Blog Archives

ඇමරිකා එක්සත් ජනපදයේ මාඕවාදීන්

ඇමරිකා එක්සත් ජනපදයේ මාඕවාදීන්


නව මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී සංවිධාන පැන නැගීමත් සමග, දිගු කාලයක් තිස්සේ නිද්‍රාවට පත්ව සිටි එක්සත් ජනපදයේ කොමියුනිස්ට් තරුණ ව්‍යාපාරය, මෑත කාලයේ දී අලූත් ශක්තියකින් අවදිවී තිබේ. එය රහසිගත තත්වයන් තුළ රැඳී සිටීම වෙනුවට විශාල පුළුල් මහජන සහයෝගීත්වය ලබාගෙන ඇත. එහි එක් අරමුණක් වන්නේ පෝෂක වැඩ සටහන් වලින් සහ සම්පත් බෙදා දීමෙන්, සම්මේලන සහ අධ්‍යන කණ්ඩායම් මගින් නිර්ධනීන් අතර සංස්කෘතික සහයෝගීතාවයක් සහ ආත්ම විශ්වාසයක් ඇති කිරීමයි.


පීඩිත ජාතීන්ගේ, සංක‍්‍රමනිකයන්, කාන්තාවන්, ආදී ක‍්‍රමය මඟින් පීඩාවට පත් කරන සියලූ අංශ සමග සබඳතා ඇති කිරීමට ඔවුහු උත්සාහ කරති… ඔවුහු බ්ලැක් පැන්තර් පක්ෂ සහ චීනයේ රතු භටයින් වැනිය. ගැන කැමතියි. එහි ප‍්‍රධාන සටන් පාඨයක් වන්නේ ‘‘එක්සත් ජනපදයේ මහජන යුද්ධය ඇති කිරීමයි’’. ඔවුහු එක්සත් ජනපදයේ විවිධ නගර වල පෙනී සිටිති: ලොස් ඇන්ජලීස් රෙඩ් ගාඩ් (කැලිෆෝනියා), ඔස්ටින් රෙඩ් ගාඩ් (ටෙක්සාස්), ප‍්‍රගතිශීලී තරුණ සංවිධානය (කැන්සාස් සිටි, මිසූරි), ඉග්නයිට් (නිව් යෝක්)…


ලොස් ඇන්ජලීස් රෙඩ් ගාඩ් (රතු භට) කණ්ඩායම ඉන්දියාවේ සැබෑ තත්ත්වය හෙලිදරවු කල සහ සිය අව්‍යාජ ජාතික විමුක්ති අරගලය ගැන තොරතුරු පතුරුවා ලූ මනිපූර් සහයෝගිතා රාත‍්‍රිය, අයොට්ෂිනාපා හි සිසුන් 43 දෙනෙක් පැහැරගෙන යාමට එරෙහිව ලොස් ඇන්ජලීස්හි මෙක්සිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරවීම, පලස්තීනයේ තත්ත්වය අනාවරණය කිරීම ආදී කැපී පෙනෙන ජාත්‍යන්තර සහයෝගිතා ක‍්‍රියාකාරකම් වලට සහභාගි වූහ. ටෙක්සාස් හි, ඔස්ටින් හි දී, ඔස්ටින් රතු බලකාය නගරය හරහා කිලෝමීටර් 7 කට වඩා විහිදුණු ප‍්‍රධාන සටන්කාමී රැලියක් සහිතව මැයි 1 දිනයට සහභාගී වූහ.

මෙම සියලූ කණ්ඩායම් මාක්ස්-ලෙනින්-මාඕවාදය සහ මහජන යුද්ධය හරහා සමාජවාදී විප්ලවය සාක්ෂාත් කරගැනීම ආරක්ෂා කරමින්  නිබන්ධනය ‘‘පශ්චාත් mlm’’ තිසීස වන එවේකියන්වාදය  ප‍්‍රතික්ෂේප කරමින් එක්සත් ජනපදය තුල නිර්ධන පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම සඳහා වැඩ කරති. නව කොමියුනිස්ට් පක්ෂය-ලියායිෂාන් කමිටුව එක්සත් ජනපදයේ සියළුම මාඕවාදී සංවිධාන එක්සත් කරමින් පෙරමුණු පක්ෂයක් ඉදි කිරීම අරමුණු කරගෙන සම්බන්ධීකරණ හා සහයෝගිතා කටයුතුවල නියැලෙති.


ඔවුන් ගැන වඩා හොඳ අවබෝධයක් ලැබීමට පහත සම්බන්ධක වැදගත් වේ.

http://redguardsla.org/ (Blog Red Guards Los Angeles)
https://www.facebook.com/RedGuardsLA?fref=ts (Página de facebook Red Guards LA)
https://www.facebook.com/redguardsaustin?fref=ts (Página de facebook Red Guards Austin)
https://ncplc.wordpress.com/ ( Blog Nuevo Partido Comunista-Comité de Enlace)
Advertisements