Category Archives: Avakianism

තවත් මැයි දිනයක් පැමිණේ…

ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය
2014 මැයි 1

තවත් මැයි දිනයක් පැමිණේ…

Cultural_REV_mao_I1

අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ දිග්ගැස්සණු අර්බුදයන්ගෙන් බිලියන ගණන් ජනතාව පීඩාවට පත්කරන කාලකණ්ණිකම සහ දුෂ්කරතාවයන් අතිශයන්ම උග‍්‍ර කරන ලද ලෝකයක, තවත් මැයි දිනයක් පැමිණේ. දශ ලක්‍ෂ ගණන් රැකියාවලින් පලවා හැර තිබේ. සමාජ ආරක්‍ෂාව අඩු කොට ඇත. මිළ වැඩි වීම තවදුරටත් සම්මත ජීවන තත්වයන් අඩු කරයි. වෛද්‍යප‍්‍රතිකාර සහ උසස් අධ්‍යාපනය දුෂ්ට ලෙස මිළ වැඩි තත්වයට පත් වී ඇත. ඒ අතර මේ සිත් පිත් නැති ක‍්‍රමයේ අපරාධකරුවෝ පිළිකුල් සහගත ලෙස විදහාපාන ඔවුන්ගේ වර්ධනය වන ධනය සහ බිලියනපතියන්ගේ ලැයිස්තු ගැන වන පුරසාරම් දෙඞීම යන සියල්ල අතරතුර, වඩාත් කුරිරු ජනතා විරෝධී ක‍්‍රමවේදයන් පවා සාදයි.

වහලුන් ලෙස වැඩකිරීමට සංක‍්‍රමණික කම්කරුවන්ට බලකෙරෙන්නේ කොතැනකද, ළමා සහ කාන්තා ජාවාරම් අතිවිශාල අනුපාතයකින් වැඩි වීමට පටන් ගෙන තිබෙන්නේ කොතැනකද, ‘පසුගාමී’ ඇෆ්ගනිස්ථානයේ හෝ ‘සංවර්ධිත’ ඇමෙරිකාවේ හෝ වෙනසක් නැතිව කාන්තාවන් දූෂණය කිරීම සහ මරා දැමීමේ කෲරත්වයෙන් පෙලීම දිගටම සිදුවන්නේ කොතැනකද, සුළු ජාතීන් හුදෙකලා කොට පීඩනයට ලක්කොට තිබෙන්නේ කොතැනකද, තරුණයින් දඩයම් කරනු ලබන සහ හිංසා කිරීමට ලක් කරන්නේ කොතැනකද, අඩුම තරමින් සාධාරණ වැටුපක් සහ ජීවන තත්වය උදෙසා වන ඉල්ලීම් වෙඩි උණ්ඩවලින් සහ සිරගත කිරීම්වලින් කපා දැමෙන්නේ කොතැනකද, තවත් මැයි දිනයක් එළඹ තිබේ.

ලාභය පිණිස සිදුකරන අන්ධ ලුහුබැඳයාම් නිසා සිදුවන පරිසර විනාශයන් මධ්‍යයේ, සෑම සමාජයක් තුළම සහ පීඩිත සහ අධිරාජ්‍යවාදී රටවල් අතර අසමානතාවයේ විවරය වේගයෙන් පළල් වෙන අතරවාරයේ, තවත් මැයි දිනයක් එළඹ තිබේ.

මර්ධනය සහ සූරාකෑම ප‍්‍රතිරෝධයන් උත්පාදනය කරයි. එමෙන්ම මේ ප‍්‍රතිරෝධයන් වර්ධනය කරයි. රටකට පසු රටක් වශයෙන් පංති අරගල සහ ජනතා කැරලි වල වර්ධනය වන රැල්ලට මේ ලෝකය සාක්‍ෂි දරයි. මේ ප‍්‍රචණ්ඩ කැළඹිලි වල ලෝකයයි. පුළුල් පරාසයක බලවේගයන් ක‍්‍රමයට එරෙහි අරගලය තුළට තල්ලු කෙරෙමින් තිබේ. වීදි තුළ කලහකාරීත්වය නව සමාජයක් ඉදි කිරීම උදෙසා, රැඩිකල් කඩා බිඳගෙන යෑමකට ප‍්‍රමාණවත් නොවන බවට කිසිදු සැකයක් නැත. එනමුදු එය සමස්ත නව පරපුරක් සමගම සම්බන්ධ වෙමින් කොමියුනිස්ට්වාදයේ විප්ලවීය මෙහෙයුමට ඔවුන් දිනාගනිමින් අතිවිශාල අවස්ථාවන් විවර කරයි. එය විප්ලවයට මග පාදයි. මෙය මූලධර්මයකි. එය දැඩි ලෙස ග‍්‍රහණය කළ යුතුමය.

දශකයකට පෙර හෝ ඊට කලකට පෙර, නිර්ධන පංතියේ පැවැත්ම ප‍්‍රශ්න කිරීමට ලක් වූහ. පංති අරගලය අනවශ්‍ය බව ප‍්‍රකාශ කෙරුණු අතර ඒ වෙනුවට මහජන ව්‍යාපාර ආදේශ කළ යුතු බව සලකනු ලැබිණි. ඉන්දියාව සහ චීනය වැනි රටවල් පමණක් නොව, තව තවත් අධිරාජ්‍යවාදී බලකඳවුරු වල පවා නැවත නැවතත් වූ සටන්කාමී කම්කරු අරගල අවස්ථාවන් අද ලෝකය පරීක්‍ෂාවට ලක් කොට ඇත. මේ සඳහා සෑම හේතුවක්ම ඇත. 21 වැනි ශත වර්ෂයේ තාක්‍ෂණික ආශ්චර්යයන් ගැන වූ පුරසාරම් කෙසේ වෙතත්, බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තවල මිනීමරු බිම් තුළ, කටාර්හි වහල් ශ‍්‍රම කඳවුරු තුළ, චීනයේ ශ‍්‍රම බැරැක්ක තුළ හො අධිරාජ්‍යවාදී රටවල දැඩි ලෙස වැඩෙහි යොදවන වැඩ පළවල්වල, අතිවිශාල නිර්ධන පංතිකයින් ප‍්‍රමාණයකගේ තත්ත්වය 18 වැනි ශතවර්ෂයේ මෙන් කුරිරු වේ. ඒ අතරම, පැහැදිලි ලෙසම පාලනයේ මර්ධන ක‍්‍රමවේදයන් සහ වෙන කවරදාකටත් වඩා වැටුප් ශ‍්‍රමයේ නවීන මධ්‍යස්ථාන තුළ වැඩ ප‍්‍රමාණයන් වල වැඩි වීම නිර්ධනීන්ගේ හුස්ම හිර කරයි.

විවිධ මානයන්ගෙන්, ගෝලීයකරණයේ කොල්ලකෑම පීඩිත රටවල ගැඹුරින් සටහන් වී තිබේ. පුද්ගලීකරණය සහ නිදහස්වාදය සේවා නියුක්තියේ සමස්ත අංශ සහ කුඩා ව්‍යාපාර අතුගා දමා තිබේ. හැමවිටම අයහපත්, වැඩ කිරීමේ තත්ත්වය, දැරිය නොහැකි වී තිබේ. මෙය ගෝලීය අර්බුදයෙන් උග‍්‍ර කොට තිබේ. අති බහුතරයකගේ ජීවන තත්ත්වය නරක අතට හැරීමට ප‍්‍රතිලෝමව සමානුපාතිකව, පාලකයින් විසින් පැහැරගන්නා ලද අල්ලස් සහ ලාභ අභ්‍යවකාශයේ මුදුනටම ළඟා වී ඇත. ජනතාවගේ දු:ක්ඛිත බව වැඩිවෙන අතරවාරයේ, ඔවුන් ලබා ගන්නා විසල් කප්පාදු කිරීම් ගැන ඇස් හෙළමින් පාලකයෝ මුරණ්ඩු ලෙස දැවැන්ත ව්‍යාපෘති පසුපස හඹායති.

මේ සියල්ලටම යටින් නැවත නැවත සිදුවන කැරලි වල පිපිරීම් ඇති බව ලෝකය තුළ දක්නට ලැබේ. වෙළඳ ව්‍යාපාර සාමාන්‍ය ලෙස ගමන් නොකරයි. නියත අර්ථයෙන් මෙය අධිරාජ්‍යවාදීන්ට සහ උන්ගේ ගැත්තන්ටද සත්‍ය වේ. ඔවුන්ගේ වර්ධනය වන පොරය සෑහෙන පරිදි මෙය පෙන්වාදෙයි.

විප්ලවය සඳහා, කොමියුනිස්ට්වාදය සඳහා හඬගාන ලොකයක් තුළ, තවත් මැයි දිනයක් පැමිණේ; පංති විඥත නිර්ධනීන්ට සහ ඔවුන්ගේ පෙරමුණු බලඇණියට, මාඕවාදීන්ට, නිර්ධන පංතිකයින්ගේ ලෝකය පරිවර්තනය කිරීමේ මෙහෙයුමේ සහ නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ ශ්‍රේෂ්ඨ සම්ප‍්‍රදායේ ග‍්‍රාහකය අල්ල ගැනීම උදෙසා වූ තවත් දිනයකි.

