Blog Archives

කැනඩාව – නතාලියා මොරිආයු (1964-2016)

කැනඩාව – නතාලියා මොරිආයු (1964-2016)

img_0155-650x427
අත්‍යන්ත ශෝකයෙන් යුතුව නතාලියා මොරිආයු සොහොයුරියගේ මරණය අපි නිවේදනය කරමු. දීප්තිමත් සහ කැපවීමෙන් කටයුතු කළ ක‍්‍රියාකාරිකයෙකු වූ නතාලියා සැප්තැම්බර් 5 වන දින සිය පවුලේ සාමාජිකයින් අතර සිටියදී ජීවිතයෙන් සමුගත්තේ, වසර හතරකට ඉහත දී ඇයට වැළඳුණු ඩිම්බකෝෂයේ පිළිකා තත්ත්වය හේතු කොටගෙනයි. අපේ ශෝකය පළමුවෙන්ම මේ වික‍්‍රමාන්විත කාන්තාව සමග සිටිමින්, ඇය සමග දුක සැප බෙදා හදාගත් ඇගේ ඥතීන්ට, ඇගේ සහකරුවාට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට සහ අනෙකුත් පවුලේ සාමාජිකයින්ට, එමෙන්ම ඇගේ ගිණිය නොහැකි මිතුරු මිතුරියන්ට, ඇගේ සමකාලීන සගයින්ට සහ ඇගේ විප්ලවීය සහෝදරවරුන්ට පුද කරමු. ඔවුන් හැමෝටම අසීමිත වටිනාකමකින් යුත් සගයෙකු සහ මිතුරෙකු සහ සටන්කරුවකු අහිමි වූහ. නතාලියා සමග සම්බන්ධ වූ සහ ඇයව හඳුනාගැනීමට වාසනාව ලත් හැමෝගේම ජීවිතවලට ඇය නියුතු සෑම විධියේ ක‍්‍රියාකාරකමකින්ම ඇය ප‍්‍රබල බලපෑමක් ඇති කළහ.  ඇගේ සටන්කාමී දිවිය සමග ගමන් කළ අපට, ඇය වූ කලී බුද්ධියේ, ධෛර්යයේ සහ අධිෂ්ඨානයේ ප‍්‍රතිමූර්තියක් වන්නාහ.

එමෙන්ම අප සටන් කරමින් සිටි කොමියුනිස්ට්වාදී ආනාගතයක් උදෙසා මිල කළ නොහැකි අනුප‍්‍රාණයක් ලබා දුන් කෙනෙකි ඇය. ඇයට ගෞරව කළ යුත්තේ කෙසේද යන්න අප ඉක්මනින්ම ප‍්‍රකාශයට පත් කරන්නෙමු.

මධ්‍යම කාරක සභාව,
විප්ලවීය කොමියුනිස්ට් පක්ෂය, කැනඩාව

කලහන්දි ගැටුමෙන් කාන්තා මාඕවාදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට

කලහන්දි ගැටුමෙන් කාන්තා මාඕවාදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට

maoist_jpg_2437798f

ඔරිස්සා වන ආරක්ෂකයින් සහ කලහන්දි දිස්ත‍්‍රික් පොලීසිය විසින් සිදු කළ ඒකාබන්ධ මෙහෙයුමකින් තහනම් පක්ෂයක් වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) හි කාන්තා කාඩර්වරු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. කලහන්දිරා පොලිස් සුපිරිටැන්ඩන්ට් බි‍්‍රජේෂ් රායි ප‍්‍රකාශ කළේ, ‘‘මූලික තොරතුරුවලට අනුව පොලීසිය සමග ඔඩිෂා හි සිදු වූවෙඩි හුවමාරුවකින් කාන්තා කාඩර්වරු තිදෙනා මිය ගියහ.’’මෙහෙයුම සඳහා විශේෂ මෙහෙයුම් කණ්ඩායම, විෂේෂ පැරාමිලිටරි ඒකකය සහභාගි වූහ. මාඕවාදී ලිපි ලේඛණ කිහිපයක්, ලියුම්, ආයුධ සහ පතරොම්, .303 රයිෆල් 2ක් සහ මිලිමීටර් 9 පිස්තෝලයක් කඳවුරේ තිබී සොයා ගන්නා ලදි.

Platform for a New Women’s Strike 8 March-MFPR Italy

Platform for a New Women’s Strike 8 March-MFPR Italy

BO 6 maggio 2011

Unofficial translation by Signalfire
This platform incorporates the points of the 2013 strike platform, on which work has continued for the last two years, particularly among workers, the precarious and the unemployed, and objectives present in the most recent denunciations and mobilizations of proletarian women, workers, laborers, immigrant workers, etc.
-Work for all women
-Transformation of indefinite precarious contracts – No to the Jobs Act [ the Jobs Act is a labor market restructuring measure imposed by the Renzi government which removes protections against arbitrary firing and layoffs-Signalfire]
-NO to wage discrimination, equal pay for equal work
-Reduction of work time and increased breaks
-Reduction of rates and workloads, in defense of our health
-Rest on Saturday and Sunday, or on 2 consecutive days in the companies
-Shift schedules that do not exacerbate the condition of women
-Working conditions and work environments (including toilets) to protect health, including the reproductive health of women and the dignity of women workers
-NO to illegal hiring in agriculture
-No use of toxic products while working in the fields and medical facilities close to the workplace
-Expulsion from the workplace for all those – supervisors, bosses, etc.- engaged in harassment, blackmail, sexual violence and racist attitudes
-Automatic transfer of acquired rights in companies or subcontractors- in part-time contracts, time not to be below 30 hours per week
-Minimum wage guarantees for all women
-Ban on inquiry into marital status, maternity, sexual orientation, in recruitment or layoffs
-NO to discrimination in employment related to family status, maternity, race
-Right to citizenship and equal employment rights, wages and regulatory protections for immigrants
-Lowering the retirement age of women, for the double work they do
-Payment of women for participation in union meetings
-Socialization and free provision of essential household services, kindergartens, elderly care services, etc.
-Defense and expansion of abortion rights, abolition of conscientious objection for medical professionals, lay counseling managed and controlled by women
-Free access to health services for women
-Measures against those denounced for violence, stalking, harassment – Prohibition of staying at home, whether family members or cohabitants
-Urgent procedure in trials for rape and femicide, acceptance of the civil role of women’s organizations, and legal aid for women

Protest against police murders of Sruthi and Sagar in Hyderabad and Chalo Assembly in Telangana

