Category Archives: Disaster

මී මැස්සන් අතුරුදහන් වීම සහ පෘථිවියේ අනාගතය ගැන

මී මැස්සන් අතුරුදහන් වීම සහ පෘථිවියේ අනාගතය ගැන

2015 නොවැම්බර් 2. දිනා ගැනුමට ලොවක් ඇත’ පුවත් සේවය. මීට වසර දෙකකට ඉහත දී, මී මැස්සන් (honeybees) සහ ලේඩිබග් (ladybugs – කුඩා කුරුමිණි විශේෂයකි) ඇතුළුව බඹර මැස්සන් (bumblebees) යන සත්ත්ව ප‍්‍රභේදයන්හි මියගොස් සිටි සතුන් 25,000 සහ 50,000 ක් වූ විශාල තොගයක් එක්සත් ජනපදයේ ඔරෙන්ගෝ හි දී සොයාගනු ලැබිණි. ඊට ටික කලකට පසු, කැනඩාවේ, ඔන්ටාරියෝ හි එල්ම්වුඩ් වලින් මැරුණු මී මැස්සන් මිලියන 37 ක් සොයා ගන්නා ලදී.

220px-Bees_Collecting_Pollen_2004-08-14

රොන් ගන්නා මී මැස්සෙක්

පසුගිය වසර 10 තුළ වැඩි වශයෙන්, මූලිකවම උතුරු ඇමෙරිකාවේ සහ යුරෝපයේ මී මැසි පාලකයන් විසින් මී වද වල පහළ වැටීම 30% හෝ ඊටත් වඩා වැඩි බව වාර්තා කෙරෙමින් තිබුණි. 2013 දී බි‍්‍රතාන්‍ය මී මැසි පාලකයින්ගේ සංගමය (BBKA) ඉතිහාසයේ වඩාත් නරකම වාර්ෂික මී මැස්සන්ගේ අඩුවීම වාර්තා කර ඇත. අඩුම තරමින් 34% මිය ගොස් තිබුණි. 2013 ශීත ඍතුවේ දී, බොහෝ ඇමරිකානු මී මැසි පාලකයන් 40% සිට 50% ක් දක්වා වන අඩුවීමක් හෝ, ඊටත් වඩා වැඩියෙන් – සමහර අවස්ථාවලදී මුළුමනින්ම වාගේ විනාශ වී යනු අත්දැක තිබුණි.

ශීත ඍතුවේ දී මී මැස්සන් විශාල ප‍්‍රමාණයක් මිය යාම සාමාන්‍ය දෙයකි, 19 වන සියවසේ මැද භාගයේ සිට ක‍්‍රමයෙන් අනුක‍්‍රමිකව වැඩිවන මරණයට පත් වීම් වාර්තා වී ඇත. නමුත් මෑත වාර්ෂික සංඛ්‍යාලේඛන වලින් පෙන්වන තත්ත්වය සාමාන්‍ය හෝ තිරසාර එකක් නොවේ. එක්සත් ජනපදයේ ජාතික කෘෂි කාර්මික සංඛ්‍යා ලේඛන පෙන්වන පරිදි මී මැස්සන් කෙතරම් අඩුවීදයත් 1947 දී මිලියන 6 ක් පමණ වූ මී වද ප‍්‍රමාණය 2008 දී මී වද මිලියන 2.4 ක් දක්වා පහත වැටී තිබුණු අතර එය 60% ක අඩු වීමකි.

250px-Bumblebee_October_2007-3a

බඹර මැස්සෙක් මලක් මත

මී මැසි ජනපද බිඳවැටීමේ අක‍්‍රමතාවය (Honeybee Colony Collapse Disorder – CCD), යන සහලක්ෂණය මී මැස්සන් ගහණය අඩු වීම සඳහා හේතුවන අතර, එය ඉතා ඉක්මනින් පියවර ගත යුතු අර්බුදයක් ලෙස හඳුනා ගෙන ඇත. 2007 සිට 2013 දක්වා, මිලියන 10 කට වැඩි මීවද ප‍්‍රමාණයක් මේ තත්ත්වය නිසා අහිමි වී ඇති බව ඇස්තමේන්තු කර ඇත. මීට අමතරව මී මැස්සන් විශාල සංඛ්‍යාවක් මිය යාම හැරුණු කොට, නොනැසී සිටින මී මැස්සන් ගේ සෞඛ්‍ය තත්ත්වය තිබෙනුයේ බරපතළ තර්ජනයක් යටතේ ය.

මෙම අර්බුදයේ මහත් කනස්සල්ලට හේතුවන මානය වනුයේ උදෑසන කෑම මේසයෙන් ප‍්‍රණීත සහ පෝෂ්‍යදායී අයිතමයන් අතුරුදන් වීමට ඇති හැකියාව නොවේ. මී මැස්සන් පැණි වලට වඩා මනුෂ්‍ය ජීවිත සහ පෘථිවියේ පරිසර පද්ධතිය සඳහා බෙහෙවින් වැදගත් වේ.

ලෝකයේ සපුෂ්ප ශාක විශේෂ බොහොමයක් සත්ත්වයින් මගින් පරාගනය වේ. (මෙයට සුළඟ මගින් පරාගනය වන තෘණ වර්ග වනතිරිඟු, බඩඉරිඟු සහ අනෙකුත් ප‍්‍රමුඛ බෝග ඇතුළත් නොවේ.) පරාගවාහකයින් පර පරාගනය අවශ්‍යවන සමහර විශේෂයන්ගේ අභිජනනය සහතික කරන අතර, ප‍්‍රධානතම දෙය වන්නේ අනෙක් ඒවා සඳහා ජාන විවිධත්වය සහතික කිරීමයි.

වඩාත් පොදු පරාගවාහකයින් වන්නේ මී මැස්සන්, විශේෂයෙන් හීලෑ හනිබී, එමෙන්ම වල් බම්බල්බී සහ අනෙකුත් කෘමීන්, කුරුල්ලන් සහ වෙනත් සතුන්ය. තනි හනිබී කෙනෙක්, බම්බල්බී කෙනෙක් හෝ සමහර අනෙකුත් පරාගවාහකයින් පැවැත්ම සඳහා තමන්ගේ සමූහය මත ර‍‍ඳා පවතින බැවින්, අනුක‍්‍රමයෙන් එකිනෙකා මිය යනවා වෙනුවට සමස්ත ප‍්‍රජාවම එකවරම විනාශ වේ. උදාහරණයක් වශයෙන්, මී මැසි ජනපදයක් බිඳ වැටීමේ දී, පැණි සහ මැසි රැජින ඉතිරිව සිටියත් අනෙක් මී මැස්සන් බොහොමයක්ම සාමාන්‍යයෙන් අතුරුදන්ව ඇති බව දක්නට ලැබේ.

220px-Bienen_auf_Wabe_2

රාමුව ඉවත් කළ මී වදයක්

මී මැස්සන් පමණක් නොව වෙනත් වර්ග වල පරාග වාහකයන්ගේ ගහණයද අඩුවෙමින් පවතී. 2013 ගිම්හානය තුළදී, එක්සත් ජනපද නැගෙනහිර වෙරල තීරයේ මොනාර්ච් සමනලූන්  – තැඹිලි සහ කළු වර්ණ දරන, සංකීර්ණ ජීවන ක‍්‍රමයක් ඇති, මෙක්සිකෝව දක්වා දිගු දුරක් සංක‍්‍රමණය වන – ඔවුන්ගේ ගහණය පසුගිය වසරේ 59% තෙක් ඇද වැටී තිබුණි. මෙය අනෙකුත් පරාග වාහක විශේෂයන්ට සිදුවන්නේ කුමක්ද යන්න පෙන්වන සංකේතයකි.

මිනිසුන් කෑමට ගන්නා ශාක වලින් තුනෙන් දෙකක් සහ ගෝලීය ආහාර බෝග නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සත්ත්ව පරාගණය මත රඳා පවතී. ලෝකය පුරා අනුභවයට ගන්නා සෑම ආහාර ශාක වර්ග තුනෙන් එකක ම සාර්ථක අස්වැන්න පරාගනය මත රඳා පවතී.  තවදුරටත්, ශාක සත්තුන්ගේ ප‍්‍රාථමික ආහාර මූලය වන බැවින් ප‍්‍රාථමික පරාගවාහකයින් අතුරුදන්වීම, නැත්නම් අඩු වීම, අපේ පෘථිවියට අප‍්‍රමාණ ප‍්‍රතිවිපාක අත්කර දෙනු ඇත.

එසේම, වල් මී මැස්සන් හා අනෙකුත් පරාගවාහකයින්ගේ අඩුවීම අස්වනු බෝගවලට බරපතල තර්ජනයක් එල්ල කරයි. විද්‍යාඥයන් සෑම ජනාකීර්ණ මහාද්වීපයකම ක්‍ෂේත‍්‍ර  600 ක් තුළ බෝග 40 කට වැඩි සංඛ්‍යාවක පරාගණය අධ්‍යයනය කොට බීජ සහ ඵල නිෂ්පාදනයේ දී වල් පරාගවාහකයින් මී මැස්සන් ට වඩා දෙගුණයක් ඵලදායී බව සොයාගෙන ඇත.

220px-Bienenwabe_mit_Eiern_und_Brut_5

මී වදයක බිත්තර සහ පිළවුන් සිටින අයුරු

ඇමෙරිකන් විශේෂඥයෙකු වන චාල්ස් රොබට්සන් විසින් විසි වන සියවසේ මුල් භාගයේ දී වාර්තා කරන ලද මී මැසි විශේෂ 109 න් අඩක් විනාශ වී ගොස් ඇත. ඉතිරිව සිටින වල් කෘමීන් විසින් සපයනු ලැබෙන පරාගනය, ශාක වල පුෂ්ප හටගන්නා කාලය සහ මී මැස්සන් ක‍්‍රියාකාරී වන කාලය අතර ඇති නොගැලපීම නිසා විශේෂිත ශාක පරාගණය කිරීමට ඔවුන්ට ඇති හැකියාව අඩකටත් වඩා පහත වැටීමත් සමග, දැඩි ලෙස පහත වැටී ඇත.

වෙනත් කිසිදු තනි සත්ත්ව විශේෂයක් මිනිසුන් වන අප පොදුවේ ලබා ගන්නා ආහාර නිෂ්පාදනයේ දී එතරම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු නොකරන බැවින්, මී මැසි ගහණය මියයාමේ ප‍්‍රතිවිපාකය අපේ ආහාර දාමයේ ඉහළ ම මට්ටම සමග ගැටී, අපේ පැවැත්ම සඳහා දැවැන්ත තර්ජනයක් මතු කරමින් තිබේ.

පරාගවාහකයන් අහිමි වීමේ දරුණු ප‍්‍රතිවිපාකයට උදාහරණයක් ලෙස නිරිත දිග චීනයේ ඇපල් හා පෙයර් පළතුරු වතු වල වල් මී මැස්සන් මුළුමනින්ම වාගේ විනාශව ගොස් ඇත. මෑත වසරවල් වල දී, ගොවියන්ට සිය ශාක හස්ත පරාගනයට ලක් කරන්නට පරාග බඳුන් ගෙන යමින් තීන්ත බුරුසු වල ආධාරයෙන් මලෙන් මල පරාගනය කිරීම ට සහ ඔවුන්ගේ ළමයි යොදා ගෙන ගස් මත නංවා ඉහළ තැන් වල ඇති මල් පොකුරු පරාගනය කරන්නට සිදු වී ඇත. එහෙත් ලෝකයේ ඇති සියළු බෝග අතින් පරාගනය කිරීම සඳහා මනුෂ්‍යන් ප‍්‍රමාණවත් නැත.

