ඉතිහාසගත ජනතා නැගී සිටීම දිගු කල් දිනේවා!

ලංකා ඉතිහාසයේ පළමු වතාවට පෙර නොවූ විරූ ජනතා නැගී සිටීමක් ඇතිවී තිබේ. මාස කිහිපයක් තිස්සේ රට පුරාම ආර්ථික අර්බුදයට සහ ජීවන තත්වය පහත හෙලීමට එරෙහිව සටන්කාමී ලෙස ජනතාව නොපසුබස්නා ධෛර්යයකින් යුතුව අරගලයට සහභාගි වෙමින් සිටියහ.

මැයි 9 වෙනි දින අඥදායක රාජපක්ෂ පාලනයේ අනුග‍්‍රහය ලත් මැරයින් විසින් ගාලූමුවදොර අරගල බිමට දැවැන්ත පරිමාණයේ මැර ප‍්‍රහාරයක් එල්ළ කළහ. මේ සමගම අගනුවර විවිධ ස්ථානවලින් ජනතාව අරගලකරුවන් ආරක්ෂා කරගැනීමට ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් ගාලූමුවදොරට ළඟා වූහ. මේ අතර අගනුවර පදිංචි ජනතාව, රෝහල් සේවකයින්, වරාය සේවකයින්, වෙළඳ කලාප සේවකයින්, ඉදි කිරීම් කම්කරුවන්, සරසවි ශිෂ්‍යයින්, බුද්ධිමතුන් වූහ. එසේම ලංකාව පුරා සෑම නගරයකම පාහේ ජනතාව රැස් වෙමින් වීදි වල විරෝධතා දක්වන්නට වූහ.

එදින දිවා කාලයේ සහ රාත‍්‍රී කාලයේ කුපිතක වුණු ජනතාව දූෂිත ධනේශ්වර දේශපාලන නායකයින්ගේ නිවාස ඇතුලූ පුද්ගලික දේපල ගිනි තබමින් විනාශ කරන්නට වූහ. එය රාජපක්ෂ දේශපාලනය ලත් දැවැන්ත පසු බැසීමක් වූ අතර, ඔවුන් මුලූමනින්ම ජනතාව කෙරෙන් වියෝ වී සිටින බවත්, ජනතාවගේ ද්වේශයට පාත‍්‍ර වී සිටින බවත් නිශ්චිතව සනාථ වූහ. රාජපක්ෂ පවුලේ ජඩ දේශපාලන ජාලය, දූෂිත මැර, මාෆියා ජාලය ජනතාව විසින් දින කිහිපයක් තුලදී බිමට සමතලා කර දැමූහ. මෙය මේ අරගලය තුළ ජනතාව ළබාගත් අති විශිෂ්ට ජයග‍්‍රහණයක් විය. ඔවුන්ට නැවතත් ගොඩ නැගිය නොහැකි පරිදි රට පුරා ප‍්‍රාදේශියව විසිරී තිබුණු ඔවුන්ගේ ඒකාධිපති, මැර දේශපාලන ආධිපත්‍යය ජනතාව විසින් නිශ්ක‍්‍රීය කර දමනු ලැබූහ.

එම සිදුවීමෙන් පසුව අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්නට සිදු වූ අතර විරෝධතා දිගටම ඇදෙන්නට වූයේ ආඥදායක ගෝඨාබය ජනාධිපතිට ඉල්ලා අස්වෙන්නට බල කරමිනි.

