Category Archives: People’s War

ඉන්දියාවේ හෝ පිලිපීනයේ මහජන යුද්ධ නැවැත්විය නොහැකිය

ඉන්දියාවේ හෝ පිලිපීනයේ මහජන යුද්ධ නැවැත්විය නොහැකිය – සෑම රටකම ICSPWI (ඉන්දියානු විප්ලවයට සහය දීමේ ජාත්‍යන්තර කමිටුව) ඒකක පිහිටවමු

නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා!

2023 මැයි දින ප‍්‍රකාශනය – ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

මධ්‍යම කාරක සභාව

ලෝක නිර්ධන පංති මැයි දිනය දිගුකල් දිනේවා!

ලෝකය පුරා පැතිරී යන අවපාත තත්වය යටතේ ජීවිත අස්ථාවර වෙමින් පවතින නිර්ධන පංතිය ඒකාබද්ධ කරමු!

අධිරාජ්‍යවාදී යුධ තර්ජනයට එරෙහිව සටන් කරමු!

අධිරාජ්‍ය විරෝධී අරගල තීව‍්‍ර කරමු!

ලෝකයේ ආදරණීය කම්කරුවනි!

‘‘ලෝකයේ කම්කරුවනි, සමගිවව්, වහල්භාවයේ විලංගු හැර නිර්ධන පංතියට නැති වීමට කිසිවක් නැත’’ යනුවෙන් අපගේ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් වන මාක්ස් සහ එංගල්ස් විසින් ප‍්‍රකාශ කරන ලදි. මැයි දිනය යනු සිය වීරෝදාර අරගලයෙන් තම සැබෑ අයිතීන් දිනාගත් ලෝක නිර්ධන පංතියේ දිනයයි. පසුගිය වසර 137 පුරාවට ලෝක ව්‍යාප්ත කම්කරු පන්තිය මහත් අධිෂ්ඨානයෙන් හා විප්ලවවාදී උද්යෝගයෙන් මෙම දිනය සමරයි. ඔවුහු තම අයිතීන් මර්දනය කිරීමට එරෙහිව සහ තම සාධාරණ ඉල්ලීම් ඉටුකර ගැනීමට ඉතා සටන්කාමී අරගලවල නිරත වෙමින් සිටී. මේ ලෝක මැයි දිනයේ දී, නිර්ධන පංති දිනයේ දී, ලෝකයේ කම්කරු පන්තියට අපගේ හොඳම රතු ආචාරය ප‍්‍රකාශ කරමු. ලෝක සමාජවාදය වෙනුවෙන් සිය වටිනා ජීවිත කැප කළ අයට අපගේ ශ්‍රේෂ්ඨ උපහාරය පුද කරමු.

පසුගිය සියවස නිර්ධන පංති විප්ලවයන්හි සාර්ථකත්වයේ සියවස විය. රුසියාවේ සහ චීනයේ විප්ලව හැරුණු විට ලෝකයේ බොහෝ රටවල කම්කරු පන්තියේ විප්ලවයන් සාර්ථක වූ අතර සමාජවාදී කඳවුරක් ගොඩනැගුණි. ලෝක ගෝලයේ හයෙන් එකක් මත රතු ධජ වේගයෙන් පැතිරී ගියහ. නමුත් මෙම ජයග‍්‍රහණයන් වැඩි කලක් පැවතියේ නැත. නිර්ධන පංතියේ දේශපාලන බලය සහ ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආඥාදායකත්වය පරාජයට පත් විය. විප්ලවවාදී පක්ෂ සහ කම්කරු පන්තියේ ආණ්ඩු තුළ සංශෝධනවාදීන් ශක්තිමත් වී බලය අල්ලාගත්හ. මෙය කම්කරු පන්තියේ ඛේදවාචකයයි.

පළමුවෙන්ම සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව තුළ සෝවියට් සමාජ අධිරාජ්‍යවාදයේ මතුවීමත් සහ, පසුව චීනය ඉතිහාසයේ නව සමාජ අධිරාජ්‍යවාදී රටක් බවට පත්වීමත් සමග ලෝකයේ සමාජවාදී කඳවුර අවසන් විය. එසේ තිබියදීත් තවමත් ලෝකය පුරා කම්කරු පන්ති ව්‍යාපාර ක‍්‍රියාත්මක වෙමින් පවතී. ලෝකය පුරා අධිරාජ්‍ය විරෝධී මහජන අරගල ද තීව‍්‍ර වෙමින් පවතී. අනෙක් අතට ලෝකය මුලූල්ලේ විවිධ රටවල නව මාඕවාදී පක්ෂ මතුවෙමින් තිබේ. මෙය අද දවසේ ප‍්‍රවණතාවයක් වී ඇත. මෙම අරගල සහ නව ප‍්‍රවනතාවය බිඳ දැමීමට සංශෝධනවාදීන් සහ නව සංශෝධනවාදීන් ධනේශ්වර පන්තිය සමග සහයෝගයෙන් කටයුතු කිරීම එයට ඇති ප‍්‍රධාන අනතුරයි. ඔවුන්ව හෙළිදරව් නොකර ඔවුන්ගේ කූටෝපායන් පරාජය කිරීමෙන් තොරව, කම්කරු පන්තියට දේශපාලන බලය අත්පත් කර ගැනීමේ ඉලක්කය සහිතව සිය අරගල ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇත. මෙම මැයි දිනයේදී, සියලූ රටවල විප්ලවවාදී නිර්ධන පංතියේ දියුණු කොටස් එහි අනතුර හඳුනාගෙන, කම්කරු පන්තියට ඒ පිළිබඳව අනතුරු අඟවා කම්කරු පන්ති අරගල තීව‍්‍ර කිරීම සඳහා වත්මන් විප්ලවවාදී තත්ත්වයන් වඩා හොඳින් භාවිතා කරනු ඇතැයි අපට දැඩි විශ්වාසයක් පවතී.

ආදරණීය නිර්ධන පන්ති සහෝදරවරුනි,

පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා කම්කරු පන්ති ව්‍යාපාරය වසරින් වසර වර්ධනය වෙමින් පවතී. අද ලෝකය දැඩි අවපාත තත්ත්වයන් තුළ එරීගොස් ඇති අතර සියලූම රටවල කම්කරුවන්ගේ ජීවිත ඉතා දුක්ඛිත තත්ත්වයට පත්වෙමින් තිබේ. දැන් නැවත වරක් බැංකු කඩා වැටීම ආරම්භ වී තිබේ. ඇමරිකාවේ තුන්වන විශාලතම බැංකුව වන සිලිකන් වැලි බැංකුවේ කොටස් අගයන්හි දැවැන්ත පහත වැටීම හේතුවෙන් කඩා වැටුණි. බැංකු බිඳවැටීම ලෝකය පුරා ආර්ථිකයන් විනාශ කර නැවත අස්ථාවර කරනු ඇත. අනෙක් අතට, පසුගිය වසර තුන පුරා අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද කොවිඩ්-19 වසංගතය කම්කරු පන්තිය ඇතුළුව සමස්ත මහජනතාවම අස්ථාවර කර ඇත. කොවිඩ් හි විවිධ ප‍්‍රභේද සමග තවමත් ලෝකය පීඩා විඳිමින් සිටී. එන්නතේ නාමයෙන් අධිරාජ්‍යවාදීන් වැඩකරන ජනතාව කොල්ල කෑ නමුත් කිසිදු එන්නතකට වසංගතය සම්පූර්ණයෙන් තුරන් කිරීමට නොහැකි විය. කොවිඩ් සමයේ රජයන් විසින් ක‍්‍රියාත්මක කරන ලද අගුලූ දැමීමේ ප‍්‍රතිපත්ති නිසා දුප්පත් කම්කරුවන්ගේ ජීවිත විශාල වශයෙන් විනාශ විය. ලොව පුරා සූරාකෑමේ ආණ්ඩු අවපාත කාලවලදී මහා සංස්ථා සමාගම් බේරා ගැනීමට විශාල වැඩ කොටසක් සිදු කළහ. නමුත් කිසිදු රජයක් වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවගේ සුබසාධනය ගැන සැලකිලිමත් වී නැත. දුප්පතුන් සහ වෙහෙසී වැඩ කරන අය ගලවා ගැනීම සඳහා පුළුල් ප‍්‍රතිපත්ති නිර්මාණය කොට නැත. එබැවින් ආණ්ඩුවල කපටි ස්වභාවය හඳුනාගත් කම්කරු පන්තිය ඊට එරෙහි අරගලය තීව‍්‍ර කිරීමට සුදුසුම කාලය මෙයයි.

