Blog Archives

සමීක්ෂණවලට අනුව සෝවියට් නායක ස්ටාලින්ගේ ඓතිහාසික චරිතය අනුමත කරන පිරිස වැඩිවෙයි

සමීක්ෂණවලට අනුව සෝවියට් නායක ස්ටාලින්ගේ ඓතිහාසික චරිතය අනුමත කරන පිරිස වැඩිවෙයි

නව සමීක්ෂණ වාර්තා වලට අනුව රුසියානුන්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් සහ රටේ ඉතිහාසය තුළ ඔහුගේ භූමිකාව පිළිබඳව ධනාත්මක දැක්මක් ඇතිව සිටී.

ලෙවාඩා මධ්‍යස්ථානය විසින් පවත්වන ලද පර්යේෂණයට අනුව, ස්ටාලින්ව ගෞරවයෙන් සලකන පිරිස සියයට 12කින් ඉහත ගොස් ඇත. එසේම සෝවියට් නායකයා පිළිබඳව වෙනස් විදියකට හෝ ඍණාත්මක ආකාරයට කල්පනා කරන ප‍්‍රමාණය 2015 දී මෙන් තුන් ගුණයකින් අඩු වී ඇත.

සියයට 70කට වැඩි පිරිසක් ස්ටාලින්ව, රටේ ඉතිහාසය තුළ දැක්වූ භූමිකාවේදී ‘‘තරමක් ධනාත්මක’’ අයෙකු ලෙස සලකන අතර නාසින් පරාජය කිරීම උදසා ගෞරවයට පාත‍්‍ර කරති.

රුසියානුන්ගෙන් සියයට 45ක් ස්ටාලින්ගේ කාලයේ සිදුවූ යැයි කියන මර්ධනය යුක්තිසහගත යැයි නොකියයි. තවද එම චෝදනා ඉදිරිපත් කළ ප‍්‍රමාණය 2008 වසරේදී 60% වු අතර මේ වන විට එය හතරෙන් පංගුවක් දක්වා පහත බැස ඇත.

ලවාඩා අධ්‍යයනයෙන් පෙන්වා දෙන පරිදි ජෝසෆ් ස්ටාලින් පිළිබඳව ධනාත්මක අවබෝධය කොමියුනිස්ට් පක්ෂයේ ආධාරකරුවන් සහ සෝවියට් නායකයාගේ සම්ප‍්‍රදායික හිතවාදීන් අතර පමණක් නොව දේශපාලන කණ්ඩායම් අතරද වැඩි වෙමින් පවතී.

සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව, රතු චතුරස‍්‍රයෙන් ස්ටාලින්ගේ සොහොන් කොත ඉවත් කිරීමට විශාල ප‍්‍රයත්නයන් ගණනාවක් දරන ලදි. නමුත් එය එහි තවමත් විද්‍යාමාන වේ. එසේ වුවද එය කොමියුනිස්ට් විරෝධී කොල්ලකරුවන්ගේ ඉලක්කයක් බවට පත් වූහ.

Advertisements