Blog Archives

නේපාලය – නේපාල කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරුන් අත්අඩංගුවට ගැනේ

නේපාලය – නේපාල කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරුන් අත්අඩංගුවට ගැනේ

අවි ලඟ තබා ගැනීමේ චෝදනා මත චන්ද් විසින් නායකත්වය දුන් නේපාල කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ

රාජ්පුත්: රවුතහාත් දිස්ත‍්‍රික්කයේ පොලීසිය වාර්තා කරන අන්දමට නේත‍්‍රා බික‍්‍රම් චන්ද් විසින් නායකත්වය දෙනු ලබන නේපාල මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරු දෙදෙනෙකු චන්ද්‍රපූර් නගරසභා බල ප‍්‍රදේශයේ හෝටලයක පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම නිසා අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය ඔවුන්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කොට තිබුණද ඔවුන් ජාචා දිස්ත‍්‍රික්කයේ ආන්පගාචි ග‍්‍රාමයේ දිලිප් තාපා සහ තාරා තාපා යන අය බව තහවුරු කරගෙන ඇත.

මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ගවුර් හි රාවුතහාත් දිස්ත‍්‍රික් පොලිස් කාර්යාලයේ පොලිස් සුපිරිටැන්ඩන්ට් යාග්යා බිනෝද් පොඛාරෙල් පවසා සිටියේ එම පුද්ගලයින් දෙදෙනා සැක කටයුතු ක‍්‍රියාකාරකම් වල නියැලෙන්නේද යන්න දිගටම පරීක්ෂාවෙන් සිටින බවයි.

ඔත්තුවකට අනුව ක‍්‍රියාත්මක වී ඇති පොලීසිය ඊසානදිග අධිවේගී මාර්ගයට යාබදව ඇති චන්ද්‍රානිගහපූර් හි සුදර්ෂන් හෝටලයේ කාමර අංක 105 වටලා ජෙලටින් 30ක්, ඩෙටොනේටර් 22 ක් සහ ෆියුස් 4 ක් එහි සිටි පුද්ගලයින් දෙදෙනා සන්තකයේ තිබී සොයා ගන්නා ලදි. ඒ වන විට වෙලාව රාත‍්‍රී 10 පමණ විය. ඔවුන් සතුව තිබී මුද්‍රිත කාඩ්පතක්ද සොයා ගනු ලැබිණි.

එසේම පොලීසිය ඔවුන් සතුව තිබී මෝටර් සයිකල් දෙකක් ද සොයා ගන්නා ලදි. පුපුරණ ද්‍රව්‍ය සමග තිබී ජංගම දුරකථන දෙකක්ද සොයා ගන්නා ලදි.

ආරක්ෂක පරීක්ෂාවකින් පසු පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන අතර දැන ගන්නට ලැබී තිබෙන ආකාරයට ඔවුන් පුපුරණ ද්‍රව්‍ය ගෙනවිත් ඇත්තේ මැතිනරණ කටයුතු කඩා කප්පල් කිරීම සඳහායි.

මැතිවරණ වර්ජනයට සහය දීම නිසා චන්ද් විසින් නායකත්වය දෙන නේපාල කොමියුනිස්ට් පක්ෂයේ තවත් කාඩර්වරු අත්අඩංගුවට ගැනේ

2017 ජුනි 1

නේත‍්‍රා බික‍්‍රම් චන්ද් විසින් නායකත්වය දෙනු ලබන නේපාල කොමියුනිස්ට් පක්ෂයේ කාඩර්වරු දෙදෙනෙකු මැතිවරණයවට එරෙහි ක‍්‍රියාකාරකම් සිදු කිරීම නිසා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති පක්ෂ සාමාජිකයින් වනුයේ ජිබන් රායි සහ මාන් බහදූර් රායි යන සාමාජිකයින්ය.

ඔවුන් එක්සත් විප්ලවීය කවුන්සිලය යන නාමය සහිත සංඥ පුවරුවක් දිස්ත‍්‍රකික්කයේ පවුවාදුන්ගමා ග‍්‍රාමීය නගරසභාවේ කොට්ඨාශ කාර්යාලය ඉදිරිපිට ප‍්‍රදර්ශනය කොට ඇති බව පොලිස් පරීක්ෂණයට ඇතල් කළ නියොජ්‍ය පොලිස් සුපිරිටැන්ඩන්ට් කජී කුමාර් අචර්යා පවසා සිටියහ. මේ අතරතුර අත් අඩංගුවට ගත් සාමාජිකයින් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස කොමියුනිස්ට් පක්ෂය මගින් බල කොට ඉල්ලා ඇත.

මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණ සිදුකෙරෙමින් තිබෙන බව එස් පී පොඛාරෙල් පැවසීය.

Advertisements

නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම

නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම

[https://revolutionaryfrontlines.wordpress.com/2016/06/21/revolutionary-dreams-of-nepal-a-photoessay/]

[නේපාලයේ මහජන යුද්ධයේ කාලය තුළදී රට පුරා, මෙන්ම දකුණු ආසියාව මුළුල්ලේ සහ ලෝකය පුරා මිලියන ගණනකගේ සිහින සහ අපේක්ෂාවන් ඉහළට එසවුණි.]

ග‍්‍රාමීය පෙදෙස්වල ගොවියන් වැඩවසම් සහ අර්ධ-රදළ සහ රාජ්‍ය පීඩනයට එරෙහිව සටන් වදිමින් මාඕවාදයේ උපායික චින්තනයෙන් සහ සාරගර්භ පාඩම් සලකුණු කරමින් සමාජය නැවත හැඩගැන්වීමට බලවත් පරිශ‍්‍රමයක් දරමින් ඉදිරියට ගමන් ගත්හ. ග‍්‍රාමීය පෙදෙස්වල අරගලය සහ මුදාගත් කලාප අත්හැර දමමින් නගරයට (කත්මණ්ඩු) පිවිස, නාට්‍යමය සාමය නොහොත් යටත්වීම මගින් පාර්ලිමේන්තු-ඡන්ද තනතුරකින්-විප්ලවීය අල්ලසක් ගනිමින්, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) නායකත්වය ආපස්සට හැරෙන තෙක් මහජන විමුක්ති හමුදාව ප‍්‍රබල බලවේගයක් විය. පාවාදුන් අයවළුන් ඉන්දියාව වැනි කලාපීය බලවතුන් සහ බටහිර අධිරාජ්‍යවාදීන් සහ නව-යටත්විජිතවාදීන් විසින් වර්ණනා කරන ලදි. පහත දැක්වෙන රූපමය රචනාව සිත්හි රැඳුණු නේපාල මහජන විමුක්ති හමුදාවේ සටන් කරුවන් ගැනයි.

ලෑංග්ස්ටන් හියුජ්ගේ කවියකි:

පමා වූ සිහිනයට කුමක්වේද?
සූර්ය තාපයෙහි ලූ ඵල වැල මෙන්
වියැලේවිද එය?
නැතිනම් තුවාලයක් මෙන් පැසවාවිද-
දිව යන්නද එවිට?
පිළුණු මස මෙන් එය දුඟද හමයිද?
නැතිනම් සීනි තැවරූ
රස කැවිල්ලක්ද?
එය එල්ලා වැටේවිද
මහත් බරක් මෙන්
නැතිනම් පිපිරී යාවිද?

ප‍්‍රමාද වූ විප්ලවයට කුමක් සිදුවේද? නේපාලයෙන් ‘‘නේපාලයේ විප්ලවීය සිහිනය – රූපමය දිගහැරුම’’ නේපාලයේ සංචාරයේ යෙදෙන පූජා පාන්ට් සහ බික්කිල් ස්තාපිත් විසින් Raiot.in හි පල කරන ලදි. -ෆ‍්‍රන්ට්ලයින් සංස්කාරක]

2016 ජුනි 17 /පූජා පාන්ට් සහ බික්කිල් ස්තාපිත්

මම මගේ ස්වාමිපුරුෂයා සමග කඳවුරේදි ආදරයෙන් බැඳුණා මොකද එයා වැඩිය කතාබහ කලේ නැති නිසා. ඔහු අපේ කමාන්ඩර්ගෙන් අනුමැතිය අරගෙන අවුරුදු දෙකකට පස්සෙ විවාහ වුණා. දැන් අපි දෙන්නම කතා කරනවා නායකත්වය අපිව පාවල දුන්න ආකාරය ගැන.

img_004518

ජානකි භත්තා – අක්චම්, නට ලම්කි, කයිලාලි වල කුඩා හෝටලයක් පවත්වාගෙන යයි.

මට කළකිරීමක් ඇතිවෙනවා මගේ පුද්ගලික තත්ත්වය, මගේ පක්ෂයේ තත්වය සහ සමාජයේ තත්වය ගැන බැලූවම. මගේ කොටසක් මාඕවාදී සටන්කරුවෙක් ලෙස මට තිබුණ සිහින, මගේ කෝපය, මගේ ගින්දර බැඳ තබලා පසෙකින් තියල තියෙනවා. මගේ අනෙක් කොටසට ජීවත් වෙන්න වැඩ කරන්න සිදු වෙලා තියෙනවා.

img_004519

ඉෂ්වෝර් තිමිල්සිනා – කුයිකා, අක්චාම්, දැනට ලම්කි, කයිලාලි වල කුඩා හෝටලයක් පවත්වාගෙන යයි.

img_004517

මේ දවස්වල මට දැනෙන දෙය මට මාඕවාදී විප්ලවයට සම්බන්ධ වෙන්න නොහැකිනම් මගේ ජීවිතයෙදි මොනවහරි කරන්න අධ්‍යයන කටයුතුවල නියැලිය යුතුයි. මම අවුරුදු 6ක් සේනාවාසයක මුකුත් නොකර ජීවත් වුණා.

img_00459

බ‍්‍රම්හා කට්ටෙල්- බජුරා, දැනට ලම්කි, කයිලාලි වල රික්ෂෝ රියැදුරෙකු ලෙස සේවය කරයි.

img_004510

මගේ පාදයට වෙඩි වැදුනට පස්සෙ මම පැය 56 සැඟවිලා හිටියා ආහාර සහ ජලය නැතිව. මගේ තුවාල වල මැස්සො වහල තුවාලය මත බිත්තර දමල මගේ තුවාල මස මැස්සන් විසින් කනවා මම අසරණව බලාගෙන හිටියා. මගේ තුවාලය වටේම හිටිය උන් හෙලිකොප්ටර් වගේ. යුද්ධයෙන් පස්සෙ මට නිවසක් නැතිවුණ මම නිදාගන්නෙ කත්මණ්ඩු නගරයේ වීදි වල. මම මගේ සිරුර සහ මගේ ජීවිතය සුව කර ගත්ත. මම දන්නවා අපි නැවත දවසක ඉක්මනින්ම සටන් කළ යුතුයි අපේ රට සුව කර ගැනීමට.
img_004513

ගංගා ලාමා – කව්රේ, කත්මණ්ඩු වල දැානට කාපට් ෆැක්ටරියක් පවත්වාගෙන යයි.

img_004514

මම මහජන මිලීෂියාවට සම්බන්ධ වුණා. නේපාල රාජකීය හමුදාව මගේ පියා අතුරුදහන් කලාට පසුව මම මහජන හමුදාවට සම්බන්ධ වුණා. මම දැන් කුඩා දරුවන්ට ක‍්‍රීඩා උගන්වනවා. මට දැනෙන්නෙ ගිය අවුරුද්දෙ භූමිකම්පාවකින් මගේ රට විනාශ වුණා වගේ මගේ පෞද්ගලික ජීවිතයත් විනාශ වුණා වගෙයි.

img_004515

කෙෂාබ් ඛනාබ් – ෂ්‍යන්ගි, දැනට කත්මණ්ඩු වල ක‍්‍රීඩා ගුරුවරයෙකු ලෙස සේවය කරයි.
img_004516

මම ඛාරා වල සටනින් තුවාල ලැබුවෙමි. දැන් මට එහෙ මෙහෙ ඇවිදින්නත් අමාරුයි. මං කරන එකම දෙය ගෙදරට වෙලා ඉන්න එක. මහජන යුද්ධයේදී තුවාල ලැබූ අප වැනි අය දැන් දුක්ඛිත තත්වයක ඉන්නෙ.

img_00455

කාල් බහදූර් බෝගති – කැලිකොට්, දැනට ලම්කි, කයිලායි වල ආබාධිතයෙක් ලෙස දිවි ගෙවයි.
img_00456

දුප්පතුන් නිදහස් කරගන්න සටන් කරන්න හිතපු නායකයින්ම ඔවුන්ගේ කෑදරකමට යටවෙලා දුප්පතුන් මාවත මැද තනිකලා. නමුත් අද පවා වෙන දේශපාලන පක්ෂයක් සටන් කරන්න තීරණය කරල විප්ලවය ඉදිරියට ගෙනියනවනම් මම නැවතත් සටන් කරන්න එකතු වෙනවා.

img_00451

ප්‍රෙම් බහදූර් බායෙක් – ලම්කි, කයිලායි දැනට ප‍්‍රජා ක‍්‍රියාකාරිකයෙකි.
img_00452

ධන්සාරි බයාක් – ලම්කි, කයිලායි, දැනට නිවසේ සිට ඇඳුම් මහන්නියක් ලෙස වැඩ කරයි.

අපි ආඩම්බර වෙනවා මහජන යුද්ධයේදී අපේ ජීවිත කැප කරපු එක ගැන. නමුත් නායකයින් ඒක පාවා දෙන විට අපි කණගාටු වුණා. නේපාල සමාජයේ කුඩා හෝ වෙනස්කමක් කරන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තු ක‍්‍රමයෙන් ඉවත්වෙලා මහජන ක‍්‍රමය ස්ථාපනය කරන්න අවශ්‍යයි. ඒක පමණයි අපිට නේපාලයට සහ නේපාල ජාතිකින්ට වඩා හොඳ අනාගතයක් ඉදි කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ.

img_00453

img_00457

img_00458

අපේ රට කෘෂිකාර්මික රටක්. එය දිළිඳු කමේ රේඛාවටත් පහලින් පිහිටා තිබෙන්නෙ. මගේ අවබෝධයේ හැටියට විදේශීය සංවිධාන මූල්‍ය ක‍්‍රීඩාවකයි නියැලූනේ. අනන් ඒ නිසයි අපිට අපේම මාවතක් අවශ්‍ය වන්නෙ. මේ තත්වය වෙනස් කිරීමට අපිට තවත් විපලවයක් අවශ්‍යයි.

img_004511

මහේන්ද්‍ර බහදූර් බූධා – රිෂී දාහා, අක්චම්, දැනට ලම්කි, කයිලාලි වල ගොවියෙකු ලෙස ජීවත් වෙමින්.

img_004512

රජයේ ඹභඵෂභ සැලැස්ම යටතේ අපේ මහජන හමුදාව අයෝග්‍ය දෙයක් ලෙස සලකා ඉවත දමන ලදි. දැන් මේ අයෝග්‍ය මිතුරන් රජය සඳහා වැඩ කරමින් සිටී. නමුත් ඔවුන් හමුදා සේනාංකයන් තුළ අයෝග්‍ය වූයේ ඇයි? නැවත පුනරුත්තාපනය කරනු ලැබූ මහජන විමුක්ති හමුදාව මුදල් ටිකකට විකුණා දමන ලදි. ඔවුන්ට ලක්ෂ 5 ක මුදලක් සමග ජීවත් විය හැකිද?

img_00454

බිපන්නා මල්ලා-ලම්කි, කයිලාලි දැනට කුඩා වෙළඳසලක් පවත්වාගෙන යයි

නේපාලය – නව එක්සත්බවක්… නමුත් වඩාත් ම වැදගත් වන්නේ – මහජන යුද්ධය වෙනුවෙන් – මාඕවාදය වෙනුවෙන් සංශෝධනවාදයට එරෙහිවීමයි.

නේපාලය – නව එක්සත්බවක්… නමුත් වඩාත් ම වැදගත් වන්නේ – මහජන යුද්ධය වෙනුවෙන් – මාඕවාදය වෙනුවෙන් සංශෝධනවාදයට එරෙහිවීමයි …

නේපාල කොමියුනිස්ට් න්‍යෂ්ටිය සහ නේපාල කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී (විප්ලවකාරී) එක් පක්ෂයක් බවට පත්වීම නිවේදනය කරයි.

නේපාලය, කත්මණ්ඩු, ජුනි 16:

two-maoist-unified

දස වසරක මාඕවාදී ව්‍යාපාරය සම්පූර්ණ කිරීමට ආයුධ සන්නද්ධ විප්ලවය සඳහා මාඕවාදී පක්ෂ දෙකක් එක්සත් වෙයි. හේමන්ත ප‍්‍රකාශ් ඔලි (Hemanta Prakash Oli) විසින් නායකත්වය දෙන කොමියුනිස්ට් න්‍යෂ්ටි නේපාල පක්ෂය සහ භූපේන්ද්‍ර න්‍යුපානි (Bhupendra Neupane) විසින් නායකත්වය දෙන නේපාල කොමියුනිස්ට් පක්ෂය මාඕවාදී (විප්ලවවාදී) මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කරමින් මාධ්‍යවේදීන්ට පවසා සිටියේ මහජන විප්ලවය සිදු කිරීමට ආයුධ සන්නද්ධ විප්ලවය දියත් කරන බවයි. එක්සත්වීමෙන් පසු පක්ෂයේ නව නාමය ලෙස ‘නේපාල කොමියුනිස්ට් න්‍යෂ්ටිය’ තෝරාගත්හ. පක්ෂයේ සම්බන්ධීකාරක ලෙස හේමන්ත ප‍්‍රසාද් ඔලි තේරී පත්වී ඇත.