පසුගිය වසරේ සිට අධිරාජ්‍යවාදීන් විසින් ඇවිලවූ යුද ගිනිදැල්වලින් ලෝකය ඇවිලෙමින් පවතී. එක් පසකින් අධිරාජ්‍යවාදී රුසියාව සහ අනෙක් පසින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සහ එහි නේටෝ හවුල යුකේ‍්‍රන භූමිය විනාශකාරී ලෙස ගිනිතබමින් යුද්ධයේ අළු බවට පත් කරයි. අධිරාජ්‍යවාදී රුසියාව විශේෂ මිලිටරි මෙහෙයුමක් යන නාමයෙන් යුකේ‍්‍රනයට එරෙහිව දියත් කොට ඇති යුද්ධය හෙළා දැකිය හැකි එකකි. ඒ අතර එක්සත් ජනපදය සහ එහි මිත‍්‍ර නේටෝ යුද වෙළෙන්දන් විනාශකාරී ප‍්‍රතිඵලවලට තුඩු දෙන විනාශකාරී යුද ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම වනාහි වඩාත් බැරෑරුම් ලෙස හෙළා දැකිය හැකිය. යුද්ධයේ ප‍්‍රතිවිපාකත් සමග දෙරටේම ජනතාව බරපතළ ගැටලූවලට මුහුණ දෙමින් සිටිති. මේ වන විට යුක්රේනයේ මියගිය සංඛ්‍යාව ලක්ෂ 1.5 ඉක්මවන බව වාර්තා වේ. මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී සරණාගතයින් ලෙස සංක‍්‍රමණය වී ඇත. යුක්රේනයේ කෙත්වතු සොල්දාදුවන්ගේ සහ මිනිසුන්ගේ රුධිරයෙන් තෙත් වෙමින් තිබේ. එහෙත් නව නාසි සෙලෙන්ස්කි සාකච්ඡා සඳහා පවා සූදානම් වෙන අතරතුර එක්සත් ජනපදයේ සහ එහි නේටෝ සන්ධානයේ සහාය ඇතිව නව සාර්වාදී රුසියාව සමග සටන් කිරීමට තම හමුදාවන් සහ ජනතාව දිරිමත් කරයි. මෙම යුද්ධයේදී, යුධ ව්‍යාපාරික ආයතන සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ප‍්‍රධාන වශයෙන් අතිදැවැන්ත ලාභයක් ලබන බව අතිශයින් පැහැදිලිය. පසුගිය වසරක යුද්ධයේ දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදියා පමණක් ඩොලර් බිලියන 30කට වැඩි යුදමය ද්‍රව්‍ය යුකේ‍්‍රනයට ආධාර යන නාමයෙන් ලබා දී ඇති අතර එයින් පෙන්නුම් කරන්නේ එහි ලාභයේ තරමයි. ලෝකයේ කම්කරු පන්තිය මේ යුද්ධය වහා නතර කරන ලෙස සිය හඬ නගමින් සිටී. ලෝකයේ බොහෝ රටවල යුද්ධයට එරෙහිව මහජන උද්ඝෝෂණ අඛණ්ඩව පවතී. පවතින යුද්ධයට එරෙහිව ඔවුන් සිය හඬ අවදි කළ යුතුය. එම දිශානතිය ඇතිව මැයි දිනය නිමිත්තෙන් සියලූම රටවල කම්කරු පන්තිය දැඩි තීරණයක් ගැනීම මේ මොහොතේ අවශ්‍යතාවයයි.

ලොව පුරා කම්කරු පන්ති ව්‍යාපාරවල හදිසි නැගීමක් පවතී. මේ අතර, වැඩි වැටුප් සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන ලෙස ඉල්ලා බි‍්‍රතාන්‍යයේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් මෙම දශකයේ පෙර නොවූ විරූ ලෙස වැඩවර්ජනයක යෙදී සිටිති. ප‍්‍රංශයේ කම්කරු පන්තිය තම ඉල්ලීම් වෙනුවෙන් වීදි බැස සටන් කරයි. යුරෝපයේ සහ ඇමරිකාවේ සියලූම රටවල කම්කරුවන් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටුකර ගැනීමට අරගල කරමින් සිටිති. ඉන්දියාවේද සියලූම වර්ගයේ රාජ්‍ය සේවකයන් වැඩවර්ජනවලට යොමුවෙමින් සිටිති. ප‍්‍රධාන වශයෙන් ලක්ෂ සංඛ්‍යාත කොන්ත‍්‍රාත් සේවකයෝ, අංගන්වාඩි සේවකයෝ, ආශා සේවකයෝ, සනීපාරක්ෂක සේවකයෝ සහ සෞඛ්‍ය සේවකයෝ සිය වැටුප් වැඩිකර ගැනීමට සහ රජයේ සේවකයන්ට සමානව සැලකිලි ලබා ගැනීමට සහ රැකියා ස්ථීර කරගැනීම සඳහා වැඩ වර්ජනයේ නිරත වෙමින් සිටී. ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ගොවීන් ද පෙර නොවූ විරූ ආකාරයෙන් අරගල කරමින් සිටිති. දකුණු ආසියාවේ ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රී ලංකාව සහ පකිස්ථානය ආර්ථික අර්බුදයක මුල් බැස ඇති අතර, දිළිඳු හා පීඩිත ජනතාව ඉහළ යන භාණ්ඩ මිල ගණන් නිසා පීඩාවට පත්ව සිටිති. අප‍්‍රිකාවේ සහ ලතින් අමෙරිකානු රටවල ද කම්කරු ජනතාව තම සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරති. අද ලෝකය කම්කරු පන්තියේ වැඩ වර්ජනවලින් දැවෙමින් තිබේ. තවත් පැත්තක් නම් කම්කරුවන් රැකියාවලින් ඉවත් කිරීම ලෝකයේ සංසිද්ධියක් බවට පත්ව ඇත. විශාල සංස්ථාවල ශ‍්‍රමිකයින් විශාල වශයෙන් ශක්තිමත් වෙමින් තිබේ. ඔවුන් සිය යුක්තිසහගත ඉල්ලීම් ඉදිරිපත් කරමින් පාරට බසිමින් සිටී. මෙම අරගල මෙහෙයවීම සඳහා කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂවල අවශ්‍යතාවය මතුවී ඇත. සුදුසු ආකාරයේ අරගලයන් සහ සංවිධාන ව්‍යුහයන් තුළ කම්කරු පන්තිය ගොනු කිරීමට මේ සුදුසුම කාලයයි. සියලූම සටන්කාමී අරගල දේශපාලන බලය අත්පත් කරගැනීමේ දේශපාලනයෙන් සන්නද්ධ විය යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත්, කම්කරු පන්තිය, වැටුප් තුළ ඩොලර් කිහිපයක වැඩිවීමකින් සෑහීමකට පත්ව, දශක ගණනාවක් තිස්සේ ආර්ථිකවාදයේ සහ ප‍්‍රතිසංස්කරණවාදයේ සිරවී, සංශෝධනවාදී දේශපාලනයේ ගොදුරක් බවට පත්වනු ඇත. එමනිසා මැයි දිනයේදී අපි එය සිදු නොකරන බවට රතු ධජය අපේ දෑත් මත තබාගෙන දිවුරුම් දෙන්නෙමු.

අධිරාජ්‍යවාදීන් විසින් උසිගන්වන ලද යුක්රේන යුද්ධය අවසන් වන බවක් පෙනෙන්නට නැත. ඔවුහු ලෝක යුද්ධයක තර්ජනය උත්සන්න කරමින් සිටියි. න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය ද ඉහළ යමින් පවතී. ලෝකයේ අධිරාජ්‍යවාදී යුද්ධයට ගොදුරක් වූ රට යුක්රේනය පමණක් නොවේ. යේමනයේ මිනිසුන් මිලියන ගණනක් මිය යමින් සිටිති. බොහොමයක් රටවල, මිලියන සංඛ්‍යාත ජනතාව අධිරාජ්‍යවාදී යුද්ධවල අවශ්‍යතාවයන් සඳහා ගොදුරු බවට පත්වෙමින් තිබේ. තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්ති නිසා ලෝකය වඩාත් කැළඹී ඇත. අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්ති නිසා පාරිසරික අර්බුදය එන්න එන්නම උත්සන්න වී ඇත. අධිරාජ්‍යවාදී යුද්ධ කම්කරු පන්තියේ දුක් වේදනා වැඩි වීම පිටුපස ඇති එක් ප‍්‍රධාන හේතුවකි. අද ඇතිවී තිබෙන අර්බුදයට මූලික හේතුව ද එයමය. කම්කරු පන්තියේ අයිතීන් උල්ලංඝණය කිරීමට මෙන්ම ලොව පුරා සිදුවන සමූලඝාතනවලට ද එකම හේතුව අධිරාජ්‍යවාදයයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් විසින් පමණක් තනිව ඉතිහාසයේ මෙහෙයවන ලද යුද්ධ ප‍්‍රමාණය 300කට වැඩිය. එය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මරා දැමූ ජාතියක් බවට පත්කොට ඇත. එයට අවශ්‍ය වන්නේ ලෝක ආධිපත්‍යය පිළිබඳ තම ආශාව ඉටු කර ගැනීමටත්, එමගින් අතිවිශාල ලාභයක් ලබා ගැනීමටත් ය. එය කිසිවිටෙක ලෝකය විනාශ කර දැමීමට පසුබට වන්නේ නැත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ගනු ලැබූ සෑම තනි පියවරක්ම එක් හෝ අන් ආකාරයකින් ලෝකයේ කොතැනක හෝ විනාශකාරී යුද්ධයකට මග පාදයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සහ එහි සාම්ප‍්‍රදායික මිතුරන් වන යුරෝපය එක් පසකින් ද, රුසියානු අධිරාජ්‍යවාදීන් සහ චීනය අනෙක් පසින්ද ලෝකය යලි බෙදාගැනීමට දැඩි කෑදරකමින් සිටිති. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුළු ලෝකයම විනාශකාරී යුද්ධයෙන්, අර්බුදයෙන්, අවපාතයෙන්, කුසගින්නෙන්, දරිද්‍රතාවයෙන්, පීඩනයෙන්, විරැකියාවෙන් හා මිල ඉහළ යාමෙන් පීඩා විඳිති. යුද්ධයෙන් තොර ලෝකයක් නිර්මාණය කිරීමට අපි උත්සාහ කරමු. නමුත් අධිරාජ්‍යවාදය  අවසාන් කිරීමෙන් තොරව එය සිදුකළ නොහැකිය. එබැවින් අධිරාජ්‍ය විරෝධී සටන්කාමී අරගල තව දුරටත් තීව‍්‍ර කරමු. එය සෑම ආකාරයකම සංශෝධනවාදීන්ගෙන් සහ ආර්ථිකවාදයෙන් සහ ප‍්‍රතිසංස්කරණවාදයෙන් වරදට බැඳීමෙන් වළක්වා ගැනීමට විප්ලවවාදී දේශපාලනයෙන් සන්නද්ධ කරමු.

ලෝකයේ සමහර රටවල, විශේෂයෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සහ දක්ෂිනාංශික පක්ෂ සහිත එහි යුරෝපීය මිත‍්‍ර රටවල් වර්ගවාදය ප‍්‍රවර්ධනය කරමින් සිටී. බොහොමයක් රටවල ෆැසිස්ට්වාදයේ අනතුර වැඩි වෙමින් පවතී. පසුගිය වසර 10 පුරාවටම ඉන්දියාවේ බලයේ සිටින හින්දුත්ව බලවේග ඔවුන්ගේ ෆැසිස්ට් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරමින් සිටී. රටේ විවිධත්වය නැති කිරීමට ඔවුහු තම ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්ති රටේ ජනතාව මත පටවවයි. පසුගිය දශක පහකට අධික කාලයක් රටතුළ පැවැති මහජන යුද්ධය මුලූමනින්ම තුරන් කිරීමේ අවසන් දිනය 2024 වර්ෂය ලෙස ඔවුන් විසින් ප‍්‍රකාශ කොට ඇත. මාඕවාදී ව්‍යාපාරය පවතින ප‍්‍රදේශ ඩ්‍රෝන් ප‍්‍රහාර, හෙලිකොප්ටර් වෙඩි තැබීම් සහ ලක්ෂ සංඛ්‍යාත පොලිස් සහ පැරාමිලිටරි හමුදා යෙදවීම මගින් මර්දනය කෙරේ. පිලිපීනයේ දශක ගණනාවක් පුරා පැවති විප්ලවවාදී ව්‍යාපාරය අවසන් කිරීම සඳහා ජූනියර් මාකෝස්ගේ ආණ්ඩුව පෙර නොවූ විරූ ආකාරයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහාය ඇතිව මර්දනය වැඩි කරමින් සිටී. තුර්කිය, පේරු සහ තවත් සමහර රටවල සිදුවෙමින් පවතින මහජන යුද්ධ නැවැත්වීම සඳහා, එම රාජ්‍යයන්වල කොම්ප‍්‍රදෝරු පාලක පන්ති අධිරාජ්‍යවාදීන්ගේ මගපෙන්වීම සහ සහය යටතේ ප‍්‍රහාර තීව‍්‍ර කරමින් සිටී. පලස්තීනය සහ විවිධ ජාතික ව්‍යාපාර ද දශක ගනනාවක් තිස්සේ තලා දමමින් තිබේ. නමුත් ඔවුන්ගේ අරගල දිගටම සිදුවෙමින් පවතී. අධිරාජ්‍යවාදීන්ට සහ කොම්ප‍්‍රදෝරු නිලධාරිවාදී ධනේශ්වර පන්තියට සහ වැඩවසම්වාදයට එරෙහිව සිය රටවල මහජන යුද්ධ සහ ජාතිකවාදී ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යන ජනතාව සමග අපි දැඩිව නැගී සිටිමු. මෙය නිර්ධන පංතියේ කාර්යභාරයන්ට බැඳී ඇති කාර්යයකි. මැයි දිනය නිමිත්තෙන් කම්කරු පන්තිය ඒ ඒ රටවල පවතින විප්ලවවාදී අරගල ඒකාබද්ධ කිරීමට සහ අන්‍යෝන්‍ය සහෝදරත්වයේ ව්‍යාපාර වැඩි කිරීමට දිවුරුම් දිය යුතුය. කම්කරු පන්තියේ සෑම පියවරක්ම දේශපාලන බලය අල්ලා ගැනීමේ විප්ලවවාදී දේශපාලනයේ දිශාව දෙසට ගමන් කළ යුතුය. මෙම මැයි දිනය ලෝක ගෝලයෙන් අධිරාජ්‍යවාදය අවසන් කිරීමේ දිශානතිය ඇතිව සිය අරගල තීව‍්‍ර කිරීම සඳහා කම්කරු පන්තිය විසින් අරගල දිනය ලෙස සැමරිය යුතුය.

නිර්ධන පංති මැයි දිනය දිගුකල් දිනේවා!

x              සංශෝධනවාදය සහ නව සංශෝධනවාදය භංගවේවා!

x              අධිරාජ්‍යවාදය භංගවේවා!

x              ලෝක යුද්ධයේ/පරමාණුක යුද්ධයේ අනතුරට එරෙහිව සටන් කරමු!

x              පවතින මහජන යුද්ධවලට සහය දැක්වීමට ස්ථීරසාරව නැගී සිටිමින් ඒවාට සහය පිණිස ශක්තිමත් සහයෝගීතා ව්‍යාපාර ගොඩනගමු!

විප්ලවීය සුභ පැතුම්,

අම්රුත්,

ජාත්‍යන්තර කටයුතු කමිටුව

මධ්‍යම කාරක සභාව,

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

අත්සන් කරන ලද පක්ෂ සහ සංවිධාන

කොමියුනිස්ට් කම්කරු සංගමය (මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී) – කොලොම්බියානු

ගැලීෂියාවේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ඉදිකිරීමේ කමිටුව

මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය – ඉතාලිය

ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්ෂය

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

නේපාල කොමියුනිස්ට් පක්ෂය (බහුතර පාර්ශවය)

නේපාල කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී-විප්ලවවාදී)

ඉරාන රතු මාවත (මාඕවාදී කණ්ඩායම)

පුර්බා බංග්ලා නිර්ධන පන්ති පක්ෂය -බංගලාදේශය

තුර්කි කොමියුනිස්ට් පක්ෂය මාක්ස්-ලෙනින්වාදී

බල්ගේරියානු ගොවි කම්කරු පක්ෂය

මාඕවාදී විප්ලවීය ලීගය – ශ‍්‍රී ලංකාව 

රුසියානු මාඕවාදීන්

ස්විට්සර්ලන්ත කොමියුනිස්ට් පක්ෂය

තරුණ කොමියුනිස්ට් ලීගය – ස්විට්සර්ලන්තය

18 March; International Day of Political Prisoners FREEDOM FOR ALL POLITICAL PRISONERS! ICSPWI support this International day

18 March; International Day of Political Prisoners FREEDOM FOR ALL POLITICAL PRISONERS! ICSPWI support this International day

18 March; International Day of Political Prisoners
FREEDOM FOR ALL POLITICAL PRISONERS!

Every year, on the International Day of Political Prisoners on 18 March, we have to face the reality that thousands of people in many countries of the world are imprisoned for their views and subjected to severe torture. Because the crisis in the current system is intensifying day by day. As a result, the contradictions between the rulers and the ruled are getting deeper and deeper. Therefore, attacks against social opposition forces are increasing in many countries of the world. The pressure on those who criticise the system and express their reaction through various actions and activities is increasing with new legal regulations. Existing security laws, assembly and demonstration laws and many other laws that determine fundamental rights are being toughened day by day.

In many countries, social opposition forces are organising increasingly strong resistances against these attacks of the system through street protests, workers’ and peasants’ strikes and activities in defence of nature. As a result, hundreds of thousands of people all over the world are imprisoned under severe torture and locked up in prisons. New ones are being added to them every day, creating an army of political prisoners.

The conditions in prisons are getting more and more severe.

Prison conditions are becoming more and more severe in all countries. Conditions of isolation and years of imprisonment make people pay a heavy price. In addition, prisoners are systematically subjected to severe torture in all prisons. Especially due to the lack of measures against the corona pandemic in prisons, many prisoners who already had health problems faced more and more serious illnesses. Despite many international campaigns, prisoners with severe health problems are not released and are almost left to die.

Prisoners are subjected to enemy law

The system applies enemy law against political prisoners in prisons. Since those who are not like themselves, who do not think like themselves and who resist against the system are seen as enemies, they are subjected to all kinds of attacks, oppression, torture and massacres. As in Iran, political prisoners in many countries are punished with the death penalty because they are seen as enemies.

Special practices against the pioneers of the revolutionary struggle are increasing day by day. After the mass uprising in Iran, thousands of people were imprisoned and subjected to severe torture. As a result of intense attacks on the masses condemning the coup in Peru, many people lost their lives and hundreds of demonstrators were detained and arrested. Mumia Abu-Jamal of the Black Panther movement in the USA, Palestinian freedom resisters, Georges Abdallah and Ahmad Saadat who have been imprisoned for many years in France, Dr GN Saibaba in India, Abdullah Öcalan, leader of the Kurdistan Freedom Movement and tens of thousands of political prisoners in Turkish prisons are subjected to harsh conditions.

Attacks are also increasing in European countries

Attacks against local and immigrant revolutionaries are intensifying in European countries. With the new laws enacted in many countries, especially in Germany and France, the forces criticising and struggling against the imperialist capitalist system are attacked in street protests, mass arrested and imprisoned in prisons for long years. Based on Article 129 a and b of the German constitution, immigrant revolutionaries are sentenced to long years in prison for their struggle against the fascist oppression in their own countries. Especially revolutionaries from Kurdistan and Turkey are exposed to this attack the most. Dozens of revolutionaries are currently being held in German prisons.

Let’s make the voice of the prisoners heard in the fields

As UPOTUDAK; We call on all local and migrant organisations to be sensitive to create public opinion in Europe against human rights violations in prisons and to shout the voice of prisoners on the streets. On this occasion, we call on you to support the international symposium we will organise in Stuttgart on 18 March 2023.

Freedom for all political prisoners! 

Long live international solidarity!

මහජන විමුක්ති ගරිල්ලා හමුදාව දිගුකල් දිනේවා! මහජන යුද්ධය දිගුකල් දිනේවා! මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය දිගුකල් දිනේවා! නව වසරේ ජාත්‍යන්තර පෝරුමයක් වෙනුවෙන් පෙළ ගැසෙමු! ICSPW

මහජන විමුක්ති ගරිල්ලා හමුදාව දිගුකල් දිනේවා! මහජන යුද්ධය දිගුකල් දිනේවා! මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය දිගුකල් දිනේවා! නව වසරේ ජාත්‍යන්තර පෝරුමයක් වෙනුවෙන් පෙළ ගැසෙමු! ICSPWI

පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික මාක්ස්-ලෙනින්-මාඕවාදී නායක ජෝසේ මාරියා සිසන් (කා ජොමා) සහෝදරයාට විප්ලවීය උත්තමාචාරය!

පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සභාපති වූ ජෝසේ මාරියා සිසන් නෙදර්ලන්තයේ උත්‍රෙච් රෝහලේ නේවාසිකව සති දෙකක කාලයක් ප‍්‍රතිකාර ගැනීමෙන් පසු වයස 83 කදී දිවියෙන් සමුගෙන ඇත.

පිලිපීනයේ පීඩිත ජනතාව, නිර්ධන පන්තිය සිය ගුරුවරයා සහ මග පෙහෙලි කළ ආලෝකයේ අභාවය වෙනුවෙන් ශෝකයට පත්ව සිටී.

අපි ශෝක වෙමින් සිටියද, ආදරණිය කා ජොමා සහෝදරයාගේ ඉගැන්වීම් සහ මතකයන්ගෙන් මග පෙන්වනු ලැබූ විප්ලවය ඉදිරියට ගෙන යාමට අපේ සියලූ ශක්තිය, ධෛර්යය කැප කරන බවට දිවුරා පොරොන්දු වෙමු,’’

පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනයකින්

මහජන හමුදාවක් නොමැතිව ජනතාවට කිසිවක්ම නැත.

ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) හි මධ්‍යම යුධ කොමිසමේ අණ දෙන්නා වන දෙව්ජි සහෝදරයා සමග සම්මුඛ සාකච්ඡාවක්



‘‘ජන මාවත’’ සඟරාව මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ගරිල්ලා කලාපය තුළ 20 වෙනි සංවත්සරයේ සැමහරුම සිදු කරන අවස්ථාවේදී මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම මිලිටරි කොමිසමේ අණ දෙන්නා වන දෙව්ජි සහෝදරයා මුණ ගැසුණි. මෙහිදී ඔහු මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ වලංගුබව, අරමුණු, සර්ථකත්වයන්, අසාර්ථකවීම් සහ අනාගත ක‍්‍රියාමාර්ගය පිළිබඳව දීර්ඝ ලෙස කතා කළහ. මේ එමගින් සිදු කළ උපුටා ගැනීමකි.


ජන මාවත: විප්ලවීය උත්තමාචාරය දෙව්ජි සහෝදරයා! පළමුවෙන්ම අපට කියන්න වර්තමාන තත්ත්වය පිලිබඳව.

දෙව්ජි: විප්ලවීය උත්තමාචාරය! මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව 2020 දෙසැම්බර් 2වන දින සිට පුරා වසරක් මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ 20 වෙනි සංවත්සරය සමරන්නට තීරණය කොට තිබෙනවා. මේ මොහොතේ අපේ කීර්තිමත් මහජන විමුක්ති ගරිල්ලා හමුදාව පිළිබඳව කතා කරන්න ‘‘ජන මාවත’’ මට අවස්ථාවක් ලබා දී ඇති බව මම හිතනවා.


ජන මාවත: ඔබ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව අර්ථ දක්වන්නේ කෙසේද?


දෙව්ජි: අපේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී ගුරුවරයා වන කාල් මාක්ස් ප‍්‍රකාශ කලා විප්ලවය ප‍්‍රචණ්ඩ එකක් විය යුතු බව. මේ තුච්ඡ සමාජ ක‍්‍රමයෙන් පැන නැංග ජනතාවගේ මූලික ප‍්‍රශ්න විසඳිය හැක්කේ අධිරාජ්‍යවාදීන්ගේ සූරාකන පන්ති, කොම්ප‍්‍රදෝරු නිළධාරීවාදී ධනපතියන් සහ රදළ ඉඩම් හිමියන් විනාශ කොට දමා දිග් ගැස්සුණු මහජන යුද්ධයක් මගින් අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව රජයක් මගින් සියලූම පීඩිත පන්තිවල, සමාජ කොටස්වල සහ ජාතීන්ගේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් පිහිටුවීමෙන් පමණක් බව අපේ පක්ෂය විසින් තීරණය කොට තිබෙනවා. කීර්තිමත් නක්සල්බාරි විප්ලවීය ගොවි කැරැල්ලේ සහ කන්ක්ෂා, සෝනාර්පූර්, ශ‍්‍රිකාකුලම්, භිර්භුම්, ලඛිම්පූර්-ඛේරි යනාදී එවැනි ගොවි කැරලි වල උරුමයක් විදියට මහජන විමුක්ති ගරිල්ලා හමුදාව බිහිවිම සිදු වුණා. පසුගිය දශකවල මාක්ස් ලෙනින් මාඕවාදී න්‍යායෙන් මගපෙන්වීම ලද කොමියුනිස්ට් පක්ෂයේ නිර්ධන පංති නායකත්වය යටතේ අරගලය ස්ථාවර සහ සටන්කාමී ආකාරයක් ගන්නා විට මහජන විමුක්ති ගරිල්ලා හමුදාව මහජන විමුක්ති හමුදාවක ආකාරයට හැඩ ගැහුණා. ඒක පක්ෂය සතුවන බලසම්පන්න ආයුධ 3න් එකක්.
මහජන විමුක්ති ගරිල්ලා හමුදාව කියන්නෙ මේ රටේ කම්කරුවන්ගේ, ගොවියන්ගෙ සහ අනෙකුත් පීඩිත පන්තිවල, පීඩිත සමාජ කොටස් සහ පීඩිත ජාතීන්ගේ අවශ්‍යතාවයන්ට වැඩ කරන දේශපාලන හමුදාවක්. මෙය මහජන විමුක්ති හමුදාවක් බවට පත් වේවි. එය ගරිල්ලා යුද්ධය, ජංගම යුද්ධය, ස්ථානීය යුද්ධයෙහි නිරතවීම මගින් ගම්බද පෙදෙස්වල මුදාගත් ප‍්‍රදේශ බිහි කරමින් අවසානයේ නගර වට කරමින් සමස්ත රට පුරාම ජනතා රාජ්‍ය බලයක් බිහි කිරීමට කටයුතු කරාවි.


දැනට විප්ලවීය ව්‍යාපාරය පවතින ප‍්‍රාන්ත 17න් 3කම විවිධ ආකාරයේ ගරිල්ලා බල ඇණි පවතිනවා. බලය පිළිබඳ ප‍්‍රශ්නය සමග ප‍්‍රායෝගිකවම කටයුතු කරන ගරිල්ලා යුද්ධය සහ පන්ති අරගලය තීව‍්‍ර වූ ස්ථානවල ඉහල මට්ටමේ ගරිල්ලා බල ඇණි පවතිනවා.


ජන මාවත: ඉන්දියානු විප්ලවය තුළ මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ කාර්යභාරය කුමක්ද?