අද ලෝකයේ කිසිම තැනක සමාජවාදී රටක් නොමැත. පුළුල් වශයෙන් ප‍්‍රගතිශීලී වූ හෝ ජනතාවාදී වූ රජයක් පවා නොමැත. අතිමහත් දෙයක් කිරීමට තිබේ. එනමුදු නිර්ධනීන්ගේ ලෝකය නිදහස් කර ගැනීමේ මෙහෙයුම නොනවත්වා කරගෙන යෑමට ශක්තිය සහ විශ්වාසය ලබා දෙන සාධකද පවතී – මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය හි පැහැදිලි බව සහ ප‍්‍රචණ්ඩා-බට්ටරායි කල්ලිය සහ එවේකියන්වාදය ඇතුළු සියළු පැහැයන්ගෙන් යුත් සංශෝධනවාදයට එරෙහි අරගලය ගැඹුරු වීම, ලෝකය පුරා දක්නට ලැබෙන අරගල රැල්ල, ඉන්දියාවේ සහ පිලිපීනයේ මහජන යුද්ධ සහ අනෙකුත් සමහර රටවල්වල ප‍්‍රතිසංවිධානය වීම් සහ සූදානම් වීම්, ජාත්‍යන්තරවාදී බැම්ම සහ මාඕවාදී පක්‍ෂ සහ සංවිධාන අතර ක‍්‍රියාකාරකම් ශක්තිමත් වීම.

මේ ශක්තීන් මත කරන ගොඩනැගීමෙන්, මාඕවාදීහු වීදි තුළ කැරලිකාරී ශක්තිය විප්ලවය දෙසට දැමීමේ දිශානතිය සඳහා සුදුසු සංවිධාන ආකරයන්, එහි මධ්‍යය ලෙස මාඕවාදී පක්‍ෂ ඉදිකිරීමෙන් සහ ශක්තිමත් කිරීමෙන් නිර්මාණාත්මකව සංවර්ධනය කළ යුතුය. ඔවුහු මාඕවාදී පක්‍ෂ සහ සංවිධානවල ජාත්‍යන්තර සංවිධානය සෑදීමේ කාර්යභාරය ඔසවා ගත යුතුයි. මෙය නිර්ධන පංතිකයින්ගේ සහ පීඩිත ජනතාවගේ සංවිධිත ජාත්‍යන්තර අධිරාජ්‍ය-විරෝධී පෙරමුණේ හරය විය යුතුයි. මෙලෙස මාඕවාදීන්ට, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ නව සමගියක් සාක්‍ෂාත් කරගෙන, එය ලෝක ව්‍යාප්ත ජනතා අරගලවල පෙරමුණු රියෙහි තබා වත්මන් ලෝකයට විප්ලවීය විභවය මුළුමනින්ම මුදාහැර කුළු ගන්වා, මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය පිහිටුවීමට සහ වර්ධනය කිරීමට හැකිවිය යුතුයි.

අධිරාජ්‍යවාදයට අනාගතයක් නැත! අනාගතය කොමියුනිස්ට්වාදය සතුය!
සියළු රටවල නිර්ධන පංතිකයින් සහ පීඩිත ජනතාව, සමගිවව්!
අධිරාජ්‍යවාදය සහ එහි මුර බල්ලන් භංගවේවා!
නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා!
ලෝක නිර්ධන පංති විප්ලවය දිගුකල් දිනේවා!

2014  මැයි 1

මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව – ස්පාඤ්ඤ ජනරජය
ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය;
ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්-ලෙනින්වාදී) නක්සල්බාරි;
මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය – බි‍්‍රතාන්‍ය රාජ්‍ය
මහා කැළඹීම WSRP – වේල්සය බි‍්‍රතාන්‍ය රාජ්‍යය
කොමියුනිස්ට්වාදය දෙසට මහා පාගමන (මැඩ්රිඩ්, ස්පාඤ්ඤය);
මාඕවාදී කොමියුනිස්ට් කණ්ඩායම – එක්සත් ජනපදය
මාඕවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය ටියුනීසියාව
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය-ප‍්‍රංශය;
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය-ඉතාලිය;
මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය – තුර්කිය උතුරු කුර්දිස්ථාන්
මාඕවාදී විප්ලවීය ලීගය – ශ්‍රී ලංකාව
විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය (PCR-RCP කැනඩාව)
විප්ලවීය භාවිතාව – එක්සත් රාජධානිය
ජනතාවට සේවය කරනු – නොර්වේ කොමියුනිස්ට් ලීගය
කම්කරු හඬ – මලයාසියාව
ජනතාවට සේවය කරනු – ෂෙයිසායු
සොරෙල්හ් – ඔක්සිටානි – ප‍්‍රංශ රාජ්‍යය;

ABar-11

English copy…

Another May Day comes

Another May Day comes, in a world where the misery and deprivation suffered by billions of people is immensely aggravated by the prolonging crisis of the imperialist system. Millions have been thrown out of jobs. Social security is cut down. Growing price rise further depresses living standards. Medical treatment and higher education become atrociously expensive. Meanwhile the perpetrators of this merciless system workout even more vicious anti-people measures, all the while obnoxiously flaunting their swelling wealth and boasting of billionaire lists.

Another May Day, where immigrant workers are forced to labour as slaves, where the trafficking of women and children continue to increase in staggering proportions, where women continue to suffer the brutality of rape and murder no matter whether its ‘backward’ Afghanistan or ‘advanced’ USA, where minorities are isolated and suppressed, where the youth are hounded and persecuted, where the demand for something as minimal as fair wages and living conditions is cut down with bullets and imprisonment.

Another May Day, in the midst of environmental devastations caused by the blind pursuit of profit, in the midst of the rapidly widening chasm of inequality within each society and between imperialist and oppressed countries.

Oppression and exploitation generates resistance. And this resistance grows. This world is witness to the growing wave of class struggles and popular rebellions in country after country. This is a world of turmoil. A wide range of forces are being propelled into struggle against the system. The grooming of the streets is no doubt insufficient for a radical break, for the building of a new society. But it opens up tremendous opportunities for connecting with a whole new generation and winning them over to the revolutionary mission of communism. It paves the way to revolution. This is principal. It must be firmly grasped.

Just a decade or so ago, the existence of the proletariat itself was questioned. Class struggle was declared redundant and considered to be replaced by movements of ‘multitudes’. Today the world is marked by repeated occasions of militant workers struggles, not just in countries like India or China, but even more so in the citadels of imperialism. There is every reason for this. For all the tall talk of the technical wonders of the 21st century, whether in the killing fields of the garment industry in Bangladesh, the slave labour camps of Qatar, the labour barracks in China, or the sweat-shops of imperialist countries, the conditions in which the vast majority of proletarians labour are as atrocious as those of the 18th century. Meanwhile, explicitly oppressive methods of control and ever increasing workloads in the modern centres of wage slavery increasingly suffocate the proletarians.

At a different dimension, the ravages of globalisation have deeply marked the oppressed countries. Privatisation and liberalisation have wiped whole sectors of employment and small business. Working conditions, already bad, have become unbearable. This was aggravated by the global crisis. In inverse proportion to the worsening of living conditions of the vast majority, corruption and profit taking by the rulers have reached astronomic peaks. While the miseries of the people multiply, the rulers obstinately pursue grandiose projects eying the fat cuts they will get.

All of this underlies the repeated outbursts of rebellion seen in the world. Business cannot go on as usual. In a certain sense this is true of the imperialists and their lackeys too. Their growing contention amply indicates this.

Another May Day comes, in a world crying out for revolution, for communism; a day for the class conscious proletariat and their vanguard, the Maoists, to take stock of the world transforming mission of the proletariat and the great traditions of proletarian internationalism.

Today there is no socialist country. Not even a government that can be broadly qualified as progressive, pro people. There is much, much, to be done. But there are also factors that give strength and confidence in pursuing the world emancipatory mission of the proletariat—the clarity of Marxism-Leninism-Maoism and the deepening of the struggle against revisionism of all hues including those of the Prachanda-Bhattarai clique and Avakianism, the wave of struggles seen all over the world, the people’s wars in India and the Philippines and its reorganisation or preparation in some other countries, the strengthening of internationalist ties and activities among Maoist parties and organisations.

Building on these strengths, the Maoists must creatively develop forms of organisation suitable for orienting the rebellious energy of the streets towards revolution, with the building and strengthening of Maoist parties at its center. They must take up the task of building an international organisation of Maoist parties and organisations. This must be the core of an organised international anti-imperialist front of the proletarians and oppressed peoples. Thus the Maoists will be able to establish and develop Marxism-Leninism-Maoism, realise a new unity of the international communist movement, place it at the van of worldwide people’s struggles and fully unleash and realize the revolutionary potential of the present world.

Imperialism has no future! The future belongs to communism!
Proletarians and oppressed people of all countries, unite!
Down with imperialism and all its watchdogs!
Long live proletarian internationalism!
Long live world proletarian revolution!

May 1st, 2014

Committee for Building a Maoist Communist Party, Galicia – Spanish state
Communist (Maoist) Party of Afghanistan
Communist Party of India (M-L) Naxalbari
Communist Party of India (Maoist)
Democracy and Class Struggle – British State
Great Unrest WSRP – Wales British State
Long March Towards Communism (Spain)
Maoist Communist Group – USA
Maoist Communist Movement Tunisia
Maoist Communist Party France
Maoist Communist Party Italy
Maoist Communist Party – Turkey North Kurdistan
Maoist Revolutionary League – Sri Lanka
Revolutionary Communist Party (PCR-RCP Canada)
Revolutionary Praxis – United Kingdom
Serve the People – Communist League of Norway
Servir Le Peuple – Sheisau Sorelh – Occitany – French state
Workers Voice – Malaysia

ABar-11

MLM පක්‍ෂ සහ සංවිධානවල නව ජාත්‍යන්තර සංවිධානයක් උදෙසා…

මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්‍ෂ සහ සංවිධානවල ජාත්‍යන්තර සංවිධානයක් උදෙසා, විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරය (RIM) බිඳවැටීමෙන් පසු නව ජාත්‍යන්තර සංවිධානයක් උදෙසා.

1 වෙනි විසඳුම

විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ (RIM) මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්‍ෂ සහ සංවිධාන මගින් යැවූ පළමුවෙනි විසඳුම

2012 මැයි පළමුවැනිදා

1930 සිට අධිරාජ්‍යවාදී ක‍්‍රමය අතිශය දරුණු අර්බුද ඔස්සේ ගමන් කරමින් සිටී. අර්බුද සමග ගනුදෙනු කිරීමට සහ මැඩ පැවැත්වීමට දරණ වත්මන් ප‍්‍රයත්නයන් වලින් සිදුවන්නේ එය දරුණු ලෙස ගැඹුරු කිරීම සහ ව්‍යාප්ත කිරීම පමණකි.

මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ පහළවුණු ව්‍යූහාත්මක අර්බුදය ආර්ථික පරිහානිය ගැඹුරු කිරීමක් ඇති කිරීමට ආසන්න වෙමින් අනුක‍්‍රමයෙන් නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයට පැතිර ගියහ. අතිරික්ත වටිනාකම හැකිතාක් ඩැහැගැනීමට ලූහුබැඳීමෙහි සහ ලෝක වෙළඳපොළේ පොරබැදීමෙහි ඇති විෂම සංවර්ධනයේ නීති ඔස්සේ අර්බුදය ආරම්භ විය.

ධනවාදී සංවර්ධනය පැවතිමේ නීති තුළ අර්බුදයට එයටම අයත් සම්භවයක් ඇත. එය ලාභය සඳහා නිෂ්පාදනයේ සීමාවන්, නිෂ්පාදන බලවේගයන් සහ නිෂ්පාදන සම්බන්ධතාවයන් අතර ඇති ප‍්‍රතිවිරෝධතාවයන්, නිෂ්පාදනයේ සහ පෞද්ගලික අත්පත් කරගැනීම්වල සාමාන්‍යය සහ ගෝලීය ස්වභාවය ඇතුළු දෙයෙහි ප‍්‍රකාශනයන් වේ. ලෝක දර්ශනයට අනුව මින් අදහස් වන්නේ අතලොස්සක් අධිරාජ්‍යවාදී රටවල් සතුව ධනය සහ අධිරාජ්‍යවාදය මගින් පීඩනයට ලක් කරන රටවල්වල මානව වර්ගයාගෙන් තුනෙන් එකක දරිද්‍රතාවය අතර, ධනේශ්වර පංතිය අත සතු ධනය සහ අධිරාජ්‍යවාදී රටවල්වල නිර්ධනීන් සහ මහජනතාව සාපේක්‍ෂ සහ නිරපේක්‍ෂ ලෙස හිඟමනට ඇද දැමීම අතර, පරපෝෂිත කොම්ප‍්‍රදෝරු ධනේශ්වර පංතියේ උතුරා යන පොහොසත්කම සහ අධිරාජ්‍යවාදය මගින් පීඩනයට පත් කරන රටවල්වල නිර්ධනීන් සහ පුළුල් බහු ජනතාවගේ කාලකණ්ණි තත්වය සහ සාගින්න අතර ඇති සදාකාලික පරතරයයි.

ක‍්‍රමය (සමාජ) මේ නීති මගින් පාලනය වෙන බව පැහැදිලිය, මේ ගතිකත්වයන්ට, හැක්කේ අර්බුදය තුළට යාම පමණකි, අධිනිෂ්පාදනය සහ ප‍්‍රාග්ධන අතිරික්තය මේ අර්බුදයේ සාධක බවට පත්වේ.

මුළුමනින්ම ආර්ථික අසමත්භාවයක සහ පිපිරීමක සංධිස්ථානය බවට පත් වන, වැඩිකරන ලද සහ අවදානම් සහගත ලාභාපෙක්‍ෂිත ‘‘වාණිජකරණය’’ පිළිබඳ සංසිද්ධිය මේ ක‍්‍රමයේ ගතිකත්වය මත පාවෙන අයිස් කුට්ටියෙහි කෙළවර වේ.

ආර්ථිකයේ – ‘‘වාණිජකරණය’’ – අර්බුදයේ ප‍්‍රධාන ක්‍ෂණික හේතුව වෙයි – කිසිදු පාලනයකට යටත් නො වීමට නැඹුරු වෙයි. එබැවින් ධනවාදය සහ එහි පාලක අධිරාජ්‍යවාදී බලවතුන් මේ අර්බුදයෙන් ගැලවීමට මුල්‍ය වෙළඳපොළ සහ ඉහළ වර්ධන අනුපාතයන් මගින් පිරිනමනු ලබන රැකියා අවස්ථාවන් පාලනය කරයි, චීනය, ඉන්දියාව සහ බ‍්‍රසීලය වැනි සමහර රටවල් සමග විසන්ධානගත වීමෙන් වුවද, තවදුරටත් සාර්ථකත්වයට පත් විය නොහැක.

මේ ප‍්‍රයත්නයන් අඩුවෙන් තක්සේරු නොකළ යුතු වුවත්, අළුත් සහ වඩා ඛේදජනක අර්බුද වලට ෙදාර විවර කරන, තාවකාලික ප‍්‍රතිලාභයකට වඩා යමක් ඔවුන්ට සහතික විය නොහැක.

ලෝකය තවම ශක්‍යතාවයන් දෙකකට මුහුණ දී සිටියි: ධනවාදයෙන් ඉවත්වීම හෝ ජනතාවගේ කාලකණ්ණි තත්වයන් තවදුරටත් දිග්ගස්සවමින් ප‍්‍රාග්ධනයේ යාන්ත‍්‍රණය ශක්තිමත් කරමින්, ඉහළ දමමින් මේ අර්බුදයට වේදනා සහගත තාවකාලික සහනයක් ලබා ගැනීමයි.

ලෝකය පුරා අධිරාජ්‍යවාදී ධනවාදීහු ගෝලීය පරිමාණයෙන් අධිරාජ්‍යවාදය නැවත පිළියෙල කිරීමට සහ ඔවුන්ගේ පංතිය වෙනුවෙන් ඔවුන්ගේ ලාභය වෙනුවෙන් ශුභසිද්ධිය සුරක්‍ෂිත කර ගැනීමට මේ අර්බුදයෙන් වාසි ලබා ගනිති.

මෙය කම්කරුවන් සහ ජනතාව මත සැහැසි බරක් පැටවීමට මූලික වේ. පීඩක රටවල් සහ අධිරාජ්‍යවාදී යන රටවල් දෙවර්ගයෙහිම, විරැකියාව, රැකියා සුරක්‍ෂිත නොවීම සහ ජීවන වියදම ඉහළ යයි, සූරාකෑම නවීන ආකාරයේ වහළ් ක‍්‍රමයකට බලෙන් වැඩි කරයි, කම්කරුවන්ගේ අයිතීන් කපා දමා ඇත, වසර ගණන් අරගල හරහා දිනා ගත් සමාජ සාධනයන් මකා දමා ඇත, දැවැන්තක ලෙස සේවයෙන් පහ කිරීමෙන් ෆැක්ටරි වසා ඇත, ගොවියන් නටඹුන් බවට පත් කොට දිවි නසා ගැනීමට තල්ලූ කොට ඇත, සමාජීය වියදම් කප්පාදු කොට අධ්‍යාපනය සහ සෞඛ්‍යය පුද්ගලීකරණය වැඩි කොට ඇත, වාණිජකරණයේ සහ ලාභයේ න්‍යාය මූලික දෑ වන ජලය, වාතය, සූර්යාලෝකය… ආදියට පවා පතුරුවා ඇත.

අධිරාජ්‍යවාදී ලෝක වෙළඳ පොළෙහි අධිපතීත්වය සහ  භූදේශපාලනික යුද්ධෝපායික ප‍්‍රදේශ සඳහා පොරබදමින් මේ අර්බුද ගෙන යනු ලැබේ, නමුත් ප‍්‍රතිපත්තිවල ඒකාත්මික ලක්‍ෂණය අර්බුදය නිර්ධනීන් සහ ජනතාව මතට පැටවීම බව අතිශයින් පැහැදිලිය.

අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිපත්ති මගින් පාරිසරික සහ ස්වාභාවික විපත්ති යන්නෙන් හඳුන්වන, වඩ වඩාත් මහා විනාශකාරී ප‍්‍රතිවිපාක ක‍්‍රමය තුළම ඇති කරයි. අධිරාජ්‍යවාදය විද්‍යාව, සංස්කෘතික සහ අධ්‍යාපනික, තොරතුරු තාක්‍ෂණය, මාධ්‍යයන්ට ප‍්‍රවේශ වීම, සන්නිවේදනය, තරුණයින්ගේ නිදහස වැඩි කිරීම සහ කාන්තා විමුක්තියේ ක‍්‍රියාවලිය, යන ක්‍ෂේත‍්‍රයන්ගේ වර්ධනය අළුත් සහ සුවිනීත දම්වැල් බවට පත් කරයි. දැවැන්ත ලෙස බුද්ධිමතුන්ගේ විරැකියාව, සමාජ පාලනය සහ මිලේච්ඡත්වයේ අතිශය තියුණු ආකාරයන්, කාන්තා අයිතීන්ට සහ තරුණයින්ගේ පෙළ ගැසීමට නව මධ්‍යතන ප‍්‍රහාර  මේ අර්බුදයේ සන්දර්භයේ ප‍්‍රතිඵල වේ.

අධිරාජ්‍යවාදීන් අතර ඇති බල තුලනය අනිත්‍ය වේ. එකම සුපිරි බලවතා ලෙස එක්සත් ජනපදය තවම පැවතියද, එහි අර්බුද සහ ගොදුරු වල ප‍්‍රතිරෝධය මගින්, සැලකිය යුතු ලෙස එහි ධාරිතාව දුබල වී ඇත. යුරෝපා කණ්ඩායම්වලට මෙය තරමක අවකාශයක් සපයා ඇත. කෙසේ හෝ සමාන සාධක ඔවුන්ගේ තත්වයන්ටත් ඍණාත්මක ලෙස ගැටී තිබේ. මේ අර්බුදයට රුසියාව බලවත් ලෙස ගොදුරු වී නොමැත. චීනය සමග ඇති සිය හවුල හරහා සහ පැරණි සෝවියට් සංගමයේ ජනරජ සමග සම්බන්ධයන් දැඩි කර ගැනීමෙන්, ඔවුන් සමහර වාසි අත් කරගෙන ඇති අතර පොරය තුළ ඉදිරියට පැමිණ තිබේ. සමස්ත රහස් සන්ධානය තවමත් අන්තර්-අධිරාජ්‍යවාදී සම්බන්ධතාවල මූලධර්මය වේ. නමුත් අර්බුදය තුළ අධිරාජ්‍යවාදය, නව ලෝක යුද්ධයකට විභවතා මූලාශ‍්‍ර බවට පත්විය හැකි ප‍්‍රතිවිරෝධයන් සමග වර්ධනය වේ. අධිරාජ්‍යවාදී බලවතුන්, ප‍්‍රධාන වශයෙන් එක්සත් ජනපදය, ඔවුන්ගේ අභිලාශයන්ට අත්‍යවශ්‍ය වන හෝ ඒවා තර්ජනයට ලක්වන ලෝකයේ විවිධ කලාපවල ආක‍්‍රමණකාරී යුද්ධ, ආක‍්‍රමණ, සහ නව-යටත්විජිතවාදය මුදා හරියි, අවධාරණය කොට දක්වයි. ආයුධ සඳහා තරඟය පවත්වා ගනිමින් සහ වඩ වඩාත් විනාශකාරී යුධ උපකරණවලින් සජ්ජිත වෙමින්, මේ යුද්ධයන් වර්ධනය වීමේ දී, ජාත්‍යන්තර සම්මුතීන්හි සහ මානව හිමිකම්හි නිදන්ගත කොට ඇති සියළු සීමාවන් අතික‍්‍රමණය කරයි.

පාර්ලිමේන්තු ක‍්‍රමයක් පවතින තැන්වල පවා, එක් විදියක හෝ වෙනත් ආකාරයක ෆැසිස්ට් පාලනය පීඩක රටවල්වල ධර්මතාවයක් බවට හැමවිටම පත් වී තිබේ. මෑත අවුරුදු වළදී, නවීන ෆැසිස්ට්වාදයේ ප‍්‍රවණතාවයක් අධිරාජ්‍යවාදී රටවල් තුළත් වර්ධනය වේ. සෑම රටකම ඉතිහාසයේ ලාක්‍ෂණිකයන්ට, ස්වභාවයන්ට සහ සංස්කෘතීන්ට අනුව මෙය හැඩ ගැන්වේ. එය නැවත වරක් ධනේශ්වර රාජ්‍ය පාලනයේ ආකාරයක් වන ඒකාධිපති, වර්ගවාදී, දැඩි ආරක්‍ෂිත සහ පොලිස් රාජ්‍යයක් ඉදිකිරීමට වෑයම් කරයි.

අධිරාජ්‍යවාදය යනු දරිද්‍රතාවය, පිරිහීම සහ යුද්ධයයි. සමාජ ශුභ සාධනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාමය ප‍්‍රතිවිරුද්ධ තත්වය ආවරණය කරන වචන බවට වඩ වඩාත් පත් වී ඇති බව අර්බුදය මගින් අනාවරණය කරයි.

අධිරාජ්‍යවාදයේ විනාශකාරී ආර්ථික අර්බුද සහ නිර්ධන පංතිය සහ පුළුල් බහුජනතාව මත එහි ගැටීම ලෝක පරිමාණයේ අරගල සහ කැරලි රැල්ලක් පුබුදු කොට ඇත.

අධිරාජ්‍යවාදය මගින් පීඩනයට පත් කරන රටවල් තුළ, විරෝධතා, කැරලි සහ විමුක්ති අරගල නව නැග්මකින් සහ නව උදාවකින් යුතුව අරාබි රටවල්වල සහ පර්සියානු ගල්ෆ් කලාපයේ පෙනෙන්නට තිබේ. තරුණ ජනතාව, නිර්ධනීහු සහ පොදු ජනතාව, සමහර තත්වයන් හිදී, කම්කරු අංශයන් සංවිධානය කොට, අධිරාජ්‍යවාදයට යටහත් පහත් ඒකාධිපති පාලනයන්ට පහරදී පෙරළා දැමීම ස්ථීර දෙයක් බව පෙනී යයි. මෙය නව අධිරාජ්‍ය-විරෝධී, යුදෙව්වාදයට-එරෙහි, වැඩවසම්-විරෝධී, නව-ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවයන්ට මග පාදනු ඇත.

ව්‍යාජ අධිරාජ්‍ය-විරෝධී රාජ්‍යයන් වන, ලිබියාව, සිරියාව, ඉරානය සහ විවෘතවම අධිරාජ්‍යවාදී ඒවා වන සෞදි අරාබිය, බහරේන්, යේමන්, මොරොක්කෝ, ඇල්ජීරියාව එමෙන්ම ප‍්‍රතිගාමී ක‍්‍රෑර පාලකයන් නැවත ප‍්‍රතිස්ථාපනය කළ ටියුනිසියාව සහ ඊජිප්තුව සමූලඝාතන සහ මර්ධනයන් මුදා හරියි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ධජය යටතේ සැඟවීගෙන අධිරාජ්‍යවාදය මේ අරගලවලට මැදිහත්වී ඒවා කළමනාකරණය කොට අවිශ්වාසහගත පාලනයන් ඉවත් කොට නව පාලනය සමග කසිකබල් අතවැසියන් ප‍්‍රතිස්ථාපනය කරයි. ඔවුහු යුද්ධයක් දියත් කොට ලිබියාව අත්පත් කර ගත්හ. නමුත් ‘‘අරාබි වසන්තයේ’’ රැල්ල දිගටම පවතියි. ගෝලීයව ඔවුහු අධිරාජ්‍යවාදය සහ ජනතාව අතර ඇති යුද්ධයේ නව පෙරමුණක් ලෙස වැදගත් ස්ථානයක් අත් කර ගෙන තිබේ. ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ සහ පලස්තීනයේ පවතින ඒවාට ඔවුහු සම්බන්ධ වෙති. මේ රටවල්වල, අධිරාජ්‍යවාදීන්ගේ සහ යුදෙව්වාදීන්ගේ අත්පත්කරගැනීම සහ ආක‍්‍රමණයන් බරපතල විරෝධතාවයන්ට මුහුණ දී තිබේ. මෙය ඔවුන්ට සිය අත්පත්කරගැනීමේ සැලසුම් නැවත සැකසීමට බල කොට ඇති අතර ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරගැනීමේ දැඩි ක‍්‍රමවේදයෙන් ඔවුන්ව වළක්වා ඇත. අරාබි සහ බටහිර ආසියානු කලාපයට ඔබ්බෙන් වූ ලතින් ඇමෙරිකාව, අප‍්‍රිකාව සහ අනෙකුත් ආසියානු කලාපයේ ජනතාව ඔවුන්ගේ ජීවනෝපායන්ට පහරදීමට විරෝධය දැක්වීමට පිට පිටම වීදි බැස තිබේ. චීනයේ අනවරත කම්කරු වර්ජන සහ ගොවි අරගල සඳහන් කළ යුතුය.

අපි මේ අරගල සහ විරෝධතාවල නව රැල්ල තුළ, හැම කල්හිම ප‍්‍රතිගාමී පාලක පංතියට සහ ඔවුන්ගේ හාම්පුතුන් වන අධිරාජ්‍යවාදයට, ප‍්‍රධාන වශයෙන්ම එක්සත් ජනපදය වෙනුවෙන් නව යදම් සහ නව ගැත්තන් මතු කිරීමට ජනතා අරගලවල ව්‍යාඝ‍්‍රයා කර පින්නාගෙන යන බටහිර සහ ඉස්ලාම්වාදී ප‍්‍රවාහයන්ට විරුද්ධව, ජනතාවගේ විමුක්තිය උදෙසා සිදු වන අරගල සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය කරා දිවෙන අරගලවලට සහය දීම සහ ඒවා ශක්තිමත් කිරීම කළ යතු වෙමු.

අසහනකාරීත්වයේ රැල්ල, අධිරාජ්‍යවාදී රටවල ලක්‍ෂ ගණන් තරුණයින් සම්බන්ධ වන කැරලි සහ අරගල දල්වා ලීම වත්මන් ලෝකයේ ප‍්‍රභේදක අංගයකි. අධිරාජ්‍යවාදී බලකොටු හෙල්ලූම් කවන, නිර්ධන පංතික තරුණයින්ගේ උද්දීපනය වන නැගීසිටීම්, නව පරපුරක ප‍්‍රවේශය සනිටුහන් කරයි. අනාගතයක් නොමැති ජීවිතයකට මුහුණ දෙමින්, ඔවුන්ගේ කැරලි හරහා ‘‘කැරලි ගැසීම යුක්ති සහගතයි’’ කෑ ගසා කියන ඔවුහු ධනවාදයට අනාගතයක් නැත යන්න ප‍්‍රකාශ කරති. දැන් උණු වී ඇති, සමාන්තර ව ඇති, මේ වර්ධනය කම්කරු අරගලවල නැගීමට ඈඳී ඇත. විශේෂයෙන්ම අර්බුදය මගින් දරුණු ලෙස පහර දුන් ග‍්‍රීසිය, ස්පාඤ්ඤය, ඉතාලිය යනා දී රටවල, මහා වැඩ වර්ජන සමස්ත කම්කරු ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිත්වයට අඬ ගසා තිබේ.

