ඉන්දියාව – අෂාඩ්:‘‘ජනතාව මැතිවරණයෙන් කිසිවක් අපේක්ෂා නොකරයි’’

ඉන්දියාව – අෂාඩ්:‘‘ජනතාව මැතිවරණයෙන් කිසිවක් අපේක්ෂා නොකරයි’’

පහත දැක්වෙන්නේ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී), බිහාර්-ජාක්හෑන්ඩ් විශේෂ කලාප කමිටුවේ මාධ්‍ය ප‍්‍රකාශක, අෂාඩ්, ටයිම්ස් ඔෆ් ඉන්දියා මාධ්‍යවේදී ජයිදීප් ඩියෝඝරියා සමග විවිධ ගැටලූ පිළිබඳව සිදු කළ සාකච්ඡාවෙන් සිදු කළ උපුටා ගැනීමකි.

ප‍්‍රශ්නය: රජය කියනවා ඔබේ පක්ෂය පසු බැසීමකට ලක්වී ජාක්හෑන්ඩ් වල දිස්ත‍්‍රික්ක කිහිපයකට පමණක් සීමාවී ඇති බව. එවැනි තත්ත්වයකදි, ඔබ කොහොමද ලොක් සභා ඡන්දය වර්ජනය කිරීමේ සැලැස්මක් ක‍්‍රියාවට නංවන්නෙ?

පිළිතුර: අපි යුදමය පසුබැසීමක් ලබල තියෙනව කියන කාරණය සත්‍යයක්. සුධාකාර් රෙඩ්ඩි (මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්) ඇතුලූ බොහෝ නායකයින්, යටත් වී තිබෙනවා. නමුත් අපේ සාමාජිකයින්ට අපේ මතවාදය පිළිබඳව නොසෙල්වෙන විශ්වාසයක් තිබෙනවා. ඔවුන් දන්නවා මේ ඡන්ද වලින් අපට කිසිවක් ලැබෙන්නෙ නැහැ කියල. මිනිස්සු සාමාන්‍යයෙන් තේරුම් අරගෙන තියෙන්නෙ, බලයට පත්වෙන රජයන්ගෙන් කිසිවක් ලැබෙන්නෙ නැහැ කියන දෙය. මන්මෝහන් සිං අපව විශාලතම අභ්‍යන්තර තර්ජනය ලෙස හඳුන්වා දුන්නා. මිනිස්සු භාරතීය ජනතා පක්ෂය බලයට පත් කර ගත්තා. නමුත් මිනිස්සු සෑහෙන්න දුක් වින්\. මේ නිසයි ඡන්දය වර්ජනය කරන ලෙස සිදු කරන අපේ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන්නෙ.

ප‍්‍ර: ඔබට හිතන්නෙ නැද්ද එවැනි ක‍්‍රියාදාමයකින් නිවැරදි රජයක් පත්කරගැනීමට මිනිසුන්ට ඇති අයිතිය අහිමි වෙනවා කියල.

පි: ජනතාව එච්චර දුර යන්නෙ මොකටද? රෝහල්වල වෛද්‍යවරු නැහැ. පාසැල්වල ගුරුවරු නැහැ. දූෂණය, නියඟය සහ විරැකියාව හැම තැනම ඉහළ නැංවෙනවා. රජය මුල් තැන දෙන්නෙ පාරවල් ඉදිකරන්න සහ ඛනිජ සම්පත් ප‍්‍රවාහනයට පහසුකම් සලසන්න ආරක්ෂක කඳවුරු ඉදි කරන්න පමණයි.

ප‍්‍ර: ඡන්දය වර්ජනය කරන්නැයි සිදු කරන ඔබේ ඉල්ලීමට සවන් නොදෙන අයට ඔබ දඬුවම් කරනවද?

පි: නැහැ, අපි ජීවත් වෙන්නෙ, වැඩ කරන්නෙ ඔවුන් සමග. මේ කාලයේ තමයි මහුවා සහ අනෙකුත් වනාන්තර නිෂ්පාදන එකතු කරන්නෙ. ඉතින් මිනිසුන්ට ඡන්ද පෝලිම් වල හිටගෙන කාලය නාස්ති කරන්න විදියක් නැහැ.

ප‍්‍ර: කලින් අවස්ථාවේදීත්, ඡන්දය දැමීමෙන් වළකින්නැයි ඔබ මිනිසුන්ගෙන් ආයාචනා කළා. එසේ තිබියදීත්, ඔබේ ප‍්‍රදේශයේ ඡන්දදායකයින්ගේ හැසිරීම පුදුම එළවන සුලූයි.

