Blog Archives

කුර්දි කාන්තාව: අයි.එස්.අයි.එස්. සමග යුද්ධය – වාර්තා චිත‍්‍රපටය

කුර්දි කාන්තාව: අයි.එස්.අයි.එස්. සමග යුද්ධය –  වාර්තා චිත‍්‍රපටය

 

පිරිමියෙකු අතින් මිය ගොස් කුමක් වුවත් කාන්තාවක් අතින් සටනේදී මිය ගිය හොත්, සිය ආත්ම අපායේ දැවෙන බව ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීහු විශ්වාස කරති. එබැවින් කුර්දි කලාපය තුළ ඊ.අයි. (අයි.එස්.අයි.එස්.) ව්‍යාප්ත වීමට එරෙහිව සටන් වදින කුර්දිවරු ත‍්‍රස්තවාදීහු එළවා දැමීමට සහ ඔවුන්ට පීඩනයක් ගෙන දීමට කාන්තා බැටෑලියනයක් පිහිටුවා ඇත. මෙහි කාන්තාව නිදහස උදෙසා යුද්ධයෙන් මෙන්ම කුර්දි සමාජය සමගත් සෑම පෙරමුණකම සටන් වදියි.

ජාත්‍යන්තර නිදහස් බැටෑලියනය, රොජාවා විප්ලවය ආරක්ෂා කරමු – ජින්හා වලින් වාර්තාවක්

ජාත්‍යන්තර නිදහස් බැටෑලියනය, රොජාවා විප්ලවය ආරක්ෂා කරමු – ජින්හා වලින් වාර්තාවක්

rojava-lib1

roj-lib2
රොජ්ඩා සර්හැට්/ජින්හා සෙරකනියේ නොහොත් ජාත්‍යන්තර නිදහස් බැටෑලියනය, රොජාවාහි විප්ලවය ආරක්ෂා කිරීමට සටන් කරන ජාත්‍යන්තර විප්ලවවාදීන්ගේ නව බි‍්‍රගේඩය, ලෝකයේ කාන්තාවන්ට එයට සම්බන්ධවන ලෙස ආමන්ත‍්‍රණය කරයි.  මේ සතියේ, විප්ලවය ආරක්ෂා කර ගැනීමට රොජාවා වලට පිටත්වුණු ජාත්‍යන්තර විප්ලවාදීහු ජාත්‍යන්තර නිදහස් බැටෑලියනය පිහිටුවීම ප‍්‍රකාශයට පත් කළහ. බි‍්‍රගේඩය සෙරකනියේ වල එහි සමාරම්භක උළෙල පැවැත්වූහ. යුධමය සහ යුධමය නොවන දෙආකාරයෙන්ම බැටෑලියනය රොජාවා විප්ලවය ආරක්ෂා කර ගැනීමට වැඩ කරයි. තුර්කියෙන් පැමිණි සාමාජිකයෙකු වන සෙෆාගල් අස්ලාන් පැහැදිලි කළේ, තුර්කියෙන්, ස්පාඥ්ඥයෙන්, ග‍්‍රීසියෙන් සහ ජර්මනියෙන් පැමිණි විප්ලවවාදීන් විසින් බැටෑලියනය පිහිටුවා ඇති අතර එයට එක්වන්නැයි ලෝකයේ විප්ලවීය අදහස් ඇති තනිතනි පුද්ගලයින්ට සහ කණ්ඩායම් වලට ඇරයුම් කරයි.

සෙෆාගල් තුර්කියේ TKP-ML/TIKKO කොමියුනිස්ට් කණ්ඩායමේ සාමාජිකයෙකි. TKP-ML/TIKKO වූ කලී මාක්ස්-ලෙනින්වාදී තුර්කි කොමියුනිස්ට් පක්ෂය සහ තුර්කියේ කම්කරු ගොවි ජනතාවගේ විමුක්ති හමුදාවයි. ‘‘ලෝකය වටෙන්ම මිනිස්සු අයිඑස්අයිඑස් ට එක්වී අමානුෂික මිලේච්ඡත්වයේ කොටස්කරුවන් වන අතර අපි ඊට විරුදධව වැඩ කරමු. අපි YPG/YPJ සමග එක්ව සටන් කිරීමට බැටෑලියනයන් පිහිටුවමින් ලෝකය පුරා ජනතාවට ජාත්‍යන්තරවාදී සමගියක් ඇති කිරීමට අවකාශ සලසා දෙන්නෙමු,’’ සෙෆාගල් පැහැදිලි කළහ.

ඇය ප‍්‍රකාශ කළේ සියළු ආගම්, භාෂා සහ අනන්‍යතාවයන් නියෝජනය කරන විප්ලවවාදීන්ට බැටෑලියනයට සම්බන්ධ වීම සඳහා අවකාශ ඇති බවයි. සාමාජිකයන් සටන් කිරීමට පමණක් නොවේ ජා.නි.බැ. විප්ලවය සිදු කිරීම සඳහා යුධමය නොවන ක‍්‍රියාකාරකම් වලද නියැලෙයි. එකම විට බි‍්‍රගේඩය කාන්තාවන්ට එරෙහි පීඩනයට එරෙහිවද කටයුතු කරයි. කාන්තාවන් දූෂණය කිරීම සහ ඔවුන්ව වහලූන් ලෙස විකිණීම පිළිබඳව අයිඑස්අයිඑස් බෙහෙවින් ප‍්‍රකටය. සෙෆාගල් පැවසුවේ ඇය සහ ඇගේ කණ්ඩායම කාන්තාවන්ට එරෙහි තුර්කි රජයේ මර්ධනය පිළිබඳව දිගු කාලයක සාක්ෂිකරුවන් බවයි. ලෝකය පුරා කාන්තාවන්ට වෙනසක් ඇති කිරීම සඳහා රොජාවා විප්ලවය ඇයට බලාපොරොත්තුවක් දී ඇත. ‘‘මෙහි කාන්තා විමුක්ති ව්‍යාපාරය විසින් අත් කරගන්නා සෑම ජයග‍්‍රහණයක්ම ලෝකය පුරා කාන්තාවන්ට බලාපොරොත්තු ඇති කරයි,’’ සෙෆාගල් පැවසීය. ‘‘කාන්තාවන් සිය නිවෙස් හැර මෙහි පැමිනෙනු දකින්නට අපි කැමතියි.’’

ISIS ට එරෙහිව කොබානි හි කුර්දිස්තාන් ජනතාවගේ විරුද්දකම් පෑමේ වීරෝධාර යුද්ධයට විජයග‍්‍රහණය වේවා!

ISIS ට එරෙහිව කොබානි හි කුර්දිස්තාන් ජනතාවගේ විරුද්දකම් පෑමේ වීරෝධාර යුද්ධයට විජයග‍්‍රහණය වේවා!

 

rojava1
සන්නද්ධ මිලීෂියා කාන්තාවන්

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප‍්‍රංශ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඔවුන් වෙනුවෙන් අෂාඩ් රෙජිමයට එරෙහිව සටන් කිරීමට අල් නුර්සා පෙරමුණ සහ ISIS1 ප‍්‍රතිගාමී කණ්ඩායම් පිහිටුවා, පෝෂණය කළ සහ සන්නද්ධ කළහ. ඉරාකයේ ඔවුන්ගේ අභිලාශයන් තර්ජනයට ලක්වන තෙක් ISIS සමග සිටි ඔවුහු අෂාඩ් රජය පෙරළා දැමීමට මේ කණ්ඩායම්වලට හැකියාවක් නැතැයි ඔවුන්ට අවබෝධ වූ විට පමණක් ඔවුන්ගෙන් දුරස් වූහ. දැන් ඔවුහු ISIS ට එරෙහිව නැගී සිටීමට කැමතිව සිටී.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීහු ඇෆ්ගනිස්ථානයේ සිටි රුසියානුන්ට එරෙහිව සටන් කිරීමට අල් ක්වයීදා නිර්මාණය කළහ, නමුත් අල් ක්වයීදා එක්සත් ජනපද අභිලාශයන්ට පරස්පර වන විට ඔවුහු ඊට එරෙහි විය. ISIS විසින් මොසුල් අල්ලාගැනීමත් සමගම, ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට ISIS තර්ජනයක් වන බව අවබෝධ කරගැනීමත් සමගම, ඔවුහු නැටෝ ව හරහා ISIS ට එරෙහිව ජාත්‍යන්තර හවුලක් තැනීම ඇරඹූහ. තුර්කි රජයට ජාත්‍යන්තර හවුලට එක් නොවීමට ඇති එකම හේතුව වන්නේ ඔවුන්ට ISIS සමග ඇති සමීප සබඳතාවයයි. 2014 ඔක්තෝබර් 2 වැනිදා තුර්කි ජාතික මහ සමුළුව2 විසින් නිකුත් කරන ලද යෝජනාව ISIS ට එරෙහි එකක් නොවන බව සමස්ත ලෝකයාම දනී.

තුර්කි සොල්ලාදුවන් සිරියාවට සහ ඉරාකයට යැවීමට ඉඩ ලබාදුන් මේ නිල තීරණය කොබානි සහ රොජාවා (සිරියාවේ කුර්දි නිජ බිමේ කොටසකි) වල ස්වයං පාලනයක් ප‍්‍රකාශයට පත් කළ කුර්දි ජනතාවට එරෙහි එකක් වේ. මේ නිල තීරණය තුර්කි රජයට සිරියානු දේශ සීමාව තුළ ස්වාරක්‍ෂක කලාපයක් පිහිටුවීමට සහ ගුවන්යානා වලට පියාසැරීමට තහනම් කලාපයක් ප‍්‍රකාශයට පත් කිරීමට ඉඩ සැලසූහ. එම යෝජනාවලිය වැඩිදුරටත් PKK3 (කුර්දිස්තාන් කම්කරු පක්‍ෂය) බලවත් තර්ජනයක් ජනිත කරන බව අවධාරණය කරන්නේ තුර්කි රජයේ ප‍්‍රධාන අභිලාශයන් සහ එම යෝජනාවලියේ ප‍්‍රධාන අරමුණ පැහැදිලිව නිරාවරණය කරමිනි. ෆැසිස්ට්වාදී තුර්කි රජය 2011 සිටම ISIS විසින් රොජාවා හි මෙහෙයවන ලද ප‍්‍රහාර වලට දිරි දෙමින් සිටියහ. ඔවුහු ආයුධ ලබාදීමෙන් සහ ද්‍රව්‍ය සැපයිමෙන් ISIS ට සහයෝගය සහ ශක්තිය ලබා දුන්හ. එය සිය අතිශය කෲරතර ප‍්‍රහාර කොබානිවලට එරෙහිව අරඹද්දී, තුර්කි රජය ISIS ට ලබා දෙන සහය වැඩි කළහ. තුවාළ ලත් ISIS සටන්කරුවන් රැගෙන ගොස් අඩානා සහ ගෂියන්ටෙප් රෝහල්වල ප‍්‍රතිකාර ලබා දුන් බව නිළධාරීහු තහවුරු කරයි. තුර්කි රජය සිය දේශසීමාව ISIS ට ඔවුන්ගේ බලසේනා පහසුවෙන් ඇතුල් කර ගැනීමට සහ පිට කර ගැනීමට හැකි වන පරිදි විවෘත කොට ඇත. මෙය බොහෝ වාර ගණනක් තුර්කියේරූපවාහිනියේ සජීවීව පෙන්වා තිබුණි.

තුර්කි රජය වූ කලී ISIS හි ඇපකාර පියා වේ. ISIS මගින් වටකරන ලදුව තර්ජනයට ලක් වී සිටින කොබානි ජනතාවට උදව් කිරීමට ප‍්‍රයත්න දරමින් සිටින කුර්දි ජනතාවට තුර්කි රජය අඛණ්ඩව පහර දී තිබුණි. විශේෂයෙන්ම ජනතාව විශාල ප‍්‍රමාණයක් දින ගණනක් තිස්සේ රැස්වෙමින් සිටි සුරුක් (Suruc) හි, කොබානිවලට කිසියම් හෝ ආධාරයක් ළඟා වීම නැවැත්වීමට තුර්කි හමුදාව රැස්වෙමින් සිටි ජනතාවට කඳුලූ ගෑස් සහ ජීව උණ්ඩ භාවිතා කරමින් පහර දුන්හ. එක් අතට තුර්කි රජය ඔවුන් PKK සමග සාම සාකච්ඡා පවත්වන බව නිවේදනය කරමින් සිටින අතරතුර, අනික් අතට සෑම අවස්ථාවකදීම PKK සිය සතුරා ලෙස ප‍්‍රකාශයට පත් කොට පහර දෙයි. දෙබිඩි ප‍්‍රතිරූපයක් දරන තුර්කි රජය කුර්දි ජනතාව සිය සතුරන් ලෙස සැලකීම දිගටම කරගෙන යයි.

කොබානි ජනතාව හුදෙකලා වී නොමැත. ඔවුන්ට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ආධාර අවශ්‍ය නොවේ. ඔවුන්ට අධිරාජ්‍යවාදීන්ගෙන් අවි ආයුධ අවශ්‍ය නොවේ. ජනතා ආරක්‍ෂක ඒකක (YPG) සහ YPJ (YPG හි විශේෂ කාන්තා ඒකකය) සටන්කරුවන් සිය වීරෝධාර සටන්කිරීම ප‍්‍රදර්ශනය කරමින් සිටියි. ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ ජනතාව සහ සහෝදරවරුන් විසින් සපයන ලද දෘඩතර සහයෝගයෙන් සහ සම්පත්වලින් බිහිවී ඇත. අපි හැමතැනෙකම සිටින නිදහස කැමති ජනතාවට කොබානිහි ISIS ට එරෙහි සටනට සහය දැක්වීමට සහ සහයෝගීතාවය පළ කිරීමට ආමන්ත‍්‍රණය කර සිටිමු. අපි කොබානිහි ජනතාව හුදෙකලා නොකර ඔවුන් සමග එක් වෙමු. මිනීමරු ISIS කල්ලියේ බර අවි සහ යුද්ධෝපකරණ වලට, කොබානිහි වීරෝධාර විරෝධය පෑමේ සටන්කරුවන්ට එරෙහිව කළ හැකි කිසිවක් නැත. කුර්දි ජනතාවගේ ස්ථිරසාරබව සහ වීරෝධාර සටන කොබානි ISIS කල්ලියේ මිනීවල බවට පරිවර්තනය කරනු ඇත. ෆැසිස්ට්වාදී තුර්කි රජයට මෙය වැළැක්විය නොහැක.

තුර්කි කොමියුනිස්ට් පක්‍ෂය/මාක්ස්වාදී ලෙනින්වාදී –
ජාත්‍යන්තර බියුරෝව 10/10/2014

සටහන්

  1. තුර්කි ජාතික මහ සමුළුව යනු තුර්කියේ පාර්ලිමේන්තුවයි

  2. ISIS බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සිය අවශ්‍යතාවයන් සපුරාගනු වස් ඉදිකරනු ලැබූ ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්තවාදී සංවිධානයකි.

  3. PKK – කුර්දිස්තාන් කම්කරු පක්‍ෂය, කුර්දි ජනතාවට ස්වයං පාලන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් සටන් කරන දේශපාලන සංවිධානයකි.

කොබානි හි අභිත කාන්තා සටන්කාමීත්වය

කොබානි හි අභිත කාන්තා සටන්කාමීත්වය

heroic women’s resistance in Kobane!

https://i0.wp.com/www.thegatewaypundit.com/wp-content/uploads/2014/08/kurdish-women.jpg
Reuters / Osama Al-dulaimi
La resistencia no es terrorismo
El PKK, junto con al YPG-YPJ, es la columna vertebral de la resistencia del pueblo a las pandillas del “Estado Islámico”. Aún permanece en las listas de organizaciones “terroristas” de Estados Unidos, Unión Europea y Australia.
La resistencia no es terrorismo.
Solidaridad con Rojava
La llamada “coalición anti-terrorista” liderada por el mayor terrorista del mundo, ósea Estados Unidos, no aplastará al Estado Islámico. Sólo los pueblos kurdos, sirios e iraquíes puede derrotar al ISIS.
Ahora es necesario el apoyo a la heroica Resistencia kurda en Kobane y a Rojava.

Mujeres Revolucionarias Kurdas, fuerzas de heroica resistencia al ISIS

https://i0.wp.com/www.thegatewaypundit.com/wp-content/uploads/2014/08/kurdish-women.jpg
Reuters / Osama Al-dulaimi

from odiodeclase

ජාතික ප‍්‍රශ්නය පිළිබඳව කම්කරු පංති ස්ථාවරය කුමක් විය යුතුද?

ජාතික ප‍්‍රශ්නය පිළිබඳව කම්කරු පංති ස්ථාවරය කුමක් විය යුතුද?

            දශක දෙකක් පුරා දිවයිනේ උතුරු/නැගෙනහිර යුද්ධය ශ්‍රී ලංකාවේ දැවෙනතම දේශපාලන ප‍්‍රශ්නය බවට පත්වී ඇත. සියලූම ප‍්‍රශ්නයන් දිනෙන් දිනම උග‍්‍රවන අතර කටුනායක ප‍්‍රහාරයෙන් පසු එය තවත් තීව‍්‍රවී ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ඇෆ්ගනිස්ථානයට එරෙහිව පටන් ගත් මිලේච්ඡ යුද්ධයෙන් පසු ලොව පුරා ජාතික ප‍්‍රශ්නයද අනෙකුත් ප‍්‍රශ්නයන් මෙන්ම බරපතල ලෙස අර්බුදයකට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නයටද එය එලෙසින්ම බලපානු ඇත. මෙම යුද්ධයේ සියලූම බර පීඩිත ජාතීන් හා ජනතාව මතම එය පටවා ඇත. පසුගිය කාලය තුල වරින් වර පවත්වන ලද සාම සාකච්ඡා ගිවිසුම් පුම්බන ලද බැළුම් බවට පත්වී ඇත. ජනතාවගේ කිසිදු විශ්වාසනීයත්වයක් දිනාගැනීමට ඒවා සමත් වී නැත. කම්කරු පංතිය හා ගොවි ජනතාව මෙම ප‍්‍රශ්නයට මැදිහත්වීම සියුම් ලෙස වලකන අතර නොයෙකුත් උපමාරු යොදමින් රවටා ඇත. ඉතාමත්ම තීරණාත්මක හා වැදගත්ම දෙය කම්කරු පංතිය හා පීඩිත ජනතාව මෙම යුද්ධය කෙරෙහි ගනු ලබන ස්ථාවරයයි.

එල්.ටී.ටී.ඊ කාන්තා සෙබලියන් පෙරෙට්ටුවක, 2002 කිලිනොච්චිය

කම්කරු පංතියේ ඉතිහාසීය කාර්යභාරය

            ධනේශ්වර සමාජය බිහිවීමත් සමඟම සියලූම ධනය උපදවන ඒ සඳහා සිය ශ‍්‍රම ශක්තිය වැය කරන, නමුත් කිසිම නිෂ්පාදනයන්ගේ අයිතිය අහිමි කරනු ලැබූ, ඉතිහාසය ගොඩනඟන ප‍්‍රධාන බලවේගය බවට කම්කරු පංතිය පත් විය. සූරාකෑමේ ඉතිහාසීය යුගය අවසන් කරන, මිනිසා විසින් මිනිසා සුරාකෑමෙන් තොර පංති රහිත, කොමියුනිස්ට් සමාජය බිහිකරන, ඉතිහාසීය කාර්යභාරය පැවරී ඇත්තේද කම්කරු පංතියටයි. ලාංකීය කම්කරු පංතියද ඉතිහාසීය කාර්යභාරය පැවරී ඇති ලෝක කම්කරු පංතියේම අඛණ්ඩ කොටසකි. ඕනෑම පීඩිත පංතියක් විසින් පීඩනයට එරෙහිව ගෙන යන අරගලයේ දී කිසිම පැකිලීමකින් තොරව ඒ වෙනුවෙන් නැඟී සිටින පංතිය ද, කම්කරු පංතියයි. අධිරාජ්‍යවාදී යුගයේදී පීඩිත රටවල ගොවි ජනතාව නොයෙකුත් සූරාකෑමට පත්වී පරාධීන ජනතාවක් බවට පත්වේ. කම්කරු පංතිය හා ගොවි ජනතාව සියලූම ජාතීන්ට අයත්ය. මෙම යුද්ධයේ සියලූම බර මෙම පංතීන් උසුලයි. ඉතිහාසය ගොඩනගන කම්කරු පංතිය සියලූම ප‍්‍රශ්නවලදී මෙන්ම මෙහිදීද සිය ස්ථාවරය මත සටන් වැදිය යුතුය. එමනිසා ජාතික ප‍්‍රශ්නය කෙරෙහි කම්කරු පංතිය ගතයුතු ස්ථාවරය පැහැදිලි විය යුතුය. සියලූම ප‍්‍රගතිශීලී බලවේගයන් කම්කරු පංතියේ නායකත්වය බලාපොරොත්තු වෙයි. මේ නිසා යුද්ධයේ සියලූම පාර්ශවයන්ගේ පංති ස්වභාවයත් ඔවුන්ගේ ඉලක්කයනුත් ගැඹුරින් වටහා ගැනීමට කම්කරු පංතිය, පීඩිත ජාතීන් හා ජනතාව සමත් විය යුතුය. එමෙන්ම සෑම බලවේගයක්ම මෙතෙක් ගෙන ඇති ස්ථාවරයන් හා කි‍්‍රයාමාර්ගයන්ද වටහා ගත යුතුය.

