Blog Archives

අගනුවරට රැස්වූ මාඕවාදී ගරිල්ලන් සිය ගණනක් විප්ලවයට එක්වන්නැයි ජනතාවට ආමන්ත‍්‍රණය කරති

අගනුවරට රැස්වූ මාඕවාදී ගරිල්ලන් සිය ගණනක් විප්ලවයට එක්වන්නැයි ජනතාවට ආමන්ත‍්‍රණය කරති

 

2017 මාර්තු 7 වන දින පිලිපීන කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශය වන නව මහජන හමුදාව සිය පක්ෂයේ දේශපාලන සංවිධානය වන, ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ 48 වෙනි සංවත්සරය සමරනු ලැබීය. අගනුවරට රැස්වූ විප්ලවවාදී මාඕවාදී ගරිල්ලා ක‍්‍රියාකාරිකයෝ සිය ගණනක් විප්ලවයට එක්වන ලෙස ජනතාවට ආමන්ත‍්‍රණය කළහ.

Advertisements

පිලිපීනයේ මහජන යුද්ධය ඉදිරියට

පිලිපීනයේ මහජන යුද්ධය ඉදිරියට

සිකුරාදා උදෑසන පිලිපීන හමුදාවේ 2 වන පාබල බල ඇණියේ සෙබළු, නව මහජන හමුදාවේ බරන්ගේ රෝවිස් හි තාවකාලික කඳවුරක් හරහා කැරැලි-නාශක මුර සංචාරයක් සිදු කළහ. ගරිල්ලා භටයින් ඔවුන්ගේ කඳවුරේ ආරක්ෂාවට IED උපකරණයක් පුපුරුවා හරිමින් රජයේ හමුදාව සමග වෙඩි තබා ගන්නට පටන් ගත්හ. IED ප‍්‍රහාරයෙන් තුවාල ලත් සොල්දාදුවන් හතර දෙනෙකු රෝහල් ගත කෙරුණි.

පිලිපීනය ද මාඕවාදී ගරිල්ලන් සැඟව සිට එල්ල කළ ප‍්‍රහාර දෙකකින් සොල්දාදුවන් හත් දෙනෙකු මිය යයි.

පිලිපීනය ද මාඕවාදී ගරිල්ලන් සැඟව සිට එල්ල කළ ප‍්‍රහාර දෙකකින් සොල්දාදුවන් හත් දෙනෙකු මිය යයි.

Communist rebels march during a meeting between government officials and New People's Army in the mountains of Surigao del Sur, southern Philippines, Tuesday, Jan. 6, 2004. Philippine communist rebels have rejected a government proposal to extend the ceasefire until after May 2004 elections but instead the rebels are demanding fees from political candidates raging from US$1,000 up to $30,000. The New People's Army is fighting the longest communist insurgency in Asia. (AP Photo/Froilan Gallardo)

නව මහජන හමුදාවේ සටන් කරුවන්

 

දකුණු පිලිපීනයේ සිදුවූ සටන් දෙකක දී සොල්දාදුවන් නව දෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇත. අඟහරුවාදා දින උදෑසන ඩවාඕ හි නව මහජන හමුදාවේ (NPA) කඳවුරකට ඇතුළ් වීමට උත්සාහ කළ 69 වැනි පාබල අංශය, කඳවුරේක් සිටි ගරිල්ලන් පනස් දෙනෙකුගේ වෙඩි ප‍්‍රහාර වලට ලක් වීමෙන් පළමු ගැටුම හටගෙන තිබුණි. සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු සහ ගරිල්ලා විරෝධී මිලීෂියා භටයෙක් තුවාල ලබා ඇත. දෙවන ගැටුම, උතුරු කැටබටෝ හි අඟහරුවාදා දින හටගත් අතර, යුද භටයන් තිදෙනෙක් මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇත.

පිලිපීනයේ නව මහජන හමුදාව පිහිටුවා 45 වසරක් ගතවීම නිමිත්තෙන්

පිලිපීනයේ නව මහජන හමුදාව පිහිටුවා 45 වසරක් ගතවීම නිමිත්තෙන්

CPP 45th Anniversary celebration in northeast Mindanao Region

CPP 45th Anniversary celebration in northeast Mindanao Region

ආදරණීය සොහොයුරනි,

2014 මාර්තු 29 වන දින, පිලිපීන විප්ලවීය ව්‍යාපාරය නව ජනතා හමුදාව පිහිටුවීමෙන් 45 වසරක් සපිරීම පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්වය යටතේ සමරනු ඇත. මේ අවස්ථාවේදී, පිලිපීනයේ  ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, මහජන යුද්ධයේ සමස්ත ජයග‍්‍රහණයන්ට ආචාර කිරීමට, දිවිපිදූ විප්ලවවාදීන්ට උපහාර පුද කිරීමට, පිලිපීන විප්ලවයට ජාත්‍යන්තර සහය පෙල ගැස්වීමට සංස්කෘතික අංගයක් ද ඉදිරිපත් කරනු ඇති.

නව මහජන හමුදාව ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ට සේවය කරති. එය කෘෂිකාර්මික විප්ලවයේදී, එක්සත් ජනපදයට, රදළවාදයට සහ නිළධාරිවාදී ධනවාදයට එරෙහි එක්සත් පෙරමුණේදී සහ ගම්බද විප්ලවීය මහජන මූල ප‍්‍රදේශ ඉදි කිරීමේ දී ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළහ. මාක්ස්වාදය-ලෙනින්වාදය-මාඕවාදයෙන් මග පෙන්වනු ලබන පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්වය අනුගමනය කරමින්, නව මහජන හමුදාව පසුගිය දශක හතරක කාලය තුළ සිය ශක්තිය සංචය කරගෙන වැදගත් ජයග‍්‍රහණ දිනා ගෙන තිබේ. එය ෆැසිස්ට්වාදී ඒකාධිපති මාර්කෝස්ගේ සහ වත්මන් බෙනිග්නෝ ඇක්විනෝ පාලනය ඇතුළු, එක්සත් ජනපද රූකඩ පාලනයන් එකකට පසු එකක් සමග ප‍්‍රචණ්ඩ ලෙස සටන් වැද තිබුණි. එය විවිධ වර්ගයේ ප‍්‍රහාර දියත් කිරීමට, සතුරාගෙන් අවි අත්පත් කර ගැනීමට සිය ධාරිතාව වර්ධනය කරගෙන තිබෙන අතර වෙන කිසිදිනෙකට වඩා මහජන හමුදාවේ ඒකක වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කොට ඇත. එය දීප ව්‍යාප්ත සමස්ත පළාත් 81 කින් 71 ක මෙහෙයුම් කටයුතු කරමින්, විවිධ මහජන සංවිධාන සහ ග‍්‍රාමීය සහ නාගරික මට්ටමින් දේශපාලන බලයේ අවයව ඉදිකරමින් විප්ලවීය මහජන මූල ප‍්‍රදේශ කහවුරු කරගැනීමට හැකියාව ඇතිව සිටී. එය වැඩවසම් ඉඩම් බදු දීම පහළ දැමීම, අධික පොලිය ගැනීම මුලිනුපුටා දැමීම, කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩිකිරීම, ග‍්‍රාමීය සාමූහිකත්වය ඉදි කරමින් සහ ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරමින් ගොවියන් සංවිධාන ගත කොට තිබේ. පසුගිය 45 වසර තුළ, ජනතාවගේ හමුදාවක් ලෙස එය අවංකවම සේවය කොට තිබේ. ජනතාව එයට ආදරය කරන අතර එය ආරක්‍ෂා කරගෙන තිබේ. මේ වෙනුවෙන් ඔබේ සහයෝගීතාවයේ සහ නව මහජන හමුදාවේ 45 වසරක සටන් වර්ෂයන්, විශේෂයෙන්ම ලෝක ව්‍යාප්ත නිර්ධන පංති විප්ලවයේ ඉදිරිගමන වෙනුවෙන් එහි කාර්යභාරය සම්භාවනාවට පාත‍්‍ර කිරීමේ ඔබේ පණිවුඩ ලැබීම අපි බෙහෙවින් අගය කරමු. ඔබේ පණිවුඩ  අපේ විද්‍යුත් ලිපිනය ට ndf@casema.nl2014 මාර්තු 25 ට පෙර එවීම අපි අගය කරමු. පිලිපීන විප්ලවය සහ නව මහජන හමුදාව ගැන වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර පිලිපීන කොමියුනිස්ට් පක්‍ෂයේ තොරතුරු බියුරෝවේ වෙබ් අඩවියට පිවිසෙන්න:

www.philippinerevolution.net

ඔබේ කාරුණික අවධානයට සහ සැලකිල්ලට අපි ස්තූතිවන්ත වෙමු.

 ලූවිස් ජී. ජලන්දෝනි
ප‍්‍රධාන ජාත්‍යන්තර නියෝජිත
පිලිපීන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