Protest against police murders of Sruthi and Sagar in Hyderabad and Chalo Assembly in Telangana

mahita-2

mahita-1
“Comrade Shruthi who was killed in alleged encounter on 16th September was captured alive & tortured brutally. Her elbow was twisted 180 degrees and torn apart by binette, police poured acid on her stomach, she was raped by the police and finally killed her in point blank range.“-Statement circulated by democratic activists on social media
Protest against police murders of Sruthi and Sagar in Hyderabad-Signalfire.

mahita-3p

 

mahita-4p

 

mahita-5p

TDF to organise ‘Chalo Assembly’

mahita-protest-4

mahita-protest-3

mahita-protest-2

mahita-protest-1
A total of 370 organisations in Telangana, including 10 left parties, have come together under the banner of the Telangana Democratic Forum (TDF), to condemn the killings of Maoists Shruthi and Vidyasagar in what is claimed to be an “encounter” by the police, near Medaram of Warangal district. Describing them as gruesome murders by State, representatives of various political and social organisations demanded enquiry by a sitting judge into the killings, and cases filed under Nirbhaya Act on the perpetrators.
A ‘Chalo Assembly’ will be organised by TDF on September 30 protesting the twin murders, they said. Apart from the political left, the Forum includes many organisations which had actively participated in the movement for separate Telangana, such as Telangana Advocates’ JAC, Telangana Vidyavanthula Vedika, Telangana Journalists’ Union, OU JAC, All Mala Students’ Association, Telangana Vidyut JAC, and others. It also includes individuals and intellectuals from Telangana such as Kodandram and Haragopal. Addressing the media, CPI state secretary Chada Venkat Reddy said there is no democratic representation in Telangana State, as people’s organisations are subjected to State harassment.

Virasam leader Varavara Rao said the State has dug its own grave by resorting to the killings. CPI(M) State Secretary Tammineni Veerabhadram said that the government has reached a stage where it cannot tolerate criticism. Educationist Chukka Ramaiah said government should order judicial probe.

mahita-protest-6

 

mahita-protest-5

sagar-1p

 

 

වරාවරා රාඕ මහිතා ගේ සහෝදරියන් සමග හඬා වැටෙයි.

ඉන්දියානු විප්ලවවාදී කවියා වරාවරා රාඕ MGM රෝහලේ මෘත ශරීරාගාරයේ දී දිවිපිදූ මාඕවාදිනියක වන ස‍්‍රැති හෙවත් මහිතා ගේ සහෝදරියන් සමග හඬා වැටෙයි.

India Revolutionary poet Varavara Rao broke down and wailed inconsolably holding sisters of slain Maoist Sruthi alias Mahitha at the MGM Hospital mortuary.

 

මහිතා (ස‍්‍රැති) අමාර් රහී !
මහිතා (ස‍්‍රැති) අමරණීයයි !

mahita-dead-body

කුර්දි කාන්තාව: අයි.එස්.අයි.එස්. සමග යුද්ධය – වාර්තා චිත‍්‍රපටය

කුර්දි කාන්තාව: අයි.එස්.අයි.එස්. සමග යුද්ධය –  වාර්තා චිත‍්‍රපටය

 

පිරිමියෙකු අතින් මිය ගොස් කුමක් වුවත් කාන්තාවක් අතින් සටනේදී මිය ගිය හොත්, සිය ආත්ම අපායේ දැවෙන බව ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීහු විශ්වාස කරති. එබැවින් කුර්දි කලාපය තුළ ඊ.අයි. (අයි.එස්.අයි.එස්.) ව්‍යාප්ත වීමට එරෙහිව සටන් වදින කුර්දිවරු ත‍්‍රස්තවාදීහු එළවා දැමීමට සහ ඔවුන්ට පීඩනයක් ගෙන දීමට කාන්තා බැටෑලියනයක් පිහිටුවා ඇත. මෙහි කාන්තාව නිදහස උදෙසා යුද්ධයෙන් මෙන්ම කුර්දි සමාජය සමගත් සෑම පෙරමුණකම සටන් වදියි.

අනුරාධා ගාන්ධි: කැරලිකරුවා

අනුරාධා ගාන්ධි: කැරලිකරුවා

   Edit-1024x645-2

රාහුල් පණ්ඩිත විසිනි.

‘‘වරප‍්‍රසාද ලත් පවුලක උපත ලද ඇයට පහසුවෙන්ම සුඛෝපභෝගි ජීවිතයක් තෝරාගැනීමට හැකියාව තිබුණි. නමුත් අනුරාධා ගාන්ධි රෝස මල් වෙනුවට ගිනි අවිය තොරා ගත්තේ අයිතීන් අහිමිවූ අය වෙනුවෙන් සටන් වැදීමටයි.’’

2008 වසරේ අපේ‍්‍රල් මස එක් උණුසුම් තෙත් සන්ධ්‍යාවක, මුම්බායිහි කිසියම් තැනක, වෛද්‍යවරයෙකු සිය රෝගියා නිසා බලාපොරොත්තු රහිත තත්ත්වයකට පත්විය. 50 වියැති කාන්තාවක විය හැකි රෝගියා, අධික උණ නිසා ප‍්‍රතිකාර ගැනීමට උදෑසන පැමිණ තිබුණි. වෛද්‍යවරයා රුධිර පරීක්‍ෂා කිහිපයක් සිදු කිරීමට උපදෙස් දී තිබුණි. වාර්තා දුටු විගස, ඔහු නොඉවසිලිමත් ලෙස කතාකරමින් රෝගියා ඇගේ අත් අකුරින් ඉතා අපැහැදිලිව ලියා තිබූ දුරකථන අංකය ලබා ගැනීමට උත්සාහ කළහ. එම අංකය භාවිතාවේ නොවන එකක් බව ඔහු ඉක්මනින්ම වටහා ගති. ඔහු බෙහෙවින් කලබලයට පත් විය. වාර්තා මගින් කාන්තාවගේ රුධිර ධාරාවට මාරක මැලේරියා වාහක දෙකක් ඇතුල්ව ඇති බව පෙන්වූහ – ඇය අප‍්‍රමාදව රෝහල් ගත කළ යුතුව තිබුණි. කාලය වේගයෙන් පියඹා ගිය අතර ඇය ගැන කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි විය.

anuradha1

කාලය ගත වීමෙන් පසුව කාන්තාව නැවත වෛද්‍යවරයාව හමුවිය, ඒ වන විට දින කිහිපයක් ගත වී තිබුණි. වෛද්‍යවරයාට ඉක්මනින්ම ඇයව දැඩි සත්කාර ඒකකයක තබන්නට අවශ්‍ය විය. නමුත් ඒ වන විට බෙහෙවින් ප‍්‍රමාද වී තිබුණි.

