Blog Archives

පිලිපීනය: නව මහජන හමුදාවේ ප‍්‍රහාරවලින් ෆැසිස්ට් සොල්දාදුවන් 43කට ජීවිත හානි

පිලිපීනය: නව මහජන හමුදාවේ ප‍්‍රහාරවලින් ෆැසිස්ට් සොල්දාදුවන් 43කට ජීවිත හානි


ජූලි 18 සි 22 දක්වා නීග්‍රොස් හි එම්සීසී (Mt. Cansermon Command) යටතේ නව මහජන හමුදාව සිදු කළ උපායික ප‍්‍රහාර වලින් සොල්දාදුවන් සහ පොලිස් නිළධාරීන් 43 දෙනෙකු ජීවිත හානි සිදුවී ඇති බවට වාර්තා වේ.

පසුගිය ජුනි 22, නව මහජන හමුදාවේ එම්සීසී ඒකකයක් විසින් දියත් කරන ලද සනයිපර් මෙහෙයුමෙන් සිටියෝ බුලෝ, බර්ගි, බන්ටොලිනාඕ, මන්ජුයෝද්, නීග්‍රෝස් පෙදෙස් වල 94 වෙනි අයිබීපීඒ සේනාංකයේ ජීවිත හානි තුනක් සිදු වූහ. සොල්දාදුවන් මරා දමන ලද්දේ 7වන පොලිස් කලාප කාර්යාලයේ අනුග‍්‍රහය ඇතිව සිදු කළ වෛද්‍ය මෙහෙයුම අතරතුරදීය.

94 වන අයිබීපීඑම්ඒ සහ 704 වන කලාප ජංගම සේනාංක බැටෑලියනය සටන් සහ පිරිසිදු කිරීමේ මෙහෙයම් දියත් කරද්දී අපි ඔවුන්ට විධානයට අනුව ක‍්‍රියාත්මක වන පිපිරුම් උපකරණ භාවිතයෙන් ඇම්බුෂ් එකක් එල්ල කළෙමු. තවද සිටියෝ කම්බුග්ටොන්ග්, බර්ගි, බන්ටොලිනාඕ, මන්ජුයාර්ඩ්, නීග්‍රෝස් ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල වෙඩි හුවමාරු ඇති වූහ. ෆැසිස්ට්වාදී ප‍්‍රතිගාමී සේනාංක වලට ජීවිත හානි 20ක් සිදු වූහ. ඔවුන්ගේ මුහුණුවර රැකගැනීමට ප‍්‍රසිද්ධ කරන ලද්දේ එක් අයෙකු මරණයට පත් වී දෙදෙනෙකු තුවාල වූ බවයි.

මේ අතරතුර පසුගිය ජූලි 2 වෙනිදා නව මහජන හමුදාවේ එම්සීසී ඒකකයක්, 11වෙනි අයිබීචීඑම්ඒ බල ඇණිය විසින් සිතියෝ, බර්ග්, නලූන්දන්, බින්දෝයි, නිග්‍රෝස් යාබද පෙදෙස්වල සිදුකළ වැටලීම් මෙහෙයුමක් ව්‍යවර්ථ කර දමන ලදි. නව මහජන හමුදාවේ එම්සීසී ඒකකයක් ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කරන ලද අතර ඇම්බුෂ් එකක් සඳහා ස්ථානගත වී සිටියහ. පසුව පැයක් තිස්සේ සිදුවූ වෙඩි හුවමාරුව නිසා රාජ්‍ය හමුදාව පාර්ශවයෙන් දස දෙනෙකු මරණයට පත් වී 6 දෙනෙකු තුවාල ලදහ. කිසිදු හානියක් නොලද නව මහජන හමුදාව ගරිල්ලා යුධ උපක‍්‍රම භාවිතා කරමින් සතුරු වැටලීමෙන් සාර්ථකව පිටතට පැමිණියහ.

උපුටා ගැනීම,
මාධ්‍ය ප‍්‍රකාශනය, ඩියෝනිසියෝ මග්බුලියස්,
එම්සීසී – නව මහජන හමුදාව

Advertisements

පිලිපීනයේ මහජන යුද්ධය ඉදිරියට

පිලිපීනයේ මහජන යුද්ධය ඉදිරියට

සිකුරාදා උදෑසන පිලිපීන හමුදාවේ 2 වන පාබල බල ඇණියේ සෙබළු, නව මහජන හමුදාවේ බරන්ගේ රෝවිස් හි තාවකාලික කඳවුරක් හරහා කැරැලි-නාශක මුර සංචාරයක් සිදු කළහ. ගරිල්ලා භටයින් ඔවුන්ගේ කඳවුරේ ආරක්ෂාවට IED උපකරණයක් පුපුරුවා හරිමින් රජයේ හමුදාව සමග වෙඩි තබා ගන්නට පටන් ගත්හ. IED ප‍්‍රහාරයෙන් තුවාල ලත් සොල්දාදුවන් හතර දෙනෙකු රෝහල් ගත කෙරුණි.

පිලිපීනය ද මාඕවාදී ගරිල්ලන් සැඟව සිට එල්ල කළ ප‍්‍රහාර දෙකකින් සොල්දාදුවන් හත් දෙනෙකු මිය යයි.

පිලිපීනය ද මාඕවාදී ගරිල්ලන් සැඟව සිට එල්ල කළ ප‍්‍රහාර දෙකකින් සොල්දාදුවන් හත් දෙනෙකු මිය යයි.

Communist rebels march during a meeting between government officials and New People's Army in the mountains of Surigao del Sur, southern Philippines, Tuesday, Jan. 6, 2004. Philippine communist rebels have rejected a government proposal to extend the ceasefire until after May 2004 elections but instead the rebels are demanding fees from political candidates raging from US$1,000 up to $30,000. The New People's Army is fighting the longest communist insurgency in Asia. (AP Photo/Froilan Gallardo)

නව මහජන හමුදාවේ සටන් කරුවන්

 

දකුණු පිලිපීනයේ සිදුවූ සටන් දෙකක දී සොල්දාදුවන් නව දෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇත. අඟහරුවාදා දින උදෑසන ඩවාඕ හි නව මහජන හමුදාවේ (NPA) කඳවුරකට ඇතුළ් වීමට උත්සාහ කළ 69 වැනි පාබල අංශය, කඳවුරේක් සිටි ගරිල්ලන් පනස් දෙනෙකුගේ වෙඩි ප‍්‍රහාර වලට ලක් වීමෙන් පළමු ගැටුම හටගෙන තිබුණි. සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු සහ ගරිල්ලා විරෝධී මිලීෂියා භටයෙක් තුවාල ලබා ඇත. දෙවන ගැටුම, උතුරු කැටබටෝ හි අඟහරුවාදා දින හටගත් අතර, යුද භටයන් තිදෙනෙක් මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇත.