Monthly Archives: August 2016

ඉන්දියාව – හිමද්‍රි සෙන් රෝයි ට විප්ලවීය උත්තමාචාරය

ඉන්දියාව – හිමද්‍රි සෙන් රෝයි ට විප්ලවීය උත්තමාචාරය

කොමියුනිස්ට් සහ වෘත්තීය සමිති ක‍්‍රියාධර හිමද්‍රි සෙන් රෝයි අප අතරින් සමු ගනී.

පරිණත කොමියුනිස්ට් නායකයෙකු සහ වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයෙකු වූ සහෝදර හිමද්‍රි සෙන් රෝයි අප අතරින් වෙන් වී ගියහ. ඔහු සිරගතව සිටියදී පිළිකා රෝගයෙන් පීඩා විඳින්නට පටන් ගත්හ. 2008 පෙබරවාරි මස බටහිර බෙංගාල පොලීසියේ විශේෂ කාර්ය බලකායෙන් ඔහුව අත් අඩංගුවට ගන්නා ලදි. රජය ප‍්‍රකාශ කළේ ඔහු ඒ කාලය වන මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ බටහිර බෙංගාලයේ ප‍්‍රාන්ත ලේකම් බවයි.

දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිත නිදහස ලබාදෙන මෙන් සිදු කරන ලද මහජන ව්‍යාපාරවලින් සහ දිගුකල් ගෙනගිය නීතිමය අරගල මගින් මාස කිහිපයකට ඉහත දී ඔහු ඇප මත නිදහස් කෙරිණි.

ඉන්දියානු විප්ලවයට සහය දීමේ නව ජාත්‍යන්තර සහයෝගිතා රැල්ලක් උදෙසා

ඉන්දියානු විප්ලවයට සහය දීමේ නව ජාත්‍යන්තර සහයෝගිතා රැල්ලක් උදෙසා – සැප්තැම්බර් 17 ඉතාලියේදී – ඉන්දියානු විප්ලවයට සහයදීමේ ජාත්‍යන්තර කමිටුවේ සම්මේලනයක් පැවැත්වේ.

තොරතුරු සඳහා csgpindia@gmail.com

For a new wave of international and internationalist support to the people’s war in india – italy 17 september – talk-meeting of ICSPWI info csgpindia@gmail.com

naxalites-Rally

ඉන්දියාවේ රතු බලය

ඉන්දියාවේ රතු බලය

ඉන්දියාවේ මාඕවාදී ගරිල්ලන් දශක ගණනක් තිස්සේ ගෙනයන සැඟවුනු අප‍්‍රකට යුද්ධය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් කරන හෙලිදරවුවක් මෙම දෘෂ්‍ය පටය තුළ දැක්වේ. ඉන්දියානු ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය, කැරලිකරුවන්ගේ මනෝභාවයන් සහ අරගලයේ දිශානතිය ගැන යම් අදහසක් මෙයින් ලබාගත හැකිය.

දන්දකර්නයා වනය තුළට

ඉන්දියාව – මාඕවාදී නායක රූපේෂ් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරයි

ඉන්දියාව – මාඕවාදී නායක රූපේෂ් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරයි

roopesh-on-arrest

වලයාම් පොලීසිය ඹ්ඡ් පනත යටතේ රූපේෂ්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඔහුව අගොස්තු 26 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබේ. රූපේෂ් සහ ඔහුගේ බිරිඳ 2015 මැයි මස අත් අඩංගුවට ගනු ලැබුණි. නඩපාරම් අසල පන්නියේරි කලාපයේ ත‍්‍රස්තවාදී සහ ජාති-විරෝධී කටයුතුවල නියුතු යැයි පොලීසිය ඔහුව අත්අඩංගුවට ගනු ලැබූහ. විවිධ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් මාඕවාදී ව්‍යාපාරයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයින් සහ නායකයින් අත් අඩංගුවට ගෙන විප්ලවීය ව්‍යාපාරය බිඳ දමන්නට උත්සාහ දැරීමට ඉන්දීය පාලක පංතිය තැත් දරයි.

ඊබ‍්‍රාහිම් කේපක්කයාගේ දුර්ලභ සේයාරූ කිහිපයක්

ඊබ‍්‍රාහිම් කේපක්කයාගේ දුර්ලභ සේයාරූ කිහිපයක්

v1059

තුර්කි මාඕවාදී නායක ඊබ‍්‍රාහිම් කේපක්කයා

ඊබ‍්‍රාහිම් කේපක්කයාගේ මව

1973 ජනවාරි 24 වෙනි දින ටුන්සෙලි තුර්කි කඳුවැටියේ ප‍්‍රතිගාමීන් සමග සිදුවූ සටනින් තුවාල ලැබූ ඊබ‍්‍රාහිම් කේපක්කයා එම ස්ථානයෙන් පලා යෑමට සමත්විය. තුවාල ලද ඔහු සතියකට පමණ පසු සිරභාරයට පත් විය. පසුව ඔහුට 50km පමණ දුරක් හිම මතින් සහ අයිස් ගංගා මතින්නගරයක් නගරයක් පාසා සහිතපාවහන් රහිත නග්න දෙපා වලින් ඇවිදින්නට බල කළහ. ඔහුව හාරමසක් තිස්සේ හුදෙකලා සිරකුටියක සිරගත කොට පසුව වධ දී මරා දමනු ලැබූහ. ඔහු පක්ෂය සහ සිය සහෝදරවරුන් ගැන කිසිදු තොරතුරක් එළිදරව් නොකලෙන් වෙඩි තබා මරා දමනු ලැබූහ.

තුර්කියේ ජාතික බුද්ධි තොරතුරු සංවිධානය ඊබ‍්‍රාහිම් කේපක්කයා තුර්කි විප්ලවවාදීන්ගෙන් වඩාත් භයානකම පුද්ගයා ලෙස වාර්තා කළේ තනිවම තුර්කියට කොමියුනිස්ට් අදහස් ගෙන ඒමට තරම් ඔහු සතු සංවිධානය කිරීමේ හැකියාව නිසායි.

v1060

v1061

v1062

v1063

v1064

v1065

v1066

v1068

ඊබ‍්‍රාහිම් කේපක්කයාගේ මව

v1067

v1069