ජාතික ප‍්‍රශ්නයේදී කම්කරු පංතිය කි‍්‍රයාකළ යුතු ආකාරය (මාක්ස්, ලෙනින්, මාඕ සේතුං)

            රදළ වැඩවසම් සමාජය බිඳ වැටෙන්නට පටන් ගත්තේ ධනේශ්වර ක‍්‍රමය ඒ තුළ වැඞී ධනේශ්වර පංතියට රාජ්‍ය බලය ලබාගැනිමේ ඓතිහාසික උවමනාවත් සමඟය. යුරෝපයේ ධනවාදය බිහිවීමේදී රදළ ආධිපත්‍යයට එරෙහිව ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගල ආරම්භ විය. රදළ ආධිපත්‍ය බිඳ දැමීම සඳහා යුරෝපය පුරාම ගොවි යුද්ධ ඇති විය. ධනවාදය සමාජවාදයට පදනම සකසන බවත් එනම් නිෂ්පාදනය සමාජමය නිෂ්පාදනය බවට පත් කරන බවත් ඒ සඳහා නායකත්වය දෙන කම්කරු පංතිය, පුලූල් කරන නිසාත් ප‍්‍රවේනිදාස ක‍්‍රමයට එරෙහිව ගෙන ගිය සියලූම ගොවි යුද්ධ ප‍්‍රගතිශීලී බවත්, මාක්ස්වාදීන් එම අරගලවලට පක්‍ෂ වියයුතු බවත් මාක්ස්, එංගල්ස් පැවසීය. කම්කරු පංතිය එම අරගලවලට සහයෝගය දියයුතු බව මාක්ස්වාදය ආරම්භයේදීම ප‍්‍රකාශකර තිබුණි. වෙනත් ජාතියක විමුක්තිය වෙනුවෙන් සටන් නොකරන ජාතියකට සිය ජාතියේ විමුක්තිය උදාකරගත නොහැකි බවත් පැහැදිලිවම ප‍්‍රකාශකර තිබුණි. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය, නිර්ධන පංති විප්ලවයට බලපාන්නේ කෙසෙද? නිර්ධන පංතිය ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය දෙස බැලිය යුත්තේ කෙසෙද? මෙම විප්ලවයන් එකිනෙකින් වෙන්කළ නොහැකිය. ධනවාදය විවිධ සංවර්ධනයන් හරහා කි‍්‍ර.ව. 1900 වන විට එහි ඉහලම හා අවසාන අවධිය වන අධිරාජ්‍යවාදය කරා ලඟාවී ඇති බව ලෙනින් විග‍්‍රහ කළේය. 1871 දී පැරිස් කොමියුනයේ අත්දැකීම් ග‍්‍රහණය කළ ලෙනින් නිර්ධන පංති ආඥදායකත්වය විග‍්‍රහ කළේය. මාක්ස්, එංගල්ස් ගේ අභාවයෙන් පසු දෙවන ජාත්‍යන්තරයේ නායකයින් වූ බර්න්ස්ටින්ගේ, එයට පසු කාල්කෞට්ස්කිගේ, මාක්ස් වාදයට ආසන්න පාටවලින් වසා තිබූ සංශෝධන වාදයට එරෙහිව දෘෂ්ටිමය අරගලය අඛණ්ඩව ගෙන ගියේය. එම අරගලයන් හරහා ශ්‍රෙෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දීමට ලෙනින්ට හැකි විය. ඒ නිසාම කම්කරු පංතිය දැන් ඒ ඉගැන්වීම් නැවත උගත යුතුය. අධිරාජ්‍යවාදී යුගය, අධිරාජ්‍යවාදයත් නිර්ධන පංති විප්ලවයත් අතර යුගයක් බව ලෙනින් පෙන්වාදුණි. රුසියාවේ රදළ වැඩවසම් පීඩනයට එරෙහිව ගෙනගිය ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය දැනුවත්ව, කම්කරු පංතිය ඒවාට සහයෝගය දියයුතු බවත් ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය පිලිගත යුතු බවත් නිර්ධන පංති වැඩපිලිවෙලෙහි ලෙනින් පැහැදිලිවම අන්තර්ගත කළේය. රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්‍ෂයෙහි වැඩපිලිවෙලෙහි ‘‘ස්වයංතීරණ අයිතිය’’, ජාතීන් සතු අයිතියක් බවත් එය නිර්ධන පංති වැඩපිලිවෙලෙහි අඛණ්ඩ කොටසක් බවත් ලෙනින් පැහැදිලිව පෙන්වා දුන්නේය. රෝහණ විජේවීර ලියද ලද ‘‘ජාතික ප‍්‍රශ්නයට නිර්ධන පංති විසඳුම’’ යන පොතෙහි මෙය ඔක්තෝබර් විප්ලවයට පසුව ලෙනින් අත්හැර දැමූ බවත් එය දෙවෙනි ජාත්‍යන්තරයේ කෞට්ස්කිලාගේ වැඩපිලිවෙලක් බවත් පවසමින් ලාංකීය දේශපාලනයේ වැරදි දිසාවකට මුළුමහත් ජනතාව යොමුකර ඇති බවත් තේරුම් ගත යුතුයි. ඒ නිසා මෙම පාඩම් නැවත නැවතත් කම්කරු පංතිය ග‍්‍රහණය කළ යුතුය. එසේ කළේ ඔවුන් වචනයෙන් මාක්ස් ලෙනින් වාදීන් හැටියට පෙනී සිටියද කි‍්‍රයාවෙන් මාක්ස් ලෙනින් වාදයෙන් පලා ගිය බැවිණි. ජාතිවාදීන් වූ බැවිණි. ඒ වැරැද්ද ඔවුන් පිට, පැටවීමත් බලවත් වරදකි. මන්ද යත් ආරම්භයේදීම වමේ ව්‍යාපාරයද මාක්ස් ලෙනින් වාදය අතහැර දමා තිබුණ බැවිණි.

මාඕ සේතුං හා චීන විප්ලවය

            ඔක්තෝබර් විප්ලවයෙන් පසු ලෝක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව මාඕ සේතුං ප‍්‍රකාශ කළේය. කම්කරු පංතිය සෝවියට් දේශයෙහි බලයට පැමිණීම ලෝකය වෙනස් තත්ත්වයකට පැමිණීමට හේතුව විය. එම නිසා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය අලූත් ආකාරයක් ගන්නා බව ප‍්‍රකාශ කළේය. ඔක්තෝබර් විප්ලවයට පසු ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර වාදී විප්ලවය ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වන බව විග‍්‍රහ කළේය. කොටින් කියතොත් ඔක්තෝබර් විප්ලවයට පසු ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයට නායකත්වය දීමට ධනේශ්වර පංතිය අසමත් බව ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම් මත මාඕ සේතුං සහෝදරයා පෙන්වා දුන්නේය. එම නිසා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකිරීමටද පැවරී ඇත්තේ කම්කරු පංතියට බව පැවසීය. එම නිසා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ නායකත්වය කම්කරු පංතිය ගතයුතු බව පෙන්වා දුන්නේය. එය චීනයේ විශේෂිත තත්ත්වයන් හා ගලපමින් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය නව ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය ලෙස විග‍්‍රහ කළේය. ජාතික ප‍්‍රශ්නයත් නව ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේම කොටසක් බවත්, එයද කම්කරු පංතිය දිනාදිය යුතු බවත් ඔක්තෝබර් විප්ලවයේ වෙඩි හඬ මාක්ස්, ලෙනින්වාදය චීනයට ගෙනා බවත් එය චීන විප්ලවයේ කි‍්‍රයාමාර්ගයට මඟ පෙන්වන බවත් පැහැදිලි කළේය.

            ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන් රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්‍ෂය විප්ලවයෙන් පසු රුසියානු කොමියුනිස්ට් පක්‍ෂය ලෙස නම් කළේය. එය අතීතයෙන් කැඩි වෙන්වීමක් බවත් නිර්ධන පංතියේ අනාගත කර්තව්‍යයන් එහි කැටිකරන බවත් පෙන්වා දුන්නේය. එය කොමියුනිස්ට් ප‍්‍රකාශනයට මාක්ස්, එංගල්ස් එම නම තැබීම හා සමානය. සියලූම ප‍්‍රතිසංස්කරණවාදීන්ගෙන්, සංශෝධනවාදීන්ගෙන්, සමාජ ජාතිවාදී බලවේගයන්ගෙන් වෙන්වීමත්, අනාගතය නියෝජනය කිරීමත් සඳහාය. චීන කොමියුනිස්ට් පක්‍ෂය ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම් සංකේන්‍ද්‍රනය වීමකි.

            මේ රටේ සියලූම වාමාංශික යයි හඳුන්වන සියලූම සංවිධානවලට උපත දුන්නේ ලංකා සමසමාජ පක්‍ෂයයි. ලංකා සමසමාජ පක්‍ෂයේ නම දෙසම බලන්න. 1935 සිට අද දක්වා එහි කි‍්‍රයාමාර්ගයන් විමසා බලන්න. අද වාමාංශික විකල්පයක් ගැන අඬා වැලපෙන බලවේගයන් ඉතිහාසය විමසා බලන්නේ නම් ඉතිහාසයේ ගමන් මග වටහා ගැනීම අපහසු නොවනවා ඇත.

            මාඕ සේතුං සහෝදරයා ‘‘ස්වයංතීරණය’’ ගැන විග‍්‍රහ කරන්නේ කෙසේද? නැවත නැවතත් පැහැදිලි කරගත යුතුය. ඔක්තෝබර් විප්ලවයෙන් පසු ලෝක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔක්තෝබර් විප්ලවයට පෙර නිර්ධන පංතියට පැරිස් කොමියුනය හැර වෙනත් අත්දැකීමක් නොවීය. ඔක්තෝබර් විප්ලවයට පෙර ‘‘ජාතීන්ගේ ස්වයංතීරණය’’ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයට අයත්ය. එහි නායකත්වය ධනේශ්වර පංතිය සතුය. දැන් ධනේශ්වර පංතිය ධනේශ්වර විප්ලවයට නායකත්වය දීමටත් අසමත්ය. නිර්ධන පංතිය බලයට ඒම වැලැක්වීම සඳහා ධනේශ්වර පංතිය රදළ පංතීන් හා අධිරාජ්‍යවාදීන් සමග සංධානගත වෙයි. එය ඉතිහාසයේ අත්දැකීම් වලින් මනාව පැහැදිලි වෙයි. දැන් ජාතීන්ගේ ස්වයංතීරණ අයිතියත් නිර්ධන පංති විප්ලවයේම කොටසකි. එමනිසා ජාතීන්ගේ ස්වයංතීරණ අයිතිය දිනාදීමත් නිර්ධන පංතියට පැවරෙන කාර්යයක් ලෙස මාඕ අවධාරණය කළේය. මාක්ස් ලෙනින්වාදය මෙසේ සිය වැඩපිළිවෙලෙහි අන්තර්ගත කරන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂයයි.

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයේ ඉතිහාසය

            ලංකාවේ ජාතික ප‍්‍රශ්නයේ මූලයන් පළමුවන ලෝක යුද්ධයේ අවසානයත් සමග දේශපාලන වේදිකාවේ අවතීරණය වී ඇත. එතැන්සිට අද දක්වාම දිගින් දිගටම අනෙකුත් ප‍්‍රශ්නයන් මෙන්ම එයද විසඳුමක් ලැබෙනතුරු සමාජ සංවර්ධනයත් සමග උග‍්‍රවෙමින් ගමන් කරයි. එමනිසා මෙම ප‍්‍රශ්නයේ හරය වටහා ගැනීමට ලාංකීය ඉතිහාසය දෙස ආපසු හැරී බැලිය යුතුය. ප‍්‍රශ්නයන් උග‍්‍රවන සෑම විටකම විවිධ දේශපාලන සංවිධාන විවිධ විසඳුම් ඉදිරිපත් කර ඇත. ඒ සෑම විසඳුමකම පංති ස්වරූපයනුත් පංති උවමනාවනුත් අඩංගු වී ඇත. ඉදිරිපත්කර ඇති සෑම විසඳුමක්ම එම බලවේග එවැනි අවස්ථාවලදී කි‍්‍රයාකර ඇති ආකාරයත් විමසා බැලිය යුතුය.

            බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1815 මාර්තු ගිවිසුම හරහා උපායෙන් මෙරට යටත්කර ගන්නට යෙදුණි. රදළ වැඩවසම් සමාජයේ පාලනය බිඳවැටීම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය ඇරඹීමත් සමඟ සනිටුහන් කරයි. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ සිරකරුවෙකු බවට පත්වෙයි. අවුරුදු දහස් ගණනක සූරාකෑ ඉතිහාසයකට උරුමය ඇති රදළ පාලනය මෙහි අවසන් වන්නේ එලෙසය. බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලනය ජනතාව කැමැත්තෙන් වැලඳගත්තේ නැත. 1818 දී උඩරට ගොවි කැරැල්ලකින් පටන්ගත් විමුක්ති අරගලය මිලේච්ඡ මර්ධනයකින් මැඩපැවැත් විය. රදළ පංතීන් වඩ වඩාත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් පසු පසම විය.

            බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගේ ආර්ථික උවමනාවන් මත මෙරට ආර්ථිකය හසුරුවන්ට විය. එයට අනුරූපව දේශපාලනය හැඩගැසෙන්නට විය. බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව සටන් වැදුණු ඉතිහාසයකින්, ඉතිහාසය පිරී ඇත. ජනතාව මත පටවන ලද බදුවලට එරෙහිව මාතලේ කැරැල්ල පැන නැඟුණි. ජනතාව එයටද ලෙයින් මිළ ගෙවීය. සටන් වැදුණු බලවේගයන් සෑම විටම පාලකයින් ගේ පැත්තෙන් මිලේච්ඡයන් ලෙස හංවඩු ගැසිණි.

            අධිරාජ්‍යවාදීන්ට අමුද්‍රව්‍ය සපයන බිමක් බවට ශ්‍රී ලංකාව පත්විය. උඩරට වනාන්තර විනාශකරමින් තේ වගාව ආරම්භ කරමින් ස්වයංපෝෂිත රදළ ආර්ථිකය තුල ධනවාදී ආර්ථිකයට මුලපිරුණි. වැව් හා වාරිමාර්ග උවමනාවෙන්ම විනාශ වී යාමට ඉඩහරිමින් කුඹුරු ගොවිතැන අඩාල කළේය. ධනවාදයත් සමගම කම්කරු පංතිය බිහිවීම ධනවාදයේ අනිවාර්ය ලක්‍ෂණයයි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගේ තවත් යටත් විජිතයක් වූ ඉන්දියාවෙන් ගෙන ආ ද්‍රවිඩ ජාතීන්ගෙන් මෙරට කම්කරු පංතිය බිහිවිය. මෙරට ධනවාදී ආර්ථිකයට මුල පිරුණේ එලෙසය. රදළ ආර්ථිකය හා රදළ පාලනය සම්පූර්ණ විනාශයකින් තොරව (ප‍්‍රතිසංස්කරණවාදීව) ධනවාදී ආර්ථිකය බිහිවිය. ලාංකීය සමාජයේ ද අනෙකුත් යටත් විජිත වල මෙන්ම ධනවාදයේ විශේෂිත ලක්‍ෂණයත් එයයි.

            බි‍්‍රතාන්‍යයින්ට උවමනාකළේ මෙරට සිත්සේ සූරා කමින් අධිරාජ්‍යවාදී පාලනය තහවුරු කිරීමයි. ඒ සඳහා ඔවුන් ධනවාදී ප‍්‍රතිසංස්කරණයන් කි‍්‍රයාවට නැංවීය. යටත්විජිතභාර මහලේකම්ලාට වගකියන මහරැජින පත්කරන ආණ්ඩුකාරයෙක් හරහා මෙරට පාලනය විය. බි‍්‍රතාන්‍ය පාලකයින් රදළ පංතීන් පාලනයට හවුල් කර ගන්නට විය. ඔවුන්ගේ නීතිය, ආගම, භාෂාව, සංස්කෘතිය මෙහි රජයන්නට විය. සෑම වර්ගයකම නායකයින් ඔවුන් පසුපස ඇදෙන්නට විය. නමුත් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් කොටස් අතර ගැටුම් නොතිබිණි. ඔවුන්ගේ පොදු හතුරා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විය. ඔවුන් සියලූ දෙනාම තලා පෙලා දැමූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයයි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් පලවා හැරීම ඔවුන්ට විමුක්තිය නිදහස ලැබීමට තිබූ මාවත විය. රදළ පංතීන්ද බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් පිටුපස පෙළගැසී ජනතාව සූරා කෑමට, ජනතාව පෙළීමට හවුල් විය.

            1914 දී අධිරාජ්‍යවාදීන් අතර වූ ලෝක යුද්ධය ලංකාවටද තීරණාත්මකව බලපෑවේය. අධිරාජ්‍යවාදයට එරෙහිව මෙරට ඇති විය හැකිව තිබූ ජනතා විරෝධය සිංහල මුස්ලිම් ගැටුමක් බවට හැරවීමට උපායශීලී විය. ලෝක යුද්ධය අවසාන වනවිට ලෝක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ලෝකයේ භූමි ප‍්‍රමාණයෙන් 1/6 ක ප‍්‍රදේශයක් අධිරාජ්‍යවාදී රදළවාදී පාලනයෙන් නිදහස්, කම්කරු පංති පාලනයෙන් යුත් සමාජවාදී රාජ්‍යයක් බවට පත් විය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය දුර්වල විය. ඇමෙරිකන් අධිරාජ්‍යවාදය වර්ධනය විය.

            පළමුවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට සිය යටත් විජිතවල පාලනය පෙරමෙන් පහසු නොවීය. එමනිසා දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇතිකරන්නට සිදුවිය. මේ ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් ජාතික කොංග‍්‍රසයේ බෙදීම් ඇතිවිය. නායකත්වය අතර අසමගිය ඇති විය. බි‍්‍රතාන්‍ය පාලකයින්ගේ ප‍්‍රතිසංස්කරණ නිසා බෙදීම් ඇතිවූවද ඔවුන් පිටුපස පෙළගැසීමද වැඩිවිය. මෙම නායකයින් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී උවමනාවන් වඩාත් හොඳින් ඉටුකිරීම වෙනුවෙන් ඉදිරිපත් විය.

            ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවට නියෝජිතයන් පත්කිරීම හරහා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට උවමනා රූකඩ පාලනය අත්හදා බලන්නට විය. 1931 දී ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාව පිහිටුවිය. සර්වජන ඡන්ද බලය ප‍්‍රදානය කෙරුණි. ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවෙන් තමන්ට බලය අහිමි කිරීම ගැන උතුරේ ජනයා අතර ඡන්දය වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් දියත් විය. ඒ බි‍්‍රතාන්‍ය ප‍්‍රතිසංස්කරණයන්ට අනුව බලය නොලැබීමේ හේතුවයි. අධිරාජ්‍යවාදීන්ට කීකරුවී සිටි සිංහල ජන්මය ඇති රදළ පවුල්වලට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ බලය ලැබීම සිංහල, දෙමළ ජාතීන් අතර භේදය තීව‍්‍රර කිරීමට මඟ පෑදුවේය.

            බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය යටතේ මෙරට ධනවාදය ආරම්භ වීමත් සමග ලාංකීය සමාජය තුල ආර්ථික වර්ධනයේ විශේෂිත තත්ත්වයන් වෙනම සාකච්ඡා කළ යුතුය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ආර්ථිකයට, දේශපාලනයට, සංස්කෘතියට හා භාෂාවට ගැතිවූ කොම්ප‍්‍රදෝරු පංතිය කම්කරු පංතිය හා අනිකුත් පංති ස්තරයන් ගැනද වෙනම සාකච්ඡා කළ යුතුය. 1931 දී ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාව ගැන උගතුන්, ප‍්‍රගතිශීලීන් ප‍්‍රකාශ කළ අදහස් මතුකර ගැනීමද වැදගත්ය.

වමේ ව්‍යාපාරය හා ජාතික ප‍්‍රශ්නය

            අවුරුදු සීයකටත් වඩා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ හෙවණ මත වැඩුණු ඔවුන්ට ගැති බලවේගයන්ට දේශපාලන බලය ලැබෙන පරිදි භූමිය සකසා තිබුණි. සිංහල/දෙමළ භේදය උග‍්‍ර වන ආකාරයටත් සිංහල ජන්මය තිබූ රදළ පංතීන්ට අයත් ප‍්‍රභූ පවුල්වලට ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවෙහි බලය ලැබෙන පරිදි කටයුතු සකසා තිබුණි. ඇමෙරිකාවේත් බි‍්‍රතාන්‍යයේත් අධ්‍යාපනය ලැබූ ප‍්‍රභූ පවුල්වල දරුවන්ගෙන් වමේ ව්‍යාපාරය මෙම අවධියේදී පටන් ගැනුණි. රදළයන්ට එරෙහිව කි‍්‍රයාකළ නමුත් රදළ ක‍්‍රමයට එරෙහිව විප්ලවීය ආකාරයෙන් සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතායවක් එහි නොවීය. අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයෙහි පවා අධිරාජ්‍යවාදීන් පලවා හැර ජාතික විමුක්තිය දිනා ගැනීම වෙනුවට ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියේය. මෙම ව්‍යාපාරය 1931 පමණ ලංකා සමසමාජ පක්‍ෂයේ මුල්කාලීනයන්ගෙන් ආරම්භ විය. අද දක්නට ලැබෙන වමේ යයි හඳුන්වා ගනු ගබන සෑම දේශපාලන සංවිධානයකම මූලය එයයි. ඒ නිසා සමසමාජ පක්‍ෂයේ ගමන් මඟත් එහි කි‍්‍රයාකාරිත්වයත් ගැඹුරින් වටහා ගත යුතුය.

ලංකා සමසමාජ පක්‍ෂය

            ඔක්තෝබර් විප්ලවයේ වෙඩිහඬ මාක්ස්, ලෙනින්වාදය, චීනයට ගෙනා බව මාඕ සේතුං සහෝදරයා පැවසුවේය. දෙවන ජාත්‍යන්තරයේ සංශෝධනවාදී, ප‍්‍රතිසංස්කරණවාදී බර්න්ස්ටීන්ලාට, කෞට්ස්කිලාට එරෙහිව ගෙනගිය අඛණ්ඩ මතවාදී අරගලය සහ වැඩපිළිවෙලවල් හරහා රුසියානු කම්කරු පංතිය රදළ වැඩවසම් සාර් අධිරාජ්‍යවාදය පෙරලා දමා කම්කරු පංති රාජ්‍යයක් බිහිකිරීමේ පදනම ඇති කළේය. මෙම ළදරු කම්කරු පංති සමාජවාදී රාජ්‍යයට පිටතින් හා ඇතුලතින් විරුද්ධ වූ බලවේගයෝ වූහ. පිටතින් අධිරාජ්‍යවාදී පංති සමාජවාදී රාජ්‍යයට පිටතින් හා ඇතුලතින් විරුද්ධ වූ බලවේගයෝ වූහ. පිටතින් අධිරාජ්‍යවාදී බලවේගයෝය. සොවියට් දේශයේ විශාල ගොවිජනතාවක් පැවතීමේ හේතුවෙන් ගොවි ජනතාව ධනේශ්වර පංතිය ගොඩනඟන බවත් එනිසා කම්කරු පංති රාජ්‍යය ගොඩනැගිය නොහැකි බවට තර්ක කළ බලවේගයෝ ඇතුලතින් වූහ. ඒ අනුව කි‍්‍රයා කළහ. ලෙනින් හා ස්ටාලින් මෙම මතවාදයන්ට විරුද්ධව සටන් කළ අතර දුප්පත් ගොවි ජනතාව සමග කම්කරු පංතිය සංධාන ගත කළේය. බාහිර වූ අධිරාජ්‍යවාදී බලවේගයන් පරාජය කරමින් සමාජවාදී රාජ්‍යය ආරක්‍ෂා කළේය. සෝවියට් සමාජවාදී රාජ්‍යයට එරෙහිව ස්ටාලින්ගේ නායකත්වයට එරෙහිව ඇතුලතින් සටන් කළේ ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමයි. ලංකා සමසමාජ පක්‍ෂය ආරම්භ කරන්නේ ට්‍රොට්ස්කිවාදී දැක්මෙන්මය.

            ලංකා සමසමාජ පක්‍ෂය ආරම්භයේ සිටම ට්‍රොට්ස්කිවාදී විය. ඉන්දියානු සම්භවයක් ඇති වතුකම්කරුවන් හා නාගරික කම්කරු බලවේගයන් අතර ශක්තිමත් පදනමක් ඇතිකර ගන්නට හැකිවිය. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සඳහා උද්ඝෝෂණ කළේය. ජනතාවගේ ප‍්‍රධාන හතුරා වූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයයි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය පෙරළා දමා කම්කරු පංතියේ නායකත්වයෙන් ජාතික නිදහස දිනාගත යුතුව තිබුණි. නමුත් ඒ වෙනුවට කම්කරු ගොවි ආණ්ඩුවක් යන සටන් පාඨය ඉදිරිපත් කිරීමෙන් ජනතාව නොමඟ යැවීමට හවුල් විය. යටත් විජිත පාලනයට එරෙහි අධිරාජ්‍ය විරෝධී බලවේගයෝ වෙනත් දිශාවලට යොමු විය. නිදහස, භාෂාව , සංස්කෘතිය වෙනුවෙන් ජාතික මෙහෙවරට පෙළ ගැසී සිටි ප‍්‍රගතිශීලී බලවේගයෝ විය යුතු වූ පරිද්දෙන්ම හුදෙකලා විය. අධිරාජ්‍යවාදී පාලනයට එරෙහි එක්සත් පෙරමුණක් ගොඩනැගීම සිහිනයක්ම විය. මේ හේතුවෙන් ලංකා සමසමාජ පක්‍ෂය ආරම්භයේදීම ලංකාවේ යථා තත්ත්වයෙන් බැහැර වී අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රතිසංස්කරණ වලට නටන රූකඩ බවට පත්වූහ. මේ සඳහා ලංකා සමසමාජ පක්‍ෂයේ රුවන්වැල්ල මන්ත‍්‍රී වරයා වූ ඇන්. ඇම්. පෙරේරා දිවුරා පොරොන්දු වූයේ මෙලෙසය.

            ‘‘1936 මාර්තු 17 වෙනිදා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ රුවන්වැල්ල මන්තී‍්‍රවරයා ලෙස නානායක්කාර පතිරණගේ මාටින් පෙරේරා වන මම ශ්‍රී ලංකාද්වීපයේ රාජෝත්තමයාණන් වන නෛකශ්‍රීන් විරාජමාන අටවෙනි එඩ්වඩ් මහ රජ්ජුරුවන් වහන්සේටද, උන් වහන්සේගේ උරුමක්කාරයන්ටද උන්වහන්සේගේ ඇවෑමෙන් නීත්‍යානුකූලව රාජ්‍යයටද ප‍්‍රාප්තවන්නන්ටද භක්තිමත් වන බවටත් අවංකභාවයෙන් පක්‍ෂපාත වන බවටත් බහුමාන සහිතවද, අවංක ලෙසද සැබෑලෙසද, ප‍්‍රකාශ කොට මෙයින් සහතික කරමි.’’

(වලල්ගොඩ බන්දුතිලක – ඇන්. ඇම්. පිටු 42)

            ලංකා සමසමාජ පක්‍ෂය ගැන කෙසේ කල්පනා කළද එහි කි‍්‍රයාකාරිත්වය පාර්ලිමේන්තු වාදී මඩගොහොරුවේ එරී ගොඩ ගත නොහැකි වීමයි. එය පසු කාලයකදී සිට නොව ආරම්භයේදී වැරදි පදනමකින් ඇති වූවකි. ජාතික ප‍්‍රශ්නය කෙරෙහි පිවිසීම සිදුවූයේද වැරදි පදනමකින්ය. උන්නතිකාමී අරගල නිසා ජනතාව ඒ පිටුපස පෙල ගැසුනද ආගම් අබිං යැයි පැවසීමෙන් දුප්පත් ගොවි ජනතාව ගෙන් සම්පූර්ණයෙන් දුරස් වන්නට විය. කම්කරු පංතිය හා ධනේශ්වර ප‍්‍රතිසංස්කරණ තුල කොටු වන්නට විය. 1948 දී නව යටත් විජිත පාලකයින් ඉන්දියානු වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමත් සමග වතු කම්කරුවන්ගේද දුරස් වන්නට විය. සමසමාජ පක්‍ෂයට උරුමව ඇත්තේ එවැනි ඉතිහාසයකි.

කොමියුනිස්ට් පක්‍ෂය

            දෙවන ලෝක යුද්ධයේ බලපෑම ලංකාව පුරා බලපවත්වන්නට විය. සියලූම දේශපාලන පක්‍ෂ සහ බහුජන සංවිධාන වලටද එකසේ බලපෑවේය. එම සංවිධාන දෙවන ලෝක යුද්ධය පිළිබඳව ගත් ස්ථාවරය විමසා බැලිය යුතුය. ලංකා සමසමාජ පක්‍ෂයටත්, ට්‍රොට්ස්කිවාදීන්ටත් අනුව එය අධිරාජ්‍යවාදීන් අතර වූ යුද්ධයක් විය. එය නිවැරදිය. එමෙන්ම ඔවුන් සෝවියට් සමාජවාදී රාජ්‍ය දෙස බැලූවේ කෙසේද? ඔවුන්ට එයත් ජර්මන්, ජපන් හා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී බලවේගයන් හා සමාන විය. ස්ටාලින් ඔවුන්ට අනුව ද්‍රෝහියෙකි. එය අන්ත ප‍්‍රතිගාමී ස්ථාවරයකි. එමඟින් සෝවියට් රාජ්‍යයටත් එහි නායකත්වය දැරූ ස්ටාලින් සහෝදරයාටත් එරෙහි ව්‍යාපාරයක් දියත් කිරීමට සමසමාජ පක්‍ෂය ඉදිරිපත් විය. විය යුතු පරිද්දෙන්ම ලංකා සමසමාජ පක්‍ෂය භේදය ඇති විය. සෝවියට් රාජ්‍යයත් ස්ටාලින් සහෝදරයාත් ආරක්‍ෂා කළ යුතුය, යන ස්ථාවරයේ සිටි ප‍්‍රගතිශීලී බලවේගයන් ලංකා සමසමාජ පක්‍ෂයෙන් නෙරපා දැමීම සිදුවිය. මෙම බලවේගයන්ගෙන් ලංකා කොමියුනිස්ට් පක්‍ෂය බිහිවිය. ආරම්භය සෝවියට් සමාජවාදී රාජ්‍ය හා ස්ටාලින් සහෝදරයා ආරක්‍ෂා කිරීමයි. මූලය ලංකා සමසමාජ පක්‍ෂයයි.

            ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ වැඩපිලිවෙල වූයේ කුමක්ද? ජාතික විමුක්ති යුද්ධයක් සඳහා ජනතාව පෙලගැස්සීමේ වැඩපිලිවෙලක් නොතිබුණි. තමන්ගේ හතුරා ජනාතාවගේ හතුරා බවට පත් කළේය. ජනතාවගේ හතුරා තමන්ගේ හතුරා බවට පත් කර නොගත්තේය. ජනතාවගේ හතුරා වූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයයි. නමුත් කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන හතුරා වූයේ ලංකා සමසමාජ පක්‍ෂයයි. ජනතාව අතර සමඟිය වෙනුවට භේදය වැපිරවීමට මුල් විය.

            ශ්‍රේෂ්ඨ නිර්ධන පංති නායකයෙක් වූ ස්ටාලින් සහෝදරයාගේ අභාවයෙන් පසු සෝවියට් සමාජවාදී රාජ්‍යය සංශෝධනවාදී බලවේගයන් අතට පත් විය. එහි නායකත්වය දැරුවේ ද්‍රෝහී කෘෂෙව්ය. ඔහු හරහා සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය නූතන සංශෝධනවාදී කි‍්‍රයාමාර්ගය ලොව පුරා කි‍්‍රයාත්මක කිරීමට නායකත්වය දුන්නේය.

            ස්ටාලින් ද්‍රෝහී මිනීමරුවෙක් ලෙස හංවඩු ගැසීය. පාර්ලිමේන්තුව හරහා සාමකාමීව සමාජවාදයට පරිවර්තනය විය හැකි බව ප‍්‍රචාරය කළේය. නිර්ධන පංති ආඥදායකත්වය ප‍්‍රතික්‍ෂේප කළේය. සෝවියට් දේශය සමස්ථ ජනතාවගේ පක්‍ෂය හා රාජ්‍යය ලෙස නම් කළේය. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයද ස්ටාලින් ආරක්‍ෂා කිරීමේ පදනමෙන් බිහිවූවද වේගයෙන් ද්‍රෝහී කෘෂෙව්ගේ කි‍්‍රයාමාර්ගය අනුගමනය කළේය. මෙම කි‍්‍රයාමාර්ගයන්ට එරෙහිව ස්ටාලින් සහෝදරයා ශ්‍රේෂ්ඨ නිර්ධන පංති නායකයෙකු ලෙස ආරක්‍ෂා කරමින් කෘෂෙව්ගේ නූතන සංශෝධනවාදයට එරෙහිව මාඕ සේතුං සහෝදරයාගේ නායකත්වයෙන් චීන කොමියුනිස්ට් පක්‍ෂය කි‍්‍රයාමාර්ගයක් දියත් කළේය. විය යුතු පරිද්දෙන්ම නූතන සංශෝධනවාදයට එරෙහි මතවාදය ලංකා කොමියුනිස්ට් පක්‍ෂය බල පෑම් ඇති කළේය. පක්‍ෂය දෙකට බෙදුණි. පක්‍ෂයේ බහුතරය නූතන සංශෝධනවාදයට එරෙහිවීම නිසා පක්‍ෂ නායකත්වය පක්‍ෂ සම්මේලනයක් පැවැත්වීමට එඩිතර නොවීය. නූතන සංශෝධනවාදයට අනුව යමින් ලංකා කොමියුනිස්ට් පක්‍ෂය තුල නිළධාරිවාදී ලෙස කේනමන් කණ්ඩායම බලය අත්පත් කර ගත්තේය. නූතන සංශෝධනවාදයට එරෙහි බලවේග පක්‍ෂයෙන් නෙරපා දැමිණ.

ජනතා විමුක්ති පෙරමුණ

            ලංකා සමසමාජ පක්‍ෂයේත් කොමියුනිස්ට් පක්‍ෂයෙත් සංශෝධනවාදී, ප‍්‍රතිසංස්කරණවාදී වැඩ පිළිවෙල හා යටත්වීම් වාදය නිසා එම පක්‍ෂ ජනතාවගේ අප‍්‍රසාදයට පත්ව තිබුණි. එමෙන්ම කෘෂෙව්ගේ සංශෝධනවාදයට එරෙහිව ස්ටාලින් ආරක්‍ෂා කරමින් චීන කොමියුනිස්ට් පක්‍ෂය ජාත්‍යන්තර මට්ටමේ මතවාදී අරගලයක් දියත් කළේය. ධනවාදයෙන් සමාජවාදයට සාමකාමීව පරිවර්තනය විය හැකි බව, පාර්ලිමේන්තුවෙන් සමාජවාදය ගොඩනැගිය හැකි බව කෘෂෙව් ඉදිරිපත් කළ නූතන සංශෝධන වාදයයි. කි‍්‍රයාවට නැගුවේ රුසියානු කොමියුනිස්ට් පක්‍ෂයයයි. සෝවියට් දේශයේ සමාජවාදය ගොඩනැගීමේ කාලපරිච්ෙඡ්දයේ අත්දැකීම් මාඕ සම්පිණ්ඩනය කළේය. සමාජයෙහි පංති පවතිනතාක් කොමියුනිස්ට් පක්‍ෂය තුලද පංති අරගලය පවතින බවත් ජනතාවගේ සෝදිසිමත්භාවය වැඩිදියුණු කරමින් නිර්ධන පංති ආඥදායකත්වය යටතේ විප්ලවය අඛණ්ඩව ගෙනයාමේ න්‍යාය ගොඩ නගමින් චීනය තුල ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයට මාඕ සේතුං සහෝදරයා නායකත්වය දුන්නේය. ඔක්තෝබර් විප්ලවයෙන් පසු ලෝකය පුරා සංස්කෘතික විප්ලවයේ වෙඩි හඬ පැතිරුණි. සියලූම කොමියුනිස්ට් පක්‍ෂ තුල මතවාදී අරගලය දියත් විය. ලංකාවේද එලෙසම සිදුවිය. විය යුතු පරිද්දෙන්ම නූතන සංශෝධනවාදීන්ටත්, සංශෝධනවාදයටත්, එරෙහි මතවාදයන් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට බලපෑම් කෙරුණි. පක්‍ෂය දෙකට බෙදුණි. මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට ආධිපත්‍ය කි‍්‍රයාවේ යෙදුණි. පක්‍ෂය පක්‍ෂ සම්මේලනයක් පැවැත්වීමට පවා බිය විය. පක්‍ෂයේ වැඩි දෙනා නූතන සංශෝධනවාදයට විරුද්ධව පෙළගැසුනු නිසාවෙන් කේනමන් කණ්ඩායම කුමන්ත‍්‍රනකාරීව පක්‍ෂයේ බලය අල්ලා ගත්තේය. ඊට විරුද්ධ බලවේගයන් පක්‍ෂයෙන් නෙරපා හැරින. චීන පිල හා මොස්කව් පිල වශයෙන් බෙදුණේ එම ජාත්‍යන්තරවාදී අරගලයේදී ගත් ස්ථාවරයන් අනුවය. ඉවත් කළ අය ලංකා කොමියුනිස්ට් පක්ෂය (චීන පිල), චීනයේ කොමියුනිස්ට් පක්‍ෂය දියත් කරන ලද මතවාදී අරගලය වෙනුවෙන් පෙනී සිටියේය. චීන කොමියුනිස්ට් පක්‍ෂය, විප්ලවීය මතවාදය වූ මාක්ස්, ලෙනින්, මාඕ සේතුං චින්තනය ප‍්‍රචාරය කළේය. එය ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ආරම්භයයි. නිර්ධන පංතිය වෙනුවෙන් මෙරට මෙතෙක් කර ඇති අනගිතම වැඩ කොටස එයයි. ශ්‍රේෂ්ඨ සංස්කෘතික විප්ලවයෙන් ඔද වැඩුණු විශාල පිරිසක් මෙහි විය. මෙම පිරිසට නායකත්වය දුන්නේ ශන්මුගදාසන් සහෝදරයායි. ජාත්‍යන්තරය මතුකළ නිර්ධන පංතියේ ගැඹුරුතම අභියෝගයෙන් බැහැරව ‘‘ශන් විප්ලවය කරන්නේ නැතැයි’’ ‘‘ශන් ලේවලට බයයි’’ යනුවෙන් හඬ නගමින් සම්පූර්ණයෙන්ම ජනතාව වැරදි දිශාවකට යොමු කරමින් රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ බිහි විය. (රෝහණ විජේවීර සෝවියට් දේශයෙන් ලූමුම්බා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරා මෙම අවදියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු මෙම මතවාදයේදී චීන මතවාදය ගත් නිසා නැවත රුසියාවට යෑම තහනම් කළ බව ප‍්‍රකාශ කර ඇත. ඔහු ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට (චීන පිල) එක්වී ඇත. ඔහු 1966 ජනවාරි සුප‍්‍රසිද්ධ ජාතිවාදී පෙළපාලියේ යාම නිසා පක්‍ෂයෙන් ඉවත් කර ඇත.) සමාජ විප්ලවය සඳහා ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණේ සම්පූර්ණ කි‍්‍රයාවලිය විමසා බැලිය යුතුය. ලංකා සමසමාජ පක්‍ෂයත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයත් අනුගමනය කරමින් ජනතා විමුක්ති පෙරමුණත්, ජනතාව පාර්ලිමේන්තු මඩ ගොහොරුවට ඇද දමමින් සිටියි. ජනතාව අතර සමඟිය වෙනුවට අසමඟිය වර්ධනය කෙරෙන කි‍්‍රයාමාර්ගයක ගමන් කරමින් සිටියි.

නව යටත් විජිත පාලනයෙන් පසු දේශපාලනය

            විශේෂයෙන්ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට, දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු, පෙර පැවැති යටත් විජිත එලෙසම පවත්වාගෙන යාම අසීරු විය. යටත් විජිත පාලනයන්ට එරෙහිව එවැනි රටවල්වල ජාතික විමුක්ති ව්‍යාපාර බිහිවී තිබුණි. බොහෝ රටවල කොමියුනිස්ට් පක්‍ෂද තිබුණි. චීනයේ කොමියුනිස්ට් පක්‍ෂ නායකත්වය යටතේ දිග්ගැස්සුණු මහජන යුද්ධයක් දියත් වී තිබුණි. ඉන්දු චීනයේ ද කොරියාවේ ද ඉන්දියාවේ ද අනෙකුත් බොහෝ යටත් විජිත වලද නිදහස් ව්‍යාපාර බිහිවී තිබුණි. මෙම ව්‍යාපාර මැඬලීමට ගියහොත් ඒවා රුසියාව, චීනය දෙසට හැරෙන බව දුටු බි‍්‍රතාන්‍ය අඕධිරාජ්‍යවාදීන් ඔවුන් කාලයක් තිස්සේ ගොඩ නැගූ නිවට මානසිකත්වයක් ඇති අධිරාජ්‍ය ගැති රදළ සම්භවයක් ඇති පංතීන්ට දේශපාලන බලය ලබාදුණි. උත්සවශ්‍රීයෙන් යටත් විජිත රටවල පාලකයින් ‘‘නිදහස’’ සමරන්නේ එලෙසයි. ලංකාවේද සිදුවූයේ එයයි. ලාංකීය නව යටත් විජිතයේ පළමුවරට බලයට පත් වූ රූකඩ පාලකයින් කළේ ඉන්දියානු සම්භවයක් ඇති වතුකම්කරුවන්ගේ ඡන්ද බලය අහෝසි කිරීමයි. පුරවැසිභාවය අහෝසි කිරීමයි.

            දෙමළ ජනතාව, ලංකා දෙමළ හා ඉන්දියානු දෙමළ වශයෙන් බෙදීමයි. ලංකා සමසමාජ පක්‍ෂයට වතු කම්කරුවන් තුල තිබූ පදනම මෙයින් දියකර දැමීය. සමසමාජ පක්‍ෂය එහි ඉතිරිව තිබූ සෑම හොඳ දෙයක්ම අහිමි කර ගත්තේය. 1951 දී යූ. ඇන්. පී යෙන් බණ්ඩාරනායක ඉවත්වීම පැරණි යටත් විජිත තුල ඇමෙරිකන් අධිරාජ්‍යවාදය කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රතිඵලයයි. යූ. ඇන්. පීය ප‍්‍රධාන වශයෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට බරවූ අතර ජනතාව තුල එයට විරුද්ධව ප‍්‍රබල විරෝධයක් තිබුණි. මෙම බලවේගයන් වෙනත් දිශාවකට යොමු කිරීමට බණ්ඩාරනායක දක්‍ෂවිය. වතු කම්කරුවන්ට එරෙහිව යූ. ඇන්. පීය කළාමෙන් අධිරාජ්‍ය විරෝධී බලවේග අතර සමඟිය සුනුවිසුනු කිරීමට බණ්ඩාරනායක තවත් පියවරක් ඉදිරියට තැබීය. ‘‘සිංහලය රාජ්‍ය භාෂාව කිරීම’’ ‘‘බුද්ධාගම රාජ්‍ය ආගම කිරීම’’ යන සටන් පාඨ ජනපි‍්‍රය කිරීම තුලින් සිංහල බෞද්ධ අධිරාජ්‍ය විරෝධී බලවේග සිංහල ජාතිවාදයේත්, බෞද්ධාගමේත් සිරකරුවන් බවට පත් කරන ලදි. එම බලවේගවලට අද පවා එම මානසික පරාජයෙන් මිදීමට හැකිවී නැත. අධිරාජ්‍යවාදයට එරෙහිව චීන කොමියුනිස්ට් පක්‍ෂය ගෙන ගිය නිර්ධන පංති නායකත්වය යටතේ කම්කරු – ගොවි සංධානය ප‍්‍රධාන කරගත් ජාතික එක්සත් පෙරමුණ වෙනුවට සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය යටතේ කම්කරු පංතිය නව අධිරාජ්‍ය ගැති පාලක පංතියක් පිටුපස පෙළ ගස්සන ලදි. එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ප‍්‍රගතිශීලී බව ඇති කරන ලදි. මෙම මානසිකත්වයෙන් අධිරාජ්‍ය විරෝධී බලවේගයන්ට මිදීමට කාලය පැමිණ ඇත. දෙමළ ජනතාවගෙන් නැග ආ විරෝධය හමුවේ ‘‘බණ්ඩාරනායක – චෙල්වනායගම්’’ ගිවිසුම ඇති විය. බලයට පත් අධිරාජ්‍ය ගැති පාලක කල්ලිය දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමේ උවමනාව බොරුවට මවාපායි. බලයෙන් පහවූ අධිරාජ්‍ය ගැති පාලක කල්ලිය බලයට ඒම සඳහා එයට විරෝධය පලකරයි. එම විරෝධය බහුතර සිංහල බෞද්ධ ජනතාව මත පටවයි. ජනතාවගේ විරෝධය නැග ආ පසු ඒ පාලක පංතීන් විලිලජ්ජා නැතිව තමන් අත්සන් කරනු ලැබූ ගිවිසුම් ඉරා දමයි. පාලක පංතීන් පීඩිත දෙමළ ජනතාව මර්ධනය කරයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර අසමඟිය වර්ධනය කරයි. සූරාකෑම උග‍්‍ර කරයි. පීඩිත සිංහල ජනතාව අධිරාජ්‍ය ගැති සිංහල මහ ධනේශ්වර පංතිය පිටුපස පෙළ ගස්වයි. දෙමළපීඩිත ජනතාව දෙමළ මහධනේශ්වර පංතිය පිටුපස පෙළ ගස්වයි. මුස්ලිම් පීඩිත ජනතාව මුස්ලිම් මහ ධනේශ්වර පංතිය පිටුපස පෙළ ගස්වයි. ඉන් පසු මුලූ මහත් පීඩිත ජාතීන් තවත් වටයකින් අධිරාජ්‍යවාදීන්ගේ ග‍්‍රහණයට නතු කරයි. දිගින් දිගටම ඉතිහාසයේ අද දක්වා සිදු වී ඇත්තේ මෙය නොවේද?

            දෙමළ ධනේශ්වර නායකයින් සිංහල මහා ධනේශ්වර පංතිය සමඟ කේවල් කිරීම සඳහා දියත්කරන ලද සාමකාමී උද්ඝෝෂණ සහ සත්‍යග‍්‍රහ වලදී අධිරාජ්‍ය ගැති පාලක කල්ලීන් ඔවුන්ව මර්ධනය කර ඇත. මෙම අවස්ථාවලදී කම්කරු පංතිය සිය ඓතිහාසික පංති කාර්්‍යභාරය සමඟ ඉදිරියට යොමු නොවුණේ ඇයි?

            1965 දී බලයට පත් අධිරාජ්‍ය ගැති පාලක පංතියෙන් ඩඩ්ලි – තිරුචෙල්වම් ගිවිසුම බිහි විය. රටසභා පනත ලෙස ඉදිරිපත් විය. මෙම ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය එකතුව සැදුම් ලත් සමඟි පෙරමුණ ඊට එරෙහිව 1966 ජනවාරි 08 වෙනි දින ජාතික විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය. මෙම විරෝධතා පෙලපාලියට ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරද සහභාගි වී ඇත. සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය නව යටත් විජිත ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීම සඳහා ඉතිහාසයේ දරුණුතම පාවාදීම කළේය. මෙම පක්‍ෂය කෙරෙහි සුළු ජාතීන්ගේ යම් බැඳීමක් තිබුනි නම් එයද සහමුලින්ම නැති විය. 1970 දී නව යටත් විජිත රජයේ පාලක පංතිය ලෙස, ගෙන එන ලද 1972 ව්‍යවස්ථාවෙන් දෙමළ ජාතිය හිමිකරගෙන තිබූ ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රීය අයිතීන් අහෝසි කරන ලදි.

            1977 දී සමගි පෙරමුණ රජයට එරෙහිව මැතිවරණ ප‍්‍රකාශනයේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විඳීම සඳහා වටමේස සාකච්ඡාවක් හරහා කි‍්‍රයාකරන බවට එක්සත් ජාතික පක්‍ෂය දෙමළ සංවිධාන වලට පොරොන්දු විය. ඔවුන් එසේ කළේ මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය මැතිවරණ ආසන ප‍්‍රමාණය ලබාගත නොහැකිය යන විශ්වාසයෙනි. මැතිවරණ ආසනවලින් 5/6 ක බලයක් එක්සත් ජාතික පක්‍ෂයට ලැබීමත් සමඟ සියලූ පොරොන්දු අමතක විය. දෙමළ විමුක්ති එක්සත් පෙරමුණ විරුද්ධ පක්‍ෂය බවට පත් විය. ප‍්‍රශ්න විසඳීම කෙසේ වෙතත් අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් ආරක්‍ෂා කිරීම සඳහාම ව්‍යවස්ථාව වෙනස් කිරීමට 5/6 බලය උපයෝගී කර ගත්තේය.

            1980 දශකය වන විට ලෝකය අධිරාජ්‍යවාදී කඳවුරු දෙකක් වෙක කේන්ද්‍ර ගත වී තිබුණි. සෝවියට් සමාජ අධිරාජ්‍යවාදී කඳවුරත්, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී කඳවුරත් වශයෙනි. සාමකාමී මාවතෙන් සමාජවාදයට ගමන් කිරීමේ නූතන සංශෝධනවාදීන්ගේ කි‍්‍රයාමාර්ගය හෙළිදරව් වී තිබුණි. අධිරාජ්‍යවාදී බලවතුන්ට පෙර බෙදා පැවතුණු ලෝකය නැවත බෙදා ගැනීමේ අනතුර ඉදිරියේ ලෝකය පැවතුණි. ලෝකයේ බොහෝ රටවල් මෙම කඳවුරු දෙක අතර පෙලගැසීම වේගවත් විය. ලෝකයේ බොහෝ රටවල් තුල පාලක පංතීන්ට එරෙහිව සන්නද්ධ ව්‍යාපාර බිහිවිය. මෙම අරගල පිටුපස අධිරාජ්‍යවාදීන් සිය උවමනාවන් සඳහා ඒවා මෙහෙයවීමට, ග‍්‍රහණයට ගැනීමට සැලසුම් දියත් කළේය. නව යටත් විජිත රටවල පාලක පංතීන් ‘‘නොබැඳි සමුළුව’’ තුල මධ්‍යස්ත ලෙස පෙනීසිටිමින් මෙම කඳවුරු දෙකෙන්ම ප‍්‍රයෝජන ගැනීමට මාන බැලූහ. සිය රටවල පීඩිත පංතීන් හා ජාතීන් නොමඟ යැවීමට සමඟි වූහ.

            ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, නිකරගුවාව ඇතුළු ලෝකයේ බොහෝ නව යටත් විජිත රටවල සිදුවූ කි‍්‍රයාදාමය එයයි. (අධිරාජ්‍යවාදීන් යම් රටක පාලක පංතීන් පෙරලා දමා තමන්ට පක්‍ෂ ගැති පාලක කල්ලියක් බලයට ගෙන ඒම ඔවුන්ගේ උපාය විය.) ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකාවට හිතවත් පාලකයින් පෙරළා දමා සෝවියට් කඳවුරට පක්‍ෂපාතී බලවතෙක් බලයට පත් කළේය. ඉන් අනතුරුවම එම පාලනය බිඳ වැටෙන තුරු එම රටේ යුද්ධයක් දියත් විය. ජනතාවගේ ජීවිත සම්පත් විනාශ විය. ලෝකයේ බොහෝ රටවල එලෙස සිදුවිය. දූෂිත පාලක පංතීන්ට එරෙහිව එම රටවල් තමන්ට පක්‍ෂපාතී සන්නද්ධ කණ්ඩායම් ඇති කළේය. ආධාර කළේය. යුද්ධ කළේය. ශ්‍රී ලංකාවේ ද තත්ත්වය එසේ විය. ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ වල ප‍්‍රධාන පුද්ගලයින් ඔවුන් වෙත දිනා ගැනීම සඳහා නොයෙකුත් උපක‍්‍රම යොදයි. උතුරේ දෙමළ ජාතියේ ප‍්‍රශ්න මුල් කරගෙන එයට විසඳුම් ලෙස ‘‘ඊලාම්’’ රාජ්‍යය සඳහා සටන් වැදුණු බලවේගයන් තුලද මෙයම ප‍්‍රකාශ විය. සමහර කණ්ඩායම් පිටුපස ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන් විය. ඒ මැද ඉන්දියානු ව්‍යාප්තවාදීන් විය. සමහර කණ්ඩායම් පිටුපස සෝවියට් සමාජ අධිරාජ්‍යවාදීන් විය. ඒ මැද ඉන්දියානු ව්‍යාප්තවාදීන් විය. මෙම සියලූ කණ්ඩායම් වල ඉල්ලීම ‘‘දෙමළ ජාතීන්ට වෙනම රාජ්‍යයක්’’ යන්නයි. ඉල්ලීම එකක් වුවද මෙම බලවේගවලට එකම ධජයක් යටතට ඒමට නොහැකි වූයේ ඇයි? ඔවුන් අතර සන්නද්ධ ගැටුම් ඇති වූයේ ඇයි? ඔවුන් පිටුපස සිටි බලවේග කි‍්‍රයාකළ ආකාරය නිසයි.

            දකුණේ සංවිධාන තුලද මෙම බෙදීම පැහැදිලිව දක්නට ලැබුණි. මෙම අධිරාජ්‍යවාදී කඳවුරු දෙකෙන්ම පෝෂණය ලැබූ බලවේගද විය. එක් එක් කඳවුරෙන් වෙන වෙනම පෝෂණය ලැබූ බලවේගද විය. ඒ අනුව දකුණේ ජනතාව තුලද කි‍්‍රයාත්මක විය. සමාජ අධිරාජ්‍යවාදී කඳවුරට හිතවත් බලවේග වලට සමාජවාදී ලේබලය ඇලවූ අතර එයට විරුද්ධ වන සංවිධාන ඇමෙරිකන් අධිරාජ්‍යවාදයේ අත කොලූ ලෙස හැඳින්විය.

            ඉන්දියානු ව්‍යාප්තවාදීන්ගේ බලපෑම යටතේ ප‍්‍රසිද්ධ ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම යටතේ සමාජ අධිරාජ්‍යවාදීන් පිටුපස සිටි බලවේග එය ජාතික ප‍්‍රශ්නයට ඇති විසඳුම ලෙස පිලිගත්තේය. ‘‘වෙනම රාජ්‍යය’’ ‘‘ස්වයංතීරණය’’ අත්හැර ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම ‘‘දෙමළ ජාතික ප‍්‍රශ්න’’ සඳහා විසඳුම් ලෙස පිලිගත්තේය. ඒ අනුව කි‍්‍රයා කළේය. ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම අධිරාජ්‍යවාදීන්ට, ඉන්දීය ව්‍යාප්තවාදීන්ට යටත් වීම ලෙස දුටු අධිරාජ්‍ය විරෝධී ඉන්දීය – ව්‍යාපත්වාදීන්ට විරුද්ධ වූ බලවේග එයට විරුද්ධව පෙළගැසුණි. ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන් පිටුපසින් වූ බලවේගද එය පිටුපස සිට ගිවිසුමට විරුද්ධ විය. ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමට විරුද්ධ වූ ඇමරිකන් බලවේග ඒ හරහා බලයට පැමිණියේය. ඊට එරෙහි වූ අධිරාජ්‍ය විරෝධී, දේශපේ‍්‍රමී බලවේග අතර අසමඟිය වර්ධනය කර කෲර ලෙස මර්ධනය කළේය. එක් අධිරාජ්‍යවාදී කඳවුරක සිට අනික් අධිරාජ්‍යවාදී කඳවුර වෙත බලවේග මාරු විය. ඒ සෝවියට් සමාජ අධිරාජ්‍යවාදී කඳවුර බිඳවැටීමේ ප‍්‍රථිඵලයකි. ලෝක පරිමාණයෙන් ඇමෙරිකන් අධිරාජ්‍යවාදය ඉදිරියට ඒමයි. එම බලවේග විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීමට ඉදිරිපත් විය.

            ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමට පක්‍ෂපාත වූ උතුරේ සටන් කළ සංවිධාන ස්වයංතීරණය අත්හැර දැමීය. එම සංවිධාන දුර්වල විය. දකුණේ ස්වයංතීරණයට පක්‍ෂපාත වූ බොහෝ සංවිධාන සාම වැඩපිලිවෙලවල් ඔස්සේ ඇමෙරිකන් අධිරාජ්‍යවාදයේ උවමනාවට මාරු විය. ගිවිසුමට විරුද්ධ වූ සුළු ධනේශ්වර සංවිධාන (ජනතා මර්ධනයෙන් පසු) එම ගිවිසුමේ කොන්දේසි වලට යටත්ව නැවතත් දේශපාලනය කරගෙන යති. වරප‍්‍රසාද භුක්ති විඳිති.

            ඉතිහාසය විසින් සියලූම ප‍්‍රශ්න උග‍්‍රකර විසඳුම් ඉල්ලා සිටින අර්බුදයක් කරා තල්ලූකර ඇත. අධිරාජ්‍යවාදීන්ටත් උන්ට ගැති පාලක කල්ලීන්ටත් ජනතාවගේ එකදු මූලික ප‍්‍රශ්නයක්වත් විසඳිය නොහැක. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමේ මහා ඝෝෂාව හරහා පීඩිත දෙමළ ජාතියේ ඉරණම විසඳීමේ අයිතිය ඇමෙරිකානු, බි‍්‍රතාන්‍ය, නෝර්වේ අධිරාජ්‍යවාදීන් පවරා ගෙන ඇත. ඒ හරහා මෙරට වසන සියලූම ජාතීන් තවත් වටයකින් අධිරාජ්‍යවාදීන්ට උවමනා විදිහට යටපත් කිරීම සිදු වී ඇත. මෙරට වරායවල්, ගුවන් තොටුපලවල් ඕනෑම අවස්ථාවක ප‍්‍රයෝජනය ගැනීම සඳහා අයිතිය ඇමෙරිකානු අධිරාජ්‍යවාදය පවරාගෙන ඇත. ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු ව්‍යාප්තවාදීන් පවරා ගෙන ඇත. ඉතිරිව ඇති සියලූම සම්පත් අත්පත් කර ගැනීම සඳහා අධිරාජ්‍යවාදීන් කූට උපක‍්‍රම තවතවත් යොදනවා ඇත. සියලූම දේශපාලන දේශපාලන සංවිධාන ඔවුන් පසුපස කම්කරු පංතියත් ගොවි ජනතාවත් පෙළ ගස්වා ගැනීමට ඔවුන්ගේ පාවාදීමේ කි‍්‍රයාමාර්ග හා වැඩපිලිවෙලවල් දියත් කර ඇත. ‘‘වාමාංශික’’ හා ජාතිවාදී බලවේග ඉතිහාසය පුරාම කර ඇත්තේ එයයි.

            කම්කරු පංතිය සටන් කරන බලවේගයන්ගේ ජාතිය, වර්ගය, ආගම, කුලය නොව ඔවුන්ගේ අරගලවලට හේතු ඉදිරිපත් කරමින් එම අරගලයන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් නැඟී සිටිය යුතුය. සියලූම පීඩිත පංතීන්ගේ හා ජාතීන්ගේ විමුක්තිදායකයා ලෙස ඉදිරිපත් විය යුතුය. සූරාකෑමෙන් තොර පංති රහිත සමාජය වූ කොමියුනිස්ට් සමාජය බිහිකිරීමේ අරමුණින් ශ්‍රේෂ්ඨ නිර්ධන පංති නායකයින්ගේ ඉගැන්වීම් වලින් සන්නද්ධව නායකත්වය දිය යුතුය. නැතිනම් සටන් කරන බලවේගයන්ට නිශ්චිත අරමුණක් නොමැතිව අධිරාජ්‍යවාදීන්ගේ විසඳුම් වලට සීමාවන නිසාය. අරගලය පාවාදීමට සිදුවන නිසාය. සෝවියට් සමාජවාදී රාජ්‍යයෙහි නිර්ධන පංති රාජ්‍ය බලය ස්ටාලින්ගේ අභාවයෙන් පසු නූතන සංශෝධනවාදීන් අතට පත් විය. සමාජවාදී චීන රාජ්‍යයෙහි නිර්ධන පංති රාජ්‍ය බලයද මාඕ සේතුං සහෝදරයාගේ අභාවයෙන් පසු චීන සංශෝධනවාදීන් අතට පත් විය. සෝවියට් – චීන සංශෝධනවාදීන් කර ඇත්තේ ජනතාවගේ ශ්‍රෙෂ්ඨ ජයග‍්‍රහණයන් අධිරාජ්‍යවාදීන්ට විකිණීමකි. මේ නිසා වෙන කිසිම කාලපරිච්ෙඡ්දයකට වඩා කම්කරු පංතිය බරපතල අභියෝගයකට මුහුණදීමට සූදානම් විය යුතුය.

            කම්කරු පංතිය ජාතීන්ගේ ස්වයංතීරණ අයිතිය ඉහලින්ම එසවිය යුතුය. දෙමළ ජාතීන්ට ස්වයංතීරණය ඉල්ලන දකුණේ සංවිධාන බලවේග වලින් කැඞී වෙන්විය යුතුය. ජාතීන්ගේ ස්වයංතීරණ අයිතිය පිළිගත්තේ ලෙනින්ගේ නායකත්වයෙන් යුත් රුසියානු කොමියුනිස්ට් පක්‍ෂයයි. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් පසු ධනේශ්වර පංතීන්ට ස්වයංතීරණ අයිතිය දිනාදිය නොහැකි බව විග‍්‍රහකළේ මාඕගේ නායකත්වයෙන් යුත් චීන කොමියුනිස්ට් පක්‍ෂයයි. පීඩිත ජාතියක ස්වයංතිරණය දිනාදිය යුතු බවත්, එය දිනා දිය හැක්කේ කම්කරු පංතියට පමණක් බවත් (නිර්ධන පංතියට) පැහැදිලි කළේ චීන කොමියුනිස්ට් පක්‍ෂයයි. කම්කරු පංතියේ ක‍්‍රියාමාර්ගය විය යුත්තේ එම මාර්ගයේ ගමන් කිරීමට අධිෂ්ඨාන සහගත වීමයි.

මාක්ස්වාදී අධ්‍යයන කණ්ඩායම
(2005 වසරේ ලියන ලදි)

 

දමිළ ඊළාම් අරගලය සහ එහි පාඩම් – II කොටස

II කොටස

දමිළ ඊළාම් අරගලය සහ එහි පාඩම්

[ඉන්දියාවේ විප්ලවීය සඟරාවක් වන, ජනතා සත්‍ය #7,  (http://www.bannedthought.net/India/PeoplesTruth/PeoplesTruth07.pdf) කලාපයෙනි, 2009 සැප්තැම්බර්, 20-30 පිටු සහ 12 වෙනි පිටුව.]

රවීන්ද්‍රන් විසිනි

[පරිවර්තනය :  ශ්‍රී කාන්ත]

II කොටස

ඉන්දීය ව්‍යාප්තවාදීන්ගේ භූමිකාව

ආරම්භයේ සිටම, සිය ව්‍යාප්තවාදී අභිලාශයන් සිත්හි තබාගෙන ඉන්දීය රජය ලංකාව තුළ හැම විටම මැදිහත්වීම් කළහ. දමිළයන්ට වචනයෙන් පමණක් සහය දෙන අතර ඉන්දීය රජය සිංහල-බෞද්ධ ජාතිවාදී පාලකයින්ට ලබා දුන් උපායික සහය පුළුල් කළහ. 1949 දී, සිංහල පාලක පංතිය බලය භාරගත් පසු, ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරුවන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට ඔවුන් සමග කුමන්ත‍්‍රණය කොට මිලියන ගණනක් වූ දමිළ වතු කම්කරුවන් රාජ්‍යයක් නැති තත්වයට පත් කළ 1949 පුරවැසි පනත ප‍්‍රසිද්ධ කිරීමට එකඟ වූහ. 1971 දී, සිරිමාවෝ බණ්ඩාරනායක රජයට ජවිපෙ කැරැල්ලෙන් තර්ජනයක් වෙන විට, ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවට තිබූ ප‍්‍රමුඛ තත්වය චීනයට දෙවෙනි කර ගන්නට අකමැති වූ නිසා ඉන්දියානු රජය කැරලිකරුවන් මැඩ පවත්වන්නට සියළු සහයෝගයන් සැලසූහ. 1974 දී නැවත, එම කාරණයටම, ඉතා පුරාණ කාලයේ සිටම තමිල්නාඩුවේ මත්ස්‍ය දිවයින් තොටක් වූ, කච්චතිවු, තමිල්නාඩුවේ ජනතාවගේ සහ ප‍්‍රාන්ත රජයේ විරුද්ධත්වය පසෙකට අතුගා දමමින් ශ්‍රී ලංකාවට පවරා දුන්හ. අද, එහි ප‍්‍රතිඵලයක් ලෙස, තමිල්නාඩුවේ මස් මරන්නන් හාරසියයකට අධික පිරිසක් ඝාතනය කොට දහස් ගණනක් අත් අඩංගුවට සහ වධ දීම්වලට ලක් කොට රුපියල් මිලියන ගණනක් වටිනා ඔවුන්ගේ ධීවර බෝට්ටු, දැල් සහ අනෙකුත් උපකරණ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විනාශ කර දමන ලදි. දමිළ ධීවර ප‍්‍රජාව විසින් සිදු කළ සිය ගණන් විරෝධතා සහ වර්ජනයන් සහ ජනතාවගේ විවිධ කොටස් වලින් සහ සියළු දේශපාලන පක්‍ෂ වලින් ධීවරයින් ආරක්‍ෂා කිරීමට සුදුසු පියවර ගන්නැයි කළ ආයාචනයන්, මේ ධීවරයින් LTTE යට ආවරණයක් වීයැයි යන ව්‍යාජ හේතුව මත සාමාන්‍යයෙන් ඉන්දීය රජය විසින් නොසලකා හරින ලදි.

සිය ව්‍යාප්තවාදී අභිලාශයන් පිරිමසා ගැනීම සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකා ජාතිවාදීන් සතුටු කිරීම හෝ දමිළ ප‍්‍රශ්නය මත ඔවුන්ට බලපෑම් කිරීම සිදු කළහ. 1983 දී, දමිළ-විරෝධී මැර ක‍්‍රියාවන් ශ්‍රී ලංකාව තුළ පැන නැගෙන විට, මැදිහත් වීමට අවස්ථාවක් එළඹෙන තෙක් බලා සිටි, ඉන්දීය රජය, වහාම සිද්ධියට මැදිහත් වී ඉන්දියාව තුළ පුහුණු කඳවුරු සකසමින් LTTE යට ආයුධ ලබා දුන්හ. 1985 දී, ශ්‍රී ලංකාවේ නැගෙනහිර දමිලයන්ට බෝම්බ දැමුවා යයි ව්‍යාජ විරුද්ධත්වයක් පාමින්, ඉන්දියානු ගුවන් හමුදාවේ ජෙට් යානා ශ්‍රී ලංකා භූමියට ගෙනවිත් සියළු ජාත්‍යන්තර නීති සහ සම්මුතීන් උල්ලංඝණය කරමින් ආහාර සහ ඖෂධ වර්ග හෙලූහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා රජය අතර 1987 දී අත්සන් කළ ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට අනුව පීඩිත දමිළයින්ට කිසිදු පිහිටක් හෝ විසඳුමක් නොදුන් නමුදු, මුළු ශ්‍රී ලංකාවම සිය බලපෑම යටතට ගත්හ. එය ඇත්ත වශයෙන්ම සියළු දමිළ කණ්ඩායම්වලට තර්ජනය කළහ. LTTE ය සහ ඊළාම් දමිළ ජනතාව ගිවිසුමට එරෙහි වන විට, ඔවුන්ගේ අව්‍යාජ ජාතික අභිලාශයන් පොඩි කර දැමිමට, හමුදා මෙහෙයුම් දියත් කළහ. ඇත්තෙන්ම, ජාතික විමුක්තිය සාක්‍ෂාත් කර ගැනීමේ අරගලය තුළ ඕනෑම දුෂ්කරතාවයක් දරා සිටීමට අධිෂ්ඨාන සහගත වූ ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමට අසමත් ඔවුහු, නින්දා සහගත පරාජයෙන් පසුව ආපසු පැමිණියහ. ජාතික විමුක්ති ව්‍යාපාරය බෙලහීන කිරීමට සහ එය ඉන්දියානු රජයේ ව්‍යාප්තවාදී අභිලාශයන් තල්ලූ කිරීමට අවියක් බවට පත්කර ගැනීමට, සිය බුද්ධි කාර්යාංශය වූ, පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය (RAW) හරහා, කුමන්ත‍්‍රණය කොට බිඳ දැමිමට LTTE ය තුළට ඇතුල් වූහ. තවද EPRLF, ENDLF වැනි අනෙකුත් සටන්කාමී සංවිධාන, ඊළාම් බෙදී වෙන්වීමේ අරගලයට එරෙහි වන විට ඔවුන්ට සම්පූර්ණ ආරක්‍ෂාව සපයමින්, සිය පන්දම්කරුවන් බවට පත් කළහ. එය සිය ඒජන්තයින් හරහා මහේන්ද්‍රරාජා මහත්තයියා (Mahendraraja Mahthaiah) වැනි LTTE යේ දෙවන අණදෙන ස්ථානයේ සිටි, ඉහළ පෙළ නායකයින් ලවා LTTE නායක ප‍්‍රභාකරන් ඝාතනය කිරීමට විවිධ ප‍්‍රයත්නයන් දැරූහ. නමුත් ඉන්දීය පාලකයින් විසින් දැරූ එම සියළු ප‍්‍රයත්නයන් අනුකම්පා විරහිතව LTTE ය මගින් මැඩ පැවැත්වුහ.

සිංහල රජයට සියළු යුධ ආධාර සැපයීමෙන් ඉන්දීය රජය ඇත්තෙන්ම දමිළ ජනතාවට එරෙහි ජන සංහාරක යුද්ධයේ කොටස්කරුවකු වීය. එය ශ්‍රී ලංකාවට නවීන අවි ආයුධ, රේඩාර් සහ අනෙක් යුධ යන්ත‍්‍ර සැපයූවා පමණක් නොව සිය යුධ නිළධාරීන් ශ්‍රී ලංකාවට එවා ඔවුන්ට පුහුණු කොට, සමහර අවස්ථාවල දී ‘ක්‍ෂේත‍්‍ර පුහුණුව’ ද ලබා දුන්හ. තමිල්නාඩු ජනතාව සහ සමහර විප්ලවවාදී සහ ජාතිකවාදී සංවිධාන ඉන්දීය රජය අපරාධවලට ඉඩ දීම ගැන චෝදනා කරන විට, රජය කරුණු විකෘති කරන්නට ප‍්‍රයත්න දැරූහ. නමුත් අවසානයේ තමන් ‘ආරක්‍ෂක කටයුතු’ සඳහා පමණක් යැයි සිතා ආයුධ සැපයූ බව, පිළිගන්නට බල කෙරිණි. රජිව් ගාන්ධි ඝාතනය කළේය යන ව්‍යාජය මත ඉන්දියාව තුළ LTTE ය තහනම් කොට, එයින් දමිළ ඊළාම් සඳහා වූ යුක්තිසහගත අරගලයට වූ සහය පුළුල් කිරීම වැළැක්වීමට, ඉන්දියවේ ජනතාවගේ, විශේෂයෙන්ම තමිල්නාඩුවේ, ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මැඩ පැවැත්වූහ. එය ඊළාම් අරගලයට සහය පුළුල් කරන්නන් අත් අඩංගුවට ගැනීමට ප‍්‍රාන්ත රජයට බල කළහ. දමිළ ජාතිකවාදීන් සහ විප්ලවවාදීන් NSA සහ අනෙකුත් ඉතා දරුණු නීති යටතේ ඊළාම් අරගලයට සහය දීම මත අත් අඩංගුවට ගත්හ. එය සිය නාවික සහ වෙරළ ආරක්‍ෂක යාත‍්‍රා LTTE යේ අධි වේගී යාත‍්‍රා සහ අනෙක් සැපයුම් සෝදිසි කිරීම පිණිස මුරට තැබූහ. එය විවිධ අවස්ථාවල ශ්‍රී ලංකා නාවික හමුදාවට ඔත්තු සැපයීම නිසා, ඊළාම් අරගලයට අතිමහත් හානියක් සිදු කිරීමට හේතු වූහ. LTTE යට බීඩි, ලූංගි, බැටරි කෝෂ යනාදිය සැපයීම නිසා තමිල්නාඩුවේ ධීවරයින් ඉන්දීය වෙරළ ආරක්‍ෂකයින් විසින් අත් අඩංගුවට ගැනුණි. තවද එය ජාතික විමුක්ති අරගල, විශේෂයෙන්ම LTTE ය, සිය තානාපති කාර්යාල සහ සිය ඒජන්තවරු වන බ‍්‍රාහ්මණ වංශික සුබ‍්‍රමන්‍යම් ස්වාමි සහ ජාතික පුවත්පත (ජාතික විරෝධී) වන ද හින්දු හරහා අපකිර්තියට පත් කිරීමේ ව්‍යාපාරයක් ගෙන ගියහ.

1983 සිට යුද්ධයෙන් මිය ගිය ප‍්‍රමාණය 70,000 (හැත්තෑදහස) කට වැඩි ප‍්‍රමාණයක් යයි ලැයිස්තු ගත කර නිළ වශයෙන් ඇස්තමේන්තු කර තිබේ. කෙසේ හෝ වොෂිංටන් සහ හාවර්ඩ් වෛද්‍ය විද්‍යලය කරනු ලැබූ ස්වාධීන අධ්‍යනයෙන්, මිය ගිය ප‍්‍රමාණය 338,000 (තුන් ලක්‍ෂ තිස් අට දහස) කට වැඩි යැයි ඇස්තමේන්තු කොට ප‍්‍රකාශ කරන ලදහ. 2008 ඔක්තෝබර් සිට 2009 මැයි දක්වා ජන සංහාරක යුද්ධය එහි උච්චත්වයට ළඟා වූ විට, 50,000 කට වැඩි ජනතාවක් මරණයට පත් වී එමෙන් දෙගුණයක් තුවාළ ලැබුවද, ඉන්දීය රජය මේ ලේ තැවරුණු ඝාතන හෙලා දකිමින් වචනයක් හෝ නොපැවසීය. සමහර වාර්තාවලට අනුව LTTE දේශපාලන නායක නඬේෂන් සහ තවත් ඉහළ පෙළේ නායකයෙකු වූ පුලිදේවන් ගේ ආරක්‍ෂාව සහතික කළ ඉන්දියානු රජය ආයුධ බිම තබා ශ්‍රී ලංකා හමුදාවට යටත් වන්නැයි, ඒ වන විටත් ඔවුන්ට ආරක්‍ෂාව ලබා දීමට එකඟ වී තිබෙන ශ්‍රී ලංකා ජනාධිපතිට කථා කොට ඇතැයි ප‍්‍රකාශ කොට ඇත. ඉන්දියාව විසින් ලබා දුන් සහතිකය විශ්වාස කළ, ඔවුහු සුදු කොඩි ඔසවාගෙන යටත් වීමට හමුදාව ඉදිරියට පැමිණිය ද, එක එල්ලේම වෙඩි කෑම සිදු වූ එකම දෙයයි. සිංහල අයෙකු වූ, නඬේෂන් ගේ බිරිඳ, නිරායුධව මේ භයංකර අපරාධයට විරෝධය දක්වනු ලදුව, වෙඩි තබා කෲර ලෙස ඝාතනය කළහ. LTTE නායක ප‍්‍රභාකරන් මරා දමා තිබේ යැයි ශ්‍රී ලංකා රජය ප‍්‍රකාශ කරන දින වන විට, එම දින දෙක තුළදී පමණක් මරා දැමුණු ප‍්‍රමාණය විසි දහසකට වැඩි යැයි වාර්තා වේ.

මේ ලේ මිදෙන ඝාතනයන් ලෝක අවධානයෙන් වෙනතකට හැරවීමට ප‍්‍රභාකරන් ඝාතනය කළ පුවත ඕනෑකමින්ම ඉස්මතුවෙන්නට සැලැස් වූ බව වාර්තා වේ. මිය ගිය කොටි කාන්තාවන්ගේ මෘත දේහ දූෂණය කිරීම වීඩියෝගත කොට ලේ පිපාසිත ශ්‍රී ලංකා හමුදාව විසින් අන්තර්ජාලය පුරා සංසරණය වීමට සැලැස්වීම සහ මිය ගිය කොටි කාන්තාවන්ගේ ශරීර කොටස්, වෙළඳ පළ පෙදෙසේ මස් මෙන් අලෙවි කිරීම වැනි සාහසික කෲරකම් සිදු වූහ. ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ලෙස හැඳින්වූ පාලකයන්ට මේවායින් කිසිදු කෝපයක් ඇති නොවූහ. අනෙක් අතට, ජාතික ආරක්‍ෂක උපදේශක K.N. නරායනන් ශ්‍රී ලංකා මිනීමරු හමුදා ප‍්‍රධානී සරත් ෆොන්සේකා ‘‘ලෝකයේ හොඳම හමුදාපති’’ ලෙස අගය කළහ. පසුගිය මාස 6 තුළ දිල්ලිහි එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන රජය සිවිල් වැසියන් ඝාතනය කිරීම නවත්වන්නැයි එක වරක් හෝ කොළඹින් ඉල්ලා නැත. කුලී මිනීමරු හමුදාව කෙසේ හෝ යුධ මුක්ත කලාප ලෙස හඳුන්වනු ලබන ස්ථානවලට බෝම්බ දමමින්, දහස් ගණන් කාන්තාවන්, දරුවන් සහ මහල්ලන් මරා දමන විට ඔවුන් කරන ලද සමස්තය වූයේ සිවිල් වැසියන්ගේ රක්‍ෂාවරණය සඳහා වැඩි වැඩියෙන් ‘යුධ මුක්ත කලාප’ හෝ NFZs සපයන්නැයි නව නාසීන්ගෙන් ඉල්ලා සිටීමයි. එය ජනතාව මුළා කිරීමට සිදු කළ කෛරාටික ක‍්‍රියාවක් මිස වෙන කිසිවක් නොවේ. ඉන්දීය රජය රඟ දැක්වූ භූමිකාව ෆැසිස්ට්වාදී මහින්ද රාජපක්‍ෂ විසින් ඉතා ඉහළින් අගය කොට ඔහු ප‍්‍රකාශ කළේ ‘‘ඉන්දියානු රජය විසින් සැපයූ උපකාර සහ පුළුල් සහයෝගය බෙහෙවින් සතුටුදායකය.’’ යුද්ධය ඉවර වූ බව ශ්‍රී ලංකා රජය ප‍්‍රකාශ කළ පසු, විමුක්ති අරගලය පාගා දැමීමට ඉන්දීය රජය දුන් සහයෝගය අගය කරමින් කොළඹින් පෝස්ටර් පවා අපට සොයා ගත හැකි විය. ජනසංහාරක යුද්ධයේ සමාප්තියෙන් පසුව පවා, ඉන්දීය රජය සිය යුධ නිළධාරීන් LTTE ය ඇතිරූ බිම් බෝම්බ ඉවත් කිරීමට පිටත් කළහ. තමිල්නාඩුවේ ජනතාව ඊළාම් අරගලයට දුන් පුළුල් සහයෝගය සහ ඊළාම් දමිළයන් සමග තිබූ ඔවුන්ගේ පෞරාණික මානවීය/නාභිගත බැ‍‍ඳීම ගණනකට නොගෙන, ඉන්දීය පාලකයෝ ඔවුන්ගේ ව්‍යාප්තවාදී ආකෘතිය ක‍්‍රියාවට නැංවූහ. යුද්ධය ගෙන ගියේ ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය සහයෝගයෙන් යැයි කියන විට එය මුසාවක් නොවේ.

දශකයකට පෙර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස 1985-89 කාලය තුළ සේවය කළ J.N. ඩික්සිත්, 1998 දී, ශ්‍රී ලංකාවේ දමිළ ප‍්‍රශ්නය ගැන ඉන්දීය රජයට තිබූ අභිලාශයන් ගැන කිසිදු රහසක් නොවූයේ ඔහු විවෘතවම මෙය ප‍්‍රකාශ කළ නිසාය:

‘‘…එක්සත් ජනපදය, ඊශ‍්‍රායෙලය සහ පකිස්ථානය සමග යුධමය සහ බුද්ධිමය සහයෝගය පුළුල් කිරීමට සහ විශේෂ තත්වයන්ට (ශ්‍රී ලංකාවේ) ප‍්‍රතිචාරයක් ලෙස  දමිළ සටන්කරුවන් (ඉන්දියාවෙන්) සහය ලබාගත්හ. ඇස්තමේන්තුවලට අනුව මේ තත්ත්වයන් ඉන්දියාවට උපායික තර්ජනයක් මතු කරනු ඇත…’’ එම මතයම නැවත ප‍්‍රකාශ කරමින් අභ්‍යන්තර කටයුතු ඇමති ප‍්‍රනාබ් මුඛර්ජී 2009 මාර්තු වලදී පාර්ලිමේන්තුවට කීවේ ‘‘කලබලයට පත්වෙලා අපි එම දිවයිනේ පවතින උපායික වැදගත්කම අමතක නොකළ යුතුයි, එය ඔවුන්ගේ ආරක්‍ෂාව පමණක් නොවේ, එය අපගේ ආරක්‍ෂාව සමගද එකට බැඳී පවතී… .. ඇත්තෙන්ම, අප පිටුපසින් ජාත්‍යන්තර භූමිකා පවතිනවාට අපි අකමැති වෙමු’’.

ශ්‍රී ලංකාව තුළ ඉන්දීය මැදහත් වීම් සිය භූ-දේශපාලන වැදගත්කම් පිණිස මිස යුක්ති සහගත එකක් නොවේ. ඔවුන්ගේ උග‍්‍ර කෑදරකම නිසා සමස්ත ලංකාවම කොල්ලකෑමේ ආශාවකින් ඔවුහු පෙළේ. 1990 සිට 1996 දක්වා ඉන්දියාව ශ්‍රී ලංකාවට කළ අපනයනයන් වල වැඩි වීම 556% කි. 1998 දී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන බඩු සඳහා සම්පූර්ණයෙන්ම බදු ඉවත් කළ ඉන්දු-ලංකා ද්වී පාර්ශවීය නිදහස් වෙළඳ ගිවිසුම (ILBFTA) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු අතර එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාව සමග වූ වෙළඳාම පිම්මක් ඉදිරියට තැබීය. ඉන්දීය කොම්ප‍්‍රදෝරුවන් දැඩි ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය කරති. CEAT ඉන්දියා, ඒසියන් පේන්ට්, L&T, අශෝක් ලේලන්ඩ්, ටාජ් ගෲප් හොටෙල්, ටාටා තේ, ACC, අල්ට‍්‍රා-ටෙක් සහ අම්බුජා සිමෙන්ති, RAMCO කර්මාන්ත කණ්ඩායම, ඉන්දියන් ඔයිල් කෝපරේෂන්, මහින්ද්‍රා සහ මහින්ද්‍රා, CADILA ඖෂධ කම්පැනිය, Exide බැටරි, TVS, බි‍්‍රටනියා, අන්සල් රියල් එස්ටේට් කම්පැනි, ජෙට් එයාවේස්, සහරා සහ ඉන්දියන් එයාලයින්ස්, ICICI, UTI, LIC, අර්වින්ද් මිල්ස්, එයාර්ටෙල් සහ විශාල වශයෙන් මහ ධනපති නිවාස ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර අරඹා ඇත. වසර 2000 වන විට 16 වෙනි ස්ථානයේ තිබුණු ඉන්දීය ආයෝජනයන්, 2005 දී 4 වෙනි ස්ථානයට නැංගේය. 2002 දී, චීන පෙට්‍රෝලියම් දැවැන්තයා වන, සයිනොපෙක්, ශ්‍රී ලංකාවේ කොළඹට පැමිණීම වැළැක්වීමට කටයුතු කර ත‍්‍රිකුණාමලය පෙට්‍රෝලියම් තොග ගබඩාව ඉන්දියන් තෙල් සමාගමට පවරා දීමට බල කළ අතර වසර 35 කට පෙට‍්‍රල් ගුදම් 100 කට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවීමට ඩොලර් මිලියන 75ක ආයෝජනයක් සඳහා ගිවිසුමක් අත්සන් කළහ. එයට ප‍්‍රතිඋපකාරයක් ලෙස LTTE යට එරෙහි යුද්ධයේදී ශ්‍රී ලංකාවට සියළු යුධමය සහයෝගයන් ලබා දීමට එකඟ වුණි. තවද එය ලංකා නාවික හමුදාවට ඉන්දීය සාගර කළාපය තුළ මුහුදු කොටින්ගේ හැසිරීම් නිරීක්‍ෂණයෙන් සහ බුද්ධි තොරතුරු ලබා දීමෙන් උදව් කළහ.

දැන්, ගිජුලිහිණියන් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ‘යළි ඉදි කිරීම’ තුළින් මංකොල්ලකෑමේ තරඟයක දැනටමත් යෙදෙමින් සිටී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රටවල් දෙකේ බලශක්ති ජාලයන් එකට එක් කිරීමට මුහුද යටින් විදුලි රැහැන් එළීම පිණිස රුපියල් කෝටි 2,292 ක අවබෝධතා ගිවිසුමක් ඉක්මනින්ම අත්සන් කෙරෙනු ඇත.

ඉන්දියාවට දමිළ ඊළාම් ප‍්‍රශ්නය (‘සහය දීම’ හෝ විරුද්ධ වීම යන දෙකේදීම) ශ්‍රී ලංකාවට එරෙහිව භාවිතා කළ හැකි අවියක් පමණි. එය සිය බලපෑම ලංකාව තුළ වැඩි කිරීමට 1987 ට පෙර ජාතිවාදී ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව දමිළ ඊළාම් අරගලයට ‘උදව් කිරීමේ’ භූමිකාව රඟ දැක්වූහ. වරක් ගැලවුම්කරුවාගේ තත්වය අත්කරගෙන සිටි එය එහි ප‍්‍රතිවිරුද්ධ පසට හැරී, දමිළයින් සඳහා වෙනම නිජ බිමක් වෙනුවෙන් නොනැමුණු අරගලයක නිරත වුණු සංවිධානයක් වූ LTTE ය පරාජය කිරීමට ශ්‍රී ලංකා පාලකයින්ට උදව් කළහ. LTTE ය මුලිනුපුටා දැමීමෙන් පමණක් නොව ශ්‍රී ලංකාව තුළ ‘සාමය’ පවත්වා ගැනීමෙන් නොනැවතී ඉන්දියාවට හැම විටම එරෙහි වූ තමිල්නාඩුවේ ජාතික මනෝභාවයක් වශයෙන්, ජාතීන්ගේ සිර ගෙදරක් බවට පත් කළහ. එය හැමවිටම තමිල්නාඩුවේ පැන නගින ජාතික ව්‍යාපාර ගැන සැකමුසු සිතින් පසු වූහ. කුමන හෝ ස්ථානයක ජාතික ව්‍යාපාරයක කුමන හෝ වර්ධනයක්, එය සන්නද්ධ අරගලයක් වීම අවශ්‍ය නොවිණි, දිල්ලි පාලකයින්ගේ අනුකම්පා විරහිත මර්ධනයට මුහුණ පෑම නොවැළැක්විය හැකි දෙයක් විය. කාශ්මීරය, පන්ජාබය, ඇසෑම්, නාගලන්තය, මනිපූර්, ගෝර්කාලන්තය යන ජාතික ව්‍යාපාර පසුගිය පනස් දෙ වසරක කාලයක් මුළුල්ලේ මෙයට සාක්‍ෂි දරයි.

ජාත්‍යන්තර ප‍්‍රජාව ලෙස හැඳුන්වනු ලබන්නන් රඟපෑ භූමිකාව

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ අතිශය යුද්ධෝපායික වැදගත්කමකින් යුතු ස්ථානයක පිහිටා ඇත. ඉන්දියන් සාගරයට රටවල් 47 ක් සහ එය හාත්පස දිවයින් කිහිපයක්ද ඇත. චීනය සහ එක්සත් ජනපදය/ඉන්දියාව මේ කලාපය තුළ පාලනය ලබා ගැනීමට තරඟ කරන රටවල් වෙති. එක්සත් ජනපදයට දියේගෝ ගාර්සියා (Diego Garcia) හි නාවික සහ ගුවන් කඳුවරක් ඇත. ඉන්දියාව, ඉන්දියන් සාගරයේ ඔවුන්ට අයත් සීමාවෙන් ඔබ්බට මාලදිවයින දක්වා සැලකිය යුතු බලපෑමක් කර තිබේ. චීනයට අයත් කඳවුරක් මියන්මාරය අසල කෝකෝ (Coco) දවයිනේ ඇත.

ඉන්දියන් සාගරය වූ කලී ලෝකයේ සැපයුම් නෞකා වලින් අඩක්ම සංසරණය වන අතිශයින් වැදගත් ජල මාවතයි, එය හරහා යන තුනෙන් එකක් භාණ්ඩ නෞකා සහ තුනෙන් දෙකක්ම තෙල් නෞකා වේ. එය පෙට්‍රෝලියම් නිෂ්පාදන ප‍්‍රවාහනයෙන් බෙහෙවින් තදබදයට ලක්වේ.

එක්සත් ජනපදය 2007 මාර්තු 5 වන දින ශ්‍රී ලංකාව සමග, ඉන්ධන නැවත පිරවීමේ පහසුකම් සහ ප‍්‍රවර්ධන සැපයුම් ඇතුළුව අනෙකුත් දේවල් ද සලසන දස වසරක අත්කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුමක් súiqula (Acquisition and Cross-Servicing Agreement – ACSA) අත්සන් කළහ. නිරීක්‍ෂණ කටයුතු සඳහා භාවිතා කළ හැකි, ඇමරිකන් සංස්ථාපනයක් ත‍්‍රිකුණාමලයෙහි ඇති කිරීම ගැන එක්සත් ජනපදය මේ වන විටත් අදහස් දක්වා තිබේ.

දැනටමත් සඳහන් කර ඇති ලෙස, 1987 ඉන්දු-ශ්‍රීලංකා ගිවිසුමේ අංගයක් ලෙස ඉන්දියාවට සහතිකයක් ලැබී ඇත, ‘‘ශ්‍රී ලංකාව සමග සම්මුතියට පැමිණ සිටින විදේශීය ගුවන් විදුලි සංවිධාන, ඔවුන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කරන ඕනෑම පහසුකමක් තනිකරම පොදු ගුවන් විදුලි විකාශන පහසුකම් මිස කිසිදු යුධමය හෝ බුද්ධිමය අරමුණකට නොවන බවට වග බලා ගැනීමට පරීක්‍ෂාවට ලක් කෙරෙනු ඇත. ’’ එමෙන්ම ‘‘ඉන්දීය රජයේ අවශ්‍යතාවයන්ට බාධා පමුණුවන ලෙස වෙනත් රටකට ශ්‍රී ලංකාව තුළ ඇති ත‍්‍රීකුණාමලය හෝ වෙනත් වරායන් භාවිතා කිරීමට ඉඩ නොදීමට’’ ශ්‍රී ලංකා රජය එකඟ විය. ඇත්තෙන්ම, එක්සත් ජනපද-සෝවියට් අර්බුදය උච්චත්වයට නැග තිබූ එම කාලයේදී, ඉන්දියාව සෝවියට් පැත්ත සමග සිටියහ. එතැන් සිට, ජාත්‍යන්තර සමීකරණය වෙනස් වී තිබේ, අද ඉන්දියාව කලාපය තුළ ප‍්‍රධාන ඇමරිකන් පන්දම්කරුවා ලෙස ක‍්‍රියා කරයි.

1993 සිට ශුද්ධ තෙල් අපනයනකරුවෙකු වූ චීනය, එක්සත් ජනපදයට පසුව ලෝකයේ අංක දෙකේ තෙල් පරිභෝජකයා වෙයි. 2000 සිට 2004 කාලය තුළදී වර්ධනය වුණු ලෝක අමු තෙල් ඉල්ලූමේ චීනයේ ප‍්‍රමාණය 40%. බලශක්ති සම්පත් වෙත ප‍්‍රවේශ වීම චීන ආර්ථිකයේ වර්ධනය පවත්වා ගැනීමට ඉතා වැදගත් සාධකයකි. එතැන් සිට චීනය ඔවුන්ගේ තෙල් සැපයුම් සඳහා අත්‍යවශ්‍ය වන ප‍්‍රවාහන මාර්ග සහ මුහුදු මාර්ග අත් කර ගැනීම වෙත පියවර තබා තිබේ. 2005 සුනාමි ව්‍යසනයට පසුව, චීනය ඩොලර් මිලියන 4 ක අමතර ‘ආධාර’ සිය අවි සැපයුම්කරු වන නොරින්ගෝ ට අයත් අවි ගබඩාව පිහිටි ගාලූ නගරය ප‍්‍රතිනිර්මාණය කිරීමට ලබා දුන්හ. 2007 දී එම ගබඩාව වසා දැමූ විට එය පොලි ටෙක්නොලොජි වෙතින් වඩා දියුණු අවි, ලාබදායී මිළකට සැපයීමට එකඟ වූහ. පසුව, 2007 අපේ‍්‍රල් වල දී, පොලි ටෙක්නොලොජි ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 36.5 ක අවි සැපයූහ. සන්නිවේදනය සඳහා රට පුරා පැතිරුණු යටිතල ව්‍යූහයක් ඉදි කිරීමට, චීන බුද්ධි අංශය වන MSS සමග සමීප සම්බන්ධතාවයක් ඇති චිනයේ හුවාවෙයි ට, ඩොලර් මිලියන 150ක කොන්ත‍්‍රාත්තුවක් ලබා දුන්හ. තවද චීනය දිවයිනේ දකුණු වෙරළෙහි හම්බන්තොට පෙදෙසේ සිය තෙල් නැව් වලට ආරක්‍ෂාව සහතික කිරීමට භාවිතා කළ හැකි වරාය ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාව සමග තිබුණු එකඟතාව අවසන් කළහ. මෑතදී, 2009 ජුනි වල, හතරවන ඊළාම් යුද්ධය නිමාවෙන් පසු නොරොච්චෝලයි ගල් අඟුරු බලාගාරය සඳහා ඩොලර් මිලියන 891 ක ගිවිසුමක් අත්සන් කළහ. චීන සමාගම්වලට ආර්ථික කලාපයක් පිරිනැමූ අතර 33 වසරක් සඳහා ගිවිසුමක් අත්සන් කළහ. මීරිගම කලාපය තුළ ඉදිරි තෙවසර තුළ හුයිචෙන් ඉන්වෙස්මන්ට් හෝල්ඩින් ලිමිටඩ් ඩොලර් මිලියන 28 ක් අයෝජනය කිරීමට සිටී. පළමු වරට කොළඹ නගරයට බෙහෙවින් ආසන්න; විශේෂ ප‍්‍රදේශයක් විදේශීය රටකට ලබා දී ඇත. චීනය එක්සත් ජනපද-ඉන්දීය අක්‍ෂය බෙහෙවින් කලබලයට පත්වීමට හේතු වෙමින් ශ්‍රී ලංකාව තුළට බලසම්පන්න හදිසි ආක‍්‍රමණයන් කරමින් සිටී.

සිය යුද්ධෝපායික භූ-දේශපාලනික සහ ආර්ථික අභිලාශයන් ට අනුව ශ්‍රී ලංකාවේ දමිළ ප‍්‍රශ්නයට ප‍්‍රවේශ වුණු ප‍්‍රධාන රටවල් මේවා වෙති. ශ්‍රී ලංකා හමුදාව යුද්ධය හමාර කිරීමට ආසන්න වන විට ‘අහිංසකයින්’ මරා දැමීම සහ ‘මානවවාදී අර්බුද’ ගැන එක්සත් ජනපද අධිරාජ්‍යවාදීහු විශාල ආන්ෙදා්ලනයක් සහ හඬගෑමක් ඇති කළහ. 2008 සැප්තැම්බර් සිට ඉදිරියට ජන සංහාරක යුද්ධය සිදු වන විට, 50,000 කට අධික ජනතාවක් මරා දැමෙනු දුටුවද ඔවුහු යුද්ධය අවසන් කිරීමට සැබෑ ප‍්‍රයත්නයක් නොගත්හ. මානව හිමිකම් සහ හිංසනයන් ගැන සහ ‘අහිංසකයන්’ ගේ ‘බිහිසුණු තත්වය’ ගැන කිඹුල් කඳුලූ හෙළමින් කළ ඔවුන්ගේ කෑ ගැසීම එක්සත් ජනපද අභිලාශයන්ට පටහැණිව ශ්‍රී ලංකා රජය කිසිවක් සිදු නොකළ යුතුය කියන සැඟවුණු තරවටුවකි – ඒ කෙසේද යත්, චීනය ඈතින් තැබිය යුතුය. චීනය ශ්‍රී ලංකාව වෙතට විශාල ආක‍්‍රමණයක් කිරීමත් සමග එක්සත් ජනපදය සිය පීඩනය ඉහළ නංවමින් සිටී. ශ්‍රී ලංකාවේ ජනාධිපති, මහින්ද රාජපක්‍ෂට උපදේශකවරයෙකු ලෙස වරක් වැඩ කළ (දැන් සම්බන්ධතාවයක් නොමැති), ඇමෙරිකන් නීතිඥයෙකු, එක්සත් ජනපද අධිකරණයක ශ්‍රී ලංකාව සිදු කළ යුධ අපරාධ ගැන නඩුවක් පිළියෙල කරයි. සිත්ගන්නා සුළු දෑ වන්නේ මහින්ද රාජපක්‍ෂගේ සොහොයුරා සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්‍ෂ සහ හමුදා ප‍්‍රධානී සරත් පොන්සේකා යන දෙනොටම එක්සත් ජනපද පුරවැසිකම හිමිව තිබීමයි. චීනය ශ්‍රී ලංකාව තුළය යන පංගුපේරුවෙන් එක්සත් ජනපදයට, ඕනෑම මොහොතක, ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට මෙය භාවිතා කළ හැකිය.

චීනය නව-නාසීන්ට නවීන අවි ආයුධ සහ ආධාර සැපයූවා පමණක් නොව දහස් ලණන් සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන ශ්‍රී ලංකාව හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ යෝජනාව ස්ථීර කිරීමේ ප‍්‍රයත්නය පවා දියකර දැමූහ. ඉන්දියාව ත් එම ජවනිකාවම රඟ පෑවේ යෝජනාවට එරෙහිවීමෙන් නොනැවතී සමහර අනෙක් රටවල් ද එයට එරෙහිව ඡන්දය දීමට නම්මවා ගනිමිනි.

එක්සත් ජාතීන්, යුධ මුක්ත කලාපයේ සිවිල් වැසියන්ගේ තත්වය අන්වේශණය කිරීමට යවා තිබුණු සිය නිරීක්‍ෂක, විජේ නම්බියාර්, ශ්‍රී ලංකා රජයට මුළුමනින්ම පිරිසදු සහතිකයක් ලබා දුන්හ. ඔහුගේ සොහොයුරු සතිෂ් නම්බියාර් ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂාව හා සම්බන්ධ කාරණාවලදී උපදේශකයෙකු වන බව පෙන්වා දීම නුසුදුසු දෙයක් නොවේ. එක් සොහොයුරෙක් ජාතික විමුක්ති යුද්ධය අනුකම්පා විරහිතව පොඩි පට්ටම් කිරීමට උපදෙස් දෙන අතර අනෙක් සොහොයුරා ‘මානව හිමිකම්’ උල්ලංඝණය අධීක්‍ෂණය කරයි. සිවිල් වැසියන්ගේ තත්වය නිරීක්‍ෂණයට, ජන සංහාරක යුද්ධයට පසුව ලංකාවට පැමිණි, එක්සත් ජාතින්ගේ මහ ලේකම්, බරපතළ ෙදා්ෂාරෝපණයට ලක් වූහ. ඔහු ඇත්තෙන්ම ශ්‍රී ලංකා හමුදා ෆැසිස්ට්වාදීන් සිදුකළ සිවිල් වැසියන් ඝාතනය සහ අනෙකුත් යුධ අපරාධ සඟවා තැබූහ. ඇත්ත වශයෙන්ම කියතොත් එක්සත් ජාතීන් ශ්‍රී ලංකා රජය LTTE ‘ත‍්‍රස්තවාදීන්’ අභිබවා ලබාගත් ජයග‍්‍රහණය ඔසවා තබමින් යෝජනාවක් ස්ථීර කළහ. ලොව පුරා මිලියන ගණන් ජනතාව, විශේෂයෙන්ම දමිළ ජනතාව, ඝාතනයන් හෙළා දකිමින් මේ ජනසංහාරක යුද්ධය අවසන් කිරීමට බල කරමින් සිදු කළ විරෝධතා තිබියදී පවා එක්සත් ජාතීහු ඇත්ත වශයෙන්ම දමිළ සංහාරයට, ඉඩ හළහ. ඊලාම් දමිළයින් ද ඇතුළු, දමිළයින් 14 දෙනෙකු ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දිවිනසාගත්තද, ඔවුහු ඒ ගැන කරදර නොවූහ.

ලොව පුරා විරෝධතාවයන් සහ ජන මතය ගණනකට නොගෙන, මේ ප‍්‍රතිගාමීහු ඒකාබද්ධව අහිංසක වැසියන් බිහිසුණු ලෙස ඝාතනය කිරීම සිදුකරගෙන යද්දී, දශක කීපයක් තිස්සේ ක‍්‍රමානුකූලව ජනවාර්ගික පවිත‍්‍රකරණයකට ලක් වෙමින් සිටි ඊළාම් ජනතාව සඳහා යුක්තිසහගත නිජබිමක් වෙන් කිරීමට සහ නිදහස උදෙසා වූ අරගලය පොඩි පට්ටම් කර දැමීමෙන් ශිෂ්ට සම්පන්න සමාජයේ සියළුම ප‍්‍රජාතන්තවාදී ධර්මතාවන් නිග‍්‍රහයට ලක් කිරීම ප‍්‍රදර්ශනය කළහ. මේ මස්වැද්දන් අතිදුෂ්ඨ අපරාධ සිය කොල්ලකාරී අභිලාශයන්ට සේවය කිරීම පිණිස සිදු කරනු ඇත යන්නට සාක්‍ෂ්‍ය ලෙස එකම විදියේ ජන සංහාරයන් මේ ප‍්‍රතිගාමීන් විසින් ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ සහ දැන් පකිස්ථානයේ ස්වැට් කලාපයේ සිදු කොට තිබේ. කුමන වෙනස් කම් තිබුණත් පෙනෙන දෙයනම්, සිය අධිරාජ්‍යවාදී/ව්‍යාප්තවාදී අභිලාශයන් ලූහුබැඳීමට කලාපය තුළ යුද්ධෝපායික ආධිපත්‍යය අත් කර ගන්නේ කෙලෙසද යන්න ගැන පමණක් තැකීමයි.

LTTE යේ පරාජය සහ එහි පාඩම්

ජාතික විමුක්ති යුද්ධය සාර්ථකව දශක තුනකට වඩා වැඩි කාලයක් පවත්වාගෙන ගිය LTTE ය හතරවෙනි ඊළාම් යුද්ධය පරාජයට පත්වූවා පමණක් නොව තමන්ගේ සියළු කඳවුරු සහ දහස් ගණන් වූ සිය සොල්දාදුවන් ජීවිතක්‍ෂයට, තුවාළවීමට හෝ අත් අඩංගුවට පත් වූහ. අඩු පාඩු පිරිමසාගෙන වෙනම නිජබිමක් සඳහා වූ ඔවුන්ගේ අරගලය පෙරසේම පවත්වාගැනීමට ඔවුන්ට සැලකිය යුතු කාලයක් ගනු ඇත. LTTE ය විසින් මෙහෙයවනු ලැබූ යුද්ධය සූරාකෑමට, අයුක්තියට සහ පීඩනයට එරෙහිව සටන් වදින සියල්ලන්ටම, විශේෂයෙන්ම සන්නද්ධ අරගලවල නියුතු වන අයට ආශ්වාදයක් වනු ඇත. LTTE යේ පරාජය දමිළ ඊළාම් ජනතාවට පමණක් නොව පීඩකයන්ට එරෙහිව සන්නද්ධ අරගලවල නිරත වන සියල්ලන්ටම දැවැන්ත පාඩුවක් වන්නේය. මෙතරම් බලසම්පන්න සටන්කාමී බලසේනාවක් පරාජයට පත් වීම මේ අරගලයට සහයදක්වමින්/අනුබල දෙමින් සිටි ජනතාව අතර සැලකිය යුතු  තරමක බලාපොරොත්තු කඩවීමක් ඇති වීම ස්වාභාවික දෙයකි. එමනිසා, එහි පරාජයට හේතුපාදක වූ කරුණු පාඩම් ලෙස ගැනීමට වටහාගැනීම ලොව මුළුල්ලේ වූ සියළු ජාතික ව්‍යාපාරවලට සහ ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ සන්නද්ධ අරගලවල නියුතුවන බලවේග සඳහා බෙහෙවින් අවශ්‍ය කරන දෙයකි.

            මතු දැක්වෙන්නේ සැලකිල්ලට ගත යුතු ප‍්‍රධාන කාරණාවන්ය.

a) LTTE ය දශක තුනකටත් වඩා ජාතික විමුක්ති යුද්ධයක් මෙහෙයවමින් සිටි සටන්කාමී සංවිධානයකි. මේ කාලය මුළුල්ලේ එය බොහෝ උච්චාවචනයන්ට මුහුණ පා තිබුණු අතර මේ වන විට තමන්ගේ සියළු කඳවුරු අහිමි කරගෙන තිබේ. නමුත් ඔවුහු කවදාවත් ‘‘දමිළ ඊළාමය’’ සඳහා වන සිය අරමුණ, අතිශය දුෂ්කර අවස්ථාවලදී පවා අනතුරේ නොදැමූහ. එසේ වුවද, ඔවුන්ගේ මතවාදය සහ පංති පදනම ස්වභාවයෙන් ධනේශ්වර වේ. මේ නිසා, ඔවුන්ට සිය ආදරණීය අරමුණ වූ දමිළ ඊළාමයේ මිතුරන් සහ සතුරන් අතර වෙනස  හඳුනාගන්නට නොහැකි වූහ. ඔවුහු සිය ජනතාව – වෙතටම ප‍්‍රවේශ වූහ, උදාහරණ ලෙස, ඊළාම් දමිළ, දමිළ ඊළාමයේ කොටස්කරුවන් වන ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජීවත්වන මුස්ලිම්වරුනුත්, ශ්‍රී ලංකාවේ මධ්‍යම කොටසේ වතුකරයේ ජීවත්වෙන දමිළයින්, සිංහල ජනතාව, දමිළ ඊළාම් අරමුණ වෙනුවෙන් හැම විදියකින්ම සහය පළ කළ ඉන්දියාවේ දමිළ ජනතාව, තමිල්නාඩුවේ ධනේශ්වර පක්‍ෂ, ඉන්දීය රජය සහ අධිරාජ්‍යවාදීහු – සියළු ම ආකාරයේ මේ විවිධ බෙලවේග ධනේශ්වර දෘෂ්ඨියෙන් දූෂිත වූහ. ඔවුහු සිංහල-බෞද්ධ වර්ගවාදීන් සමග කටයුතු කිරීමේ දී පාලක පංතිය සහ පීඩිත මහ ජනතාව අතර ඇති පංති වෙනස සැලකිල්ලට නොගෙන සිංහල වැඩ කරන ජනතාව පවා ඉලක්ක කර ගත්හ.

දමිළ-විරෝධී වැඩසටහන් වලට උල්පන්දම් දීමට සහ සිංහල ජාතිය ‘ආරක්‍ෂාකිරීම’ මුවාවෙන් දමිළයින්ට එරෙහි ඕනෑම විදියක කෲරකම් සිදු කරන්ට සහ සිංහල ජනයා ඔවුන්ගේ සැබෑ ප‍්‍රශ්නවලින් ඉවතට යවන්නට, ජාතිවාදයෙන් හැම විටම ශක්තිය ලබන ශ්‍රී ලංකා පාලක පංතියට මෙය විපුල අවස්ථාවන් උදා කර දුන්හ. එසේ වුවද අහිංසක මිනිසුන් මැරීමට ඉඩහළ, ජාතිවාදී මනෝභාවයන් වල ආධිපත්‍යය නිසා, වෙනම නිජබිමක් සඳහා වූ ඔවුන්ගේ අරගලයට සිංහල ජනතාවගේ අනුකම්පාව දිනාගත නොහැකි වනු ඇත. වැඩිදුරටත්, වෙන්වීමේ අයිතිය ඇතුළුව, ඊළාම් ජනතාවගේ ස්වයං-තීරණයේ අයිතිය පිළිගන්නා, ලංකා සම සමාජ පක්‍ෂය (LSSP) වැනි සංවිධාන පවතිද්දී, ශ්‍රී ලංකා පාලක පංතියට එරෙහිව එක්සත් අරගලයක නියැලීමේ හැකියාවක් තිබුණි, කොපමණ දුබල වුවත් එය විය හැකිව තිබුණි. නමුත් එහි ධනේශ්වර ජාතිකවාදී දර්ශනය නිසා, සිය උපායමාර්ගයන් වර්ධනය වුවද LTTE ය මේ පැති සැලකිල්ලට ගත්තේ නැත. ඔවුහු තමන්ගේම ජනතාව අතර වූ සම්බන්ධතාවයන්හි දී පවා, පංති වෙනස්කම් සැලකිල්ලට ගත්තේ නැත. යථාර්ථය වූයේ, වැඩ කරන පංතිය සහ ධනේශ්වර පංතිය අතර ගැටුම් පවතින විට ඔවුහු ධනේශ්වර පංතියට සහය දීමේ ස්ථාවරය ගැනීමයි.

එපරිද්දෙන්ම, ඔවුහු පුළුල් බහුජනතාවගේ සහයෝගය ලබා ගැනීමට පරිශ‍්‍රම දැරීමට වඩා ධනේශ්වර පංතියේ සහ තමිල්නාඩුවේ එම පක්‍ෂවල සහය ලබා ගැනීමට වඩ වඩා පෙළඹුණහ. පුළුල් බහුජනතාව – කම්කරුවන්, ගොවියන්, ශිෂ්‍යයින්, තරුණයින්, සුළු-ධනේශ්වර පංතිය සහ බුද්ධිමතුන් – දමිළ ජනතාවගේ අභිප‍්‍රායන්, සහ දමිළ ජනතාව සඳහා වෙනම නිජ බිමක් යන යුක්ති සහගත කාරණය පිළිගැනීම නිසා සිය සහයෝගය ස්වේච්ඡාවෙන්ම ලබා දුන්හ. තමිල්නාඩුවේ ජනතාව, විප්ලවවාදීහු සහ අනෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග, සිය නොපසුබස්නා සහයෝගය ඊළාම් අරගලයට සහ LTTE යට ලබා දුන්හ. නමුත් LTTE ය ඉන්දියාවේ මාඕවාදී සංවිධාන සමග කිසිදු සම්බන්ධතාවයක් නොපවත්වන ලෙස දැඩි ලෙසම සිය කාඩර්වරුන්ට අවවාද කිරීම පවා සිදු කළහ. ජාත්‍යන්තර මට්ටමේදී පවා තත්ත්වය එයම විය. LTTE ය ලෝකය පුරා ශක්තිමත් ජාලයක් වන දමිළ ඩයස්පෝරාව පිහිටුවා තිබුණේය. නමුත් ඔවුහු කිසිදු බලවත් ප‍්‍රයත්නයක් සටන් වදින ජනතාව සමග හෝ සංවිධාන සමග සමීප සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට හෝ ඔවුන්ගේ සහය ලබා ගැනීමට දරා නොතිබුණි. වඩාත් ඔවුහු අධිරාජ්‍යවාදී රජයන්ගේ හෝ එම රජයන්හි බලපුළුවන්කාරයින් ගේ උපකාරයෙන් ආරක්‍ෂාව සලසා ගැනීම කෙරේ යොමුවූහ. එය ජාතියකට සීමාවූ ආකල්පයක් පමණක් නොවන නමුදු බෙහෙවින්ම ජනතාවට වඩා ධනේශ්වර පංතිය කෙරේ බලපැවැත්වීමේ පංති දෘෂ්ඨිය වූහ.

මතවාදීව LTTE යේ අභිලාශයන්ට මාක්ස් ලෙනින් මාඕවාදය පටහැණි බව අතිශයින් පැහැදිලිය. වරක් එය ‘‘සමාජවාදී දමිළ ඊළාමය’’ ක් සඳහා යන සටන් පාඨය දැරීය. නමුත් කෙටි කලකින්ම එය ඉවත් කර ගත්තේ එය ඔවුන්ගේ පංති අවශ්‍යතාවයන්ට පටහැණි බැවිණි.

b) LTTE ය ජාතික විමුක්ති අරගලය සඳහා සන්නද්ධ අරගලය ආරම්භ කළේ ක‍්‍රියාකාරම් අතලොස්සක් පමණක් සිදු කළ ගරිල්ලා බල ඇණියක් ලෙසයි. 1983 දී විශාල පරිමාණයේ දමිළ-විරෝධී වැඩසටහන වන, ‘‘කළු ජූලිය’’ සමයේ දී එහි ශක්තිය හුදෙක් 30 දෙනෙක් පමණක් වූ අතර, හතරවන ඊළාම් යුද්ධය ඇරඹීමත් සමග 30,000-40,000 ක් පමණ ප‍්‍රමාණයක් වූහ. පසුගිය යුද්ධයේ අවසන් අදියරේදී LTTE ගරිල්ලන් 22,000 ක් පමණ මරණයට පත් වූ බව සහ තවත් 10,000 කට වැඩි ප‍්‍රමාණයක් තුවාල කරුවන් වී, අත් අඩංගුවට පත් වී හෝ යටත් වී ඇති බව ශ්‍රී ලංකා හමුදාව නිළ වශයෙන් ප‍්‍රකාශයට පත්කළහ. දේශපාලන බලය අල්ලා ගැනීම පිණිස සටන් කරන ඕනෑම සංවිධානයක් සතුරාගෙන් භූමිය අත්පත් කරගෙන එහි ජනතා පාලනයක් ඉදි කළ යුතුය. එබැවින් යුද්ධය ගරිල්ලා සංග‍්‍රාමයෙන් ස්ථානීය සංග‍්‍රාමය කරා සහ ගරිල්ලා හමුදාව සාමාන්‍ය/සම්මත හමුදාවක් බවට පරිවර්තනය වනු ඇත. 2006 ජූලි වල දී හතරවන ඊළාම් යුද්ධය මුලපිරීමට පෙර, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර තුළ වර්ග කිලෝමිටර 16,000 ක භූමි භාගයක් LTTE යේ පාලනයට නතුව මෙම ප‍්‍රදේශවල ඔවුන්ගේම සිවිල් සහ යුධ පාලනයක් පවත්වාගෙන ගියහ. මෙතැන් සිට, තෙවසරකට ආසන්න කාලයක් තුළදී ඔවුන් සිය භූමිය ටිකෙන් ටික අහිමි කර ගත්හ. වසරකට පසුව, 2007 ජූලි වලදී, තොප්පිගල පරාජයෙන් පසුව ඔවුහු නැගෙනහිර පළාතෙහි ත‍්‍රිකුණාමළයේ පාලනය මුළුමනින්ම නැති කර ගත්හ.

රජය වහාම මැතිවරණ නාටකය පවත්වා සිය ඒජන්තවරු සහ ද්‍රෝහී කරුණාගේ පක්‍ෂය පළාත් සභාව ලෙස පිහිටවූහ. නැගෙනහිර පළාත අත්පත් කර ගත් පසු ශ්‍රී ලංකා හමුදාව උතුරු පළාතේ ප‍්‍රහාර ගැන සිය අවධානය යොමු කළහ. 2007 සැප්තැම්බර් සිට ඉදිරියට LTTE ය සිය ප‍්‍රදේශයන් අහිමි කර ගන්නට පටන් ගත්තේ ඒවා එකින් එක ශ්‍රී ලංකා හමුදාව අතට පත් වීමෙනි. මේ සමස්ත කාලය තුළ සිය භූමි ප‍්‍රදේශ අහිමි වීම සහ වඩාත් දුර්වල තත්වයට පත් වීම සහ සතුරු ප‍්‍රහාරවලට වඩාත් නිරාවරණය වීම යන කාරණා ගැන නොතකා LTTE ය ස්ථානීය සංගාම මොඩලයෙහිම එල්ලී ගත්හ. ඔවුහු සිය ස්ථානීය සංග‍්‍රාමය ගරිල්ලා සංග‍්‍රාමය කරාවත් වෙනස් කළේ නැත. යම් ස්ථානයක් අත් නෑර තබාගැනීමෙන් හෝ අල්ලාගෙන සිටීමෙන් යුද්ධයේ ජයග‍්‍රහණය සාක්‍ෂාත් කර ගැනීම ස්ථානීය සංග‍්‍රාමයෙහි මූලධර්මය වේ. එම අවස්ථාව ඔබට වරක් අහිමි වූ විට එයින් ඉතිරිව තිබෙන ස්ථානයන් වෙතට සිය ප‍්‍රහාර මෙහෙයවීමට සතුරාට අධික ඉඩකඩක් සැපයීමෙන් එයම පවත්වාගැනීම නිරර්ථක දෙයකි. මෙහෙයුම් කළාපය පුළුල් කිරීම සහ ගරිල්ලා ක‍්‍රමය තෝරාගැනීම වෙනුවට, සතුරා සිය ප‍්‍රහාර නාභි ගත කරන විට, ජනතාව සමග ඔවුන්ගේ බල ඇණි වඩ වඩාත් කුඩා ප‍්‍රදේශයකට පසුබැස්සාහ. යුධ ක‍්‍රියාකාරකම් වලට ඔබට ප‍්‍රමාණවත් තරම් ඉඩ කඩක් නොලැබීම නිසා මේ උපාය සිය දිවි නසා ගැනීමකි. තමන් යුද්ධය ඉතා සුළු තත්වයක සිට ඉහළ මට්ටමක් කරා සංවර්ධනය කළාය යන කාරණය නොතකා, යුද්ධයේ අවශ්‍යතාවයන්ට සහ තත්වයන්ට අනුව, එක් සංග‍්‍රාම ක‍්‍රමයකින් තවත් සංග‍්‍රාම ක‍්‍රමයකට මාරු වීමේ නම්‍යශීලීතාවය, LTTE ය විසින් තෝරා නොගත්හ.

ගරිල්ලා සංග‍්‍රාමය, ජංගම සංග‍්‍රාමය සහ ස්ථානීය සංග‍්‍රාමය වැනි – විවිධ ආකාරයේ යුධ ක‍්‍රමයන් වල නියැලීමේ දැවැන්ත අත්දැකීම් සම්භාරයක් තිබියදී – ඔවුන් අසමත් වූයේ ඇයි? වැඩි වෙන සිවිල් ජීවිත හානි සමඟ ජාත්‍යන්තර ප‍්‍රජාව යැයි කියන අධිරාජ්‍යවාදීන්, ඉන්දීය රජය, ජන සංහාරක යුද්ධය නැවැත්වීමට ශ්‍රී ලංකා රජයට බල කරාවි යැයි අපෙක්‍ෂා කළහ. නමුත් මේ සියළු ප‍්‍රතිගාමීහු, මෙයට පෙර අප දැක තිබූ ආකාරයට ම, ඔවුන්ගේ අභිලාශයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට කැමැත්තෝ මිස ඔවුන්ගෙන් කිසිවෙකුත් ජනතාව පෙළෙන පීඩාවන් ගැන හෝ ජාතික පීඩනයට එරෙහිව ගෞරවනීය විසඳුමක් ලබා ගැනීම ට උදව් කිරීම කෙරේ අවධානය යොමු නොකළහ. LTTE නායක ප‍්‍රභාකරන් 1993 දී වරක් පැවසූ පරිදි ‘‘මේ ලෝකයේ සෑම රටක්ම ඔවුන්ටම අයත් වූ අභිලාශයන්ට අනුව ඉදිරියට ගමන් කරයි. ඒවා වත්මන් ලෝකයේ ක‍්‍රියා පටිපාටිය වන ආර්ථික සහ වෙළඳ අභිලාශයන් මිස, යුක්තියේ සදාචාර ධර්මතාවයන් හෝ ජනතාවගේ අයිතීන් නොවේ. රටවල් අතර ජාත්‍යන්තර සම්බන්ධතාවයන් සහ තානාපතිකම් තීරණය වන්නේ එවැනි අභිලාශයන්ට අනුවයි. එමනිසා ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් අපේ අරමුණට සදාචාරමය සුජාතභාවයක් ඉක්මනින්ම ලබාදේවි යැයි අපට අපෙක්‍ෂා කළ නොහැක. …යථා තත්වයේදී, අපේ අරගලයේ සාර්ථක බව රඳා පවත්නේ අප මතයි, ලෝකය මත නොවේ. අපේ සාර්ථකත්වය අපේ ප‍්‍රයත්නයන් මත, අපේ ශක්තිය මත, අපේ ධෛර්ය්‍යය මත රඳා පවතී…’’ අධිරාජ්‍යවාදී සහ ප‍්‍රතිගාමී බලය ගැන සෑහෙන දුරට නිවැරදි අවබෝධයක් තිබියදී, LTTE ය එය භාවිතයට නැංවීමට අපෝහොසත් වූහ.

c) LTTE ය ශ්‍රී ලංකා රජයට එරෙහිව දැඩි ලෙස පසුගිය දශක තුන තිස්සේ ජාතික විමුක්ති අරගලයක නිරත වෙමින් තිබුණි. මේ අරගලය ශ්‍රී ලංකාවේ කොම්ප‍්‍රෙදා්රු පාලක පංතියට එරෙහිව තිබුණද, වාස්තවිකව එය ඍජුවම අධිරාජ්‍යවාදයට එරෙහිවත් යොමුවූහ. නමුත් LTTE යට කවදාවත් අධිරාජ්‍ය-විරෝධී දිශානතියක් හෝ වැඩසටහනක් ජාතික විමුක්ති අරගලය තුළ නොතිබුණි. නිදහස්, ස්වයං-විශ්වාසය ඇති දමිළ ඊළාමය සඳහා වූ එහි වැඩසටහන කොම්ප‍්‍රෙදා්රු පාලක පංතියෙන් වෙනම රාජ්‍යයක් දිනා ගැනීම ඉලක්ක වූවා මිස අධිරාජ්‍යවාදීන්ගේ සූරාකෑමෙන් සහ පීඩනයෙන් ගැලවීම කෙරේ ඉලක්කව නොතිබුණි. එය පමණක් නොව, එය අධිරාජ්‍යවාදී රජයන් දමිළ ඊළාමයේ මිතුරන් ලෙස දුටු අතර හැම විටම ඔවුන්ගේ සහය සිය අරගලයට ලබා ගැනීමට උත්සාහ කළහ. මෑත යුද්ධයේදී පවා එය, ලෝක ජනතාවගේ අංක එකේ හතුරා සහ ශ්‍රී ලංකාව ඇතුළු ලොව මුළුල්ලේ සියළු ප‍්‍රති-විප්ලවවාදී පාලක පංති වල නායකයා වන, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, තමන් ගලවා ගැනීමට පැමිණේවියැයි, අවසන් මොහොත දක්වා අපේක්‍ෂා කළහ. මෙය දමිළ ඊළාම් ජනතාවගේ සහ ගරිල්ලන්ගේ අධිරාජ්‍ය-විරෝධී විඥතභාවය මොට්ට කර තිබුණි.

d) ඊළාම් විමුක්ති යුද්ධය ගරිල්ලා සංග‍්‍රාමයෙන් ස්ථානගත සංග‍්‍රාමය කරා මාරු වන විට එය අලූත් සහ නවීන යුද්ධායුධ කෙරේ පදනම් වීම අතිශයින්ම වැඩි විය. එය ප‍්‍රධාන වශයෙන්ම සිය සැපයුම් සඳහා අධිරාජ්‍යවාදී රටවල් සහ ජාත්‍යන්තර අවි වෙළඳසැල් කෙරේ පදනම් වූහ. එතැන් සිට, මේ රටවල්වල බලයෙන් එය පහර ගැසූහ. මෙය අවබෝධ කරගැනීමෙන්, ශ්‍රී ලංකා ජනාධිපති රාජපක්‍ෂ සාර්ථකව සිය තානාපති සම්බන්ධකම් අවි සැපයුම් නැවැත්වීමට යෙදවූහ. එපරිද්දෙන්ම එය යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ ජීවත් වෙන්නන්ගෙන් ඊළාම් අරගලය සඳහා අරමුදල් ගැනීමද වළක්වා ලූහ. ‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ යන්නෙන් මේ රටවල් ෆැසිස්ට්වාදී රාජපක්‍ෂට උදව් කළ විට අධිරාජ්‍යවාදී රටවල් කෙරේ පදනම් වීම LTTE යට හානි කළහ. ස්වයං-විශ්වාසය, ආර්ථික සහ දේශපාලන කටයුතු මත පමණක් නොව ප‍්‍රතිගාමී රජයකට එරෙහිව සටන් කිරීමේදී ගරිල්ලාවන්ට බෙහෙවින් වැදගත් වන යුධමය සැපයුම් ගැනද විය යුතුය.

