Blog Archives

ඉන්දීය වෘත්තීය සමිති මර්දනයට එරෙහිව

ඉන්දීය වෘත්තීය සමිති මර්දනයට එරෙහිව


ඉන්දියාවේ මරුති සුසුකි සමාගමට අයත් සේවකයන් 13 දෙනෙකු පසුගියදා අභූත චෝදනා එල්ල කරමින් ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදී.
මෙම තීරණයට එරෙහිව වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් නියෝජිතයින්, බහුජන සංවිධාන හා සිවිල් සංවිධාන පුද්ගලයින් මැදිහත්ව අපේ‍්‍රල් 3 දින සවස 1.00 ට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණි.

 

Advertisements

ඉන්දියාවේ පොලීසියට එරෙහි කම්කරු අරගලය

ඉන්දියාවේ පොලීසියට එරෙහි කම්කරු අරගලය

CISF වෙඩි තැබීමෙන් නෙයිවෙලි ලිග්නයිට් සංස්ථාවේ කර්මාන්ත ශාලාවේදී ඒ අයෙකු මරුට

චෙන්නායි: තමිල්නාඩු හි කුඩ්ඩලෝර් දිස්ත‍්‍රික්කයේ නෙයිවෙලි ලිග්නයිට් සංස්ථාවේ කර්මාන්ත ශාලාවේදී මධ්‍යම කර්මාන්ත ආරක්‍ෂක බල ඇණියේ (CISF) සාමාජිකයෙකු කම්කරුවන සමග ඇති වූ ගැටීමකදී වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසියට අනුව මිය ගිය තැනැත්තා වන රාජා කර්මාන්තශාලාවට වෙනත් සේවකයෙකු මුණගැසීමට පැමිණි කොන්ත‍්‍රාත් කම්කරුවෙකි. ඔහු නැවතී සිටි නිසා, ඔහුට වෙඩි තැබූ CISF කොස්තාපල් සමග ගැටුම ඇරඹුණි. දිස්ත‍්‍රික් පොලීසිය ප‍්‍රකාශ කළේ වෙඩි තැබීම සිදු වූයේ ආකරයේ අංක දෙක දරන ගේට්ටුව අසලයි. පොලීසිය කම්හල තුලට තල්ලූ කර දැමුණු අතර කුඩ්ඩලෝර්-විරුදාචලම් අධිවේගී මාර්ගය අවහිර කරන ලදි.