දෙව්ජි: ඉන්දියානු සමාජයේ විශේෂිත ලක්ෂණ වලින් ඉන්දියානු විප්ලවය තුළ මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ කාර්යභාරය අපි වටහා ගෙන සිටින්නෙ. ව්‍යාජ නිදහසෙන් වසර 72 කට පසුව පවා අපේ රට තුළ විවිධ පීඩිත පන්ති, සමාජ කොටස් සහ ජාතීන්ගේ මූලික ගැටලූ විසඳලා නැහැ. කර්මාන්ත කම්කරුවන් ඇතුලූ සමස්ත කම්කරු පන්තිය තුළ දරුණු සූරාකෑමක් සහ කුරිරු පීඩනයක් දක්නට ලැබෙනවා. කෝටි ගණනක් කම්කරුවන් වීදිවලට ඇද දමා තිබෙනවා. ආසන්න වශයෙන ගම්බද ජනගහනයෙක් අඩකටම ඉඩම් හිමි නැහැ. ඉඩම් හිමි ගොවීන්ගෙන් සියයට 85 ක් දිළිඳු සහ පහල මධයම පන්තියට අයත් අයයි. ඔවුන්ට හිමි ඉඩම් ප‍්‍රමාණය අක්කර 5කට වඩා අඩුයි. පසුගිය දශක තුනක කාලය තුළදී සහ අධිරාජ්‍යවාදී ගෝලීයකරණය සිදුවුණු අඩ දශකයක කාලයක් තුළ තුන් ලක්ෂයක් ගොවීන් දිවි නසාගෙන තිබෙනවා. දරිද්‍රතාවය දැඩි ලෙස හිස ඔසවනවා. නැගී එන විරැකියාව සමග ශිෂ්‍යයින් සහ තරුණයින් අපේක්ෂා භංගත්වයට ඇද වැටී තිබෙනවා. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත අධිරාජ්‍යවාදීන්ගේ සහ මේ රටේ කොම්ප‍්‍රදෝරු ධනපතියන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මෝඩි රජය සකස් කළ ආක‍්‍රමණාකාරී ප‍්‍රතිපත්ති නිසා දැඩි ලෙස පීඩාවට පත් වෙමින් තිබෙනවා.


බ‍්‍රාහ්මණවාදී හින්දු ෆැසිස්ට් ප‍්‍රතිපත්ති මගින් දිගින් දිගටම පීඩිත කොටස් පහරකෑමට ලක් වෙමින් තිබෙනවා. කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන හිරිහැර දිනෙන් දිනම වැඩි වී තිබෙනවා. දාලිත් ජනතාවට එහෙරිව සිදු කරන නිර්ලජ්ජී සහ අමානුෂික ප‍්‍රහාර වැඩි වෙමින් තිබෙනවා. ෆැසිස්ට්වාදී රජය මිලියන ගණනක් ආදිවාසීන් සහ ගොවි ජනතාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ වගා කරමින් සිටි සිය වගා බිම්වලින් පලවා හැර තිබෙනවා. සියලූ පීඩිත ජාතීන් ඉන්දියානු ව්‍යාප්තවාදීන්ගේ යකඩ සපත්තුවලට පෑගී සිටින අතර ඔවුන්ගේ යුක්ති සහගත ස්වයං-තීරණය සඳහා වන අරගල පාගා දමමින් තිබේ.


ජන මාවත: අපිට කියන්න මහජන විමුක්ති ගරිල්ලා හමුදාව සහ ජනතාව පසුගිය දශක දෙකක කාලය තුළ මධ්‍යම සහ ප‍්‍රාන්ත රජයේ කුලී මිනීමරුවන් දියත් කළ ප‍්‍රතිවිප්ලවවාදී යුධ ආක‍්‍රමණ ගණනාවකදීම පෙරලා සටන් කළ ආකාරය.


දෙව්ජි: රජය එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ ඛෂක්‍ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නංවමින් රට තුළ පවතින විප්ලවීය ව්‍යාපාරය අතුගා දැමීමට කටයුතු කරයි. රජය එක් ප‍්‍රතිවිප්ලවීය මෙහෙයුමක් විප්ලවීය ව්‍යාපාරය මත එනම් පක්ෂය, මහජන විමුක්ති ගරිල්ලා හමුදාව සහ ජනතාව මත නිදහස් කොට ඇති අතර ඒ මගින් විප්ලවය තුළ ඔවුන්ගේ වටිනා ඵල නිකරුණේ විනාශ කර දැමීමට කැස කවයි. විවිධ ප‍්‍රති ගරිල්ලා බල ඇණි පිහිටුවා ඇති අතර, ඞීආර්ජී, ඞීවීඑෆ්, ඞීඑෆ් යන බල ඇණි දිස්ත‍්‍රික් මට්ටමින්ද, ගේ‍්‍රහවුන්ඩ්, සී-60, හෝක් බල ඇණිය, එස්ටීඑෆ්, එස්ඕජී, ජගුඅර් සහ තන්ඩර්බෝල්ට්, සහ සීආර්පීඑෆ් හි කෝබ‍්‍රා වැනි කොමාන්ඩෝ බල ඇණි ප‍්‍රාන්ත මට්ටමින්ද, ඒ හැර සීආර්පීඑෆ්, බිඑස්එෆ්, එයිටීබීපී, එස්එස්බී, සිඅයිඑෆ් සහ මධ්‍යම සංචිත බල ඇණිය යන පැරා මිලිටරි බල ඇණි සමග මුලූ සොල්දාදුවන් ගණන ලක්ෂ 6 ඉක්මවයි. මේ බල ඇණිවලට අමතරව පාලක පන්තිය මුලා කිරීමක් ලෙස ඉන්දියන් හමුදාවේ විශේෂ ඒකක 2020 දී යොදවා ඇත. මේ සියලූ බල ඇණිවලට එරෙහිව ජනතාවගේ සහයෝගය ඇතිව මහජන විමුක්ති ගරිල්ලා හමුදාව වීරෝධාර ලෙස සටන් වැද ඇත. පසුගිය දශක දෙකක කාලය තුළ ඉන්දියාවේ මහජන යුද්ධයේ ඉදිරි ගමන් මග වෙනුවෙන් සහෝදරවරු 4,520ක් දිවි පුදා ඇත. මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ජාන් ජගරාන්, සෙන්ඩ‍්‍රා, සාම කොමිටිය, හර්මාද් වාහිනී සහ සල්වා ජුදුම් වැනි විවිධාකාරයේ ධවල මිලීෂියාවන් සමග විප්ලවීය ව්‍යාපාරය පවතින වවිධ ප‍්‍රාන්තවල සටන් වැද ඇත.


මේ සියලූ ප‍්‍රතිවිප්ලවවාදී ආක‍්‍රමණ රටේ විප්ලවීය ව්‍යාපාරය මුලිනුපුටා දැමීමේදී නිරර්ථක කාර්යයක් බවට පත් විය. ඉන්පසු ඉන්දියානු පාලක පංතිය නැවතත් සමස්ත ඉන්දියාව පුරාම 2009 වසරෙදි හරිත දඩයම් මෙහෙයුම නමින් ආක‍්‍රමණයක් ආරම්භ කලා. පක්ෂයේ නායකත්වය යටතේ ජනතාව මත පදනම් වෙමින් සහ ඔවුන්ගේ සක‍්‍රීය දායකත්වය සමගින් මහජන විමුක්ති ගරිල්ලා හමුදාව සෑම මිලේච්ඡ ආක‍්‍රමණයකටම එරෙහිව ප‍්‍රති ප‍්‍රහාර ගැසිමේදී සාර්ථක වී ඇත. ජනතාවගේ සහ මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ වීරෝධාර අරගලයත් සමග මධ්‍යම සහ ප‍්‍රාන්ත රජයන් නැවතත් වරක් අසමත් වෙලා තිබෙනවා. ඔවුන්ට හරිත දඩයම් මෙහෙයුම නැමැති ප‍්‍රතිවිප්ලවවාදී මෙහෙයුම හරහා සිය අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට නොහැකි වුණා.


රට තුළ ප‍්‍රදේශ ගණනාවකම මහජන යුද්ධය තීව‍්‍ර වීමත් සමග පාලක පන්තියට තවත් ප‍්‍රති විප්ලවවාදී මෙහෙයුමක් අවශ්‍ය කොට තිබේ. ලෝකය පුරාම මතුවී තිබෙන ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස අධිරාජ්‍යවාදීහු ඉන්දියාව වැනි රටවල ස්වභාවික සම්පත් තවදුරටත් කොල්ලකෑමට නැඹුරු වී තිබේ. කොම්ප‍්‍රදෝරු පාලක පන්තිය අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම් සමග සිය ගණන් ගිවිසුම් අත්සන් කොට තිබේ. මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ රටේ පීඩිත ජනතාවගේ විරුද්දකම්පෑම වැඩිවෙමින් තිබෙන අතර පක්ෂයේ මහානුභාව සම්පන්න ආයුධය වන මහජන විමුක්ති ගරිල්ලා හමුදාව පාලක පන්තියේ ගමනට හරස් වී ඇත. විප්ලවීය ව්‍යාපාරය අතුගා දමන බවට ලංසු තබමින් ඔවුන් 2017 වසරේදී විවිධ මර්ධන යාන්ත‍්‍රණයන් සහිත ප‍්‍රතිවිප්ලවවාදී උපායව මාර්ගික ‘‘සාමධාන්’’ මෙහෙයුම ආරම්භ කොට ඇත.


මේ දුෂ්ට සමාජය විනාශ කරමින් නව රාජ්‍ය බලයක් ස්ථාපිත කිරීමට අවසන් ජයග‍්‍රහණය ලබා ගන්නා තෙක් සතුරු පන්ති සමග සටන් වදින්නට සිදු වන බව ජනතාව දනී. ජනතාව පක්ෂය සහ මහජන විමුක්ති හමුදාව සමගයි. මෙය ජනතාවගේ සැබෑ ශක්තියයි. මෙය පක්ෂයේ සහ මහජන විමුක්ති හමුදාවේ සැබෑ ශක්තියයි.


ජන මාවත: මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් පැහැදිලි කරන්න.


දෙව්ජි: මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ සාර්ථකත්වය පක්ෂයේ දේශපාලන-යුධමය දැක්ම මත පදනම් වේ. අපේ දැක්ම දිග් ගැස්සුණු මහජන යුද්ධයේදී පරීක්ෂා කරනු ලදුව පන්නරය ලැබ ඇත. මේ දැක්ම පදනම්ව මහජන විමුක්ති ගරිල්ලා හමුදාව මහජන මූල කඳවුරු සකස් කිරීමට සහ හැකි සෑම විටම සතුරු බල ඇණි මූලෝත්පාටනය කිරීමට මෙන්ම විප්ලවීය බලවේග ආරක්ෂා කර ගැනීමට කටයුතු කරයි. විප්ලවයේ ප‍්‍රධාන කාර්යය වන රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ ගැටලූවේදී බලය අවශ්‍ය කරයි. මහජන විමුක්ති ගරිල්ලා හමුදාව නිර්භීතව සටන් වැදුණු රටේ බොහෝ ස්ථානවල අපි ග‍්‍රාමීය ප‍්‍රදේශ ගණනාවකම ප‍්‍රාදේශිය අධිකාරිය විනාශ කොට දමා ජනතා රාජ්‍ය බලයේ අවයව ස්ථාපිත කොට ඇත. මෙය සුවිශේෂී දේශපාලන සාර්ථකත්වයකි.


අපි දිග්ගැස්සුණු මහජන යුද්ධයේ න්‍යායන් නිර්මාණශීලීව භාවිතාවේ යොදවමින් මහජන විමුක්ති ගරිල්ලා හමුදාව සංවර්ධනය කරමින් එය මහජන විමුක්ති හමුදාවක් බවට පරිවර්තනය කරමින් සිටිමු. අපි දැඩි ලෙසම අපේ මනෝමුලික ශක්තිය බලවත් කරගන්නට කටයුතු කරමින්, අපේ සටන් කිරීමේ හැකියාව සහ දේශපාලනික සහ සංවිධානමය වැඩ කටයුතු වලින් ව්‍යාපාරයේ ප‍්‍රදේශ ප‍්‍රසාරණය කර ගනිමින් සහ සතුරාගෙන් අවි අත්පත් කර ගනිමින් ගරිල්ලා යුද්ධය තීව‍්‍ර කිරීමෙහි නියැලෙමු. මේ ක‍්‍රියාවලියේදී පසුගිය 20 වසර තුළ විශාල ගරිල්ලා ක‍්‍රියාකාරකම් ගණනාවක් සිදු කරමින් ජංගම යුද්ධයේ ලක්ෂණ ඉස්මතු කොට ඇත.


අපි සාපේක්ෂව විශාල සතුරු බල ඇණි දන්දකර්ණයාහි මුක‍්‍රම් සහ බිජාපූර්හි කජාරා වැනි ඇම්බුෂ් මගින් මූලෝත්පාටනය කලෙමු. අපි කජාරා හිදී සතුරු බල සොල්දාදුවන්ගේ ප්ලැටූනයක් මුල්පිස දැමූ අතර මුක‍්‍රම් හිදී සිආර්පීඑෆ් කොම්පැනියක් මුල් පිස දැමීමු. මේ සෑම ප‍්‍රධාන සටනකදීම අපේ ජනතා බල ඇණි විශාල ප‍්‍රමාණයක යුද්ධෝපකරණ තොගයක් සතුරා වෙතින් අත්පත් කර ගත්හ. මේ විශාල ගරිල්ලා සටන් වලදී ජංගම යුධ මොඩලයේ සමහර ලක්ෂණ ඉදිරියට පැමිණියහ. පසුගිය 20 වසරක යුද්ධයේදී මහජන විමුක්ති ගරිල්ලා හමුදාව මධ්‍යම සහ ප‍්‍රාන්ත රජයේ සොල්දාදුවන් 3,058 දෙනෙකු මුලසුන් කර දැමූ අතර තවත් සොල්දාදුවන් 3,604 දෙනෙකුට තුවාල සිදු කළහ. අල්ලාගත් අවි ප‍්‍රමාණය 3,240ක් වන අතර උණ්ඩ වට ප‍්‍රමාණය 154,247 ක් වේ. මෙම ක‍්‍රියාවන් තාවකාලිකව කුලී හමුදාවන්ගේ ආක‍්‍රමණකාරීබව යම් තරමකට පාලනය කර දැමුහ. 2020 මාර්තු වලදී සිදු කළ මිනාපා ඇම්බුෂ් එක මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට අලූත් සහ ඉහල මට්ටමේ අත්දැකීමක් විය. එහිදී සතුරු බල ඇණියට මධ්‍යම සහ ප‍්‍රාන්ත බල ඇණි ලෙස වෙස් ගත් ඉන්දියන් හමුදාවේ විශේෂ ඒකකයක් ද අන්තර්ගත කොට තිබුණි. මෙය තවත් වැදගත් සාර්ථකත්වයකි.


යුද්ධෝපකරණ ඕනෑම යුද්ධයක වැදගත් සාධකයකි. මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ඒවා නිස්පාදනය කරයි. අර්වින්ද් සහෝදරයා (දේව් සින්ග් සහෝදරයා, 2018 දී දිවි පිදූ දේශපාලන මණ්ඩලයේ සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්) ගරිල්ලා බල ඇණි වලට සහය දීමට වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය නිස්පාදනය කිරීමට ආදර්ශවත් කැප කිරීමක් සිදු කළහ. ඔහු බිහාර් ජාක්හෑන්ඩ් ගරිල්ලා කලාපයේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පර්යේෂණ සිදු කොට මේ වටිනා අත්දැකිම් අනෙකුත් සියලූ පෙදෙස්වලට ලබා දුන්හ.


හරිත දඩයම් මෙහෙයුම පැවැති කාලයේ සිටම රජය විප්ලවීය ව්‍යාපාරයේ ප‍්‍රධාන ප‍්‍රදේශ වට කරමින්, සිවිල් සහ යුධ සැපයුම් අහිමි කොට ජනතාවට, පක්ෂයට සහ මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට පහර දෙමින් තිබුණද, අපි ප‍්‍රාදේශිය සම්පත් භාවිතා කරමින් විවිධාකාරයේ වැඩි දියුණු කරන ලද පිපුරුම් උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය සූදානම් කරමින් ගරිල්ලා යුද්ධයේ නියැලූණෙමු. රජය විසින් සිදු කළ දැඩි සැපයුම් අවහිර කිරීම් නොතකා මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට යුද්ධය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ජනතාව හරහා සපයා ගැනීමට හැකි විය. මෙය මහජන යුද්ධයේ තවත් ජයග‍්‍රහණයකි.
මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ සහ ජනතාවගේ ප‍්‍රධාන සාර්ථකත්වයක් පවතිනවා. අපට තිබෙන ධනාත්මක අත්දැකීම් පදනම් කරගෙන ඉදිරියේදී, කොතරම් ෆැසිස්ට්වාදී ආක‍්‍රමණ පැමිණියත් ඒවා සමග සටන් වැදිය හැකි බවට දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා.


මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ අසාර්ථකත්වයන් ගැන සැලකිල්ලට ගනිද්දී ගරිල්ලා යුද්දයේ නීති ක‍්‍රියාවට නැංවීම නොතකා හරින ලද සෑම මොහොතකදීම අසමත් වී ඇත. අනවශ්‍ය හානි මග හැර ගන්නේ නැතිව මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ ශක්තිය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම අසමත්කමකි. රට තුළ ප‍්‍රදේශ ගණනාවකදීම සතුරා එල්ල කළ ප‍්‍රධාන ප‍්‍රහාරයන් හිදී අපේ කාඩර්වරු විශාල සංඛ්‍යාවක් අපට අහිමි වූහ. 2011 වසරේ සිට අපි ප‍්‍රධාන වශයෙන්ම හානි වලින් පීඩා වින්දෙමු. මේ හානි ඍණාත්මක බලපෑමක් පෙන්නුම් කරන ලදහ. මේ බලපෑම් කාඩර්වරු බඳවා ගැනීම්වලට, කිහිප දෙනෙකුගේ ආත්ම විශ්වාසය බිඳ වැටීමට, දුර්වල කොටස් යටත් වීමට මෙන්ම සමහරු ද්‍රෝහීන් බවට පත් වීමට පවා හේතු වූහ. අපි තත්ත්වය, කාලය ගැන විමර්ශණයක් සිදු කොට නැවතත් අපේ භාවිතාවේ දුබලකම් නිවැරදි කරගන්නට උත්සාහ කරමින් සිටිමු. අපි නියත වශයෙන්ම අපගේ දුබලකම් සහ අත්වැරදීම් නිවැරදි කර ගන්නෙමු. නමුත් අසමත් වීම් වලින් අපට බාධා කළ නොහැක.
මහජන යුද්ධය අපරාජිතයි. මහජන හමුදාව අපරාජිතයි.


ජන මාවත: කොහොමද මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ජනතාව සමග සම්බන්ධ වෙන්නෙ?


දෙව්ජි: මහජන විමුක්ති හමුදාවේ එකම අරමුණ ජනතා රාජ්‍ය බලයක් නිර්මාණය කිරීමට සතුරාට එරෙහිව සටන් කරමින් ජනතාවට සෙවය කිරීමයි. අධිරාජ්‍යවාදය, කොම්ප‍්‍රදෝරු නිළධාරිවාදී ධනවාදය සහ වැඩවසම්වාදය යන පංති තුන පුලූල් මහ ජනතාවගේ ප‍්‍රධාන සතුරන් බව මහජන විමුක්ති ගරිල්ලා හමුදාව අනුකම්පා විරහිතව ප‍්‍රචාරය කරනු ලබයි. විප්ලවීය දේශපාලනය, පංති අරගලය තුළ සංවිධානය කිරීම සහ පීඩනයෙන් සහ අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් බිහි කිරීම සඳහා සූරාකෑමෙන් නිදහස් වීමට සංවිධානය කිරීමට මහජන විමුක්ති ගරිල්ලා හමුදාව කටයුතු කරනු ලබයි. ජාත්‍යන්තර නිර්ධන පංතියේ ශ්‍රෙෂ්ඨ නායකයෙකු වන මාඕ සහෝදරයා සූත‍්‍රගත කරන ලද දිග් ගැස්සුණු මහජන යුද්ධයේ න්‍යායන්, නීති සහ කාර්යයන් නිර්මාණශීලීව අපේ රටේ සුවිශේෂී තත්ත්වයන්ට ආදේශ කිරීම මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය විසින් සිදු කරනු ලබයි. පක්ෂය ජනතාවට සහ ජනතාවගේ සංස්කෘතියට ගරු කරනවා සේම පුලූල් ලෙස ජනතාවගේ සංස්කෘතික කාර්යයන්ට සම්බන්ධ වේ. පක්ෂය දැඩි ලෙසම පන්ති මාවත සහ ජන මාවත අනුගමනය කරනු ලබයි. පක්ෂය විවිධාකාරයෙන් ජනතාවට සේවය කරනු ලබයි. එය මගින් සෞඛ්‍ය පහසුකම් සපයනු ලැබේ. ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වේ. වන නිෂ්පාදන එකතු කිරීමට සහය ලබා දෙයි. පක්ෂය ජනතාවගේ අතිමහත් ආදරයට ගෞරවයට පාත‍්‍ර වී ඇත. ඉදිරියට ඇදෙන මහජන යුද්ධය ශක්තිමත් කිරීමට සිය වගකීමක් ලෙස ජනතාව ඔවුන්ගේ ආදරණිය තරුණ දරුවන් සහ දැරියන් මහජන විමුක්ති ගරිල්ලා හමුදාව වෙත එවයි. ජනතාව මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට බෙහෙවින් සමීප වන අතර එහි වැරදි විවේචනය කිරීමට කිසි ලෙසකින්වත් පසුබට නොවේ. මේ ආකාරයට මහජන විමුක්ති ගරිල්ලා හමුදාව පියවරෙන් පියවර පන්නරය ලබමින් සැබෑ සහ ශක්තිමත් මහජන හමුදාවක් බවට පත්වෙයි. මේ ක‍්‍රියාවලිය තුලදී පක්ෂය සහ එක්සත් පෙරමුණු ශක්තිමත් කරනු ලබයි.


ජන මාවත: මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ කාන්තා කාඩර්වරුන්ගේ නීර්භීත ක‍්‍රියාකාරකම් පිළිබඳව වාර්තා තිබෙනවා. ඔබ මෙම සංවර්ධනය ලබා ගත්තේ කෙසේද?


දෙව්ජි: කාන්තාවන් කියන්නෙ සමාජයේ සිටින අතිශයින්ම පීඩිත සමාජ කොටස. සමාජයෙන් අඩක්ම ඔවුන්. ඔවුන් දැවැන්ත ශක්තියක් මතු කරල පෙන්වලා තියෙනවා. අපේ පක්ෂය සහ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව පීතෘමූලිකත්වය වැනි සතුරන්ට එරෙහිව පන්ති අරගල විශාල ගණනකට නායකත්වය සපයලා සමාජය විවිධ පැති වලින් වෙනස් කරන්න කටයුතු තරල තිබෙනවා. අපේ පක්ෂය කාඩර්වරු අතර පෙරමුණු 3කින්, පක්ෂය, මහජන විමුක්ති ගරිල්ලා හමුදාව සහ එක්සත් පෙරමුණු සංවිධාන තුළ පීතෘමූලික ලක්ෂණ ඉවත දමන්න දැවැන්ත පරිශ‍්‍රමයක් දරා ඇත. ඒ හරහා ශක්තිමත් සහ නිර්මාණශීලී කාන්තා කාඩර්වරු සොයාගෙන තිබේ. මේ වන විටත් මහජන විමුක්ති ගරිල්ලා හමුදාවෙ කාන්තා ප‍්‍රතිශතය සියයට විස්ස සිට පනහ දක්වා පමණ වෙයි. මෙය රට තුළ ඔවුන්ගේ අභිලාශයන් නිරූපණය කරනවා. ඔවුන්ව සෑම මට්ටමකම සහ සෑම පෙරමුණකම නායකත්ව මට්ටමේ කාඩර්වරු විදියට සංවර්ධනය කරන්න අපිට කාර්යභාරයක් තිබෙනවා.


ජන මාවත: යුධ ක‍්‍රියාකාරකම් පිළිබඳව මහජන විමුක්ති හමුදාවේ ප‍්‍රතිපත්ති මොනවාද?


දෙව්ජි: පක්ෂය පන්ති මාවත සහ ජන මාවත පදනම් කරගනිමින් යුධ ක‍්‍රියාකාරකම් සඳහා වන ප‍්‍රතිපත්තියක් සූත‍්‍රගතකොට තිබේ. මහජන විමුක්ති ගරිල්ලා හමුදාව එය අනුගමනය කරයි. පාලක පන්තියේ සන්නද්ධ බල ඇණි වැඩි වශයෙන් සමන්විත වන්නේ පීඩිත පන්ති ජනයාගෙනි. එමනිසා ඔවුන්ගේ තුවක්කු ජනතාවට නොව ඔවුන්ගේ හාම්පුතුන්ට එල්ල කරන ලෙස මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ආයාචනා කරයි. එසේම ආරක්ෂක අංශ වලින් ඉවත් යන ලෙසත් ඔවුන්ට දිගින් දිගටම ආයාචනා කරනු ලබයි. මහජන විමුක්ති ගරිල්ලා හමුදාව යටත් වන හමුදාවක පුද්ගලයින් සමූලඝාතනය නොකරයි. එය තුවාල ලත් සොල්දාදුවන්ට ප‍්‍රතිකාර කරයි. නමුත් ජනතාවට සහ මහජන විමුක්ති හමුදාවේ කාඩර්වරුන්ට එරෙහිව සන්නද්ධ හමුදාව බිහිසුණු ප‍්‍රහාර එල්ල කරන ඕනෑම අවස්ථාවක අපි ප‍්‍රචණ්ඩ ප‍්‍රතිචාර දක්වමු. එය තද පොලිස් ඔත්තුකරුවන් සහ පන්ති සතුරන් විනාශ කර දමයි. පක්ෂයේ එක් දේශපාලනික කාර්යභාරයක් වන්නේ සතුරු බලඇණිද පීඩිත පංති කොටසක් ලෙස සංවිධානය කිරීමයි. යුධමය ප‍්‍රතිපත්ති උල්ලංඝණය කරන අයට එරෙහිව පක්ෂ කොමිටි විසින් විනය පියවර ගන්නවා.


ජන මාවත: මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට වෙනත් රටවල මාඕවාදී පක්ෂ සහ මහජන හමුදා සමග සම්බන්ධතා තිබේද?


දෙව්ජි: අපේ පක්ෂය සහ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ඉහළින්ම ඔසවනවා. එයට අපේ පක්ෂයේ මතවාදයන් සමග එකට සිටින කොමියුනිස්ට් පක්ෂයන් සහ මහජන හමුදාවන් සමග මතවාදී සම්බන්ධතාවයන් පවතිනවා. වසර ගණනාවකට කලින් මහජන විමුක්ති ගරිල්ලා හමුදාව නේපාලයේ මහජන විමුක්ති හමුදාවෙ කාඩර්වරුන්ට පුහුණුව ලබා දුන්නා. අපේ පක්ෂය ඊසානදිග පෙදෙස්වල සන්නද්ධ සංවිධානවල සටන් වලට සහය දක්වනවා. අපි පිලිපීනය, තුර්කිය, කුර්දිස්ථානය හා වෙනත් එවැනි සන්නද්ධ අරගලවල අත්දැකීම්වලින් ඉගෙන ගනිමින් සිටිනවා. මහජන විමුක්ති ගරිල්ලා හමුදාව පිලිපීනයේ නව මහජන හමුදාව සහ තුර්කි කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්-ලෙනින්වාදී) ගරිල්ලා හමුදාව වන ටික්කෝ සමග මතවාදීව අත්වැල් බැඳගෙන සිටිනවා.


ජන මාවත: පක්ෂයට, මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට සහ ජනතාවට ඔබ ලබාදෙන පණිවිඩය කුමක්ද?


