Monthly Archives: November 2015

‘‘ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදී ඇසකින්’’ ස්පාඥ්ඥ බසින්

‘‘ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදී ඇසකින්’’ ස්පාඥ්ඥ බසින්

දෙවන පරිච්ඡේදය පරිවර්තනය වේ

Una visión marxista de la historia de Ceilán. Capítulo II: La llegada de los ingleses


La Red de Blogs Comunistas está traduciendo el libro Una visión marxista de la historia de Ceilán, de N. Shanmutathasan, de gran importancia para dar a conocer la historia de la lucha de clases en Sri Lanka y entender su situación en la actualidad.

El autor se lo dedicó a su nieto, “con la esperanza de que algún día se adentre por el sendero de la revolución, pero evitando los errores que yo cometí en mi juventud por falta de una orientación correcta”.

Así que el libro es también un repaso a los errores del movimiento comunista de aquel país, enmarcados en la historia y por los conflictos del movimiento comunista internacional y, por supuesto, en el contexto asiático y del desarrollo, fortalecimiento y extensión del marxismo-leninismo y las aportaciones esenciales del camarada Mao Tse Tung.

El libro está editado por el Partido Comunista de Sri Lanka, cuyos camaradas fueron los que nos lo dieron a conocer y nos aconsejaron su traducción.

Después de la reciente publicación del capítulo I, El antiguo Ceilán, a continuación, se puede leer el capítulo II: “La llegada de los europeos”.

Continue to reading….

සරසවි සිසුන්ට එල්ල කළ මිලෙච්ඡ ප‍්‍රහාරය හෙලා දකිමු

Condemn the brutal attack on HNDA students

එච්.එන්.ඩී.ඒ සිසුන්ට එල්ල කළ මිලෙච්ඡ ප‍්‍රහාරය හෙලා දකිමු

2015 ඔක්තෝබර් 29 වැනි දින එච්.එන්.ඩී.ඒ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් සහ ක‍්‍රියාකාරිකයින් විසින් එච්එන්ඞී හි ගිණුම්කරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාව ලබා දෙන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා සිදු කරන ලද විරෝධතා පාගමනට පොලීසිය විසින් මිලේච්ඡ ප‍්‍රහාරයක් එල්ල කරන ලදි.

ඊට කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර සහ ජල ප‍්‍රහාර යොදාගත් අතර සිසුන් සෑහෙන පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ අතර 39 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුණු අතර මේ වන විට ඔවුන්ව ඇප මත නිදහස් කොට ඇති බව සැලයි.

වත්මන් රජය බලයට පත්වූයේ අධ්‍යාපනය සඳහා අටවැයෙන් වැඩි වෙන් කිරීමක් සිදුකරන බවත් ශිෂ්‍ය ගැටළු විසඳන බවත් යන පොරොන්දු ලබා දෙමිනි. බලයට පත්වූ සෑම ධනේශ්වර පාලක කල්ලියක් මෙන්ම මේ පොරොන්දු විගසින් අමතක කොට ඇත. විශ්ව විද්‍යාල, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ කාර්මික අධ්‍යාපන ආයතන යන සෑම ඒකකයක්ම අර්බුද වගින් ගහණව පවතී. එහෙත් ඒවා විසඳා ගැනීමට අරගල ක‍්‍රියාමාර්ගයේ නියුතු දරුවන්ට ලැබෙනුයේ මිලේච්ඡ මර්ධනයයි.

ශිෂ්‍යන්ට මෙන්ම ශිෂ්‍යාවන්ට ද මිලේච්ඡ ලෙස පහර දෙන අයුරු මාධ්‍ය හරහා මුළු රටේම ජනතාව බලා සිටියහ. ස්ත‍්‍රියකට සලකන ආකාරයෙන් එම රාජ්‍යයේ ශිෂ්ඨත්වය මැන ගැනීම අපහසු නොවේ. ඔවුන්ගේ අතීත අපරාධ සිහියට නැගේ. දමිළ පුරවැසියන්ට එරෙහිව මහා ජන සංහාරයක් සිදු කළ ඔවුහු ස්ත‍්‍රී දූෂණ සහ අපරාධ සිදු කළ ආරක්ෂක අංශ වලින් ලෝකයේ මුල් තැනට පැමිණ තිබේ. ‘‘බුදුන්ගෙ දේශයේ රණ විරුවන් පැමිනෙන විට, ස්ත‍්‍රිය ඔබට කළ හැක්කේ ඔවුන්ගේ අවශ්‍යතාවයට ඉඩ දී වැතිර සිටීම පමණකි. අසරණ ඔබ කුමක් කරන්නද?’’ මේ අනාථ කඳවුරක දමිල ගැහැණියක් ලියූ වැකියකි. රතු පස්වල, තුන්නාන, වැලිකඩ සිර ගෙදර, අලූත්ගම ජාතිවාදී ප‍්‍රහාරය සහ අකුරැස්ස, තංගල්ල යන පෙදෙස් වල නිමක් නොමැතිව සිදු වූ ස්ත‍්‍රී දූෂණ ද ඇතුළත් සිය අපරාධ ලැයිස්තුව පාලක කල්ලිය විසින් තවත් විස්තීර්ණ කරමින් සිටී. තමන් යුධ අපරාධ සිදු නොකල බව කියමින් මේ දිනවල ඔවුන් හඬ නගන්නේ මෙවැනි තත්ත්වයක් තුළය.

