Blog Archives

CRPF අපව මිනිස් පළිහක් ලෙස භාවිතා කළා

ඉන්දියාව – මාඕවාදීන්ට සහය දෙන ගම්වැසියන්ගේ ප‍්‍රකාශය: CRPF අපව මිනිස් පළිහක් ලෙස භාවිතා කළා

නොවැම්බර් 26 ප‍්‍රහාරයේදී CRPF පුද්ගලයින් කාන්තාවන් සහ දරුවන්ද ඇතුළුව ගම් වැසියන් ‘‘මිනිස් පළිහක්’’ ලෙස භාවිතා කළ බව ජාක්හෑන්හි ලටේහාර් දිස්ත‍්‍රික්කයේ ලායි ගමේ ගම්වැසියන්ට සහය දෙන CPI-මාඕවාදී මාධ්‍ය ප‍්‍රකාශක කොඑල් සන්ක් ෂෝන් ප‍්‍රකාශය කළහ. ප‍්‍රහාරයේ දී, ආරක්‍ෂක බලඇණි මිනිසුන් අට දෙනෙකු අල්වාගෙන දින දෙකක් තිස්සේ රඳවා තබා ගෙන සිටි අතර නිදහස් කිරීමට පෙර ඔවුන්ට කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොවිණි. ඔවුන්ගෙන්, තිදෙනෙකු විශේෂයෙන්ම වඳ වී යන ආදිවාසී කණ්ඩායමක් යැයි වර්ග කොට ඇති පර්හරියා ආදිවාසී කුළයට අයත් වූහ. ලටේහාර් පොලිස් අධිකාරී මයිකල් එස් රාජ් චෝදනා ප‍්‍රතිෂේප කළ අතර, ඒවා මාඕවාදීන්ගේ ප‍්‍රචාර බව පැවසූහ.

ලායි වටලෑම ඇති වූයේ CRPF සහ CoBRA පොලිස් ඒකක වල පුද්ගලයින් මැනිකා හි ඡන්ද අපේක්‍ෂකයින්ගේ ප‍්‍රචාරක කටයුතකු වලට ආරක්‍ෂාව සලසා එන අතුරේදී යි. තමා ‘මනාස්ජි’ ලෙසින් හඳුන්වා ගත් ක්‍ඡෂ-මාඕවාදී නායකයාට අනුව, වටකොට එල්ලකළ ප‍්‍රහාරය උදෑසන 8.30 සිට පස්වරු 4.00 දක්වා පැවති අතර, මාඕවාදීහු පසුබැසිමට පළමු CRPF සැපයුම් ගෙන ගිය ට‍්‍රැක්ටර් 8ක් පුළුස්සා තිබේ. කිසිදු පාර්ශ්වයකට තුවාල සිදු නොවූ අතර, පීඩනයට පත්වූ පාර්ශවය වූයේ ගම්වැසියන් බව මනාස්ජි පැවසීය. ලායි හි පවුල් 85ක් සහ 400 කට ආසන්න ජනගහණයක් සිටී. මේ ප‍්‍රහාරය සිදු වූ ස්ථානයට ආසන්නයෙන් ජීවත් වූ අයෙකු වන මන්ති කුමාරි (18), සිය නිවසේ බිත්තිය මත වෙඩි උණ්ඩ වලින් සිදු වූ සිදුරු හතරක් පෙන්වූහ.

CRPF පුද්ගලයින් පස් දෙනෙකු ගැටුමින් පැයකට පමණ පසු ඇගේ නිවසේ දොරකඩට පැමිණි බව ඇය පැවසුවේය. ‘‘ඔවුහු මට සහ මගේ සහෝදරියට අතුල් පහරවල් දෙන්නට පටන් ගත්ත,’’ ඇය පැවසීය, ඔවුන් දෙදෙනා මාඕවාදීන් යැයි නම් කොට ඔවුන්ට නිර්වස්ත‍්‍ර වෙන්නටැයි බල කළහ. ‘‘’අපි ඒක ප‍්‍රතික්‍ෂේප කළා.’’ ජග්දිෂ් පහරියා පැවසුවේ CRPF පුද්ගලයින් ඔහු දඩයමේ යන විට ආරක්‍ෂාවට රැගෙන යන ප‍්‍රාදේශීය ගිනි අවි 3ක් සොයගත් බවයි. ‘‘නමුත් ඔවුන් මාව සහ මගේ පුතා ඇදගෙන ගිහින් අපිට පහර දෙන්නට පටන් ගත්තා,’’ 60 වියැති පුද්ගලයෙක් පැවසූහ. කලේෂ්වාර් පර්හයියා (51) ප‍්‍රකාශ කළේ සිය බිරිඳ ඉන්දරමානි දේවි ට බැටන් පොලූ වලින් පහර දෙන විට, ඔහුට රයිෆල් බට් එකෙන් පහර දුන් බවයි. ආරක්‍ෂක නිළධාරීන් පිටත්ව යන විට, ඔවුහු සමහර ගම්වැසියන් ‘‘පළිහක්’’ ලෙස රැගෙන ගියහ. ‘‘ඔවුහු අපව සමාන්තර පේලියකට සිටුවලා අපිට පිටුපසින් සැඟවිලා ගමන් කළා,’’ සුෂිල් කීහ.

‘‘මාඕවාදීහු අපව දුටුවම, වෙඩි තබන්නට පටන් ගත්ත. උණ්ඩ ඔලූවට උඩින් ගියා,’’ සුෂිල් කීහ. කෙසේ වෙතත්, මනාස්ජි, කීවේ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව ගම්වැසියන් දුටු විගස ම වෙඩි තැබීම නැවැත් වූ බවයි. ‘‘ලායි වූ කලී මාඕවාදීන්ට අතිවිශාල සහයෝගයක් ලැබෙන කලාපයකි. ඔවුහු ගම්වැසියන්ට මේ ප‍්‍රකාශ කරන්නට බල කරන්නට ඇත,’’ පොලිස් සුපිරින්ටැන්ඩන්ට් රාජ් පැවසීය.

