Blog Archives

Interview with “India Vermella” / Entrevista a India Vermella. (Galiza)

Interview with “India Vermella” / Entrevista a India Vermella. (Galiza)


Interview with “India Vermella”

From Oscar-elbloquedeleste:

  1. What is “India Vermella”?
    India Vermella is the information space of the Galician Committee of Support to Popular War in India. From the same we try to reach our readers the reality of the revolutionary struggle that heads the PCI (Maoist).2. Why your solidarity with the Naxalite revolution?
    Well, the Revolution in India is a prominent part of the World Proletarian Revolution that has persisted in the path of prolonged People’s War drawn by Comrade Charu Mazundar applying Marxism-Leninism-Maoism. This makes it, for the communists, an obligation to sustain and support their struggle.

“Spring thunder” as I call it “Radio Pekin” roared throughout the Indian subcontinent breaking with the revisionist talk of peaceful coexistence that the traitors advocated to Leninism. Naxalbari is the direct heir of the path laid out by the Great Proletarian Cultural Revolution led by Chairman Mao. Today it remains a clear line that separates the real communists from the opportunists, however much they hide behind false red flags. In the Spanish State we have an example of the so-called Communist Party of the Peoples of Spain whose radical words can not hide their support for the reactionary government of Modi against the Maoists.

3. On the part of the Maoists, in the Mov. Communist international, is there solidarity with the Naxalites?
Yes, for many years. Indian communists have actively participated in international organizations such as the late Internationalist Revolutionary Movement (RIM/MRI), including the Indian Communist Party ML (Naxalbari), now part of the Communist Party of India (Maoist). The latter participating Party is a founding member of the Coordinating Committee of Maoist organizations in South Asia.

4. What is your work in Galicia?

Well, it is fundamentally propaganda and supportive of the Revolution as well as the denunciation of the situation of political prisoners and prisoners of war in India, as is the case of Comrade Ajith, that of Comrade Kobad Gandhy or as the case of university professor GN Saibaba, that thanks to our work we have led to the European Parliament itself.

  1. Are you also in solidarity with the PCF and the revolution of the Philippines?

    Yes of course. The people’s war in the Philippines is also the result of the rupture with revisionism and its reformist policies outlined by the GRCP since 1966. Comrade Sison has persisted in this path, even facing the pressures of the imperialists and their lackeys as Duterte to end the people’s war.

The capitulatory line, driven by some in front organizations, has been swept away by the facts and by the determined support of the oppressed masses to the PC of the Philippines and to the New People’s Army.

6. Are you celebrating the 50th anniversary of the uprising in Naxalbari? How would you rate the theoretical and practical work of the Naxalites during these 50 years?
Well, as you can see, these 50 years are full of great teachings, successes and defeats, painful assassinations of leaders like Comrade Charu Mazumdar, Azad, Kishenyi or recently the murders of Comrade Shruthi and Comrade Manikanti. In these 50 years the enemy has often clucked victory, but all this has only reinforced the path of Naxalbari.
The party, the CPI, founded by Comrade Mazumdar, fell to the death of the latter in the hands of liquidators but its revolutionary line remained in others that gave rise to new organizations that held high the great red flag of Naxalbari. Organizations that gave rise to the current Communist Party of India (Maoist) under the right direction of Comrade Ghanapati.

Naxalbari which encompasses the disinherited and oppressed masses of the countryside and the city. We are talking about millions of men, women and children and of vast territories in a “red corridor” that does not stop growing, because the people’s war is the war of the masses, as President Mao pointed out, and the comrades of India have firmly grasped this beginning of the mass line in the war.

There are ample bases of support in which the masses are the ones that they command through the popular committees, organizing the production, the education, the sanity or the popular justice.

7. Have there been more “green hunt” in India?

In these 50 years repression has been a constant, both by rightist and left-wing revisionist regimes, such as the so-called (Marxist) Communist Party of India. Hundreds of siege and annihilation operations have tried unsuccessfully to extinguish the spark they set in a village of Dajerleen.

The genocidal Green Hunt operation is characterized by a genocidal systematic of the State of the Union to face “the greatest threat” to its democracy, the application of new technologies and that it tries to definitively take away the lands of the adivasis to give them to foreign companies, mainly mining.

8. Is the Naxalite revolution based solely on the peasantry or also about the workers?
India is a large sub-continent and its states and regions are diverse. Center of many contradictions. The main force of the popular masses in the New-Democracy revolution is the peasantry and the proletarian force and the revolutionary intellectuals, fused in a solid block, the Party.
Cities are usually centers of power of the old state as well as where they maintain hegemony over the oppressed masses. This does not prevent revolutionaries from being present in the workers ‘and students’ movement.

9. Who is Dr. SaiBaba?

Professor GN Saibaba is a well-known Maoist intellectual, who was arrested on false charges of belonging to the clandestine PCI (Maoist).

Its persecution by the old state has aroused multiple protests added to the fact of its condition of handicapped (is in a wheelchair) which violates the minima rights of the political prisoners.

  1. What is the current situation of the PCI (Maoist) and its guerrilla PLGA?

    The PCI (Maoist) has been strengthened and united around the long line of popular war, striking not only the repressive forces but also and main to the Brahmanic semi-feudal power.

Posted by SJ Otto.


ඉන්දියාව සහ ලෝකය තුළ ශ්‍රේෂ්ඨ නක්සල්බාරි කැරැල්ලේ 50 වෙනි සංවත්සරය ඉහලින් සැමරේ

ඉන්දියාව සහ ලෝකය තුළ ශ්‍රේෂ්ඨ නක්සල්බාරි කැරැල්ලේ 50 වෙනි සංවත්සරය ඉහලින් සැමරේ





ඔඩිෂා දුම්රිය ස්ථානය නක්සල්වරු විසින් පුපුරවා දමයි, දුම්රිය සේවා 13ක් අහෝසි කරයි

ඔඩිෂා දුම්රිය ස්ථානය නක්සල්වරු විසින් පුපුරවා දමයි, දුම්රිය සේවා 13ක් අහෝසි කරයි

නව දිල්ලිය: නක්සල්වාදී යැයි කියනු ලබන 20 ක පමණ කණ්ඩායමක් ඔඩිෂා දුම්රිය ස්ථානයට පුපුරණ ද්‍රව්‍ය යොදා පහර දී ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝඩි එම පෙදෙසේ සංචාරය කිරීමට විරෝධය පෑමක් ලෙසයි.

ප‍්‍රහාරය සිදුවී තිබුණේ සෙනසුරාදා උදෑසන 12.15 ට (2017 මාර්තු 31) පමණ රයාගදා සහ තිතිලගාර් හි නැගෙනහිර වෙරළබඩ දුම්රිය මාර්ගය අතර මැද වූ දොයිකලූ ස්ථානයේයි. එය අගනුවර වූ භූභනේෂ්වාර් හි සිට කි.මී. 450 දුරින් පිහිටා තිබුණි. ඔවුහු එහි තිබුණි වෝකි ටෝකි උපකරණද රැගෙන ගොස් ඇත.

ඊළඟ මාසය තුළ භූබනේෂ්වර් හි භාරතීය ජනතා පක්ෂයේ දින දෙකක ජාතික විධායක රැස්වීමක් පවත්වන්නට මෝඩි සැලසුම් කොට තිබුණි.

නක්සල්වරු කුඩා ටින් බෝම්බයක් ස්ථානාධිපති කාර්යාලයේ සහ අංගනයේ නවත්වා තිබූ දුම්රිය ඇන්ජිමක සවි කොට පුපුරුවා හැර තිබේ. දුම්රිය එන්ජිමට යම්තම් හානි සිදුවී ඇති අතර ස්ථානාධිපති කාර්යාලයේ ඉලෙක්ට්‍රොනික උපංගවලට හානි සිදු වී තිබුණි. ප‍්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව අම්බඩෝලා පොලීසිය පැවසීය.

