Blog Archives
සහෝදරවරුන් සමග ගමනේ…
Posted by veerasuriya
සහෝදරවරුන් සමග ගමනේ…
”අරුන්දතී රෝයිට වනයේ මාහැඟි සංචාරයක යෙදීම සඳහා විපුල අවස්ථාවක් හිමි විය. ඇය තහනම බිඳ දමමින් මාඕවාදීන් සමග ඔවුන්ගේ නිවහනේ දී සම්මුඛ සාකච්ඡාවල නියැලූණු පළමු වාර්තාකාරිය සහ ලේඛිකාව වන්නේය.
පසුගිය මාසයේදී කිසිවෙකුටත් නොදන්වා, නිහඬවම අරුන්දතී රෝයි තහනම් කරන ලද සීමාවක් වූ මධ්‍යම ඉන්දියාවේ දන්දකර්ණයා වනයට පිවිසීමට තීරණය කළහ. එය රාජ්‍ය අනුග‍්‍රහය ලත් මිනීමරුවන්ට සහ සූරාකන්නන්ට එරෙහිව අවි ගෙන සිටින මෙලාංගේ ආදිවාසී ජනතාවගේ නිවහනයි. ඇය පුද්ගලික අවධානමක් දරමින් සති ගණනක් තිස්සේ වනය පීරමින් සන්නද්ධ ගරිල්ලාවන්, ඔවුන්ගේ පවුල් සහ සහෝදරවරුන් සමග මුහුණට මුහුණ මාධ්‍ය හමුවල ‘‘ගැටෙමින්’’ සෑහෙන තොරතුරු ප‍්‍රමාණයක් වාර්තා කළහ. මේ ලිපිය දිල්ලියේ පළවන අවුට්ලූක් සඟරාවේ සිකුරාදා දිනයක පළ විය. වචන 20,000 ක් අන්තර්ගත අරුන්දතී රෝයිගේ මෙම ලිපිය ඩෝන් සඟරාවෙහිද (අරුණෝදය) අන්තර්ගතව ඇත.”
මෙම ලිපිය අරුන්දතී රෝයි විසින් සකසන ලද්දේ 2009 වසරේ තරම් ඈතකදී වුවත් මෙය සිංහලයට නගා ගැනීමට මෙතරම් කාලයක් ගතවීම අපේ පැත්තෙන් බැලූ කල සිදුව ඇති බරපතල ප‍්‍රමාදයකි.
ලිපිය බාගත කර ගැනීමට මෙතැන ක්ලික් කරන්න. To download file click here.
ඉන්දියාව: ඔඩිෂා හි සාර්ථක හර්තාලයක්… මහජන යුද්ධය ඉදිරියට…
Posted by veerasuriya
ඉන්දියාව: ඔඩිෂා හි සාර්ථක හර්තාලයක්… මහජන යුද්ධය ඉදිරියට…
ඉන්දියානු ප‍්‍රවෘත්ති ඒජන්සි වලට අනුව, ඉන්දියාවේ තහනම් පක්ෂයක් වන මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය හර්තාලයක් සහ වැඩ වර්ජනයක් සංවිධානය කොට තිබේ. එය ඔඩිෂා ප‍්‍රාන්තයේ දිස්ත‍්‍රික්ක 5 ක් මේ වන විට අඩපණ කොට ඇත.
හර්තාලය පවත්වන්නට හේතු වූයේ කුන්දුලි ප‍්‍රදේශයේ බාල වයස්කාර දැරියක් සමූහ දුෂණයට ලක් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසත්, මහානදී ප‍්‍රදේශයේ ආදිවාසී කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වා විසඳුමක් ලබා දෙන ලෙස බල කරමිනි. වාර්තා වලට අනුව දිස්ත‍්‍රික්ක 5 ක වාහන ගමනාගමනය අත්හිටවා ඇත.
එසේම මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරු විසින් ප‍්‍රතිවිප්ලවවාදියෙකු ලෙස හඳුනාගැනුණු මොහාන් මජ්ජි නැමැත්තා ඔක්තෝම්බර් 21 වන දින කන්ධමාල් සහ කලහන්දි දිස්ත‍්‍රික්ක සීමාවේ පිහිටි ලහිදි ගම්මානයේදී මරා දැමුණු බව ඔඩිසා රූපවාහිනිය වාර්තා කළහ.
තවද ඔක්තෝම්බර් 20 වන දින මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ ගරිල්ලා කොලමයක් විසින් දතේවාද හි, කමලූර් දුම්රිය ස්ථානය ආසන්නව තිබුණු දුම්රිය සැපයුම් සහ ඉදිකිරීම් යන්ත‍්‍ර විනාශ කර දැමුණි.
නක්සල්බාරි 50 වන සංවත්සරය වෙනුවෙන් හයිද්‍රාබාද්හි පැවැත්වූ කථා – ICSPWI
Posted by veerasuriya
නක්සල්බාරි 50 වන සංවත්සරය වෙනුවෙන් හයිද්‍රාබාද්හි පැවැත්වූ කථා – ICSPWI
Posted in CPI Maoist, ICSPWI, India, International, Maoism, naxalites, People's War, Revolution, Sinhala, Solidarity
Tags: CPI Maoist, India, Indian Revoluition, Naxalbari, Sinhala
ඉන්දියාව: හරිත දඩයම් මෙහෙයුම විජයග‍්‍රාහී බව රජය ප‍්‍රකාශ කරයි.
Posted by veerasuriya
ඉන්දියාව: හරිත දඩයම් මෙහෙයුම විජයග‍්‍රාහී බව රජය ප‍්‍රකාශ කරයි.
[නමුත් සත්‍ය වෙන එකකි: වසර 10ක් තුළදී මාඕවාදීන් ලෙස 40,000ක් පුහුණු කොට ඇත. – ෆ‍්‍රන්ට්ලයින් සංස්කාරක]
සන්දීප් පායි
තොරතුරු ලබා ගැනීමේ පනතට අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබා දුන් තොරතුරු වලට අනුව, පසුගිය වසර 10 තුළදී, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) පුහුණු කඳවුරු 489 ක් සංවිධානය කොට කාඩර්වරු 40,000 කට අධික පිරිසක් පුහුණු කොට ඔවුන්ට නවීන අවි ආයුධ, ගරිල්ලා යුධ පුහුණුව, ලබා දී ඇත.
මෑත මාස කිහිපය තුළදී ආරක්ෂක නිළධාරීන්ට මාඕවාදීන් විසින් එල්ල කළ ප‍්‍රහාරත් සමග එම අනාවරණය කිරීම් වැදගත්වී ඇත. එවැනි මාරාන්තික ප‍්‍රහාර වලට වසර ගණනාවක් තිස්සේ කාඩර්වරු 40,000 ක් පුහුණු කොට ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් වාර්තා කරගෙන තිබෙන දත්ත වලට වඩා පුහුණු කරන ලද කාඩර්වරුන්ගේ ප‍්‍රමාණය බෙහෙවින් ඉහළ අගයක් ගත හැකිය.
තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දුන් තොරතුරුවලට අනුව වසරින් වසර පුහුණු කඳවුරු ගණන ඉහළ ගොස් ඇත – 2003 දි 16 ක්ව තිබූ අගය 2010 දී 93ක් වී ඇත, පසුව 2014 දී 5 ක් දක්වා අඩු වී ඇත. අමාත්‍යාංශයේ නිළධාරීන් එම අඩුවීම හරිත දඩයම් මෙහෙයුමේ සාර්ථකත්වය ලෙස හුවා දැක්වුවද, විශේෂඥයින් පවසන්නේ කැරලිකරුවන් විසින් දිස්ත‍්‍රික්කවල කඳවුරු වෙනස් කරගෙන ඇති බවත් ඒවා ආරක්ෂක අංශවලට සොයා ගත නොහැකි බවත්ය.
‘‘හරිත දඩයම් මෙහෙයුම නිසා මාඕවාදීන්ට පෙර පරිදි පුහුණු කඳවුරු සංවිධානය කරන්නට නොහැකි වී ඇති’’ බව අනන්‍යතාවය හෙළි නොකළ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නක්සල් කලමනාකරණ ඩිවිෂනයේ වැඩ කරන නිළධාරියෙක් ප‍්‍රකාශ කළහ. 2009 නොවැම්බර් මස හරිත දඩයම් මෙහෙයුම දියත් කරමින් එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන රජය විස්තර කළේ පැරාමිලිටරි බල ඇණි සහ ප‍්‍රාන්ත පොලීසිය මගින් මාඕවාදීන්ට එරෙහිව ‘‘මුළු වැර යොදා’’ පහර ගැසිය යුතු බවයි.
‘‘ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට කඳවුරු ප‍්‍රමාණයෙහි සැබෑ සංඛ්‍යාව පිළිබඳ කිසිදු අදහසක් නැත. මේ සංඛ්‍යා ඔවුන්ගේ පරිකල්පනයන්ය. සැබෑ ප‍්‍රමාණය බෙහෙවින් විශාල විය හැකිය. මාඕවාදීහු කඳවුරු සහ කඳවුරු පෙදෙස් වෙනස් කරන විට, ආරක්ෂක අංශ සහ ප‍්‍රාන්ත පොලීසිය එකම ස්ථානය වෙතට ඇස ගසාගෙන සිටී.’’ මානව හිමිකම් ගැන ආසියානු මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂක, චක්මා පැවසූහ.
උදාහරණයක් ලෙස මහාරාෂ්ට‍්‍රා හි ගාද්චිරෝලි වල 2010 වන තෙක් එකදු කඳවුරක් වත් පවත්වා නොතිබිණි. 2010 වසරේ පටන් ආසන්න වශයෙන් කඳවුරු 10 සංවිධානය කොට කාඩර්වරු 1000 කට අධික පිරිසක් පුහුණු කොට තිබුණි. ‘‘මේ කඳවුරු ගැන ඔවුන් දන්නවනම් ඇයි මේ කඳවුරු ඉවත් කරන්නෙ නැත්තෙ’’ චක්මා අසයි.
ආරක්ෂක අංශ වලට බරපතලම තර්ජනය එල්ලව ඇත්තේ භාරතීය ජනතා පක්ෂය පාලනය කරන චටිස්ගාර්හ් වලිනි, එය ලැයිස්තුවේ ඉහළින්ම පවතී. ඉහත කාලය තුළදී මාඕවාදීහු වනගත ප‍්‍රදේශවල පුහුණු කඳවුරු 200ක් සංවිධානය කොට කාඩර්වරු 20,000 ක් පමණ පුහුණු කරන ලදි. ඊළඟ ස්ථානය වනුයේ පුහුණු කඳවුරු 136 කින් කාඩර්වරු 12,582 ක් පුහුණු කළ ජාක්හෑන්ඩ්ය. තුන්වෙනි ස්ථානයෙහි සිටින්නේ කඳවුරු 56 ක් තුළ කාඩර්වරු 4,136ක් පුහුණු කළ ඔරිස්සා හිදීය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව කඳවුරු සංවිධානය කිරීමට වඩාත් යෝග්‍ය දිස්ත‍්‍රික්ක ලෙස චටිස්ගාර්වල දන්තෙවාද, නාරායන්පුර් සහ ජාක්හෑන්ඩ් වල ගිරිදි සහ බොකාරෝ පෙදෙස් සඳහන්කොට ඇත. මේ දිස්ත‍්‍රික්කවල සමස්තයක් ලෙස කාඩර්වරු 15,000 කට අධික පිරිසක් පුහුණු කොට ඇත.
පුහුණු කඳවුරු වල ප‍්‍රධාන අංග දෙකකි-යුධමය සහ න්‍යායික යනුවෙනි. යුධමය පුහුණුවට ප‍්‍රධාන වශයෙන් ගරිල්ලා යුධකටයුතු, ඇම්බුෂ්, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම සහ නවීන අවි ආයුධ අන්තර්ගත වේ. සාමාන්‍යයෙන්, එවැනි පුහුණු කඳවුරක් දින 10 ක් හෝ 15 ක් තිස්සේ පවත්වන අතර, සමහර අවස්ථාවලදී මසකට වඩා වැඩි කාලයක් ගනු ලබයි. න්‍යායික පුහුණුවේදී කාඩර්වරුන්ට මාඕවාදී චින්තනය සවිස්තරව කියා දෙයි. එමෙන්ම ප‍්‍රධාන අරමුණු විස්තර කරයි.
ප‍්‍රාන්ත පොලීසිය විසින් කලින් තිබූ මාඕවාදී පුහුණු කඳවුරු වටලෑමෙන් ලබා ගත් තොරතුරු වලට අනුව එවැනි කඳවුරුවල සිදුකළේ කුමක්ද යන්න ගැන දළ අදහසක් ලබා ගත හැකිය. පොලීසිය සූර්ය පැනල, ටින් බෝම්බ වලට සවි කළ රේඩියෝ පද්ධති, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය එම කඳවුරු වලින් සොයා ගත්හ. ‘‘අළුතින් පුහුණු කරන කාඩර්වරුන්ට ළමයින් ද ඇතුළත් වන අතර ඔවුන්ටද නවීන අවි සහ පුපුරණ ද්‍රව්‍ය හැසිරවීමේ පුහුණුවක් ලබා දී ඇත. ඔවුන්ට පොලිස් වැටලීමකදී පලා යන ක‍්‍රමවේද සහ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේ විධි ද උගන්වා ඇත.’’ ගාද්චිරෝලි දිස්ත‍්‍රික්කයේ නක්සල්-විරෝධී මෙහෙයුම් ගැන ප‍්‍රසිද්ධියක් උසුලන, පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් රාහුල් ගෝපාල් පවසා ඇත.