ඊළඟ දින උදෑසන, අපේ‍්‍රල් 12 වන දින, අනුරාධා ගාන්ධි දිවියෙන් සමු ගත්හ. ඉන්ද්‍රියයන් ගණනාවක් අක‍්‍රීය තත්ත්වයේ පසුවීමෙන් ඇය පීඩා වින්දහ, ඒ වන විටත් ශරීර අභ්‍යන්තර පටක ඝන වීම නිසා ඇයගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී තිබුණු අතර ස්වාභාවික ප‍්‍රතිශක්තියට බලපැවැත් වූ රෝගයක් මෙයට හේතු විය. මේවා ඇය අතින් අපැහැදිලි අත් අකුරු ලියවීමට හේතු විය.

අනූගේ මිතුරන් සහ හිතවතුන් අතර මේ ප‍්‍රවෘත්තිය ඉක්මනින් පැතිර ගියහ. අනූ යනු ඇයව ඇමතූ සුරතල් නාමයයි. ගොඩ වෙලාවක් යන්නට මත්තෙන් අනූ වසර හතක් තිස්සේ ජීවත් වූ නාග්පූර්හි දාලිත් බාස්තියක් වන ඉන්දෝරා කරාද ප‍්‍රවෘත්තිය ළඟා වූහ. මෙයට පෙර ඇගේ නම ස්වදේශ කටයුතු ඇමතිගේ ලියුම් මිටියෙහි ජානකී නොහොත් නර්මදා නැතහොත් වර්ෂා ලෙසින් පෙනී සිටියහ. ඇය නැක්සලයිට්වරුන්ගේ තීරණ ගැනීමේ ඉහළම ව්‍යූහය වන, ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ (මාඕවාදී) මධ්‍යම කාරක සභාවේ එකම කාන්තාව වූහ.

බොම්බායේ ඉහළ උසාවියේ උසස් ගණයේ නීතිඥයෙකුගේ දියණියක වූ, නගරයේ ගෞරවාන්විත එල්පින්ස්ටෝන් (Elphinstone) විද්‍යාලයේ උපාධිධාරිණියක වූ, සමාජ විද්‍යාවට දර්ශනපති උපාධියක් ලද, වරප‍්‍රසාද ලත් පවුලකට දාව උපන් කෙල්ලක්, රයිෆලයක් උරහිසින් දරාගෙන යහන සඳහා පොලිතීන් ඇතිරියක් භාවිතා කරමින්, බස්තාර්හි බිහිසුණු වනාන්තරයේ අරගල කිරීමේ සහ දුෂ්කරත්වයේ ජීවිතය තෝරා ගැනීමට පැමිණියේ කෙසේද? පිළිතුර සමහරවිට ඇය ජීවත් වූ කාලය මත රැඳී තිබෙනු ඇත. නැතහොත් ඇය කුමන වර්ගයේ පුද්ගලයෙක් ද යන්න විය හැක. නැතහොත් මේ දෙකෙහිම ශේෂයෝ විය හැක.

අනුරාධා, ගනේෂ් සහ කුමුද් ෂන්බාග් ගේ දරුවකුව උපන් අතර, ඒ දෙදෙනාම සිය විවාහය ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (CPI) කාර්යාලයේදී සිදු කිරීමට තෝරා ගත් අයයි. තරුණ කොල්ලෙකු ලෙස ගනේෂ් ෂන්බාග්, සුභාෂ් චන්ද්‍ර බෝස් ගේ හමුදාවට එක්වීමට කූර්ග් හි සිය නිවසින් පලා ගියහ. පසුව නීතිඥයෙකු බවට පත්ව තෙලෙන්ගානා අරගලයේ දී අත් අඩංගුවට පත් කොමියුනිස්ට්වාදීන්ගේ නඩු වෙනුවෙන් සටන් කළහ. ඔහුගේ බී‍්‍රෆ්කේසය හැමවිටම අත් අඩංගුවට පත් සහෝදරවරු වෙනුවෙන් සකසන ලද පෙත්සම් වලින් පිරී තිබුණි. කුමුද් චීනය සමග යුද වැදීමට යැවුණු සොල්දාදුවන් සඳහා මැහුම් සහ ස්වීටර් එකතු කිරීමට කාර්යබහුල විය.

ප‍්‍රගතිශීලී තිරනාටක රචකයෙකු වන, අනුරාධාගේ සොහොයුරු සුනිල් ෂන්බාග්, ඇය ගැන මතකය අවදි කරමින් ඇය අධ්‍යයන කටයුතු වලට සහ නර්තනය වැනි බාහිර ක‍්‍රියාකාරකම් වලදී දක්ෂතා දැක් වූ බව කීහ. එහෙත් ඇය සිය වටාපිටාවේ සිදුවන දෑ ගැන දැඩි අවබෝධයෙකින් යුක්ත වූ අයෙකි. ‘‘මම නේවාසික පාසලේ සිටින විට, ඇය බැංකු ජාතිකකරණය වැනි ගැටළු ගැන ලියමින්, මට ලිපි එවීය. ඒ වෙනකොට ඇයට අවුරුදු 12 ක් පමණයි’’ – සුනිල් කීහ. නමුත් මේ අවබෝධයටත් වඩා, අනුරාධා 1972 දී විද්‍යාලයට ඇතුළු වන විට අනෙක් ගැහැණු ළමයින් වැනිම වූහ. ‘‘ඇය නිවසට පැමිණ උණුසුම් යකඩයක ආධාරයෙන් සිට හිසකෙස් අවුල් හැරියේ අනික් ගැහැණු ළමයින් විලසිනි,’’ කුමුද් ෂන්බාග් කීහ.

1970 මුල්භාගය තරුණයින් ඇවිස්සී සිටි දින වකවානුවක් විය. ලෝකය වටේම බොහෝ දේවල් සිදු වෙමින් තිබුණි. මාඕ චීනයේ සංස්කෘතික විප්ලවයට මුල පුරනු ලැබීය. වියට්නාමය ඇමෙරිකන් බලඇණි වලට එරෙහිව අභීත ප‍්‍රතිවිරෝධයක් දැක්වීය. මව් බිමේ, නක්සල්බාරි හි වසන්ත කුණාටුව විදාරණය වූහ. උසස් පාසල්වල දහස් ගණන් ශිෂ්‍යයින් සිය වෘත්තීන් අත්හැර දමා නක්සල්බාරි ව්‍යාපාරයට එක්වූහ. අධ්‍යාපනය ලැබීමට විදෙස් ගත වූ, ප‍්‍රභූ පවුල්වල තරුණයින් විප්ලවීයකරණයට ලක් වූහ. ඔවුන්ගෙන් එක් අයෙකු ඩූන් පාසැලේ ආදි සිසුවෙකු සහ සන්ජේ ගාන්ධිගේ සමකාලීනයෙකු විය. කෝබාද් ගාන්ධිගේ පියා ඉහළ පෙලේ ග්ලැක්සෝ විධායක නිළධාරියෙකු වූ අතර, ඔවුන්ගේ පවුල වෝලි හි පිහිටා තිබූ මුහුදට මුහුණ ලා ඉදිකරන ලද මහල් නිවාසයේ ජීවත් වූහ. ඔහු වරලත් ගණකාධිකරණ පාඨමාලාවක් හැදෑරීමට එංගලන්තයට පිටත්වූ අතර, එහිදී ඔහු විප්ලවීය දේශපාලනයට මුල පිරූහ. සිය පාඨමාලාව අවසන් නොකරම, ඔහු නැවත පැමිණියහ.

