Monthly Archives: March 2018

ආරක්ෂක අංශ සමග සිදු වූ වෙඩි හුවමාරුවෙන් කාන්තා මාඕවාදීහු සිව් දෙනෙක් දිවි පුදති

ආරක්ෂක අංශ සමග සිදු වූ වෙඩි හුවමාරුවෙන් කාන්තා මාඕවාදීහු සිව් දෙනෙක් දිවි පුදති

Odisha-News-Insight

ඉන්දියානු මාධ්‍ය ආයතනයක් වන ඔඩිෂාටීවී මගින් වාර්තාකොට සිටියේ 25 වෙනි ඉරිදා රාත‍්‍රියේ ඔරිස්සා හි කොරාපුට් දිස්ත‍්‍රික්කයේ දක‍්‍රි ඝාත් ප‍්‍රදේශයට යාබද නරායන්පත්නාන් හි දී දිස්ත‍්‍රික් ස්වේච්ඡා බලඇණි සහ විශේෂ මෙහෙයුම් කණ්ඩායමේ ආරක්ෂක බලඇණි සමග ඇති වු වෙඩි හුවමාරුවෙන් මාඕවාදී කාන්තා කාඩර්වරු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි. ඔවුන්ව තවම හඳුනාගැනීමට තිබේ. විශ්වාස කරන අන්දමට මියගොස් ඇති සියළු සාමාජිකාවන් අන්ද්‍රා-ඔරිෂා ෂෝනල් කමිටුවට අයත් වේ. පොලීසිය එය ප‍්‍රකාරශ කරයි.

2009 සහ 2010 යන කාලවල සිට මාඕවාදීහු නරායන්පටා හි ක‍්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට උත්සාහ කරමින් සිටී. එවක් පටන්, මාඕවාදීන්ගේ පෙරමුණු සංවිධානයක් වන, චෂී මුලියා ආදිවාසී සංගමය ඔරිසා හි ලාල්ගාවක් නිර්මාණය කිරීමට කටයුතු කරති.

Advertisements

ඉන්දියානු ගොවීන්ගේ දැවැන්ත පාගමන

ඉන්දියානු ගොවීන්ගේ දැවැන්ත පාගමන

මහාරාෂ්ට‍්‍රා ගොවීහු ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ගනිති.

මහාරාෂ්ට‍්‍රා හි ගොවියන් 50,000 කට අධික ගොවීන් පිරිසක් ප‍්‍රාන්ත පාර්ලිමේන්තුව වටලා ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ගත්හ. මහාරාෂ්ට‍්‍රා හි දේවේන්ද්‍ර ෆද්නාවිස් රජය ගොවීන්ගේ ඉල්ලීම් ලබා දීමට එකඟ වූහ.

මේ ජයග‍්‍රහණය ලබා ගැනීමට ගොවීහු නෂික් හි සිට කිලෝමිටර් 180 පමණ දුරක් දින හයක් තිස්සේ දැඩි සූර්යතාපය නොතකා මුම්බායි වෙත ගමන් කොට තිබුණි. සමහරු පාවහන් පවා පැළඳ නොසිටියහ. ඔවුන්ගේ සියළු ඉල්ලීම් ලබාදුන් බව මහාරාෂ්ට‍්‍රා හි ආදායම් පිළිබඳ අමාත්‍ය චන්ද්‍රකාන්ත් පටිල් පැවසූහ.

රජය සිය ඉල්ලීම් පිළිගැනීමත් සමග ගොවීහු සිය රැළිය විසුරුවා හරින්නට කටයුතු කළහ. (2018 මාර්තු 12)

වාර්තාකරුවන්ට තා කරමින් ප‍්‍රධාන අමාත්‍ය, ෆද්නාවිස් ප‍්‍රකාශ කොට සිටියේ: ‘‘වගා කරමින් සිටින වන භූමි ආදිවාසීන්ට සහ ගොවීන් ට පවරන්න කමිටුවක් සකසන්න අපි එකඟවුණා, ගොවීහු සාක්ෂ්‍ය සහිතවම සනාථ කොට තිබෙනවා කලින් වගා කරන ලද ඉඩම් 2005ක් ඇති බව. ගොවීන්ගේ සහ ආදිවාසීන්ගේ නියෝජිතයින් සහිත රැස්වීමකදී ඔවුන්ගේ සියළු ඉල්ලීම් ලබා දෙන්නට අප අකඟ වුණා.’’