e) එක්සත් පෙරමුණ ගැන ප‍්‍රශ්නයේදී එයට වැරදි ප‍්‍රවේශයක් තිබුණි. එය පොදු සතුරාට එරෙහිව එක්සත් කළ හැකි සියළුම බලවේග එක්සත් කිරීමට අසමත් විය. ඇත්ත වශයෙන්ම එහි ප‍්‍රවේශය වී තිබුණේ ශ්‍රී ලංකා රජයේ හමුදාවට එරෙහිව සටන් කරන සියළු බලවේග එක්සත් කිරීම වෙතය. ආධිපත්‍ය සහ නායකත්ව ස්ථානය සඳහා වූ සිය අරගලය තුළදී අනෙකුත් සුළු-ධනේශ්වර සටන්කාමී කණ්ඩායම් වැනසීම සිදු වූවා පමණක් නොව, දමිළ ඊළාම් බෙදී වෙන්වීම සඳහා සටන්වැදුණු අව්‍යාජ බලවේග වන ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා රජයේ හෝ ඉන්දීය රජයේ ඒජන්තවරු බවට පත් වූහ. මාක්ස් ලෙනින් මාඕවාදී මතවාදයෙන් යුතු වූ සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩසටහනක් සහිත වූ දමිළ ඊළාම් ජාතික විමුක්ති පෙරමුණ (NLFT), දමිළ ඊළාම් ජනතා විමුක්ති පෙරමුණ (PLFT), නිර්ධනපංති පෙරමුණු සංවිධානය (PrOVO) වැනි විප්ලවවාදී බලවේගවලට දමිළ ප‍්‍රදේශ වල ක‍්‍රියාකාරී වීමට ඉඩ නොහළහ. එක්කෝ ඔවුන් සිය ක‍්‍රියාකාරකම් නැවැත්වීමට විමසීමට හෝ මරා දැමීමට ලක් විණි.

f) දමිළ ඊළාමයේ කලාප තුන වන යාපනය, වන්නිය සහ නැගෙනහිර යන කලාප අතර කලාපීය වෙනස්කම්, විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර, සැලකිල්ලට ගෙන තිබුණේ නැත. මේ තත්වයෙන් ප‍්‍රයෝජන ගැනීමට සහ නැගනහිර කලාපයේ ජනතාව LTTE යට විරුද්ධව හැරවීමට මෙය කරුණා වැනි ද්‍රෝහීන්ට ඉඩ සැලසූහ.

g) මුස්ලිම්වරුන්ට වැරදි ලෙස සැලකීම නිසා එය දමිළ ඊළාමයේ කොටසක් හෝ පංගුකරුවන් වීමට සිටි මුස්ලිම් ප‍්‍රජාව අමනාප කර ගත්හ. 1990 ඔක්තෝබර් වලදී, තමන් සතු සියළු දෑ සමග, මුස්ලිම්වරු 28,000 ක් යාපනයෙන් බලෙන් නෙරපීම දමිළ ඊළාම් අරගලයට දරුණු ලෙස බලපෑහ. ජනතාව බෙදීමට අවස්ථාවක් එන තෙක් හැම විටම බලා සිටි, පාලක පංතිය, එය ප‍්‍රයෝජනයට ගෙන දමිළයින් සහ මුස්ලිම්වරු අතර ස්ථීර බෙදීමක් ඇති කළහ. මුස්ලිම්වරු අතර සිටි ප‍්‍රභූවරු ශ්‍රී ලංකා පාලක පංතිය සමග සම්මුතියට එළඹ මුස්ලිම් ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් අරගලයෙන් ඉවතට ගත්හ.

h) ‘‘ජනතාව ඉතිහාසය නිර්මාණය කරයි’’ යන මාඕවාදී සිද්ධාන්තය වෙනුවට ‘‘වීරයෝ ඉතිහාසය නිර්මාණය කරති’’ යන්න LTTE යේ ප‍්‍රවේශය විය. මෙය අනුගමනය කිරීමෙන් මාඕවාදී ක‍්‍රමයට මහජන යුද්ධය සංවර්ධනය කිරීම වෙනුවට යුද්ධය සංවර්ධනය කිරීමේ ධනේශ්වර ක‍්‍රම යොදා ගත්හ. උදාහරණයක් ලෙස, ඉතා බලවත් සුපිරි බලවතෙකු වූ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ එහි රූකඩ පාලකයින්ට එරෙහි ජාතික විමුක්ති යුද්ධයේදී, කොමියුනිස්ට් පක්‍ෂය විසින් නායකත්වය දෙනු ලැබූ ශ්‍රේෂ්ඨ වියට්නාම් ජනතාව ‘‘සන්නද්ධ ජනතාව සාගරයක’’ සිය සතුරා ගිල්වූහ. නමුත් ඊළාම් විමුක්ති යුද්ධයේදී ජනතාව යුද්ධයේ නියුතු LTTE යට සහය දැක්වීම පමණක් කළහ. ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද්ධයේදී ජනතාව දශක තුන හමාරක කාලයක් තිස්සේ සිවිල් යුද්ධයේ බියජනක බව දරා සිටියේය යන කාරණය සැලකිල්ලට නොගෙන LTTE ය ධනේශ්වර දර්ශනයේ ආකෘතියට අනුව ජනතාව සන්නද්ධ නොකළහ. ඔවුහු යුධකාමී හෝ දිග්ගැස්සුණු ඕනෑම අරගලයකදී ඉතිහාසයේ සැබෑ නිර්මාණකරුවන් වන්නේ ජනතාව සහ ජනතාවම පමණක්ය යන ලොව පුරා සටන් කරන ජනතාවගේ ඓතිහාසික සත්‍යය සහ  අත්දැකීම් උරා ගැනීමට අසමත් විය; මෙයින් ඉවත්වීම නොවැළැක්විය හැකි ලෙස පරාජයට මුහුණපායි.

සමාප්තිය

මේ සියළු දුබලකම් සහ සීමාවන් තිබියදී පවා LTTE ය මේ දක්වා ඉතා දැඩි ලෙස සටන් කොට ඇත. දහස් ගණන් සිය කාඩර්වරු සහ නායකයින් කීර්තිමත් සම්ප‍්‍රදායකට අනුව දිවි පුදා ඇත. සැකයකින් තොරව මෑත යුද්ධයේ LTTE යේ පරාජය ඔවුන්ගේ දීර්ඝ අරගලයේ පරාජයද වනු ඇත. එනමුදු දශක තුනක සන්නද්ධ අරගලය සහ වෙනම නිජ බිමක් සඳහා වූ දමිළ ඊළාම් ජනතාවගේ අව්‍යාජ අභිලාශයන් සහ ඔවුන්ගේ කැප කිරීම් අපතේ නොයනු ඇත. ශ්‍රී ලංකා රජය ප‍්‍රධාන ජයග‍්‍රහණයක් සනිටුහන් කොට LTTE ය සහ එයින් ජාතික විමුක්ති ව්‍යාපාරය  දුර්වල කිරීමට හැකි වුවද, එවැනි ව්‍යාපාරයක වර්ධනය තවමත් පවත්වාගැනීම සඳහා වන තත්වයන් වඩා බරපතල ලෙස පවා තවමත් පවතී. ඇරත්, ඔවුහු අවසානය දක්වාම සතුරා ඉදිරිපිට බියට පත් නොවී ඔවුන්ට යටත් නොවී සටන් වැදුණහ. අතීත වැරදිවලින් ඉගෙන ගනිමින්, නව පරපුරක විප්වවාදීන්ට ගිනි අවි අතට ගැනීමට මෙය ආශ්වාදයක් වනු ඇත.

යුද්ධය හමාර වී මාස දෙකකට පසුව පවා 300,000 වැඩි දමිළ ජනතාවක් තවම නාසි සමූලඝාතක කඳවුරු වලට වඩා නරක යුධ මුක්ත කලාපයේ, සැනසිල්ලක් බලාපොරොත්තුවෙන් සිටී. අද පවා නිදහස් මාධ්‍යවේදීන්ට හෝ ජාත්‍යන්තර ආධාර ඒජන්සියකට මෙම කඳවුරු වළට පැමිණීමට ඉඩ දී නැත. මෙම කඳවුරුවලින් කාන්දුවන ප‍්‍රවෘත්තිවලින් කියැවෙන්නේ දමිළයින්ට විඳීමට බල කොට ඇති භයංකර තත්වයයි. බාලයින් සහ කාන්තාවන් ක‍්‍රමානුකූලව ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගෙන් වෙන් කොට හඳුනා ගත නොහැකි ලෙසට පත් කොට ඇත. ඔවුන්ගේ නිවෙස් වලට ආපසු යවන්නැයි ඔවුන්ගේ නිරන්තර ඉල්ලීම පිළිගෙන නොමැත. ආහාර, ජලය, සනීපාරක්‍ෂාව සහ අනෙකුත් මූලික පහසුකම් මිනිසුන්ට සපයා නැත. රාජපක්‍ෂ රජය පලස්තීනයේ යුදෙව්වාදීන්ගේ ක‍්‍රමවේදයට අනුව, දමිළ ප‍්‍රදේශ සිංහල ජනාවාස බවට පත් කිරීමට සැලසුම් කරමින් සිටී. ශ්‍රී ලංකා හමුදා ප‍්‍රධානී, සරත් ෆොන්සේකා, විවෘතවම ප‍්‍රකාශ කළේ දමිළයින් ලංකාව තුළ දෙවන පංතියේ පුරවැසියන් ලෙස ජීවත් වීමට සූදානම්ව සිටිය යුතු බවයි.

සිය වැරදිවලින් ඉගෙනගෙන, දමිළයින්, ඔවුන්ගේ අරමුණ වන ජාතික පීඩනයෙන් සහ හිංසනයෙන් විමුක්තිය ලැබීම පමණක් නොව පංති සූරාකෑමෙන් සහ පීඩනයෙන්ද විමුක්තිය ලබන තෙක් සටන් කිරීමට බැඳිය යුතුය. ඉන්දියාවේ සහ ලෝකය පුරා සිටින සියළු ප‍්‍රගතිශීලී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ විප්ලවීය ජනතාව වෙනම නිජබිමක් සඳහා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ යුක්ති සහගත අරගලයට සහය ලබා දෙනු ඇත.

~අවසානයි~

ABar-11

ඉරානයේ කුර්දි සහ බලූචි තරුණයන් ඝාතනයට ලක් කිරීම ගැන

ඉරානයේ කුර්දි සහ බලූචි තරුණයන් ඝාතනයට ලක් කිරීම ගැන

2013 නොවැම්බර් 18. දිනා ගැනුමට ලොවක් ඇත ප‍්‍රවෘත්ති සේවය (A World To Win News Service). පහත ප‍්‍රකාශනය ඉරාන කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්වාදී ලෙනින්වාදී මාඕවාදී) විසින් නිකුත් කරන ලදි. එවක් පටන් ඉරානයේ ඉස්ලාම් ජනරජය ඉරානයේ සහ කුර්දිස්ථානයේ මේ ඝාතන රැල්ල දිගටම පවත්වාගෙන යනු ලැබූහ. (cpimlm.com)

වසර තුනක පමණ කාලයක සිට ඉරාන ඉස්ලාම් ජනරජයේ සිරගතව සිටි තරුණ කුර්දි ක‍්‍රියාකාරිකයෙකු විය, හබිබුල්ලාහ් ගොල්පරිපොර් (Habibullah Golparipour), 2013 ඔක්තෝබර් 23, වයඹ දිග ඉරානයේ ඔරුමියාහ් (Orumieh) වලදී මරා දැමීම නිසා ඔහුගේ ආදරණීය ජීවිතය අහිමි විය. රාජ්‍ය විරෝධී සහ රාජ්‍ය විරෝධී කණ්ඩායම් සමග සම්බන්ධකම් පැවැත්වීම නිසා චූදිතයෙකු වූ, ඔහු ජනාධිපතිවරණයට පසුව පැන නැගුණු කැල්ලෙන් පසුව 2009 ඔක්තෝබර් සිටම සිරගත කර තිබුණි. රජයේ කුලී මිනීමරුවන් සිකරුවන්ට ඇති කර තිබූණ දුෂ්කර තත්වයන් වූ තීව‍්‍ර කරන ලද වධ දීම්, දිගු කාලයක් හුදකෙලාව තැබීම ඔහු දරා සිටියහ. නමුත් ඔහු රාජ්‍ය කෲරත්වයට යටත් නොවුණි.

එම කාලය තුළදීම, දිනකට පෙර සරාවාන් (Saravan) [ඉරාන, පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේ සිස්තාන්-බලූකිස්තාන් ප‍්‍රාන්තයේ නගරයකි] වලදී රාජ්‍ය කුලී මිනීමරුවන් 18 දෙනෙකු මරා දැමීමට එකටෙක කිරීමක් වශයෙන් ඔක්තෝබර් 16 දින බලූචි දේශපාලන සිරකරුවන් 16 දෙනෙකු මරණයට පත් කරනු ලැබූ බව කියැවුණි. මෙය රාජ්‍ය විසින් සිදු කරනු ලැබූ මෙවැනි වර්ගයේ පළමු සහ අවසාන අපරාධය ද නොවේ. ඉරානය වූ කලී ජාතීන්ගේ සිර ගෙදරකි. ජාතික පීඩනය මේ රාජ්‍යපාලනයේ ප‍්‍රධාන ස්ථම්භයක් වන අතර මේ වර්ගයේ අපරාධ ගැන මෙන්ම බලයේ සිටි සූරා කන පංති ගැන අපි සාක්‍ෂි දරන්නෙමු. මරා දැමීමට අපේක්‍ෂිත කුර්දිස්තානයේ, බලූකිස්තානයේ සහ කුෂෙස්තාන් පළාත්වල තරුණයින්ගේ දිගු ලැයිස්තුවක් ඇත, මේ කලාපවල කලබලකාරීත්වයේ ඉතා කුඩා සංඥවක් නිසා, සමහරෙකු එල්ලා දැමෙනු ඇත.

සරාවාන් සිද්ධියට අනුව යමින්, හසාන් රවුහානි (Hassan Rouhani)” ‘‘වීරෝධාර සුනම්‍යභාවයේ’’ ජගතා ලෙස කියාගනු ලැබූ ඉරානයේ නව ජනාධිපති, ‘‘කැරලි කරුවන්ට’’ මුහුණ දීමට ආරක්‍ෂක අංශ සමග සහයෝගයෙන් වැඩ කරන විශේෂ කමිටුවක් පිහිටුවීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පත් කළහ. තවදුරටත්, ෂහෙඩාන් (Zahedan) [සිස්තාන්-බලූකිස්තාන් ප‍්‍රාන්තයේ අගනුවර] හි පැමිණිලි මෙහෙයවන-ජනරාල් ‘‘අපි එකටෙක කරන බවට අනතුරු හඟවනවා’’ යැයි කියමින් ඝාතනය කිරීම් යුක්තිසහගත කළහ. [මරණයට පත් කරනු ලැබූවන් සහ දේශ සීමා ආරක්‍ෂයකයින්ගේ මරණය අතර කිසිදු සම්බන්ධකමක් නැති බව BBC ය වාර්තා කළේය.]

ඉස්ලාම් ජනරජය බටහිර සමග ‘‘වීරවත් සුනම්‍යතාවය’’ දිගටම ප‍්‍රදර්ශනය කරගෙන යන ආකාරයටම, එය සිය මර්ධනය සහ තරුණයන් මරා දැමීම ඇතුළු අපරාධ වැඩි කරමින් සිටින අතර ජනතාව දිළිඳුබවට පත්වීම පවා වඩා තීව‍්‍ර වී ඇත. මෙය මැද පෙරදිග අර්බුද සඳහා රාජ්‍යය පාලනය දක්වන අභ්‍යන්තර ප‍්‍රතික‍්‍රියාවයි. මේ අපරාධකාරී ක‍්‍රියාවන් එහි පිළිකුල් සහගත ජීවිතය නිමේෂයකට හෝ දික් කර ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින මුළුමනින්ම කුණු වූ පාලනයේ බංකොලොත්භාවය සහ අසමත්භාවය පිළිබඳ වූ දර්ශකයක් බවට කිසිදු සැකයෙක් නැත.

ඉස්ලාම් ජනරජය වපුරා තිබුණු දැයෙහිම විපාක නෙලාගන්නා බව ජාතික පීඩනයට එරෙහි පීඩිත ජාතීන්ගේ අරගලය තවත් වරක් තහවුරු කරනු ඇත.

රාජ්‍ය පාලනයේ අතිශය දුෂ්ට සහ කෲර සැලසුම් පිළිතුරු නොසැපයුන දේ ලෙස නොතිබිය යුතුය, නොතිබෙනු ඇත. හබිබුල්ලා ගොලාපරිපෝර් සහ අනෙකුත් දිවි පිදූවන් සඳහා වන අනුස්මරණ උත්සව මේ පාලනයේ අපරාධ හෙලි දරවු කරන තැනට පත් කරන ලෙස අපි කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට, කාන්තාවන්ට සහ තරුණයන්ට ආමන්ත‍්‍රණය කර සිටිමු. මේ අරගලය උතුරන දේශපාලන දර්ශනයක් තුළට යොමු කළ යුතුය. එය ඔවුන්ට අත් වූ මේ අපරාධ වලින් ගැලවී යා හැකි අධිරාජ්‍යවාදීන්ගෙන් සහ ප‍්‍රතිගාමීන්ගෙන් නිදහස ලබා ගත හැකි සැබෑ විප්ලවයක් වේ. සිය කෲරත්වය පෙන්වන ඉස්ලාම් රාජ්‍යයේ දුෂ්ට සැලසුම් පෙර කවරාදටත් වඩා වැඩි වී ඇත. ඔවුහු පොලොව කම්පිත සිදුවීම්වල ලකුණු සහ ලේ හැලෙන යුද්ධ දැනටමත් කරගෙන යයි, න්‍යාය පත‍්‍රයට අනුව යුද්ධ, මර්ධනයෙන් සහ සූරාකෑමෙන් තොර සමාජයක අරමුණ ඇතිවඉස්ලාම් ප‍්‍රතිගාමීන්ට ප‍්‍රතිචාර දැක්වීමට සහ ඔවුන්ගේ රාජ්‍ය ක‍්‍රමය පෙරලා දැමීමට විප්ලවීය ප‍්‍රචණ්ඩත්වය ඉදිරිපත් කළ යුතුය.

ඉස්ලාම් ජනරජය භංගවේවා!

පීඩිත ජාතීන්ගේ ස්වයං නිර්ණයේ අයිතිය දිගු කල් දිනේවා!

විප්ලවය දිගු කල් දිනේවා! කොමියුනිස්ට්වාදය දිගු කල් දිනේවා!

Blog: https://liberationbase.wordpress.com/ | E-mail: slradical@ymail.com

On the execution of Kurdish and Baluchi youth in Iran

On the execution of Kurdish and Baluchi youth in Iran 

18 November 2013. A World to Win News Service. The following statement was issued by the Communist Party of Iran (Marxist Leninist Maoist). Since then the Islamic Republic of Iran has continued this wave of executions in Kurdistan and other regions of Iran. (cpimlm.com)

Habibullah Golparipour, a young Kurdish activist who has been in an Islamic Republic prison for three years, was executed on 23 October 2013 in Orumieh, north-west Iran, and lost his dear life. Accused of anti-regime activities and connections with anti-regime groups, he had been in prison since October 2009, following the uprising that erupted after the presidential election. He endured the difficult conditions that the regime’s mercenaries have created for prisoners, including intense tortures, and spent long periods in isolation. But he did not give in to the regime’s brutalities.

At the same time, it has been reported that 16 Baluchi political prisoners were executed on 26 October in reprisal for the killing of 18 regime mercenaries in Saravan (a city in Sistan-Baluchistan Province, Iran, bordering Pakistan and Afghanistan) the day before. This is not the first such crime of the regime and will not be the last. Iran is the prison of nations. National oppression is a major pillar of this regime and we will witness such crimes as long as the exploiting classes are in power. There is a long list of youth in Kurdistan, Baluchistan and Khuzestan provinces waiting to be executed, and at the slightest sign of unrest in these regions, some will be hanged.

Following the Saravan incident, Hassan Rouhani, Iran’s new president, the so-called champion of “heroic flexibility”, assigned the Interior ministry to form a special commission in cooperation with security forces to confront “rebels”. Furthermore, the prosecutor-general of Zahedan (the capital of Sistan-Baluchistan province) justified the executions by saying “We warned that we would retaliate!” [BBC reports no evidence that any of the executed had any connection with the death of the border guards.]

As the Islamic regime continues to display “”heroic flexibility” with the West, it is also stepping up its oppression and crimes, including the executions of youth, and the poverty of the people is becoming even more intensified. This is the regime’s internal reaction to the crisis in the Middle East. There is no doubt that these criminal acts are indications of the bankruptcy and failure of a totally rotten regime that is hoping to extend its disgusting life a little longer.

The struggle of the oppressed nations against national oppression will once again demonstrate that the Islamic regime will reap what it has sown.

The regime’s viciousness and brutal plans should not and will not go unanswered. We call on workers, students, women and youth to convert the memorial ceremonies for Habibullah Golparipour and other martyrs into exposures of the crimes of the regime. This struggle must be turned into an effervescent political scene. It is with a real revolution independent of imperialists and reactionaries that we can give these crimes the response they deserve. The Islamic regime’s vicious plans more than ever carry the signs of its fragility. They carry the signs of earth-shaking events and bloody battles that are on the way, battles that should put revolutionary violence on the agenda to settle accounts with the Islamic reactionaries and overthrow their state system with the goal of a society without oppression and exploitation.

Down with the Islamic Republic of Iran! Long live the right of self-determination for oppressed nations! Long live revolution! Long live communism!

            – end item-