අනුරාධා කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන අතරතුරදී, නක්සල්වාදී ව්‍යාපාරයෙන් ආශ්වාදය ලද ඇය, ප‍්‍රගතිශීලී ශිෂ්‍ය ව්‍යාපාරය (PROYOM) වෙනුවෙන් කැපවූහ. පසුව, ඇය මුම්බායිහි සිවිල් නිදහස් ව්‍යාපාරයේ නියමුවෙකු විය. මේ කාලයේදී අනුරාධා සහ කෝබාද් එකිනෙකා දැන හඳුනා ගත්හ. ඔවුන්ගෙන් කවුරුන් කාටනම් විප්ලවීය ආශ්වාදයක් ලබා දුනි දැයි පැහැදිලි නැතත්, ඉක්මනින්ම දෙදෙනාම එක් පොදු මිතුරෙකු බවට පත් වුනා මෙන් ‘දැඩි ක‍්‍රියාකාරීන්’ බවට පත් වූහ.

ඔවුන් දෙදෙනා ඉක්මනින්ම ආදරයෙන් බැඳුණහ. කෝබාද් සිය නිවෙසට පැමිණි දිනය ගැන කුමුද් මතක් කරයි. ‘‘මගේ සැමියා මෙතැන මේ අසුන මත සිටියා,’’ ඇය කියයි, ‘‘කෝබාද් පැමිණ දණින් වැටී ඇසුවා: මට ඔබේ දියණියව විවාහ කරගත හැකිද?’’

ඔවුන් දෙදෙනා 1977 නොවැම්බර් හි දී විවාහ විය.

1980 වන විට, පූර්ව ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ (මාක්ස්-ලෙනින්වාදී) (මහජන යුද්ධය) නක්සල් ස්ක්වේඩ, අන්ද්‍ර ප‍්‍රදේශ්, චටිස්ගාහ්, මහරාෂ්ට‍්‍රා සහ ඔරිස්සා යන ප‍්‍රදේශ හරහා විහිදී තිබුණු වනයක් වූ දන්දකර්ණයාවට ගරිල්ලා මූල ප‍්‍රදේශ ඉදිකිරීම සඳහා ඇතුල් වූහ. 1981, දී මහජන යුද්ධ කණ්ඩායමේ ආරම්භකයා වූ කොන්දපිල්ලි සීතාරාමයියා අන්ද්‍රා ප‍්‍රදේශ් හි ප‍්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ සම්මේලනයේ දී කෝබාද් මුණ ගැසීමට සිය කැමැත්ත ප‍්‍රකාශ කළහ. මහජන යුද්ධ කණ්ඩායම මහරාෂ්ට‍්‍රා හි කලාපයක් වන ගාද්චිරෝලි වලට ඉතා සූක්ෂමව ඇතුල් වූහ. නක්සල්වාදයට දැඩි සහය දෙන්නෙකු වූ වරාවරා රාඕ කී පරිදි ඔවුන් දෙදෙනාගේ මුණගැසීම මහරාෂ්ට‍්‍රා හි මහජන යුද්ධ කණ්ඩායම පිහිටුවීමට මං පෑදූහ.

anuradha2-336x190කුමුද් ෂන්බාග් මුම්බායි හි සිය මහල් නිවසේ දී, අනුරාධා සිය විවාහ දිනයේ දී ගත් සේයාරුවක් සමග.

එම යුවලගේ කැප කිරීම් පරිපූර්ණ විය. වසරකට පසු, අනුරාධා , මහරාෂ්ට‍්‍රාවල දෙවන විශාල මුඩුක්කු ජනගහනය සිටින, දාලිත්වරුන් (1956 දී නාග්පූර්හි බීආර් අම්බෙක්දාර් බුදුදහම වැළඳ ගත්හ.) සැලකිය යුතු ප‍්‍රමාණයකට නිවස්න වී තිබුණු නගරය වන නාග්පූර් වලට ගියහ. ඇය පළමුවෙන්ම ලක්ෂ්මි නගර් කලාපයේ බර්සාති (කුඩා, එක් කාමරයක් ඇති නිවෙස්නක්) වල නැවතී සිටියහ. ඇය ඇගේ සැමියා සමග එහි ගිය අයුරු කුමුද් ට මතකයේ ඇත. ‘‘අපි ඇය නැවතී සිටින තැන දුටු විට, අපේ ඇස් අදහා ගත නොහැකි වුණා,’’ කුමුද් කියයි. වහළය බොහෝ තැන්වලින් සිදුරු වී තිබිණි. එම රාත‍්‍රියේ වැස්ස ඇද හැළුණි. ‘‘අපේ උදව්කරු මේසයක් යටට රිංගාගෙන නින්දට වැටී සිටියා,’’ කුමුද් මතක් කරයි.

කෙසේ හෝ 1986 වන විට, අනුරාධා උතුරු නාග්පූර් හි සිට දාලිත් දේශපාලනයේ අපිකේන්ද්‍රය වන ඉන්දෝරා පළාතට මාරු කෙරුණි. ඇය තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක නියුතු ඛුෂාල් චින්චිකඬේ ගේ නිවසෙන් කාමර දෙකක් කුලියට ගත්හ. ‘‘ඔවුන්ගේ නිවසේ ඇත්තටම පොත්වලින් පිරුණු පෙට්ටි දෙකක් සහ මැටි කළයක් හැරුණු කොට වෙන කිසිවක් නොවීය,’’ ඔහු කියයි. අනුරාධා ද නාග්පූර් විශ්වවිද්‍යාලවේ අර්ධ-කාලීන කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළහ. පසුව, කෝබාද් ද එහි වසන්නට පැමිණියහ. දෙදෙනාම මධ්‍යම රාත‍්‍රිය තෙක්ම පිටත ගත කළහ. අනුරාධා පාපැදියෙන් ගමන් කරන්නට පුරුදුව සිටියහ. පසුව අනෙකුත් ක‍්‍රියාකාරිකයින්ගේ ඉල්ලීම මත කෝබාද් ඇයට TVS champ මෝටරයෙන් දුවන බයිසිකලයක් මිළදී ගත්හ.

