Blog Archives

Julian Assange Outside the Gate of Hell

Julian Assange Outside the Gate of Hell

1554979786_616_wikileaks-founder-julian-assange-arrested-in-london-

I’ve been to see Julian Assange at the Ecuadorian Embassy several times, mainly when Rafael Correa was President and the Embassy felt like a liberated space. A few weeks ago I met him again. By now Correa’s successor, Lenín Moreno, had capitulated on every level to the American Empire. The Embassy became a prison and Assange’s health deteriorated. He was in no doubt that Moreno had been asked and had agreed to expel him from the Embassy. The US demand for extradition was no longer a secret. The Embassy handed him over to the British police earlier today.

If we lived in a world where laws were respected, then Assange would be charged with jumping bail (a minor offense), fined or kept in prison for a few weeks and then released to return to his native Australia. But both the UK and Australia are, effectively, imperial satrapies and likely to bow to US demands. The secret and not-so-secret state in both countries work closely with (or under) its US masters. Why do they want him so badly? To set an example. To incarcerate and isolate him as a warning to others not to follow the Wikileaks path. Chelsea Manning has been re-arrested because she refused to testify to a Grand Jury against him. Since the Russian and Chinese intelligence agencies are pretty much aware of what the US is up to in most parts of the world, the threat posed by Wikileaks was that it made its information available to any citizen, anywhere in the world, who possessed a computer. US/EU foreign policy and its post 9/11 wars have been based on lies, promoted by global TV and media networks and often accepted by a majority of North American and European citizens. Information contradicting these lies challenges the stated motives for war — human rights, democracy, freedom, etc.

Wikileaks has been exposing all this by publishing classified documents that shine a light on the real reasons. It is an astonishing record. Till now WikiLeaks has published almost 3 million diplomatic cables and other US State Department records, comprising some two billion plus words. This stupendous and seemingly insurmountable body of internal state literature, which if printed would amount to some 30,000 volumes, represents something new in the world. This is where the Internet becomes a subversive force, challenging the propaganda networks of the existing order. Assange and his colleagues made no secret that their principal target was the American Empire and its global operations. The response of US institutions has been hysterical and comical. The Library of Congress, blocked Internet access to WikiLeaks. The US National Archives even blocked searches of its own database for the phrase “WikiLeaks.” So absurd did the taboo become that, like a dog snapping mindlessly at everything, eventually it found its mark — its own tail. As Julian Assange pointed out: “By March 2012, the Pentagon had gone so far as to create an automatic filter to block any emails, including inbound emails to the Pentagon, containing the word ‘WikiLeaks.'” As a result, Pentagon prosecutors preparing the case against US intelligence analyst PFC Manning, the alleged source of the Cablegate cables, found that they were not receiving important emails from either the judge or the defense.

The British government is insisting that they will follow the law. We shall see. The US Department of Justice has stated that Assange could face five years in a US prison. Diane Abbot, a leading member of Jerremy Corbyn’s Shadow Cabinet, said in parliament today:

“On this side of the house, we want to make the point that the reason we are debating Julian Assange this afternoon – even though the only charge he may face in this country is in relation to his bail hearings – is entirely to do with the whistleblowing activities of Julian Assange and Wikileaks. It is this whistleblowing activity into illegal wars, mass murder, murder of civilians and corruption on a grand scale that has put Julian Assange in the crosshairs of the US administration. It is for this reason that they have once more issued an extradition warrant against Julian Assange … Julian Assange is not being pursued to protect US national security, he is being pursued because he has exposed wrongdoing by US administrations and their military forces.”

We will learn more in the days and weeks ahead. In the meantime, Wikileaks and its founder expect and deserve the solidarity of all those of us who believe that citizens should not be treated like children and that most politicians in the US/EU orbit are untrustworthy and hate their lies and corruptions being exposed.

