Blog Archives

India: 2 security personnel killed, 4 injured in encounter with Maoist in Sukma

India: 2 security personnel killed, 4 injured in encounter with Maoist in Sukma

 
Two security personnel were killed and four others were injured in encounters at various places between Maoists and security forces in Chhattisgarh’s South Sukma on Saturday.
IG Bastar, Vivekanand confirmed that the two jawans of district reserve guards (DRG) were killed in an encounter near Bheji area of South Sukma.
The injured were rushed to Raipur. The condition of three jawans is said to be serious, police sources said.
The encounter continues to rage.
“A massive encounter is going on since Friday in that area of South Sukma. A joint force of security forces is in the jungles of South Sukma and they are fighting with the battalion of Maoists,” special director general of naxal operations, D M Awasthi told Hindustan Times.
Awasthi also said that around 20 Maoists are also killed in the encounter. But security forces could find only one body of a Maoist so far.
The joint team, comprising personnel from STF, District Reserve Guard (DRG) and CoBRA (Commando Battalion for Resolute Action), was carrying out anti-Naxal operation in Chintagufa area, around 500 km from the Chhattisgarh capital Raipur.
Chintagufa is said to be the “capital of Maoists” in Bastar.
“The team is still cordoning off a forest patch in southern part of Sukma and positive results will come in next few hours,” said a senior police officer.
Police said that the Anti Naxal Task Force (ANTF) of the Indian Air Force had been also involved in large scale troop transportation for this operation which was named Operation Prahar by the Chhattisgarh police.
In the last couple of months Maoists had launched two major attacks on security forces in the same area.
On April 24, 25 CRPF troopers were killed in a Naxal ambush in Burkapal area under Chintagufa police station while 14 were killed on Bhejji on March 12.
Advertisements

චටිස්ගාර් මාඕවාදී ප‍්‍රහාරය: 70% ක් කාන්තාවන්

චටිස්ගාර් මාඕවාදී ප‍්‍රහාරය: 70% ක් කාන්තාවන්


අපේ‍්‍රල් 24 (2017 අපේ‍්‍රල් 24) චටිස්ගාර්හි දකුණු බස්තාර් දිස්ත‍්‍රික්කයේ කලපතාර් ප‍්‍රදේශයේදී මාඕවාදීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසු තුවාල ලැබූ සී.ආර්.පී.එෆ් සොල්දාදුවෙකු පැවසූවේ ප‍්‍රහාරයට පැමිණි මාඕවාදීන්ගෙන් 70% පමණ කාන්තාවන් බවයි.

සිය නම හෙළි කිරීමට අකමැති වූ සොල්දාදුවෙක් පැවසුවේ ඒ.කේ 47 වර්ගයේ අවි වලින් සන්නද්ධ වූ මාඕවාදී ගරිල්ලන්ගේ බහුතරය කාන්තාවන් බවයි.

තවත් සොල්දාදුවෙකු පැවසූවේ මරා දැමීමෙන් අනතුරුව ගරිල්ලා කාන්තාවෝ ආයුධ පැහැරගෙන පලා ගිය බවයි.

චටිස්ගාර්හි දකුණු බස්තාර් දිස්ත‍්‍රික්කයේ කලපතාර් ප‍්‍රදේශයේ මාඕවාදීන් සමග පසුගිය අපේ‍්‍රල් 24 (2017 අපේ‍්‍රල් 24) වෙනි දින සිදු වූ බිහිසුණු වෙඩි හුවමාරුව අතරතුරදී අවම වශයෙන් සී.ආර්.පී.එෆ් (මධ්‍යම සංචිත පොලිස් බලඇණියේ) ජවාන් සොල්දාදුවන් 26 දෙනෙකු මරණයට පත් විය.

එම සිදුවීම එදින පස්වරු 12.25 ට පමණ සිදුවූයේ, 74 වෙනි බැටෑලියනයට අයත් සී.ආර්.පී.එෆ් සොල්දාදුවන් විසින් මාර්ග ඉදිකිරීමේ කටයුතු වලට ආරක්ෂාව සපයමින් සිටි අතරතුරදීයි.

 

[]

ඔඩිෂා දුම්රිය ස්ථානය නක්සල්වරු විසින් පුපුරවා දමයි, දුම්රිය සේවා 13ක් අහෝසි කරයි

ඔඩිෂා දුම්රිය ස්ථානය නක්සල්වරු විසින් පුපුරවා දමයි, දුම්රිය සේවා 13ක් අහෝසි කරයි

නව දිල්ලිය: නක්සල්වාදී යැයි කියනු ලබන 20 ක පමණ කණ්ඩායමක් ඔඩිෂා දුම්රිය ස්ථානයට පුපුරණ ද්‍රව්‍ය යොදා පහර දී ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝඩි එම පෙදෙසේ සංචාරය කිරීමට විරෝධය පෑමක් ලෙසයි.

ප‍්‍රහාරය සිදුවී තිබුණේ සෙනසුරාදා උදෑසන 12.15 ට (2017 මාර්තු 31) පමණ රයාගදා සහ තිතිලගාර් හි නැගෙනහිර වෙරළබඩ දුම්රිය මාර්ගය අතර මැද වූ දොයිකලූ ස්ථානයේයි. එය අගනුවර වූ භූභනේෂ්වාර් හි සිට කි.මී. 450 දුරින් පිහිටා තිබුණි. ඔවුහු එහි තිබුණි වෝකි ටෝකි උපකරණද රැගෙන ගොස් ඇත.

ඊළඟ මාසය තුළ භූබනේෂ්වර් හි භාරතීය ජනතා පක්ෂයේ දින දෙකක ජාතික විධායක රැස්වීමක් පවත්වන්නට මෝඩි සැලසුම් කොට තිබුණි.

නක්සල්වරු කුඩා ටින් බෝම්බයක් ස්ථානාධිපති කාර්යාලයේ සහ අංගනයේ නවත්වා තිබූ දුම්රිය ඇන්ජිමක සවි කොට පුපුරුවා හැර තිබේ. දුම්රිය එන්ජිමට යම්තම් හානි සිදුවී ඇති අතර ස්ථානාධිපති කාර්යාලයේ ඉලෙක්ට්‍රොනික උපංගවලට හානි සිදු වී තිබුණි. ප‍්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව අම්බඩෝලා පොලීසිය පැවසීය.

‘‘දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලය හානියක් වී නොමැත. පාලන මධ්‍යස්ථානයට ඔවුන්ට කථා කරන්නට හැකි වී තිබුණි. ආරක්ෂක අංශ දුම්රිය ස්ථානය වෙත ළඟා වී තිබුණි,’’ පොලීසිය පැවසීය.

දුම්රිය ස්ථානාධිපති වාර්තා කරන අන්දමට උදෑසන 1.30 ට පමණ ප‍්‍රහාරය සිදු වී තිබුණි. සන්නද්ධ පුද්ගලයින් 25-30 අතර ප‍්‍රමාණයක් දුම්රිය ස්ථානයට ඇතුල්වී, කාර්යමණ්ඩලය ඉවතට ගෙන පුපුරණ ද්‍රව්‍ය යොදා දුම්රිය ස්ථානය පුපුරවා තිබුණි.


ප‍්‍රහාරයෙන් පසු දුම්රිය සේවා 13ක් අහිටුවා ඇත.

ඉන්දියාව: සුක්මා ඇම්බුෂ් – මාඕවාදී ප‍්‍රහාරයෙන් මියගිය සීආර්චීඑෆ් පුද්ගලයින්ගේ ගණන 12 දක්වා ඉහළ යයි

ඉන්දියාව: සුක්මා ඇම්බුෂ් – මාඕවාදී ප‍්‍රහාරයෙන් මියගිය CRPF පුද්ගලයින්ගේ ගණන 12 දක්වා ඉහළ යයි

මාඕවාදී කැරළිකරුවන් යැයි සැක කෙරෙන්නන් විසින් රැක සිට කරන ලද ප‍්‍රහාරයකින් චටිස්ගාර්හි සුක්මා දිස්ත‍්‍රික්කයේ සෙනසුරාදා දින (2017 මාර්තු 11) මාර්ග සංචාරයේ යෙදුණු මධ්‍යම සංචිත පොලිස් බලකායේ සෙබළුන් 12 දෙනෙකු අවම වශයෙන් මරණයට පත් වී ඇත.