මෙයට සහභාගි වූවන්ගෙන් 90% දුප්පත් ආදිවාසීන්. ඔවුහු වන ඉඩම් අයිතිය සඳහා සටන් කරමින් සිටී. ඉඩම් නොමැති ඔවුන්ට වගා කිරීමට කිසිවක් නැහැ. රජය ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව සංවේදී සහ ධනාත්මක ආකල්පයකින් කටයුතු කරන බව ෆද්නාවාස් ප‍්‍රාන්ත රජයේ පාර්ලිමේන්තුවේදී ‘දිග පාගමන’ගැන සාකච්ඡා කිරීමේදී ප‍්‍රකාශ කොට සිටියහ. ගොවීහු කොන්දේසි රහිත වගා ණය, ගොවීන් සඳහා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්, වසර ගණනාවක් තිස්සේ ආදිවාසී ගොවීන් විසින් වගා කරමින් සිටි වනාන්තර භූමි වගා කරන්නට අයිතිය සහ ඒවා වගා කරන්නට යන වියදම මෙන් 1.5 ක ප‍්‍රමාණයක් ගොවීන්ට ලබා දෙන්නට, දිස්ත‍්‍රික්ක තුනක ගංගා එකට සම්බන්ධ කරමින් මෙම ප‍්‍රදේශ යට කරමින් දැවැන්ත ජලාශයක් තනන්නට සිදු කළ සැලැස්ම ඉවත් කර ගන්නට රජයට බල කළහ. ගොවීහු රජය විසින් එම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනිමේදී, එමෙන්ම අධිවේගී දුම්රිය සහ මහාමාර්ග ඉදි කිරීම සඳහා ඉඩම් රජය විසින් අත්පත් කරගැනීමට එරෙහිය නැගී සිටියහ.

චටිස්ගාර්හ් ප‍්‍රහාරයට මාඕවාදීහු පළිගනිති, CRPF ජවානාස් 9ක් මරුට, 4 තුවාල ලබති

චටිස්ගාර්හ් ප‍්‍රහාරයට මාඕවාදීහු පළිගනිති, CRPF ජවානාස් 9ක් මරුට, 4 තුවාල ලබති

හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරන අන්දමට චටිස්ගාර්හ් වල මාඕවාදීන් විසින් සිදු කළ ප‍්‍රහාරයෙන් CRPF ජවානාස් 9ක් මරණයට පත්ව 4 දෙනෙකු තුවාල ලැබ තිබේ. සිදුවීම මාර්තු 18 අඟහරුවාදා උදෑසන චටිස්ගාර්හ් වල සුක්මා දිස්ත‍්‍රික්කයේ සිදුව තිබේ. ජීවිත හානි සිදුව තිබෙන්නේ මාඕවාදීන් මර්ධනය කිරීමට රැගෙන ගිය විශේෂ පුහුණුවක් ලද කෝබ‍්‍රා කොමන්ඩෝ සාමාජිකයින්ටයි. ප‍්‍රාදේශීය පරිපලානය ප‍්‍රකාශ කොට සිටියේ ගැටුම් වලට ප‍්‍රතිරෝධය දක්වන රථයක් (MPV) , CRPFභටයින් සමගම පුපුරුවා දැමු බවයි. පුද්ගලයින් 9 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇත. ජවානාස් භටයින් බොහෝ දෙනෙකු තුවලා ලද අතර සංඛ්‍යාත්මක ප‍්‍රමාණය හරිහැටි නොදනී. වාර්තා වන අන්දමට අවම වශයෙන් 4 දෙනෙකුවත් තුවාල ලබා ඇත.

NDTV වලට අනුව, මාඕවාදීන්ට එරෙහිව මෙහෙයුමක් සඳහා මාර්තු 13 අඟහරුවාදා උදෑසන 8.00 ට කස්තාරම් වල සිට සුකමාරා පලෝමා වලට ලබාගත් කෝබ‍්‍රා බල ඇණියේ බිම්බෝම්බ වලට ඔරොත්තු දෙන සන්නද්ධ රථයේ පුද්ගලයින් 11 දෙනෙකු සිට ඇත. මේ වන විටත් එහි නක්සල්වාදීන්ට එරෙහිව යුධ මෙහෙයුම් පවතී. ඒ අතරතුරුම ඔවුහු ප‍්‍රහාර එල්ල කළහ. CRPF නිළධාරියෙකුට අනුව පිපිරීම සිදු කොට ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් භාවිතා කොටයි.

සති කිහිපයකට පෙර CRPF සමග ගැටීමෙන් මාඕවාදීහු 10 දෙනෙකු මරා දැමුණහ. ඔවුන්ගෙන් 6 දෙනෙකුම කාන්තාවන් වූහ. එම ප‍්‍රහාරයට එකට එක කිරීමක් ලෙස මෙම ප‍්‍රහාරය සිදු කරන්නට ඇතැයි බොහෝ දෙනෙකු කල්පනා කරති.

කොලොම්බියාවේ මාක්ස්වාදී ගරිල්ලා කණ්ඩායමක් වන ELN මගින් සොල්දාදුවන් 5ක මරා දමා 10 දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදු කොට ඇත.

කොලොම්බියාවේ මාක්ස්වාදී ගරිල්ලා කණ්ඩායමක් වන ELN මගින් සොල්දාදුවන් 5ක මරා දමා 10 දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදු කොට ඇත.

මාක්ස්වාදී කැරලිකාර කණ්ඩායමක් වන ELN ගරිල්ලන් විසින් එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයෙන් කොලොම්බියානු සොල්දාදුවන් 5 දෙනෙකු මිය ගොස් දස දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. අඟහරුවාදා දින වෙනුසියුලාවට ආසන්න සන්තන්දර් පළාතේ හමුදා රථයක් ඉලක්ක කොට බෝම්බ ප‍්‍රහාරය එල්ල කොට ඇත.

ප‍්‍රකාශයෙන් කියැවුණේ වෙනිසියුලාවේ ඊසාන දිග දේශසීමාවේ උපායික මෙහෙයුම් අතර පිපිරීම සිදුව ඇති බවයි. කෙසේ හෝ හමුදාව තොරතුරු ලබා දීමෙන් වැළකී සිටියි. ප‍්‍රහාරයට දිනකට පසුවද ප‍්‍රකාශනය නිකුත් වුවත් පැහැදිලිව කිසිවෙක් විසින් මෙතෙක් වගකීම බාරගෙන නැත.

කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් ප‍්‍රහාරය දැඩි ලෙස හෙලා දැක ඇත. ඔහු සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් මේ ප‍්‍රහාරයට සම්බන්ධ අයට එහි වගකීම ගැනීමට සිදුවන බව ප‍්‍රකාශ කොට ඇත. කොලොම්බියානු රජය ෑඛභ සමග පැවැත් වූ සාම සාකච්ඡා ජනවාරියේ දී අවසන් කළ අතර පළමු වතාවට සටන් විරාමය

චටිස්ගාර් මාඕවාදී ප‍්‍රහාරයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙක් මරුට, නිළධාරීහු 6ක් දැඩි ලෙස තුවාල ලබති

චටිස්ගාර් මාඕවාදී ප‍්‍රහාරයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙක් මරුට, නිළධාරීහු 6ක් දැඩි ලෙස තුවාල ලබති

එන්ඞීටීවී රූපවාහිනී චැනලය මගින් වාර්තා කරන අන්දමට චටිස්ගාර් තීරු ප‍්‍රදේශය තුළ සුක්මා දිස්ත‍්‍රික්කයේ මාඕවාදී ප‍්‍රහාරයක් එල්ල වී ඇත. අද, පෙබරවාරි 18 චින්තගුෆා අසල ප‍්‍රදේශයක ඒකාබද්ධ විශේෂ කාර්ය බලකාය වෙත මාඕවාදීන් විසින් ප‍්‍රහාරයක් එල්ල කොට ඇත. වීජිහි පොලිස් ස්ථානය යටතේ පවතින අලාර්මදෝගු ගම්මානයේ දී දෙපාර්ශවය අතර ගැටුම් ඇවිලිණි. ප‍්‍රහාරයෙන් පොලිස් නිළධාරීන් 2 ක් මරණයට පත් වූ අතර තවත් 6 ක් බරපතල ලෙස තුවාල ලදහ.

සුක්මා දිස්ත‍්‍රික්කයේ මේ ප‍්‍රදේශය මාඕවාදී බලකඳවුරකි. ප‍්‍රබල මාඕවාදී නායක හිද්මා සිය බැටෑලියනය සමග මෙම කලාපයේ ඇවිදිමින් සිටී. ප‍්‍රති නක්සල් මෙහෙයුම් වල විශේෂ ඞීජී මාධ්‍ය වලට ප‍්‍රකාශ කොට සිටියේ, දිස්ත‍්‍රික් සංචිත සේනාංක වලින් ජවානාස් භටයින් 4ක් සහ විශේෂ කාර්ය බලකායේ සොල්දාදුවන් දෙදෙනෙක් තුවාල ලද බවයි. එක් විශේෂ කාර්ය බලකා සොල්දාදුවෙකු සහ දිස්ත‍්‍රික් සංචිත සේනාංක සොල්දාදුවෙකු ජීවිතක්ෂයට පත් ව ඇත. මෙම ප‍්‍රහාරයට පසුව අලාර්මදෝග් ප‍්‍රදේශයේ තවත් ප‍්‍රහාරයක් වාර්තා වී ඇත. ප‍්‍රහාරය එරාබ්බොර් ගම්මානයේ සිදුව තිබේ. අනෙක් සිදුවීම වනුයේ අලාර්මදෝග් සහ විෂ්ජි ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුව මධ්‍යයේ මාර්ග ඉදිකිරීම් කොම්පැනියක මැනේජර් කෙනෙකු මරණයට පත් වීමයි. මේ කාලය තුළ, මාර්ග ඉදි කිරීම් සඳහා භාවිතා කළ වාහන කිහිපයක් ද මාඕවාදීන් විසින් ගිනි තබනු ලැබිණි.