Blog Archives

සුක්මාහි ප‍්‍රහාරයක් හෝ මරණ සිදුවූයේ නැත, එය ඉන්දියානු බුද්ධි අංශ වලින් ලබාදුන් ව්‍යාජ තොරතුරකි

සුක්මාහි ප‍්‍රහාරයක් හෝ මරණ සිදුවූයේ නැත, එය ඉන්දියානු බුද්ධි අංශ වලින් ලබාදුන් ව්‍යාජ තොරතුරකි

මාඕවාදී පක්ෂයේ හඬ පටයකින් ලබා දුන් පණිවිඩයකින් සුක්මා දිස්ත‍්‍රික්කයේ සිදු වූයේ යැයි කියන දැඩි ප‍්‍රහාරය ප‍්‍රතික්ෂේප කරයි.

ප‍්‍රකාශනයෙන් කියැවෙන අන්දමට පොලීසිය හිතාමතාම මාඕවාදීන් ගැන ව්‍යාජ තොරතුරු නිකුත් කරමින් මාඕවාදී කාඩර්වරු විශාල ගණනකගේ ජීවිත හානි වූ වේ යැයි පවසමින් මධ්‍යම සංචිත පොලිස් බල ඇණි වල ධෛර්ය වැඩි කරන්නට උත්සාහ කරයි.

මේ ක‍්‍රියාවන්ගෙන් මාඕවාදීන්ගේ සහ ජනතාවගේ ධෛර්ය පිරිහවීමට නොහැකිය.

ඔවුහු එකට එක කිරීමක් ලෙස අරගලය දිගටම ගෙනයනු ඇත.

ප‍්‍රකාශනයේ දී මාඕවාදී පක්ෂයේ දන්දකර්ණයා මාධ්‍ය ප‍්‍රකාශක පැවසීය.

මෑත දී පොලීසියට මාඕවාදීන් විසින් එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු, පොලීසිය වනාන්තර ගම්මාන ගැන උනන්දුයවක් දැක්වීම ප‍්‍රකාශනය මගින් හෙලා දැක තිබුණි.

මැයි 13,14,15 යන දිනවල පොලීසිය අහසට වෙඩි තබමින් ජනතාව බිය වද්දා ඇති බව එය මගින් ප‍්‍රකාශ කළහ. වනාන්තර ගම්මාන වල ජීවත් වුණු ජනතාව භෞතිකව හිංහනයට ලක් කරමින් පොලීසිය සිදු කළ කෲර ක‍්‍රියා ප‍්‍රකාශනය මගින් හෙලා දැක තිබුණි.

ඉන්දියාව: සුක්මා ඇම්බුෂ් – මාඕවාදී ප‍්‍රහාරයෙන් මියගිය සීආර්චීඑෆ් පුද්ගලයින්ගේ ගණන 12 දක්වා ඉහළ යයි

ඉන්දියාව: සුක්මා ඇම්බුෂ් – මාඕවාදී ප‍්‍රහාරයෙන් මියගිය CRPF පුද්ගලයින්ගේ ගණන 12 දක්වා ඉහළ යයි

මාඕවාදී කැරළිකරුවන් යැයි සැක කෙරෙන්නන් විසින් රැක සිට කරන ලද ප‍්‍රහාරයකින් චටිස්ගාර්හි සුක්මා දිස්ත‍්‍රික්කයේ සෙනසුරාදා දින (2017 මාර්තු 11) මාර්ග සංචාරයේ යෙදුණු මධ්‍යම සංචිත පොලිස් බලකායේ සෙබළුන් 12 දෙනෙකු අවම වශයෙන් මරණයට පත් වී ඇත.

රට තුළ මාඕවාදීන්ගේ බලපෑමට වඩාත්ම නතුව තිබෙන දිස්ත‍්‍රික්කයක් වන සුක්මාහි භෙජි පොලිස් ස්ථානය යටතේ වන කොටාචේරු අසලදී උදෑසන 9.10 ට මෙම ප‍්‍රහාරය එල්ල කෙරුණි. මාඕවාදීහු මිය ගිය පුද්ගලයින්ගෙන් ආයුධ 10 පැහැරගෙන ඇති අතර මෙම ප‍්‍රදේශය ප‍්‍රාන්ත අගනුවරින් කි.මී 450 ක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශයකි.

‘‘රැක සිට පහරදීමට ලක්වන විට ්රැෑ 219 බැටෑලියනයේ සොල්දුදාවන් ප‍්‍රදේශයේ මාර්ග ඉදිකරන්නන්ට ආරක්ෂාව සපයමින් මාර්ගය විවෘත කිරීමේ කාර්යයේ නියුතුව තිබුණි. අයිඊඞී උපාංගයක් පුපුරවා හැරීමත් සමග ප‍්‍රහාරය ආරම්භ කොට තිබුණි’’ යැයි එක් සීආර්පීඑෆ් නිළධාරියෙක් දිල්ලි වලදී පවසා තිබුණි. ප‍්‍රහාරයෙන් පස් දෙනෙකු තුවාල ලදහ. ඔවුන්ගෙන් තිදෙනෙකු මුල සිටම බරපතල තත්ත්වයේ පසුවෙති.

තුවාල ලැබූවන් රායිපූර් වලට රැගෙන ගොස් රජයේ රෝහලට ඇතුල් කරන ලදි. බරපතල ලෙස තුවාල ලද එක් අයෙකු පසුව මරණයට පත් වීමත් සමග මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගියහ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු පවසා සිටියේ ප‍්‍රති ප‍්‍රහාර වලින් මාඕවාදීහු දෙදෙනෙක් මරා දැමූ බවයි.

ආයුධවලට අමතරව මාඕවාදීහු, සීආර්පීඑෆ් කණ්ඩායම රැගෙන යමින් තිබූ වීඑච්එෆ් රේඩියෝ පද්ධති දෙකක් පැහැර ගත්හ. සීආර්පීඑෆ් කණ්ඩායම පුද්ගලයින් 112 දෙනෙකුගෙන් සමන්විතව තිබුණි.

‘‘ප‍්‍රහාරයට ලක් වූ ප‍්‍රදේශය අභ්‍යන්තර කලාපයක් බැවින් සන්නිවේදනය කළ හැකි එකම විදිය චන්ද්‍රිකා දුරකථන මගින් පමණකි’’ සීආර්පීඑෆ් නිළධාරියෙකු පැවසීය.

සිටියේ අමතර බල ඇණි සිද්ධිය වූ ස්ථානයට යවා මෘත සිරුරු ලබා ගත් බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කොට සිටියහ.

ස්වදේශ කටයුතු ඇමති ප‍්‍රකාශ කොට සිටියේ මධ්‍යම රජය ප‍්‍රාන්ත රජය සමග ඍජු සන්නිවේදනයේ යෙදුණු බවයි. ට්වීටර් පණිවුඩ මාලාවකින් රාජන් සිංග් ප‍්‍රකාශ කොට සිටියේ සිද්ධියට සම්බන්ධ අයවලූන් අධිකරණය හමවට ගෙනෙන බවයි.

පසුගිය මාසයේ සහකාර ප්ලැටූන් කමාන්ඩර් කෙනෙකු ඇතුළු විශේෂ කාර්ය බලකායේ පුද්ගලයින් දෙදෙනෙකු චටිස්ගා හි කොන්දගාඔන් දිස්ත‍්‍රික්කයේ දී මරා දමනලදි.

ඉන්දියාව – සහෝදර අජිත් වහා නිදහස් කරනු!

ඉන්දියාව –  සහෝදර අජිත් වහා නිදහස් කරනු!

India- Free Comrade Ajith!!!

posterajithit

මහාචාර්ය ජී හරාගෝපාල්, ආරක්ෂක කමිටුව, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ කමිටුව

වරාවරා රාඕ, සභාපති, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, ප‍්‍රාරම්භක, විප්ලවීය ලේඛකයින්ගේ සංගමය

රාජ්කිෂෝර්, සම ලේකම්, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ

මහාචාර්ය ජී එන් සායිබාබා, නියෝජ්‍ය ලේකම්, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ

වරාලක්ෂ්මී, ලේකම්, වීරසාම් ( විප්ලවීය ලේඛකයින්ගේ සංගමය)

මහාචාර්ය සී ෂෙෂායියා, සභාපති, ඒපීසීඑල්සී

මහාචාර්ය ජී ලක්ෂ්මන්, සභාපති, තෙලෙන්ගානා සිවිල් නිදහස් කමිටුව

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිළිබඳ වූ ක‍්‍රියාකාරිකයි, බුද්ධිමතුන් සහ සිවිල් ස්වාධීනතා කොමිටි මහාරාෂ්ට‍්‍රා රජයට සහ මධ්‍යම රජයට බල කොට සිටී

කේ.මුරලිදරන් සහෝදරයා තදබල හෘදයාබාධයක් නිසා පුනේ රජයේ රෝහලට ඇතුලත් කොට තිබුණු බව මේ වන විට, රට පුරා සහ ලෝකය පුරා ජනතාව දැනගෙන තිබේ.

ඔහුගේ සාත්තුවට අයෙකු සිටිය යුතු වුවද පොලීසිය ඒ සඳහා ඉඩ දී නොමැති බැවින් ඔහු මාරාන්තික උපවාසයක් අරඹා තිබේ. පොලීසිය වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට එරෙහි වීමෙන් ඔහුව මාරාන්තික උපවාසයකට තල්ලූ කොට යවා ඇත. මේ වන විට සිරගතව සිටින ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් අස්ථිර තත්ත්වයකට එළඹ ඇත.

එබැවින්, මහාචාර්ය නෝම් කොම්ස්කි සහ සමස්ත රට පුරා සහ ලෝකය පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදෙසා සටන් වදින අනෙකුත් ක‍්‍රියාකාරිකයින් සමග අපි රජයට බල කොට සිටින්නේ ඔහුව තාවකාලිකව ඇප මත නිදහස් කොට රෝහලකට ඇතුල් කොට ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙසයි. මේ වන විටත් ඔහු හෘද රෝග නිසා බයිපාස් සැත්කමකට මුහුණ දී තිබේ. මේ තත්ත්වය උඩ අපි කේ. මුරලිදරන් සහෝදරයා ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කරමු.

මුරලි කන්නම්පිලි, හෝ කේ මුරලිදරන් නැතිනම් අජිත් සහෝදරයා (ලිපි වල පෙනී සිටියේ බොහෝ විට මේ නමිනි) ශිෂ්‍යයෙකුව සිටි මුල් දිනවලදී ම සිට කොමියුනිස්ට් දේශපාලනය හා සම්බන්ධ විප්ලවවාදියෙකු වූ ඔහු සිය ඉංජිනේරු උපාධිය හදාරන කාලයේදීම නක්සල්වාදී ව්‍යාපාරය වෙත ඇදී ගියහ. මුලින් සිසුවෙකු ලෙස ව්‍යාපාරයට සම්බන්ධ වූ මුරලි, පසුව එම ව්‍යාපාරයේම ප‍්‍රභාමත් ගුරුවරයෙකු බවට පත්වූහ. ඔහු දේශපාලන ආර්ථශාස්ත‍්‍රයෙහි සහ මාඕවාදී මතවාදය පිළිබඳ එහි සිටි විශිෂ්ඨතම විශාරදයෙකු විය.

ඔහු දැඩි ලෙසම කේ වේනුගේ ධනේශ්වර මතවාදයට විරුද්ධ වූ අතර කේරලයේ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්-ලෙනින්වාදී) මධ්‍යම ප‍්‍රතිසංවිධාන කමිටුව ස්ථාපනය කරමින් එහි විප්ලවීය ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමට සහ වර්ධනය කර ගැනීමට වෙහෙස නොබලා කටයුතු කළහ. ඔහුගේ ප‍්‍රධාන දේශපාලන වැඩ අතර භූමි, ජාති, බන්ධනම් (භූමිය, කුලය සහ දාසභාවය), ඉඩම් පිළිබඳ නව අධ්‍යයනයක්, ප‍්‍රතිසංස්කරණ, කුළය සහ කේරලයේ කෘෂිකාර්මික සම්බන්ධතා, එවේකියන්වාදයට එරෙහිවන්න, එක්සත් ජනපද විප්ලවීය කොමියුනිස්ට් පක්ෂයේ ආධානග‍්‍රාහී-සංශෝධනවාදී නායකයා බොබ් එවේකියන් පිළිබඳ මතවාදී විවේචනයක් යනාදිය වේ. ප‍්‍රමුඛපෙළේ මාඕවාදී චින්තකයෙකු සහ න්‍යායාචාර්යවරයෙකු ලෙස, අජිත් විසින් ලිංගය සහ කුළය හා සම්බන්ධ ගැටළු වලට මාඕවාදී දෘෂ්ටියෙන් යුතුව ඉතා වැදගත් ලිපි ගණනාවක්ම රචනා කරන ලදි. ඔහු, ලෝකය මුළුල්ලේ වූ විවිධ මාඕවාදී පක්ෂ සහ සංවිධාන වල සම්බන්ධීකාරක මධ්‍යස්ථානය වූ විප්ලවීය ජාත්‍යන්තරවාදී ව්‍යාපාරය (RIM) විසින් පළ කරනු ලැබූ ජාත්‍යන්තර සඟරාව වූ ‘‘දිනාගැනුමට ලෝකයක් ඇත’’ (A World to Win)සඟරාවෙහි සංස්කාරක විය. කුඩා දරුවකුව සිටියදී සිය පියා වූ කරුනාකර මෙනොන් කන්නම්පිලි, එවකට මහජන චීන සමූහාණ්ඩුවේ, පීකිංහි ඉන්දීය තානාපති කාර්යාලයේ, උපදේශකවරයෙකු ව සිටියදී (1958-61) ඔහු සමග සංචාරය කරන්නට පුරුදුව සිටියහ. එහිදී ඔහු වරක් සභාපති මාඕට මල්දමක් පළඳවන්නට දුර්ලභ අවස්ථාවක් හිමිකර ගත්හ.

ඔහු පසුගිය වසරේ මැයි වලදී පූනේ වල ATS මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර, එතැන් පටන් යෙර්වාද සිරමැදිරියේ රඳවා ඇත. බයිපාස් සැත්කමකට මුහුණ දී සිටින හෘද රෝගියෙකු වූ ඔහු, පපුවේ හටගත් වේදනාවක් නිසා මේ මස 15 වෙනිදා රෝහල් ගත කළහ. කෙසේ හෝ, අධිකාරිය විසින් ඔහුට රෝහලට ඇතුල්වීමට පවා ඉඩ නොහළ අතර පසුව නැවත සිර කුටියට රැගෙන ගියේ මනා ප‍්‍රතිකාරවලින් තොරවය. මෙවන් තීරණාත්මක තත්ත්වයක දී කලට වේලාවට විශේෂඥ ප‍්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍යය, අධිකාරීහු අමානුෂික ලෙස මූලික අයිතිවාසිකම් පවා නොසලකා හැර ඇත. දුෂ්ට පනතක් වන නීතිවිරෝධී ක‍්‍රියාකාරකම් වැළැක්වීමේ පනත (UAPA) යටතේ රඳවාගෙන සිටිනු හැරුණු විට ඔහුට එරෙහිව වෙන කිසිදු චෝදනාවක් නැත. මේ දුෂ්ට නීතිය යටතේ කිසිදු වගවිභාගයකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන කිසිදු හේතුවකින් තොරව හෝ කිසිදු අපරාධ නඩුවකට ලියාපදිංචි නොකොට කිසිදු සාක්ෂියක් නොමැතිව රඳවා තබා ගන්නා අතර ඔහු මේ නීතියට ගොදුරු වූ තවත් එක් අයෙකි. ඇත්ත වශයෙන්ම, මුරලි සිරගත කොට සිටි පසුගිය මාස 15 තිස්සේ ඔහුව උසාවියට ඉදිරිපත් කරනු ලැබුවේ එක් වතාවක් පමණි.

මානව හිමිකම් ක‍්‍රියාධරයින් විසින් අධිකාරීත්වයට දැඩි ලෙස කියනු ලබන්නේ වහාම විශේෂඥ ප‍්‍රතිකාර මුරලිට ලබා දෙන ලෙසත්, එමෙන්ම අඩුම තරමින් ඔහුගේ පුතාට හෝ ඔහු සමග නැවතී ඔහුට සත්කාර කිරීමට ඉඩ ලබා දෙන ලෙසත් නැතිනම් සෞඛ්‍ය තත්ත්වයන් මත ඔහුට ඇප ලබා දෙන ලෙසත්ය. ලෝක ප‍්‍රකට බුද්ධිමතුන් සහ ශාස්ත‍්‍රීය සහ මානව හිමිකම් උපදේශකවරුන් වන නෝම් කොම්ස්කි, ගයත‍්‍රි චක‍්‍රවර්ති ස්පිවාක්, පාර්තා චටර්ජී, ආනන්ද් ටෙල්ටුම්බේ, ප‍්‍රභාත් පට්නායික්, බර්නාඩ් ඞී මෙලෝ, මීනා කන්දසාමි යන අය අත්සන් කළ මෑත ප‍්‍රකාශනයෙන් අධිකාරීන් අමතමින් ‘‘සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ කඩිනම් නඩු විභාගයක් මුරලිදරන් වෙනුවෙන් සහතික කරන ලෙසත් නැතිනම් ඇප මත ඔහුව නිදහස් කරන ලෙසත්’’ සිදු කළ ඉල්ලීම ඉන්දීය රජයේ නිහඬතාවයට හෝ නැතිනම් දේශපාලන සිරකරුවන් විනාශ කර දැමීමට සහ ඔවුන්ගේ හඬ නිහඬ කර දැමීමට ඇති අභිලාශයට එරෙහිව ජාත්‍යන්තර පරිමාණයෙන් සහයෝගීතාවයක් සහ විරෝධතාවයක් ඉස්මතු කරයි.

මහාචාර්ය ජී හරාගෝපාල්, ආරක්ෂක කමිටුව, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ කමිටුව

වරාවරා රාඕ, සභාපති, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, සම ආරම්භක, විප්ලවීය ලේඛකයින්ගේ සංගමය

රාජ්කිෂෝර්, සම ලේකම්, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ

මහාචාර්ය ජී එන් සායිබාබා, නියෝජ්‍ය ලේකම්, විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ

වරාලක්ෂ්මී, ලේකම්, වීරසාම් ( විප්ලවීය ලේඛකයින්ගේ සංගමය)

මහාචාර්ය සී ෂෙෂායියා, සභාපති, ඒපීසීඑල්සී

මහාචාර්ය ජී ලක්ෂ්මන්, සභාපති, තෙලෙන්ගානා සිවිල් නිදහස් කමිටුව

හයිද්‍රාබාද්

2016 සැප්තැම්බර් 8

 

නේපාලය – නව එක්සත්බවක්… නමුත් වඩාත් ම වැදගත් වන්නේ – මහජන යුද්ධය වෙනුවෙන් – මාඕවාදය වෙනුවෙන් සංශෝධනවාදයට එරෙහිවීමයි.

නේපාලය – නව එක්සත්බවක්… නමුත් වඩාත් ම වැදගත් වන්නේ – මහජන යුද්ධය වෙනුවෙන් – මාඕවාදය වෙනුවෙන් සංශෝධනවාදයට එරෙහිවීමයි …

නේපාල කොමියුනිස්ට් න්‍යෂ්ටිය සහ නේපාල කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී (විප්ලවකාරී) එක් පක්ෂයක් බවට පත්වීම නිවේදනය කරයි.

නේපාලය, කත්මණ්ඩු, ජුනි 16:

two-maoist-unified

දස වසරක මාඕවාදී ව්‍යාපාරය සම්පූර්ණ කිරීමට ආයුධ සන්නද්ධ විප්ලවය සඳහා මාඕවාදී පක්ෂ දෙකක් එක්සත් වෙයි. හේමන්ත ප‍්‍රකාශ් ඔලි (Hemanta Prakash Oli) විසින් නායකත්වය දෙන කොමියුනිස්ට් න්‍යෂ්ටි නේපාල පක්ෂය සහ භූපේන්ද්‍ර න්‍යුපානි (Bhupendra Neupane) විසින් නායකත්වය දෙන නේපාල කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී (විප්ලවවාදී) මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කරමින් මාධ්‍යවේදීන්ට පවසා සිටියේ මහජන විප්ලවය සිදු කිරීමට ආයුධ සන්නද්ධ විප්ලවය දියත් කරන බවයි. එක්සත්වීමෙන් පසු පක්ෂයේ නව නාමය ලෙස ‘නේපාල කොමියුනිස්ට් න්‍යෂ්ටිය’ තෝරාගත්හ. පක්ෂයේ සම්බන්ධීකාරක ලෙස හේමන්ත ප‍්‍රසාද් ඔලි තේරී පත්වී ඇත.

කලහන්දි ගැටුමෙන් කාන්තා මාඕවාදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට

කලහන්දි ගැටුමෙන් කාන්තා මාඕවාදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට

maoist_jpg_2437798f

ඔරිස්සා වන ආරක්ෂකයින් සහ කලහන්දි දිස්ත‍්‍රික් පොලීසිය විසින් සිදු කළ ඒකාබන්ධ මෙහෙයුමකින් තහනම් පක්ෂයක් වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) හි කාන්තා කාඩර්වරු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. කලහන්දිරා පොලිස් සුපිරිටැන්ඩන්ට් බි‍්‍රජේෂ් රායි ප‍්‍රකාශ කළේ, ‘‘මූලික තොරතුරුවලට අනුව පොලීසිය සමග ඔඩිෂා හි සිදු වූවෙඩි හුවමාරුවකින් කාන්තා කාඩර්වරු තිදෙනා මිය ගියහ.’’මෙහෙයුම සඳහා විශේෂ මෙහෙයුම් කණ්ඩායම, විෂේෂ පැරාමිලිටරි ඒකකය සහභාගි වූහ. මාඕවාදී ලිපි ලේඛණ කිහිපයක්, ලියුම්, ආයුධ සහ පතරොම්, .303 රයිෆල් 2ක් සහ මිලිමීටර් 9 පිස්තෝලයක් කඳවුරේ තිබී සොයා ගන්නා ලදි.

ජාත්‍යන්තර ක‍්‍රියාකාරී සතිය 2016 අපේ‍්‍රල් 2-6

ජාත්‍යන්තර ක‍්‍රියාකාරී සතිය 2016 අපේ‍්‍රල් 2-6

Draft3-BLK.p65