රට තුළ මාඕවාදීන්ගේ බලපෑමට වඩාත්ම නතුව තිබෙන දිස්ත‍්‍රික්කයක් වන සුක්මාහි භෙජි පොලිස් ස්ථානය යටතේ වන කොටාචේරු අසලදී උදෑසන 9.10 ට මෙම ප‍්‍රහාරය එල්ල කෙරුණි. මාඕවාදීහු මිය ගිය පුද්ගලයින්ගෙන් ආයුධ 10 පැහැරගෙන ඇති අතර මෙම ප‍්‍රදේශය ප‍්‍රාන්ත අගනුවරින් කි.මී 450 ක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශයකි.

‘‘රැක සිට පහරදීමට ලක්වන විට ්රැෑ 219 බැටෑලියනයේ සොල්දුදාවන් ප‍්‍රදේශයේ මාර්ග ඉදිකරන්නන්ට ආරක්ෂාව සපයමින් මාර්ගය විවෘත කිරීමේ කාර්යයේ නියුතුව තිබුණි. අයිඊඞී උපාංගයක් පුපුරවා හැරීමත් සමග ප‍්‍රහාරය ආරම්භ කොට තිබුණි’’ යැයි එක් සීආර්පීඑෆ් නිළධාරියෙක් දිල්ලි වලදී පවසා තිබුණි. ප‍්‍රහාරයෙන් පස් දෙනෙකු තුවාල ලදහ. ඔවුන්ගෙන් තිදෙනෙකු මුල සිටම බරපතල තත්ත්වයේ පසුවෙති.

තුවාල ලැබූවන් රායිපූර් වලට රැගෙන ගොස් රජයේ රෝහලට ඇතුල් කරන ලදි. බරපතල ලෙස තුවාල ලද එක් අයෙකු පසුව මරණයට පත් වීමත් සමග මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගියහ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු පවසා සිටියේ ප‍්‍රති ප‍්‍රහාර වලින් මාඕවාදීහු දෙදෙනෙක් මරා දැමූ බවයි.

ආයුධවලට අමතරව මාඕවාදීහු, සීආර්පීඑෆ් කණ්ඩායම රැගෙන යමින් තිබූ වීඑච්එෆ් රේඩියෝ පද්ධති දෙකක් පැහැර ගත්හ. සීආර්පීඑෆ් කණ්ඩායම පුද්ගලයින් 112 දෙනෙකුගෙන් සමන්විතව තිබුණි.

‘‘ප‍්‍රහාරයට ලක් වූ ප‍්‍රදේශය අභ්‍යන්තර කලාපයක් බැවින් සන්නිවේදනය කළ හැකි එකම විදිය චන්ද්‍රිකා දුරකථන මගින් පමණකි’’ සීආර්පීඑෆ් නිළධාරියෙකු පැවසීය.

සිටියේ අමතර බල ඇණි සිද්ධිය වූ ස්ථානයට යවා මෘත සිරුරු ලබා ගත් බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කොට සිටියහ.

ස්වදේශ කටයුතු ඇමති ප‍්‍රකාශ කොට සිටියේ මධ්‍යම රජය ප‍්‍රාන්ත රජය සමග ඍජු සන්නිවේදනයේ යෙදුණු බවයි. ට්වීටර් පණිවුඩ මාලාවකින් රාජන් සිංග් ප‍්‍රකාශ කොට සිටියේ සිද්ධියට සම්බන්ධ අයවලූන් අධිකරණය හමවට ගෙනෙන බවයි.

පසුගිය මාසයේ සහකාර ප්ලැටූන් කමාන්ඩර් කෙනෙකු ඇතුළු විශේෂ කාර්ය බලකායේ පුද්ගලයින් දෙදෙනෙකු චටිස්ගා හි කොන්දගාඔන් දිස්ත‍්‍රික්කයේ දී මරා දමනලදි.

ඉන්දියාව: මහජන විමුක්ති ගරිල්ලා හමුදාව චටිස්ගාර්හි ප‍්‍රතිගාමී සේනංකවලට එරෙහිව ප‍්‍රහාර දියත් කරයි.

ඉන්දියාව: මහජන විමුක්ති ගරිල්ලා හමුදාව චටිස්ගාර්හි ප‍්‍රතිගාමී සේනංකවලට එරෙහිව ප‍්‍රහාර දියත් කරයි.

maoist-study-camp

මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ නැක්සලයිට් ගරිල්ලන් විසින් පසුගිය පැහ කිහිපයේ චටිස්ගාර්හි ප‍්‍රතිගාමී ඉන්දීය සේනාංක වලට එරෙහිව ප‍්‍රහාර ගණනාවක් දියත් කොට ඇත.

මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ ප‍්‍රහාරයකින් නොවැ. 10 වන දින බිජාපූර් දිස්ත‍්‍රික්කයේ ජවාන් පොලිස් නිළධාරියෙකු මරණයට පත්වී ඇත. පොලිස් සුපිරිටැන්ඩන් රාහුල් රයිදු (27), බිජාපූර් වල භයිරම්ගාර් පොලිස් ස්ථානය අසලදී නැක්සලයිට් ගරිල්ලා ප‍්‍රහාරයට ගොදුරු වූහ. රාහුල් රයිදු හිටපු ප‍්‍රතිගාමී කොංග‍්‍රස් පක්ෂ සභාපති අජේ සිංග් ගේ බෑනා කෙනෙකි.

මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ඊයේ දිනයේ ප‍්‍රතිගාමී පොලිස් සේනාංකයකට එල්ල කළ තවත් ප‍්‍රහාරයකින් ෆාර්සීගාර් හි (බිජාපූර්) තවත් ජවාන් පොලිස් නිළධාරියෙකු මරණයට පත් වූහ. ප‍්‍රති-නක්සල් මෙහෙයුම්වල නියුතු ප‍්‍රතිගාමී සේනාංකය ගමන් කරන විට නැක්සලයිට්වරු බෝම්බයක් පුපුරුවා හැරියහ. සේනාංකය විශේෂ කාර්ය බලකාය, ඞීආර්ජී සහ ප‍්‍රාදේශීය පොලිස් නිළධාරීන්ගෙන් සමන්විත විය.

තවත් සිදුවීමකදී, දන්තෙවාද දිස්ත‍්‍රික්කයේ අරන්පූර් පොලිස් ස්ථානය අවට කොන්දපාරා ගම්මානය ආසන්නයේ සිදු වූ පිපිරීමක් නිසා භිමී මදාකි ලෙස හැඳින්වෙන කාන්තාවකගේ (50 වියැති) පාදයක් දරුණු ලෙස තුවාල වූ බව ද හින්දු නොවැම්බර් 10 වාර්තා කළහ. විශ්වාස කරන අන්දමට පිපිරී ගිය බෝම්බය ප‍්‍රදේශයේ මුර සංචාරයෙහි යෙදෙන මධ්‍යම සංචිත පොලිස් සේනාංක ඉලක්ක කොට තැබූ එකකි.

නොවැම්බර් 9 වන දින අන්ද්‍රාහි විශාකාපත්නම් දිස්ත‍්‍රික්කයේ දුරස්, ප‍්‍රදේශයක් වන ප‍්‍රජාමේලි වල දිවි පිදූ විප්ලවවාදීන්ට උපහාර පිණිස සැමරුම් උත්සවයක් පවත්වන ලදි. මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ බහුජන සංවිධානයක් වන රයාත් කුලි සන්ගා හි සිය ගණනක් ආධාරකරුවෝ මිය ගිය නක්සල් ගරිල්ලාවන්ට උපහාර පිදීමට පැමිණි අතර නිර්ධන පංතියට බලය ලබා ගැනීම සඳහා වන අරගලය අඛණ්ඩව ගෙන යන බවට දිවුරුම් දුන්හ. ඔවුහු ඉන්දියානු රජය මල්කාංගිරිවලදී මාඕවාදීහු 28 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධ ක‍්‍රියාව දැඩි ලෙස හෙලා දුටහ.