අරගල කිරීමට, අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට මේ රටේ පුරවැසියන්ට පැහැදිලි අයිතියක් ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ඇතුළු කූට කල්ලියක් විසින් මෙහෙයවනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී රාජ්‍ය ත‍්‍රස්තවාදය සහ පොලිස් මිලේච්ඡත්වය යුක්ති සහගත කරගනු ලැබිණි. ධනේශ්වර රාජ්‍ය තුළ පැන නැගී ඇති නව ප‍්‍රවණතාව වන්වේ පොලිස් රාජ්‍යයන් බවට ඒවා හැරවීමයි. මේ තුළ පොලීසිය විසින් කරනු ලබන ඕනෑම අපරාධයක් ව්‍යවස්ථාව අනුව සහ ඔවුන්ගේ නීතිය අනුව නීත්‍යානුකූල කරගැනීමට ඔවුන්ට හැකියාව ඇත. ඔවුන්ට මිනී මැරීමට, හිංසා කිරීමට, වධ දීමට සහ බිය වැද්දීමට නීත්‍යානුකූල අයිතියක් ලැබී ඇත.

ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගනිමින් මර්ධනය හමුවේ නොසැලී එකා වන්ව නැගී සිට අරගල කරන්නන්ට ලබා දෙන සහය තීව‍්‍ර කළ යුතුය. මේ ප‍්‍රහාර විසින් පාලක පංතිය පුළුල් පොදු ජනතාව කෙරෙන් හුදෙකලා කොට වඩාත් කොන් වී ජනතාවගේ කෝපය තමන් වෙත එල්ල කරගනු ඇති අතර අරගල කරන්නන් ජනතාවගේ සහය, අනුකම්පාව සහ ආදරය වඩ වඩා දිනා ගනු ඇත.

අරගල කිරීමට ජනතාවට අයිතියක් ඇත. මර්ධනය කිරීමට පාලකයින්ට කිසිදු අයිතියක් නැත.

මිලේච්ඡ ශිෂ්‍ය මර්ධනය වහා අකුලාගනු!
නිදහස් අධ්‍යාපනය වැනසීමට, අධ්‍යාපනය විකුණා දැමීමට දරණ ප‍්‍රයත්නයන් වහා නවතනු!
කොන්දේසි විරහිතව සියළු සිසු ගැටළු විසඳනු!

 

මාඕවාදී විප්ලවීය ලීගය
2015 ඔක්කෝබර් 2

—————————————————————————————

Yahapālanaya At Work: Brutal Police Attack On Students

Students who were engaged in the protest march organised by the Inter Student Collective for the Protection of Higher National Diploma in Accountancy (HNDA) being brutally attacked by the police near Town Hall yesterday. The students were on their way to the University Grants Commission (UGC) urging the authorities to enhance the HNDA to a degree status again.

 [October 30, 2015 | Filed under: Colombo Telegraph,News,STORIES  COLOMBO_TELEGRAPH  ]

07f000f6ff4a201510299f266d8147dd34ea2

0ed71a56201510297dc9f311f904ad66af1dadde

82d3bed020151029d8ee91293dc331c96a53812f8

201510292bec75c74ec113dc6dd45a4c6c

201510292c79e5125031d834490a3aaae9f1fb

201510293fe17e4d986b3929f266d8147dd34ea2

fa3fdb320151029d5316044962c64a8ad2cd85

IMG_0155

IMG_0582


IMG_04801


IMG_047800

Web_20151029anthare