අජිත් නිදහස් කරනු! – CPI (Maoist) CC ප‍්‍රකාශනය
Posted by veerasuriya
අජිත් නිදහස් කරනු! – ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) මධ්‍යම කාරක සභාවේ ප‍්‍රකාශනය
ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)
මධ්‍යම කාරක සභාව
16-05-2015
සහෝදර මුරලි සහ ඉස්මායිල් අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙලා දකිමු!
සියළුම ජ්‍යෙෂ්ඨ සහ රෝගී වී සිටින මාඕවාදී දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා අරගල කරන්න!
මහාරාෂ්ට‍්‍රා පොලීසියේ කුප‍්‍රකට නීතිවිරෝධී ඒකකයක් වන – ත‍්‍රස්ත-විරෝධී ස්ක්වේඩය (ATS) විසින් – අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වන මුරලි කන්නම්බල්ලි (අජිත්) පූනේ වලට ආසන්න තලිගාඔන් දභාදේ හි පිහිටි රෝහලක සිටින විට 2015 මැයි 8 වෙනි දින අත්අඩංගුවට ගනු ලැබූහ. ඔහුව බලාකියා ගැනීමට රෝහලට පැමිණි සහෝදර ඉස්මායිල් හම්ෂා චිරග්පල්ලි ද අත්අඩංගුවට ගනු ලැබූහ. පැය ගණන් තිස්සේ ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරනු ලදුව පසු දින ඔවුන් මුහුණු ආවරණය කොට අත් වලට මාංචු දමා උසාවියට ඉදිරිපත් කළහ. උසාවියට ගෙන යන අතරතුර මාධ්‍යයට කතා කරමින් මුරලි සහෝදරයා, තමා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) සාමාජිකයෙකු නොවේ යැයි කිසිවිටෙකත් ප‍්‍රකාශ නොකළහ. නමුත් ප‍්‍රතිකාර ගැනීම සඳහා රෝහලට යන අතරතුර අශෝබන නීතිවිරෝධී සහ අමානුෂික ආකාරයට අත්අඩංගුවට ගැනීම ගැන විරෝධය පළ කළහ.
අත්අඩංගුවට ගන්නා මොහොතේ නීතිවේදියෙකු ගේ සහය පැතීමට ඇති අයිතියද ඔවුහු ප‍්‍රතික්ෂේප කළහ. ත‍්‍රස්ත-විරෝධී ස්ක්වේඩය විසින් ගොඩ නගා තිබූ චෝදනා මතුපිටින් බලා, විනිශ්චය කලින් සැලසුම් කළ ආකාරයට ‘‘බැලූ බැල්මට ජාති-විරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධයැයි’’ ඔවුන්ව විත්තිකාරයන් කොට ත‍්‍රස්ත-විරෝධී ස්ක්වේඩයේ සිරභාරයට පත් කළහ. පසුව දිල්ලි, මහාරාෂ්ට‍්‍රා, අන්ද්‍රා ප‍්‍රදේශ් සහ චටිස්ගාර්හ් යනාදී විවිධ මධ්‍යම සහ ප‍්‍රාන්ත විශේෂ බුද්ධිතොරතුරු ඒජන්සි විසින් මුරලි සහ ඉස්මායිල් දැඩි ප‍්‍රශ්න කිරීම් වලට ලක් කළ අතර ඒ කාලය තුළදී, කිහිප වාරයකදීම ඔවුන්ගේ සිරගතකාලය දික් කරනු ලැබූහ. ඉන්දියානු දණ්ඩ නීති සංග‍්‍රහයේ (IPC) විවිධ වගන්ති සහ ඉතා දරුණු පනතක් වන නීතිවිරෝධී ක‍්‍රියාකාරකම් වැළැක්වීමේ පනත (UAPA) වැනි පනත් ඔවුන්ට එරෙහිව යොදා ව්‍යාජ නඩු ගණනාවකටම ඔවුන්ව හසු කරනු ලැබූහ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) මධ්‍යම කාරක සභාව ඉන්දීය රජය විසින් සහෝදර මුරලි සහ ඉස්මාල් නීති විරෝධීව අත් අඩංගුවට ගැනීම දැඩි ලෙසම හෙළා දකියි. මුරලි ට අවශ්‍ය සියළු ම වෛද්‍යාධාර ලබා දෙන ලෙසත්, ඔවුන්ට එරෙහිව ගොනු කොට ඇති සියළුම නඩු ඉවත් කොට කොන්දේසි විරහිතව ඔවුන් නිදහස් කරන ලෙසත් බල කොට සිටී.
මුරලි විප්ලවීය ව්‍යාපාරයට සම්බන්ධවූයේ 1976 මැද භාගයේදී කොෂිකෝඩි, කලාප ඉංජිනේරු විද්‍යාලයේ අධ්‍යයනයේ නියැලෙන අතරේදීය. 1976 පෙබරවාරි වලදී, විප්ලවවාදීහු රිටි, ලී දඬු සහ ගෘහස්ථ ආයුධ රැගෙන ගාස් කොෂිකෝඩි වල පෙරම්බ‍්‍රා වලට ආසන්න කයන්නා පොලිස් ස්ථානයට පහර දී ආයුධ අල්ලා ගත්හ. මේ සිදුවීමට සම්බන්ධ යැයි මුරලි ඇතුලූ 18 දෙනෙකුට පොලීසිය චෝදනා කළහ. එලෙස චෝදනා ලැබූවන්ගෙන් එක් අයෙකු වූ මුරලි සමග සිටි ශිෂ්‍යයෙකු සහ සමීප අයෙකු වූ පී රාජන් කොෂිකෝඩි අසල පොලිස් කඳවුරෙහි තබා ගනිමින් අත් අඩංගුවේ සිටියදී වධ දී මරා දමනු ලැබූහ. මේ සිදුවීම දැවැන්ත මහජන විරෝධතාවයකට හේතු වූ අතර කේරලයේ ප‍්‍රධාන අමාත්‍ය කේ කරුණාකරන් ඉල්ලා අස්වූහ. මුරලිද රඳවා තබා ගනිමින් පොලීසිය විසින් ප‍්‍රශ්න කරනු ලැබූහ. පොලීසියට ඔවුන්ගේ චෝදනා සනාථ කර ගැනීමට නොහැකි වූ නිසා අධිකරණය විසින් ඔවුන් සියල්ලන්ම නිදහස් කරනු ලැබූහ. නමුත් 1976 වන විට සිය අධ්‍යයන කටයුතු අත්හැර දැමූ මුරලි වෘත්තීය විප්ලවවාදියෙකු ලෙස විප්ලවීය ව්‍යාපාරයට එක්වූහ.
1970 දී සමස්ත ඉන්දියාවේම ව්‍යාපාරය පසුබැසීම් සහ බෙදීම් වලට ලක්වූවාට පසුව, මුරලි සහ කේරලයේ අනෙක් සහෝදරවරු කොටස් වලට කැඞී සිටි අව්‍යාජ විප්ලවීය බලවේගයන් එක්සත් කරන්නට දැඩි වෑයමක් ගත්හ. මේ වෑයමෙහි ප‍්‍රතිඵලයක් ලෙස රවූෆ් සහෝදරයා සහ අනෙකුත් විප්ලවවාදීන් විසින් නායකත්වය දුන් අන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රතිසංවිධාන කමිටුව සමග ඒකාබද්ධවීමෙන් කේ වේනු සහ කේ එන් රාමචන්ද්‍ර විසින් නායකත්වය දුන් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) [ප‍්‍රතිසංවිධාන කමිටුව] ඉදි කරන ලදි. පසුව 1979 දී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්-ලෙනින්වාදී) මධ්‍යම ප‍්‍රතිසංවිධාන කමිටුව බිහි කරන ලදි. මුරලි ප‍්‍රතිසංවිධාන කමිටුව සහ මධ්‍යම ප‍්‍රතිසංවිධාන කමිටුව යන දෙකෙහිම ප‍්‍රමුඛ පෙලේ සාමාජිකයෙකු විය. චාරු මෂුම්දාර්ගේ සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්-ලෙනින්වාදී) මතවාදී-දේශපාලන-යුධමය දැක්ම ආරක්ෂාකොට නගා සිටුවීමට සහ කේ එන් රාමචන්ද්‍රගේ දක්ෂිණාංශික පීලිපැනීමට සහ යටත්වීම්වාදයට එරෙහිව ද ඉන් පසුව කේ වේනු ගේ මාක්ස්වාදී විරෝධී දැක්මට එරෙහිව තියුණු මතවාදී අරගලයක් අඛණ්ඩව පැවතිණි. මේ අරගලවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ මුරලි සහෝදරයා 1990 දී රාමචදැන්ද්‍ර සහ වේනු ගේ දියකරහැරීම්වාදී දැක්ම ඉවතලමින් මාක්ස් ලෙනින්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මාඕවාදී එක්සත් මධ්‍යස්ථානය පිහිටුවීමට නායකත්වය දුන් සහෝදරවරුන්ගෙන් කෙනෙකු විය. නොබෝ කලකින්ම රාවූෆ් සහෝදරයාගේ නායකත්වය යටතේ 1998 දී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි පිහිටුවන ලදි. එහිදී මාඕවාදී එක්සත් මධ්‍යස්ථානය සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි ඒකාබද්ධ වූ අතර මුරලි එහි මධ්‍යම කාරකසභාවේ සාමාජිකයෙකු විය. ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි හි ආරම්භක ලේකම් වූ රාවූෆ් 2006 දී වියපත්වීම නිසා හටගත් රෝගී තත්ත්වයන් හේතුවෙන් විශ‍්‍රාම ගන්නා විට එහි ලේකම් ලෙස වැඩ භාරගත්හ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි අතර එක්සත්වීමේ කටයුතු ඒ වනවිටත් ආරම්භ වී තිබුණ අතර එය කාලයක් තිස්සේ පවතිමින්, අවසානයේදී එය 2014 මැයි වලදී එම පක්ෂ දෙක ඒකාබද්ධවීමෙන් අවසන්විය. මේ එක්සත්කම සාක්ෂාත් කරගැනීමට මුරලි සහෝදරයා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි පැත්තෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ. එතැන් සිට ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) හි මධ්‍යම කාරකසභාවේ සාමාජිකයෙකු ලෙස සිය වගකීම් ඉටු කළහ.
මේ ආකාරයට, ඔහුගේ විප්ලවීය ජීවිතයේ දශක ගණනාවක් මුළුල්ලේ මුරලි සහෝදරයා රට තුළ සහ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ සංශෝධනවාදයේ විවිධ පැහැයන්ට එරෙහිව මාක්ස්-ලෙනින්-මාඕවාදය ආරක්ෂා කිරීමේ අරගලයට දායකත්වය ලබා දුන්හ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) මධ්‍යම ප‍්‍රතිසංවිධාන කමිටුව පිහිටවූ කාලයේ සිටම, දශක ගණනාවක් තිස්සේ මුරලි සහෝදරයා ජාත්‍යන්තර පරිමාණයේ වැඩ කටයුතුවල නිරත වූහ. ඉන්දියාවේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය වර්ධනය කිරීමට සෑම ප‍්‍රාන්තයකම මහජන යුද්ධය දියත් කළ යුතුයැයි හැමවිටම මතු කළ ඔහු ඒ වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කළහ. ඔහු කේරලයේ සහ වෙනත් ප‍්‍රාන්ත කිහිපයකම විප්ලවීය ව්‍යාපාරය දියුණු කිරීමේ ප‍්‍රයත්නයන්හි නියැළුණු අයෙකි. කාඩර්වරුන්ගේ දේශපාලන අධ්‍යාපනය සඳහා අඛණ්ඩව වැඩ කළ ඔහු වෙහෙස නොබලා විප්ලවීය ප‍්‍රචාරක කටයුතු ගෙන ගියහ. ඔහු භූමි, ජාති, බන්ධනම් (ඉඩම්, කුළය, වහළ්කම) 2002 දී පළවුණු කේරලයේ සමාජ සම්බන්ධතා ගැන මාක්ස්වාදී දෘෂ්ඨියෙන් යන පොත්වල කතෘ විය. ඔහුව අත්අඩංගුවට ගැනෙන කාලය වන විට ඔහු කෘතියක නව සංස්කරණයේ වැඩ කටයුතු වල නියැලී සිටි අතර එහි ඉංග‍්‍රීසි පරිවර්තනය සම්පූර්ණ කොට තිබුණි. ඔහු දිනාගැනුමට ලොවක් ඇත (A World to Win), ජන මාවත (Mass Line) සහ නක්සල්බාරි යන සඟරා ගණනාවකම සංස්කාරක ධූරය දැරූ අතර දශක ගණනාවක් තිස්සේ විවිධ මාතෘකා යටතේ ලිපි විශාල ගණනක් රචනා කළහ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි එක් පක්ෂයක් බවට පත් වූවාට පසු විප්ලවීය අන්තර්ජාල සඟරාව වන පීපල්ස් මාර්ච් (ජනතාවගේ රැළිය) හි සංස්කාරකවරයෙකු විය.
මුරලි සහෝදරයා වසර කිහිපයකට ඉහතදී හෘද සැත්කමකට මුහුණ දුන් බැවින්, ඔහුට නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත් වීමට අඛණ්ඩ අත්උදව් අවශ්‍ය වූහ. ජනතාවට සේවය කිරීම සඳහා මුරලිගේ ජීවිත කාලය පුරා පැවති කැපවීම නිසා ආශ්වාදයට පත්, ඉස්මායිල් හම්ෂා චිරප්පල්ලි සහෝදරයා, සිය උපකාරය පුද කොට ඔහුට අවශ්‍යවම තිබූ උදව් පදව් සපයමින් සිටියහ. ඉස්මායිල් සහෝදරයා රටේ විප්ලවීය ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වෙනුවෙන් සිදුකළ පරාර්ථකාමී මෙහෙවර වෙනුවෙන් අපේ මධ්‍යම කාරකසභාව සතුට ප‍්‍රකාශ කරන අතර ඔහුට විප්ලවීය සුභපැතුම් එක් කරයි. ඉන්දියානු රජය රෝගියෙකු සහ ඔහුගේ උදව්කරුවෙකු රෝහලේදී අත් අඩංගුවට ගෙන ඔවුන්ව සිරකුටියට තල්ලූකර දැමීමට ගත් තීරණය පාලක පංතිය විසින් මාඕවාදී විප්ලවවාදීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් මර්ධනය කිරීමේදී යොදවන අන්ත ක‍්‍රෑරත්වය ගැන හඬගා කියයි.
මුරලි සහෝදරයා අත්අඩංගුවට ගැනීම වූ කලී විප්ලවීය ව්‍යාපාරයට එරෙහිව ඉන්දීය පාලක පංතිය රටපුරා ගෙන යන ප‍්‍රතිවිප්ලවවාදී යුද්ධයේ එක් අංගයකි. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) මැඩ පැවැත්වීමට සහ නායකත්වයේ සිටින විප්ලවීය ජනතාව අහිමිකරදැමීමට, ප‍්‍රතිගාමී රජය සෑම ආකාරයකින්ම පක්ෂයේ සෑම මට්ටමකම නායක සහෝදරවරු සහ විශේෂයෙන්ම එහි උපායික මධ්‍යම නාකත්වය දැඩි විනාශයකට ලක් කිරීමට උපක‍්‍රම යොදයි. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) පිහිටවූ දා සිටම, මධ්‍යම කාරකසභාවේ සහෝදරවරු ගණනාවක් ව්‍යාජ හේතු මත අත්අඩංගුවට ගෙන සිර කුටි තුළ භයංකර තත්ත්වයන් යටතේ වසර ගණනාවක් තිස්සේ නිකරුණේ කල් ගෙවීමට සලස්වා ඇත. මධ්‍යම කාරකසභාවේ සහෝදරවරු කිහිපදෙනෙක් ප‍්‍රාන්තය තුළ ව්‍යාජ ගැටුම් වලින් සැලසුම්ගත ක‍්‍රමයකට මරා දමා ඇත. මාඕවාදී ව්‍යාපාරයට හානි කිරීමට බෙහෙවින් ක‍්‍රෑර, මායාකාරී, වංචනික හරිද දඩයම් මෙහෙයුමේ තෙවන අදියර දියත් කිරීමට නාස්ති කිරීමට තරම් කාලයක් නොමැති බ‍්‍රාහ්මණ හින්දු-ෆැසිස්ට්වාදී භාරතීය ජනතා පක්ෂය පසුගිය වසරේ බලයට පත්වූ දා සිටම එවැනි ප‍්‍රහාර එල්ල කිරීම තීව‍්‍ර කොට ඇත. මුරලි සහෝදරයා අත් අඩංගුවට ගැනීම වූ කලී මෙහි ප‍්‍රතිඵලයකි.
ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි එක් පක්ෂයක් බවට පත් වීමෙන් සතුරා තැතිගැන්වීමට පත් වුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මාඕවාදී ව්‍යාපාරය ශක්තිමත් වී ඇත. එක්සත්කම නිසා විශේෂයෙන්ම බටහිර ඝාට්ස් වල ව්‍යාපාරය ඉහළට නැගේවියැයි බියෙන්, එක්වීම නිවේදනය කළ මොහොතේ සිට මධ්‍යම සහ ප‍්‍රාන්ත රජයන් කේරල-කර්නාටක-තමිල්නාඩු ත‍්‍රිත්ව සන්ධිය තුළ තීව‍්‍ර කරන ලද ප‍්‍රති-විප්ලවවාදී සන්නද්ධ ව්‍යාපාරයක් ගෙන යමින් සිටී. ප‍්‍රාන්ත තුන තුළ විප්ලවවාදීන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් අත්අඩංගුවට ගැනීම පෙර නොවූ විරූ ලෙස ඉහළ යෑමක් පසුගිය වසර තුළ මේ කලාපය තුළ, විශේෂයෙන්ම කේරලය තුළ දක්නට ලැබිණි. තවදුරටත්, කේරලය තුළ පීඩිත ජනතාවගේ පැත්ත ගෙන සිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන, සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක‍්‍රියාකාරිකයින් සහ ප‍්‍රගතිශීලී පුද්ගලයින් රජය විසින් ඉලක්ක කරනු ලබන්නේ අත් අඩංගුවට ගැනීම්, නීතිවිරෝධී රඳවාගැනීම්, ප‍්‍රශ්න කිරීම්, ඔත්තු බැලීම්, අනපේක්ෂිත ව්‍යාජ නඩු, තර්ජන, විකෘති කරන තොරතුරු පතුරුවා හැරීමේ ව්‍යාපාර යනාදිය මගිනි. විශේෂයෙන්ම 2014 නොවැම්බර් වල දී බටහිර ඝාට්ස් විශේෂ කලාප කමිටුව විසින් දේශපාලන-යුධමය ව්‍යාපාරය ආරම්භ කලාට පසුව, පුද්ගලයින් දුසිම් ගණනක් පමණ හුදෙක් මාඕවාදීන් යැයි සැක කොට අත්අඩංගුවට ගෙන සිර කරනු ලැබූහ. සහෝදර මුරලි සහ ඉස්මායිල් අත් අඩංගුවට ගැනීමට සති කිහිපයකට පමණ පෙර පොලීසිය අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කාඩර්වරු සහ නායකයින් වන කොම්රේඩ් රූපේෂ්, ෂියානා, කන්නන්, අනූප් සහ වීරමනී කොයිම්බතවුර් වල දී අත් අඩංගුවට ගෙන ව්‍යාජ නඩු ගණනකට ඇද දැමූහ.
මේ අත්අඩංගුවට ගැනීම් වලින් පසුව, විශේෂයෙන්ම මුරලි සහෝදරයා අත්අඩංගුවට ගැනීමත් සමග, දකුණු ඉන්දියාවේ මාඕවාදී ව්‍යාපාරයේ ‘‘පිට කොන්ද බිඳ දැමූ බව’’ පාලක පංතිය ප‍්‍රකාශ කළහ. මාඕවාදී විප්ලවවාදීන්ගේ සමගිය නොඉවසූ සමහර පුද්ගලයෝ මේ අත්අඩංගුවට ගැනීම් සිදුවූයේ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි ඒකාබද්ධවීම ‘අසාර්ථක’ වීමේ ප‍්‍රතිඵලයක් නිසා යැයි හංවඩු ගසන්නට වූහ. තවත් බොහෝ දෙනෙකු වර්තමාන කේරලයට දිග්ගැස්සුණු මහජන යුද්ධය යෙදවිය නොහැකි බව ප‍්‍රකාශ කළහ. මෙවැනි තර්ක විතර්ක මගින් ඔවුහු කේරලයේ සහ බටහිර ඝාට්ස් වල මාඕවාදී ව්‍යාපාරය දැඩි ලෙස මුල් බැස ගැනීමට ඇති හැකියාව ගැන පීඩිත ජනතාවගේ සිත් සතන් තුළ සැකයන් වපුරන්නට වූහ. එවැනි ප‍්‍රකාශ, කෙසේ හෝ, සත්‍යයයෙන් තොරවූ අතර එවැනි අභිප‍්‍රායන් පොදුවේ පුළුල් පීඩිත ජනතාවගේ අභිලාශයන් තුළ නොවූහ. මෑතදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් වලින් බටහිර ඝාට්ස් වල ව්‍යාපාරය දැඩි පසුබෑමකට ලක් වී ඇති බවනම් සත්‍යයකි.
මුරලි සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම සුවිශේෂ එකක් වන අතර එය අපේ පක්ෂයට සහ මධ්‍යම කාරක සභාවට දැවැන්ත පාඩුවකි. මේ පරාජයන් මාඕවාදී ව්‍යාපාරයේ අසමත්භාවය හෝ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි ඒකාබද්ධ වීමේ අසමත්භාවයන් ලෙස දකින්නන් විප්ලවීය ව්‍යාපාරයක සැබෑ ශක්තියේ මූලාශ‍්‍ර සහ විප්ලවීය සමගියක සැබෑ හරය අවබෝධ කරගැනීමට අසමත්ව සිටී. විප්ලවීය බලවේගවල සමගියේ පදනම වන්නේ මතවාදී-දේශපාලන දැක්මයි, එය සෑම අව්‍යාජ එක්සත්කමක් සමගින්ම ශක්තිය වඩවා ගනී. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී), ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි සමග එක්සත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස නිරිත දිග කලාපයේ ව්‍යාපාරය අළුතින් පිබිදී බටහිර ඝාට්ස්හි නව යුධ පෙරමුණක් විවර කරමින් ශක්තිය වඩවා ගෙන ඇත.
අපේ පක්ෂය නිවැරදි විප්ලවීය දැක්මෙන් මග පෙන්වීමෙන් සහ නිවැරදි ප‍්‍රතිපත්ති සහ උපායයන් අනුගමනය කිරීමෙන්, බටහිර ඝාට්ස්හි ව්‍යාපාරය සැකයකින් තොරවම උච්චාවචනයන් හරහා අභීත ලෙස තාවකාලික පරාජයන් ජයගනිමින් ඉදිරිය කරා සිය ගමන ප‍්‍රතිවර්තනය කරනු ඇත. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී), මධ්‍යම කාරක සභාව මුරලි සහ ඉස්මායිල් සහෝදරවරු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙලා දකින ලෙසත් ඔහුට අවශ්‍ය කරන වෛද්‍යාධාර ලබා ගැනීමට ඉක්මනින්ම නිදහස් කිරීමට බල කරන ලෙසත් කේරලයේ සහ රට තුළ විප්ලවවාදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ප‍්‍රගතිශීලීන්ට – දේශපාලනික සහ සිවිල් අයිතිවාසිකම් සංවිධානවලට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී බුද්ධිමතුන්ට, කලාකරුවන්ට, ලේඛකයන්ට, නීතිවේදියන්ට, ශිෂ්‍යයින්ට සහ වැඩ කරන ජනතාවට ආයාචනා කර සිටියි. තවද ඉන්දීය රජය විසින් රට තුළ විවිධ සිර මැදිරි තුළ රඳවාගෙන සිටින සියළු වියපත් සහ රෝගී ජ්‍යෙෂ්ඨ මාඕවාදී දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට ප‍්‍රයත්න දරන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.
අභේ
මාධ්‍ය ප‍්‍රකාශක
මධ්‍යම කාරකසභාව
ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)
free ajith – the declaration of PCI(Maoist)
Posted by veerasuriya
free ajith – the declaration of PCI(Maoist)
———————————————————————————————
ඉන්දියාව – සහෝදර අජිත් වහා නිදහස් කරනු!
Posted by veerasuriya
ඉන්දියාව – සහෝදර අජිත් වහා නිදහස් කරනු!
India- Free Comrade Ajith!!!
මහාචාර්ය ජී හරාගෝපාල්, ආරක්ෂක කමිටුව, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ කමිටුව
වරාවරා රාඕ, සභාපති, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, ප‍්‍රාරම්භක, විප්ලවීය ලේඛකයින්ගේ සංගමය
රාජ්කිෂෝර්, සම ලේකම්, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ
මහාචාර්ය ජී එන් සායිබාබා, නියෝජ්‍ය ලේකම්, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ
වරාලක්ෂ්මී, ලේකම්, වීරසාම් ( විප්ලවීය ලේඛකයින්ගේ සංගමය)
මහාචාර්ය සී ෂෙෂායියා, සභාපති, ඒපීසීඑල්සී
මහාචාර්ය ජී ලක්ෂ්මන්, සභාපති, තෙලෙන්ගානා සිවිල් නිදහස් කමිටුව
ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිළිබඳ වූ ක‍්‍රියාකාරිකයි, බුද්ධිමතුන් සහ සිවිල් ස්වාධීනතා කොමිටි මහාරාෂ්ට‍්‍රා රජයට සහ මධ්‍යම රජයට බල කොට සිටී
කේ.මුරලිදරන් සහෝදරයා තදබල හෘදයාබාධයක් නිසා පුනේ රජයේ රෝහලට ඇතුලත් කොට තිබුණු බව මේ වන විට, රට පුරා සහ ලෝකය පුරා ජනතාව දැනගෙන තිබේ.