ඉන් පසු ජූලි 8 වන දින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මග පෙන්වීම සහ නායකත්වය යටතේ කැළණිය විශ්ව විද්‍යාලයේ සිට දැවැන්ත විරෝධතා පාගමනක් ජනතාව සමග ආරම්භ වූහ. ඒ ජූලි 9 වන දින කැඳවා තිබූ දැවැන්ත මහජන විරෝධයට උත්පේ‍්‍රරණයක් ලෙසයි. ගාලූමුවදොර අරගල භූමියේ රැය පහන් කළ අරගලකරුවන් 9 වෙනි දින කැඳවා තිබුණු දැවැන්ත විරෝධතාවයට සම්බන්ධ වූ අතර, ලංකාව පුරා විවිධ ප‍්‍රදේශවලින් ජනතාව මිලියනයකට අධික ප‍්‍රමාණයක් කොළඹට රැස් වූහ. විරෝධතාවය මර්ධනය කිරීම සඳහා ආරක්ෂක අංශ කඳුලූ ගෑස්, ජල ප‍්‍රහාර, සහ බැටන් ප‍්‍රහාර එල්ල කළ අතර අවස්ථා කිහිපයකදීම වෙඩි තැබීම් සිදු කළහ. බැටන් ප‍්‍රහාරවලට සහ වෙඩි ප‍්‍රහාරවලට ලක් වීමෙන් 30කට අධික පිරිසක් රෝහල් ගත කරන ලදි.

ජනාධිපති මන්දිරයේ ද්වාරය අසලට ජනතාව විශාල ප‍්‍රමාණයක් රැස්වූ අතර ඔවුන් වළක්වාලීමට ස්වයංක‍්‍රීය ගිනි අවිවලින් වෙඩි තැබූවත් කිසිවෙක් පියවරක් හෝ පසුපසට නොගියහ. එහිදී යම් පිරිසක් තුවාල වූ අතර වෙඩි තැබීම නවත්වා යටත්වෙමින් විරෝධතා කරුවන්ට ඇතුල් වීමට මන්දිර පරිශ‍්‍රයට පිවිසෙන ද්වාරය විවෘත කළහ. මේ තත්ත්වයත් සමග ආඥදායකයා රටින් පලා ගිය අතර සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ලබා දීමට පසුව කටයුතු කොට තිබුණි.

කෙසේ වෙතත් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැතිවරයා ලෙස පත් කොට තිබුණු රනිල් වික‍්‍රමසිංහ පත් වූහ. ඔහු 1988-1989 තරුණ නැගී සිටීම සමයේ බටලන්ද වධකාගාරය මෙහෙයවනු ලැබූ මිලේච්ඡ ඝාතක නායකයාද වූහ. ඔහු ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගේ ඉවත්වීමද ඉල්ලා සිටිමින් අරගල කරුවන් දිගින් දිගටම අරගල භූමියේ රැඳී සිටිමින් විරෝධය දැක්වීමේ ක‍්‍රියාමාර්ගයෙහි නියැළෙමින් සිටී.

ඡායාරූප පෙළ – (සමාජ මාධ්‍ය, සහ විවිධ පුද්ගලයින් විසින් ලබාගත් ඡායාරූප එකතුවකි)

ජූලි 8 වන දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා (ඡායාරූප – තිළිණ කලූතොටගේ මුහුණුපොත් පිටුවෙන්)

ජනාධිපති මන්දිර පරිශ‍්‍රයට පිවිසෙන ද්වාරය අසල වෙඩි තැබීම.

ජනාධිපති මැදුර අත්පත් කරගැනීමෙන් පසු මහජන ප‍්‍රදර්ශනයට තැබීමෙන් පසු.

ආඥදායක ජනාධිපතිගේ ආහාර වේල.

ජනතාව ජයග‍්‍රහණය සමරමින්

ජනාධිපති මන්දිරයේ ආරක්ෂකයින්ගේ නවාතැන් – පීඩිතයින් මර්ධනය කිරීමට යොදා ගත් ඔවුන්ට ලැබි තිබෙන ජීවන තත්ත්වය ජනාධිපතිගේ සුනඛයින්ටත් වඩා අයහපත් එකකි.

වසන්ත මුදලිගේ – වර්තමාන කැඳවුම්කරු – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අරගලය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙනු ලැබිණි.

Posted on July 17, 2022, in Sinhala, Solidarity, Sri Lanka and tagged , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: