මර්ධනකාරී රජයේ බල ඇණි වලට සහය දීම නිසා මාඕවාදීහු සිය කලින් සගයෙකු මරණ දඬුවම නියම කරයි

මර්ධනකාරී රජයේ බල ඇණි වලට සහය දීම නිසා මාඕවාදීහු සිය කලින් සගයෙකු මරණ දඬුවම නියම කරයි

 

ඉන්දියානු මාධ්‍ය වාර්තා කළ ආකාරයට ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) හි හිටපු ක‍්‍රියාකාරිකයෙකු ප‍්‍රතිගාමී රජයේ බලඇණි සමග මාර්තු 29 වෙනිදා එක්ව ක‍්‍රියා කිරීම නිසා ඔහුට මරණ දඬුවම ලබා දී තිබේ. මාඕවාදී මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ ගරිල්ලා භටයින් 20ක් පමණ එක් වී ජනතා උසාවියක් පවත්වා මරණ දඬුවම ලබා දී ඇත්තේ ඔහු දන්තෙවාරා දිස්ත‍්‍රික්කයේ මුස්කල් ගම්මානයේදී හදිසියේදී දක්නට ලැබුණු අවස්ථාවේදීය.

මේ කාලයේ මාඕවාදීහු ප‍්‍රකාශ කරන්නේ පෞද්ගලික කාරණා නිසා පක්ෂයේ වැඩවලින් විශ‍්‍රාම ගෙන සිටින සටන් කරුවන්ට තමන් විසින් ගෞරව කරන බවත්, එහෙත් පාවාදෙන්නන් සහ ප‍්‍රතිගාමීන් බවට පත් වෙන අයට එරෙහිව දැඩි තීරණ ගන්නා බවත්ය.

Posted on April 8, 2018, in CPI Maoist, India, International, Maoism, naxalites, People's War, Revolution, Sinhala and tagged , , , . Bookmark the permalink. Leave a comment.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.