Blog Archives

ඔස්ටි‍්‍රයාවෙන් තුර්කි සහෝදරවරුන් වෙත

ඔස්ටි‍්‍රයාවෙන් තුර්කි සහෝදරවරුන් වෙත

ආදරණීය සොහොයුරනි
ඔස්ටි‍්‍රයාවෙහි වියානා නුවර තුර්කි තානාපති කාර්යාලය අභිමුව මැයි 30 වන දින DHF හි සහය ඇතිව විප්ලවීය සහ කොමියුනිස්ට් සංවිධාන කිහිපයක් විරෝධතාවක් පැවැත්වූ බව අපි ඔබට දැනුම් දෙමු.
විප්ලවීය සුභ පැතුම්
නිර්ධනපංති ජාත්‍යන්තරවාදය දිගු කල් දිනේවා!

ප‍්‍රකාශනය

මර්ධනයට කිසිකලෙක කැරැල්ල නැවැත්විය නොහැක! අත් අඩංගුවට ගත් DHF සහෝදරවරු තනි වී නැත. ජාත්‍යන්තර සහයෝගීතාවයට එක්වෙමු, එය තීව‍්‍ර කරමු!

විශාල බලකායක් සමග, තුර්කි පොලීසිය (වාර්තාවන අන්දමට මෙහෙයුමට 800 ක් පමණ සහභාගි වී ඇත.) මැයි 27 වන දින උදෑසන ඉස්තාන්බුල් සහ කොකේඉලි තුළ විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා වන ෆෙඩරේෂණයේ විප්ලවීය ක‍්‍රියාකාරී සාමාජිකයින් ගණනකගේ නිවෙස් වට ලෑහ.

මුල් තොරතුරු වලට අනුව, ක‍්‍රියාකාරීන් 22 කු තුර්කියේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් සහ මැයි දින රැලියට සහ බර්කින් අල්වාන් පෙලපාලයට සහභාගි වූවන් යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගනු ලැබූහ. පොලීසිය පවසන අන්දමට තවත් සාමාජිකයින් ගණනක් බලාපොරොත්තුවෙන් සිටින අතර තවත් වැටලීම් සිදු කිරීමට තිබේ.

මෙයට සහභාගි වු පොලිස් නිළධාරීන් සංඛ්‍යාවෙන් සහ ඔවුන්ට එරෙහිව ගොනු කර තිබුණු නඩු පැහැදිලිවම මෙය ත‍්‍රස්තවාදී පලිගන්නා සුළු අරමුණකින් ක‍්‍රියාවට නංවන ලද ඒවා බව පැහැදිලිය. තුර්කි පාලනය විප්ලවවාදීන් සහ විේශෂයෙන්ම මෑත සතිවල වීදි තුළ වර්ධනය වෙමින් තිබෙන මහජන ව්‍යාපාර තැතිගැන්වීමට උත්සාහ කරමින් සිටී. මෙය තුර්කි රජයේ ප‍්‍රතිප‍්‍රහාරයකි.

නමුත්, DHF සහෝදරවරු සිය නිළ නිවේදනයේ දක්වා ඇති අයුරින්: ‘‘අත් අඩංගුවේ තබාගැනීමෙන් අපව තැති ගැන්විය නොහැකිය.’’ බොහෝ විරෝධතාකරුවන් ඉස්තාන්බුල්, ඩෙර්සිම්, අන්කරා, අෂ්මීර්, අන්ටල්යා, එර්ෂින්කෑන්, මර්සින්, අඩානා සහ තුර්කිය පුරා නොයෙකුත් නගර වල සිය සහයෝගීතාවය දක්වමින් මෙය සරල සත්‍යයක් බව ප‍්‍රදර්ශනය කළහ. ලන්ඩන් වල සහ යුරෝපයේ විවිධ රටවල් වල, ඈත නෝර්වේ පවා DHF සහෝදරවරුන්ට සහයෝගය දැක්වීමට විරෝධතාවයන් පැවැත්වූහ.

මර්ධනයට කැරැල්ල නැවැත්විය නොහැකිය! DHF තනි වී නොමැත!

මාඕවාදී මාවත ජාත්‍යන්තර සහයෝගීතාවයට එක්වෙමින් විප්ලවීය අධිරාජ්‍ය-විරෝධීන්ට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග වලට සහ තනි පුදගලයින්ට ඔවුන්ගේ ජාත්‍යන්තර සහයෝගීතාවය පළ කරන ලෙසත්, තුර්කි තානාපති කාර්යාල අභිමුව විරෝධතාවයන්ගෙන් හෝ වෙනයම් කමවලින් සහයෝගීතාවය පල කරන ලෙස ඉල්ලා සිටී.

මාඕවාදී මාවත
2015 මැයි 29

Advertisements