට් පක්ෂය (ඛ්යුබෙක් දිස්ත්‍රික්කය)
විප්ලවීය කොමියුනිස්ට් පක්ෂය ( PCR-RCP කැනඩාව)
විප්ලවීය භාවිතාව – මහා බි්රතාන්ය
කොමියුනිස්ට් කම්කරු සංගමය (මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී) – කොලොම්බියාව
කම්කරු හඬ – මලයාසියාව
කොරියන්ටේ ඩෙල් පුඑබ්ලෝ සොල් රෝජෝ ඔසාකා – මෙක්සිකෝව *
* මැයි 1 දිනයට පසුව එකතු කරන ලද අත්සනකි