දෙව්ජි: සමස්ත පක්ෂයම සහ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව දිග්ගැස්සුණු මහජන යුද්ධයේ න්‍යායන් සහ නීති අධ්‍යයනය කළ යුතුයි. එසේම බොල්ෂෙවික් විප්ලවය සහ චීනයේ, වියට්නාමයේ දිග්ගැස්සුණු මහජන යුද්ධය සහ දැනට රටවල් කිහිපයකම ඇදෙමින් තිබෙන දිග්ගැස්සුණු මහජන යුද්ධවල අත්දැකීම්වලින් සහ ඒවායෙන් ඉගෙන ගත හැකි දේවලින් ඉගෙනගෙන අවබෝධය පුලූල් කරගනිමින් පලදායී ලෙස මහජන යුද්ධය දියත් කිරීමට කටයුතු කළ යුතුයි. පක්ෂ කොමිටි සහ මිලිටරි නායකත්වය සුවිශේෂී විප්ලවීය භාවිතාවන්ට දිග්ගැස්සුණු මහජන යුද්ධය පිළිබඳව වන මාඕවාදී න්‍යායන් සහ නීති වල නිර්මාණශීලී භාවිතාවක් සිදු කිරීමට හැකි උපරිම වැදගත්කමක් ලබා දිය යුතුය. පසුගිය 50 වසරක කාලයක විප්ලවීය ව්‍යාපාරය තුළ තිබෙන මිල කළ නොහැකි අත්දැකීම් ඔවුන් අධ්‍යයනය කළ යුතුයි. විශේෂයෙන්ම පසුගිය මහජන විමුක්ති ගරිල්ලා හමුදාව පිහිටවූ පසු 20 වසරක ගරිල්ලා යුද්ධයේ අත්දැකීම්වගින් ඉගෙන ගෙන දේශපාලන වැඩ කටයුතු, මහජන වැඩ කටයුතු සහ යුධමය වැඩ කටයුතු වල ප‍්‍රවීණයින් වී නැවත නැගිටිමින් ශක්තිය සංචය කරගනිමින් වෙනස්වන තත්ත්වයන්ට අනුව රටේ සෑම කෙලවරකම දිග්ගැස්සුණු මහජන යුද්ධය ප‍්‍රසාරණය කළ යුතුයි. මේ ආකාරයෙන් පමණයි අපට තාවකාලික පරාජයන් මැඩ පවත්වාගෙන ශ්‍රේෂ්ඨ සාර්තකත්වයක් දක්වා මග පාදා ගැනීමට හැකි වන්නේ. පීඩිත පන්ති, සමාජ කොටස් සහ ජාතීන් අපේ පක්ෂයේ අරමුණු, එහි දැක්ම වටහා ගෙන බලසම්පන්න අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් පෙරමුණක් සඳහා සමගි විය යුතුයි. මේක තමයි මේ රටේ බිලියන 13ක් වන දැවැන්ත ජනතාවට විමුක්තිය උදාකරගත හැකි එකම ක‍්‍රමය.

call of MaoistRoad – 1 – english

call of MaoistRoad – 1 – english

 you can sign this text or you can propose emendments, or you can propose other text – 

All it will be publishes on maoistroad

COMMUNIQUE #1

Proletarians and oppressed people of the world, unite!

The way to oppose a war of this kind is to do everything possible to prevent it before it breaks out and, once it breaks out, to oppose war with war, to oppose unjust war with just war, whenever possible” (Mao, On Protracted War, May 1938).

The international situation entered the phase of inter-imperialist world war with the invasion of Ukraine by Russian imperialism, after that the US/NATO/European governments imperialists had unleashed a campaign and action to bring their own imperialist troops on the borders of Russia, using the puppet State of Ukraine, ruled by reactionary forces whose base includes Nazi revanchism.

Thus, inter-imperialist war from being a trend, entered a new phase, in which there is not a new cold war but a hot war for a new division of the world, which progressively sees all imperialist powers, capitalist states and bureaucratic capitalism states, tied to and dominated by the different imperialist countries, taking position to take part, whether they like it or not, in a new great world conflict that does not exclude the use of nuclear weapons and brings a devastating and destructive threat to the world.

In this context, the ongoing war in Ukraine does not require generic support for the Ukrainian proletarians and masses who are the first victims but, due to the action of the two imperialisms and the reactionary forces which are their operational arm in the country and have fueled the conditions for war, they still do not have within themselves any force able to oppose a resistance which will not be part of the maneuvers of the aggressor imperialist countries. It is needed the support only to those proletarian and anti-imperialist forces within the country which resist and fight against all imperialism and consider as their friends and allies all other proletarian and anti-imperialist forces fighting all over the world imperialists and reactionary states and governments, directly or indirectly involved in the war.

The best help we can give to the Ukrainian proletarians and masses is to fight our own imperialism, in our own country, united with all those who are fighting the same battle in the world against this war.

The inter-imperialist war is added to and intersect the world economic crisis and the pandemic which has aggravated it.

All this takes the fundamental laws of the world capitalist/imperialist system to their extreme consequences and shows again in an evident and striking form that imperialism, which has always been exploitation, misery, oppression of peoples, becomes war and reaction in the historical conjunctures determined by its own laws and contradictions.

Lenin pointed out that we are in the era of imperialism and proletarian revolution.

It means that the only response that the proletarians and oppressed peoples in all countries of all continents can give to the imperialist war is the proletarian revolution, developing it in each country according to the characteristics of that country and its position in the world system.

Either the revolution stops the imperialist war or the imperialist war creates conditions for the revolution.

The necessary revolution requires the construction, development and action of the communist parties of the proletariat, their internationalist unity and their common action.

Since a long time the Marxist-Leninist-Maoist Communists have been working for the construction of the Marxist-Leninist-Maoist Communist Parties, for the development of the revolutionary struggles of the proletariat and of the exploited and oppressed masses and in support of the people’s wars. Now they are called to take the field against the imperialist war. They must first of all organize and mobilize the working class, the proletarian masses in all its components, develop a united front of all the social and political forces that are against the imperialist war, build and deploy the militant force able to hit the State and governments within their own country and support all the forces in the world that hit and fight against US, Russian, European imperialists.

We need a common declaration, we need a common action and campaign, we need a permanent and strategic cooperation in the service of the struggle of proletarians and oppressed peoples in the world, for the new democratic and socialist revolution in every country and in the world

Maoistroad

March 4, 2022

24th november internationalist – Afghanistan – Message of the supporting Committee of the Indian People’s War in Afghanistan

At the call of the International supporting Committees of the Indian People’s War in Galicia and Italy

Unfortunately, despite the international supporting call of the Indian People’s War has reached at a crucial time at the level of proletarian internationalism, Afghanistan is witnessing the resurgence of the Taliban and the backstage games of the American occupiers, with the astonishing fall of the puppet regime and the Yankees on August 15, 2021. In the current situation, the contradiction of the imperialist essence in Afghanistan between the occupying imperialism of the United States and its allies on the one hand, and the imperialism of Russia and the social imperialism of China on the other hand is intense. What is preferable to the US imperialists is its hegemonic interests in Afghanistan and the region, and in view of the uncontrollable situation, we could not and will not be able to participate directly in our joint international struggle in support of the Indian People’s War.

Nevertheless, the supporting Committee of the Indian People’s War in Afghanistan will do its utmost to expose and condemn the crimes of the Indian government and to resist it! The reactionary government of India, led by Hindu fascists, has intensified its repression against the masses and the revolutionary people’s war in India. the new and more brutal stage of the genocidal operation of the reactionary and fascist Hindu state called “Prahaar” (3) have been setup to completely crush the Indian People’s War and CPI(Maoist), as well as the repressive fascist policies of the peasants, Adivas, Dalits, Intellectuals, workers, religious minorities and against the people of Kashmir, Assam or Manipur, and other heinous crimes against humanity, and the guard dogs of the international human rights of institutions associated related to imperialist institutions are mostly silent on the atrocities of the reactionary government of India and its gross violation of human rights.

The perpetration of all these atrocities is reasoned to make India a safe haven for capitalism and extraction of profits and the accumulation of capital for multinational corporations and the feudal and comprador classes. The ongoing struggle and revolutionary people’s war in India are part of the global struggle for new democracy, socialism and communism, and against semi-feudalism, capitalism and imperialism, and the sharp and winning edge of that struggle. It is the international responsibility of revolutionaries around the world to fight, expose and resist the crimes of the Indian government and the complicity of the imperialist powers, and to stand by the Indian revolutionary movement.

comrades!

As we have repeatedly reminded, we reiterate emphatically that:

“Over the years, especially since the Hamburg International Conference, the work and struggle in solidarity with the People’s Revolutionary War in India has made some progress. But it really wasn’t enough. The RIM must strive to build a strong global solidarity movement with the revolutionary people’s war in India. We must make serious efforts to expand the unity and ensure the unification of all forces that can unite in building a broad global solidarity movement and capable of continuous and orderly political action. The RIM must make it difficult for the reactionary government of India to easily escape the responsibility of its atrocities against the masses, the imprisonment and murder of revolutionaries and its other heinous crimes against the people.”

Let us commit ourselves for building a strong global solidarity movement with the People’s Revolutionary War in India and exposing and attacking the crimes of the Indian government and resisting it!

Long live the People’s Revolutionary War in India!

Long live the Communist Party of India (Maoist)!

Down the reactionary government of India!

the supporting Committee of the Indian People’s War in Afghanistan

November 24, 2021

www.cmpa.io

sholajawid2@hotmail.com

නොවැම්බර් 24 – ස්පාඥ්ඥය – ජාත්‍යන්තර සහයෝගිතා දිනය

නොවැම්බර් 24 – ස්විට්සර්ලන්තය – ජාත්‍යන්තර සහයෝගිතා දිනය