 

ඉන්දියාව ප‍්‍රවෘත්ති – රජය ජංගම දුරකථන කුළුණු 1,356 ක් ස්ථාපනය කරයි.

ඉන්දියාව ප‍්‍රවෘත්ති – රජය ජංගම දුරකථන කුළුණු 1,356 ක් ස්ථාපනය කරයි.

නව දිල්ලිය: ඈත පිටිසරබද පෙදෙස්වල දහස් ගණන් මිනිසුන්ට සහ ආරක්ෂක නිළධාරීන්ට වාසි සපයමින් දුර්වල දුරකථන සම්බන්ධතාවයන් දියුණු කිරීමට මාඕවාදී ගැටුම් සහිත පෙදෙස්වල ජංගම දුරකථන කුළුණු 1,356 ක් ස්ථාපිත කරයි. කුළුණු සංස්ථාපනය කොට ඇත්තේ රජයට අයත් BSNL ආයතනයෙන් මාමාඕවාදී ගැටුම් සහිත පෙදෙස්වල ජංගම දුරකථන කුළුණු 2,199 ක් මේ වසරේ මාර්තු වන්නට පෙරාතුව ස්ථපනය කිරීමේ ව්‍යාපෘතියකට අනුවයි. ඊට අමතරව මෑතදී ජංගම දුරකථන කුළුණු 175 ක් ස්ථාපනය කිරීමට ස්වදේශ කටයුතු ඇමතිවරයා අනුමැතිය ලබා දී ඇත.

මූලාශ‍්‍ර පවසන විදියට මාඕවාදීහු නිතරම මේ කුළුණු ඉලක්ක කරන බැවින් සියළුම කුළුණු ස්ථාපනය කොට ඇත්තේ පොලිස් ස්ථාන වල හෝ පොලිස් හෝ පැරාමිලිටරි කඳවුරු තුළයි. විදුලිය වරින් වර විසන්ධිවන බැවින් ඒවා සූර්ය බලයෙන් ක‍්‍රියා කරයි. සමහර පෙදෙස්වල ඒවා බලශක්ති සැපයුමෙන් ක‍්‍රියාත්මක වේ. වසර තුනකට ඉහත දී කැබිනට් මණ්ඩලය විසින් ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 3,046 ක මුදලක් අනුමත කර ඇත. අරමුදල විශ්ව සේවා විසින් අදාල මුදල සපයනු ලැබේ. එම ප‍්‍රමාණය විශ්ව ප‍්‍රවේශ ණය මුදල ඉහළ දැමීම මගින් රජය ලබාගෙන ඇත. මෙය යෝජනා කොට තිබෙන්නේ දුරකථන පහසුකම් ඉතා අඩු දුරස්ථ ජන ඝනත්වය ඉතා අඩු, අඩු ආදායම් සහ වාණිජ ක‍්‍රියාකාරකම් අඩු පෙදෙස්වලයි.

රජය චටිස්ගාර්, ජාක්හෑන්ඩ්, ඔඩිෂා, බිහාර්, බටහිර බෙංගාලය සහ මහාරාෂ්ට‍්‍රා ඇතුළත් කළ එම ව්‍යාපෘතියෙන් වාසි අත්කරගෙන ඇත. පළමු අදියරේදී, ජාක්හෑන්ඩි ඉතා දරුණුවට නක්සල් බලපෑම ඇති ප‍්‍රදේශ 35 ක කුළුණු 700 ක් ඉදි කරන බව මූලාශ‍්‍ර පවසයි. මාඕවාදීන් විසින් ජංගම දුරකථන කුළුණු 200 කට වඩා පසුගිය වසර කිහිපයේ දී පුපුරුවා දමනු ලැබූවේ තොරතුරු සපයන්නන් විසින් සිය ව්‍යාපාරය ගැන සහ ස්ථාන ගැන ජංගම දුරකථන හරහා තොරතුරු සපයන බව ප‍්‍රකාශ කරමිනි. මේ ප‍්‍රානත්වල සංවර්ධන ව්‍යාපෘති වල නියැලූණු මිනිසුන් සහ ආරක්ෂක නිළධාරීන් විසින් දුර්වල දුරකථන සම්බන්ධතාවයන් ගැන කරන ලද පැමිණිලි වලින් අනතුරුව එම අදහස ක‍්‍රියාවට නැංවිණි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය 2010 සිට මාඕවාදී බලපෑම ඇති පෙදෙස් වල ජංගම දුරකථන කුළුණු ස්ථාපනයට යොමු වී ඇත. දුරකථන පහසුකම් නොමැති නිසා ආරක්ෂක සේනාංක වලට නියම වෙලාවට ක‍්‍රියාකාරී වීමට සහ හදිසි අවස්ථාවල දී උදව් ලබා ගැනීමට නොහැකිව ජීවිත පවා අහිමි වී ඇත.

පිලිපීනයේ මහජන යුද්ධය ඉදිරියට

පිලිපීනයේ මහජන යුද්ධය ඉදිරියට

සිකුරාදා උදෑසන පිලිපීන හමුදාවේ 2 වන පාබල බල ඇණියේ සෙබළු, නව මහජන හමුදාවේ බරන්ගේ රෝවිස් හි තාවකාලික කඳවුරක් හරහා කැරැලි-නාශක මුර සංචාරයක් සිදු කළහ. ගරිල්ලා භටයින් ඔවුන්ගේ කඳවුරේ ආරක්ෂාවට IED උපකරණයක් පුපුරුවා හරිමින් රජයේ හමුදාව සමග වෙඩි තබා ගන්නට පටන් ගත්හ. IED ප‍්‍රහාරයෙන් තුවාල ලත් සොල්දාදුවන් හතර දෙනෙකු රෝහල් ගත කෙරුණි.

තුර්කි විප්ලවවාදීන්ට විප්ලවීය උත්තමාචාරය

තුර්කි විප්ලවවාදීන්ට විප්ලවීය උත්තමාචාරය

Red Salute to Turkish Revolutionaries!

කග්ලයාන් පෙදෙසේ තුර්කි පොලීසියේ විශේෂ බලකාය සහ පොලීසිය ෆිස්කල් නිළධාරියෙකු වට කර ගෙන සිටි කැරලිකරුවන් කිහිප දෙනෙකුට වෙඩි තැබීමෙන් ගැටුමක් ඇතිවූහ. මෙහිදී සටන්කරුවන් දෙදෙනක් වන, සෆාක් යයිලා සහ බහ්තියාර් ඩොග්රුයොල් යන දෙදෙනා වෙඩි තැබීමෙන් මියගොස්, තුන්වැන්නා දරුණු ලෙස තුවාල ලබා ඉස්තාන්බුල් හි ෆ්ලොරන්ස් නයිටින්ගේල් රෝහලේ දී පැය කිහිපයකට පසුව මිය ගියහ.

ABar-11

බර්කින් අල්වාන් යනු ‘‘දරුවෙකු’’පමණක් නොව විප්ලවවාදියෙකි. එය ලාබාල දරුවන්ට දේශපාලන සවිඥතභාවයක් ඇති කරගත නොහැකියැයි ධනේශ්වර පංතිය විසින් පතුරුවා හරින මිත්‍යා මතය අභියෝගයට ලක් කරන්නකි. බර්කින්ගේ බොහෝ ඡායාරූප සහ වීඩියෝ පට මෙන්ම ඔහු DHKP හි ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය ඔහු ask.Fm හි (ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවීය පෙරමුණ) ආධාරකරුවෙකු බව කියා පෑහ. එය බර්කින් ජීවත් වූ ඉස්තාන්බුල් නගරයට යාබදව පිහිටි ඔක්මෙයිඩාන් හි ශක්තිමත් විප්ලවීය කොමියුනිස්ට් සංවිධානයකි. බර්කින් පසුව පොලිස් ප‍්‍රහාරයෙන් මරා දැමුණු අතර මිය යන විට වයස 14කි.

7de43-01berkin_4409

506f8-0385bd3b855d104922f2e395461598f0ec_xl

6d0de-02img_pod_rtr3gpyo

82a28-un-cortejo-fc3banebre-multitudinario-aviva-las-protestas-contra-el-gobierno-turco-617x411

34d2d-berkin_7054

ABar-11

මහරා්ෂ්ට‍්‍රා: ගාද්චිරෝලි හි නක්සල් ගැටුමකින් පොලිස් කොමාන්ඩෝ දෙදෙනක් මරුට

ඉන්දියාව – මහජන යුද්ධය ඉදිරියට

මහරා්ෂ්ට‍්‍රා: ගාද්චිරෝලි හි නක්සල් ගැටුමකින් පොලිස් කොමාන්ඩෝ දෙදෙනක් මරුට

ගාද්චිරෝලි: මහාරාෂ්ට‍්‍රා හි ගාද්චිරෝලි දිස්ත‍්‍රික්කයේ වනයකදී නක්සලයිට්වරු සමග ඇති වූ තවත් ගැටුමකින් තුවාල ලැබීමෙන් පොලිස් කොමාන්ඩෝ දෙදෙනකු මරණයට පත්වෙයි. මහාරාෂ්ට‍්‍රා සහ චටිස්ගාර් දේශ සීමාවේ පිහිටා තිබූ මාඕවාදී බලපෑමට යටත් ගම්මානයක් වන තිකමේදා ගම්මානය අසල ඉරු දින සන්ධ්‍යාවේ මෙම සිදු වීම සිදු වූහ. ‘‘අපේ කොමාන්ඩෝ දෙදෙනක් මරුට පත් වී එක් අයෙක් තුවාල ලැබූහ. සෙබළුන් සැලසුම් කරන ලද මෙහෙයුමක නිරත වෙද්දී වෙඩි ප‍්‍රහාරයට ලක් වූහ’’, ඉන්ස්පෙක්ටර් ජෙනරල් (නක්සල්-විරෝධී මෙහෙයුම්) රවින්ද්‍ර කාඩම් ප‍්‍රකාශ කළහ. ප‍්‍රාන්ත පොලීසියේ විශේෂ සී-60 කොමාන්ඩෝ ඇතුළු, ඒකාබද්ධ ආරක්‍ෂක සේනාංක ප‍්‍රාන්ත දෙකේ සීමා කලාපය තුළ ප‍්‍රති-නක්සල් මෙහෙයුමක නිරත වෙද්දී මෙම ප‍්‍රහාරයට ලක් වූහ.

මහජන යුද්ධය ඉදිරියට, මාඕවාදී කැරලිකරුවා්ෙ ඉන්දියානු පොලිස් නිළධාරීන් මරා දමයි.

මහජන යුද්ධය ඉදිරියට, මාඕවාදී කැරලිකරුවන් ඉන්දියානු පොලිස් නිළධාරීන් මරා දමයි.

මධ්‍යම ඉන්දියාවේ ඈත පෙදෙසකදී මාඕවාදී කැරලිකරුන් ඇම්බුෂ් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් 13 දෙනෙකු මරා දමා තවත් 12 දෙනෙකුට තුවාල සිදු කොට ඇතැයි, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් දෙදෙනෙකු පැවසීය. සොල්දාදුවන් ඝන වනයේ මෙහෙයුමක් සිදු කරන විට තුවක්කුකරුවන් පහර දී ඇතැ යි, චටිස්ගාර් හි මාඕවාදී-නාශක මෙයෙහුම් ප‍්‍රධානියා AFP ප‍්‍රවෘත්ති ඒජන්සියට පැවසූහ. ‘‘මාඕවාදීන් සමග චටිස්ගාර්හි සුක්මා කලාපයේ ඝන වනයේ සිදු වූ අවි ගැටුමින් ආරක්‍ෂක භටයින් 13 දෙනෙකු මරා දමා ඇත,’’ රජින්ද්‍රර් කුමාර් විජ් ප‍්‍රකාශ කළහ. සුක්මා දිස්ත‍්‍රික්කය ප‍්‍රාන්තයේ අගනුවර වන, රයිපුර් සිට 385km ක් දකුණින් පිහිටා ඇත.