‘‘දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලය හානියක් වී නොමැත. පාලන මධ්‍යස්ථානයට ඔවුන්ට කථා කරන්නට හැකි වී තිබුණි. ආරක්ෂක අංශ දුම්රිය ස්ථානය වෙත ළඟා වී තිබුණි,’’ පොලීසිය පැවසීය.

දුම්රිය ස්ථානාධිපති වාර්තා කරන අන්දමට උදෑසන 1.30 ට පමණ ප‍්‍රහාරය සිදු වී තිබුණි. සන්නද්ධ පුද්ගලයින් 25-30 අතර ප‍්‍රමාණයක් දුම්රිය ස්ථානයට ඇතුල්වී, කාර්යමණ්ඩලය ඉවතට ගෙන පුපුරණ ද්‍රව්‍ය යොදා දුම්රිය ස්ථානය පුපුරවා තිබුණි.

ප‍්‍රහාරයෙන් පසු දුම්රිය සේවා 13ක් අහිටුවා ඇත.

දන්දකර්ණයා සහ නැගෙනහිර කලාපයේ අණදෙන්නා වන ගජර්ලා රවී සමග සම්මුඛ සාකච්ඡාවක්

ඉන්දියාව: දන්දකර්ණයා සහ නැගෙනහිර කලාපයේ අණදෙන්නා වන ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වන ගජර්ලා රවී සමග සම්මුඛ සාකච්ඡාවක්


ඔක්තෝම්බරයේ මාඕවාදී අණදෙන නිළධාරීන් සහ ස්ක්වේඩ් සාමාජිකයින් 33 දෙනෙකු මරා දැමූ, ගේ‍්‍රහවුන් කොමාන්ඩෝ විසින් එල්ල කළ මල්කාංගිරි ප‍්‍රහාරයෙන් ඔහුද මරණයට පත් වන්නට ඇතැයි විශ්වාස කෙරිණි. බොහෝ පුද්ගලයින් ගජර්ලා රවී නොහොත් ගනේෂ්ට ශෝක පණිවි එවූහ. නමුත් ‘‘ ද වීක් ’’ දන්දකර්ණයා විමුක්ති කලාපයට පිවිසි පසු ප‍්‍රහාරයක් සඳහා බලඇණි රැගෙන වනාන්තර මාවතක් දිගේ ගමන් කරන ගනේෂ් හමු වූහ. ඔහු සමග 50 ක පමණ මාඕවාදී ආරක්ෂක වළල්ලක් වූහ. ඔහු ඒකේ 47 අවියක් දරා සිටි අතර පතරොම් වැලක් ඔහුගේ පපුවේ සහ ඉණෙහි විය.

ගනේෂ් යනු ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ දක්ෂතම යුද්ධෝපාය විශේෂඥයෙකු මෙන්ම ජාතික බුද්ධි ඒජන්සියට වඩාත්ම අවශ්‍ය මිනිසුන්ගෙන් කෙනෙකි. ඔහු දැන් පනස් වැනි දශකයේ මුල්භාගයේ පසුවෙයි. එසේම ඔහු පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු ලෙසද ප‍්‍රකටය. ඔහු මෑත සිදුවූ මල්කාංගිරි ප‍්‍රහාරයේදී දේශපාලන මණ්ඩල සාමාජික ආර්කේ සමග පෙනී සිටියහ. නමුත් දැඩි ආරක්ෂක වළල්ලට ස්තූති වන්නට ගනේෂ් සහ ආර්කේ පලා ගියහ. ආර්කේ ගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම නිසා පක්ෂයේ ඉල්ලීම මත දන්දකර්ණයා නායකත්වය ගනේෂ්ට පැවරිණි. ප‍්‍රහාරය මගින් මාඕවාදීන්ගේ පසින් සිදු වූ අත්වැරැද්දක් නිරාවරණය වූ අතර දැන් ගනේෂ් අළුත් අය බඳවාගනිමින් ආරක්ණෂාව පුළුල් කරමින් මල්කාංගිරි ප‍්‍රදේශය නැවත ගොඩනගමින් සිටී. ඔහු පක්ෂ නායක ගණපති සහ දෙවන නායක ප‍්‍රසන්තා බෝස් (කිෂාන් දා) යන දෙදෙනාට බෙහෙවින් සමීප අයෙකු බව ප‍්‍රකටය. එසේම ගනේෂ් ප‍්‍රදේශයේ නැගෙනහිර කලාපයේ අණදීමද සිදු කරයි. දැනට ජීවතුන් අතර නොමැති ඔහුගේ සහෝදරයින් තිදෙනාද මාඕවාදීන් වූහ. ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ගනේෂ් කොලීජිය අතහරිමින් මහජන යුද්ධ කණ්ඩායමේ ශිෂ්‍ය අංශයට සම්බන්ධ වූහ. ඔහු රහසිගතයට ගිය පසු ඔහුව පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු ලෙස සහ හමුදා විශේෂඥයෙකු ලෙස පුහුණු කළ ගණපතිට ඔහු බෙහෙවින් සමීප අයෙකු විය.

ගනේෂ් සහ ආර් කේ 2004 දී රහසිගතයෙන් එළියට පැමිණ ප‍්‍රධාන අමාත්‍ය වයි එස් චන්ද්‍රශේඛර් රෙඩ්ඩි විසින් නායකත්වය දුන් අන්ද්‍රා ප‍්‍රදේශ් රජය සමග සිදුකළ සාකච්ඡාවලට සහභාගි වූහ. වසරකට පමණ පෙරදී, ගනේෂ් එන් චන්ද්‍රබාබු නායිදු ඝාතනය කිරීමට සැලසුම් කළහ.

දියවැඩියා රෝගියෙකු වන ගනේෂ් හැම විටම ඉන්සියුලින් භාවිතා කරයි. ඔහු මෑතදී ඉතාවිශාල ප‍්‍රමාණයක් තරුණ පිරිමි සහ ගැහැණු බඳවාගෙන මල්කාංගිරි පෙදෙස නියෝජනය කරන්නට යොදා තිබේ. මුලින් අකමැති වුවද, පසුව ඔහු ‘‘ ද වීක් ’’ වෙත කතා කරන්නට එකඟ වුණි. අපට ගමට පැමිණෙන්නට කියූ ඔහු (අනාවරණය නොවීමට) පැය භාගයක් ඇතුළත පැමිණෙන්නට පොරොන්දු වූහ. ඔහු ඔහුගේ වචනය ඉෂ්ට කළහ. ගනේෂ් තේ සාදන්නට සහ රාත‍්‍රී ආහාරයට බත් සහ එළවළු ව්‍යාංජන සකසන්නට නියෝග කළහ. ඒ රාත‍්‍රියේදී, ඔහුගේ මිනිසුන් විසින් ආරක්ෂක වළලූ හතරක් කූඩාරම වටා ඉදිකරගෙන සිටියදී කූඩාරමේ මැටි බිමෙහි පැදුරක් එළනු  ලැබූහ. කිරි පානයක් රස බලමින්, රාත‍්‍රී ආහාර පිළියෙල වන තෙක් ඔහු ‘‘ ද වීක් ’’ වෙත නිදහස් සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්හ. ඉන්දියානු මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය දුෂ්කර සමයක් ගත කරන බව සහ පක්ෂයේ සමස්ත ඉහළ නායකත්වයම වාගේ අහිමි වී තිබෙන බව ඔහු පිළිගත්හ. කෙසේහෝ, මාඕවාදීහු නැවත නැගිටීමක් සිදු කරන බව ඔහු කීහ. උපුටාගැනීමෙන්:


රජය ප‍්‍රකාශ කරනවා ආරක්ෂක අංශවල ප‍්‍රහාර නිසා ඔබ විශාලතම පසුබෑමකට ලක්වෙලා තිබෙන බව.

ඔව් ඒක යම් ප‍්‍රමාණයකින් සත්‍යයක්. නමුත් අපේම රජයක් පවතින විමුක්ති කලාපවලට ඒක අදාල නැහැ. තවදුරටත් අපි ගරිල්ලායුද්ධයෙහි නියැළෙන්නෙ නැහැ. අපිට පහරදීමක් එල්ලවුණොත් පමණක් ප‍්‍රහාර එල්ල කරනවා. 2007 දී, අපේ අවසන් පක්ෂ සම්මේලනයේදී, අපි තීරණය කළා අපේ හමුදා අංශය වන මහජන විමුක්ති ගරිල්ලා හමුදාව මහජන විමුක්ති හමුදාව බවට පත් කරන්න. අපේ බලකොටු ප‍්‍රදේශ වලින් ඔබ්බට විහිදීමෙන් අපි පීඩනයක් එල්ල කරනවා.

ඔබ ගරිල්ලා යුද්ධය අත්හැරීමෙන්, මහජන විමුක්ති හමුදාව සැකසීමේ චීන මොඩලය භාවිතා කරන්නද අදහස් කරන්නෙ?

ඔව්. චීන මහජන විමුක්ති හමුදාව වගේ අවශ්‍ය වෙලාවට ක‍්‍රියාමාර්ග ගැනීමට අපි අදහස් කරන්නෙමු. එය බොහෝ සෙයින්ම ජනතාව කේන්ද්‍රගත වුණු ජංගම හමුදාවක් වනු ඇත.

ඔබ පැවසුවා ඔබ පය ගසාගෙන සිටින විමුක්ති කලාප නොඉඳුල් බව, නමුත් මල්කාංගිරි වලදී මෑත කාලවලදී ඉතාම නරක ප‍්‍රහාරයන්වලට ඔබ මුහුණ දුන්නා.

ඔබ දැන් වාඩිගෙන සිටින්නෙ මල්කාංගිරි වල. ඔබට අප හැරුණම වෙනත් පොලිසි නිළධාරීන් හමුවුණාද? ප‍්‍රහාර සිද්ධවුණේ රජය වනාන්තර තුළ ජීවත්වෙන ජනතාවගේ අයිතීන් පාගා දමන්න තෝරාගත් නිර්දය ක‍්‍රමය නිසයි. අපි එය නැවත කවදාවත් සිදුවන්න ඉඩ තබන්නෙ නැහැ.

ඔබේ ව්‍යාපාරය බෙංගාලයේ දුර්වල වී තිබෙනවා. එසේම ජාක්හෑන්ඩ්වලත් එය හොඳ තත්ත්වයක නෙවෙයි තිබෙන්නෙ.

බෙංගාලයේදී, අපිට ප‍්‍රතිපත්තිමය රාමුවක් නොමැති වීමෙන් බෙහෙවින් අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් පීඩා වින්දා. මමතා බනර්ජී (ප‍්‍රධාන අමාත්‍ය) ගැන කටයුතු කිරීමේදී අප විසන් වරදක් කළා. කෙසේ හෝ ව්‍යාපාරය බෙංගාලයේ වැනි මන්දගාමී පෙදෙස්වල පක්ෂය නැවත ගොඩනගන්න අපි තීරණය කොට තිබෙනවා.

කිෂෙන්ජිගේ මරණය වෙනුවෙන් මමතා බනර්ජිගෙන් පළිගන්නා බවට බොහෝ මාඕවාදී නායකයින් ලිඛිත ප‍්‍රකාශ නිකුත් කළා.

ඔව්, පළිගැනීම සිදුවෙනවා. නමුත් එය සිදුවන්නේ බටහිර බෙංගාලයේ ලාල්ගාර් වැනි ව්‍යාපාරයකින් මමතා බනර්ජි රජය මුලිනුපුටා දැමීමෙන්. අපි ඇයව භෞතිකව වනසා දමන්න යන්නෙ නැහැ.

එය ඉන්දියාවේ දේශපාලනඥයින් විසින් ඇගයීමට ලක්කරන විදියේ දැඩි ස්ථාවරයක සිට මෘදු ආකාරයකට ප‍්‍රවේශ වීමක්.

ඔව්. අපි අපේ පක්ෂය වෙනස් කරනවා. අපි කැමතියි අධ්‍යාපනය ලද පුද්ගලයින්ට සමස්තයක් ලෙස මාඕවාදය සහ කොමියුනිස්ට්වාදය ගැන මූලික පුහුණුවක් සහ මතවාදී දැනුමක් ලබා දෙන්න. දීප්තිමත් සිසුන් බොහොමයක් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් ලෙස හදිසියේම අපිට එක්වෙලා අපේ නායකත්වයේ දෙවන පෙළ පුරවා තිබෙනවා. ඔවුන් ඉහළ පෙළ ඇති රික්තය පුරවන්න සූදානම්.

ඉහළ නායකත්වය ගැන තත්ත්වය කොහොමද?

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේවන විට ඝාතනයට ලක්වෙලා නැත්නම් අත්අඩංගුවට පත්වෙලා. කිෂෙන්ජිගේ, අෂාඩ්ගේ සහ පී.බී රාඕගේ මරණයත් සමග සහ අපේ ප‍්‍රචාරක බියුරෝවේ ප‍්‍රධානියා වූ කෝබාද් ගාන්ධි සහ තවත් හුඟ දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග ඉහළ පෙළ විශාල රික්තයක් තියෙනවා. වර්තමාන රජය (එන්ඞීඒ) කලින් තිබුණු යුපීඒ රජයටත් වඩා ආක‍්‍රමණකාරියි. ඔවුන් අපට ගුවනින් පහර දෙන ගමන් ගේ‍්‍රහවුන්ඩ් වැනි නිර්දය මට්ටමේ හමුදා කණ්ඩායම් මුදා හරිනවා. නමුත් එය මගින් අපව අවසන් කරන්න බැහැ මොකද මහත් උද්දීපනයකින් යුත් පිරිමි සහ කාන්තාවන් ඉහළ මට්ටමේ කාර්යභායන් ඉටු කරන්න අපට අළුතින් බැඳිල තියෙන නිසා.

ඔබ ගරිල්ලා යුද්ධයෙන් ඉවත්වීමත් සමග, සන්නද්ධ අරගලය අත්හැර දමන්ට යනවාද?

නැහැ. කවදාවත් නැහැ. විප්ලවය අපේ මාවතයි ඒ වගේම අපි පවතින ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පෙරලා දමන්ට කටයුතු කරනවා.

නමුත් ජනතාව වගේම බුද්ධිමතුන් අප සමග තබාගන්නටත්, අපි අවශ්‍යයි.

ඇයි ඔබේ පක්ෂය පසුගිය දශකය පුරාම පක්ෂ සම්මේලනයක් පැවැත්වුවේ නැත්තෙ? කවද්ද ඒක පවත්වන්නෙ?

ඒක සිදුවේවි (සිනහ වෙමින්). නමුත් දැන් අපිට කරන්න වැඩ තියෙනවා. චාරු මෂුම්දාර් පළමු පක්ෂ සම්මේලනය 1969 පැවැත්වුවා අපි හත්වැනි සම්මේලනය 2007 දී පැවැත්වුවා. අපි දැනට ජාක්හෑන්ඩ්, බටහිර බෙංගාලය, මහාරාෂ්ට‍්‍රා සහ නැගෙනහිර ප‍්‍රාන්තවලවගේම රටේ අනෙකුත් කොටස්වල සංවිධානය අළුත් වැඩියා කිරීමේ කටයුතු සිදු කරන නිසා බෙහෙවින් කාර්යබහුල වෙලා සිටින්නෙ. එම නිසා එයට යම් කාලයක් ගතවේවි.

පෙනෙන විදියට නායකයින් බොහෝ දෙනෙකු අහිමිවුණු මල්කාංගිරි ප‍්‍රහාරයෙන් ඔබට බලපෑමක් වී නැති හැඩයි.

අරමුණක් වෙනුවෙන් සහෝදරවරු මිය ගියා. අපි අතීතයේ ගැලී ජීවත් වෙන්නෙ නැහැ. අපි අනාගතය දෙසට දෑස් යොමු කරනවා. දන්දකර්ණයා නොඉඳුල් නිදහස් කළාපයක්. ඒක අනාගතයෙදිත් එසේ වේවි.