anuradha4

ඉන්දෝරා මැරවරකම් පිණිස ප‍්‍රසිද්ධියක් ඉසිලූහ. ‘‘කිසිදු ටැක්සි රියදුරෙක් හෝ රික්ෂෝරථ රියදුරෙක් ඉන්දෝරා ඇතුළතදී ගැටුමකට ඉදිරිපත් නොවේ,’’ ඉන්දෝරා හි හැදී වැඩුණු අනිල් බෝකාර් කියයි. නමුත් අනුරාධා බියට පත් නොවීය. ‘‘ඇය මධ්‍යම රාත‍්‍රියේදී පවා බස්ති හරහා, තනිවම සිය පා පැදියෙන් ගමන් කරයි,’’ බෝකා්ර් සිහිපත් කරයි. ඔහු මිතුරන් හරහා අනුරාධා ව මුණ ගැසුණි. ‘‘ඇය බොහෝ දේවල් පිළිබඳව මාව දැනුවත් කළා. ඒක හරියට මුලූ ලෝකයම මගේ නෙත් ඉදිරිපිට විවර වුණා වගේ,’’ ඔහු කියයි.

අනුරාධා නිසා, කරාතේ කළු පටි ධාරියෙකු වූ දේවානන්ද් පන්ටවානි කවියෙකු බවට පත්ව රැඩිකල් සංස්කෘතික කණ්ඩායමේ ප‍්‍රමුඛ ගායකයා වූහ. පන්ටවානි සිහිපත් කළේ ඇය නියමිත කාලයට වැඩ අවසන් කිරීම රීතියක් ලෙස සිදු කළ බවයි. ‘‘අප වෙලාවට වැඩ නොකර වෙනත් වැඩ වල නියැලී නම් ඇය බෙහෙවින් කෝපයට පත් වේ,’’ ඔහු කියයි. තවත් තරුණයෙකු වන, සුරේන්ද්‍ර ගැඩ්ලින් නීතියෙහි නියැලීමට පොළඹවන ලද්දේ අනුරාධා විසිනි. අද, ඔහු නක්සල්වාදීන් යැයි චෝදනා ලබන සහ විවිධ ක‍්‍රියාකාරිකයින්ගේ නඩු වලට සටන් කරයි. ‘‘ඇය මගේ නියමු ආලෝකයයි,’’ ඔහු කියයි. එය හේතුවක් නැතිව ඇති වූවක් නොවේ. අනුරාධා, ජීවිතයේ උදාහරණ මගින් නායකත්වය සපයන අතර ඇයට බස්ති තරුණයින්ට මග පෙන්වීමට අවශ්‍ය විය.

1994 දී, දාලිත් ගැහැනියක් වන මනෝරාමා කැම්බල්, බලවත් නීතිඥයෙකු ගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස වැඩ කරමින් සිටියදී මිය ගොස් සිටියදී සොයාගනු ලැබූූ අතර, නීතිවේදියාගේ නිවසේ අය ප‍්‍රකාශ කළේ ඇය වැරදීමකින් විදුලි සැර වැදීමෙන් මිය ගිය බවයි. නමුත් ක‍්‍රියාකාරිකයෝ නීතිවේදියා විසින් ඇයව දූෂණය කොට පසුව මරා දමන්නට ඇතැයි බියට පත් වූහ. අනුරාධා උද්ඝෝෂණයක් මෙහෙයවූ අතර, ඇයගේ ව්‍යායාමයන් නිසා එය ප‍්‍රාන්ත මන්ත‍්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තු වේ ද කැළඹීම් ඇති කළහ.

ඉන්දෝරා හි දී, අනුරාදාගේ එක් විශ්වාසදායී සහායකයෙකු වන බවාජි බඩ්කේ, අඩි හතරක් උස දාලිත් ක‍්‍රියාකාරිකයෙකි. ‘‘හැම උදයකම බඩ්කේ ඇගේ නිවසට පැමිණ අනුරාධා සමග තේ බොමින් සියළුම ප‍්‍රවෘත්ති ඇය සමග ඉදිරිපත් කරයි,’’ මිතුරෝ සිහිපත් කරති. පසුව, ඔහු උගුරේ පිළිකාවක රෝග ලක්ෂණ පහළ කළ විට, අනුරාධා ඔහුව ඇගේ නිවසේ තබාගෙන මාස ගණනාවක් ඔහුට සාත්තු කළහ. තවත් මිතුරෙකු වන, ෂෝමා සෙන් පවසන්නේ ඇය අනෙක් අයගේ ජීවිත ගැන බෙහෙවින් සංවේදී වන බවයි. ‘‘ඉන්දෝරා හි ඇගේ නිවස ඕනෑම අයෙකු ට විවෘත වූහ. සෑම විටම කිසිවෙකු පැමිණෙන අතර තේ කෝප්පයක් වත් කෙරෙයි,’’ ඇය පැවසීය.

ඇය නිසා ආශ්වාදය ලද ධනවත් පොහොසත් පවුල්වල බොහෝ අය ක‍්‍රියාකාරිකයින් බවට පත් වූහ. ඇයගේ පරණ මිතුරෙකු සහ ඇගේ ක‍්‍රියාකාරී දිනවල දී ඇය ඇසුරු කළ, සුසාන් ඒබ‍්‍රහම්: ‘‘මම ක‍්‍රියාකාරිකයෙකු බවට පත්වන විට දුටු දෙයක් නම් හැමවිටම කිසිවෙක් ඇයගේ වැඩ දැකීමෙන් ධෛර්යයට පත් වේ.’’

90 දශකය මැද භාගයේ දී අනුරාධා බස්තාර් හි වනාන්තරවල නක්සල් නායකත්වයට සම්බන්ධ වූ අතර අවසානයේ දී රහසිගතයට ගියහ. ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ (මාඕවාදී) දන්දකර්ණයාහි විශේෂ කලාප කමිටුවේ සාමාජිකයෙකු වන මයිනා, ඇය ප‍්‍රාදේශීය ගෝන්දි ආදිවාසීන් සමග මුහුන් වීමට දැරූ ප‍්‍රයත්නයන් සිහිපත් කරයි: ‘‘බොහෝ මිනිසුන් ඇය ගැන ප‍්‍රශ්න කරන්නට පුරුදුව සිටියේ, දිදි (අනුරාධා) අපේ රටේ කෙනෙක් නෙවෙයි, ඇයට අපේ බස කථා කරන්නට බැහැ. සිනහමුසුව ඔවුන්ට ලංවූ ඇය කීවේ: ‘මම දන්නවා ඔබ අහන දේ; කරුණාකර ඔබේ භාෂාව මට උගන්වන්න; මම ඔබෙන් හැම දෙයක්ම ඉගෙන ගන්නම්.’ ’’

වනාන්තරය තුළ ජීවිතය බෙහෙවින් කර්කශක වේ. ගරිල්ලාවන් බරැති කිට්බෑග් රැගෙන, හැමවිටම එක් ගමකින් තවත් ගමකට ගමනේ යෙදේ. එහි දී පවා, අනුරාධා දුෂ්කරතාවයන් දරා ගැනීමට මැලි නොවීය; ඇය අනෙක් ගරිල්ලාවන් කළ යුතු හැම දෙයක්ම කළහ. ඇය පළමුවෙන්ම බස්තාර්වලට පැමිණෙන විට එහි සිටි, නක්සල් නායකයෙකු මතක් කළේ: දිවීම, බඩගෑම, ඩිෆ් ගැසීම, වැඩ කිරීම වැනි සාමාන්‍ය හමුදා සරඹ වලදී ඇය කිසිවක් අතපසු නොකළ බවයි. ‘‘ඇය මඩ සහිත තැන්වල ඇවිදීමේදී බොහෝවිට ලිස්සා ඇද වැටුණු අතර, වහා නැගිටගන්නා ඇය සිනාසෙයි,’’ මනියා පවසයි.

1990 දී අනුරාධා අනෙක් ගරිල්ලාවන් සමග චටිස්ගාර්හි සාර්කෙගුදෙම් ගමේ කඳවුරු ගසා සිටින විට පොලීසිය ඔවුන්ව වට කළහ. ගැටුමක් අවිළුණහ. ජ්‍යෙෂ්ඨ ගරිල්ලෙකු වන ලහාර් මතක් කළේ ඇය ආවරණය වී ‘සතුරාට’ එල්ලය ගනිමින් සිටි බවයි. පසුව, ඇය හැමවිටම එම සිදුවීම මතක් කරමින්, තරුණයින්ට ගරිල්ලා යුද්ධයේ කුශලතාවයන් ගැන උගෙනීමට තදින් අවවාද කරමිනි. නමුත් ඇය ‘‘තුවක්කුව රැගෙන යාමේ අදක්ෂකම’’ ගැන කථා කරනු සුනිල් සිහිපත් කරයි.

වනාන්තරයේ දුෂ්කර දිවිය ඇයට පහසු නොවුණු අතර ඇය වරින් වර මැලේරියා තත්වයෙන් පීඩා වින්දහ. එම ග‍්‍රීෂ්මයේ දී ම, එක දිගට පැය හතරක් ඇවිදිමින් සිටි ඇය සිහි නැතිව ඇද වැටුණි. ඇගේ සහෝදරවරු ඇයට ග්ලූකෝස් ජලය පෙවූහ. පෙනුන විදියට, ඇයට සූර්ය ක්ලාන්තය ඇතිව තිබුණි. පසුව ඇය සාමාන්‍ය තත්ත්වයට පත් වූ විට, ඇගේ කිට්-බෑගය අනෙක් අය අතට ලබා දීම ඇය ප‍්‍රතික්ෂේප කළ බව ලහාර් කියයි.

1998-1999 කාලයේ දී දකුණු බස්තාර් වල දරුණු සාගතයක් ඇති විය. ආදිවාසීන්ට සහල් අනුභව කරන්නට සිදු වුණි, ‘‘ඒවායේ හාල් ඇට වලට වඩා ගල් කැට තිබුණා’’ මයිනා කියයි. එම සහල්ම සියඹලා හොද්දක් සමග කෑමට ගරිල්ලාවන්ටද ලබා දුන්හ. ‘‘එක බත් කටකට පසු තවත් කටක් කෑමේදී වතුර ගිලීමට සිදු විය, ඇයට ඇගේ ආහාර වේල නිම කිරීමට බොහෝ වෙලාවක් ගත විය,’’ මයිනා සිහිපත් කරයි. ඇයගේ උදරයේ තුවාලයක් ඇති වූහ. ‘‘ඇය එම වේදනාව සමනය කර ගැනීමට බිස්කට් එකක් හෝ දෙකක් කෑමත් සමග වතුර වීදුරුවක් පානය කළහ,’’ ඇය කියයි.

තමන්ට ගෙනයාමට තිබුණු බර අඩු කර ගැනීමට, අනුරාධා ගරිල්ලාවන් රැගෙන යන බරැති ගරිල්ලා පොරෝනය ඉවත දමා ඒ වෙනුවට තුනී ඇඳ ඇතිරියක් තෝරා ගත්හ. ඒ කාලය වනවිට ඇයගේ සිරෝසිස් රෝග තත්ත්වය වැඩිවී තිබූ සමයයි.

මධ්‍යස්ථාන වලින් පවසන දේ කුමක් වුවත්, නක්සල්වරු බොහෝවිට සිය බලපෑම තිබූ පෙදෙස්වල රජය විසින් ඇතිකොට තිබූ හිස්තැන් පිරවූහ. චටිස්ගාර් හි බාසගුඩා හි වූ කොටා චේරු ජලාශයට වේල්ලක් අවශ්‍ය විය; ගම්මාන දහයක් පමණ මේ ජලාශයෙන් සැපයුම් ලබා ගන්නට විය. රජය ගම්වැසියන්ගේ ඉල්ලීම වසරක් තිස්සේ නෑසුණු කන්ව සිටියහ. අනුරාධාගේ මගපෙන්වීම යටතේ ගම්මාන 30ක මිනිසුන් මේ වැඬේට අත ගැසූහ. වැඩ කරන අයෙකුට දිනකට සහල් කිලෝවක් ලබා දෙන ලදි. රජයට දවල් තරු පෙනුන අතර රුපියල් ලක්ෂ 20ක් වෙන් කළ අතර; එය ප‍්‍රතික්ෂේප කරන ලදි. 1998 වන විට, නක්සල්වරු විසින් දන්දකර්ණයා හි ජලාශ සියයකට වඩා වැඩි ප‍්‍රමාණයක් ඉදි කරන ලදි.

අනුරාධා කාන්තාවන්ට ඉගැන්වීමේ මොඩලයක් නිර්මාණය කිරීමේ වගකීම ගත්හ. ඇය සාමාන්‍යය කාන්තා ගරිල්ලන් මුහුණ දෙන ප‍්‍රශ්න ගැන පන්ති පැවැත් වූ අතර, නක්සල් ප‍්‍රචාරක දේවල් ලිවීම සහ පරිවර්තනය කිරීම සිදු කළහ. ඇය දේශපාලන නායකයින්ගේ ඡායාරූප සහිත සටහනක් නිර්මාණය කොට දේශීය සාහිත්‍යය සමග ඇති ලෝක සම්බන්ධතාවයන් පැහැදිලි කළහ. සමහර වෙලාවට, ඇය සෞඛ්‍ය ගැටළු ගැන පංති පැවැත්වූහ.

මේ සියල්ල අතරතුර අනුරාධා මුම්බායි වලට රහසිගත ගමනක් ගියහ. ‘‘ඇය පැමිණි පසු, මම ඇයගේ හිස කෙස්වලට තෙල් වත්කොට ඇගේ ගත සම්බාහනය කළහ. මට ඇයව හැකිතාක් සැප පහසුවෙන් තබන්නට අවශ්‍ය වුණි.’’, කුමුද් කීහ.

‘‘වඩාත් පුදුම සහගත දෙය වනුයේ ඇය හැමවිටම චිත‍්‍රපට සහ අනෙකුත් ජන සංස්කෘතීන් ගැන අපට වඩා දැනුමක් ඇතිව සිටීමයි’’, සුනිල් පවසයි. ඇගේ නාට්‍ය මුම්බායිහි වේදිකා ගත කරන විට, අනුරාධා නිහඬව ඇතුල් වූහ, නාට්‍ය නැරඹූහ, එමෙන්ම නිහඬව පිටවූහ. ‘‘පසුව මම දැන ගත්තා ඇය එහි සිටි බව’’, සුනිල් කියයි.

2007 දී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) විසින් පවත්වන ලද නව වෙනි සම්මේලනයේදී, අනුරාධා මධ්‍යම කාරක සභාවට තෝරා පත් කර ගත්හ. මේ කාලයේදී කෝබාද් පක්‍ෂ ලේඛන භාරව සිටින, ප‍්‍රමුඛ පෙළේ නක්සල් නායකයෙකු වූහ. (සැප්තැම්බර් 20 දිල්ලියේ දී ඔහුව අත් අඩංගුවට ගනු ලැබූහ.)

ඉන්දියාවේ මාක්ස්වාදී ව්‍යාපාරය තුළ කුල ප‍්‍රතිපත්තිය ගැන නක්සල්වරු පළමුවෙන්ම සකසන ලද ලේඛණය අනුරාධාගේ වැඩ මත පදනම්ව තිබුණි. ඇය ‘මාක්ස්වාදය සහ ස්ත‍්‍රීවාදය’ ගැන සැකසූ ලේඛණයෙන්, ඉහළ පෙලේ නක්සල් නායකයින් පවා සටහන් ගනු ලැබූහ.

දන්දකර්ණයා හි කාලය ගත කරද්දී, අනුරාධා ගරිල්ලන්ට ඔවුන්ගේ සාමූහික වැඩ කටයුතුවල ඇති අඩුපාඩු ජයගැනීමට උදව් කරමින් කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කිරීමට සාමූහික වැඩවලදී කෙලෙස කටයුතු කළ යුතුද යන්න අවබෝධ කරවූහ.

බස්තාර් හි දී, අනුරාධා පක්‍ෂය තුළ ශේෂව තිබූ පීතෘමූලික අදහස් ගැන ප‍්‍රශ්න නැගූහ. ඇය මිය යන සමය වන විට, වඩාත් බරපතල නායකත්ව වගකීම් ඉසිලීමට උදව් කිරීමේ උපක‍්‍රමික සැලැස්මක් ලෙස, ඇය කාන්තා කාඩර්වරියන් සමග වැඩ කොට තිබුණි. ඇය ජාක්හෑන්ඩ් හි ආදිවාසීන් ට කාන්තා පීඩනය ගැන පංති පවත්වමින් සිටිය දී ඇයට මරු කැඳවූ මැලේරියා රෝගයට ඇය ගොදුරු විය.

ඇය ගැන සිහි කරමින් ඇගේ මිතුරියක් වන ජ්යොති පුන්වානි මෙසේ ලියූහ: ‘‘මන්මෝහන් සින් කියන්නේ ‘නක්සල් තර්ජනය’, රටට ඇති විශාලතම තර්ජනය බවයි. එනමුදු මට හැම විටම සිනහමුසුව සිටින අනෙක් අයගේ ජීවිත වෙනස් කිරීමට සිය පොහොසත් ජීවිතය හැම විදියකින්ම අත් හැර දැමූ කෙල්ලක් මතක් වේ.’’

නාග්පූර්වල, චින්චිකඬේ ගෙන් අනුරාධාට වරක් අයත්ව තිබූ කාමර විවර කරන ලෙස මම ඉල්ලා සිටියෙමි. ඒ හැම එකක්ම කලින් තිබූ වගේම වූ අතර දොරෙහි භගත් සින්ගේ ස්ටිකරයක් අලවා තිබුණි. ඒ හිරු බැස යන මොහොතයි, අහස සහ සූර්යාලෝකය රක්ත වර්ණ වූහ. සහෝදරයෙක් මාව මහලට කැඳවා ගෙන ගියහ, ඔහුට එම මහල බෙහෙවින් හුරු පුරුදු විය. ඔහු ගෝරාක් පාන්ඩි ගේ කවියක් කට පාඩමින් කිහ:

එය වසර දහස් ගණනක් පැරණිය
ඔවුන්ගේ කෝපය
වසර දහස් ගණනක් පැරණිය
ඔවුන් දොම්නසින් නොවේද?
ඔවුන්ගේ විසිරුණු වදන් මට පමණි එක් කළ හැක්කේ
එළිසමයක් සහ රිද්මයක් ඇතිව
ඔබ බිය වන්නේ එයටයි
මම ගිනි විසිරුවමින් සිටිමි….

women’s organisation MLKP for Ivana Hoffman

women’s organisation MLKP for Ivana Hoffman

QAMIŞLO–The Marxist-Leninist Communist Party (MLKP) Communist Women’s Organization has assassinated a Daesh /ISIS gang member on behalf of Ivana Hoffman (Avaşîn Têkoşîn Güneş), the internationalist MLKP fighter killed while fighting Daesh/ISIS gangs in Til Temir, in Rojava, on March 7. The women fighters carried out the assassination operation on a Daesh gang member in Rojava’s Cizîre Canton on March 8. The women’s organization was founded at a conference on January 3-7, 2015.

“The Daesh gangs, unable to stomach their defeat at Til Hemis and Til Barak, attacked Til Temir. These gangs have killed hundreds of Assyrian men and abducted and murdered hundreds of Assyrian women and we will not let them pass,” the women said in a statement. “With this action, we are announcing once more that we will guard the Rojava revolution, whatever the price in life and blood. As MLKP Communist Women’s Organization members we promise to grow the Rojava revolution together with our YPJ comrades.

“Just like our comrade Avaşîn Têkoşîn Güneş, we will continue to make barricades with our bodies and resist Daesh reactionism, the enemy of humanity and of women. We dedicate our action to Avaşîn Têkoşîn Güneş (Ivana Hoffman), who has become immortal through her heroic resistance against the Daesh attack on TilTemir as she crossed continents for the sake of an honorable future for all oppressed people. “We promise to you, comrade: your ambition for struggle is ours, your will for change is ours, your struggle for women’s freedom is ours. We will walk in your footsteps and we won’t let your gun fall silent. We will continue to be a nightmare for the femicidal rapist Daesh gangs.”

ඉන්දියාව – කාන්තා ගරිල්ලාවන් 50% කට වඩා වැඩියෙන්

ඉන්දියාව – කාන්තා ගරිල්ලාවන් 50% කට වඩා වැඩියෙන්

කාන්තා ගරිල්ලාවන් 50% කට වඩා වැඩියෙන් සිටින බව ජ්‍යෙෂ්ඨ මාඕවාදී නායකයෙකු කියයි…

ඉන්දියාවේ තහනම් සංවිධානයක් වන – ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) හි සන්නද්ධ අංශය වන, මහජන විමුක්ති ගරිල්ලා හමුදාව (PLGA) 2013-2014 වසරවල සිට නව බදවා ගැනීම් සඳහා කාන්තාවන් සියයට 60-70 පමණ ප්‍රතිශතයකින් වැඩි වී තිබේ. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) හි මධ්‍යම කලාප බියුරෝවේ සියයට 50 කට වඩා මහජන විමුක්ති ගරිල්ලා හමුදා‍වේ කාඩර්වරු දැනට කාන්තාවන් වේ….

 

මාඕවාදී කාන්තා කාඩර්වරු විශාල කාර්යභාරයක් ඉටු කරති

ඉන්දියාව – ප‍්‍රහාරවලදී කාන්තා මාඕවාදී කාඩර්වරු විශාල කාර්යභාරයක් ඉටු කරති

මාඕවාදීන්ගේ සන්නද්ධ කාඩර්වරුන්ගෙන් අඩකටත් වඩා කාන්තා කාඩර්වරුන්ගෙන් සමන්විත වන අතර මාර්තු 11 චටිස්ගාර්හ් වල දී ඔවුන් සිදු කළ සුක්මා ප‍්‍රහාරය වැනි ප‍්‍රහාරයන් හිදී ප‍්‍රධාන කාර්යභාරයක් ඔවුන් විසින් ඉටු කරන බව ආරක්‍ෂක අංශ විශ්වාස කරති. කාන්තා ක‍්‍රියාකාරිකයින් ගැන ගණනය කිරීමක් සිදු කිරීම අපහසු කාර්යයක් වුවද පසුගිය වසරේ සටන් වලින් මිය ගිය කාන්තාවන් ගැන දළ අගයක් ජාත්‍යන්තර කාන්තා දිනයේදී ඔවුන්ට ප‍්‍රණාමය පුද කිරීමට පළ කළ පොස්ටර් සහ අත්පොත් වලින් හෙළිදරවු කරගෙන තිබේ.

මහරාෂ්ට‍්‍රාහි ගාද්චිරෝලි දිස්ත‍්‍රික්කයේ එක් පෝස්ටරයක වසරක් තුළ මිය ගිය කාන්තා අණදෙන්නන් 17 දෙනෙකු ට උපහාර දක්වා තිබුණි. පසුගිය වසර තුළ, මාඕවාදීන්ගේ සන්නද්ධ අංශය වෙත කාන්තාවන් එක්වීමෙහි සුවිශේෂී වැඩිවීමක් දක්නට තිබේ. මාඕවාදීහු ඔවුන්ගේ මිය ගිය අයවලූන් අත්හැර දමා නොයන අතර මෘත දේහ රැගෙන යති. පොස්ටර් මගින් ආරෂක අංශවලට ගණනය කිරීමක් සිදු කිරීමට ඉඩ සලසා ඇත. ගාද්චිරෝලිහි දී ලබා ගත් පෝස්ටර් වලින් සමහර කාන්තාවන් ඉන්ද්‍රා, ධන්නි, ගීතා, අනීටා, ස්වරූපා, සාන්තිලා, ප‍්‍රමිලා, සීමා, රෙෂ්මා, වසන්ති, චම්පා සහ මම්ටා ලෙස හඳුනා ගෙන තිබේ. එහි ‘‘මහිලා බිනා ක‍්‍රාන්ති නහින්, ක‍්‍රාන්ති බිනා ෂෝෂාන් මුක්ත් සමාජ් නහින්’’ (කාන්තාවන් නොමැතිව විප්ලවයක් නොමැත, විප්ලවයක් නොමැතිව සූරාකෑමෙන් තොර සමාජයක් නොමැත) කියැවේ.

මාර්තු 11 චටිස්ගාර්හි සුක්මා හිදී ආරජෂක නිළධාරීන් 15 දෙනකු මරා දැමූ ප‍්‍රහාරයේදී, මිනිසුන් 11 දෙනෙක් අහිමිවූ මධ්‍යම අතිරේක පොලිස් බලකායට (CRPF) අනුව, කාන්තා මාඕවාදී අණදෙන්නන් එහි ක‍්‍රියාකාරී වූහ. මධ්‍යම පොලිස් නිළධාරීහු 4 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූහ. ඉදිරිපත් කිරීමක දී (presentation), CRPF ප‍්‍රකාශ කළේ මාඕවාදීහු කණ්ඩායම් තුනකට බෙදුණු අතර, එක් කණ්ඩායමක් ප‍්‍රධාන වශයෙන්ම කළු පැහැ නිළ ඇඳුම් ලාගෙන පිටුපසින් වෙඩි තැබූ කාන්තා අණදෙන්නන්ගෙන් සමන්විත වු බවයි. නවකයින් බඳවා ගැනීමේදී සහ පිරිමි අඩු වීම නිසා සහ අත්හැරයාම නිසා, මාඕවාදීහු කාන්තාවන් විශාල පරිමාණයෙන් බඳවා ගැනීම දැන් අරඹා තිබේ.

මාඕවාදී ලේඛණයක් පරීක්‍ෂා කළ ආරක්‍ෂක අංශ පැවසුවේ මාඕවාදී සන්නද්ධ අංශය වන, මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට එක්වීම පිණිස පිරිමි ඉදිරිපත්වීම විශාල නොවන බවයි. හින්දියෙන් තිබුණු ලේඛණයේ කියැවුනේ, ‘‘මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට එක්වීමට ගම්වැසියන් ආයාචනා කළ යුතුයි. ඔවුන් එක් වුණු පසු, ඔවුන්ව රැකබලා රැත යුතුය. මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ කාඩර් කෙනෙකු අතින් වරදක් සිදු වූ විට බැනවැදීම, තර්ජනය කිරීම හෝ පහර දීම නොකළ යුතුයි. ’’