පි: අයෙකුට සිදුවෙනවා ඡන්දය පැවැත්වෙන්නෙ කොහොමද කියල තේරුම් ගන්න. අධිරාජ්‍යවාදීන්ට සහ ධනවාදී රජයන්ට වැඩ කරන ඒජන්තයින් වන ප‍්‍රාදේශීය පරිපාලනය සහ මැතිවරණ කොමිසම ඡන්ද ප‍්‍රතිඵල පුම්බල පෙන්වනව. ආරක්ෂක නිලධාරීන් ජනතාවට ඡන්ද පෝලිමට යන්නැයි බල කරනවා. සත්‍ය ඡන්ද ප‍්‍රකාශ කිරීම් කිහිපයකට පසුව, ඡන්ද ප‍්‍රතිශතය වැඩි කොට පෙන්වන්න නිලධාරීන් විසින්ම ඡන්දය දමන්න පටන් ගන්නවා. ඒක පැහැදිලිව වැටහෙනව ඔබ ගණනය කොට බලනවනම් ඡන්ද දායකයෙකුට ඡන්දය ප‍්‍රකාශ කරන්න කොතරම් වෙලාවක් ගත වෙනවද කියන එක පරීක්ෂා කිරීමෙන්. විශාල ඡන්ද ප‍්‍රමාණයක් වාර්තා වුණු ප‍්‍රදේශවල සවස 3.00 වන විට ඡන්දය දැමීම අවසන් වුණා. එක් පුද්ගලයෙක් ඡන්දය ප‍්‍රකාශ කරන්න විනාඩි දෙකක් ගත කරනවනම්, මිනිස්සු 30 දෙනෙකුට ඡන්දය දාන්න පැයක් ගතවෙනවා. මේකෙන් අදහස් කරන්නෙ පැය අටකදි මිනිස්සු 240කට පමණයි ඡන්දය දාන්න පුලූවන්. නමුත් ඇත්තටම ඡන්ද ප‍්‍රමාණය 1000 කට ආසන්න නම් සිදුවී තිබෙන්නේ කුමක්ද?

ප‍්‍ර: ඡන්දයෙන් ජනතාව ඈත් කර තැබීමට ඔබ මොන විදියේ ක‍්‍රියාමාර්ගයන්ද ගෙන තිබෙන්නේ?

පි: මේ වන විට, අපි පෝස්ටර් සහ බැනර් බෙදා හැර තිබෙනවා. මේ හැම දෙයක්ම බටහිර සින්ග්භූම් වල බුන්දු, රන්චි, පරස්නාත්, දුම්කා, ලොහර්දගා, ලටේහාර්, පලමු, ගර්වා යන ප‍්‍රදේශ වලත් බිහාරයේ ගයා, අවුරන්ගාබාද්, ජෙහානාබාද් සහ අනිකුත් ස්ථානවල දකින්නට පුලූවන්.

ප‍්‍ර: බොහෝ විට අසන්නට ලැබෙනවා මාඕවාදී අණදෙන්නන් ඡන්දය දීමට කලින් දවසෙ මිනිසුන්ගෙන ඒ පිළිබඳව විමසීම් කරනව කියන කාරණය. ඒක ඇත්තක්ද?

පි: මේකෙ යම්කිසි සත්‍යයක් තියෙනවා. සමහරවෙලාවට, මතවාදීව සහ මානසිකව ශක්තිමත් නැති ප‍්‍රාදේශීය කමිටු කමාන්ඩර්ලා අපේක්ෂකයින්ගෙන් අල්ලස් ගන්න තැනට වැටිල තියෙනවා. මේවා සිදුවෙන්නෙ පක්ෂයේ අනුමැතියකින් තොරව. ඔවුන් එය සිදු කරනවා ඉක්මනට මුදල් උපයන්න. සෑම මැතිවරණයකටම පසුව, අපි එවැනි වංචාකාරයින් හඳුනාගෙන ඔවුන්ට ජනතා අධිකරණ වලදී දඬුවම් දෙනු ලබනවා.

Advertisements

Posted on April 21, 2019, in CPI Maoist, India, International, Maoism, naxalites, People's War, Protest, Revolution, Sinhala and tagged , , , , , . Bookmark the permalink. 1 Comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: