Monthly Archives: September 2020

ස්ටාලින් 1941 ජුනි 22

ස්ටාලින් 1941 ජුනි 22

1941 ජූනි 22 වන දිනට පෙරදින රාත්‍රිය නොනිදා පහන් කල සෝවියට් නායක ජෝශප් ස්ටාලින් එදින උදෑසන 4.31 ට වාඩි වී කල්පනා කරමින් සිටින අයුරු ජායාරූපයකට නැගීමට ඒ අසල සිටි අයෙක් සමත් විය.ඔහු මෙසේ කල්පනා කරමින් සිටින්නේ කුමක් වුවත් එය ලෝකයේ දිශානතිය වෙනස් කිරීමට ඉවහල් වන ක්‍රියාදාමයක ආරම්භය සනිටුහන් කල දෙයක් වීමට නියමිතව තිබෙන්නට හැකිවිය හැක්කේ මීට විනාඩියකටත් අඩු කාලයකට පෙර නාසි ජර්මිනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කල බවට වන ප්‍රවෘත්තිය ඔහුට දැන ගන්නට ලැබුන හෙයිනි.