නැගෙනහිර යුරෝපයේ කම්කරු අරගලවල නව වර්ධනයක් තිබී තිබුණු, වියරු ධනවාදයේ ඇම ලෙස වූ ව්‍යාජ සමාජවාදී රාජ්‍යයන් කඩා වැටීමත් සමග, පෙර තිබුණු තත්වයට වඩා බෙහෙවින් නරක වූ ක‍්‍රමයන් බවට ක්‍ෂණිකව පරිවර්තනය වීමට එකතු විය.

වඩාත් හොඳ ජීවිතයක් අපෙක්‍ෂාවෙන් සංක‍්‍රමණිකයින්ගේ නව රැල්ලක් අධිරාජ්‍යවාදී රටවලට විශාල වශයෙන් ඇදී යයි. ඔවුහු මේ රටවල් නිසා ඇති වී ඇති දරිද්‍රතාවයෙන් සහ විනාශකාරී යුද්ධවලින් පලා යති. බොහෝවිට සුසාන භූමි බවට පරිවර්තනය වන මුහුදු හරහා ඔවුන්ගේ ගමනාන්තයට ළඟා වීමට ඔවුන්ට සිය ජීවිත අප‍්‍රමාණ දුක් කන්දරාවන් තුළ අවදානමේ හෙළන්නට සිදු වේ. අධිරාජ්‍යවාදීහු කුරිරු සංක‍්‍රමණික-විරෝධී නීති සහ වර්ගවාදයෙන් ප‍්‍රතිචාර දක්වති. පොලිස් රාජ්‍යයන් වල, නවීන ෆැසිස්ට්වාදය මතු වීම, වර්ධනය වන වාර ගණනකින් යුතුව ආක‍්‍රමණකාරී යුද්ධ සහ සංක‍්‍රමණික-විරෝධී නීති වලට ජනතාව ෆැසිස්ට්-විරෝධී සහ වර්ගවාදයට-එරෙහි, යුද්ධවලට එරෙහි පුළුල් ව්‍යාපාර මගින් පොදු ජනතාව ප‍්‍රතිචාර දක්වනු ලැබේ.

මෙය නව රැල්ලක ලෝක නිර්ධන පංති විප්ලවයක විභවතාවයක් වර්ධනය වීමේ සහ පහළ වීමේ සන්දර්භයයි. එය සතුව මාඕවාදී පක්‍ෂ විසින් නායකත්වය දෙනු ලබන මහජන යුද්ධවල සමුද්දේශ ලක්‍ෂයක් සහ යුද්ධෝපායික නැංගූරමක් ඇත.

මෙය සඳහා, විශේෂයෙන්ම තුර්කිය සහ දකුණු ආසියාව, එයට විභවයක් තිබෙන ලතින් ඇමෙරිකාව, සහ ලෝකය මුළුල්ලේම, මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී (MLM) කොමියුනිස්ට් පක්‍ෂ සංවිධානය කිරීමත් සමග අපි නව මහජන යුද්ධ කිහිපයකට සූදානම එක් කළ යුතු වෙමු. මේ රාමුව තුළ, අධිරාජ්‍යවාදී රටවල් තුළ නව මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂ විප්ලවීය අරගල තුළ සෑහෙන තරම් පිම්මක් සඳහා විභවතාවය සහ ලෝක නිර්ධන පංති විප්ලවයේ ධාරාවන් දෙකක එක්සත් කම නියෝජනය කරයි: ඒ අධිරාජ්‍යවාදී රටවල සමාජවාදී විප්ලවය සහ අධිරාජ්‍යවාදීන් විසින් පීඩනයට පත් කරන රටවල් තුල, සමාජවාදය කරා දිවෙන, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයයි.

මේ සියල්ල ලෝකය තුළ මූලික ප‍්‍රතිවිරෝධය අධිරාජ්‍යවාදය සහ පීඩිත ජනතාව අතර බව පෙන්වන්නේ, නිර්ධන පංතිය සහ ධනේශ්වර පංතිය අතර සහ අන්තර්-අධිරාජ්‍යවාදී අතර යන ප‍්‍රතිවිරෝධයන් දෙකත් තියුණු වන අතරයි. අර්බුදය තුළ මෙය වැඩිවෙමින් පවතින අතර විප්ලවය ප‍්‍රධාන ප‍්‍රවණතාවය වේ.

වත්මන් ජාත්‍යන්තර තත්වයේදී කොමියුනිස්ට්වාදීන්ගේ කාර්යය වනුයේ විවිධ රටවල විප්ලවය සිදු කිරීමයි, මන්දයත් අර්බුදයට එකම විසඳුම විප්ලවය වන බැවින්, අධිරාජ්‍යවාදයෙන් සැනසීම ලබා ගත හැකි එකම විධිය සහ නිර්ධන පංතිකයින්ගේ සහ පීඩිත ජනතාවගේ අරගලවල අත්‍යන්ත අරමුණ සාක්‍ෂාත් කර ගත හැකි එකම මාවත විප්ලවය වන බැවිණි.

මෙය විසින්, විප්ලවය උදෙසා සටන් වදින පක්‍ෂයක් වශයෙන්, නිර්ධන පංතියේ සහ සියළුම මිනිසුන්ගේ නියාමක අරටුවේ පෙරමුණු බල ඇණියක් ලෙස, නව පන්නයක කොමියුනිස්ට් පක්‍ෂයක් ලෙස, සෑම රටකම මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂ ශක්තිමත් කිරීම සහ ගොඩ නැගීම ඉල්ලා සිටියි.

අධිරාජ්‍යවාදය මගින් පෙළන රටවල්වල මහජන යුද්ධයේ යථා දර්ශනය ඉදිරියට ගමන් කරමින් සිටී. ඉන්දියාව තුළ, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) මගින් නායකත්වය දෙන මහජන යුද්ධය සතුරාගේ පෙර නොවූ විරූ ප‍්‍රහාර අභිමුව නොසැලී සිටින අතර විහිදීමට සහ ඉදිරියට යෑමට හැකි වී තිබේ. පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් නායකත්වය දෙනු ලබන පිලිපීනයේ මහජන යුද්ධය ඉදිරියට ගමන් කරන අතර ලෝක විප්ලවීය රැල්ලේ වැදගත් කොටසක් ලෙස ස්ථාපිත වී ඇත. සභාපති ගොන්ෂාලෝ විසින් නායකත්වය දුන් පේරු කොමියුනිස්ට් පක්‍ෂය විසින් මෙහෙයවනු ලැබූ, පේරු හි මහජන යුද්ධය, සමස්ත ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය උදෙසා මතවාදී සහ යුද්ධෝපායික ප‍්‍රදීපයක් ලෙස පවතී. සතුරාගේ ප‍්‍රහාර සහ පක්‍ෂය තුළම සිටින සංශෝධනවාදීන් නිසා එහි පසුබැස්මක් තිබුණද, මේ වැටකඩොලූ මැඩ පැවැත්වීමේ අරගලය අප‍්‍රතිහතව කරගෙන යයි. නේපාලයේ දස අවුරුදු මහජන යුද්ධය ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය සහ අත්දැකීම් වලින් පොහොසත් වන අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ ජයග‍්‍රහණය දෙසට ඉතා වැදගත් ප‍්‍රගමනයක් ඇති කළහ. මෑත අවුරුදු වළදී, කෙසේ හෝ, ප‍්‍රචණ්ඩා සහ බට්ටරායිගේ ප‍්‍රමුඛත්වයෙන්, මහජන යුද්ධය සහ විප්ලවය පාවාදීමේ සංශෝධනවාදී මාවත හෙලිදරවු විය. එක්සත් නේපාල කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී) [UCPN(M)] තුළ මාඕවාදීහු එම මාවතට එරෙහිව කැරලි ගැසීමෙන් සහ පක්‍ෂයේ බාහිර සහ අභ්‍යන්තර, මධ්‍යගතවාදී දෙගිඩියාවට එරෙහිව දැඩිව නැගී සිටිමින් විප්ලවය ආරක්‍ෂා කොට එහි ගමන නැවත ඇරඹිය යුතුය. තුර්කියේ, මාඕවාදීහු නායකත්වය දෙන විප්ලවීය අරගලය, යුරෝපීය අධිරාජ්‍යවාදී රටවල් සහ බටහිර ආසියාවේ ප‍්‍රතිගාමීන් විසින් පාලනය කරන රාජ්‍යයන්, යන ජාත්‍යන්තර තර්ජන දෙකක් අතර පිහිටා ඇති ඒ රටේ තත්වයන්ට ගැලපෙන ලෙස මහජන යුද්ධය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. දකුණු ආසියාව සහ ලතින් ඇමෙරිකාව තුළ, මහජන යුද්ධ නව මුලපිරීම් සඳහා සූදානම් වෙමින් සිටින අතර දිගටම සිදු කෙරීගෙන යයි. නිර්ධන පංති ජාත්‍යන්තරවාදය භාවිතයට යෙදවීම, මහජන යුද්ධ සහ විප්ලවීය අරගල ප‍්‍රචලිත කිරීම සහ ඒවාට සහය දීම වනාහි ලොව පුරා කොමියුනිස්ට්වරුන්ගේ කාර්යභාරයක් වේ.

අධිරාජ්‍යවාදී රටවල් වල, ඡන්ද ක‍්‍රමය, පාර්ලිමේන්තුවාදය සහ දේශපාලනික සහ වෘත්තීය සමිති ප‍්‍රතිසංස්කරණ අර්බුදය තුළ වැඩි වේ, මෙය හරහා සංශෝධනවාදය බංකොලොත් භාවයට පත් වේ. ධනේශ්වර පංතිය පෙරළා දමා බලය අත්පත් කරගැනීමට විප්ලවීය සංවිධානයක සහ විප්ලවීය යුද්ධෝපායක අවශ්‍යතාවය වේගයෙන් ඉහළ යන අතර කම්කරු සහ මහජන ව්‍යාපාර බලවත් වේ. නිර්ධන පංතියට බලය නැති තාක් කල් ඔවුන්ගේ ඉරණම යහපත් තත්වයට පත් වේ යැයි සිතීම මායාවක් ය යන මතය වැඩි වෙමින් තිබේ. කම්කරු අරගල සහ නිර්ධන පංතිකයින්ගේ සහ තරුණ ජනයාගේ නැගිටීම්, අධිරාජ්‍යවාදී ධනවාදීන්ගේ රජයන් සහ රාජ්‍යයන් පෙරළා දමා, නිර්ධන පංතිකයින් විසින් බලය අත් පත් කර ගත යුතුයැයි යන යථාදර්ශනය තුළ මනාව සමායෝජනය විය යුතුය වර්ධනය විය යුතුය.

මේ අවශ්‍යතාවයන් යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමට, මේ සංචලන විප්ලවයක් බවට පත් කිරීම පිණිස, එක් එක් රටවල්වල සුවිශේෂ තතත්වයන්ට අනුව තෝරා ගන්නා ලද, කැරැල්ලක් ඇති කිරීමෙන් විප්ලවීය යුද්ධය මස්තක ප‍්‍රාප්ත කර ගැනීමේ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී යුද්ධෝපායෙන් යුක්තව, නිර්ධන පංති විප්ලවයක් උදෙසා, පංති අරගලයේ ගිනි දැල්ලෙන් සහ මහජනයා සමග සමීප සම්බන්ධතාවයකින් යුක්ත වූ, මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂ බිහි කිරීම අපිට අවශ්‍ය වේ.

දේශපාලන බලය අත්පත් කර ගැනීම ඉලක්ක වුණු සහ සෑම ක්‍ෂේත‍්‍රයකම පංති අරගලයට නායකත්වය දිය හැකි, මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය මත පදනම් වුණු කොමියුනිස්ට් පක්‍ෂ සෑම රටක් තුළම අපට අවශ්‍ය කරයි.

පංති අරගලය උදෙසා විද්‍යාත්මක සහ අධිෂ්ඨාන සහගත නායකත්වයක මේ අවශ්‍යතාවයට පිළිතුරු සැපයීමට සෑම රටකම මාඕවාදී කොමියුනිස්ට්වරු, සෑම වර්ගයකම සංශෝධනවාදී සහ ප‍්‍රතිසංස්කරණවාදී, හෝ පොතේ ගුරුවාදී සහ අන්තවාදී අපගමනයන්ට, ඔවුන්ගේ සෑම ස්වරූපයකටම එරෙහිව සටන් කිරීමෙන් පිළිතුරු සැපයීමට ප‍්‍රයත්න දැරිය යුතුය.

කීර්තිමත් පැරිස් කොමියුනයේ උපත මගින්, ඔක්තෝබර් විප්ලවයේ මුදුන හරහා, චීන විප්ලවය සහ ශ්‍රේෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය ආදී වසර 140 ක් මුළුල්ලේ වූ අරගල සහ විප්ලවයන්ගේ අතිමහත් අත්දැකීම් ප‍්‍රමාණය මත අපේ පංතියට විශ්වාසය තැබිය හැකිය. අපි අපේ ජයග‍්‍රහණයන් සහ පරාජයන්, අපේ නිවැරදිබවින් සහ එමෙන්ම වැරදීම්වලින් යන දෙවයෙන්ම උගත යුතුය.

හැමවිටම සිය සමස්ත ඉතිහාසය තුළ, කොමියුනිස්ට්වරු, නිර්ධන පංතියේ සහ පීඩිත ජනතාවගේ ජාත්‍යන්තර සංවිධානයක් බලාපොරොත්තුව එය ඉදිකොට, සහභාගි වී තිබේ. පළමු, දෙවන සහ තුන්වන ජාත්‍යන්තර නොමැතිව, කොමියුනිස්ට් ව්‍යාපාරයට ලෝකයේ සෑම අස්සක් මුල්ලකටම පැතිරීමට, එය මගින් සාක්‍ෂාත් කරගෙන තිබෙන එහි ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයන් හෝ, එහි තාවකාලික පරාජයන්ගෙන් පාඩම් උගෙන ගැනීමට යන මේ කිසිවක් සිදු කළ නොහැකි වනු ඇත.

මාඕ සේතුංගේ යුද්ධය ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ කෘෂෙව්ගේ සංශෝධනවාදය ස්ථාපිත කිරීමෙන් පසු කොමියුනිස්ට් පක්‍ෂ යළි පිබිදවීමට මං සැලසූ ජාත්‍යන්තර යුද්ධයකි.

මාඕගේ මරණයෙන් පසු සහ ශ්‍රෙෂ්ඨ නිර්ධන පංතික සංස්කෘතික විප්ලවය අවසන් වීමෙන් පසු, විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරය (RIM) ලෝකය තුළ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදීන්ට ජාත්‍යන්තර පරිමාණයෙන් එක්සත් වීම ආරම්භ කිරීමට, නව කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් දෙසට ගමන් කිරීම නැවත ඇරඹීමට ඉඩ සැළසූහ.

අද, විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ බිඳවැටීමට සහ අර්බුදයට මුහුණ දෙමින්, අපි විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ ධනාත්මක සහ නිශේධාත්මක අත්දැකීම් මත මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්‍ෂ සහ සංවිධානවල ජාත්‍යන්තර සංවිධානය නැවත ගොඩ නැගිය යුත්තේ වෙමු. වත්මන් තත්වය, දේශපාලනමය සහ සංවිධානමය පිම්මක් උදෙසා, විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරය තුළ සහ පිටත, සියළුම මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්‍ෂ සහ සංවිධාන මේ නව සංවිධානය තුළ එක්සත් වීමේ අවශ්‍යතාවය විදහා දක්වයි. මෙය නව ශතවර්ශයේ පංති අරගලයේ අග‍්‍රස්ථානයේ දී කොමියුනිස්ට් ව්‍යාපාරය අතරට යෙදවීම අත්‍යවශ වේ. මෙලෙස නිර්ධන පංතිකයින්ගේ සහ පීඩිත ජනතාවගේ අවශ්‍යතාවයන්, අධිරාජ්‍යවාදයේ අර්බුදයේ ඝට්ටනයට මුහුණ දීමෙන්, හමු විය හැක.

සියළුම පැරණි සහ අළුත් කසල, සංශෝධනවාදය පමණක් නොව සුළු ධනේශ්වර විප්ලවවාදීන් සහ ‘‘තාත්විකවාදීන්’’ යැයි තමන්වම සඳහන් කර ගන්නන් ඉවත ලන, උසස් බවට පත්විය හැකි, නිර්ධන පංතිකයින්ගේ සහ පීඩිත ජනතාවගේ සමෝධානික අංගයක් බවට පත් විය හැකි, විප්ලවීය න්‍යාය විප්ලවීය භාවිතාව බවට පරිවර්තනය කරන, පංති අරගලය තුළ රැඳී සිටින සහ ක‍්‍රියාකාරී වන අව්‍යාජ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්‍ෂ සහ සංවිධාන සමග නව ජාත්‍යන්තර සංවිධානය සමගි විය යුතුය.

මේ නව ජාත්‍යන්තර සංවිධානය ගොඩ නැගීමට අපි සංශෝධනවාදයෙන් සහ එහි සියළු වේශයන්ගෙන් විශේෂයෙන්ම වත්මන් අර්බුදයට සහ විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ බිඳවැටීමට මග පෑදූ, එක්සත් ජනපදයේ විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂයේ බොබ් එවේකියන්ගේ පශ්චාත්- මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී ‘නව සංකලනය’ සහ එක්සත් නේපාල කොමියුනිස්ට් පක්‍ෂයේ (මාඕවාදී) ප‍්‍රචණ්ඩා/බට්ටරායි විසින් ඉදි කළ සංශෝධනවාදී මාවතෙන් කැඞී යා යුතුය.

මේ සංවිධානයට පණ දෙන දේශපාලන පක්‍ෂ සහ බලවේග මගින් බෙදාගන්නා අවස්ථාවන්ට සහ විධික‍්‍රමයන්ට අනුරූපව අභ්‍යන්තර ජීවිතය පවතින, විශේෂයෙන්ම CoRIM (RIM කොමිටිය) හි ධනාත්මක සහ නිශේධාත්මක අත්දැකීම් වලින් ගුරුකම් ගන්නා, විධායක මධ්‍යස්ථානයක් නව ජාත්‍යන්තර සංවිධානයේ තිබිය යුතුය.

මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට්වාදීන්ගේ ජාත්‍යන්තර සංවිධානය නිර්ධන පංතිකයින්ගේ සහ පීඩිත ජනතාවගේ ජාත්‍යන්තර අධිරාජ්‍ය විරෝධී සන්ධානයේ, පෙරමුණෙහි අරටුව විය යුතුය.

එය මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂ වලට මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය පිහිටවීමට සහ සංවර්ධනය කිරීමට, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ නව සමගියක් සාක්‍ෂාත් කර ගැනීමට, ලොක ව්‍යාප්ත ජනතා අරගලවලදී එය පෙරමුණේ තැබීමට, සහ නව රැල්ලක ලෝක විප්ලවයේ විභවතාවය මුළුමනින්ම නිදහස් කරන්නට සහ සාක්‍ෂාත් කරගන්නට ඉඩ හරිනු ඇත.

අධිරාජ්‍යවාදයට අනාගතයක් නැත! අනාගතය කොමියුනිස්ට්වාදයට අයත්ය!

අත්සන් කොට බෙදා හරින ලද්දේ:
ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂමය (මාක්ස්වාදී-ලෙනින්වාදී) [නක්සල්බාරි]
ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්ෂ ය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂ ය – ඉතාලිය

ABar-11

 

2 වන විසඳුම

ලෝකයේ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්‍ෂ සහ සංවිධාන වල ජාත්‍යන්තර සම්මේලනයක් සඳහා විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ (RIM) මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්‍ෂ සහ සංවිධාන මගින් යවනු ලැබූ 2 වන විසඳුම

2012 මැයි පළමුවෙනිදා

මෙ සන්දර්භය තුළ මාඕවාදී පක්‍ෂ විසින් නායකත්වය දෙනු ලබන මහජන යුද්ධවල සමුද්දේශ ලක්‍ෂයක් සහ යුද්ධෝපායික නැංගූරමක් සමග නව රැල්ලක ලෝක නිර්ධන පංති විප්ලවයක් විභවතාවයක් සංවර්ධනය වේ, පහළ වේ.

අධිරාජ්‍යවාදී ගෝලීයකරණයේ විනාශයන්, ආක‍්‍රමණකාරී යුද්ධ සහ අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ විනාශකාරී ආර්ථික අර්බුද නිර්ධන පංතිකයින් සහ පීඩිත ජනතාව මත ගැටෙන අතර ලෝක ව්‍යාප්ත අරගල සහ කැරලි රැල්ලක් පුබුදු කර තිබේ. මේ විභවතාවය සාක්‍ෂාත් කර ගැනීම අත්‍යන්තයෙන්ම මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්‍ෂ සාර්ථකව ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ඔවුන්ගේ විප්ලවීය කාර්යභාරයන් ඉෂ්ට කර ගන්නේ කෙසේද යන්න මත පදනම් වේ. ඔවුන්ගේ අවබෝධය සහ අත්දැකීම් කැටි කිරීම සහ ඔවුන්ගේ ශක්‍යතාවෙහි සංවර්ධනය ලොව පුරා කැරලිකාරී ජනතාවට එක්සත් විප්ලවීය පණිවිඩයක් ගෙන යාමේදී, තීරණාත්මක වනු ඇත.

අවාසනාවට මේ කාරණයේදී පසුබෑමක් තිබේ. දැනට අක‍්‍රීයව ඇති, විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරය (RIM) තුළ වූ මේ අර්බුදය මගින් මෙය බරපතළ ලෙස සංයුක්ත කරන ලදි.

මේ තත්වය තුළ විප්ලවීය කාර්යභාරයන් මුදුන් පමුණුවා ගැනීමට සහ නිර්ධන පංතියට සහ අරගල කරන ජනතාවට මාඕවාදීන්ගේ සාමූහික අදහස් ගෙනයාමට ආධාර දිය හැකි ඵලදායී ජාත්‍යන්තර මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී සංවිධානයක් ගොඩනැගීම සඳහා වැඩ කිරීමට පියවරක් ගැනීම අවශ්‍ය වේ. එමනිසා, අපි ලෝකය පුරා වූ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්‍ෂ සහ සංවිධාන වල නව සම්මේලනයක් පැවැත්වීම දෙසට ගමන් කළ යුතු වෙමු. මේ සම්මේලනය මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය මත පදනම් වූ ජාත්‍යන්තර සංවිධානයක් ගොඩනැගීමේ කර්තව්‍යය දැරිය යුතුය. මේ කාර්යයේදී RIM හි ධනාත්මක සහ නිශේධාත්මක අත්දැකීම්, එය විද්‍යාමාන වූ දශක තුනකට ආසන්න කාලය තුළ ජාත්‍යන්තර සංවිධානයක් ලෙස ඉදිකිරීමේදී සහ ක‍්‍රියාකාරීවීමේදී දෙනු ලැබූ අත්දැකීම්, මගින් දැනුවත්ව සිටිය යුතු වීම කාලෝචිත වේ. සම්මේලනය සඳහා වැඩ කිරීමේ සහ ජාත්‍යන්තර සංවිධානයක් ගොඩනැගීමේ අංගයක් ලෙස මේ අත්දැකීම්වල කොටස් කරුවන් වී තිබෙන සියළුම පක්‍ෂ සහ සංවිධාන මගින් තනන ලද සම්පිණ්ඩනයක් අපට අවශ්‍ය කරයි. සමහර ප‍්‍රමුඛ කාර්ය භාරයන් අපි ඉදිරියට දමන්නෙමු.

1. 1976 දී මාඕ සේතුංගේ මරණයත් සමග, චීන කොමියුනිස්ට් පක්‍ෂය (CPC) සංශෝධනවාදී පක්‍ෂයක් බවට පිරිහීම හේතුවෙන්–චීන සංශෝධනවාදීහු නිර්ධන පංති දේශපාලන බලය පෙරලා දමා, සමාජවාදය පහත හෙළා, විප්ලවීය චීනය ප‍්‍රතිගාමී චීනයක් බවට පරිවර්තනය කොට, හමුදා කුමන්ත‍්‍රණයක් හරහා දේශපාලන බලය අත්පත් කර ගත්හ. තවදුරටත්, ඇල්බේනියා කම්කරු පක්‍ෂය තුළ පැන නැගුණු හෝක්සාවාදී සංශෝධනවාදී මාවත, ලෝකය පුරා සැලකිය යුතු ප‍්‍රමාණයක කොමියුනිස්ට් පක්‍ෂ සහ සංවිධාන ගණනාවකට බලපෑම් කරන ලදුව, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයට බරපතළ බැට දීමක් ඇති කොට අවසානයට පත් වූහ.

මේ පරාජයන්ගේ සන්දර්භය නොතකා, චීන හෝ හෝක්සා ප‍්‍රභේදයේ සංශෝධනවාදය යන මේ දෙකින් එකක්වත් අනුගමනය නොකළ, මාක්ස්වාදී-ලෙනින්වාදී පක්‍ෂ සහ සංවිධාන කිහිපයක්, සංඛ්‍යාත්මකව කුඩා වුවද, 1980 දී මාක්ස්වාදී-ලෙනින්වාදී පක්‍ෂ සහ සංවිධාන වල පළමු ජාත්‍යන්තර සම්මේලනය පැවැත් වූ අතර ලෝකයේ නිර්ධනීන්ට සහ පීඩිත ජනතාවට ආමන්ත‍්‍රණයක් යන, ඒකාබද්ධ ප‍්‍රකාශනය නිකුත් කළහ. මේ සම්මේලනය ස්ථාවර ජාත්‍යන්තර සංවිධානයක් සෑදීම පිණිස ප‍්‍රතිඵලයක් ලබා නොදුන්නද එය 1984 දී දෙවන ජාත්‍යන්තර සම්මේලනය සඳහා පසුබිම සකස් කළහ.

1. 1984 මේ දෙවන සම්මේලනයේදී RIM පිහිටුවීම චීන විප්ලවයේ පරාජයෙන් පසු ගිලී තිබුණු අර්බුදය මගින් විශද වුණු තත්ත්වය තුළ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ අවශ්‍යතාවයන්ට සහ මතවාදීමය, දේශපාලනමය සහ සංවිධානමය අවැසියාවන්ට ට පිළිතුරු සැපයූ ධනාත්මක ජාත්‍යන්තරමය, න්‍යායික සහ ප‍්‍රායෝගික ප‍්‍රයත්නයකි. විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ ප‍්‍රකාශනය මේ සම්මේලනය මගින් නිකුත් කරනුු ලැබූහ – මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය (එකළ එය මාඕසේතුං චින්තනය ලෙස හැඳින්විණි) තුළ පදනම්ව සහ නව රුසියානු සහ චීන සංශෝධනවාදීන්ට (එමෙන්ම හෝක්සාගේ ආධානග‍්‍රාහී – සංශෝධනවාදය) එරෙහි වූ ප‍්‍රතිපත්ති සහිතව – ව්‍යාපාරය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට මූලික මතවාදීමය – දේශපාලනමය රාමුවක් සපයනු ලැබූහ.

2. පසුගිය දශක තුනක කාලයේ අරගලවල RIM, මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය මත පදනම්ව තිබුණු බැවින්, ප‍්‍රතිපත්ති සහගත සහ තවදුරටත් වර්ධනය කිරීමට තරම් වටිනා වැදගත් න්‍යායික සහ ප‍්‍රායෝගික ප‍්‍රතිලාභයන් අත්පත් කර ගත්හ. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ කොටසක් ලෙස, සිය ඌනතාවයන් සහ අඩුලූහුඬුකම් තිබියදීත්, RIM හි ජාත්‍යන්තර සම්මේලනයේදී සහ විස්තීර්ණ කරන ලද රැස්වීමේදී (විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ ප‍්‍රකාශනය, මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය දිගුකල් දිනේවා, සහ සහස‍්‍ර විසඳුම වැනි ) ලේඛණ නිකුත් කරනු ලැබූ අතර, මේ සියල්ල ව්‍යාපාරයේ ප‍්‍රගමනයට වැදගත් න්‍යායික දායකත්වයක් සැපයූහ. ආචාර්ය අබිමායෙල් ගුස්මාන් ආරක්‍ෂා කර ගැනීමේ ඓතිහාසික ව්‍යාපාරය ඇතුළුව, පේරු හි මහජන යුද්ධයට සහ පේරු කොමියුනිස්ට් පක්‍ෂයට, නේපාලයේ මහජන යුද්ධය ආරම්භ කිරීමට සහ එය දස වසරක් මුළුල්ලේ පවත්වාගෙන යාමට, ජාත්‍යන්තරවාදීමය සහයෝගය ලබා දීමට ව්‍යාපාරයෙහි සහ විවිධ රටවල එහි පක්‍ෂ සහ සංවිධානවල මතවාදීමය සහ දේශපාලනමය අවබෝධයන් සහ විශ්ලේශණයන් ගැන දැනුවත් වීමට ඉඩ හළ, දිනා ගැනුමට ලොවක් ඇත සඟරාව භාෂා ගණනාවකින් පළ කිරීම, සහ ප‍්‍රකාශන නිකුත් කිරීම ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ RIM විසින් විශිෂ්ඨ ක‍්‍රියාකලාපයක් ඉටු කරනු ලැබූ බව සනිටුහන් කළහ.