ඔහුගේ සාත්තුවට අයෙකු සිටිය යුතු වුවද පොලීසිය ඒ සඳහා ඉඩ දී නොමැති බැවින් ඔහු මාරාන්තික උපවාසයක් අරඹා තිබේ. පොලීසිය වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට එරෙහි වීමෙන් ඔහුව මාරාන්තික උපවාසයකට තල්ලූ කොට යවා ඇත. මේ වන විට සිරගතව සිටින ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් අස්ථිර තත්ත්වයකට එළඹ ඇත.
එබැවින්, මහාචාර්ය නෝම් කොම්ස්කි සහ සමස්ත රට පුරා සහ ලෝකය පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදෙසා සටන් වදින අනෙකුත් ක‍්‍රියාකාරිකයින් සමග අපි රජයට බල කොට සිටින්නේ ඔහුව තාවකාලිකව ඇප මත නිදහස් කොට රෝහලකට ඇතුල් කොට ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙසයි. මේ වන විටත් ඔහු හෘද රෝග නිසා බයිපාස් සැත්කමකට මුහුණ දී තිබේ. මේ තත්ත්වය උඩ අපි කේ. මුරලිදරන් සහෝදරයා ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කරමු.
මුරලි කන්නම්පිලි, හෝ කේ මුරලිදරන් නැතිනම් අජිත් සහෝදරයා (ලිපි වල පෙනී සිටියේ බොහෝ විට මේ නමිනි) ශිෂ්‍යයෙකුව සිටි මුල් දිනවලදී ම සිට කොමියුනිස්ට් දේශපාලනය හා සම්බන්ධ විප්ලවවාදියෙකු වූ ඔහු සිය ඉංජිනේරු උපාධිය හදාරන කාලයේදීම නක්සල්වාදී ව්‍යාපාරය වෙත ඇදී ගියහ. මුලින් සිසුවෙකු ලෙස ව්‍යාපාරයට සම්බන්ධ වූ මුරලි, පසුව එම ව්‍යාපාරයේම ප‍්‍රභාමත් ගුරුවරයෙකු බවට පත්වූහ. ඔහු දේශපාලන ආර්ථශාස්ත‍්‍රයෙහි සහ මාඕවාදී මතවාදය පිළිබඳ එහි සිටි විශිෂ්ඨතම විශාරදයෙකු විය.
ඔහු දැඩි ලෙසම කේ වේනුගේ ධනේශ්වර මතවාදයට විරුද්ධ වූ අතර කේරලයේ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්-ලෙනින්වාදී) මධ්‍යම ප‍්‍රතිසංවිධාන කමිටුව ස්ථාපනය කරමින් එහි විප්ලවීය ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමට සහ වර්ධනය කර ගැනීමට වෙහෙස නොබලා කටයුතු කළහ. ඔහුගේ ප‍්‍රධාන දේශපාලන වැඩ අතර භූමි, ජාති, බන්ධනම් (භූමිය, කුලය සහ දාසභාවය), ඉඩම් පිළිබඳ නව අධ්‍යයනයක්, ප‍්‍රතිසංස්කරණ, කුළය සහ කේරලයේ කෘෂිකාර්මික සම්බන්ධතා, එවේකියන්වාදයට එරෙහිවන්න, එක්සත් ජනපද විප්ලවීය කොමියුනිස්ට් පක්ෂයේ ආධානග‍්‍රාහී-සංශෝධනවාදී නායකයා බොබ් එවේකියන් පිළිබඳ මතවාදී විවේචනයක් යනාදිය වේ. ප‍්‍රමුඛපෙළේ මාඕවාදී චින්තකයෙකු සහ න්‍යායාචාර්යවරයෙකු ලෙස, අජිත් විසින් ලිංගය සහ කුළය හා සම්බන්ධ ගැටළු වලට මාඕවාදී දෘෂ්ටියෙන් යුතුව ඉතා වැදගත් ලිපි ගණනාවක්ම රචනා කරන ලදි. ඔහු, ලෝකය මුළුල්ලේ වූ විවිධ මාඕවාදී පක්ෂ සහ සංවිධාන වල සම්බන්ධීකාරක මධ්‍යස්ථානය වූ විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරය (RIM) විසින් පළ කරනු ලැබූ ජාත්‍යන්තර සඟරාව වූ ‘‘දිනාගැනුමට ලෝකයක් ඇත’’ (A World to Win)සඟරාවෙහි සංස්කාරක විය. කුඩා දරුවකුව සිටියදී සිය පියා වූ කරුනාකර මෙනොන් කන්නම්පිලි, එවකට මහජන චීන සමූහාණ්ඩුවේ, පීකිංහි ඉන්දීය තානාපති කාර්යාලයේ, උපදේශකවරයෙකු ව සිටියදී (1958-61) ඔහු සමග සංචාරය කරන්නට පුරුදුව සිටියහ. එහිදී ඔහු වරක් සභාපති මාඕට මල්දමක් පළඳවන්නට දුර්ලභ අවස්ථාවක් හිමිකර ගත්හ.
ඔහු පසුගිය වසරේ මැයි වලදී පූනේ වල ATS මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර, එතැන් පටන් යෙර්වාද සිරමැදිරියේ රඳවා ඇත. බයිපාස් සැත්කමකට මුහුණ දී සිටින හෘද රෝගියෙකු වූ ඔහු, පපුවේ හටගත් වේදනාවක් නිසා මේ මස 15 වෙනිදා රෝහල් ගත කළහ. කෙසේ හෝ, අධිකාරිය විසින් ඔහුට රෝහලට ඇතුල්වීමට පවා ඉඩ නොහළ අතර පසුව නැවත සිර කුටියට රැගෙන ගියේ මනා ප‍්‍රතිකාරවලින් තොරවය. මෙවන් තීරණාත්මක තත්ත්වයක දී කලට වේලාවට විශේෂඥ ප‍්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍යය, අධිකාරීහු අමානුෂික ලෙස මූලික අයිතිවාසිකම් පවා නොසලකා හැර ඇත. දුෂ්ට පනතක් වන නීතිවිරෝධී ක‍්‍රියාකාරකම් වැළැක්වීමේ පනත (UAPA) යටතේ රඳවාගෙන සිටිනු හැරුණු විට ඔහුට එරෙහිව වෙන කිසිදු චෝදනාවක් නැත. මේ දුෂ්ට නීතිය යටතේ කිසිදු වගවිභාගයකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන කිසිදු හේතුවකින් තොරව හෝ කිසිදු අපරාධ නඩුවකට ලියාපදිංචි නොකොට කිසිදු සාක්ෂියක් නොමැතිව රඳවා තබා ගන්නා අතර ඔහු මේ නීතියට ගොදුරු වූ තවත් එක් අයෙකි. ඇත්ත වශයෙන්ම, මුරලි සිරගත කොට සිටි පසුගිය මාස 15 තිස්සේ ඔහුව උසාවියට ඉදිරිපත් කරනු ලැබුවේ එක් වතාවක් පමණි.
