Monthly Archives: January 2019

චටිස්ගාර්: මාඕවාදීන්ගේ නාගරික ජාලයේ ප‍්‍රමුඛ පෙලේ ක‍්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැණේ.

චටිස්ගාර්: මාඕවාදීන්ගේ නාගරික ජාලයේ ප‍්‍රමුඛ පෙලේ ක‍්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැණේ.

<https://indianexpress.com/article/india/no-rights-violations-journalists-and-activists-must-be-encouraged-newly-appointed-chhattisgarh-dgp-5504772/&gt;

දෙසැම්බර් 24, 2018

සිකුරාදා දින උදෑසන පොලීසිය විසින් තරුණයින් සිව් දෙනෙකු ඇතුලූව රඛේෂ්ගේ උදව්කරුවෙකු වන රගුවාර් යාදව් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඉරිදා දින චටිස්ගාර් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මාඕවාදීන්ගේ ‘‘නාගරික ජාලයෙහි’’, විශේෂයෙන්ම රාජ්නන්දගොන් දිස්ත‍්‍රික්කයේ ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයෙකු බව පැවසිණි.

පොලිස් මාධ්‍ය නිවේදනයේදී ප‍්‍රකාශ කරන ලද්දේ එන් වෙන්කට්ටා රාඕ (54) හයිද්‍රාබාද්හි, ජාතික භූ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනයේ තාක්ෂණික නිළධාරියෙකු බවයි.

පොලීසිය ප‍්‍රකාශ කරන ලද්දේ මසකට කලින් පොලිස් අයිජී, ජීපී සින්ග් ට යටත්වුණු පහාද් සින් විසින් නාගරික ප‍්‍රදේශ වල ක‍්‍රියාත්මක වන ගරිල්ලවන්ට සහය දීමේ ජාලය පිළිබඳ තොරතුරු ලබා දුන් බවයි. එම තොරතුරු අතර විශේෂිත තොරතුරු, බෙංගාලි පොලිස් සීමාව තුළ ජාතික අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ සැපයුම් මධ්‍යස්ථාන යනාදිය ඇතුලත් වේ. රාඕ අල්ලාගනු ලැබුවේ මහාරාෂ්ට‍්‍රා වලට යතුරු පැදියෙන් ඇතුල් වෙමින් සිටියදීය.

පොලීසිය පවසන ලද්දේ ‘‘නක්සල් සාහිත්‍ය’’, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක් සහ ඩෙටොනේටර් 23ක් ඔහු සතුව තිබී අල්ලා ගන්නා ලද බවයි. අල්ලාගන්නා ලද ඩෙටොනේටර් මගින් නක්සල්වාදීන්ට ද්‍රව්‍ය ජාතික භූ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනයෙන් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂණ සිදු කරන්නට ලැබී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන ආකාරයට රාඕ 1985 දී රැඩිකල් ශිෂ්‍ය සංගමයෙන් ආභාෂය ලද අතර ඒ කාලයේ සිටම මාඕවාදියෙකුව සිට ඇත. පොලීසිය චෝදනා කරන ආකාරයට ඔහු 2016 සිට 2017 යන කාලය තුලදී මාඕවාදී මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වන දීපක් තෙල්තුම්බේ මුණ ගැසී ඇති අතර පළමු හමුවීමේදී ඔහුට ලැප්ටොප් පරිගණකයතක් ලබා දී ඇත.

Advertisements