3. RIM හි ආරම්භක සම්මේලනය නව පන්නයක කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව පිළිගෙන තිබුණි. මෙය සාක්‍ෂාත් කර ගැනීමට, RIM හි ප‍්‍රකාශනය නිවැරදිව වත්මන් ලෝකයේ සංකීර්ණ යථා තත්වයන්ට එය මගින් මතු කරන අභියෝගයන්ට අනුකූල වූ, පොදු මාවතක  සහ ජීව්‍යමය සංවිධානමය ආකාරක නියැලීමේ නිවුන් කාර්යයන් නිවැරදිව හඳුනා ගත්හ.

4. කොමියුනිස්ට් ව්‍යාපාරයට පොදු මාවතක් සඳහා දළ ප‍්‍රස්තුතයක් පිළියෙල කිරීම ඇතුළුව, කොමියුනිස්ට්වරුන්ගේ මතවාදී, දේශපාලනමය, සංවිධානමය එක්සත්කමට ආධාර කිරීමේ ක‍්‍රියාවලිය වෙනුවෙන් වැඩ කිරීමේ කාර්ය භාරය සමග – කළලමය දේශපාලන මධ්‍යස්ථානයක් ලෙස පිළිසිඳුණු – අභ්‍යන්තර RIM කමිටුව පිහිටවනු ලැබූහ. නමුත් මෙම කාර්ය CoRIM (RIM කමිටුව) මගින් ඉෂ්ට කර ගැනීමට අපොහොසත් වූ අතර මේ අරමුණු වලට ළඟා වීමට RIM ට නොහැකි විය.

5. මේ ව්‍යාපාරය තුළ එක්සත් භූමිකාවක් සහ ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා හැඩගැස්වුණු, එවැනි මධ්‍යස්ථානයක පැවතීමෙහි, RIM හි අත්දැකීම් තුළ මිශ‍්‍ර ප‍්‍රතිඵල වූහ. එහි යහපත් ප‍්‍රතිඵලයන්ද වූහ. බරපතල අත්වැරදීම්, RIM හි සාමූහිකත්වය නිශේධනය කළ ක‍්‍රියාකරිත්වය තුළ වූ අධිපතිවාදී ප‍්‍රවණතාවයන්, බරපතල ලෙස එහි සමගිය, මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්‍ෂ විශාල ප‍්‍රමාණයක් සම්මුතිගත කිරීමට වලකැපුණු අතර මෙලෙස එය නියම කර තිබූ කාර්යයන් ඉෂ්ට කරගැනීම එය විසින් ම වළකාලන ලදි.

මේ සංවිධානයට පණ දෙන දේශපාලන පක්‍ෂ සහ බලවේග මගින් බෙදාගන්නා අවස්ථාවන්ට සහ විධික‍්‍රමයන්ට අනුරූපව අභ්‍යන්තර ජීවිතය පවතින, විධායක මධ්‍යස්ථානයක් නව ජාත්‍යන්තර සංවිධානයේ තිබිය යුතුය. ජාත්‍යන්තර සංවිධානය සිය සම්මේලන සහ අනෙක් රැස්වීම් වලදී තීරණය කර ගන්නා පරිදි තීරණ සහ එකඟතාවයන් ගේ රාමුව තුළ එය දක්‍ෂතාවයෙන් සහ කැපවීමෙන් යුතුව වැඩ කළ යුතුයි. අනෙක් සියළු කාරණාවන් මෙන්, මෙහි දීත්, ස්ථායී ආරක්‍ෂාව, මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී භාවිතාවන් සහ සංවර්ධනයන් සහ සිය අනන්‍ය ජාත්‍යන්තරවාදී කාර්යයන් ඉෂ්ට සිද්ධ කිරීම සහ අවනතභාවය තනි තනි පක්‍ෂ මගින් අත්‍යන්තයෙන්ම සහතික විය යුතු ය. ධනාත්මක අංගයන් තිබිය දී පවා, අපේ ව්‍යාපාරයට එය විසින් ගෙන තිබුණු කාර්ය භාරයන් ඉෂ්ට කළ නොහැකි ව අර්බුදයකට ඇතුල් වූහ. බොබ් එවේකියන්ගේ පශ්චාත් මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී ‘නව සංකලන’ ප‍්‍රභේදය එක්සත් ජනපදයේ විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය තුළ ආධිපත්‍ය වන විට සහ ප‍්‍රචණ්ඩා-බට්ටරායි ප‍්‍රභේදය එක්සත් නේපාල කොමියුනිස්ට් පක්‍ෂයේ (මාඕවාදී) ආධිපත්‍ය වන විට, මේ පක්‍ෂ විප්ලවයේ සහ කොමියුනිස්ට්වාදයේ මාවතෙන් අපගමනය වූවා පමනක් නොව ඔවුන්ගේ ප‍්‍රති විප්ලවවාදී මාවතේ විනාශකාරී සහ නිගාදෙන ප‍්‍රතිවිපාකයන් RIM තුළම පක්‍ෂ සහ සංවිධාන කෙරේ සහ විශේෂයෙන්ම පුළුල් සහ තියුණු ආකාරයකට, RIM කොමිටිය තුළද, නිශේධාත්මකව බල පෑහ. මේවා RIM හි වත්මන් අර්බුදයට සහ බිඳවැටීමට මූලික වූ ආසන්නතම මතවාදී ප‍්‍රභවයන් වෙයි.

ජාත්‍යන්තර සංවිධානය නැවත ක‍්‍රියාකාරී කිරීමට සහ නැවත සංවිධානය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මේලනයක් කැඳවීමට අපි යෝජනා කරමු.  මේ කාර්යයේ දී මහජන යුද්ධවලට නායකත්වය දෙන මාඕවාදී පක්‍ෂ, සහ RIM හි පිටත සිටින අයද ඇතුළුව සියළු මාඕවාදී බලවේග, සමග සහයෝගයෙන් ක‍්‍රියා කළ යුතු බවත්, ඔවුන්ගේ දර්ශනයන් සහ අත්දැකීම් වලින් සම්මේලනය වඩා වාසි ලබා ගනු ඇති බව අපි විශ්වාස කරමු. මේ අරමුණ සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් මතවාදී, දේශපාලනමය විවාද ක‍්‍රියාදාමයක් රැගෙන යා යුතුය. සම්මේලනය සඳහා සූදානම් වීමේ එහි අරමුණු වලට සේවය කිරීමේ අංගයක් ලෙස, ‘RIM, ICML, සහ අනෙක් ජාත්‍යන්තර මුල පිරීම් වල’ සම්පිණ්ඩනයන් ගැන සම්මන්ත‍්‍රණයක් සිදු කිරීම අපි සිදු කරන්නෙමු.

නව ජාත්‍යන්තර සංවිධානයක් තුළ නව ජාත්‍යන්තර සමගියක් මූර්තිමත් කිරීමේ පදනම බවට පත් වීමේදී, මේ සමස්ත ක‍්‍රියාදාමය හරහා සමගියේ ගති ලක්‍ෂණයන් සහ වෙනස්කම් හඳුනාගතහැකි වනු ඇති අතර සාපේක්‍ෂව උසස් ආකෘතියකට ළඟාවිය හැකිය. පවත්නා තත්වයන් තුළ, මේ විප්ලවීය වගකීම් ක‍්‍රියාවට නැංවීම ‘‘ලෝකයේ කම්කරුවෙනි පීඩිත ජනතාවෙනි සමගිවව්’’, යන  ජාත්‍යන්තරවාදී කොමියුනිස්ට් සටන් පාඨයේ ප‍්‍රකාශනය ප‍්‍රායෝගිකව ඔප්පු කළ හැකිය. එය මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂවලට මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදය පිහිටවීමට සහ සංවර්ධනය කිරීමට, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ නව සමගියක් සාක්‍ෂාත් කර ගැනීමට, ලෝක ව්‍යාප්ත ජනතා අරගලවලදී එය පෙරමුණේ තැබීමට, සහ නව රැල්ලක ලෝක විප්ලවයේ විභවතාවය මුළුමනින්ම නිදහස් කරන්නට සහ සාක්‍ෂාත් කරගන්නට ඉඩ හරිනු ඇත.

අත්සන් කොට බෙදා හරින ලද්දේ:
ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂමය (මාක්ස්වාදී-ලෙනින්වාදී) [නක්සල්බාරි]
ඇෆ්ගනිස්ථාන් කොමියුනිස්ට් (මාඕවාදී) පක්ෂ ය
මාඕවාදී කොමියුනිස්ට් පක්ෂ ය – ඉතාලිය

ABar-11