මී මැස්සන් ව මරන්නේ කුමකින්ද?

උග‍්‍ර පළිබෝධනාශක විෂ නිසා මී මැසි ගහනය විශාල පරිමාණයෙන් ඛාදනය වීමට හේතුවන ප‍්‍රධාන සාධකයක් බවට විද්‍යාත්මක සම්මුතියක් පවතී. සමහරවිට එය ජනපද බිඳවැටීමේ අක‍්‍රමතාවය නමැති සංකීර්ණ ගතිකත්වයට බලපවත්නා වඩාත් ප‍්‍රධානතම හේතු සාධය වනු ඇත. විදයාඥයෝ දුම්කොළ වල ඇති නිකොටින් වලට රසායනික ව සමාන නියෝනිකොටිනොයිඩ් ලෙසින් හඳුන්වන කෘමිනාශක කාණ්ඩයක් විශේෂයෙන් අවධාරණය කර තිබේ. නියෝනිකොටිනොයිඩ් වූ කලී විශේෂයෙන් ම එක්සත් ජනපදය තුල, සහ ලෝකයේ වඩාත් පුළුල් ලෙසින් භාවිතා කරන කෘමිනාශක වේ.

ladybug-daisy.jpg.adapt.945.1

ලේඩි බග්/ ලේඩි බර්ඩ්

ඉතා දරුණු හා නිදන්ගත විෂ ලෙස ප‍්‍රසිද්ධියක් උසුලන ඒවා, එක් මී මැස්සෙකුට පමණක් නොව, සම්පූර්ණ ජනපදය විෂ සහිත කරයි. මී මැස්සන් කෘමිනාශක-ප‍්‍රතිකාර කරන ලද ශාක වලින් දූෂිත වූ පැණි මී වද කරා ආපසු ගෙන ගොස්, සියලූ මී මැස්සන් සඳහා උග‍්‍ර විෂ සහිත ජීවන පරිසරයක් නිර්මාණය කරයි. විෂ වැඩි වීමෙන් මී මැස්සන්ගේ ‘මධ්‍ය ස්නායු පද්ධතිය’ විනාශ වීම නිසා ඔවුන් මංමුලාවට පත් වේ. අවසානයේදී මී මැස්සන් ට පියාසර කිරීමට හෝ නැවත ඔවුන්ගේ කූඩුව කරා යාමට මග සොයා ගැනීමට නොහැකි වනු ඇත.

ජනපද බිඳවැටීමේ අක‍්‍රමතාවයට බලපාන තවත් සාධකයක් වන්නේ මී මැසි ජනපද වලට කල්පවත්නා ලොකු අනතුරක් වන, වරෝආ ගුල්ලන් (Varroa mite) වැනි මීවද වල රැස්වී උපද්‍රව ඇති කරන කුඩා පරපෝෂිතයින්ය. 1987 දී වරෝආ ගුල්ලන් සොයාගනු ලැබූ විට එක්සත් ජනපදයේ මොන්සන්ටෝ, ඩොව්, බේයර් සහ යුරෝපයේ අනෙකුත් රසායනික නිෂ්පාදකයෝ පරපෝෂිත උවදුරට ක්ෂණික සහ ඉක්මන් පිළියමක් ලෙස ජානමය ලෙස වැඩිදියුණු කරන ලද කෘමිනාෂක සහ වල්නාශක විකුණමින් ආක‍්‍රමණකාරී ලෙස මී මැසි කර්මාන්තය ඉලක්ක කළහ. නමුත් මෙය මී මැස්සන්ට පරපෝෂිතයින් සමග සටන් කිරීමට ඇති ‘ස්වාභාවික ජාන ආරක්ෂාව’ දුර්වල කළ හැක. මොන්සැන්ටෝ බැසිලස් තුරින්ජෙයින්සිස් (Bacillus Thuringeinsis – BT )ලෙසින් හඳුන්වන කෘමිනාශකයක් ජානමය වශයෙන් වෙනස් කරන ලද බඩඉරිඟු වලින් නිෂ්පාදනය කළ අතර, එය වරක් මී මැස්සන් විසින් අවශෝෂණය කරගත් පසු ඔවුන්ගේ උදරයේ අභ්‍යන්තර ආවරණයේ ප‍්‍රතිගාහක වල බැඳීමෙන්, අභ්‍යන්තර උදර බිත්තිය බිඳවැටීමට ලක් වෙමින් මී මැස්සන් පහසුවෙන්ම බීජානු සහ බැක්ටීරියා වල හානියට පාත‍්‍රවේ. පරාග තුළ තිබී මී මැස්සන් ට ස්පර්ශ වන දිලීර නාශක ද ඔවුන්ගේ ප‍්‍රතිශක්තිකරණ පදධතිය දුර්වල කරයි. පෙනෙන විදියට ‘‘ප‍්‍රතිකාර’’ ප‍්‍රශ්නය බොහෝ සෙයින් උග‍්‍ර කොට ඇත.

එවැනි ව්‍යසනයක් හමුවේ අවබෝධයෙන් යුතු මිනිසුන්ගේ, විශේෂයෙන් පරිසරවේදීන්ගේ සහ මි මැසි පාලකයින් ගේ විරෝධතා වැඩි වන්නට වූ අතර, 2013 ආරම්භයේදී යුරෝපා ආහාර ආරක්ෂක අධිකාරිය මී මැස්සන්ට නිදන්ගත හානි පමුණුවන විශේෂිත නියෝනිකොටිනොයිඩ් කෘමිනාශක තුනකට එරෙහිව ප‍්‍රකාශයක් නිකුත් කළහ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, යුරෝපා කොමිසම මේ කෘමිනාශක සඳහා වසර දෙකක තහනමක් හඳුන්වා දෙන ලදි.

ඊට වෙනස් ආකාරයකින්, එක්සත් ජනපද රජයේ පරිසර ආරක්ෂණ ඒජන්සිය මී මැස්සන් මිලියන ගණනක් මිය යාම සඳහා වගකිව යුතු යැයි විශ්වාස කරන ජී.එම්.ඕ (GMO) කෘමිනාශකයට අනුමැතිය ලබා දුන්හ. කෘමිනාශකවල සාපේක්ෂ බර සහ වරෝආ ගුල්ලන් මී මැසි වද විනාශ වීමට හේතු වීම ගැන ‘‘සම්පූර්ණ විද්‍යාත්මක නිශ්චිතභාවයක් නොමැතිකම’’ යන අවසරය පදනම් කරගෙන, එක්සත් ජනපද රජය ඒවා භාවිතය තහනම් කිරීම ප‍්‍රතික්ෂේප කළහ.

Tetragonula_carbonaria_(14521993792)

Bee ලෙස හඳුන්වන කෘමි විශේෂය (Bee යනු මී මැස්සන් නොවේ. ඔවුන් මෙන්ම මල් පැණි රැස් කරන, වද බඳින, පරාගනයට දායක වෙන කෘමි වර්ගයකි)

කෙසේ වෙතත්, නියෝනිකොටිනොයිඩ් වලට දැමූ යුරෝපා තහනම මී මැස්සන්, මානව ජීවිත සහ පරිසරය ගැන සැලකිල්ලට ගෙන අවශ්‍යයෙන්ම සිදු කළ එකක් නොවේ. මෙම තහනම යුරෝපා හා එක්සත් ජනපද ආහාර කර්මාන්ත අතර ඇති තරඟය හා බෙහෙවින් සම්බන්ධ වන අතර, ඉන් අපේක්ෂා කළේ ඇමරිකානු සමාගම් වෙළෙඳ පොළට ප‍්‍රවේශ වීම වළක්වා ලීමයි. එපරිද්දෙන්ම, එක්සත් ජනපදය ‘‘සම්පූර්ණ විද්‍යාත්මක නිශ්චිතභාවයක් නොමැතිකම’’ යන සාධාරණිකරණය භාවිතා කළේ වත්මන් විද්‍යාත්මක පැහැදිලි කිරීම්වල නිරවද්‍යතාවය සැලකිල්ලට ගෙන නොවේ. මෙම රසායනික ද්‍රව්‍යය මගින් ජනතාවගේ ජීවිත නෂ්ටාවශේෂ කොට පරිසරය විනාශ කළද, එය ප‍්‍රධාන වශයෙන් ලෝක ආර්ථිකයට ආධිපත්‍යයක් පතුරන සහ සිය අධිරාජ්‍යයේ සේවාවට කැප ව සිටින එක්සත් ජනපදයේ දැවැන්ත සමාගම් ආරක්ෂා කිරීමටයි.

ජනපද බිඳවැටීමේ අක‍්‍රමතාවයේ සංකීර්ණ සාධක නොතකා, ලාභය කරා දිව යෑම වූ කලී ඔවුනොවුන් අතර දිවෙන හූයකි. උදාහරණයක් ලෙස, උපරිම ලාභ අපේක්ෂාවෙන්, එක්සත් ජනපදයේ මී මැසි ගොවිපලවල් කාර්මීකරණය කිරීම වූ කලී උපරිම පැණි පලදාවක් ලබා ගැනීමට බොහෝ විට මී මැස්සන් ට පරිභෝජනය සඳහා වත් මී පැණි ඉතිරි නොකරන තරම් වූ කෑදරකමකි. මේ මී පැණි ආහාරයට ගැනීම මී මැස්සන්ට හෝමෝනමය වාසි අත්කොට දෙන අතර, දිගු කලක් ඔවුන්ට තර්ජනය කරන පරපෝෂිතයින් සහ වයිරස් වලට එරෙහිව ආරක්ෂාව සලසා ගැනීමට ඔවුන්ට ඇති හැකියාව වැඩි කරයි. ඔවුන්ගේ මී පැණි වෙනුවට ඔවුන්ට ලබා දෙනු ලබන අධි ෆෘක්ටෝස් බඩඉරිඟු සිරප් එක මගින් ඔවුන්ගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වලින් ආරක්ෂා වීමට ඇති හැකියාව දුබල කරන බව විශ්වාස කෙරේ.

තීව‍්‍ර කරන ලද ගොවිතැනත් සමග (එමනිසා රසායනික ද්‍රව්‍ය මත පදනම්ව තිබෙන) උතුරු ඇමෙරිකාවේ සහ යුරෝපයේ පරාගවාහක විශේෂ වඳ වී යෑමේ අනුපාතය වඩා වේගවත්ව තිබෙන අතර එය ලතින් ඇමරිකාව, අප‍්‍රිකාව සහ ආසියාවේ මන්දගාමී තත්ත්වයක පසුවේ. මෙය පරාගවාහකයින් වඳ වී යෑම සහ පළිබෝධනාශක හා කෘමිනාශක අතර සම්බන්ධතාවයක් පවතින්නේය යන අදහස ඉදිරිපත් කරයි. එහෙත් වඩා සාම්ප‍්‍රදායික ගොවිතැන් ක‍්‍රම භාවිතා කරන සහ පළිබෝධනාශක හා කෘමිනාශක අඩුවෙන් භාවිතා කරන රටවල්, හැම තැනම වර්ධනය වෙමින් පවතින මේ තර්ජනය ට මුළුමනින්ම ගොදුරුව නැත.

විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට රසායනික ද්‍රව්‍ය දැඩි ලෙස භාවිතය නිසා එම රසායනික ද්‍රව්‍ය වල අතුරු ප‍්‍රතිඵල ලෙස රෝග සහ රෝගවාහකයින් පැතිරීමට අමතරව දේශගුණික විපර්යාස, වන විනාශය, වායු දූෂණය ද වැදගත් සාධක වේ.

දේශගුණික විපර්යාස, ස්වාභාවික වාස භූමි අහිමි වීමට හේතු පාදක වේ, භූමිය වෙනස් වීම නිසා නව වාසස්ථාන වලට අනුවර්තනය වීමේ තත්ත්වයට මුහුණ දීමේදී ශාක හා සත්ත්ව විශේෂවලට ගැටළු මතුවේ. මේ දේශගුණික විපර්යාස නිසා, බොහෝ ස්ථාන වල ශාක වල පුෂ්ප හට ගැනීමට පෙර මී මැස්සන් වර්ෂය තුළ ඉතා වේලාසනින්ම මතු වෙයි. එසේම, දේශගුණික විපර්යාස සහ දැඩි කුණාටු, වඩා ශීත ඍතු, වඩා උණුසුම් ග‍්‍රීෂ්ම ඍතුව සහ ඉඩෝරය, යන මේ සියල්ල පෝෂණ ඌණතාවය සඳහා හේතු සාධක වේ. කෙටියෙන් කිවහොත්, පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු මී මැසි ජනපද විනාශ වීමට වක‍්‍රව බලපෑවද, එම හානිය මී මැස්සන්ගේ සමූහ විනාශයට හේතු වෙන්නේ එහි කොටස් කරුවන් ලෙස විශාල පරිසර පද්ධති සහ පෘථිවියද ඇතුල් කර ගනිමිනි.

අධික ලෙස රසායනික ද්‍රව්‍යය භාවිතය, වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් නව වගා බිම් ඉදිකිරීම ඇතුළු තීව‍්‍ර කරන ලද ගොවිතැන භෝග අස්වැන්නෙහි සාමාන්‍යය සහ සමස්ත ආහාර නිෂ්පාදනය යන දෙකම වැඩි කොට ඇති බවට කිසිදු සැකයක් නැත. නමුත් මේ වාසි ලබා ගැනීමට භාවිතා කරන ක‍්‍රමවේදය පැදවෙනු ලැබෙන්නේ උපරිම ලාභ අත් කර ගැනීමේ බලාත්කාරය මගින් වන බැවින්, පෘථිවියට සහ ජනතාවට තර්ජනයක් මිස මානව වර්ගයාට විශාල වාසියක් ඇති නොකරයි.

විසඳුම්?

විනාශදායී ලෙස මීවද පහත වැටීමේ තත්ත්වය හමුවේ, එක්සත් ජනපද රජය සත්ත්ව විශේෂ හිඟ කමින් ගෝලීය ආහාර නිෂ්පාදනය ඇණ හිටීමට හේතුවන සතුන් ආරක්ෂා කර ගැනීමට ඩොලර් මිලියන 3 ක සහනාධාරයක් පමණක් දී ඇත. මේ අතර, පසුගිය වසර ගණනාවක් පුරා රසායනික කර්මාන්ත මගින් ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට මහජන සම්බන්ධතා වැඩසටහන් වලට ඩොලර් මිලියන 11.2 ක් වැය කර ඇත.

වැඩිපුර මුදලක් ලබාදීමෙන් මේ ඛේදවාචකයට සැබෑ විසඳුමක් ලබා දිය හැකි බව මේ කාරණයෙන් අදහස් නොකෙරේ. අතිශයින් කෙටි-දුරදක්නා බව පමණක් නොව ධනේශ්වර රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙන්ම නිෂ්පාදනයේ ධනේශ්වර ආකාරය, විශාල ධනයක් සංචය කර ගැනීමට ක්ෂණික ප‍්‍රාග්ධන ලාභ අපේක්ෂා කිරීම අරභයා, අවශ්‍යයෙන්ම මාරාන්තික තරඟයක් ඇති කරන අතර එය බරපතල ප‍්‍රතිවිපාක ගැන සැලකිල්ලක් දැක්වීමට අපොහොසත් වනු ඇත.

ම්ලේච්ඡ සහ කැත ධනපති ක‍්‍රමය දිගින් දිගටම අපගේ පෘථිවිය විනාශ කරමින් සිටී. පරිසර පද්ධතිය බරපතල අනතුරක පවතී. වන ශාක, මල් වර්ග, සහ අනෙකුත් විශේෂයන් දහස් ගණනක් සදහට ම අහිමි වීමට ගත වන දිනය වැඩි ඈතක නොවේ.  ගෝලීයකරණය විසින් මෙම ක‍්‍රියාවලිය වේගවත් කර ඇත.

පරාගනය කරන විශේෂයන්ගේ ඉරණම අනෙකුත් වනජීවීන්ගේ ඉරණමෙන් වෙනස් නොවේ – නමුත් එය බෙහෙවින් ප‍්‍රමුඛය. ලෝකය තුළ දැනට බල පවත්නා සමාජ සහ ආර්ථික සබඳතා වලට අපේ පෘථිවිය ආරක්ෂා කර ගැනීමට නොහැකි බව තහවුරු කොට ඇත. ඒ වෙනුවට ඔවුහු එය විනාශ කරමින් සිටී.

 

solidarity with nepalese people – Down nepalese government!

solidarity with nepalese people – Down nepalese government!


  • Prime Minister Sushil Koirala, admitting that rescue, relief and search operations have not been effective, has urged the political parties to work together in this national…                 

මීරියබැද්ද ප්‍රකාශය | MEERIYABEDDA DECLARATION

මීරියබැද්ද ප්‍රකාශය
MEERIYABEDDA DECLARATION

 

Download PDF Version :

English (32 KB)
Sinhala (80 KB)
Tamil (45 KB)

 

ABar-11

මීරියබැද්ද ප්‍රකාශය

Meeriyabedda-Place

වර්ෂ 2014 ක් වූ ඔක්තෝබර් මස 29 වන දින පෙරවරු 7.15 ට පමණ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෙටබැද්ද නම් ග්‍රාමසේවා වසමට අයත් කොස්ලන්ද මීරියබැද්ද වත්තේ නායයෑමක් සිදුවූ අතර එය ලංකාවේ සිදුවූ මුල්ම හෝ අවසාන සිදුවීම ද නොවේ. එම ප්‍රදේශයේ සිදුවූ ඛේදජනක නායයෑම එහි වර්ග කිලොමීටර් 2 ක් පමණ වූ මුළුමහත් ප්‍රදේශයම මුල් පිහිටීමේ සිට සෑහෙන දුරක් තල්ලුවීගොස් මුළු වත්තම පාහේ සම්පූර්ණයෙන්ම පස කන්දකින් වැසී ගිය අතර එය තුළින් ඇතිවූ විනාශය අතිශයින් විශාල වේ.

රජයේ දත්ත වලට අනුව එහිදී මියගිය ගණන 38ක් වන අතර ලයින් නිවාස 07 හා තනි නිවාස කීහිපයක් විනාශයට පත්විය. තවද මෙම ඛේදවාචකයට ගොදුරු ව මෙම භූමියේ පිහිටා තිබූ කෝවිලක්, ප්‍රජා මධ්‍යස්ථානයක්, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානද හා ඒ හා පිහිටා තිබූ කඩ කිහිපයක්, සන්නිවේදන මධ්‍යස්ථානයක් හා වතු බංගලා 03ක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්විය. එමෙන්ම මෙම ව්‍යයසනයෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් සංඛ්‍යාව ප්‍රථමයෙන් 75 ක් ලෙස දක්වා පසුව එය 03 දෙනෙකු ලෙස ප්‍රකාශ කරයි. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී මාසයක් ගතවී තිබූණද ඒ හා කියවෙන දත්තයන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව බරපතල ලෙස සැකයක් මතුවි ඇති අතර විපතට පත්වූවන් ඉවත්කිරීමේ ක්‍රමවේදයන් තුළද බරපතල ගැටළු ගණනාවක් පැණනැගුණු අතර අවසානයේ දී එය ප්‍රශ්ණාර්ථයක් බවට පත්වී ඇත.

මෙම ආපදාවේදී අනතුරට ලක්වූ බහුතර ජනතාව වූයේ කදුකරයේ දෙමළ ජාතිකත්වයේ අනන්‍යතාවයට අයත් වතු කම්කරු ජනතාව වේ.

තතුදත් ආරංචි මාර්ග වලට අනුව මෙම නායයෑම පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් පූර්ව අනතුරු ඇêවීමක් වර්ෂ 2005 දී කර ඇත. අදාල අනතුරු ඇêවීම මෙම විනාශයට පත්වූ මීරියබැද්ද වත්ත පාලනය කරන මස්කෙළිය වැවිලි සමාගම වෙත සිදුකර ඇති මුත් නිසි පියවර අනුගමනය කරමින් එහි ජීවත්වන ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්කොට ආරක්ෂාකාරී ප්‍රදේශයක පදිංචි කරවීමට කිසිදු පියවරක් ගෙන නැත.

තත්ත්වය එසේ හෙයින් ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට නියෝග කරන ලද්දේ මෙම වගකීම පැහැර හැරීමට අදාල වගකිවයුත්තන් කවුරුන්ද යන්න නිසි පරීක්ෂණයකින් අනාවරණය කරගෙන තමා වෙත වාර්තා කරන ලෙසය. නමුත් අද දක්වාම කිසිදු තොරතුරක් හෙළිදරව් වී නොමැත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයෑම් අවධානම් ප්‍රදේශ ලෙස කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, බදුල්ල, නුවරඑළිය, කළුතර සහ මාතර   දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශයන් ඇත. එමෙන්ම මේ වනවිට ප්‍රදේශ වලින් ඉවත් වී යමින් සිටිති.

ඉහත දැක්වූ කරුණු වලට අනුව ජනතාව නිශ්චිත තීන්දුවක් ගැනීමට සිදුව ඇති බැවින් ඒ අනුව වතු කම්කරුවන් ඇතුළු කදුරට ජනතාව වෙනුවෙන්‍, වෘත්තීය සමිතින්, දේශපාලන පක්ෂ, ජනතා එකමුතුවන් හා පුද්ගලයින් සමග එකමුතුව ක්‍රියා කරන වතු සාමාජීය ක්‍රියාකාරී කණ්ඩායම වන අප විසින් මීරියබැද්ද ප්‍රකාශනය ලෙස මෙය එලිදක්වන්නෙමු.

මීරියබැද්ද ඛේදවාචය සිදුවී මාසයක් ගතවූ 2014 නොවැම්බර් මස 30 වන අද දින අප සැවොම කොළඹ රාමක්‍රිෂ්ණ මිෂන් ශාලාවට රුස්වී පහත පරිදි ප්‍රකාශ කර සිටින්නෙමු.

  1. අපහට මූලික අයිතිවාසිකමක් වන ආපදාවලින් මෙන්ම අනෙකුත් පීඩාවලින් තොරවූ ආරක්ෂාකාරී ජනපද ලබාගැනීමටද, මේ දක්වා අප ජීවත්වන කම්කරු කඳවුරු වැනි (හිරගෙවල් වැනි) ලයින් පේලි නිවාස අතහැර තනි නිවාස වල ජීවත්වීමේ අයිතිය ප්‍රකාශයට පත්කරන්නෙමු.
  2. ස්වභාවික ආපදාවන් නොමැති ප්‍රදේශවල තනි නිවාය තනා ගැනීම සඳහා එක පවුලකට පර්චස් 20 ක විශාලත්වයෙන් යුත් භූමි ප්‍රමාණයක අයිතිය ලබාගැනීමට හා එම ඉඩම් වල ගෙවල් හදා ගැනීමටත් පහසුකම් ලබාගැනීමටත් පොදු එකගතාවයකින් යුතුව ක්‍රියා කිරීමට කටයුතු කරන බවටත්, කදුකරයේ ජනතාවගේ ඉඩම් හා ගෙවල් අයිතිය දිනා ගැනීමේ දිනය ලෙස සෑම වසරකම ඔක්තෝබර් 29 දිනය පිළිබදින බව ප්‍රකාශයට පත්කරන්නෙමු.
  3. මෙසේ පදිංචි වන නව ජනාවාස රජය මගින් ජනපද හෝ නගර ලෙස පිළිගතයුතු බවත් එම ප්‍රදේශවලට යටිතල, පොදු හා මූලික පහසුකම් තිබියයුතු බවත් එමෙන්ම එම ජනාවාස මධ්‍යම රජයේ, පළාත් සභා, පළාත් පාලන ආයතන, ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරී වසම් යටතේ පාලනය වියයුතු බවත් ප්‍රකාශයට පත්කරන්නෙමු.
  4. මෙසේ ආපදාවන්ගෙන් තොර ප්‍රදේශයන්ගේ පදිංචි කරවන ජනතාව වෙත එම ප්‍රදේශයේ වතුවල හෝ ආසන්න වෙනත් වතු වල රුකියා අවස්ථා ලබාදිය යුතු බවත්, එසේ නොමැතිනම් ඒ සඳහා විකල්ප රුකියා අවස්ථා ලබාදිය යුතු බවත් ප්‍රකාශයට පත්කරන්නෙමු.
  5. එම ජනතාවගේ කම්කරු අයිතිවාසිකම් හා ආරක්ෂාව සැපයීමට අදාල සේවා යෝජකයන් / වතු සමාගම්වල මූලික වගකීමක් වියයුතු බවටත් එමෙන්ම රජය විසින් වැවිලි සමාජයේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරණ සියළු කාරණා වල වගකීම දැරිය යුතු බවටත් ප්‍රකාශයට පත්කරන්නෙමු

ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය ලෙස අප තවදුරටත් පුනරුච්ඡාරණය කර ප්‍රකාශයට පත්කර සිටිනුයේ

අ. මීරියබැද්ද ව්‍යයසනයට ලක්වූ ජනතාවගේ ජීවිත හා දේපල හානීන්ට ලක්වූ පවුල් සඳහා වන්දි මුදල් ලබාගැනීමටත්,

ආ. ඔවුන් ආරක්ෂිත ප්‍රදේශවල ස්ථිර ලෙස පදිංචි වන තෙක් රජයේ සහනාධාර හා දීමනා ලබාගැනීමටත්,

ඇ. එසේම අවතැන්වූ සහ මියගිය ජනතාවගේ දරුවන්ගේ ජීවිත පිළිබඳ ආරක්ෂාව, හා සංවර්ධනය තහවුරු කරගැනීමටත්,

ඈ. මීරියබැද්ද ඛේදවාචකයේ හානි පිළිබඳ සත්‍ය හා විශ්වාසනීය තොරතුරු වාර්තා කරගැනීමටත්,

ඉ. මෙම ඛේදවාචකය පිළිබඳ අනතුරු ඇඟවීම් නොසලකා ජනතාව එම අවධානම් ප්‍රදේශවලින් ඉවත් කර ආරක්ෂාකාරී ප්‍රදේශවල නැවත පදිංචි කරවීම සිදුනොකර හා නොසැලකිලිමත් ලෙස ක්‍රියාකළ ආයතනයන් හා නිළධාරීන් හදුනාගෙන ඔවුනට එරෙහිව විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා නීතිය ඉදිරියට පමණුවීමට කටයුතු කරගැනීමටත් වේ.

වතු සාමාජීය ක්‍රියාකාරී කණ්ඩායම,

152/1/4, අළුත්කඩේ පාර, කොළඹ 12.

 ABar-11

MEERIYABEDDA DECLARATION

 meeriyabedda-People

On 29th October 2014 at 7.15 am devastating Earth Slip Catastrophe has been occurred in the Meeriyabedda Estate, Koslanda within the Grama Sevaka Division of Kotabathma, Haldumulla Divisional Secretariat, Badulla District, Uva Province in Sri Lanka. This is not the first or will not be the last Earth Slip. But earth within an area of two square Kilometers has been slipped away and an entire estate has been buried underneath. Meeriyabedda Catastrophe is huge and devastating.

Even after a month of Catastrophe no credible responsible figures of losses of lives and assets are revealed. Evacuating operation also has not been done to the satisfaction. According to the government information 38 persons were died, 7 line rows (quarters) , some single houses, a Temple, a Community Centre, Milk Collecting Centres, some boutiques, a Tele communication Centre and 3 Estate Bungalows were completely destroyed. At the very beginning though it was told that 75 children have lost their parents, later it was told only three.

Families of Estate workers who are included in the identity of Hill Country Tamil Nationality are the affected.

According to information the risk of this Earth Slip has been cautioned by the National Building Research Organization in 2005. It is told that the Maskeliya Plantation Company which manages the Meeriyabedda Estate has been cautioned about it. But no actions have been taken to quit the people from that area and to settle them in a safer area.

The president has asked the Inspector General of Police to investigate into find out who is responsible for the said default but no news of the followings;

National Building Research Organization has earmarked the areas of Earth Slip risk in the District of Kegalle, Ratnapura, Matale, Kandy, Badulla, Nuwara Eliya, Kalutara and Matara. People are moving from the areas where the signs of risk of Earth Slips are observed.

In these circumstances people are determined to take decisions in view of the above we the Plantation Society Action Group, Collective of Trade Unions Political Parties Mass Movement and Individuals spelling the declaration of the hill country people whom also consisting the estate workers.

We do hereby make the following declaration on the occasion of one month’s commemoration of the Meeriyabedda Catastrophe on 30th November 2014 at Colombo Ramakrishna Mission Hall.

  1. We declare our basic fundamental right to safe settlements in order to live free from natural Catastrophe such as Earth Slip and make declaration, to quit the line rooms, the labour camps (prison) where we have been living hitherto without separate houses and our desire the right to live in separate habitable own houses.
  2. We make declaration to take joint actions with consensus, to obtain 20 perches land for each family in order to build separate houses in areas free from Natural disasters. And do hereby declare that the date 29th of October to be observed as day of Right to land and housing of Hill-Country people.
  3. We make declaration that the said new settlements should be recognized by the government as village or town settlements and be brought under the administration of Central Government, Provincial Councils, Local Authorities, Divisional Secretariats and Grama Sevaka Divisions and be established together with Infrastructures and other basic facilities.
  4. We declare that the people should be quitted from the Earth Slip risk areas and to obtain employment in other estates or alternative employment for the said people.
  5. We make declaration that to make the employers/estate companies full responsibility in account of ensuring the rights of Labour and security of the workers as well as the government should be responsible for affairs pertaining to right to life of the plantation community.

FURTHER WE EMPHASISE COLLECTIVE ACTIONS

a). To obtain compensation for the affected families of Meeriyabedda against their losses of lives and assets.

b). To obtain relief and payments for the displaced families as the result of Meeriyabedda Catastrophe as well as from other places to avoid Earth Slip risk until they are permanently settled in safer areas.

c). To get ensured the life, development and safety of the children who have lost their parents in Meeriyabedda Catastrophe.

d). To get reported the correct credible information of the losses of lives and assets as the result of Meeriyabedda Catastrophe.

e). To get credibly investigated into the failure of taking steps to quit the people from Meeriyabedda and settling them in safer areas, to find out institutions and officers responsible for the failure and to take legal action against them.

PLANTATION SOCIETY ACTION GROUP

152-1/4, Hulftsdorp Street, Colombo-12

 

ABar-11

 

ඉතින් දුවේ කන්දට බනින්න එපා…….

ඉතින් දුවේ කන්දට බනින්න එපා…….

10428089_735284153215004_9083232200469575297_n

රෑ පුරා වැටුණු වැස්සට
දිරච්ච ටකරන් අස්සෙන්
දිය සීරාව දිගටම
මොන තරම් තෙත උනත්
හැරෙන්නටවත් ඉඩ නැති ලැයිමක
ගුලිවෙලා නිදියද්දි
අනේ හරි උණුහුමයි
අටේ පන්තියෙදි
පොත් එක්ක තරහවුණු
උඹේ අයියත් එක්කම
අපි යනව ගමනක් දුවේ අයිත් නේන්නම
වැටුණු මහ වැස්සට
මේ කන්ද දියවුණැයි
මහ දැන උගත්
පණ්ඩිතයො කියවාවි
දහඩිය කදුළු මොනතරම්
මේ කන්ද උඩ අපි හෙළුවද
දියවෙනවනම් දහස් වරක්
දියවෙන්නන් ඕනෙ ආයෙ ආයෙම
සරුසාර තේ යායට
පොහොර උනෙ අපෙ රීරි මාන්ශ
මුල් වලින් අපෙ සතුට උරාගෙන
කහට ඔය හැටි රසවුණේ
පිටිවල ගාණ ඇහුවම
රොටියත් එක්ක පිච්චුණේ
අපේ පපු කැවුත්ත
රළු ඇගිළි ගෙවුනත්
සුමුදු තේ දල්ලට
අපෙ මඩිහෙ කාසි
බර වුණේ නෑ කවදත්
ඡන්දෙට විතරක්
වඩින මැතිවරු යහපත්
ලැට් එකක් හැදුවත්
කන්න ඕනනෙ යන්න ඒකෙත්
ක්ෂිතජයෙන් ඈතට
උත්තර ගහන් ගිය ප්‍රශ්නෙක
කෙළවරක් හොයල හෙම්බත්
අප්ප එන්නෙත් හතර ගාතෙන්
රෑ වෙද්දි එළි වෙද්දි
දුක් සිසිළ ගෙන එද්දි
අපෙ සුසුම් රැළි සිඹින
කන්ද හැමදාම
හිටියෙ අපි දෙසෙම බලාගෙන
වැඩ ඉන්න කෝවිලවත්
බේරගන්න බැරි වුණ දෙවියන්ට
කියාපන් කුද ගහගන්න
උඹම උත්තර හොයාපන්
කදුළක දහඩියේ අවනඩුවට
අද උදෙත් පීරල ගෙතුව කොණ්ඩය
සුදු ඇදුම සිරියාව නුඹෙ සිනහව
අන්තිම මොහොතෙත්
සැනසීම කැන්දන
අපේ දුක් තවත්නම්
බලන් ඉන්න බැරි තැනයි
ඔය කන්ද දියවුණේ
මරණයෙන් සැනසෙන්න
අපිටවත් කන්දටවත්
හමු නොවුණු ජීවිතේ රිද්මයක්
දුවේ උඹල හොයාපන්
නායයයි එදාට
අපේ සාරය උරා බීපු
කූඩැල්ලො ඔක්කොම
ඉතින් දුවේ කන්දට බනින්න එපා………

( රිවිහාර පින්නදුව )