මානව හිමිකම් ක‍්‍රියාධරයින් විසින් අධිකාරීත්වයට දැඩි ලෙස කියනු ලබන්නේ වහාම විශේෂඥ ප‍්‍රතිකාර මුරලිට ලබා දෙන ලෙසත්, එමෙන්ම අඩුම තරමින් ඔහුගේ පුතාට හෝ ඔහු සමග නැවතී ඔහුට සත්කාර කිරීමට ඉඩ ලබා දෙන ලෙසත් නැතිනම් සෞඛ්‍ය තත්ත්වයන් මත ඔහුට ඇප ලබා දෙන ලෙසත්ය. ලෝක ප‍්‍රකට බුද්ධිමතුන් සහ ශාස්ත‍්‍රීය සහ මානව හිමිකම් උපදේශකවරුන් වන නෝම් කොම්ස්කි, ගයත‍්‍රි චක‍්‍රවර්ති ස්පිවාක්, පාර්තා චටර්ජී, ආනන්ද් ටෙල්ටුම්බේ, ප‍්‍රභාත් පට්නායික්, බර්නාඩ් ඞී මෙලෝ, මීනා කන්දසාමි යන අය අත්සන් කළ මෑත ප‍්‍රකාශනයෙන් අධිකාරීන් අමතමින් ‘‘සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ කඩිනම් නඩු විභාගයක් මුරලිදරන් වෙනුවෙන් සහතික කරන ලෙසත් නැතිනම් ඇප මත ඔහුව නිදහස් කරන ලෙසත්’’ සිදු කළ ඉල්ලීම ඉන්දීය රජයේ නිහඬතාවයට හෝ නැතිනම් දේශපාලන සිරකරුවන් විනාශ කර දැමීමට සහ ඔවුන්ගේ හඬ නිහඬ කර දැමීමට ඇති අභිලාශයට එරෙහිව ජාත්‍යන්තර පරිමාණයෙන් සහයෝගීතාවයක් සහ විරෝධතාවයක් ඉස්මතු කරයි.
මහාචාර්ය ජී හරාගෝපාල්, ආරක්ෂක කමිටුව, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ කමිටුව
වරාවරා රාඕ, සභාපති, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, සම ආරම්භක, විප්ලවීය ලේඛකයින්ගේ සංගමය
රාජ්කිෂෝර්, සම ලේකම්, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ
මහාචාර්ය ජී එන් සායිබාබා, නියෝජ්‍ය ලේකම්, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ
වරාලක්ෂ්මී, ලේකම්, වීරසාම් ( විප්ලවීය ලේඛකයින්ගේ සංගමය)
මහාචාර්ය සී ෂෙෂායියා, සභාපති, ඒපීසීඑල්සී
මහාචාර්ය ජී ලක්ෂ්මන්, සභාපති, තෙලෙන්ගානා සිවිල් නිදහස් කමිටුව
හයිද්‍රාබාද්
2016 සැප්තැම්බර් 8
මාඕවාදී තොරතුරු බුලටීනය කියවන්න 2015- ජුලි-දෙසැම්බර්
Posted by veerasuriya
මාඕවාදී තොරතුරු බුලටීනය…
ඉන්දියාව – මාඕවාදී තොරතුරු බුලටීනය කියවන්න – 2015 ජුලි-දෙසැම්බර් – මධ්‍යම කාරක සභාව, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)
csgpindia@gmail.com
India – Read last Maoist information Bulletin _ CC PCI(maoist)- ask ICSPWI
csgpindia@gmail.com
Posted in CPI Maoist, ICSPWI, India, International, Maoism, naxalites, People's War, Revolution, Sinhala
Tags: CPI Maoist, India, Maoist Information Bulletin, Naxalbari, People's War
ඉන්දියාව – හිමද්‍රි සෙන් රෝයි ට විප්ලවීය උත්තමාචාරය
Posted by veerasuriya
ඉන්දියාව – හිමද්‍රි සෙන් රෝයි ට විප්ලවීය උත්තමාචාරය
කොමියුනිස්ට් සහ වෘත්තීය සමිති ක‍්‍රියාධර හිමද්‍රි සෙන් රෝයි අප අතරින් සමු ගනී.
පරිණත කොමියුනිස්ට් නායකයෙකු සහ වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයෙකු වූ සහෝදර හිමද්‍රි සෙන් රෝයි අප අතරින් වෙන් වී ගියහ. ඔහු සිරගතව සිටියදී පිළිකා රෝගයෙන් පීඩා විඳින්නට පටන් ගත්හ. 2008 පෙබරවාරි මස බටහිර බෙංගාල පොලීසියේ විශේෂ කාර්ය බලකායෙන් ඔහුව අත් අඩංගුවට ගන්නා ලදි. රජය ප‍්‍රකාශ කළේ ඔහු ඒ කාලය වන මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ බටහිර බෙංගාලයේ ප‍්‍රාන්ත ලේකම් බවයි.
දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිත නිදහස ලබාදෙන මෙන් සිදු කරන ලද මහජන ව්‍යාපාරවලින් සහ දිගුකල් ගෙනගිය නීතිමය අරගල මගින් මාස කිහිපයකට ඉහත දී ඔහු ඇප මත නිදහස් කෙරිණි.
Posted in CPI Maoist, ICSPWI, India, International, Maoism, naxalites, People's War, Revolution, Sinhala
Tags: CPI Maoist, India, Indian Revolution, Naxalbari, Revolutionary Comrades
ඉන්දියාවේ රතු බලය
Posted by veerasuriya
ඉන්දියාවේ රතු බලය
ඉන්දියාවේ මාඕවාදී ගරිල්ලන් දශක ගණනක් තිස්සේ ගෙනයන සැඟවුනු අප‍්‍රකට යුද්ධය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් කරන හෙලිදරවුවක් මෙම දෘෂ්‍ය පටය තුළ දැක්වේ. ඉන්දියානු ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය, කැරලිකරුවන්ගේ මනෝභාවයන් සහ අරගලයේ දිශානතිය ගැන යම් අදහසක් මෙයින් ලබාගත හැකිය.
දන්දකර්නයා වනය තුළට
Posted in CPI Maoist, India, International, Maoism, Revolution, Sinhala
Tags: CPI Maoist, Dandakarnaya, India, Indian Revolution, Maoism, Media Interview, Naxalbari, PLGA