Advertisements

ජුලියන් අසාන්ජ් අපායේ දොරටුව පාමුල – ටරික් අලී

ජුලියන් අසාන්ජ් අපායේ දොරටුව පාමුල – ටරික් අලී

ඉක්වදෝරයේ තානාපති කාර්යාලයේ හෙතෙම ලැගුම් ගෙන සිටිය දී ජුලියන් අසාන්ජ්ව බැලීම පිණිස මා කිහිප වතාවක් ගොස් ඇත. ඒ රෆායල් කොරයා ඉක්වදෝර ජනාධිපති ලෙස සිටි කාලයේදීය. ඒ කාලයේ එම තානාපති පරිශ්‍රය තුල නිදහස්කාමී අවකාශයක හැගීම විය. මීට සති කිහිපයකට ප්‍රථම මම යලිත් ඔහුව හමුවීමි. ඒ වනවිට කොරයාගේ අනුප්‍රාප්තිකයා වූ ලෙනින් මෙරේනෝ සෑම තලයකදීම ඇමරිකානු අධිරාජ්‍යයට යටත් වී තිබුණි. තානාපති කාර්යාලය සිරගෙයක් බවට පත්වෙමින් තිබුණු අතර අසාන්ජ්ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් පැවැතිණ. ඔහුව පිටුවහල් කරන බවට එක්සත් ජනපදය මොරේනෝගෙන් ඉල්ලා තිබෙන බව සහ ඒ අනුව ඔහුව පිටුවහල් කෙරෙනු ඇති බවට ඒ වනවිට හෙතෙම දැන සිටියේය. ඔහුව උදර්පණය කරන ලෙස එක්සත් ජනපදය කරනු ලැබූ ඉල්ලීම තවදුරටත් රහසක් නොවීය. ඒ අනුව අද දින ඉක්වදෝර තානාපති කාර්යාලය අසාන්ජ්ව බ්‍රිතාන්‍ය පොලිසියට භාර දුන්නේය.

අප ජීවත් වන්නේ නීතිවලට ගරු කරන ලෝකයක නම්, ඇප රීතිවලට අවනත නොවීම සම්බන්ධයෙන් අසාන්ජ්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු ඇති අතර එක්කෝ ඔහුට දඩ ගසනු ඇත; නැතිනම් සති කිහිපයකට බන්ධනාගාරගත කෙරෙනු ඇත. එසේත් නැතිනම් ඔහුගේ උපන් රට වූ ඔස්ට්‍රේලියාව වෙත යැවෙනු ඇත. එහෙත් බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව යනු එක්සත් ජනපදයේ ඉල්ලීම්වලට දණ නමන එක්සත් ජනපද අධිරාජ්‍යයේ පරිවාර ඒකකයන්ය. මේ රටවල් දෙකම එක්සත් ජනපද ස්වාමියා සමග ( හෝ ඊට යටත්ව) කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසකි. එක්සත් ජනපදයට අසාන්ජ්ව මෙතරම් අවශ්‍ය ඇයි? ඒ අනෙක් අයට පාඩමක් ඉගැන්වීම පිණිසය. විකිලීක්ස් ගිය පාරේ නොයන ලෙස වෙනත් අයට කරන අවවාදයක් ලෙස අසාන්ජ්ව සිරගත කෙරුමට හා ඔහුව ලෝකයෙන් හුදෙකලා කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි. අසාන්ජ්ට විරුද්ධව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කල නිසා චෙල්සි මැනිං මේ වනවිට යලිත් අත්අඩංගුවට ගෙන ඇත. එක්සත් ජනපදය ලෝකයේ විවිධ පැතිවල කරන්නට යන්නේ මොනවාද යන්න ගැන තොරතුරු රුසියානු සහ චීන ඔත්තු සේවා සතුව ඇත. මේ නිසා විකිලීක්ස් විසින් ඇති කල සැබෑ තර්ජනය නම් පරිගණයක් අත තිබෙන ලෝකයේ ඕනෑම පුරවැසියෙක් වෙත එක්සත් ජනපදය ‘රහස්’ ලෙස සැලකූ තොරතුරු ලබාගැනීම හැකියාව එමගින් විවෘත කිරීමයි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ප්‍රතිපත්තිය පදනම් වූයේ පට්ටපල් බොරු මතය. මේ මුසාවන් ගෝලීය රූපවාහිනී සහ මාධ්‍ය ජාලා විසින් පතුරුවා හරිනු ලැබූ අතර උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ බොහෝ ජනයා මේ අදහස් සත්‍යය ලෙස භාරගත්හ. විකිලීක්ස් මගින් අනාවරණය කල, මෙම මුසාවන් හා ප්‍රතිවිරෝධී වූ තොරතුරු වැදගත් වූයේ යුද්ධ දියත් කිරීම යුක්ති යුක්ත කිරීම සදහා බටහිර රටවල් විසින් පාවිච්චි කල – මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ආදී තේමාවල ව්‍යාජය එමගින් හෙලිදරවු වූ බැවිනි.

මේ සියල්ල හෙලි කිරීම සදහා විකිලීකිස් රහසිගත ලෙස ලේබල් කල ලේඛන ප්‍රසිද්ධියට පත්කලේය. මෙකී යුද්ධ පසුපස තිබෙන සැබෑ හේතු මේ හෙලිදරවු කිරීම් හරහා එලියට ආවේය. විකිලීක්ස් විසින් කල හෙලිකිරීම් ප්‍රමාණය අතිමහත්ය. මේ දක්වා විකිලීක්ස් මිලියන තුනකට ආසන්න රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවුඩ හා වෙනත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තා ප්‍රකාශයට පත්කොට ඇත. මේ සියල්ල වචන බිලියන දෙක ඉක්මවයි. මුද්‍රණය කලහොත් වෙලුම් 30,000 ක් පමණ විය හැකි රාජ්‍යයේ අභ්‍යන්තර තොරතුරුවලට අදාල මෙම සමස්ත සාහිත්‍යය ලෝකයට අලුත් අත්දැකීමකි. මේ පවතින ක්‍රමය විසින් පතුරුවනු ලබන ප්‍රචාරක ජාලාවලට අභියෝග කරන පෙරලිකාරී බලවේගයක් ලෙස අන්තර්ජාලය මතු වූ අවස්ථාවකි. ස්වකීය මූලික ඉලක්කය ඇමරිකානු අධිරාජ්‍යය සහ එහි ගෝලීය වැඩපිලිවෙල බවට අසාන්ජ් සහ ඔහුගේ සගයින් කිසි විටෙක සැගවූයේ නැත. එක්සත් ජනපදයේ ආයතන මීට ප්‍රතිචාර දැක්වූ ආකාරය හිස්ටරිකය. විසුලුසහගතය. ඇමරිකාවේ කොංග්‍රස් සභාවේ පුස්තකාලය විකිලීක්ස් වෙත වූ අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවීය. එක්සත් ජනපද ජාතික ලේඛනාගාරය ‘විකිලීක්ස්’ යනුවෙන් එහි දත්ත ගබඩාවේ කල සොයාබැලීම් පවා මකා දැම්මේය. ජුලියන් අසාන්ජ් පවසන පරිදි ‘2012 මාර්තු වනවිට, පෙන්ටගනය කෙතරම් දුර ගොස් තිබුණේද යත්, ‘විකිලීක්ස්’ යන වචනය සහිත ඕනෑම ඊමේල් පණිවුඩයක් අවහිර කිරීම සදහා ස්වයංක්‍රීය මෘදුකාංගයක් එය විසින් නිර්මාණය කරන ලදී. පෙන්ටගනය වෙත ලැබෙන ඊමේල් පණිවුඩ ද මෙලෙස පෙරහන්කරණයට ලක්විය’. මෙහි ප්‍රතිඵල කෙතරම් හාස්‍යජනක වීද යත්, විකිලීක්ස් වෙත තොරතුරු සැපයූ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගැනුණු එක්සත් ජනපදයේ හිටපු බුද්ධි අංශ තොරතුරු විශලේෂක චෙල්සි මැනිංට එරෙහිව පෙන්ටගනයේ නීතිඥයින් නඩුවට ලෑස්ති වනවිට ඔවුන්ට පෙනී ගියේ අධිකරණය වෙතින් හා විත්තිය වෙතින් එන ඇතැම් වැදගත් ඊමේල් පණිවුඩ ඔවුන්ට නොලැබෙන බවයි. එම පණිවුඩවල ‘විකිලීක්ස්’ යන පදය තිබුණු නිසා ඒවා ස්වයංක්‍රීයව අවහිර වී තිබුණි.

තමුන් නීතිය ක්‍රියාත්මක කරන බවට මේ වනවිට බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කොට ඇත. කුමක් සිදුවනු ඇද්දැයි ඉදිරියට අපට බලාගැනීමට පුලුවන. එක්සත් ජනපදයට පිටුවහල් කලහොත් වසර පහක් දක්වා අසාන්ජ්ව සිරගත කල හැකි බවට දැනට එක්සත් ජනපදය ප්‍රකාශ කොට ඇත. අද දින පාර්ලිමේන්තුව ඇමතූ විපක්ෂ නායක ජෙරමි කෝබින්ගේ ඡායා කැබිනෙට්ටුවේ ඉදිරි පෙල සාමාජිකාවක වන ඩයන් ඇබට් පහත ප්‍රකාශය සිදුකලාය.

‘බ්‍රිතාන්‍යය තුල ජුලියන් අසාන්ජ්ට ඉදිරිපත් කල හැකි එකම චෝදනාව ඇප සම්බන්ධ වූ කරුණක් පමණක් වුවත් මේ සන්ධ්‍යාවේ ජුලියන් අසාන්ජ් ගැන අප විවාද කරන හේතුව මුලුමනින්ම ඔහු විසින් කල රහස් තොරතුරු අනාවරණය හා විකිලීක්ස් සමග සම්බන්ධ බවට අප පාර්ලිමේන්තුවේ විරුද්ධ පස සිටිමින් පෙන්වා දීමට කැමැත්තෙමු. නීති විරෝධී යුද්ධ, ජනසංහාර, සිවිල් වැසියන් ඝාතනය කිරීම හා මහා පරිමාණ දූෂණ ගැන කරනු ලැබූ මෙම රහස් තොරතුරු අනාවරණයන් නිසාය ජුලියන් අසාන්ජ් එක්සත් ජනපද පාලනයේ උදහසට පාත්‍ර වී සිටින්නේ. යලිත් වතාවක් ඔහුව උදර්පණය කිරීම සදහා වරෙන්තුවක් නිකුත් කොට තිබෙන්නේ මේ නිසාය. ජුලියන් අසාන්ජ්ට දඩුවම් කිරීම හා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව අතර සම්බන්ධයක් නොමැත. ඔහු පසුපස හඹා එන්නේ හෙතෙම එක්සත් ජනපද ආණ්ඩු සහ එහි හමුදා විසින් කල වැරදි හෙලිදරවු කල නිසාය’

එලැඹෙන දින සහ සති කිහිපය තුල බොහෝ දෑ සිදුවනු ඇත. මේ අතරවාරයේ, පුරවැසියන් ලදරුවන් ලෙස නොසැලකිය යුතු බව සහ එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ බොහෝ දේශපාලනඥයින් විශ්වාස කල නොහැකි බවත්, ඔවුන්ගේ බේගල් හා දූෂණ ක්‍රියා ලෝකයා ඉදිරියේ හෙලිදරවු විය යුතු බවටත් විශ්වාස කරන අප සියලු දෙනාගේ සහයෝගය විකිලීක්ස් වෙත හා එහි නිර්මාතෘ වෙත ලැබිය යුතුය.

( බ්‍රිතාන්‍ය ජාතික දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන ටරික් අලී විසින් රචිත සටහනක සිංහල අනුවාදයයි. මුල් ලිපිය Verso වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී – සංස්කාරක )

akshaya blog