Advertisements

මාඕවාදී කාන්තා කාඩර්වරු විශාල කාර්යභාරයක් ඉටු කරති

ඉන්දියාව – ප‍්‍රහාරවලදී කාන්තා මාඕවාදී කාඩර්වරු විශාල කාර්යභාරයක් ඉටු කරති

මාඕවාදීන්ගේ සන්නද්ධ කාඩර්වරුන්ගෙන් අඩකටත් වඩා කාන්තා කාඩර්වරුන්ගෙන් සමන්විත වන අතර මාර්තු 11 චටිස්ගාර්හ් වල දී ඔවුන් සිදු කළ සුක්මා ප‍්‍රහාරය වැනි ප‍්‍රහාරයන් හිදී ප‍්‍රධාන කාර්යභාරයක් ඔවුන් විසින් ඉටු කරන බව ආරක්‍ෂක අංශ විශ්වාස කරති. කාන්තා ක‍්‍රියාකාරිකයින් ගැන ගණනය කිරීමක් සිදු කිරීම අපහසු කාර්යයක් වුවද පසුගිය වසරේ සටන් වලින් මිය ගිය කාන්තාවන් ගැන දළ අගයක් ජාත්‍යන්තර කාන්තා දිනයේදී ඔවුන්ට ප‍්‍රණාමය පුද කිරීමට පළ කළ පොස්ටර් සහ අත්පොත් වලින් හෙළිදරවු කරගෙන තිබේ.

මහරාෂ්ට‍්‍රාහි ගාද්චිරෝලි දිස්ත‍්‍රික්කයේ එක් පෝස්ටරයක වසරක් තුළ මිය ගිය කාන්තා අණදෙන්නන් 17 දෙනෙකු ට උපහාර දක්වා තිබුණි. පසුගිය වසර තුළ, මාඕවාදීන්ගේ සන්නද්ධ අංශය වෙත කාන්තාවන් එක්වීමෙහි සුවිශේෂී වැඩිවීමක් දක්නට තිබේ. මාඕවාදීහු ඔවුන්ගේ මිය ගිය අයවලූන් අත්හැර දමා නොයන අතර මෘත දේහ රැගෙන යති. පොස්ටර් මගින් ආරෂක අංශවලට ගණනය කිරීමක් සිදු කිරීමට ඉඩ සලසා ඇත. ගාද්චිරෝලිහි දී ලබා ගත් පෝස්ටර් වලින් සමහර කාන්තාවන් ඉන්ද්‍රා, ධන්නි, ගීතා, අනීටා, ස්වරූපා, සාන්තිලා, ප‍්‍රමිලා, සීමා, රෙෂ්මා, වසන්ති, චම්පා සහ මම්ටා ලෙස හඳුනා ගෙන තිබේ. එහි ‘‘මහිලා බිනා ක‍්‍රාන්ති නහින්, ක‍්‍රාන්ති බිනා ෂෝෂාන් මුක්ත් සමාජ් නහින්’’ (කාන්තාවන් නොමැතිව විප්ලවයක් නොමැත, විප්ලවයක් නොමැතිව සූරාකෑමෙන් තොර සමාජයක් නොමැත) කියැවේ.

මාර්තු 11 චටිස්ගාර්හි සුක්මා හිදී ආරජෂක නිළධාරීන් 15 දෙනකු මරා දැමූ ප‍්‍රහාරයේදී, මිනිසුන් 11 දෙනෙක් අහිමිවූ මධ්‍යම අතිරේක පොලිස් බලකායට (CRPF) අනුව, කාන්තා මාඕවාදී අණදෙන්නන් එහි ක‍්‍රියාකාරී වූහ. මධ්‍යම පොලිස් නිළධාරීහු 4 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූහ. ඉදිරිපත් කිරීමක දී (presentation), CRPF ප‍්‍රකාශ කළේ මාඕවාදීහු කණ්ඩායම් තුනකට බෙදුණු අතර, එක් කණ්ඩායමක් ප‍්‍රධාන වශයෙන්ම කළු පැහැ නිළ ඇඳුම් ලාගෙන පිටුපසින් වෙඩි තැබූ කාන්තා අණදෙන්නන්ගෙන් සමන්විත වු බවයි. නවකයින් බඳවා ගැනීමේදී සහ පිරිමි අඩු වීම නිසා සහ අත්හැරයාම නිසා, මාඕවාදීහු කාන්තාවන් විශාල පරිමාණයෙන් බඳවා ගැනීම දැන් අරඹා තිබේ.

මාඕවාදී ලේඛණයක් පරීක්‍ෂා කළ ආරක්‍ෂක අංශ පැවසුවේ මාඕවාදී සන්නද්ධ අංශය වන, මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට එක්වීම පිණිස පිරිමි ඉදිරිපත්වීම විශාල නොවන බවයි. හින්දියෙන් තිබුණු ලේඛණයේ කියැවුනේ, ‘‘මහජන විමුක්ති ගරිල්ලා හමුදාවට එක්වීමට ගම්වැසියන් ආයාචනා කළ යුතුයි. ඔවුන් එක් වුණු පසු, ඔවුන්ව රැකබලා රැත යුතුය. මහජන විමුක්ති ගරිල්ලා හමුදාවේ කාඩර් කෙනෙකු අතින් වරදක් සිදු වූ විට බැනවැදීම, තර්ජනය කිරීම හෝ පහර දීම නොකළ යුතුයි. ’’